Thursday, April 30, 2020

මෙහෙන්දි - 18

විවාහ මංගල උත්සවය අවසන් වී පසුදාම මෙහෙන්දි හා ශේඛා ආපසු ලක්නව් බලා යාමට සැරසුනේ ඔවුන්ගේ ඇකඩමිය තව දින කීපයක් නොපවත්වා සිටිය නොහැකි බැවිනි............ මේ වන විටත් බොහෝ දෙනෙක් ඔවුන්ට ඇමතුම් ලබාදෙමින් හෙට එය නැවතත් ආරම්භ කරනවාදැයි අසයි........... එබැවින් එහි යාමට ඔවුන් තීරණය කලෝය................

නමුත් මෙහෙන්දිට සහස්දි සමගින් කතාකිරීමට අවශ්‍යව තිබුණි........ ඇය සොයා මෙහෙන්දි ඇගේ කාමරයට යනවිට මුළු කාමරයම අස් කර තිබුණි......... ඇගේ කිසිම දෙයක් එහි නොවීය............... මෙහෙන්දි ඉක්මනින් පහලට ගියාය.......... කෑම මේසය අසල සිටින අපූර්වාගෙන් ඇය සහස්දි ගැන විමසුවාය.........

💃 අම්මා..... අක්කා කෝ..... එයා කාමරේ නෑනේ.......

🌹 සහස්දිද.......

💃 ඔව්........

🌹ඇයි ඔයා දන්නැද්ද...... අද පාන්දර එයත් පුංචි අම්මලා එක්ක ගියානේ ඇමෙරිකා..........

💃මොනවාහ්......... එයා මට ඒක කිව්වෙත් නෑනේ......... අනේ මන්දා එයා මාත් එක්ත තරහ වෙලා වගේ....... මං එයාට කරපු දේකුත් නෑනේ.........

මෙහෙන්දිගේ හිතට එය තවත් බරකි...... තමා අතින් ඇයට දැනුවත්ව නම් වරදක් නොවූ බව සහතිකය........... ඒත් එසේ නම් මේ වෙනස්කමට හේතුව කුමක්ද......... මෙහෙන්දි බොහෝ සිතුවාය............... මාහීර් ආවේ ඇය ඒ කල්පනාවෙන්ම සිටින විටයි............

💘 මොනාද ඔය හැටි කල්පනා කරන්නේ..........

💃අයියේ.......... මං දන්නෑ මට හිතාගන්න බෑ...... සහස්දි අක්කා මටත් නොකියා යන්න ගිහින්..........

💘 මොනවා එයා කොහේද ගියේ.........

🌹 එයා පුංචිඅම්මලත් එක්ක ආපහු ගිහින්......... මාත් එක්ක ඇයි එයා තරහ වෙලා ඉන්නේ..........අනේ මං එයාට වරදක් කලේ නැහැනේ අයියේ....... මට හරිම දුකයි............

මාහීර් ට සහස්දි ගැන ඇති වුනේ කේන්තියක්.......... ඔහුට ඊයේ රාත්‍රියේදී ඇය හා ඇති වූ කතා බහ සිහි විය.........

🎭🎭🎭🎭🎭🎭🎭🎭🎭

රාත්‍රි එකට පමණ ඇගෙන් ආ කෙටි පණිවිඩයට ඔහු පහල මිදුලට ගියේ එය මෙහෙන්දි සම්බන්ධ කරුණක් යැයි කියූ බැවිනි....... නමුත් සිදු වූයේ වෙනත් දෙයකි.........

💘 සහස්දි ඇයි මොකක්ද ප්‍රශ්ණය....... වික්‍රාන්ත් වත් කතා කලාද

🌺 ඔයා එයා ගැන දෙයක් කියන්න තියනවා කිව්වෙ නැත්තම් එන්නෑනේද අයියේ...........

💘 එ් කියන්නේ ඒක මෙහෙන්දි ගැන නෙවෙයිද....

🌺 නෑ..... නෑ... නෑ..........

