Wednesday, April 29, 2020

මන්දිරා - දෙවන කොටස

මං දන්නවා මේ සේරම කරන්න ඇත්තේ කුසුම්ලතා තමයි .....
එයාට ඕන මං නිදුක්ගෙන් ගුටි කනවා බලන්න....

දෙයියනේ ඇයි මටම මෙහෙම වෙන්නේ....
මං මොනවා කරාටද ........
ආ කුමාරිහාමී ...
මොනාද කල්පනා කරන්නේ .....
අපේ මහත්තයාගෙන් ගුටි නොකා බේරෙන විදිය වෙන්ට ඇති ....
බලාන ඉන්නවා අද තමුන්ව ඔලුවේ ඉදන් පට්ට ගහයි ....
දන්නවනේ එයාගේ හැටි ..........
ඒත් එක්කම වගේ නිදුක් ගෙට ඇතුල් වුනේ කෙල්ලට හීන් දාඩිය දාද්දී......
දැන් ඉතින් මොන දේ කිව්වත් වැඩක් නෑ
නිදුක් ගන්නේ තමන්ගේ පැත්ත නෙවෙයි කියලා කෙල්ල දන්නවා........
මන්දිරා................
න්....නිදුක් මේ.......මේ....
මේ මේ නෙවෙයි මොකද ගොත ගහන්නේ ....
මට බඩගිනියි උයපු දෙයක් ඉක්මනට අරන් එනවා ............
මහත්තයා මැඩම් මොකුත් උයලා නෑ ...
මේ බලන්න හැමදේම මං ලෑස්ති කරලයි පොලට ගියේ ...
මැඩම් මෙහෙම දෙයක් කරයි කියලා දන්නවානම් මං පොලට නොයා ඉන්නවා ...
මගේ වැරැද්ද ......
දෙයියනේ කොහේදෝ තිබිලා කුසුම් උයන්න ඕන දේවල් අරන් තියලා ....
දැන් වැරැද්ද කොහොමත් එන්නේ මගේ පිට.....
නිදුක්ට හොදටම කේන්ති ගිහින්
නිදුක් ගිනි පිටවෙන දෑසින් මං දිහා බැලුවා
මොකද්ද කියන්නේ ....
මේකි උයලා නෑ එතකොට ....
මන්දිරා ඉදපං අද මං උබට හොද වැඩක් කරන්නම් ජීවිතේට අමතක නොවෙන්න........
මාවත් ඇදගෙන නිදුක් රූම් එකට ආවා......
එහෙම්මම මාව ඇද උඩට තල්ලු කරපු නිදුක් අතට ගත්තේ ඔහුගේ බෙල්ට් එක....
වෙන්න යන දේ මට තේරුම් ගන්න මහ වෙලාවක් ගියේ නෑ...
මගේ ඇස් දෙකට කදුලු පිරුනේ නිතැතින්මයි .....
ඉතින් ඔහු තරහා නිවෙනකම් මට පහර දුන්නා....
අඩනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද.... මට ගහලා ගහලා නිදුක් යන්න ගියා ....
කාමරේ දොරත් ලොක් කරලා .....
පෙරදා රැයේ ඉදන් ඇගට කෑමක් නෑ ....
ඒ මදිවට නිදුක්ගෙන් ගුටි කාලා මුලු ඇගම දැවිල්ලයි....
එහෙම්ම මහන්සියට මට නින්ද ගිහින් නැගිටුනේ කීයටද කියලා මතකයක් නෑ ....
තාමත් මහ රෑ කියලනම් විශ්වාසයි ....
මං එහෙම්ම බාතෲම් එකට ගිහින් හොදට නාගත්තේ ගතට වඩා හිතට වේදනා ගෙනෙද්දී....
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
නිදුක්ගේ පතිනිය වී මේ ගෙදරට ඇවිත් හරියටම සති තුනයි ...
අම්මයි තාත්තගෙ මරනයයි මගේ මනස පීඩාවට පත් කරා ....
මගේ දුක කියන්න මගේම කියලා කෙනෙක්වත් හිටියානම් කියලා හිතුනවාර අනන්තයි ....
මං මහ පව්කාරියක් මං මටම කියාගත්තා .....
