පසු දින ශාරධාත් තාරකත් නැවතත් ඇමෙරිකාව බලා යාමට අවශ්‍ය බව අපූර්වා හටත් ප්‍රතාප් හටත් කීවේ රෑ කෑම මේසයේදීය...............
💝 දැන් ඉතින් අයියේ අපිත් යන්න ඕනි......... අමාරුවෙන් අනේ නිවාඩු ගත්තේ................
🍸 හහ්...... මගේ නෑනා ඉන්නෙ නම් නාසා එකේ ඈ බං ආසාවට හඳට ගිහින් වරෙන් ඒත් නෑ..............
💝 අනේ යන්න අයියේ නිකම් විහිළු නොකර............
🍸 ඉතින් තව ටික දවසක් ඉඳලා යන්නකෝ..............
💝 බෑ...... අයියේ............ වැඩ වැඩිවෙන එක ව්තරයි වෙන්නේ...........
🍸 දුවලා හිටපුදෙන්.......... මං හිතුවේ මෙහෙන්දිව මෙහේ තියාගන්න දැන් ඉතින් වයසත් හරිනේ.............
💝 ඒ මොකටද ඒකිව බන්දලා දෙන්නද........ අනේ මේ අයියේ.......... ඒ කෙල්ලගේ ආසාව නැටුම් වලින් ඉහලටම යන්න නැටුම් ගුරුවරියක් වෙන්න........... ඒකට ඉඩ දෙන්න බැරි නම් මං කෙල්ලව එක්ක යනවා................
🍸 හරි හරි මං නිකම් කිව්වේ............ තුන් දෙනාම කොහොමත් නැටිල්ලට කැමති කියලා නම් පේනවා............... ම්ම්ම්ම්........ නැටුම් වලට නම් ඉතින් ඉන්දියාව තරම් හොඳ තැනක් නැහැනේ......... මං තුන්දෙනාවම මෙහෙ dancing university එකට දාන්නම්.......... මං කැමති නෑ මේ තුන් දෙනා වෙන් වෙනවට.......... නංගිට පාළු හිතෙයි............ ඔයා කැමති නැත්තම් තුන්දෙනාවම අරන් යන්න.........
අපූර්වා ඊට කිසිවක් නොපැවසුවේ එය ශාරධා හා ප්‍රතාප් විසින්ම විසඳගන්නවා නම් හොඳ යැයි සිතුනු බැවිනි.............
💝 මං කැමතියි තුන් දෙනාම කොහේ හරි එකට ඉන්නව නම්............. නේද තාරක..........
💚 අයියෙ අපි ළමයින්ගෙන් අහලා බලමු කොහේ ඉන්නවද කියලා........ අපි ගාව හිටියත් ඔයාලා ගාව හිටියත් ඒ අපි හතරදෙනාගේම දරුවො...............
තාරක දෙස බලා සිටින ප්‍රතාප් ශර්මාගේ දෑස් විදුලි බුබුළු වන ආලෝකයට දිදුලන්නට විය..................
🍸 අපූර්වා කතා කරන්නකෝ දුවලට........
🌹 ලොකු දුව.................. සහස්දි................ තුන් දෙනාම පහලට එන්නකෝ..............
අම්මා කතා කරන විට තුන්දෙනාම හිටියේ ඇත්තම කියනවා නම් නිදාගෙන තමයි................
💃 ඒයි......... ඇහුන්නැද්ද අක්කේ......... අන්න නම් අඬගහනවා..........
නිදිගැට කඩමින් මෙහෙන්දි අැස් පියාගෙනම සහස්දිගේ උරහිසින් හෙලෙව්වා............
🌺 මොකද බං නිකා හිටපන්කෝ........ උඹ නිදිගන්නෑනේ අර බහුබූත නපුරු කුමාරයා ගැන හිත හිත ඉන්නවා මිසක්.............
💃 ඈ........ බං උඹ නිදාගෙන නිදිමතේ නම් ඉන්නේ ඔච්චර හරියක් කියන්නේ කොහොමද අනේ මේ නැගිටපන් අන්න කතා කරනවා.............
සහස්දිත් අමාරුවෙන් නැගිට්ටා........ අසේකා නම් ගොරවනවත් එක්ක...........
💃 ඒ......... රෑ නවයයි යකෝ කන්නේ නැද්ද...............
කෑම ගැන කීවා විතරයි අසේකා ඉද්දගැහුවා වගේ නැගිට්ටා............
🌺 යමල්ලා එහෙනම්.............
සොම්බිලා තුන්දෙනෙක් වගේ පඩ්පෙල බහින කෙල්ලෝ තුන් දෙනා දැක්කම පහල හිටිය කට්ටියට හිනා ගියේ පාලනයකින් තොරවමයි............... අශ්ලේෂාගේ ගෙදර ගියපු විහේනුයි අශ්ලේෂයිත් එතෙන්ට ආවේ ඒ වෙලාවෙමයි.................
🍸වාඩි වෙනවා වාඩිවෙනවා තුන් දෙනාම.......... හ්ම්ම්ම්ම් දැන් මොකද වෙන්නේ............
🌺 ඒ කිව්වේ ලොකු තාත්තේ...........
💝 ඒ කිව්වේ සහස් අපි හෙට ඇමෙරිකා යනවා........... ඔයාලා තුන්දෙනා මොකද කරන්නේ තව ටික දවසක් ඉදලා එනවද යනවද................
කෙල්ලෝ තුන් දෙනා මුහුනෙන් මුහුණ බලාගත්තේ මොකද කරන්නේ කියලා හිතන ගමන්මයි............ හැබැයි මෙහෙන්දිගේ මුහුණ දැක්කම නම් අසේකටයි සහස්දිටයි මෙහෙ ඉන්න හිතුනා....... ඒ තරම් දුක්බරයි කෙල්ලගේ මුහුණ................
🌺 අම්මේ......... ඔයා දන්නවානේ...... ඉන්දියාව තරම් නැටුම් ඉගෙන ගන්න හොඳ තැනක් කොහේවත් නෑ කියලා......... ඉතින් අපි ඉන්නද............. ආ......... මෙහෙන්දි නම් කොහොමත් මෙහෙ ඉදී මොකද එයාට ඕනැ නැටුම් ගුරුවරියක් වෙන්නනේ........ අපි දෙන්නත් ඒකටම තමයි කැමති............
🍸 මොකද කියන්නේ චූටි නංගි................
💝 අනේ අයියේ මුන් ඕනෑ දෙයක් කරපුදෙන්......... මට කොහොමත් තුන් දෙනා වෙන් කරන්න ඕනෙ නෑ...........තුන් දෙනාම මෙහෙ හිටපුදෙන්...............
කෙල්ලෝ තුන් දෙනාගේ ඉහේ මලක් පිපුනා වගේ................
🌷ඔව් තාත්තේ නංගිලා තුන්දෙනා මෙහෙ හිටපුදෙන්.............
