ඇස් දෙක වසාගෙනම ඇමතුම සම්බන්ධ කරගත් නිදිබර සුරඟනට අසන්නට ලැබුනේ අම්මාගේ ඒ වදන් පෙලයි............ හරි හැටි ඇස්දෙක ඇරගන්නටවත් නොහැකි වුවත් ආයාසයෙන් නැගිට අනෙක් පස නිදාගෙන සිටින සොයුරියන් දෙදෙනා අවදිකලාය............
💙 ලොකු අක්කි.......... චූටි...... නැගිටින්න පරක්කු වෙනවා...............
ඒ 💙 #මෙහෙන්දි_සංසාරිකා_ශර්මා ය............. ඉන්දියානු හින්දු පියෙකුට හා ශ්‍රී ලාංකික සිංහල මවකට දාව උපන් ඇයට සිටියේ වැඩිමල් සොයුරන් දෙදෙනෙකි........... මෙහෙන්දිගේ පියා 🏆️#ප්‍රතාප්_ශර්මා ඉන්දියානු ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කල විශ්රාමින ජ්‍යේෂ්ඨ ක්‍රිඩකයෙකි............. දැන් ඔහු අති සාර්ථක ව්‍යාපාර ජාලයක හිමිකරුවෙකි.......... ඉන්දු ශ්‍රී ලංකා එක්දින තරඟයක් අතරතුරදී හමුවූ සිංහල තරුණියක වූ 🌹#අපූර්වා_සෙනෙවිරත්න හා ඔහු ඇති කරගත් සංසාරගත ප්‍රේම බන්ධනය කෙලවර වුනේ විවාහයෙනි.............. අපූර්වා සෙනෙවිරත්න වෘත්තියෙන් වෛද්‍යවරියක් විය............ ඒ විවාහයෙන් ඔවුන්ට පලමුව නිවුන් පිරිමි දරුවන් ලැබුණි.......... 🌷#විහේන්_ශර්මා ඔවුන්ගේ වැඩිමල් පුතු පියාගේ අඩිපාරේ යමින් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි අතර ඔහුද දැන් ජාතික ක්‍රිකට් පිල නියෝජනය කරයි. එහි වත්මන් නායකයා ඔහුය................. අනෙක් පුතු වන 🍂#සාශේන්_ශර්මා ප්‍රතාප් සමගින් ව්‍යාපාර කටයුතු කරගෙන යයි.......... 💙#මෙහෙන්දි ඒ පවුලේ බාලම දියණියයි........ මෙහෙන්දි උපදින්නේ පුතුන් දෙදෙනා ඉපදී වසර හතකට පසුය.......... එනිසාම ඇය සිටියේ හුදෙකලා ලොවකය......... ඒ හුදෙකලාව මකා දැමුවේ ඇගේ පුංචි අම්මා වන ශාරධා සෙනෙවිරත්නගේ දියණියන් දෙදෙනා වන 🌺#සහස්දි_ජයවර්ධන ත් 🏵️#අසේකා_ජයවර්ධන ත්‍ය...............
ඇත්තෙන්ම මීට වසර පහකට පෙර ඇමෙරිකාවේ ස්ථිර පදිංචියට ගිය සිය පුංචි අම්මාත් බාප්පාත් සහස්දි සහ අසේකා යන සොයුරියන් දෙදෙනාත් සමගින් මෙහෙන්දිත් ඇමරිකාව බලා පිටත් විය............... දැන් වසර පහක් මුළුල්ලේම ඇය සිටින්නේ ඔවුන් සමගයි.............. එයට අපූර්වා සෙනෙවිරත්න ගේ කැමැත්තක් නැති වුනත් සිය දියණිය ගෙවූ හුදෙකලා ජීවිතයෙන් මිදීමට ඇයට හැකිවීම ගැන සතුටු වීය.......... මෙහෙන්දිට වඩා වසර හතකින් වැඩිමල් සොයුරන් දෙදෙනාට ඇය හා කෙලිදොලෙන් ගත කිරීමට අවකාශයක් හෝ ඕනෑ කමක් නොතිබුනත් ඔවුන් ඇයට අප්‍රමාණව ආදරය කලේය................. ඇය ඇමරිකාව බලා පිටත් වන විට වැඩිපුරම හැඬුවේ විහේන්ය........ ඔහු තම නැගණියට පණ මෙන් ආදරය කරයි..................
💙අක්කි...... අක්කි........ නැගිටින්නකෝ....
🌺 මොකෝ බං............. නිදාගන්න දීපන්කෝ..............
මේ අක්කලා නංගිලා නිදාගන්න උපන් හපන්කම් ඇත්තියන් වේ...........
💙 අසේකා අක්කි.... නැගිටපන් බං අම්මි කතා කලා.............
🏵️ ඇයි බං වදේ මොකටද..........
💙 අක්කා....... තව පැයයි flight එකට තියෙන්නේ ඉක්මන් කරන්න.............
🌺 මගේ දෙයියනේ බැනුම් කෝටියයි........
අක්කලා දෙන්නව අැහැරවගෙනම මෙහෙන්දි ඉක්මනට bathroom එකට රිංගුවා............. කොහොම හරි විනාඩි පහලොවක් ඇතුලත කෙල්ලෝ තුන් දෙනා ලෑස්ති වෙලා cab service එකකටත් කතා කරලා පහලට ආවා.............
මේ සිය පවුලම යන්න හදන්නේ ඉන්දියාවට............. ඒ විහේන් ගේ විවාහ මංගල්‍ය උත්සවයට............. ශාරධා සෙනෙවිරත්න නාසා ආයතනයේ තාරකා විද්‍යාඥවරියක්........... ඇය ඉතාමත් අපහසුවෙන් තමයි මේ දින දහය වෙන් කරගත්තේ......... විවාහ උත්සවයට සම්බන්ධ වෙන්න........ ඇගේ සැමියා තාරක ජයවර්ධන විශේෂඥ වෛද්‍යවරයෙකි........ ඔවුන් දෙදෙනා කෙලින්ම airport ✈ එකට එන බැවින් දියණියන් තිදෙනාට එහෙටම එන ලෙස ශාරධා පැවසුවාය...............
ශාරධා තම සැමියා වන තාරකට ඇමතුමක් ගත්තාය..............
💝 තාරු කොහේද ඉන්නේ............
🎀 මං දැන් airport එක ගාව ශාරධා.........
