ඔහු මහීම.......... #මහීම_සෙනෙවිරත්න නොම්මර එකේ අමු ක්‍රිකට් පිස්සෙක්...... සිංහල ජාතිකයෙක්..... ඔහුගේ පියා තමයි තරින්ද සෙනෙවිරත්න.......... මෙහෙන්දිගේ අම්මාගේ එකම සහෝදරයාගේ පුතා තමයි මහීම...... මහීම මේ හයිද්‍රාබාද් වලට ආවේ බිස්නස් වැඩකට වුනත් මැච් එකක් තියනවා කියලා දැනගත්ත ගමන් ඒක බලන්න ආවා.............. හරිම අහම්බයකින් වගේම හරියට දෛවයේ ලියවිලා තියනවා වගේ මෙහෙන්දිව මහීමගේ නෙත ගැටෙන්නේ........මහීම වත් ඔහුගේ පියාවත් විහේන්ගේ විවාහ මංගල උත්සවයට ආවේ නැත්තේ තරින්ද සෙනෙවිරත්න අපූර්වාගේයි ප්රතාප්ගෙයි විවාහයට තදින්ම විරුද්ධ වු නිසාත් අකීකරුකමට ප්‍රතාප් හා විවාහ වූ බැවිනුත්ය එනිසා මහීම මේ සිටින්නේ තම නෑනා බව නොදනී......
🌸 කවුද බං..........
🥀 ඔය ඔතනම ඉන්නේ නිල් පාට ටීෂර්ට් එක ඇඳන්......
🌸 උන් තුන්දෙනාම නිල් ඇඳන් ඉන්නේ තුනම එක වගේම ලස්සනයි........
🥀 මේ අයිනේ ඉන්න එක්කෙනා.......
🌸 කතා කරන්නද.....
🥀 පිස්සුද බං උඹට....... එයාලා සිංහල... මට ඇහුනා සිංහලෙන් කතා කරනවා.....
🌸 මේ ලස්සන හින්දු කෙල්ලෝ බං... හීනෙන් වෙන්නැති මගේ හිතේ උඹට සිංහල ඇහෙන්න ඇත්තේ..........
මහීමගේ මිතුරා කලණ පැවසුවේ ඔහුට අවඥාවට සිනාසෙමිනි....... ඔවුන්ගේ අවධානය තරඟයට යොමු වුනේ නවසීලන්ත ඉනිම අවසන් වු බැවිනි...... ඉන්දියාවට තිබුනේ ලේසි පහසු ඉලකකයක් නොව ලකුණු 376 ක ඉලක්කයකි................
🏵️ මේ ඔන්න ඔතන ඉන්න හිපාටුවා උඹ දිහා කන්න වගේ බලන් ඉන්නවා මෙහෙන්දි......
💃 මොකාද........
🏵️ ඔය ඉන්නෙ බං නිකම් නළුවෙක් වගේ එකෙක් මු නම් සිංහල වගේ...... බලපංකෝ පෙනුම....... අර වගේ ඉන්දියානු පෙනුමක් නම් නෑ..........
නමුත් නැවතත් තරඟය ආරම්භ වූ බැවින් ඔවුන් යලිත් ඔල්වරසන් දෙන්නට විය............. ඉන්දිය ආරම්භක පිතිකරු යුගලය නායක විහේන් ශර්මා සහ ඉශාන්ත් සිංහා.......... පිටියට පිවිසියේ හැමෝගේම බලාපොරොත්තු දල්වමිනි............
විහේන් හා ඉශාන්ත් ආරම්භ කලේ ඉතාමත් වේගවත් ඉණිමකි.............
🌸 විහේන් ශර්මා කියන්නේ උඹේ මස්සිනා නේද මහීම....... ඌ පටිට බැටා..........
🥀 හ්ම්ම්ම්ම්... එත් අපි හඳුනන්නෙ නෑ.......... මාර බැදීම් බං ඒවා..... අපේ තාත්තලාගේ වැරදි..........
නමුත් ලකුණු එකසිය දොලහේදි අවාසනාවන්ත ලෙස ඉශාන්ත් දැවී ගියේය........... ඉන් පසු පිටියට පිවිසියේ වික්‍රාන්ත් මෙහ්රා ය............ වික්‍රාන්ත් මෙහෙන්දි අසලින් යන විට ඇගේ හදවත මොහොතකට නැවතුනා සේ දැනුනි........
💃💃 අනේ අයියේ........ ඔයාගේ බැට් එකෙන් අද ලකුණු දෙසීයක් වත් ගහන්න ඕනි අපට දිනන්න.............
මෙහෙන්දි දෑස් පියාගෙන දෙවියන් වැන්දාය............. අසේකාට ඇය මිමිනූ දේ ඇසුනු බැවින් ඇගේ මුවට සිනාවක් ආවේ නිතැතිනි.........මොහොතකින්
ඉන්දියාවට ජය ගන්නට තවත් ඇත්තේ ලකුණු පහකි............. මේ අවසන් ඕවරයේ අවසන් පන්දුවයි.......... මුළු රාජිව් ගාන්ධි ක්‍රිඩාංගනයම නිහඬය...... ඉඳිකටුවක් වැටෙන හඬ පවා ඇසෙන තරමට නිහඬය............. මෙහෙන්දිගේ අතක් තිබුනේ සිය පපුව මතය........... මොකද පන්දුවට පහර දෙන පැත්තේ ඉන්නේ වික්රාන්ත්ය.......... කොහොමත් මෙහෙන්දිට පරාජය නම් දරාගත නොහැක....................
💃💃 අනේ මගේ රත්තරනේ ඔයාට පුළුවන්......... එක හයක් විතරයි ඕනේ............
මුළු මහත් ඉන්දියාවම අමන්දානන්දයට පත් කරමින් වික්‍රාන්ත් මෙහ්රා විසින් එල්ල කල පහර හයේ සීමාවට උඩින් වැටුනේ ඉන්දියාවට ජය අත් කර දෙමිනි.................. මුළු ප්‍රේක්ෂකාගාරයම එකම කෑ ගැහිල්ලකි............. ලකුණු පුවරුවේ විහේන්ගේ නමට ඉදිරියෙන් ලකුණු 109ක්ද,, වික්‍රාන්ත්ගේ නමට ඉදිරියෙන් ලකුණු 205ක්ද සටහන්ව තිබුණි.........
