Friday, April 24, 2020

ගල් බංඩයියා

බංඩයියා කාහටත් පලප්රයෝජනයක් තිබූ මනුස්ස පරානයකි. බංඩයියාගේ මුලකුරක් උපන් ගමක් අන් කිසිවෙකු තබා බංඩයියාවත් නොදනී. බාල මහලු , දුප්පත් පොහොසත් කාහටත් ඔහු බංඩයියාම විය. එය බංඩා අයියා සංධිවීමෙන් සෑදුන බංඩයියා නොව සහසුද්දෙන්ම නාමිකව බංඩයියා විය. බංඩයියා මේතරම පලප්රයෝජනවත් අයෙකු වූයේ ඔහුගේ රාජකාරිය නිසාය.
ඇත්තවශයෙන්ම බංඩයියා රජයේ රැකියාවක් කරන අයෙකු හෝ උසස් නිලයක් දරන අයෙකු නොවීය. ඔහුගේ බඩ වියත රැකුනේ කාගේ කාගේහෝ එදිනෙදා කුලියක් කරදීමෙනි. ඕනේම තැනක ඕනෑම වැඩක් පලක් කරදීමට නොපැකිලෙන ඔහු කුලිය පිලිබඳව ඒතරම් සැලකිල්ලක් දක්වන අයෙකු නොවේ. සාදාරන මුදලක් ලැබුනහොත් ඔහු කේවල් නොකරයි. ඔහුගේ වෙහෙසට සරිලන මුදලක් නොලැබුනහොත් ඒ සේවය ලබාගත් පුද්ගලයා අනුව ඔහු කේවල් කොට වේතනය ලබා ගනී. මිල මුදල් අපහසුතා ඇති අයෙකුගේනම් ලැබෙන මුදල සතුටින් බාරගන්න ඔහු ලෝබ කුම්මැහියෙකුගේනම් අනිවාර්යයෙන්ම බංඩයියා වේතනය උදෙසා සටන් වදී.
කාලයක් තිස්සෙ තාමා සේවය කල මුදලාලි මහතෙකු විසින් තම අවසාන අවදියේ කාහටත් ප්රයෝජනයක් නොවූ පර්චස් පහක පමන මඩ ගොහුරක් බංඩයියාට ලියාදී තිබූ අතර ඔහු තම කරෙන්ම බොරලු ඇද වගුර පුරවා යස අපූරුවට වරිච්චි බැද පැලක් අටවා තමන්ම වියාගත් පොල් අතු සෙවිලිකොට අපූරු ගේ පැලක් තනාවාගෙන එහි වාසය කරයි. මුදලාලි මහතාගේ විවිධවූ ඕනෑ එපාකම් ඉටුකරමින් ඔහු ලගටමවී සිට බංඩයියාට එකල " ගල් බංඩා " ලෙසින් අන්වර්ථ නාමයක්ද පටබැදී තිබූ බව අසන්නට ලැබේ. පෙනුමින් පනස්විය ඉක්මවූ අයෙකු ලෙස පෙනුනද ඔහු ඊට වඩා අඩු වයසක අයෙකු විය යුතු බවයි ඔහු කරනා වෙහෙසකර රාජකාරි දුටු අයෙකුට සිතෙන්නේ. දැඩි වෙහෙසකර ජීවන රටාව හේතුවෙන් තම වයසට වඩා වයෝවෘද්ධ පෙනුමක් ඔහුගේ මුහුනට ලැබී ඇතැයිද සිතිය හැක.
කාත් කවුරුවත් නොවූ අනාතයෙකු නිසා පෙලවහක් කරගැනීමට නොහැකිවූ බංඩයියාගේ තනියට බලු නාම්බන් හතර දෙනෙකුද, බළල් නාම්බන් හත් අට දෙනෙකුද සහයෝගයෙන් වාසය කරයි. කිසිවෙකු ලබාදෙන ආහාරයක් නොපිලිගන්නා බංඩයියාගේ පැලේ තුන් වේලටම මහා බත් හැලියක් සමග වෑංජන ඇතිලි දෙකක්ම ඉදෙන්නේ ඉන් එක් ඇතිලියක් කුනු රසට මසක් මාලුවක්, කරෝලයෙක් විසින් අයිතිකරගනිමිනි. තම සතුන් වෙනුවෙන් පමනක් එසේ පිලිහුඩුවක් උයා පිහන බව පැවසුවද බංඩයියාටද කුනු රහට යමක් නොමැතිව බත් කටක් උගුරෙන් පහලට යවාගැනීම තරමක් අපහසු කරුනකි.