සහස්දි හයියෙන් කෑ ගහනකොම මාහීර් ඇගේ මුව අතින් වැහුවේ කාටහරි ඇහුනොත් ඔක්කොම ඉවර හින්දා.........

💘මොන මගුලක්ද වෙලා තියෙන්නෙ.... කියන්න තියන එකක් කියනවා.........

🌺 මං ඔයාට ආදරෙයි අයියේ..... ඒක තමා මට කියන්න තියෙන්නේ...... ඔයත් මට මෙහෙන්දිට තරම් නැතත් ආදරය කලා කියලා දන්නවා........... ඒත් අවුරුදු තුනක් ගිහිල්ලත් මෙහෙන්දි හිත හදාගත්තේ නෑ දශමයක් වත් මෙහෙන්දි වික්‍රාන්ත්ට ඇත්තටම ආදරෙයි....... අපිනේ දන්නේ ඒකි ඌට ආදරය කරපු තරම....... අපි බයෙන් හිටියේ කෙල්ල මොනවා හරි කරගනී කියලා...... ඒත් අපි කවුරුත් හිතුවෙවත් නැති වෙලාවක ඔයා එයාව බඳින්න කැමති වුනා.......... මං කොච්චර දුක් වුනාද අයියේ......... මං ඒත් ඉවසුවා........ අවුරුදු තුනක් ඉවසුවා මං...... දැන් මට බයයි මෙහෙන්දි හිත හදාගනී කියලා........ අනේ අයියේ අපි එයාවයි වික්‍රාන්ත්වයි එකතු කරමු..... අනේ අයියේ.....

💘 විකාරද සහස්දි.......... වික්‍රාන්ත් මෙහෙන්දිව අත්හැරලා ගිහින් ඉවරයි....... ආයෙ ඒ දෙන්න එකතු වෙන්නෑ........ ඔයා වික්‍රාන්ත්ට කතා කලාද එයා ගැන තොරතුරක් දන්නවද.... ආ.......

සහස්දි නැතැයි කියන්න හිස දෙපසට සැළුවාය.... මාහීර්ට දැනුනේ කේන්තියකි.......

💘 සහස්දි මේක හොඳට තේරුම්ගන්නවා..... වික්‍රාන්ත් බය වුනා ඌ හින්දා නංගිගේ නම කැත වෙයි කියලා..... අර මිනිස්සු එකතු වෙලා ප්‍රතාප් අංකල්ගේ මුළු හීනයම බොඳ කරයි කියලා හිතුවා........ ඒ හිතලා ඌ නංගිට තියන ආදරේ වෙනුවෙන් නංගිගේ පවුලේ සුභසෙත වෙනුවෙන් ඒකිගෙන් අයින් වුනා....... එතකොට ප්‍රතාප් අංකල් එයාගේ දුවව මට භාරදුන්නා........ ඒ වෙද්දි අපි අතරේ ඔය කියන විදිහේ දෙයක් තිබුනෙත් නෑ......... නංගි එයාගේ ආදරේ වෙනුවෙන් මාව එයාගෙ කරගත්තේ නෑ........... ඔයාට ඔයාගේ නංගි වටින්නෙ නැද්ද සහස්දි.......... ආ....... මට එයා වටිනවා........මොකද මම මුළින්ම ආදරේ කලේ එයාට........ මට දැන් කරන්න දෙයක් නෑ...... මං දන්නවා ඔයා මට ආදරෙයි කියලා....... මට දුකයි..... මට ආදරේ කරන කෙනාව මං අහිමි කරගන්න එකට....... ඒත් කමක් නෑ......... මං මෙහෙන්දිව කාටවත් දෙන්නෑ........ ඒ වගේම එයාව මං අත්හරින්නෙත් නෑ........

🌺 ඒකද අවසන් තීරණය............

💘 සහස්දි දෛවයේ තියන දේ වෙයි....... ඒවා වලක්වන්න බෑ...........

