Wednesday, April 29, 2020

මන්දිරා - පළමු කොටස

ගුඩ් බායි මන්දිරා .....
හෙලන් මාව වැලදගෙන කිවේ මගේ කර මතට ඇගේ කදුලු බිදුවක්ද එක් කරමින්
හෙලන්
ඇමරිකාවට පය තැබූ දා පටන් වසර තුනක්ම මගේ හොදම මිතුරිය ලෙස මා පසුපසින්ම සිටියේ ඇයයි
ඇගෙන් වෙන් වීමට වීම මටද කනස්සලකි ......
මං ගිහින් ආයෙත් එනවනෙ හෙලන් .....
එතකම් පරිස්සමින් ඉන්න ok.....
Ok Darling good luck......
ඉතින් ඇයගෙන් සමුගෙන මා ගුවන් තොටුපලට පැමිනියා නැවත මගේ මව් රටට යාමට
ඔව් ලංකාවට
මං මන්දිරා .....
මන්දිරා පලිහවඩන
පලිහවඩන ඇමතිතුමාගේත් නන්දනී පලිහවඩන ගේත් එකම දියනිය
මං ලන්කාවට ගොඩක් ආදරේ කරා
වෙන කිසිම රටක නැති නිදහසක් නිස්කලන්ක බවක් මං ලංකාව තුල දැක්කා
ඒත් දැන් .....දැන් ඒ තරමටම ලංකාවට මං වයිර කරනවා
මගේ නිදහස නැති උනා මේ රට නිසා
කිසිම හේතුවක් නැතුව මට ලංකාව දාලා පිටරටකට එන්න උනා
තාත්ති මට මොකුත් නොකියා එකවරම එහෙම කරේ ඇයි කියන්න අදටත් මට ලොකු ප්රෙහෙලිකාවක්
ඒ නිසාම මං මගේ තාත්ති එක්ක හිටියෙත් ලොකු කේන්තියකින්
ඒත් පෙරදා රැයේ ආ ඇමතුම නිසා ඒ සේරම නැති උනා
චූටි බේබි අපේ සර්ට හොදටම අමාරුයි මැඩ්මුත් බලාගත්ත අත බලාන ඉන්නවා ඉක්මනට ලංකාවට එන්න බේබි
ඒ ඇමතුම නිසා මට සේරම අමතක උනා දඩිබිඩියේ හෙලන්ට ෆ්ලයිට් එකක් බුක් කරන්න කියලා මං ඇදුම් බෑග් එක පැක් කරා
..........................................................................
අතීත මතකයන් සමගින් මං කටුනායක ගුවන් තොටුපලට පය තැබුවේ චකිතයකින් යුතුව
මන්දිරා .....
එසේ නම ලියූ බෝඩ් එකක් අතින් ගත් මැදි වියේ කාන්තාවක් මට අත වනනු දුටු මා ඒ දෙසට පා තැබුවා
බේබි .....
කොහොමද බේබිට ....
හොදයි ....
ඒත් ඔයා කව්ද ....
මට ඔයාව මතක නෑනේ ....
කොහෙ මතක හිටින්නද බේබි .....
බේබි ලංකාවෙන් යනකොට මං හිටියේ නෑනේ....
ලොකු නෝනා තමා මාව එව්වේ......
මං බේබිලාගෙ ගෙදරට ඇවිත් තාම අවුරුදයි මයෙ හිතේ ......
හ්ම් එහෙමද .......
මං කුසුමාවතී ....
මට ලොකු නෝනා බේබිගෙ පොටෝවක් පෙන්නපු නිසා අදුර ගත්තේ ......
නැත්තන් කොහෙද ...
මං බේබිව දැකලාවත් නෑනේ .....
හ්ම් ඔව්නේ.....
බේබිට දැන්වයස කීයද ....
අපරාදේ කියන්න බෑ පුදුම ලස්සනක් තියෙන්නෙ බේබිට .....
මට විසි තුනයි කුසුම් .....
අපි යමුද මට තාත්තිව බලන්න ඕන .....
ඇයනම් ඉතා කටකාරියක බව මට තේරුනා .....
