පලමු කොටස
අදත් වෙනදා වගෙම පොඩ්ඩි ඇඳ උඩට පැන්නා. පොඩ්ඩිගෙ වැඩෙම ඔක තමායි. උදේ පන්දරම මගේ ඇගට පනින එක. '' මොකද්ද පොඩ්ඩියෙ කරන්නෙ'' මගෙ දගමල්ල. පොඩ්ඩියි මමයි අම්මයි විතරයි ඉන්නෙ. මම නෙත්මි විරවර්ණ. මම ගුරුවරියක්. පොඩ්ඩි ස්කොලේ යන හුරතල් දගමල්ලක්. අම්මා මාව උස්මහත් කරන්න ගොඩක් මහසි වුනා. පොඩ්ඩිටත් උගන්නගෙන අම්මත් බලාගෙන පවුලේ බර කරටත් ගන්න හිතුවෙ ගුරුපත්වීම හම්බවුණ දවසෙමයි. පොඩ්ඩි නගිටින්න මැණික.ස්කොලේ යන්නත් පරක්කු වෙනවා කෙල්ලේ. පොඩ්ඩිට මගෙ අත උඩම නින්ද ගිහින්. පොඩ්ඩිත් ඇහරගෙන. මත් ඉක්මනට ලෑස්ති වුනේ අදවත් කලින් යන්න හිතාගෙන.
අදත් පරක්කු නිසා අඩිය ඉක්මන් කරල ගියේ. නොසිතු විදියට වාහනයක් ඇවිත් මගේ ඇගෙ හැප්පුනෙ. අනෙ මගේ අත . වාහනෙන් බැහැලා ආව කෙනා මොනවාද කිව්වත් මගෙ අතේ වේදනාවට මට කිසිවක් ඇසු ඇහුණේ නෑ. අනේ ' සමාවෙන්න මිස් මම වෙන කල්පනාවකින් ආවෙ' මම ඔහු දෙසවත් නොබලා මගේ අත දෙස බලන් හිටියා පමණි. එච්චරට රිදුනා මගේ අත.
අමාරුවෙන් නැගිටන්න හැදුවාත් මට එය කරන්න බැරිවුණා. අනේ මගෙ අත. ඔහුට බැනිමට මම ඔහු දෙස බැලුවද. ඒ රුව කාලයක් මගේ මුළු ලොකෙම වුනු නුවන් විරසිංහ. මම පණමෙන් ආදරේ කර ඔහු. එදාටත් වඩා ඔහු ලස්සයි. ඇයි දෙවියන් මා සමග සෙල්ලම් කරන්නෙ. මා දැකිමට අකමැති ඒ රුව අද මගේ ඇස් ඉස්සරහම දකින්නට තරම් මම අවාසනාවන්ත වුණේ.
ඔහුගෙන් ඈත්වි ඉක්මනින් එතනින් යන්නට හැදුවාත්. මට ඇවිද ගන්නත් බෑ කකුලත් මොකද්ද වෙලා. එත් මම යද්දීම ' නෙත්මි නවතින ' යැයි කියනව පමණයි ඇසුණේ මට සිහිය නැතිවුණා.
මම හිමින් හිමින් ඇස් ඇරිද්දිම මම රෝහලේ ඇඳක් උඩ. නුවන්ත් මගේ ඇඳ ගාවට වෙලා බලාගෙන ඉන්නෙ මොකද්ද දුකක් හිතෙ තද කරගෙන.
👨 ඔයගේ අත කැඩීලා නෙත්මි. ටික දවසක් යයි අත හොද වෙන්න.
👩 මගේ අත විතරනේ කඩාගන්න බැරුව හිටියෙ . දැන් එකත් හරිනෙ නුවන් . දැන් හරි මට ඉන්න දෙන්න.
ඒ ටික කියනවත් එක්ක මගේ ඇස් වලින් කදුලු කැට පේළියට වැටුණේ මටත් හිතන්නවත් මොහොතක් ඉතිරි නොකර. මට ඒ අතීතයට යාමට අවශ්‍ය නැත. නුවන් යමක් කියන්න උත්සාහ දරන බව දැක්කත් මට එක අහන්න හිතුනෙ නැත. නුවන් යනු මගේ අතීතය එය නැවත ගොඩගැනීමට කිසිදු වුවමනවක් මට නොතිබුණි. මම නුවන් යන දෙස බලා කල්පනා කරේ මා ඔහු නිසා මේ වයසට වින්දා දුක් කන්දරාව.
