....නිමි .......
Friday, April 24, 2020
සෙනෙහස (by piyumi)
"අනේ මේ දසුන් මට එපා වෙලා ඔයාගෙ අම්මා එක්ක ඉදලා ඇති වෙලා කොයි වෙලෙත් එක්කො බණ කියනවා නැත්නම් ගමටම ඇහෙන්න පිරිත් දානවා කවුරු හරි හිතයි මෙතන පන්සලක් කියලා එක්කො ඔයා අම්මට මේක තේරුන් කරන්න නැත්නම් මම යනවා අපේ ගෙදර 😒😒 අනේ මනු එහෙම එපා අපි අම්මට කියලා බලමුකො😥 අපි නෙමෙයි ඔයා කියලා බලන්න😒 අම්මෙ ,ඇයි මගෙ පුතේ අම්මෙ හැමතිස්සෙම පිරිත් දාන්න එපා අම්මෙ මනු ඒකට කැමති නැ හරි පුතේ මන් ආයි දාන්නෙ නැ හරි අම්මෙ මන් වැඩට යනවා බුදු සරණයි මගෙ පුතාට පරිස්සමෙන් ගිහින් එන්න❤ මම දසුන් නානායක්කාර මගේම කියලා car sale එකක් දාලා තියෙන්නෙ මගෙ වයිෆ් මනුකි නෙහන්සා තාත්තා මන් පොඩි කාලෙදීම නැති වුනා මගෙ හැමදේටම ඉදියෙ මගෙ අම්මා තමයි හැබැයි අම්මගෙ ලේලිගෙ වලි බේරලා මට එපා වෙලා තියෙන්නෙ😥😥 මේ අහන්න අම්මෙ ඔයාට මම කියලා තියෙනවානෙ මගෙ වැඩ මම බලා ගන්නම් ඔයා ඔයාගේ පාඩුවෙ ඉන්නකො අනේ දුවේ මන් මේ පුතාගේ 👕 එක ගත්තෙ සෝදන්න ඇයි මට අත් නැත්ද හෝදන්න ඔයා හෝදනවා නෙමෙයි 👕 එක විනාස කරනවා අපිට ඇදුම් ගන්නවාට වඩා වැඩ තියෙනවා ඒක මතක තියා ගන්න මන් වැඩ ඇරිලා ගෙදර එනකොට අම්මා ඉදියෙ ගොඩක් දුකෙන් පුතෙක් නිසා මට ඒක තේරෙනවා දැනෙනවා ඇයි අම්මෙ මුකුත් නැ මයෙ පුතේ කියන්නකො අම්මෙ නැ පුතේ මගෙ වරද කියන්න අම්මෙ මොකක්ද වුනේ කියලා අම්ම කදුලු පුරවන් මට වුන සිද්ධිය කිව්වා මට කේන්ති ගියා මනු ගැන 😤😤 මනු මනු මොකද අනේ කැගහන්නෙ මොකද නෙමෙයි තමුසෙට පිස්සුද ඕයි අර අහිංසක අම්මට ඉන්න දෙනවකො පාඩුවෙ ඔව් ඔව් හරි අහිංසක අම්මා මට පේන්න බැ ඔය අම්මව නම් එහෙම කියද්දි මම මනුගේ කන හරහා පාරක් ගැහුවා මනු අඩාගෙන කාමරේට ගියා😭 මොනා කරන්නද මට අම්මත් ඕනි මනුවත් ඔනි මට හිතාගන්න බැ කිසිම දෙයක් අවුරුදු 5ක් යාලු වෙලා ඉදලා තමයි මායි මනු විවාහ වුනේ ඒ වගේමයි අම්මා මන් පුංචි කාලෙ ඉදලා දුක් මහන්සි වෙලා මාව මේ තැනට ගෙනාවෙ බොහොම අමාරුවෙන් මනු මේ අහන්නකො මන් කියන දේ මට කවුරුත් කියන ඒවා අහන්න ඕනි නැ මන් ගැන නොබැලුවට