ඇගේ කියවිල්ලෙන් බේරිම ඉතා අපහසු දෙයක්
කුසුම් කෝ වාහනෙ....
ඒත් සමගම ලොකු කලු පැහැති කාරයක් විත් අප අසල නතර කරා
ආ ඔය කියනකොටම ආවේ....
නගින්න බේබි ......
කාරයට නැගි මොහොතේ සිට මගේ හිතට මොකද්දෝ අමුත්තක් දැනෙන්නට විය
එකවරම කාරය එක්තරා ස්තානයක නතර කල අතර ඉන්පසු එයට තවත් දෙදෙනෙක් ගොඩවූයේ මුහුනුද ආවරනය කරගෙනය
සිදුවන දෙය මට පැහැදිලිය
මා පැහැරගෙන යන බව මට තේරුනි......
ක.....කව්ද උබලා ....ආ....
දන්නවද මගේ ත්තාත්ති කව්ද කියලා එයා දැනගත්තොත් තමුන්ලට බේරුමක් නැති වෙයි ........
මට යන්න දෙනවලා මං තමුන්ල ගැන තාත්තිට නොකියා ඉන්නම් ......
එකවරම සියලු දෙනා සිනහා වූයේ මහ හඩිනි
මං මොනුත් කියන් නෑ ....මට යන්න දෙනවලා .....
එහි සිටි එකෙකු සරදමට මෙන් කියූ විට ආයෙමත් හැමෝම මහ හඩින් සිනා සුනා
ඒයි කෙල්ලේ කට වහන් වරෙන් නැත්තම් ගුටි තමා
පුදුමයි මෙතෙක් වේලා බේබි යනුවෙන් මා ඇමතූ ඒ ගහැනිය විියරුවෙන් මෙන් මාගේ කම්මුලට ගැසුවේය
මට යන්න දෙනවා නැත්තම් මං කෑ ගහනවා ......
කීමට වූයේ එපමනකි
කුසුම් විසින් මාගේ නාසයට තබා තදකල ලේන්සුව නිසා මට සිහිනැතිවී යනු දැනුනි

මන්දිරා .......
මන්දිරා පලිහවඩන .....
පලිහවඩන ඇමතිතුමාගේ මහලොකු දෝනි ....
නිදුක් මහ හඩින් කෑ ගසන්නට වූයේ ඇදේ උඩුබැලි අතට වැතිරී හුන් යුවතිය දෙස බලාන .......
ඇමතිතුමා ,තමුන්ට ලොකු උද්දච්චකමක්නේ තිබ්බේ නේද.....
තමුන්ට වඩා එකෙක් මේ ෆීල්ඩ් එකේ නෑ කියලනෙ හිතුවේ .....
හ්ඃ.....හ්ඃ......
අද ඒ සේරම ඉවරයි ....
උබත් ඉවරයි උබේ දුවත් ඉවරයි........
ගහපන් ඕකිගේ මූනට වතුර එකක්......
මහ සද්දෙට වියරුවෙන් වගේ කෑ ගහන්නේ වෙන කවුරුත් නෙවේ නිදුක් සිංහවන්ශ .......
වතුර පාරෙන් ඇහැරුනු මන්දිරා දැක්කේ ඇය දිහා කන්න වගේ බලාන ඉන්න ඒ පිරිමි රුව දිහා.....
මේ ඔහුද .......
ඔව් මේ ඔහු ....
ඔහුව නොදන්න කෙනෙක් මේ රටේ නැති තරම්
රටේ නමගිය අපරාධකරුවන්ගේ ලැයිස්තුවේ ඉහලින්ම තියෙන්නේ ඔහුගේ නම
නිදුක් සිංහවන්ශ ......
මන්දිරාට නිදුක්ව හොදට මතකයි
මීට වසර තුනකට පෙර රටින් පිට වීමට පෙර ඇයව ලුහු බැන්දේ නිදුක්ගේ ගෝලයින්
ඒත් එදා එය අසාර්ථක උනා
ඒත් අද .....