💝 බලන්නකෝ මං ගන්නකොටත් අර කෙල්ලෝ තුන් දෙනා නිදි......... දැන් කොහේද දන්නෙ නැහැ......... ඔයා බලනවද..........
🎀 හරි හරි ඔයා පරෙස්සමට එන්නකෝ....... මං බලන්නම්............
එහෙම කියලා තාරක ආයෙමත් ඇමතුමක් ගත්තේ සහස්දිට......... ඔවුන්ගෙන් වැඩිමලා තමයි සහස්දි...... අසේකායි මෙහෙන්දියි එකම වයසේ වුනත් මාස ගානකින් මෙහෙන්දි බාලයි.........
🎀 සහස් කොහේද ඉන්නෙ බබා........
🌺 පපා........අපි මේ එන ගමන් තව fifteen minutes please
🎀 ok........
ඇත්තෙන්ම cab එක හිතුවටත් වඩා වේගයෙන් පැමිණියහ.......
🏵️ අම්මේ අක්කේ ඇති යන්තම් මෙහෙමවත් ආවා නැත්තම් අපේ ශාරධා මැණියන් අපිව මකයි............
ඊයේ සියලු ඇඳුම් ආයිත්තම් අවශ්‍ය දේවල් දමා බැගේජ් සකස් කර තිබූ නිසා හොදයැයි මෙහෙන්දිට සිතේ......... ඔවුන් ගුවන්තොටුපල අසලින් බහින විට පාන්දර දෙකහමාරට පමණ වී තිබුණි.......... ඔවුන් මගී පර්යන්තයට පිවිසෙන විටම දුටු දසුනින් තිදෙනාම මුහුණින් මුහුණ බලාගත්හ.......... ශාරධා ගේ මුහුණ තරහෙන් පිරී ගොසිනි......... තාරක නම් සිටියේ සාමාන්‍ය ලෙසයි......
💝 හරිම අපුරුයි ගැහැණු ළමයි තුන් දෙනෙක් හැදෙන විදිහ.............
🌺 ටිකක් නින්ද ගියා අම්මි සොරී...........
💝 චූටි දූ............... හැමදේම ගත්තා නේද.........
💙 ගත්තා අම්මා...........
💝 ඔයා අද හරි ලස්සනයි පැටියෝ.........
ශාරධා ඇත්තටම ඇයව ඉතාමත් සුන්දරව දුටුවාය............ තද නිල් පැහැති සල්වාර් එකක් ඇඳ සිටි මෙහෙන්දි සිය දිගු වරලස ගොතා තිබුණි............ චාම් සුන්දර සිංහල යුවතියක් ඇගෙන් දිස්විය...........
💝 චූටි දූ දැක්කම මතක් වෙන්නේ අක්කිව......... එයත් ඔය කාලෙදි ඔය වගේමයි චාම්...... හරීම ලස්සනයි....... හැබැයි ඔයා ඊටත් වඩා හුඟක් ලස්සනයි...... හ්ම්ම්ම්..... ප්‍රතාප් අයියා පිස්සු වැටුනා ඒ ලස්සනට............ අන්තිමට අපේ අක්කිව ඉන්දියා ගෙනිහිල්ලමයි එයා නැවතුනේ.........
ශාරධා සතුටින් ඒ අතීතය මතක් කරයි.......... ඇය සිය සොයුරිය වන අපූර්වා ට බෙහෙවින් ලෙංගතුය.......... ඒ හින්දම සිය දියණියන්ට වඩා ටිකක් වැඩියෙන් ඇය මෙහෙන්දිට ආදරය කරන්නීය........... එය සහස්දි හා අසේකාත් දනී නමුත් මේ ආදරණිය සොයුරියට ඔවුන් ඊර්ෂ්‍යා කරන්නේ නැත.................
සොයුරියන් තිදෙනාම පුදුම දඟකාරය........... ඔවුන්ට කතා කරන්නට නොයෙකුත් මාතෘකා ඇත........... දිනකට අහිංසක කොල්ලන් කීයක් ඔවුන්ගේ අපහස උපහස හා සරදමට ලක් වන්නේදැයි ගණන් කල නොහැක........... ඒ වගේම කොතරම් රාත්‍රියක සීතලක වුවත් අයිස්ක්‍රීම් 🍦 කෑමට තිදෙනාටම හැකිය.....................
හැබැයි තිදෙනාම පුදුම හොඳ ගතිගුණ ඇති දැරියන්ය........... ඔවුන් කොතරම් දඟකාරකම් කලත් මිනිසුන්ගේ අහිංසක හැඟීම් හා සෙල්ලම් නොකරති............. ඔවුන් සියළු මිනිසුන්ට කරුණාවෙන් සැලකීමට උදව් උපකාර කිරීමට දෙවරක් නොසිතයි.................
වරක් තමා මිළදී ගත් වටිනා සුදු රත්තරන් මාලයක් දෙස බලා සිටි දුප්පත් ගැහැණියකට එය තිලිණ කිරීමට තරම් මෙහෙන්දි කාරුණික වුවාය............... ඇත්තෙන්ම සහස්දි,,, අසේකා හා මෙහෙන්දි යනු සුපිරිසිදු නිකැලැල් පිච්ච මල් තුනකි.............
ඔවුන් ඇමෙරිකා එක්සත් ජනපදයේ New Yark නුවර John F Kennedy International Airport එකෙන් පාන්දර තුනයි පහට ගුවන් ගත වූ Air India ගුවන් සේවයට අයත් යානයකින් ඉන්දියාව බලා පිටත් විය............
කෙල්ලෝ තුන් දෙනාට ලැබුනේ ලඟ ලඟ ආසනයි...............
🌺 මේ ඒක නෙවේ සූදූ.... අහන්නකෝ......
සහස්දි ටිකක් මෙහෙන්දිට ලංවූවාය........
💙 මොකද්ද........
🌺 දැන් මේ අපේ විහේන් අයියා ඉන්නවනේ.................
💙 හ්ම්ම්ම්... ඔව් ඉතින්........
🌺 ඉතින් බං ඒ යකා ලෝක පූජිත ක්‍රිකට් ක්රිඩකයෙක්ලුනේ නේද
💙 හ්ම්ම්ම් එහෙමලු..........
