මෙහෙන්දි වික්‍රාන්ත් ගේ ඇගේ තදින් හැප්පුනු අතර ඇය අතවූ රෝස මල්පෙති සහිත බන්දේසිය මහා හඬක් නංවමින් බිම වැටුනේ කාගේත් අවධානය ඔවුන් වෙත යොමුකරමින්........... වික්රාන්ත්ගෙ අතේ තිබුණු දුරකතනය බිම වැටිලා කෑලි සී සීකඩ විසිවුනා........... දුරකතනය දිහා බලලා වික්‍රාන්ත් මෙහෙන්දි දිහා බැලුවේ තරහෙන් රතු වෙලා ගිණි දැල් පිටවෙන දෑසින්..................
ඒ වුනත් බියෙන් තැතිගෙන තියන ඒ ඇස් දෙක දැක්කම වික්‍රාන්ත්ගේ හිත මත අකුණක් කෙටුවා වගේ හැගීමක් දැනුනා.......... ඒ වුනත් ඒ ආකර්ශනය පරදා නැගුණ කේන්තියෙන් ඔහු මෙහෙන්දිට හොඳටම බැන වැදුනේ හරියට එහි වරදකාරිය ඇයම විතරක් කියලා හිතලා වගෙයි........... මෙහෙන්දි වගෙම වික්‍රාන්ත් ආවෙත් බිම බලාගෙන අවධානයකින් තොරවයි.............
❤️ උඩ බලාගෙනද යන්නේ හලෝ........... ශිට්....... බලනවා මගේ phone එකට වෙච්ච දේ.............වැඩට ආවා නම් ඒක කරනවා සිහියෙන්............. තමුසෙලා වගේ ගෑනු ගැන අපි හොඳට දන්නවා.......... ලැජ්ජාවක් නැති ගෑණු...... උඹලට ඕනෙ මොකෙක්ගෙ හරි ඇඟේ එල්ලෙන්න.......... මෙහෙම කරපුවම මං තමුසෙ වගේ කෙනෙක්ගේ දැලට අහුවෙයි කියලා හිතුවද..........
අසේකාගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් ඉස්සරහට ආවේ වික්‍රාන්ත්ට හොඳ දෙකක් කියන්න......... ඒත් මෙහෙන්දි අසේකාගෙ අතින් අල්ලලා ඒක නැවැත්තුවා............... වික්‍රාන්ත් සිතන්නේ ඔවුන් මේ උත්සවය සංවිධානය කරන්න භාරදී ඇති සමාගමේ වැඩකරන අය කියායි.............
❤️ ඇයි තමුසේ මට ගහන්නද ආවේ........... පාරෙන් අයින් වෙනවා දැන්වත්.............. මේ වගේ careless මිනිස්සුන්ට මොකට වැඩ දෙනවද මන්දා
අවසානේදි උදේ ඉඳන් සෝනම් එක්ක තිබුණු අපමණ කේන්තිය ගියේ අහිංසක මෙහෙන්දිගේ පිටින්.........තවමත් තමාට එක එක ඒවා කිය කිය බනින මේ තරුණයාගේ දෑස් දිහා මෙහෙන්දි බලාගෙන ඉන්නේ අැහි පිය වත් ගහන්නේ නැතුව.......... හැබැයි මෙහෙන්දිගේ ලස්සන දිගැටි පුංචි ඇස් දෙක ඇතුලේ වැටෙන්න දඟලන විශාල කඳුළු බෝල දෙකක් තිබුනා............... ජීවිතේ පලවෙනි වතාවට,,,,, ❤️💃💘 පළවෙනිම වතාවට මේ තමන්ගේ හදවත මෙච්චර කල් හෙව්ව කෙනා තමයි කියලා මෙහෙන්දිට හිතුනා................
මෙහෙන්දිගේ කඳුලු පිරුණු දෑස දැක්කම නම් වික්‍රාන්ත් බනින එක නැවැත්තුවා................
🏵️ මොකද බං අරූට දෙකක් කියන්න දුන්නෙ නැත්තේ............
🌺 ඔව් නංගි බලන්නකෝ ඌ කීව දේවල්............ අනින්න හිතෙනවා ඌට මට මූණ සමතලා වෙන්න........... මොකෙක්ද ඌ.............
💃 අපි ඇතුලට යමු අක්කේ.........
මෙහෙන්දි එච්චරයි කිවිවේ............. අසේකයි සහස්දියි මුහුනට මුහුණ බලාගත්තේ වෙනදා මේ වගේ දෙයක් වුනා නම් යකා නටන කෙල්ලගේ අද මේ නිහඬතාවය ගැන උපන් කුහුලෙන්............
වික්‍රාන්ත් ගිහින් ශධීර් සහ ඉශාන්ත් ලඟින් වාඩි වුනේ සුසුමක් හෙලමිනි.................
💚 Thank god අයියේ එහෙනම් ඔයා ආවා............
ශධීර් පැවසුවේ වික්‍රාන්ත් ගේ කරට අතක් දමාගනිමින්.............
🍃 ඔව් බං........... උඹ නැතුව අපි හිටියේ පුදුම පාළුවකින්......... උඹ දන්නවානේ අපිට කිසිම ලල් එකක් නෑ කියලා උඹ නැතුව.............ඒකයි අපි කරදර කලේ එන්න කියලා
❤️ ඒ හින්දා තමයි මං ආවේ...........
