❤️ අැයි දැන් ඔය ඈතින් ඈතින් අඩිය තියන්නේ මට බයද..........
වික්‍රාන්ත් ඇසුවේ ඇගේ පුංචි දැගැටි අතක් දැඩිව ග්‍රහණය කර ගනිමින්............
💃 මං නම් කාටවත් බය නෑ මහත්තයා හරිද........... හොඳ නෑනේ කවුරු හරි දැක්කොත්............
❤️ කවුරු දකින්නද මෙන්න මෙහාට එනවා........ ගඟ අයිනට ගිහින් වැටුනොත් වත්..........
💃 වැටුනොත් ඔයා ඉන්නවනේ.......... මාව බේරගන්න..........
❤️ පිස්සු කියවන්නේ නැතුව මගේ ලගින් ඉන්නවා.............
💃මෙයාගේ තියන සැර.............. මහ කුකුල් කේන්තිකාරයෙක්.........
❤️ හරි හරි ඔන්න ඒක ඉවරයි......... ඔයා දකින්නෙ නැතුව මට නම් දැන් දවස ගෙවා ගන්න බෑ......... පිස්සු හැදෙයි මට............
💃 අයියේ...........ඊයෙත් එයා ආවා.....ද...... ම්ම්ම්......ඔයා..ගේ...සෝන.
ඒ වචන ටික නම් මෙහෙන්දි කිව්වේ හුඟක්ම දුකෙන්..............
❤️ මොකක්ද කිව්වේ.... මගේ..... සෝනම්....... මේ මෙහෙන්දි....... ඔය එකෙක් වත් මං මගේ කරගත්තේ නෑ........ හරිද....... ආයෙම ඔය ගෑණිට මගේ මගේ කිව්වොත් මං බලාගන්නම් හරිද.............
💃 අැයි අයියේ ඔය කේන්තියෙන්......
වික්‍රාන්ත්ට තේරුනත් තමාට කේන්ති යනවා වැඩී කියලා එයාට ඒක පාලනය කර ගන්න බැරි වුනා..................
❤️ සොරි......... නංගි............
වික්‍රාන්ත් මෙහෙන්දිගේ උරහිස වටා අත යවා ඇයව තමා ලඟටම ලං කර ගත්තේය.............
❤️ මේ අහන්න.......මගේ මේ මුළු ජීවිතේටම මගේ කියන්න පුළුවන් වුනේ ඔයාට විතරයි හරිද......... මට ඊට වඩා දෙයක් කියන්න නෑ........... මං හරිම ආදරෙයි.........ඔයාට.......
💃මට ඔයාව හරිම විශ්වාසයි අයියේ........ හුඟක්ම විශ්වාසයි............ මට කොහොමත් ඔයා එනකම් බලාන ඉන්න පුළුවන්............ හැබැයි ඔයා එන්නම ඕනෙ අයියේ....... එහෙම නැත්තම් මෙහෙන්දිට ජීවත් වෙන්නත් බැරිවෙයි..........
❤️ නංගි......................
වික්‍රාන්ත්ගේ අතකින් මෙහෙන්දිගේ මුව තදින් වැසුණි..............
❤️ please විහිළුවට වත් ඔයවගේ කතා නම් කියන්න එපා හරිද.......... මං ඉක්මනට සෝනම්ගෙන් අයින් වෙනවා....... එයත් ඒකට හොඳටම කැමතියි.............. එතකම් ඉවසන්න............
මාහීර් සහ සාශේන් coffee shop එකට ආවේ මෙතැනින් office එකට යන අතරතුරදීය................ කවදාවත් ඔවුන් මෙහි පැමිණ නැත................. දෙවියන් පුදුමාකාර දේ සිදු කරයි............ ඒ නමුත් වෙන්නට තිබෙන දෙයක් කිසිවෙකුට වෙනස් කල නොහැක............ මාහීර් හා සාශේන් පැමිනෙන්නේ වික්‍රාන්ත් හා මෙහෙන්දි ඉන්නා එළිමහන් අවන්හල වෙතටයි...................
මාහීර් ඈත තියාම ඔවුන් දෙදෙනා දුටුවත් ලඟට එනතුරු ඒ සිටින්නේ වික්‍රාන්ත් හා මෙහෙන්දි බව ඔහු සිහිනෙන්වත් නොසිතුවේය.............. ඔවුන් දෙදෙනා සුහදව කතා බහ කරමින් සිටිනු දුටුවත් එතැනට පැමිණි සහස්දි හා ආසේකාත් ශධීර් වත් දුටු විට සිත පතුලින් නැගී ආ සැකය යලිත් යටපත් විය...................
💘💘 නෑ.... නෑ........... මෙහෙන්දි කවදාවත් බැඳපු කෙනෙක් එක්ක සම්බන්ධයක් පවත්වන්නෙ නැති වෙයි..... නිකම් වික්‍රාන්ත් හම්බවුන නිසා කතාකරනවා වෙන්න ඇති............. සාශේන් දැක්කොත් නම් ඉතින් අවුල..........ම්ම්ම්ම්....
💘 සාශේන්............. මාර වැඩේනේ.......... මට ප්‍රතාප් අංකල් හම්බවෙන්න කිව්වානේ අර volden dio project එකත් අරන්......... අමතක වුනානේ බං............ අපි යමුද........
🍃 යමන් යමන් උඹ එක්ක ආවොත් කන්නත් නෑ තමයි............
💘 එහෙම කියන්නෙපා යකෝ...... මං එතකොට ශේන්යා බලන්න ඇවිත් කන කට්ට කොහොමද............
🍃 ඒවා ඉතින් යාළුවන්ගේ් යුතුකම්......
💘 යං යං ඉතින්...........
බොහොම අමාරුවෙන් මාහීර් සාශේන් වත් ඇදගෙන ආපහු යන්න ගියේ මෙහෙන්දි දිහා තවත් එක් වරක් බලලා....... ඒ වුනත් මාහීර්ගේ හිතට නම් හරි නෑ............ කොච්චර හිතුවත් මෙහෙන්දි කවදාවත් වික්‍රාන්ත් වගේ කෙනෙක්ව තෝරගනී කියලා ඔහුට හිතන්නවත් බෑ.......
වික්‍රාන්ත්ගේ ව්වාහය හුදෙක් සමාජයට පෙන්වන පුහු බැදීමක් විනා එහි ඇති දෙයක් නැති බව මාහීර් දන්නා නිසාම මෙහෙන්දි හා වික්‍රාන්ත් අතර යම් සබඳතාවයක් ඇති නොවී තියේවි යැයි සිතිය නොහැකිය.......... නමුත් ඔහු තම සිතට බල කර පැවසුවේ එවැන්නක් නැති බවයි................
අනිත් අතට වික්‍රාන්ත් නෙත් සිත් පැහැරගන්නා සුළු සුන්දරත්වයක් හිමි අයෙක් නොවීමද ඔහුගේ සිතට සතුටක් ගෙන දුන්නේය............ නමුත් මාහීර් නොදැන සිටි එක දෙයක් විය........... නොදැක සිටි එක දෙයක් විය.......... ඒ වික්‍රාන්ත්ගේ හිනාවයි......... වික්‍රාන්ත් සිනාසෙන විට කොතරම් කඩවසම් තරුණයින් සිටියත් ඔවුන් අතර ඔහු කැපී පෙනෙයි............. ඒ තරම් සුන්දර අහිංසක දඟකාර සිනාවක් වික්‍රාන්ත් හට හිමියි.............. ඒ හිනාව ගොස් නැවතී ඇත්තේ ඔහුගේ ආදරයේ සංසාරගත හිමිකාරිය වන මෙහෙන්දි ශර්මාගෙ හදවත පතුලෙහිය.............. එමෙන්ම ඔහු ක්‍රීඩකයෙක් බැවින් ආරෝහ පරිනාහ දේහධාරිය..................
ඔවුන් මෙහි පැමිණ හෝරාවකට කිට්ටු විය............. දැන් ඔවුන් සමුගත යුතුව ඇත................... නැවතත් හමුවීමට නිශ්ච්ත දවසක් තැනක් නැත........... අනෙක් ප්‍රේමවන්තයින්ට මෙන් හමුවී පෙම් බස් දොඩමින් කාලය ගෙවන්න ඔවුන්ට අකැපය......... එනිසයි මේ තාවකාලික වෙන්වීමත් මෙහෙන්දිගේ හදවත දුකෙන් පුරවා දැමුවේ..........