ගස් ගල් බඩ ගෑවද, පෙදරේරු සහයට ගියද, අන්තිම වැසිකිලි වලක් ඉස්සද බංඩයියා උදෑසනම නා පිරිසිදුවී හොදින් සැරසී තම රාජකාරියට පිටත්ව යයි. රාජකාරියේදී තම නිල ඇදුමට මාරුවන ඔහු වැඩ අවසන නැවතත් නා පිරිසිදුවී හොදින් ඇද පැලද පිටත්ව එයි. හිතවත් මහතෙකුගෙන් තෑගි ලෙස ලැබුනු ලෙදර් බෑගයක තම අඩුම කුඩුම දමා රාජකාරියට යන ඔහුගේ මෙම මල්ලෙහි රාජකාරි ඇදුමට අමතරම තවත් ඇදුමක්, තුවායක්, සබන් , පොල් තෙල් මෙන්ම පියරු ටින් එකක්ද අඩංගුය.
කිසි දිනෙක බුලත් විටක් හෝ දුම්වැටියක් පාවිච්චි නොකරන බංඩයියා වැඩකරන තැනක උන් අයෙකු බුලත් විටක් බීඩියක් සෙවීමට අර බෑගය අදිනු දුටුවහොත් හොදවයින් දෙකක් කියා උන්ගේ දෙමාපියන්ද සිහිකොට බෑගය සගවනු ලබයි. හවසට ටවුමේ තැබෑරුම්හල වෙත පිය මනින ඔහු තරමක් හොද ලේබලයකින් කාලක් මිලදීගනී. කෙතරම් මුදල් අත ගැවසුනද කාලෙන් එහාට බිදුවක්වත් මිලදී නොගන්නා බංඩයියා කිසි දිනක කල්ලි ගැහී රහමෙර පානයට සිංහල අවුරුද්දට හෝ සම්බන්ධ නොවේ.
බුලත්විට නොකන බීඩි නොබොන නා පිරිසිදුව පිලිවෙලට සිටින අයෙකු නිසා ඔහුගේ සේවය ලබාගැනීමට ඕනෑම ඉහල තරාතිරමක අයෙකු ප්රිය කරයි. ඔහුගේ රාජකාරි කිසිදිනක වෙන අයෙකුට ලබා නොදෙන පාරිභෝගික පිරිසක්ද බංඩයියාට සිටී. කෙතරම් පිරිසිදුව ලස්සනට හැද පැලද සිටියද කෙදිනක හෝ බවලතුන් සම්බංධ කිසිම කටකතාවක් බංඩයියාට ඈදී නොමැත.
අබ්දුල් මහතා ප්රදේශයේ යමක් කමක් තිබූ කා අතරත් ප්රසිද්ධ අයෙකි. පවුලේ නෑදෑ පරපුර සියලු දෙනාම ව්යාපාරික චරිතයන් උවද අබ්දුල් මහතා වෘත්තියෙන් දිවයිනේ ප්රමුඛ පෙලේ රාජ්ය ආයතනක විධායක ශ්රේනියේ ඉහල නිලධාරියෙකි. ජාති ආගම් බේදයකින් තොරව කාහටත් උපකාර කරන නිහතමානි අයෙකු වූ අබ්දුල් මහතා මෑතක සිට තම ඉඩකඩම්වල විවිදවූ කටයුතු සදහා බංඩයියාගේ සහය ලබාගනී. අබ්දුල් මහතා බංඩයියා ගැන ඉතා හොදින් පැහැදී සිටි අතර බංඩයියාද අබ්දුල් මහතා කෙරේ විශේෂ ඇල්මක් දැක්වූවේ නිසි කලට වෙලාවට තමා බලාපොරොත්තුවනවාටත් වඩා වේතනක් ලබාදෙන බැවිනි.