දැං දැං නිදුික්ගේ හැසිරීම් මට පුරුද්දට ගිහින්.... ඔහුගෙන් ගුටි කෑමට වන අවස්තාත් එමටයි.... ඒත් දැන් ඒවා පුරුද්දට ගිහින් ....
මන්දිරා එනවා මෙහාට ...
මෙන්න මං තමුසෙට තෑග්ගක් ගෙනාවා........
කුස්සියේ ඉදපු මං අඩියෙන් දෙකෙන් සාලෙට ගියේ නිදුක් මොනවාද ගෙනාවේ බලන්න...........
මගෙ ඇස් උඩ ගියා
දෙයියනේ අම්මා......
නිදුක් අම්මව මෙහාට අරන් ඇවිත් ........
මං අම්මව ගිහින් බදාගත්තා
සතුට වැඩි කමට මටයි අම්මටයි දෙන්නටම ඇඩෙනවා.......
ඔයාට ගොඩාක් පිං නිදුක් ...
මට කියාගන්න බැරිතරම් සතුටුයි .....
කියන්න වචන නෑ දෙයියනේ.......
අනේ මේ තමුන්ගේ පිං ඕන නෑ මට...
අනික මං තමුසෙට තියෙන ආදරේකට නෙවේ මේ නාකිච්කිව මෙහාට ගෙනාවේ ....
තමුන්ලගෙ ගෙදර අපි පොඩි වැඩකට ගන්නවා ඒ නිසා .........
දැං අම්මයි දුවයි ඕන මගුලක් කරගන්නවා... හැබැයි මෙහෙන් පැනලා යන්න නම් හිතන්නවත් එපා....
ගෑනු තරම් කපටි ජාතියක් තවත් නෑ කියනවනේ ........
මං අම්මවත් ඇදගෙන කාමරේට ආවා......
අම්මා මට කියන්න දෙයක් තියෙනවා....
මට නිදුක්ගෙන් පලිගන්න ඕන ...
මගේ තාත්තව මැරුවට මං එයාගෙන් පලිගන්නවාමයි ....
ඒකට මං ගාව ප්ලෑන් එකක් තියෙනවා .....
අම්මා ඉන්න එක දැං මට ලොකු හයියක් අම්මා ......
දූ මොකද්ද දරුවෝ කරන්න හදන්නේ....
මගේ හිතට තවත් ගින්දර දෙන්න එපා දරුවෝ.....
කාගෙන්වත් පලිගන්න ඕන නෑ ....
අම්ම ඉන්නකෝ ...
මං ගාව හොද ප්ලෑන් එකක් තියෙනවා .....
මං ඒක කරලම පෙන්නන්නම්........
බිත්තියේ එල්ලා ඇති නිදුක්ගේ සේයා රුව දිහා බලන් කෙල්ල ලොකු කල්පනාවක...

වසරකට පසු........
🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳
කාලය ගෙවී ගියේ විදුලි වේගයෙනි.....
දැන් දැන් මන්දිරා කෙරේ නිදුක්ගේ සිතේ හැගීමක් ඇති වී තිබුනේ කාටත් රහසිනි......
නිදුක් දැන් මන්දිරාට පීඩා කරන්නේ නැත .......
මන්දිරාද නිදුක්ට ලං වීමට උත්සහා කරන බවක් නිදුක්ට බොහෝ අවසතාවල දැනී ඇත .......
ඉස්සර මෙන් නිදුක්ට දැන් බොහෝ ගමන්ද යෙදෙන්නේ නැත
අත්යාවශ්ය ගමන් පවා නිදුක් තම සගයන් යවා නිවසට වී කාලය ගත කරයි......
එසේම මන්දිරාටද හොදින් කතා බහ කරමින් කාලය ගත කරයි........
දිනක් පුවත් පතක් කියවමින් සිටි මන්දිරා අසලට පැමිනි නිදුක් ඇය අසලින්ම හිදගත්තේය ........
ම්ම්ම්.....මන්දිරා......
පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද ......
පුලුවන් නිදුක් කියන්න ......
පත්තරය පසෙකින් තැබූ මන්දිරා නිදුක් දෙසට හැරුනි........
මේකයි මං කෙලින්ම කියන්නම්....
