"අනේ ගහන්න එපා හිච්චි අයියේ"
මා ගාව සල්ලි නෑනේ තියෙන ඔක්කොම දුන්නනේ
මා ගාව සල්ලි නෑනේ තියෙන ඔක්කොම දුන්නනේ
"අනේ මෙහ්" බොරු කියන්න එපා යකෝ තෝ ගාව නැත්තම් මන් ගාවද තියෙන්නේ.
"අනේ මාව ගිහින් දාන්න සීයා තාත්තා මාව හොයනව ඇති හිච්ච් අයියට පින් "
යකො තෝව ගෙනාවේ ඒම ගිහින් දාන්නද .ඔය සීයා තාත්තා තමා හෙනේ .මට මේම කරන්න උනේ ඌ හින්දා තමා මන් ඕකවත් මරලා දානවා මන් කියන දේට කැමති උනේ නැත්නම්.
අනේ එපා හිච්ච් අයියේ මට ඕන දෙයක් කරන්න. සීයා තාත්තව අතාරින්න.
අහ් එහෙමද මාර ආදරක්නේ තියෙන්නේ උබව හොයයිනේ. යකෝ මන් කෝටි දෙකක් ඉල්ලනවා .මහ ලොකු මිණිපිරීව බලමු බේරගන්න හැටි.
දැන් ගලවලා දියන් ඔය කරාබු දෙක.
අනේ මගෙ ලොකු අම්මා මාව ලොකු ලමේක් වෙච්ච වෙලේ දාපු එක.
කටවහපිය
අහ් ආ....එපා
මේ අවුරුදු එක හමාරකට ඇහිච්ච නැති නැති දෙවල් ඇහෙනකොට මාත් පොඩ්ඩක් උනන්දුවෙන් කන්දුන්නා.ඇහුනේ මෙතෙක් තාක්කල් වැහිලා තිබුනු ඉස්සරහා ගෙදරින්.ඒකත් උඩ තට්ටුවේ මගේ කාමරයට සමීපව තිබුනු එහා ගෙදර කාමරේකින්.
දැන් ඉතින් නිදහසේ ලියලත් ඉවරයි.
හයියෙන් ආ ඇඩුම ඉකිබිදුමක් වී හූල්ලන හඩට කන්දුන් මා කාමරයෙ ලයිට් එක ඕෆ් කර බැල්කනියට ආවෙමි.පැයක් ගෙවෙන්නට ඇත.නිදිදෙව්දුව මාව කිතිකවද්දී හැරුනේ නිදා ගන්නම කියලා හිත වද දෙද්දියි.
මෙතෙක් වෙලා අදුරේ තිබූ ඒ කාමරයේ විදුලි පහන් දැල්වුනේ මගෙ නින්ද මගෙන් ඈත්වෙද්දී.එහෙමම බිම ඉදගත් මා බලා උන්නේ මා ලියන කතාවට මේ දේත් හුගක් ගැලපෙන නිසා.බැල්කනියට ආ ඇය අහස දෙස බලා මොනවදො මුමුනනු ඇසුනා.හරි හැටි නෑසුනත් සමහරක් දේ ගලපගන්නට මට පුලුවන් උනා...
ඇයි මගෙ සුදු අම්මි තාත්ති මාව සීයා තාත්තා ගාව දාලා ගියේ.උපදින කොට මන් ගොඩාක් කැතද?.අම්ම්ට ගොඩක් මන් දුක් දුන්නද.ඇයි කවදාවත්ම මගේ ඉස්සරහට අවේ නැත්තෙ.
බලන්නකො අම්මි .මට ගොඩක් රිදෙනව.හිච්චි අයියා මගෙ බඩ පාගපු පාරට බාත් රූම් යන්නත් බැ දැවිල්ලයි.ලොකු අම්මා දාපු කරාබු දෙක ඇදලා ගත්ත පාරට සිදෙනවා ලෙත් එනව වගේ .අම්මට තිබුනේ මාවත් අරන් යන්නනේ.බඩකිනියි මට අම්මේ...කිරි පැකට් එකයි බිත්තර බන් එකයි හිච්චි අයියා මට අරන් දුන්නේ උදේ.අම්මා මැරිලා නෑ ඉන්නව කිවුවා .හිච්චි අයියා එක්ක ආවෙ ඒකනේ...ලොකු අම්මගෙ පුතා උනාට එයා මට ගොඩාක් රිද්දනවා .දැන් තමා මට තේරෙන්නෙ.එයා එක්කන් ඇවිත් තියෙන්නේ අම්මිව පෙන්නන්න නෙවේ.සීයා තාත්තගේ සල්ලි ටික අරගන්න .
