Friday, April 24, 2020

ඇගේ කතාව - තුන්වන කොටස

" නුවන් මගේ කෙල්ල දෙන්න නුවන් "
මම නුවන් ඇගේ එල්ලිලා කෑගහද්දි නුවන් මාව තල්ලු කරලා වාහනයට නැග්ගා . කෙල්ල අඩ අඩ කෑ ගහනවා .
" අනේ මගේ පොඩ්ඩි දෙන්න නුවන් . "
" අම්මේ මාව ගන්නකො. අම්මේ ......."
මම වාහනේ පස්සේන්ම දිව්වා . එත් වාහනේ නැවත්තුවේ නැ. මට මොනවා කරන්නද කියලා හිතාගන්න බැරිවුණා . මම ගෙදර දුවලා ගිහින් අයියාට කතා කර.
" අයියේ මගේ පොඩ්ඩි "
" ඇයි මැණික අඩන්නේ. මගේ පොඩ්ඩිට මොකද "
" අනේ අයියේ මගේ පොඩ්ඩි නුවන් අරන් ගියා . මගේ පොඩ්ඩිව මට ඕනෙ අයියේ "
" අඩන්නේ නැතුව ඉන්න මම ඉක්මනින් ගෙදර එන්නම් "
අයියා එහෙම ගෙදර පොලිසියට ගිහින් ගෙදර ආවා . මම ඇඩුවා එකයි කරේ .
" අයියේ මට මගේ පොඩ්ඩි ගෙනත් දෙන්නකො."
"අපේ පොඩ්ඩි මුකුත් වෙන්නේ නෑ මැණික බය නොවි ඉන්නකො"
හරි ආදරේන් අයියා මගේ ඔලුව අතගල කිව්වේ. මට තව තවත් ඇඩුනා. වෙනදාට කෙල්ල ගේ වටේම දුවනවා. අද මුලු ගේම පාළුයි
" අයියේ මගේ කෙල්ලට අසනීපයක් තියෙනවා අයියේ . කෙල්ල්ට හරියට බෙහෙත් දුන්නේ නැත්තම් අමාරුවෙනවා"
" පොඩ්ඩිට මුකුත් වෙන්නේ නෑ මැණික . බය නොවි ඉන්නකො"
දවසක්ම ගියා කිසිම දෙයක් දැනගන්න ලැබුණේ නෑ අපිට . . පොඩ්ඩි මම නැතුව ඉන්න පලවෙනි දවස . කොච්චර ප්රශ්න තිබ්බත් . පොඩ්ඩි මට තුරුල් වෙලා හැමදාම නිද ගත්තා. අද මගේ කෙල්ල කොහෙ ඇතිද .
" මේ බත් ට්ක කන්නකො මැණික . මොකුත්ම කාලා නැහැනෙ "
" මට එපා අයියේ . මට මගේ පොඩ්ඩිව ගෙනත් දෙන්නකො අයියේ "
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
"මාමෙ මාව අම්මා ගාවට එක්කගෙන යන්නකො"
"මම මාමා නෙමෙයි ඔයගේ තාත්තා . අද ඉදලා මේ ඔයාගේ ගෙදර . මේ ඉන්නෙ ඔයාගේ අම්මා "
" අනේ නැන්දේ මාව අම්මා ගාවට එක්කගෙන යන්නකො" කෙල්ල අඩ අඩ ඉල්ලනවා
" මේ බත් ටික කැවම එක්කගෙන යනවා . හොඳ දුව වගේ කන්න ."
" නැන්දේ මට කෑම එපා . අම්මා ගාවට එක්කගෙන යන්න "
" නුවන් අපි මේ දරුවා එයාගේ අම්මාට දෙමු. මේ කෙල්ල පව් අඩ අඩ ඉන්නවා"
" ඔයාට පිස්සුද මේ මගේ දරුවා . මම දෙන්නේ නෑ. අපිට දරුවෙක් නැතුව කොච්චර දුක් වින්දද"
" දරුවෙක් නෑ කියලා . අම්මා කෙනෙක්ගෙන් දරුවා වෙන් කරන එක හරිද නුවන් "
" තමුසෙට එවා වැඩක් නෑනේ . ලමයෙක් නේද ඕනේ කිව්වේ . ඔන්න මම මගේම ලමයෙක් ගෙනවා"
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
" අයියේ පොලිසියෙන් කතා කරාද . පොඩ්ඩි හොයාගෙනද අයියේ "
" තම නෑ මැණික. ඔයා හොඳ කෙල්ල වගේ කන්නකො. "
" මට එපා අයියේ. මට මගේ පොඩ්ඩි ගෙනත් දෙන්නකො "
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
" නුවන් මෙහේ ඉන්නකො"
"මේ දරුවට අමාරුයි වගේ "
" අම්මේ .... අම්මේ එන්නකො .... අම්මේ " කෙල්ල සැහෙන්න අමාරුවෙන් කියවනවා . පව් මේ දරුවා.