පනස්විය ඉක්මවූ තරබාරු පැහැපත් සිරුරකට උරුමකම් කියන අබ්දුල් මහතා තම ආගම දහමට ඉතාමත් ලැදි අයෙකු උවද අනෙක් අය මෙන් තම ආගමික අනන්යතාව විදහා දැක්වෙන ලෙස ඇදුම් පැලදුම් හෝ රැවුල සකස් කරගත් අයෙකු නොවීය. නිතර බටහිර පන්නයේ ඇදුමින් පැලදුමින් සැරසී සිටින ඔහු සුහදශීලි අයෙකි. ඔහු සතුව සුඛෝපභෝගී නිවෙස් දෙකකි. එකක් නගරයේ පිහිටා ඇති අතර එහි අබ්දුල් මහතාගේ පලමු බිරිය හා අබ්දුල් මහතාගේ දෙමාපියන් වාසය කරයි. අනෙක් නිවස බංඩයියාගේ ග්රාමයේ පිහිටා ඇති අතර එහි අබ්දුල් මහතාගේ දෙවැනි බිරිය වූ අබ්දුල්ගේ වයසින් අඩකටත් තරමක් අඩුවූ තරුනිය හා අබ්දුල් වාසය කරයි.
ග්රාමීය සුන්දරත්වයට බෙහෙවින් ප්රියකල ඒ මහතා වැඩිමනක් රැදුනේ තම නාගරික නිවසේ නොව ග්රාමීය නිවසේය. තම ආගමෙන් ලැබී ඇති වරප්රසාදයන් නිසා නොව අබ්දුල් මහතා දෙවැනි විවාහයකට යොමුවීමට හේතුව වූයේ තම පලමු බිරියට දරුවන් නොමැතිවීමයි. දෙවනි විවාහයද අවුරුදු තුන හතරක් ඉක්මවා තිබුනද තවමත් අබ්දුල්ගේ දරුඵල සිහිනය සැබෑවී නොතිබුනේය.
මේ අතර අබ්දුල්ගේ නිවස ඉදිරිපිට ඇති කොස් ගසේ අතු කදුබෑමට හා තවත් සුලු සුලු කාරනා කීපයක් සදහා බංඩයියාට ආරාධනා ලැබුනි. උදෑසනම තම රාජකාරිය සදහා පිටත්ව ගිය බංඩයියාට අබ්දුල් මහතා අවශ්ය උපදෙස් ලබාදී පිටත්ව ගියේය.
බංඩයියාගේ වැඩකටයුතු වලට සහයවන තරමක් නෝන්ජල් පෙනුමැති තවම විසිවියද නොඉක්මවූ කොල්ලෙකි මහතුන්. කාන්තාවන් සමග පැටලී නොතිබූ බංඩයියාගේ නමට කුනක් වැටුනානම් ඒ මේ මහතුන් නිසාය. බංඩයියාගේ හා මහතුන් කොලුවාගේ ඇයිහොදයිය ගමේ බොහෝදෙනා අතර ප්රසිද්ධ කරුනකි.
දෙදෙනාගෙන් එක් අයෙකු හෝ ඊට විරුද්ධවද යමක් පවසා නොතිබූ නිසාත් බංඩයියාගේන් මහතුන්ට ලැබෙන මිල මුදල් තෑගිබෝග වරප්රසාද නිසාත් එය බොහෝදුරට ප්රත්යක්ෂ වී තිබුනි. සමහරුන් එකල බංඩයියාගේ නමට එක්ව තිබූ විශේෂන පදය දැන් මහතුන්ට එක්කොට " ගල් මහතුන් " ලෙස අමතන අවස්ථාද නැත්තේම නැත්තේය. කෙසේහෝ එදින අබ්දුල්ගේ නිවසේ කටයුතු සදහාද සහයට බංඩයියා මහතුන්ව කැටුව ගොස් තිබුනි.
වත්තේ සුලු සුලු වැඩකටයුතු මහතුන් කොලුවාට පැවරූ බංඩයියා කොස් ගහට නැග අතු කදු බෑම ආරම්භ කලේය. කොස් ගහේ හොදින් පැහුනු තරමක් විශාල කොස් ගෙඩි හත අටක්මවූ අතර කරවල පිලිහුඩු මෙන්ම කොස් කෑමටද මහත් රුචිකත්වයක් දැක්වූ බංඩයියා ඒවද සීරුවට කඩා දැමුවේය. ගහෙන් බැසගත් බංඩයියා කපා දැමූ කොස් අතු කැබලිකොට උපදෙස් ලැබූනු අයුරින් ස්ථානගත කරන ලදී.