අඩ අදුරේ උවත් ඈ සුන්දර අහින්සක කෙල්ලක් වග මට තේරුම් ගියේ ඇගේ ලාමක භාශාවත් විවිද වූ අංගචලනයන් නිසා.කොහොම උනත් කෙල්ල ලොකු රැවටීමකට අසුවී ඇති බව ඒකාන්තයෙන් මට වැටහුනා.
දිඩිස්....
කෙල්ලව බැල්කනියෙම ඇද වැටුනෙත් හිද උන් තැනින් මාව නැගිට්ටුනේත් එකපාරටම.
නොකා සිටි කතාව සිහිවුනේ මට එතකොට
මොකද කරන්නේ යනවද නැද්ද.අහක යන ටොපියක් මට පැටලෙයිද.ලියන්න ආපු පොත මෙහෙමම නතර කරන්න වෙයිද.කෙනෙක්ගෙ දුකට පිහිට වෙලා මොනතරම් අමාරුවේ වැටුනත් දරුවෝ හිතේ සැනසීම තියෙනවා ඒක නැතිවෙන්නෑ.ලොකු හාමුදුරුවෝ කිව්වත් මතකයි.මොනා හරි කන්න ගිහින් දීල එනවා.
අවසානයේදී හිත හදාගත් මා එහා බැල්කනියට පැනගත්තේ මට කන්න ගෙනාපු ඉදිආප්ප මුලත් අරගෙන.
ඈ ඉතාමත් ලස්සන සුන්දර යුවතියක්.ඒ බැව් හැගුනේ මගේ පෝන් එකේ ප්ලෑසරය කෙල්ලගේ මූනට වැටෙද්දියි.
"අනේ හිච්චි අයියේ ගහන්න එපා .මට ගොඩක් රිදෙනවා.මන් ගාව මොනවත් වෙන නෑ .මාව කාටහරි විකුනලා සල්ලි ගන්න.සීයා තාත්තට කරදර කරන්නෙ නැතුව.".
ඈ දෑත් එක්කොට වැද කියද්දී මගෙ කදුලු පිරුනු මූනට මන් පැලෑසරය අල්ලුවේ මම හිච්චි අයියා නොවන බව දන්වන්නයි.
"කවුද ඔයා"
හිචිචි අයියා නේද එවුවේ .මම දන්නවා .මට අයියා ආදරෙයි.ඔය ජරාවක් බොන්න පටන් අරගත්තට පස්සෙ තමා හැමදේම.ඔය ගැහුවට දුවන් එයි උදේට සුදු නංගි කියාගෙන.
මගෙ දෑසින් කදුලු වැටුනේ .අහින්සකී කොච්චර හිච්චි අයියට ආදරේ කරනවාදැයි දැනෙද්දී.
මම හිස වනා ගෙනාපු ඉදිආප්ප මුල ඇයට දික්කරේ හිනාවක් මගේ මූනේ මවාගෙන.හරි හදිස්සියෙන් එය ලෙහා කන්න ගත්තේ බඩකින්න ඇයට ගොඩාක් දැනී තිබුනු නිසා වෙන්නැති.
ඇයට ඉක්කා ගැසුනේත් පහලින් බයික් වල එලි පෙනුනේත් මට කරකියාගන්න දෙයක් නැතිවෙනකොට.
ඇයි ඇයි ඔයා කලබල උනේ.ඔයාව එවුවේ හිච්චි අයියා නෙමේද??
ඉක්කා ගසමින් ඈ අසුවත් පිලිතුරක් දී ගන්න මට බැරිඋනා.මම කෙල්ලට අතින් සන් කර පෙන්නුවේ අල්ලපු ගෙදර ඉන්නෙ කියා..ඇගේ ඇස් උඩ ගියා..ඊලග තප්පරේම මම එහා බැල්කනියට මාරු උනා.කරුවලේ ඉදගෙන බලන් උන්නේ ඊලගට මොනවද වෙන්නෙ කියලා.ඇයත් කකා ඉදපු ඉදිආප්ප මුල ඔතා එලියට විසිකර කාමරයට දුවනු අඩ අදුරේ උවද මට පෙනුනා.
