මෙහෙන්දි තවමත් බලාගෙන කල්පනා කරනවා විනා උත්තරයක් නොදෙන තැනදී වික්‍රාන්ත් මදක් කලබල විය............
❤️ නංගි................ මං මොකක්ද හිතාගන්න ඕනි......ම්ම්ම්...... මං.. මං ආදරෙ කරන්න එපාද ඔයාට........... මට උත්තරයක් දෙන්න....... ඔයා අකැමති නම් මං හිත හදාගන්නම්.........
ඇය පියවි ලොවට ආවේ ඔහුගේ එ් වදන් ටිකටයි................. ඒ ඇස් වල විදුළි බුබුලු ආලෝකයෙන් දිළිසෙමින් තිබුණු කඳුලු පටලය දැක මෙහෙන්දි වඩාත් දුකට පත් විය...................
💃 මං ආදරෙයි අයියේ..........ඔයා මොන තත්වයකින් හිටියත් මං ආදරෙයි........... ඒක එදා ඔයා දැක්ක වෙලාවෙම ඇති වුන ආදරයක්..............
❤️ මට ඒ වචන ටික ඇති....... නංගි........ මං පොරොන්දු වෙනවා ඉක්මනටම මේ ප්‍රශ්ණ ඉවරයක් කරගෙන ඔයාව මගෙ ලඟට ගන්නවා කියලා...... ඒ වෙනකම් ඔයාට ටිකක් ඉවසන්න වෙනවා.......
💃 කමක් නෑ මං ඉන්නම්........... හැබැයි අයියේ දැන් නම් මට ඔයාව ලැබෙන්නම ඕනි............ මෙච්චර දවසක් මං හිතුවා ලැබුනත් නොලැබුනත් ආදරෙයි කියලා......... ඒත් මට දැන් ඔයා එක්ක මේ ජීවිත කාලෙම ගෙවන්න තියෙන්නේ පුදුම ලෝබ කමක්............. මට ඔයා නැති කරගන්න නම් බෑ අයියේ...................
❤️ එහෙම වෙන්නෙ නැහැ............ මේ ඩිවෝර්ස් එක කොහොමත් ඉක්මනට කරනවා........ මොකද සෝනම්ටත් ඕනැ ඒකනේ............
💃 මං නම් හිතන්නේ නෑ ඔයා වගේ වටින තරුවකට එයාගේ අහසින් වැටෙන්න දෙයි කියලා අයියේ......... සමහර විට මට හිත හදාගන්නම වෙයි.........
❤️ මං කොහොමත් ඒ විච්චුර්ණ අහසින් වැටෙන්න ඔන්න මෙන්න කියලා තියන තරුවක් නංගි..... අමුතුවෙන් කියලා වැටෙන්න දෙයක් නෑ..............
💃 කමක් නෑ අයියේ..... ඔයාට නිදහස් වෙන්න පුළුවන් දවසක් වෙනකම් මං ඉන්නම්............
❤️ මං.... වෙනු..වෙන්..... එහෙම..... බලන් ඉන්න පුළුවන්ද නංගි...........ම්ම්ම්.....
මෙහෙන්දි හිස වැනුවා පමණි............. වික්‍රාන්ත් ඇගේ දෑතම තම අත් දෙකට තද කර ගත්තේ ඇය කෙරේ උපන් දැඩි සෙනෙහසින් හා ගෞරවයෙනි..........
❤️ මට හිතාගන්න බෑ...... මං ගැන මෙහෙම හිතන මේ තරම් ආදරේ කරන කෙනෙක් මට හම්බවුනා කියලා හිතෙන කොට....... අවසානෙදි මට හම්බවුනා......මගේ මැණික.............
ශධීර් මදක් කලබලෙන් ඔවුන් ලඟට ආවේය.................
💚 පොඩි අවුලක්........ මේ නංගි........ ඔයා දැන් අක්කලා එක්ක යන්නකෝ පැටියෝ......... ම්ම්ම්ම්..... අපි රෑ වෙලා කතා කරන්නම්...........
❤️මොකද වුනේ කියපන් ශධී..........
💚 ඔයා දැන් යන්නකෝ නංගි.........
එවිටම අසේකා එතෙන්ට ආවේ ශධීර් කිව්වට කෙල්ල එන්නෙ නැති නිසා...........
🏵️ චූටි නංගි අපි යමු එන්නකො...........
වික්‍රාන්ත් අයියා........ අපි යන්නම් අවුල් වෙන්න එපා හැමදේම හරියයි හොදද අපි ඉන්නවනේ...........
එහෙම කියලා අසේකා මෙහෙන්දිවත් ඇදගෙන අනිත් පැත්තේ දොරෙන් ඉවතට පැමිනෙන කොට සහස්දිත් එතන දොර ගාවම හිටියා............. මෙහෙන්දි මෙතෙක් වෙලා තම අත දැඩිව ග්‍රහණය කරගෙන සිටි අසේකාගේ අතින් මිදුනාය........
💃 අක්කා... ඇයි මේ............ම්ම්ම්ම්
🏵️ සෝනම් සක්සේනා ඇවිත්....... ඒකයි........
මෙහෙන්දිගේ දෑස් මත ඇති වුයේ බියක සළකුණුය............. නමුත් එය පරදා ඇගේ හදවත සොවින් බරව තිබේ...............
💃 එ..එත..කො...ට එයා ආවේ අයියා හම්බවෙන්නද...............
මෙහෙන්දිට ඇඬෙන්න ඔන්න මෙන්නය...... නමුත් ඇගේ ඒ සිතුවිල්ල බොරුවක් කරමින් වික්‍රාන්ත් ශධීර් හා ඉශාන්ත් එතැනට ආවෝය............
❤️ මෙහෙන්දි.............. ඔයා දුක්වෙන්න එපා නංගි....... මේ හැමදේම තව ටික දවසයි........ එයා අපි කවුරුත් දැක්කේ නෑ........ ම්ම්ම්ම.... යමු........
ඔවුන් හය දෙනාම නැවතත් හොටලයට එන විට රාත්‍රි නවය හමාර පමණ වී තිබුණි............. නමුත් සෝනම් ආවා කියලා දැන ගනිද්දි ඇති වුන බිය නම් තවම පහව ගියේ නැහැ........ පලමු වරට තමා මේ තවත් ගැහැණියෙක්ට කරන්නේ වරදක්ද කියලා මෙහෙන්දිට හිතුනා............ නාගෙන ඇදුම් මාරු කරගෙන තුන්දෙනාම ඇඳට වැටුනා........
💃 අක්කේ...........මට හරි බයයි...... මට හිතෙනවා මං මේ තවත් ගැහැණියෙක්ට කරන්නේ ලොකු වරදක් කියලා........