කමක් නැ අම්මා ගැන ඔයා බලන්න මන් මගෙ පාඩුවෙ ඉන්නම් අනේ මනු 😥 මනු දැන් අම්මා කෙනෙක් වෙන්න යන බව මම දැන ගත්තෙ අද මට ගොඩාක් සතුටුයි මනු මෙි අහන්න ඔයාට මොනාද ගේන්න ඕනි 🍦 ඕනි අයියෙ අනේ පුතේ 🍦 ගේන්න එපා දුවට හොදට හෙබිරිස්සාව තිබුනා මේ ටිකේම අනේ මේක මහ කරුමයක් වුනානේ මට ඕන ඒව මට කන්න බැ මම තව මොහොතක් මේ ගෙදර ඉන්නෙ නැ මම යනවා යන්න අනේ ඉන්න මනු අම්මා කියන්නෙ ඔයාගෙ හොදටනෙ ඔව් ඔව් හැමදාම අම්මා තමා හරි මම පිට ගැනිනෙ එහෙම කිව්වත් මනු හරි මුරණ්ඩුයි එයා එයාගෙ මහ ගෙදර ගියා අර බණ්ඩියත් උස්සගෙන මට මාරම දුකයි මම එදා වැඩට ගියේ නැ මොනා කරන්නද මනුගෙ ගෙදරින් මට කෝල් එකක් ආවා මේ පුතා ඔයාට දැන් අපෙ මනු කරදරයක් ද කමක් නැ පුතා අපිට අපෙ කෙල්ල වැඩ් නැ පිරිමි ඔහොම තමයි එහෙම කියලා ☎ එක කට් කලේ මට වචනයක් වත් කතා කරන්න ඉඩ නොදි මගෙ කරුමෙ මට මේ වගේ දුකක් ලැබෙන්නෙ ඒ නිසා මම ඒ ගැන හිත හිතා ඉන්න කොට 😥 පුතේ පුතේ ඇයි අම්මෙ දුව එන්නෙ නැද්ද නැ ඇයි මාත් එවෙලෙ දුකෙන් හිටියෙ ටිකක් සැරෙන් කතා කලේ අම්මට මන් පුතාට දෙයක් කියන්න ඉදියෙ ඉතින් කියන්න මම පුංචිලාගෙ ගෙදර යනවා නවතින්න දුවට මෙහෙ එන්න කියන්න අම්ම කොයෙවත් යන්න ඕනි නැ මෙන්න මෙහෙ ඉන්න අනේ පුතේ දුවට අමාරු කාලෙනෙ දුවත් එක්ක මම තරහ නැ ගිහින් දුවව එක්කන් එන්න මම හෙට යනවා පුතත් හෙට ගිහින් එක්කන් එන්න අනේ අම්මෙ අනෙ නෙමෙයි මගෙ පුතේ දුව ඉන්න තත්වෙ එක්ක මෙහෙම කරන්න එපා ගිහින් දුවව එක්කන් එන්න මට සමාවෙන්න අම්මෙ අනේ මගේ රත්තරන් පුතේ අම්මා ගොඩක් අඩලා තමයි ගෙදරින් පිට වුනේ අනේ අම්මෙ යන්න එපා පරිස්සමෙන් ඉන්න පුතේ මම ගිහින් එන්නම් අම්මා ගියාට පස්සෙ මම මනුව එක්කන් එන්න ගියා මනු හරි අමාරුවෙන් ඇවිදිනවා බලා ගෙන ඉන්න අමාරුයි 😞අපෙ පැටියා එන්න ළඟ නිසා තමා ඔහොම මම 🚗 එක නවත්තද්දි මනුට පොඩි හිනාවක් ගියා පව් කෙල්ල එවෙලෙ මට හිතුනා අම්මා අම්මා ඇයි මෙන්න දසුන් ඇවිලා ආ ඇවිල්ලද වාඩි වෙන්න ලමයො අපෙ දුව බලලා යන්නද ආවෙ නැ අම්මෙ එක්කන් යන්න ගෙදර අනේ පුතේ දුව කැමත් නැ පුතාගෙ අම්මා