🧡 මංමෙතන ඉන්නකොට ඔයා කා එනකම්ද ඔච්චර බලන්නේ විහේන්......
අශ්ලේෂා විහේන්ගේ කණට කොඳුරලා ඇහුවා...............
🌷 අශ්....... ඔක්කොම කොල්ලෝ ටික ඉන්නවා වික්‍රාන්ත් විතරයි අඩු......... ඇයි බබා ඒ........... මං ඌට හිත රිදෙන දෙයක්වත් කීවද.............
🧡 ආ..... ඔව් නේද මාත් එයාව දැක්කේ නෑ..............
විහේන් සිය ජංගම දුරකතනය එළියට අරන් බලනකොටම දැක්කා වික්‍රාන්ත් ගෙන් කෙටි පණිවිඩයක් තියෙනවා..............
❤️❤️❤️ විහේන් සමාවෙන්න........ මං හිත හදාගෙන එන්න හුඟක් උත්සහ කලා......... උඹ දන්නවානේ මට තියන ප්‍රශ්ණ............. එ්වා මට හරියට වද දෙනවා........ මං අනිවාර්යෙන්ම වෙඩින් එකට එනවා............. ❤️❤️❤️
🌷 හ්ම්ම්ම්ම්ම්......... වික්‍රාන්ත් උඹ ගැන දුකයි මචං.................. හැබැයි උඹ ආවා නම් හිතවත් හැදෙයි..................
විහේන් තමාටම මුමුණගත්තා................
🌹 චූටි දූ......... යන්න ගිහින් අයියගෙයි අක්කගෙයි කහ ගාන්න..............
ඒක අපූර්වා සෙනෙවිරත්නගේ අණක් මොකද දැන් හුඟක් වෙලාවක ඉඳලා අපූර්වා බලාගෙන කට්ටිය එකතු වෙලා අතොරක් නැතුව කිචිබිචි ගාමින් කොල්ලන්ට සරදම් කරනවා..............
කෙල්ල හෙමින් සීරුවේ ගිහින් මුලින්ම කහ ගෑවේ අයියගේ...............
🖤 ඉස්සර වෙලාම මනමාලිගෙන් පටන් ගන්න දුවේ................
එතැන සිටි තලතුනා ගැහැණියක් පැවසුවේ ඇගේ අත විහේන්ගෙ මුහුණට ලං වෙද්දිමයි...............
💃 නැන්දේ......... මං මනමාලයගේ පැත්තේ................ මං කහ ගාන්නේ ඉස්සරවෙලාම අයියාට....... සමාවෙන්න............
තවත් මොනවත් කියන්න කලින්ම ඇය අයියාගේ මුහුණ දෙපසත් අත් වල හා පාද වලත් කහ ගල්වා තිලකයකුත් තියලා මල් පෙති ටිකකුත් ඉහලයි නැගිට්ටේ.............. මෙහෙන්දි අශ්ලේෂාගෙත් කහ ගල්වලා ඇගේ අතකින් අල්ලගත්තා............
💃අක්කා....... අපි දෙන්නා අදනේ ඉස්සර වෙලාම දැක්කේ........... මං මුලින්ම අයියගේ කහ ගෑව එකෙන් සම්ප්රදාය බිඳුනනම් සමාවෙන්න.......... ඒ මොනා වුනත් එයා මගේ අයියා....... මට අයියා තරම් සම්ප්‍රදායන් වටින්නේ නෑ..........මගේ ජීවිතේ පලවෙනි තැන හැමදාම මගේ අයියලා දෙන්නටයි අක්කලා දෙන්නටයි..... එ් හින්දා මං ගැන වැරදිවට හිතන්න එපා......... ඒත් අද ඉඳන් මං මගේ අයියට තරම්ම ඔයාටත් ආදරෙයි අක්කා............. ඔයාලා දෙන්නා හැමදාම සතුටින් ඉන්න.................
මෙහෙන්දි නැගිට්ටේ එතැන සිටි ඔක්කොමල්ලගේ ඇස් වලට කඳුලක් දීලා........ මොකද ඇගේ වචන වලට හැමෝම හැගීම්බර වුනා....... මාහීර් පවා...........
ඔන්න ඉතින් හැමෝම ආශාවෙන් බලාගෙන හිටිය නැටුම් විශේෂාංගය පටන් ගත්තා............. මුලින්ම ලී කෙලියට එක් වුනේ වැඩිහිටි කාන්තාවන් හා මහත්වරුන්............. ඔවුන්ගේ තරුණ දුවාදරුවන් අත්පොලසන් දෙමින් ඒ දිහා ආශාවෙන් බලාගෙන හිටියා..................
🍃අම්මෝ....... ඔන්න අපිට නැටුවා ඇති දැන් ඔයාලා පටන් ගන්න.............
ප්‍රතාප් ශර්මා එහෙම කියලා අසල පුටුවෙන් වාඩි වුනා......... ඔහු අනුව සියල්ලන්ම දරුවන්ගේ නැටුම් බලන්න වාඩි වුනා................. හැබැයි ඔක්කොටම කලින් වේද් ඉස්සරහට ආවා............
