.. ජෝජෝ..... මට මුලින්ම දකින්න ට ලැබුනේ....මගේ අලුත් සේවා ස්ථානය යෑම ට සඳහා .....පහසුවෙන පරිදි....අලුත් නවාතැන ක (බෝඩිමක) නැවතී සිටියේ දී.....ඒ යන එන අතර තුරය.......ජොජොට හිටියේ ආච්චි අම්මා විතරයි කියලා තමයි මම අහලා තිබුනේ.....
ඇත්තටම ඔහු දැක පළවෙනි දවසේම ඔහු මන්ද මානසික දරුවෙක් බව මට අවබෝධ වුනා.....මම අහලා තිබ්බේ එහෙම දරුවන් ඉතාම කළබල කාරියි කියලා ....ඉතින් මම ඇත්තටම ඔහුට බය වුනා.....ඒ නිසා ඔහු පාරේ සිටිද්දී මම ඔහුට විරුද්ධ පැත්තෙන් තමයි කොයිවෙලාවෙ ත් ගමන් කරේ.....පීත්ත පටියක් සේ හරි කෙලින් දිවෙන ඒ...පාරේ මට මීටර් සියයකට වඩා පයින් ඇවිද යන්න තිබුනා ...බස් යන පාරට....
ඔහු සිටියේ ඔහුගේ නිවසේ ඉදිරිපිට ...ඒ පාරේ...නිවසක් දකින්න ට නොලැබුන ත්...ඒ ඔහුගේ ....නිවසත් එක්කම තියෙන වත්ත කියලා මට තේරුම් ගියා...
මම සෑම දිනකම වැඩට යාමට එන විටත් නැව වැඩ ඇරී නිවසට පැමිණෙන විටත් ඔහු පාරේ ඉන්නවා .....ඔහු ඒ සෑම දවසකම මට සිනාවකින් සංග්‍රහ කරන්න අමතක කරන්නේ නෑ ....මුලින් මුලින් බය හිතුනා නිසා මම ඔහුට හිනා වෙන්න වත් උත්සාහ කරේ නෑ .....ඔහොම ටික කාලයක් යන කොට ඔහු මට සුපුරුදු දසුනක් වුනා....හෙමින් හෙමින් මම ත් ඔහුට සිනාවකින් සංග්‍රහ කරා .. එයා ඒක දයාබරිත ව බාර ගත්තා ....දැන් මම යන්නේ ඔහු ඉන්න පැත්තේ න්....ඔහුට සිනහවකින් සංග්‍රහ කරලා....ඔහු ත් එය බලාපොරොත්තු වෙන් ඉන්නවා කියලා දැනුනේ....වැස්ස දවසට උණත් කුඩ කබලක් දිග ඇරගෙන මම එන කම් ඔහු ඉන්න නිසා....එහෙම ඉන්න දවස්වවලට ඇත්තටම මගේ පපුව පිච්චිලා ගියා....
මම සෑම දිනකම වැඩට යාමට එන විටත් නැව වැඩ ඇරී නිවසට පැමිණෙන විටත් ඔහු පාරේ ඉන්නවා .....ඔහු ඒ සෑම දවසකම මට සිනාවකින් සංග්‍රහ කරන්න අමතක කරන්නේ නෑ ....මුලින් මුලින් බය හිතුනා නිසා මම ඔහුට හිනා වෙන්න වත් උත්සාහ කරේ නෑ .....ඔහොම ටික කාලයක් යන කොට ඔහු මට සුපුරුදු දසුනක් වුනා....හෙමින් හෙමින් මම ත් ඔහුට සිනාවකින් සංග්‍රහ කරා .. එයා ඒක දයාබරිත ව බාර ගත්තා ....දැන් මම යන්නේ ඔහු ඉන්න පැත්තේ න්....ඔහුට සිනහවකින් සංග්‍රහ කරලා....ඔහු ත් එය බලාපොරොත්තු වෙන් ඉන්නවා කියලා දැනුනේ....වැස්ස දවසට උණත් කුඩ කබලක් දිග ඇරගෙන මම එන කම් ඔහු ඉන්න නිසා....එහෙම ඉන්න දවස්වවලට ඇත්තටම මගේ පපුව පිච්චිලා ගියා....
ඔහුත් සමඟ කතා කිරීමට මට නොමිනි ආසාවක් ඇතිවුනා ඔහුගේ ප්‍රතිචාර ය මොකක් වෙයිද කියලා හිතා ගන්න බෑ ...
ම්.....ඇයි මේ හැම දාම පාරේ ඉන්නේ....මොකද කරන්නේ .....ම්....
අව්ම්මා.....එනවා කීවා ..ජෝ ජෝ ගේ අව්ම්මා ...එනවා කීවා බලා උන්නවා....
ගොත ගසමින්..ඔහු අකුරු අමුණා ලා කීවා....
මට ඉක්මනට වැටහුනා ඔහුට උච්චාරණය අපහසු යි කියලා...
ගොත ගසමින්..ඔහු අකුරු අමුණා ලා කීවා....
මට ඉක්මනට වැටහුනා ඔහුට උච්චාරණය අපහසු යි කියලා...
මේ.....ඔයා ගේ නම ..ජෝ..ජෝ...ද .....හිතේ අහන්න හිටපු ප්‍රශ්න ය...මම .... ඔහුගෙන් ඇහැව්වා ...
උව්..උව්....ජෝ ..ජෝ.....
මම ඊට පසු මගේ නමත්..ඔහුට හඳුන්වා දුන්නා....මගේ මුලු නම වෙන ප්‍රියානි කුසුම් විජේරත්න ...වෙනුවට ඔහුට කියවන්න පුළුවන් විදිහට මම කුසුම් කියලා හඳුන්වා දුන්නා ...
මම කුසුම් ......කු.....සු......ම්...
කුතුම්......ලත්තනයි.....කුතුම් ....ජෝ ජෝ.....කුතුම් ඔයා...තමන්ව පෙන්නමින් ද මාව පෙන්න මින් ද ඔහු කියනවා
එද ඉඳලා .....මම ජෝජෝ ..සමග පුළුවන් හැම වෙලාවේම කතා කරා.....ඇත්තටම ඔහු සුන්දර මිනිසෙක් වුනා....මට පුළුවන් හැම වෙලේම වැඩ ඇරී බෝඩිමට එන විට ඔහුට කුමක් හෝ කඩචෝරු ක් ගෙන ආවා...ජෝජෝ ඒක ගත්තේ හැමදාම රටක් රාජ්‍යය ක් ලැබුන වගේ...අපේ මේ සුන්දර බැඳීම ....හැම දිනකම ඳළු ලෑවා.....ඔහු ට මට දෙයක් දෙන්න තිබ්බේ නැතත් ඔහුට පුළුවන් අයුරින් අඹ ගෙඩියක් පේර ගෙඩියක් කුමක් හෝ ඔහුගේ වත්තෙන් අහුලා ගත්ත පළතුරක් මගේ අතේ . ගුලි කරා....එහෙම නැති දවසට දාස්පෙතියා මලක් හරි මට දුන්නා ....මම බස් එකට නගිනකම්ම ජෝජෝ ඈත ඉඳලා බලා ඉන්නවා කියලා මම දැක්කේ ...දවසක් පිටු පස හැරී බලනකොට යි...