🌺 මං මුළු ජීවිත කාලෙම මෙහෙන්දිට වෛර කරනවා බලන්නද ඕනැ.........

💘 සහස්දි තේරුම් ගන්න....... මං ඔයාගේ නංගිගේ husband... වැරදි දේවල් කරන්න එපා...............මට කරන්න කියන්නත් එපා.

🌺 husband නමට විතරක්...... එහෙම නේද.............

මාහීර් කිසිවක් නොපවසා යලිත් කාමරයට ආවේය.........

🎭🎭🎭🎭🎭🎭🎭

💃 අයියේ............... අහගෙනද ඉන්නේ....

💘 ආ...හ්...ආ.. ඔව් ඔව්....... ඕවා ගනන් ගන්න එපා....... එයාට කොහොමත් ටිකක් පිස්සුනේ

💃 ඒත් අයියේ ඇයි ඒ........

💘මෙහෙන්දි.........අපිව එපා කියලා දාලා ගිය අය ගැන හිතන්න එපා........ ok.......

මාහීර් ඒක කිව්වේ මෙහෙන්දිට වගේම තමාටත් එක්කමයි........... සහස්දි යන බවක් තමාටද නොකීවේය......... ඒ ගැන නම් ඔහුටද ඇත්තේ දුකකි........... නමුත් නැති වන සියල්ලක්ම නැති වුනත් ඔහුට ප්‍රතාප් ශර්මාගේ වචනය ඉවත දැමිය නොහැක........... යුතුකම වගකීම ගෞරවය හා ආදරය වෙනුවෙන් තමන් කැමති දේවල් අහිමි කරගැනීමට සිදුවීමම සාමාන්‍ය දෙයකි............. ❤️වික්‍රාන්ත් තමන් ආදරය කල කෙල්ල වෙනුවෙන්ම ඇයවම අත්හැරියේය,,,, මාහීර් තමන්ට ආදරය නොකලත් ඔහු බොහෝ ආදරය කල කෙල්ල වෙනුවෙන් ඔහුට හමුවූ අවංක ආදරය අත්හැරියේය...... ඇත්තටම මෙහෙන්දි වාසනාවන්තය......... ඇයට මේ ජීවිතයේදී හමුවූ දෙදෙනාම ඇයට අවංකවම ආදරය කරයි.........................

💚💜️💚💜️💚💜️💚💜️💚💜️💚💜️💚💜️💚

කාලය මෙසේ දෙමසක් පමණ ගත වුනේ විශේෂිත කිසිවක්ම සිදු නොවෙමිනි....... මෙහෙන්දි සහස්දිට කතා කරන්නට උත්සහ කලත් ඇය මෙහෙන්දි හා කතා කිරීම පවා ප්‍රතික්ෂේප කලාය....... එනිසා මෙහෙන්දි සිටියේ ඉතාමත් දුකෙනි.........

වික්‍රාන්ත් මෙහෙන්දිගේ මතකය අමතක කරගන්නට නොහැකිව මනසින් බොහෝ ගිලන්ව සිටියේය........ නමුත් ජීවිතයේ අවසන් තත්පරයේදී හෝ ඇය හිමි වන බව පමණක් ඔහු විශ්වාස කලේය.................

ප්‍රතාප් ශර්මා මාහීර් හමුවන්නේ ඔහුගේ කැබින් එකේදීය........

🏆️ පුතා....... මං ආව එක කරදරයක්ද

මාහීර් ඇමතුම විසන්ධි කර හැරුනේ තරමක් තිගැස්මකිනි......... කතා කලේ සහස්දිය.......... මේවා ප්‍රතාප් ශර්මා දන්නවා නම් තමාව ඉතුරු කරන එකක් නෑ කියා ඔහු සිතුවේය.............. සහස්දිගේ තර්ජන ගර්ජන ඉවරයක් නැත......... ඇය පවසන්නේම කෙසේ හෝ වික්‍රාන්ත් මෙහෙන්දි එකතු කල යුතු බවය........ නමුත් එය සිදු වන්නේ කෙලෙසද..... වික්‍රාන්ත්ද නීතියෙන් විවාහකය............ ඇත්තටම මාහීර්ට මේ ගැටළුවේදි කල හැකි යමක් පෙනුනේ නැත.............

