සමන් අයියා ....කොහේද ඉන්නේ .....එන්නේ නැද්ද පාක් එකට.....
දේශාන් නුගේගොඩ බෝ ගහ ලග ඉඳල ත්‍රීවීලර් රථ රියදුරෙක් වුන සමන් ට කෝල් කරලා ඇහැව්වේ සද්දේන්මයි නගරයේ කළබලය නිසා එය වට පිටාවේ කාටත් ඇහුන් නැති ගානයි...
මල්ලි .....මම හෝමාගම ට හයර් එකක් ආවා....දැන් එන ගමන් මල්ලි ඔතනම ඉන්න මම සුටුස් ගාල එන්න ම්......
ඒ....එක්ක ම දේශාන් ට මතක් වුනේ සමන් අයියා ගේ උදව් කිරිල්ල
දේශාන් ප්‍රියන්ජිත් ජ'පුර කැම්පස් එකේ අවසාන වසරෙ....සිසුවෙක් .....සමාජ විද්‍යා අංශයේ ඉගෙනුම ලබන ඔහු...මේ දවස් වල නිබන්ධන යකට කරුණු එක් රස් කරනවා...ඒ වීදි සරණ ගණිකාවන් ගැන ඔහුට මේ කරුණු එක් රැස් කරන කොට තේරෙනවා මේක ට තව කෙනෙක් ගේ සහයක් ගන්න වෙනවා කියලා ...මොකක්ද ඔහුට මුහුණ දෙන්න වෙන්නේ අප්‍රසන්න සිදුවීම් වලට නිසා
දේශාන් ප්‍රියන්ජිත් ජ'පුර කැම්පස් එකේ අවසාන වසරෙ....සිසුවෙක් .....සමාජ විද්‍යා අංශයේ ඉගෙනුම ලබන ඔහු...මේ දවස් වල නිබන්ධන යකට කරුණු එක් රස් කරනවා...ඒ වීදි සරණ ගණිකාවන් ගැන ඔහුට මේ කරුණු එක් රැස් කරන කොට තේරෙනවා මේක ට තව කෙනෙක් ගේ සහයක් ගන්න වෙනවා කියලා ...මොකක්ද ඔහුට මුහුණ දෙන්න වෙන්නේ අප්‍රසන්න සිදුවීම් වලට නිසා
මේ ......අක්කේ ...පොඩ්ඩක් කතා කරන්න පුලුවන් ද .......
ඇයි මල්ලි මොකක්ද වෙන්න ඕනි .....මට දාහක් ඕනි රූම් එක ට ....හත්සිය පනහයි....හැබැයි පැයයි ඊට වඩා ඉන්නවා නම් ....පන්සිය ගානේ ගෙවන්න ඕනි .....මට.....සැපක් ඕනි නම් කියන්න ......ඔයා ට කැමති විදියට හැසිරෙන්න පුලුවන් .....
අනේ......අක්කේ .....මට එහෙම දෙයක් නොවයි ඕනි .....මම ඔයාලා වගේ අය ගැන කරුණු ටිකක් හොයනවා .....කැම්පස් එකේ වැඩකට....මට ඕනි ටිකක් කතා කරන්න .....
අනේ......මේ හු####### ක් කියවන්නේ නැති ව ඉන්නවා ද යන දේවාලෙකට යන්න පව් දෙන්නේ නැති ව,....එනවා මෙතන ....
..ඒ වීදි ගණිකාවා දේශාන් ට දෙස් දෙවොල් තබමින් ගිය හැටි දේශාන් ට මතක් වෙනවා....
..ඒ වීදි ගණිකාවා දේශාන් ට දෙස් දෙවොල් තබමින් ගිය හැටි දේශාන් ට මතක් වෙනවා....
අම්මෝ ......මේකිගේ ..සැර.....දේශාන් ට මතක් වෙනවා ඒ වගේ සිදුවීම් කොයිතරම් වුනා ද කියලා ......
ඉතින් දේශාන් ට ඔවුන් ගෙන් තොරතුරු ගන්න ගියාම ඒ විදියට දොස් අහන්න තමයි ....එහෙම හිස් අතින් එන්න වුන වාර අනන්තයි ....ඒක ට හේතුව වුනේ ...එම වෘත්තීයේ යෙදෙන අය දේශාන් දිහා සැකයෙන් බලපු නිසා ...ඒ නිසා දේශාන් කරේ ඒ වගේ අය එක්ක සම්බන්ධ කම් තියෙන නුගේගොඩ බෝගහ ගාව...ත්‍රීවීලර් රථයක් හයර් කරන සමන්ගේ උදව් ගන්නේ ඒ නිසා .......