එක්තරා දවසක .......
ජෝජෝ ත් මාත් සුපුරුදු විදිහට කතා කරමින් හිටියා..ගමේ නොසන්ඩාල තරුණ යෙක් මට විහිලුවක් කරේ....ඔහු සමඟ කතා කර කර හිටපු නිසා ...විස්වාස කරන්න ...එදා ජෝ ජෝ නොසෑහෙන්න ඒ කොල්ලා ට තඩි බෑවා....එදා තමයි දැන ගත්තේ ....ජෝජෝ ට ඒ තරම් ශක්තියක් තියෙනවා කියලා කොටින්ම මට ත් බැරි වුනා ජෝජෝ ව පාලනය කරන්න ...එදා තමයි ජීවිතේ පළවෙනි පාරට ඔහුට තරහා ගිහින් ඉන්නවා දැක්කේ ..පුදුම කේන්ති යකින් අර කොල්ලා ට තඩි බෑවේ....
කුතුම් ....මගේ....මොඋත් කියන්න එපා...අල්ලන්න ත් එපා.....කුතුම් මගේ....
එසේ කියමින් තඩි බාන කොට ඇත්තටම මට කඳුළු ආවා.....ඔහු මොනතරම් ආදරය ක් මට කරනවා ඇත්ද කියලා .....
එසේ කියමින් තඩි බාන කොට ඇත්තටම මට කඳුළු ආවා.....ඔහු මොනතරම් ආදරය ක් මට කරනවා ඇත්ද කියලා .....
ජෝජෝ ගේත් මගේත් ඒ බැඳීම ....මට නැවතත් වෙනත් සේව ස්ථානය කට මාරුවීමක් ලැබ යනකම් තිබුනා ....අන්තිම හමු වීමේදී මම ඔහුට පුළුවන් විදිහට පැහැදිලි කරලා දුන්නා මම නැවත ආය නොයෙන බව....එදා ඔහු කඳුළු පිරිනෙතින් බලා ඉන්න කොට ඇත්තටම මටත් ඇස්වලට කඳුලු උනව්වා ..
කුතුම් ..මා දාලා යනවා...කුතුම් යනවා පව්. ජෝජෝ ....මම හැරිලා එනකම් ඔහු පවසව්වේ ඒ වචන ටික පමණයි ....
==================================
තුන් වසරකට ..පසු......
නැවතත් මට ජෝජෝ ඉන්න කලින් වැඩ කරපු සේවා ස්ථානය ට එන්න වුනේ දවස් දෙකක වැඩ මුලුවකට සහභාගි වීමට....මගේ හිත ට සතුටක් දැනුනේ මේ තරම් කාලයක් නොදැක්ක ජොජෝ බැලීමට හැකි වන නිසා ....පරණ නවාතැනට එනකොට වෙනදා ජෝජෝ ඉන්න තැන ඔහු සිටියේ නෑ .....නවාතැන ට අවිත් එහි හිමිකාරිය ගෙන් ඒ ගැන අහන කොට ඇය කීව දෙයින් මගේ හිත නොසෑහෙන්න රිදුම් දුන්නා ....දෙයියනේ .....මම ට්‍රාන්සර් ගිහිල්ලා අවුරුද්ද කින් විතර ජෝජෝ අපි හැමොගෙන්ම ඈත් වෙලා නොඑන්නම ගිහින් .....මට ඇත්තටම කඳුළු ආවා අපේ අතීතය මතක් වෙලා .....
මම ඉක්මනට ම ඒ ගමන් ම ආවේ ජෝජෝ ගේ ආච්චි අම්මා ව මුණ ගැහෙන්න ....
මම එහේ හිටියා කාලය ඇතුලතවත් ඒ ආච්චි අම්මා ව කවදාවත් දැකලා නෑ ....ජෝජෝ ඉද්දී වත් ඒ නිවසට ට මම යන්න උනන්දු කරේ නෑ ....කියලා දැනෙද්දී මට මං ගැනම තරහක් ඇති වුනේ ගියාට පස්සේ වුන දේවල් නිසා....මම එනවා දැකපු ජෝජෝ ගේ ආච්චිඅම්මා....ඉඳගෙන හිටිය පුටුවෙන්...නැගිට්ටේ....හිනා මලක් දෝතදරාගෙන..වයස 70/73 වගේ ඇති මම හිතන්නේ.....සාමාන්‍යය ප්‍රමාණයේ නිවසක් වුන ඒක බොහොම පිළිවෙලකට ඇය තියා හිටියා....විශාල වපසරියකින් යුත් ගෙවත්තක් තිබෙන බව මට වැටහී ගියා.....
නෝන ..කවදාහරි එයි කියලා මට හිතුනා.....නොනේ......මම ඉතින් බලා හිටියා.....
ඇය මා දැක්ක ගමන් ම කීවේ එහෙම .....
ඇය මා දැක්ක ගමන් ම කීවේ එහෙම .....
දැනුයි ...ආරංචිය හම්බ වුනේ.....මට ගොඩක් දුක හිතුනා ..ආච්චිඅම්මේ.....
දරුවා නිතරම නෝන ගැන කියන්න ගත්තා හැම තිස්සේම නෝන ගැන ම තමයි කතා ව....ගොඩක් සතුටින් හිටියේ නොනා ඉන්න නිසා .....
ඇයි ජෝජෝ ට එහෙම වුනේ....අසනීප වුනාද......
ඇය විශ්මයෙන් මගේ දිහා බැලුවා .....නෝන ට කීවේ ඒ නමද ....දරුවා .....
ඔව්......මට කොහොම ටත් හිතුනා වෙනනමක් ඇති කියලා ඒත් එයා ආස කරේ මම එහෙම කතා කරනවාට...
දැරුවා .......වතුර වලට කීවේ....පොඩිකාලේ ඉඳන්ම ජෝජෝ ..කියලා ...අන්තිමට එයා හඳුන්වා ගත්තේ ත්..ඒ නමින් ම.....
නොනා මෙහෙන් ගියාට පස්සේ දරුවා ගොඩක් වෙනස් වුනා නිතරම තරහින් හිටියෙ.....මම හිතන්නේ දරුවා ට ඒක පාලනය කර ගන්න බැරි වුනා....ඉතින් ඒ ඒක්කම ලෙඩත් වැඩි වුනා.....දරුවා අපි හැමෝම දලා ගියා නෝනේ....නෝනා ගිය එක දරුවා ට දරා ගන්න බැරි වුනා....
ඒ වචන ටික ඇහැව්වා ම මට ආය ඇස් වලට කඳුළු පිරුනා ....කොයිතරම් ආදරය ක් තිබිලා ද ඒ හිත අස්සේ.....
කෝ ......එතකොට ජෝජෝ ගේ අම්මා තාත්තා ....