වික්‍රාන්ත් එහෙම කියලා මනාල යුවල දිහා බලාගෙන හිටියා......... ඒ වුනත් ඔහුට සිහිවුනේම ඒ කඳුලු පිරුණු ඇස්දෙකමයි......... තමන් කරපු දේ ගැන ඔහුගේ හිතේ ලොකු කලකිරීමක් ඇති වුනා................. හැබැයි කෙල්ලගේ මුහුණ කලින් දැක්කනම් ඔය විදිහට වික්‍රාන්ත් කෑ ගහන එකකුත් නෑ............. එයා දකින කොටම බනින්න පටන් අරන් ඉවරයි.......... වරක් දෙවරක් නොව කීප වරක්ම වික්‍රාන්ත් උත්සව ශාලාව පුරාම දෑස් යැව්වේ ඒ ඇස් දෙක හොයලා............. ඒ වුනත් ඔහු ඇයව දුටුවේ නම් නෑ.........
මෙහෙන්දි හිටියේ උත්සව ශාලාවෙන් එපිට තිබුණු කුඩා උද්‍යානයේ......... හොඳටම කළුවර වැටිලා තිබුණු නිසා ඇය එතැන ඉන්නවා කවුරුත් දැක්කේ නෑ............. මෙහෙන්දිට හුඟක් දුක හිතිලයි හිටියේ මොකද එයා කවදාවත් ඒ වගේ බැණුම් අහලා තිබුණු ඒ වගේ බැණුම් පුරුදු කෙනෙක් නෙවේ............ ඒ හින්දම ඒ වචන ඇයට දරාගන්න පුළුවන් කමක් තිබුනෙත් නෑ............... ඒ ඔක්කොටමත් වඩා ඔහුගේ අමනාපය ඇයව මහත්සේ දුකට පත් කලා............... මෙහෙන්දි ඔහුව දුටු පලමු බැල්මෙන් බැඳුනේ සංසාර පුරුද්දකට වගේ............... මේ තරම් කාලයක් කිසිම දෑසක් ලඟ නතර නොවුන මෙහෙන්දිගේ ඇස් දෙක මේ නපුරු අහංකාර අැස් දෙක ලඟ නතර වෙලා................... මෙහෙන්දිගේ ඉකිගැසීම් නවත්ව ගන්න එයාටම හැකියාවක් තිබුනේ නැති හින්දා කෙල්ල තව තවත් වාඩි වී හිටිය පුටුවට ගුලි වුනා.................
ඔය අතරේ මණ්ඩපයේ චාරිත්‍ර සුභ මොහොතින් ආරම්භ වුනා........ටික වේලාවකින් උත්සව ශාලාව පුරාම ශ්ලෝක වල ශබ්දයත් කපුරු හා සුවඳ තෙල් වල අපූරැ සුගන්ධයත් පැතිරුනා..............
වික්‍රාන්ත් හිටියේ නොසන්සුන්වයි..............
🌸 වික්‍රාන්ත් අයියා මොකද මේ.........
💚 ඒ ඔහොම ඉන්න එපා අයියේ......
ඉශාන්ත් හා ශධීර් ඇහුවේ වික්‍රාන්ත් ඉන්නෙ මොකක් හරි අවුලකින් කියලා හිතිලා............
💚 මොකද බං වුනේ කියපන්කෝ...... උඹ සෝනම් එක්ක වලියක්වත් දාගත්තද......... අනේ බං වැඩක් නැති දේවල් වලට කාලේ නාස්ති කරලා නිකම් ලේ කෝප කරගන්නෙ නැතුව හිටපන්..........
❤️ චහ්....... මං මහ ජරා වැඩක් කලා බං...........
💚 මොකක්ද...... වුනේ කියපන්........ බං හිතේ තියන් දුක් විඳින්නෙ නැතුව
❤️ මං දැන් හදිස්සියෙ එද්දි........ hall එකට ඇතුල් වෙනකොටම මල් පෙති බන්දේසියක් ඇරන් ආව කෙල්ලක් ඇඟෙ හැප්පුනා............ මං ඒකිට හොඳටම කෑ ගැහුවා බං........ ඔක්කොම ඒ දිහා බලන් හිටියා......... ශිට්.......... මට දැන් පව් හිතෙනවා ඒ කෙල්ල............ ඇයි බං මං ඒ තරම් ජරා විදිහ හැසිරෙන්නේ.......
💚 හ..හරි....... දැන් අපි ඒ කෙල්ල ඉන්නවද කියලා බලලා........ සමාව ඉල්ලමු පොඩි දෙයක්.......... උඹ නිකම් කලබල වෙලා...........
ඒ වුනත් වික්‍රාන්ත් ගේ හිත නම් සන්සුන් වුනේ නෑ..................
සහස්දි එක පාරම වටපිට බැලුවේ මෙහෙන්දි කොහෙද කියලා........
🌺 මේ කෙල්ල කොහෙටද මාරු වුනේ..........
සහස්දි අසේකාටත් කියන්නේ නැතුව මෙහෙන්දි හොයමින් හැම තැනම ඇවිද්දා අන්තිමට කෙල්ලව හොයාගත්තේ උද්‍යානයේ ඉඳලා......... සහස්දි හුඟක් බය වුනා කෙල්ල ගුලි ගැහිලා ඉන්නවා දැකලා...............
🌺 චූටි නංගි........ මෙහෙන්දි.... මොකද... මොකද පැටියෝ මේ............
මෙහෙන්දි ඉක්මනට කඳුලු පිසදාගත්තාය..........
🌺 මෙහෙ වරෙන් යන්න අරූට හොඳ දෙකක් කතා කරන්න...... උඹ මෙතන බොරුවට ඒ මෝඩ මනුස්සයාගේ කතා වලට අඬ අඬ ඉන්නේ................
💃 අක්කා................... එයා තමයි ඒ කෙනා අක්කා........... ඔයා කිව්ව විදිහට මෙයා තමයි මගේ හිත හොයන කෙනා.............. මට ඒක දැනෙනවා අක්කා
🌺 න...න.....නං...ගි.........
💃 මට හිතෙන්නේ ඒ මෙයාම තමයි........ මගේ හදවත හොයන කෙනා.............