පව් අහිංසකී ඉවරට කන්නවත් හම්බුන්නෑ...
පොලීසියට කෝල් කරලා කියනවද හරි විස්තරයක් නැතුව ඒම කරලත් බෑ .බලමු මන් විමසිල්ලෙන්ම ඉන්නවා.
කාමරෙන් විවිද චායා දුටුවත් කිසිම දෙයක් හරි හැටි මට වැටහුනේ නෑ.එක පාරටම කාමරේ ලයිට් ඕෆ් උනු නිසා මගේ අවදානය වෙනතකට යොමු උනා.
මට ඇස් ඇරුනේ සීතල වතුර ටිකක් ඇග දැවටෙන කොට.එලිවෙලා හොදටම .මට එහෙමම බැල්කනියේම නින්ද ගිහින්.එක පාරට ඊයේ රෑ සිදුවුනු සිදුවීම් මතක් වෙද්දී මම බැලුවේ අල්ලපු නිවස දෙසයි.
ඈ ඊයේ කිසිදෙයක් නොවුනු ගානට ගුටි කා තඩිස්සි වූ මූනින් හිනාවෙමින් මගෙ ඇගට වතුර විසි කරමින් උන්නා.
මම වටපිට බලනකොට
"හිච්චි අයියලා ගියා අම්මව එක්කරන් එන්න රෑට එනව කිවුවා.එතකන් මට මෙහෙම ඉන්න කිවුවා."
ඇය නැවතත් රවටා ඇති සෙයකි.ඔය කියන විදිහට ඈගේ අම්මා ඉන්නවාද
හරියට දැකලවත් නැති වචනයක් කතා කරලා නැති මා එක්ක ඇය සුහදව කතා කරන අපූරුව.මට මෙහෙමත් හිතුනා.ඈට පිස්සුවද්ද කියලා.හිච්චි අයියා හොදයිනම් ඈට ගසා කනේ කරාබුත් ගලවන් ගියේ ඇයි? ඔය කියන සීයා තාත්තා ඈව හොයනවා ඇද්ද?සියලු ප්‍රශ්න වලට පිලිතුරු ඈ ගාව තමා තියෙන්නේ .ඇහුවොත් මට කියයිද?
හලෝ මිස්ට බකමූනුස්...
ඈ මට නමකුත් තබා ඇත.ඇත්තනේ මම තාම වචනයක් කතා කලේ නෑනේ..
මගේ නම අහස්නා.මට 19 .ඉන්නෙ නුවර .
බකමූනාගෙ නම හූම්...හූම්ම් ද....
ඈ සිනාසෙමින් ඇසුවාය.සිනාසෙන විට කොතරම් සුන්දරද ඈ.
මම දෙනුවන් .වයස 25. මමනම් අනුරාධපුර. පොතක් ලියන ගමන් .මේ ගේ කුලියට ගත්තේ.නිදහසේ ලියන්න පුලුවන් නිසා.
හෝව් හෝව්....ඇති ඇති.අපෝ බකමූණා වගේම ඉන්න.ඒක හොදා..ඈ සිනාසුනාය.
ඊයේ ඇයි ඔයාට එයාලා ගැහුවේ.හිතේ කෑකෑරෙමින් තිබූ ප්‍ර්ශ්නය මම ඇය වෙත එල්ල කලෙමි.
මට හයියෙන් කෑ ගහන්න බෑ බකමූණ්ස්.මේ පැත්තට පනිනවකො.
ලද අවසරයෙන් මම එහා පැත්තට පැන්නෙමි.ඇයත් බිම වාඩිවී මටත් වාඩිවෙන්නට කීවේය.
අයියා හොද කෙනෙක් කියලා තේරුන නිසයි මම මේ දේවල් කියන්නේ.මට කාට හරි මේ දේවල් කියන්න ඕන.ඒත් විශ්වාසවන්ත නෑදෑයෙක් යාලුවෙක් කියලා මට කවුරුවත් නෑ....
ඇය හෙලූ දිග සුසුම ලොකු කතාවකට මුල පුරන බව මට වැටහුනා.
