Wednesday, April 29, 2020

වසන්තය අරන් ඇවිත්

🛤️🚌🚌🚌🏞️🚌🚌⛰️🚌🚌🏡
පැය පහක පමන ගමනකින් පසුව මා සුන්දර නුවරඑළිය වෙත ළඟා විය....
ඉතිං අද ඉදං මා නව ජිවන රටාවකට හුරු විය යුතුය.. එයත් අම්මා හා තාත්තා ද මල්ලිද 😔😔පණ මෙන් ආදරය කළ විහස්ද නොමැතිවය...
මා නමින් විහංසා වික්රමආරච්චි... ප්රසිද්ධ දුරකථන සමාගම සේවය කරන මා ස්ථාන මාරුවක් ලබාගත්තේ නුවරඑළිය ශාඛාවටයි... පණ මෙන් ආදරය කල විහස් විසින් රැවැට්ටු හිත හදා ගැනිමට මෙතෙක් කල් ජිවත්වු පරිසරයෙන් ද ඇත් වුනෙමි. පුංචි කාලේ ඉදන්ම මං ගොඩක් නුවරඑළිය ට ආස නිසා ..මෙහෙ ජිවත් වෙන්නත් මං ආසයි.... මට හිතෙනවා ඔනම බිඳුන හිතක් සුවපත් කරන්න මේ ස්වභාව ධර්මයට පුළුවන් කියලා.එ නිසාම වෙන්න ඇති ගෙදර අය මගේ තීරණේට කැමති වුනේ..ටවුන් එක කිට්ටුව පුංචි ඇනෙක්ස් එකක් ලැබුන නිසා ලොකු ප්රශ්නයක් වුනේ නැ...
නුවරඑළියේ තියෙන සිසිල් බවත් එක්ක හැමදවසක්ම නැවුම්ව ගෙවි ගියා... හැබැයි ඉතිං මෙහෙ උනුවෙන් කෑම කන එකනම් හීනයක් වගේ මට.....වැඩ කරන අය එක්කත් මං ඉක්මනින්ම සුහද වුනත් මට ලඟම යාළුවෙක් හිටියේ නෑ.. එ නිසා හැම වේලාවෙම තනි වෙලා වගේ හැගීමක් දැනුනා. විහස්ව අමතක කරන්න හිතාගෙන මේ ගමන ආවට තනි වෙන හැමතැනකදිම එයාව මතක් වුනා.. එත් මං විතරයි අන්තිම වෙනකම්ම එයාට ආදරේ කරලා තියෙන්නේ.. එයා ආදරේ කරලා තියෙන්නේ ටානීට... හැමදාමත් එයා මාව රවට්ටලා. එත් අදටත් මං එයා ගැන හිතනවා.....
..... අද ඉරිදා... නිවාඩු නිසා මට හිතුනා හග්ගල ගිහින් එන්න ...ටවුන් එකට පයින්ම ඇවිදන් ගිහින් බස් ස්ටැන්ඩ් එකට ගියා... තනියම ගෙදරක ඉන්න නිසා ම⁣ට බය හිතුනා කාගෙන්වත් අහන්න හග්ගලට යන්නේ කොහෙමෙද කියලා..
එතකොට මං දැක්කා වැලිමඩ බස් එකක් ... එකේ යන්න පුළුවන් කියලා දවසක් ඔෆිස් එකේ අය කිව්වා මතකයි...🚌🚌🚌 එ නිසා එකේ නැග්ගා.. අවුලක් වුනේ නැ .. බස් එක හග්ගලට ගියා විනාඩි විස්සකින් විතර..
හග්ගල ගාඩ්න් එක හරිම ලස්සනයි මල් පිපිලා හැමතැනම ..ලස්සන ලස්සන ෆොටො ගත්තා මං .. වීඩියෝ කෝල් අරන් ගෙදර අයටත් පෙන්නුවා ..
🤳🤳
....අම්මා මං හග්ගල ආවා....
...අනේ පුතේ පරිස්සමෙන් ...
...මෙහේ හරිම ලස්සනයි අම්මා මේ දවස්වල. මේ බලන්නකෝ....