ඒ.....මගේ දුවගේ ළමයා..නෝනේ.....හිතුමතයට කසාඳ බන්දා ...කොල්ලෙක් ව...උන් හැම දාම රන්ඩු ....මම හිතුවේ ලමයා හම්බ වුනාට පස්සේ හරි යයි කියලා ....ඒත් ළමයා මෙහෙම කෙනෙක් කියලා දැන ගත්තා ම උන් දෙන්න ලමයා පැත්ත කට කරා...හොයා බලව්වේ නෑ නෝනේ.....අතඇරලා ම දැම්මා .....අන්තිමට උන් දෙන්න දික් කසාඳ වුනා ....දැන් උන් දෙන්න ම වෙන එවුන් කසාඳ බැඳලා....මම අපේ කෙල්ල ගෙදෙට්ට වද්දා ගත්තේ නෑ .....එදායින් පස්සේ ....දැන් අවුරුදු විසිපහක ට කිට්ටුයි .....මම කොහොම ද නෝනේ මේ දරුවා ව....පැත්ත කට දාන්නේ ....මම පුළුවන් විදිහට හදා ගත්තා .....මම බයේ හිටියේ ...මම නැති දවසක දරුවා ට මොන කලක් යාවි ද කියලා .....මට කලින් දරුවා මැරුන එක ලොකු දෙයක් නෝනේ.....දැන් මට නිවිසැනසිල්ලේ ඇස් දෙක පියා ගන්න පුළුවන් .....ආච්චිඅම්මා ඉකි බිඳමින් කියවනවා....
මට තිබ්බේ අහන් ඉන්න එක විතරයි .....
මට තිබ්බේ අහන් ඉන්න එක විතරයි .....
ඇය අඬනවා දැකලා මට ත් ආය ඇස් වලට කඳුළු උනනවා .....ෂී.......මට කලින් ඉඳලා ම හොයලා බලන්න තිබ්බේ මේ අය ගැන .....මට මහා වරදකාරී හැගීමක් ඇති වුනා මම ගැන .....
කීයද අම්මේ........ජෝජෝ ට දැන් වයස......
කොල්ලා හිටියා නම් මේ අවුරුද්දේ තිහ ලබනවා.....
දෙයියනේ .......මට වඩා අවුරුදු දෙකක් වැඩිමහල් නේ......මට හිතුනා........
එන්න කෝ....නෝන ....දරුවා හිටපු කාමරේට .....
මම ත් ආච්චිඅම්මා පස්සේ න් වැටුනා.....
මම ත් ආච්චිඅම්මා පස්සේ න් වැටුනා.....
කාමරේට ගියාට පස්සේ තමයි මගේ හදවත් ගැහෙන්න ගත්තේ ...
පුංචි පුංචි හිස් කොල වල ජෝජෝ මාව ඔහුට පුළුවන් අයුරින් සිතුවම් කරලා මුලු කාමරේ ම බිත්ති පුරා අලවලා තිබුනා .....මට මහා දුක් ගින්නක් දැනෙන්නට වුනා.....පව්......අසරණ යා.....
පුංචි පුංචි හිස් කොල වල ජෝජෝ මාව ඔහුට පුළුවන් අයුරින් සිතුවම් කරලා මුලු කාමරේ ම බිත්ති පුරා අලවලා තිබුනා .....මට මහා දුක් ගින්නක් දැනෙන්නට වුනා.....පව්......අසරණ යා.....
ඔය හැම බලි චිත්‍ර යකම නෝන තමයි කුරුටු ගාලා තියෙන්නේ ....නෝන ගැනමයි කතා ව....
නෝනේ.....
ඔය මේස ලාච්චු ව ඇරලා බලන්න පොඩ්ඩක් .......
මම ...ඉක්මනට ම ඇරලා බැලුවා ......
මම ජෝජෝ ට ඇරන් දුන්න ටොපි චොකලට් බිස්කට් පැකට්....බොම්බයි මොටයි....වල හැම දවටයක්ම..සුරක්ෂිත ව ඔහු ඇරන් තියාගෙන එකතු කරලා......වේදනාව දරා ගන්න බැරි ව ආය ඇඬුම් ආවා..මට ....
අයියා ගේ නම මොකක්ද ආච්චිඅම්මේ ......
භාෂිත්......මින්දරු.......අත්තනායක ....
හිටින් නෝනේ.....මම කහට උගුරක් ඇරන් එන්නම්......ආපු.....වෙලාවේ ඉඳලා ම කතා කරලා අහලා අඩලා දොඩලා මහන්සි ත් ඇති නේ.......
මට ..ජෝජෝ ගැන මහා දුකක් ..ඇති විය....පව..අසරණ යා...මට මීට වඩා හොයලා බලන්න තිබුනා ....සමහර විට ජෝජෝ මගේ තුලින් ඔහුගේ ...මව දකින්න ට ඇත ..කිසිදා ...මවකගේ උණුසුම ක් නොවිඳි ඔහු....මගේ ආදරේ තුලින් සොයන්න ට ඇත්තේ..ඒ උණුසුම ය...
නෝනේ .....තේ කහට උගුරක් බීලා හිටියා නම් .....
මම එහෙම ම ජෝජෝ ගේ ඇඳ යයි සිතිය හැකි ඇඳේ වාඩි..වී..ආච්චිඅම්මා දුන් තේ කහට එක ...තොල ගාන්න විය...
මම එහෙම ම ජෝජෝ ගේ ඇඳ යයි සිතිය හැකි ඇඳේ වාඩි..වී..ආච්චිඅම්මා දුන් තේ කහට එක ...තොල ගාන්න විය...
නෝනේ......මට නෝන ගෙන් උදව්වක් ඕනි ...මේක මට කරලා දෙන්න නෝනේ....
කියන්න ආච්චිඅම්මේ .....මොකක්ද ඕනි උදව්ව ....
නෝනේ.......මට කොල්ලා වෙනුවෙන් දානයක් දෙන්න ඕනි ....හාමුදුරුවෝ හත් නමක් හරි වඩම්මලා....මේ ගෙදර ඇතුලේ....හත් දවසේ....තුන් මාසේ..අවුරුද්දේ දාන ඔක්කෝම දුන්නේ පන්සල ට ගෙනියලා......උදව් කරන්න කියලා ඒ හැටි කවුරුත් හිටියේ නෑ නෝනේ.....ළග පාත දන්න කියන... අය කීප දෙනෙක් එකතු වෙලා උයලා දුන්නේ ඒ දාන හැම එකක් ම....මට මැරෙන්න කලින් ආසයි දරුවා වෙනුවෙන් ...සාංඝික දානයක් දෙන්න නෝන ....මොකද කියන්නේ .....නෝන ...පුළුවන් ද නෝනේ හැම දෙයක් ම හොයලා බලලා ...මේක හොඳ ට කරන්න මට උදව් කරන්න .....
මට ...තව තවත් හිතන්න ට දෙයක් නොතිබින.....මගේ හිත පෙලන...වරද කාරී හැගීමෙන් මට ත් නිදහස් වීම ට තියෙන එක ම මග කියා මට මීට සුලු මොහොත කට කලින් එම කාර්යම මට ත් සිහි වී තිබින.....
දෙමු ...ආච්චිඅම්මේ ......මම උදව් කරන්න ම්...මම හැම දේම හොයලා බලලා කරන්න ම්....අපි අයියා වෙනුවෙන් ඒ දානේ ..දෙමු.....
ආච්චිඅම්මා ගේ දෑස් දිලිසෙනවා ....මට පේනවා .....පව්....අම්මේ ..ඔයා......කොයිතරම් විඳවන්න ඇති ද ..මේක දී ගන්න බැරි ව.....