" නුවන් අපි මේ දරුවා hospital එකකට අරගෙන යමු .මට බයයි "
" ඔයාට පිස්සුද . දැනටමත් මාව පොලිසියෙන් හොයනවා . ඔය ලමයට ටිකක් හරි යයි "
නුවන් කියලා වැඩක් නැති නිසා නිමලි යන්න ගියේ දරුවගේ කාමරයට කෙල්ල අමාරුවෙන් ඉන්නේ. නිමලි ඇස් දෙක කදුලු පිරුණේ දරුවා දැකලා . තමගේ දරුවෙක් නොවුනත් දරු දුක නිමලි හොදටම දැනුනා.
"නිමලි මම එළියට යනවා. එන්න පොඩ්ඩක් පරක්කු වෙනවා "
නුවන් යනකල් බලාගෙන ඉදලා. මම දරුවත් අරගෙන ඉක්මනින් hospital යන්න වාහනයකට නැග්ගා . කෙල්ල අමාරුවෙන් හුස්ම ගන්නේ. ටිකක් වෙලා යනකොට කෙල්ලට සිහිය නැති වුනා .
" ඇස් අරින්න දරුවො . මාව බය කරන්න එපා කෙල්ලේ .ඇස් අරින්නකො"
" අනේ පොඩ්ඩක් ඉක්මනට යමුකො .මේ ලමයට අමාරුයි"
අපි hospital එකට ආවා ඉක්මනින් . Doctors දරුවා අරගෙන ඉක්මනින් ප්රතිකාර කරන්න පටන් ගත්තා . නුවන් කර පව් වැඩේ නිසා අහිංසක දරුවෙක් ඇදක් උඩ දුක් විදිනවා. මම එහෙම ගත්තේ දරුවාගේ අම්මාට call එකක් .
" hello . මේ කතා කරන්නේ පසිදු ද"
" ඔව් කවුද මේ."
" අනේ මම නුවන්ගේ wife දරුවට ගොඩක් අමාරුයි ඉක්මනට hospital එන්නකො"
"අපි ඉක්මනට එන්නම් "
" කවුද අයියේ කතා කරේ. පොඩ්ඩි හම්බවෙලාද"
" ඔව්. ඉක්මනින් අපි යමුකො පොඩ්ඩි ඉන්න තැනට"
මම ගොඩක් සතුටු වුනා පොඩ්ඩි හම්බවුන නිසා . අයියා මට වෙන මුකුත් කිව්වේ නෑ. මාවත් එක්කගෙන ආවා. වාහනේ නැවැත්තුවේ hospital එක ඉස්සරහ .
"ඇයි අයියේ මෙතනට ආවේ අපි "
" පොඩ්ඩි ඉන්නේ මෙතන නංගි . අපි ඉක්මනට ඇතුලට යමු . එන්නකො "
" අනේ මගේ කෙල්ල ........."

"ඇයි අයියේ මෙතනට ආවේ අපි "
" පොඩ්ඩි ඉන්නේ මෙතන නංගි . අපි ඉක්මනට ඇතුලට යමු . එන්නකො "
" අනේ මගේ කෙල්ල ........."
මම දුවලා ගියේ hospital එක ඇතුලට . මගේ පොඩ්ඩි icu එකෙ ඇදක් උඩ. මම විදුරුවෙන් බැලුවේ මගේ පොඩ්ඩි දිහා . මගේ ලස්සන රෝස මල අමාරුවෙන් හුස්ම ගන්නවා. කෙල්ලගේ ඇගේම මැෂින් ගහලා . Doctors වාට කරගෙන මගේ පොඩ්ඩි . අම්මා කෙනෙක් මේවා බලාගෙන ඉන්නෙ කොහොමද . මම එහෙම බිම ඉදගත්තේ මට තවත් පොඩ්ඩි දිහා බලාගෙන ඉන්න බෑ. පොඩ්ඩි මගේ වැරදි නිසා අද දුක් විදිනවා . මට හොදටම ඇඩුනේ මගේ පොඩ්ඩි දුක් විදිනවා දැකලා .