💜️ හොඳයි හැමෝම අහගන්න....... මේක විශේෂ ආරාධනයක්............ මං ආරාධනා කරනවා අපේ මනමාල මහත්මියගේ අයියටත්,,,,, මනමාල මහත්තයාගේ නංගිටත් මැදට ඇවිත් නර්තනයට එක් වන ලෙස........... මේක එක්තරා විදිහක තරඟයක්............ අපි බලමු කවුද ඉස්සර වෙලාම අතේ තියන ලී දෙක වට්ටගන්නේ කියලා.......... වට්ටගන්න කෙනා පරාදයි....... මාහීර් අයියා දිනුවොත් විහේන් අයියා අශ්ලේෂා අක්කාට යටත් වෙලා ඉන්න ඕනි........ හැබැයි අපේ මෙහෙන්දි දිනුවොත් ඒකෙ අනිත් පැත්ත හැමදාම ඉතින් විහේන් අයියගේ පදේට නටන්න වෙයි........ okkkk ......... අනිත් හැමෝටම පුළුවන් එයාලත් එක්කම නටන්න............... අපි බලමු දිනන්නේ විහේන් ද අශ්ලේෂාද කියලා.............. Good luck මෙහෙන්දි...........
වේද් හිනාවෙමින් බැලුවේ බුම්මගෙන ඉන්න මෙහෙන්දි දිහා................ හැබැයි ඉතින් අභියෝගය අත්හරින්න නම් කෙල්ලගේ බලා පොරොත්තුවක් නෑ................... මුණු මුණු ගගා වේද්ට බැනවදිමින් ඇය ඉස්සරහට ඇවිත් ලී දෙක අතට ගත්තා............ එතකොට ආයෙම වේද් ඉස්සරහට ආවා........
💜️ තව එකක්..........ජයග්‍රහණය තහවුරු වෙන්න නම් ප්‍රතිවාදියාගේ මොකක්හරි වටින දෙයක් අරගන්නත් ඕනි.........
🌺 බලපං මේ කුපාඩි වේද් කරපු මගුල.......... දැන් අපේ එකී අර අහිංසකයට මොනා කරයිද......... අප්පේ මේකෙ fun එක කෙසේවෙතත් ත්‍රාසය භීතිය කුතුහලය නම් ලෙසටම තියෙයි නංගි.................
🏵️මාත් ගල් වෙලා ඉන්නේ ඒකට හලෝ......... අපේ එකී පැරදුනොත් මෙතන පස් කයි.............. ඒකට මොකද කරන්නේ................
මාහීර්ට ඇමතුමක් ආව නිසා එයා excuse me කියාගෙනම එළියට ගියා....... ඒ හින්දා ඔවුන්ට ටික වෙලාවක් ඉන්න වුනා...............
🏵️හිටපන් මං මොකක් හරි කරන්න.......
එහෙම කියපු අසේකාත් ඔහු පසුපස ගියා............... ඇමතුම විසන්ධි කරපු මාහීර් ආපහු හැරෙද්දිම අසේකා දැකලා ගැස්සුනා.............
💘මොකද බං බය කරන්නේ.........
🏵️ තමුසේ මාර බයගුල්ලෙක්නේ මස්සිනේ.......... මේ මං ආවේ තමුසෙට පොඩි දෙයක් කියන්න.............
💘 කියනවා... ඉතින්.......
🏵️මේ අපේ මෙහෙන්දිට තමුසෙ පරදිනවා අයියා................
💘 ඇයි ඒ...........
🏵️ මේකයි ඒකිට පරාජය දරාගන්න බෑ...... කොහොමවත් බෑ......... ඒකි මෙතන දෙකක් කරයි පැරදුනොත්,,, තමුසේ අපිට ටිකක් හරි ආදරයක් තියනවා නම් පරදිනවා............ හාද.......
💘වස ලැජ්ජාවයි බං......... අර අපේ එකී මගේ ඔළුව කයි................
🏵️ඒ වගේද බං මෙහෙන්දි........... අශ්ලේෂා අක්කා නම් ටිකක් කුණු කුණු ගාල නිකම් ඉදී.......... මෙහෙන්දි නම් එහෙම ඉන්නේ නෑ.......... මුළු ජීව්ත කාලෙටම තමුසෙගේ මූණවත් බලන එකක් නෑ..............
එහෙම කියද්දි නම් කොල්ලා ටිකක් බය වුනා............
💘 හරි... හ..රි.... යන්කෝ මං මොනාහරි කරන්නම්........
අසේකා තම සොයුරිය වන සහස්දිට මහපට අැගිල්ල උරුක් කරලා පෙන්නුවේ වැඩේ හරි කියලා................ ඔන්න ඉතින් නැටුම පටන් ගත්තා............ කෙල්ලෝ කොල්ලෝ හරි හරියට නැටුවා...........
