Friday, April 24, 2020

ඇගේ කතාව - හතරවන කොටස

" අනේ මැණික අඩන්න එපා "
" මට පොඩ්ඩි මතක් වුනා අයියේ . ඔයා වගෙම එයාත් මේවාට හරිම ආසයි "
" මටත් පොඩ්ඩිව නිතර මතක් වෙනවා මැණික."
" අයියේ මට කියන්න දෙයක් තියෙනවා "
" කියන්න නංගි "
" අයියේ ......."
මම අයියාගේ අතින් අල්ලාගෙන කියන්න හැදුවේ . අයියාත් මගේ දිහා බලාගෙන හිටියේ
" කියන්න මැණික "
" මට අයෙත් මගේ පොඩ්ඩි ඕනෙ අයියේ . අපි අපේ ගාවට පොඩ්ඩි ගමු. එයා නැතුව මට ඉන්න බෑ අයියේ . මොනවා කරත් මට එයා විතරයි මතක් වෙන්නේ "
මම කදුලු පිහිදද අයියට කිව්වා . අයියා හරිම අහිංසක මනුස්සයෙක් එයා මම කියපු දේ හොදින් අහගෙන හිටියා
" අපි අයෙත් අපේ ලගට පොඩ්ඩි ගමු මැණික "
අයියා ඔලුව අතගාලා . මගේ නලල හරිම ආදරේන් සිපගත්තා. නිතියෙන් මෙන්ම ගතින්ද මම එදා අයියාගේම වුනා .
විසිරී තිබුණු මගේ ඇදුම් මම එකින් එක අහුලා ගත්තේ මගේ පොඩ්ඩි මගේ ලගට අයෙත් එයි කියා බලාපොරොත්තුවෙන් .
උදෙන්ම නැගිටලා ලෑස්ති වුණේ ස්කොලේ යන්න . මම මාස ගණනකින් අදයි ස්කොලේ යන්නේ. වෙනදාට පොඩ්ඩිගේ තේ අරගෙන ඇවිල්ලා .කෙල්ලව අමාරුවෙන් ඇහැරවගේන ලෑස්ති කරන ඒ අතිතය මගේ ගොඩක් ඇතට ගිහින් . පොඩ්ඩි මතක් නොවුණු මොහොතක් නැති තරම් .
මම අයියා එක්ක වාහනේ ස්කොලේට ආවේ . මම දැක්කා අයියා ඇස්වල කදුලු පිහිදනවා. වෙනදාට මාවයි පොඩ්ඩි දෙන්නම ගෙනත් දැම්මාත් අද මම තනියම.
මම ඉගැන්නුව ස්කොලේමයි පොඩ්ඩිත් හිටියේ . මම ගුරු විවේකාගාර ගිහින් ඉදිද්දි ගුරුවරු කිහිකිහිපදෙනක් මගේ ලගට ආවා .
" මිස් දැන් හොඳයිද"
" ඔව් මිස් . "
මම ගියේ මගේ පොඩ්ඩි හිටිය පංතියට . පොඩ්ඩි පුටුව තම එතනමයි . එයාගේ යාළුවො එතනමයි . එත් මගේ පොඩ්ඩි විතරක් එතන නෑ . කදුලු පිහිගෙන මම මගේ පංතියට ගිගිහින් ඉගැන්නුවා. ඔහොම මාස කිහිපයක් මගේ පොඩ්ඩි මතකයත් එක්ක ගෙවිලා ගියා .
දවසක් මම හීනයක් දැක්කා. අයියායි මමයි කතා කර කර ඉන්නකොට පොඩ්ඩි දුවගෙන ඇවිත් මගේ බෙල්ල බදගෙන කිව්වා අම්මා මම ආවා අම්මා ගාවට කියලා . අයියා මමයි පොඩ්ඩි බදගෙන හිනාවෙනකොටම මම ඇහැරුනා.
" ඇයි මැණික . ඇයි මේ ඇහැරිලා"
" මගේ ඔලුව රිදෙනවා අයියේ . වමනෙ යන්න වගේ "
මම එහෙම කටත් අල්ලාගෙන washroom එකට ගියේ . අයියත් මගේ පස්සේන්ම ඇවිත් මගේ පිට අතගැවා. අයියා පරිස්සමෙන් මාව ඇඳට මාව එක්කගෙන ගියා .