🏵️ යකෝ...... ඔය කටෙන් නරක දේවල් නම් කියන්න එපා........
💃 ඇයි...............
🏵️ ඇයි කියන්නේ ඉස්සර වෙලා උඹ කිව්වා නේද වික්‍රාන්ත් ගේ බැට් එකෙන් දෙසීයක් වත් ගහන්න ඕනි කියලා
💃 ඔව්......... ඇයි බං එහෙම කිව්ව එක වැරදිද..........
🏵️ නෑ මෝඩියේ මං කිව්වේ උඹ වැරදි දෙයක් කිවොත් ඒකත් වෙයි කියලා ඒ තරම් කට වහ...........
මෙහෙන්දි සිය බෑග් එකට අත දමා සින්ඩරෙල්ලාගේ පොත අතට ගත්තාය.........
🏵️ කොහේද කලබලේ යන්න හදන්නේ.....
💃 මං වික්‍රාන්ත් අයියගෙන් ඔටෝග්රාෆ්ට් එකක් ගන්න යනෝ.............
මෙහෙන්දි දුවගෙන ගොස් ඔහු ලඟට ඇදෙන පුංචි දරුවන්ට එකතු වූවාය......... නියම මෙහෙන්දි කලකට පසු ඇවිත් තිබේ........ මේ දඟකාරකම ඇයට උපතින්ම ලැබුණු දෙයකි..........
ඇත්තටම වික්‍රාන්ත් හෝ විහේන් ඇයව දුටුවේ නැත......... හැබැයි දුටුවත් බැලූ බැල්මට හඳුනා ගැනීමට නොහැකි වන්නේ ඇය අද ඇඳ සිටින්නේ බටහිර පන්නයේ ඇඳුමක් වන බැවිනි.............
අවසානයට වික්‍රාන්ත් හට පොතක් දිගු කලේ ඇයයි....... වික්‍රාන්ත් ඇය දෙස නොබැලුවත් ඇගේ අතෙහි තිබුණු සුන්දර තරු එල්ලුණු වලල්ල දුටු ඔහුට හිස ඔසවන්නේ නැතුව සිටිය නොහැකි විය.................. දෙදෙනාටම සිනාගියේ එක්වරමය............. වික්‍රාන්ත් ඇය දැක පුදුම වුනාටත් වඩා අපමණ සතුටට පත් විය........... නමුත් ඔහු පොත අරන් තමා දෙසට හරවාගෙන ටිකක් වෙලා අරන් මොනාද ලියුවේය......... ඉන්පසු පොත වසාදමා ඇගේ අතින් තැබුවේය.............
❤️ හිතාගන්න වත් බෑ........ ඔයා ආවා කියලා.......
💃ඔයා සප්‍රයිස් වුනේ නැද්ද අයියේ
❤️ හ්ම්ම්ම්ම්ම්......... ඔයා කොහොමත් මට මේ ජීවිතේ ලැබුණු ලොකු සප්‍රයිස් එකක් තමයි නංගි.............
💃 මං ඔයාට සුභ පතනවා අයියේ........ ඔයා කොච්චර අපිට වටිනවද......... ඒ විතරක්ද අපි කොච්චර ඔයාට ආදරෙයිද.......... මට හරිම සතුටුයි...... හරීම සතුටුයි...........
❤️ මේ හැමදේකටම වඩා මට සතුටු හිතෙන දේ මොකක්ද දන්නවද........ අද වගේ දවසක ඔයා මගේ ගාව ඉන්න එක............. මට ඔයා එක්ක කතා කරන්න ඕනි..............
නමුත් වික්‍රාන්ත්ට ඇය හා වැඩි වේලාවක් කතා කිරීමට නොහැකි වුනේ එතැනට විහේන් පැමිණි බැවිනි..........
🌷 මේ ඒ පාර ඔයාලාත් ඇවිත් අපිව හොල්මන් කරනවානේ නංගි........
විහේන් එතෙන්ට ආවේ එසේ කියාගෙනය.......... .
🌷 තුන් දෙනා කොතනද හිටියේ..... අක්කා ගාව හිටියේ නැහැනේ....... එනවා යන්න එතෙන්ට....... මේ කොල්ලෝ ගොඩේ ඉන්නෙ නැතුව.............
අවසානේ කෙල්ලෝ තුන් දෙනාටත් උඩ VIP Seat වලට යන්නට සිදු විය............
මහීම ඔවුන් දෙස බලා සිටියේ පුදුමයෙනි..........
🥀 එයා කවුද........... විහේන්ගේ............. මේ විහේන්ගේ කවුරු හරිිම තමා........ අර උඩ ඉන්න කෙනා වයිෆ් නම් මේ එයාගේ නංගිවත්ද...........
මහීමට එසේ සිතුණි.......... මුහුණත් බෙරි කරගෙන උඩ අශ්ලේෂා සිටින තැනට යන මෙහෙන්දි දෙස වික්‍රාන්ත් බලාසිටියේ හිනාවෙන් ආදරය පිරුණු දෑසිනි............. සිය හදවතේ අස්සක් මුල්ලක් නෑරම මේ දඟකාර හැඩකාර ආදරණිය අසෙනිය කුසුම අයිති කරගෙන බව ඔහුට සිතේ..............
මෙහෙන්දි නොඉවසිල්ලෙන් හිටියේ වික්‍රාන්ත් මොනවද පොතේ ලියුවේ කියලා බලන්න......... ඊටත් වඩා අසේකටයි සහස්දිටයි තිබුනේ පුදුම ඕනැකමක්............ නමුත් ඒ ලියපු දේ මෙහෙන්දිගේ නෙත් කඳුලින් තෙමයි කියලා නම් ඔවුන් හිතුවේ නෑ.......... ඒක ඇත්තටම දුක්බරම වචන ටිකක්..........
💘 අතින්වත් අත
නොඅල්ලා
අපි කොහොම
බැඳුනාද මන්දා
අත්හරින්නෙම නෑ
ඒ නිසා........
රිදි රිදී සනහනා
ආදරේ......