ඒ අතරේ මෙහෙන්දි කල්පනා කලේ කොහොමද දිනන්නේ කියලා,,, මාහීර් කල්පනා කලේ පරදින්නේ කොහොමද කියලා................ පරදින්න නම් හිතක් නැති හින්දම මාහීර් හෙමින්ම ඇගේ ඉනෙහි ගසා තිබූ පලඳනාව ගලව ගත්තා............ ඒකට වැඩියෙ දඟලන්න ඕනැවුනේ නෑ...... ඒක ගැලවිලා වැටෙන්න ඔන්න මෙන්න කියලයි තිබුනේ............... පැයක් විතර නටද්දි කෙල්ලට දැන් ඇති කියලා හිතුන හින්දා ටිකක් මාහීර්ට ලංවුනා.........මොකද දිනන්න නම් මාහීර්ගේ අතේ තියන ලී දෙක කොහොම හරි වට්ටන්න ඕනෙ.......... මායාකාරියගේ දෑසේ මායාවට අහිංසක මාහීර් මුලා වුනා............. අවස්ථාව බලලා මෙහෙන්දි සිය අතෙහි වූ ලීයකින් මාහීර්ගේ වැලමිටට ටිකක් තදින් පහරක් ගැහුවා............ අනපේක්ෂිත ලෙස සිදුවූ දෙයින් ඔහුගේ අතින් ලී දෙක ගිලිහිලා වැටුනේ මහ හඬක් නගමින්........ එවිටම සංගීත නාදයද නැවතුනා........... කොල්ලා මෙහෙන්දි දිහා බලලා සිය අතෙහි වූ පලඳනාව පෙන්නුවා.............. හැබැයි ඊලඟට මෙහෙන්දි පෙන්නපු දේ දැක්කම නම කාගේත් කටවල් ඇරුණා........... සහස්දියි අසේකයි විද්‍යායි අව්යායි භාවනායි මන්දිරායි උඩපනිමින් හිනා වුනා.......... මෙහෙන්දිගේ අතේ තිබුනේ මාහීර්ගේ උඩ සාක්කුවේ දමා තිබූ කාර් එකේ යතුර............ කොල්ලගේ අත ගියේ සාක්කුවට ඇත්තටම ඒක එහි තිබුනේ නෑ................
💘💘💘 මේකි යකෝ....... මහා යක්ෂ කෙල්ලක්නේ කොයි වෙලාවෙද ඒක ගත්තේ................
🌺 අපේ නංගිනෙ පරදින්න විදිහක් නෑ.............
🏵️ weldone......... සුදු නංගී............
අසේකා කෑගැසුවේ මාහීර්ට ඇහැකුත් ගහලා.......... ඔහුට තනියම හිනා මේ කෙල්ලන්ගේ වැඩ වලට.............
💜️ සතුටුයි සතුටුයි සතුටුයි....... අපේ චූටි නංගි ගැන............. අය්යගේ ගෞරවය බේරගත්තා..........අපි දන්නවා ඔයා එයාට කොච්චර ආදරේද කියලා......... ඔන්න අශ්ලේෂා නෑනෝ......... ඔයාගේ මේ නෑනා නම් හරිම අමාරුකාරියක්....... පරෙස්සමින් ඉන්න වෙයි............. ඉතින් තරඟය විහේන් දිනනවා............... ඒ සතුටට විහේන් අයියා අක්කා එක්ක අපි ගහන පදේට නටන්න ඕනෙ...........
විහේන් හා අශ්ලේෂාත් ඔවුන්ගේ නැටුම ඉවර කලාම උත්සවයත් එතැනින් අවසන් වුනා................ ඔවුන් නැවතත් ගෙදර යන විට මධ්‍යම රාත්‍රියත් පසුව තිබුණා............... ගිය ගමන් නාගත්ත කෙල්ලෝ තුන් දෙනා ඇඳට වැටුණු පමාව විතරයි........... හොඳටම නින්ද ගිහින්.............. හැබැයි ඒ රාත්‍රියෙත් නින්ද නොගිය එක්කෙනෙක් ඉන්නවා.....
ඒ මාහීර්....................
මාහීර් බැල්කනියේ පුටුවට බරවී ඈත බලාගෙන ඉන්න වෙලාවේ මහීර්ගේ අම්මා ශේඛා එතෙන්ට ආවේ තේ එකකුත් අරන්.............. ඔහුගේ අතේ තියන පලඳනාව මෙහෙන්දිගේ කියලා ඇය දන්නවා......... ඇගේ මුවගට සිනාවක් ආවේ දැන් විසිනව හැවිරිදි වියේ පසු වන තම පුතු මෙලෙස සිටිනු කවදාවත් දැක නැති නිසයි..............
🍃 මාහීර්......... මොකද කරන්නේ........
මාහීර් අතේ තිබුණු පලඳනාව මිට මොලව ගත්තේ අම්මා ඒක දකී කියලා..........
🍃 අැයි පුතා.......... මොනාද ඔය හැටි කල්පනා කරන්නේ..........
💘 කෝ අම්මා නංගි............
මාහීර් අම්මගේ ප්‍රශ්ණය මගහැරලා එයාගෙන්ම ප්‍රශ්නයක් ඇහුවා.........
🍃 නිදි වෙන්න ඇති........... හෙට මෙහෙන්දි උත්සවය ප්‍රතාප් අයියා එයාලගේ ගෙදර තියන්න ඕනැ කිව්ව එක නම් ලොකු දෙයක්............
💘 මෙහෙන්දි...............
මාහීර් කිව්වා නෙවේ එකපාරටම කියවුනා.............
🍃 හ්ම්ම්ම් හ්ම්ම්ම්... මෙහෙන්දි තමා........
අම්මා නිකම් නුහුරට වගේ හිනාවක් දාලා යන්න ගියා............... ඔහු අතින් ඔළුවට එක පාරක් ගහගත්තේ සිද්ධ වුන දේට...........