🌺 පිස්සුද මෝඩියේ මූ කාගෙ කවුද කින්ද මන්ද දන්නෙත් නෑ......... බැඳලද දන්නෙත් නෑ............... පිස්සු වැඩ කරන්න එපා............
මංගල මණ්ඩපයේ චාරිත්‍ර අවසන් වුනාට පස්සේ පූජකතුමා මනාල යුවල දෙසට හැරුනා............
✍️ දැන් වට හත යන්න සූදානම් වෙන්න........ කෝ ඔය සළු දෙක එකතු කරලා බඳින්න.............
අපූර්වා නැගිටලා ඒ කාර්ය කරද්දි විහේන් ඒක නැවැත්තුවා............
🌷 අම්මා........... නංගිට කතා කරන්න please......... එයාටයි පුංචි කාලේ ඉඳන් ඕනැවුනේ මේ දේ කරන්න...........
විහේන් ටිකක් හයියෙන් එහෙම කිව්වම අපූර්වා අසේකාට කතා කරලා මෙහෙන්දිව එක්කගෙන එන්න කිව්වා............ මේ විහේන් කරන්න යන්නේ මොකක්ද කියලා වික්‍රාන්ත්,,, ශධීර් ඉශාන්ත් ඇතුළු ඉස්සරහ හිටිය පිරිසත් බලාගෙන හිටියේ................
❤️ විහේන්ට නංගි කෙනෙකුත් ඉන්නවද.....
වික්‍රාන්ත් එහෙම ඇහුවේ ඇත්තටම මෙච්චර කාලෙකට ඒ ගැන කිසිවක් විහේන් පවසා නැති නිසා............ ව
💚 ඇයි උඹ දන්නෙ නැද්ද.....??? ආහ්... උඹ ආවේ නෑනේ....... මාර ලස්සන නංගි කෙනෙක් ඉන්නේ... දැක්කම පිස්සු හැදෙන ලස්සනක් ඒක........ හ්ම්ම්ම්.....
❤️ මං දැනන් හිටියේ නෑ..... මං හිතුවේ සාශේන් විතරයි ඉන්නේ කියලා..........
💚 ඌ නංගිව මෙච්චර දවසක් හංගලා තියලා තියෙන්නේ බං........ අපෙන් බේරගන්න බැරි වෙයි කියලා.........
ශධීර් පැවසුවේ සිනාසෙමින් විහිළුවෙන් වුවත් වික්‍රාන්ත් නම් ඒ ගැන ටිකක් විතර හිතුවා....... තමන්ගේ හොඳ යාළුවා,,, මෙච්චර දේවල් කතා කරගන්න බෙදාහදාගන්න යාළුවා ඇයි ඒක නොකීවේ කියලා
💃🌺💃🌺💃
සහස්දි .....මෙහෙන්දි මේ කියන්නේ මොකක්ද කියලා අදහගන්න බැරුව බලාගෙන හිටියේ........... ඇත්තටම මෙච්චර කාලයකට මේ නැගණියගේ හිත මෙතරම් පිරිමියෙකු වෙනුවෙන් වද වී නැත............... ඇය කිසිදා එලෙස සිතාවත් නැත............. අඩු තරමින් ඇය මාහීර් ගැනවත් එලෙස සිතුවේ නැත..................
💘 නංගි ඔයාට අයියා කතා කරනවා එන්න යන්න............
මාහීර් එක්ක අසේකාත් එතෙන්නට ආවේ මෙහෙන්දි එක්කගෙන යන්න.........
🌺 යමු...........
සහස්දි මෙහෙන්දිවත් ටිකක් වහගෙන නැගිට්ටේ මාහීර් කෙල්ල අඬනවා දකී කියලා.......... ඒ වුනත් කෙල්ලගේ ඒ වෙනස මාහීර්ට තේරුනා..........
💘 Are you ok........... මොකද මේ..........
💃මොනවත් නෑ..................
🌺 මේකිට පිස්සුනේ අයියේ.......... නංගිලගේ හැටි ඔහොම තමයි........ උන් අයියලා වෙන අයට අයිති වෙනවට කැමති නෑ..............
අක්කට මේ වගේ උත්තර කොහෙන් එනවද කියලා මෙහෙන්දිට හිතුනත් ඇය සහස්දි දිහා කෘතඥපුර්වක බැල්මක් හෙලුවාය.............
🌺 යමු... යමු.................
වික්‍රාන්ත් බලා සිටියේ ඇත්තටම ඔවුන් නොදන්න මේ විහේන්ගේ නංගි කවුද කියලා............... මාහීර්ටත් සහස්දිටත් මැදිවෙලා ආව කෙල්ලව පැහැදිළිව වික්‍රාන්ත් දැක්කෙ නැති වුනත් මෙහෙන්දි මණ්ඩපයට නගිනකොටම කොල්ලගේ ඇස් දෙක නළලට ගියා................
මණ්ඩපයට නැගලා විහේන්ගේයි අශ්ලේෂාගේයි සළු දෙක එකට ගැට ගහන කෙල්ල දිහා වික්‍රාන්ත් බලාගෙන හිටියේ හොඳටම පුදුමයෙන්,,,,
❤️ දෙයියනේ......... මේ... මේ.... මෙයා...ද....... එතකොට මේ විහේන්ගේ නංගිද.................
💚ඇයි බං උඹ මෙයාව කලින් දැකලා කියනවද..........
ශධීර් ඇහුවේ කෙල්ල දිහාට යොමු වෙලා තියන ඔහුගේ ඇස් දෙක මොහොතක් වත් ඉවතට ගන්නේ නැතුව............
❤️ මං මෙයාට තමයි බැන්නේ ශධීර්........
💚 මල කෙලියයි........ මොකක්...............