සමන් ගේ උදව්වෙන් නිබන්ධන යට අවශ්‍ය ඕනෑවට ත් වඩා...කරුණු එක් රස් කර ගන්න දේශාන් ට හැකියාව ලැබෙනවා .....අද ත් මේ යන්නේ දැනටත් ඒ වෘත්තීයේ යෙදෙන කාන්තාවක් හම්බ වෙන්න ....වෙන ද වගේම ඒ වැඩේට ත් සමන් තමයි දේශාන් ට උදව් කරන්නේ ......
ආ.......මල්ලි නගින්න ..ඉක්මනටම ...තව හයර් එක ක් තියෙනවා දහය හමාරට.......
දේශාන් ගේ කල්පනා ලෝකය බිඳුනේ...ඒ කටහඬ ඇහිලා ...
මේ .....යකා..මේ ඉක්මනටම ආවා ද ....එහෙම හිතමින් දේශාන් ඉක්මනටම ත්‍රීවීලර් රථයට ගොඩ වුනා....
අයියේ ......කොහේද අපි යන්නේ අද .......
මල්ලි බජාර් එකේ පරණම කෑල්ලක් ....ඉස්සර ගිණිකිකිලි වගේ.....ලැවරියාවත්තේ කමලා කීවොත් නොදන්නා කෙනෙක් නෑ .....දැන් නම් හෙන වයසයි....මම හිතන්නේ පනහත් පැනලා ඇති .....ඒ නිසා කස්ටමලා අඩු යි දැන් ....මල්ලි ට කියන්න දෙනවා සැපක් කියලා වැඩ ක් ඉස්සර ......මාත් ඉඳල තියෙනවා කමලා අක්කා එක්ක .....සමන් තළු මර මර කමලා අක්කා එක්ක ගත්ත සැප කියනවා.....දේශාන් අහන් හිටියේ ...හිස් සිතුවිල්ලෙන් .....
ගෑණි කැමති වෙයිද ......අපේ වැඩේට ......
ටෝක් ......කරලා බලමු ..මල්ලි ගිහින් .....මට බෑ කියන එක ක් නෑ .....මම අද ටත් වයසක ඩයල් .....කමලා අක්කා ට සෙට් කරනවා.....මම ....
මුඩුක්කුවකද ඉන්නේ .....
ඔව් ......මල්ලි ......ගෑණි තනියෙන් ඉන්නේ ....කාමරයක් ඇරන් .....තාම ත් ඒකි හොයාන මිනිස්සු ඒ මුඩුක්කුවට යනවා.....ඉස්සර ලස්සන ගෑණි දැන් නම් ඇඳිලා ගිහින් .....
ටික වෙලාවකින් දේශාන් රැගත් ත්‍රීවීලර් එක ලැවරියාවත්තේ කමලා අක්කා ගේ කාමර කෑල්ල ලගටම ආවා....
කමලා අක්කේ .....කමලා අක්කේ ......මෙහෙ වරෙන් .....කෝ එලියට ......සමන් ත්‍රීවීලර් එකෙන් බැහැලා බෙරිහන් දෙනවා.....
ආ......උබ ද ......මතක් වෙලා තියෙන්නේ කාලෙකින් .......උබ බිස්නස් එක ක් ගෙනාවෙත් නෑ නේද මට ලගදී......
අනේ......හු####### .....දැන් උබලා වගේ හොට බිම ඇනිච්ච එවුන් හොයන්නේ නෑ ...බං....ගින්දර වගේ කෑලි කොයිතරම් බජාර් එක ට බැහැලා තියෙනවා ද ........
ම්.....කවුද බං වීල් එක අස්සේ ඉන්නේ ...බිස්නස් එක ක් ද ......
අනේ......හු####### ......වරෙන් පොඩ්ඩක් ....මෙහෙට .......
අනේ බං පොඩි කොල්ලෙක් නේ....මගේ දරුවෙක් වගේ........ඇයි බං ඌ ආස අම්මලා වගේ වයසක අය එක්ක ඉන්න ද ......ෂෝක් කොල්ලා.....බං.....
ඒක ඇහෙන කොට නම් දේශාන් ට පොළව පලා ගෙන යන්න හිතුනා.....
හු####### ක් කියවන්න එපා බං.....ඌ....කැම්පස් එකේ කොල්ලෙක් ....ඔන්න මොකක්ද එකකට උබලාගේ රැකියාව කරන ...අය ගැන හොයලා මොකක්ද එකක් හදනවාලු ....සමීක්ෂණ යක් ද කොහේද .....උබ දන්න දෙයක් ඌ අහන දෙයකට උත්තර දීපන් ....
වාසියක් තියෙනවා ද ....බං....උබ දන්නවා නේ..අතේ සතේ නෑ ....නිකන් නම් බෑ රජෝ...කීය ක් දෙනවා කීවා ද ......
