වික්‍රාන්ත් පැමිණ දැන් දෙදිනක් පමණ ගතව ඇත............. ඔහුට හුරු පුරුදු ආදරණිය මතක පිරි දිල්ලිය හදවතට එකතු කලේම චමත්කාරයකි සැනසීමකි........... ශධීර් හා අසේකා නිතර නිතර පැමිණ මෙහෙන්දි හමුවීමට උදව් කරන්නම් යැයි ඇවිටිලි කලත් ඇගේ විවාහ ජීවිතය ගැන සිතා වික්‍රාන්ත් ඊට කැමති වුනේ නැත................. දැන් කෙසේ හෝ ඔවුන් මුණ ගැස්විය යුතුය.........ඊට සැලැස්මක් සැදිය යුත්තේ මහීරා සමගයි........... ඒත් මහීරා ඊට කුඩා වැඩිය...... ඒ නිසා තමාම ඊට මැදිහත් වෙනවා යැයි ශධීර් සිතුවේය............. ඒ අදහසින් වික්‍රාන්ත්ගේ නිවසට ඔහු එන විටත් වික්‍රාන්ත් නිවසේ සිටියේය............
💙ආ...ඔයා ඉන්නවද අයියේ ගෙදර........
❤️ ඔව් අද හවසනේ practice......මේ ඒක නෙවේ....... ලබන මාසෙ අපිට Australian tourඑක තියනවා.... මං කොහොමද මහීරා දාලා යන්නේ.............. මාර ප්‍රශ්ණයක් බං ඒක.............
💙💙 කලබල නොවී හිටපන් උඹට මහීරව එයාගේ අම්මා ගාවම දාලා යන්න පුළුවන්..............
ශධීර් එසේ සිතමින් වික්‍රාන්ත් දිහාම බලාගෙන හිටියා........
🏵️ මං ඉන්නවනේ අයියේ ඔයා ඒ ගැන හිතන්න එපා....
❤️ ඔයාටත් දැන් බැහැනේ නංගි......... ඒ මදිවට මේකි වද දෙනවා නැටුම් පන්තියක් හොයලා දෙන්නලු...... ඔයාලා දන්න තැනක් නැද්ද....... මං කොහොමද බං ඕවා දන්නේ........
🏵️ දන්න තැනක් තියනවා අයියේ....MEVEENA කියලා......... මං ඕන්නම් තැන කියන්නම්.............
❤️ ඔයාත් එනවද....... මං දන්නෙත් නෑ නංගි............
🏵️ ආ..හ්..... හරි මං එන්නම්......
හිතුවේ මෙහෙන්දි ගාවට තාත්තයි දුවයි විතරක් යවන්න ඒත් දැන් වික්‍රාන්ත් අසේකාටත් කතා කරනවා........... අසේකා දහ අතේ කල්පනා කලේ කොහොමද මේ දෙන්නා තනියෙන් යවන්නේ කියලා.......
🏵️🏵️🏵️ බලමුකෝ මං මොනා හරි කරන්නම්........
💙 මං දෙයක් අහන්නද..............
❤️ අහන්න............ මොකක්ද උඹට මගෙන් අහන්න තියෙන්නේ.......
💙 මෙහෙන්දිව බලන්න හිතෙන්නැද්ද.....
වික්‍රාන්ත් සුසුමක් හෙලුවේය........... ඒ දෑස් එදා මෙන්ම ඇය ගැන සිහි වන හැම වාරයකම තෙත් වී දීප්තිමත් වේ............. ශධීර් නැවතත් වික්‍රාන්ත්ගේ ආදරය ගැන තම හිතේ ඇති විශ්වාසය තහවුරු කරගත්තේය...........
❤️ හිතෙනවා................. ඒත් එයා මෙහෙ නැතිලුනේ.........
🏵️ නැතිලු කියලා කොහොමද දන්නේ.......
❤️ එයා ලක්නව් ගිහින් කියලා මට ඉශාන්ත් කිව්වා......... ඒකත් විහේන් ඉශාන්ත්ට කියලා තියෙන්නෙ මට කියන්න එපා කියලා.......... ඉතින් මං කොහොමද බං මගේ කෙල්ල බලන්නේ.......... ඒත් මට හිතෙනවා එයාව පේන දුරකින් හරි ඉඳන් ජීවත් වෙන්න............
💙 එයාටත් එහෙමම හිතෙනව නම්......
❤️ එහෙනම් මං ආයෙම වතාවක් හිත හිත ඉන්නෑ......... එක්ක යනවා කාටවත් අපිව හොයන්නවත් බැරි තැනකට.........
💙💙 එච්චරමයි මට දැනගන්න ඕනෑවුනේ............. උඹලා දෙන්න මුණගස්සන එක මං කරන්නම්........
ශධීර් එහෙම හිතුවත් ඒකට හැබැයි කිසිම සැලැස්මක් නම් තිබුනේ නෑ ........ හැමදාමත් වගේ ශධීර් හා අසේකා ලෝකයාගේ අපවාදයන් ඇසීමට සූදානමින්ම මේ ආදරයට නැවතත් උදව් කිරීමට එක්වුනා.........
ශධීර් හා අසේකා නිවසින් පිටව වාහනයට යන විට පුංචි මහීරා ඔවුන් වෙත දිවආවාය..............
🧚 ශධී........බා...ප්පා......
🏵️ එයා හා කිව්වා.......... අපි හෙට යමු....... මං එක්ක යන්නම්......ම්ම්ම්.....
කෙල්ලගේ මුහුණත් සිපගෙන අසේකා එහෙම කිව්වා....... හැබැයි ඇයට හිතුනා මහීරාට ඇත්ත කියන්න............ ඒත් ඒක කෙල්ල අතින් කියැවුනොත් සේරම අවුල් වෙනවා........... මෙහෙන්දි වික්‍රාන්ත් එකිනෙකාට දකින්න සැලැස්සුවා නම් ඇති...............
🔹🔹-----🔹🔹-----🔹🔹------🔹🔹--
අසේකාට වික්රාන්ත්ගෙන් ඇමතුමක් එද්දිත් දෙන්නම තාම ගෙදර හිටියේ.......
❤️ නංගි ඔයා එන්නැද්ද...........
🏵️ එනවා එනවා අයියේ....... මට ටිකක් අද අමාරුයි වගේ...... මෙ අපි එන ගමන්... අයියා ඔහොමම යන්න අර golden saffron එකට ටිකක් මෙහා..... ලස්සන වත්තක් ඇතුලට වෙන්න තියන සුදුපාට එක තමා MEVEENA එක...........යමූණා ගඟ පේනවා එතෙන්ට....... ම්ම්ම්.... ඔයාලා දෙන්නා එතන ඉන්න අපි විනාඩි දහයෙන් එතෙන්ට එන්නම්..........
ශධීර් අසේකා දෙස බලන් සිටියේය........ පුදුම නැත...... මේ කෙල්ලෝ තුන්දෙනාම ඔහොමය..................
වික්‍රාන්ත් වාහනය සුවිසල් MEVEENA එක අසල නැවැත්තුවේය........ එහි දොරටුව විවර කර තිබුණි........ වික්‍රාන්ත් දුරකතනය අතට ගත්තේ ඇමතුමක් ගැනීමටයි....... නමුත් මහීරා එය වැලැක්වූවාය..........
🧚 තාත්තා අපි යං............... ඇතුලට........
මහීරා ඇවිටිලි කරන්නට විය......... වික්‍රාන්ත් ට අසේකා නැතිව ඇතුලට යාමට තිබුනේ ලැජ්ජාවක්.......
❤️ බෑ දුව........ මට තේරෙන්නෑ....... ඔවාට හොඳ පුංචි තමා....... ඉන්නකෝ මං call එකක් ගන්නකම්...........
🧚 අනේ එන්න තාත්තා යන්න.......
කෙල්ල වික්‍රාන්ත්ගේ අතිනුත් ඇදගෙන ඇතුලට දිව්වා.......... ඒත් වික්‍රාන්ත්ගේ හිතට ඇතුළු වන විටම මොකක්දෝ අමුතු හැගීමක් ඇතිවුනා.................
කෙල්ලත් එක්ක දිග තරප්පු පෙල නැග උඩට යන විට පැත්තකින් ගලන යමුණාව හොඳින් පේනවා........... පාසල තියන ගොඩනැගිල්ලට යන පුංචි පාර සුදු වැලි අතුරලා තිබුනා........ ඒ දිගටම ලස්සන පාට පාට මල් පිරුණු මල්ගස් වවලා............... ඒ මැදින් ගිහින් දෙන්නම ඇතුළු වුනේ පාසල් ගොඩනැගිල්ලට...... වම් පැත්තෙ තියන විශාල විසිත්ත කාමරය දැක්කම දෙන්නම වශී වෙලා වගේ බලාගෙන හිටියා........ ඒක හරියට දේව මන්දිරයක් වගේ.........ඉදිරියෙන්ම සුදෝ සුදු පැහැ සරස්වතී ප්‍රතිමාව හරියට හැබෑ එකක් වගේ ඒ ඉදිරියේ පූජා තැටියක් දැල්වෙන පහනක් මල් වැල් සහ මල් වට්ටි ඒ වගේම තැන් තැන්වල සුවඳ ධූප බඳුන්ද තිබුනා........... ඒ තුළින් ආව සුවඳ හින්දා හරියට වික්‍රාන්ත්ට හිතුනේ කෝවිලක ඉන්නවා වගේ............