අටු කොස්, වැලි කොස් ඇට, ඔය නොයෙකුත් ආකාරයට කොස් කල් තබාගැනීමේ ශාස්ත්රයන්ද දන්නා බංඩයියා කොස් ගෙඩි කීපය එක්තැන් කරමින් සිටියේ කොස් කපා මදුලු ගලවාගෙනම ගොස් ඒවා සකස් කර තබාගැනීමේ අදහසිනි. ඔය අතර අලුත බිම හෙලා පොතු රහිනලද කොස් දැවයක මෙන් රන් කහ පැහැයකට හුරු පියකරු මුහුනකින් හෙබි අබ්දුල් මහතාගේ තරුන බිරිය උදෑසන ලැබුනු උපදෙස් අනුව බංඩයියාට හා මහතුන්ට තේද රැගෙන බංඩයියා අසලට පැමිනියේ හිසද රෙදි පොටකින් ආවරනය කරගෙනය.
" ආ පන්ඩයියා තේ කෙනාව යේක බීලම වෙඩේ කරාන්න.."
" හා නෝනා ඕක ඔන්න ඔහෙන් තියන්න අපි බොන්නම්.." බංඩයියා ඇය දෙසවත් නොබලාව කීවේය.
කතා බහට කිසිවෙකුහෝ අහල පහල නිවෙසක නොවූ නිසාවෙන් බංඩයියා සමග හෝ වචනයක් දෙකක් දෙඩීමට රිසිවූ ඇය නැවතත් හඩ අවදි කලේය.
" යේක පන්ඩයියා ඔච්චර කොස් කාට කන්ටද අප්පා...පන්ඩයියාට ගේනු...ලමායි මුකුත්ම නේලුනේ නේද.."
එවිට බංඩයියාටද කතාවට හවුල් නොවී සිටිය නොහැකිවිය. අත තිබූ කොස් ගෙඩියද බිම තැබූ බංඩයියා ඇය දෙසට හැරුනි.
ඇය බංඩයියාගේ දහදියෙන් තෙමී තිබුනු සිරුර දුටුවේ එවිටය. නිතර වෙහෙසකර රාජකාරිවල නිරතවීම නිසාම බංඩයියාගේ සිරුර මනාව සැකසී තිබුනි. ජිම් එකක නාමයක්වත් අසා නොතිබුනද බංඩයියාගේ අත්වල මස්ගොබ හොදින් බේරී අයෝමයව වැඩී තිබුනු අතර වර්තමාන තරුනයන්ගේ සිහිනයක්වූ සික්ස් පැක්ද චොකලට් කැබලි මෙන් බේරී තිබූ අතර රෝම වැවුනු පපු පෙදෙසද හතරැස්ව පිරී වැඩී තිබුනි. ඇය ඒ දෙස කෑදර බැල්මක් හෙලනු බංඩයියා දුටුවේ නැත.
" මේකනේ නෝනා මේ කොස් සේරම කන්න ඉතින් දහයක් දොලහක් ගෙදර් උන්නත් බෑ... මේව මදුලු ඇරල කපල ලියල තම්බලා අරන් ආයේ අව්වෙ වේලාලා ගත්තම කාලයක් ඇන්න තියාගත්තැකි. ඕනෙ ඕනෙ වෙලාවට හදාන කන්න ඇහැකිනේ එතකොට ...අනික නෝනා කොස් ඉතිං දවස් තුන්සිය හැට පහේම පලගන්නෙ නෑ නොවැ..."
බංඩයියාගේ කතාවට වඩා ඔහුගේ සිරුර දෙස අවදානයෙන් සිටි ඇය තේ කෝප්පයද අතට රැගෙන..
" යේක තේ එක එල් වෙනවා පන්ඩයියා කෝ මේක පීලා හිටියානම්.."
කියා තේ කෝප්පය බංඩයියාගේ අතටම දෙමින් තවත් ඔහුට ලංවුනේය. තේ කෝප්පය අතට ගෙන පානය කරන්නටවූ බංඩයියාට තවත් ආසන්නවූ ඇය බංඩයියාගේ අතේ මස් ගොබයක් මිරිකා බලා...