විහේන් ඉතාම කැමති වුනා නංගි මෙහෙ රැඳෙනවට.............. මොකද විහේන් කියන්නේ මේ ගෙදරින් මෙහෙන්දිට වැඩිපුරම ආදරේ කරන කෙනා....... ජීවිතේ හැම හොඳ දේකටම යනකොට ආශිර්වාද ලබන්න කැමති කෙනා කොටින්ම විහේන් හිතන විදිහට නංගිගේ ආශිර්වාදය නැත්තම් ඔහුට මේ දුර එන්න බෑ කියලා ඔහු සිතුවා........ මෙහෙන්දි අවුරුදු පහක් ඇමෙරිකාවේ හිටියත් තරඟයකට යන්න කලින් නංගිගේ අාශිර්වාද වාක්‍ය අැහුවේ නැත්තම් ඔහුට හොඳ ඉණිමක් ක්‍රීඩා කරන්න බෑ........... නංගි කොහොමත් ක්‍රිකට් වලට කැමති නෑ කියලා විහේන් දන්නවා......... ඒත් විහේන් සිය ජීවිතයේ හැම හොඳ වැඩක්ම නංගිගේ අතින් ඉඳුල් කරන්නේ ඒ දෙයින් සුභ දෙයක් වෙනවා කියලා දන්න නිසයි..................
🧡 අනේ ඔව් තාත්තේ නංගිලා තුන් දෙනා හිටපුදෙන්............
අශ්ලේෂාත් බැගෑපත් වුනේ ඇය ඇත්තටම මේ නෑනලාගේ සමාගමයට කැමති නිසයි.................
🍸 එහෙනම් ඔය දෙන්නා මගේ කෙල්ල ඇස්දෙක වගේ බලාගත්තා වගේ මාත් තුන්දෙනා බලාගන්නම් තාරක මල්ලි
💚 මේ ඔයා මොනවා කියනවද අයියේ........ අපි දන්නවා අපිටත් වඩා හොඳට ඔයාලා එයා ගැන හොයලා බලනවා කියලා...............
අවසානෙදි ඔවුන් ඉන්දියාවේ නවතින එක ස්ථිර වුනා...................
💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙
මෙහෙන්දිට මුළු රෑම නින්ද ගියේ නෑ.......... කෙල්ල හුඟක්ම කල්පනා කලා....... ඊයේ අක්කලා දෙන්නා කිව්ව දේවල් ගැනත් එක්කම............... සහස්දි කියන කතාව සම්පූර්ණ ඇත්ත කියලා මෙහෙන්දි දන්නවා................ වික්‍රාන්ත් කියන්නේ බැඳපු කෙනෙක් නම් තමන් ඒ ජීවිත අතරට ගිහින් කරන්නේ ගෙවාගන්න බැරි පවක් කියලා බුදු දහම අදහන මෙහෙන්දි නොදන්නවා නෙවේ.........
ඒ වුනත් තමන්ගේ හිතේ වික්‍රාන්ත් ගැන මේ තියන හැඟීම හුදෙක් ආකර්ශනයක් විතරක් නෙවේ......... ඒක ආදරයක්....... ඒක ආදරයක්ම විතරයි කියලා මෙහෙන්දිට පිළිගන්නම වුනා.......... ජීවිතේ පලවෙනිම වතාවට හිමාලය කන්ද වගේ හදවතේ ඇති වුන ආදරය උපන්ගෙයිම මරා දමන්න වෙනවා කියලා හිතෙද්දිත් මෙහෙන්දිගේ හදවතම දෙදරන්නට වුනා..............
💃💃💃 ඒ ඔක්කොටමත් වඩා එයා අයියාගේ හොඳම යාළුවා.......... මේකෙන් ඒ අයගෙත් හොද හිත් පළුදු වෙනවා......... ඒ විතරක්යැ......... එයා හොඳ පවුල් ජීවිතයක් ගත කරනවා නම් මං එයා එක්ක ඇති කරගන්න අසම්මත සම්බන්ධය මුළු සමාජයම පිළිකුල් කරයි ඊයා......... එහෙම හිතන්නවත් මට බෑ........... නෑ නෑ...... මං ආයෙම හිතන්නෙම නෑ ඔයා ගැන........ ආයෙ මං ඔයාව දකින්නවත් එන්නේ නෑ............. ඔව්......... මට බෑ........ සමාජයට පිලිකුල් සහගත දෙයක් කරන්න හිතන්නවත්...........
හොඳ නරක මොකක්ද කියලා තේරුම් ගන්න බැරි තරම් මෙහෙන්දි මෝඩ කෙල්ලක් නම් නෙවේ........ ඒ හින්දමයි මොනදේ වුනත් කෙල්ල තමන්ගේ ගෞරවය ගැන මුලින්ම හිතුවේ............
💃💃💃 අනිත් එක මේ මොන පිස්සුවක්ද මෙහෙන්දි............. උඹ හිතන්නේ වික්‍රාන්ත් උඹට ආදරෙයි කියලද........ පිස්සුද බං.... ඌ තරුවක්...... අත පොවන්න වත් බැරි දුරක තියන තරුවක් උඹ........ නිකම්ම නිකම් පොළවේ පිපුණු නෙළුම් මලක් විතරයි............. උඹට පුළුවන් බලලා සැනසෙන්න විතරයි...... අමතක කරපන් මෙහෙන්දි අමතක කරපන්................
මෙහෙන්දිගේ මුළු හිතම ඇයට බල කලා වික්‍රාන්ත්ව අමතක කරන්න කියලා.......... මෙහෙන්දි සුසුමක් හෙලලා බැල්කනියට ඇවිත් වාඩිවුනේ හිස්ම හිස් අහස දෙස බලාගෙන........ වික්‍රාන්ත් ගැන තියන හැගීම හිතෙන් ඉවත් කලාම තමන්ගේ හිතත් මේ අහස වගේම හිස් නේද කියලා මෙහෙන්දි නිකමට හිතුවා....... ඒ වුනාට වැඩි වෙලාවක් කෙල්ලට ඒ සිතුවිලි සාගරේ ගිලෙන්න දුන්නේ නෑ........... සහස්දියි අසේකයි එතෙන්ට ආවා..........
🌺 නංගියා..........මොකද මේ පාන්දරම..... ම්ම්ම්ම්ම්................
💃මොනාත් නෑ අනේ ඇහැරුනා......... ආවා........ මෙතෙන්ට........
🏵️ හහ් ඇහැරෙන්න උඹ නිදාගන්න එපැයි........
🌺 වික්‍රාන්ත් ගැනද හිතන්නෙ තාම..........
මෙහෙන්දි නෑ කියන්න හිස දෙපසට සැළුවා..................
🌺 එහෙනම්..........
💃 ඔයා කිව්ව ඒවා ගැන හුඟක් හිතුවා අක්කේ මං........... මට තේරෙනවා ඒක වැරදී කියලා.................
සහස්දි ඒක අනුමත කරනකොට අසේකා ගිහින් ඇගේ ජංගම දුරකතනය අරන් ආවා...................
🏵️ මේ....... මට දෙයක් කියන්න තියනවා............. වික්‍රාන්ත් ගැන.......
මෙහෙන්දියි සහස්දියි පුදුමයෙන් වගේ අසේකා දිහා බැලුවට ඔවුන් දෙන්නම දන්නවා අසේකාගේ ස්කෑන් මැෂින් එකට අහුවුනා කියන්නේ වැඩේ හරියටම හරි කියලා...............
🏵️ වික්‍රාන්ත් බැඳලා....... ඒක ඇත්තම ඇත්ත..........
මෙහෙන්දිගේ හිත ආයෙත් පාරක් කඩාගෙන වැටුනා.............