🌺පිස්සුද බං.... උඹට........ ඒ ගෑණි වික්‍රාන්ත් අයියට ටිකක් හරි ආදරයක් තියන කෙනෙක් නම් කමක් නෑ..... ඒ හින්දා ඔය මනස්ගාතය නම් හිතන්න එපා
අසේකාට පුදුමයි අද සහස්දි තමාටත් කලින් වික්‍රාන්ත් ගේ පැත්ත ගත්ත එක ගැන.......... දැන් දැන් සහස්දිටත් තෙරිලා තිබුනේ ඒකෙ ඇති වරදක් නෑ කියලා.........
💃 ඒත් අක්කේ........ ඒ වික්‍රාන්ත් අයියගේ නීත්‍යානුකූල බිරිඳ........ මං......... මං...... කවු...ද... අක්කේ......... මං එතකොට එයාගේ...අ...
මෙහෙන්දිගේ මුවින් ඇය ගැනම එවන් වචනයක් පිටවීමට යාම ගැන අසේකාටඇති වුනේ කෝපයකි.....එනිසාම ඇය මෙහෙන්දිගේ කතාවට බාධා කලාය
🏵️ කටවහපන් නංගි........... මේ ආයෙම ඔය ඕන්නැති මනස්ගාත හිතුවොත් බලාගන්නවා හරිද........ මගුල.......... මහා ලොකු සෝනම් සක්සේනා......... world top business woman....... ඒ ගෑ ණි අයියට ආදරයක් නෑ....... ගෞරවයක් නෑ...... අනිත් එක අනියම් බිරිඳ කියන එක උඹ උඹටම කියාගන්න හදන්නේ ඇයි උඹ වික්‍රාන්ත් එක්ක එකට හිටියද........ යකෝ ඒක එකක්....... ආදරේ කියන්නේ ඔය කියන මගුලට වඩා දුර ගිය ආධ්‍යාත්මික බැදීමක්............. ඒකට උඹට අනියම් බිරිඳ කියලා කියන්න බෑ....... අයියා කවදාවත් ඔය ගෑණිගෙන් නිදහස් වෙනකම් උඹගේ ඇඟට අතක්වත් තියන්නෙ නෑ........
🌺 ඔව් ඒක ඇත්ත......... වික්‍රාන්ත් අයියාට උඹව හරියට නිකැලැල් මලක් වගේ............... ආයෙම ඔය වගේ මෝඩ දේවල් හිතන්න එපා.......... දවසක උඹටම ඔප්පු වෙයි සෝනම් කියන්නේ කවුද කියලා...... එතකොට උඹම තේරුම් ගනී උඹයි ඒකියි අතරේ තියන වෙනස......... දැන් නිදාගනින්...........
💃 තාම කතා කලේ නැත්තේ ඇයි..........
🏵️තව ටිකකින් ගනී.............. මේ අපි හෙටත් normal ටිකට් ද.............ම්ම්ම්ම්....
🌺 හෙට නම් අපිටත් අක්කා ගාවට යන්න වෙයි දන්නවානේ අයියගේ හැටි.....එතකොට අනිත් මැච් තියෙන්නෙත් මේ ground එකේමද.......
🏵️ නෑ... මේක විතරයි මෙහෙ තියෙන්නේ අනිත් ඒවා........ Wankhede Stadium එකෙයි Eden garden stadium එකෙයි........
🌺 ඒවා කොහේද බං තියෙන්නේ..........
🏵️ Wankhede Stadium එක තියෙන්නේ Vinoo Mankad Rd, Churchgate, Mumbai, Maharashtra...,,, ම්ම්ම් මට මතක විදිහට Eden garden stadium එක නම් තියෙන්නේ..................
💃 ඔයා නම් හරි පුදුමයි අක්කේ..... හැමදේම දන්නවා.... ඒත් අපි ක්‍රිකට් වලට කැමතිත් නැතිව කොහොමද මේවා දැනගත්තේ...........
🏵️ දැන් කැමති සුදූලා................
එහෙම කියපු අසේකා ඔළුවෙ ඉඳන් පොරවගෙන අනිත් පැත්තට හැරුණා..........
💃 ඒ කියන්නේ මේක බලල අපි ආපහු යනවා නේද........ kolkata,,, mumbai යන්න නම් බෑ නේද...........
🌺 හ්ම්ම්ම්ම්...අනිත් එක කැම්පස් එක..........
මෙහෙන්දිත් ඒක අනුමත කලා........ තව ටිකක් රෑ වෙලා..... මෙහෙන්දිගේ දුරකතනයට කෙටි පණිවිඩයක් ආවා වික්රාන්ත්ගෙන්...........
❤️❤️ ඔයා නිදිද........ ම්ම්ම්...... බය වෙන්න එපා මොනවත් වෙන්නේ නෑ..... මං කීයටවත් අපිට අපිව නැති වෙන්න ඉඩ දෙන්නේ නැහැ...... හෙට ඔයාව දකිනකම් මං නොඉවසිල්ලෙන් මග බලාගෙන ඉන්නවා.... මං ආදරෙයි........
ඒකේ තිබුනේ එහෙම.............. මෙහෙන්දි දුරකතනය වසා දමා අසේකා ඉන්න පැත්තට හැරුනා................
🌥️🌥️🌥️🌥️🌥️🌥️🌥️🌥️🌥️🌥️🌥️🌥️🌥️
හුසේන් සාගර් දෙසින් රන් පැහැති ආලෝකධාරා වැටෙද්දි තුන්දෙනා සූදානම් වෙලයි හිටියේ............ අද කෙල්ලෝ තුන් දෙනා ඇඳගෙන හිටියේ සල්වාර් තුනක්...... අද ඉතින් ඇති තරම් දඟලන්න වෙන්නෙත් නැහැනේ.......... මොකද අද නම් විහේන් තුන් දෙනාටම උදේ පාන්දර තහංචි දැම්මා...........
🌷මේහ්... තුන් දෙනා හොඳට අහගන්නවා හරිද.... අද අක්කා ගාවින් හෙලවෙන්න බෑ.......
🏵️ අයියෝ මොකක්ද අයියේ...... ඔයාට අක්කව ටිකක්වත් විශ්වාස නැද්ද............
🌷 අක්කව නෙවේ බොල මට තොපි තුන්දෙනා විශ්වාස නැත්තේ..........
🏵️ ඕන්නම් කොල්ලෙක් දෙන්නෙක් බයිට් වෙයි අයියේ............ හුඟක් කාලෙකින් එහෙම fun එකක් වත් ගත්තේ නෑ...
🌷 අනේ උඹලගේ Fun......