❤️ඇයි මේ බබා..................... ම්ම්ම්ම්......අඬන්නේ ඇයි රත්තරනේ........මේ.......
💃ආයෙම කවදද අයියේ මං ඔයාව දකින්නෙ.................. මට නම් එහෙම ඉන්න බැහැ අනේ.............. මට හිතෙන්නෙම දැන් අයියා එක්ක කියව කියව ඉන්නමයි.............
❤️ එහෙම කියලා බෑ.............පරෙස්සම් වෙන්න ඕනි.......................
💃හ්ම්ම්ම්ම්.... අපි බලමුකෝ අයියේ....... අපි දෙන්නා කොහොමත් අවාසනාවන්ත නැතුවැති....... නැත්තම් ඔයාගේ දෛවය මේ විදිහට විසඳිලා තියෙද්දි අපි දෙන්නව දෙවියෝ මුණ ගස්වන්නෙ නැහැනේ නේද.........අපි යන්නද එහෙනම්..........
❤️ හා කියන්නත් බෑ වගේ ........මිම්මම්..... දුකෙන් ඉන්න එපා ඕනැම වෙලාවක මට කතා කරන්න හොඳද..................... එහෙනම් පරෙස්සමින් යන්න.................
මෙහන්දි නැවතත් අසේකා සහ සහස්දි සමගින් කැම්පස් එකට යද්දි දවල් දෙක හමාරට විතර වුනා................
💘💘💘💘💘💘💘💘💘💘💘
කොච්චර වුනත් මාහීර්ගේ හිතට හරි නෑ දැක්ක දේ ගැන...........
💘💘 ඒ වෙලාවේ මොන එහෙකටද මුන් තුන් දෙනා එතෙන්ට ගියේ........ ආහ්.... මටත් පිස්සුනේ........... ඒ වෙලාව දොලහ හමාරට විතර ඇතිනේ.......... මේ ගොල්ලෝ කන්න යන්නේ එතෙන්ට වෙන්නැති........... හ්ම්ම්ම්.... ඒ වෙලාවේ වික්රාන්ත්ලා හම්බවෙන්න ඇති......... අනික එදා ගෙදරදි මැච් එක බලද්දි මං දැක්කනේ වික්‍රාන්ත් බැට් කරද්දි මෙහෙන්දිගේ මුහුනේ තිබූණු සිරියාව....... එයාගේ favourite cricketer වෙන්නැති වික්‍රාන්ත්......... පුදුම වෙන්න දෙයක් නෑ.............. වික්‍රාන්ත් කියන්නෙ ඉතින් තරඟ දිනවන්නෙක්නේ....... හම්ම්ම්... මට නම් හොඳටම පිස්සු.................
මාහීර් තම සිතුවිල්ල ඒ අයුරින් සාධාරණිකරණය කර ගත්තා වුනත් ඔහුගේ හිතේ යම් කිසි බියක් නොතිබුනාම නෙවේ කෙල්ලගේ හිත වෙන තැනක නවතී කියලා............ ඒත් මාහීර් කියන්නෙත් ලේසි පහසුවට කෙල්ලක් ගාව දෙකට තුනට නැවෙන කෙනෙක් නෙවේ............ ඒ හින්දා ඔහු තීරණය කර ගත් පරිදි හෝලි උත්සවය දවසම යොදාගත්තා ඇයට තම සිතේ ඇති ආදරය පවසන්නට..............
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
හවස වික්‍රාන්ත් ගෙදර යනකොට සෝනම් ඇවිත් හිටියා........... නමුත් වික්‍රාන්ත් ඇය දෙසවත් බලන්නේ නැතුව උඩට යන්නයි හැදුවේ................ සෝනම් හිටියේ ඇමතුමක..............
🖤 wait a minute baby............
සෝනම් එහෙම කිව්වේ ඇමතුමේ අනෙක් පස සිටි තැනැත්තාටයි...........
🖤 වික්‍රාන්ත් ඔහොම ඉන්නවා ටිකක් මට කතා කරන්න ඕනි.................
සෝනම් හරියට වික්‍රාන්ත්ට කතා කලේ තමා යටතේ ඉන්න සේවකයෙක්ට වගේ...........
❤️ කියනවා කියන්න තියන දෙයක්.........
🖤මේ වික්‍රාන්ත් දැන් ටික දවසක ඉඳන් තමුසෙගේ කට වැඩී හරිද............ පරෙස්සම් වෙලා ඉන්නවා...........
❤️ දැන් ඕක කියන්නද මාව නවත්තගත්තේ..............
🖤 ඒක කියන්න නෙවේ........ මේක හොඳට අහගන්නවා........ හැබැයි ඩැඩී මේක දැනගන්න බෑ හරිද මොකද තමුටස් මගේ ඩැඩීව ගොනාට අන්දගෙනනේ ඉන්නේ................ මට ඩිවෝර්ස් එක ඕනේ............ මං හිතන් ඉන්නේ අනූ එක්ක england යන්න............
❤️ ඕක ඉතින් අහන්නත් දෙයක්ද........ තමුසෙම ඒ වැඩ ටික කරලා අරන් එනවා මං අත්සන් කරන්නම්
නමුත් සෝනම්ට පුදුම හිතුනේ පසුගිය අවස්ථා දෙකේදීම තමා හා දික්කසාද වීමට මදක් අකැමති වී සිටි ඔහු එක් වරම ඊට කැමති වුයේ ඇයිද යන්නයි....... නමුත් ඒ කතා තමන්ට වැඩක් නැත....... දැන් අවශ්‍ය වන්නේ දික්කසාදයයි............
🖤 මෙච්චර ඉක්මනට තමුසේ මේකට කැමති වුනේ තමුසෙටත් දැන් කවුරුහරි ඉන්නවා වගේ..... anyway මට ඒකෙන් වැඩක් නෑ................ මං හෙටම ඒ papers එවන්නම්....... ඉක්මනින් මට ඩිවෝර්ස් එක ඕනෙ......... තේරුනාද..............
වික්‍රාන්ත් හටත් අවශ්‍ය එයම බැවින් ඔහු හිස වනා යලිත් සිය කාමරයට යන්න ගියේය.....................
🖤 මට විශ්වාසයි මේ මිනිහාටත් කවුරු හරි ඉන්නවා.......... ඒත් කවුද ඒ......... මං හොයාගන්නම්කෝ............. හැබැයි තමුසෙට මං හරි ලේසියෙන් ඒකි ගාවට යන්න දෙන්නෙ නෑ එහෙම වුනොත්......... තමුසෙත් මට යන්න දෙන්න පුළුවන් කම තියෙද්දිම දෙවතාවක් ඩැඩීට කියලා ඒක නැවැත්තුවානේ............ අපි බලමු වික්‍රාන්ත් මෙහ්රා................
සෝනම් කට කොණකින් සිනාසී යළිත් අනුරාග් හට ඇමතුමක් ගත්තාය..........
💃💃💃💃💃💃💃💃💃💃💃💃
රාත්‍රි කෑම මේසයේදී ඔවුන්ට ප්‍රතාප් ශර්මා හමුවන්නේ මේ දින පහකට පසු.............
💃 තාත්ති........... ඔයා නම් Very bad ආ............
🏆 මොනා කරන්නද වස්තුවේ............ වැඩනේ ඉතින්........ ඔන්න හෙට ඉඳන් දවස් තුනක් මං ඉන්නවා..........
💃 ඇත්තමද.........
💦 ඔව්....... ඇත්ත තමයි............. ඔයාට දැන් අපේ සම්ප්‍රදායන් උත්සව එකක්වත් මතක නැති හැටි බලන්නකෝ චූටි දූ........... හෙට හෝලිකා දහාන්..... අමතක වුනාද............
💃 අනේ ඒක අමතක වුනානේ..............
🌺 මොකක්ද හෝලිකා දහන් කියන්නේ ලොකු අම්මේ
ඔන්න ඉතින් සහස්දි ප්‍රශ්නපත්‍රය දිගහරින්නට පටන් ගත්තා...........