🏵️ ඒත් ඒ කසාදේ නිකම්ම නිකම් කොල කෑල්ලක් විතරයි......... එයා බැදලා තියෙන්නේ මොකද්ද මේ නම කිව්වේ.......ආහ් ශේ..........ශේෂ් සක්සේනා ගේ දුව සෝනම් සක්සේනා............. ඔයාලා එයා ගැන අහලා තියනවානේ................. එදා මං කිව්වේ
🌺අපෝ ඔව්..........අර සක්සේනා ගෘප් ඔෆ් කම්පැනි එකේ ඕනර් නේද........... අර හිනාවක් වත් නැති මූසල දුෂ්ඨ ගෑණි...........අර අර දවසක් අපිට ඇමෙරිකා වල ශේන් අංකල්ගේ පාර්ටි එකේදි හම්බවුනේ......... මට පස්සෙනේ බං ඔළුවට වැටුනේ ඔය කියන කෙනා එයා කියලා..........ඒ.....බං ඒකිට මනුස්සයෙක් නැහැනේ.......... උඹට මතකද ඒ ගෑණි boyfriend කියලා පෙන්නුවේ ලස්සන කොල්ලෙක්ව......... ඒ වික්‍රාන්ත් නෙවේනේ.......... මේ උඹට වැරදුනේ නෑ නේද
🏵️ ඔයා දන්නවානේ මං බොරු තොරතුරු හොයාගන්නෙ නෑ කියලා මේවා ඇත්තම ඇත්ත.................. ඒකම තමා point එක......... ඒ පාර්ටි එක නිකම් මේ බර්ත්ඩේ පාර්ටි එකක්නෙ අක්කා......... මේ ගෑණි ඒවට යන්නේ අර මිනිහා එකකලු............... ඒ වුනාට ඒ ගෑණි business parties වලට විතරක් වික්‍රාන්ත් එක්ක යනවලු...................
🌺හේතුව..........
🏵️ඒකවත් හිතාගන්න බැරිද බං........ වික්‍රාන්ත් කියන්නෙ කවුද...... ආ....අර අපේ ගෙදර වැඩ කරන රාමු මාමද........ යකෝ ඒ world famous cricketer කෙනෙක්........... සක්සේනා ගෘප් ඔෆ් කම්පැනි එකේ වෙලඳ සන්නාමය තමයි බං වික්‍රාන්ත් අයියා............... හිතපන්කෝ........ එයාව එහෙම පාවිච්චි කරනවා කියන්නේ මොන තරම් අසාධාරණයක්ද වේදනාවක්ද.............
🌺 ඉතින් ඇයි බං ඌ ඒකිව බැන්දේ........
🏵️ කරන්න දෙයක් නැති කමට........... අක්කේ....
🌺 මොකක්.........
🏵️ හ්ම්ම්ම්ම්ම්.......... කරන්න දෙයක් නැති කමට............ වික්‍රාන්ත්..........
අසේකා කතාව නැවැත්තුවේ කාමරයේ දොර ඇරගෙන අශ්ලේෂා ආවා දැක්ක නිසා........ ඒ වගේම අශ්ලේෂාත් දැක්කා තුන්දෙනා තමා එද්දි කර කර හිටිය කතාව නැවැත්තුවා කියලා.........
අශ්ලේෂා මේ තුන්දෙනාට වඩා වසර තුනක් විතර වැඩිමල් වුනත් ඇයත් මේ වගේම දඟකාර විසේකාරියක් තමයි...............
🧡 මොකද මේ තුන් දෙනා උදේ පාන්දරම නැඟිටලා මං ඒත් බැලුවා ඇයි තාම ඉර පායන්න පමා කියලා...............
🏵️ නින්ද යන්නෑ හලෝ...........
🧡 අනේ මේ නිදාගන්න දන්නෙ නැතිම තුන් දෙනා............. හරි මේ කියනවකෝ මොකද මං එද්දිම කතාව නැවැත්තුවේ කියලා...............
තුන්දෙනාම යටැසින් එකිනෙකා දිහා බලාගත්තේ උත්තරයක් හොයාගන්න වගේ......... හැබැයි ආසේකාගේ මුහුණේ ඇඳුණු කපටි මනමාල කුපාඩි හිනාව දැක්කම අනිත් දෙන්නට තේරුණා අද අශ්ලේෂා ඉවරයි කියලා......
🏵️ නෑ........ අක්කේ...... මේ........ පොඩි......දෙයක්.... කොහොමද අපි ඒක ඔයාට කියන්නේ...... මේ.... නේද අක්කේ.... ඒක....
අසේකා බොරුවට නිකම් ඒක කියන්න අමාරුයි වගේ පෙන්නුවේ...........
🧡 ආ....... කමක් නෑ පැටියෝ ඕනැ දෙයක් කියන්න ප්‍රශ්ණයක් නෑ.........
🏵️ ඒත් මුහුණ දිහා බලන් කියන්න මොකක්ද වගේ නේද....... මෙහෙන්දි.........
💃 හ්ම්ම්ම්ම්......... ටිකක් අවුල අක්කේ........
🧡 අනේ කියන්නකෝ අප්පා ඔයා හරි නරකයි.........
🏵️🏵️ මෙයත් පට්ට ඕපෙ වගේ....... හිටපන්කෝ නෑනේ හොඳ වැඩක් කරන්න..............
අසේකා එහෙම හිතලා ආයෙම අශ්ලේෂා දිහා බැලුවා............
🏵️ මේහ්..........පාන්දර මං...... පාන්දර කිව්වට ඉතින් මහා රෑ......... පහලට ගියා වතුර එකක් ගේන්න........
🧡 හොල්මනක් දැක්කද..........
🏵️ නෑ බං........... මං උඹලගේ කාමරේ ගාවින් යද්දි මට එක එක සද්ද වගයක් අැහුනා ....... මං නම් ඒක ගණන් ගත්තේ නෑ...... අළුත බැඳපු ජෝඩුවනේ කියලා........... යකෝ කුස්සියට යද්දි ලොකු අම්මා ඉන්නවා කියපන්කෝ මොකක්ද හොය හොයා......... මං ගිහින් ඇහුවා මොකද කියලා........ උඹලෑ කාමරේ පූසෙක් දඟලනවා ඌට ගහන්න ලීයක් හොයනවා කීවේ නැතෑ........ මං ඉතින් ශේප් කරලා එයාව කාමරේට යැව්වා........... දොර පොඩ්ඩක් ලොක් කරගන්න අක්කේ එතකොට හරි..........
අසේකා ඇහැකුත් ගහලා කතාව ඉවර කලා............ ඒ කිව්ව ටිකට අශ්ලේෂාට විතරක් නෙවේ මෙහෙන්දිටයි සහස්දිටයිත් හීන් දාඩිය දැම්මා............
🧡 ඒ ඇත්තමද බං............
🏵️ ඔව් ඔව් ගණන් ගන්න එපා ඒක නෝන්ඩි නෑ.......... අපේ ලොකු අම්මට ඕවා ගානක් නෑ අක්කේ............
🧡 බොරු නේද කියන්නේ.............
🏵️ ඕනැ එකක් හිතාගන්න........... ඔන්න මං කිව්වා......... ලොක් එක දාගන්න ඊලඟ දවසේ එච්චරයි.................