අහස්නා...හැමදේම මට කියන්න .ඔයා ලොකු ප්‍රශ්නයක ඉන්න බව මට තේරෙනවා.පුලුවන් උදවුවක් මම කරන්නම්..
උදව් එපා...ඒත් අහන් ඉන්න..
මට මගේ අම්මා තාත්තව මතක නෑ.පින්තූරයක් තමා තියෙන්නෙ.මම කවදාවත් ස්කූල් ගිහින් නෑ.ගෙදරට ටීචර්ලා ගෙනත් ඉගැන්නුවේ.තනියෙන් කොහේවත් යැවුවේ නෑ මාව.හැබැයි කිසිදෙයක් මට අඩුපාඩු තිබ්බේ නෑ.හිච්චි අයියා සීයා තාත්තා හැමදේම හොයලා බැලුවා.අම්ම තාත්තා ගැන ඇහුවාම කියන්නේ ඔයාට අවුරුදු 19 යනකම් එයාලා එන්නේ නෑලු.මගෙන් එයාලට අපලයිලු.තව දවස් දෙකකින් 19 ඉවර වෙනවා.
ඇත්තටම අයියේ ලමයිගෙන් එහෙම අම්මලට අපලයිද?
අහස්නා එකපාරටම මගෙන් අහද්දී මම අසරණ උනා..
"එහෙමත්ම නෑ ඉතින්...".
"කමක්නෑ අද රෑට බලතෑකිනේ.."
ඉතින් අහස්නා 19 ඉවර වෙන්නේ අනිද්දටනම් අදම....?
ඉන්නකෝ වදේ කියනකම්.ඇය මට විලිත්තුවාය .ඇය වෙලාවකට කෝලමකි.
හිචිචි අයියා ඩ්‍රග්ස් බොන්න පුරුදු වෙලා.එයා කරගෙන ගිය බිස්නස් කඩාගෙන වැටිලා.සීයාගෙන් කොයි වෙලෙත් සල්ලි ඉල්ලලා රන්ඩු වෙනවා.මුලින් මුලින් දුන්නත් පස්සේ සීයා තාත්තා සල්ලි දෙන එක නතර කලා.ඉතිම් හැමදාම වලි.හිච්චි අයියා ඒ දේ කොහම වෙතත් මට හරි ආදරෙන් සැලකුවා.මන් ගැන හොයලා බැලුවා .ගෙදරම ඉන්න නිසා මාසෙකට දෙපාරක් විතර මාව කොහේ හරි ඈත තියෙන පන්සල් වලට එක්ක ගෙන ගියා.
කතාව මදක් නැවතූ ඇය ඉකිබිදින්නට උනා.කතා නොකර මොකුත් නොකීවත් ඈ ලගට කිට්ටු වූ මම ඇගේ හිස අතගෑවා..එහෙමම ඇය මගේ උරහිසට බරවූවා.සමහර විට ඉන්න මානසික තත්වය උඩ ඈ එසේ හැසිරෙන්න ඇති...
ඊයේ රෑ තමා ජීවිතේ පලවෙනි පාරට හිච්චි අයියා මට අත ඉස්සුවේ.මන් අරන් ආවේ ලොකු පැන්ඩා කෙනෙක් වගේ මගේ පර්ස් එක විතරයි.හිතන්න ඇති ඒකේ සල්ලි ගොඩක් ඇති කියලා.මොකද සීයා මට නිතරම සල්ලි දුන්නා .මම ඒවා පොත් අස්සෙ දාගත්තත් කවදාවත් පර්ස් එකට දැම්මෙ නෑ.මොකද සල්ලි පොඩි කරන්න හොදනෑ කියලා ටී වී එකේ නිතරම කිවුවා. නෑ කිවුවට ඇහුවේ නෑ ගහලා කරාබු දෙක ගලෝ ගත්තා.
ඈ එකපාරටම මගේ මූන දිහා හැරිලා බලන ගමන් මගෙන් ඇහුවේ
"ඩ්‍රග්ස් ගන්න අයට ඒක නැති උනාම ඉන්න බැරිලු නේ.මම ෆිල්ම් වලත් දැකලා තියෙනවා."..
"ඒ උනාට නවත්තගන්න පුලුවන්" මම කීවෙමි.