හරි බං.....ඌ කැම්පස් කොල්ලෙක් නේ....අතේ මිටේ එහෙම මට නැති ව ඇති .....උබ දන්නවා නේ විශ්වවිද්‍යාල කොල්ලෝ ගැන තියෙන ගානක් දෙයි බං .....ඒ උදව්ව ඌට කරපන් අක්කේ .....බලපං අපි ට ඉගෙනගන්න බැරි වුනා .....අපි එවුන් වගේ එකෙකුටවත් උදව් කරමු බං ඊ ලග ආත්මේ හරි මේ නරා වරෙන් ගොඩ එන්න ........
ම්.....ම්.....හරි හරි උබට ඉතින් බෑ කියන්න බෑ නේ.......කමලා අක්කා කැමති වෙනවා.....එතකොට තමයි දේශාන් ට පපුව පොඩ්ඩක් හෑල්ලු වෙන්නේ.....
මල්ලි ......වැඩේ හරි ........ඉවර වුනා ම කෝල් එක ක් දෙන්න හිටියොත් එන්න ම්.....නැත්නම් ....මල්ලි ට තනියෙන් තමයි ආය යන්න වෙන්නේ .....සමන් කියා ගෙන යනවා.....
අවුලක් නෑ ....අයියේ.........මම මොනාහරි කර ගන්න ම්......
සමන් ත්‍රීවීලර් එක ට නැගලා දේශාන් ට ඇහැක් ඉඟි මැරුවේ හිනා වක් දාන ගමන්මයි.....
දේශාන් ඒ වෙලා වට ලැජ්ජා වෙන් බිම බලා ගන්නේ සමන් කියන දේ තේරෙන නිසා .....
ම්......මහත්තයා .....ආව නම් ගෙට.....සෝමා අක්කා කියා ගෙන කාමර කෑල්ල ට ගියා.....
මෙන්න මේ වෙලා වේ තමයි දේශාන් හරි යටම වට පිට බැලුවේ.....මුඩුක්කු වේ ඉන්න ගෑනු වගේම පිරිමි ත් දේශාන් දිහා අමුතු විදියට බලා ඉන්නවා කියලා දැනුනා....හැම කෙනෙක් ගේම මුහුණු වල සරදම් හිනාවක් ගැබ් වෙලා තියෙනවා කියලා දේශාන් දැක්කා....
මාර.....නෝන්ඩිය.....මේ අය හිතනවා.....ඇති මේ ගෑනිත් එක්ක නිදියා ගන්න ආවා කියලා .....ෂිහ්........
දේශාන් ඉක්මනටම කමලා අක්කා ගේ ගුබ්බෑයමට ඇතුල් වුනා
මහත්තයා ඉඳ ගත්තා නම් .....
තියෙන එක ම පුටු කබල පෙන්නලා.....කමලා අක්කා කීවේ හෙමින් .....
තියෙන එක ම පුටු කබල පෙන්නලා.....කමලා අක්කා කීවේ හෙමින් .....
මහත්තයා ට මොනාද දැන ගන්න ඕනි ......
දේශාන් ඒක ට උත්තර දෙන්න කලින් තමන්ගේ පෝන් එකේ රෙකෝඩරය ක්‍රියාත්මක කර ෂර්ට් එකේ උඩ සාක්කුවට දා ගත්තා .......
දේශාන් ........එදින රාත්‍රි .....නිදිවර්ජිත රැයක් වුනා ..........කමලා....අක්කේ ගේ අතීත ආවර්ජනය ....ඔහුගේ සිත ට මහත් පීඩාවක් ඇති කරා.....විටෙක හඬමින් ද තවත් විටෙක සුසුම් හලමින් ඇය මුහුණ දුන් සිදුවීම් කියද්දි තරුණයෙක් වුන දේශාන් ගෙත් හිත සසල වුනා හොඳ ටම.... තම ළැම මෙන්න ම කළවා පවා ඇය දේශාන් ට පෙන්නුවේ ඇය ත් සමග....රති කිලියට ආ....පිරිමින් කිසිම හිතක් පපුවක් නැති ව සිගරැට් කොට වලින් හා බීඩි කොට වලින් පුච්චා .....ඇති බව පෙන්නීම සඳහා යි .......ඔහු ට මේ කරපු පර්යේෂණ වලින් එක ක් පැහැදිලි වුනා ....මේ හැම සහෝදරියක්ම මෙ තත්වේ ට පත් වුනෙ නූගත් කමයි...දරිද්‍රතාවය යි...සමාජ යේ විවිධ අඩත්තෙට්ටම් වලට මුහුණ දීලයි කියලා යි හිතුනේ.....කරවටක් ම ප්‍රශ්න වලින් එබුනාම ගෑනියෙක් ට ගොඩ එන්න තියෙන එක ම ක්‍රමය විදිහට තෝරා ගන්නේ ඒ දේ බව දේශාන් ට පසක් වුනා ....ලේසියෙන් ම සල්ලි හම්බ කරන්න තියෙන්නේ ඒ වෘත්තීයේ න් විතර ක් නිසා .......