💃 අනේ මේ ඒක නෙවේ අයියේ පෙරේදා හරි වැඩක්නෙ වුනේ..... අපිට එහා පැත්තේ හිටියා සිංහල කොල්ලෝ දෙන්නෙක්......... උන් දෙන්නා ඊයෙ අපි පස්සෙන් ඇවිත් කතා කලානේ... ඔයා දන්නවද ඒ කවුද කියලා.... ඒ අපේ ලොකු මාමාගේ පුතාලු.....
🌷 මොනවා..... මහීමද......
💃 ඔව් අයියා එයාව දන්නවද.......
🌷 වැඩියෙ නැ ටිකක් විතර තමා දන්නේ..... ඉතින් මොකද වුනේ....
🏵️ කතා කලා ඉතින්..... ඒත් විහේන් අයියේ එයාට ඕනෙ ආයෙම පවුල එක් කරන්නලු.........
🌷 කෙහෙල්මල..... දැන් තමයි ඕකුන්ට අපිව ඕනැ වුනේ........
පමාවී තිබුණු බැවින් සියල්ලන්ම කතාව නවත්වා දමා ක්‍රීඩාංගනයට ගියහ........... කෙල්ලෝ තුන් දෙනා අශ්ලේෂා පසුපස ඉහල VIP Seat වලට ගියේ නම් විහේන්ට සිතින් හොඳටම දොස් කියමිනි............. අද තරගය ඇත්තේ කලහකාරි බංගලාදේශ් කණ්ඩායම සමගයි....... එදිනත් අයියාගේ වාසනාවට Toss එක ඉන්දියාව ලබාගත්තේය......... ඔහු බංගලාදේශ් කණ්ඩායමට මුලින් පන්දුවට පහරදීමට ආරාධනා කලේය..............
හොඳට ටයි කෝට් ඇඳගත් පිරිමි හතර දෙනෙකුත් සමගින් පැමිණි කාන්තාව අශ්ලේෂා හට පිටුපස අසුනට යන ලෙස නියෝග කලේ විහේන් ඇතුළු පිරිස පිටියට යාමට එළියට එන විටයි............
කළු පාට දිග කලිසමට සුදු අත් දිග විනිවිද පෙනෙන බ්ලවුසයකින් සැරසී සිටි ඇය කළු පැහැ අව්කණ්ණාඩි පැලඳ සිටියාය.............. කිසිම ගරුසරුවක් නැති කාන්තාව අශ්ලේෂා හට පිටුපස අසුනට යන ලෙස නියෝග කලාය.......... නමුත් අශ්ලේෂා ඇගේ පුටුව පිටුපස ඇයට වෙන් කර ඇති බව ලියවුන ස්ටීකර් එක පෙන්නුවාය............... අශ්ලේෂාත් ලේසි පාසු නැත.......... අනික ඇය team india වල captain ගේ wife ..... මොකට බය වෙනවද මේ හොල්මනට........
🖤 ඉතින් මට මොකක්ද කරන්න කියන්නේ......... මං වික්‍රාන්ත් මෙහ්රාගේ වයිෆ්........ මේ ඉන්නේ මගේ business partners ලා තුන් දෙනෙක්........... මට ඉඩ දීලා තමුන් පිටිපස්සට යනවා...............
අසේකාගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියත් මෙහෙන්දි ඇයව තදින් අල්ලගත්තේ මේ වෙලාවෙදි බහින්බස් වීමක් ඇති වේයැයි බියෙනි............... ඇගේ දෑස් යා වුනේ ඉහල ක්‍රීඩාගාරයේ සිටින වික්‍රාන්ත් දෙසටය............. ඔහුගේ පරාජිත දුක්මුසු දෑස මෙහෙන්දිගේ හදවත ගිණිතැබුවෙිය............. නමුත් වික්‍රාන්ත් එතැන සිටි ආරක්ෂක නිළධාරියා කැඳවා යමක් පැවසුවේය.......... ඔහු සෝනම් ලගටආවේය.............
✔️මැඩමි ඔතන වෙන් කරලා තියෙන්නේ team india වල captain ගේ පවුලේ අයට..... ඔයාට අවශ්‍ය නම් මේ පේලියට යන්න...............
ආරක්ෂාක නිළධාරියා දෙස තරවටු බැල්මක් හෙලූ සෝනම් අශ්ලේෂා හටද ගස්සාගෙන ගොස් ඊට එහායින් ඇති අසුනට බරවිය....... අසේකාගේ හිනාව පාලනය කර ගැනීමට නොහැකි වූ බැවින් ඒ අවඥාසහගත හිනාවට සෝනම් තව තවත් කෝප වුවාය.............
ක්‍රිඩා පිටිය දෙසට යන වික්‍රාන්ත්ගේ මුහුණ හරි නැත............. එය දුටු විහේන් හා ශධීර් ඔහු ලඟට ආවේය..........
🌷 ගනන් ගන්න එපා යකෝ....... උඹ මොකද මේ මූඩ් ගහලා...... පිස්සුද අපි එයාගේ හැටි දන්නවානේ.......
විහේන් වික්‍රාන්ත්ගේ කරට අතක් දමාගත්තේය..........
❤️ ඔය ගෑණි එන්න ඇත්තේ අරුන් ටිකත් අරන් මං අදත් හොඳට සෙල්ලම් කරයි කියලා වෙන්න ඇති............ මොකද එතකොට ඒකිගේ බිස්නස් වලට හොඳයිනේ...... ශික් විතරක් බං රූකඩයක් වගේ ගෙවෙන මේ ජීව්තේ මට නම් එපා වෙලා...........
💚 ගණන් ගන්නෙපා අයියේ.... ඊයේ අශ්ලේෂා ගැන එහෙම වැඩියෙන් මීඩියා වල ගියානේ..... ඒකයි ඔය.........
❤️ ඔව් ඔව්.... හිටපන්කෝ මං අද ඕකිට හොඳ වැඩක් කරන්න........ අද වීහේන් උඹ ඉශාන්ත් එක්ක ටිකක් දිගට ඇදලා දෙන්නම ඕනි....... ඊලඟ ටික පොඩ්ඩායි ශධීයි ඇදගෙන යයි......... ඒයි යසස්වි..... ටිකක් එන්න......
යසස්වි යනු ඉන්දිය කණ්ඩායමේ නවතම දග පන්දු යවන්නායි............. වික්‍රාන්ත් ඔවුන්ගේ පන්දු යවන බලඇණියටම කතා කලේය...........