🌺 උඹ මාර නංගි කෙනෙක්නේ බං අයියා ලෝකෙම දන්න ලෝකෙම පිස්සු වට්ටපු කෙනෙක්........ මෙයා ඒකවත් හරියට දන්නෙ නෑ..........
💙 මං ඒ ගැන interesting නෑ කියලා ඔයා දන්නවානේ අක්කා.......... i have no idea about it.........
🌺හරි ඉතින් එහෙමනේ.......... අයියගේ මගුලට ඔය ටීම් එකේ කොල්ලොත් එයි නේද.............
💙 නැත්තම්............ අනිවාර්යෙන්ම අයියා කියලා ඇති ඔයා දන්නවානේ විහේන් ශර්මාගේ හැටි.......... එයාගේ ඔය පොඩි පොඩි වැඩ නැහැනේ..............
🌺 ටිකක් ලස්සනට ඉන්න ඕනි බං......... මටත් ආසයි හින්දි කොල්ලෙක් බඳින්න............
💙පිස්සු බං අක්කා උඹට නම්........ ඉතින් ඕකට ක්‍රිකටර් කෙනෙක්ම ඕනැයැ......... ඔය ඉන්නේ ඕනෙ තරම් හින්දි කොල්ලෝ...........
🌺 උඹට කියලා වැඩක් නෑ නංගි........... උඹ ජීවිතේ එක් පාරක් වත් ආදරය කියන දේ අත් විදලා නෑ............. ඒක වෙනමම සුරංගනා ලෝකයක්............ හැබැයි ඉතින් හැමෝටම ඒ සුරංගනා හීන හැබෑ කරගන්න නම් ලැබෙන්නේ නෑ.......... පේනවනේ මට වෙච්ච දේ............ දවසක උඹ ආදරේ කරන කොට තේරෙයි..........
💙 උඹේ ඔය හරුපේ මේකට අදාල වෙන්නේ කොහොමද..............
🌺 මං ඒක නිකම් කිව්වේ...........රයන් වෙන කෙනෙක් බැන්දම මං කොච්චර දුක් වින්දද........... ඒත් අදටත් මට ද්‍රෝහි කමක් කරපු එයාව අමතක කරන්න බැරිවෙලා මට............... ආදරය කියන්නේ මහා පුදුම දෙයක්............ මටත් දැන් ඕනෙ ඒ ආදරේ අමතක වෙලා යන්න තරමට ආදරය කරන කොල්ලෙක්............
💙සොරි අක්කා.............. ඔයා බය වෙන්න එපා......... හැමදේම හරියයි හොදද.......
🌺 ඒකට කමක් නෑ.................. ඒත් නංගි ඔයා නම් එහෙම ආවට ගියාට ආදරය කරන්න එපා........ මෙයා තමයි හරිම කෙනා කියලා ඔයාගේ මුළු හදවතටම දැනෙන වෙලාවට ඒ කෙනාට ඇත්තටම ආදරය කරන්න........... ම්ම්ම්ම්...........
මෙහෙන්දිට සහස්දි ගැන ඇති වුනේ දුකකි................. ආදරය යනු මෙතරම්ම දුකක්ද.................. නැත ඇය අසා ඇත්තේ ආදරය යනු මිහිපිට සියලු දෙනා එකිනෙක මත බැඳ තබම මහා සුන්දර හැගීමක් බවය........... මේ වසර විස්සක කාලයට කිසිම ඇස් දෙකක් ලඟ සිය දෑස් නොනැවතුනේ ඇයි දැයි මෙහෙන්දිට සිතේ.................. අක්කා පවසන පරිදි මෙයා තමයි හරිම කෙනා කියලා තවමත් කිස්වෙකු ගැන හැගීමක් හදවත පතුලටම දැනී නැත............... ඇය පවසන පරිදි සංසාරගත ආදරයක් විදීමට මෙහෙන්දිට ඇවැසිය................ මෙහෙන්දි දැස් තදින් පියාගත්තාය..............
💙💙💙 ඔයා කොහේද............ අනේ මන්දා......... තවම ඔයාව මුණ ගැහෙන්න තරම් කාලය ඇවිත් නැතුව අැති................
ඇය තව තවත් තදින් දෑස් පියාගෙන සිතුවාය....
සුදූ...........නැගිටින්න දැන් නම් ලඟයි.........
සහස්දි මෙහෙන්දිව ඇහැරෙව්වාය......... දැඩි සීතලක් දැනෙමින් තිබූණු බැවින් ඇය සිය බ්ලැන්කට්ටුවට තව තවත් ගුලි විය................ අසේකාද නැගිට ඇය දෙස බැලුවාය...............
🏵️ කම්මැලී හලෝ කොල්ලෙක්වත් නැද්ද........... බයිට් එකක්වත් කරන්න.....
අසේකා හතර වටටම අැස් කරකවන්නට විය............... එකෙක් අසේකාට ඉඟි කරමිනි සිටියේය............. නමුත් අසේකාට කිසිම සරදමක් කිරීමට නොහැකි වුනේ ආසන පටි පැලඳගන්නා ලෙස නිවේදනය කල බැවිනි............
🏵️ අර air hostess අක්කාට පින් සිද්ධ වෙන්න බේරුනා සුද්දෝ.......... නැත්තම් මේ අසේකාගෙන් බේරෙනවා බොරු......... මෙහෙන්දි.......... අරූ මට ලයින් වෙන්න එන්නේ............ හිටපන් සුද්දෝ....... දෙන්නම් ඇඹල ගති යන්නම...........
ඒ සුදු ජාතික තරුණයාද අසේකාට හස්ත මුද්‍රාවෙන් පැවසුවේ ගුවන් යානය නැවැත්වූ පසු හමුවෙමු කියාය...........
💃 සුදු අයියා ඉල්ලන් කන්න වගේ හදන්නේ...................
මෙහෙන්දි හිනාවෙමින් පැවසුවේ සහස්දිටයි......... දැන් ඉතින් ඒ කොල්ලා ලැජ්ජාවට පත් කරන තුරු අසේකාට නින්ද යන්නේ නැත...............