..ඇය කීව විදිහට යමුනා නම් කාන්තාවත් හමු වී ඇයගේ අදහසුත් ගැනීම හොඳ යි කියලා තමයි දේශාන් ට හිතුනේ....ඇයට ඒ බව කිව යුතු බව....දේශාන් තීරණය කරා.....
..ඇය කීව විදිහට යමුනා නම් කාන්තාවත් හමු වී ඇයගේ අදහසුත් ගැනීම හොඳ යි කියලා තමයි දේශාන් ට හිතුනේ....ඇයට ඒ බව කිව යුතු බව....දේශාන් තීරණය කරා.....
=====================================
දේශාන් ....එදින නුගේගොඩ හන්දිය ය ගියේ ඔහු ට අවශ්‍ය පොත් පත් ටිකක් ලබා ගන්න මහපොළ ශිෂ්‍යත්වධාර හම්බ වුනේ ඔහුට ඊයේ ....දුප්පත් කමේ පතුලේ ම ගිලිලා ඉන්න ඔහු ට එය මහමෙරක් තරම් .....දේශාන් තරම් පිරිමහගෙන කැම්පස් එකේ ජීවත් වුන කෙනෙක් නැති තරම් ......දේශාන් හේ යාලුවො දේශාන් ගැන දැන ගෙන හිටිය නිසා ....පුලුවන් තරම් දේශාන් ට උදව් කරන්න පෙලඹුනා හැම වෙලේම .....දේශාන් විතරයි කැම්පස් එකේ කැන්ටිමෙන් මුදල් දෙන්නේ නැති ව කාපු එක ම එක්කෙනා .....දහස් ගණනක් ශිෂයන් ගැවසෙන කැන්ටිමේ.... ඔහුගේ යහලුවන් බත් පිගාන කෑව පස් නැවත වරක් අඩු ව ගන්න යන්නේ යාලුවා වෙනුවට දේශාන් තමයි ....ඉතින් එහෙම ඒ පිගානට බෙදන අඩු වෙන් තමයි දේශාන් බඩ පුරවා ගත්තේ ...ඉතින් එහෙම යාලුවො දෙන්නෙක් තුන්දෙනෙක් ...ගේ අඩු ගන්න ගියාම දේශාන් ගේ කෑම වේල සම්පූර්ණ වෙනවා.....
දේශාන් කඩයක් ගාව ඉන්න කොට ....තමයි නැවත ....ඇය දකින්නේ......
කමලා.....අක්කා ......නේද ...අර යන්නේ ......දේශාන් ඉක්මනටම ඇය ඉන්න පැත්ත ට පිය නැගුවා......
කමලා.....අක්කේ .....අක්කේ .......ඔහු එහෙම කතා කරමින් කමලා .....අක්කා පසු පස හඹා යනවා....
කමලා......මොහොත ක් හැරී බැලුවේ .....ඔහු කවුරුන් ද බලන්න .......ඇයට ඔහු අඳුනා ගැනීම ට අපහසු වෙන්නේ නෑ .......
ඇය.....ඉක්මනටම බර අඩි තබමින් .....දේශාන් ව මග අරිමින් ....කඩවල් අතරින් නොපෙනී....යනවා......
දේශාන් ට.....හිතා ගන්න බැරි වුනේ ඇයි ඔහු මග ඇරියේ කියලා .....කොයිතරම් උත්සාහ ගත්තා ත් .....දේශාන් ට කමලා අක්කා හොයා ගන්න බැරි වුනා.....ඇයි මේ ගෑණි මාව...මග ඇරියේ....දේශාන් ට හිතා ගන්න බැරි වුනේ ඒක ......
දේශාන් ට.....හිතා ගන්න බැරි වුනේ ඇයි ඔහු මග ඇරියේ කියලා .....කොයිතරම් උත්සාහ ගත්තා ත් .....දේශාන් ට කමලා අක්කා හොයා ගන්න බැරි වුනා.....ඇයි මේ ගෑණි මාව...මග ඇරියේ....දේශාන් ට හිතා ගන්න බැරි වුනේ ඒක ......