" අයියේ පොඩ්ඩි ඇවිල්ලා මගේ ගාවට "
අයියාගේ අත මම මගේ කුසෙන් තිබ්බා . අයියා මුහුණ සතුටින් පිරෙනවා මම බලාගෙන හිටියේ.
" හෙට උදෙන්ම අපි doctor හම්බෙන්න යමු . "
අපි උදෙන්ම doctor ගාවට ගියා . ටෙස්ට් කරලා බලමුකෝ අපි. Doctor එහෙම කියලා නර්ස් එක්ක නෙත්මි යැව්වා.
" මිස්ටර් පසිදු ඔයාගේ වයිෆ් ප්රෙග්නට්. ඔයා තාත්තා කෙනෙක් වෙන්න යන්නේ ."
අයියා මුහුණ පුදුම සතුටක් තිබ්බෙ . මටත් ගොඩක් සතුටුයි . පොඩ්ඩි අපි දෙන්නා ගාවට ආවා . අයියා හරි පරිස්සමෙන් මාව වාහනේට එක්කගෙන ආවා .
" අයියේ අපි පන්සලට යමුද . තව තැනකට යන්න ඕනෙ "
" ඕනෙ තැනකට එක්කගෙන යන්නම් මැණික "
අපි පන්සල් ගිහින් වැදලා එහෙම ගියේ මගේ පොඩ්ඩිගේ සොහොන ගාවට . අපි යද්දී තව කෙනෙක් එතන ඉටිපන්දමක් පත්තු කරනවා. අපි ටිකක් ලගට යනකොට දැක්කෙ කවුද කියලා .
" නිමලි ඔයා "
" ඔව් නෙත්මි මට පුලුවන් හැම දවසකම මම එනවා . මට ටිකක් කතා කරන්න පුලුවන්ද "
" කියන්න නිමලි ."
" මට සිය දහස් වාරයක් හිතෙනවා ඔයා මට එදා හම්බවුනේ නැත්තම් කියලා . එහෙනම් ඔයාට අද පොඩ්ඩි ඉන්නවා . මම හැම තත්පරයකම විදවනවා. මගේ දරුවා නැති වෙලා මම අදටත් දුක් විදිනවා . මම දන්නවා ඔයා කොච්චර දුක් විදිනවා ඇත්ද කියලා .මට සමාවෙන්න නෙත්මි ."
" නුවන් කර වැරද්දට ඔයා පලි නෑ නිමලි . මගේ හිතේ තරහක් නෑ ඔයා ගැන"
" මම යන්නම් නෙත්මි "
ඇය කදුලු පිහිදගෙන යන්න ගියා. නිමලි අසරණයි . දරුවෙක් නැතුව දුක් විදින ගැහැනියක්. එදා ඇයත් උත්සාහ කර පොඩ්ඩි බෙරගන්න . එත් අපි හැමොගෙම අවාසනාවකට පොඩ්ඩි නැතිවුණා .
අපි ඉටිපන්දමක් පත්තු කරලා. ටිකක් වෙලා ඉදලා ගෙදර ගියා . මාස කිහිපයක් ඔහොම ගෙවිලා ගියා .
දවසක් මම රෙදි ටිකක් සෝදා සෝදා හිටියේ.එතකොටම කවුද call කරනවා ඇහුණා .අයියා උඩ හිටිය නිසා මම ඉක්මනින් අත සෝදගෙන එළියට එද්දිම මම ලිස්සලා වැටුණා .
" අනේ අයියේ . අයියේ ............"
මම බඩත් අල්ලාගෙන කෑගැහුවා විතරයි මට මතක.

දවසක් මම රෙදි ටිකක් සෝදා සෝදා හිටියේ.එතකොටම කවුද call කරනවා ඇහුණා .අයියා උඩ හිටිය නිසා මම ඉක්මනින් අත සෝදගෙන එළියට එද්දිම මම ලිස්සලා වැටුණා .
" අනේ අයියේ . අයියේ ............"
මම බඩත් අල්ලාගෙන කෑගැහුවා විතරයි මට මතක.
එතන ලේ විලක් වේලයි තිබ්බෙ .මගේ කුසට එතකොට මාස හයක් විතර. අයියා ඇවිල්ලා මාව hospital එකට අරන් ගියා. මට සිහිය තිබ්බෙ නෑ.