🧡 හ්ම්ම්ම්ම්ම්.......... Thank u...............
අශ්ලේෂාටත් හිනා ඒකට............ ලොක් එක දාලා තිබුනේ නෑ කියන එක නම් ඇත්ත......... ඒත් සද්ද නම් ඇහුනේ නෑ කියලා එයාට විශ්වාසයි......... මේකත් තවත් එක බයිට් එකක් කියලා එයාට තේරුනේ පස්සේ............
🧡 අපෝ මං යනවා......... උඹලා තුන් දෙනා තව ටිකකින් මගේ කෙස් ටිකත් ගලවයි..............මේ හවසට යමුද අපේ ගෙදර......... ම්ම්ම්ම්...........
🏵️ අශ්ලේෂා අක්කේ වාඩි වෙනවකෝ ඉතින්.............. විහේන් අයියා ගියාද.........
🧡 ඔව්........... ඇයි ඔයාලා දන්නෙ නැද්ද next week වල newzeeland ලයි bangaldesh ලයි එනවානේ මෙහෙට ටිකක් ලොකු series එකක් තියනවා....... ඒකට practice............
🏵️ ඒ අපිවත් එක්ක යයි නේද මැච් බලන්න...............
🧡 නැතුව අපි හතර දෙනා කොහොමහරි යමු............
🏵️ නියමයි....................
🧡 මේ මං නිකම් ආවේ ඔයාලා බලලා යන්න මං යනවා අම්මාට උයන්න ටිකක් උදව් කරන්න.........ම්ම්ම්ම්....
අශ්ලේෂා ටිකක් දුර ගියාට පස්සේ ආයෙමත් අසේකා කෑ ගැහුවා...........
🏵️ අක්කේ............... මං ඉස්සර වෙලා කිව්වෙ බොරු හොඳේ හැබැයි ලොක් එක නම් දාලා තිබ්බේ නෑ.............
අශ්ලේෂා හිනාවෙවී ගියේ තුන්දෙනාගේ දඟකාරකම් වලට.......... ඒත් කතා කර කර හිටිය දේ තමාට කිව්වේ නෑ කියලා අශ්ලේෂා දන්නවා.............
🌺 මේ...... උඹේ කට තමා කට නේද........
🏵️ මං රෑ පහලට යද්දි තමයි බං ඒක දැක්කේ...... හිටපල්ලකෝ ඉතුරු ටික කියන්න කලින් මාත් දොර ලොක් කරලා එන්න............
අසේකා යන දිහා අනිත් දෙන්නා බලාගෙන හිටියේ හිනාවෙන ගමන්............
🏵️ හරි ඉතින් අහගනිල්ලකෝ....... ඌට තියෙන්නේ මහ ඇඬෙන කතාවක් අක්කේ............ හරිම දුප්පත් පවුලක කොල්ලෙක්....... පුදුම දුකක් විදලා තියෙන්නේ ඒ කාලෙත්........ මාරම කට්ටක් කාලා ඔය තත්වෙට ආවේ 50%ක් එයාගේ දක්ෂතාවයෙන් ඒ වගේම 50% විතර සක්සේනාගේ සල්ලි වලින්...... මොනවා කලත් අද කාලේ සල්ලියි බලයයි තියෙන්න ඕනි..... සක්සේනාගෙන් උදව් ගනිද්දි ඌ හීනෙකින් වත් හිතන්න නැතුව ඇති ඔය වගේ මරාලයක් පාත් වෙයි කියලා......... ඒත් අනිත්මට එහෙම වෙලා............. සෝනම් වික්‍රාන්ත් අයියව බැඳලා තියෙන්නේ අකැමැත්තෙන්........ එයා තවමත් ඉන්නේ එයාගේ boyfriend එක්ක........... කිව්වට විශ්වාස කරන්නෙ නැති වෙයි නිදාගන්නේ කාමර දෙකක.......... එහෙම බලද්දි අක්කේ එයා අපේ නංගිට ආදරේ කරන්න කතා කලොත් ඒක බොරුවක් නම් නෙවේ හලෝ................ මං නම් කියන්නේ........ වික්‍රාන්ත් තමයි නංගිට හරියන කෙනා....... හැබැයි පොර නංගිට වඩා අවු හතක් වැඩිමල්...... ඒකෙ අවුලක් නැහැනේ...............
🌺 හ්මිම්ම්ම්ම්......... ඒ කතා දිහා බලපුවම නම් ඌ හරි සාධාරණයි නේද...... අපි බලමුකෝ...... මොකද වෙන්නේ කියලා...... ඒත් මෙහෙන්දි ඕනැවට වඩා බලාපොරොත්තු තියාගන්නත් එපා හරිද...... ඔය කියන විදිහට එයාව පාවිච්චි කරනවා නම් අර වගේ දේකට......... මං නම් හිතන්නේනෑ කොච්චර අසාර්ථක වුනත් ඒ කසාද ජීව්තෙන් ඌට ගැලවුමක් ලැබෙයි කියලා........ ඒ හින්දා මේක හිත් ගිණි තියන...... ප්‍රශ්ණ ඇති කරන දෙයක් වෙයිද දන්නේ නෑ............. අපි බලාගෙන ඉමු එයා මොකක්ද කරන්නේ හිතන්නේ කියලා...............
🏵️ එයා හිතන්නෙත් මෙයා හිතන දේම තමයි කියලා මං කිව්වොත්............
🌺 මොකක්........... මේ...... මට ඇත්ත කියපන් කොහෙන්ද උඹට ඔය තරම් ලොකු විස්තරයක් හම්බවුනේ..............
අසේකා සිය දුරකතනයේ මුහුණතේ තියන ශධීර්ගේ පින්තූරෙ පෙන්නද්දි නම් දෙන්නගේ කටවල් ඇරුනා...........
🌺 අසේකා.............
🏵️ මේ මේ...... කට වහගනින් මැස්සෝ රිංගයි.......... තාම එහෙම මගුලක් නෑ හරිද.................
🌺 එතකොට වික්‍රාන්ත් ශධීර්ට කියලද ඌ නංගිට ලව් කියලා............
🏵️ කියලා...... හැබැයි ඌ ඒක නංගිට නම් කියයිද දන්නෙ නෑ........මොකද ඌ විහේන් අයියට බයයි..... ඒ යාළු කම නැති වෙයි කියලා බයයි............ නංගිගේ නමට කැළලක් වෙයි කියලා බයයි....... නංගිට දුක් විඳින්න වෙයි කියලා බයයි...... ඔක්කොටම වඩා සක්සේනාගේ බලයට බයයි.............. හැබැයි ඉතින් සමහර විට ආදරේට ඔය ඔක්කොම බය වෙන්නත් ඉඩ තියනවා........ ඔයා කියන විදිහට වික්‍රාන්ත් අයියා ඉක්මන් වෙනකම් අපි ඉමු........... ම්ම්ම්ම්........... මං උඹටයි වික්‍රාන්ත් අයියටයි support... අක්කේ එතකොට උඹ........
🌺 බලමු........... මං කොහොමත් නංගිට නරකක් වෙන දෙයක් කරන්නෙ නෑනේ............ අනික මේකෙන් ඇත්තටම නංගිගෙ නම කැත වෙන්න පුළුවන්............ මේ මට දැවෙන ප්‍රශ්ණයක් තියනවා ඕයි............