දේශාන් .......පසු දින ......කමලා අක්කා හොයා ගෙන ඔහුගේ නිවසට .....යන්න තීරණය කරේ කැම්පස් එකේ ලෙක්චර් වලට සහභාගි වීමෙන් තොරවයි.....ඔහුට අද ත්‍රීවීලර් සමන් ගේ පිහිට ඕනි නැති වෙන්නේ .....කමලා අක්කා කියු දෙයක් මතක් වෙලා ......
මහත්තයා ........ඕනි වෙලා වක එන්න තව විස්තර ඕනි නම් .....මම කියන්න ම්.....හැමෝම වපර ඇහින් අපි දිහා බලද්දී .....මහත්තයා විතරයි ...අපි දිහා වපර ඇහැකින් නොබැලුවේ....හැම පිරිමි යාම බලන්නේ ....ඒ අයගේ වැඩේ කර ගන්න පෙරලාගෙන.....
දේශාන් ඇයට ඕනි කියලා හිතෙන අඩුම කුඩුම ටිකක් ගත්තේ ඇය ගැන හිතලාමයි....කාපු වාර ගානට වඩා නොකාපු වාර ගණන වැඩියි කියලා තමයි ඇය එදා ඔහුට පැවසුවේ.....ඉතින් දේශාන් ඔහු ට අතේ මිටේ තියෙන අයුරින් .....උයාගෙන කන්න ඇය ට අඩුම කුඩු ම ටිකක් ඇරන් ඉක්මනටම ගියේ ඇගේ නිවස හොයාගෙන .....
ලෑලි ගහපු ගේ කෑල්ලේ.....දොර ඇරලා තියෙනවා කියලා දැක්ක ම දේශාන් ට සතුටක් දැනුනේ....කමලා.....අක්කා ඉන්නවා කියලා හිතුන .....නිසයි.....
කමලා......අක්කේ .....අක්කේ .......පළවෙනි දවසේ ......වගේම දේශාන් කමලා අක්කා ට කතා කරන කොට මුඩුක්කුවේ......ගෑනු ටික හොර ගල් අහුලන්න පටන් ගත්තේ ....ඉඟි බිගි පාමින් එකිනෙකාට ......
ආ......මහත්තයා නේ......මට ඒත් හිතුණා ....මහත්තයා ආය මේ පැත්තේ.....එයි කියලා ........එමුකෝ ගෙට .....ඉතින් ......
ආ.....අක්කේ .....මේක ගන්න ....දේශාන් තම අත ඇති බැග් එක කමලා අක්කා ට දිගු කරමින් පවසනවා.....
අයියෝ .....මහත්තයා මොනාද මේ ගෙනාවේ....එදා සමන් ට එහෙම කීවා ට මහත්තයා එක්ක කතා කරද්දී ....මට මහත්තයා හොඳ කෙනෙක් කියලා හිතුණා ...
කමක් නෑ අක්කේ .......ගන්න .....මගේ අතෙත් ඒ හැටි සල්ලි යක් නෑ ... තියෙන විදියට අඩුම කුඩුම ටිකක් ගෙනවා....වේලක් හරි කන්න පුලුවන් නේ....අක්කා ට....
මේ.....අක්කේ ......ඇයි ...ඊයේ ...මාව මග ඇරලා ගියේ.....කතා කරද්දී ත්.....
අනේ...මහත්තයා ......මම නරක ගෑනි කියලා හැමෝම දන්නවා .....බජාර් එකේ.....මම කැමති නෑ ....මහත්තයා වගේ කෙනෙක් ඒ නිසා බාල්දු වෙනවාට ....කතා කරා නම් හැමෝම මහත්තයා දිහා වැරදියට බලන්නේ ...
දේශාන් පුටු කබලේ ඉඳගත්තේ ඇයගේ ඇරයුම ට......
අක්කේ ......මට අර අක්කා එක්ක හිටියා කීව යමුනා .....අක්කා ගැන ත් දැන ගන්න ඕනි ...පුලුවන් නම් .....මට මුණ ගස්සන්නකෝ...
මහත්තයා ......දැන් යමුනා ....නෑ ෆීල්ඩ් එකේ
යන එන මං නැති ව ඉන්න කොට මට හම්බ වුනේ.....දැන් අවුරුදු විස්සකට වැඩියි මම හිතන්නේ ....ෆීල්ඩ් එකෙන් ගිහින් ......
යන එන මං නැති ව ඉන්න කොට මට හම්බ වුනේ.....දැන් අවුරුදු විස්සකට වැඩියි මම හිතන්නේ ....ෆීල්ඩ් එකෙන් ගිහින් ......
අක්කේ ......එයා.....අදටත් අක්කා එක්ක කතා බහ කරනවාද .......