💘💘 ශිට්...... මහීර් උඹ නම් මොකෙද්ද මන්දා........ අම්මටත් නෝන්ඩිද මන්දා වැඩේ................ අනේ අම්මේ මෙහෙන්දි මගේ අම්මා මගෙන් ඈත් වෙලා හිටපන්කෝ....... නැත්තම් මං ඔක්කොම ඉස්සරහ පච වෙලා යන්න වැඩි වෙලාවක් යන්නෙ නෑ..............
හිනාවෙවිම ඇවිත් මාහීර් ආයෙම ඇඳට වැටුනා.......... හැබැයි පැය දෙකක වත් නින්දක් නම් ලැබුනේ නෑ............. පහුවදා උදේම මාහීර් office එකට ගියේ එතනත් වැඩ ගොඩ ගැහෙන හින්දා.............
කොහේ ගියත් මැවි මැවි පේන්නේ මෙහෙන්දිව............. අද සවස වෙනකම් වත් හිතට ඉවසිල්ලක් නෑ............ කවදාවත්ම තමන්ගෙ හිතේ කෙල්ලක් ගැන මේ වගේ හැගීමක් නම් ඇති වෙලා නෑ කියලා මාහීර් දන්නවා............. ඔහුට තමන් ගැනම පුදුමයි.............
මෙහෙන්දිලගේ ගෙදර පුදුම කලබලයක් තිබුනේ............ හවස පැවැත්වෙන මෙහෙන්දි උත්සවය සඳහා ජයටම සූදානම් වෙනවා............වෙනදට දවල් වෙනකම් නිදාගත්ත කෙල්ලෝ ටික අද පාන්දර ඉඳන්ම නැගිටලා මෙහෙන්දි හදනවා..................
💃 අම්මා........ මෙහෙන්දි අඳින අයට කතා කලාද............
🌹 කතා නම් කලා.......... ඒ වැඩේ ඉතින් ඔයාලටත් පුළුවන්නේ..............
💃 ඔව් ඉතින්.................
සවස දෙක විතර වෙද්දි ඔක්කොම දේවල් ලෑස්ති කරලා කෙල්ලෝ ටික ලෑස්ති වුනා............... හවස පහ වෙද්දි අශ්ලේෂාගේ ගෙදර කට්ටියයි තව නෑදෑයෝ ටිකකුයි ආවත් මාහීර් නම් හිටියේ නෑ................ මොකද මාහීර් තාමත් office එකේ ........ එයාගේ හැටි කොහොමත් එහෙමයි වැඩ කරන්න ගිහාම රැයක් දවාලක් ගැන ගානක් නෑ.....................
සුභ වෙලාවට මෙහෙන්දි ගාන්නත් ඕනෙ ඒත් මෙහෙන්දි ගාන අය තවමත් ඇවිල්ලත් නෑ...................
🌹මොකද කරන්නේ නැකතටත් ලඟයි..........
අපූර්වා බැලුවේ ශාරධා දිහා..............
💝 මෙහෙන්දිටම තමා මෙහෙන්දි ගාන්න කියන්න වෙන්නේ............
ශේඛා සාවන්ත් අපූර්වා ලඟට ආවේ දැන් වෙලාවත් ලඟ හින්දා...........
🍂 අපූර්වා........... මොකද දැන් කරන්නේ..............
🌷 ඇයි දැන් මොකක්ද ප්‍රශ්ණය අම්මේ.........
විහේන් එතෙන්ට ආවේ ඒ වෙලාවෙදියි..........
💝 බලන්නකෝ පුතා තවම මේ මෙහෙන්දි ගාන කට්ටිය ආවේ නැහැනේ..............
🌷 අනේ මේ පිට මිනිස්සු එනකම් බලන් ඉන්න ඕනි නෑ අනේ.......... නංගිට කතා කරන්නකෝ...............
වෙලාවත් ලං වෙනවා කරන්න වෙන දෙයක් නෑ................ මෙහෙන්දිට මෙහෙන්දි ගාන්නම වෙනවා............... ඒත් කෙල්ලට බයයි....... තමන් අතින් ගාන මෙහෙන්දි රටාව ලස්සන නැති වෙයි කියලා.................
💃 මට බයයි අක්කා...............
ඇය අසේකාගේ අතින් අල්ලගෙන පැවසුවා..............
🏵️ මේ මොකද සුදූ........... ඔයා තමයි ලස්සනටම මෙහෙන්දි රටා අදින්නේ.......... යන්න අනේ බය වෙන්නෙ නැතුව...............
💝 මෙහෙන්දි....... එන්නකෝ යන්න..........
මෙහෙන්දිවත් කැඳවගෙන අපූර්වා ගිහින් අශ්ලේෂා ගාවින් වාඩි වුනා............. මෙහෙන්දි පුරුදුකාරියක් වගේ ඔක්කොම දේවල් පිළියෙල කරගෙන අදින්න පටන් ගත්තා.................. පැය එක හමාරක් විතර අරන් ඇය අශ්ලේෂාගේ අත් දෙකෙයි කකුල් දෙකෙයි සුන්දරම සුන්දර මෙහෙන්දි රටා මැව්වා............. අශ්ලේෂාට දැනුනේ පුදුම සතුටක්............
🧡 ෂා............. හරීම ලස්සනයි නංගි............. මාරම ලස්සනයි.............
විහේන්ටත් පුදුම සතුටක් වගේම නංග් ගැන ආඩම්බරයක්ද දැනුනා........... ඔහු ඇයගේ හිස ආදරයෙන් අතගෑවේ ඒ ආදරයෙන්මයි............... ඇය මෙහෙන්දි රටාව අවසන් කලේ ඉතාමත් ලස්සනට ඇගේ අතේ V අකුරත් ඇඳලා..............