❤️ අද මැච් එක අඩු ගානට කඩන්න ඕනි හරිද....... අද ඔයාලගේ අතේ තමා වැඩේ තියෙන්නේ.......... අපි බලමු මෙච්චර දවස් කරපු දේවල් වලින් ප්‍රයෝජනවත් දෙයක් කරන්න...... මේ වගේ team එකකට 250ක් වත් ගන්න දෙන්න එපා...... තේරුනා නේද කොල්ලනේ........ අපිට පුළුවන්............ අනිවාර්යෙන්ම ඔයාලා තමයි ඒත කරන්න ඕනි............
කාලෙන් කාලෙට මාරුවෙන් මාරුවට විහේන් හා වික්‍රාන්ත් ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරුවත් ඒ සඳහා වඩාත් සුදුසුකම් හා හැකියාව ඇත්තේ වික්‍රාන්ත්ට බව විහේන්ට සිතෙයි............ සියළු සැළසුම් වලට අනුව තරඟය ඇරඹුනි..............
වික්‍රාන්ත්ගේ මග පෙන්වීමෙන් බංගලාදේශ් කණ්ඩායම ලකුණු 250 කට සීමා කරන්නට ඉන්දීය පන්දු යවන්නන් බලඇණිය සමත් විය...........
මඳ වේලාවකින් විහේන් හා ඉශාන්ත් පිටියට පැමිණි අතර,,, ලකුණු අනූ හයේදී පලමු කඩුල්ල ලෙස අදත් ඉශාන්ත් දැවී යද්දි ඔහුගේ මුළු ලකුණු සංඛ්යවෙ 44 කි................
ඉන්පසු පිටියට පිවිසියේ වික්‍රාන්ත් මෙහ්රාය................ මෙහෙන්දිලාට ටිකක් එහායින් ඉන්න සෝනම්ගේ උස් හඬ ඔවුන්ට ඇසේ.....
🖤 My husband went to play now. He's an amazing batsman. He scored 200 yesterday. You can see his talent today.
සෝනම් ඇය අසල සිටි තැනැත්තාට පවසනු සියල්ලන්ටම ඇසුණි.......... ඒ අතර විස්තර විචාරකවරියගේ හඬ ඇසුණි....
🎙🎤🎤 I see Vikrant Mehera's wealthy proud wife in the audience. Surprisingly, I've never seen her like this. This is amazing. Let's see what kind of fortune Vikrant will have.
විස්තර විචාරක වරිය ප්‍රසිද්ධියේම ඇයව අපහසුතාවයට පත් කිරීමට උත්සහ කලා සේ පෙනුනි..........
🖤 කවුද ඒ.... මං අහන්නේ commentator...
🐉 මන්දිරා කියලා කෙනෙක්.........
🖤 ආහ්..ඒ ගෑනිද....
පෙර දින මෙන් වික්‍රාන්ත්ගේ ඉණිම ජව සම්පන්න නොවීය..........
💃 අනේ......මොකද අර වෙලා තියෙන්නේ......
🏵️ අනේ මන්දා බං...... ඇයි මේ වික්‍රාන්ත් අයියා.........
💃 අසනීපයක්වත්ද......
🏵️ මේකි දැක්කම නම් කොහොමත් හොඳින් ඉන්න මිනිස්සුත් අසනීප වෙනවා තමා...........
අසේකා පැවසුවේ සෝනම් දෙස බලාය.......
🏵️ බලපංකෝ හැටි....... තියන මූසල කම විතරක්...... මේකිගේ හෙනේ තමා ඉතින් ඔය මනුස්සයට අද වැදිලා තියෙන්නේ........
💃 අයියෝ අර අක්කේ බලන්නකෝ....
🏵️ මේ................ වික්‍රාන්ත් අයියා අද සෙල්ලම් කරන්නෙ නැත්තේ මේකි උඩ දාගෙන ආව නිසා....... දැක්කනෙ අර commentator කිව්ව දේ...... ඒ ගෑණිගේ කටේ රත්තරන් දාන්න වටිනවා..........
Mustafizur Rahman ගේ පන්දුවක් හමුවේ අවාසනාවන්ත ලෙස වික්‍රාන්ත් දැවී යද්දි ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 9 කි...... මුළු ප්‍රේක්ෂකාගාරයේම බලාපොරොත්තු සුන්ව ගිය ආකාරයක් දක්නට ලැබුණි......... මෙහෙන්දිගේ උගුර සිරවීගෙන ආ වේදනාව ඇයට දරාගැනීමට නොහැකි විය.........
🏵️ ශිට් විතරක්.............මොන අවාසනාවන්ත එකෙක්ද යකෝ අද ground එකට ආවේ...........
අසේකා පැවසූ දෙය සෝනම් හට හොදින් ඇසුනි......... ඇය අසේකා දෙස රෞද්‍ර බැල්මක් හෙලුවාය......... නමුත් අසේකා නම් එය තඹ සතේකට ගනන් ගත්තේ නැක
විස්තර විචාරක වරිය නැවතත් සිය හඬ ගුවනට මුසු කලාය
🎤🎙️🎤 What a misfortune. I thought Vikrant Mehera's wife's fortune would win him over. How unhappy she is. Not every wife can support her husband. Don't worry, you can't.
🏵️ අර විස්තර විචාරය කරන කෙනා මන්දිරා බේදි. ඔයා දන්නවා නේද නංගි එයා..... බලන්නකෝ කිසිම බයක් නැතුව මෙයාට චෝදනා කරපු හැටි..........
වෙනදා පරාජයෙන් මුහුණ හකුලුවා ගන්නා වික්‍රාන්ත් අද ක්‍රිඩාගාරයට ආවේ සිනාමුසු මුහුණින්ය............ ඊලඟට පිටියට පිවිසි ශධීර් විහේන් හා එක්වී දිගු ඉණිමක් ක්‍රීඩා කලේය.............
වික්‍රාන්ත් සෝනම් ලගට ආවේ ඇය කේන්තියෙන් යන්න සූදානම් වූ මොහොතේය.......
❤️ සෝනම්.... යන්නද.........
🖤 තමුසේ මොකෙක්ද වික්‍රාන්ත්....... මාව ලැජ්ජා කලා...... තමුසෙට අද සෙන්චරියක් වත් ගහගන්න බැරි වුනා....... මහ ලොකු ක්‍රීඩකයා......... තමුසෙගේ මුහුණවත් මට පේන්න බෑ......... අපරාදේ ආවේ..... තමුසෙ මගේ තාත්තගේ සල්ලි වලින් තමයි ටීම් එකේ ඉන්නේ නැත්තම් තමුසේ මෙලහකටත් කැපිලා........ ඒ මදිවට තමුසෙ හින්දා අර ජරා ගෑණි මට හැමෝම ඉස්සරහ අපහස කලා......... මට දැන් තමුසෙව ඇති වෙලා... ලෑස්ති වෙනවා divorce එකට............
