" අයියේ . ඔයා කොහෙද මෙහෙ"
" පොඩි වැඩ ටිකකට ආවා. එතකොටම ඔයා පාර පනිනවා දැක්කා නංගි"
" රුවන්ගි හොදින්ද අයියේ. මම ගොඩ කාලයකින් දැක්කෙ නෑනේ "
" ඔව් නංගි. රුවන්ගිට පුතෙක් ඉන්නවා . එයාලා දැන් ඉන්නෙ කොළඹ. "
" දකින්නත් ආසයි රුවන්ගිව. අක්කාත් හොදින් නේද අයියේ "
එතකොට අයියා නිහඬ වුනා. අයියාගේ මුහුණත් වෙනස් වුණේ බලාගෙන ඉදිද්දි. එ රුවන්ගිගේ අයියා පසිදු සේනානායක . කාලයක් නුවන්ගේ හොදම යාළුව.
" මොකක් හරි ප්‍රශ්නයක්ද අයියේ. අක්කා කරදරයක් නෑනේ . "
" අක්කා මාව දාලා ගියා නංගී . අපි අවුරුද්දක් වගේ හොදින් හිටියා. අපිට ළමයි නැති නිසා වෛද්‍යවරයෙක් හම්බෙන්න ගියා නංගි . එයා කිව්වා මට කවදත් දරුවෙක් හදන්න බෑ කියලා. එදා ඉදලා එයා වෙනස් වෙන්න ගත්තා"
අයියා ගොඩක් දුකෙන් මට කියාගෙන ගිහින් විනාඩියක් විතර නිහඬ වෙලා. ලොකු හුස්ම අරන් අයෙත් කතාව කියන්න පටන් ගත්තා .
" අපි දෙන්නා ගොඩක් රණ්ඩු වුනා. අක්කා වෙන සම්බන්ධයක් තියනවා කියලා මම එතකොට දැනගෙන තිබ්බෙ. දවසක් මම ගෙදර යනකොට අක්කා ඒ මිනිහා එක්ක පැනලා ගිහින් නංගි "
" මට සමාවෙන්න අයියේ මම ඒ දෙයක් නොදැන ඇහුවේ. "
" එකට කමක් නෑ නංගි. ඔයා මේ ලගද ඉන්නේ? "
" ඔව් අයියේ . අපි මේ ලග ඉන්නේ "
" එන්න නංගි මම ගෙදර ඇරලවන්නම් "
අයියාගේ වාහනේන් අපි දෙන්නා එදා ගෙදර ආවේ . ඉස්සර රුවන්ගි වගෙම අයියාත් මගේ හොදම යාළුවෙක් . එත් කොළඹින් ආවට පස්සේ අදයි මම අයියාව දැක්කෙ ආයෙමත් .
" අම්මේ ඇයි පරක්කු වුණේ මම බලාගෙන හිටියෙ "
" මගේ පොඩ්ඩි කැවද"
" ඔව් අම්මා "
කෙල්ල එහෙම කියලා මිදුලට දිව්වේ සෙල්ලම් කරන්න . අයියාට වාඩිවෙන්න කියලා මම ගියේ තේ එක්ක හදගෙන එන්න .
"කවුද කෙල්ලෙ ඒ ආව මහත්තයා "
" රුවන්ගිගේ අයියා අම්මේ. මම ස්කොලේ ඇරිලා ඉද්දි හම්බවුනේ "
මම තේ එකත් අරන් යද්දී දැක්කෙ. අයියා පොඩ්ඩි සෙල්ලම් කරනවා බලාගෙන ඉන්නවා.
" නංගිට හුරතල් දුවේක් ඉන්නවා නේද . නුවන් වගෙමයි කෙල්ල නම් නංගි . නුවන් වැඩට ගිහින්ද නංගි"
ඒ කියන්නේ අයියා මං ගැන මුකුත් දැනගෙන ඉදලා නැහැ . මම අයියාට හැමදෙම කිව්වා . අයියා හරිම උනන්දුවේන් අහගෙන හිටියා මගේ කතාවම.
" නංගිටත් මට වගෙම අදුරු අතිතයක් නේද තියෙන්නේ . නුවන් එහෙම කරයි කියලා මම කවදාවත් හිතුවෙ නෑ නංගි. මම දැන් යන්නම් නංගි . තව දවසක එන්නකො බත් ටිකක් එහෙම කාලා යන්න ."
ඔහොම දවස් ගනක් ගෙවිලා ගියේ මගේ පොඩ්ඩිගෙ හුරතලෙත් එක්ක . දවසක් මම ගුරු විවේකාගාරයේ ළමයින්ගේ පොත් වගයක් බල බල හිටියෙ . කවුද මං ගාවින් හිටගත්තා.
