Friday, April 24, 2020

සේදිරිස් ගුරුණ්නාන්සේ

....සේදිරිස් ගුරුණ්නාන්සේ කියන්නේ ....පාරම් පරික නැටුම් ශිල්පියෙක් ....
නුවර පලාතේ ...ගම්බද පෙදෙසක ජීවත් වන මොහු....මුලු රටේම ප්‍රසිද්ධ යි....ඒ ඔහුගේ නැටුම් පරම්පරාව නිසා ....නින්ද ගම් ගොවියෙක් වන ගුරුණ්නාන්සේ ...නැටුම් ශිල්පය අතින් පරතෙර කෙල පැමිණියෙක්.....ඔහුත් එක්ක කිසිම ජගතෙකුට බෑ නැටුම් කස්‍තිරම් අල්ලන්න ....ඉතාමත් අහිංසක ගැමියෙක් වන මොහු....එකම අභිප්‍රාය මිය යන තෙක්....නුවර දලදා මාලිගාවේ පෙරහැරේ නැටීමයි....මේ වන විට අවුරුදු විසි තිස් ගනනක් නුවර පෙරහැරේ නටලා තියෙනවා කියලා ඔහුගේ ගෝල බාලයන්ට කියන්නේ මහත් උජාරුවෙන් ...ජනාධිපති සම්මාන ඇගයීම් සම්මාන ...නර්තන ය උදෙසා කල මෙහෙවර ට ලැබූ සම්මාන සහ සහතික පත් විශාල ප්‍රමාණයක් අදටත් ඔහුගේ පෙට්ටගමේ සුරක්ෂිත ව තියෙනවා ....
අගිදාහාමි තමයි ගුරුණ්නාන්සේ ගේ වාහේ....ගුරුණ්නාන්සේ ටත් වඩා....අගිදාහාමි තමයි ගුරුණ්නාන්සේ ට හම්බ වෙන ..වුන සම්මාන සහතික පත් පරිස්සම් කරන්නේ ....ගුරුණ්නාන්සේ ටත් අගිදාහාමි ටත්...තිබුන එක ම කණගාටු ව තමයි තමන්ගේ නැටුම් සාස්තරේ දෙන්න ඉදිරියට ගෙනියන්න ....දරුවෙක් නැති කම....
පෙරහැර වල් වල නටලා හම්බ වෙන සොච්චම් මුදලෙන් තමයි ඉතින් මේ දෙන්න ජීවිතේ ගැට ගහ ගත්තේ ....එහෙම නැති දවස් වල මාලිගාවෙන් හම්බ වුන නින්ද ගම් ඉඩම් වල බව බෝගයක් වවා ගෙන බත ගොයමක් හදා ගෙන වේල සරිකරගත්තා....කොච්චර නැති බැරි කම් තිබුනා ත්......ගුරුණ්නාන්සේ කවදාවත් තම ගෝල බාලයන්ට නැටුම් සාස්තරේ උගන්වලා මිල මුදලක් ගත්තේ නෑ ....හැම දේම කරේ නොමිලේ තමයි ඒක තමයි උන්නාන්සේගේ....මනුස්ස කම...මුදලට මේ සාස්තරේ දීලා සාස්තරේ කිලිටි කරන්න සේදිරිස් කැමති වුනේ නෑ ....ඔහු සිතුවේ ඒක යා දෙන්නේ නෑ කියලා තමයි .....
ගෙමේ කොල්ලෝ කුරුට්ටෝ....ගමේ කෝපි කඩේ දාං අතක් එහෙම අදිද්දී ....ගුරුණ්නාන්සේ එනවා දක්කොත් අනිවාර්යයෙන් ම ගුරුණ්නාන්සේ ට ඇහෙන්න දන්න විදිහට නැටුම් කස්තිරමක් කියනවා.....ඒ වෙලාවට සේදිරිස් ඒ කස්තිරමට අත පය විසික් කොරලා....නර්තන යක් ඉදිරිපත් කරන්නේ ....එහෙම දෙයක් ඇසෙන කොට කෙසේ වත් අතපය නිකන් තියා ගෙන ඉන්න බැරි නිසා .....ඒ වෙලාවට නොසන්ඩාල කොල්ලෙක් ගුරුණ්නාන්සේ ගේ අතපය උඩ යනවා බලලා කිහිල්ල ට අනින්නේ....ගුරුණ්නාන්සේ අවුස්සන්න ....