🏵️ මොකද්ද..........ටිකක් හිටපන් ඉස්සරලා වතුර එකක් ගේනකම් උඹ නිවලා ඉන්න........
🌺 විහිළු නෙවේ අසේකා......... එතකොට මූ එක පාරක්වත් ඩිවෝර්ස් වෙන්න හිතලා වත් නැද්ද.......
🏵️ නැත්තේ මොකද දෙපාරක් ගිහින්...... හැබැයි ඉතින් වැඩක් වෙලා නම් නෑ....... අර සක්සේනා කියන මහසෝනා ඒකට ඉඩ දීලා නෑ...............
🌺 එතකොට බං වික්‍රාන්ත් දන්නවද අර ගෑණි මොකෙද්ද එකෙක් එක්ක නටනවා කියලා..............
🏵️ නැතුව බං...................... මේ අහපංකෝ........ මේකයි මට හිතෙන දේ..... හරිද....... ඌ බැන්දේ උගේ හිතකවත් හිටිය එකියක් නෙවේ.... එතකොට ඌට හරි හමන් හොඳ පවුල් ජීවිතයක් ගෙවන්න දරුමල්ලෙක් හදාගන්න වුනේ නෑ...... අඩු තරමේ ගෑණි එක්ක එක කාමරේක ඉන්න වත් ඌට වරම් නෑ..... ඔන්න ඔය කසාදෙන්........ ඉතින් එහෙම කියලා මූ හොර කොටු පැනලාත් නෑ.... හැබැයි අක්කේ වික්‍රාන්ත් කියන්නෙ ඒ අතින් නියම කෙලේලෙක් බං... පැණියෙක් ඇඹලයෙක් වනචර කුපාඩියෙක් නෙවේ අන්න ඒකයි වැදගත්....... හරිද......... ඔන්න ඌ ජීවිතේම අන්දොස් වෙලා ඉද්දි දකින්න හම්බ වෙනවා මේකි වගේ නෙළුම් මලක්....... අනික උඹ එදා දැක්ක නම් මේකිගේ මුහුණෙ එදා තිබුනු expression...... කොල්ලෝ පිස්සු වට්ටනවා බං..... ඒ මේකිගෙ ගෑණුකම......... අන්න ඒකට තමයි බං කොල්ලෝ වසඟ වෙන්නේ......... වෙන කාගෙන්වත් නොදැකපු දෙයක් මේකිගේ මුහුනෙන් ඌ දකින්න ඇති................. ඉතින් අක්කේ එහෙම ආදරයක් ඇති වෙන එක වැරදිද........... ම්ම්ම්ම්ම්...... අනේ මන්දා හලෝ..... හුඟක් අය කියයි වැරදී කියලා........ ඒත් ඉතින් මං නම් කියන්නේ ඒකෙ වරදක් නෑ........ ඔන්න wife වික්‍රාන්ත් අයියට ටිකක් හරි ආදරේ නම් ඒත් කමක් නෑ.. වැරදී කියමුකෝ...... එහෙමත් නෑ............ මං නම් ඒ බැදීමෙ වරදක් දකින්නේ නෑ...........
🌺 උඹ කියන කතාව වැරදි නෑ බං නංගි........ ඒත් නිකම් මොකක්ද වගේ...... එහෙම හිතෙන්නෙ නැද්ද........ ඇත්තටම මාහීර් අයියා ගැන උඹට එහෙම මොනවත් හිතෙන්නෙ නැද්ද.... ම්ම්ම්ම්.....
💃 අක්කේ......... අනේ මන්දා මට තේරෙන්නෙ නෑ........ දැන් මගේ හිතේම ඉන්නේ මගේ මුළු ජීවිතේම ඉන්නේ වික්‍රාන්ත් විතරයි............ මගේ මුළු ලෝකෙම දැන් එයාම විතරයි........... හුස්මක් ගානෙම මට මතක් වෙන්නෙත් එයා විතරමයි අක්කේ.......... එයා විතරමයි...................
ඒ ටික කියද්දිත් මෙහෙන්දිගේ දෑස් වලට කඳුලු පිරී අවසන්ය.............
සහස්දිට ඉන් එහාට කියන්නට දෙයක්ද නැත.............. නැගණිය සිය කුළුඳුල් පෙමින්ම ගිලන් බවට පත්වී ඇත..........
උදෑසන අට පමණ වන විට කෙල්ලෝ තුන් දෙනා සූදානම් වී අවසන්ය.......... අද ඔවුන් පලමු වතාවට thaal dancing university එකට යයි............. ඒ ප්‍රතාප් ශර්මාද සමගිනි........... උදෑසන නවයේ සිට සවස පහ වන තුරු එය පැවැත්වේ........ කොපමණ වේලා ගත වුවද ඔවුන්ට එය ප්‍රශ්ණයක් නොවන්නේ නර්තනය ඔවුන්ගේ ජීවිතය හා සමාන බැවිනි....................
මෙහෙන්දි නිල් පැහැ සල්වාර් එකකිනුත් සහස්දි රෝස පාට එකකිනුත් අසේකා කොල පාට එකකිනුත් සැරසිලා පහලට එනකොට අම්මයි තාත්තයි අයියයි නෑනයි කෑම මේසේ................
🍸 ඉක්මනට කන්නකෝ........ පරක්කු වෙනවා අපිට............
ප්‍රතාප් ශර්මා පැවසුවේ වෙලාව දෙසද බලමිනි............... ලහි ලහියේ වාඩි වුන ඔවුන් ආහාර ගත්තත්......... මෙහෙන්දි නම් අතගෑවා පමණි.................
මෙහෙන්දිට ඔහුව තව එක් වරක් දකින්නට ඇත්නම් යැයි සිතුනේ පළමු වරට නොවේ............. නමුත් දකින්නට අවශ්‍ය නම් ආදරය කරන්නටත් අවශ්‍ය නම් ඔහු තමා ඉදිරිපිටට එනු ඇත............ නොඑසේ නම් හදවතේ ඇති සෙනෙහස සඟවාගන්න ඇය සූදානම්ය............. නමුත් ඒ කොපමණ කාලයකටද......... ඇය ඔහුට බැදී ඇත්තේ හිතාගන්නටවත් නොහැකි ලෙසටය................
Admission ලබාදී සියළු කටයුතු අවසන් කර පන්තියට යන විට හරියටම නවය වී තිබුණි................ නැටුම් ගුරුවරිය අන් කිසිවෙකු නොව සුප්‍රසිද්ධ නිළියෙකි.............. උදේ පැයක් සාම්ප්‍රදායික නැටුම් කලාවද පැයක් සාමාන්‍ය උත්සව නැටුම් අංගද පුරුදු වේ...... ඉන්පසු පැය දෙකක් න්‍යායත්මක අධ්‍යනයත් ඉන්පසු නැවතත් තමන් කැමති අයුරින් පුහුණුවීම් කටයුතුත් සිදු කල හැකිය............... කෙල්ලෝ තුන් දෙනා පැයක් යන්න කලින් ඉස්සරහම පේලියට ගන්න ගුරුතුමිය තීරණය කලේ ඔවුන් අති දක්ෂ නිසයි.................
පැය ගානක් නටලා නටලා මහන්සියට කට්ටියම තැන් තැන් වල වාඩි වුනා................