" නෙත්මි මිස් "
ඔහුගෙ අතේ තිබ්බ කාඩ්පතක් මට අතේ තැබුවා . ඒ ඔහුගෙ වෙඩින් කාඩ්පතයි. එහි ලියා තිබුණේ ඔහුගෙ හා අප පාසලේම තවත් ගුරුවරියගේ නමකි.
" මගේ උණුසුම් සුභ පැතුම් මිහිරන් සර්"
"ඔයාට සතුටුද නෙත්මි මිස් . මේක නේද මිස්ට ඔනේ වුණේ "
ඔහුගෙ මුහුණේ සතුටක් නොතිබුණි . එහෙත් කවදා හෝ ඔහු ගත්ත තිරණය නිවැරැදි යැයි ඔහුට වැටහේ. මා වැනි ගැහැනිය විවාහ වී ඔහු අපහාස විදිනවාට වඩා ඔහු ගත්තා තිරණය නිවැරැදි කියා.
මාස ගණනක් ගෙවි ගියේ මිහිරන් විවාහ වී අළුත් ජිවිතයක් අරම්භ කරන්න වෙන ස්කොලේකට පත්විමත් ගත්තා.
අයියාත් අපේ ගෙදර නිතරම වගේ ආවා ගියා. පොඩ්ඩිත් අයියාත් එක්ක හරියට යාළුවුනා. ඔය අතරේ අම්මාත් අපිව දාලා ගියා . හත් දවසේ දානේ දිලා හැමොම ගෙදර ගියේ අපි දෙන්නා තනිවෙද්දි. අයියාත් දානේ වැඩ ඉවර කරලා යන්න ගියේ කොළඹ වැඩ වගයක් තියෙනවා එක ටික ඉවර කරලා අනිද්දා උදෙන්ම එන්නම් කියලා . එදා රැ පොඩ්ඩි මමයි තනියමයි හිටියෙ.
" ඇරපන් මේ දොර . අද නම් උබට මගේන් බේරෙන්න බෑ. "
මේ පැත්තෙ ඉන්න මැරයෙක් . මම යන කීපදවසක් නරක විදිහට ඔහු බලනවා මා දැක තිබේ. ඔහුට මේ ගමේ සිටි හැමොම බයයි. එ මනුස්සය දොර කඩාගෙන ඇතුලට ආවා . පොඩ්ඩි මට තුරුල් වෙලා හොදටම අඩනවා.
" අනේ අපිව බේරගන්නකෝ"
" උබ් කෑගැහුවට බෙරගන්න කවුරුත් නෑ උබව. අද උබ මගේ විතරයි "
" අනේ මහත්තයො අපිට පාඩුවේ ඉන්න දෙන්න . පින් සිද්ධවෙයි."
ඒ තිරිසන මගේ පොඩ්ඩි තල්ලු කර පාර පොඩ්ඩිට සිහිය නැති වුනා .
" පව්කාරය මගේ කෙල්ලට මොකද්ද කරේ. අනේ පොඩ්ඩි කතා කරන්න "
" උබ ඉවරයි අද. මේ දවස එනකන් මම කොච්චර බලාගෙන හිටියද. "
" අත ඇරපන් මිනිහෝ. අනේ මාව බෙරගන්න . අනේ ...."
"උබ කොච්චර කෑගැහුවත් වැඩක් නෑ අද ඉවරයි උබ"
ඒ මිනිහා මාව බිත්තියට තද කරේ අයේ මට සෙලවීමට වත් අවස්ථව අහිමි කරමින් . කෙතරම් කෑගැහුවත් කවුරුත් පැමිණියේ නැත.
" පව්කාරය අත ඇරපන් මාව. "
" අත ඇරපන් මිනිහෝ. අනේ මාව බේරගන්න දෙවියනේ ...."
"උබ කොච්චර කෑගැහුවත් වැඩක් නෑ අද ඉවරයි උබ"
ඒ මිනිහා මාව බිත්තියට තද කරේ අයේ මට සෙලවීමට වත් අවස්ථව අහිමි කරමින් . කොච්චර කෑගැහුවත් කවුරුත් ආවේ නෑ
" පව්කාරය අත ඇරපන් මාව. "
මගේ කටත් තද කරේ අයෙත් කෑගන්නවත් බැරිවෙන්න. මම ඇස් දෙක පියගත්තේ
දෙවියෝ සිහිකරගෙන.අනේ දෙවියනේ මාව මේ පව්කාරයගෙන් බේරගන්න . ඇස් තද කරගෙන ඉන්නකොට ඇගට සැහැල්ලුවක් දැනුන නිසා ඇස් ඇරියහම දැක්කෙ ඒ මනුස්සය ඔලුවත් අල්ලාගෙන බිම වැටිලා ඉන්නවා . අයියා පොල්ලක් අතේ තියාගෙන මම දිහා බලාගෙන ඉන්නවා . අයියාගේ මුහුණම රතු වෙලා .