" අයියේ මගේ පොඩ්ඩි . එයා වැරදි නොකර දුක් විදිනවා . "
" පොඩ්ඩි මුකුත් වෙන්නේ නෑ. බය වෙන්නේ නැතුව ඉන්නකො"
අයියා මමයි හොදටම ඇඩුවා . අපි ලගට නිමලි ආවා.
" දරුවා . මුලු රැම අම්මේ කිය කියයි හිටියෙ . "
" පව්කාරයෝ මගේ දරුවාට මෙහෙම ඕනෙ ඔයා නිසා . යනවා මෙතනින් "
මම අඩ අඩම නිමලි බැන්නා. එයාගේ නුවන් නිසයි මේ දේ ඕනෙ . මම යන්න කිව්වාට නිමලි ගියේ නෑ එයාත් හිටියා . මම ඉස්සිලා බැලුවේ මගේ කෙල්ල දිහා . එයා ගොඩක් අමාරුවෙන් හුස්ම ගන්නේ . Doctors ගොඩක් කලබලෙන් පොඩ්ඩි ගාවට දුවන්නේ . තව මට බලාගෙන ඉන්න බෑ . ඇයි දෙවියනේ මගේ පොඩ්ඩි මෙහෙම වුණේ . Doctor කෙනෙක් එළියට එනවා දැකලා අයියා ලගට ගියා .
" doctor මගේ දුවට කොහොමද දැන් "
" සොරි මිස්ට . අපි ගොඩක් උත්සාහ කර. එත් බෙරගන්න බැරිවුණා ."
මට එක ඇහුණේ හීනයක් වගේ . නෑ එහෙම වෙන්න බෑ. මගේ පොඩ්ඩි මාව දාලා යන්නෙ නෑ. මම කෙල්ල ගාවට ගිහින් තුරුල් කරගත්තා . මම කෑගහලා ඇඩුවා .
මගේ පොඩ්ඩි සිතල වෙලා . කෙල්ල හෙලවෙන්නෙවත් නෑ. ඇස්දෙකත් පියාගෙන පොඩ්ඩි ඉන්නවා . මගේ අහිංසකි මාව දාලා ගිහින් .
" පොඩ්ඩි මාව දාලා යන්න එපා . නැගිටින්න රත්තරන් අම්මා ආවා ඔයාගේ. ඇස් අරින්න මැණික . "
හැමොගෙම ඇස් කදුලු පිරුණත් පොඩ්ඩි ඇස් ඇරියේ නෑ. පොඩ්ඩි මාව දාලා ගිහින් . මගේ අතිතය පොඩ්ඩිගෙන් පලි අරගෙන. මම පිස්සියෙක් වගේ කෑගැහුවත් මගේ පොඩ්ඩි ඇස් ඇරියේ නෑ. එතන හිටපු අය මාව ඇදලා ගත්තා . සුදු රෙද්දෙන් මගේ පොඩ්ඩි මුහුණ වැහුවා. එතකොටම මට සිහිය නැති වුනා .
සිහිය එද්දී මගේ පොඩ්ඩි සලේ මැද්දේ ලස්සන සුදු ගවුමක් ඇදගෙන නිදගෙන ඉන්නවා. මගේ පොඩ්ඩි අත් දෙක පපුව උඩින් තියාගෙන හෙල්ලෙනවත් නැතුව ඉන්නවා . මම කොච්චර කතා කරත් මගේ දිහාවත් බලන්නේ නෑ. පොඩ්ඩි මා එක්ක තරහ වෙලා වගේ ඉන්නෙ .
පොඩ්ඩි ස්කොලේ යාළුවො ඇවිල්ලා මගේ පොඩ්ඩි බලන්න .
" පොඩ්ඩි නැගිටින්න නැගිටින්න ඔයාගේ යාළුවො ඇවිල්ලා . පොඩ්ඩි නැගිටින්න . අනේ මගේ පොඩ්ඩි . "
මොන ප්රශ්නයක් ආවත් මම ජිවත් ඕනෙ මගේ පොඩ්ඩි නිසා . ඇයි මටම මෙහෙම වෙන්නේ . මම කොච්චර ඇඩුවත් කෙල්ල ඇස් ඇරියේ නෑ. මුලු ගෙදරගෙදරම අඩනවා. නුවන් පව්කාරය මගේ දරුවා මගේන් උදුරගෙන ගියා.