ඊට පස්සේ අනිත් කට්ටියත් මෙහෙන්දි රටා තම තමන්ගේ අත් වල ඇඳගත්තා...................
🌊මෙි......... මෙහෙන්දි......... ඔයාගේ අතේ අකුරක් ගහගන්නේ නැද්ද.........
💃 එහෙම අකුරක් මට නෑනේ.............. ඈ අව්‍යා ඔයාට තියෙනවද.............
🌊 තියෙනවා................ මොකක්ද දන්නවද...........
💃 ම්ම්ම්ම්..... කියන්න.... මොකද්ද......
🌊 M මාහීර්......... කාටවත් කියන්න එපා ඈ...............
💃 මේ මාහීර්ද................
🌊 හ්ම්ම්ම්ම්...... මං පිස්සු වැටිලා ඉන්නේ ඒ ලස්සන හිනාවට
💃 ඇත්තට......... කෝ දෙනවකෝ එහෙනම් අත..........
එහෙම කියලා මෙහෙන්දි M අකුර ඇන්දා............. සහස්දි මේ ඔක්කොම බලාගෙනයි හිටියේ.............. ඔක්කොම අත් වේලෙන්න තියාගෙන හිටියේ නිකම් නෙවේ වැඩිහිටි කට්ටිය ඉස්සර කාලේ වෙචිච කතා කියනවත් අහගෙන.........
සාශේන් මාහීර් සහ ප්‍රතාප් ශර්මා ආවේ ඒ වෙලාවේ.............
🍃 සමාවෙන්න සමාවෙන්න my dear lovely ladies පරක්කු වුනා ටිකක්.............
ප්‍රතාප් ඔක්කොගෙන්ම සමාව අයදිනකොට මාහීර් නම් බලාගෙන හිටියේ මෙහෙන්දි දිහා........... තමා ආවත් ඇයට ඒ ගැන ගානක් වත් තිබුනේ නෑ........... ඒකට නම් හිත ටිකක් රිදුනා......... සහස්දි බලාගෙන හිටියේ දුකෙන් වගේ මෙහෙන්දි දිහා බලන් ඉන්න මාහීර් දෙස................. කට්ටිය එහාට මෙහාට වෙනකම් ඉඳලා සහස්දි මෙහෙන්දිවත් එක්ක එලියට ආවා............
🌺 නංගි මං මේ serious අහන්නේ.......... ඇත්තටම මාහීර් අයියා ගැන විශේෂයක් දැනෙන්නේ නැද්ද..........
💃අක්කා..........මොකද මේ.......... මට එහෙම විශේෂ දෙයක් දැනෙන්නේ නෑ.....
🌺 ඒත් මට දැනෙනවා මාහීර් අයියා ඔයා ගැන හුඟක් වද වෙනවා..............
💃 අනේ අනේ අක්කා මේ........... මාහීර් අයියා හොදයි ලස්සනයි කරුණාවන්තයි ඔය ඔක්කොම හොඳ ගතිගුණ තියෙනවා........ ඒත් මේ මෙහෙන්දිගේ හිතට දැනුනේ නෑ මෙයා තමයි හරිම කෙනා කියලා
🌺 නංගි......... තව ටිකක් හිතනවා.......... මේ වගේ ආදරයක් නැති කරගන්න එපා..............
💃ඇයි ඔයාට එයා කිව්වද මට ආදරෙයි කියලා...........
🌺 නෑ.... කිව්වෙ නම් නෑ............ ඒත් මට එහෙම හිතෙනවා..........
💃මේ අක්කේ....... අපි ඔය කතාව නවත්තමු හොදේ............ මට එයා ගැන එටහම විශේෂ හැගීමක් දැනෙන්නෙ නැහැ.........
🌺 ඔව් කමක් නෑ....... ඒවගේ දේවල් මේ හතු පිපෙනවා වගේ ඉක්මනට වෙන්නේ නෑ තමයි......... ඔයාගේ හිත ඔයාට ඉක්මනටම කියයි මෙයා තමා හරිම කෙනා කියලා
ඔවුන් දෙන්නා ඇතුලට යනකොටම අශ්ලේෂා ඇවිත් ඇගේ දෑතම මෙහෙන්දි වෙත පෑවා............ ඒ අත් වල තද පාටින් මෙහෙන්දි ඇදිලා තියෙනවා දැක්කම කෙල්ලට දැනුනේ පුදුමම සතුටක්..........
💃 අක්කා............. ඔයාට අපේ අයියා හුඟක් ආදරෙයි වගේ නේද........... හැමදාම දෙන්නම සමගියෙන් සතුටින් ඉන්න........
මෙහෙන්දි උත්සවය ඉවර වෙද්දි හුඟන් රෑ වෙලා........... කට්ටිය ඔක්කොම යන්න ලෑස්ති වුනා............ එච්චර වෙලා සාක්කුවේ උන්නු පලඳනාව අතට ගත්ත මාහීර් මෙහෙන්දිව සොයාගෙන ගියා.............
💘 නංගි......... ටිකක් එනවද..............