❤️❤️❤️ ශා මේක මහා පුදුම තැනක්....... මොනවා වුනත් මේක කරන්නේ නැටුම් ජීවිතයම කරගත්ත ආගම කරගත්ත කෙනෙක්............... අසේකා හොයලා දීලා තියෙන්නේ හොඳ තැනක් වගේ............. මෙතැන නම් සරස්වතී වැඩ ඉන්නවා කියලා හිතෙනවා.......... මට මෙහෙන්දිව මතක් වෙනවා.......... එයත් මේ වගේ........
🧚 තාත්ති...............අපි කෝවිල් ආවා වගේ.......
සරස්වතී ප්‍රතිමාව ඉදිරිපිට සිසුවියන් තිහක් විතර නර්තනයේ යෙදෙමින් හිටියා.......... ඉදිරියෙන්ම නටන තැනැත්තිය මෙහි ගුරුවරියක් වෙන්නැති කියලා හිතන්න පුළුවන්...............
🔷 සර්..... ආවේ දුවව ඇතුලත් කරන්නද.....
තරමක් මැදි වියේ කාන්තාවගේ හඩින් වික්‍රාන්ත් හැරිලා බැලුවේ ටිකක් ගැස්සිලා වගේ.........
❤️ ආ...ඔව්......මගේ දුවව ඇතුලත් කරන්න ආවේ........... මට මේකේ මැඩම්ට කතා කරන්න පුළුවන්ද............
🔷 පුළුවන් මහත්තයා ඔය දොර ඇරගෙන ගිහින් මේසය ගාව වාඩි වෙලා ඉන්න මං මැඩම්ට කියන්නම්.............. හැබැයි ටිකක් වෙලා යයි....... මැඩම් ළමයි වගයක් එක්ක practice කරනවා...............
පැය කාලක් විතර ගත වුනා......... වික්‍රාන්ත් හිටියේ දුරකතනය ඔස්සේ සිය බිස්නස් වගයක් කරමින්............ දැන් සක්සේනා ව්‍යාපාර ජාලයත් ඔහුගේ වගකීමක්...................
🧚 තාත්තා.......... she is looking so stunning....තාත්තා....මේ..
වික්‍රාන්ත් දෑස විතරක් ඔසවලා බැලුවේ මෙහෙන්දි ලඟට එන විටමයි.............
🧚 අම්මා.....................
මහීරා පුටුවෙන් පැනලා මෙහෙන්දිගේ බඳවටේට පුංචි දෑත් යවලා ඇයව බදාගත්තා............ මෙහෙන්දිට හොඳටම ඇහුනා කෙල්ල ඇයට අම්මා කියනවා........ නමුත් මොකක්ද මේ වෙන්නේ කියලා හිතාගන්න මෙහෙන්දිට බැරි වුනා.......... වික්‍රාන්ත් ඇසි පිය නොහෙලා ඇගේ දෙසම බලාගෙන හිටියා...... නෑ ඇගේ පාදාන්තයේ සිට කේෂාන්තය තෙක් ඔහු බැලුවා................ ඇයව මුලවරට විහේන්ගේ මගුල්ගෙදරදි දැක්ක වෙලාවේදි හිතට ඇතිවුන ඒ චමත්කාරයම අදද දැනෙන්නට වුනා............ මෙහෙන්දිගේ පපුව අසාමාන්‍ය වේගයකින් ගැහෙන්නට වුනේ වික්‍රාන්ත් දැක්කම......... වසර පහකට පස්සේ දකින මේ රුව මෙහෙන්දිගේ මුළු ජීවිතයයි......... මෙහෙන්දි ජීවත් වුනේ ඔහු වෙනුවෙන්මයි.... ඒ හදවතේ වික්‍රාන්ත් ගැන තිබුනේ කිසිදා නොවෙනස් ප්‍රේමයක්......... මෙහෙන්දි කෙල්ලව ආයෙමත් පුටුවේ වාඩි කරවලා ඇයත් ඔවුන් ඉදිරිපිට වාඩි වුනා.......... මේ වික්‍රාන්ත් සිය දියණියට නැටුම් ගුරුවරියක් සොයාදෙන්නට මිස තමා සොයන්නට ආ ගමනක් නොවේ...... එනිසාම ඇයද රාජකාරිය පමණක් කලාය......... මොකද දැන් රැවටුනා හොඳටම ඇතිය.............
💃 දුව මං හිතන්නේ ඉන්නේ එක වසරේ නේද........ ම්ම්ම්ම..... නැටුම් වලට ආසයිද........
මෙහෙන්දි කතා කලේ කෙල්ලටයි........... මෙහෙන්දි තමාට නාඳුනන කෙනෙක්ට මෙන් සලකන එක ඔහුට ගෙනාවේදුකක්.......... ඒකෙන් හිත රිදුනේ වික්රාන්ත්ගෙයි...........
🧚 ආසයි......... ඊට වඩා ඔයා එක්ක ඉන්න ආසයි අම්මි...........
💃 මේකයි.......... මේ............. දුව අපිි හැමදාම ඔයාලාට පන්තිය තියන්නෙ නැහැ..........wednesday and saturday sunday තමයි තියන්නේ.......... saturday sunday නම් අපි උදේ ඉඳන් දවල් වෙනකම්ම තියනවා............ ඔයාට එන එක ප්‍රශ්ණයක් නැහැනේ නේද
නමුත් කෙල්ල ඒ එකකටවත් උත්තර නොදුන්නාය
🧚 අමිමි ඇයි අපි එක්ක තරහ වෙලා........ ආ.... සීයා කරපු දේවල් වලට තරහ වෙන්න එපා.... මේ බලන්න දැන් අපි ආවානේ ඔයා හොයාගෙන....... අම්මි.... තාත්ති එක්ක තරහ වෙන්න එපා........
කෙල්ලගේ හඬ හැඟුම්බරය........ මේ අම්මා අම්මා යැයි කියන එකේ තේරුම කුමකද............. තවත් මෙහි තේරුම නොදැක සිටිය නොහැක........... ඇය පලමු වතාවට වික්‍රාන්ත් දෙස එක එල්ලෙ බැලුවාය............ පපුව හාරාගෙන අර අළු යට ගිණි පුපුරු මෙන් තිබූ ආදරය යලිත් ඉස්මතු විය................
💃දුව........ හිත රිදවගන්න එපා ඒත් ඔයා කොහොමද දන්නේ මං අම්මා කියලා.......... මං දන්නෑ මේක...... මේ....
එවිටම දොර ඇරගෙන අසේකා හා ශධීර් ආවෝය........... ඔවුන් දුටු විට මෙය ඉතින් හොඳම මාස්ටර් plan එකක් බව වික්‍රාන්ත්ට තේරුනි........... එයට මහීරාත් හවුල් බව නම් හොඳටම විශ්වාසය.........නමුත් මේ අහංකාර සුරඟන තව එක වචනයක් හෝ ආදරයෙන් කතා කිරීමට සූදානම් නැත..............
💙ආ.....ඔය හම්බවෙලා තියෙන්නේ.......
කොහොමද දූ....... අම්මා හොඳයි නේද.....
🧚 අම්මි තරහා වෙලා......... තාත්තා එක්ක කතා නෑ............
💃 මොකක්ද අක්කා මේ... කතාව...... අම්මා............ කියන්නේ........
🏵️ චුට්ටක් ඉන්න......... තුල්සී........... තුල්සී.....
එවිටම තවත් කාන්තාවක් ඇතුලට ආවාය............
🏵️ තුල්සි මේ අපේ පුංචි මහීරා පැටියට පෙන්නන්නකෝ නැටුම...........
අසේකා ඒ තැනැත්තිය අතේ මහීරාව එලියට යවා අතේ වූ ලියුම් කවරය මෙහෙන්දිට දුන්නාය.......... මෙහෙන්දි එයින් කොලයක් එලියට ගත්තේ කුතුහලයෙනි........... වික්‍රාන්ත් ද බලා සිටියේ පුදුමයෙනි................ මෙහෙන්දි එය දිගහැරියාය................
💃 ම....ම..මහී..........රා...
කෙල්ල අඬ අඬම පෙන්නුවේ වික්‍රාන්ත්ව...
🏵️ ශේෂ් අංකල් තමා මේක කලේ නංගි..... මං හිතුවා ඒකට ඔයා අකැමති වෙයි කියලා නංගි........
💃 අනේ ඔයාට පිස්සුද අක්කේ......... හැබැයි එයා වික්‍රාන්ත් අයියගෙයි සෝනම්ගෙයි දුව නෙවේ නේද......... කියන්නකෝ......... ආ..........
මෙහෙන්දි එය ඇසුවේත් වික්‍රාන්ත් දිහාම බලාගෙන..............
🏵️ නැ........නංගි ඒ වික්‍රාන්ත් අයියාගේ නෙවේ සෝනම්ගෙයි අනුරාග් ඛන්නාගෙයි දුව.............