🏆️පුතා....... මං වෙන වෙලාවක එන්නද.......

💘 නෑ නෑ තාත්තා මෙහෙ ඇවිත් වාඩි වෙන්න...........

🏆️ නෑ ඔයා ටිකක් කරදරෙන් වගේ ඒකයි...........

💘 තාත්තා හදිස්සියේ ආවේ...

🏆️ මාහීර් දන්නවානේ සාශේන් ඇමරිකා යනවා එයාගේ උපාධිය ඉවර කරන්න...... හැබැයි එතකොට අපේ ඕස්ට්‍රේලියා වල branch එකට කෙනෙක් නැති වෙනවා.... මෙහෙම මේ වෙලාවෙදි මං ඔයාට මේක.කියන එකත් හරි නෑ පුතා....... මොකද ඔයයි මෙහෙන්දියි දැන් ටික ටික ලං වෙනවා............ ඔයාට පුළුවන්ද පුතා එයාවත් අරන්ම ඕස්ට්‍රේලියා යන්න........

💘 පුළුවන් තාත්තා........ හැබැයි මං හිතන්නෑ එයා කැමති වෙයි කියලා නම්.....

🏆️ ඔව් එයා කොහොමත් academy එක දාලා යන්නැතිවෙයි.......... මොකද කරන්නේ දැන්........ එහෙනම් මං යන්නම්............ ඔයාට පුළුවන් නේ මෙහේ එවා ටික බලාගන්න නේද

💘නෑ තාත්තා....... මං යන්නම්...... අවුරුදු දෙකනේ.......... අනික මෙහෙන්දි මගෙන් තව ටික කාලයක් ඉල්ලුවනේ හිත හදාගන්න.......... මං හිතනවා මං ඈත් වෙලා ඉද්දිවත් එයාට මගේ අගේ තේරෙයි කියලා............

🏆️ එහෙම වෙයිද තවත් ඈත් වෙයිද දන්නෑ පුතා..................

💘 එහෙනම් ඉතින් එයාගේ ජීව්තේට ආයෙම වික්‍රාන්ත් එන්න ඕනි...

🏆️ වික්‍රාන්ත් ආයෙ එන්නෑ පුතා............. ඒක හීනයක්...........

💘 තාත්තා එයා බැරිවෙලාවත් ආවොත්...... ඇවිත් නංගිව ඉල්ලුවොත් ඔයා කැමතිද එයාව දෙන්න...........

🏆️ ඒකට ඉතින් මං කැමති වෙලා හරියන්නෑනේ....... ඔයානේ එයාගේ අයිතිකාරයා..........

💘 මං නෙවේ තාත්තා....... වික්‍රාන්ත් තමා එයාගේ අයිතිකාරයා........ මං එයා එනකම් නංගිව බලාගන්න භාරකාරයා විතරයි............

🏆️ වික්‍රාන්ත් ඇවිත් ඉල්ලුවොත් දෙනවද එතකොට...........

💘 දෙන්න වෙනවානේ.........

🏆️ හරි හරි මේ ඔය පිස්සු කතාව නවත්තමු ඕවා වෙන දේවල්යැ....... මං දුව එක්ක කතා කරන්නද ඔයා යන එක ගැන............

💘 කතා කලත් කමක් නෑ...... ඒ නැතත් මං එයාට තේරුම් කරලා දෙන්නම්..........

ප්‍රතාප් ගියාට ඔහුගේ හිතටත් හරි මදි...... කොල්ලව මෙහෙන්දිගෙන් ඈත් කරලා යවන්න වුන එකට.........මේකට අපූර්වා නම් තමන්ට බනී කියලමයි හිතුවේ..... හිතුවා වගේම තමයි අපූර්වා හොඳටම බැන්නා.......... ඒත් මාහීර්ගේ ගමන නම් නැවතුනේ නෑ..............