මෙහෙන්දි ඔහුට අවනත වෙලා එළියට ආවේ අතත් හෝදගෙනමයි............... මෙහෙන්දිගේ අතේ තියන සුන්දර රටාව දිහා මොහොතක් බලාගෙන හිටිය මාහීර් ඇගේ ඒ අතක් අරන් ඒ උඩින් පලඳනාව තැබුවා................
💘 මේක මං ඊයේ ඔයාගෙන් ගලවගත්තේ.............
💃ආ...... හ්.... thank u අයියා..............
💘 welcome............. හරි ලස්සනයි ඔයාගේ අත.............
කෙල්ල මද සිනාවක් පෑවාය...................
💘 එහෙනම් ගිහින් එන්නම්.............
මෙහෙන්දි ඔළුව වැනුවා පමණයි..............
සියල්ලන්ම නිවෙසින් පිටව ගිය පසු කෙල්ලෝ ටික ඉක්මනින් ගෙදර අස්පස් කරලා නින්දට ගියේ හෙට දවසෙ ත්යන දහසකුත් වැඩ ගැන හිතමින්මයි............. හෙට දවසේ නැකත් තිබුනේ සවස් වරුවේ සවස් වරුවේ කිව්වට සවස හයයි හතලිස් අටට................... චාරිත්‍ර වාරිත්‍ර වලින් පස්සේ රෑ පුරාම තියෙන්නේ උත්සවය.................
ඒ උත්සවයට ඔවුන් බොහෝ පිරිසකට ආරාධනා කරලා තිබුනා......... එ් අතර ව්‍යාපාරිකයින් ක්‍රිඩකයින් මැති ඇමති වරු මෙන්ම නළු නිළියන් කීප දෙනෙක්ද හිටියා......
වික්‍රාන්ත් පාන්දර නැගිටින විට සෝනම් ඇවිත් හිටියා............. වික්‍රාන්ත් සෝනම් නිදාගන්නේ පවා එක් කාමරයක නෙවෛ්....... මේ සුවිසල් නිවස ඇතුලේ හරියට බෝඩින් කාරයෝ දෙන්නෙක් වගේ ගෙවන මේ ජීවිතේ මොකක්ද කියලා වික්‍රාන්ත්ට හිතුනේ තමන් පහලට එන කොටත් සෝනම් තනියෙන් තේ එකක් බොමින් ඉන්නවා දකිනකොට....
❤️ කොයි වෙලාවෙද ආවේ..........
🖤 රෑ..............
❤️ ඒක නෙවේ සෝනු........ අද හවසට වැඩක් නම් දාගන්න එපා..........
🖤 ඇයි..............
❤️ අද විහේන්ගෙ වෙඩින් එක............
🖤 මට මොකක්ද කරන්න කියන්නේ...
❤️ ඔයා මාත් එක්ක යන්න එන්න ඕනි........
🖤මේ වික්‍රාන්ත් තමුසෙට පිස්සුද හලෝ.......... ඔය boring traditional wedding වලට යන්න මට කතා කරන්න........ මට පේන්න බෑ ඔය මල විකාර මගුල්............
❤️ එහෙම කියන්න එපා...... මං යන්නම ඕනෙ........... එහෙනම් හවස ලෑස්ති වෙලා ඉන්න හොදද.............
🖤 මේ වික්‍රාන්ත් තමුසෙට ඔන්නම් තනියෙන් යනවා...... මං නම් එන්නෙ නැහැ...........
❤️ අැයි තමුසෙට එන්න බැරි........ මගේ යකා අවුස්සන්න එපා සෝනම්..........
🖤 මොකද මේ කටේ සද්දේ වික්‍රාන්ත්........ පාඩුවේ ඉන්නවා හරිද......... නැත්තම් තමුසෙට යන්න මහ පාරත් නැති වෙයි.............
❤️මේක තේරුම්ගන්නවා මනුස්සයෝ....... මං ඒ වෙඩින් එකට යන්නම ඕනෙ............. හැමෝම එන්නේ තනියෙන් නෙවේ........ ඒ හින්දා යමු මාත් එක්ක...........
🖤 වික්‍රාන්ත් මං එක සැරයක් කිව්වා............. මං එන්නෙ නෑ........... යනව නම් යනවා නැත්තම් ඉන්නවා......... මං අද අනුරාග් ගේ birthday party එකට යනවා.................
❤️ සෝනම්...............
නමුත් ඇය ඔහුව ගනන් නොගෙනම යන්නට ගියාය............... වික්‍රාන්ත් අතට හසුවන හැමදේම බිමට සමතලා කර දැමුවේ වාවාගත නොහැකි කේන්තියෙනි...........
❤️❤️ උඹ නෑ කියලා මං නොයා ඉන්නෙ නෑ........... මං උඹේ තාත්තාගේ උදව්වෙන් ආව නිසානේ ඔය ඔක්කොම......... මං දන්නවා උඹ මාව බැන්දේ මට ඇති ආදරේකට නෙවේ කියලා......... ජරා ගෑණි....... මගේ මුළු ජීවිතේම විනාශ කලා........