🌺 ශිට් විතරක්............... හෙට saturday බං............ හෙට නෑනේ...........
💃 ගෙදර නටමු බං..............
🏵️ ඒකනේ........අපි මොකෝ වෙනදට නටන්නෙ නැතුවද...........
🍂 ශා ඔයාලා තුන් දෙනා නම් නියමයි.......... මං අහන්නමයි හිටියේ twins ලද...........
එතැන සිටි එක් තරුණියක් ඇසුවාය......
🌺 ටිකක් ඉන්නකෝ....... මං සහස්දි,,, මේ අසේකා එතකොට මේ මෙහෙන්දි........ අපි තුන් දෙනා නිවුන්නු නම් නෙවේ මේ මගේ නංගිලා දෙන්නා අවුරුද්දක් බාලයි දෙන්නටමට වඩා.............. එතකොට ඔයා
🍂 මං තනුශ්‍රී,,, මේ පායල්,,,, මේ ශේරා
ඔන්න ඔය විදිහට පන්තියෙ කෙල්ලෝ ටිකත් එකතු කරගත්තා...............
මේ දෙන්නම හොඳ හිතින් නැගිටිනවද......... ඇයි යකෝ රෑට plan කරනවා උදේට ඒවා මතක නෑ නිදාගන්නවා........
උදේ පාන්දරම නැගිටලා අසේකා කෑ ගහනවා............ මෙහෙන්දිට මතක් වුනා අද පන්සල් යන්න කතා වුනා නේද කියලා............... මෙහෙන්දියි සහස්දියි නැගිට්ටා නැත්තම් අසේකාගෙන් බේරුමක් නැහැනේ....................
පැය දෙකකටත් වඩා වැඩි කාලයක් වන්දනාමාන කල තුන් දෙනා ආයෙම යන්න කියලා වාහනය ලඟට එද්දි අසේකා යන්තමින් ඈත ඉඳන් ඔවුන් දිහා බලාගෙන ඉන්න වික්‍රාන්ත් ව දැක්කා.............. ඔහු practice වලට යනගමන් වෙන්න ඇති කියලා අසේකා හිතුවා........... ඊයේ පන්සල් එනවා කියලා කිව්වට කොල්ලා එයි කියලා අසේකා හිතුවේ නෑ.............
🏵️🏵️ යකෝ ඒ කියන්නේ මාරම ලව් වගේ මෙහෙන්දියට...........
අසේකා ගියේ කෙල්ලට වික්‍රාන්ත් ව පෙන්නන්න....... ඒත් කොල්ලා අතින් කිව්වේ එපා කියලා.......... ඔහුට ඕනැ වුනේ දුරින් ඉඳන් කෙල්ලව බලලා යන්න විතරයි............ හැබැයි ඔවුන්ගේ වාහනය තිබුනේ ඔහුගේ වාහනයට ලඟමයි................
සහස්දිටයි මෙහෙන්දිටයි නම් කිසිම සිහියක් නෑ දෙන්නම වෙනම කතාවක්............. ඒ දෙන්නාට වට පිට ඉන්නේ කවුද කියලා ගානක් වුනේම නෑ............ එයාලා ඒ පැත්තට එනවා දැකපු වික්‍රාන්ත් ටිකක් එහාට වුනා.........හැබැයි යන්තම් මෙහෙන්දිට නොපෙනී කෙල්ලව බලාගන්න පුළුවන් වුන එක ගැන වික්‍රාන්ත්ට සතුටක් දැනුනා.......... කොච්චර බලන් හිටියත් මදි කියලා හිතෙද්දි......... සහස්දි වාහනය පණගැන්නුවේ මෙහෙන්දිගේ දැඩි ඉල්ලීමකට කන්දෙන්න හිතාගෙන... ඒ මේ දිල්ලියේ තියන ප්‍රසිද්ධ කෝවිලක් වන තිරු කෝණේෂ්වරම් කෝවිලට යන්න.............
💃 මං දැන් ඔයාලා එක්ක ආවා වගේ අපි තිරු කෝණේෂ්වරම් යමුද.......... එහෙ හාස්කම් තියනවා.................
🌺 එහෙමද.....................
💃 දෙවියෝ බුදුන් වැඩ ඉන්න කොතැනත් ලස්සනයි අක්කා..............
🏵️ ඒක ඇත්ත...... මං එකඟයි..........
🌺 තමුසේ මෙතෙන්ට ඇවිල්ලත් ඒක ඔබනවද.............
ඇත්තටම අසේකා කලේ වික්‍රාන්ත්ට කෙටි පණිවිඩයක් යවපු එක..........
🏵️🏵️ අයියේ අපි තිරු කෝණේෂ්වරම් කෝවිලට යනවා.............
ඔවුන් පිටව ගිය පසු වික්‍රාන්ත් ද ඔවුන් පසුපස ආවේ තිරු කෝණේෂ්වරම් වලට....... practice වලට යන්න හොඳටම පරක්කු වෙලා වුනත් කරන්න දෙයක් නෑ.............. හිත කියන්නෙම තව එක් වතාවක් කෙල්ලව බලලම යන්න කියලා................. වික්‍රාන්ත් ද තිරු කෝණේෂ්වරම් කෝවිල ඇතුලටම ගිහින් පැත්තකින් පූජාවටත් හිටගෙන හිටියා............. හැබැයි කෙල්ලෝ තුන් දෙනාට කලින් එළියට ආව කොල්ලාට වුනේ හිතුවේ වත් නැති වැඩක්......... එළියේ හිටිය පොඩි කොළු පැටව් රැලක් ඇවිත් වික්‍රාන්ත් වට කරගත්තා............ ඔක්කොම පොරකනවා Autograph එකක් ගන්න............. කෝවිලෙන් එළියට එන මෙහෙන්දිගේ ඇස් ගිහින් නතර වුනේ ඇයට හුරුපුරුදු දෑස් ලඟ...............
💃 අක්කා.........මේ.......අර.
අසේකාට වික්‍රාන්ත් එක්ක හොඳටම කේන්තියි............
🏵️🏵️ යකෝ මේ බූරු පැටියාට හොර වැඩක් වත් කරගන්න බැරි හැටි......... දැන් තෝ ඕනැ මගුලක් කරගනින්.........
අසේකා මුණු මුණු ගගා වික්‍රාන්ත් ට බැන්නා................
කෙල්ලෝ තුන් දෙනාම වික්‍රාන්ත් ලගින් ගිහින් හිටගත්තේ කතා කරලම යන්න
❤️ ආ...... මේ නංගිලානේ.......... මං ඒත් කවුද බැලුවා...........
🏵️ ෂා අයියා මරුනේ............. හැමදාම එනවද..............
අසේකා ඒක ඇහුවේ ටිකක් තරහෙන් වගේ කියලා වික්‍රාන්ත්ට තේරුනා.......
❤️ ඉඳලා හිටලා එනවා ඉතින්........ හ්ම්ම්ම්ම් මං යන්නද ඉතින්.......... මේ පරක්කු වෙනවා නැත්තම් ඔයාලගේ අයියගෙන් බේරුමක් නැති වෙනවා.........