යානය පහතට හරවා තිබුණි............ ලොකු අමුත්තක් නොදැනුනේ මෙය ඔවුන්ගේ පලමු ගුවන් ගමන නොවන බැවිනි............... දැන් පහලින් ඇති ගොඩ බිම හොඳින් දිස්වෙයි....... තරමක් වේගයෙන් ගුවන් යානය පහලට ගමන් කරයි.............. මෙහෙන්දිගේ හිතට අමුත්තක් දැනෙමින් තිබේ................... එය කුමක්දැයි ඇයට තේරුම් ගන්නට නොහැකිය........... මේ යන්නේ දෛවෝපගත ගමනක් බව ඇයට සිතෙයි.................. මෙහෙන්දි ජීවිතය ගැන දුර දිග සිතන්නට යන්නේ නැත................ ඇයගේ ලෝකය ඉතා කුඩාය............. අම්මලා දෙන්නෙක් තාත්තලා දෙන්නෙක් අයියලා දෙන්නෙක් හා අක්කලා දෙන්නෙක්ගේ ආදරය තනිකරම විඳින මෙහෙන්දිට ඔවුන්ගෙන් තොර වෙනත් ලොවක් තිබුනෙම නෑ..................
ගුවන් යානය නැවත්වනු ලැබුණි.............. ඔවුන් සියලු දෙනා ඉන් බැස ප්‍රධාන මගී පර්යන්තයට අැතුළු විය................. තවමත් සුදු ජාතික තරුණයා පස්සෙන්ම එති.............. ඔහු අසේකාගේ උරහිසට තට්ටුවක් දමා හෙමින් පැවසුවේ එළියෙදි හමුවන ලෙසයි............ හැබැයි ඔහුට අඩියක්වත් ඉස්සරහට තියන්න නම් නොලැබුණි..... පිස්සුවෙන් වගේ ඇය දෙස බලා සිටින ඔහු අසේකාගේ ඉදිරියට දිගුකරගෙන සිටින කකුල දුටුවේ නැත............. සුද්දා මහා දැවැන්ත මැමත් කෙනෙක් වගේ බිම වැටුනේ කාගේත් අවධානය දිනාගනිමිනි...............
🏵️ නැගිටින්න නැගිටින්න සුදු මහත්තයෝ ඔයා දණ ගානවද.................... Are you kneeling.....???😁😁😁
අසේකා ඔහු දෙසට අත දිගු කලත් ඔහුගේ හිතේ ඇය ගැන විශ්වාසයක් නොවීය................ තරුණයා ලැජ්ජාවෙන් පිටව ගියේ ඔවුන් දෙසවත් නොබලාය.......... ශාරධා ඔවුන් දෙස බැලුවේ තරවටු බැල්මකි......... නමුත් අැය කිසිවක් පැවසීමට මත්තෙන් සාශේන් පැමිණියේය.................
🍂 තාරු බාප්පා..........පුංච්.....
සාශේන් උණුසුම් ලෙස ඔවුන්ව පිලිගත්තේය............. අවසානයට ඔහු සිය ආදරණිය නැගණිය ලගට ගියේය..............
🍂 චූටි නංගි............ අනේ ගොඩක් කාලෙකින්.................
සාශේන් ඇයව තදින් සිය පපුවට තුරුලු කරගත්තේ......... හදවත පතුලින් ඇය ගැන උපන් සොයුරු පෙමිනි.........
🍂 චූටි...... අයෙම අපි දාලා යන්න එපා........ please
සාශේන් ඇගේ හිස සිපගනිම්න් කීවේය...
💃 අපි බලමු අයියේ......... අම්මියි තාත්තියි කැමති වුනොත් ඉන්නම්.............
මෙහෙන්දි අම්මායි තාත්තයි යනුවෙන් අදහස් කලේ පුංචි අම්මායි බාප්පයි ගැනය...................
ඔවුන් රැගත් වාහනය සුදෝසුදු සුවිසල් මැදුර අසල නැවැත්වීය.......... වසර පහකින් පසු ඇය මේ සිය නිවස දකින පලමු අවස්ථාවයි.................
🌹 ඔය තුන්දෙනාම එක වගේ
🏵️🌺 ලොකු අම්මේ................
සහස්දිත් අසේකාත් ඇයට වැන්දේ එකටමය.....................
💃අම්මා....................
මෙහෙන්දි ආදරයෙන් අම්මාට තුරුළු විය.............
🌹 අම්මා එක්ක තරහද පැටියෝ.......... ම්ම්ම්ම්ම්................
💃 ඔයා එක්ක තරහ වෙන්නෙ මොකටද අම්මේ.......... ඔයා මට ශාරධා අම්මි එක්ක ඉන්න යන්න දුන්නු එකම මට ඇති............
🌺 ඔව් ලොකු අම්මේ............ සුදූගේ හිතේ ඔයා ගැනවත් ලොකු තාත්තා ගැනවත් අහිතක් නෑ.............. එයාට ඔිනැ වුනේ අපි දෙන්නා එක්ක ඉන්න ඔයාලා මගේ නංගිගේ සිතුවිලි තේරුම් ගත්ත එකම මදැයි දෙයියනේ..............
🌹 යමු යමු ඇතුලට අපි ඇතුලට ගිහින් කතා කරමු................
රෝද පුටුවෙ සිටින අත්තම්මා දුටු කෙල්ලෝ තුන් දෙනා සතුටින් ඉපිල ගියේ කාලෙකින් ඇයව දැක ගැනීමට ලැබීම නිසා දෙවියන්ට කෘතඥ වෙමිනි................ සාශේන්ද කාර්යාලයට ගියේ අද දවසේ ඔවුන්ට කිරීමට කිසිඳු වැඩක් නැති බැවිනි................ කහ ගෑවීමේ උත්සවය ඇත්තේ හෙටයි................ එය පැවැත්වෙන්නේ මෙහෙන්දිගේ නෑනන්ඩිය වන අශ්ලේෂාගේ නිවසේදීය............
සියලුම ආදරණියයන් එකතුවූ නිවස සොම්නසින් පිරී තිබුණි........ ශ්‍රිලංකාවේ සිට පැමිණි මාමාලා දෙන්නත් නැන්දලා දෙන්නත් ඔවුන්ගේ දරුවන් වන සවී,,, පහන්,, චලක,,, රන්ශික,,, විද්‍යා,,, දෙව්ලි,,, රශේන්ද,,, සිය පියාගේ සොයුරන් ගේ හා සොයුරියන්ගේ දරුවන් වන වීර්,,, නිකිල්,,, වේද්,, ශාලිනි,,, භාවනා,,, මන්දිරා,,, අව්‍යා,,, චිරාත්,,, සාහිල් ද තුන් කට්ටුවට ඉක්මනින් එකතු විය................
🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
අශ්ලේෂා ගේ නිවස විසිතුරු කහ තැඹිලි රෝස නිල් ආදි පැහැයන්ගෙන් යුතු මල් වලින් හා තිර වලින් ආලෝකවත් කර තිබුනේ කහගැල්වීමේ චාරිත්‍ර උත්සවය පැවැත්වීම සඳහාය......... අශ්ලේෂා යනු ප්‍රතාප් ශර්මාගේ ව්‍යාපාරික මිතුරෙකු වන විවේක් සාවන්ත් ගේ දියණියයි.......... අවාසනාවකට දැන් ඔහු ජීවතුන් අතර නැත.............. ඔහුගේ මරණයෙන් පසු පියෙකුගේ යුතුකම් ඉටු කරමින් අද මේ චාරිත්‍ර සංවිධානය කරන්නේ අශ්ලේෂා ගේ එකම සොහොයුරා වන 💘#මාහීර්_සාවන්ත් ය............. ඔහු මේ කතාවේ එක් ප්‍රධාන චරිතයකි............මාහීර් ප්‍රතාප් ශර්මාගේ ව්‍යාපාරයන්හි අධ්‍යක්ෂක වරයෙක් වන අතර ඔහුගේ විශ්වාසවන්තම සේවකයෙකි................ තම මිතුරාට කලගුණ සැලකීමක් වශයෙන් ඔහුගේ ගෞරවය වන සිය දියණිය ප්‍රතාප් ඔහුගේ එක් පුතෙකුට ආදරයෙන් භාර දුන්නේය...................
විහේන් හා සාශේන් දෙදෙනා සමගින් කුඩා කලසිටම එකට සිටි අශ්ලේෂා ඔවුන්ගේ සම වයස් තරුණියකි............. ඔවුන් දෙදෙනාගෙන් ඇය තෝරාගත්තේ විහේන්වයි.......... විහේන් හා ඇගේ ආදර කතාව පටන්ගන්නේ ඔවුන්ට වයස අවුරුදු එකොලහක් පමණ වන කාලයකයි..............
🌹 චූටිදූ........... අසේකා පුතා...............
🎀 වැඩක් නෑ අක්කෙ කතා කරලා ඔය කෙල්ලෝ තුන් දෙනාටම............ තවම නිදි ඇති......... වෙලාවක් අවේලාවක් නෑ නිදාගන්න නම් බලන්න දැන් වෙලවෙ කීයද කියලා........ තුනටත් කිට්ටුයි.......හතරට චාරිත්‍ර පටන් ගන්නවා......... ගැහැණු ළමයි තුන් දෙනා හැදෙනවා කිසිකමකට නෑ........... ඔන්න මගේ අක්කා මට නම් බනින්න එපා......... උන් තුන් දෙනා හුරතල් කරලා කියලා.... මට බයයි අක්කා මුන් තුන් දෙනා අද මොන බාල්දියක් පෙරලයිද කියලා......... ඒ තරම් දඟයි අපේ කෙල්ලෝ..........
🌹 මං මොකටද ඔයාට බනින්නේ සුදු........ මතකද අපිත් ඉස්සර ඔය වගේම තමා............ අනික මං හිතන්නේ කට්ටිය ලෑස්ති වෙනවා............ සද්දේ ඇහුනා මට ටිකක් කෙල්ලන්ගේ කිංකිණි හිනාවේ......... තරුණ ළමයිනේ උන්ට කැමති විදිහට නිදහසේ ලස්සන වෙන්න දෙන්න ඕනි....... ලොකු දුව...................
අපූර්වා නැවතත් කතා කලාය..........
🌺 ඉවරයි ලොකු අම්මා මේ එනෝ........
සහස්දි කෑ ගැසුවේ අනිත් දෙන්නටද ඉක්මනින් යමු යැයි සංඥා කරමිනි........
කෙල්ලෝ තුන් දෙනා පමණක් නොව අද නිවසේ එක හා සමාන ලඟ ලඟ වයස් වල කෙල්ලන් හය දෙනෙක්ද උඩ සිටී........... ඔවුන් හැඩ වැඩ වෙමින් සිටියේ එකිනෙකා පරයන ලස්සනකින් ඒ උත්සවයට සහභාගි වන්නටය...........
🍁 කොහොමද මං හැඩයි නේද...........
රෝස පාට ලෙහෙන්ගාවකින් සැරසී සිටින විද්‍යා ඇසුවේ වටයක් කරකැවෙමිනි.........
🌊 පට්ට ෆිගර් එකක්ටන් හලෝ තියෙන්නේ............
🔥 ඒක නෙවේ අද මරු නේද අපි නව දෙනා එකතු වුනේ පලවෙනි වතාවට........ facebook group එකේ chat කලාට හම්බ වුනේ අදනේ...........
භාවනා පැවසුවේ ඇය ඇඳ සිටි සාරියේ පොට මදක් හදමිනි................
💃 ලෑස්තියිද ළමායි......... අන්න අරහේ කට්ටිය බලන් ඉන්නවා..................
එතැනට පැමිණි මෙහෙන්දි දෙස සියල්ලන්ම කට ඇරගෙන බලාගෙන සිටී.............
🏵️ මේ කට ටිකක් වහගෙන බලන්න මැණිකේ......... චුට්ටක් ඉන්න චූටි නංගි.........
එහෙම කියලා අසේකා ගිහින් eye liner කුප්පියෙන් ටිකක් අරන් මෙහෙන්දිගේ කණට පහලින් බෙල්ලේ පොඩි ඩොට් එකක් තිබ්බා............. සියළු දෙනාම ඒ දිහා බලන් හිටියේ සතුටින්.............
වන්දනා ඇඳ සිටියේ තද නිල් පාට විල්ලුද ඇතිලූ ලෙහෙන්ගාවක්............. ඇත්තටම මේ කෙල්ලෝ නව දෙනා අතරින් සුන්දරම කෙල්ල මෙහෙන්දි..............
🌊 ඇස් වහක් කටවහක් නෑ සුදු බෝලේ ඔයා නම් හරිම ලස්සනයි හරියට princess කෙනෙක් වගේ......... නෑ නෑ........ angel කෙනෙක් වගේ................
අව්‍යා එහෙම කියලා ඇයව තුරුළු කරගත්තා.............