මට මතක් වුණේ මගේ පොඩ්ඩිගෙ මුහුණ. උදේ මම ස්කොලේ එන්න හදද්දී කෙල්ල දුන්න බඩු ලැයිස්තුව අද මට ගිනියන්න බැරිවුණොත් කෙල්ල හෙට ස්කොලේ යන්න බෑ කියයි . රෝහලේ එලියට එනකොට දෙකටත් කෙට්ටුවුණා. ඉක්මනින් හවස පන්තිය කරන්න හිතාගෙන ගියෙ එ සල්ලී වලින් හරි පොඩ්ඩිගෙ බඩු ලැයිස්තුව ගන්න ඕනෑ නිසා. පන්තිය ඉවර කරලා කෙල්ලගේ බඩු ටිකත් අරන් ඉක්මනින් ගෙදර ගියේ ඇගේ තිබ්බා වේදනාවට ටිකක් ඇලවෙන්න හිතාගෙන.
අතේ වේදනාවට වඩා මගේ හිතේ වේදනාව වැඩි. නුවන්ගේ මතකන් සමග අතීතයේ තනිවෙන්නෙ සුන්දර මෙන්ම අසුන්දර මතකන් සමගය. නුවන් මට හමුවෙන්නෙ ගුරුවිදුහලට යන්න මසෙකට කලින්. ඒ මගෙ හොදම මිතුරිය වුන රුවනිගේ උපන්දින සාදයේ. එදා නුවන් අයියාත් ඇවිල්ලා හිටියා. රුවනිගෙ අයියාගේ හොදම යාළුවා තමයි නුවන් කියන්නේ . රුවනිගේන් මගෙ දුරකථන අංකය ඉල්ලගෙන ඊට පස්සේ දවසෙම අයියා මට කතා කරා. නොදන්නා අංකය නිසා මම ඇමතුමට සම්බන්ධ වුණේ නෑ.
"නංගී මම නුවන් . එදා රුවනිගෙ උපන්දිනය දවසෙ ඔය ලස්සනට සිංදු කිව්වා නංගී. මට ඔයත් එක්ක කතා කරන්න ආස හිතුනා "
එදා එහෙම පටන්ගෙන අදහස් හුවමාරු කරගත්ත අපි දෙන්නා මාස හයක් හොදම යාළුවො වෙලා හිටියා. මගේ උපන්දිනේ දවසේ අයියා මගෙන් යාළුවෙන්න ඇහුවා. එ වෙනකොට අයියා ගැන මට හොද පැහැදීමක් ඇතිවෙලායි තිබුණේ. අපි ආදරවන්තයන් වුනා. අයියා මට කතා කරේ මැණික කියලා. අයියා හොද පවුලක. මම අයියාට ගොඩක් ආදරේ කරා. අයියා මගේ ලොකෙම වුනා.
අපේ ආදර කතාවට අවුරුදුක් පිරුණු දවසේ අපි දෙන්නා එලියට ගියේ අපි දෙන්නගෙ සුන්දර අදරේ සමරන්න . ඔහු මගේ අතැගිලි ස්පර්ශ කළේ වෙනදාට වඩා හරිම වේගවත් . අයියා මට මොනවාද කියන්න හදනවා කියලා මට හොදටම පෙනුනා. අයියා හරිම නොසන්සුන් .
අපේ ආදර කතාවට අවුරුදුක් පිරුණු දවසේ අපි දෙන්නා එලියට ගියේ අපි දෙන්නගෙ සුන්දර අදරේ සමරන්න . ඔහු මගේ අතැගිලි ස්පර්ශ කළේ වෙනදාට වඩා හරිම වේගවත් . අයියා මට මොනවාද කියන්න හදනවා කියලා මට හොදටම පෙනුනා. අයියා හරිම නොසන්සුන් .
"මැණික මට දෙයක් කියන්න තියනවා "
අපේ ආදර කතාවට අවුරුදුක් පිරුණු දවසේ අපි දෙන්නා එලියට ගියේ අපි දෙන්නගෙ සුන්දර ආදරේ සමරන්න . ඔහු මගේ අතැගිලි ස්පර්ශ කළේ වෙනදාට වඩා හරිම වේගවත් . අයියා මට මොනවාද කියන්න හදනවා කියලා මට හොදටම පෙනුනා. අයියා හරිම නොසන්සුන් .