💦 හෝලිකා දහාන් කියන්නේ හෝලි උත්සවයට කලින් දවසේ තියන පූජාවට ළමයෝ..............
🌺 හෝලි උත්සවය කියන්නේ මොකද්ද....... අපි දන්නෙ නෑනේ අප්පා මිසිස් ශර්මා........ කියලා දෙන්නකෝ.........
අද නම් අම්මට අක්කගෙන් ගැලවුමක් නෑ කියලා හිතපු මෙහෙන්දි මැද්දට පැන්නේ මොකක්ද හෝලි කියලා කියන්න
💃 හෝලි කියන්නේ අක්කේ........
🌺 අනේ මේ මෙහෙන්දි කට වහන් ඉන්නවාකෝ......... තමුන්ට මෙතන හෙට එහෙම එකක් තියනවා කියලාවත් මතක නෑ...... එනවා මෙතන හෝලි කියන්නේ මොකද්ද කියලා අහන්න........ඔයා කියන්න ලොකු අම්මේ.............
ප්‍රතාප් සහ අසේකා බිම බලාගත්තේ හිනාවුනොත් මෙහෙන්දිගෙන් බේරුමක් නැති නිසා....
💦 මේකයි....... හෝලි කියන්නේ ඉන්දියාවේ අය ඉතාම ඉහලින් සමරණ උත්සවයක්.............. මේක කොයි කාලේ පටන් ගත්තද කියලා නම් දන්නෙ නෑ හැබැයි උතුරු බෙංගාලයේ පටන් ගත්තා කියලා කියනවා............
කෙල්ලෝ තුන් දෙනා කන එකත් නවත්තලා අපූර්වාගේ කතාවට සවන් දෙනවා......... අශ්ලේෂායි විහේනුයිත් ඇවිත් ඔවුන්ට එකතු වුනා............
💦 හෝලි උත්සවය basic වෙලා තියෙන්නේ වර්ණ උත්සවයක් කියලා..........
🏵️ දැන් අනිත් උත්සව වලටත් හේතු වෙච්ච ඉතිහාසයක් තියනවානේ ලොකු අම්මේ...... මේකටත් ඇති නේද..........
💦 පුරාවෘත්තය වලට අනුව මේ උත්සවය සමරන්නේ හ්රන්යකාෂ්යපු ගේ සහෝදරිය වන හෝලිකා ඝාතනය කිරීම සමරලා තමයි...........
🏵️ ඒ කිව්වේ.............
💦මෙන්න මෙහෙමයි... ප්රහ්ලාද් කියන පුද්ගලයා හ්රන්යකාශ්යපුගේ අණට අකීකරු වෙලා විෂ්ණු දෙවියන් වෙනුවෙන් දිගටම යාඥා කරනකොට, ඒ මනුස්සයාව මරා දැමීමට හ්රන්යකාශ්යපු එයාගේ සොහොයුරිය වන හෝලිකාගේ උදව් අරන් තියනවා........ හොලිකා ප්රහ්ලාද්ව උකුලේ තබාගෙන එයාට ගින්දරට එරෙහිව ප්‍රතිශක්තියක් තියන හින්දා ගිනි කන්දක වාඩි වුනාලු......... කොහොම වුනත් අවසානෙදි සියලු දෙනා පුදුමයට පත් කරමින්, ප්රහ්ලාද් හෝලිකා පණපිටින් පුළුස්සා දාලා තියනවා........ ඉතින් නපුර පරාජය කිරීම සම්බන්ධව සැමරීමට තමා මේ උත්සවය සමරනවා කියන්නේ......... තව කතාවක් තියනවා........... මේක වර්ණ උත්සවයක් වෙන්නේ කොහොමද කියන එක ගැන.......... ඇත්තම කියනවා නම් මෙහෙමයි.......... නපුරට,,, විනාශයට දුකට විරුද්ධ දේ තමයි හොඳ,,, කරුණාවන්ත කම හා ආදරය...... ඉතින් ගොඩාක් වෙලාවට මේක ආදරය සම්බන්ධ මූලික වෙච්ච උත්සවයක්........... හුඟක් ආදරවන්තයින් ආදරෙන් බැඳෙන දවසක් තමා හෝලි......... ඔවුන් ඒ හෝලි වර්ණයන්ගෙන් තම තමන්ගේ ආදරය වර්ණවත් කරගන්නවා......... ඉතින් ඒ හින්දා මේකෙදි ප්‍රධානවම ආදරයේ ප්‍රතිමූර්තිය වෙන ක්රිෂ්ණ දෙවියනුයි රාධා අම්මයි සිහි කරනවා......... දැන් තේරුනාද ලමයින්ට............ ඒ වගේම මේක විශේෂයි විහේන්ගෙයි අශ්ලේෂාගෙයි පලවෙනි හෝලි උත්සවය............. හෝලි වලින් පස්සේ අපිට තවත් සුබදායක දෙයක් අහන්න ලැබෙයි කියල මං බලාගෙන ඉන්නේ...............
අපූර්වාගේ පැහැදිලි කිරීම අහන් හිටිය කෙල්ලෝ තුන්දෙනාගෙම දෑස් එක් වරම ගියේ අශ්ලේෂා දිහාට........... ඔවුන් දන්නවා මේ කියන්නේ මොකක් ගැනද කියලා........... ඒත් මේ වෙලාවෙදි කෙල්ලෝ වචයකින් වත් ඔවුන් දෙන්නාට විහිළු නොකලේ ඔවුනුත් මුවින් නොකීවත් ඒ සුභ ආරංචිය අහන්න බලා ඉන්න නිසා................
💦 ඔන්න එතකොට හෙට රෑට හෝලිකා දහාන්...... අනිද්දා උදේ ඉදන් හෝලි......... මං අමුතුවෙන් ආයෙ කියන්න ඕනි නෑනේ ඔයා දන්වානේ මෙහෙන්දි හැමදේම........ මේ හෝලි උත්සවය සංවිධානය කරන්න ඕනි ඔය තුන් දෙනා......... හරිනේ..............
තුන් දෙනා උඩ බිම බැලුවේ මොකද්ද මේ පාත් වුන මරාලය කියලා.................
සෑම වසරකම හෝලි උත්සවය ඉතාමත් උත්කර්ෂවත් අයුරින් සියළුම නෑදෑයින්ගේ අවට අසල්වැසියන්ගේ හා බොහෝ ව්‍යාපාරික මිතුරු මිතුරියන්ගේ සහභාගිත්වයෙන් ප්‍රතාප් ශර්මා සිය නිවසේ පවත්වන්නේ කිසිවෙකුට දෙවෙනි නොවන සේය..............
උදේ ඉදන් මෙහෙන්දිට වික්‍රාන්ත් හට ඇමතුමක් වත් ගන්නට නොලැබුණි......... ඒ වගේම අද වික්‍රාන්ත් හා විහේන් පුහුණු කරුවන් සමගින් ක්‍රිඩා අමාත්‍යවරයා හමුවීමට ගොස් සිටියේ ඉදිරි සංචාරයන් ගැන කතා කිරීමට....... එනිසි වික්‍රාන්ත් හටත් ඇයට කතා කිරීමට අවස්ථාවක් නොලැබුණි.............
රාත්‍රි නවයයි පහට ඇති සුභ මුහුර්තියට ඔවුන් සියළු දෙවියන් නැමැද හෝලිකා දහාන් ආරම්භ කරයි........... මෙය ගින්න පදනම් වූ උත්සවයක් බැවින් එළිමහනේ විශාල දර වලින් ගිණි මැලයක් ගසනු ලැබේ........... එයට සිදු කරන පූජා වතාවත් වලින් හෝලි උත්සවය ආරම්භ වේ.......... හෝලි වර්ණයන්ගෙන් යුත් සැනකෙලිය ආරම්භ වන්නේ පාන්දර සිටය............ පාන්දර සිට නැටුම් ගැයුම් වැයුම් විවිධ තරඟ ආදියෙන් සමන්විත වේ............ රාත්‍රියේ පැවැත්වෙන සාදයෙන් හෝලි අවසන් වේ.............