වික්‍රාන්ත් ගේ මුහුණෙහි තිබුණු පරාජිත බව දුටු ශධීර් මොනවත්ම කිව්වේ නෑ...............
මෙහෙන්දිත් නිහඬවම සළු දෙක බැඳලා තද කරලා විහේන්ගෙයි අශ්ලේෂාගෙයි උරහිස් වලින් අල්ලගත්තා...............
💃 මේවාගේ හැමදාමත් ඔය දෙන්නට එකට සතුටින් ඉන්න ලැබෙන්න ඕනි අයියේ..........
කෙල්ල ආයෙම මණ්ඩපයෙන් බැහැල සහස්දි ඉන්න තැනට ආවෙි වට පිට කොහේවත් බලන්නෙ නැතුව........... ඇත්තටම කෙල්ල දැක්කෙ නෑ වික්‍රාන්ත් ඉන්නේ කොහේද කියලවත්..........
මාහීර් කෙල්ලගේ ලස්සන ලඟටම දැක්කෙ දැන්........... කළුවරේ උද්‍යානයේදි ඔහු ඇයව හරියට දැක්කෙත් නෑ............. ඒත් මොකක්දෝ අඩුවක් කෙල්ල ගාව තියනවා කියලා ඔහුට හිතුනා.............
💘💘💘 කෝ අද ඔයාගේ දඟකාර වැඩ...... කටකාර කතා....... ම්ම්ම්ම්..... මං දැක්කේ නෑ කොල්ලෙක්ට විහිලුවක් වත් කරනවා...........
මාහීර් මෙහෙන්දි ලඟට ගිහින් ඇගේ අතකින් අල්ලගත්තා..............
💘නංගි......... අැයි මේ මොකක් හරි ප්‍රශ්ණයක්ද............
💃 නෑ අයියා එහෙම එකක් නෑ..........
මාහීර් කෙල්ලගේ අතින් අල්ලගෙන ඉන්නවා දැක්කම වික්‍රාන්ත් ගේ මුළු හදවතම හිරිවැටිලා ඊර්ෂ්‍යා සහගත හැගීමකින් පිරිලා යනවා වගේ දැනුනා.............. මෙහෙන්දි මාහීර්ට නොදැනෙන්න සිය අත ඔහුගෙන් මුදාගත්තා.............
❤️❤️❤️ උඹට පිස්සු හැදීගෙන එනවද වික්‍රාන්ත්....... ඒ විහේන්ගේ නංගි......... අනික මතක තියාගනින් උඹ බැඳපු මිනිහෙක්........... හිත සංවර කරගනින්.............. පිස්සු වැඩ කරන්නෙ නැතුව.......... මොන එහෙකටද ඒ කොල්ලා ඒකිගේ අතින් ඇල්ලුවා කියලා උඹ upset වෙන්නේ...... කවුද දන්නේ ඒ එයාගේ කොල්ලද කියලා.....සෝනම් එක්ක තියන තරහා මේ අහිංසක කෙල්ල පිටින් යැව්වා වගේ තවත් මොකක් හරි ලෙඩක් දාගන්නද හදන්නේ..............
වික්‍රාන්ත්ගේ හිත ඔහුටම දොස් කියනවා......... නමුත් අනිත් අතට ඔහුගේ හිත ඔහුට මෙහෙමත් කියනවා...........
❤️❤️ ඕනෑ දෙයක් වුන දෙන් වික්‍රාන්ත්...... උඹ බැන්දා වුනත් ඒක නිකම්ම නිකම් කොල කෑල්ලක් විතරයිනේ....... උඹ කවදාවත් උඹ බලාපොරොත්තු වන ආදරේ විඳලා නෑ........... අද උඹේ හිතට හිතෙනවානේ මේ උඹ වෙනුවෙන් ඉපදුන කෙනා කියලා.......... ඉතින් ඒ හැගීමට ඉන්න ඉඩ දීපන්...........හැමදේටම කාලය හොඳම විසදුම් ලබාදෙයි...........
ඒ වුනත් ඔහුට වත් අවනත නැති ඒ හැගීම් ගැන ඔහුට ඇති වුනේ පුදුම බයක්............ ඒවා කාටවත් ඇහෙයි කියලා වික්‍රාන්ත් සිය පපුව තදින් අල්ල ගත්තා...............
උත්සවයේ වැඩ කටයුතු බොහොමයක් අවසන් වෙද්දි පිරිමි අය නම් හොඳටම බමණ මතින් තමා හිටියේ.......... හොඳ සිහියෙන් හිටියේ වික්‍රාන්ත්,,, ශධීර් සහ මාහීර් පමණයි................. ආයෙ පාරක් ඒ රුව දැකගන්න තියන ආශාවට ඔහු ශාලාව පුරා ඇස් දෙක යැව්වා.......... අන්තිමට ඔහු සෙවූ ඒ දෑස් හමුවුනා........... යුවතිය ඉක්මනින් බිමට නෙත් හරවා ගත්තා......... සුසුමක් හෙලූ වික්‍රාන්ත් ශධීර් එක්ක විහේන් ලඟට ගියේ සිද්ධ වුන දේ කියලා කෙල්ලගෙන් සමාව ගන්න කියලා හිතාගෙන..............
🌷 ඇති යන්තම් උඹ ආවා වික්‍රාන්ත්....... මං මාර අවුලෙන් හිටියේ............
විහේන් පැවසුවේ වික්‍රාන්ත්ගේ අතක් තදින් අල්ලගෙන................
🧡ඒක නම් ඇත්ත අයියා........ මෙයා මේ දවස් දෙකේම බලාගෙන හිටියා
අශ්ලේෂා පැවසූවිට වික්‍රාන්ත් අල්ලන් හිටිය විහේන්ගේ අත තවත් තද කලා...........