මේ පවුලේ කෙල්ලන්ගේ තියන විශේෂත්වය තමා මේ............. ඔවුන් එකිනෙකාට හරිම ආදරෙයි........ පුදුම විදිහට ගරු කරන්නේ....... ඒ වගේම තමා ඕනැම දේකට පණ වුනත් දෙන්න දෙපාරක් හිතන්නේ නෑ...............
නව දෙනාම පහලට එද්දි පහල ඉන්න අයගේ කටවල් නම් බාගෙට ඇරුණා...............
🍃කොල්ලනේ.......... උඹලා ටිකට වෙන වැඩක් කරන්න වෙන්නෙ නෑ.......
ප්‍රතාප් ශර්මා පැවසුවේ කොල්ලෝ ටික දිහාට හැරිලා.........
💦 ඇයි ලොකු තාත්තේ.........
🍃 ඇයි අහන්නේ ධීර්......... මුන් ටික රකින්න වෙයි........
💦 අනේ ඕනැ එකෙක් උස්සන් ගියදෙන් ලොකු තාත්තේ..............
ධීර් කිව්වෙ අනිත් අයටත් ඉඟි කරමින්.......... මේ කෙල්ලෝ සෙට් එකේ කටකාරි විද්‍යා....... ඇයට නම් කිසිවක් නොකියා ඉන්න බැරි වුනා.......... ඊට දෙවෙනි නෑ අසේකා.............
🌈️ ඔන්න අපි කොල්ලෙක් සෙට් කරගත්තොත් අපිට බාධාවක් වෙන්න හදන්න එපා ධීර් අයියේ...... හරිද ඔයාලට කමක් නෑනෙ අපි උස්සන් ගියත්........
🏵️ ඔව් ඔව් ඈ............... දැන් ඔයාලාම අපිට වචනේ දීලා ඉවරයි..........
💧 බලාගමුකෝ...............
නිකිල් පැවසුවේ සිය නැගණිය වන විද්‍යා දෙස තරවටු බැල්මක හෙලමිනි............
කට්ටියම තෑගි බෝගත් අරන් වාහන වලට නැගුනේ දැන් චාරිත්‍ර වලට වෙලාව ලඟ නිසා................
🏵️ මේ චූටි.................. අද ලී කෙලියට නටනවද.................
💃 නැතුව මං නටනවා...............
මෙහෙන්දිගේ ජීවිතෙත් හරි නර්තනයත් හරි............. මෙහෙන්දි කියන්නේ හොඳ දක්ෂ නර්තන ශිල්පිණියක්.............. කට්ටිය පැය භාගයක් පමණ ඇතුලත අශ්ලේෂා ගේ සුවිසල් මැදුරට ආවා...........
මාහීර් සහ ඔහුගේ මව වන ශේඛා සාවන්ත් ඔවුන් ඉදිරියට ආවේ සුන්දර සිනාවකින් මුහුණ සරසගෙන...........
🍃 අපි පරක්කු වුනා නේද නංගි..........
🖤 අනේ නෑ ප්‍රතාප් අයියේ....... තව වෙලාව තියනවා........... යමු ඇතුලට.........
නිවසෙහි සුවිසල් විසිත්ත කාමරය විදුලි බුබුළු හා මල් වර්ග තිර වලින් අලංකාර කර තිබුණි............. පසෙකින් මණ්ඩපයක් ආකාරයට මනමාලියටත් මනමාලයාටත් වාඩි වෙන්නට අසුන් පිළියෙල කර තිබුණි........... මනාලියගේ පැත්තේ සොයුරු සොයුරියන්ද එක්වී බලාගෙන හිටියේ ලී කෙලිය ආරම්භ වන තුරුය...............
සියල්ලන්ම ඇතුලට යද්දි අවසානෙට ආවේ සහස්දිත් අසේකාත් මෙහෙන්දිත් විද්යාත්ය............ වට පිට බලමින් ඔවුන් ආවේ ඇත්තටම ඇදකුද සොයමින්..........
නිකම් කෑවෙ නෑ කාගේ හරි ඇදයක් අල්ලන් විහිළු කලේ නැත්තම්........... නමුත් මෙහෙන්දිගෙයි සහස්දි ගෙයි නම් ඇස් තිබුනේ දොරටුව ඉදිරිපිට ප්‍රතාප් ශර්මත් එක්ක ඉඳන් ඔවුන් දෙස බලාගෙන ඉන්න මාහීර් දිහා.............
මාහීර් කියන්නේ ලස්සන හිනාවක් තියෙන කඩවසම් අහිංසක කොල්ලෙක්.......... මෙරූන් පාට කුර්තාවකින් සැරසී සීටින ඔහු දෙස මේ අක්කා නගෝ නම් බලා ඉන්නේ ආදරයකට නෙවේ........... හිනාවෙන්න විහිළුකරන්න මොකක් හරි වැරැද්දක් හොයාගන්න.............
🍃 චුටි දූ මෙහාට එන්න............. මාහීර් මේ තමයි මගේ එකම දුව මෙහෙන්දි...............
මාහීර් සිනාවෙන්ම ඇය දෙසට අත දිගු කලේය.................. මෙහෙන්දිත් හෙමින් ඔහු දිගු කල අත දෙසට සිය අත දිගු කලාය..............
💘 හඳුන ගන්න ලැබුණු එක සතුටක් නංගි.......... ඔයා ගැන අහලා තියෙනවා ඒත් දැක්කේ අදනේ................
💃 හ්ම්ම්ම්.... ඒක තමයි...... හැබැයි මං නම් අයියා ගැන දැනගත්තේ ඊයෙම තමා
💘 හරි අපි ඇතුලට යමුකෝ.............
මාහීර් ඔවුන් සමගින් ඇතුලට ගියේ ඇය ලඟින්මය.............. මාහීර් ලඟ ලඟම ඇගේ මුහුණ දුටුවෙ එවිටයි............. ඔහුගේ හදවත කියාගන්න බැරි මොකක්දෝ හැගීමකින් වෙලී යනු දැනෙයි.............. ඇය දැකීමම හද ගැස්ම වැඩිකරන්නට සමත් වී තිබුණි............ ඇත්තෙන්ම ඇය අයස්කාන්ත කුසුමක් බව මාහීර් ට සිතෙයි................ ඇය ඉවත බලාගෙන ඉන්න විට දී ඔහු බලා සිටියේ ඇය දෙසමය............... මෙහෙන්දි යන්තම් ඔහු සිටින පැත්ත බැලීමට සැරසෙන විටම මාහීර් මුහුණ අනෙක් පසට හරවා ගත්තේය............