විශාල දර වලින් මෙවර ගිණිමැලයට අවශ්‍ය දේ සැදුවේ මෙහෙන්දි හා අසේකායි...............සියළ
වීර්,,, නිකිල්,,, වේද්,, ශාලිනි,,, භාවනා,,, මන්දිරා,,, අව්‍යා,,, චිරාත්,,, සාහිල් පැමිණි පසු කෙල්ලෝ තුන් දෙනාගේ වැඩ ටිකක් පහසු විය..............
🏵️ ඇයි යකෝ පරක්කු වුනේ.......... අපි මැරෙනකම්ම තොපි එන්නැතුව හිටියනේ..... මාර සහෝදරයෝ........
ආව ගමන් අසේකා කට්ටියගේ ඇඟට කඩා පැන්නා.........
🌸 සමාවෙයන් අක්කේ........... දැන් අපි ආවානේ........ මේ පාර ජයටම හෝලි සමරමු..............
වීර් අසේකාගේ කරට අතක් දමාගත්තේය..........
🏵️ අහකට වෙයන් මෝඩයා......... මේ ඒක නෙවේ යං යං වැඩ තියනවා හොඳට.......
සවස පහ පමණ වන විට සොයුරු සොයුරියන්ගේ මිණි කිංකිණි හිනා හඬ මැද විහිලු කතා මැද සරදම් මැද සියළු දේ සකස් කෙරුණි.......... ඉන්පසු ඔවුන්ද පූජාවට සහභාගි වීමට සැරසීමට ගියහ.............
💃 අක්කේ.......ශධීර් අයියලා එනවද.........
🏵️ එනවා කියලා msg එකක් දාලා නම් තියනවා......... ඒත්..........
💃 ඇයි..............
🏵️ වික්‍රාන්ත් අයියායි අපේ විහේන් අයියයි නම් එන්නෙ නැති වෙයි වගේ...........
💃 මටත් හිතුනා ministry එකටනේ ගියේ........ අවුලක් නෑ හෙට එයිනේ........
මෙහෙන්දිගේ හිතට නිකම් දුකයිත් වගේ ඒත් ඉතින් මොනා කරන්නද....... ගොඩක් රෑ වුනොත් නම් වික්‍රාන්ත් එන්නෙ නැතිවෙයි කියලා හිතුනා...........
💃💃 එයත් එක විදිහක්නේ.......එන්නෙ නැති වෙයි......................
🏵️ මොකද බං........ උඹට දුකයි නේද......... ඉවසපන් ඊලඟ හෝලි උත්සවය දවසේ උඹ ගාව දැවටි දැවටි ඉදී වික්‍රාන්ත් අයියා.............
💃 ඒ කොහොමද...........
🏵️ ඒ වෙද්දි මේ ඔක්කොම ප්‍රශ්ණ විසඳිලා තියෙයි............ ඉතින් අපිට වික්‍රාන්ත් මෙහෙන්දි පෙම් පුවතේ ජයග්‍රහණය දකින්න ලැබෙය්..........
💃මට නම් බයක් දැනෙනවා අක්කේ දැන්........
🏵️ අන්න ඒ සිතුවිල්ල වැරදී.......... ආදරේ කරන්න පටන් ගත්තා නම් නිර්භීතව ආදරේ කරන්න ඕනි........... ආදරේදි කාටවත්ම බය වෙන්න ඕනෙ නෑ....... ආදරේ තමයි අපේ ශක්තිය........ තේරුනාද...................
💃හ්ම්ම්ම්ම්ම්ම්ම්ම් යං එහෙනම් අපේ නම් අඬගහයි නැත්තම් මිසිස් ශර්මා.........
දිගු සුසුමක් හෙළුෑ මෙහෙන්දි පැවසුවේ අසේකාගේත් සහස්දිගේ ත් අත් වල පැටලෙමින්................
අද මේ ආදරයේ උත්සවය දවසේදී සහස්දිත් අසේකාත් පැතුවේ සිය පුංචි සොයුරියගේ ආදරය හිම් වේවා කියායි............
ප්‍රතාප් ශර්මා සහ අපූර්වා ශර්මාගේ ප්‍රධානත්වයෙන් පූජාව ආරම්භ විය........... සියල්ලෝම ගිණි මැලය වටා හිඳ පූජාවට සහභාගි විය..............
හෝලි උත්සවයට මාහීර් ආවේ සාශේන් එක්ක ටිකක් පරක්කු වෙලා........ ඒ එද්දිත් පූජාව පටන් අරගෙන තිබුනි.......... මාහීර්ගේ මුලින්මපනෙත ගැටුනේ අපූර්වා ශර්මා ගාව මැජෙන්ඩා පාට ලෙහෙන්ගා එකකින් සැරසී ඉන්න මෙහෙන්දිව................
💘අද නම් කොහොම හරි එක වචනයක්වත් කතා කරනවා..........
නමුත් පූජාව අවසන් වූ පසුත් මාහීර් හට මෙහෙන්දි මුණ නොගැසුනේ ඇය පැමිණ සිටින පිරිසට සංග්‍රහ කරමින් සිටි නිසාය....... විහේන් එන විට රාත්‍රි එකොලහත් පසුව තිබුණි.......... අපූර්වා සිටියේ ඔහු ගැන කේන්තියෙන්............
💦 විහේන්........... අපි කලින්ම කිව්වනේ අද හෝලිකා දහාන් වලට දෙන්නාම ඉන්න ඕනි කියලා........
🌷 හරි අමිමා ඒක මං දන්නවා ඒත් කතා කලේ ඇමතිතුමානේ බෑ කියන්න බෑ ඉතින්..............
💦 ඉතින් ඔයා විතරක්ද ඕකට ඉන්නේ.........
🌷අම්මා මේ අහන්න invite කරලා තිබුනේ මටයි වික්‍රාන්ත් ටයි කෝච්ලා දෙන්නටයි.......... දැන් බොරුවට කෑ ගහන්න එපා අම්මා ටිකක් තේරුම් ගන්න...........
🏆 ඔව් අපූර්වා....... දැන් ඕක නවත්තනවා.............
ප්‍රතාප් ශර්මාගේ නිවේදනයෙන් දෙදෙනාම නිහඬ විය..............
වික්‍රාන්ත් පැමිණියේ නැත................ ඒ වෙනුවට මෙහෙන්දිට ඔහු කෙටි පණිවිඩයක් එවා තිබුනි..........
❤️❤️ එද්දි හුඟක් රෑ වුනා sweetie 💘 ඒ හින්දා අවේ නෑ....... තරහ නෑ නේද.......... මං හෙට උදෙන්ම එනවා..............
මෙහෙන්දි හිත හදාගෙන නිදාගන්න ගියත් ඔවුන්ට පැය දෙකක්වත් නිදා ගැනීමට නොලැබුණි.................
💚❤️💚❤️💚❤️💚❤️💚❤️
උදෑසන හිරුඑළියේ පලමු රැස් කදම්බයවත් වැටී නොතිබුණි........ නමුත් ශර්මා මන්දිරය නම් රාත්‍රිය පුරාම කලබලකාරීය............
ධීර් ඔවුන්ට කතා කලේ තුනට පමණය............. ඒ වර්ණ දියකර වර්ණ තුවක්කු සෑදිමටයි................ ඒ සියල්ල අවසන් කර පාන්දර පහ වන විට හෝලි උත්සවය ආරම්භ විය.................
සියල්ලන්ම සුදු පැහැති ඇඳුමින් සැරසී සිටියත් ඔවුන්ගේ හිස් පලඳනා වශයෙන් හෝ ගෙලට දමන ෂෝල් වශයෙන් හෝ තනි පාටක යමක් තිබුණි............ සුදු සල්වාර් වලින් සැරසුනු මෙහෙන්දි,,, අසේකා,,, හා සහස්දි පිළිවෙලින් තද නිල් රෝස හා කහ පැහැ ෂෝල් පැලඳ සිටියහ...............
සියළුම දෙනා මිදුලට එකතු විය............මිදුල කොනට වන්නට තිබුණු කුඩා ස්ටේජ් එකට නැගුණු වේද් මයික් එක අතට ගත්තේය............. වික්‍රාන්ත් ශධීර් සහ ඉශාන්ත් එම ස්ථානයට ආවේ ඒ මොහොතේය...........විහේන් ඔවුන්ව පිලිගෙන පසෙකට කැඳවාගෙන ගිය අතර හැමෝම වේද් හට සවන් දෙන්නට විය..................