ආච්චිඅම්මේ ....අම්මා ගිහින් අද ම පන්සලේ හාමුදුරුවෝ න්ගෙන් දිනයක් ගන්න ....මම යන්නේ හෙට ....ඊට කලින් දැන ගන්න ඕනි ..ඒ දිනය මම නිවාඩු දාන්න ත් ඕනි නේ....දිනයක් වෙන් කරගෙන එන්නකෝ අම්මා ගිහින් ...ලබන සතියේ වුනාත් කමක් නෑ .....
හරි නෝනේ....මම දැන් ම යන්න ම්....නෝන හවස එන්න කෝ....මම දිනය කියන්න ම්....
තවත් ටික වෙලා වක් රැඳී සිටමින් ඇය ත් සමග දුක වේදනාව බෙදා ගත්තා මම ....ඊට පසු මම නැවත මගේ නවාතැන ට ආවා...
බෝඩිමේ අක්කා ..ට මම මේ ගැන කී විට ඇය පැවසුවේ ....මේ සඳහා ....ගමේ මරණධාර් සමිතියේ හා සමිති සමාගම් වල නිල තල දරණ පියදාස උන්නැහේ....මේ ගැන කියා උදව් ලබා ගැනීම සුදුසු ලෙසය....
බෝඩිමේ අක්කා ..ට මම මේ ගැන කී විට ඇය පැවසුවේ ....මේ සඳහා ....ගමේ මරණධාර් සමිතියේ හා සමිති සමාගම් වල නිල තල දරණ පියදාස උන්නැහේ....මේ ගැන කියා උදව් ලබා ගැනීම සුදුසු ලෙසය....
අක්කා ..පණිවිඩය ක් යවනවා ද එහෙම නම් එයාට ....හවස මෙහෙට එන්න කියලා එතකොට ආච්චිඅම්මා ..දිනේ දැන ගන්න පුළුවන් නේ හවසට දැන් ....
හවස නැවත....ජෝජෝ ගේ ගෙදර ගිය විට ඇය.... දිනය මට කීවා ....එ ලබන සතියේ ....සිකුරාදා දිනයයි....හාමුදුරුවෝ න්ට දාන මාන නැති පහසු දිනය එය බවයි.......ඇය පවසා සිටියේ ....මම කෝකටත් පියදාස මහත්තයා ගැන ඇයට පවසා සිටියා ....
ඒ උන්නැහේ නරක කෙනෙක් නොවෙයි නෝනේ....ඉඳලා හිටලා එනවා මාව බලන්න ....මළ ගෙදර දවසේත් ...උදව් කරා.....ඌ හරි හොඳ එකා නෝනේ පියදාස මලයා.....
ඇය ගේ අකැමැත්ත ක් නෑ බව දැනුන ..ම්....දැන් හරි නේ...පියදාස මහත්තයා ඇවිල්ලා ත් ඇති ද දන්නේ නෑ ...
ඇය ගේ අකැමැත්ත ක් නෑ බව දැනුන ..ම්....දැන් හරි නේ...පියදාස මහත්තයා ඇවිල්ලා ත් ඇති ද දන්නේ නෑ ...
ආච්චිඅම්මේ .....මම ලබන සඳුදා ආය එනවා ...ඒ ඇවිල්ලා අපි පිළිවෙලකට ට මේ වැඩ ටික කරමු....එසේ කී මම ඇයගේ දෙපා වැඳ ඇය ට සමූ දී නැවත් ඉක්මනට ආවේ ...පියදාස මහත්තයා හමු වීමටයි....
=================================
පියදාස මහත්තයා ට මම සවිස්තරාත්මක ව ආච්චිඅම්මා ගේ අදහස පැහැදිලි කරා...විටෙක පුදුම යකින් ද තවත් වෙටෙක දුක් මුසු ලීලාවෙන් ද ඔහු සාවදානව ඇහුන් කම් දුන්නා ....ඔහුගේ කතා බහෙන් තේරුනේ මට ....ඔහු ඉතාමත් නිරහන්කාර නිහතමානී ...අව්‍යාජ පරහිතකාමී කුලුණ බර සිතක් ඇති තලත්තෑනී....සුන්දර මිනිසෙක් බවයි...
හරි නොනේ....අපි ඒ විදිහට කරමුකෝ ...මම උදව් කරන්න ම්...මට පුදුම ගුණවතී අම්මා නෝන ටම ඔහොම කියපු එක ....අර දරුවා ට නෝන දක්වපු කරුණාව ආදරේ නිසා ගුණවතී ....අම්මා ට නෝන ගැන විස්වාස යක් ආදරය ක් ඇති වෙන්න ඇති ....ඒක තමයි නෝන ගෙන් උදව් ඉල්ලුවේ ....මාත් ගොඩ සැරයක් දැකලා තියෙනවා නේ නෝන ඒ දරුවා එක්ක හිනා වෙවී කතා කර කර ඉන්නවා ....ඒ කාලේ...
මහත්තයා ....මම එනවා ලබන සඳුදා ....ආය ....නිවාඩු දාලා ම එනවා සතියක්....අපි එකතු වෙලා වැඩ ටික ලස්සන ට කරමු .....
හරි නෝන .....මම සමිතියේ බඩු ටික දෙන්න ම්..උයන පිහින ඒවාට තව හට් පුටු එහෙම ඕනි වුනොත් ඒවාත් තියෙනවා නේ.....
==================================
ගෙදර ආපු මම අම්මා තාත්තා මල්ලි ට මේ දානය පිළිබඳව කීවා ....මොකද මම ජෝජෝ ගැන ගෙදර අයට කියලා තිබුනා කලින් .....ගෙදර හැමොම මගේ ඒ අරමුණ ට ආශිර්වාද කරා....අම්මා තාත්තා ත් එක්ක දානේ දවසට එන්න පොරොන්දු වුනා....තාත්තා නම් ගොඩක් සතුටින් හිටියේ.....මම එහෙම උදව්වක් ඔවුන් වෙනුවෙන් කරන නිසා....
දින කීපයක් ගෙවී ගියේ ඉක්මනට ම.....මම සඳුදා පාන්දර ම මගේ මල්ලි ත් එයාගේ යාළුවෝ දෙන්නෙක් සමඟ ජෝජෝ ගේ ගෙදර ට ආවා....මම එනකොට ත් පියදාස මහත්තයා ඇවිල්ලා හිටියේ.....අපි ඉස්සෙල්ලා ම කරේ කරන්න තියෙන වැඩ ටික ගොණු කර ගන්න එක.....
ආච්චිඅම්මා ගොඩක් සතුටින් හිටියේ ...ඇයගේ හැසිරීමෙන් ම ඒක තේරුනා ....ඇය ඉතාමත් කුලුණ බර මාතාවක්.....ඇය පුළුවන් හැම වෙලේම ඇවිත් මගේ හිස අත ගා.....ගියේ....ඇය ට ඉන්න එකම ගැලවුම් කාරයා මම කියලා වෙන්නැති කියලා මයි මට හිතෙන්නේ ....
නෝනේ ......මට බැරි කාලේ උදව් කරපු අය කීප දෙනෙක් ම මේ වට පිටාවේ ඉන්නවා ....ඒ අයට ත් කෑම ටිකක් දෙන්න ඕනි මේ ගමන් ම ගෙදර ට එන්න කියලා .....හුණු ටිකක් වත් ගාන්න තියෙනවා නම් හරි දරුවෝ ....තනි මට මේවා කරන්න බැරි නිසා හැඩි වෙලා....