මැරි මැරී ඉපදෙනා
ජීවිතේ..........
එහි ලියලා තිබුනේ ඔය වචන ටික තමයි.......... ඒක වික්‍රාන්ත් ගේ ඇත්තම ඇත්ත පලවෙනිම ආදර අත්දැකීම............ ඔවුන් දෙන්නට දෙන්නා බැඳුනේ අතින්වත් අත නොඅල්ලා තමයි............
💃💃💃ඔයා මට මේ තරම් ආදරෙයිද අයියේ
ඉශාන්ත් සමගින් ඈත පිට්ටනිය දිහා බලාගෙන ඉන්න වික්‍රාන්ත් දිහා බලාගෙන මෙහෙන්දි හිතුවේ ඇගේ පපුව වේදනාවෙන් හිරවෙද්දි................
අහම්බෙන් ඇගේ දෑස් වික්‍රාන්ත්ගේ දෑසත් එක්ක හමුවුනා.......... වික්‍රාන්ත් ඇස් දෙකෙන් ඇහුවේ ඇයි කියලා............... කෙල්ල මොනවත් නෑ කියන්න හිස දෙපසට වැනුවා..............
🎤🎤 We invite both teams to come to the stadium soon. The Indian team won a great victory today.
විස්තර විචාරකවරියගේ හඬ නැවතත් ඇසේ........... පරාජයට පත් නවසීලන්ත කණ්ඩායමේ නායකයා මුලින් කැඳවූ අතර දෙවෙනියට ප්‍රකාශයට පත් කරන්නට ඇත්තේ තරඟයේ වීරයා කවුරුන්ද කියායි..........
🎤🎤 Our great hitman........ Vikrant Mehra wins the Man of the Match award.... come forword vinu........
ඔහු කුසලානය ගනිද්දි මෙහෙන්දිගේ මුහුණින් සතුට දෝරෙ ගලමින් තිබුණි..................
ඉන්පසු පැමිණියේ ජයග්‍රාහී කණ්ඩායමේ නායකයාට තිළිණ ලබාදීමයි..............
🎤🎤 What Vihen would say is really the secret of this fortune.
විස්තරවිචාරකවරිය නැවත අසයි.......... අද නම් අයියාට ඇගෙන් ගැලවුමක් නැත.........
🌷 It was my sister's blessing. You wanted to see her.
🎤🎤Of course I want..
🌷My sister is next to my wife in the audience.
සියළු කැමරාවන් මොහොතකින් කෙල්ල දෙසට හැරවීය.......... එයට නම් වික්‍රාන්ත් හට කේන්ති ගියේය........ නමුත් ඔවුන්ට බොහෝ ආසන්නයේ කැමරා තිබුනේත් නැත...... ඊටත් වඩා ඇය සිය හිස ආවරණය කරගෙන සිටියාය........ එය ඔහුට සැනසීමක් විය.............
🥀 එහෙනම් ඔයා...... විහේන්ගේ නංගි....... මගේ නෑනා...... එහෙම නේද..... අනිත් දෙන්නා එතකොට ශාරධා නැන්දගේ දුවලා දෙන්නා වෙන්න ඇති.......... හ්ම්ම්ම්ම්ම්..... නෑනා අයිති මස්සිනාට කියලා කතාවක් තියනවානේ........... ඒ හින්දා මටත් දැන් ඔයාව අයිති කරගන්න හිතෙයි වගේ..... මෙච්චර ලස්සන නෑනා කෙනෙක් ඉද්දි මොකටද මං වෙන අය හොයන්නේ.........
මහීම එසේ සිතුවේ මෙහෙන්දි දෙසම බලාගෙනය...................
ජයග්‍රාහී සැඳෑවක් එලෙස අවසන් විය......
ශධීර් අසේකාට ඇමතුමක් ලබාගත්තේ ඔවුන් හෝටලයේ කාමරයට යනවිටමය.......... විහේන් විසින් ඔවුන් ලැගුම්ගන්නා තරු පහේ හෝටලයේම සුවපහසු කාමර දෙකක් මිළදී ගත්තේ ඔහුටත් අශ්ලේෂාටත් අනෙක සොයුරියන්ටත්ය.............
💚 අසේකා... නංගි... මේ...... මෙහෙන්දිට කියන්නකෝ එක පාරක් එයාගේ ඩේටා ඔන් කරලා fb ගිහින් මෙන්න මේකාගේ request එක conform කරන්න කියලා...... මූ මෙහෙ නාහෙන් අඬනවා නංගි එක්ක කතා කරන්න ඕනි කියලා............
🏵️ හා මං කියන්නම්........ මේ ශධී අර ඔටෝග්රාෆ්ට් එකට ටිකක් කෙල්ල අවුලෙන් ඉන්නේ.............. ඒකි හරිම දුකෙන් ඉන්නේ.......... කීප සැරයක්ම ඇඬුවා............
අසේකා ශධීර් ට ඒකෙ තිබුනු දේ කිව්වම ශධීරැත් ටිකක් Upset 😡 වුනා.........
💚 පව් මේ දෙන්නම....... මේ අසේකා....... එක සැරයක් මුන් දෙන්නට කතා කරගන්න chance එකක් හදලා දෙන්න අපිට බැරි වෙයිද.........
🏵️ හෙට බලමු........ ඔයාලා කීයටද practice ඉවරවෙන්නේ.........
💚 උදේ වරුව විතරයි තියෙන්නේ.........
🏵️ ඒත් දවල්වත් හවසවත් බෑ......අපි කළුවර වැටුනම එළියට බහිමු..... මං හදන්නම්කෝ මොකක් හරි plan එකක්....
💚 අම්මේ ඔයාට ඒ වැඩ නම් හොඳට පුළුවන් නේද..... මට වෙලාවකට බයත් හිතෙනවා ඔයා එක්ක ඉන්නත්........
🏵️ එහෙනම් වෙන කෙනෙක් හොයාගන්න එකනේ ඇත්තේ........
අසේකා බොරු තරහක් මවාගෙන පැවසුවාය.............