ඔව් .......මහත්තයා .....මට හම්බ වෙන යන එන මං නැති ව හිටියේ .....මම මගේ ලගට ගත්තා ......මාත් තනියෙන් නේ හිටියේ.....මාව හොයාගෙන ආපු මිනිසුන් ට ....අන්තිමට ඒකිව ඕනි වුනා ඒකි එක්ක ඉන්න පොර කෑවා .....අන්තිමට ඒකිත් මගේ තත්වේ ට ම වැටුන .....මම තමයි මහත්තයා වග කියන්න ඕනි එක ට.....මට පරිස්සං කරන්න තිබ්බා.....ඒත් මම උනන්දු වුනේ නෑ .....මොණර කොළ දකිද්දී .....මට ඒ පවෙන් ගොඩ එන්න බෑ ......මහත්තයා කවදාවත් ......කමලා අක්කා හැගීම් විරහිත මුහුනින් කියා ගෙන යනවා
දැන් කොහේද .....ඉන්නේ .....යමුනා අක්කා .....
දේශාන් අහන්නේ ....ඇය ගේ මුහුනේ දුක් මුසු හැගීම් දිහා නොබලමින්.....
දේශාන් අහන්නේ ....ඇය ගේ මුහුනේ දුක් මුසු හැගීම් දිහා නොබලමින්.....
ගම් පලාතෙමයි මහත්තයා .....මහත්තයා .....අද ටත් අපේ යාලු කම තියෙනවා ඉඳල හිටලා කතා බහ කරනවා කෝල් එක ක් දීලා .....
ඇයි ......යමුනා අක්කා මෙහෙන් යන්න ගියේ.......
ඒ දවස් වල ගණුදෙනු කාරයෝ ගොඩයි ඒ ගෑණි ට......මම හම්බ වෙන්න ආපු අය ඊට පස්සේ ආවේ.....ඒකි හම්බ වෙන්න .....මට ත් ඒක ලේසි වුනා.....අන්තිමට ....මම ඒකිව එක එකාට විකුණන්න ගත්තා ......මට නිකන් ඉඳල සල්ලි හම්බ වෙනවා නේ.....දන්නවා නේ මහත්තයා .....ඒ දවස් වල කිසිම පරිස්සමක් නෑ අපි ගාව .....ඉතින් ඒකිගේ බඩට ලමයෙක් ආවා....මම කොයිතරම් කීවා ද නැති කරලා දාමු කියලා ....ඒකි නොවයි කණකට ගත්තේ .....මේ දරුවා තමයි මාව කවදහරි ....මේ ජීවිතේ න් ගලවා ගන්නේ කියලා ......ඒකි දරුවා හදා ගන්නවා කීවා ....
දරුවා බඩට ආවාම ......ඒකි නවත්වව්වා....බිස්නස් එක .....ඉතුරු කරපු සල්ලි ටිකකුත් තියෙන නිසා .....ගම් පලාතකට ගිහින් මේ ජීවිතේ න් මිදිලා පොලේ පලා විකුණා ලා හරි දරුවා හදා ගන්නවා කියලා හැම දේම අත ඇරලා ගියා.....ගම් පලාතට......
දරුවා බඩට ආවාම ......ඒකි නවත්වව්වා....බිස්නස් එක .....ඉතුරු කරපු සල්ලි ටිකකුත් තියෙන නිසා .....ගම් පලාතකට ගිහින් මේ ජීවිතේ න් මිදිලා පොලේ පලා විකුණා ලා හරි දරුවා හදා ගන්නවා කියලා හැම දේම අත ඇරලා ගියා.....ගම් පලාතට......
බැරි ද .....අක්කේ .....මට මුණ ගස්සන්න.....මට ගොඩක් වටිනවා මොකද මේ වෘත්තීයේ න් අයින් වුනේ කොහොම ද කියලා දැන ගන්න ඕනි මට ......යමුනා අක්කා ....
හරි ......මහත්තයා කොහොම ටත් සතියකට සැරයක් මට කෝල් කරනවා.....මහත්තයා ගේ ටෙලිපොන් නොම්බරය දීලා යන්න මට මට මේ සතියේ කතා කරාම...මම කියලා බලන්න ම් මහත්තයා ගැන .....එන්න කැමති වුනොත් මම දිනේ කියන්න ම් කෝ.....මහත්තයා එන්න මෙහෙට ....එතකොට .......හම්බ වෙන්න පුලුවන් නේ.....
අනේ .....අක්කේ ගොඩක් ස්තුතියි ......මම එහෙම නම් යන්න ම් අක්කේ .....මම ආවේ මේ වෙනුවෙන් මයි......