මෙහෙන්දි ඇස් දෙක තද කරගෙන සැනසුම් සුසුමක් හෙළුවාය........... වේදනාව ඇය වික්රාන්ත්ගේත් සෝනම්ගේත් දරුවෙකු වූවානම්ය.......... දැන් කිසිඳු ගැටලුවක් නැත....... ඇය සෝනම්ගේත් අනුරාග්ගේත් දියණිය වුවත් නීතියෙන් දැන් ඇය තමාගේ දියණියයි..................
💃 හොඳයි.......... දැන් එයා මගේ දුව.......... මෙහෙන්දි ශර්මාගේ දුව.........
මෙහෙන්දි නැගිට දුවගෙන මෙන් ගියේ කෙල්ලව හොයාගෙන.............. කෙල්ලත් අනෙක් සිසුවියන් හා හරි හරියට නටනවා.................. ඒත් මෙහෙන්දිව දැකලා එයා නැටුම නැවැත්තුවා.......... මෙහෙන්දිට ඇත්තටම හරිම දුකයි..... මොකක් හරි ලොකු දෙයක් නැත්තම් ශේෂ් සක්සේනා කවදාවත් තමාගේ නම මහීරාට දෙන්නෙ නෑ........... මෙහෙන්දි ඇගේ දිහාට අත් දෙකම දිගු කලා...... කෙල්ලගේ මුහුණ මලක් මෙන් විකසිත වුනේ මෙහෙන්දිගේ ප්‍රතිචාරයට....... මහීරා දුවගෙන ඇවිත් මෙහෙන්දිට තුරුළු වුනා..........
💃 i' m so sorry පැටියෝ......... අමිමා ඔයාව අඳුනගත්තේ නෑ......... තරහද මාත් එක්ක..........
🧚 මං නම් තරහ නෑ අම්මි.........ඔයා තාත්තයි සීයයි එක්ක තරහද......
💃 නෑ දුව.............. මං ඇයි එයාලා එක්ක තරහ වෙන්නේ..........
🧚 ඒත් ඔයා තාත්ති එක්ක කතා කරන්නෑ තරහ වෙලා........
මෙහෙන්දි ඇයව තුරුළුකරගෙන සිටිය නිසා මහීරාට ඔවුන් පිටුපස සිටින අසේකාවයි ශධීර්වයි වික්රාන්ත්වයි පේනවා............. කෙල්ල මහපට ඇඟිල්ල උරුක් කරලා ශධීර්ට පෙන්නුවා ඊටත් පස්සේ ඒකට යට අතට හරවලා තාත්තාව පෙන්නුවා......... ඒ කිව්වෙ මෙහෙන්දි තාම යාළු වෙන්න හිතලා වත් නෑ කියලා........... වික්‍රාන්ත්ගේ මුහුණට පුංචි සිනාවක් ආවේ කෙල්ල ඒක කරපු විදිහට............. කොහොමත් මේ අහංකාර මැණික ගැන වික්‍රාන්ත් තරම් කවුරුත්ම දන්නෙ නෑ...........ඇයව යාළු කරගැනීමට නම් තමාට බොහෝ දේ කිරීමට සිදු වනු ඇති බව ඔහුට සිතුනා...............
🧚 අම්මී.............. තාත්ති එක්ක තරහද....
💃 මං කොහොමද එයා එක්ක තරහ වෙන්නේ පැටියෝ....................
මෙහෙන්දිගේ වචන ටික ගිහින් නැවතුනේ කොල්ලගේ පපුව ගැඹුරේ....... අදට ඔය හොඳටම ඇති කියලා හිතුනා...... මාහීර් යලිත් මෙහෙන්දිව තමාට දෙන්න කැමති වුනොත් ඇය දෙන ඕනෑම දඬුවමක් විඳීමට වික්‍රාන්ත් සූදානම්ය............. ඔවුන් යලිත් කාර්යාල කාමරයට අවේ මෙහෙන්දිත් මහීරාත් නර්තන ශාලාවේ සිටින විටයි..........
💙 වික්‍රාන්ත් අයියේ.... දැන් ඔයා මොකද කියන්නේ.......
❤️ මං මොනවා කියන්නද බං....... උඹලා තුන්දෙනාම එකතුවෙලා plan කරලා මාව එක්ක ආවට මෙහෙන්දිගෙයි මාහිර්ගෙයි පවුල් ජීවිතේ අතරට මං යන්නෑ........
💙 උඹ මොනවද ඒ ගැන දන්නේ කියපන්......
ශධීර්ට හොඳටම තරහ ගිහින් හිටියේ එතකොටම මෙහෙන්දි ආවා............ වික්‍රාන්ත් පලවෙනි වතාවට මෙහෙන්දිට කතා කලා........... ඇය කොතරම් බලාපොරොත්තු වුනාද ඔහු එක් වචනයක් හෝ කතා කරනකම්...............
❤️ මෙහෙන්දි.......... මේ.... මහීර් කොහෙද.........
💃 ඕස්ට්‍රේලියාවේ..........
❤️ එතකොට ඔයාලාගේ පුතා....... එයාටත් දැන් අවුරුදු තුනක් විතර ඇති නේද.............
මෙහෙන්දිගේ වගේම අසේකාගෙයි ශධීර්ගෙයිත් ඇස් ලොකු වුනා මොකක්ද මේ කියන්නෙ කියලා....
මගේ පුතා........???? මොනවද අක්කා මේ මෙයා කියන්නේ................
❤️ මං එදා දැක්කා මෙහෙන්දි මාහීරුයි පුතයි එක්ක යනවා........ එදා ශධීර්ගේ wedding එක දවසේ..............
💃💃💃 අනේ.....හ්....... එදා ඔයා හිටියද අයියේ........ මං කොච්චර ආසාවෙන්ද හිටියේ ඔයාව දකින්න........... ඒ මගේ දරුවා නෙවේ මෝඩයෝ ඒ විහේන් අයියගේ පුතා................. මොනවා...... එතකොට ඔයා මං ගැන එහෙමත් හිතුවද........ ආ...... මගේ ආදරේ ගැන විශ්වාසයක් තිබුනෙම නැද්ද............
මෙහෙන්දි එහෙම හිතද්දි ඇගේ තරහව තවත් වැඩි වුනා........... මෙහෙන්දි වික්‍රාන්ත්ගේ කොලර් එකේ එල්ලුනේ කේන්තියෙන් රතු පාට කරගත්ත දෑසින් ඔහු දෙස බලමින්...........
💃 වික්‍රාන්ත් මෙහ්රා ඔයා කොහොමද මං ගැන එහෙම හිතුවෙවත් ආ......... කොහොමද මං ගැන එහෙම හිතුවෙවත්........... ඔයාට ආ..දරේ..... කර..ක..ර...... මං.........තව...ත්...කෙ...
මෙහෙන්දිට ඒ දුක නම් දරාගැනීමට නොහැකි විය.............. ඇය සිත්සේ හඬා වැටුනාය...................
❤️ එත..කො...ට...... මං....දැක්..ක දේ........ බොරු........ද.............
💃 විහේන් අයියගේ පුතා ඒ.................
වික්‍රාන්ත්ට තමා ගැනම මහත් තරහක් ඇති විය............ ඒ වැරදි වැටහීම ඇති කර නොගත්තා නම් ඔහු මෙහෙන්දි ලගට එන්නේ මීට වසර දෙකකට පෙරය............. වික්‍රාන්ත් මෙහෙන්දිගේ දෑතම සිය මුහුණට තෙරපාගත්තේය.........
❤️ මට සමාවෙන්න නංගි............... හුඟක් සමාවෙන්න................
💃 මං ඔයාව හම්බ වුන පලවෙනිම දවසේ ඔයාට සමාව දුන්නෙ නැතුව හිටියා නම් මෙහෙම වෙන්නෑ......... මං ඔයාට සමාවක් දෙන්නෑ අයියේ දෙන්නෑ.......... දැන්.... දැන් ඔයාලා යන්න....... හවස හතරට එන්න දුව ගන්න.............
මෙහෙන්දි එහෙම කිව්වේ හිතකින් නෙවේ.........මුළු හිතම කිවිවේ වික්‍රාන්ත්ට යන්න එපා කියලා........... අසේකා මෙහෙන්දි ගාවට ඇවිත් ඇගේ උරහිසින් අත තැබුවා...........
🏵️ මෙහෙන්දි.............. දැන් උඹ ඉන්නේ තරහෙන්.......... නිවී සැනසිල්ලේ හිතපන්......... උඹ ජීවත් වෙන්න ඕනි වික්‍රාන්ත් අයියා ගාව............ ඒ වගේමයි උඹට කවදාවත් හදවතින්ම මාහීර්ගේ වෙන්න බෑ.......... අර ගොන් සහස්දි උඹට සැනසීමෙන් ඉන්න දෙන්නෙත් නෑ......... තීරණයක් ගනින්............ කොහොමත් මේ ජීවිතේ ගෙවෙන්නේ උඹ වෙනුවෙන්..... ඒක එදත් එහෙමයි අදත් එහෙමයි..... එදා අසරණ කමට මොන තීරණය ගත්තත්.... වික්‍රාන්ත් අයියා උඹට විතරමයි ආදරේ කලේ............... උඹට අයිති තැන වික්‍රාන්ත් අයියා ඉන්න තැන........ ඒ හින්දා හිතපන්...... මං උඹ වෙනුවෙන් ඕනැ කෙනෙක් එක්ක කතා කරන්නම්....... ම්ම්ම්ම්..........