මං දන්නව මන්දිරා ඔයා මේ ගෙදර ඉන්නේ සතුටින් නෙවෙයි කියලා .......
පහුගිය ටිකේ මං ඔයාට ගොඩක් වද දුන්නා ......
ඉතින් මං වගේ රාක්ශයෙක් ඔයාට ගැලපෙන් නෑ ......
මං කැමති ඔයාට ඩිවෝස් එක දෙන්න .......
මො..මොකක්ද.......
ඩිවෝස් එක.......
හ්ම්ම්.....ඔව් මං දන්නවා ඔයාට ගොඩාක් සතුටුයි කියලා .....
ඒ වගේම ඔයා පුදුම වෙනවා ඇති එක පාරටම මං එහෙම කිව්වෙ ඇයි කියලා ......
මං දෙයක් කිව්වොත් කිව්වම තමා ......
ඔයා මේ දැං හා කිව්වොත් දැන්ම මං ඩිවෝස් පේපස් ලෑස්ති කරන්නම්......
ම්ම්ම්.....මේහ් ....
මට ටිකක් කල්පනා කරන්න ඕන නිදුක්.....
කැමති කාලයක් ...
මට ප්රශ්නයක් නෑ......
අද දවස ඇතුලත කියන්න හැබැයි එතකොට මට ලේසි......
නිදුක් යන්නට ගියේ එසේ පවසමිනි.....
අම්මා.......
මන්දිරා රමනි සොයා මුලුතැන්ගෙට යන්නට ගියේය.......
මොකද දූ බෙරිහන් දෙන්නේ ....
මං මෙතන....
රමනි මන්දිරගෙ කලබලකාරී බවක් දකින්නට විය....
අම්මා ....අම්මා දන්නවද නිදුක් කියපු දේ .......
එයා ...එයා මට ඩිවෝස් එක දෙනවලු .....
මං මොනාද කියන්නේ අම්මා......
ඔයාට පිස්සුද දූ ......
දැන් නිදුක් හොද කෙනෙක් ....
ඇයි එයාගෙන් ඩිවෝස් වෙන්නේ ....
එහෙම අවශ්ය නෑ ....
ඔයාලා දැන් අවුරුද්දක් පවුල් කනවනේ දැන් ඒ මැදට ඩිවෝස් එකක් ඕන නෑ ....
යනවා ගිහින් දැන්ම කියනවා ඩිවෝස් එක එපා කියලා ....
ඒ රමනිගේ අදහසයි...
ඒත් මන්දිරාගේ හිතේ නම් වැඩකරේ ඊට හාත්පසින් වෙනස් දෙයකි........
ඇය රමනී අසලින් පිටවූයේ හිතේ වැඩකරන සැලසුමට අනුවය......
එච්චර ලේසියෙන් ඔයාට මගෙන් ගැලවෙන්න බෑ නිදුක් .....
කෙල්ල එසේ පවසා නිදුක්ගේත් ඇගේත් කාමරයට පිවිසියේය ......
බැල්කනියට වී සිගරැට්ටුවක් බොමින් සිටි නිදුක් අසලට ගිය මන්දිරා ඔහුට කතා කලේය...
නිදුක්......
මං තීරනයක් ගත්තා.......
මට......මට ඩිවෝස් එක එපා.......
මං .....මං ඔයාට ආදරය කරනවා ...
ප්ලීස් මාව දාලා යන්න එපා ......
ඒ ඇසූ නිදුක්ගේ සතුට නිම්හිම් නැතිවිය ......
ඔහු වේගයෙන් මන්දිරා අසලට පැමින ඇය වැලදගත්තේය.......
මට කියන්න වචන නෑ මන්දිරා....
මට ඔයාට කියන්න ලොකු කතාවක් තියෙනවා......
මං ඔ.....
නිදුක්ට කියන්නට හැකිවූයේ එපමනකී.....
තමන්ගේ කුස පසාරුකරගෙන යමක් යනු ඔහුිට දැනෙන්න්ට විය....
ඒත් සමගම මන්දිරාගේ වියරු සිනහව මුලු කාමරය පුරා රැව්දෙන්නට විය.......
හ්ඃ..හ්ඃ...
නිදුක්......ආදරේ .......මොකද්ද ආදරේ කියන්නේ......මෙන්න මේකටයි ආදරේ කියන්නේ ......