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

මාහීර් ලක්නව් වෙත යන විට තරමක් සවස්වී තිබූණි...... ඔහු සිතුවේ අම්මාත් මෙහෙන්දිත් තවමත් නැටුම් පුහුණු පාසලේ ඇතැයි කියාය......... නමුත් දෙදෙනාම හිටියේ නිවසේ‍ය........

💘 මං හිතුවා දෙන්නා තාම නටනවා ඇති කියලා..............

මාහීර් නොදන්වාම ආව එක ගැන නම් දෙන්නටම තිබුනේ පොඩි තරහක්........

🎊️ මේ බලන්නකෝ දුව මෙයා......... කියන්නෙත් නැතුව ඇවිත්..........

මෙහෙන්දි සිනාසුනා පමණි...... ඇය කිසිවක්ම නොකීවාය......... මෙහෙන්දි සිටියේ තෙත කොණ්ඩය පිසදමමින්ය....... මාහීර් මොහොතක් ඇය දෙස බලාගෙනම සිටියේය........... මෙහෙන්දි දකින විට ඇයව අත්හැර දැමීමට නොහැකි ලෝබකමක් ඇතිවේ.........

💘 මං උඩට යනවා..........මෙහෙන්දි තේ එකක් ගේන්නකෝ...........

මාහීර් අවශ්‍ය තේ එකක් නැත.......... ඔහුට ඕනෑකම ඇය හා වචනයක් කතා කිරීමයි.................. මාහීර් නාගෙන එන විට මෙහෙන්දිත් තේ එකක් රැගෙන කාමරයට ආවාය........... ඇය ඔහුට තේ එක අතට දී බලාගෙනම සිටියේ යම් කිසි අමුත්තක් ඇති නිසයි...........

💃 මොකද අයියේ මොකක් හරි ප්‍රශ්ණයක්ද........

මාහීර් සුසුමක් හෙලා ඇය දෙස බැලුවාය..... සහස්දි මෙන් නොව මෙහෙන්දි ඕනෑම දෙයක් තේරුම්ගනී.... ඇයට ඒ තරම් තරහ යන්නේද නැත....... දරාගැනීමට හැකිය.........

💘මෙහෙන්දි........ මට ඕස්ට්‍රේලියා යන්න වෙලා.....................

මාහීර්ට පුදුම හිතුනේ මෙහෙන්දිගේ මුහුණ වේදනාවෙන් අඳුරු වනු දැකීමෙන්........ ඇය සිය මුහුණ බිමට බර කරගත්තාය............ ඇයට ඔහුගේ නික්ම යාම දුකක් වේ යැයි ඔහු සිතුවේ නැත...... ඒ වගේම තමාගේ ඈත්වීම ඇයව තමන්ට තවත් ලං කර ගැනීමට තියන එකම ක්‍රමය බව ඔහු සිතුවේය..........

💘 නංගි............. මං ආයෙම ගිහින් වික්‍රාන්ත් එක්ක කතා කරන්නද......

මෙහෙන්දි ගැස්සී ඔහු දෙස බැලුවාය........ කවුරුත් කිසිම දවසක ඇගෙන් ඔය ප්‍රශ්ණය ඇසුවේ නැත............ ඒත් ඔහුට තමා ඇවැසි නම් යලිත් සොයා එනු ඇත............

💃 ඕනෙ නෑ..... අයියා............

💘 ඒ කියන්නේ හිත වෙනස් කරගන්නවද....... ම්ම්ම්........

මාහීර් මෙහෙන්දිගේ බඳෙන් අල්ලාගෙන තමා දෙසට කරගත්තේය........... නමුත් මෙහෙන්දිගෙන් ඊට පිලිතුරක් නැත.............