🌻🌼🌷🌱🌱🌹🌴🥀🌸🌷🌳🌳🌴
.... අපි එන්නම් කෝ ඔයාව බලන්න ඉක්මනටම ඔහේ......
...... හරි අම්මා එහෙනම් මං තියන්නම් බුදු සරණයි අම්මා ....
.... මගේ පුතාටත් බුදු සරණයි පරිස්සමෙන් දරුවෝ...
😁😁😁😀😀😀😁😁
හග්ගලින් එද්දි මට මතක් වුනා බදාදා අම්මගේ බර්ත් ඩේ එක කියලා ... ඉතිං ම⁣ට හිතුනා එයාට මල් ටිකක් යවන්න...
ටවුන් එකට අාවම මං දැක්කා මල් කඩයක් තියෙනවා....
🌷අමා ෆ්ලෝරා🌷
මං ගියා එකට ලස්සන ලස්සන මල් තිබ්බා කූඩ වල දාලා ... මටනම් ආසවේ බැ..
....මිස් මොන මල් ද බැලුවේ.. රෙඩ් රොසස් නම් ඇතුලේ තියෙනවා මිස්..
නෑ නෑ මං බැලුවේ මේ මල්..
....ආ මේ ජෙබ්රා මිස්...
..මට ෆලවර්ස් ටිකක් කුරියර් කරගන්න පුළුවන් ද නුගේගොඩට...
....අපෝ පුළුවන් මිස් ...
......මිස් සිලෙක්ට් කර ගන්න කෝ මල් ටික...
...ම් ඔයාට පුළුවන් ද මට සිලෙක්ට් කරලා දෙන්න ??🙄🙄
.... ඕක මොකක්ද මිස් ..කාටද මිස් මේ මල් යවන්නේ.. මල් යවන රිසන් එක...
... මගේ අම්මට , එයාගේ බර්ත්ඩේ එකට...
... එන්න මිස් වාඩි වෙන්න..
... තැන්කියු....
.. ම් එහෙනම් මිස් නෝට් එකක් ලියන්න මේ කාර්ඩ් එකේ මං එක මේ මල් ටිකේ ඇටැච් කරන්නම්.. එතකම් මං මල් ටික අරන් එන්නම්...
මල් කඩේ හිටියේ කොල්ලෙක්.. කඩේට ආවට පස්සේ දැක්කේ.. හැරිලා යන්නදැයි ඉතිං.. මල් වගේම කොල්ලත් ලස්සනයි ඉතිං..
..... මිස් ලියුවද....
💐
...වාව්.... මාරම ලස්සනයි... ආ මේක ඇටච් කරන්න...
.... තැන්කියු මිස් . හෙට උදේම මේක අපි කුරියර් එකට දෙන්නම් ..
එඩ්රස් එකයි, කන්ටැක් නම්බර් එකයි මේ⁣ කොලේ ලියන්න මිස් .. ඇහුවට මුකුත් හිතන්න එපා මිස්.. මිස් වැඩ කරන්නේ --------- එකේ නේද?
...ඔව් ඔයා ද⁣න්නේ කොහොමද🙄...
... මං දවසක් එකේදී දැක්කා මිස්ව එකයි...
...... ඔයානම් මාර මීටරයක්නේ අනේ... ...
.... එහෙම තමා අපි... ඇයි මිස්ට මගේ මීටරේ අවුල් වගේ පේනවද???? 😁😁😁😀😀
...... අනේ නැ .....ඕකේ මිස්ටර් කියද දැන් මගේ ගාන...
..... කුරියර් චාර්ජස් එක්ක 750 මිස්..
...... ආ මෙන්න .... එහෙනම් ගිහින් එන්නම් තැන්කියු මිස්ටර්...
..... ඕකේ මිස්..... මිස්ස්...
.... ඇයි ම් ම්.. ම්..
... මිස් මල් වලට ආසයිනේ මේ මල් කිනිත්ත මිස් ගෙදර ගෙනියන්න ....
...... අනේ එහෙම හොඳ නැනේ.... ඔයාටයි පාඩු....
...... මෙච්චර මල් ගොඩකින් මල් කිනිත්තක් අඩු වුනා කියලා පාඩු නැ මිස්..
.... ම් .. තැන්කියු මිස්ටර්..... ඔයා..