මම දවස් තුනම පෙට්ටිය ගාවට වෙලා හිටියෙ . අද මගේ පොඩ්ඩි මාව දාලා යන දවස.
" නෙත්මි . බත් ටිකක් කාලා ඉන්නකො"
" මට බඩගිනි නෑ රුවන්ගි . පොඩ්ඩි නැගිට්ටමු කන්න එන්නම් .පොඩ්ඩි ගාවින් හෙල්ලෙන නෑ අද මම"
මම හොඳ සිහියෙන් නෙමෙයි හිටියේ . ගෙදර හැමොම මම දිහා බැලුවේ හරිම කරුණිකව . මට ඉන්න දිලා එයාලා පාඩුවේ හිටියේ . මගේ පොඩ්ඩි සුදු ගවුමක් ඇදගෙන මල් පොකුරක් අතේ තියාගෙන හොදටම නිදි .
" කෑගහන්න එපා මගේ පොඩ්ඩි නිදි . "
මම හැරිලා කිව්වේ නෑදෑයෝ ඉන්න පැත්තට . අයියා කදුලු පිහිදද මගේ ඇවිල්ලා මගේ ගාවින් ඉදගත්තා
" ඇයි අයියේ අඩන්නේ . පොඩ්ඩි ඇහැරෙයි. "
" පොඩ්ඩි එන්නේ නෑ මැණික අයෙත් . එයා අපිව දාලා ගියා "
අයියා මාව බදාගෙන හොදටම ඇඩුවා . කෙල්ල මාව දාලා යන්න ලෑස්ති වුණේ . කට්ට්ය ඇවිල්ලා පොඩ්ඩි පෙට්ටිය වැහුව.
" අයියේ වහන්න දෙන්න එපා. අනේ මගේ පොඩ්ඩි ගිනියන්න දෙන්නා එපා අයියේ .අනේ අයියේ "
මට සිහිය නැති වුනා අයෙත්. මට සිහිය එනකොට පොඩ්ඩිගේ අවසන් කටයුතු ඉවර කරලා . තවත් මමත් ජිවත් වෙලා වැඩක් නෑ . මම හිටියේ මගේ පොඩ්ඩි නිසා . මමත් පොඩ්ඩි ගාවට යනවා .
පොඩ්ඩි මගේ ඇඳ ගාවට ඇවිත් මගේ අතින් අල්ලා ගත්තා .
" අම්මේ අපි යමු "
මගේ පොඩ්ඩි අයෙත් මගේ ගාවට ඇවිල්ලා . අපි එළියට එනවා ගෙදර කවුරුත් දැක්කෙ නෑ. අපේ ගේ ලගම තට්ටු නවයක ගොඩනැගිල්ලක් හදනවා . පොඩ්ඩි මගේ අතින් අල්ලාගෙන අපි උඩම ගියා . කෙල්ල හරිම ලස්සනට මගේත් එක්ක හිනා වුනා . අපි අන්තිම කෙලවරටම ගිහින් හිටියේ
" අම්මා එනවද මගේත් එක්ක යන්න "
" ඔව් මගේ පොඩ්ඩි "
පොඩ්ඩි මගේ අත ඇත ඇරලා . ඇතට යනවා .
" පොඩ්ඩි යන්න එපා ඉන්න . අම්මාත් එනකන් ඉන්න රත්තරන් "
මම පොඩ්ඩි පස්සේ දිව්වා . එතකොටම මගේ කකුල ලිස්සුවා. පොඩ්ඩි ඇතටම යනවා . එයා මගේ අම්මා ගාවට ගියා .
" මමත් එනවා පොඩ්ඩි "

" අම්මා එනවද මගේත් එක්ක යන්න "
" ඔව් මගේ පොඩ්ඩි "
පොඩ්ඩි මගේ අත ඇත ඇරලා . ඇතට යනවා .
" පොඩ්ඩි යන්න එපා ඉන්න . අම්මාත් එනකන් ඉන්න රත්තරන් "
මම පොඩ්ඩි පස්සේ දිව්වා . එතකොටම මගේ කකුල ලිස්සුවා. පොඩ්ඩි ඇතටම යනවා . එයා මගේ අම්මා ගාවට ගියා .