" පංඩයියා යන්නේ ගෂ්..කන්නෙ කොෂ් ඒත් ගල...වගේ.....යේකට අපේ මාත්තියා යන්නෙ ඔෆිෂ්..කන්නෙ මෂ් ඒත් වැල.....වගේ..."
යැයි පවසමින් තරමක් බංඩයියාගේ ඇගේ දැවටී ඇහැක් ඉගිමරා ගේ දෙසට පිය මැන්නේය. සිදුවූ කිසිවක් අදහාගත නොහැකිවූ බංඩයියා ගල් ගැසී පිලිමයක් මෙන් සිටි අතර ගෙට ඇතුල්වන දොරකඩ ලග මදක් නැවතුනු ඇය ආපසු බලා නැවතත් ඇසකින් ඉගිමරා බංඩයියාට ඇරයුමක් කලාය. තේ කෝප්පයද බිම අතහැර බංඩයියාද නිරායාසයෙන්ම ඇය පසුපසින් නිවස තුලට ඇදෙනු මේ සියල්ල හොරැහින් බලාසිටි මහතුන්ට දැකගත හැකිවිය.
බංඩයියා ගෙට ඇතුලුවී බැලූ කල ඇය පෙනෙන්නට සිටියේ නැත. ඉවෙන් මෙන් එක් කාමරයක් කරා ඇදුනු බංඩයියා එහි දොර රෙද්ද මෑත් කර බැලුවේය. බංඩයියාගේ ඇගම හිරි වැටී ගත දාදියෙන් පෙගී ගියේ ඇගෙහි නූල් පටක්වත් නොමැතිව සයනයේ වැතිර සිටින ඇය දුටු නිසාවෙනි.
බිය මැඩගෙන ආශාව නැගඑන බව බංඩයියාට දැනුනේ තමාටත් නොදැනීම තම හින්නියා සරොන් කෙටිය එසවීමෙහි නිරතව ඇති බව දැනීමෙනි. ඔහුට සහයවීමට මෙන් බංඩයියා සරොන් කෙටිය උනා දමා එකෙනෙහිම ඇය වෙත පැන්නේය. බංඩයියාට ඇවසිවූයේ කිසි පෙර සූදානමකින් තොරවම මහා සංග්රාමයේ නිරතවීමටයි. එහෙත් ඇය ඊට ඉඩ දුන්නෙ නැහැ . තම ගත වීරිය උපරිම යොදවා බංඩයියාගේ හිසෙන් අල්ලා තම දිය උල්පත වෙත් හිස යොමුකොට දෙපයින්ම බංඩයියාගේ හිස එතැනට තද කරගත්තේය.........( වැඩි විස්තර පලකිරීමට නොහැක 😋😋😋😋).......
කල් ගතවෙත්ම බංඩයියාගේ හා මහතුන්ගේ ඇයි හොදයිය නතරවූ අතර මහතුන්ට ඔහුගෙන් ලැබුනු වරප්රසාදයන්ද නොලැබී ගියේය. නිතොරම පාහේ අබ්දුල් මහතාගේ වැඩකටයුතු සදහා නොපැකිලවම තම කාලය මිඩංගු කල බංඩයියා තම වේතනය ගැන හෝ එතරම් සැලකිල්ලක් නොදැක්වූ අතර පිට නෙවෙස් වලින් ආහාර නොගැනීමේ තම ප්රතිපත්තිය මදකට ලිහිල් කල බංඩයියා දැන් දැන් අබ්දුල් මහතාගේ නිවසින් වේලක් දෙකක් බඩට දාගැනීමට පුරුදුවී සිටී.
කාලයාගේ ඇවෑමෙන් සර්වබලධාරී දෙවියන්ගේද අනුහසින් අබ්දුල් මහතාගේ දරුඵල සිහිනය නව බිරිය හරහා සැබෑවූ අතර බංඩයියාදට දරු සිගිත්තා දුටු දිනයේ නෙතට කදුලක් ඉනුවේ නිරායාසයෙන්මය.
නිමි..


No comments:

Post a Comment

UNIVOTEC එක ගැන

UNIVOTEC එකේ පාඨමාලා සහ වැඩි විස්තර සදහා පහත ඇති PDF ෆයිල් එක භාවිතා කරන්න. https://drive.google.com/open?id=1zbMNZ14FNiYV2f34K91x1KqpKmid...