වික්‍රාන්ත් ඇයට ශාප කලා...........තම ජීව්තය මේ තරම් කාලකණ්නි කරලා දැම්ම එකට........... ඇත්තටම වික්‍රාන්ත් කියන්නේ ඉතාමත් දිළිඳු පවුලකින් ආව ක්‍රිඩකයෙක්,,, ඔහුගේ පියා ගබඩා මුරකරුවෙක්,,, අම්මට රැකියාවක් තිබුනේ නෑ......... ඔහු සහෝදරයින් දෙන්නෙක් හා සහෝදරියක්ගෙන් යුක්ත පවුලේ දෙවෙනියා.......... අමාරුවෙන් ඉගෙනගත්ත වික්‍රාන්ත්ට මේ ගමන එන්න උදව්වෙන්නේ ඔහුගේ විදුහලේ විදුහල්පති ,,,, ඔහුගේ මාර්ගයෙන් ශේෂ් සක්සේනාගේ ක්‍රිඩා සමාජයට එන ඔහුව මේ තැනට ගෙන එන්නේ ශේෂ් සක්සේනා තමයි............... හැබැයි ඉතින් මේ දක්ෂතාවය නම් වික්‍රාන්ත් අරන් ආවේ උපතින්මයි............... ශේෂ් සක්සේනා කොච්චර වික්‍රාන්ත් ගැන පැහැදුනාද කියනව නම් ඔහුට තම එකම දියණියද විවාහ කරදුන්නා........... ඒ ඇගේ දැඩි අකැමැත්තෙන්...............
කවදාවත් සෝනම් වික්‍රාන්ත්ට සතුටින් ඉන්න දුන්නේ නෑ......... හැම වෙලාවෙම ඇය ඔහුව ප්‍රතික්ෂේප කලා විතරයි.......... මේ ඔවුන් විවාහ වෙලා ගෙවෙන තුන්වෙනි අවුරුද්ද..................
වික්‍රාන්ත් practice වලට ගියේ හුඟක් වේලාවක් කල්පනා කරලා............
❤️❤️ මොකෙක්වත් ඕනෙ නෑ මං තනියෙන් යනවා.................හ්ම්ම
අවසානෙට වික්‍රාන්ත් තීරණය කලා නොයා ඉන්න......................
💜️🧡💙💜️🧡💙💜️🧡💙💜️🧡💙💜️🧡💙💜️🧡💙💜️
විවාහ උත්සවය පැවතුනේ නිවෙස් වල නොව ඔවුන්ට අයත් සුවිසල් සුඛෝපභෝගී හෝටලයේ වූ සුන්දර reception hall එකේ දීය................ උදෑසන සිටම සියල්ලන්ටම හුස්ම ගන්නවත් ඉඩක් නොලැබුණි.............. ඒ තරමට ඔවුන් කාර්යබහුලව සිටියහ................
කෙල්ලන්ට තිබුනේ සැරසිලි කටයුතුය.............. මෙහෙන්දි,,, සහස්දි,,, අසේකා,,, විද්‍යා,,, හා මන්දිරා එක් පැත්තක් භාරගත් අතර භාවනා,,,ශාලිනී,, අව්‍යා,, වේද්,,, රෂ්මික,, චාලක අනෙක් පැත්ත භාරගත්තෝය................ සවස හතර හමාර වන විට සැරසිලි කටයුතු සියල්ල අවසන් කර උත්සව ශාලාව පිරිසිදු කල දරුදැරියන් ටික පිටත්ව ගියේ පහට පමණ සූදානම් වන්නටය.............
වීර්,,, නිකිල්,,, පහන් හා රශේන් සිටියේ විහේන් සමගිනි............ ඔවුන් ඔහුට සූදානම් වීමට උදව් කරමින් සිටියේය............... ඔය අතරෙදි මෙහෙන්දිත් සහස්දිත් අශ්ලේෂාගේ සූදානම්වීමේ කටයුතු වලට උදව් වෙන්න අමතක කලෙත් නෑ................
විවාහ චාරිත්‍ර පටන් ගන්නේ හයයි හතලින් අටට වුනත් හය වෙද්දි ආරාධිතයින් පැමිණිමට නියමිතයි............ ඒ හින්දා සහස්දියි මෙහෙන්දියිත් සූදානම් වෙන්න ගියා..............
මෙහෙන්දි ඇන්දේ කොළ පාටයි රතුපාටයි රත්රන් පාටයි මිශ්‍රවෙච්ච ලෙහෙන්ගාවක්............. අනිත් අයත් එක්කෙනෙක්ට එක්කෙනෙක් දෙවෙනි නොවෙන්න ලස්සනට හිටියා.......... ඒ වුනත් ඉතින් කෙල්ලන්ට ලෑස්ති වෙන්න ටිකක් වෙලා යනවනේ........ ගෙදර කට්ටියම ලෑස්ති වෙලා සාලයේ ඉඳන් එක එක්කෙනාගේ නම් කතා කරන්නට වුනා............
🌹 මෙහෙන්දි..................
අපූර්වා ඉස්සරවෙලාම කතා කලේ මෙහෙන්දිට................
💃 අක්කා....... අම්මා ඔන්න අදත් පටන්ගත්තා......... යමු අනේ ඉක්මනට බැනුම් අහන්න බෑ...........
🌺 යං යං........ කෝ අසේකා,, විද්‍යා මන්ද්‍රා හරිද..........
💜️ හරි හරි බං ඔහෙ පටලගෙන යමල්ලා..........
🏵️ අනේ මේ පිස්සු කියවන්න එපා අද නම් ඔහේ පටලගෙන යන්න බෑ.......... අද එයාලා ඔක්කොම එනවා.............
🌺 කවුද බං............
🏵️ විහේන් අයියාගේ යාළුවෝ.............
🌺 ඇයි බං උන් ආවේ..............