" මමත් එනවා පොඩ්ඩි "
මම වැටෙන්න යනකොටම කවුද මගේ අතින් ඇදලා අරගෙන මගේ කම්මුලට ගැහුවා .
" ඔයාට පිස්සුද නෙත්මි . මැරෙන්න හදන්නෙ "
" මගේ පොඩ්ඩි යනවා රුවන්ගි ."
මම අඩ අඩ ඇත පෙන්නුවා . රුවන්ගි ඇවිල්ලා මගේ කදුලු පිහිදාලා මාව බදගත්තා.
" මම පොඩ්ඩි පස්සේන් ආවේ. පොඩ්ඩි මාව දාලා මගේ අම්මා ගාවට ගියා . මම එයාගේ පස්සේන් ගියේ රුවන්ගි "
" නෙත්මි. පොඩ්ඩි අයේ කවදත් එන්නේ නෑ. එයා අපි දාලා ගියා කෙල්ලේ"
" මටත් පොඩ්ඩි ගාවට යන්න ඕනෙ රුවන්ගි . මම ජිවත් ඕනෙ එයා නිසයි . දැන් මම මොකද්ද ජිවත් වෙන්නේ"
මම අඩ අඩ කිව්වා රුවන්ගිට. මට ජිවත් වෙන්න තිබ්බ එකම අරමුණ පොඩ්ඩි . මගේ පණ . මගේ ජිවිතේ . එයා නැතුව මම ඇයි තවත් ජිවත් වෙන්නේ.
" අයියා මට ඔයාව බලාගන්න කියලායි එළියට ගියේ . මම ඔයාට කිරි එකක් හදගෙන එද්දී ඔයා එළියට යනවා දැක්කෙ . ඔයාගේ පස්සේන්ම මම ආවා. එනකොට දැක්කෙ ඔයාට උඩට යනවා . මම අතින් ඇද්දේ නැත්තම් ඔයා බිම "
රුවන්ගි මාව අරගෙන ගෙදර ගියා . යද්දී අයියා ඇවිල්ල මාව හොයනවා . රුවන්ගි මාව කාමරයේ ඉන්න කියලා එයා එළියට ගියා . අයියා මගේ ඔලුව අතගාලා අයියා යන්න ගියා .
පොඩ්ඩිගේ හත් දවසේ දනේ දිලා හැමොම යන්න ගියා . මම අයියා විතරයි ගෙදර හිටියේ . මම හොඳ සිහියකින් නම් නෙමෙයි හිටියේ. මට මගේ පොඩ්ඩි නැතිවුණා කියලා හිතුනේම නෑ.
මම උදෙන්ම නැගිටලා තේ අරගෙන ගියේ ඇදුම් ටික අයන් කරන්න .
" මැණික මොකද්ද ඔයා ඔය කරන්නෙ''
අයියා බයවෙලා මගේ දිහා බලාගෙන ඇහැවේ.
" පොඩ්ඩි ස්කොලේ යන්න ඇදුම් අයන් කරනවා අයියේ . පොඩ්ඩි තේ එකත් හදගෙන ආවේ . අර බලන්න පොඩ්ඩි තම නිදි "
මම අයියාට ඇගිල්ල දික්කරලා පෙන්නුවේ ඇඳ දිහාවට . අයියා ඇඳ දිහා බලද්දී දැක්කෙ මම බොනික්කෙක් ඇදේ නිදි කරවලා . අයියා අඩ අඩ මාව බදගත්තා .
" මැණික පොඩ්ඩි අපිව දාලා ගියා. අයෙත් එන්නේ නෑ"
අයියා මට බොරු කියනවා පොඩ්ඩි ඇදේ නිදි හොදටම . අයියා office ගියේ නෑ ටික දවසක්. මම තනියෙන් කියවනවා .මම බොනික්ක හුරතල් කරා. එයාට බත් කැව්වා. නැව්වා. බොනික්කව තුරුල් කරගෙන නිදත් ගත්තා.
අයියා මගේ දිහා දවස් කිහිපයක් බලාගෙන ඉදලා මාව doctor ගාවට අරගෙන ගියා .
" ඔයාගේ නම මොකද්ද දුව"
" නෙත්මි "
" කාගෙද මේ බොනික්කා."