මෙහෙන්දි සහස්දි හා අසේකා සිටියේ ස්ටේජ් එක පිටුපස ඇති විශාල මල් පඳුර පසුපස ඉඳගෙනය.......... දැන් පටන් ගන්නා සෙල්ලම පාට නාන්න වෙන බව ඔවුන් දැනගෙන හිටියා............... මුළු මිදුලම පැමිණි අයගෙන් පිරිලා ඉතිරිලයි තිබුනේ...........
🏵️ මං නම් ඉස්සරවෙලාම මොන පාට ගාගත්තත් ඒ ගාගන්නේ ශධීර් අතින් හොඳද............
අසේකා පැවසුවාය..................
🏵️ඒයි මෙහෙන්දියෝ................
💃 ම්ම්ම්ම්...........
🌺 ම්ම්ම්ම් ගාන්නේ...... කවුරු අතින්ද ඉස්සරලම පාට ගාගන්නේ...........
💃 වික්‍රාන්ත් අයියා අවාද දන්නෙ නැහැ නේද................
💜️ නෝනාවරුනි,,, මහත්වරුනි,,, මට ටිකක් සවන් දෙන්න.....................
විහේන් අසලින් සිටි වික්‍රාන්ත් ද,,,, සාශේන් අසල සිටි මාහීර්ද ලඟ තියන රතු වරණ කුඩු දාපු බඳුන් වලින් අතට වර්ණ ගනිද්දි දොරටුව අසල හිඳ එය අසා සිටි තවත් අයෙක් සිය අතකට රතු වර්ණ අහුරක් ගත්තා...................
ඒ වෙන කවුරුත් නෙවේ............ මහීම.......... මහීම සෙනෙවිරත්න තමයි ඒ ඇවිත් හිටියේ............... ප්‍රතාප් ශර්මාගේ නිවසේ පැවැත්වෙන මහා හෝලී උත්සවය ගැන ඔහු තොරතුරු දැනගත්තේ ඔහුගේ මිතුරු ඉන්දියානු ව්යාපාරකයාගෙන්....... ඔහු සමගින්ම තමයි මහීමත් අද මේ ශර්මා නිවසට පැමිණියේ..............
කඩි ගුලක් ඇවිස්සුනා වගේ සියළු දෙනාම හිතේ හැටියට හෝලි උත්සවය සමරන්නට වුනා.............. වික්‍රාන්ත් හැම තැනම ඇයව හෙව්වත් ඇය නම් පේන මානයකවත් හිටියේ නැහැ................... මාහීර්ද හැම තැනම මෙහෙන්දිව හෙව්වත් ඔහුටත් ඇය හමුවුනේ නැහැ..................
වේග රිද්ම ගීතයකට නර්තනයක් ඉදිරිපත් කරන බව වේද් නිවේදනය කරන විට මාහීර් හා වික්‍රාන්ත් දෙන්නම හිතුවා එතැන ඇය සිටින බව............... ඒ හිතුවා වගේම මෙහෙන්දිත් අසේකාත් සහස්දිත් විදුලියක් වගේ වේගවත් නර්තනය ආරම්භ කලා................... මහීම ඒ දෙස බලා සිටියේ වශීකෘතවයි............... ඔහුගේ හිත තුල මෙහෙන්දි ගැන ඇති කැමැත්ත තව තවත් වැඩි වුනා..............
Mera jhumka utha ke laaya re yaar ve, jo gira tha bareli ke bazaar me
Main to thumka lagaake sharma gayi
Boli ghoongar bandha denge mein aa gayi
Mujhko nachaake nachle, aaja nachle nachle mere yaar tu nachle
Jhanak jhanak jhankaar
O nachle nachle mere yaar tu nachle, abb to luta hai baazar
Sabko bhulaake nachle, aaja nachle nachle mere yaar tu nachle
Jhanak jhanak jhankaar
O nachle nachle mere yaar tu nachle, abb to luta hai baazar
Aaaja nachle සින්දුවට කෙල්ලෝ තුන් දෙනා නටන දිහා හැමෝම ආශාවෙන් බලන් සිටියා...............
නැටුම අවසන් වෙලාත් කෙල්ලෝ තුන් දෙනා ස්ටේජ් එකෙන් බැස්සෙ නෑ............ අසේකා දොරටුව අසල ඉන්න මහීමව දකින්නේ අහම්බෙන්................
🏵️ ඒයි........ මේ........ අර අතන gate එක ගාවම ඉන්නේ අර තඩි මෝඩ හික්මීයා නේද...........
💃 කෝ කවුද අක්කේ.........
🏵️අර බලපන් මෙහෙන්දියෝ අර ඉන්නේ උඹ දිහා කන්න වගේ බලන් ඉන්න මහීමයා....................
💃 මොකාක්......... ඒ යකා ආවද........... ඊර්ර්ර්.......මං නම් පොරට ආසා නෑ......... ඒ වුනත් රන්ශික අයියා පහන් අයියා එහෙම කොච්චර හොදද නේද..........
🏵️ හ්ම්ම්ම්ම්......... ඒ මේ................. වැඩේ හරියන්නෙ නෑ මෙහෙන්දියෝ උඹට නම් ඈ............. මෙන්න මේ යෝධයෝ දෙන්නත් ඉන්නවා............. වික්‍රාන්ත් අයියයි මාහීර් අයියයිත් ඉන්නවා........... සීතල යුද්ධයක් තියෙයි වගේ අද නම්...... එක්කෝ උඹ ස්ටේජ් එකේම ඉදපන්..........
💃මොකද දැන් කරන්නේ...........
🏵️දෙන්නාගෙන් එක්කෙනෙක් ගායි ඉතින්...........
🌺දෙන්නා නෙවේ බං තුන් දෙනයි....... අර බලපන් මහීමගේ අත දිහායි ඌ බලන් ඉන්න දිහයි ෂේප් එකේ...............
🏵️ දෙයියන්ටම ඔප්පුවෙච්චාවේ..... යකෝ තුන්කොන් සටනක් වගේ......... මොන මගුල වුනත් දැන් වැඩක් යැයි........ හදවත පුදදී අවසන් පෙම් වත (hum dil de chukhe sanam) තමයි කියන්න වෙන්නේ.........
💃 මං මොකද දැන් කරන්නේ..........
🏵️මොනා කරන්නද මැද්දෙන් පිටිපස්සට තියන පඩිපෙලින් පැනලා දුවමු අතෙන්ටම...............
තුන් දෙනාම පසුපස පඩිපෙලින් බැස දුවනු දුටු වික්‍රාන්ත්ට හා මාහීර්ට සිනා ගියේය...................
❤️❤️ දුවලා කොහේද මගේන් බේරෙන්නෙ වස්තුවේ.......... මං කොහෙන් හරි හොයාගන්නවා..............
එහෙම හිතපු වික්‍රාන්ත් ඔවුන් ගිය දිශාවට ගමන් කලේ ශධීර් වත් අත්හැරලා..............
💘💘 අද නම් මං ඔයාට කොහොම හරි කියනවා නංගි...............
මාහීර්ද අනෙක් පසින් ඇය සොයා ගමන් කරන්නට විය.............මේ දෙදෙනාම වැඩිපුර කලබල වුනේ නැත..............
🥀🥀 දුවලා මගෙන් කොහේ බේරෙන්නද නෑනෝ........... මං උඹව අරන් ලංකාවටම යනවා................
එසේ සිතූ මහීමද ඇය ගිය දෙසට ගියේය.....................
අද දෙවියන් විසින් මේ අසෙනිය කුසුමෙහි සැබෑ හිමිකරුට ඇයව මුලින්ම මුණගස්වනු ඇත............
ශධීර් නම් අසේකාව සොයා ගත්තේය........... මෙහෙන්දි හැදුවේ හෙමින්ම ගේ ඇතුලට යන්නයි......... ඇය මල් පදුරෙන් පඳුරට මුවා වෙමින් නිවසේ පිටුපස දෙසට යන විට එක්වරම බිත්ති දෙක අතරින් ආ අතකින් ඇයව එතැනට ඇදගත්තේය..................