මට සිහිය එද්දී doctor මගේ ඇඳ ගාවයි හිටියේ . මම හිමින් හිම්න් ඇස් ඇරලා බැලුවා. අයියා නම් පෙන්න හිටියේ නෑ.
" නැගිටින්න එපා . තම ඔයාට හොද නෑ"
" doctor මගේ දරුවා හොදින් නේද "
" අපි එවා පස්සේ කතා කරමු . ඔයා දැන් විවේක ගන්න."
Doctor එහෙම කියලා යන්න හැදුවේ .
" කියන්න doctor මගේ දරුවා හොදින් නේද . අනේ කියන්න doctor "
" sorry . අපි ගොඩක් උත්සාහ කර එත් බේරගන්න බැරිවුණා . අම්මයි දරුවායි ගොඩක් අවදානම් තත්වෙක හිටියේ ඔයාව බේරගන්නත් අපි ගොඩක් මහන්සි වුනා. එකෙන් ඔයාව විතරයි බේරගන්න පුලුවන් වුණේ . "
මට හිතාගන්නවත් බෑ . මම එච්චර අවාසනාවන්තද. ඒ දරුවත් මාව දාලා ගිහින් . මම කෑගහලා ඇඩුවා .
" අඩන්න එපා දරුවෝ. ඔයාට අඩන්න හොඳ නෑ. "
" මම කොහොමද doctor අඩන්නේ නැතුව ඉන්නෙ මේ මගේ නැතිවුණ දෙවෙනි දරුවා . කොහොමද අම්මා කෙනෙක් තවත් ඉවසන්නෙ"
මම මගේ බට ගලවලා ඇඳන් බහින්න හැදුවේ .
" ඔයාට ඇඳන් බහින්න හොඳ නෑ නෙත්මි . doctor මේය කලබල කරන්න හදන්නේ."
එතන හිටපු නර්ස් මට බැන බැන doctor කතා කරා. මට බෙහෙතක් විද්ද නින්ද යන්න .
මම නැගිටිද්දි අයියා මගේ ඇඳ ලගින් ඉදගෙන හිටියේ . අයියා හොදටම අඩනවා. එයා අඩ අඩ මගේ අතින් අල්ලා ගත්තා .
" අයියේ එයා අපිව දාලා ගියේ නැහැනේ . මෙයාලා බොරු නේද කියන්නේ "
" එයාත් අපිව දාලා ගියා නංගි . "
මම මගේ කුසට අත තියාගෙන හොදටම ඇඩුවා . අයියාත් හොදටම ඇඩුවා . මට දරුවෝ දෙන්නෙක් නැති වුනා . තව මම කොහොමද ඉවසන්නෙ . මම කොච්චර බලාපොරොත්තු තියාගෙනද හිටියේ පොඩ්ඩි අයෙත් ආවා කියලා .
අපි දෙන්නා කොච්චර සිහින මැව්වද මේ මාස හයට . පොඩ්ඩි අයෙත් ඇවිල්ලා කියලා
අයියා කොච්චර බලාපොරොත්තු තියාගත්තද. අපි කොච්චර පොඩ් කාලයක්ද සතුටින් හිටියේ .
" ඇයි මටම මෙහෙම
" අඩන්න එපා නංගි "
අද අපි හැමොම දාලා මගේ දෙවැනි දරුවාත් යනවා . පොඩි පෙට්ටිය මගේ පුංචි පැටියා හිටියේ . මම අයියාට තුරුල් වේලා හොදටම ඇඩුවා . මේ කෙල්ලවත් මට පරිස්සමෙන් බලාගන්න බැරිවුණා .
" නංගි අපිට මේ දරුවාත් පරිස්සමෙන් බලාගන්න බැරිවුණා නේද "
" අනේ මට මගේ දරුවා ඕනෙ . යන්න එපා අම්මා දාලා . අනේ ..........."
දරුවාගේ අවසන් කටයුතු කරලා අපි ගෙදර ගියා . අයියා මට ආදරේන් මාසයක් වගේ හිටියා පස්සේ අපේ ජිවිත වෙනස් වුනා . අයියා බොන්න පටන් ගත්තා . කවදත් බිව්වේ නැති අයියා හොදටම බොන්න ගත්තා . අයියා ගෙදර එන්නෙ හොදටම බීලා .
" ගැණියේ ඇරපන් මේ දොර "
අයියා කෙලින් ඉන්න බෑ හොදටම බිලා.