මෙහෙන්දි හිස සැලුවේ කඳුළු අතරින්...... අසේකා ගියේ ඇගේ හිසත් අතගාගෙනමයි............. වික්‍රාන්ත් යන්න ගියත් ඔහු ගියේ නෑ............ එලියේ ඈත කොනේ තියන බංකුවට වෙලා ඉඳගෙන ඔහු බලන් හිටියේ මෙහෙන්දි දිහා......... ඔහුගේ හදවත පුරාම...... එදා වගේම හිමාලය කන්ද වගේ ආදරය මහා ගොඩක් ඇති වෙමින් තිබෙනවා.......... මෙහෙන්දි එක්ක අළුත් ජීවිතයක් ගත කරන එක ගැන ඔහුට තිබුනේ මිහිරි සිහිනයක්........ දැන් කිසිඳු බාධාවක් නැත........... මාහීර් ඇයව කසාදයෙන් නිදහස් කලොත් මෙහෙන්දි සදහටම තමාගේම කරගැනීමට හැක......... ඇය කොහොමත් ඔහුගේය........... ඔහුගේ පමණමය.......... ඇය අදටත් ඒ අයිතිය කිසිවෙකුට දී නැත........... ඇය ගැන දැනෙන්නේ පුදුමාකාර ආදරයකි........ මෙහෙන්දි එදාත් එසේමය......... නිර්භිතව තමාට පණ මෙන් ආදරය කලාය........ ඒ ආදරය වෙනුවෙන් හඬ නැගුවාය........ තමා අර තීරණය ගෙන ඇයව අත් නොහැරියා නම් ඇය කෙසේ හෝ තමා ලඟට එනු ඇත........... ඇගේ ආදරය එතරම්ම බලවත්ය...............
දවල් දෙක පමණ වන විටත් ඔහු එතැනමය............. මෙහෙන්දි ආහාර ගෙන තිබුනේද නැත......ඇය සිතුවේ ඔහු යන්නට ඇති කියායි............. මෙහෙන්දි මහීරාට කෑම කවා යලිත් ඇයව සිසුවියන් වෙත යැව්වාය............ කර්යාල කාමරයේ වීදුරු කවුළුවෙන් ඇය ඔහුව දකින විට හදවත පිච්චි ගියේය.......
💃 අනේ මගේ දෙවියනේ....... ඔයා තාම ගියෙ නැද්ද.............පිස්සුම පිස්සු.......... ඇත්තමයි.......යන්න කිව්වට ගිහින් ඔතන ඉන්න ඕනෙද........ ඇයි මෙතනට වෙලා හිටියා නම් මං පන්නගන්නවද .... තියන අහංකාරකම.....
මෙහෙන්දිට කෑම එක එතෙන්ට ගිහින් දෙන්න හිතුනේ නෑ.........ඇය එහෙමම එතෙනට ගියේ ඔහුව කැඳවාගෙන එන්න.........
💃 මේ ඔතෙන්ට වෙලා මට පව් පුරවන්නැතුව එනවද ඇතුලට යන්න.......
❤️ ඔයාමනේ යන්න කිව්වේ.............
💃 අනේ මේ මං කියන දේ අහනම කෙනා......... එනවද යන්න කන්න......... බඩගිනියි.......
මෙහෙන්දි කතා කලත් වික්‍රාන්ත් නැගිට්ටේ නෑ..............
❤️❤️මෙිකිගේ කට නම් වෙනස් වෙලා නෑ...........
💃 යමු අනේ.............
වික්‍රාන්ත් කෙල්ල පස්සෙන් වැටුනා.......... මේසය ගාව වාඩි වෙලා කෙල්ල කොල්ලට අල පරාටායි හොදියි සම්බෝලයි බෙදුවා.......... මේ කෑම ටික හැදුවේ කෙල්ල......... ඔන්න අද තමයි ඉස්සෙරලාම මෙහෙන්දිගේ කෑම ටිකක් වික්‍රාන්ත් කන්නේ............
💃 මොනාද අයියේ බලන් ඉන්නේ කන්න..............
❤️ මට කන්න බෑ............
💃 මොකක්....... ඇයි මේවා කන්නෙ නැද්ද...........
කෙල්ල රවලා බලලා ඇහුවේ කොල්ලගේ මුහුණ දිහා හොඳටම බලලා...........
❤️ නෑ.. නැ.... කනවා කනවා.......
මෙහෙන්දිට හිනායන්න ආවත් ඇය ආයාසයෙන් එය මැඩගත්තා..........
මෙහෙන්දි බලාගෙනම හිටියා ඔහු කන දිහා........
❤️ මේ............ මෙිවා හැදුවේ මාහීර්ගේ අම්මද............
💃 ඇයි රසයිද.............
වික්‍රාන්ත් ඔළුව වැනුවේ ඔව් කියලා කියන්න......... මෙහෙන්දිගේ මුහුණේ මල් මල් හිනාවක් විසිරුනා......
❤️ හ්ම්ම්ම්ම්ම්............ රසයි......... අම්මා හදන ඒවා මතක් වුනා............ ඒත් මං දැන් අවුරුදු ගානකින් එයාගේ අතින් හදලා මොනවත් කාලා නෑ............
මෙහෙන්දිට දැනුනේ දුකක්....... ඒත් එහෙම වුනේ වික්රාන්ත්ගේම වරදින් කියලා කියන්න මෙහෙන්දිට හිතුනේ නෑ........ මොකද වික්‍රාන්ත්ගේ හිත රිදවන්න ඇයගේ කැමැත්තක් තිබුනේ නෑ..............
💃 එ් වුනාට මේවා නම් හැදුවේ මං............
වික්‍රාන්ත්ගේ මුහුණ හිනාවකින් පිරිලා ගියා.............. මෙහෙන්දි ඔහු දිහා බලාගෙන හිටියේ හරිම ආදරෙන් හැබැයි ඒ ඔහු ඉවත බලාගෙන ඉන්නකොට විතරයි............ ඇය කොහොමත් මොන තරම් ආදරේ වුනත් වික්‍රාන්ත් තමාට කල දෙයට ඇය තවමත් සමාව දී නම් නෑ.........
දොර ගාව ඉන්න පුංචි මහීරාත් බලන් හිටියේ දෙන්නා දිහා..............
කෙල්ලගේ පන්තිය ඉවර වෙලා ආපහු යනකොට සවස පහට විතර ඇති අද වික්‍රාන්ත් practice ගියෙත් නෑ....... කොල්ලට තිබුනේ පුදුම සතුටක් දැන් ඕනැ වුනේ තනිවෙලා ඒ සතුට විඳින්න........... හිතේ හැටියට නපුරු කුමාරිකාව දිහා බලාගෙන ඇගේ නපුරුකම් ඉවසගෙන හිටිය හැටි සිහිවී ඔහුගේ හිත යලි යලිත් බලාපොරොත්තු වලින් පුරවාගත්තා..............
❤️❤️ මගේ කෙල්ල............ මං දන්නවා..... අදටත්... අදටත් මට විතරමයි ආදරේ කියලා............. මං මහ පිස්සෙක්....... අවුරුදු පහක්ම මං ඔයාව නැති කරගෙන ජීවත්වුනා............ ඒත් දැන් නම් බෑ......... මං මාහීර් එක්ක කතා කරනවා.......... මාහීර් දන්නවානේ මං ඔයා අත්හැරියේ ඇයි කියලා.............. එයා මට ඔයාව ආපහු දෙයි.................. එහෙම ඕනැවෙනකොට ගන්නයි එපාවෙනකොට දෙන්නයි මගේ මැණික පුංචි එවුන්ගේ සෙල්ලම් බඩුවක් නෙවේ....... ඒත් එදා මං දීලා ගියේ වෙන කරන්න දෙයක් නැති නිසා................ මට දැන් ඔයාව ඕනේ එක දවසකට දෙකකට නෙවේ හැම ආත්මෙකටම......... මට දැන් ඔයාව ඕනෑ......... මේ හැමදේම ඉක්මනටම විසඳගන්න ඕනේ................ තවත් මෙහෙම ඉන්න බෑ මට...................
වික්‍රාන්ත් හිතුවේ ඇඳේ උඩ අතට වැතිරිලා කැරකෙන විදුලි පංකාවේ තටු දිහා බලාගෙන..............
⚪ අපේ මහත්තයා ශධීර් මහත්තයා ඇවිත්......
ගෙදර වැඩ කරන කෙනෙක් ඇවිත් කතා කරනකොටයි වික්‍රාන්ත් කල්පනාවෙන් මිදුනේ................ ඔහු පහලට යනකොට ශධීර් සහ අසේකා පහල මහීරා එක්ක ලොකු කතාවක්........... වික්‍රාන්ත් ගිහින් ඔවුන් ලගින් වාඩි වුනා.............
💙 මොකද උනේ........ උඹ කොහේද බං ගියේ practice ආවෙත් නෑ.....................
❤️ මං හිටියේ දුව එක්ක..............