❤️ Sorry විහේන්,,, අශ්,,,, මට එන්න ඕනෙ වුනා........ ඒත්....... මං උත්සහ කලා සෝනු එක්කගෙන එන්න......... ඒ වුනාට වැඩක් නෑ කතා කරලා............ anyway i wish u both happy and peaceful wedded life
🌷Thank u වික්‍රාන්ත්.......... හිතන්න එපා.......... මට විශ්වාසයි උඹට කාලය හොඳම කෙනා ගෙනත් දෙයි............. සෝනම් නෙවේ උඹ වෙනුවෙන් මවපු කෙනා.............
වික්‍රාන්ත් ඊට සිනාසුනා පමණයි........ කිසිවක්ම පැවසුවේ නෑ............. ඔහු ශධීර් දිහා බැලුවා...........
💚 ඒක නෙවේ විහේන් පොඩි අවුලක්.........
🌷කියපන් මොකක්ද............ ඇයි මොනාහරි අඩුවක් වුනාද......... drinks 🍸 මදි වුනාද.....හිටපන් මං මල්ලිට කතා කරන්න...........
💚 නෑ බං කියන දේ අහලා හිටපන්කෝ ඉස්සරවෙලා.......... හවස reception hall එක ඇතුලට එද්දි මේකා උඹගේ නංගිගේ ඇඟේ වැදිලා..........
🌷 මල කෙලියයි........ ඒකි උඹව මස් කලාද...... ඕකිගේ කට ඔහොම තමා බන් ගනන් ගන්නෙපා............
❤️ නෑ විහේන්........ මං... මං... මහ නරක විදිහට එයාට බැන්නා........... මං හිටියෙත් සෝනම් ගැන පුදුම තරහකින්......... එයාගේ පිටින් ඒ ඔක්කොම තරහ ගියා........... මට හරිම දුකයි විහේන්.......... නංගි කඳුලු පුරවන් මං දිහා බලන් හිටියා.............. please මට එයාගෙන් සමාව ඉල්ලන්නයි ඕනෙ........ මගෙන් වුන වරදට..............
විහේන්ට හිනාත් ගියා........... ඒත් නංගි කවදාවත් මේ වගේ සිදුවීමකදි මුණිවත රැකගෙන අඬන්නේ නම් නෑ කියලා විහේන් හොඳටම දන්නවා....... ඒ වගේම වික්‍රාන්ත්ගේ කේන්තියත් විහේන් හොඳටම දන්නවා........
🌷 තේජ්......... නංගිට කතා කරන්න.......
තේජ් ගිහින් විහේන් දුන් පණිවිඩය කියනකොට අයියා ගාව හිටිය වික්‍රාන්ත් දැකපුු මෙහෙන්දිට ඇති වුනේ චකිතයක්...............
💃💃💃 ඒ සැරේ මෙයා අයියටත් කියලද......... ඉතින් දෙයියනේ ඔයානේ වැරදි........... ඔයත් පාර බලන් ආව නම් හැප්පෙන්නෙ නෑනේ..........
කෙල්ල හිමින් සීරැවේ අයියා ඉන්න තැනට ගියා......... අශ්ලේෂාට නම් හිනා...... වෙනදට හැමෝම බයිට් කරන කෙනා අද නිකම් මුහුණ බෙරි කරගෙන ඉන්නකොට...............
🌷 ඔන්න වික්‍රාන්ත් මේ ඉන්නේ මගෙ නංගි මෙහෙන්දි............
💃💃💃 වික්රාන්ත්ද එතකොට ඔයාගේ නම...............
මෙහෙන්දි ඔහු දිහා බැලුවේ හිනාවෙනවදෝ නැද්දෝ කියලා හිතන ගමන් හැබැයි හිනාවුනේ නෑ........
❤️❤️❤️ ෂා....... මෙහෙන්දි....... ඒක මාරම ලස්සන නමක්...... හරියට ඔයා වගේම.........
වික්‍රාන්ත්ට එහෙම හිතුනා..........
🌷ඔන්න වික්‍රාන්ත් උඹට කියන්න කියන දේ කියපන් අපි පැත්තකට වෙනවා.........
විහේන් අශ්ලේෂා හා ශධීර් ටිකක් එහාට වුනා................ මේ දෙන්නව දැක්ක මාහීර් ඔවුන් දෙසට ආවේ වික්‍රාන්ත් දිහාම බලාගෙන ඒත් සහස්දි ඔහුව නැවැත්තුවා.............
❤️ හ්ම්ම්ම්ම්ම්..............
මෙහෙන්දි බලාගෙන හිටියේ ඔහුගේ නපුරුම නපුරු ඇස් දෙක දිහා............. සමාව නම් ඔහුට ලබාදීමට ඇය පැකිලෙන්නේ නැත............. මොකද ඔහු කල දෙය හිතෙන් අමතක කර දැමිය හැකිය.................
මෙහෙන්දි හිස සලා පැවසුවේ හා කියායි........ මෙහෙන්දි එහෙමම යන්නයි සූදානම් වුනේ............... නමුත් ඉන් සෑහීමට පත් වෙන්න වික්‍රාන්ත්ට බැරි වුනා...........
❤️නංගි..................
වික්‍රාන්ත් ඇය ඉදිරියට අත දැමුවේ ඇගේ සිරුර ස්ඵර්ෂ කිරීමට නොහැකි නිසාය............ මෙහෙන්දි යළිත් නැවතී ඔහු දෙස බැලුවාය.......... ඔහුගේ සමාව අයදින දුක්බර දෑස් ඇයව වඩාත් දුකට පත් කරන්නට සමත් විය.............
❤️ මං මොකක්ද හිතාගන්න ඕනි නංගි......... ඔයා මට සමාව දුන්නා කියලද නෑ කියලද..............