" උබ දොර වාහගෙන මොකද්ද යකෝ කරන්නේ . උබ දොර වාහගෙන නුවන් එක්ක මගුල් නටනවද"
" පව්කාර කතා කියන්න එපා අයියේ "
" පව්කාර කතා හිටපන් උබට පෙන්න . "
" අව්ව්ආ රිදෙනවා අයියේ . අව්ව්......."
" මෙහේ එනවා උබ"
" අනේ මගේ කොන්ඩේ අත අරින්න. රිදෙනවා මට , අනේ අයියේ"
මගේ කොන්ඩෙන් අල්ලාගෙන බිම දිගේ ඇදගෙන ගියේ. එදා හිටපු හොඳ අයියා අද නෑ. හැම පිරිමියම එකයි.
" උබ මහා අවාසනාවන්ත ගැණියක් . උබ හින්ද මගේ ජිවිතේම කාලකණ්ණි වුනා "
" අනේ අයියේ මට ගහන්න එපා මට රිදෙනවා . ආව්ව්......"
" උබ මහා මුසල ගැණියේක් . අද මම උබව මරනවා "
ලග තිබ්බ පිහියක් අරගෙන ආවේ මට අනින්න.
" අනේ එපා අයියේ . එපා ...එපා..... "

" උබ මහා අවාසනාවන්ත ගැණියක් . උබ හින්ද මගේ ජිවිතේම කාලකණ්ණි වුනා "
" අනේ අයියේ මට ගහන්න එපා මට රිදෙනවා . ආව්ව්......"
" උබ මහා මුසල ගැණියේක් . අද මම උබව මරනවා "
ලග තිබ්බ පිහියක් අරගෙන ආවේ මට අනින්න.
" අනේ එපා අයියේ . එපා ...එපා..... "
මම ඇස් තද කර ගත්තේ මැරුණත් කමක් නෑ කියලා .
" අයියා තමුසෙට පිස්සුද 😠😠😠😠😠. මොනවාද මේ කරන්න යන්නේ"
ඔව් ඒ රුවන්ගි කට හඩ මම ඇස් ඇරලා බැලුවා . රුවන්ගි අයියාගේ පිහිය ගන්න ගමන් අයියාට කෑ ගහනවා .
" තමුසෙ පැත්තකට වෙනවා. මම මරන්නෙ මගේ ගැණිව. ඔයා පැත්තකට වෙලා ඉන්නවා "
රුවන්ගි නිසා අද නම් මගේ ජිවිතේ බේරුණා.
" නෙත්මි ඔයා කාමරයට යන්න මේ මිනිහාට පිස්සු හැදිලද කොහෙද "
" මේක අපේ ගෙදර ප්රශ්නයක් නංගි ඔයා එළියට බහිනවා "
රුවන්ගි ඇදගෙන ගිහින් එළියට දැම්මා . අයියා විකාරයෙන් වගේ වැඩ කරන්නේ.
මම වචනයක් වත් නොකිය උඩට ගියේ . මට තවත් එතන රැදෙන්න තරම් හිතුනේ නෑ. මම අඩ අඩ නින්ද ගියා .
උදෙන්ම නැගිට්ට මම මගේ හිත ඇතට දිවගියේ ඔහු කිව්ව කතාවත් සමග. ඔහු කිව්ව දේ ඇත්ත. මම අවාසනාවන්ත ගැහැනියක් .
පන වගේ ආදරේ කර නුවන් මාව රවට්ට දරුවෙක් එක්ක දාලා ගියා . මගේ පොඩ්ඩි මාව දාලා ගියා . මේ ලොකෙ සිටින හොඳම පිරිමියා යැයි සිතුන පසිදු අද යක්ෂයෙකු වෙලා . ඇත්ත මට ජිවිතේ දැන් එපා වෙලා .
කල්පනාවෙන් මිදුණේ පසිදු ආවා දුරකථන ඇමතුමට. පසිදු දුරකථන අමතක වෙලා ගිහින් . දුරකථන සදහන් වී තිබ්බෙ මගේ මැණික කියයි. ඉස්සර මට කතා කර නම අද වෙන කෙනෙක්ගෙ වෙලා . මිනිස්සු වෙනස් වෙන්නෙ හිතන්නවත් බැරි විදිහටයි
" හලෝ පැටියෝ"
" ඇයි කතා කරන්නෙ නැත්තෙ සුදු මහත්තයො . අර ගැණි ලග ඉන්නවද"
මට ඇසුණේ කාන්තා කට හඩක්. සිදුවී ඇති දේ මට සිතාගන්න පුලුවන් . පසිදු වෙනස් වෙන්න හේතුව හොදින්ම පැහැදිලි . මම දුරකථන විසන්ධි කර ඇය එව්ව කෙටි පණිවිඩ කියවන්න හැදුවේ .