💙 දුව එක්කද දුවගේ අම්මි එක්කද...........
ශධීර් මනමාල හිනාවක් දාලා ඇහැකුත් ගැහුවා........... වික්‍රාන්ත් ටත් හිනා ගියේ නපුරිගේ නපුරු වැඩ මතක් වෙලා.........
❤️ ලං වෙන්නවත් බෑ මට තාම ඒ නපුරු හඳ ලඟටවත්,, පුදුම නපුරුකමක් කියෙන්නෙ බං.......
💙 ඔය නපුරුකම් මට්ටු කරන්නත් උඹ දන්නවානේ.............
❤️ ඒත් ඉතින් මගේ නෙවේනේ දැන්.... මාහීර්ගේනේ.........
💙 මගුල තමා.......... මාහීර් කාරයා මෙහෙන්දිව බැඳලා සහස්දිව තියාගෙනලු ඉන්නේ ඕස්ට්‍රේලියා වල...... ඌ මාර එකෙක්නේ බං........ ඒක්කෝ කරන එකක් නංගිට කියන්න ඕනි...... පව් ඒකි නිකම් දුක් විඳිනවා........ උඹ දන්නවද පහුගිය දවස් වල නංගිට ඔක්කොම බල කලා මාහීර් එක්ක ඉන්න හිත හදාගන්න කියලා...... ඒ අතරේ තමා සහස්දි ඇවිත් මෙතන පිස්සුවක් නැටුවේ.......... නැත්තම් අපි තාම දන්නෑ මුන් දෙන්නා ඕස්ට්‍රේලියා වල living together කියලා.........
❤️ නෑහ්....... ඇයි බං මාහීර් එහෙම කලේ.........
💙 ඌටත් ආදරේ ඕනැ ඇතිනේ බං කොල්ලෙක්නේ..........
❤️ හ්ම්ම්ම්ම්..... එහෙනම් මට මගේ කෙල්ල ඕනි............ මට බෑ තවත් මෙහෙන්දිව දුරින් තියාගෙන ඉන්න
💙අන්න එහෙම වරෙන්කෝ.......... උඹ කතා කරපන් කෙල්ලට......... serious ම...... අපි මාහීර් ආවම divorce එක ගමු ඉක්මනටම............
❤️මට ටිකක් හම්බවෙන්නම ඕනි.........
💙එහෙනම් කතා කරපන් හරිද........ මෙහෙන්දි කියන්නේ සම්පූර්ණයෙන්ම උඹටම විතරක් අයිති දෙයක් ........... ඒක මතක තියාගනින්............
ශධීර් ගිය පසුත් වික්‍රාන්ත් හිතුවේ ඔහු කෙල්ල ගැන කියපු දේවල්............
❤️❤️ දෙවියනේ මේ වතාවෙ නම් මගේ මැණික මගෙන් ඈත් කරන්න එපා........ එයා මගේ................. මගේ විතරමයි.............
වික්‍රාන්ත් දෑස් පියාගෙන ප්‍රාර්ථනා කලේ ඈත තිරු කෝණේෂ්වරම් කෝවිල දිහා බලාගෙන.............
❤️❤️ එදා නවරාත්‍රි උත්සවයෙන් පස්සේ මං ආවේ නෑ ඔබවහන්සේ දකින්නවත්...... ඒත් මං ලඟදිම ආයෙත් එනවා...............මට මගේ මැණික ආපහු දෙන්න පුළුවන් නේද............ ඔබතුමියගේ කරුණාව අපිට ලැබෙයි නේද............
><<><><><><><><><><><><><>
මෙහෙන්දි නිවසට එන විට ශේඛා සාලයේ අපූර්වා හා ප්‍රතාප් හා කතා බහකය.................
🏆️ දෝණි මෙහෙන් වාඩිවෙන්නකෝ.......
ඇය ශේඛා අසලින් වාඩි විය......... ශේඛා ඇගේ අතක් ගෙන තම අතට ගුලි කරගත්තාය...........මෙහෙන්ද
🏆️ දුව.......... තාම ඔයා මාහීර් ගේ wife ඉතින් මේවා මොනවා හරි වෙනකම් එහෙ ගියොත් තමා හොඳ......... ඔයා මොකද හිතන්නේ.................
💃 තාත්තා........ මං එහෙ යන්නම ඕනැද........
🏆️ දුව මාහීර් එක්කත් කතා කරන්න......
💃 එයා එක්ක මං මොනවා කතා කරන්නද තාත්තා......... මට එයා එක්ක ජීවත් වෙන්න එයාට ආදරේ කරන්න හිත හදාගන්න කියලා...... එයා මගේම අක්කා එක්ක එහෙ ජීවත් වෙනවා....... මං මොනාද එයා එක්ක කතා කරන්න ඕනි......තාත්තා...........
🎊️ මට ඔයා ගැන දුකයි දුව...............
💃 මං නම් හිතන්නේ හැමදේම වෙන්නේ හොඳට කියලා.......... අයියටත් අම්මා අනාගතයක් තියෙන්න ඕනැනේ....... ඉතින් සහස්දි එයාට ආදරෙයි නම් එයත් සහස්දිට ආදරෙයි නම් හොඳම දේ මං අයින් වෙන එක........
🎊️ එතකොට දුව ඔයා.......... ඔයත් එයා එක්ක ජීවත් වෙන්න හිත හදාගෙනයි හිටියේ.............. මට මාහීර් එක්ක කේන්තියි.......... මං එයාට කවදාවත් සමාව දෙන්නෑ..........
💃 එහෙම කරන්න එපා අම්මේ............ ඔයා මාව බලාගත්තා වගේ සහස්දිවත් බලාගන්න....... අනිත් එක මං අයියා එක්ක ජිවත් වෙන්නම් කිව්වට....... මගේ හිත හැමවෙලාවෙම තිබුනේ වික්‍රාන්ත් අයියා ගාව............. අම්මාට මට මේක කියන්නත් ඕනැ වුනා........ එන්න හිටියේ මං අද............ ඒත් ඉතින් ඔයා කලින්ම මාව බලන්න ඇවිත්නේ........... වික්‍රාන්ත් අයියා ආවා අම්මා......... තාත්තා....... එයා ආවා......... හැබැයි තනියෙන් නෙවේ සෝනම්ගෙයි අනුරාග් ඛන්නාගෙයි දුවත් එක්ක.............. දන්නවද අම්මා ශේෂ් සක්සේනා මගේ නම තමයි එයාගේ අම්මා විදිහට දාලා තියෙන්නේ......... සෝනම් දරුවා දාලා ගිහින්.......... එයා කවදාවත් වික්‍රාන්ත් අයියටවත් අයියා කවදාවත් එයාටවත් ආදරය කලේ නෑ අම්මා............. ඉතින් මං දැන් කොහොමත් නීතියෙන් ම මහීරාගේ අම්මා.....................
🏆️🏆️🏆️ ඒ කියන්නේ දුව ඇත්ත දැනගෙන........ ඒකත් හොඳයි..... ඒකත් හොඳයි.............. මාත් වික්‍රාන්ත් එක්න ආයෙ කතා කරන්න වෙයි....... මං ශේෂ්ට පොරොන්දු වුනා........... මේ දෙන්නව එකතු කරනවා කියලා................. ඒ කියන්නේ මෙහෙන්දිට වික්‍රාන්ත් හම්බවෙලාද........ ඒක හොඳයි........ අපි අතින් වුන වැරදි හදාගන්න දෙවියෝ අපිට එක අවස්ථාවක් දීලා............
ප්‍රතාප් එලෙස සිතුවත් පැවසුවේ නැත......
🎊️ අදහන්න වත් බෑ දුව ඒ කතාව......වික්‍රාන්ත් ආව එක ගැන මට හුඟක්ම සතුටුයි..............
💃 ඒක ගැන විශේෂයෙන් සතුටක් නෑ අම්මා.......... එයා ඉතින් මං එයා ගාවට ගනීද දන්නෑනේ..............
🎊️ මොනවද මේ කියන කතා............ වික්‍රාන්ත්ගේ හිතේ ඔයාට තියන ආදරේ කොච්චරද කියලා මං හොඳට දන්නවා........ අද වගේ මට මතකයි මීට අවුරුදු පහකට කලින් වික්‍රාන්ත් අඬාගෙන ආවා අපේ ගෙදරට...... ඔයාව අර මහීමයාට අයිති වෙන්න දෙන්න එපා කියලා කියන්න.............. මාහීර්ට ඔයාව බදින්න කියලා කියන්න එයා අාවේ......................
💃 එපා අම්මා............. එයාට මාව ඕනැ නම් එයි........... ඔයා කතා කරන්න ඕනි නෑ.............
🎊️ හ්ම්ම්ම්ම..... ඒත් ඔයා අද එන්න ඕනි මාත් එක්ක ගෙදර යන්න......... හරි විදිහට මේ ප්‍රශ්නෙ විසඳෙනකම් ඔයා මාත් එක්ක ඉන්න ඕනි..........
💃 හොඳයි එහෙනම් යමුකෝ...
🎊️ අයියේ මං කෙල්ල එක්ක යනවා..... තව ටික දවසනේ ඉන්නේ මගේ ගෙදර........ මමම මගේ කෙල්ලව වික්‍රාන්ත්ට දෙනවා.............. ගිහින් එන්නම්..........