මහත්තයා යන්න ද ලෑස්ති .......මහත්තයා කැමති නම් මාත් එක්ක ඉඳල යන්න .....සල්ලි එපා.....ඉස්සර නම් පොර කෑවා මගේ එක්ක ඉන්න පිරිමි ......ගුටි ඇන ගත්තා ම බේරන්න වුනෙත් මට ම තමයි ......
අපෝ......එපා.....අක්කේ .....අක්කා ගේ ජීවිතේ ඇතුල ඇඳුනාගත්ත මම කොහොම ද එහෙම ඉන්නේ ......
ඒක නිසා තමයි මහත්තයා ......මහත්තයා ගැන මට පැහැදීමක් ඇති වුනේ.....ආය ටවුන් එකේ දැක්කොත් මට කතා කරන්න එපා මහත්තයා .....හොඳ ද .......කියන දෙයක් මෙහෙට ඇවිත් .....ඒත් නිතරම ත් එන්න එපා....
හරි හරි අක්කේ .....මට පණිවිඩය ක් දෙන්න එහෙම නම් ....මම යනවා.....මොනාහරි උදව් වක් ඕනි වුනොත් මට කතා කරන්න කෝල් කරන්න .......
======================================
සතියකට පසු ..........
දේශාන් ........කැම්පස් එකේ ඉන්න කොට දුරකථන ය නාද වුනේ.....හදිසියේ මයි ....අම්මා ද දන්නේ .....නෑ .....ඇයි මේ හදිසියේ ........
දේශාන් ඉක්මනටම දුරකථන යේ තිරය දිහා බැලුවේ .....කතා කරන්නේ කවුද බලන්න .....ම්....දන් නැති අංකය ක්.....කමලා අක්කා ද දන්නේ නෑ .....ඔහු වහාම දුරකථන ක්‍රියාත්මක කරා....
දේශාන් ඉක්මනටම දුරකථන යේ තිරය දිහා බැලුවේ .....කතා කරන්නේ කවුද බලන්න .....ම්....දන් නැති අංකය ක්.....කමලා අක්කා ද දන්නේ නෑ .....ඔහු වහාම දුරකථන ක්‍රියාත්මක කරා....
හලෝ.........
හලෝ......හලෝ......මහත්තයා මම ..කමලා අක්කා ....මහත්තයා යමුනා එන්න ම් කීවා හෙට .....මහත්තයා හවසට එන්න අපේ දිහා....බොහොම අමාරුවෙන් කැමති වුනේ මම කීවා ඉගෙන ගන්න ලමයෙක් නිසා උදව් වක් කරන්න කියලා .....පස්සේ කැමති වුනා .....දරුවා කොලඹ ඉන්නේ කියලා දකියි කියලා බයයි ලු මම කීවා මම නුගේගොඩ ට එන්න ම් කියලා .......එක්ක ම් යන්න ....හෙට හවස එන්න ....බුදුසරණයි ....කමලා අක්කා එක දිගටම කියා ගෙන ගිහින් දුරකථන විසන්ධි කරා......
.
ඒ ....වැඩේත් හරි එහෙම නම් .....හෙට ගිහින් බලමු.......
.
ඒ ....වැඩේත් හරි එහෙම නම් .....හෙට ගිහින් බලමු.......
දේශාන් අද යන්න කෝකටත් ත්‍රීවීලර් සමන් වත් සම්බන්ධ කර ගත්තා .....සමහර විට සමන් අයියා ත් දන්නවා ඇති යමුනා අක්කා ව.....බලමු නොකියා එක්කම් ගිහින් ......
දේශාන් යන ගමන් අද ත් අඩුම කුඩුම ටිකක් ගත්තේ අද යමුනා ත් ඉන්න නිසා කන්න දෙයක් වත් තියෙනවා ද කියලා දන්නේ නැති නිසායි ....
දේශාන් රැගත් සමන් ගේ ත්‍රීවීලර් එක කමලා අක්කා ගේ දොර කඩ ගාව නැවතුන හැටිය සමන් බැස්සේ කමලා අක්කා ට කතා කරමින් ...
ආ......මහත්තයා ආවා ද ......දැන් තමයි ගෑණි ත් එක්කම් ආවේ ගිහින් .....එමුකෝ ඇතුලට ....මේ ඉන්නේ ....යමුනා .......
දේශාන් ......ගේ ඇතුලට අඩිය තියමින් කවුද මේ යමුනා කියමින් දෑස් දල්වා බැලුවා .....දුටු රුවින් දේශාන් ගේ ඇග හිත ගැස්සිලා ගියේ නිමේශයකින් ........
යමුනා නම් ......ඇයත්......දේශාන් දැක තුෂ්තිම්භූත වුනා........ඇයගේ ඇස් නිලංකාර වෙන හැටි හොඳ ටම යමුනා ට දැනුනා .....ඒ සමගම ඇය කෙසෙල් කඳක් කපා හෙලූ මෙන් සිහිය නැති වී වැටුනා....