පෙරෙදා රෑ සීයා තාත්තයි හිච්චි අයියයි ලොකු රණ්ඩුවක් උනා.මම උඩ හිටපු හින්දා මට මොකවත් තේරුන්නෑ .ටික වෙලාවකින් සීයා තාත්තා යන්න ගියා.ටික වෙලාවකින් හිච්චි අයියා කාමරේට ඇවිත්
"අහස්නා අම්මයි තාත්තයි බලන්න යන්න ලෑස්තිවෙනවා ".මාත් මොකුත් හොයන්නේ නැතිව සීයා තාත්තට කියන්නෙත් නැතුව ආවා.
ඊයේ තමයි හිච්චි අයියගේ හැටි දැනගත්තේ.මාව අරන් ඇවිත් තියෙන්නේ සීයගෙන් සල්ලි අරගන්න.ඒත් මට මගෙ අම්මිව තාත්තිවයි ගෙනත් දෙනවා කිවුවනේ මට ඒ ඇති.
ඉතින් අපි සීයා තාත්තට කෝල් එකක් ගමුකෝ.මම මගේ ෆෝන් එක ඇයට පා කීවෙමි.
"පිස්සුද බකමූනෝ එහෙම කරන්න පුලුවන් උනානම් අයියගෙන් මුලින්ම ඉල්ලන්නේ මන් පෝන් එකනේ."...
"ඇයි බැරි"
"එහෙම වෙලා සීයා පොලීසියට කෝල් කරලා කියලා අරන්චි උනොත් අම්මවයි තාත්තවයි ජීවිතේට දකින්න හම්බෙන්නෑ කියලා හිච්චි අයියා කිවුවා"
"අයියා දැන් යන්න .ගොඩක් පින් කතාව ඇහුවට.අයියා එහෙම පොලිසියට කෝල් කරන්න එපා එහෙම උනොත් මට අම්මලව බලන්න බැරිවෙනවනී."
මම කාමරයට විත් කල්පනා කලේ ඈ කොච්චර අහින්සක ලෙස රවටා ඇතිද වග යන්නයි.ඈ කියන විදිහට හිච්චි අයියා අම්මලව පෙන්නා සීයා තාත්තගෙන් සල්ලි ඉල්ලා දෙන ලෙස ඈට කියයිද.කෝකටත් මම කල්පනාවෙන් ඉන්නවා.කෙල්ලට මගෙන් ඕන හැම උදව්වක්ම දෙනවා.
රෑ 9. 30ට විතර වාහන සද්දයක් ආ නිසා විපරමින් ඒ දෙස මන් බැලුවා.දෙතුන් දෙනෙක් ගෙට ඇතුල්වනු දුටුවත් ගැහැනු කෙනෙක්නම් මා දුටුවේ නෑ.
පැයක් ගත වෙන්න ඇති දෙකක් ගත වෙන්න ඇති.කුසු කුසු සද්ද විතරක් මට ඇසුනා.ටික වෙලාවකින්
අනේ හිච්චි අයියේ මාව බේරගන්න .මෙන්න මුන් දෙන්න මගෙ ඇදුම් ගලවන්න හදනෝ අනේ හිච්චි අයියේ..
හිච්චි අයියා එනවනම් එන්න වෙලාය.ඇගේ කෑගැහිල්ල එලෙසමය.වෙන්නට යන්නේ ඈට අම්මා කෙසේ වෙතත් ඈව අම්මා කෙනෙක් කරන්න යන වග මට වැටහෙන්නට මට වැඩි වෙලාවක් ගියේ නෑ.පොල්ලක් අතට ගත් මන් අල්ලපු බැල්කනියෙන් පැන දොරත් කඩා කාමරයට ඇතුලු වූවා.දුටු දසුනින් මගේ......
අහිංසක ඈ ඉරුනු ඇදුමෙන් නිරාවරනය උණු ලැම කොට්ටයකින් වසාගෙන ඇද මුල්ලට වී අඩමින් සිටියා.කේන්තියේ අග්ගිස්සට පැමින සිටි මා දෑත බදා හිතේ හැටියට අරුන් දෙන්නට පහර දුන්නා.
කාලකණ්ණි බල්ලෝ
අනේ අයියේ එපා. අපි යන් .හිච්චි අයියා එයි.