ඉබ්බා දියේ දැම්මාම ඇන්නැවේ කිව්වා වගේ වික්‍රාන්ත් හිත ප්‍රිතියෙන් පිනා ගියේ අවසන් වචන ටිකට.............
❤️ මටත් තමුසෙව කොහොමත් ඕනෙ නෑ........ දැන් මට පව් නොදී යනවා ආව අතක් බලාගෙන....... මාත් මාර ආසාවෙන් ඉන්නේ තමුසෙගෙන් අයින් වෙන්න.............
🖤 ඇත්තද.............. මං දන්නෑ කියලද හිතන්නේ හේතුව....... තමුසේ එනවකෝ අපි බලාගමු..............
සෝනම් එතැනින් පිටව ගියේ කේන්තියෙන් පුපුරමිනි...............
🏵️ මොකක්ද බං ඒ කිව්වේ....... හේතුව දන්නවා කිව්වේ..........
💃 අනේ මන්දා බං....වික්‍රාන්ත් අයියට වෙන මොකක් හරි එකක් තියනවද දන්නෙත් නෑ.............
ඒක නම් මෙහෙන්දි කිව්වේ විහිළුවට..... වික්‍රාන්ත් එහෙම කෙනෙක් නෙවේ කියලා ඇය දන්නවා.................
🏵️ පිස්සු........මේ ඒකි දැනගෙනවත්ද..... ඊයේ දැක්කාවත්ද..........
💃 මං නම් හිතන්නෙ නෑ.............
🏵️ ඔව් අපි බලමුකෝ......
මෙහෙන්දි වික්‍රාන්ත් දෙස බලාගෙනම සිටියේය...............පලමු
💃💃 දැන් නම් මට තේරෙනවා අයියේ මේ අපේ ආදරේ වරදක් නෙවේ කියලා.......... මං ඔයාට ආදරේ කරන්න ගත්ත තීරණය වැරදි නෑ............ ඔයා හුඟාක්ම පව්.......... මං නම් කවදාවත් ඔයාව අත්හරින්නෙ නැහැ................
ඒ මැච් එක නම් මෙහෙන්දිගේ හිතට එදා තරමි දැනුනේ නැහැ........... සෝනම් ඇවිත් එයාලගේ සතුට විනාස කලා කියලා අසේකත් හැම වෙලාවෙම බැන්නා........ ඒත් වික්‍රාන්ත් ඉක්මනින් දැවී ග්ය එකෙන් ඒ තරඟයේදි ශතකයක් වාර්ථා කරන්න ශධීර්ට හැකියාව ලැබුනා...............
හෙට උදේ තියන ෆ්ලයිට් එකේ කෙල්ලෝ තුන් දෙනා ආපහු දිල්ලියට යන්න තීරණය කලේ ඔවුන්ට wankhede ground එකේ තියන මැච් එක බලන්න මුම්බායි ගියොත් තව දවස් තුනක් වත් ඉගෙනීම පාඩු වෙන නිසා...............
රාත්‍රියේ වික්රාන්ත්ගෙන් ඇමතුමක් එන විට එකොලහට කිට්ටු වෙලා තිබුනා........
💃 අයියේ.............. නිදාගන්නෙ නැද්ද....ආ.....
❤️ නින්ද යන්නෙ නෑ අප්පා............
💃 ඒක නම් ලෙඩක් හොදේ බෙහෙත් ගන්න වෙයි..............
❤️ හෙට අපි එක්ක යනවා නේද......
💃 අනේ නැහැ අයියේ අපි ගෙදර යනවා....... අක්කා විතරක් යයි සමහර විට............
❤️එතකොට ඔයාලා.......
💃 එහෙ ගියොත් තව දවස් තුනක් වත් අපේ studies පාඩු වෙනවා අයියේ........
❤️ ඒකත් ඇත්තනේ මට අමතක වුනා....... මගේ කෙල්ලට නටන්නෙ නැතුව ඉන්න බෑ කියලා.........
💃 අයියා........ මං දන්නවා ඉන්නේ ටිකක් අවුලෙන් නේද ඔයා....... ඔයාව වටින්නෙ නැති අය කියන කතා එච්චර ගනන් ගන්නෙපා........ ඔයාගේ ගමන ඔයා යන්න........ ඔයාට දිනන්න බැරි නම් වෙන කාටවත් ම බෑ........... ඔයා තමයි අපිට ඉන්න දක්ෂම කෙනා........ ඒ වගේමයි අනිත් පොඩි අයට ඉන්න ගුරුවරයා...... ඒ හින්දා ඔයා ශක්තිමත්ව ඉන්න ඕනි..........
❤️ ඉස්සර නම් මං ඒවා ගැන හුගක් හිතුවා දුක් වුනා....... ඒත් දැන්...... අද එහෙම නෑ..........මොකද මටත් පාර කියන පුංචි තාරකාවක් ඉන්නවනේ........ මගේම කියලා තාරකාවක්......... ඒ හින්දා හැමෝම කැමති හැමෝම ගාවට යන හඳක් ඕනෙ නෑ......... පුංචි තරුව මගේ....... ඒ එළිය මගේ.......... මගේම විතරයි............. මට විතරමයි අයිති.............
වික්‍රාන්ත් ඒ ටික කිව්වේ හරියට කවියක් වගේ............... මෙහෙන්දිත් ඒ වචන අහන් හිටියේ හරියට දැහැනකට සම වැදිලා වගේ............
💃 ඒ පුංචි තරුව හැමදාම ඔය අහසේ තියාගන්..න.....අ.....යි...
ඒක කියද්දි නම් කෙල්ලට හොඳටම ඇඬුනා.......... මොකද ඒ හිත තුල ඇයටවත් දරාගන්න බැරි තරම් ආදරයක් තිබුනා වික්‍රාන්ත් වෙනුවෙන්.......
❤️ මේ මොකද......... අනේ sweetie..... please don't don't cry ok...... අඬන්න එපා.... මං නිසා ඇඬුවොත් ඒක මට නම් කොහොමට වත් දරාගන්න බැරිවෙයි.......... කෝ ඉතින් අඬන්න එපා බබා...............
💃 අයියා දැන් නිදාගන්න..... ගොඩක් රෑත් වෙලා............. අපි හෙට උදේ යනවා........ යන්න කලින් එක පාරක් වත් මට දකින්න එනවද අයියේ............
❤️ යන වෙලාවට මං එන්නම්........ ම්ම්ම්ම්........ නිදාගන්න දැන්.........
දෙන්නම ඇමතුම විසන්ධි කලේ හිතේ මහා ගොඩාක් බර තියාගෙන..........