💃 දැන් අනිත් පැත්ත බැලුවට වැඩක් නෑ අයියේ......... මං දැක්කා ඔයා මං දිහා බලාගෙන ඉන්නවා.............
මෙහෙන්දි එහෙම කිව්වෙ ඉදිරිය බලාගෙන හිනාවෙමින්............ හොරය අසුවීම ගැන මාහීර් ගේ හිතට දැනුනේ සියුම් ලැජ්ජාවක්............ නමුත් මෙහෙන්දි කිසිම බයක් නැතුව එය කියූ ආකාරයට ඔහුට හිනාවක් ගියේය..........
💘💘 මුහුණ අහිංසක හා පැටියෙක් වගේ වුනාට කට නම් අහිංසක නෑ වගේ.......... මාහීර් උඹට ජීවිත කාලෙටම හොර වැඩක් නම් කරන්න වෙන්නෙ නෑ............ මේකිව බැඳගත්තොත්............. ඊයා මාහීර් උඹේ කැත හිත........ යකෝ උඹ දැන් මෙච්චර ඉක්මනට මේකිව බඳින්නත් හිතුවද............... උඹට කෙල්ලෝ ඇලර්ජික් එකක්නෙ තියෙන්නේ......... මොකද්ද මෙයාගෙ විතරක් තියන වශිය...............
මාහීර්ගේ දඟකාර හිතුවක්කාර හිත කියන්නේ එහෙම කතාවක්........... මොනවා වුනත් මේ සුභ මංගල මොහොතේදී මාහීර්ගේ හිතටත් කුළුඳුල් මංගල හැගීම් දැනෙමින් තිබුනේ මෙහෙන්දි ගැන..................
💘💘 ඈ...... බං බූරුවෝ උඹට ඔය තියෙන්නේ ඒ කෙල්ල ගැන ඇති වුන ආකර්ශනයක් ඒක ඇස් බැන්දුමක්,,, එහෙම එකපාරටම ආදරයක් ඇති වෙන්න පුළුවන්ද......... අනික මේ ඉන්නේ උඹගේ බොස්ගෙ දුව............ අශ්ලේෂා ගේ මහත්තයාගේ නංගි.......... මේවා ලෝකයා දැනගත්තොත් විලි ලැජ්ජාවයි...............
මාහීර් ගේ හිත තර්ක විතර්ක ඉදිරිපත් කරනවා........... ඒ අතරේ ඇගේ දෙසම බලා සිටින මාහීර්ගේ දෑසට ඒ දෑස ආයෙමත් යා වෙනවා......... මාහීර් ඉක්මනට බිම බලාගෙන එතනින් යන්න ගියේ තමාටම බැන ගනිමින්............ තවත් වෙලාව තියෙන හින්දා ඔහු කෙලින්ම කාමරයට ගියේ....... මේ එළියට පැනලා දඟලන්න හදන හිත ටිකක් සන්සුන් කරගන්න හිතාගෙන........... නමුත් ඒ සුන්දරත්වය,,, ඒ සුන්දර හිනාව මාහිර් තනිකරම පිස්සු වට්ටලයි තිබුනේ............
💘💘 මාහිර් උඹ නම් මහම මහ බූරුවෙක්......... ටිකක් ආඩම්බරෙන් ඉඳපන් කෙල්ලෝ කැමති එහෙම කොල්ලොන්ට උඹ මෙතන කෙල්ලෝ දැකලා නෑ වගේ ඒකි දිහාම බලා ඉද්දි හිතයි උඹ මහ පැණි ඇඹලයෙක් කියලා................. සන්සුන් වෙයන්........ හෙමින් හිතපන්....... උඹට පුළුවන් ඒ මල කඩාගන්න.............
මාහීර් ගේ යටි සිත ඔහුට දොස් කියන්නට වුනේ එහෙම...............
හැබැයි මෙහෙන්දිගේ හිතේ නම් එහෙමට කියලා විශේෂ හැගීමක් ඇති වුනේ නැතත් ඔහු ගැන පැහැදිලි චිත්‍රයක් ඇදුනා........... සහස්දි යි අසේකායි විද්‍යායි මන්දිරායි අව්යායි ටිකක් මෙහෙන්දි ලඟට ලං වුනා......... තවමත් මෙහෙන්දි අතේ තියාගෙන ඉන්න කහ බෝල් එක අපූර්වා ඇවිත් අතට ගත්තා............ ඇය ඒකත් අරන් වැඩිහිටි කාන්තාවන් අතරට යන විට සහස්දි කතා කලා.............
🌺චූටි.......... මං කියපු විදිහේ හැගීමක් ඇති වුනාද අර අයියා දැකලා...........
💃 පිස්සුද අක්කේ........ මට නම් ඒ අයියා ගැන විශේෂ හැගීමක් ඇති වුනේ නැහැ................
🌺 හැබැයි ඌ නම් උඹට පිස්සු වැටුනා වගේ...........
🏵️ ඔව් ඈ......... මටත් ටිකක් නෝට්..... මිනිහා ඔයා දැක්නම නිකම් unconscious උනා වගේ..............
💃පව් බං අක්කේ........... මනමාලිගේ අයියා එයා........ ඔය විහිළු වලට එයාව අල්ලගන්න එක හරි නෑනේ...........
🌺මේක නම් එහෙම විහිළුවක් නෙවේ නංගා......... මං serious කියන්නේ...........
💃අනේ මේ විකාර නොකියා ඉන්නවා........
ඒ කතා බහ නැවතුනේ ඔවුන් සිටින තැනට කොල්ලෝ ටික ආව නිසයි..............
🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂
වෙලාව හතරටත් කිට්ටුය............... අද practice තියෙන්නේ Jawaharlal Nehru Stadium එකේය................. ඉශාන්ත්,,, වික්‍රම්,,, සොහේල්,,,, යාශ් ඉක්මනින් ක්‍රිඩා පිටියෙන් ඉවතට ගියේ අද පැවැත්වෙන විහේන්ගේ කහ ගැල්වීමේ උත්සවයට සහභාගි වීමටයි.............. ඒ සඳහා ඔවුන් සියළුම දෙනාට ආරාධනා ලැබී තිබුණි.............