අද නිදුක් සාර්ථක වෙලා
තාත්තිගෙන් පලිගන්න නිදුක් මාව යූස් කරනවා එහෙනම්......
මොනවද මැඩම් තනීයම කල්පනා කරන්නේ ....
මෙතනින් පැනගන්නද ආ.......
මාව මොකටද ගෙනාවේ කියනවද ......
දන්නවනේ තාත්ති දැනගත්තොත් තමුන්ට ගැලවෙන්න වෙන් නෑ.....
ඒ ද්ම්වැල් පිරි දකුනත මන්දිරා ගේ ගෙල තදින් සිරකරගත්තේ ඇයට හුස්ම ගැනීමට අපහසුවක් ගෙනෙද්දී .......
කටවහපං බැල්ලි ....
තෝ අද මං තියන් නෑ .....
මං තොටවත් තොගෙ අප්පටවත් බය නෑ..... තේරුනාද ....
තෝ දැං මං කියන විදියට වැඩ කරන්න ඕන..... නැත්තම් අදම තොට තොගෙ අප්පගේ මිනිය දකින්න ලැබෙයි ......
එහෙම්ම නිදුක් මගෙ බෙල්ල අතෑරියා
මං මොනාද දෙයියනේ මේ අහන්නේ ...
මෙයාලට මොනවාද ඕන .......
ප්ලීස් මගෙ තාත්තිට මොකුත් කරන්න එපා .....
මං මොනාද කරන්න ඕන ......
.මං ඕන දෙයක් කරන්නම්......
රායිට් ඔන්න ඔහොමනේ ඉන්න ඕනේ ......
දැං කෙලින්ම වොශ් රූම් එකට ගිහින් වොශ් එකක් දාන් එනවා ....
ඊට පස්සේ මෙන්න මේක ඇදගෙන ඉක්මනට පහලට එනවා....
දැං යනවා.......
නිදුක් මවෙතට දික් කරේ ලා රෝස පැහැති සාරියකි......
මේ කුමක්ද සිදුවන්නේ.......
මට මොකටද සාරියක් ....
මොකද්ද තමුසේ කරන්න යන්නේ........
කට......කට වැඩී .....
මං කට වැඩී කෙල්ලන්ට කැමති නෑ කියලා මෙකිට කියපං කුසුමා .........
ඒ වගේම අද ඉදන් මං මේකිගෙ මිනිහා කියලත් කියපං .......
මොකක්........
මන්දිරාගේ දෑස් ගියේ නලලටය .......
නෑ ....ඒක වෙන් නෑ ....
මාව මරලා දානවා ...
ඉට සැපයි ....
මං තමුන්ගේ වයිෆ් වෙන් නෑ කවදාවත්.....
තමුසෙ වගේ සල්ලාලයෙක්ව බදින්න තරම් මට අමාරුවක් නෑ .......
අජිත් ......
ඒත් සමගම කාමරය වෙත පැමිනියේ පොකුටු දිගු කොන්ඩයක් හිමි රස්තියාදුකාර පුද්ගලයෙකි
ඔහු දුරකතනයක් ගෙන එහි තිරය මවෙතට දික් කලේය
තාත්තී.......
අම්මී.......
මන්දිරාට කෑ ගස්සුනි.......
ඇගේ නිවස වටා විශාල පිරිසකි
ඔවුන් අත පිහි කිනිසි තිබේ
දෙදෙනෙකු ඇගේ මවටත් පියාටත් තුවක්කු දික් කරගෙනය .......
මන්දිරාගේ දෑසින් කදුලු කැට කඩා හැලෙන්නට විය .......
අනේ එයාලට මොකුත් කරන්න එපා ප්ලීස් ....
මං ඔයාව මැරි කරන්නම්.........
ඕකේ .......
එහෙනම් ඕක ඇදන් එනවා ...
කසාදෙ ඉවර වෙනකම් අර තුවක්කු ඇමතිතුමාට දික් වෙලා තියෙයි .....
🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
අක්රමවත්ව වැවූ කොන්ඩය ,රැවුල...
ගෙල පුරා ,දෑත් පුරා ඇති යකඩ දම්වැල් ....