🎶 🎤🎙️🎶
තව එක සැරයක් ඔබ හමුවන්නට ඇත්නම්
නොසඟවා පවසන්නම් ඔබට ආදරෙයි මං
නැහැ ඉවසිල්ලක් සිත ඔබ විමසනවා දැන්
කුමක් කරන්නද මං ඔබට ආදරෙයි නම්
විලේ නෙළුම් මල් කොපමණ තිබුණත්
එක මලකට පෙම් කළ සිතින්
නෙලන්න ආසයි දෝතින් ඒ මල
මගේම වන්නට හැමදාමත්
තව එක සැරයක් ඔබ හමුවන්නට ඇත්නම්
නොසඟවා පවසන්නම් ඔබට ආදරෙයි මං
පාළුව තනිකම මට වද දෙන විට
කෙලෙසද මා එය ඉවසන්නේ
ළඟින් නොසිටියත් දෙතැනක සිටියත්
ඔබේ සුවඳ මා ළඟ රැඳුණේ
තව එක සැරයක් ...........
මෙහෙන්දි නිදාගන්නට සැරසුනා පමණි..... නැවතත් ඇගේ දුරකතනය නාද වන්නට විය............ මුහුණතේ් වූ අංකය ඇය හඳුනන්නේ නැත......... එනිසා අැය ඒ ඇමතුම මඟහැරියාය......... නමුත් නොනවත්වාම ඉන් ඇයට ඇමතුම් පහක් පමණ ලැබුණි...............
💃💃මොන කරදරකාරයෙක්ද මේ මහ රෑ..............
අැය ඇමතුම සම්බන්ධ කර ගත්තාය...
මෙහෙන්දි මං.............. මං.... මාහීර් අයියා...........
💃 අා..... අයියේ මේ ඔයාද මං ඒත් කවුද බැළුවා මහ රෑ ගන්නේ.
💘 නිදාගෙනද හිටියේ.........
💃 නිදාගන්න නම් තමයි හැදුවේ අයියා ගත්තේ හදිස්සියක්වත්ද.... අශ්ලේෂා අක්ක phone එක answer කරන්නේ නැද්ද.........
💘 හ්හ්ම්ම්ම්... මං ගත්තේ ඔයා කොහෙද කවදද එන්කෙ බලන්න නංගි... මට ඔයාට කියන්න දෙයක් තියනවා...
💃 අපි හෙට එනවා අයියා........
💘 හරි එහෙමද එහෙනම්..... ම්ම්ම්.. මං තියන්නම්...... අපි හෙට හවසට කතා කරමුකෝ
ඇමතුම විසන්ධි කලත් මෙහෙන්දිට ඒ කතාවේ අමුත්තක් දැනුනි...............
💃💃 අනේ මන්දා මෙයා මේ මොකාටද එන්න හදන්නේ.......... අනේහ්...... මාහීර් අයියේ ඔයා ත් ඔය හදන්නේ ආදරෙයි කියන්න නම් දෙවියන්ගේ නාමෙට ඒක එපා........... මොකද ඔයත් හරිම පව්........
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
පහුවදා උදෙන්ම තිබුණු ෆලයිට් එකට යන්න ඔවුන් තිදෙනා රාජිව් ගාන්ධි ජාත්‍යන්තර ගූවන්තොටුපලට එන විට වික්‍රාන්ත් සහ ශධීර් ඇවිත් හිටියා......... ඔවුනුත් උදෙන්ම යනවා කියලා කිව්වට කොහොම හරි එක මොහොතක් වත් මෙහෙන්දිව බලලම යනවා කියලා වික්‍රාන්ත් හිතුවා..............
ඒත් ඔවුන් දෙන්නා බයේ හිටියේ කෙල්ලෝ තුන් දෙනා දාන්න විහේන් එයි කියලා........ වාසනාවට විහේන් ව කැඳවලා තිබුනා ප්‍රධාන පුහුණුකරු විසින්............
💚මොකද මේ නිකම් වහින්න වගේ ආ.......
ශධීර් ඇසුවේ මෙහෙන්දිව පෙන්වමිනි......... ඇත්තටම ඇගේ මුහුණ සොවින් අඳුරු වී තිබුනි........... වික්‍රාන්ත් ඇය අසලට ගියේ තමා වචනයක් හෝ තවත් කතා නොකලොත් ඇගේ ඇසෙන් වැටෙන්න ඔන්න මෙන්න කියා තිබෙන කඳුළු කැට වැටෙයිදෝ බියෙනි.............
❤️ පරෙස්සමින් යන්න....... ගිහින් මට කතා කරන්න හොඳද..........
මෙහෙන්දි ඔළුව වැනුවා පමණි............. හඬා මේ මොහොත මූසල කරන එක නුසුදුසුයි කියා සිතුනු බැවින් මෙහෙන්දි යලිත් කතා කලාය.........
💃 අයියේ........... එදා පලවෙනි දවසේ වගේ හොඳට සෙල්ලම් කරලා මගේ අයියා මේ tournament එකේ trophy 🏆 එක අපිට ගෙනත් දෙන්න ඕනි හොඳද...............
❤️ ඔන්න ඔහොම ඉන්න නංගි........ මං ආසා නෑ ඔයා දුකෙන් ඉන්නවට........ මං ඒකට හරි බයයි....... මං ඇත්තටම හුඟක් වද වෙන්නේ ඔයාට දුක් විදින්න වෙයිද කියලා............
💃 දුක නම් විදින්න බැරි යැ අයියේ........ හැබැයි මට එහෙම වෙලා හරි අවසානෙදි ඔයාව ලැබෙන්න ඕනෙ...........
❤️ මං ඒකට කරන්න පුළුවන් හැමදේම කරනවා........ මට මේ tournament එකට යන කාලය විතරක් දෙන්න........ හැමදේම හරිග්ගස්සන්නම් මං..........
💃 මට ඔයාව විශ්වාසයි අයියේ.............. ඔයාටත් මාව සම්පූර්ණයෙන්ම විශ්වාස කරන්න පුලුවන්.......... මං ඔයාට විතරයි ආදරේ................ ඔයාටම විතරයි......... වෙනස් වෙන්නෙ නෑ කවදාවත්
💚 වික්‍රාන්ත් අපි යමු දැන්..... හුඟක් වෙලා ගියා....... ඉතුරු ටික උඹලා දෙන්නා tournament එකෙක් පස්සේ කතා කරගනිල්ලා................
ශධීර් එතැනට ආවේ කොහොමත් ෆලයිට් එකට වෙලාව හරි නිසාය................ කොල්ලෝ දෙන්නා නැවතත් සිය මිතුරු පිරිස හා එක් වෙද්දි........ සහස්දි මෙහෙන්දි හා අසේකා නැවතත් දිල්ලිය බලා පැමිණියහ..................