හරි ආච්චිඅම්මේ ....කී දෙනෙක් ඉන්නවා ද කියලා කියන්න කෝ....කොහොම ටත් අපි කතා වුනේ තීන්ත ටිකක් ගාන්න නේද ......පියදාස මහත්තයා ....අපි දැන් යනවා ටවුන් එකට බඩු ගේන්න ....
ඉන්න නෝනේ ......
ඇය ගේ තුලට ....ගොස් ඇවිත් ....මගේ අතේ....මුදලක් මිට මොලවුවා....
විස්සක් තිහක් විතර ඉඳියි නෝනේ ....ඒක ට සූදානම් වුනාම ඇති
විස්සක් තිහක් විතර ඉඳියි නෝනේ ....ඒක ට සූදානම් වුනාම ඇති
මාමේ.....අපි යමු ද එහෙම නම් ටවුන් ......
මම බැලුවේ මල්ලි ලා කොයිද කියලා .....ම්.....ඔය වැඩ පටන් ගෙන තියෙන්නේ දැන් ම...මගේ මුවට සිනහවක් ආවේ......ඒ වෙන කොට ත් ඒ අය.....වත්තේ.....තියෙන පේර ගැට ඇඹ ගැට වලට වග කියමින් හිටිය නිසා.....
මම බැලුවේ මල්ලි ලා කොයිද කියලා .....ම්.....ඔය වැඩ පටන් ගෙන තියෙන්නේ දැන් ම...මගේ මුවට සිනහවක් ආවේ......ඒ වෙන කොට ත් ඒ අය.....වත්තේ.....තියෙන පේර ගැට ඇඹ ගැට වලට වග කියමින් හිටිය නිසා.....
මේ.....අපි ටවුන් යනවා.....මල්ලි ....ගේ පොඩ්ඩක් මකුළු දැල් කඩලා.....සුද්ද කරලා තියන්න ....හරි ද ....
තමුසේ .....යනවාකෝ.....අපි ඒවා කරලා තියන්නම් ....ඉතින් යනවකෝ...වද නොදී.....මල්ලි ගහ උඩ සිට කෑ ගහලා කියනව....
පල යන්න බූරුවා .......
දෙන්න ගෙදර ත් ඔහොම ද ....පියදාස මාමා හිනා වෙමින් කියනවා....
කොල්ලෝ ඔහොමයි නෝනේ......අපි යමු ....කියමින් මාමා ත්‍රීවීලර් එකට ගොඩ වුනා....පියදාස මාමා ට ත්‍රීවීලර් එක ක් තියෙන නිසා පහසු වුනා.....කියලා තමයි මට හිතුනේ......
කොල්ලෝ ඔහොමයි නෝනේ......අපි යමු ....කියමින් මාමා ත්‍රීවීලර් එකට ගොඩ වුනා....පියදාස මාමා ට ත්‍රීවීලර් එක ක් තියෙන නිසා පහසු වුනා.....කියලා තමයි මට හිතුනේ......
කීයක් තියෙනවා ද නෝනා...ගුණවතී අම්මා කීයක් දුන්නා ද ....
රුපියල් පහලොස් දාහයි තියෙන්නේ මාමේ....
ඇති වෙයිද මේ හැම දේම කරන්න මට හිතෙන්නේ නම් මදිවෙයි කියලා ....
නෑ මාමේ....මදි තමයි ...මම කොහොම ත් හිතුනා ආච්චිඅම්මා ගාව එච්චර සල්ලි නෑ කියලා ...මම හැම දේටම ලෑස්ති වෙලා අවේ....යන කීයවුනාත් මම වියදම් කරනවා මාමේ....මම බෑන්ක් කාඩ් එක ගෙනාවා ටවුන් ගිහින් මදිපාඩුව ගමු බෑන්ක් එකෙන්....
මාමා.... ආච්චිඅම්මා ට කියන්න එපා....මගෙන් සල්ලි වියදම් වුනා කියලා ....ආච්චිඅම්මා දුන්න සල්ලි වලින් දානේ දුන්නා කියලා අපි පෙන්නන්න ඕනි ....
මට දැන් තමයි .....නෝන ව හරියට තේරුම් ගියේ....පුදුම යක් නොවෙයි ගුණවතී අම්මා නෝන ටම මේක කීව එක ....කෙනෙක් ගේ දකින්න ට බැරි ගුණාංග ගොඩක් නෝන ගාව තියෙනවා කියලා මට දැනෙනවා .පියදාස මාමා කියයි.....මගේ ජීවිතේ එහෙම කෙනෙක් දැක්කා මයි මේ.....
මට ජෝජෝ ගේ අසරණ අහිංසක මුහුණ මැවී මැවී පෙනෙන ට විය....
==================================
පැය කීපයකින් ගන්න තියෙන හැම දේම ඇරන් අපි නැවත එන්න ආවා.....පිරිකර ,උයන්න පිහින්න...සහ කැවිලි පෙවලි හදන්න පවා හැම දේම ගත්තා ....ගන්න ඉතුරු වුනේ එලවුලු පළතුරු විතරයි .....පියදාස මාමා ඒ ටික ඇරන් දෙන්න පොරොන්දු වුනේ....මාත් මේ දානෙට සම්බන්ධ වෙන්න ඕනි ම කියලා මට දැඩිව කියපු නිසායි....
ගෙදර එනකොට අරුන් තුන් දෙනා මුලු ගේම අනිත් පැත්ත ගහලා.....හැබැයි කියපු ඔක්කෝම ඒ විදිහට ම කරලා තිබුනා ...ගේ තිබුනා ට වඩා එලිය වැටිලා කියලා මට හිතුනා .....මල්ලි ලා ඒ ගමන් ම හිතේ හැටියට තීන්ත තෝරා....බිත්ති වල ගාන්න පටන් ගත්තා ....
නෝන ......පන්සලේ න් ගේන ඒවා මම ගේන්නම්......නොනා මෙහෙ වැඩ ටික බලා ගන්න .....හෙට මම තව දෙතුන් දෙනෙක්ව එක්කම් එන්නම් කෝ...වත්ත පිටිය පොඩ්ඩක් එලි පෙහෙළි කරලා දාමු
ගමේ මල ගෙවල් දානේ ගෙවල් වල උයන කෙනෙක් ඉන්නවා ගෑණු කෙනෙක් මම එයාට කියන්න ම් බ්‍රහස්පතින්දා එන්න කියලා ....එතකොට එයා දානේ උයන පිහින දේවල් බලා ගනියි ...නෝන අද රෑ ට කල්පනා කරලා බලන්න මාලුපිණි මොනාද උයන්නේ කියලා ....කැවිලි ටික හදන්න අහල පහල කීප දෙනෙක් ට මම මතක් කරන්න ම් හෙට මෙහේට එන්න කියලා ...එහෙම හොඳ යි නේද නෝනේ ....
ගමේ මල ගෙවල් දානේ ගෙවල් වල උයන කෙනෙක් ඉන්නවා ගෑණු කෙනෙක් මම එයාට කියන්න ම් බ්‍රහස්පතින්දා එන්න කියලා ....එතකොට එයා දානේ උයන පිහින දේවල් බලා ගනියි ...නෝන අද රෑ ට කල්පනා කරලා බලන්න මාලුපිණි මොනාද උයන්නේ කියලා ....කැවිලි ටික හදන්න අහල පහල කීප දෙනෙක් ට මම මතක් කරන්න ම් හෙට මෙහේට එන්න කියලා ...එහෙම හොඳ යි නේද නෝනේ ....