💚 අපෝ වෙන අය එපා..... මේ සිංහල අරලිය මල හොඳයි මට.......... අපි යන්න හදන්නේ පාර්ටි එකට........ මං තියන්නම්.... කන්න හොඳද..... නංගිට අරක කියන්න... ආ.... තව එකක් මං නංගිගේ number එක වික්‍රාන්ත්ට දෙනවා.......
🏵️ හා....... පරෙස්සමින් යන්න........
කෙල්ල එහෙමම දුරකතනය තියලා මෙහෙන්දි හොයන්න ගියා......... සහස්දි හිටියේ බැල්කනියට වෙලා ඈත බලාගෙන හැම තැනම පේන්න කියෙන්නේ හුසේන් සාගර් කියන වැව වැවක් කිව්වට ඒක සාගරයක් වගේ තමයි ඒ මැද තියන විශාල බුද්ධ ප්‍රතිමා වහන්සේ දෙසයි...........
හුසේන් සාගර් යනු 1563 දී ඉබ්රාහිම් කුලි කුතුබ් ෂා විසින් ඉදිකරන ලද හයිද්‍රාබාද් හි පිහිටි හදවතක හැඩැති විලකි....... එය වර්ග කිලෝමීටර් 5.7 ක භූමි ප්‍රදේශයක පැතිරී ඇති අතර එය පෝෂණය කරන්නේ මූසි ගංගාව විසිනි. 1992 දී ඉදිකරන ලද ගෞතම බුදුරජාණන් වහන්සේගේ විශාල මොනොලිතික් පිළිමයක් විල මැද පිහිටි ගිබ්රෝල්ටර් පර්වතය මත පිහිටා තිබේ. එය හයිද්‍රාබාද්හි නගරය සිය අසල්වැසි සෙකුන්ද්රාබාද් වෙතින් වෙන් කරයි...... වැවේ උපරිම ගැඹුර අඩි 32 ක් පමණ වේ...........
🏵️ නංගි bathroom එකේද.........
🌺 ඔව්.... නංගි හරි පව්........ වික්‍රාන්ත් අයියත් පව්........... මං මේ කල්පනා කලේ එක පාරක්වත් මේ දෙන්නට කතා කරගන්න විදිහක් හදලා දෙන්නේ කොහොමද කියලා........
🏵️ ඔන්න ඕකයි අක්කේ අපි තුන්දෙනාම එක්කෙනෙක් විදිහට හිතනවා කියන්නේ....... මාත් හිතුවේ ඒ ගැනම තමා..........
🌺 දවල්ට නම් බෑ........ අපි හෙට රෑ වෙලා බලමුද.......
🏵️ බලමු....... ඒත් ඉතින් අක්කේ විහේන් අයියගෙනුයි අක්කගෙනුයි බේරිලා ඉන්නත් එපැයි.............
🌺 ඒක නම් අපි මොකක් හරි කරමු ඒත් වික්‍රාන්ත් අයියා මොනවා කියයිද..........
🏵️ ඒ වැඩේ ශධීර් කරයි............
එතකොටම මෙහෙන්දි bathroom එකේ ඉඳන් ආවේ වතුර බේරි බේරි.........
🏵️ අනේ ඇත්තට පිහගනින්කෝ බං........ බලපන් උඹ කොණ්ඩේ කාගන්න හදන්නේ.........
මෙහෙන්දි ඉක්මනින් තුවාය අරන් කොණ්ඩය තෙත මාත්තු කරගත්තා.........
🏵️ මං නාගෙන එනකම් ඩේටා ඔන් කරලා fb ගිහින් වික්‍රාන්ත් අයියාගේ requst එක conform කරන්නකෝ
එහෙම කියාගෙන අසේකා ගියා............ තවත් දුක්බර දෙයක් බලන්න වෙයිද කියලා හිතාගෙනම කෙල්ල ඩේටා ඔන් කලා......... request එක උඩින්ම තිබුනා.............. දෙවරක් නොසිතාම ඇය ඒක conform කලා............... එතකොටම ගොඩක් පරණ කෙටි පණිවිඩ දෙකක් ආවා........ ඒවා බලන්න කලින් කෙල්ල ඔහුගේ profile එක පුරාම දෙයක් හෙව්වා........... ඒත් ඒ එක් තැනකවත් ඇය සෙවූ දෙයවත් එහි හෙවනැල්ලක්වත් තිබුනේ නෑ........... මෙහෙන්දි හෙව්වේ සෝනම්ව..............
සුසුමක් හෙලූ මෙහෙන්දිගේ හිතට සියුම් අහිංසක සතුටක් දැනෙමින් තිබුනි............. ඇය පණිවිඩය කියෙව්වාය............
❤️❤️ නංගි.......... මට සමාවෙන්න..... මං මහ නපුරු මිනිහෙක් තමයි........ ඔයාට එහෙම නොකියා ඉන්නයි තිබුනේ........ තරහ වෙන්න එපා.........
❤️❤️ මට ටිකක් කතා කරන්න ඕනි..........
මෙහෙන්දි දුරකතනය නැවතත් ඇඳ උඩින් තැබුවේ ඔහු දැන් සිටින්නේ සාදයේ බව දන්නා නිසායි........... නමුත් නාදුනන අංකයකින් ඇයට ඇමතුමක් ආවේ අසේකා එළියට එන විටමය...............
💃 අඳුරන්නේ නැති එකක් බං අක්කේ එපා වෙනවා.........
🏵️ නංගි.........වික්‍රාන්ත් අයියාද දන්නෙ නෑ ගන්නවා.......
ඇය ඇමතුම සම්බන්ධ කර ගත්තාය...............
❤️නංගි....................
දුරකතන රැහැන් දිගේ ආ ඔහුගේ කටහඬත් ඇගේ අහිංසක හදවත සතුටින් පිරවීමට සමත් විය..............
❤️ නංගි... මං ගත්ත එක වදයක්ද.......
💃පිස්සු හැදිලද අයියේ...... මොනාද මේ කියවන්නේ..........ඔයා හිතන්නේ ඔයා වටේ ඉන්න හැම එකාටම වගේ මටත් ඔයාව වටින්නෙ නෑ කියලාද..........
කෙල්ල බැනගෙන බැනගෙන ගියේ ඇත්තටම කේන්තියෙනි........
❤️ නංගි.....මං.........