👩" සුදු මහත්තයො අර මුසල ගැණිව තම ගෙදර තියාගෙන ඉන්නවද"
👨" මම කොහොමද මැණික එයාව යවන්නේ . එයාට මම ඇරෙන්න කවුරුත් නෑ."
👩" ඔයා එයාව නලව නලව ඉන්නවා . ඔච්චර අවාසනාවන්ත ගැණියෙක් මොකට තියාගෙන ඉන්නවාද මන්ද"
👨" එහෙම කියන්න එපා ඔයා දාලා ගියාට පස්සේ එයායි මාව මේ තත්වේට ගෙනාවේ "
👩" ඔයාව මට ඕනෙ සුදු මහත්තයො . මට ඔයා නැතුව ඉන්න බෑ"
👩 " ඔයා මට ආදරේ නැද්ද සුදු මහත්තයො . අපි කොච්චර ආදරේන්ද හිටියේ . මට ඔයාව හැම වේලාවෙම මතක්වෙනවා"
👨" මම ගොඩක් ආදරේ ඔයාට "
👩 " එහෙනම් අර ගැණිව එලවන්න . එයා ආදරේ අර පොඩ්ඩිට විතරයි . එකයි ඔයාගේ ලමයවත් නැති කරගත්තේ"
👨" ඔව් එයාට මගේ දරුවා පරිස්සමෙන් බලාගන්න බැරිවුණා 😔😔😔😔😔"
මම phone විසිකරේ තවත් මට එවා කියවන්න බෑ . අයියා අයෙත් එයාගේ කලින් වයිෆ් එක්ක යාළු වෙලා . මම තව කොහොමද මේවා ඉවසන්නෙ . ඇයි දෙවියනේ මටම මෙහෙම වෙන්නේ . එයාලා හැමොටම මාව වදයක් වෙලා .
මම මේ ගෙදරින් යනවා. එයාලා සතුටින් හිටපු දෙන්. පොඩ්ඩි photo එකයි . මගේ ඇදුම් ටිකත් අරගෙන මම යන්න ලැස්ති වුනා .
✉️✉️✉️✉️✉️✉️✉️✉️✉️✉️✉️✉️✉️✉️✉️
මම අවාසනාවන්ත ගැණියක් කියන එක ඇත්ත . එත් මම අයියාට හොද බිරිඳක් වුනා . අවුරුදු දෙකක වගේ පොඩි කාලයකින් ලැබුණු මට වඩා අයියාගේ අවුරුදු දහයක ආදරේ වටින බව මම දන්නවා . අක්කායි ඔයායි සතුටින් ඉන්න . මම අයෙත් කවදාවත් ඔයාලගෙ ජිවිත වලට එන්නෙ නෑ .
මම නෙත්මි
✉️✉️✉️✉️✉️✉️✉️✉️✉️✉️✉️✉️✉️✉️✉️
මම ඒ ලිවුමත් මේසේ උඩින් තියලා . අනතිම පාරට ගේ දිහා බැලුවා . කාලයක් අපි ගොඩක් සතුටින් හිටපු ගෙදර .
මම ගියේ පොඩ්ඩි සොහොන ගාවට .
" පොඩ්ඩි අම්මා යනවා . අයෙත් මම කවදාවත් එන්නෙ නෑ මගේ පොඩ්ඩි . "
මම නැගිටින්න හදද්දී එතනට ආවේ නිමලි . එයා නිතරම මෙතනට එනවා.
" sorry . මම කියපු දෙවල් අහගෙන හිටියේ නෙත්මි . ඔයා කොකොහෙද යන්නෙ"
" පොඩි ගමනක් "
" යන්න කලින් මට පොඩ් උදව්වක් කරන්න පුලුවන්ද "
" කියන්න නිමලි . මම කරන්නම්"
" මේක කරන්න පුලුවන් නම ලොකු පිනක්"
ඇය මොකද්ද කියන්න සැහෙන්න උත්සාහයක් දරනවා
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
පසිදු ගෙදර ඇවිල්ලා ලිවුම කියෙව්වා. පොඩි දුකක් ආවාත් ඔහුගෙ අරමුණ ඉටුවෙලා.