🌸🍃🌸🍃🌸🍃🌸🍃🌸🍃🌸
ඉන්දියාව + නවසීලන්තය + බංග්ලාදේශය අතර පැවති තුන් කොන් සටනේ අවසන් මහා තරඟය අදය................ එය පැවැත්වෙන්නේ ඉන්දියාවත් නවසීලන්තත් අතරයි.........
🏵️ නංගි තමුසෙ එන්නෙ නැද්ද මෙන්න පටන් ගන්න යන්නේ...........
අසේකාගේ හඬ සාලය පුරා රැව් දෙන්නට විය............. සහස්දිත් අසේකාත් පඩිපෙල බැහැගෙන විත් ඇය සිටි සෙටියේ වාඩිවුනේ තරමක වේගයෙනි.........
🏵️අලි දෙන්නෙක් දඟලනවා වගේ තොපි දෙන්නා මෙතන...........
අසේකා ඔවුන් දෙස රවා බලමින් කිව්වේය...................
🌸 යකෝ මේක නම් පුදුම හතෙන් එකක්.......... කවදා ඉඳන්ද බං උඹලා මැච් බලන්නේ............
සාශේන් හා මාහීර් දින තුනක ව්‍යාපාරික සමුළුවකට ගොස් ආවේ අදය............ මෙහෙන්දිගේ දීප්තිමත් දෑස් රූපවාහිණි තිරයේ ඇඳන වික්‍රාන්ත් ගේ රුව මත තියෙද්දි මාහීර්ගේ ඇස් තිබුනේ මෙහෙන්දිගේ සඳ වගේ මුහුණ මත........... මැච් එක බලන අස්සෙත් අසේකා ඇගේ ඇන්ටනාව දාගෙන හිටියේ මාහීර් දිහාවට....... දැන් නම් ඇයට සක්සුදක් සේ විශ්වාසයි මාහීර් මෙහෙන්දියාට ආදරය කරනවා කියලා.........
🏵️🏵️ මොන මගුලක් වෙයිද දන්නෙ නෑ ...... දැන්................ බයත් හිතෙනවා....... මේකි විසඳගන්න බැරි පඹ ගාලක පැටලෙයිද මන්දා මෙහෙම ගිහින්..............
තරඟය ආරම්භ විය....... අද නම් විහේන් මත වාසනාව රැදුනේ නැත......... කේන් විලියම්සන් ටොස් එක දිනූ අතර පලමුව පන්දුවට පහර දීමට අවස්ථාව ඉන්දියාවට ලබාදුන්නේය..............
ආරම්භක පිතිකරු යුගලය වන විහේන් හා ඉශාන්ත් සංයමයෙන් ශක්තිමත් ඉණිමක් ක්‍රීඩා කලත් අවාසනාවන්ත ලෙස විහේන් trent boult ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.......... ඉන් පසු පිටියට පිවිසියේ වික්රාන්ත්ය............
💘 දැන් නම් ඉතින් තියෙයි නිකම් මල් වෙඩි සංදර්ශණයක් වගේ............ වික්‍රාන්ත් ආවනේ..........
මාහීර් කිව්වේ ඔහුත් සම වැදිලා වගේ රූපවාහිනි තිරය දෙසත් බලාගෙනය.......
ඔහු පැවසූ ලෙසටම වික්‍රාන්ත් ඔහුගේ සුපුරුදු ක්‍රිඩා විලාශයට පැමිණි සිටියේය.............
විහේන්ගේ දැවී යාමෙන් පසු කිරන්,,, ශානත්,,, ආධිත්‍ය,,, අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාම ඉන්දිය පිලට ගෙන ආවේ අවාසියකි............ නමුත් ඔහුට එක්වූ ශධීර් පස් වෙනි කඩුල්ලට අගනා සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියේය................. අවසානයේදී ඉන්දීය ඉණිම තුන්සිය දෙකක් බවට පත් කර ගැනීමට ඔවුන්ට හැකි විය.............
🌺 අඟේ ලේ වතුර වෙලා හිටියේ බං වික්‍රාන්ත් අයියයි ශධීර් අයියයි නැත්තම් අපි ඉවරයි..................
නමුත් මෙහෙන්දිගෙන් වත් අසේකාගෙන් වත් ඇයට පිළිතුරක් නොලැබුනේ දෙන්නා කන්න වගේ රෑපවාහිණිය දිහා බලන් ඉන්න නිසයි.................
නමුත් නවසීලන්ත ඉණිම බැලීමට මාහිර් නොසිටියේය.............. ඔහු මෙහෙන්දි ලඟට ගොස් වාඩ් විය...........
💘 කොහොමද නංගි.............. හයිද්‍රාබාද් ගමන හොඳයි නේද කරදරයක් වුනේ නැහැනේ......
💃 නෑ අයියේ.............. ඒ ගමන නම් මාර හොඳයි........ඉතින් ඔයාලගේ ගමන කොහොමද සාර්ථකද.........
💘 ඔව් ඒක සාර්ථකයි...........
💃 එහෙම වෙන්න එපැයි ඉතින් ඔයාලා දෙන්නානේ අපේ තාත්තිගේ ශක්තිය............
💘 මට කියන්න දේකුත් තියනවා................. ම්ම්ම්ම්ම්......එක්කොත් ඒක මං පස්සෙම කියන්නම්...... මං යන්නද එහෙනම්........ අපේ නංගි තාම කල්කටා වල නේද.....
💃 ඔව් අයියේ අක්කා නැවතුනා..............
💘 මං යනවා...........
දොරටුව අසලට ගිය මාහීර් ආපහු හැරී බැලුවේය....... මෙහෙන්දි ඔහු දෙසම බලා සිටී..........
💘හෝලි උත්සවයට තව සතියයිනෙ තියෙන්නේ.......... මං එදාට හැමදේම කියනවා........ හෝලි උත්සවය කියන්නේ ආදරයේ උත්සවයලුටනේ......
මාහීර් සිතුවේය...................
ඔහු පිටව යන දෙස මෙහෙන්දි බලාගෙනම සිටියාය................. මාහීර් තමන්ට පවසන්නට සැරසෙන්නේ කුමක්දැයි ඇයට ඇත්තෙන්ම ගැටලුවක් වුනත් ඒ ගැන ඇය එතරම් හිතුවේද නැත......... අද තම මුළු හදවතම වික්‍රාන්ත් වෙනුවෙනි........ එමෙන්ම මේ මුළු ජීවිත කාලයම කිසිවෙකුට රිංගාගැනීමටවත් නොහැකි ලෙස වික්‍රාන්ත් හට ලියාදී අවසන්ය........... ඇය මේ බලා ඉන්නේ ඉක්මනින් ඔහු හමුවන්නටය........... ඔහු හා දොඩමළු වන්නටය........ අනාගතය ගැන ඔහු හා එක්ව හීන මවන්නය...............