මෙහෙන්දිගේ දෑස් ගොස් නතර වුනේ ඒ දෑස් මතයි............. ඒ එදා හමුවූ දෑසමයි............ එදා තමා වෙනුවෙන් තරහෙන් දිලිසුණු දෑස අද තමා ගැන පුදුමාකාර ආදරයකින් සැරසී තිබුණි.......... වික්‍රාන්ත් සිය අතෙහි වූ රතු පැහැ වර්ණ කුඩු ඇගේ කම්මුලක තවරා ඇගේ නලලත කුළුඳුල් හාදුවද තැවරුවේය..................
❤️ happy holy nangi.......මං තමයි අයිතිකාරයා හොඳද sweetie 💘 .............
ඔහු එය කියූ ආකාරයට මෙහෙන්දිට හිනා ගියේය......... තවමත් වික්‍රාන්ත්ගේ අත ඇගේ බඳ වටා එතී තිබුණි...............
අශ්ලේෂා ඔවුන් දෙදෙනා මුල් වරට දකින්නේ මේ මොහොතේය.............. අතෙහි පූජා තැටියද සහිතව විහේන් සොයමින් යන අශ්ලේෂා එතෙනට එනු ඔවුන් දුටුවේ නැත.............. නමුත් ඔවුන් දෙදෙනා දුටු පලමු කෙනා ඇය පමණක් නොවේ නිවසේ අනෙක් පසින් පැමිණි මාහීර් ද,, අශ්ලේෂා සිටින දෙසින් පැමිණි මහීමද ඔවුන් දෙදෙනා දුටුවේය............. දැන් නම් වැඩ වරදින බව දුටු අසේකාත් ශධීරුත් එ් දෙසට ගියේ බයෙනි.............. නමුත් ඊලඟට සිදුවන්නට ගියේ නොහිතපුම දෙයක්......... කොහේදෝ සිට විහේන් එතැනට ආවේ වික්‍රාන්ත් හා ශධීර් සොයාගෙනයි......... නමුත් ඔහු දැක ඉක්මන් වුන අශ්ලේෂා විහේන් එතැනට එන එක නැවැත්වීය.............
🧡 කොහේද විහේන් ගියේ.......... මං හැමතැනම හෙව්වා......... අම්මි කතාකරනවා පූජාවට.............
අශ්ලේෂා විහේන්වත් ඇදගෙන ඉදිරිපසට ගියේ අසේකාට ඔවුන්ව දැනුවත් කරන ලෙස ඉඟි කරමිනි.......... නමුත් මේ දසුන මාහීර් හා මහීම දුටු බවත් අසේකා දුටුවාය............ එවිටම මාහීර් සිය අතෙහි වූ රතු පැහැති කුඩු ටික බිම දැමුවේය..............
💘 මොනවා කරන්නද ඉතින්...... ම්ම්ම්... මං පරක්කු වැඩියිනේ.......... ඒත්... ඒත් මේ වික්‍රාන්ත් බැඳපු කෙනෙක්නේ..... මෙයා ඔයාව රවට්ටනවද...... මට පිස්සුනේ යකෝ විහේන්ගේ යාළුවෙක්නේ මෙයා........ වික්‍රාන්ත් ගේ කතාව මං දන්නවානේ........ එහෙම බැලුවම මෙහෙන්දිට හිත ගියා කියන්නේ උගේ වරදකුත් නෑ.......... මොකද මේක මලක්නේ.......... අර වගේ කෙහෙල් මලක් නෙවේනේ............ මොනවා හරි කමක් නෑ......... මට නොලැබුනත් කමක් නෑ........ ඔයාට දුක් විඳින්න වුනේ නැත්තම් හොඳයි නංගි.............. එහෙම වෙන්නෙ නැති වෙයි....... වික්‍රාන්ත්ගේ ඇස් වල තියෙන්නේ පුදුම ආදරයක්........ ඒක වෙන දෙයක් නෙවේ ඒක තමයි ආදරේ..........
ඉතාමත් දුක්බර දෑසින් බලා සිටි ඔහු එතැනින් යන්නට ගියේය................... නමුත් මහීම එසේ නොකලේය.......... ඔහු සිය අතෙහි වු රතු පැහැති කුඩු මිට තවත් මිට මොලවා ගත්තේය...............
🥀🥀 මං ලේසියෙන් පරදින කෙනෙක් නෙවේ නෑනෝ.......... කමක් නෑ........ ටිකක් ඔහොම යමුකෝ............ හොඳම වෙලාව අාවම මං ගෙදර අයගේ අතටම අල්ලලා දෙන්නම්........... අනික මාත් දැන් ඉන්නේ මෙහේ්නේ...........
මහීම එතැනින් ගියේ කේන්තියෙනි...............
ඔවුන් තිදෙනාම මෙහෙන්දිගේ ආදරය අපේක්ෂා කරයි...............
❤️වික්‍රාන්ත් මෙහෙන්දිගේ ආදරයේ සංසාරගත හිමිකරුය............. ඇය ගැන ඔහුගේ හිතේ ඇති ආදරය අප්‍රමාණය............ එය ඔහුගේ හද පතුලෙන්ම නැගී ආ.....අවංක පිවිතුරු අව්‍යාජ අහිංසක සිතුවිල්ලකි.............
💘 මාහීර් යනු දිනාගත නොහැකි වුවත් තම ආදරවන්තියගේ සතුට වෙනුවෙන් සිය සතුට කැප කල,,, ඇයව පරිත්‍යාග කල,,, ඇගේ සතුට දෙස බලා සතුටු වන,,, එකම සිතින් ඇයවම පැතූ මෙහෙන්දිට ඇත්තෙන්ම ආදරය කල කෙනෙකි...........
🥀 මහීම යනු මෙහෙන්දිගේ ආදරය ඇගේ ජීව්තය අනිවාර්යෙන්ම තමන් සතු විය යුතු යැයි හිතන ආත්මාර්ථකාමී අයෙකි.......... ඇය තමාගේ නෑනා බැවින් අයිතිය ලබා ගැනීමට ආ ගමනකි................ ඔහු මාහීර් මෙන් ඇගේ සතුට වෙනුවෙන් ඇය අත්හැරීමට කැමති අයෙකු නොවේ..........
දෙවියන් මෙහෙන්දිගේ ජීවිතය භාරදෙනු ලබන්නේ මේ තුන් දෙනාගෙන් කාටදැයි තවමත් ප්රහේලිකාවකි.............
🏵️🏵️ දැන් මොකක් වෙයිද............... හැමෝම දැනගනීද..............
🏵️ චූටි නංගි.......... අයියා........ පොඩි අවුලක් වුනා............ අශ්ලේෂා අක්කා ඔයාලව දැක්කා...
💃 අනේහ්......අක්කේ දැන් මොනවා වෙයිද........
🏵️මොනවා වෙයිද කියලා මගෙන් අහන්නේ......... අනේ ඇත්තමයි තොපි දෙන්නා නම් මරන්න හිතෙනවා............... යකෝ මාහීර් අයියයි මහීමයයිත් දැක්කා........ උන් දෙන්නා වටේටම කියයිද දන්නෙ නෑ.....................
❤️ ශිට්....... මං මහ මෝඩ වැඩක් කලේ............. මට තිබුනා තව ටිකක් ඉවසන්න කොහේද ඉතින් මෙයා මෙතන රෝස මල වගේ එහාට මෙහාට යද්දි අපේ හිතත් ඉතින් මෙව්වා වෙනවනේ......... හරි හරි ඉතින් කවදා හරි දැනගන්නවානේ........... අනික මට ඩිවෝර්ස් එක අනිවාර්යෙන්ම ලැබෙනවා........... අපි බලමු..... දැන් යමු නේහ්...............
ඔවුන් සිව් දෙනාද ඉදිරිපසට ගියේ බයෙන් බයෙනි............ නමුත් අශ්ලේෂා වත් මාහීර් වත් මහීම වත් කිසිවෙකුට කිසිවක්ම කියුවේ නැත........... අශ්ලේෂා මෙහෙන්දි දෙසත් වික්‍රාන්ත් දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේය............. ඉන්පසු ඇය බැලුවේ සිය සොයුරා දෙසයි.......... ඔහු සිටින්නේ ඉතාම දුකෙන් බව ඇයට පෙනේ........... නමුත් ඊටත් වඩා වික්‍රාන්ත්ගේ මුහුණින් ඇය දකින්නේ අවංකත්වයේ ප්‍රතිමූර්තියයි...........