මගෙ ඉහෙන් කටින් දාඩිය දාද්දී අරුන් දෙදෙනාගෙන් ලේ වැක්කෙරෙන්නට උනා.ඇද මුල්ලට වී අඩමින් සිටි ඈ කියන දේවල් ඇසුනෙ හිතෙ හැටියට මන් අරුන් දෙන්නට තැලුවට පසුවයි.
අනේ අයියේ ඕකුන් මැරෙයි ...
පහර දෙන එක නවතා මා ඇද උන් ෂටය ගලවා ඈ වෙත පෑ මා අහක බලාගත්තා.
අනේ අයියේ මාව සීයා තාත්තා ගාවට ගිනිහින් දාන්න .අයියට පින්.
අනේ අහස්නා මන් ගොඩක් පරක්කු උනා .එන්න යන්.
මා දුන් ශටයත් ඇද මගෙ ලගට ඇවිත් ඈ.
හිච්චි අයියා ඇති පහල
යමුකො මන් ඉන්නවනේ.
අත රැදි පොල්ල තවත් අතේ හිර කරන් අනිත් අතින් අහස්නවත් අල්ලාගෙන අනිත් පැත්ත හැරුනෙමි.
සීයා තාත්තා
අහස්නා මාවත් ඇතැර පැමිණ තිබු වයසක මෑන්ගෙ ගෙල බදාගත්තා.
බලන්න සීයා තාත්තා මාව හිච්චි අයියා ....
එපමනයි පැවසීමට ඇයට හැකිඋනේ....වයසක මෑන් ඈව තල්ලු කර
ගොන් මෝඩි තෝ ඔක්කොම අවුල් කලා.අවුරුදු 19 තෝව රැක්කෙ නිකම් නෙවී.කෝටි ගානක දේපල යකෝ...
අහස්නා පස්සෙන් පස්සට වී මගේ ඇග වැදී නතර ඌවා..
සීයා තාත්තා..
කොහේ තියෙන ඃතිකම්ද බැල්ලියේ...
ප්‍රශ්නෙකට හිටිය හිච්චියටත් එන ගමන් ඔලුවටම තියලයි ආවේ.. වෙඩිතියන්න දෙයක් තිබ්බෙ නෑ ඌ ඒතරම් ඩ්‍රගස් ගහලා.ඒත් මන් ඌවත් මරලයි ආවේ.
සීයා තාත්තා ඔයා..
ඈ කෑ ගසා ඇඩුවාය.
ඔවු යකෝ මන්. තෝ මේ ඔක්කොටම අත්සන් කරපිය..මැරුම් නොකා..
තවත් මට ඉවසා ඉන්නට බැරි තැන
අංකල් ඇයි මේම කරන්නේ බලන්න දැනුත් මට කිවුවේ සීයා තාත්තා ගාවට එක්කන් යන්න කියලා.මොනවද මේ කියන්නෙ..
තො තමා ඔක්කොම විනාසකලේ..හැමදේම හොදට උනා..පර බල්ලා..තොට මන්..
අංකල් එල්ල කල වෙඩි පහර මගෙ පපුව සිදුරු කලේ ඉහලට ගත්ත පොල්ල අතින් ඇතෑරෙද්දී.
අයියා .....ආඅ...
අහස්නගේ අදෝනාව ඇසුනේ මට ගොඩාක් ඈතින්....එහෙමම මාව බිම ඇද වැටුනා..
මට සිහිය ආවේ ඉස්පිරිතාලෙක ඇදක් උඩ..එතකොටත් දින තුනක් ගෙවී ගිහින්.
ඔයාට මේක...
නර්ස් කෙනෙක් මගෙ අත දෙකට තුනට නැවූ කොලයක් අත තැබුවා.
අයියේ ඔයාට හොද වෙනවා කියලා දොස්තරලා කිවුවා.මන් දැනුත් ඔයාගෙ ඔයාගෙ ඔලුව අතගාන ගමන් මේ ලියන්නෙ.
මන් ගොඩාක් පවුකාරියක්..අයියා දන්නෝද මාව අරන් හදාගන්න ගත්ත දරුවෙක්.මාව ඉපදිච්ච දවසෙ ඒ අය මාව විකුනලා ලමයි නැති ජෝඩුවකට.ඒ අයත් මාව ඉස්පිරිතාලෙන් අරන් ඇවිත් දවස් දෙකකට පස්සේ ඇක්සිඩන්ට් එහෙකින් මැරිලා.එදා මාව දීපු දවසේ ඉස්පිරිතාලේ වැඩකරලා තියෙන්නේ හිච්චි අයියගේ අම්මා.එයා ඉස්සරහා තමා ඒගොල්ලන්ගේ හැම දේපලක්ම මට ලියලා මාව හදාගන්න අරන් තියෙන්නේ.ඒත් බලන්නකෝ අයියා මන් ගොඩාක් පවුකාරියක්.