හොඳ යි මාමේ..........ගොඩක් පින් මාමාට....උදව් කරනවාට ......
මගේ හිත ට මහා සැනසීම ක් දැනේ....ජෝජෝ.....වෙනුවෙන් මෙවන් කාර්ය ක් කර ගැනීමට පියදාස මාමා මෙන්ම මගේ සහෝදරයා ත් මහන්සි වී ඇප කැපවී වැඩ කරයි....
මට මල්ලී ..ගැන දුක සිතිනි.මම මෙතරම් කාලයක් සිතා සිටියේ..ඔහු කෙලිලොල්..වගකීම් විරහිතව වැඩ කරන්නෙකු ලෙසය....නැත ....එසේ නැත....මට වැරදි ඇත .....මල්ලී ට පවරපු සියලුම කාර්යය න් ඔහු මනාව පිළිවෙළ කට යහළුවන් සමඟ කරමින් පවතී...මල්ලී ගැන අපේ ගමේ කවුරුත් හොඳ කියනවා....මළගෙදරක් මඟුල් තුලාවක්...පිරිත් පිං කමක් ගමේ තියෙනවා නම් ...ඔහු හැකි සෑම අයුරින් ම ඒ වැඩ ..වලට උදව් කරයි..
මට මල්ලී ..ගැන දුක සිතිනි.මම මෙතරම් කාලයක් සිතා සිටියේ..ඔහු කෙලිලොල්..වගකීම් විරහිතව වැඩ කරන්නෙකු ලෙසය....නැත ....එසේ නැත....මට වැරදි ඇත .....මල්ලී ට පවරපු සියලුම කාර්යය න් ඔහු මනාව පිළිවෙළ කට යහළුවන් සමඟ කරමින් පවතී...මල්ලී ගැන අපේ ගමේ කවුරුත් හොඳ කියනවා....මළගෙදරක් මඟුල් තුලාවක්...පිරිත් පිං කමක් ගමේ තියෙනවා නම් ...ඔහු හැකි සෑම අයුරින් ම ඒ වැඩ ..වලට උදව් කරයි..
එහෙත් ගෙදර සිටිද්දී නම් ..මල්ලී කිසිම වැඩක් නොකරයි....
මේ ...මල්ලී ....ඔයා ටත් පිළිවෙළකට ....වැඩක් කරන්න පුලුවන් නේ.....
ඇයි තමුසේ..හිතුවේ බෑ කියලා ද .......
ගෙදර දීත් ඔහොම කරනවා කෝ.....
ඒක කියනවා ......තමුසේ ගේ අම්මා ටයි තාත්තා ටයි....මට වැඩක් කරන්න දෙනවා ද එයාලා...ඔහොම නොවෙයි මෙහෙම කරන්න කියයි....පුතා ට බෑ කියයි..තුවාල කර ගනී කියයි...අනික ඕයි......කරන්න වැඩක් දෙන්නෙත් නෑ නේ.......
මල්ලී ගේ කතාවට ....මට හිනා ගියා..ඇත්ත තමයි එක කොල්ලෙක් ඉන්න ගෙදර ක ඉතින් ඒ කොල්ලා රකිනවා නේ..පරිස්සං කරනවා නේ ....අම්මා තාත්තා .හිතනවා..ඇත්තේ..තාම පොඩි එකා කියලා....මට එහෙම හිතුන ......
පණිඩිතයා.....මට කියවුනි....
සත්තකින්ම ..මට මල්ලී ගැන වෙනදා දැනෙන් නැති හැගීමක් දැනිණ ....ඔහු මේ කැපවෙමින් සිටින්නේ තමන්ගේ එක ම සහෝදරිය බාර ගත්ත වගකීමකට උරදිමටය....මල්ලී එය මැනවින් කරමින් සිටී....මට මල්ලී ගැන මහත් ආදරයක් සෙනෙහසක් දැනුන ....නිතතින්ම ඇසට කඳුලක් ආවේ...ඔහු මගේ මල්ලී වී වීම නිසාය.....
මම ඉක්මනටම ම ඔහු අසලට ගොස් ...මල්ලී ගේ ඔලුව ඉම්බා....
මම ඉක්මනටම ම ඔහු අසලට ගොස් ...මල්ලී ගේ ඔලුව ඉම්බා....
මොකෝ...මේ...තමුසෙට පිස්සු ...ද ....
පොඩි කාලේ ඇරෙන්න තේරෙන වයසකදී...මම කවදාවත් ....මල්ලී ගේ හිස ඉඹ නැත....මම අද එසේ කිරීමෙන් ඔහු...පුදුම යට පත් වී...ඇත...
පොඩි කාලේ ඇරෙන්න තේරෙන වයසකදී...මම කවදාවත් ....මල්ලී ගේ හිස ඉඹ නැත....මම අද එසේ කිරීමෙන් ඔහු...පුදුම යට පත් වී...ඇත...
ඇයි ....ඔයාගෙ න් ලැයිසන් ගන්න ඕනි ද ..මම අක්කා නේ.......
හරි..ඕයි....තමුසේ ඔහොම කරලා නෑ නේ දන්න කාලෙක.....
දැන් දැනගන්නකෝ....මම එසේ කීවෙමි ...
මල්ලී ගේ යාළුවන් මල්ලී ව අවුස්සමින් සිටී....
මල්ලී ගේ යාළුවන් මල්ලී ව අවුස්සමින් සිටී....
ජෝජෝ වෙනුවෙන් පිළියෙල කරන දානයේ කටයුතු මනාව කෙරෙනවා.....ආච්චිඅම්මාට....පුදුම සතුට දැනෙනවා කියලා ඇයගේ මුහුණ බැලුවාම තෙරෙනවා....ඇයට ඉස්පාසුවක් නෑ ...ගෙදර වැඩ කරන අයට සලකන්න....ඇය පැයෙන් පැය ට....තේ කහට සඳා ගෙනවිත් වැඩකරන අයට..හකුරු සමඟ අල්ලනවා...
නෝනේ....තේබීවා ද මොනා හරි කෑවා ද ....
ඇය මගෙන් නිතර විමසයි....
මහන්සි වෙන්න එපා..ගොඩක් අය ඉන්නවා නේ....නෝනේ වැඩ කරන්න ....විටෙක මා ලගට එන ඇය ....මගේ ඔලුව අත ගා නැවත යයි....ඒ ඇය ආදර ය දනවන අයුරු බව මම වටහා ගතිමි......
ඇය මගෙන් නිතර විමසයි....
මහන්සි වෙන්න එපා..ගොඩක් අය ඉන්නවා නේ....නෝනේ වැඩ කරන්න ....විටෙක මා ලගට එන ඇය ....මගේ ඔලුව අත ගා නැවත යයි....ඒ ඇය ආදර ය දනවන අයුරු බව මම වටහා ගතිමි......