" හලෝ නෙත්මි ගෙදරින් ගිහින් "
" නියමයිනේ සුදු මහත්තයො . මම එන්නම් අදම ගෙදර "
පසිදු කලින් වයිෆ් එදම ගෙදර ආවා . පසිදු නෙත්මි වදයක් වෙලා තිබ්බ නිසා ගෙදරින් ගිය එක ඔහුටත් සතුටක් වෙලා තිබ්බෙ .

එදා නිමලි කියන්න හදපූ දේ මට කිව්වේ නෑ. මම නිමලිගෙන් සමුගත්තා. මම එහෙම පාර දිගේ ඇවිදගෙන යද්දී ඇත දුම්රියක් එනවා දැක්කා . මම කෙතරම් දුක් වින්දා . මගේ ජිවිතේ පොඩි කාලේ ඉදන් මම දුක් වින්දා . තාත්තා නැතුව අම්මායි මමයි කොච්චර නම් දුක් වින්දා . නුවන්ට ආදරේ කරලා මට හම්බවුනේ දුක විතරයි . පොඩ්ඩි විතරයි මට හිටියේ එයාත් මාව දාලා ගියා. අයෙත් පාරක් මම පසිදු රැවටුනා .මට තවත් ජිවත් වෙන්න කිසිම වුමනාවක් තිබ්බෙ නෑ. මම දුම්රිය එද්දිම පැන්නා .
අවුරුදු 10 පසු
" දරුවො ඉක්මනින් ලෑස්ති වෙන්න "
" කොහෙද අම්මේ අපි යන්නේ"
ඒ මගේ පුංචි පවුල අවුරුදු ගනක් දරුවො නැතිව දුක් වින්දා මට ලස්සන දු කුමරියක් හමුවුණා . නුවන් එදා කර වරදට අවුරුදු 3 දඩුවම් විදලා වැරැද්ද තෙරුම් අරගෙන නිදහස් වුණේ .
" තාත්තායි දුවයි දෙන්නම එකයි. ලැස්ති වෙලා නෑ තම"
" මොකද නිමලි උදෙන්ම කෑගන්නේ"
" නුවන් ඔයාත් ලැස්ති නෑ . බලන්නකො අපි කියටද යන්නේ කියලා "
ඒ දෙන්නවත් අමාරුවෙන් ලෑස්ති කරගෙන ඉක්මනින් නුවර යන්නයි වාහනයට නැග්ග. . ටික දුරක් යද්දී කෙල්ල කෑගන්න ගත්තේ .
" තාත්තේ මට වඩේ ඕනෙ "
" ඔහොම ඉන්නකො මගේ පුංචි කෙල්ලට ගෙන්න"
"නිමලි එදා මම පොඩ්ඩි අරන්ගියේ නැත්තම් නෙත්මි අදත් ඉන්නවනේ"
" ඔව් නුවන් අපි එදා කර වැරද්ද කවදවත් හදන්න බෑ"
" ඔය දෙන්නා ඉන්නකො මම වඩේ අරන් එන්නම්"
නුවන් පාර පැනලා ගියේ වඩේ කඩේට . රැවුලත් වැවුණු සරමක් ඇදගත්ත දුප්පත් මනුස්සයෙක් වඩේ විකුණන්නේ. එත් හුරුපුරුදු මුහුණක් නිසා නුවන් අයෙත් බැලුවේ .
" පසිදු උබ මොකද මෙහෙ"
" අනේ බලන්න නුවන් මට වුන වැඩේ. මම අරකිට රැවටිලා නෙත්මි එලවා ගත්තා . අන්තිමට මගේ ගෙදරයි මගේ ඔක්කොම එයාගේ නමට ලියාගෙන මාව ගෙදරින් එලියට දැම්මා . මේ ඔක්කොම එයයි අර මිනිහයි සැලසුම් කරලයි කරලා තියෙන්නේ "
" අපි හැමොම නෙත්මි නැති කරගත්තා "
" ඔව් මම ඒ කෙල්ලට කරපුවට මට මෙහෙම වෙන්න ඕනෙ . මම බීලා ඇවිල්ලා අර කෙල්ලට කොච්චර වදයක් දුන්නද. මට එවාට දඩුවම් ලැබුණා . මම තව මාසයි ජිවත් වෙන්නේ නුවන් මට පිළිකාවක් තියනවා "
නෙත්මි මතකය හැමෝගෙම ගාවම තියනවා . එත් එයා අයෙත් අපි කාගෙ ලගටවත් එන්නේ නෑ. ඇගේ මතකය විතරක් අපි හැමදෙම ගාව තියෙයි.