නැවත වරක් නිදුක්ගේ කුස තුලට ඇගේ අතෙහි රැදි කිනිස්ස කිදා බැස්සේය.......
මෙතෙක් තේජමානව සිටි නිදුක් සිංහවන්ශ
තවත් කෙලින් සිටීමට නොහැකිව බිම පතිත වූයේ අසල තිබූ මල් වාස් එකද කුඩු කරමිනි......
ම...මංදිරා ...ඔයා.....
මන්දිරා තමා නිදුක් ....
මං මන්දිරා තමා...
තමුන්ගේ මාරයා ....ඔව් මාරයා.....
නැවතත් මන්දිරා වියරුවෙන් මෙන් කෑගසන්නට විය......
ඉහල මහලේ සිදුවන ශබ්දයන් ඇසී රමනීද දිව එන්නට විය.....
මංදිරා........
අඩි දෙකෙන් මන්දිරා අසලට ආ රමනී මන්දිරාගේ කම්මුලට වේගවත් පහරක් එල්ල කරන්නට වූයේ දෑස් කදුලින් තෙත් වෙද්දියි......
මොකද්ද මේ කරේ මන්දිරා ....
උබ මේ දරුවට ඇන්නද....
පව්කාරියක් වෙන්න එපා මන්දිරා ...
.මේ අම්මා උබට කිසිම සමාවක් දෙන්නෑ මේකටනම්......
අම්මා මොනවද කියන්නේ ....
අම්මා මං පලිගත්තා අම්මා ....
ඔව් මං පලිගත්තා .......
මේ ඉන්නේ මගේ තාත්තගෙ මිනීමරුවා ...
මගෙ ඇස් ඉස්සරා අම්මගේ ඇස් ඉස්සරා මේ පව්කාරයා මගේ තාත්තව මරලා දැම්මා.... අම්මට අමතකයිද ඒවා.....
පව්කාරයා මේ මං නෙවෙයි මෙයා ......
අද මෙයා අන්තිම හුස්ම හෙලනකන්ම මං බලාන ඉන්නව ......
රමනී මන්දිරාවද තල්ලු කර නිදුක් අසලට ගියේය.....
නිදුක් පුතේ ඇස් අරින්න රත්තරං අනේ ඇස් අරින්නකෝ.......
එක්වරම රමනි තම දුරකතනය ගෙන කාටදෝ ඇමතුමක් ගන්නට විය.....
හෙලෝ ජෝතී ඉන්න තැනකින් එන්න ....
නිදුක්ට කරදරයක් උනා ඉක්මනට එන්න......
අම්මා ඔයාට මොන යකෙක් වැහිලද කියලා මට නම් තේරෙන් නෑ ....
මේ යකා දැන් මැරිලා ....
ඉක්මනට කවුරුහරි එන්න කලින් මෙයාව කොහේටහරි ගිහින් දාමු ....
මං දන්නවා අම්ම බයේ නේද ඉන්නේ.....
බය වෙන්න එපා මං ඉන්නවනේ ......
කෝ එන්න .....
මන්දිරා රමනිව පසෙකට කරන්න උත්සහ කලද එය සාර්තක නොවීය.....
පිස්සුද මෙයාට තාම සිහිය තියෙනවා .....
රමනී මන්දිරාගේ අදහස ප්රතික්ශේප කරන්නට විය.
මොකක් ඒ කියන්නේ තාම මැරිලා නෑ ....
හරි එහෙනම් තව පාරක් පිහිය බැස්සුවානම් හරි......
මන්දිරා කිනිස්සද අතැතිව නිදුක් අසලට කිට්ටු විය
ඒත් රමනිගෙන් ඊට ඉඩක් නොවීය....
එහාට වෙනවා මන්දිරා....
උබ මගේ දරුවෙක් නෙවෙයි කියලා ඔප්පු කරා...
මන්දිරා උබ අර පලිහවඩනගේ දරුවම තමා......
දෙදෙනාගේ රන්ඩු අතරමැද ජෝති කාමරයට පිවිසියේය ......
ලොකු නෝනා මොකද්ද උනේ....
අනේ බේබි මහත්තයාට කව්ද මේ අපරාදේ කරේ ලොකු නෝනා ....