ඔහුගේ ඒ වචන වඩාත් හැගීම්බරයි.......... මේ මෙහෙන්දි සිය ජීවිතයේ අසන හැගීම්බරම කටහඬයි............කෙල්ල අමාරුවෙන් වචන ගැට ගහගත්තා............
💃 මං සමාව දෙනවා අයියේ.............. අනිත් එක අපි දෙන්නම අහක බලන් ආව නිසානේ ඒක වුනේ............ ඒකට මටත් සමාව දෙන්න.......... please
❤️ මට දුකයි............. ඔයාව අඬවන්න වෙච්ච එකට
💃 ඒක දැන් වෙලා ඉවරනේ ඒ ගැන හිතන්න එපා................
කෙල්ල ආයෙම වික්‍රාන්ත් වචනයක් වත් කියන්න කලින් එතැනින් පිට වෙලා ගියේ......... හදවත උඩ මගුල් බෙර වැයෙද්දි............. ඇයට දැනුනේ පුදුම සතුටක්.............. මෙහෙන්දි සහස්දි ගාවට යනවිටත් මාහීර් තාමත් එතනමයි............
💘 මොකක්ද වුනේ නංගි..............
💃 අර අයියා ඉස්සරවෙලා මගේ ඇඟේ හැපුනනේ........ මට බැන්නත් එක්ක...... එයා අයියගේ කණ්ඩායමේ යාළුවෙක් කියලා මං දැන් අනේ දන්නේ....... ඉතින් එයා මගෙන් සමාව ඉල්ලුවා මං සමාව දුන්නා............... එච්චරයි මාහීර් අයියේ..........
ඒත් මාහීර් හොඳින් ඇගේ මුහුණ දිහා බැලුවත් එය හොදින් නිරික්ෂණය කලේ නෑ........... එහෙම වුනා නම් බලාගන්න තිබුනා ඒ මුහුණේ තිබුණු කුළුඳුල් ආදරයේ ලස්සන වර්ණවත් රටා..............
දෛවෝපගත ලෙස ඒ රාත්‍රිය තුන්දෙනෙක්ගේ ජීවිත වෙනස් කරමින් සිටියා....................
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
වික්‍රාන්ත් තම තෙමහල් නිවසේ ඉහලම මහලේ තියන opening area එකේ පුටුවකුත් තියාගෙන ඇස් දෙකත් පියාගෙන කල්පනා කරමින් සිටියේ මෙහෙන්දි ගැන...............
සිය වසර විසිහතක ජීවිත කාලය පුරාම ඔහුගේ හදවත මේ අයුරින් හැසිරිලා නෑ කියලා ඔහුට හොඳටම විශ්වාසයි................ සෝනම් ගැන ආදරෙන් හිතන්න උත්සහ කල සෑම අවස්ථාවකදීම සිදු වුනේ ඇය විසින්ම තමාගේ හිතේ ඇය ගැන තරහක් අපැහැදීමක් ඇති කරන දේවල්මයි........... මේ වගේ රසබර හැගීමක් ඇති වන්නේ මුල්ම වතාවටයි...............
ලෝකය මේ හැගීම අසම්මතයි කියා පැවසුවත්,,, ඒ හැගීම තුල සාධාරණ හේතු නොතිබුනාම නොවේ........... වික්‍රාන්ත් කියන්නේ ජීවිතයේ කවදාවත්ම සතුටක් නොලබපු කෙනෙක්............ ක්‍රිඩා ජීවිතයේ ලද ජයග්‍රහණ වත් සතුටින් බෙදාහදාගැනීමට කෙනෙක් හිටියේනෑ වගේම හැම වෙලාවෙම සෝනම් කලේ ඔහුව පහත් කර අවමන් කරපු එක............
තමන් හා ජීවත් වන්නටවත් අකැමති මේ තැනැත්තියට තමාගෙන් ඉවත්ව දික්කසාදය ලබාගැනීමට දෙවරක්ම ඔහු අවස්ථාව දුන්නත් ඊට ශේෂ් සක්සේනාගේ දැඩි විරෝධය එල්ල වුනා................. එනිසා ඔහුට සිදු වුනේ තමා අප්‍රිය කෙනෙක් හා ජීවත් වීමටයි.............. ඔහු මේ රාත්රියේදී කතා කරන්නේ ඔහුගේම හෘද සාක්ෂිය සමගයි................... තමා කැමති කෙනෙක්ට ආදරය කරන්නට,,, තමා කැමති කෙනෙක් හා විවාහ වන්නට තමා කැමති පරිදි ජීවත් වෙන්නට...... පුංචි දරුවෙකුගේ සුරතල් සිනා බැලීමට තමන්ට මේ ලොව තුල අයිතියක් නැතිද............ තමා ඒ නිදහස සොයා යාම සමාව දිය නොහැකි වරදක්ද.......... ඇත්තටම වික්‍රාන්ත් කොච්චර අවාසනාවන්තද........... ඔහු ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සුප්‍රසිද්ධ දක්ෂතම පිතිකරුවායි............ ඒ වගේම අයිපීඑල් තරඟ වල ප්‍රධාන දක්ෂතම පිට පිට කිහිප වතාවක් කිරුල දිනාගත් කණ්ඩායමේ නායකයාය.............
වික්‍රාන්ත් සිය ජීවිතයේ හැමදේම දිනාගෙන ඇත......... නමුත් ඔහු සතුට දිනාගෙන නැත................. පලමු වරට තම ජීවිතයේ සතුට ඔහු මෙහෙන්දිගේ ඇස් දෙකෙන් දකීන්නට විය.............
💘💘💘💘💘💘💘💘💘💘💘💘
තම නින්ද අහිමි වු අනෙක් තැනැත්තා මාහීර්ය............... සිය සුවිසල් නිවස අද පාළුවට ගොස් ඇත................... අශ්ලේෂා අද සිටින්නේ විහේන් සමග ඔහුගේ නිවසේයි..............