"මැණික මට දෙයක් කියන්න තියනවා "
"කියන්න අයියේ "
අයියා කියන්න ගියගියපු දේ නතර කරලා මොකද්ද සාක්කුවේන් අයියා එලියට ගත්තා. ලස්සනට මාලයක්. අයියා මගේ කරට දැම්මේ හරිම ආදරේන් කියලයි මට හිතුනෙ. අයියා ආයෙමත් මගෙ අතින් අල්ලාගත්තා.
" මැණික අපි තනියෙන් ඉන්න පුලුවන් තැනකට යමුද මගේ මැණික "
"අපි එහෙනම් මුහුදට යමු අයියේ "
" නෑ නෑ මැණික. මම කිව්වෙ එක නෙමෙයි "
" ඔයාට පිස්සුද අයියේ. දුප්පත් මට තියෙන්නේ ඔච්චරයි. මම අයියාගේ වුනා දවසට මම ඒ දේවල් දෙන්නම් අයියේ"
නුවන්ට කේන්ති ගියත් ඒ බවක් පෙන්නුවේ නෑ. ඔහු සිටියේ කොහොම හරි තම අරමුණ ඉටුකරගැනීමයි. නැවත ඔහුගෙ රංගනය සාර්ථක කරගැනීමට ආරම්භ කරා.
" මැණික ඔයාට මාව විශ්වාස නැහැනෙ මැණික . ඒකට කමක් නෑ මැණික අපි දැන් ගෙදර යමුකො."
නුවන්ගෙන් වෙනදා මෙන් කෙටි පණිවිඩ , දුරකථන ඇමතුම් ආවේ නම් නෑ. මේ නෙත්මි ප්‍රථම ආදරය. ඇය පණමෙන් ඔහුට ආදරේ කරා. ඇය අවසනයේ තිරණය කරෙ ඔහු නැති වෙනවාට වඩා ඔහු කියන දේට කැමති වෙන්න. ඇගේ දුරකථන ගෙන කෙටි පණිවිඩයක් යවන්න හිතුවේ.
" අනේ ඇයි අයියේ මෙහෙම කරන්නේ. මට ඔයා නැතුව ඉන්න බෑ අයියේ 😔 "
" නෑ නංගී . ඔයාට මාව විශ්වාස නැහැනෙ. "
" හරි සුදු අයියේ අපි යමු. මට ඔයාව විශ්වාසයි අයියේ . දැන්වත් කතා කරන්න මගේ අයියේ "
නුවන්ගේ අරමුණ අතිසාර්ථක විය. නුවන් හිත සතුටින් පිරි ඉතිරි ගියේ හෙට දවසෙ තමාගේ අරමුණු ඉටුවන නිසා. ආදරේන් අන්ධ වුනු නෙත්මිට නුවන් තමාට පණමෙන් ආදරේ යයි සිතුනා පමණි .
" මගේ මැණික හෙට උදෙන්ම හන්දිය ගාවට එන්න මම එතන ඉන්නවා මැණික"
" හරි අයියේ "
මුලු රැයම කල්පනා කරත් ඉතිරි වුණේ කදුලු විතරය. උදෙන්ම නැගිටලා අයියා බලන්න යන්න ලෑස්ති වුණේ පරක්කු වුනොත් අයියා බනිවි යයි බියෙන් . මම යද්දී අයියා හන්දියට වෙලා බලාගෙන ඉන්නවා.
" මැණික නගිටින්නකො වාහනයට . මගේ යාළුවෙක්ගෙ ගෙදර යමු "
අපි ඒ ගෙදරට ගියා. කවුරුත් හිටියේ නෑ එ ගෙදර .රුම් එකේ දොර වැහුව ගමන් නුවන් මාව එයාගේ ලගට ගත්තා . එදා මම ඔහුගෙ අතින් ගැහැනියක් වුනා . ටිකෙන් ටික එයා වෙනස් වුනා . එයා මාව මග ඇරිය.
දවසක් රුවන්ගි මට හමුවුණා. එ මම රෝහලට ගිය වේලාවෙ. මට පරික්ෂණ වගයක් කරගන්න. රුවන්ගි කිව්වා නුවන් අයියාට වෙන සම්බන්ධසම්බන්ධයක් තියනවා කියලා. මම විශ්වාස කරේ නෑ. එයා මාව එක්කගෙන ගිහින් පෙන්නුවා.