බ්‍රහස්පතින්දා වෙන කොට හැම වැඩක් ම පිළිවෙළ කට වෙලා තිබුනා ඇත්ත ටම කීවොත් අපිට කරන්න වැඩක් තිබුනේ නැති තරම්..හැම දේම පියදාස මාමා හොයලා බලලා කරා....පියදාස මාමා එක්කම් ආව ගෑනු කෙනා...පහුවදා දාන මාන වලට ඕනෑ දේ හදන්න පටන් ගත්තා ....පියදාස මාමයි මල්ලී ලායි දැන් පැය දෙක තුනක ඉඳලා නෑ .....නාන්නවත් ගියා ද කියලා තමයි මට හිතුනේ...
මේ අතර තමයි පියදාස මාමා මල්ලී යි යාලුවො දෙන්නයි එක්ක ත්‍රීවීලර් එක ක ආවේ.....
මල්ලී .....ත්‍රීවීලර් එකෙන් බහින කොට ම මට අමුත්තක් දැනුන යාළුවෝ දෙන්නත් එහෙම යි.....ඉක්මනටම මම ඉන්නවා දැකලා පියදාස මාමා මම ලගට ආවා.....
අනේ ..නෝනේ .....කොල්ලෝ තුන් දෙනා නොසෑහෙන්න මහන්සි වුනා නේ මේ දවස් වල....රා....ඩිංගිත්තක් හොයා ගන්න පුලුවන් ද ඇහැව්වා නෝනේ....කොල්ලෝ නේ...ඉතින් ...මේ දවස් වල ...මහන්සි වෙලා ඇගටත් අමාරු ඇති නේ....මම හොඳ ඒවා ගෙන් හොයලා අපේ ගෙදර ට ගෙනහින් සප්පායම් වෙන්න දුන්නා ....කමක් නෑ නේද නෝනේ.....පියදාස මාමා බයාදු ලෙස මට කියනවා...පියදාස මාමා ද සප්පායම් වික් ඇති බව මට පෙනේ ....
ඔය කියන්නේ උපහැරණ ත් එක්ක....පියදාස
මාමා තමයි නරක් කරන්නේ ....මම නොක්කාඩු කිවෙමි...
මාමා තමයි නරක් කරන්නේ ....මම නොක්කාඩු කිවෙමි...
මට මට මල්ලී ගැන පුදුම සිතින....මල්ලී බොන බවක් මම අසා නැත....මීට පෙර....
මම මල්ලී අසලට ඇවිද ගියා....මල්ලී මම එනවා දැකලා...ත්‍රීවීලර් එක ට මුවා වෙනවා ..මට හිනා යන්න ත් එනවා....මල්ලී මට මුහුණ දීමට බැරි ව ත්‍රීවීලර් එක වටේ කැරකෙන වා.....
ඔහොම ඉන්නවා කිවාම...දුවන්නේ ...
ඉන්නවා .. කියන්න ම්....තාත්තා ට....
ඉන්නවා .. කියන්න ම්....තාත්තා ට....
තමුසේ ..කියලා මට බම්බු ගහයි..යනවා ඉතින් මෙතනින් ඉක්මනටම ....මල්ලී කියයි...
මම ....ආපසු හැරිණි.....මම මල්ලී ගැන අහිතක් නොසතුවෙම්....ඔහු බොහෝ..සෙයින් මේ දවස් ටිකේ මහන්සි විය...මම නොදන්නා වාට..ඔහු මීට කලිනුත් මෙසේ කර තිබෙන්නට පුලුවන් බව මට වැටහිණ .....පියදාස මාමා නිතරම කියන දෙයක් මට මතක් වුනා....කොල්ලෝ නේ නෝනේ ....කොල්ලෝ ඔහොම තමයි .....
======================================
ආච්චිඅම්මා බලාපොරොත්තු වුන අයුරින් ම දානේ වැඩකටයුතු ටික වුනා...ඇය ලොකු සතුටකින් ඉන්නවා කියලා මට දැනුන . ජෝජෝ ව සිහිකරලා පැන් වඬන කොට ඇය ඉකි බිඳ බිඳ ඇඩුවා....මට ත් ....ඇඬුනේ...ජෝජෝ මතක් වෙලා....මට ලොකු නිදහසක් දැනුන මේ තරම් කාලයක් හිත පැසවා පැසවා තිබුන ඒතුවාලය...සුව වුනා වගේ දැනුන .... සියලුම අස් පස් කෙරිලි ඉවර කරලා අනිත් පහුවෙනිදා ....ආච්චිඅම්මා ගෙන් සමු ගන්න එක ගොඩක් දුෂ්කර වුනා....ඇය මාව පපුවේහොවා ගෙන ඇඬුවෙ...මගේ අම්මා ගේත් තාත්තා ගේත්...ඇස් තෙත්කරමින්.....
නෝනේ ...පියදාස කොලුවා ට නෝනට පණිවිඩය ක් දෙන්න පුලුවන් විදිහට විස්තර කියලා යන්න ....මට ඕවාමතක හිටින්නේ නෑ දැන් ......පුලුවන් වෙලා වට මාව බලලා යන්න එන්න නොනේ........ඇය ඇඬුම් අතරින් කියවනවා.....
හා...ආච්චිඅම්මේ....මම එන්නම් ....බලන්න ආය ....
මම පියදාස මාමා ට මගේ විස්තර ටික දුන්නා ...මාමා ව පොරොන්දු කර ගත්තා සතිය කට සැරයක් ආච්චිඅම්මා ගැන තොර තුරු මට කියන්න කියලා .....
======================================
වසර එක හමාරකට.....පසු....
======================================
නෝනේ .......ගුණවතී අම්මා ට ටිකක් අමාරු යි.....නෝනට කොහොම හරි එන්න කීවා ඉක්මනටම ....
මම ඔෆිස් එකේ ඉන්කොට පියදාස මාමා කෝල් කරලා කීවා ....ගිය මාසෙත් ඇය ව බලන්න ගියාම ඇය ට ඒ තරම් සනීපය ක් තිබුන් නෑ ඇඟට කියලා මට මතක් වුනා ....
මම ඔෆිස් එකේ ඉන්කොට පියදාස මාමා කෝල් කරලා කීවා ....ගිය මාසෙත් ඇය ව බලන්න ගියාම ඇය ට ඒ තරම් සනීපය ක් තිබුන් නෑ ඇඟට කියලා මට මතක් වුනා ....
මම පියදාස මාමා ට කීවා දැන් ම පිටත් වෙනවා කියලා ...ගෙදර ටත් කෝල් කරලා විස්තර කියලා මම ඉක්මනටම ආච්චිඅම්මා බලන්න ..බසෙකට නැංගා.....දැන් ඒ ගම මට මගේ ගෙදර වගේ...ඉස්සර වගේ බය ක් තිබුන් නෑ ..හැම දේට ම පියදාස මාමා හිටියා මගේ පස්සෙ න්.....ඕනි රෑ කට මට එහේ යන්න පුලුවන් කම තිබුනා පියදාස මාමා මාව ගන්න හිටිය බස් එකෙන් බහින තැනට.....පැය හතරකට පස්සේ හවස හතර වෙන කොට ආච්චිඅම්මා ගාවට මට එන්න පුලුවන් වුනා ..
මම යනකොට .... ලෝයර් කෙනෙකු ත් පියදාස මාමා එක්කම් ඇවිත් තිබුනා .....මම බැලුවේ ඒ ඇයි කියලා .....