මාහීර් මිදුලට වී ඈතින් පේන සුවිසල් දිල්ලි නගරය දෙස බලාගෙන සිටී............. දෛවොපගත ලෙස තම දැඩි සිත මෙහෙන්දිගේ රුව ලඟ දියාරු වී ගිය හැටි ඔහුටම පුදුමය................. ඇය වන් අයෙක් මේ ජීව්තය තුල හමුවී නැති බව නම් ඉඳුරාම පැවසිය හැකිය..............
නමුත් තමා සිතන අයුරින්ම ඇයද තමා ගැන සිතනවාදැයි හරියටම දන්නේද නැත............. තමන් මේතරම් බලා පොරොත්තු තබා ගත්තත් ඇය ඔහු ගැන නොසිතනවා විය හැක............. නමුත් ඇය තුලින් ඔහු දුටුවේ නිකැලැල් නිර්මල තරුණියකි........... ඒ පැහැබර මුහුණ හාදුවකින් හෝ ඉඳුල් වි නැති බව මාහීර්ට හොඳටම විශ්වාසය.............
තම සිතැඟි ඉටු කර ගැනීමට හැකි වේදැයි නොදනී......... සමහර විට ඇය හා ඇති කරගන්නා බැදීමට බාධා ඇතිවීමටද හැකිය............. ඒ සියල්ලටම වඩා ප්‍රතාප් ශර්මා ගෙන් ඔහුගේ මේ නිල් මැණික ඉල්ලා ගැනීමට කතා කිරීමට තරම් ධෛර්යයක් ද නොමැතිය.........
ඒ කිසිම හේතුවකට දැන් ඇය ගැන හිතන එක නැවැත්වීමටද නොහැකිය................ තමා මුළු හදවතින්ම ඇය හා බැදී අවසන්ය.............. කෙසේ හෝ ඔහු තම ආදරය දිනාගත යුතුය.......... ඒ වෙනුවෙන් ඔහු ඕනෑම දෙයක් කරනු ඇත............. ඔහුට දැන් ඇති එකම ගැටළුව මෙහෙන්දි තමා ගැන දරණ අදහස කුමක්ද යන්නයි............
ඒ්ත් උත්සාහය අත්හරින්නට මාහීර්ගේ අදහසක් නැත........... කෙසේ හෝ මේ අසනිය කුසුම නෙලාගත යුතුමය..................
💃💃💃💃💃💃💃💃💃💃
මෙහෙන්දියි අසේකායි සහස්දියි අශ්ලේෂාට අවශ්‍ය හැමදේමත් සූදානම් කරලා දීලා එයාගේ සුවපහසුව ගැනත් බලලමයි ආවේ................. අද දවසේ සිද්ධ වුන දේවල් එක්ක තුන් දෙනාගෙම හිත ටිකක් කලබල වෙලයි තිබුනේ.............. මෙහෙන්දිගේ නිහඬ බව ඔවුන් දෙන්නා තව තවත් වේදනාවට පත් කලා...........
තුන්දෙනාම නාගෙන කරගෙන සූදානම් වුනේ නිදාගන්න....... නිදාගන්න කිව්වට සහස්දිටයි අසේකාටයි ඕනැ වුනේ මෙහෙන්දිගේ හිතේ තියන දේ දැනගන්න................. ඒත් මෙහෙන්දි ඒ දෙන්නා මඟහැරලා ගිහින් බැල්කනියේ පුටුවක වාඩි වුනේ අද දවසේ සුන්දර මතකයන් මෙනෙහි කරන්නට.......... ඒ මතකයන් හැම එකකම හිටියේ වික්‍රාන්ත්...............
සහස්දියි අසේකායිත් ඇය අසලටම ගොස් වාඩි වුනේ ලොකු කතා බහක් ආරම්භ කරන්න............
🌺 නංගි........ දැන් මොකක්ද ප්‍රශ්ණය........
මෙහෙන්දි සහස්දි දිහා බලන් ඉද්දිම ඒ ඇස් වලට ආයෙම කඳුලු පිරුනා...........
🏵️ මෙහෙන්දි......... are you serious........ ඔයාගේ හිතේ ආදරයක් ඇති වෙලාද............. ඒකත් අර නපුරා ගැන......
අසේකා ඇහුවේ පුදුමයෙන්........... මෙහෙන්දි හිස වැනුවේ ඔව් කියන්න........
💃 මං හිතන්නේ ඔව් අක්කා.............. මට පිස්සු හැදෙයි වගේ ....... මට මේ හැගීම නම් ඉවසගන්න අමාරුයි............. එයා ගැන කිසිම දෙයක් දන්නෙත් නැතුව මෙහෙම හිතන එකත් පිස්සුවක්.......... ඒත් මට එයා ලැබෙනව නම් අක්කා........
මෙහෙන්දි හුඟක් හැගීම්බර වෙලා........ ඒ වගේමයි සහස්දියි අසේකයි........
🏵️ ඇයි මේක කලින් මතක් වුනේ නැත්තේ....... ටිකක් ඉන්න..........
අසේකා ගිහින් සිය ජංගම දුරකතනය අරන් ඇවිත් data on කලා............
🏵️ මොකක්ද මනුස්සයාගේ නම.........
💃 වි...වික්රා..න්ත්........
🏵️ආහ්... මේ ඉන්නේ වික්‍රාන්ත් මෙහ්රා......... ඔව් මේ වික්‍රාන්ත් මෙහ්රා තමයි................
💃ඔන්න අහගන්න ඈ............. කෝ බලන්න............ වයස අවුරුදු 27යි........... right arm batsman කෙනෙක්,,, අම්මෝ මෙයාගේ records නම් හුඟක් තියනවා............. ආ..........හ්.............