🧡🧡🧡 ඇයි මේ මට හිතෙන්නේ මේ සම්බන්ධය හරි කියලා.......... මේ දෙන්නාට දෙන්නා හරිම ආදරෙන් ඉන්නේ.......... එතකොට මගේ අයියා පව්................... එ් වුනත් වික්‍රාන්ත් නංගිට ඇත්තටම ආදරෙයි වගේ.......... බලන්නකෝ ඒ ඇස් වල නංගි ගැන තිබුනේ පුදුම ආදරයක්.......... මගේ හදවතටම ඒක දැනුනා............. වික්‍රාන්ත් වැරදි නැහැ දැක්කනේ අර සෝනම් කියන ගෑණි ඇවිත් කරපු දේ.......... මේ අහිංසකයාගේ ජීව්තේම විනාස කරලා ඒ ගෑණි.......... කිසිම ආදරයක් නෑ.................. මට නම් හිතෙන්නේ මේ ආදරය වැරදි නෑ......... ඔව්....... මට සමාවෙන්න අයියේ....... මං ගන්නෙත් වික්‍රාන්ත්ගේ පැත්ත....... මං මේ දැකපු දේ කාටවත්ම කියන්නෙ නැහැ
අවසානෙදි අශ්ලේෂාත් තීරණය කලා එය කිසිවෙකුට නොකියා ඉන්න............ නමුත් නංගිගෙන් මෙහි ඇත්ත නැත්ත දැනගත යුතුම බව ඇය සිතුවා..............
පාට පාට හෝලි උත්සවය අවසන් වුනේ සතුටක් වගේම දුකකුත් බියකුත් ඉතිරි කරලා........... මහීම ආව එක ගැන අම්මා මහා ලොකුවට කතා කලත් තාත්තා නම් ඊට කැමැත්තක් නැති බව පේන්න තිබුනා............
💦 මට නම් පුදුම සතුටුයි මහී ආව එකට හරියට අයියා ආවා වගේ නේද ප්‍රතාප්
🏆 හ්ම්ම්ම්...
💦බලන්නකෝ දැන් කොල්ලා ලොකුයි ලස්සනයි.............. නේද ප්‍රතාප්
🏆 හ්ම්ම්ම්ම්..
💦දැන් ඔහොම ගිහින් අයියත් මෙහෙ එයි..........
🏆 හ්ම්ම්ම්ම්......
💦 මොකක්ද ප්‍රතාප් හැම එකටම හුම් ගාන්නේ............
🏆 මං මොනවා කියන්නද අපූර්වා........ එයාමයි ඔයාව අත්හැරියේ.........මොකක් හින්දද මං හින්දා........මේ මං හින්දා........ එයා මාව ප්‍රතික්ෂේප කලා.......... ඉතින් මට ආයෙම ඒ කෙනා වැඩක් නෑ අපූර්වා sorry...........
ප්‍රතාප් ශර්මා පැවසුවේ සහතික ඇත්ත බව සියල්ලන්ටම වැටහුනත් අපූර්වා නම් එය වටහා ගත්තේ නැත..........
💦 ඒ මගෙ අයියගේ පුතා ප්‍රතාප් හරිද...... එයා මෙහෙ එන යන එකට ඔයාගේ ප්‍රශ්ණයක් නැහැනේ අකැමැත්තක් නැහැනේ නේද............
🏆 මට කමක් නෑ අපූර්වා හැබැයි එයා හින්දා මොකක් හරි ගැටලුවක් ඇති වුනොත් මං ඒකත් බලාගන්නම් හරිද........
ප්‍රතාප් කෑම මේසයෙන් නැගිට ගියේ හිත හොඳින් නම් නොවෙ............ අපූර්වාද කෑම අතර මග නවතා යන්න ගියාය......... මෙහෙන්දි ව්හේන් අසේකා හා අශ්ලේෂා මහීමට හොඳටම දොස් කිව්වත් සහස්දි එයට කිසිවක් නොපැවසුවේය..............
🌷 අම්මටත් පිස්සුනේ........ මොන එහෙකට දැන් ඔය මිනිස්සු ලං කරගන්නවද දන්නෙ නෑ.............
🏵️ ඒක නම් කියලා වැඩක් නෑ විහේන් අයියා............ අනික ඒ මනුස්මයා එකපාරම මොකද මේ එන්නේ...... මට නම් සැකයි අප්පා...........
🌷 මොකක්ද ඌ කරනවයි කියන බිස්නස් එක..........
🏵️ මොකක් හරි බංකොලොත් මගුලක් වෙන්න ඇති............
🌺 මේ දැන් ඕක නවත්තගන්න දෙන්නම හරිද........... ඒ අපේ මාමාගේ පුතා....... ඔයාලා පිලිගත්තත් නැතත්.......... ඔය විදිහට අපහස කරන්න එපා..........
එහෙම කියලා සහස්දි නැගිට්ටා යන්න..........
🏵️ මේ මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ අක්කේ.......... ඈ............ මෙතන කවුරුත් ඔයාට කේන්ති ගන්න දෙයක් කිව්වේ නෑ........ ඔයාට ඒ මිනිහගේ වරදක් පෙනුනෙ නැති වුනාට මට නම් මොකක්ද දෙයක් පේනවා.........
🌺 මේ අසේකා................
🌷 හරි හරි...... මේ අපි රණ්ඩු වෙන්න ඕන් නෑ මේ කොහෙද යන එකෙක් හින්දා............ මේ ඌ උඹලා තුන් දෙනාගෙන් එකෙක්ට ලව්ද දන්නෙ නෑ..........
🧡 ඒවා කියන්නත් බෑ විහේන් මං දැක්කා හෝලි එකේදි රතු පාට කුඩු අරන් ඉන්නවා..............
🌷 ආ මේ චූටි........... තමුසෙගේ මුහුනේ රතු කුඩු ගෑවේ කවුද..............
දැන් දීපල්ලාකෝ උත්තර........ හතර දෙනා නිකම් මොනාත් දන්නෙ නෑ වගේ කට වහගත්තා...............
🌷 ඈ බං චූටි කවුද උඹ හොයාගත්ත කොල්ලා.............
මෙහෙන්දි අසරණ විදිහට ඇයට ඉදිරියෙන් හිටිය අශ්ලේෂා දිහා බැලුවා............
🧡 අනේ විහේන්....... මේකිට මොන කොල්ලොද අප්පා......... මමයි මේකිගේ මුහුනේ ගෑවේ............ එහෙම කරලවත් බැලුවේ මේ අවුරුද්දෙ වත් කෙල්ලට කොල්ලෙක් සෙට් වෙයිද කියලා......
ඒ දුන්න උත්තරේට මුහුණ ඇද වෙලා ගියේ අසේකාගේ...........
🏵️🏵️ චී චී අක්කේ උඹ අපිත් එක්ක හිටියට බොරුවක් වත් කියාගන්න බෑනේ බං......... ඔික නම් මේ ගෝතය විශ්වාස කරන එකක් නෑ................
අසේකා හිතුවා.......... හැබැයි විහේන් ඊට වඩා දෙයක් ඒ ගැන ඇහුවෙත් නෑ.............
🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡
අශ්ලේෂා හෙමින් සැරේ මෙහෙන්දිලගේ කාමරයට ගියේ කෙල්ලව ටිකක් තනිවම අල්ලගන්න කියලා හිතාගෙන........ මොනවා වුනත් අශ්ලේෂාට මෙහෙන්දිගේ ජීවිතය ගැන තිබුනේ බියක්..........ඔක්කොටමත් වඩා කෙල්ලට දුක් විඳින්න අඬන්න වෙයි කියලා හිතුනා.......... ඇය යන විටත් මෙහෙන්දි හිටියේ බැල්කනියට වෙලා ඈත අහස දිහා බලාගෙන...............
🧡 නංගි.......... මොකද අහසින් වත් කුමාරයා වඩියි කියලද බලන් ඉන්නේ........