වික්‍රාන්ත් එහෙම කිව්වේ අසේකාට........ ඒත් ඉතින් අැස් දෙක නම් තිබ්බේ මෙහෙන්දිගේ මුහුණ මතමයි.......... කාර් එක ගාවට ගිහිල්ලත් වික්‍රාන්ත් ආපහු බැලුවේ පුදුමාකාර ලෝබකමකින්........
❤️❤️ ඔය ඇස් දෙක
මට දෙනවද..........
සින්නක්කර තියාගන්න.........
පින් නැතුවට
හැමදාමත්
ලඟින් ඉඳන් බලාගන්න........
පිරිමි හිතක
දරන්න බැරි
ආදරයට උරුම කියන..........
පුංචි මගේ කුමාරියේ
එපා මගෙන් දුරස් වෙන්න...............
ඇස් වලින්............ අැස් වලින් විතරමයි දෙන්නම කතා කලේ................ මෙහෙන්දිගේ හිතට කිලෝ ගානක ඊයම් බරුවක් දැම්මා වගේ බරක් තමයි තිබුනේ............. කොහාට හරි වෙලා අැති වෙනකම් හඬන්නයි දැන් ඕනැ වුනේ............... ඒ තරමට දුරින් ඉඳන් කරන මේ ආදරේ මහාම මහා දුකක්.......... දෙන්නෙක් දෙපැත්තකට වෙලා මහා ගොඩක් ආදරේ කරද්දි අඩු තරමේ එක වචනයක් වත් කතා කරගන්න බැරි තත්වයක් නම් තියෙන්නේ ඒ ආදරය මොන තරම් වේදනාවක්ද කියලා දන්නේ ඒ වගේ ආදරයක් විඳින කෙනෙක් විතරයි............
💃💃 ඔය දෑසේ මායාවේ..
සිත නිවුනා මගෙ සොදුරේ...
තනිවේදෝ මා සසරේ..
හිමිවේදෝ ප්‍රිය සබඳේ.........
කවියක්මයි සිතු සිහිනේ..
බොඳවී යයි රෑ අඳුරේ...
හිරු අහිමිවු සඳවත සේ
සැඟවෙන්නද මං අහසේ...........
වික්‍රාන්ත් ඉක්මනින් practice වලට ground එකට ගියා.......... යනකොට කට්ටියම වැඩ පටන් අරන්............ විහේන්ට පුදුමයි වික්‍රාන්ත්ගේ මේ පමාව ගැන මොකද වික්‍රාන්ත් කියන්නේ හැමදාමත් කලින්ම practice වලට එන කෙනා.................
🌷 වික්‍රාන්ත් මොකද බං අද මෙච්චර පමා වුනේ................
❤️ කාර් එක ටිකක් වද දුන්නා බං...........
වික්‍රාන්ත් එහෙම කියලා ඉක්මනින් ground එකට පැනගත්තා.............. විහේන්ට මුහුණ දෙන්න ටිකක් මොකද්ද වගේ........ තමන්ගේ ජීව්තයේ බොහෝ දුක්බර මතකයන් ඔහු බෙදාගත්තේ විහේන් එක්ක................. ජීවිතයේ ලැබුණු එකම සතුට විහේන් එක්ක බෙදාගන්න බැරි ඒ සතුට යනු විහේන්ගේ නැගණිය වන නිසා.............. නමුත් කවදා හරි දවසක් එන බව වික්‍රාන්ත් දන්නවා මේ කතාව නොකියා ඉන්න බැරි වෙන........ ඒත් දැන්මම ඒක කියලා අවුල් කරගන්න ඔහුට වුවමනාවක් නෑ.............. කොහොමත් ඔහුටත් මෙහෙන්දිටත් අනෙක් ආදරවන්තයින් වගේ නිදහසේ හම්බවෙන්න කතාකරන්න පුළුවන් කමක් නෑ.......... ඒකට වික්‍රාන්ත් කැමතිත් නෑ......... ඒකෙන් කෙල්ලගේ නම කැත වෙයි කියලා ඔහුට තිබුනේ පුදුම බයක්................
Practice match දෙකම හොදීන් වික්‍රාන්ත් තරඟ කලා...... වෙනදාටත් වඩා හොඳ සාර්ථක ප්‍රභල ප්රහාරයන් ඔහුගේ පිත්තෙන් දකින්න ලැබුණා............ ඒ ගැන විහේන්ට තිබුනේ පුදුමම සතුටක්.........මොකද තව දෙදිනකින් ඉන්දියාවේදි පැවැත්වෙන ඉන්දියා + නවසීලන්ත + බංගලාදේශ තුන් කොන් ක්‍රිකට් තරඟාවලිය ජය ගන්න වික්‍රාන්ත් ඔවුන්ට අැති ප්‍රධානම බලාපොරොත්තුව නිසා..............
Practice නැවැත්තද්දි ටිකක් රෑ වුනා............. ගෙදර යන එක තමන්ගේ ජීව්තේ නීරසම දේ හින්දා වික්‍රාන්ත් ශධීර් සහ ඉශාන්ත් එක්ක ගියේ hotel blue sky වල wine bar 🍾🍷🥂🍻 එකට.......... කොල්ලා ටිකක් බොනවා හැබැයි බේබද්දෙක් නම් නෙවේ........... මේ වගේ ඉඳලා හිටලා එහෙමත් නැත්තම් party එකකදි හරි නොබී බැරිම අවස්ථාවක හරි තමා ඉතින්...........😂😁 වැඩියෙම බිව්වෙත් නෑ කාර් එක අරන් යන්න ඕනෙ හින්දා.............
💚 අයියා.........මොකද අද උදේ වුනේ.......ම්ම්ම්ම්.......
ශධීර් ඇහුවේ වික්රාන්ත්ගෙන්......... මොකද එයත් දැනගෙන හිටියා මෙහෙන්දිලා පන්සල් යන එක............ වික්‍රාන්ත් wine glass එක අතින් සූරමින් ඒ දිහාම බලන් හිටියා මිසක් මොනවත් කිව්වේ නැහැ............
💙 අැයි බං වීන්......... නංගි මොකක්හරි කිව්වද....... නැත්තම් උඹ මොකක් හරි දැක්කද අවුල් යන දෙයක් කියපන්......
වික්‍රාන්ත් මේ කතාව කියලා තියෙන්නේ ශධීර්ටත් ඉශාන්ත් ටත් විතරයි......... ඔහු දන්නවා කවදාවත් ඒ රහස ඔවුන්ගෙන් පිට යන්නේ නැති බව..............
❤️ නෑ............ මං බලලා ආවා ඉතින්...........
ශධීර්ට ඔහු ගැන ඇති වුනේ අපමණ දුකක්...........ආදරය කරනවා නම් හරි ලස්සනටම ආදරය කල හැකි සුන්දර හදවතක් වික්‍රාන්ත් හට තිබේ.......... ඔහු දුටු පමණින්ම මෙහෙන්දි හා බැඳුනේ ඇය කෙරේ ඇති නොඉඳුල් නිකැලැල් මනමෝහනීය ගැහැණු කම නිසාමය........... වාසනාවට මෙහෙන්දිත් වික්‍රාන්ත් හට කැමති වීම ශධීර්ගේ සතුටට හේතු විය............
💚 උඹ අහුවුනාද මිම්ම්ම්..........