තුන්කොන් තරගාවලිය ජය ගත්තේ ඉන්දිය කණ්ඩායමයි.............. වික්‍රාන්ත් මෙහෙරා හැමදාමත් වගේ සිය දක්ෂතාවය පෙන්නුම් කරමින් මෙවරත් තරඟාවලියේ වීරයා සම්මානය දිනාගත්තේ මෙහෙන්දිගේ හදවත අහිංසක සතුටකින් පුරවමිනි...............
හෙට ඔවුන් යළිත් මෙහි පැමිනේ..........
❤️💃❤️💃❤️💃❤️💃❤️
එදින උදාවූ සුන්දර බදාදා දිනයකි............. කෙල්ලෝ තුන් දෙනාම සූදානම් වුනේ කැම්පස් එකට යන්නටයි.......... මේ දින වල ඔවුන් ඉතාමත් ඕනෑකමින් ඉගෙනීමේ යෙදෙන්නේ නුදුරේදී පැවැත්වීමට අපේක්ෂාවෙන් සිටින අරංග්රේත්රම් එක සඳහායි............
🏵️ මෙහෙන්දි............. වික්‍රාන්ත් අයියා කතා කලා නේද...... එයාලා ඇවිත්ද
💃 ඔව් පාන්දර තමයි ආවේ නම්....... ඇයි අක්කා මොනා හරි අවුලක්ද........
🏵️ ශධීර් තරහවෙලා............
💃 ඒ මොකෝ...........
🏵️ අද කැම්පස් එක ගාවට එන්න ඇහුවා...... මං එපා කිව්වා.......
💃 හ්ම්ම්ම්ම්.... ඒකද මේ.... ඒක තරහ ගන්න දෙයක් නෙවේනේ............
අසේකාගේ දුරකතනය නාද වූයේ ඔවුන් කතා කරමින් පහලට එන විටය.........
🏵️ මේහ්....... ශධීර්
ඇය ඇමතුම සම්බන්ධ කරගත්තාය...........
💚 phone එක දෙනවා නංගිට...........
ශධීර් පැවසුවේ ඉතා සැරෙනි............ අසේකාගේ හිත හොඳටම රිදුනු බැවින් ඇය දුරකතනය මෙහෙන්දි වෙත දිගු කලේය...............
💃 අයියේ.......
💚 නංගි................ වික්‍රාන්ත්ට කතා කරන්න ඕනැ කියනවා ඔයා එක්ක මොකද කරන්නේ...... අපි එන්නද.........ඔතන අවුලක් වෙයි කියලා හිතනවා නම් අපි කොහේට හරි ගිහින් කතා කරමුද............
💃 වෙන තැනකට ගිහින් කතා කරනවට වඩා මෙතන හොඳයි කියලත් හිතෙනවා අයියේ......... ඒ්ත් ඒක හරිත් නෑ ඉතින්............
💚 මේ.... මං දන්න තැනක් තියනවා මේ ලඟ වැඩියේ කවුුරුත් යන්නෙ නැති තැනක්.............පස් දෙනාම ටිකකට එතෙන්ට යමුද....... මොකද වික්‍රාන්ත්ට ටිකක් කතා කරන්නම ඕනෙයි කියනවා නංගි....... ඌ මේ වෙලාවේ විහේන් එක්ක ලොකු කතාවක්........ අනිත් එක ඊයේ මැච් එක බලන්නත් සෝනම් ඇවිත් හිටියා අපි ඔයාට කිව්වෙ නෑ........ එතන පොඩි කතාබහකුත් වුනා..... මොකද ඊයේ වික්‍රාන්ත් සෝනම්ට ප්‍රසිද්ධියේ ම බැන්නා.......... දැන් ඇත්තේ හොඳටම තරහෙන්..............
💃 එහෙනම් අයියා ඇත්තේ හොඳටම තරහෙන්...... ඇත්තටම ඇයි අයියේ මේ සෝනම් අයියට මෙහෙම කරන්නේ...... ඒ දෙන්නා කවදාවත් ආදරෙන් ඉදීයේ නැද්ද...........
💚පිස්සුද බං හැමදාමත් නයයි මුගටියයි වගේ හිටියේ........... මේ වික්රාන්තගේත් මෝඩ වැඩ බං.......... ශේෂ් සක්සේනා ඌට මේකි ගැන යෝජනාව කරද්දිත් වික්‍රාන්ත් ටීම් එකේ තැනක් හදාගෙන හිටියේ.... මේකාගේ ප්‍රසිද්ධිය තමා ඉතින් ඔය කසාදෙට හේතුව........... කවුද දන්නේ බං මේ දෛවය උඹව ගෙනත් උගේ ජීවිතේ ඉස්සරහ තියයි කියලා...........
💃ශධීර් අයියේ................... අපිට කවදාවත් එකතු වෙන්න බැරිවෙයි නේද........
💚 එහෙම කියන්න එපා නංගි.......... මං නම් කියන්නේ වෙන්න ඕනෙ හොඳම දේ වෙයි.............. වික්‍රාන්ත් වෙනුවෙන් ඉපදුනු කෙනා ඔයා නංගි.......... ඔයාට ඇර කාටද එයාව අයිති වෙන්න ඕනි........
💃 මට නම් දැන් බයත් හිතෙනවා අයියේ......
💚 අපි ඉන්නවනේ බං................ බලමු නේද............ එහෙනම් අපි ඔතෙන්ට එන්නම්.........
💃 එපා අර තැන කියන්න අපි එන්නම්.......
💚 හා මං msg එකක් දාන්නම්..........
ශධීර් සමග කල කතා බහ ඇගේ සිත අවිනිශ්චිත බවින් පුරවා දැමීය........... තමා හිතනවාට වඩා මෙය අමාරුය....... ආදරය කලාට එය දිනාගැනීම අතිශයින් අමාරුය.................
💃 අක්කේ............. එයා කියන තැනට යමුද........
🌺 යමු යමු.........
සහස්දි ඉස්සර වූවාය................ දහවල් දොලහට පමණ මෙහෙන්දි.. අසේකා හා සහස්දි ශධීර් විසින් පැවසූ ස්ථානයට ආවෝය................. එතැන නිස්කලංකය ඊටත් වඩා ගුප්තය............. එයට ඔබ්බෙන් ඇත්තේ යමුණා ගංගාවේ පුංච් ශාඛාව.............
🌸🌸🌸 මතු සබැඳියි
No comments:
Post a Comment