හු#####......කියලා තිත්ත කුණු හරප වැලක් පිටවෙන්නේ ගුරුණ්නාන්සේ ටත් නොදැනීම .....ඉතින් එතනින් පස්සේ ....එතන එකම සිනා සාගර යක් වෙනවා...මේ මොනා කරත් ගුරුණ්නාන්සේ ගමේ කොල්ලෝ කුරුට්ටෝ එක්ක විහිලුවක් තහලුවක් කරගෙන ....විනෝදෙන් ඉන්නවා .....
මෙහෙම එක්තරා දවසක....
මේ ..ඇහුනා ද ......අන්න ලියුම් කඩදහියක් ඇවිල්ලා තිබුනා රෙජිස්ටර් තැපෑලෙන් ....අගිදාහාමි ....ගෙට ගොඩ වුන තමන්ගේ මනුස්ස යට කියනවා....කොහේද ඉතින් මට අකුරු සාස්තරේ පුලුවනැයි ඕක කියවන්න ...
ඇන්න වරෙන් බලන්න ....මොකක්ද කියලා ......
ගුරුණ්නාන්සේ ලියුම් කඩදහිය...දිග ඇරලා බලලා ....බැරෑරුම් ..බවක් ආරූඪ කර ගන්නවා ....
මොකෝ කියලා තියෙන්නේ .......
විශ්වවිද්‍යාල කොල්ලෝ ටිකක් සම්මාන ය මට දෙන්න සූදානම් කරලා කියලා තියෙන්නේ ඉලග සතියේ සිකුරාදා ....ඒක ට එන්න කියලා තියෙන්නේ ....
ඉතින් යනවා......ඇන්න එනවා ඒකත් ....
උඹ නම් කියයි....අගිදාහාමි ......මට ඔය විශ්වවිද්‍යාල කොල්ලෝ කෙල්ලෝ ගැන නෑ පැහැදීමක් ....පේන්නේ නැද්ද හැම දාම පාරේමයි ස්ටයික් කර කර...බෝඩ් උස්සන්....ඉගෙන ගන්න ගියා නම් ඒ වැඩේ හරියට කරන්න ඕනි නේ....
අනික බං.......ඔය සම්මාන උත්සව වලට ගියාම කීයක් වත් දෙන්නේ නෑ නේ....සම්මානෙයි සහතිකෙයි ගමන් වියදම් කියලා සොච්චම් මුදලකුයි ....බුරියානි පැකට් එකයි....කිරි පැකට් එකයි විතරයි තමයි හම්බ වෙන්නේ....ඕක ගන්න යන්න මම කීයක් වියදම් කරන්න ඕනි ද ..බං ....
මේ....කොල්ලෝ ටිකක් නේ දෙන්නේ උන් යුතුකම් දන්නවා ...ඔහේට තනියෙන් යන්න බැරි නම් අර බන්ඩියාවත් ඇන්න යනවා.....මොක දුන්නාත් ඇරන් එනවා ....ඔහේ කරන සේවයටනේ හම්බ වෙන්නේ.....අගිදාහාමි කියන්නේ ස්ථිර හඬකින් ....අගිදාහාමි ට සතුටු පෙට්ට ගමේ තියෙන යකඩගොඩට තවත් එකක් එකතු වෙන එක .....
ම්.....මේ ගෑණි කීවොත් කීවා තමයි ....නොගියොත් ඉතින් ඊට පස්සේ කනක් ඇහිලා ඉන්න යි.....
ගුරුණ්නාන්සේ තීරණය කරනවා බන්ඩියාත් එක්ක කොලඹ යන්න ....
බන්ඩියා කියන්නේ ගුරුණ්නාන්සේ ගේ හොඳ ම ගෝලයා....කිසිම ගුරු මුෂ්ටියක් නැති ව බන්ඩියාට ගුරුණ්නාන්සේ සාස්තරේ දෙන්නේ....තමාගෙන් පස්සේ ...සාස්තරේ ඉස්සරහට ගෙනියන්න ඉන්න එකම කෙනා නිසා....බන්ඩීයාට විතරයි ගුරුණ්නාන්සේ ට උඹ බං වරෙන් පලයන් කියලා කතා කරන්න වරම් ලැබෙන්නේ....එකට හේතුවකුත් තියෙනවා ....ඒ ගුරුණ්නාන්සේ ගේ හැම හොර වැඩක් ම බන්ඩියා දන්න නිසා....