..... මං අමාය... එතකොට මිස්...
..... මං විහංසා ...එහෙනම් මං ගිහින් එන්නම් මිස්ට අමාය...
.... හරි මිස් බුදු සරණයි ...පරිස්සමෙන් ....
..... බුදු සරණයි ....
හවස් වෙලා වගේ තිබ්බ නිසා මං ඉක්මනටම ගෙදරට ආවා... මැගි එකක් හදන් රෑට කාලා නිදා ගත්තා... මොකද අද ගොඩක් සීතල දවසක් නිසා..
🌄🌄🌄
උදේ නැගිටලා මං කෑම ලෑස්ති කරගෙන ඔෆිස් ගියා ... ⁣කිසිම විශේෂයක් නැතිවම දවස් දෙකක් ගියා.....
🌄🌄🌄🌄 අද බදාදා ...
උදේම කෝල් කරලා අම්මාට විශ් කලා...
දවල් වෙද්දී අම්මා කෝල් කරලා කිව්වා මල් ටික ලැබුනා කියලා... එයාට හුඟක් සතුටුයි එකට... එයලගේ සතුට තමා මගෙත් සතුට....
🔉🔉📲📲🤳🤳
අදුරන්නේ නැති නම්බර් එහෙකින් කෝල් එක... එත් මං ආන්සර් කලා...
හෙලෝ... මිස් විහංසා ඉන්නවද????
....කවුද මේ???
විහංසා මං ආමාය... ෆ්ලෝරා🌷 එකේ
.... ආ මේ මිස්ටර් ආමායනේ... මං බැලුවා කවුද කියලා...
... මේකයි මං කෝල් කලේ මල් ටික ලැබුන ද අහන්න ...
.... අනේ ඔව්... අම්මා කෝල් කරලා කිව්වා ... තැන්කියු අමාය ...
.... එහෙනම් මං තියන්නම් මිස් විහංසා .. බිසීත් ඇතිනේ මේ වෙලාවේ..
...චුට්ටක් විතර...
.... එකනේ.... එහෙනම් මං තියන්නම් බුදු සරණයි .. පරිස්සමෙන් විහංසා
... බුදු සරණයි ආමාය..
........................................
හිත ගියේ අතිතේට... කවදාවත් විහස් මට බුදු සරණයි කියලා නැ.. මං කොච්චර බිසී වුනත් එයා එක්ක කතා කරන්න ඕන ...එ අතින් බලද්දී අමාය ගැන ලොකු පැහැදිමක් ඇති වුනත් පිරිමි කියන්නෙ හුඟක් විශ්වාස කරන්න පුළුවන් ජාතියක් නෙමෙයි... විහස් නිසා මට පිරිමි එපා වෙලා හිටියේ....
....
දවස් කිපයක් ගෙවිලා ගියා... එ හැම දවසකම අහම්බෙන් වගේ අමායව මුණ ගැහුනා පාරෙදි...
ඊලඟ දවසේ ඔෆිස් එකට ඇතුල් වෙද්දීම සිකුරිටි අන්කල් ආවා දුවගෙන මං ලගට ..
.... ගුට් මොනිං මිසි.. මේක මිසිට දෙන්න කිව්වා මහත්තයෙක් ඇවිත් ...
💐💐💐💐💐💐
ලස්සන මල් පොකුරක්...මං එකත් අරන් ඇතුළට ගියා ...අමාය එවලා තිබ්බේ
📱📲
හෙලෝ... කවද ඉදන් ද අමා ෆ්ලෝරා කෙල්ලන්ට මල් බෙදන්න ගත්තේ ??? ම් ම්
.... අනේ එහෙම නැ විහාංසා....
.....ම් ම් එහෙනම් කොහොමද ...
..... අමා ෆ්ලෝරා මල් බෙදුවට ආමාය මල් බෙදුවේ ඔයාට විතරයි ...😏😏
.... අනේ අනේ දෙන කපටි උත්තර... තැන්කියු සෝමච් අමාය...ලස්සනයි එ ටික..
.... ඔයා ආසයිනම් එච්චරයි ... දැන් ෆොන් තියලා පරිස්සමෙන් වැඩ කරන්න ... මං දවල් වෙලා ගන්නම්කෝ..