❤️ ඔව්නේ......... තිරු කෝණේෂ්වරම් වලදි පොඩි පැටවි වගයක් මාව වට කරගත්තනේ....... ඉතින් කෙල්ල මාව දැක්කා......... මං අසේකා නංගිත් එක්ක විතරයි කතා කලේ නම්............ මට නිකම් බයකුත් දැනුනා එයා එක්ක කතා කරන්න........
💙 උඹ තිරු කෝණේෂ්වරම් ගියාද යකෝ කිව්වේ විශ්ව ශාන්ති විහාරයට යනවා කියලනේ.........
❤️ අසේකා මට msg එකක් දාලා තිබුනා...... ඉතින් මාත් ගියා....... මට ලෝබයි බං එන්න.......... ඇත්තටම මට පිස්සු හැදිලා වගේ..........ඒ මෙහෙන්දිගේ ලස්සනටම නෙවේ......... හිතාගන්න බෑ.....මොකක්දෝ දෙයක් මට එයාගෙන් පේනවා...........
💚 අනේ මන්දා බං.... දෙයියොන්ටත් වරදිනවනේ............මොන එහෙකට අර මල හෝන්තුව උඹට ලං කලාද මන්දා බං....... උඹ වෙනුවෙන් මෙච්චර ලස්සන මලක් පිපිලා තියෙද්දි........
❤️ දැන් කරන්න දෙයක් නෑ...............
💙 දැන් ඉතින් වෙන කුමක් කරන්නද ආ.........ආදරය කරනු මිස.........
❤️ විහේන් නිසා මං ඒක කරන්න බයයි........ නැත්තම් ඒ හුරතල් මුහුණ දකිද්දි මට හැම එකක්ම කියන්නම හිතුනා............. හිතපල්ලකෝ......... කවදාවත් ලං කරගන්නවත් බැරැව මං කොහොමද බලාපොරොත්තුවක් දෙන්නේ ඒ හිතට...............
💚 දැන් අයියේ දෙන්නගෙම හිත් වල එහෙම බලාපොරොත්තු ඇති වෙලා ඉවරයි.............. මෙහෙන්දි උඹට මාරම ආදරෙයි වීන්.........
ටීම් එකේ කොල්ලො ටික වික්‍රාන්ත් ට ආදරේට කතා කරන්නේ වීන් කියලා.................
❤️ ආදරෙයි කියලා ඒ ඇස් දෙක දැක්කම පේනවා ශධී........ මං පිස්සෙක් වගේ ඒ ගැනම හිතනවා............... මට මොකක් හරි idea එකක් දීපල්ලාකෝ......... මගේ කෙල්ලව මට මගේම කරගන්න............
💚 ඒක ලේසි නෑ අයියේ............ එතකොට සෝනම්
❤️ මට මේ මල කරැමෙන් ගැලවෙන්න ඕනි................
💙උඹ එහෙම හිතන එකේ වරදක් නෑ වීන්........... මොකද... උඹේ අම්මටයි තාත්තටයි උඹ නැති වෙලාවේ වැඩකාරයින්ටත් අන්ත පහත් විදිහට ඔය ගෑණි සලකලා තිබුනා.......... ඒ විතරක් නෙවේ රාඛිගේ ඉගෙන ගැනීමත් කඩාකප්පල් කලා........... තව ඉතින් ඔය වගේ කීයක්ද............ මං එහෙම නම් ඔිකිට හොඳ දෙකක් ඇනලා පන්නලා දාලා............
❤️ ශේෂ් සක්සේනා හින්දා මට ඒ දේ කරන්න බෑ ඉශා................
💚 පිස්සුද බං......... උඹ වගේ පට්ට ටැලන්ටඩ් බැටෙක් අයින් කරන්න ඌට පුළුවන්ද බං........... එහෙනම් උඹ ටික කාලෙකට අසාර්ථක වෙන්න ඕනැ......... දෙයියන්ගෙ පිහිටෙන් උඹට කවදාවත් එහෙම වෙන්න එපා............
❤️ ඒත් ඒ මනුස්සයා නිසයි මං මෙතන ඉන්නේ................ ඒකයි මට තියන අවුල.........
ඒ කතාවට ශධීර් ට ටිකක් විතර කේන්ති ගියා.............
💚 උඹ ඔහොම නම් හිතන්නේ ආයෙම කවදාවත් අර කෙල්ල දිහා බලන්නවත් එපා....... මං අසේකාට කියන්නම් නංගිගේ හිත හදන්න කියලා....... උඹ මේ හදන්නේ ඒ කෙල්ලව ආයෙ ගොඩ ගන්න බැරි වෙන්නම පට්ට වේදනාවක් දෙන්න........... උඹ සක්සේනා ගැන හිතනවා නම් උඹට කවදාවත් සෝනම්ගෙන් දික්කසාද වෙන්න බෑ........ ඉතින් මේ සම්බන්ධයේ තේරුම මොකක්ද.......... උඹට ඕනේ අර කෙල්ල විඳව විඳව මැරෙනවා බලන්නද......... ආ........ වීන් කියපන්...... කෙලින් තීරණයක් අරන් මිසක් ආයෙම මෙහෙන්දිව බලන්න යන්න හිතන්නවත් එපා......... මාත් එක්ක තරහා වෙන්න එපා අයියේ........ මං අසේකට ආදරෙයි..... ඒ වගේම මට ඒ නංගිලා දෙන්නා ගැනත් දැන් වගකීමක් තියනවා............ ඒ හින්දා මං ඉඩ දෙන්නේ නෑ තවදුරක් ගිහින් අර අහිංසකී මුළු ජීවිතේම අපායක් කරගන්නවට..............
ශධීර් එහෙම කියලා නැගිට්ටේ යන්න............ මොකද වීන්ගේ ඒ වචන ටික ඔහුට ගොඩක් රිදෙව්වා........... ඔහු දන්නවා මෙහෙන්දිගේ හිතේ මේ දවස් කිහිපයට ඇති වෙලා තියන ආදරේ තරම.......... ඒ ගැන ඔහුට ඇති වුනෙ පුදුම වේදනාවක්............ වික්‍රාන්ත් ඔහුගේ අතින් ඇද නැවත්ත් නවතගත්තා
❤️ උඹ හිතන්නේ මොකක්ද ශධි......... මං.. මං. එතකොට විඳවන තරම් උඹ ඇයි දන්නෙ නෑ වගේ කතා කරන්නෙ........... එක පාර හතු පිපෙනවා වගේ මට එහෙම ඉක්මනට මේ ප්‍රශ්ණයට උත්තරයක් හොයාගන්න බෑ............. හැබැයි මං ඉක්මනටම ශේෂ් සක්සේනාට මගේ ජීවිතේ මොකක්ද කියලා තේරුම් කරලා දෙනවා......... මං සෝනම් ට දික්කසාදය දෙනවා කියන්නේ එයාට අනුරාග් එක්ක යන්න පුළුවන්............. ඒකට තව ටික කාලයක් යයි......... ඒ කාලේ ඇතුලත මං..... මං එයා දකින්නවත් නොගිහින් ඉන්නම් කියලා කියන්නේ කොහොමද බං......... මට එක රැයක් වත් නොදැක ඉන්න බෑ දැන්................. මට කොහොමහරි මෙහෙන්දිව ඕනැමයි................. ඕනැමයි.................
🌸🌸🌸 මතු සබැඳියි
No comments:
Post a Comment