මෙහෙන්දි ශේඛත් එක්ක ආයෙම එයාගේ ගෙදරට ගියා.................
ප්‍රතාප් ගේ හිතට සැනසීමක් ඇති වුනේ වික්‍රාන්ත් ගැන ශේඛා කිව්ව දේවලුත් ඇහුවට පස්සේ..........
🏆️🏆️ වික්‍රාන්ත් කෙල්ලට පණ ඇරලා ආදරෙයි............... දැන් නම් මේ දෙන්නා දුරින් හිටියා හොඳටම ඇති...........
ප්‍රතාප් වික්‍රාන්ත්ව මුණ ගැසීමට සිතාගත්තේය..............
__________________________
💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
මෙහෙන්දි උඩ කාමරයේ බැල්කනි එකේ තිබුණු පුටුවේ වාඩි වෙලා ඈතට ගලා යන යමුණා නදිය දිහාම බලාගෙන හිටියා.......... ඈතින් ඡායාවක් වගේ පේන ටජ්මහල් කළුවරේ වුනත් ඇගේ නෙත ගැටුනා....................
💃💃 ඔයා මට කොච්චරක් ආදරේ කරලද............. අනේ..හ්........ සමාවෙන්න....... මං ඔයා එක්ක හුඟක් කේන්තියෙන් හිටියේ.......... ඔයා මට කවදාවත් බොරුවක් කරලා නෑනේ......... මං වැරදියි........... මට දුකයි අයියේ......... මේ අවුරුදු පහ ඔයා තනියෙන් ගෙව්වේ කොහොමද........ අනේ අපිට ඇයි එහෙම වුනේ මගේ රත්තරන් අයියේ............ මං.. මං...........හු........ගාක
මෙහෙන්දිගේ ඇස්වල කඳුලු........ඇය ඒ අතරින් සිහි කලේ අද දවසෙම දුටු ඔහුගේ රුව..............
එවිටම මෙහෙන්දි ගේ දුරකතනයට නොදන්නා අංකයකින් ඇමතුමක් ආවා............... කෙල්ලට පුදුමයි කවුද මේ කියලා......... ඒත් හිත හිත ඉන්නැතුව ඇමතුම සම්බන්ධ කරගත්තා................ තමා ඇමතුම් සම්බන්ධ කර නොගන්නා නිසා මේ ගන්නේ මාහීර් දැයි සැකයකුත් ඇති විය......
මෙහෙන්දි කිසිවක් සිතන්නෙම නැතුව දුරකතනය කනේ කියාගෙනම ඇඳට ගියා................
💃 hello..........
❤️ ම......ගේ..........මැ..ණික
මෙහෙන්දිගේ මුහුණ මල් වත්තක් වගේ වර්ණවත් වුනා........... ඉර පායපු අහස වගේ ආලෝකමත් වුනා............... හැබැයි ඒත් එක්කම ඇයව දාලා ගිය එක ගැන හිතේ උපන් කේන්තියත් මතු වුනා......
💃 කියන්න..... අයියේ
❤️ මේ.......මං........මං.....
මේ හැගීම්බර කටහඬ ඇහෙනකොට කෙල්ලට ඇතිවන හැගීම කියලා විස්තර කරන්න බෑ................ ආදරේ මහා ගොඩක් තියනවා......... වරුවක් විතර ඒ පපුවට තුරුළු වෙලා නඩු ඔක්කොම විසඳගන්න කෙල්ලට හුඟක් ඕනැකම තිබුනා........... ඒත් ඒ එකක්වත් හඬක් වෙලා පිටවුනේ නෑ...........
💃 මං එන්නම්................ එහෙනම් මං තියන්නම්.........
අහංකාර සඳවතිය තවමත් සමාව දෙන්නට සූදානමක් නැත............ ඒ නපුරුකම ඔහුව බොහෝ රිදවයි...........
❤️ එන්නම් කියන්නේ මැණික කොහාටද කියලාවත් අහන්නැතුව............. ම්ම්ම්ම්.....
💃 Golden Saffron එකට එහෙටනෙ එන්නේ............. මං එන්නම්.........
❤️ මට උදෙන්ම practice......... next week විතර australian tour එකනේ........... eight විතර.............
💃 eight thirty විතර............ කමක් නැනේ....
❤️ හා........ මේ.....
💃 මං එහෙනම් තියන්නම්......
තවත් මොනවාහරි කිව්වොත් මෙහෙන්දිට වෙන්නේ හඬන්න ඒකයි phone එක cut කරලා දැම්මේ.......
💃💃 ඔයා මොන වගේ කෙනෙක්ද මෙහෙන්දි......... මොන වගේ කෙනෙක්ද........ හිත රිදෙව්වා නේද හුඟක් ඒ අහිංසකයාගේ.... ඔයා මේ තරමට නපුරුද.......... පව්......... හුඟක් දුක්වෙයිි................
ඇය තමාටම බැනගත්තා..........එහාට මෙහාට පෙරලි පෙරලි හිටිය කෙල්ලට නින්ද ගියේ මධ්‍යම රාත්‍රියත් පහු වෙලා................
පහුවදා උදේ පාන්දරින්ම කෙල්ල අවදි වුනේ අද වික්‍රාන්ත් හම්බ වෙන්න යන්න තියනවා කියලාත් හිතමින්.......... ඒ සිතුවිල්ල ඇගේ මුළු හදවතම අමුතුම හැගීමකින් සරසලා තිබුණි ......... කෙල්ල ඇඳගත්තේ නිල් පාට සාරියක් ඒකෙ රන් පාට බෝඩරයක් තිබුනා..........වරලස වෙනදා වගේම දිගට කඩා දාගත්ත කෙල්ල සරළ ආභරණද පැලඳගෙන ඉක්මන් ගමනින් ගොස් වාහනයට නැගුනේ යන ගමන් තිරු කෝණේෂ්වරම් කෝවිලටත් ගිහින්ම යන්න ඕනි කියලා හිතාගෙන...............
තිරු කෝණේෂ්වරම් කෝවිලේ පූජාව පටන් අරන් තිබුනේ මෙහෙන්දි යන විටත්............ කෙල්ල අතේ තිබුණු කිරි බෝතල් දෙකත් පූජකතුමා අතට දීලා දෙවියන් වඳින්න පටන් ගත්තා...............
💃💃 මං ඔබ වහන්සේගෙන් එදා ඉල්ලපු දේමයි අදත් ඉල්ලන්නේ......... මේ වතාවෙ නම් මට එයාව නැති කරන්නෙපා.......... මට අදත් ඕනෙ වික්‍රාන්ත් අයියම විතරයි........
මෙහෙන්දි ශිල්ප ශාලිකාවට යන විට මහීරා පැමිණ සිටිනු ඇය දුටුවා......... මෙහෙන්දිව දකින විටම ඇය දිව විත් මෙහෙන්දිට තුරුළු විය..........
🧚 අම්මි ඔයා අද late
💃 මං කෝවිලට ගියා......... කාත් එක්කද ආවේ..........
🧚 තාත්ති එක්ක ආවේ...........
💃 ම්ම්ම්ම්ම්........ අම්මි දැන් පොඩී ගමනක් යනවා.......... ඉක්මනින් එන්නම් හොඳද.........
කෙල්ල සුරතලයෙන් ඔළුව වැනුවා....... මෙහෙන්දි ඇයව ආදරයෙන් සිපගත්තාය........
💃💃 හැම දෙයක්ම හොදින් සිද්ධ වුනොත් දෙවියෝ අපිට තව අවස්ථාවක් දුන්නොත් හැමදාම අපි තුන්දෙනාට එකට ඉන්න පුළුවන් වෙයි මහීරා
මෙහෙන්දි සිතුවේ කෙල්ලගේ හිස අතගාමින්.................
වික්‍රාන්ත් ආවේ හුඟක්ම උදෙන් කෙල්ලත් එක්කම කෝවිලට ගිය ඔහු ඇයව MEVEENA එක ගාවින් දාලා Golden Saffron එකට..............
මෙහෙන්දි Golden Saffron එකට යන විට හරියටම අට හමාරයි............. ඇය හැම තැනටම දෑස් යැව්වේ වික්‍රාන්ත් කොහේද කියලා බලන්න............. ඒත් කිසිම තැනක ඔහු නොදුටු බැවින් ඇය අවසන් වතාවට ඔවුන් හමුවූ යමුණා ගං තීරයේ සුවිසල් සල් ගස ලඟට ගියාය..............වික්රා
වික්‍රාන්ත් පුදුමයෙන් වගේ ඇය දිහා බැලුවත් මෙහෙන්දිගේ මුහුණේ ඇති නොවෙනස් ආදරණිය හැගීම ඔහුට ඇය ගැන ඇති කලේ තද බල ලෝබ කමක්.......... ඔහු තවත් කිසි දෙයක් නොසිතා ඇගේ අතින් ඇද තම පපුවට තද කරගත්තේය.......... මෙහෙන්දිද අපේක්ෂාවෙන් සිටි පරිදිම ඒ පපුතුරේ හිස හොවාගත්තේ උතුරා යන ආදරයෙනි.......... වික්‍රාන්ත් කුඩා දැරියක් වගේ තුරුළුව සිටින කෙල්ලගේ හිස ආදරයෙන් සිපගත්තේය............ තව තවත් තුරුළු කරගත්තේය........... දැන් දැන් කවුරුන් හෝ පැමිණ ඇයව තමාගෙන් උදුරාගෙන යනු ඇතැයි යන බියෙන් මෙන් තව තවත් තුරුළු කරගත්තේය.............