දෙවියෝ සිහිකරගෙන.අනේ දෙවියනේ මාව මේ පව්කාරයගෙන් බේරගන්න . ඇස් තද කරගෙන ඉන්නකොට ඇගට සැහැල්ලුවක් දැනුන නිසා ඇස් ඇරියහම දැක්කෙ ඒ මනුස්සය ඔලුවත් අල්ලාගෙන බිම වැටිලා ඉන්නවා . අයියා පොල්ලක් අතේ තියාගෙන මම දිහා බලාගෙන ඉන්නවා . අයියාගේ මුහුණම රතු වෙලා .
"අයියේ ඔය පව්කාරය අත අරින්න අයියේ "
අයියා හොදටම අර මිනිහාට ගහනවා
"අද මම මේ මිනිහව මරනවා නංගි"
" අනේ එපා අයියේ . ඒ මිනිහාට යන්න දෙන්න. අපි පව් පුරවා ගන්න ඕනෙ නෑ අයියේ "
" මගේ දැහැට නොපෙනී මෙතනින් පලයං . නැත්තම් උබ මගේන් ගුටිකාල මැරෙයි "
ඒ මිනිහා අමාරුවෙන් නැගිටලා ගියේ අපි දෙන්නාගෙන් පලිගන්නවා කියලා .
"අනේ අයියා මගේ පොඩ්ඩි "
" පොඩ්ඩි නැගිටින්න . අනේ මගේ පොඩ්ඩි ඇස් අරින්න"
" නංගි ගිහින් වතුර එකක් ගෙන්න "
මම අඩ අඩම වතුර එකක් අරන් අයියට ගෙනත් දුන්නා . අයියා පොඩ්ඩිගේ මුහුණට වතුර බිංදු ටිකක් දැම්මම . කෙල්ල හිමින් හිමින් ඇස් ඇරියා.
" අම්මේ අම්මේ"
" මම ඉන්නවා මගේ පොඩ්ඩියේ" . කෙල්ලව තුරුල් කරන් හොදටම ඇඩුවා .
පොඩ්ඩි මට තුරුල් වෙලා හොදටම නිදි. කෙල්ල හොදටම බයවෙලායි හිටියෙ . අඩලා අඩලම නිදාගත්තා .
" පින් අයියේ මාව බේරගත්තට. "
" දෙවියන්ටයි පින් දෙන්නා ඕන මාව මෙතනට එව්වට. මම ඔයාට call ගන්න යද්දී phone තිබ්බෙ නෑ. Phone මෙහේ දාලා ගිහින් .මම එහෙම වාහනේ හරවගෙන ආවා . එතකොටම ඇහුණේ ඔයා කෑ ගහනවා . මම එහෙම දුවලා ආවා "
" නංගි මට දෙයක් කියන්න තියෙනවා "
"මොකද්ද අයියේ "
" අපි කොළඹ යමුද? . මෙහේ කිසිම ආරක්ෂාවක් නෑ ඔයාට "
අයියා කියන්නේ ඇත්ත . ඒ මිනිහා අයෙත් දවසක අනිවාර්යයෙන් එයි. පොඩ්ඩිටයි මටයි ආරක්ෂාවක් නෑ මේ පළු ගෙදර .
" අයියාගේ අම්මා කැමති වෙන එකක් නෑ අපි එහේ එනවට"
" මම අම්මාට කිව්වා නංගි ඔය දෙන්නා ගැන. අම්මාත් කැමති වුනා ඔයාට"
" ඒ කිව්වේ අයියේ "
" මම අම්මාට කිව්වා . නංගිව මගේ වයිෆ් කරගන්න ඕනෙ කියලා. අම්මා කැමති ඕනා . අම්මා එදා ඉදලම කැමතිනේ නංගිට. රුවන්ගි බනින්නෙත් නංගි හොඳ කියලායි ඉස්සර .නංගි කැමතිද මගේ බිරිඳ වෙන්න."
අයියා වගේ කොල්ලෙක් ලබන්න සෑහෙන්න පින් කරන්න ඕනෙ . එත් මට අයියා ගැන ආදරයක් ඇති වෙලා නැහැනෙ . පොඩ්ඩිටයි මටයි මෙහේ ආරක්ෂාවක් නෑ. මම අයියාගේ යෝජනාවට කැමති වෙන්න හිතුවෙ ඒ නිසයි . අයියා මගේ පොඩ්ඩිට හොඳ තාත්තා කෙනෙක් වෙයි කියලා නම් විශ්වාසයි.