හෝටලයක ඉදලා අයියා වෙන කෙල්ලගේ අතේ එල්ලිලා හිනාවේවි ආව ලස්සන. මගේ අත ගියේ මගේ කුසට . අනේ මගේ දරුවා. එදා සිදුවීමෙන් මට දරුවෙක් ලැබෙන හිටියේ. එ පරික්ෂණ ටික කරන්නයි මම රෝහලට ගියේ .මම අයියා ලගට ගියේ ටිකක් කතා කරන්න හිතාගෙන . අයියා මාව දැක්කා.
"සුදු මම පොඩ්ඩක් ගිහින් එන්නම් මම වැඩ කරන තැන ලමයෙක් . මම කතා කරලා එන්නම්කෝ. සුදු වාහනේ ඉන්නකො" එ කෙල්ලට එහෙම කියලා අයියා මං ගාවට ආවා.
"අයියේ ඇයි මට මෙහෙම කරේ"
" මම උබව හම්බෙන්න තමයි හිටියේ . අර මම බදින්න ඉන්න කෙල්ල . උබ වගෙ හිගන්නියක් නෙමෙයි . උබට මම කවදාවත් ආදරේ කරේ නෑ. මගේ පස්සේන් එන්න එපා උබ "
අයියා එහෙම කියලා මාව පාරේම දාලා ගියා. මට වුමනාවක් තිබ්බෙ නෑ කියන්න මගේ කුසෙහි අයියාගේ දරුවෙක් වැඩෙනවා කියලා . ඒ වගෙ තාත්තා කෙනෙක් මගේ දරුවාට එපා. මම අයියාට රැවටුනා. එත් මගේ දරුවා එකට පලි නෑ. මම මගේ දරුවා හදනවා .
මම ගියේ අම්මා ලගට. මට වෙන යන්න තැනක් තිබ්බෙ නෑ. මම අම්මාට හැමදෙම කිව්වා. තාත්තාත් නැතුව මාව හදන්න අම්මා සෑහෙන්න දුක් වින්දා . ඒ අම්මාට තමයි මම මෙච්චර දුක් දුන්නේ. අම්මයි මමයි හොදටම ඇඩුවා .
" අනේ මගේ කෙල්ලෙ මට උබලා දෙන්නා වැඩි නැ රත්තරන් . අපි පුලුවන් විදිහට ජිවත් වෙමු කෙල්ලෙ. ගිහින් ඇදුම් මරු කරගෙන වරෙන් කෙල්ලෙ"
මාස කිහිපයක් යනකොට කුස හොදින් පෙන්න ගත්තා. එතකොට ප්‍රශ්න වැඩි වුණේ. අහල පහල මිනිස්සු සැහෙන්න අපහාස කරන්න පටන් ගත්තේ .
" කොහේ ගිහින් ලමයි හදගෙන එනවද දන්නේ නෑ" එ උඩහ ගෙදර සොම නැන්දා
" මහා ලොකුවට ඉගැන්නුවෙ . ඔය කරගෙන ඇවිල්ලා තියෙන්නේ. මේවා වෙන්න ඇති ගිහිල්ලා ඉගෙන ගන්න ඇත්තේ " පහල ගෙදර සීලවතී නැන්දා
" මේවා දැකලා අපේ පොඩිවුන් හදගන්න බැරිවෙනවා "
මේ වගේ කතා අපේ අම්මාට ඇහෙන්න හැමදාම කඩේ ලගදි කියනවා. කඩේට ගිය හැමදාම අම්මා එන්නේ කදුලු පිහිදා පිහිදා . මම අම්මාට දුන්න ගින්දරක්. මගේ වැරදි නිසා අම්මා සැහෙන්න දුක් වින්දා .
ඔහොම මාස ගණනක් ගෙවිලා ගියා. දරුවා හම්බෙන්න දිනත් සැහෙන්න ලංවෙලයි තිබ්බෙ. මට එදා හවස ටිකක් අමාරුවක් දැනුන නිසා අම්මාත් එක්ක රෝහලට ගියේ.