දැල් දැල් බැනියමකින් හා ඊට උඩින් ශට් එකකින් සැරසී සිටින නිදුක් වැනි මැරයෙකු හා තම ඉරනම ලියවේවි යැයි මන්දිරා කෙදිනකවත් සිතුවේ නැත ....
.ඇයට හීල්ලුනි ......
ලා රෝස සාරියෙන් සැරසුනු මන්දිරා කන්නාඩියෙන් තම රූපය දෙස මොහොතක් බලා හිද පහලට බැස්සේය
සාලයේ කොනක හිද සිටි නිදුක් පඩිපෙල බැස එන රූමතිය දෙස නෙත් අයා බලා සිටියේ වශීකෘතවය
ඒත් එය ආයාසයෙන් යටපත් කරගත් නිදුක් නැවතත් තම සුපුරුදු ප්රචන්ඩ බවට අවතීර්න විය........
ඉක්මනට එනවා අයිසේ මට වැඩ තියෙනව.......
මොකුත් කියන්න ඕන් නෑ ..
ඕකේ අත්සන් කරාම ඇති.......
ඔහුට ඇත්තේ දැඩි කලබලගතියකි.......
අවසන මන්දිරා නිදුක්ගේ බිරිද බවට පත් වූයේ නිදුක්ගේ මැර කල්ලිය ඉදිරියේය
හැම කෙල්ලෙක්ම ආස ලස්සන පව්ල් ජීවිතයක් ගත කරන්න
ඒත් මන්දිරාට නම් එහෙම ජීවිතයක් අයෙ ලැබෙන් නෑ කියලා ඇයට විශ්වාසයි......

මිස්ටර් නිදුක් ....
මං දැන් ඔයා කියපු විදියට මං හැමදේම කරා.....
දැන්වත් මගේ තාත්තලාව නිදහස් කරන්න ප්ලීස්.....
එතකොට හරිද මැඩම්........
තමුන් හිතන්නේ මං ගොනෙක් කියලද ආ......
ඒ කිව්වේ........
මොනාද තමුන් කියන්නේ ....
මට තේරෙන් නෑ ....
ඉන්නවා මං තේරුම් කරලා දෙන්නම්....
නිදුක් මවෙතට දිගු කරේ මා කෙදිනකවත් දැකීමට බලාපොරොත්තු නොවූ දසුනකි ........
මගේ නිවසේම මගේම තාත්තා ලේ විලක් මැද වැටිලා ඉන්නවා...
මොන දරුවද එහෙම දෙයක් දකින්න කැමති
අකමැති කසාදයක් කරගෙන එදාම දකින්න අකමැති දෙයක් දකින්න ලැබෙන එක මොන තරම් අවාසනාවක්ද
ඒත් මන්දිරාට ඒක අත් විදින්න උනා.......
පොලව බදාන මන්දිරා ඇඩුවා
මුලු රෑම ඇඩුවා
ඒත් කිසි කෙනෙක් ඇගේ හිත හදන්න කෙනෙක් ආවේ නෑ
කෙල්ලට මැරෙන්න තරම් දුකයි
ලොකු කලකිරීමක් කෙල්ලට දැනුනේ........
ටයිල් පොලව මතම කෙල්ල තම මංගල රැය පහන් කලා......
🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶
චිරිස්.......
බිම වැතිර උන් මන්දිරා අවදි උනේ සීතල වතුර ටිකක් ඇගේ මුහුනට වැක්කෙරෙද්දී.......
කෙල්ල මූන පිහිදමින්ම නැගිට්ටා.....
මොනවද කරන්නේ ....
පිස්සුද .......
පිස්සුද ....
පිස්සු මට නෙවේ තමුසෙට ....
බලනවා වෙලාව ...
මෙහෙමද ගෑනියක් හැසිිරෙන්නේ .....
දැන් තමුන් කසාද බැදපු ගෑනියක් ....
අපෙ මහත්තයා තමුන්ගේ සැමියා....
එයාට කෑම බීම හදන්න ඕන තමුන් ...