ඔන්න ඉතින් නමෝ විත්තියෙන් ....බන්ඩියා සමඟ ගුරුණ්නාන්සේ ....කොලඹ ආවා...උත්සවය තිබුනේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ......කාර් බාර් නැති නිසා විශ්වවිද්‍යාලයයන් ගාව බස් එකෙන් බැහැලා තමයි ...දෙන්න කයියක් දා ගෙන විශ්වවිද්‍යාලයට ගියේ.....
ඈ.....බං ගුරුණ්නාන්සේ .....අර බලපන් කෝ.....
ඇයි බං කෑ මොර දෙන්නේ ....
ගුරුණ්නාන්සේ ත් බැලුවේ .....බන්ඩියා ....ඇයි කෑ මොර දෙන්නේ කියලා ....
අර බලපන් කෝ උබේ නම තියෙනවා ....පෝස්ටර් ගහලා උබට විරුද්ධ ව....
ගුරුණ්නාන්සේ ත් මේ මොන වින්නැහියක් ද කියලා බලන්න බන්ඩියා ...අත දික් කරන දිහා බලනවා....
කියවපන් බලන්න මොනාද ලියලා තියෙන්නේ කියලා .....මුං උලතියන්න එපැයි එන්න කියලා මෙහෙම අවනම්බු කරනවා ද ....
සේදිරිස් ගුරුණ්නාන්සේ ලෝක බැංකුව ට රට උගස් තියයි....
ආ...බං ගුරුණ්නාන්සේ ....උබ කවදා එහෙම කරේ....ඕන් නැති වැඩක් නේ උබ කරලා තියෙන්නේ ....
අර තව එකක් තියෙනවා ....
සේදිරිස් ගුරුණ්නාන්සේ විශ්වවිද්‍යාලයට අත තබයි....තරයේ අපි හෙලා දකිමු....
ආ......බං ගුරුණ්නාන්සේ .....උබ ඇයි ඔය එක එකාට අත තියන්න යන්නේ අර ගෙදර වාහේට අත තිබ්බා නම් හරි නේ....
අර බලපන් කෝ.....තව එකක් තියෙනවා ...
සේදිරිස් ගුරුණ්නාන්සේ නිදහස් අධ්‍යාපනය වල දමයි....
උබට කෙහෙල් වලක් කපා ගන්න පණ නෑ .....උබට ඒක වල දන්න නම් පණ තියෙනවා ......බන්ඩියා තොර තෝංචියක් නැති ව කියවයි.....
ගුරුණ්නාන්සේ ට දැන් කේන්ති යෙන් පුපුරු ගහනවා....මුන් කරපු නව නිංගිරාවට.....
එතකොට තමයි ...විශ්වවිද්‍යාලයේ ....කොල්ලෝ දෙන්නෙක් එන්නේ ....
කොල්ලෝ දෙන්න ඉක්මනට ම අඳුනා ගන්නවා මෙර් අපේ ආරාධිත අමුත්තා කියලා ......
අයියෝ.....ගුරුණ්නාන්සේ ඇයි මෙතනට වෙලා...හොඳ ටම පරක්කු යි...උත්සව ය පටන් ගන්න ඔක්කෝම ලෑස්ති යි ඔබ තුමා විතරයි අඩු ....
මේ...ළමයා ..මට කියනවා අර පෝස්ටර් වල තේරුම මොකක්ද කියලා ..
අයියෝ ......ඒ ඔබතුමා පිළිගන්න ගහපු පෝස්ටර් නේ....අර බලන්න
සේදිරිස් ගුරුණ්නාන්සේ සාදරයෙන් පිළිගනිමු....කියලා තියෙන්නේ ...
ඊයේ රෑ....පෝස්ටර් අලවපු අය ඒක උඩින් වෙන පෝස්ටර් වගයක් අලවලා....ඒක නේ ඔය විදිහට පේන්නේ ...
ගුරුණ්නාන්සේ යි බන්ඩියා යි මුහුණ ට මුහුණ බලා ගත්තේ වෙච්චි වැරද්ද ට සමාවෙන්න වෙන්න කියන්න වගේ...