නිසා එහෙ යන්න හරි මම ඒක දන්නවා අපෙ අම්මා ගියා පුංචිලාගෙ ගෙදර ආ ඇත්තද අයියෙ ඔව් ආ එනම් යමු එහෙම කියලා මනු ගෙනිච්ච රෙදි සේරම අරන් 🚗 එකේ ගෙදර ආවා මනු නම් පුදුම සතුටකින් ඉන්නෙ අම්මා නැති නිසා මන් නම් මුකුත් කියන්න ගියෙ නැ මගෙ පැටියා ලැබෙන්න ඉන්න නිසා මොනා වුනත් මට හැම වෙලේම අම්මා මතක් වුනා මම මනුට හොරෙන් අම්මා බලන්න ගියා මනුව hospital ඇඩ්මිට් කරන දවස හෙට ඔක්කොම බඩු ලෑස්ති කර ගෙන ඉදියෙ මගෙ චුටි පැටියා ගැන මම හීන ගොඩක් මව මව මනු නම් කිව්වෙ😁😁 කෙල්ලෙක් නිසා දහම්සා කියලා නම දාමු කියලා මම නම් කිව්වෙ යෙහන්සා හොදයි කියලා මනුත් ඒ නමට කැමති වුනා එක පාරටම මනුට අමාරු වුනා මම ඉක්මනින් 🚗 එකේ දා ගෙන hospital අරන් ගියා ඩොක්ටර් මනුට කොහොමද මම ගොඩක් බය වෙලා ඉදියෙ පොඩ්ඩක් එන්නකො දරුවො මේකයි අපිට බබාව හරි අම්මවහරි දෙන්නගෙන් එක් කෙනාවයි බේර ගන්න පුළුවන් මගෙ හීන නැති වෙලා අනේ ඩොක්ටර් මම තීරණය කලා මනුව බේර ගන්න අනේ දෙව්යනේ මගෙ දරුවා ඇයි මෙහෙම වුනේ මගේ පැටියා මට ඕනි ඩොක්ටර් අනේ මට ඕනි මගෙ පන අනේ ඩොක්ටර් මනු වේදනාවෙන් කැ ගහනවා මොනා කරන්නද මම මට කරන්න දෙයක් නැ මනු මට සමාවෙන්න මම හිතින් එහෙම හිතුවා මනුව ගෙදර එක්කන් ආවත් එයා හරියට කෑවෙ නැ මැණික මේ අහන්න දැන් දුක් වෙන්න එපා හැමදේම හරි යයි කෝ හිනා වෙන්න ඒත් මනු අඩනවා මොනා කරන්නද මන් හිතින් අඩන හැටි දන්නව නම් මනු මැරෙයි මම හැමදේම හිතලා හිත හදා ගත්තා එක පාරට මනු මන් ගාවට ඇවිල්ලා අයියෙ අම්මව එක්කන් එමුද යකෝ මට හරි පුදුමයි මන් හිතුවා මනුට පිස්සුද නැත්නම් මට වැරදිලා ඇහුනද කියලා මොකක්ද මනු කිව්වෙ නැ මම කිව්වෙ අම්මව එක්කන් එමු කියලා පුංචිලාගෙ ගෙදර ගිහින් හා මනු අපි ගිහින් එක්කන් එමු මට නම් මාර සතුටුයි අපි දෙන්නා ගියා අම්මව එක්කන් එන්න එතකොටත් අම්මා බුදුන් වදිනවා අපි අම්මා වැදලා එනකන් බලන් ඉදියා අම්මෙි ආ පුතේ දුවත් ආවද කො පුතේ දෝණි අම්මට මන් ඒ උන දේවල් කිවුවෙ නැ මනු හැමදේම අම්මට කිව්වා අඩන්න එපා දුව හැමදේම හොදින් සිද්ද වෙයි අම්මෙ මට සමාවෙන්න අපි