💘 ඔයා ඉල්ලපු ටික කාලේ මං දෙන්නම්........ මං ඕස්ට්‍රේලියා යන්නද........ එතකොට ඔයාට පුළුවන් නවී සැනසිල්ලේ අපි ගැන හිතන්න..... අපි අලුතෙන් ජීවිතේ පටන්ගමු නංගි...... තාම ඔයාට වයස විසි හතරයි.......... ම්ම්ම්ම්......

මෙහෙන්දි ඊට එකඟ විය............ හොඳින් හෝ නරකින් හෝ දැන් නම් මේ හිත මට්ටු කල යුතුය....................

මාහීර් ඕස්ට්‍රේලියාව බලා ගියේ තවත් පුංචි බලාපොරොත්තුවක් හිතේ දල්වාගෙනය............. එ් මෙහෙන්දිගේ වෙනස්වීමයි....

අසේකා විවාහ වී පදිංචියට ගියේ මුම්බායි නගරයටයි................ වික්‍රාන්ත් සිටින්නේ හොඳටම තනිකමින් බව ශධීර්ට හා අසේකාට නොරහසකි......... මොකද නිතර දෙවේලේ ඔවුන් වික්‍රාන්ත් ගේ ජීවිතය ගෙවන ආකාරය දකී......... නමුත් ඔවුන් ඔහු හා මෙහෙන්දි ගැන කතා කිරීමට උත්සහ නොකලේ මෙහෙන්දි හා මාහීර් අතර දැන් යම් මට්ටමට බැදීමක් ඇති බැවින්ය............. වික්‍රාන්ත් ද කිසිම දවසක ඇය ගැන විමසුවේද නැත...................

මෙහෙන්දි සුපුරුදු පරිදි සිය නර්තන ආයතනයේ වැඩකටයුතු ටික කරමින් සිටියාය.......... ඇගේ ජීවිතයේද සැලකිය යුතු වෙනසක් සිදු නොවුනි............... ඇය තව තවත් වික්‍රාන්ත්ගේ මතකය හා බැඳුනා මිසක කිසි විටෙකත් ඔහු අමතක නොකලාය............ නමුත් ඇය මාහීර් හට පොරොන්දු වූ පරිදි,, ඇගේ ආදරණීයයන්ට පොරොන්දු වූ පරිදි ඒ විවාහ ජීවිතයට ඉඩදීමට ඇය අවසානයේ එකඟ වූවාය............නමුත් එය තවමත් ඇත්තේ හදවතේය.......... මාහීර් ගැන ආදරයෙන් හිතන්නට උත්සහ කරන හැම විටකම ඇගේ මනසේ ඇඳෙන්නේම වික්‍රාන්ත්ය.........

වික්‍රාන්ත් ද පෙර මෙන් සාර්ථක ක්‍රීඩකයෙක් නොවීය.............. මෙහෙන්දිගේ වෙන්වීම ඔහු සෑම අතින්ම අසාර්ථක පුද්ගලයෙක් බවට පත් කර තිබුණි.................. මෙහෙන්දි ලඟට යාමට දැඩි අවශ්‍යතාවයක් තිබුනත් එදා ශධීර්ගේ විවාහ උත්සවයේදී ඇය හා මාහීර් අත සිටි දරුවා ඔවුන්ගේ දරුවා බව සිතීම ඒ සිතුවිල්ල සඟවා තැබුවේය.......... ඇය තමා හට ආදරය කල තරමට මෙතරම් ඉක්මනින් හිත හදාගැනීමට හැකිවේයැයි ඔහුට සිතෙන්නේ නැත........ ඔහුට ඇගේ ආදරය විශ්වාසය....................