තමා කතා කල ආකාරය ටිකක් තද වැඩි සිතී ඇයට ඔහු ගැන අනුකම්පාවක් ඇති විය..............
💃 අනෙ අයියේ......ඔහොම කියන්න එපා........ please......
❤️ හරි..... ඉතින් මොකද කරන්නේ ඔයාලා තුන් දෙනත් එක්ක එන්න තිබුනනම් හොඳයි............ තුන් දෙනාට පාළුයි නේද...........
මෙහෙන්දිට වගේම වික්‍රාන්ත් හටත් ඒකට හිනා ගියේ එකටමයි.............
❤️ මටත් පිස්සු...... මේ තුන් දෙනා එකට ඉන්නකොට මොන පාළුද නේද.........
💃 හ්ම්ම්ම්........ අයියා කොහේද ඔය ඉන්නේ වැඩිය සද්දයක් නැහැනේ..........
❤️ මං එළියේ ඉන්නේ........ ඇතුල සද්දේ වැඩියි.........
💃 party එකට join වෙන්න ඕනි නැද්ද........
❤️ම්හුහුහු...... මට ඊට වඩා හුඟාක් වටින දෙයක් තියනවා...........එකම එක දෙයක්...... එච්චරමයි මට තියෙන්නේ........
💃 ඒ මොකක්ද අයියේ.....ඒ......
❤️ ඔයා නංගි......... මට මේ ලොකේ තියන වටිනම කෙනා ඔයා.......... හෙටවත් අපිට ටිකක් කතා කරන්න බැරිද..............
💃අයියත් ඉන්නවානේ..................
❤️ ඒකත් එහෙම තමයි........... හැබැයි ඔයා නිසා මට කිසිදෙයක් නැති වෙන්නෙ නම් නෑ කියලා දන්නවා...........
💃 ඒ තරම් විශ්වාසද............ හැබැයි මං ඔයා ඔය හිතන විදිහේ කෙනෙක් නම් නෙවේ....... මං හරි කටකාර හුඟක්ම දඟ අනුන්ට කරදර වෙන දේවල්ම කරන ටිකක් මැර චරිතයක් හොඳේ........ අපි තුන් දෙනා එකතු වුනාම ඔයා දන්නෙ නෑ කරන දේවල්.........
❤️ මාව බය කරනවද....... ආ.... කෙල්ල.......
💃 ඔයාව බය කරන්නේ කොහොමද ඔයානේ අයියෙ හම්බ වුන පලවෙනිම දවසේ මාව බය කලේ.........
❤️ අපෝ........එදා මතක් කරන්නවත් මං ආසා නෑ......ආහ්.... මේ විහේන් මේ පැත්තට එනවා මං තියන්නම්..........
💃💃 අපෝ මේ අයිය නම්............
මෙහෙන්දි කාමරේට ගියේ හිතෙන් අයියට බනිමින්........... ඇය අසේකයි සහස්දියි ගාවින් වාඩි වුනා...............
🏵️ මොකද කියන්නේ.............
💃 කොහේද අක්කේ....... කතාවෙ හොඳම හරියට එද්දි අපේ අයියා එතෙන්ට ආවානේ.........
🏵️ ඇත්තටමත් එහෙම වෙයිද දන්නෙ නෑ........
💃 මටත් එහෙමම හිතුනා බං..........
🏵️ අද දවසටවත් නටන්න බැරි වුනා....... මට අැඟට හරි නෑ වගේ........
💃 මේ අපි ටිකක් නටලා ආයෙම නාගෙන නිදාගමුකෝ...........
ඔන්න ඉතින් තුන් දෙනා ටිකක් සද්දෙට සින්දු දාගෙන නටන්න පටන් ගත්තා......... රෑද දවල්ද උදේද වැඩක් නෑ....... නටන්න තියනවා නම් ඕනැ වෙලාවක් මේ අක්කලා නංගිලා නටයි...............
හුඟක් රෑ වෙලා වික්‍රාන්ත් ගෙන් GOOD NIGHT කියලා කෙටි පණිවිඩයක් තිබුණා.......... ඒ වෙනකොටත් තුන් දෙනා නටනවා.......... ඒත් මෙහෙන්දි වික්‍රාන්ත් ට ආයෙම කතා කරන්න ගියේ නෑ..............
නාගෙන එහෙම නින්දට යද්දි මහා රෑ එකට විතර ඇති................... ඒත් මෙහෙන්දිට නම් නින්ද අහලකටවත් ආවේ නෑ............. මේ රසබර බව අතර හිත කකියන වේදනාවක් තිබුණා....... ඒ වික්‍රාන්ත් තමන්ට ඇත්තටම අයිති වෙයිද කියලා......... දැන් කොහොමටවත්ම වික්‍රාන්ත් නැතුව ජීවත් වෙන්නට බැරි බව මෙහෙන්දිට හොඳටම ප්රත්යක්ෂ වෙලයි තිබුනේ................. ඇගේ දුරකතනය තුලින් උස්ව නැගී එන සුන්දර ගී තනුවට ඇය සවන් යොමු කලාය
නිදි නේනා…
හීන ගේනා…
මට ඕනා…
දෑස පේනා…
සද පායා පායා රෑ..
සිත අහැරලා…
කවුරුත් දන්නේ නෑ මා ආශා…
මා හද හැගුමන් වරුශාවේ නැහැවීලා…
මගේ සොදුරු හැගුම සගවා සගවා
සිහින මවනවා…
ඔබ ගැනම නිතර සිතලා සිතලා…
දෙනෙත තෙමෙනවා…
මගේ එකම පැතුම
පාරා පාරා රහසෙම ඉකි බිදුනා…
දවසක් දා…
පාවී එනවද මා සොයලා…
හිත හඩලා…
සද පායා පායා රෑ…
සිත අහැරලා…
කවුරුත් දන්නේ නෑ මා ආශා…
මා හද හැගුමන් වරුශාවේ නැහැවීලා…
නෙතු කදුලු අතර
රදවා රදවා…
දවස ගෙවනවා…
ඔබ අහිමිවෙයි ද
සිතලා සිතලා…
සිතම රිදෙනවා…
දුර බලන බලන වාරය පාසා…
සමනල සිත සැලුනා…
දවසක් දා…
පාවී එනවද මා සොයලා…
හිත හඩලා…
සද පායා පායා රෑ…
සිත අහැරලා…
කවුරුත් දන්නේ නෑ මා ආශා…
මා හද හැගුමන් වරුශාවේ නැහැවීලා…
❤️💚❤️💚❤️💚❤️💚❤️
පසුදින උදෑසනින් අයියා ඇතුලු කණ්ඩායමම පුහුණු වීමි සදහා පිටව ගිය පසු කෙල්ලෝ හතර දෙනා එළියට බැස්සේ ටිකක් ඇවිදින්න කියලා හිතාගෙන..........