මෙහෙන්දිට අශ්ලේෂාට මුහුණ දෙන්නත් බෑ වගේ හිතුනා........... දැන් එයා මේ ගැන හොඳටම දන්නවා.......... මේ ආවෙත් නිකම් නෙවේ තමාගෙන් මේ ගැන අහන්න කියලත් මෙහෙන්දි දන්නවා............
💃 හිතාගන්න බෑ අක්කේ...............
🧡 චූටි නංගි.............. හිතාගන්නවත් බැරි දේවල් තමයි ළමයෝ ජීවිතේදි වෙන්නේ...... මේ වහෙන් ඔරෝ ඕනෙ නෑ මට ඇත්තම කියපන්......... මං දැක්න දේ ඇත්තද බොරුද..............
තවත් අශ්ලේෂා හට බොරු කර පලක් නැත........... නමුත් ඇයට තමා ගැනම ලොකු ලැජ්ජාවක් ඇති විය............ දැන් සියල්ලන්ම තමා ගැන වැරදිවට හිතනු ඇත.......... තමා නරක කෙල්ලක් යැයි හංවඩු ගැසෙනු ඇත.............
🧡 නංගි........ කතා කරන්න..........ම්ම්ම්ම්...
💃 අ...අ..අක්...කේ...........
මෙහෙන්දි හඬන්නට විය...........
🧡 මේ උඹ මොනාද කියන්නේ නංගි........ මං ඇහුවේ ඒ ගැන විස්තර විතරයි......... ඒවා අහගෙන අයියගෙයි අම්මාගෙයි කනේ තියලා ලකුණු දාගන්න ජාතියේ නෑනා කෙනෙක් නෙවේ මං හරිද...........
💃 මං දන්නවා මං දන්නවා අක්කේ..........
🧡 මට ඇත්ත කියපන් නංගි......... මොකක්ද ඔය සම්බන්ධයේ අනාගතය............ම්ම්ම්ම්
💃 මං ඇත්තටම එයා එක්ක සම්බන්ධයක් ඇති කර ගන්නේ නෑ එයා එයාට ආදරය කරන කෙනෙක් එයාගෙම කැමැත්තෙන් බැඳලා හිටිය නම් අක්කෙ...... එයාට ටිකක්වත් ආදරේ නොකරන කෙනෙක් එක්ක එයා ගෙවන්නෙත් හොඳ ජීව්තයක් නෙවේ.......... එයා සෝනම්ගෙන් අයින් වෙයි........... මට එයා ඒක කිව්වා...... අනේ මන් දන්නෙ නෑ අක්කේ මං වැරදි ඇති......... ඒත් මංවත් එයාවත් වැරදිත් නැ කියලා අපි දන්නවා........ මේක මේ අර අර විදිහේ සම්බන්ධයක් නෙවේ..........අපි දෙන්නා අපි දෙන්නට හරිම ආදරෙයි අක්කේ......... හරිම ආදරෙයි................ සෝනම් කවුද කියලා ඔයාට මං අමුතුවෙන් කියන්න ඔිනි නෑ නේද අක්කා..... ඔයාම එයාව දැක්කනේ...... ඒ වගේ කෙනෙක්ගෙන් ආදරයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද අක්කේ.........අනේ මං වැරදි කියලද ඔයා හිතන්නේ..............
🧡 නංගි........ මේ අහන්නකෝ............. ඔවා කියන කතාව හරි........ ඔය දෙන්නම සාධාරණයි....... ඒත් මේ සම්බන්ධය දිහා ලෝකය බලන්නෙ කොයි විදිහටද කියලා ඔයා දන්නවානේ........ හැගීම් වලට වහල් වෙලා අපිට වැඩ කරන්න බෑ....... ඔය දෙන්නට දෙන්නා ආදරේ වුනත් ඔයා හිතනවද එයාට ලේසියෙන් සෝනම්ගෙන් අයින් වෙන්න පුළුවන් කියලා...........
💃 සෝනම් වෙන කෙනෙක්ටයි ආදරේ අක්කේ එයා කැමතියි ඩිවෝර්ස් එක දෙන්න..............
🧡 ඒ වුනත් ඔය කසාදේ වුනේ සෝනම්ට ඕනැවට නෙවේ මෙහෙන්දි........ ඒක තනිකරම ශේෂ් සක්සේනාගේ කැමැත්ත....... සක්සේනා ගෘප් ඔෆ් කම්පැනි එකේ සන්නාමය තමයි වික්‍රාන්ත්.......... එතකොට ඔයා........ ඔයා තමයි ශේෂ් සක්සේනාගේ ප්‍රධානම ව්‍යාපාර හතුරා ඒ කියන්නේ ප්‍රතාප් ශර්මාගේ එකම දුව............ හිතන්නකෝ එතකොට කොහොම හරි ඔයා වික්‍රාන්ත් බැන්දයි කියලා..........වික්‍රාන්ත්
💃 ඔ...ඔයා..... කිය.නකම් මට ඒක... මතක් වු..නේ නැ..හැ අක්....කේ..........
🏵️ ඒ කතාව ඇත්ත වුනත් අක්කේ මේ සම්බන්ධය පටන් ගන්න කලින් වික්‍රාන්ත් අයියා ඔය හැමදේටම බය වුනා........ විහේන් අයියා තරහ වෙයි කියලා.... නංගි දුක්විදී කියලා බය වුනා...... නංගිගෙ නම කැත වෙයි කියලා බය වුනා.........ඒ ඔක්කොටම වඩා සක්සේනාගේ බලයට බය වුනා.......... හැබැයි අක්කේ දෙන්නගේ හිත් වල තිබුණු ආදරේට ඔය ඔක්කොම බය වුනා............ මේක දිහා සාධාරණව බලන්න අක්කේ............ මට හිතෙනවා වික්‍රාන්ත් අයියට පුළුවන් වෙයි සෝනම්ගෙන් අයින් වෙන්න............
🧡 මාත් හිතන්නේ ඔයාලා හිතන විදිහටම තමයි................ වික්‍රාන්ත් අයියා නංගිට ආදරේ කරන එකත් පුදුමයක් නෙවේ.......... මට දෙන්නම ගැන දුකයි....... දෙන්නම දැන දැන ගිණි ගොඩකටයි පනින්නේ.......... මට හුඟක් බයයි............. අනික තාත්තා ඔයාව දෙයිද නංගි කලින් බැන්ද කෙනෙක්ට........ එයාගේ එකම දුව.......... එයාගේ ගෞරවය තමයි ඔයා.......... මං බය හුඟක් ඒකට......... ඔයා මට වඩා දන්නවානේ තාත්තා කවුද කියලා............ මං හුඟක් වද වෙනවා පැටියෝ ඔයා ගැන.............
💃 දැන් නවතින්න බෑ අක්කා........... මොන දේ වුනත් මං ඒ හැමදේම භාරගන්නවා......... දුකක් වුනත් සතුටක් වුනත්........... මට වෙන කරන්න දෙයක් නෑ....... හදවතම දීලා ඉවරයි............. මේ සම්බන්ධය නතර කලොත් වික්‍රාන්ත් අයියා මොනවා කරගනීද............. අක්කා....... ඔයාට තේරෙනවා නේද ඔයාගේ නෑනට කරන්න දෙයක් දැන් ඉතුරු වෙලා නෑ...............
🧡 මං දන්නවා.......... ඒත් එදා මං විතරක් නෙවේ දැක්කේ............. මාහීර් අයියා දැක්කා........... අර මහීම ගෝතයත් දැක්කා........ අපේ අයිය නම් ශේප් කරගත හැකියි කියමුකෝ එතකොට අර බූරුවාගේ කට වහන්නේ කොහොමද..............
🏵️ මටත් බය ඔය මහීමයා තමා.............
🧡 චූටි.......... අපි බලමු........ එන විදිහකට මුහුණ දෙමු.........ම්ම්ම්ම්.....
අශ්ලේෂා යන්න ගියේ කෙල්ලගේ හිස තවත් වරක් අතාගෙනමයි......... අශ්ලේෂාට පුදුම දුකයි මෙහෙන්දි ගැන..................
🌸🌸🌸 මතු සබැඳියි
No comments:
Post a Comment