" බොනික්කෙක් නෙමෙයි .මේ මගේ පොඩ්ඩි doctor .මම ඉක්මනින් ගෙදර යන්න ඕනෙ . එයාට බෙහෙත් දෙන්න ඕනෙ "
අයියා හොදටම අඩනවා මගේ දිහා බලාගෙන . මාව hospital එකේ නවත්ත ගත්තා . මගේ මානසික මට්ටම හොඳ නැහැලූ . අයියා මාව හැම වෙලාවෙම බලන්න ආවා.
" අයියේ මට මෙහේ ඉන්න බෑ . මෙහේ අය මගේ පොඩ්ඩි උදුරගෙන යනවා . එයාව විසිකර අයියේ ඊයේ . පොඩ්ඩි රිදුනා "
" මැණික මේ බත් කට කන්නකො "
අයියා මාව බලන්න තුන් සැරෙම එනවා . බත් එකකුත් අරගෙන . මට කවලා . හොදටම අඩලා අයියා ගෙදර යනවා. සමහර දවසට රුවන්ගි එනවා මාව බලන්න .
නිමලි මාව බලන්න එනවා. නිමලි nurse කෙනෙක් එයා තමයි මගේ වාට්ටුවේ හිටියේ . එයා මගේ ගාවට ඇවිල්ලා ගොඩක් වෙලා අඩලා යන්නේ.

වෛද්යවරුන්ගේ උත්සාහයෙන් මට මාස හතරකින් වගේ සුව වුනා . අයියා මාව ඒ මාස හතරටම හරිම ආදරේ බලාගෙන තියනවා කියලා මට වෛද්යවරු කිව්වා . අයියා මාව ගෙදර එක්කගෙන යන්න හදද්දී එතකොටම අපි ලගට ආවේ නිමලි .
" මට සමාවෙන්න නෙත්මි . ඔයාට මෙහෙම වෙන්න මාත් හවුල්කාරයෙක් වෙලා . එදා නුවන්ට හොරෙන් මම පොඩ්ඩිව රෝහලට අරගෙන ආවා . එත් අපේ අවාසනාවකට පොඩ්ඩි නැති වුනා . "
අයියා මට කිව්වා , මම රෝහලේ ඉදිද්දි මාව බලාගෙන තියෙන්නේ නිමලි කියලා . එයා මම හිටපු වාට්ටුවේලු වැඩ කරේ . හැමොගෙම ආදරේ නිසා මට මෙච්චර ඉක්මනින් සනීප වෙන්න ඇත්තේ .
අයියා මාවත් එක්කගෙන ගෙදර ආවා . තමත් මගේ පොඩ්ඩි හැමදෙම එහෙමයි . පොඩ්ඩි සෙල්ලම් බඩු . පොඩ්ඩිගෙ පොත් මේසේ. අපේ කාමරයේ පොඩ්ඩිගෙ හැමදෙම ඒ විදිහටම තිබ්බා . පොඩ්ඩිගෙ ඇදුම් තමත් පිළිවෙළට අල්මාරියේ තියෙනවා . පොඩ්ඩිගෙ සුවද මුලු ගෙදරම තම තියෙනවා .
" මැණික මම ඔය දෙන්නා නැතුව මාස හතරක් සැහෙන්න දුක් වින්දා . මම පන්සලක් පන්සලක් ගිහින් වැදලා ඉල්ලුවේ ඔයාව හොඳ කරලා දෙන්න කියලා. "
අයියා මගේ ගාව ඉදගෙන හරිම දුකෙන් කිව්වේ . පොඩ්ඩි නැතුව ගෙවන ජිවිතේ හරිම අමාරුයි . හැමදෙකින්ම මට මතක් වෙන්නේ මගේ පොඩ්ඩිව. අහිංසක මගේ කෙල්ලා.
ඊලඟ දවසේ උදෙන්ම නැගිටලා හිතුවේ එක දෙයයි. ඒ මගේ පොඩ්ඩිව මට ඕනෙ . මම අයියා office ගියාට පස්සේ පොඩි ගමනක් ගියා.
මුලින්ම පන්සලට ගිහින් වෑන්දා . එතකොටම මම දැක්කෙ මගේ පොඩ්ඩි වගෙම ලස්සන දුවෙක් අම්මගෙයි තාත්තගෙයි අතේ එල්ලිලා බෝධිය වටේ ඇව්දිනවා. එක දකිද්දී මට මගේ පොඩ්ඩි එක්ක ආව දවස මතක්වුණෙ. එදා අපි කොච්චර සතුටින් ද පන්සල් ආවේ . අද මගේ පොඩ්ඩි මගේ ගාවත් නෑ. මම පැය දෙකක් විතර බෝධිය ලග වඩිවෙලා හිටියා. හිතට ලොකු සහනයක් දැනුනෙ .