... හරි හරි බුදු සරණයි අාමාය....
........................................................
මාසයක් දෙකක් යද්දී අපි හිත් වලින් හුඟක් ලං වෙලා තිබ්බා ...එ අතරතුර මං අම්මලා බලන්න ගිහිල්ලත් ආවා.... මගේ හැම විස්තරයක්ම අමාය දන්නවා විහස් ගැන පවා... අමාය මගේ හෙවනැල්ල වගේ ලගින්ම හිටියා ..... මේ වෙද්දී මං නුවරඑළියට ඇවිත් අවුරුද්දක් විතර වුනා.
.......................................
කවදා කොහොම උනාද දන්නැ එත් අපි දෙන්නා අාදරේ කරනවා...අමායට මේ ලොකේ කවුරැත් නෑ... ඒ නිසා එයා මගෙන් හුඟක් අාදරේ බලාපොරොත්තු වුනා... අමාය හුඟක් අහිංසකයි.. හැබැයි හැම වේලාවෙම නෙමෙයි..එයාගේ ආදරේ පුදුම රැකවරණයක් සෙනෙහසක් මට දැනුනා.. විහස්ගෙන් කවදාවත් නොලබපු සෙනෙහසක්... ආදරයක්....... අද මට දැනෙනවා... හැම වේලෙම පොඩි දරුවෙක් බලා ගන්නවා වගේ මාව බලා ගන්නවා ..පරිස්සම් කරනවා.....
පුළුවන් හැම මොහෙතම අපි ග්රෙගරි ගියා... සෙනඟ හිටියත් එ වටපිටාවට අපි දෙන්නම ආස කලා.. අමාය ගැන ගෙදරට කිව්වාම ගෙදරින් කැමති වුනා එයාට..
📲📲
සුදු මැණික ... මොකද කරන්නේ ???
......නාලා ආවා බබා..
ඇයි බං හවස නැවේ .. උඹට ලෙඩ වෙන්නද ඕන...
........නෑ අනේ... සොරි ඉතිං...
හරි හරි මං දන්නවා ....😏😏😏
...... මොනා ද????🙄🙄🙄🙄
හවසට නාලා ලෙඩ වුනාම මාව ගෙන්න ගන්න පුළුවන් නේ රෑට අසනීප වුනාම😀
......අනේ යනෝ යන්න මට එහෙම පිස්සු නෑ......
මට නම් පිස්සු වගේ මැණික .. අපි ඉක්මනට බඳිමු ද???
😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀
වෙඩින් එක අරන් මං අමායගේ ගෙදර පදිංචියට ගියා... අදට අපි බැදලා අවුරුද්දක් එයාත් එක්ක ගෙවුන හැම මොහෙතෙක්ම ගෙවුනේ හුඟක් සතුට්න් හුඟක් අාදරනියව..
දැන් මං ප්රෙග්නට්.....එත් අදටත් ඉස්සර වගේම අපි ග්රෙගරියේ ඇවිදින්න යනවා...හැමදාමත් අපේ ආදරේ අළුත් වෙනවා....මේ ලොකේ ඉන්න වාසනාවන්තම බිරිඳ මං කියලා මට දැනෙනවා .....
දැනගන්න ලැබුනා විහස් ගැන... එයා ටානීව බැදලා එත් ටානී ගිහින් වෙන කෙනෙක් එක්ක... විහස් බොන්න පුරුදු වෙලා... කොච්චර වුනත් මං අදටත් පව් කියනවා එයා..
...........................................................
මා දමා නුඹ ගිය දිනේ
හඩා වැටුනෙමි ලොවටත් හොරෙන්
දින සති මාස වෙන් වුනත්
නුඹ නමින්
ඔහු ඇවිත් වසන්තය අරන්
ඉතිං දෙන්න අවසර සමුගන්නට
නුඹේ මතකයෙන්...
..........................🌹🌹🌹...............


No comments:

Post a Comment

UNIVOTEC එක ගැන

UNIVOTEC එකේ පාඨමාලා සහ වැඩි විස්තර සදහා පහත ඇති PDF ෆයිල් එක භාවිතා කරන්න. https://drive.google.com/open?id=1zbMNZ14FNiYV2f34K91x1KqpKmid...