සහස්දි උමතුවෙන් මෙන් මාහීර්ට ආදරය කලාය......... ඕස්ට්‍රේලියාවේ සිටින මාහීර් ට නිතර නිතර කතා කරමින් මෙහෙන්දිගෙන් ඉවත් වන ලෙස ඉල්ලා සිටියාය........... නමුත් මාහීර් කිසිවිටෙකත් ඇයට අවනත නොවූයේ හැඟීම් වලට වහල් වී වැඩ කල නොහැකි බැවිනි......... නමුත් තමා නිසා සොයුරියන් දෙදෙනෙක් එකිනෙකාගෙන් වෙන් වූ බව සිතෙත්ම ඔහුට ඇත්තටම දුකයි........ නමුත් එය ඔහුගේ වරදක්ද නොවේ........... මෙහෙන්දි තම වගකීම ලෙස ඔහු සැලකුවේය........ සහස්දි පවසන ආකාරයට ඇගේ ආදරය ගැන මෙහෙන්දිට පවසා තව තවත් ඒ කෙල්ල ජීවිතයෙන් අසරණ කිරීමට මාහීර්ට නොහැකිය............. සහස්දිගේ හදවතේ තමාට ඇති ආදරය ඔහුට හොඳින් වැටහෙයි......... නමුත් ඔහුට මෙහෙන්දිවද අත් හැරිය නොහැක.............

එනමුත් ඉන් සහස්දි පසුබට නොවීය...... ඇය මාහීර් සොයා ඕස්ට්‍රේලියාවටද ගියාය.............. ඇත්තටම ඇගේ උමතු ආදරයෙන් ගැලවීමට මාහීර්ට හැකි වුනේ නැත.................. ඔහුගේ ජීවිතයට එවන් ආදරයක් කිසිදා හමු වී නැත.......... එබැවින්ම ඔහු එයට නොදැනුවත්වම බැදී ගියේය.........

මෙලෙස මේ ජීවිත ඒ මේ අතට ඇද දමමින් කාලය ගතවී ගියේය..............

_______________🔷🔷🔷_________________
________________________________________

🧚 දෙවසරකට පසු දිනයක 🧚

💃❤️💃❤️💃❤️💃❤️💃❤️💃❤️💃❤️💃

කාලයාගේ අැවෑමෙන් එකිනෙකාගේ දෛවයන් වෙනස් වෙමින් තිබුණි......... දේව මාතාවගේ බැල්ම වෙනතකට යොමුව ඇති බවක් පෙනුනි............ ඒ එක්තරා ශනිදාවකි.............. appolo පුද්ගලික රෝහලේ නේවාසික කාමරයක රෝහල්ගතව සිටින ශේෂ් සක්සේනා දරුණු අක්මාව ආශ්‍රිත පිළිකාවකින් පීඩා විඳිමින් සිටියහ.............. මේ තම ජීවිතයේ අවසන්ම කාලය යැයිද දෙවියන් විසින් තමා කල අපරාධයන්ට දඬුවම් දුන්නේයැයිද ඔහුට සිතුනේ මේ මාරාන්තික වේදනාබර රෝගය ගැන දැනගත් විටයි....................

නමුත් මිය යන්නට මත්තෙන් තමා කල වරද නිවැරදි කරගැනීමට මහත් උවමනාවක් ඔහුට තිබුණි.......... එදා ශධීර්ගේ විවාහයේදී තමා දුටු දේවල් කිසිවක් වික්‍රාන්ත් ශේෂ් හට පැවසුවේ නැත......... අද මේ මොහොතේදීත් ශේෂ් සක්සේනාගේ පිහිටට හිටියේ වික්‍රාන්ත් පමණි......... තමා ඔහුට කොතරම් නම් වැරදි කලාද ඒ එක් දේකටවත් ඔහු තමාගෙන් පලිගත්තේ නැත.............. වික්‍රාන්ත් මේ තැනට ගෙන ඒමට තමා බොහෝ දේ කල බව ඇත්තය......... නමුත් ඒ උදෙසා මේ තරම් කැපකිරීමක් කරනු ඇතැයි ඔහු සිහිනෙනුදු නොසිතුවේය..............