යනවා කුස්සියට ගිහින් මං කියන කෑම ටික හදනවා ....
ඊට කලින් පොඩි මහත්තයාට බෙඩ් ටී එක ගිහින් හදනවා..........
අසරණ මන්දිරා මොනවා කරන්නද ....
මේ ගෙදර ඇය දැන් වහලියක් වෙලා ....
ඇඩුම් ආවත් ඇය එය යටපත් කරගත්තේය
නිදුක් තේ බොන්නේ කොහොමද .....
අඩු සීනි වැඩි කහට දාලා කිරි එකක්....
හැමදාම නැගිටින්න කලින් එක හදනවා තේරුනාද ....
මං පොලට යනවා......
මෙහෙ 10ක් විතර කෑමට ඉන්නවා උදේට .... ආයේ රෑට තමා ....
දවල්ට තමුන්ටයි මටයි විතරක් ඇති ...
මං ලිස්ට් එකක් ලියලා යන්නම් ඒ ටික මං එද්දි හදලා තියනවා....
හරිනේ දැන් ගිහින් ඔය කිරි එක ගිහින් දෙනවා.......
කුසුම්ලතා කියවන කියවන යනවා කිසි දෙයක් තේරෙන් නෑ....
අනේ මන්දා මං කොහොම මේ ජීවිතේට හුරුවෙන්නද ....
මෙහෙන් පැනලා යන්න තිබුනා නම් ...
ඒත් මගෙ තාත්තා මරපු මේ නිදුක්ගෙන් පලි අරන් මයි මං මෙහෙන් යන්නේ ........
මන්දිරා තේ එක අරන් නිදුක්ගේ කාමරේ හොයාන ගියා
ඒත් කොල්ලා කාමරේ නෑ පේන්න
කෙල්ල තේ එක තියලා යන්න හදනවාත් එක්කම නිදුක් කෙල්ලගෙ පිටිපස්සේ...........
මෙන්න තේ එක බොන එකයි ඇත්තේ........
අද කාගේ ලේ හොල්ලන්නද දන් නෑ ලැස්ති වෙන්නේ .........
මන්දිරා.....
තමුන්ගේ කට වැඩී ....
මොනා උනත් දැන් උන් මගෙ ගෑනි....
මං කරන හැමදේම තමුන් ඉවසන් බලන් ඉන්න ඕන ...
මට පිටින් යන්න තමුන්ට බෑ තේරුනාද.......
නිදුක් මන්දිරාගෙ කෙස් වැටියෙන් අල්ලන් හෙල්ලුවා .......
මං ජොගින් කරන්න යනවා...
එද්දි කෑම ලෑස්තිකරලා තියනවා ok...
එහෙම කියලා නිදුක් යන්න ගියා ...
🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶
කෙල්ල වොශ් එක්කුත් දාන කෙලින්ම ගියේ කිචන් එකට ........
කුසුම් පොලට ගිහින් වගේ
ගෙදර තනියම කෙල්ල විතරයි.......
ටේබල් එක උඩ පොඩි කොල කෑල්ලක්
මේ තියෙන්නේ කෑම ලුස්ට් එක වෙන්න ඇති ඉදියාප්පත් බතුත් ව්යංජන කීපයකුත් එහි දකින්නට ලැබුනා
ඒ සදහා අවශ්ය කලමනා ටික කෙල්ල මුලු කිචන් එක පෙරලන් හෙව්වත් හම්බුන්නෑ
ඉදියාප හදන්නට පිටි නැත
කිසි දෙයක් උයන්න නෑ කියලා දකිද්දියි කෙල්ලට තරු පෙනුනේ......
දැන් මොකද කරන්නේ දෙයියනේ නිදුක් මාව මරයි........
කෙල්ල තනියම මිමිනුවා........


No comments:

Post a Comment

UNIVOTEC එක ගැන

UNIVOTEC එකේ පාඨමාලා සහ වැඩි විස්තර සදහා පහත ඇති PDF ෆයිල් එක භාවිතා කරන්න. https://drive.google.com/open?id=1zbMNZ14FNiYV2f34K91x1KqpKmid...