ගෙදර යමු මට තේරෙනවා අම්මෙ දරුවෙක්ගෙන් වෙන් වෙලා ඉන්න එකේ දුක මට මගේ දරුවා මේ ලෝකෙට එනකොටම නැති වුනා අම්මගෙන් මම ආයි කවදාවත් දසුන් අයියව ඈත් කරන්නෙ නැහැ අම්මෙ අපි ගෙදර යන් අනේ දුව මන් දුව එක්ක කිසිම තරහක් දසුන් විතරක් නෙමෙයි දුවත් මගේම දරුවෙක් යමු අපි එහෙම කියලා අපි තුන්දෙනා සතුටින් ගෙදර ආවා දැන් නම් ලේලි නැන්දම්මයි හරි එකතුයි හරියට දුවයි අම්මයි වගේ මටත් හරිම සතුටුයි දැන් නම් අපෙ පවුල ගොඩක් සතුටින් ඉන්නෙ අයියෙ මට අමාරුයි ඇයි මනු ක්ලාන්ත දාලා මනු බිමට වැටෙන්න ගියා මම බොහොම අමාරුවෙන් අල්ල ගත්තෙ අම්මේ ඇයි පුතේ මනුට සිහිය නැහැ අම්මා ඉක්මනින් වතුර ටිකක් මනුගෙ මුණට ඉස්සා මනු ඇස් ඇරියා ඇයි මැණික මට අමාරුයි ඇගට මහන්සි වගේ අයියෙ එවෙලෙම මන් මනුවත් එක්කන් බෙහෙත් ගන්න ගියා ඩොක්ටර් මනුට කොහොම ද බය වෙන්න එපා සුභ ආරංචිය මනු පෙග්නට් මට එවෙලෙ නම් පුදුම සතුටක් මම දෙවියන්ගෙන් ඉල්ලුවෙ අනේ මගෙ සතුට නැති කරන්න එපා කියලා මනුට ගොඩක් සතුටුයි අපෙ අම්මටත් ගොඩක් සතුටුයි අම්මගෙ ඇස් වලින් කදුලුත් එනවා දැන් මම හැමදේම ලැබුන සම්පූර්ණ මිනිහෙක් හැම සෙනෙහසකටම වැඩිය මව් සෙනෙහස වටින බව මනුට තේරුන් ගිය නිසා අපි දැන් සතුටින් ආදරෙයි මගෙ පවුලට හැමදාම❤
....නිමි .......
....නිමි .......
Subscribe to:
Post Comments (Atom)
UNIVOTEC එක ගැන
UNIVOTEC එකේ පාඨමාලා සහ වැඩි විස්තර සදහා පහත ඇති PDF ෆයිල් එක භාවිතා කරන්න. https://drive.google.com/open?id=1zbMNZ14FNiYV2f34K91x1KqpKmid...

-
"දැන් දොයියමුකෝ පන බලන්න වෙලාව කීයද කියල " "අනේ තව පොඩ්ඩක් ඉන්නකෝ මගෙ හොද අයියනේ" "අනේ මේ දොයියමු පිස්සු කෝලම මග...
-
කොල්ල මේ කෝපඅරන් කෑ ගහන්න වෙන මුකුත් හින්ද නෙමෙයි.....රාජතේජ ඇමති ලගට තමන් විසින් දාල තිබ්බ ගෝලයින් දෙන්නෙක් ඇමතියට අහුවෙලා තිබ්බ නිසා........
-
ඇල්බට් අයින්ස්ටයින් ගැන රස කතා 1. අයින්ස්ටයින් තම ඇදුම් ගැන කිසිම වුවමනාවක් නොදැක්වූ පුද්ගලයෙකි. පොඩි වූ දුර්වර්ණ ඇදුම් ඔහු නිතරම භාවිතා ...
No comments:
Post a Comment