අනේ දෙයියනේ ඇගපුරාම ලේ ......
ජෝති කතා කර කර ඉන්න වෙලාවක් නෑ.... ඉක්මනට නිදුක්ව වාහනේට දාගන්න .......
මන්දිරා එනවා යන්න ...
නිදුක්ට තමුන්ව ඕන කරනවා ...
හැබැයි එයාට කරදරයක් කරන්න හිතන්නවත් එපා තමුසේ ....
තේරුනාද .......
රමනී මන්දිරාවද ඇදගෙන ඒ සුවිසල් නිවසින් පිට වි කාරයට ගොඩ විය.......
නිදුක්ව දැඩි සත්කාර ඒකකයට ඇතුල් කරන ලදි.....
දෙදිනක් ගතවුවද ඔහුට සිහියක් ලැබුනේ නැත..
දැන්නම් මන්දිරාගේ සිතටද බියක් ගෙන එන්නට විය......
ඇය තම මව සොයා අසුනෙන් නැගිට යන්නට විය ....
රමනී සිටියේ නිදුක් දෙස බලාගෙනය......
අම්මා........
මන්දිරා රමනිගේ උරහිසෙන් අත තියන්නට විය.....
අල්ලන්න එපා මාව ඔය පඑකාර අත්වලින් ....
උබත් අර මහ එකා වගේමයි ....
මං එදත් කිව්වා අදත් කියනවා....
මගෙ සුදු පුතාට මොනවා හරි උනොත් මං උබව යහතින් තියන් නෑ මන්දිරා......
සුදු පුතා....
අම්මට මොනවද අම්ම වෙලා තියෙන්නේ ...
මේ ඉන්නේ මිනිමරුවෙක් ...
මගෙ තාත්තගෙ මිනී මරුවා ...
තව කී දෙනෙක්ගේ තාත්තලාව දරුවන්ව සැමියන්ව මේ මිනිහා මරලා ඇත්ද ....
කී දෙනෙක්ව අනාත කරලා ඇත්ද ....
මං ඒ හැමෝම වෙනුවෙන් ඒ පලිය ගත්තේ අම්මා ....
ඇයි අම්මවත් මාව තේරුම් ගන් නැත්තේ....
ඒ මදිවට මේ යකා සුදු පුතා උනේ කොහොමද.....
මට කියන්න අම්මා....
කියන්න ඉතින්.....
උබ කියපු ඒ හැමෝම වෙනුවෙන් මෙයා පලිහවඩනව මරලා ඒ මිනිස්සුන්ට සාදාරනය ඉශ්ට කරා දූ....
මොකක් ...
මොනවද කියන්නේ ....
මට මේ දේවල් තේරෙන් නෑ....
මන්දිරාට රමනි කියන කිසි දෙයක් තේරුම් ගන්නට නොහැකි විය.....
එනවා ....
මං තේරුම් කරන්නම්....
ජොතී සුදු පුතාව බලාගන්න .......
මන්දිරා රමනි සමග නැවතත් ඒ නිවසට පය තබන්නට විය
රමනි කෙලින්ම ගියේ නිවසේ පුස්තකාලයටයි මන්දිරා කවදාවත් එහි පය තබා නැත
ඒ නිදුක් ඇතුලු පිරිසේ බොහෝ සාකච්චා වූයේ එහි වූ නිසාත් දැඩි ආරක්ශවකින් යුක්ත වූ නිසාත්ය
දූ එන්න මේ කාමරේට ආවම ඔයාට ගොඩාක් දේවල් මතක් වෙයි........
රමනි පුස්තකාලයේ දොර විවර කරන්නට විය තම මව අතෙහි මේ රහස් ස්තානයේ යතුර පවා තිබීම මන්දිරාට කුකුසක් ගෙනෙන්න්ට විය.......
ඒත් සමගම මන්දිරාගේ නෙත ගැටුනේ එහි වූ චාය රුවක් දෙසටය.....

කෙල්ල දැක්කේ තමන්ගේ මාමගේ පින්තූරය කොච්චර කාලයක් ගියත් කෙල්ලට ඔහුව හොදට මතකයි.......
අම්මා මේ .....
මාමගේ......
කෙල්ල පුදුමෙන් තම මව දිහා බැලුවා.......