" අයියේ මම කැමති අයියාගේ බිරිඳ වෙන්න . එත් මට අයියට ආදරේ කරන්න ටික කාලයක් යයි අයියේ . එකට මට සමාවෙන්න අයියේ .
" එකට කමක් නෑ නංගි . අපි කොළඹ යමුකො."
අපිට වැඩිය බඩු තිබ්බෙත් නෑ. පොඩ්ඩිගෙ මගේ ඇදුම් ටික විතරයි . ඒ ටිකක් අරගෙන අපි එදා රෑම කොළඹ ආවා . පොඩ්ඩිට හොදටම නින්ද ගිහින් අපි කොළඹට එද්දී . අයියා කෙල්ලවත් වඩාගෙන ගේ ඇතුලට ගියේ . කෙල්ලවත් ඇඳන් තියලා අයියා කාමරයෙන් එලියට ගියා . හරිම ලස්සනයි ගෙදර . හැමදෙම හරිම පිළිවෙළට තිබ්බෙ . අද එදන් මම ජිවිතේ අළුතින් පටන් ගන්න හිතාගත්තා .
කාමරයේ දොරට තට්ටු කරන සද්දෙටයි මම ඇහැරුනේ. කෙල්ලත් මට තුරුල් වෙලා සැපට නිදි.
"නංගි ඉක්මන්ට ලෑස්ති වෙලා එන්න පොඩි ගමනක් යන්න . නංගි මේ සාරියත් ඇදගෙන එන්න "
පොඩ්ඩිවත් ඇහැරවගේන අපි ඉක්මනට ලෑස්තිවෙලා පහලට ආවා . පහල හිටපු අය දැකපු පාර මගේ ඇස් දෙකත් උඩ ගියා.
කාමරයේ දොරට තට්ටු කරන සද්දෙටයි මම ඇහැරුනේ. කෙල්ලත් මට තුරුල් වෙලා සැපට නිදි.
"නංගි ඉක්මන්ට ලෑස්ති වෙලා එන්න පොඩි ගමනක් යන්න . නංගි මේ සාරියත් ඇදගෙන එන්න "
පොඩ්ඩිවත් ඇහැරවගේන අපි ඉක්මනට ලෑස්තිවෙලා පහලට ආවා . පහල හිටපු අය දැකපු පාර මගේ ඇස් දෙකත් උඩ ගියා.
" රුවන්ගි ඔයා 😱"
" ඔව් කෙල්ලෙ. මගේ හොදම යාළුව බදින දවසේ මම නැවිත් කොහොමද "
එතකොටම මම අයියා දිහා බැලුවේ අයියා හිනාවේවි මම දිහා බලාගෙන ඉන්නවා . අයියාගේ මුහුණේ ලොකු සතුටක් තිබ්බා.
" මම නීතියෙන් මගේ කරගන්න හිතුවේ නංගී . ඊයේ රැම මම මගේ නංගිටයි අම්මාටයි එන්න කිව්වා . "
" නෙත්මි යමු නේද අපි. නැකැත් වේලාවත් ලගයි"
මගේ අතින් අල්ලාගෙන රුවන්ගි හිනාවේවි එක්කගෙන ආවේ . රුවන්ගි කියන්නේ මගේ හොදම යාළුවා . ස්කොලේ කාලේ ඉදන්ම ඉදිකට්ටයි නුලයි වගේ.
" මේ අපේ පුංචි සුරංගවිද. පුදුම ලස්සනක්නේ තියෙන්නේ මේ බොනික්කිගේ"
අයියේ අතේ හිටපු පොඩ්ඩිගෙ මුනත් මිරික මිරික රුවන්ගි කියවනවා . රුවන්ගි කියන්නේ හරිම හොද කෙල්ලෙක් .
" අද හරිම ලස්සනයි මැණික ඔයා "
අයියා කනට කරලා කියද්දී මට හොදටම ලැජ්ජා හිතුනා . මම හිනාවේලා එහෙම බිම බලාගත්තා . අද මම නීතියෙන්ම අයියාගේ . පවුලේ හැමදෙම හරිම සතුටින් හිටියෙ එදා . අපි අම්මාටත් වැදලා ආශිර්වාද ගත්තේ අපි දෙන්නාගෙ අළුත් යුගදිවියට.
රුවන්ගි මගේ අතින් ඇදගෙන ගිහින් මොකද්ද කියන්න ලෑස්ති වුනා .
" ඔයාට පින් නෙත්මි . අපේ අයියා පිස්සෙක් වගේ හිටියෙ අක්කා දාලා ගිය දවසේ ඉදන් . ඔයාව හම්බවුණට පස්සේ අයියා පුදුම සතුටකින් හිටියෙ . "
" මම දැනගෙන හිටියෙ නැහැනෙ එහෙම දෙයක් රුවන්ගි ."