ඊට පස්සේ දවසේ ලස්සන දුවේක් මට හමුවුණා . ඒ තමයි මගේ පොඩ්ඩි. ඇස් දෙක නුවන් වගෙමයි. කෙල්ල නුවන් වගෙමයි .
ඊට පස්සේ දවසේ ලස්සන දුවේක් මට හමුවුණා . ඒ තමයි මගේ පොඩ්ඩි. ඇස් දෙක නුවන් වගෙමයි. කෙල්ල නුවන් වගෙමයි .
පොඩ්ඩි ඉපදිලා ටික දවසකින් මට ගුරුපත්වීම හම්බවුනේ . කෙල්ලගේ වාසනාවට තමයි . දුර පළාතක මගේ මුල්ම පත්විම හම්බවුනේ. අපි මෙහෙන් යන්න හිතුවෙ ජිවිතේ අළුතින් පටන් ගන්න හිතාගෙන.
"අම්මේ"
පොඩ්ඩි එන සද්දෙට තමයි අතීතයේ මම එලියට ආවේ. කෙල්ලගේ මුහුණ දැක්කම හැම ප්‍රශ්නයක්ම අමතක වෙලා යනවා .
" ඇයි මැණික"
"අම්මේ අද දිනුලිගේ උපන්දිනය නිසා අපිට දිනුලි කේක් දුන්නා . දිනුලි කිව්වා එයාගේ තාත්තා ලස්සන බොනික්කෙක් දුන්නා කියලා . මගේ තාත්තා කොහෙද අම්මේ"
හැමදාම මම අසරණ වෙන ප්රශ්නය.
" පොඩ්ඩිගෙ තාත්තා ඉන්නෙ දුර රටක "
" ඇයි එහෙනම් අම්මේ තාත්තා මට කතා කරන්නෙ නැත්තේ"
" තාත්තාට ගොඩක් වැඩ තියෙන්නේ පොඩ්ඩි. වැඩ ඉවර වුනාම පොඩ්ඩි බලන්න එන්නම් කිව්වා . දැන් මගේ හොඳ කෙල්ල වගෙ ගිහින් බත් කන්න "
" හා සුදු අම්මා "
හැමදාම මම මේ අහිංසකි රවට්ටනවා. පව් මගේ කෙල්ල . එහෙම නින්ද ගියේ අතේ අමාරුව වැඩිකමටයි. උදේම නැගිටලා ලෑස්ති වුණේ අද හරි ස්කොලේ යන්න ඕනෙ නිසා. අද නම් ඉක්මනින් යන්න පුලුවන් වුනා. මම යද්දී ගුරු විවේකාගාරයේ හිටියෙ මිහිරන් සර් . ඒ අපේ සංගීත සර් .
"මිස් මොකද්ද මේ අතට වෙලා තියෙන්නේ"
"ඊයේ පොඩි අනතුරක් වුනා සර්"
" මිස් මම කිව්ව දේ ගැන හිතලා බැලුවද "
" සර් මට දැන් පංතියක් තියෙනවා. මම දැන් යන්න නම්"
" ඇයි මිස් මාව මග අරින්නෙ "
" මට එක පරක් වැරදුන මිහිරන් . මම නිසා ඇයි ඔයාගේ ජිවිතේ විනාශ කරගන්නේ . මොන අම්මාවත් කැමති වෙන්නේ නෑ මම වගේ දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් බදිනවට"
"මම එවා ප්‍රශ්නයක් නෙමෙයි නෙත්මි "
" මම කැමති නෑ ඔයාට . ආයෙමත් මේවා ගැන කතා කරන්න එපා . මම යනවා පංතියට "
අවුරුදු කිහිපයක් මගේ ආදරේ ඉල්ලුව මිහිරන් සර් තමයි ඒ. ඇත්තටම ඔහු හොද මනුස්සයෙක් . එත් ඔහුගෙ ජිවිතේ මට විනාශ කරන්න ඕනෙ නෑ. ඔහු හොඳ පවුලක එකම දරුවා . ඔහුගේ දෙමාපියන් කිසිදිනෙක මා වැනි අයෙක් ලේලිය කරන්න කැමති වෙන්නේ නෑ. ස්කොලේ ඉවර වෙලා යද්දී මට කවුද කතා කරනවා වගේ ඇහුණේ .
"නංගී නංගී නංගී "
හුරුපුරුදු කටහඬක් නිසා මම හැරිලා බැලුවේ .
No comments:
Post a Comment