පුදුමයි නේද .......
ඔයා තවත් පුදුම වෙයි.......
මේක බලන්නකෝ......
රමනි මන්දිරා වෙත පෑවේ කුඩා පින්තූරයකි
එය ඇයට හොදින් මතකය
තම මවත් සමග සුදු අයියා නොහොත් තේනුක අයියලාගේ ගෙදර ගොස් එක්තරා පාසල් නිවාඩුවක් ගත කල අවස්ථාවේ ගත් චායාරුවකි
මන්දිරාගේ ඇස් වලින් කදුලු රූරා වැටෙන්නට විය ........
එදා සිට මේ වන තෙක් ඇය ඔවුන් දැක නැත මන්දිරා රට සිටි කාලයේ ඔවුන්ගේ මුලු පව්ලම
රිය අන්තුරකට මුහුන පෑ බව ආරන්චි විය.......
අම්මා බාප්පලා නැති උනා නේද .......
පව් අම්මා මට එයාලව දකින්නවත් පින නැති උනා අම්මා මං මහ පව්කාරියක් අම්මා.......
එතකොට සුදු අයිය.....එයා මට කොව්චර ආදටෙයිද......අනේ මට සුදු අයියව දකින්න තිබුනනම්.......
ඔව් පුතේ ඔයාට එයාව දකින්න පුලුවන්......
මෙච්චර කාලයක් ඔයා පව්ල් කෑවේ ඔයා මරන්න හැදුවේ ඔයාගේ සුදු අයියව තමා පුතේ.....
රමනි මන්දිරාව තුරුල් කරගෙන හඩන්නට විය........
මොකක්.......
මට මේ දේවල් තේරෙන් නෑ අම්මා........
හ්ම් මං තේරුම් කරන්නම් ඔයාට.....
ඔයා හොස්ටල් ඉන්න කාලේ තමා අයියලා ඇක්සිඩන්ට් උනේ ඒත් අපි ඒක ඔයාගෙන් හැංගුවා සුදු පුතා බාප්පා පුන්චි සේරමලා ලොකු රිස්ක් එක්ක හිටියේ හරියටම කිව්වොත් ජීවිතයත් මරනයත් අතර.............
ඒත් අවාසනාවකට එයාල නැති උනා මුලින්ම පුන්චී ඊට පස්සේ බාප්පා......
ඒත් සුදු පුතා එච්චර අවාසනාවන්ත උන් නෑ එයා බේරුනා .....
මේක නිකන් ඇක්සිඩන්ට් එකක් නෙවේ හිතා මතා කරපු ඇක්සිඩන්ට් එකක් ....
ඔයා දන්නවද දූ ඒක කරේ කව්ද කියල ......ඔයාගේ තාත්තා.....
මගේ තාත්තා එයා කොහොමද එහෙම දෙයක් කරන්නේ .......
එයාට පුලුවන් පුතේ කවුරු දන් නැති උනත් මං එයා ගැන දන්නවා මොකද මං එඋආගේ වයිෆ්...
බලය වෙනුවෙන් එයා ඕන බලු වැඩක් කරයි ...තිරිසනෙක් .....
මගේ දේපල ටික එයාට මදි උනා බාප්පගේ දේපලත් ඕන උනා ඉතින් බාප්පව ඇක්සිඩන්ට් කරලා මරලා දැම්මා ........
දෙයියනේ අම්මා .......
මට අදහාගන්න බෑ අම්මා තාත්තා එහෙම දෙයක් කරන්න තරම් පහත් උනාද.......
හ්ම් ඔව් පුතේ ඒ තරම් පහත් ....
ඔයාගේ තාත්තා මරපුවාම ඔයාට ආව කේන්තිය තරම් කේන්තියක් සුදු පුතාටත් දැනුනා.....එයා අපෙ ගෙදරට ඇවිත් තාත්තට ත්ර්ජනේ කරා ඔයාගෙන් පලි ගන්නවා කියලා ඒක නිසා තමා තාත්තා ඔයාව රට යැව්වේ........
සුදු පුතාගේ හැම ප්ලෑන් එක්කටම මාත් උදව් කරා.......
ඒත් අම්මා එයා මැරයෙක් උනේ ඇයි .....