" ඔව් කෙල්ලෙ අයියා divorce එක හම්බුනම ඔයාට කියන්න හිටියෙ . එතකොටම ඔයගෙ අම්මා නැතිවුණේ නෙත්මි. මගේ අයියව බලන්න කෙල්ලෙ . අයියා හරිම හොඳ කොල්ලෙක් "
" මම දන්නවා රුවන්ගි අයියා හරිම හොඳ කෙනෙක් කියලා "
" ඔය දෙන්නා මොනවාද මෙතන කරන්නේ කට්ටයම බලාගෙන ඉන්නවා ඔය දෙන්නා එනකන් කන්න "
අයියාගේ සද්දෙට අපි දෙන්නම ගැස්සිලා බැලුවේ . අපි දෙන්නත් අයියා එක්කම කෑම මේසෙට ගියා . අයියා හැමදෙම හරිම පිළිවෙළට සුදනම් කරලා තිබ්බා .
" රුවන්ගි අද ඉදලා යන්න කෙල්ලෙ . "
" මම අද යන්න ඕනෙ නෙත්මි. හෙට පුතාගෙ ස්කොලේට යන්න ඕනෙ . වෙන දවසක එන්නම්කො ඉදලා යන්න "
ආව හැමොම ගියා. මමයි අයියායි පොඩ්ඩි විතරයි ඉතිරි වුණේ . පොඩ්ඩිට පුටුව උඩම නින්ද ගිහින් .
" නංගි මම ඔයාට මැණික කියන්නද"
හා කියන්න වගේ මම ඔලුව දෙපැත්තට වැනුවා විතරයි .
" මැණික ඔයාට සතුටින් නේද . මම නම් ගොඩක් සතුටින් ඉන්නෙ . මගේ පවුල සම්පූර්ණයි. "
" මමත් ගොඩක් සතුටින් අයියේ . එත් මට අයියාට ලං වෙන්න ටිකක් කල් යයි අයියේ "
" මැණික මේ අපේ ගෙදර යතුර. දැන් මේක අයිති ඔයාට . තව දෙයක් නංගි. උඩ කාමරයේ අල්මාරයේ අක්කාගෙ ඇදුම් තිබ්බෙ . අක්කගේ අල්මාරිය නිසා මම ඇරියේ නෑ කවදාවත් . මැණික එකේ බඩු ටික අස්කරලා පොඩ්ඩිගෙ ඔයාගේ බඩු ටික දාගන්න හොදේ"
එහෙම කියලා මගේ අතින් යතුරත් තියලා . පුටුවේ හිටපු කෙල්ලත් උස්සගෙන කාමරෙට ගියා .කෙල්ලව ඇද උඩ තියලා අයියා යන්න ලෑස්ති වුනා .
" නංගි මම එහා කාමරයේ ඉන්නෙ . මොකක් හරි ප්‍රශ්නයක් නම් මට කතා කරන්න "
" ඉන්න අයියේ. අපි තුන්දෙනම මේ කාමරයේ ඉන්න පුලුවන්නේ. "
පොඩ්ඩිගෙ දෙපැත්තට වෙලා අපි දෙන්නා නිදාගත්තා . මම නැගිටිද්දි පොඩ්ඩි අයියා ලගට වෙලා නිදි. ඉක්මනින් උයලා තේ දෙකත් හදගෙන උඩට ගියේ දෙන්නව ඇහැරවන්න.
" අයියේ නැගිටින්නකො දැන් සැහෙන්න පරක්කු වෙලා "
" තව සුට්ට්ක් දෝයියන් ඕනෙ මැණික " අයියාත් හුරතල් වෙවි කියන්නේ
"දෙන්නාම මගේන් දැන් හොඳ පරක් කන්නයි හදන්නෙ නැගිටින්නයි කිව්වේ දෙන්නාටම"
අයියා නම් නැගිට්ට. පොඩ්ඩි නම් තම නිදි .
අයියා නම් නැගිට්ට. පොඩ්ඩි නම් තම නිදි .
" තේ එක හරිම රසයි මැණික . මම උදේ office යද්දී අරයා හැමදාම නිදි . මම තේ එක හදගෙන බොන්නේ. "
අයියාට අක්කාගෙන් ආදරේ හම්බවෙලාම නෑ වගේ. පව් අයියා මෙච්චර හොඳ කොල්ලෙක් වෙලත්. අයියා එහෙම washroom එකට ගියා . දැන් පොඩ්ඩිගෙ යුද්දේ තම තියෙන්නේ .