🏵️ ඒක තමයි ඉතින් මං කියන්නේ.........
💃 ආ..... අසේකා...... ඔයා අපිට කිව්වෙවත් නෑ අනේ නරකයි........ කවුද කවුද ඒ...... කියන්නකෝ..........
ඒ සැරේ පහලට යන එකත් පැත්තකින් තියලා මෙහෙන්දි අසේකාගේ ඇඟෙ එල්ලුනා...............
🏵️ අනේ උඹ පැත්තකට වෙයන්............ උඹ නම් ඒ ගැන අහන්නවත් එපා........ උඹට අර පිස්සුවෙන් වගේ ලයින් කරන මාහීර් අයියා ගැන උඹට ගානක් වත් නැති හැටි............ උඹ හොයාගන්න කොල්ලෝ......... පලයන් මෙහෙන්දි....
අසේකා මෙහෙන්දිට ඒක කිව්වේ හිනාවෙවි වුනත් ඒකෙන් අව්යාගේ හිත නම් ටිකක් රිදුනා..............
💜️ එතකොට මාහීර් මෙහෙන්දි දිහාද බැලුවේ.............
💃 මේ ගොල්ලොන්ට පිස්සු සුදූ....... ඔයා දුක් වෙන්න එපා........ මාහීර් අයියා මං දිහා නම් බැලුවේ නෑ......
ඔය කොච්චර කිව්වත් මාහීර් තමා ගැන උනන්දුවක් දැක්වුවා කියලා මෙහෙන්දිත් දන්නවා............... ඒ වුනත් මාහීර් තම හදවත හොයන කෙනා නෙවේ කියලා නම් එයාට හොඳටම දැනුනා.............
සවස හය වන විට සියළුම දෙනා ආපහු උත්සව ශාලාවට ගියා............. ඒ යන විටත් ආරාධනා ලැබූ නෑදෑයින් තරමක් දෙනා ඇවිත් හිටියා............. ඔවුන් සියල්ලන්ම ඉන්දියානු නෑදෑයින්........ ඒ අතරේ සිංහල නෑදැයින් හිටියේ ලඟම ටික දෙනා ව්තරයි.............
🌺 බලපන් උඹ අද කළු ඩොට් එකක් තියාගෙන ඇවිත් නැහැනේ.... මෝඩි.......
සහස්දි තම නැගණිය වන මෙහෙන්දිට බැන්නේ තරහකින් නෙවේ ආදරයෙන්.....
💃 ඩොට් තියන්න මං චූටි බබෙක්ද අක්කේ...........
🌺 හ්ම්ම්ම් ඒ වගේ නම් තමා........ බලපන් ගෑණු උඹ දිහා කන්න වගේ බලන්නේ ඇස් වහ වදී.........
💃ගෑනු කට්ටිය බලන එක නම් ඉතින් අවුලක් තමා...........
මෙහෙන්දි සහස්දිට මනමාල හිනාවක් දාලා කිව්වා...............
💃 කොල්ලෙක් වත් බලයිනේ අක්කේ.........
🌺 බලපු එකාවත් නොදැක්කා වගේනේ බං උඹ ඉන්නේ....... නිකම් බොරු නොකර හිටපන්....... මටත් කියන්න තියෙන්නේ අසේකා කීව එක තමා......... උඹ හොයාගන්න කොල්ලෝ..............
දෙන්නා කතාව නැවැත්තුවේ අපූර්වා එතැනට ආව නිසා.............
🌹 සහස්දි පුතේ බලන්නකෝ අපිට මල්පෙති බෑග් ටික අමතක වෙලානේ....... තව වෙලා තියනවා...... ආ මෙන්න කාර් එකේ යතුර........ නංගිත් එක්න ගිහින් ඒ ටික අරන් එන්නකෝ...........
🌺 හා ලොකු අම්මේ............... වරෙන් යන්න...........
සහස්දි මෙහෙන්දි ගේ අතින් ඇදගෙන කාර් එකට යනවිට විද්‍යායි මන්දිරායි අසේකායි ඇවිත් ඒකටම ගොඩ වුනේ ඔවුන් එතැන හිටියට කරන්න වැඩක් තිබුනෙත් නැති නිසා............
කාලය වේගයෙන් ගත වෙන විට සියළුම දෙනා ඇවිත් උත්සව ශාලාවේ අසුන්ගත් අතර මංගල යුවලත් උත්සව ශාලාවට ආවේ අශ්ලේෂාගේ පැත්තේ නෑදෑ හිතමිතුරන්ද සමගින්.................
ඒ අතරෙදි මල් පෙති ටික ලොකු ට්‍රේ වල දාගෙන කෙල්ලෝ ටික ආවේ වටේම ඉන්න ගැහැණු කට්ටියගේ ඇදකුද ටිකත් හොයමින් ඔවුන්ගේ කිංකිණි සිනා හඬ දසත ඇසුනා නිකම් සංගීතයක් වගේ...............
වේගයෙන් ආව කාර් එකක් පාක් එකේ නැවැත්තුවේ හරියට ඊතලයක් ඇවිත් එකපාරට නැවතුනා වගේ.............. ඉන් බැසගත්තු තරුණයෙක් ටිකක් කලබලෙන් උත්සව ශාලාව දෙසට ආවා..................
🌸🌸🌸 මතු සබැඳියි
No comments:
Post a Comment