ඔවුන් හුසේන් සාගර් දිගේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ගාවට ආවේ වැඳපුදාගන්න.........
🥀 නංගි.........
එක් වරම ඇසුණු ආමන්ත්රණයට කෙල්ලෝ හතර දෙනාම හැරිලා බැලුවේ පුදුමෙන් වගේ.........
කතා කලේ සිංහලෙන් වූ බැවින් කෙල්ලෝ තුන්දෙනාම ආපහු හැරිලා බැලුවා පුදුමයෙන් වගේ...........බැලූ බැල්මට සිංහල තරුණයෙක් කියලා හිතුනත් මේ ඊයේ ඔවුන් ලඟ සිටි කාණ්ඩයේ කොල්ලා කියලා හඳුනගන්න නම් ටිකක් අමාරු වුනා........... ඒ හිටියේ මහීමයි ඔහුගේ මිතුරා කලණයි.............
🏵️ ඔව් කියන්න...... ඇයි............
අසේකා එහෙම ඇහුවේ කිසිම මිත්‍රශීලි බවකින් තොරව මොකද ඒ තෝරාගත් සිංහල නෑ දෑ පිරිස හැර වෙන කිසිම කෙනෙක්ට ඇගේ හිත තුල ප්‍රසාදයක් ඇති නොවී තියෙන්නේ සිය ලොකු මාමා වන තරින්ද සෙනෙවිරත්න මෙහෙන්දිගේ අම්මාව පවුලෙන් අයින් කර තැබීම නිසයි..... නමුත් සිය දෙමව්පියන්ට පින්සිදු වන්නට ඔවුන්ට කිසිදා නොදන්නා රටක තනිවීමට වුනේ නැත................ අපූර්වා සෙනෙවිරත්නගේ අනෙකුත් සොයුරු සොයුරියන් ඇය හා සම්බන්ධතා පැවැත්වූවත් තරින්ද කිසිදා සිය නැගණිය පිළිගත්තේ නැත...........
🥀 මේකයි............. මේ........ ඔයා අපූර්වා සෙනෙවිරත්නගේ දුව නේද........
මහීම කෙලින්ම කෙල්ලගේ මුහුණ දෙස බලාගෙනම ඇහුවා............ මෙහෙන්දි පුදුමෙන් වගේ අසේකා දිහා බලුවේ නිකම් මේ මොකාද කියලා අහන්න වගේ........
💃 ඔව්......
🥀 එතකොට මං හිතන්නේ මේ ශාරධා සෙනෙවිරත්නගේ දුවලා දෙන්නා වෙන්න ඕනි............... මෙයාව නම් දන්නවා මං මේ විහේන්ගේ වයිෆ්නේ......... එතකොට මං........ මං මහීම සෙනෙවිරත්න....... තරින්ද සෙනෙවිරත්නගේ පුතා...... ඒ කියන්නේ ඔයාලගේ ලොකු මාමගේ පුතා...........
අසේකාට ඒ කියපු ටිකට ලොකු හිනාවක් එළියට පැන්නා......... හැබැයි ඒ දිහා මහීම බලන් හිටියේ නම් ටිකක් තරහෙන් වගේ..........
🏵️ මාමා.............අපේ මාමා... නේද........... මං නම් උපන්තේකට දැකලා නෑ ඔය කියන මාමා................. අපි අහලා තියෙන්නේ අම්මා නැති වෙද්දි මාමාට කිරි එරෙනවලු......... ඒ කියන්නේ මාමා කෙනෙක්ගේ ආදරේ හරියට අම්මාගේ ආදරේ වගේලු...... කෝ ඔය කියන මාමා එහෙමද............. එහෙම කෙනෙක්ද
🥀 නංගි...... ඔයා කියන දේ හරි... ඔයා අපි ගැන හිතන විදිහත් හරි..... ඒත් තාත්තා දැන් වෙනස් වෙලා... එයා කැමතියි නැන්දලා ආයෙම දකින්න... විහේන්ගේ wedding එකවත් කියයි කියලා එයා බලාපොරොත්තු තියාගෙන හිටියේ... ඒත් නැන්දලා එයාට අවස්ථාවක් දෙන්න කැමැත්තක් නෑ වගේ......
🏵️ එහෙම එකක් නෙවේ...... අපේ අම්මලා බය වුනා මාමාට ඒක කියන්න... ඔයා අපේ අයියා කෙනෙක් වෙන්න ඇති කියලා හිතෙනවා.... අනික ලොකු අම්මා කොච්චර උත්සහ කලාද ඔයාගේ තාත්තව ෂේප් කරගන්න.... එයානෙ අවස්ථාවක් දුන්නෙ නැත්තෙ.....
🥀 ඔව් මං විහේන්ගේ වයසේ...
🏵️ මේකයි අයියේ.... මාමාට තිබුනා අම්මලට කතා කරන්නවත්.. නේද.... ම්ම්ම්. අම්මලා ගොඩක් වතාවක් උත්සහ කලානේ මාමාගෙන් සමාව ගන්න......
🥀 අපිට බැරිද නංගි අපේ මේ පවුල ආයෙම එක් කරන්න....
🏵️ ඔයා මේ ඒකට ආව දූත ගමනක් නෙවේනේ නේද..... ම්ම්ම්... ඔයාත් අාවේ මොකක් හරි බිස්නස් වැඩකට වෙන්න ඇති.... අපි අහම්බෙන් හම්බ වුන නිසානේ අපිව මතක් වුනේ..