මාව අරන් හදගත්ත අය මැරුනු ආරංචියට හිච්චි අයියලගෙ අම්මා මාව හොයන් ඇවිත් මාව එයාගෙ බාරයට අරන්.පස්සේ සීයා තාත්තට දීලා.අවුරුදු19 වෙනකම් ඉදලා තියෙන්නෙ මට කියලා හැමදේම ලියෝගන්න.
මගෙ ජීවිතේ වාසනාවට තමා අයියා අහම්බෙන් ඔයාව හමුවුනේ .ඒත් මගෙ අවාසනාවට ඔයා ලෙඩ ඇදේ.
ඊලග ටික මන් උනන්දුවෙන් කියෙවුවා.
කෝමහරි ඔයාට වෙඩි තියලා මාවත් ඇදන් ගිය සීයා තාත්තට එලියට යන්න උන්නෑ.අහල පහල කවුද දන්නෑ පොලීසියට කෝල් කරල.
අයියව මන් ඉස්පිරිතාලයට දාලා පොලීසියට හැමදේම කිවුවා.සීයා තාත්තව ඇරෙස්ට් කලා.
මට තිබුනු එකම බය අයියා.කොහේවත් නැතුව මා වෙනුවෙන් පන අදිනවා.ඉස්පිරිතාලෙ තිබුනු බුදු පිලිමෙට මන් පේ උනේ අයියව සනීප කරලා දුන්නොත් එයාගෙ මන් අනුගාමිකයෙක් වෙනවා කියලා.මට ඔප්පු කරන්න වෙන දෙයක් තිබ්බෙ නෑ අයියේ...
දවසක් විතර නොකා නොබී ඉන්නකොට තමා නර්ස් කෙනෙක් කීවේ ඔයාට බරපතල නෑ ඉක්මනට සනීප වේවි කියලා...
මට ඉතින් දැන් කවුරුත් නෑ අයියව බේරලා දුන්න එකම ඇති.
මේ ලියුම අයියා කියෝන කොට මන් හුගක් දුර ගිහින් තියෙයි.ඔවු අයියේ මන් පොරොන්දු උන විදිහට මන් ආරාමයකට යනවා.ඒ තැන තමා මට සුදුසුම.කියන විදිහට මට නුවර ලොකු දේපලක් ඇති.ඒ හැම දේම අයියට ලැබෙන විදිහට මන් ඉස්සරහට ඉඩ සලස්සන්නම්.
ඔයාට ගොඩාක් පින් අයියේ.මාව නොයිදුල්ව මේ තැනට එන්න මගෙ ජීවෙතේ බේර ගත්තට.මාව හොයන්න මහන්සි වෙන්න එපා.මන් අයියගේ නම්බරෙ ගත්තා.මන් කෝල් එකක් ගන්නම් .හැබැයි මන් අයියගෙන් ගොඩාක් දුර ගිහින් තියේවි..
අයියා (බකමූන්ස්)..ඔයාට බුදු සරණයි.
අහස්නා
මගෙ දෑසින් කදුලු වැටුනේ අහිංසක ඈ කෙතරම් අහිංසකදැයි සිතමින්.
අවසානයි...
පසුව ලියමි.
මා දනිමි මේ අවසානයට ගොඩාක් අය අකමැති බව.මේක මගේ අවසානය.ඔබ වෙනුවෙන් වෙනත් අවසානයකට මට යා හැක.තීරනය ඔබ අතේ....ලයික් කොමන්ට් දාන හැමෝටම ස්තූතියි.
මා දනිමි මේ අවසානයට ගොඩාක් අය අකමැති බව.මේක මගේ අවසානය.ඔබ වෙනුවෙන් වෙනත් අවසානයකට මට යා හැක.තීරනය ඔබ අතේ....ලයික් කොමන්ට් දාන හැමෝටම ස්තූතියි.
ඉන්දික ප්‍රභාත්
No comments:
Post a Comment