අම්මා ..............දේශාන් ට නිතතින්ම කියවුනා .....
කමලා අක්කා ට සහ සමන් ට මේ කිසිවක් හිතා ගන්න බැරි වුනා .....දෙදෙනා ම මොහොතක් ඒ දෙස බලා සිටියේ ගල් ගැසුණු අයුරින් .....
අනේ......අයියේ ......අම්මා ව ඇරන් යන් ඉක්මනටම ......හොස්පිටල් එක ට......
හරි මල්ලි හරි ......දා ගන්න .......ආ.....බං කමලා ....උබත් ඕන් නැති හු####### නේ කරන්නේ .......යකෝ යමුනා කියන්නේ මේ මල්ලි ගේ අම්මා ද ......
කවුද දන්නේ බං......අල්ලපන් ඉක්මනටම ......
දේශාන් තම මව් කමලා හා සමන් ගේ උදව්වෙන් නංවාගෙන ......ඉක්මනටම රෝහල කරා රැගෙන ගියා.....
දේශාන් ගේ හිත ගිණිකබල වගේ උණුසුම් වෙලා .....දෙයියනේ මගේ අම්මා ද එතකොට යමුනා කියන්නේ ....ඔහුට කමලා අක්කා කීව දේවල් ඒ සැනින් එකින් එක මතක් වෙන්න ගත්තා ......
දේශාන් ගේ මව හදිසි ප්‍රතිකාර ඒක යට ඇතුල් කර අවශ්‍ය ප්‍රථමාධාර ලබා දී.....එකේ වාට්ටුවට ඇතුල් කරා.....සේලයින් එක දුන්න පසු ඇය ට සිහිය ආවාත්....ඇය කරේ ඉකි බිඳ බිඳ අඩන එක .......
අම්මේ.......ඇයි අඬන්නේ........
මගේ .....පුතා මට සමාව දෙනවා ද ......රත්තරං ......
ඇයි අම්මේ ඔහොම අහන්නේ ඔයා නේද මගේ පණ.....මොනතරම් දුක් වින්දද .....උදේ පාන්දර නැගිටගෙන දුං කකා....කඩයප්පන් හදලා නේද මම මේ තත්වේ ට ගෙනවාවේ....දන්න කාලේ අම්මා ගැන නරක කතා වක් අහලා නෑ මම කොයිතරම් වටිනවා ද අම්මේ.....ඔයාව මට ......
ඔහොම කියන කොට මට දරා ගන්න බෑ බුදු පුතේ.....යමුනා ......දේශාන් ගේ අත සිප ගනිමින් පවසනවා....මම ගොඩක් වැරදි කරලා තියෙනවා පුතේ.....උබ හැම දේම දන්නවා නේද දැන් ......උබට පොඩි කාලේ තාත්තා කෝ කියලා අහපු හැම සැරේ ම මට කියන්න දෙයක් තිබ්බේ නෑ උබට උත්තර හම්බ වුනා....නේද අද ඒක ට.....උබ නොදන්න ගොඩක් දේවල් වලට.....
අනේ රත්තරං අම්මේ ......ඕවා මතක් කරන්න එපා.....මම ඉපදෙන්න කලින් අම්මා මොන විදිහට හිටියාත් මම ඉපදුනාට පස්සේ අම්මා මට නරකක් නොහන්න හිටියා නේ .....
සමාවෙයන් මගේ රත්තරනේ .....මේවා එක දෙයක් වත් මගේ ඕනි කමට නොවයි වුනේ.....ඉස්සර උබ කිරි බොනකොට නාන කොට මගේ පිට අතුල්ලනකොට කොයිතරම් අහලා තියෙනවා ද මේ පැල්ලම් මොනාද කියලා නොතේරෙන කමට.....මට ඒවා මතක් වෙන කොට ඉහිලුම් නෑ ...පුතේ.....
නෑ .....අම්මේ එහෙම හිතන්න එපා........කොයිතරම් දෙයක් ද මාව නැති කරන්නේ නැති ව මේ ලෝකෙට බිහි කරපු එක .....ගඟක මුහුදක දාන්නේ නැති ව මාව හදා ගත්ත එක ....ගොඩක් පිං අම්මේ .....අම්මා කීවා හරි අම්මේ.....අම්මා ඔය ජීවිතේ න් ගලවා ගන්න ආපු කෙනා මම තමයි .....අපි ට තව ටික කාලයයි දුක් විඳින්න තියෙන්නේ අම්මා ......
දේශාන් තම මව සිප වැලඳ ගනිමින් පැවසුවා...
නිමි......
No comments:
Post a Comment