❤️ මට සමාවෙන්න මැණික......... මං හින්දමයි මේ තරමට මගේ රත්තරන් දුක් විදින්නේ........... මං දන්නවා මේ අවුරුදු පහම හිටියේ සතුටින් නෙවේ කියලා........ ඒ එක දවසක් වත් මමත් සතුටින් හිටියේ නෑ............ මතක් වුනේම ඔයාව................ මාහීර් එන්නේ කවදද මට එයා එක්ක කතා කරන්න ඕනි.......... මට බෑ තවත් ඔහොම දුක් විඳින්න දෙන්න.........
වික්‍රාන්ත් මෙච්චර වෙලා තම පපුවට මුහුණ තෙරපගෙන ඉන්න කෙල්ලගේ මුහුණ තමා දෙසට එසවූයේ ඔහු ඇඳ සිටි ටී ෂර්ට් එකේ වූ තෙත් ගතියටයි......... මෙහෙන්දිගේ මුහුණම කඳුලින් තෙත් වෙලා තිබුනේ ඒක දැක්කම නම් වික්‍රාන්ත්ට ඉහිලුම් නැති වුනා............
❤️ දෙවියනේ.......ඇ..යි.....මේ
කෙල්ලගේ මුළු මුහුණම ආදරයෙන් පිරිමදිමින් වික්‍රාන්ත් කිව්වේ හදවත දැවෙන හැගීමෙන්............. මේ ආදරය දුක් දුන්නේම ඇයටයි.......... තවත් එක් දිනක් වත් ඇයව මෙසේ තම ආදරයෙන් දුරස් කර සිටීමට වික්‍රාන්ත්ගේ හිතේ කැමැත්තක් නැත............ මුලින් මාහීර් හා කතා කල යුතුය පසුව ප්‍රතාප් හා විහේන් හමුවීමට ඔහු සිතාගත්තේය............
❤️ මෙහෙන් වාඩි වෙන්න මගේ මැණික.......
වික්‍රාන්ත් කෙල්ලව අසල තිබුණු බංකුව මත වාඩි කරවූවාය.......... මෙහෙන්දි දෑතින්ම වික්‍රාන්ත්ගේ අත අල්ලාගෙන ඔහුගේ උරහිසට බර විය...........
❤️ මට කියන්න මැණික.......... කවදද මාහීර් එන්නේ...............
💃 දන්නෑ......... මං එයාට කතා කලේ නෑ........
❤️ ඇයි ඒ........ එයා කතා කලෙත් නැද්ද.......
💃 එයා නම් ගත්තා......... මං answer කලේ නෑ........... එයා එනවා කියලා කිව්වේ දැන් දවස් දෙකකට කලින් ඒත් ආවේ නෑ..........
❤️ ඔයා කතා කරන්නෙපැයි බබා....... මාහීර්ගේ වරදක් නෑ මැණික.......
💃 මං දන්නවා........ මාහීර් අයියා කලේ වැරැද්දක් නෙවේ..... ඒත් වැරැද්දත් හරි විිදිහට කරන්න ඕනි.......... අනික සහස්දි ඉන්නේ එයා එක්ක.......... මට ඕනෙ නෑ එයාලා දෙන්න අතරට යන්න.......... සහස්දි............ මගේ අක්කා............... ඒ ගහපු කමිමුල් පාර මට තව හොඳට මතකයි....... මං වරදක් නොකරම එයා මට එක කම්මුල් පහරක් ගැහුවා........... මං මොනාටද එයාලට තවත් කතා කරන්නේ........... ඕනෙ නෑ..........
❤️ බබා............. ඒත් මාහීර් එක්ක කතා කරන්නම වෙනවා................ මට මගේ මැණිකව දැන් ඉල්ල ගන්නනේ වෙලා තියෙන්නේ......... මගේම මෝඩ වැඩ වලින් තමයි ඉතින් හැම එකම වුනේ........
💃 එයා හැමදාටම රෑ ගන්නවා.............
❤️ කතා කරන්න මැණික......... කතා කරලා අපි මේක විසඳගමු.......... සහස්දි අමතක කරන්න එයා කොහොමත් එහෙමනේ ඉස්සර ඉඳන්.....මට වඩා හොඳට ඔයා අක්කා ගැන දන්නවානේ.........
💃 හොඳයි මං අද කතා කරන්නම්.........
❤️ ශේඛා ආන්ටි හොඳින් ඉන්නවා නේද...... මට එයාව බලන්න ඕනෙ.........
මෙහෙන්දි වික්‍රාන්ත් දිහා බලාගෙන හිටියේ සිනාවකුත් මුහුණේ තියාගෙනමයි.......... ඇය ඔහුගේ මුහුණට සිය අතක් තැබුවාය...........
💃 මට...හු......ගාක්........ආ
වික්‍රාන්ත් ඒ අත අරන් සිය තොල් වලට තද කරගත්තා...........
❤️ හුඟාක්.........ආදරේ කලා විතරක් නෙවේ........ හැමදාටම හුඟාක් ආදරෙයි........
💃 මං ඒක දන්නවා අයියේ..................
❤️ මට මාහීර්ගේ අම්මත් හම්බවෙන්න ඕනි............
💃 ඊයේ රෑත් ඔයා ගැන අැහුවා....... මං... call එකක් අරන් දෙන්නද
❤️ හ්මිම්ම්.....අරන් දෙන්න මට කතා කරන්න ඕනෙ...............
ඇමතුම ඉතාමත් ඉක්මනින් සම්බනධ විය...........
💃 අම්මා...........මොකද කරන්නේ..........
🎊️ මේ......මං ඔයාලාගේ ගෙදර යන්න කියලා......... මාහීර් එනවා කිව්වට ආවේ නැහැනේ........... මේවා එයාට ඕනැ ඕනැ විදිහට කරන්න බෑනේ.......... එයා කොහොමද එහෙම ඔයාගේ ජීවිතේ එක්ක සෙල්ලම් කරන්නේ.......
ශේඛාගේ කේන්තිය සාධාරණය........ කිසිම මවක් තම දරුවා අතින් ගැහැණු දරුවෙක්ට අසාධාරණයක් වනු දැකීමට කැමැත්තක් නැත...........
💃 අම්මා........ කේන්ති ගන්න එපා........ මේ අහන්නකෝ.......වික්‍රාන්ත් අයියාට ඔයා එක්ක කතා කරන්න ඕනැලු...... මං දෙන්නද..........
🎊️ දෙන්න දෙන්න....... එච්චරයි මගේ හිතට සැනසීමක් තියෙන්නේ.........
ශේඛා පැවසුවේ හදවතින්මයි.......... එදා වික්‍රාන්ත් තම නිවසට පැමිණ පැවසූ වදන් අදද අැයට හොඳින් මතකය......... එදා ඔහු මෙහෙන්දිව අත්හැරියත් ඒ සියල්ල ඔහු කලේ ඇයත් ඇගේ පවුලේ ගෞරවයත් වෙනුවෙන්......... ඇය ගැන ඔහුගේ හදවතේ තිබූ අපිරිමිත සෙනෙහස ශේඛා හොඳින්ම තේරුම් ගත්තාය......... නමුත් කෙල්ලව ආරක්ෂා කරන්නම් බලාගන්නම් කියා භාරගත් තම පුතු ඇයට කලේ කොතරම් වැරදි දෙයක් දැයි ඇය සිතුවාය..........
❤️ අම්මා................ මෙහෙම කතා කලාට මට සමාවෙන්න......මං ඔයා බලලා යන්න එන්නම්............එදා මං කියලා ගිය විදිහටම ඔයා මගේ කෙල්ලව බලාගෙන තියනවා අම්මා......... ඒකට මං ඔයාට කොහොම ස්තූති කරන්නද මන්දා............
🎊️මොනවද පුතා ඔයා මේ කියන්නේ....... ඔයා කරපු දේ මං හොඳට දන්නවා....... කෙල්ලගේ හොඳටම කෙල්ල අත්හැරියා මිසක් නැත්තම් ඔයාගේ හිතේ කෙල්ලට තියන ආදරේ මට අමුතුවෙන් කියන්න ඕනි නෑ........... ඔයා හින්දා තමා මං කෙල්ල මේ තරම් ආරක්ෂා කලේ...... ඒකි කැමති හැමදේකටම උදව් කලේ.....
❤️ මං දන්නවා අම්මා....... ඔයයි මාහීරුයි නැත්තම් මං හුඟක් අසරණ වෙනවා....... තව ටිකෙන් මෙහෙන්දි නතර වෙන්නේ ලංකාවේ.......... මට ඔයාලා කරපු උදව්ව අමතක වෙන්නෑ..........