අපි නුවර එද්දී නම් දහයට වගේ ඇති. හරිම නිස්කලංක පරිසරයක්. හිතට පුදුම සහනයක් දැනෙන්නේ .
" නිමලි මෙතනින් පස්සේ නම් වාහනේ යන්න බෑ . කන්ද නැගලයි යන්න වෙන්නේ "
" අපි යමුකො නුවන් "
අපි තුන්දෙන සැහෙන්න අමාරුවෙන් කන්ද නැග්ග.
" ඔය උපාසක අම්මා කවුරු මුණගැහෙන් ද"
" උප්පලවණ්ණා මෙහෙණින් වහන්සේ මුණ්ගැහෙන්න"
" මම මැණියට කතා කරන්නම් උපාසක අම්මා ඉන්නකො"
" උප්පලවණ්ණා මැණියනි "
නිමලි දන නමලා නමස්කාර කර.
" සුවපත් වේවා . නිමලි උපාසක අම්මා ආවේ "
" මැණියනි මේ මගේ දුව"
ඒ පුංචි දුව දැක්ක විට අවුරුදු ගණනක් හදගත්ත මගේ හිත හොදටම ගැස්සුනා. නෙතගට කදුලක් එක් කරමින් . මගේ පොඩ්ඩි වගේමයි . පොඩ්ඩි තිබ්බෙත් නුවන් පෙනුමනේ. පොඩ්ඩි නැති වෙනකොට මේ වයසමයි.
"දුවගෙ නම මොකද්ද "
" නෙසදි සෙහන්සා මැණියනි"
ඔව් ඒ මගේ පොඩ්ඩිගේ නම . කටහඬ හැමදෙම මගේ පොඩ්ඩි වගෙමයි .
" මැණියො ගොඩක් වෙනස් වෙලා "
නෙත්මි කියන්නෙ දිග කොන්ඩයක් තිබ්බ ලස්සන යුවතියක්. අද හරිම නිවුනු පෙනුමක් එක්ක. හරිම පින් පාට රූපයක් උප්පලවණ්ණා මැණියන්ට තිබ්බෙ .
" සංසර ගමන දුකක් නිමලි උපාසක අම්මේ . අද මාව මෙහෙම වත් දකින්න ලැබෙන්නේ නෑ එදා ලොකු මැණියො ආවේ නැත්තම් . මම දුම්රියට පනින කොටම . මාව කවුද ඇදලා ගත්තා . ඒ ලොකු මැණියෝ . ඊට මාසයකට පස්සේ මම පැවිදි වුනා "
උප්පලවණ්ණා මැණියන්ගෙන් බණත් අහලා අපි තුන්දෙන කොළඹ එන්නයි ලැස්ති වුණේ . අපි තුන්දෙනම මෙහෙණින් වහන්සේට වැද නමස්කාර කර.
" මැණියනි අපි ගිහින් එන්නම්"
" සුවපත් වේවා .... "
" එපා උපාසක අම්මේ අයෙත් එන්න. මට සංසර ගමන කෙටි කරගන්න ඕනෙ . බැදිම් එක්ක ඒ දේ කරන්න අමාරුයි . මේ ගමන මම තනියෙන් යන්න ඕනෙ . බැදිම් කියන්නේ ලොකු දුකක්"
ආරාමයට නික්ම යන උප්පලවණ්ණා මෙහෙණිය දෙස නිමලි බලා සිටියේ කදුලු පිරි දැසින්.
මේ ඇගේ කතාව . ඇය ජිවිතේ සැහෙන්න දුක් විද අද ඇගේ ජිවිතේ සැනසිම ලැබිලා .
නිමි




No comments:

Post a Comment

UNIVOTEC එක ගැන

UNIVOTEC එකේ පාඨමාලා සහ වැඩි විස්තර සදහා පහත ඇති PDF ෆයිල් එක භාවිතා කරන්න. https://drive.google.com/open?id=1zbMNZ14FNiYV2f34K91x1KqpKmid...