ඊලඟ මම පොඩ්ඩි සොහොන ලගට ගියේ. එතන හොදට සුද්ද කරලා තිබ්බෙ . මම එතන බිමින් ඉදගත්තා .
" පොඩ්ඩි ඔයා අයෙත් අම්මා ගාවට එනවා නේද . මට ඔයා නැතුව ඉන්න බෑ රත්තරන් . ඇයි මගේ කෙල්ලේ ඔයා මාව දාලා ගියේ . " ,
මම හොදටම ඇඩුවා . මට පොඩ්ඩි නැතුව ඉන්න අමාරුයි . මෙහේ බලාගන්න මනුස්සය මගේ ගාවට ආවා .
" මේ සොහොන ගාවට සුදු උස මහත්තයෙක් ඇවිල්ලා හොදටම අඩලා යන්නේ. ඒ මහත්තයා මෙතන සුද්ද කරලා . ඉටිපන්දමක් පත්තු කරලා ගොඩක් වෙලා ඉදලයි යන්නේ. එතකොටම මේ නොනා කවුද "
" මේ මගේ දරුවා . එයා අපිව දාලා ගියා ."
මට තවත් ඇඩුනා. එ කියන්නේ හැමදාම අයියා දරුවගේ සොහොන ඇවිල්ලා. එයා මේ මාස හතරට කොච්චර විදවන්න ඇතිද . තමගේ ලේ නොවුනත් එයා දරුවාට කොච්චර ආදරේ කරලද.
" තව නර්ස් නොනා කෙනෙක් එනවා . එයා ගොඩක් අඩනවා. වෙන මිනිස්සුන්ට දවස් හත ගියට පස්සේ මතකත් නෑ . එත් මේ සොහොන හැමදාම වගේ අර මහත්තයා හරි නොනා හරි ඇවිල්ලා යනවා . එකයි මට එච්චරට මතක."
ඒ කියන්නේ නිමලි නිතරම ඇවිල්ලා තියනවා . තව ටිකක් වෙලා ඉදලා මම ගෙදර ගියා . මම ගෙදර යද්දී ගොඩක් හවස් වෙලා . ඉක්මනින් ගිහින් උයලා නාගෙන අයියා එනකන් බලාගෙන හිටියේ . පොඩ්ඩිගේ photo තුරුල් කරගෙන.
" මට ඔයාගේ සුවද තම දැනෙනවා මැණික . මුලු ගෙදරම ඔයාගේ මතකය විතරයි මගේ පොඩ්ඩි "
මට මගේ පොඩ්ඩි මිටවාඩ පරිස්සමෙන් බලාගන්න තිබ්බා . එතකොටම අයියාගේ වාහනේ සද්දෙට මට ඇහුණේ .
" නිදගත්තෙ නැද්ද මැණික "
" අයියා එකන් හිටියෙ මම. ඉක්මනින් wash දාගෙන එන්නකො"
අයියා ඉක්මනින් ආවා කැම මේසෙට . අපි දෙන්නම ඉදගෙන කන්න ලෑස්ති වුණේ
" අද මම කැමතිම කෑම ටිකක් නේ හදලා තියෙන්නේ "
අයියා හරි ආසවෙන් කන්න ගත්තේ . අයියා වගෙම පොඩ්ඩි මේ කැම ටිකට හරිම ආසයි . මගේ ඇස් වලින් කදුලු වැටෙන්න ගත්තේ පොඩ්ඩි මතක්වෙලා.
" අනේ මැණික අඩන්න එපා "
" මට පොඩ්ඩි මතක් වුනා අයියේ . ඔයා වගෙම එයාත් මේවාට හරිම ආසයි "
" මටත් පොඩ්ඩිව නිතර මතක් වෙනවා මැණික."
" අයියේ මට කියන්න දෙයක් තියෙනවා "
" කියන්න නංගි "
" අයියේ ......."


No comments:

Post a Comment

UNIVOTEC එක ගැන

UNIVOTEC එකේ පාඨමාලා සහ වැඩි විස්තර සදහා පහත ඇති PDF ෆයිල් එක භාවිතා කරන්න. https://drive.google.com/open?id=1zbMNZ14FNiYV2f34K91x1KqpKmid...