🎊️ ඒත මාහීර් කරපු දේත් ඔයා දන්නවා ඇතිනේ.......... මං ඒ ගැන හුඟක් ලැජ්ජා වෙනවා පුතා........ එයයි ඔයයි කොච්චර වෙනස්ද......... නංගිව බැඳලා මෙහෙ තියලා එයා එහෙ අක්කා එක්ක ජීවත් වෙනවා......... මොන ලැජ්ජාවක්ද පුතා......
❤️ අනේ අම්මා....... මාහීර්ට මොනවත් කියන්න එපා........... එයාට කතා කරන්න අපි එයා එක්ක කතා කරමු...... මං ඉන්නවානේ........ එයා එහෙම කරපු එකේ වරදක් නෑ........ මාහීර් මං වෙනුවෙන් කලේ ලොකු පරිත්‍යාගයක් අම්මා....... අවුරුදු ගානක් එයාට බිඳක් වත් ආදරේ නැති කෙනෙක් වෙනුවෙන් කැප වුනා............ එයා තමන්ට ආදරේ කරපු කෙනෙක්ට ලං වුන එකේ වරදක් නෑ........... අපිට ඒ දෙන්නා අත්හරින්න බෑ අම්මා........... හැමදේම අපි විසදගමු........
🎊️ මට හිතාගන්න බෑ ඔයා ඔහොම කතා කරන එක පුතා........... හොදයි....... එහෙනම් මට කතා කරපු එක ලොකු සතුටක් මට........
❤️ මං ඔයා බලන්න එන්නම්............
🎊️ දැන් ඉතින් තව කෙනෙක් ඉන්නවානේ නේද......... මගේ මෙහෙන්දිගේ පුංචි දුව මහීරා........එයාවත් එක්ක තුන්දෙනාම අද මෙහෙ එන්න ඕනි.......මං බලාගෙන ඉන්නවා..........
ඇය දුරකතනය විසන්ධි කලේ ආශිර්වාදත් සිදුකරමිනි............
මෙහෙන්දිගේ අත්ඔරලෝසුවේ වෙලාව සනිටුහන් වුනේ දහය කියලා.......... කෙල්ල ටිකක් කලබල වුනා.........
💃 අයියේ දහයයි මං යන්න ඕනි...........
❤️ යමු.................
වික්‍රාන්ත් කෙල්ලගේ අතකින්ද අල්ලාගෙන Golden Saffron එකෙන් එලියට ආවේ හදවතට පුදුම සැනසීමක් දැනෙන විටදීය.............
වික්‍රාන්ත් මෙහෙන්දිව MEVEENA එක අසලින් දමන විට වෙලාව දහයයි විස්ස පමණ වී තිබුණි............ මෙහෙන්දි වාහනයෙන් බසින්නට හදන විටම කෙල්ලගේ අතකින් තදින් අල්ලාගත්තේය..........
❤️ මැණික.......... හවසට වාහනය ගෙන්න ගන්න එපා හොඳද....... මං එනවා.................
කෙල්ල දැන් කිසි දෙයකට අකැමති වන්නේ නැත..........මොකද මේ ඇගේ ආදරයයි............ ඇගේ විශ්වාසයයි........ මෙහෙන්දිට තමා ගැනම ලොකු ගෞරවයක් ඇති වන්නේ ඔහුගේ ආදරයට කිසිඳු කළු පැල්ලමක් එක් නොකර වසර පහක් ගත කල එකටය....... ඔහු එනතුරුසිටි එකටයි........... වික්‍රාන්ත් ගියේ ඇගේ නලල මත හාදුවක්ද තබමිනි............. මෙහෙන්දිට ලෝබ හිතෙන්නේ ඔය ආදරයටයි............ ඇය මැරෙන්න තරම් ආදරය කරන්නේ ඔය දරාගන්න බැරි සෙනෙහසටයි........... මෙහෙන්දිට වික්රාන්ත්ගෙන් මිදීමට නොහැක්කේම ඒ සුන්දර හැඟීම්බර ආදරණීය ආදරය නිසාමය....................
🎊️💜️🎊️💚🎊️❤️🎊️💜️🎊️💚🎊️❤️🎊️💜️
ප්‍රතාප් ශර්මා උදෑසන කෑම මේසයේදී විහේන් හා සාශේන් හමුවිය.......... සාශේන් ආවේ ඊයේ රාත්‍රියේදීය.......... ඔවුන් දෙදෙනාම මාහීර් හා සහස්දි පිලිබඳ ගැටලුව දැන සිටියත් ඒ ගැන හරියටම කතා කරන්නට ඔවුන්ට සුදුසු වෙලාවක්ද නැති විය............ අශ්ලේෂා සිය සොයුරා ගැන මෙන්ම සහස්දි ගැනද සිටිවේ දැඩි කලකිරීමකිනි...........
🏆️ විහේන් දන්නවානේ දැන් වෙලා තියන දේ............ මං හිතන්නේ නංගිව මේ කසාදෙන් නිදහස් කලොත් තමයි හොඳ...
අශ්ලේෂාට පොලව පලාගෙන යන්න තරම් ලැජ්ජාවක් දැනේ........... සිය සොයුරා තමා ගැනවත් සිතුවේ නැත........
🌷 දන්නවා තාත්තා............ ඒත් ඒක නංගිට හරි නෑ නේද....... අනේ මන්දා තාත්තා ඇයි මේ අපේ කෙල්ලටම මෙහෙම වෙන්නේ පව් අහිංසකී.......
🏆️ මොනවා කරන්නද............. ඒ ළමයා කොහොමත් කැමැත්තෙන් නෙවේ මේ කසාදෙට කැමති වුනේ............ ඒ හින්දා මේ කසාදේ ඉවර වෙන්න ඕනි...... සහස්දි කලේ හොඳ දෙයක් නෙවේ වුනත් එයත් අපේ දරුවෙක්.......... අපි මේ වෙලාවේ වැරදි තීරණ ගත්තොත් අවුල් වෙන්නේ ඒ තුන්දෙනාගෙම ජීවිත
💖 දැන් මොකද කරන්නේ.............
🏆️පුතා.......... ශේෂ් මැරෙන්න දවස් කීපයකට කලින් මට කතා කලා......... වික්‍රාන්ත් ඒ හැම දේම කරලා තියෙන්නේ අපි වෙනුවෙන් අපේ දුව වෙනුවෙන් බිස්නස් වෙනුවෙන්........
💖 ඒක ඇත්ත තාත්තා....... ඒක මමයි මාහිරුයි දැනගෙනයි හිටියේ........ ඒත් අපිට ඒක ඒ වෙලාවෙදි කියන්න එපා කියලා වික්‍රාන්ත් කිව්වා............
🏆️ සෝනම් එක්ක එයාගේ කිසි දෙයක් තිබිලා නෑ........ දරුවත් සෝනම්ගෙයි අනුරාග් ඛන්නාගෙයි......... ඒත් දරුවා ඉපදුන දවස් වලම ඒ ගෑණි අනුරාග් එක්ක ගිහින් දරුවව දාලා...... අඩු තරමේ දරුවට අම්මාගේ නම දීලත් නෑ.........
🌷 මහ ජරාගෑණියක්......... මං තාත්තාගේ නම නැති දරුවෝ දැකලා තියනවා ඒත් අම්මාගේ නම නැති දරුවෙක් මේ දැක්කමයි........ පව් ඒ දරැවා.....
විහේන් පැවසුවේ හදවතින්ම උපන් අනුකම්පාවෙනි...........
🏆️ ඒත් ශේෂ් සක්සේනා එහෙම වෙන්න දීලා නෑ..........
🌷 ඒ කිව්වේ...........
🏆️ ශේෂ් දරුවගේ අම්මාගේ නමට දාලා තියෙන්නේ නංගිගේ නම....... මෙහෙන්දි ශර්මා කියලා...........
💖 නෑහ්..........අඩු තරමේ අවසාන මොහොතේ වත් මේ මනුස්සයා හොඳ වැඩක් කරපු එක ඇති...........
🏆️මට සතුටුයිි.........මං හදපු දරුවෝ ගැන................ හැමෝම ඒ අහිංසක දරුවව පවුලට භාරගත්තා....... ඔයාලගේ අම්මා පවා............. අපි වික්‍රාන්ත්ට මෙහෙන්දිව දෙන්න ඕනි.......... ඒක කොහොමහරි කරන්න ඕනි විහේන්.......
🌷 තාත්තා....... වික්‍රාන්ත් ඉන්නේ දැන් මෙහෙ........
🏆️ එහෙමද........ මං එහෙනම් ඒ දරුවව හම්බවෙන්න ඕනි................ ඔයාට පුළුවන් නේද තරහ මරහ අමතක කරලා අද එයා එක්ක කතා කරන්න............ ඉක්මනට අපි වික්‍රාන්ත් වයි මහීරා වයි මේ ගෙදරට එක්ක එන්න ඕනි.........
🌷 ම..හී.....රා..............
🏆️ හ්ම්ම්ම්ම්ම්...... මහීරා තමයි විහේන් ඔයාලගේ නංගිගේ දුව..............
ඒ ටික ප්‍රතාප් කිව්වේ හරිම සතුටින්.........
🌸🌸🌸 මතු සබැඳියි
No comments:
Post a Comment