🌺 ඇයි බං................ කියපන්...........
අසේකා ප්‍රශ්ණාර්ථයක් මුහුනේ රඳවාගෙන සහස්දි දිහා බැලුවා.............
🌺 කෝ දීපන් බලන්න.............
එය දුටු සහස්දිගේ කටද වැහුණි........
💃 අැයි අක්කා...............
🌺 චූටි....... නං...ගි............. එයා married...........
මෙහෙන්දි ඇගේ අතින් දුරකතනය උදුරාගත්තාය...............
💃 නෑ........ නෑ......මේක නම් වෙන්න බෑ............ වෙන්න බෑ අක්කා..............
මෙහෙන්දිව සන්සුන් කරගන්නට ඔවුන් දෙදෙනාට මඳ වේලාවක් ගියා........... ඔවුන්ට දුකම සිය නැගණියගේ කුළුඳුල් ප්‍රේමයම කඳුලක් වීමයි...............
🏵️ නංගි............ අහන්නකෝ....... මේ කතාව බොරු නෙවේ................ එයා මැරි කරලා ඉන්නේ සෝනම් සක්සේනා කියලා කෙනෙක්............ම්ම්ම්ම්
මෙහෙන්දිට ඔය කිසිවක්ම ඇහෙන්නේ නැත................ ඇයට ඒ කිසිවක් අහන්නට අවශ්‍යද නැත.............. තම සිතේ උපන් කුළුඳුල් ආදර හැගීම උපන්ගෙයිම මියැදෙන්නට හදයි............ එය ඇයට දරාගත නොහැකිය.............
🌺 චූටි මේක හොඳට අහගන්න....... ඔයාට බෑ ඔහොම කරන්න හොඳද බබා........... දැන් ඔයා දන්නවානේ එයා බැඳපු කෙනෙක් කියලා........... අපි දෙන්නා විතරයි ඔයාගේ ඔය හිතේ තියන දේ දන්නේ........ ඒක අපෙන් පිට යන්නේ නෑ හරිද....... අනිත් එක දැන් ඔයා ඔයදේ අමතක කරන්න ඕනි........... හරිද බබා....... ඒ අයියා ත් දැන් ඔයාගෙන් සමාව ඉල්ලුවනේ.......... අනිත් එක එයා ඔයා ගැන කොහොමත් හිතන්නේ නැහැ wife කෙනෙකුත් ඉන්නකොට....... මේවට නොදැම්මට දරුවොත් ඇති...... ඒ හින්දා තවදුරටත් මේ හැගීම දුර අරන් ගිහින් කුරුළු කූඩුවක් කඩන පව කරගන්න එපා නංගි......... හැබැයි මේවා ඔක්කොම බොරු නම්....... උඹට උඹේ ආදරය දිනාගන්න උදව් කරන්නේ අපි......... හරිද.....
මොහොතකට මෙහෙන්දිට අක්කා කියන කතාව ඇත්ත කියලා හිතුනා............
💃 හ්ම්ම්ම්ම්ම්....... ඔව් ලොකූ....... ඔයාගේ කතාවත් ඇත්ත.............
🌺 ඒකනේ............
💃 ම්ම්ම්ම්ම්....... හරි හරි මං හිත හදාගන්නම්කෝ..........
මෙහෙන්දි කොච්චර හිනාවෙලා එහෙම කිව්වත් ඒක කරන්න එයාට ලේසි නෑ කියලා ඔවුන් දැනගෙන හිටියා.............
🌺 අපි යමු නිදාගන්න sweetie 💘
කෙල්ලෝ තුන් දෙනාම නින්දට ගියේ හිතේ මහා ලොකු බරකුත් තියාගෙන............ ඊයේ රාත්‍රිය ගත කරපු සැහැල්ලු දඟකාර ජීවිතය හොරු අරන් ගියා වැනි හැගීමක් තුන් දෙනාගේම හිත් වල ඇදිලා තිබුනා........... නිදාගන්න ගියත් නින්ද අහලකවත් නොතිබුනු මෙහෙන්දි තද කරලා දෑස් පියාගත්තේ ආයෙමත් ඒ දෑස සිහි වෙයි කියලා.......... ඒ වුනාට අමතක කරන්න උත්සහ කරන්න කරන්න මතක් වෙනවා කියන කතාව ඇත්ත කියලා මෙහෙන්දිට හිතුනා...............
💃💃💃 හ්ම්ම්ම්ම්.....ඇත්තටම ඔයා බැඳලද sweetie...... එහෙනම්..... එහෙනම් ඇයි අද ඔයා wife එක්ක ආවෙ නැත්තේ........ අනිත් හැමෝම එයාලගේ girl friends ලා පවා එක්ක ආවා............. කෝ ඔයාගේ wife........ අනේ මන්දා ඇයි මට හිතෙන්නේ ඔයා කාටවත්ම අයිති වෙලා නෑ කියලා............ වික්‍රාන්ත්....... ඇත්තටම මේ මගේ හිතේ තියන හීනය හැබෑ වෙයිද............. අනේ දෙවියනේ වෙන කෙනෙක්ට අයිති වෙලා නම් තියෙන්න එපා...................
මෙහෙන්දිගේ දෑස් කොනින් කඳුළු පේලියක් ගලාගෙන ගිහින් කොට්ටයට වැටුනා................... ඇගේ පිට ගැස්සෙන හඩින් අසේකායි සහස්දියි දැනගත්තා කෙල්ල අඬනවා කියලා........... ඒත් මේ වෙලාවේ හිත හදන්න එයාලට කියන්න දෙයක් තිබුනෙ නෑ......... තිබුනත් කියන්න තියෙන්නේ හිත පෑරෙන දේවල් විතරයි.......
🌸🌸🌸 මතු සබැඳියි
No comments:
Post a Comment