" පොඩ්ඩි මේ තේ එක බොන්න කෙල්ලේ"
" අම්මේ. ඒ මගේ තාත්තා ද?"
" ඔව් පොඩ්ඩි . ඇයි කෙල්ලෙ එහෙම ඇහුවේ "
" අම්මා කිව්වේ තාත්තා ඉන්නෙ රට වැඩ් ඉවරවෙලා මාව බලන්න එනවා කියලා "
පොඩ්ඩිගෙ කතාව අයියා අහගෙන ඉදලා . අයියා හිනාවේවි කාමරයට එනවා
" ඔව් මගේ පොඩ්ඩි මම තමයි ඔයගෙ තාත්තා . මම වැඩ ඔක්කොම ඉවර කරලා මගේ කෙල්ල බලන්න ආවා "
" එහෙනම් මගේ යාළුවන්ට කියන්න පුලුවන් මගේ තාත්තා ආවා කියලා "
" දැන් හොඳ කෙල්ල වගේ ගිහින් ලෑස්ති වෙලා එන්නකො "
කෙල්ල හරිම සතුටින් නට නට washroom දිව්වා
" අනේ පිං අයියේ ඔයාට . කෙල්ල හරිම සතුටින් ඉන්නේ."
" ඒ මගේත් දුව මැණික . මමත් දැන් තාත්තා කෙනෙක් "
පොඩ්ඩිගේ අයියාගේ ඇදුම් ටිකයි ටිකත් තියලා මම පහලට ආවේ . ඉතුරු වැඩ් ටික කරන්න ඕනෙ නිසා .
දෙන්නා ලෑස්තිවෙලා එනවා හිනාවේවි . අයියා පොඩ්ඩිවත් කොළඹ හොඳ ස්කොලේකට දැම්මා .
" අම්මේ අපි යනවා "
" මැණික අපි යනවා "
කොල්ල යනවා කිව්වාට කොල්ලට ඕනෙ කෙල්ලගේ මුහුණ බලාගෙනම office යන්න .
" යන්න එපා අයියේ ඔහොම ඉන්න මම එනකන් "
" දුවගෙන ඇවිල්ලා අයියාගේ අතින් තිබ්බා ."
අයියාගේ ඇස්වල කදුලු පිරුණේ මම අතේ තිබ්බා දෙවල් ටිකෙන් .
" මැණික අපි යනවා "
කොල්ල යනවා කිව්වාට කොල්ලට ඕනෙ කෙල්ලගේ මුහුණ බලාගෙනම office යන්න .
" යන්න එපා අයියේ ඔහොම ඉන්න මම එනකන් "
" දුවගෙන ඇවිල්ලා අයියාගේ අතින් තිබ්බා ."
අයියාගේ ඇස්වල කදුලු පිරුණේ මම අතේ තිබ්බා දෙවල් ටිකෙන් .
" අයියේ මේක උදේ බත් එක. මේක දවල් බත් එක. මෙන්න ඔරලෝසුව . ගියපු ගමන් උදේ බත් එක කන්න අයියේ "
" අක්කා කවදාවත් මේවා කරේ නෑ නංගි . මම යද්දී අක්කා හොදටම නිදි . ඔයා මගේ අම්මා වගේ මැණික . මගේ වාසනාවට මැණික ඔයාව හම්බවුනේ "
අයියාගේ ඇස්වල කදුලු . මට පව් කියලා හිතුනා අයියා ගැන. එත් අයියා ගොඩක් සතුටින් දැන් ඉන්නෙ. එයා මටත් වඩා පොඩ්ඩිට ආදරේ කරනවා .
"බුදුසරණයි දෙන්නටම "
මම දොරත් වහලා ගේ ඇතුලට ගියා . මුලු ගෙදරම පාළුයි. මගේ මාරුවත් තම හදගන්න බැරිවුණ නිසා මට ටික දවසක් ගෙදර පාළුවෙන් ඉන්න වෙන්නේ .උඩට ගියේ අල්මාරිය අස්කරලා ඇදුම් ටික දන්න . අක්කාගෙ ඇදුම් ටික අරගන්න කොට file එකක් බිම වැටුණා. එකේ report වගයක් තිබ්බෙ .
මම දිග ඇරලා බැලුවේ මොකද්ද කියලා .අයියාගේ report වගයක් . පෙරලා බලද්දී දැක්කෙ අයියාගේ ඒ report වල අයියාට කිසිම ප්‍රශ්නයක් නෑ. මම ඉක්මනට ලෑස්ති වෙලා. අයියාටත් call කරලා පොඩ්ඩක් එළියට යනවා කියලා මම doctor ගාවට ගියේ .
" doctor මේ report ටික "
මම doctor අතට report දුන්නා . ටිකක් වෙලා report බලලා doctor කතා කරන්න ගත්තා .