මේ දේවල් පොලිසියට කියන්න තිබ්බනේ එහෙම උනානම්......
ඇමතිවරයෙක්ට විරුද්දව කව්ද කතා කරන්නේ අනික සාක්ශි නැතිව......
ඒ නිසා එයා මේ චූටි කාලය තුල අලුත් නමක් හදාගත්තා ඒ තමා නිදුක් සිංහවංශ ඒත් එයා රහස් පොලිසියේ කෙනෙක් ලෝකයාට පේන්න මැරයෙක් එයා ඔය මරලා දාපු හැමෝම දාමරිකයෝ ඒයා නිර්දෝශි කිසිම කෙනෙක් මේ වෙනකම් මරලා දාලා නෑ පුතේ
දැන් ඔයාට තේරෙනවා නේද.....
ඔයාට නපුරුකම් කරේ හිතකින් නෙවෙව් ඒ හඅ වෙලාවකම එයා මං ලග්ට ඇවිත් අඩන හැටි මට තාම මතකයි ........
අනේ අම්මා මගේ සුදු අයියා.......
යන්න පුතේ ගිහින් එයාගෙන් සමාව ගන්න ආයේ කවදාවත් එයාගෙන් ඈත් වෙන් නෑ කියන්න යන්න පුතේ.......
රෝහලට පැමිනියත් හිත එක තැනක නැත.....
නිදුක්ට සිහිය ඇවිත් තිබුනේද නැත
මන්දිරා සෙමින් නිදුක් අසලට ගියේ ඇගේ හිතේ ඇති වේදනාව නිදුක්ට කීමටයි.......
න්....නිදුක්......
අහ් සොරි මගෙ සුදු අයියා.....
අනේ මට සමාව දෙන්න අයියේ මට එවෙලේ මාව පාලනය කරගන්න බැරි උනා දුවෙක්ගේ ජීවිතේ වීරයා එයාගේ තාත්තා
ඉතින් ඔයා මගේ තාත්තව මගෙන් උදුර ගත්තා
ඒ වේදනාව කාලයක් තිස්සේ මගේ හිතේ පැසව පැසව තිබුනා .....
ඔයාටත් ඒ වේදනාව තිබුන නිසයි ඔයා තාත්තව මැරුවේ අද මට ඒකට සතුටුයි
අද මට දැනෙනවා මේ ලෝකේ වාසනාවන්තම බිරිඳ මං කියලා ඔයා වගේ සැමියෙක් ලබන්න මට පින තිබුනා......
මං ඔයාගෙන් ඉල්ලන්නේ මට සමාව දෙන්න කියලා විතරයි
ඔයාගේ සුද්දිට සමාව දෙනවා නේද කියන්නකෝ.......
මන්දිරාගේ ඇස් වලින් කදුලු රූරා වැටෙන්නට විය එක් කදුලු බිදුවක් නුදුක්ගේ මුහුනට වැටුනි........
සු...ද්...දී......
ඔයා......
අයියේ.......
පුදුමයි නිදික්ට සිහිය ඇවිත් මේකනම් හාස්කමක්මයි.......
එහි සිටි වයිද්ය්වර්යෙක් හඩනගන්නට විය.......
ආයේ මාව දාලා කොහෙවත් යන් නෑ නේද සුද්දී......
නැ අයියේ මරනෙටවත් අපිව වෙන් කරන්න බෑ ....ආදරෙයි අයියේ මේ සුද්දී මහ ගොඩාක්........
මාත් ආදරෙයි මැනික......
ඒ සියුමැලි අත ගෙන නිදුක් සිපගන්නට විය........
🌺🌺🌺🌺🌺ඉවරායි🌺🌺🌺🌺🌺🌺
අඩුපාඩු ඇති
හදිස්සියෙන් ලිව්වේ
ඉතින් යන්න අවසරයි
ඔයාලට බුදු සරනයි
මං නිනූ.......


No comments:

Post a Comment

UNIVOTEC එක ගැන

UNIVOTEC එකේ පාඨමාලා සහ වැඩි විස්තර සදහා පහත ඇති PDF ෆයිල් එක භාවිතා කරන්න. https://drive.google.com/open?id=1zbMNZ14FNiYV2f34K91x1KqpKmid...