මහීම සුසුමක් හෙළුවේ එය සැබැවින්ම සත්‍යයක් බැවිනි....... නමුත් මේ පවුල එක් කල යුතුමය.... ඊටත් වඩා තමාට හිමි මේ සුන්දර ඉන්දියානු පිච්ච මල අයිති කර ගත යුතුව ඇත........ ඔහු මෙහෙන්දි දෙස බලාගෙනම සිතුවේය.....
🌺 ලොකු නංගි..... ඇත්තටම වැඩිහිටියන්ගේ වැඩ වලට අයියා පලි නැහැනේ.... අනික එයාලා තරහ වුනත් අපි එහෙම වෙන්න ඕනෙ නැහැනෙ... මං නම් හිතන්නේ අයියා කියන විදිහට අපිට තමා පුළු වන් මේ පවුල එක් කරන්න......
🥀 Thank u නංගි...... ඒත් මේ නංගි කිසි දෙයක් කියන්නෙ නැත්තේ ඇයි එයාට සිංහල බැරිද..........
මහීම ඇසුවේ මෙහෙන්දිව පෙන්නාය........ අසේකාට ඉවෙන් මෙන් යමක් වැටහෙමින් තිබුණි.........
🏵️🏵️🏵️ ඔහෝ..... මහීම සෙනෙවිරත්න.... මේකද ඔයාගේ plan එක..... අයිතිය අරන් යන්නද හදන්නේ...... නෑනා අයිති මස්සිනාට කියලා කතාවක් තිබුනට.. මෙහෙන්දි අයිති වික්‍රාන්ත් අයියාට විතරයි.......... මං ඉන්නකම් ඔයාගේ ඔය අදහස් ඉෂ්ඨ වෙන්න මං ඉඩ තියන්නෙ නැ........
🌺 එහෙනම් ඔයා එන්න අපි එක්ක ලොකුඅම්මා හම්බවෙන්න.......
🥀 හොඳයි මං හෙට දිල්ලි යනවා.... එහෙ එන්නම්......
🌺 අපි නම් හෙට මැච් එකත් බලලමයි එන්නේ.......
සහස්දි පැවසුවාය.......... ඇයට නම් ඔහු ගැන පැහැදීමක් ඇතිවී තිබුණි.... නමුත් මෙහෙන්දිට නම් ඔහු ගැන කිසිම හැගීමක් තිබුනේ නැත........... මහීම පිටව ගියේ ඔවුන්ට සිය ජංගම දුරකතනයේ අංකය ද ලබාදීමෙන් පසුවයි..........
අසේකා සහස්දි දිහා හෙළුවේ නුරුස්නා බැල්මකි..............
🧡 මං දෙයක් කියන්නද......... එයා ගැන.. මට හිතෙන දේ..........
අශ්ලේෂා පැවසුවේ ඔහු යන දෙස බලාගෙනය.......
🌺 කියන්න......
🧡 මං දන්නවා සහස්දි මේ ඔයාගේ මාමාගේ පුතා කියලා... ඒත් මට ඒ මනුස්සයා ගැන පැහැදීමක් ඇති වෙන්නෙ නෑ.......... මට හිතෙන්නෙම ඒ මනුස්සයා අපේ පවුලෙ සතුට නැති වෙන මොනවම හරි දෙයක් කරයි කියලා..
අශ්ලේෂා කිව්ව කතාව අනුමත කරන්න වගේ අසේකත් ඔළුව වැනුවා........
🌺 එහෙම කියන්න එපා අක්කේ.... අපි බලමුකෝ... මාමා නරක් වුනාට පුතා එහෙම නැතුව ඇති
🏵️ අනේ මේ අක්කේ ගහේ කටු ආය අමුතුවෙන් උල් කරන්න දෙයක් නෑ......
🌺 මොනවා වුනත් ඒ අපේ අයියා ඒ සහෝදර කම තියෙන්න ඕනි..... ඔයාලා ඇයි මං හිතන දේට විරුද්ධ දේම හිතන්නේ......
🏵️ අපි නෙවේ අක්කේ.... අපි තුන්දෙනාම හිතන දේට විරුද්ධ දේ හිතන්නේ ඔයා...................
සහස්දි කට වහගත්තාය........... ඇත්තටම තමන් වැරදිදැයි ඇය මොහොතක් කල්පනා කලාය......
හතර දෙනා හවස් වෙද්දි මුළු හයිද්‍රාබාද් නගරය පුරාම ඇවිද්ද කිව්වොත් හරි........ ඔවුන් Charminar, Chowmahalla Palace, Salar Jung Museum, Lumbini Park, Buddha Statue, Golconda Fort ආදී ස්ථාන නරඹා නැවතත් හෝටලයට එන විට අයියා ඇතුලු සියල්ලන්ම පැමිණ සිටියහ...............
රාත්‍රි හතට පමණ අයියා ඔවුන් සමගින් එළියට යන්නට කතා කලේය.............
🌷 එනවද යන්න අපිත් එක්න එළියට........
🏵️ අනේ ඕන්නෑ අයියේ අපි මේ පොඩි ළමයි....... ඔය වැඩිහිටියන්ට පමණයි දර්ශණ දැකලා අපිත් නරක් වෙයි.........
🌷 අපෝ.... ඔව්...... දැන් කියා වෙනසක් නෑ උඹලා කොහොමත් ගන්න දෙයක් නෑ......
🌺 මේ විහේන් අයියා ඔයාලා යන්න අපි තව ටිකකින් යනවා හයිද්‍රාබාද් නගරයේ රාත්‍රි අසිරිය විඳින්න.........
🌷 හා එහෙනම් පරෙස්සමින් හරිද......
🏵️ ok අයියා.........
අසේකා එහෙම කියලා විහේන්ලා ගියාට පස්සේ ශධීර් ට ඇමතුමක් ගත්තා.........
💚 මේ මං ගන්න හදද්දිමයි ඔයා ගත්තේ අසේකා...... මේ හුසේන් සාගර් දිගේ ටික දුරක් වම් පැත්තට එද්දි හම්බ වෙනවා saffron beach side hotel කියලා එකක්.... ඒක ඇතුලට එන්න අපි ඉන්නවා........ විහේනුයි කිරනුයි ඒ කට්ටිය ගියේ status එක දිහාට ඒ හින්දා අවුලක් නෑ..........