ඒක මිසක් .....ගුරුණ්නාන්සේ මුමුණන වා...එකල්ලා බන්ඩියා ට රවලා පෙන්නුවා...
ඉතින් ගුරුණ්නාන්සේ බොහොම උජාරුවෙන් පිළිගෙන උත්සව සභාවට අරන් ගියා...හරබර දේශන....ගුණකතා මාධ්‍යයේ ....උත්සව සභාව ඇරඹිලා....
ආ......බං ගුරුණ්නාන්සේ ....මම උබ ගැන දන්නේ නැති දේවල් පවා මේ අය දන්නවා නේ....ඔහොම යනකොට උබගේ වාහේ...කෙසේ වෙතත්...සොදෝනා හාමි ගැන ත් කියන්න බැරි නෑ .....
අම්මෝ ඉතින් ...ගුරුණ්නාන්සේ ටත්....සොදෝනා හාමී මතක් වුනා විතරයි මූණේ මල් හතක් පිපුණා .....
කට වහගෙන හිටු....පරයා......බන්ඩියා ට කොඳුරව්වා.....
ඉතින් ඔන්න සම්මානයයි...සහතිකය යි තව ලියුම් කවරෙකුත් නමෝ විත්තියෙන් ගුරුණ්නාන්සේ ට හම්බ වුනා....ගුරුණ්නාන්සේ ට පුදුම ....ලියුම් කවරයක් හම්බ වුන එක ගැන ....ගුරුණ්නාන්සේ දන්නවා එකේ තියෙන්නේ සල්ලි කියලා .....රාජ්‍ය උත්සවක නම් එහෙම හම්බ වෙන්නේ නෑ .....
ගුරුණ්නාන්සේ ට විශ්වවිද්‍යාල කොල්ලෝ කෙල්ලෝ ගැන දැනුනේ අපිරිමිත භක්ති යක්....
උත්සව...සභාව.. අවසන් වුනාට පස්සේ සියලන්ගේම සමු ගෙන ගුරුණ්නාන්සේ ත් බන්ඩියා ත් බස් එකකට ගොඩ වුනේ....සම්මාන යත් බෑගෙ එකේ දා ගෙන ...බස්..එකේ ඉඳලා ලියුම් කවරය දිග ඇරලා බලනකොට .....ගුරුණ්නාන්සේ ගේ ඇස් උඩ ගියේ එතන පනස්දාහක් තිබුන් නිසා .....නොදැනීම ඇස් වලට කඳුළු ආවා.....
නුවරට එනකොට එකම විච්ජුම්බරයක්....පේරාදෙණිය කැම්පස් එකේ කොල්ලෝ කෙල්ලො....උද්ඝෝෂණය ක් නුවර ....ඉක්මනට ම බන්ඩියා ත් එක්ක බැස්සේ .....යමක් මතක් වෙලා.....
බන්ඩියෝ........මෙන්න මේක.....අර කැටේ හොල්ලන ලමයගේ..කැටේට දාලා වරෙන් ...ගුරුණ්නාන්සේ ලියුම් කවරෙන් ගත්ත පන්දාහේ කොළ දෙකක් බන්ඩියා ගේ අත මිට මෙලෙව්වා ....
බන්ඩියා ....පුදුමෙන් බලව්වේ ......
මෙච්චර කාලයක් විශ්වවිද්‍යාල කොල්ලෝ න්ට බැන බැන හිටපු....ගුරුණ්නාන්සේ කරුණාව මොකක්ද කියලා ....
ගුරුණ්නාන්සේ ......


කියපු දේ කරහන්......ගුරුණ්නාන්සේ බන්ඩියා ට සැර වුනා.....
උඹලා කීයක් කැට හොලවන්න ඇති ද අව්වේ කර වෙවී.... වතුර උගුරක් නොබී.....මට මේ සල්ලි ටික එකතු කරන්න ......
ඇසේ කඳුළු පුරවාගෙන ගුරුණ්නාන්සේ හිතුවා.....
සමාප්තයි ......


No comments:

Post a Comment

UNIVOTEC එක ගැන

UNIVOTEC එකේ පාඨමාලා සහ වැඩි විස්තර සදහා පහත ඇති PDF ෆයිල් එක භාවිතා කරන්න. https://drive.google.com/open?id=1zbMNZ14FNiYV2f34K91x1KqpKmid...