සියල්ලන්ම පිටව යද්දිත් ground එක අයිනේ ඉඳගෙන ඈත බලාන කල්පනා කරන වික්‍රාන්ත් දෙස ශධීර් බලා සිටියේ ප්රශ්ණාර්ථයක්ද මුහුණේ තබාගෙනය................ ❤️#වික්‍රාන්ත්_මෙහ්රා මේ කතාවේ කතා නායකයා............. ඔහු ඉන්දියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ උප නායකයා......... තුන්වන පන්තියේ පවුලකින් ආව ඉතා ධෛර්යයෙන් ජීවිතයේ සිහිනයක් දිනාගත්ත ඉන්දිය ජාතික ක්‍රිකට් කණ්ඩායමට එදා මෙදා කාලය තුලදී බිහිවූ අති දක්ෂ ක්‍රීඩකයෙක් තමයි වික්‍රාන්ත් කියන්නේ................. ලෝක ශ්‍රේණිගත කිරීම් වල ඉහලම අංක තුනේ තම නම රඳවාගත්ත ඉන්දිය ආරම්භක පිතිකරු යුගලයේ මහා බලකණුව තමයි වික්‍රාන්ත් කියන්නේ.............. වික්‍රාන්ත්ගේ ඉණිම හැම විටම භීතිය කුතුහලය දනවන දැවැන්ත ආවේගකාරී වේගවත් එකක්.................
ඔහුගේ වෘත්තිය ජීවිතය එහෙම සාර්ථක වෙනකොට පුද්ගලික ජීවිතය නම් අන්තයටම පහල තැනකයි තිබුනේ............... ඔහු විවාහ වෙන්නේ ඉන්දියාවේ ප්‍රධාන ධන කුවේරයෙක් ලෙස ඉන්දිය ව්‍යාපාර ක්ෂේත්රයේ වැජඹිලා ඉන්න ප්‍රතාප් ශර්මාගේ ප්‍රධාන ප්රතිවිරුදධවාදියා වන ශේෂ් සක්සේනාගේ දුව සෝනම් සක්සේනාත් සමගයි.................. ඇය දැනට සිය පියාගේ ව්‍යාපාරයන්හි එකම හිමිකාරිය ලෙස කටයුතු කරනවා............ අැයට මේ ක්‍රිකට් ක්‍රීඩකයා ආභරණයක් පමණයි........... ඇය ඔහුව සුවිශේෂි අවස්ථාවන් වලදී තම කටයුතු වලට හවුල් කරගෙන පස්සේ නොසලකා හරී........... හරියට විශේෂ උත්සවයකට දාගෙන යන ආභරණයක් ගලවලා දානවා වගේ වැඩක් තමයි එයා වික්‍රාන්ත්ට කලේ.............
විවාහ ජීවිතය වික්‍රාන්ත්ට නීරස එකක් වුනා............ බොහෝ විට ඔවුන් දෙදෙනා නිවසේදී මූණ නොගැහෙන තරම්.............. ඒ දෙන්නා හිටියේ ලෝක දෙකක........... ඒක එක ලෝකයක් කර ගන්න වික්‍රාන්ත්ට ඕනැවුනත් සෝනම්ට ඔහුව ඕනැවුනේ නැහැ............. වික්‍රාන්ත් යනු සමාජශීලි බවින් ටිකක් අඩු තමන්ගේ පාඩුවේ ඉන්න වැඩි කලබලයක් නැති නපුරු අහංකාර දැඩි පුද්ගලයෙක්......... හැබැයි එහෙම වුනත් අද වනතුරුත් ඔහු සෝනම්ට කිසිම දොසක් කියා නැහැ.......... තම මිතුරන් ඔවුන්ගේ විදේශ සංචාර සඳහා ඔවුන්ගේ බිරින්දෑවරුන් එක් කරගනිද්දි වික්‍රාන්ත්ට හැමදාමත් සිද්ධ වුනේ තනියම ඒ ගමනට සහභාගි වෙන්න..............
වික්‍රාන්ත්ට හැමවෙලාවෙම හිතුනේ තමන් ජීවිතේ ගත්ත ලොකුම වැරදි තීරණය සෝනම් එක්ක විවාහ වුන එක කියලා......... ඒත් සොනම්ගේ පියාගේ උදව් උපකාර නොවෙන්නට තමාට මෙතරම් දුරක් එන්න වෙන්නෙත් නෑ කියලා වික්‍රාන්ත් දන්නවා............... ඒ කලගුණ හිතේ තියන නිසාම ඔහු සෝනම්ට හැම මොහොතකදීම සමාව ලබාදෙනවා............
🌊 වික්‍රාන්ත් අයියා........ මොකක්ද ප්‍රශ්ණය..............
❤️ මගේ ප්‍රශ්ණ උඹලා දන්නවානේ ශධීර්........ උඹ විහේන්ගෙ ගෙදර යන්නෙ නැද්ද...........
🌊 යන්න ඕනිනේ....... ඔයා එන්නෙ නැද්ද.......
❤️ මට යන්න හිතක් නෑ බං............ උඹලා පලයල්ලා........ මං විහේන්ට කතා කරන්නම්.........
🌊මේ අහපං අයියා........ උඹ එන්නැත්තේ සෝනම් නැති නිසානම් අල්ලලා දාපං බං........ අද අපිත් යන්නෙ තනියෙන්.......... ඉතින් යමන්කෝ..........
❤️ හිතට හරි නෑ ශධී........... මට අද බෑ..... ඒත් මං උගෙ වෙඩිමට අනිවාර්යෙන්ම එනවා..............
ශධීර් ට මේ තම අහිංසක සොයුරා ගැන ඇති වුනේ පුදුම වේදනාවකි............ ඔහු අතේ තිබූණු විකට් කණුව පැත්තකට විසිකර දැමුවේ හිතේ වු කේන්තියටයි............
🌊 උඹ හරි පව් අයියේ............. මට එච්චරයි කියන්න තියෙන්නෙ සෝනම්ට මං වෛර කරනවා...............
ශධීර් එතැනින් යන්න ගියේ වික්‍රාන්ත්ගේ හිසත් අතගාගෙනමය.................
වික්‍රාන්ත් සිටියේ පුදුමාකාර කලකිරීමකින්...............
🌸🌸🌸 මතු සබැඳියි
No comments:
Post a Comment