🏵️ හා අපි එන්නම්........
ඇමතුම විසන්ධි කරපු අසේකා හැරුනේ සහස්දි ඉන්න පැත්තට........
🏵️ යමුද අක්කේ.....
🌺 යමු යමු..... මෙහෙම ඉදලා බෑනේ බං...... දෙන්නට දෙන්නා වෙන දෙයක් කතා කරගන්න එපැයි...........
🏵️ එහෙනම් ලෑස්ති වෙමුකෝ...........
අසේකා දුඹුරු පාට සල්වාර් එකකින් හා සහස්දිත් මෙහෙන්දිත් තදම තද නිල් පාට සල්වාර් වලිනුත් සැරසුනා.......... මෙහෙන්දි වෙන මොනවත් කරන්න ගියේ නෑ කොණ්ඩ නිකම්ම කඩලා දැම්මා.........
🏵️ මෙහෙන්දි ඔය කොණ්ඩෙ ගොතාගනින්.......... මහ රෑ මෝහිනී වගේ දිග ඇරගෙන යන්න හදන්නේ...........
මෙහෙන්දි මුණු මුණු ගගා අසේකාට බැන බැන කොණ්ඩය ගොතන්නට වුනා........ අසේකාගේ උස් සිනා හඬ මුළු කාමරය පුරාම රැව් දුන්නා..............
රාත්‍රි හත හමාර වන විට ඔවුන් saffron beach side hotel එකට එද්දි ශධීර් ඇවිත් ඔවුන් ඇතුලට එක්කගෙන ගියා..............
ඉතාමත් සුන්දර restaurant එක තුල මන්දාලෝකයක් තිබුනත් සියල්ල පැහැදිලිව පෙනෙන්නට තිබුනා...... ඔවුන් එනවිට වික්‍රාන්ත් හා ඉශාන්ත් ඔවුන් සිටි තැනට ආවේ සිනාමුසු මුහුණිනි...........
💚 හරි මේ...... අපි මේ table එකේ ඉන්නම්..... උඹලා දෙන්නා අතෙන්ට වෙලා ඕනැ මගුලක් කතා කර ගනිල්ලා...... හැබැයි මෙහෙන්දිට අඬන්න තහනම් හරිද...............
මෙහෙන්දි වික්‍රාන්ත් පසුපස ගිහින් ශධීර් පෙන්වු තැනින් වාඩි විය............. ඉදිරිපසින් පෙනෙන මනස්කාන්ත දර්ශණයෙන් මෙහෙන්දි වශී වුවාය............
💃 හුසේන් සාගර් මේ තරම් ලස්සනට පේන තැනුත් තියනවද...... මං මේ දැක්කමයි...............
ඇත්තටම මේ තැන තෝරාගත්තේ වික්‍රාන්ත් විසින්මයි......... එතැනට ඇය කැමති වීමත් ඔහුගේ හදවත සතුටින් පුරවා දැම්මේය..............
මෙහෙන්දි ඈත බුදු පිළිමය දිහාම බලාගෙන සිතුවේ මේ කතා බහ කදුලකින් නම් නිම නොවේවා යැයි සිතමිනි.............. තවත් කා දැමීමට කාලයක් නැත.............. වික්‍රාන්ත් මේසය මත ඇති මෙහෙන්දිගේ අතක් ගෙන සිය අත් දෙකට මැදි කරගත්තේය.............
වික්‍රාන්ත්ගේ මුහුණෙහි වූයේ ආධුනික පෙම්වතෙකු තම පෙම්වතිය මුලින් හමුවූ දිනෙක මුහුණේ ඇඳෙන කෝල පෙනුමකි...................
❤️ මෙහෙන්දි........... මං වගේ කෙනෙක් ඔයාගෙන් මෙහෙම අහන එකමත් වැරදී........ මං බැඳපු කෙනෙක් ඔයා තවම ඉගෙන ගන්න පුංචි කෙල්ලක්........... ඒත්......... ඒත් මට කරන්න දෙයක් නෑ......මට ඔයා ගැන ආදරයක් ඇති වුනා නංගි........ ඔයා මං ගැන ගොඩක් දේවල් දන්නවා ඇතිනේ............ ශේෂ් සක්සේනා තමයි මාව මේ තත්වයට ගෙනාවේ........ ඒ හින්දා මට එයාට පිටුපාන්න බැරි වුනා........... සෝනම් ගැන කවදාවත් ආදරෙන් හිතන්න උත්සහ කලේ නෑ කිව්වොත් ඒක වැරදී............ මං එහෙම උත්සහ කලත් ඒ මොන වෙලාවකවත් මේ ඔයා ගැන ඇතිවුන හිතාගන්න බැරි ආදරය නම් ඇති වුනේ නෑ............ මං සෝනම්ව අත්හරිනවා........ ඒකට මට කාලයක් දෙන්න නංගි.......... ඒ වෙනකම් මං ඔයාගේ නම කැත වෙන්නෙ නැති විදිහට ඉන්න ඕනි......... මේකෙන් විහේන්ගෙයි මගෙයි යාළුකම නැති වෙයි............ ඒත් මට ඔයාව නැති කරගන්න බෑ............... මං. .මං....මං... ඔ..යාට....හුඟාක්ම ආදරෙයි නංගි......
ඒ හඬ හරිම හැඟුම්බරය,,, ආදරණියය,,, ඊටත් වඩා ඒ වගේ ආදරණීය බවක් මෙහෙන්දි කිසිම දිනයක විඳ නැත.......... දැන් අවශ්‍යව ඇත්තේ මේ බැදීමට පණ දෙන පිළිතුරකි.............
❤️❤️ ඉගිල්ලෙන්න සුසුම් අරන්
හිතට බර වැඩී
අතරමන්ද අහන්නෙපා
කදුලු දුක ඇතී
රහස් වලට කතා කරන
ඇස් වලට එබී
හැගුම් වලට පණ දෙනවද
නුඹ කවද හරී
හැගුම් වලට පණදෙනවද
නුඹ කවද හරී
🌸🌸🌸 මතු සබැඳියි
No comments:
Post a Comment