" මේ report වල කිසිම ප්‍රශ්නයක් නෑ . ඇයි දුව මාව හම්බෙන්න ආවේ "
" මේ report වල අයිතිකාරයට ළමයින් හදන්න බෑ කියලා කිව්වා doctor "
" නෑ දරුවො මේ report වල කිසිම ප්‍රශ්නයක් නෑ . එයාට දරුවෙක් හදන්න පුලුවන් "
අනේ පව් අයියා. එයාව කොච්චර රවට්ටලාද අක්කා . අයියාට කියන්න call ගත්තා මම.අයෙත් මම ඉක්මනින් phone තිබ්බෙ අයියා ගෙදර ආවම පුදුම කරනවා කියලා හිතාගෙන . අයියා ගෙදර එද්දී පොඩ්ඩි නිදි .
"අයියේ ඉක්මනින් wash දාලා එන්නකො . මට පෙන්න දෙයක් තියනවා අයියාට."
" මැණිකටත් දෙන්න දෙයක් තියනවා . මම ඉක්මනට එන්නකො "
අයියා පොඩ්ඩිට kiss දිලා . Wash දාගෙන ඉක්මනින් කෑම මේසෙට ආවා. අයියා මගේ අතට ලිවුමක් දුන්නේ හිනාවේවි .
" මොකද්ද අයියේ මේ"
" කඩලා බලන්නකො මැණික "
මගේ මාරුවිම හරි ගිහිල්ලා . එකත් පොඩ්ඩි යන ස්කොලේට මගේ අතේ තිබ්බ report ටික මම අයියාගේ අතට දුන්නා.
" මොකද මැණික මේ . මගේ report නේද "
"ඔව් අයියේ මේවා ඔයගෙ . ඔයාට කිසිම ප්‍රශ්නයක් නෑ කිව්වා doctor . ඔයාට දරුවෙක් හදන්න පුලුවන් අයියේ . අක්කා ඔයාට බොරු කරලා තියෙන්නේ . "
අයියා පුදුම වෙලා බලාගෙන හිටියෙ මගේ කතාව දිහා
" මම doctor ගාවට ගිහින් එද්දී අක්කාගෙ යාළුවෙක් හමුවුණා අයියේ . එයා කිව්වා අක්කාට අයියාට කලින් සම්බන්ධයක් තිබ්බලු. එක නැතිවුණාට පස්සේ අයියා එක්ක යාළුවෙලා තියෙන්නේ . ඔයාලා දෙන්නා බැන්දට පස්සේ අයෙත් අක්කා ඒ සම්බන්ධය පටන් ගෙන. මේ ඔක්කොම කරලා තියෙන්නේ එකයි අයියේ "
"මට දුකක් නෑ නංගි . මගේ වැරද්දක් නෑ කියලා ඔප්පු වුනානේ. . මට දැන් ලස්සන පවුලක් තියනවනේ. ඒ ඇති මට"
" අයියේ හැමදෙම හොඳට වෙච්චි නිසා අපි හෙට පන්සල් යමුද "
" මමත් කියන්න හිටියෙ මැණික . අපි හෙට පන්සල් යමු . මම හෙට ගෙදර ඉන්නම්. අපි හෙට ටිකක් ඇවිදින්න යමු . "
මම ගොඩක් සතුටින් ඉන්නෙ මට හොඳ දරුවෙක් හොඳ මහත්තයෙක් හැමදෙම දැන් මට ලැබිලා .
උදේම නැගිටලා ලෑස්ති ඕනෙ පන්සලට ගිහින් . පොඩ්ඩක් ඇවිලාත් එන්න . තුන්දෙනම ලස්සන සුදු ඇදුමත් ඇදගෙන අපි පන්සලට ගියා . පොඩ්ඩි අපි දෙන්නගෙ අතේ එල්ලිලා හරිම සතුටින් ගියේ .
" තාත්තේ මට අර මල් ඕනෙ "
" අම්මාත් එක්ක ඇතුලට යන්නකො මම මල් අරගෙන එන්නම් "
හොදට දැකලා පුරුදු ගැහැණු කෙනෙක් අපේ ඉස්සරහට ආවේ . එයා ගොඩක් දුකෙන් හිටියේ. එයා පහත් වෙලා පොඩ්ඩිව හුරතල් කරේ හරිම ආදරේන් . මට එයා කවුද කියලා මතක් වුණේම නෑ
" මේ ඔයාගේ බබා ද?"
" ඔව් . ඔයා බබාලාට ගොඩක් කැමති නේද "
" ඔව්. එත් මට බබෙක් නෑ . මට බබාලා හදන්න බෑ. බබෙක් හම්බෙන්න ඉදලා අනතුරකින් නැති වුනා "
පව් ගැහැණු කෙනා . එයා හරිම දුකෙන් යන්න ගියා .