ආච්චිඅම්මා ගොඩක් අමාරුවෙන් ඉන්න බව මට තේරුනා....හුස්ම ගත්තේ ගොඩක් අමාරුවෙන් ....කකුල් අතපය සීතල වෙලා....
ආච්චිඅම්මා ගොඩක් අමාරුවෙන් ඉන්න බව මට තේරුනා....හුස්ම ගත්තේ ගොඩක් අමාරුවෙන් ....කකුල් අතපය සීතල වෙලා....
ඒත් මාව දැක්ක හැටිය...ආච්චිඅම්මා ලස්සන ට හිනා වුනා........
නෝනේ .....පෙරකදෝරු මහත්තයා කියන විදිහට කරන්න ..නෝනේ ..මම පියදාස කොලුවා ට මේ ගැන කලින් කීවා ..නෝන අද ම එනවා කීව නිසා මම ම තමයි කීවේ අද ම මේ වැඩේ ඉවර කරමු කියලා ...ඇය අපහසුවෙන් ගොත ගගහකියවනවා......
මිස්......මේ අම්මා කියනවා මේ ගෙදර එක්ක තියෙන අක්කර තුනක ඉඩම...ඔප්පු ව මිස් ගේ නමට පවරන්න ඕනි කියලා ...මිස් ...ගේ...අකමැත්ත ක් නෑ නේ....මේ අම්මා ගේ නමට තමයි ඔප්පු තිරප්පු තියෙන්නේ ....ඒ නිසා කිසි ගැටලුව ක් එන්නේ නෑ ...
ඇත්ත ටම මගේ කටේ කෙල හිඳිලා ගියා ඒක ඇහැව්වා ම.....මම පියදාස මාමා දිහා බැලුවේ මේ..මොනාවත් තේරෙන්නේ නැති නිසා ...පියදාස මාමා ඔලුවෙන් මට සන් කරා....
ඇත්ත ටම මගේ කටේ කෙල හිඳිලා ගියා ඒක ඇහැව්වා ම.....මම පියදාස මාමා දිහා බැලුවේ මේ..මොනාවත් තේරෙන්නේ නැති නිසා ...පියදාස මාමා ඔලුවෙන් මට සන් කරා....
ආච්චිඅම්මේ .. එතකොට ජෝජෝ ගේ අම්මා ට ....
ඒ..කෙල්ල ට දෙන්න ඕනි දේවල් කලින්ම දීලා තියෙන්නේ නෝනේ ....පියදාස කොලුවා දන්නවා ඒ ගැන .....ඒක විකුණලා තමයි ඒකි ගියේ වෙන මිනිහෙක් එක්ක .. .ආච්චිඅම්මා ආය ගොත ගහනවා....
මිස් මෙතන බැංකු පොත් දෙකක් තියෙනවා ඒක ත් නෝනගේ නමට පවරනවා....මේ හැම ලියකියවිල්ලක්ම හදලා තියෙන්නේ ..මිස් ..ට
තියෙන්නේ අත්සන් කරන්න විතරයි ...අයිඩී නොම්බරය දාලා....
තියෙන්නේ අත්සන් කරන්න විතරයි ...අයිඩී නොම්බරය දාලා....
ආච්චිඅම්මේ ......
නෝනේ ...කරන්න ඒ විදිහට .....
ආච්චිඅම්මා ගේ ඇඟිලි අත්සන් ඇරන් මගේ අත්සන් ඇරන් ලෝයර් මහත්තයා ආච්චිඅම්මා ගේ සියලුම නිශ්චල චංචල දේපල මගේ නමට පැවරුවා....මට ඉඩකඩම් ගැන තන්හාවක් නෑ ...මට මහා දුකක් දැනුන ඇය ගැන ...ඇය කොයිතරම් මම ගැන හිතලාද....අඩුම ගානේ පන්සලට වත් දෙන්නේ නැති ව ඇයි ආච්චිඅම්මේ මට මේ දේවල් දුන්නේ ...ආච්චිඅම්මා ට හිටපු විස්වාසවන්ත එක ම නොනෑයා මම ද ...ආච්චිඅම්මේ ..මට කඳුළු අතරින් හිතුනා....
මම ඇඳේ ඉඳගෙන ඇගේ ඔලුව මගේ ඔඩොක්කුවට ගත්තා ....කඳුළු අතරින් ඇය ලාවට හිනාවෙනවා...ඇය ගේ හිත නිදහස් ඇති දැන් ....මම හෙමීට ඇගේ ඔලුව පීරිමදින්න ගත්තා .....
ටික වෙලාවකින් ඇය ලොකු සුසුමක් පිට කරා..පියදාස මාමා ලෝයර් ගිහින් දාලා ආවේ ඒ වෙලාවෙමයි.....
ආච්චිඅම්මා ගේ හැලහොල්මනක් නැති නිසා මම මාමා ට කීවා බලන්න කියලා ....
උන්දැ...ගිහින් නෝනේ ...ආය නොඑන්නම....නෝනා එනකම් ද කොහේද හුස්ම අල්ලා න් ඉඳලා තියෙන්නේ ම්.....
ආච්චිඅම්මේ.... ආච්චිඅම්මේ ....ආච්චිඅම්මේ.... ආච්චිඅම්මේ..... ආච්චිඅම්මේ.......
අනේ ඇස් අරින්න කෝ....ආච්චිඅම්මේ .....මම කෑ ගහලා අඬලා කීවා.......
======================================
අනේ ඇස් අරින්න කෝ....ආච්චිඅම්මේ .....මම කෑ ගහලා අඬලා කීවා.......
======================================
ඉතින් සබඳ ආච්චි අම්මා ඇයගේ සියලුම දේපළවල බාරකාරිත්වය ..නීතියේ නමින් මට පැවරුවාය....මට සෑම විටම සිතුනේ ඇය එම දේපළ මගේ නමට පැවරුවේ නිකන් නොවන වගය....මම පියදාස මාමා සමඟ මේ ගැන කතා කර ජෝ ජෝ ටත් ඇගේ ආච්චි අම්මා ටත් සාධාරණ ය ඉටු කිරීම ට තීරණය කෙලෙමි....දේශපාලකයන් හා දානපතීන්ගේ උපකාර මාධ්‍යයේ....මම එම ඉඩමේ....භාෂිත් මින්දරු සෙවණ නමින් මනස සෙමින් වැඩෙන දූ දරුවන් හට නිවස්නක් සාදා ජෝ ජෝ වැනි සමාජයෙන් ගැරහුම් හා තාඩන පීඩන ලබන දරුවන් ට නිදහසේ විවේක සුවයෙන් කල්ගෙවිය හැකි පරිසරයක් හා එවැනි දරුවන් ට ඉගෙනීම ලැබීම ට පාසලක් නිර්මාණය කළෙමි.....දරුවන් 68 දෙනෙකුට මව වෙමින් මා එහි භාරකාරිත්වය මෙන්ම පාලිකාවද වේ...ජෝ ජෝ ....සෑම දිනකම මම නිදි සුවය විඳින විට මම අසල සිට සිනාහවකින් සංග්‍රහ කරයි........
සමාප්ති ......
සත්‍ය සිදුවීමකින් රචිතයි .........
සත්‍ය සිදුවීමකින් රචිතයි .........
No comments:
Post a Comment