" කවුද නංගි ඒ ඔයාගෙ යාළුවෙක්ද"
" නෑ අයියේ එත් දැකලා පුරුදුයි ."
අපි පන්සලෙන් එළියට එද්දී එයා කවුද කියලා දැක්කෙ . ඒ නුවන්ගේ wife . එදා නුවන් හෝටලයේ ආවේ එයා එක්ක . නුවන් අපිව දැකලා ලගට ආවා .
" ආ පසිදු උබ දැන් මම පාවිච්චි කරලා විසිකරපු දේවල්ද තියාගෙන ඉන්නෙ "
" කට වහනවා . උබ ගලක් කියලා විසිකරපු මැණික මම අහුලා ගත්තා මිනිහෝ."
මගේ ඇස් කදුලු පිරුණේ නුවන් කිව්ව කතාවට එතකොටම පොඩ්ඩි දුවගෙන ආවා අපි ගාවට . නුවන් හොදට බැලුවා පොඩ්ඩි දිහා . අයියේ අපි යමු. අයියා නුවන් අත ඇරලා ආවේ මම කිව්ව නිසා . අපි කෙලින්ම ගියේ ගෙදර . කෙල්ල බැහැලා කාමරයට දිව්වේ .
" අයියේ . මට බයයි අයියේ .නුවන් පොඩ්ඩි දිහා හොදට බැලුවා "
" බය වෙන්න එපා මැණික ."
පොඩ්ඩිව දැක්ක ඕන කෙනෙක් පේනවා ඒ නුවන්ගේ දරුවෙක් කියලා . හිතට ලොකු බයක් දැනුන මට . අපි දෙන්නා පොඩ්ඩිවත් තුරුල් කරන් නිදගත්තෙ.
ඊලඟ දවසේ උදෙන්ම අයියා office ගියා . සෙනසුරාදා නිසා පොඩ්ඩි මමයි දෙන්නම විතරයි ගෙදර හිටියේ. දොරට තට්ටු කරනවා ඇහුන නිසා දොර අරින්න හැරුණේ . අයියා file දාලා ගිහින් වෙන්න ඇති කියලා හිත හිතා. දොර අරිනකොට හිටියේ අයියා නෙමෙයි .මගේ ජිවිතේ විනාශ කර නුවන් හිටියෙ හිටගෙන .
" නුවන් ඔයා ඇයි මෙහේ . යන්න එළියට . "
" මගේ දරුවා මට ඕනෙ . කො මගේ දරුවා "
" ඔයාගේ දරුවෙක් මෙහේ නෑ . එළියට බහිනවා නුවන් . නැත්තම් මම පොලිසියට කතා කරනවා "
" මම දරුවෙක් නැතුව මෙච්චර කාලයක් දුක් වින්දා ගැහැනියේ . මගේම ලේ වලින් දරුවෙක් ඉදිද්දි මම මොකටද තව ඉන්නේ. මම ආවේ මගේ දරුවා අරගෙන යන්න "
" මෙච්චර කල් ඔය දරු සෙනෙහස කොහෙද නුවන් තිබ්බෙ . බහිනවා එළියට ."
" අම්මේ ඇයි මාව එක්ක ගෙන යන්න උඩට ආවේ නැත්තේ "
මගෙන් අහන ගමන් පොඩ්ඩි පඩිපෙළ බැහැලා එනවා. වෙනදාට මම තේ එකත් අරගෙන පොඩ්ඩි ලගට ගියම තමයි පොඩ්ඩි පහලට එන්නේ. මම නැති නිසා කෙල්ල පහලට ඇවිල්ලා .
" පොඩ්ඩි ඔයා උඩට යන්න අම්මා එන්නම් "
" එයා කොහේ යන්නද මම මගේ දරුවා අරන් යනවා. "
" ඔයාට එදා ඔය දරු කැක්කුම තිබ්බෙ නැද්ද නුවන් "
" අත අරිනව මගේ පොඩ්ඩිව. අනේ මගේ කෙල්ලව දෙන්න නුවන් "
" අනේ අම්මේ මාව ගන්නකො. අම්මේ "
" නුවන් මගේ කෙල්ල දෙන්න නුවන් "
මම නුවන් ඇගේ එල්ලිලා කෑගහද්දි නුවන් මාව තල්ලු කරලා වාහනයට නැග්ගා . කෙල්ල අඩ අඩ කෑ ගහනවා .
" අනේ මගේ පොඩ්ඩි දෙන්න නුවන් . "
" අම්මේ මාව ගන්නකො. අම්මේ ......."
No comments:
Post a Comment