ශේෂ් සක්සේනා සිය ජංගම දුරකතනය අතට ගත්තේය............. ඔහු මේ සිදු කරන්නට යන්නේ ජීවිතයේ කිසිදා කරන්නට නොසිතූ දෙයකි.............. ඒ තම එකම හතුරා වන ප්‍රතාප් ශර්මාට කතා කිරීමයි................... ශේෂ් තමා කල දෙයින් බොහෝ පසුතැවෙමින් සිටියේය........... ඇමතුම දුරකතන රැහැන් ඔස්සෙ ගොස් සැනෙකින් සම්බන්ධ විය......

🏆️ hello pratap sharma... speaking.....

🎭 ප්‍ර...ප්‍රතා....ප්............. මං.....මං...... කතා කරන්නේ ශේ........ෂ්............

🏆️ ශේෂ් සක්සේනා අදහගන්නත් බෑ........ මොකද මේ වෙනස.............

🎭 ප්‍රතාප්........... ඔයාට හිතාගන්නවත් බැරි වෙයි මං ඇයි කතා කලේ කියලා..........

🏆️ කියන්න කියන්න.......... මට ආරංචි වුනා ඔයා ඉන්න තත්වය ශේෂ්....... මට ඒ ගැන තියෙන්නෙ කණගාටුවක්..........

🎭 නොමැරෙන මිනිස්සු වගේ ජීවත් වුනාට හරි වැරැද්ද තේරෙන්න මේ වගේ තත්වයක් උදා වෙන්නම ඕනෙ ප්‍රතාප්.........

🏆️ හරි ශේෂ්......... මිනිස්සුන්ටනේ වෙන්නේ......... ඔයා යථාතත්වය තේරුම් ගත්ත එකම ඇතිනේ.......... ඉතින් කියන්න මගෙන් මොනවද කෙරෙන්න ඕනි.................

🎭 ඒක ලොකූ දෙයක්....... මං ඔයාට කියන්න හදන්නේ ලොකු කතාවක්..... ඒක ඔයාගේ දුවටයි මගේ පුතාටයි සම්බන්ධ දෙයක්...........

ශේෂ් මගේ පුතා කිව්වේ වික්‍රාන්ත්ට....... ප්‍රතාප්ටත් ඒක වැටහුනා................

🏆️ කියන්න ශේෂ්....... ඒත්....... මං හිතන්නේ අපි ඔය ගැන කතා කරන්න පරක්කු වුනා වැඩියි කියලා...........

🎭 නෑ ප්‍රතාප් තාම අපි පරක්කු නෑ......... වික්‍රාන්ත් කවදාවත් සෝනම්ට ආදරේ කලේ නෑ........... කවදාවත් නෑ........ එයා එකහිතින්ම ආදරය කලේ මෙහෙන්දිට..... ඒක මට ඉර හඳටත් වඩා විශ්වාසයි....... සෝනම් කියන්නේ ගෑණියක් නෙවේ යක්ෂණියක්....... ඉපදුන ගමන් දරුවා දාලා යන්න ගියා............ ඒකි ඉන්නවද මැරිලදවත් අපි දන්නෙ නෑ......... හැබැයි මං එක දෙයක් කලා ප්‍රතාප්......... ඔයා මට ඒකට හුඟක් දොස් කියයි.............

🏆️ ඒ මොකක්ද...........

🎭 සෝනම්ට ඉපදුනේ දුවෙක්......... සෝනම් එයාට අම්මා කියන නමවත් දෙන්න කැමති වුනේ නෑ........... ඒ හින්ද...... ඒ හින්දා...... මං එයාගේ අම්මාගේ නමට දැම්මේ........ මෙහෙන්දී ශර්මා කියලා..................

ප්‍රතාප්ගේ ඇස් ඉදිරියෙහි අකුණක් ගැසුවා සේ විය............ ඔහුට කිසිවක් හිතාගත නොහැක........ අම්මා කෙනෙක්ට එසේ කල හැකිද................

🎭 මං එහෙම කල එක වැරදී ප්‍රතාප්........ ඒත් මට මෙහෙන්දි තරම් හොඳ අම්මා කෙනෙක් නෑ මහීරාට දෙන්න...........

🏆️ මහීරා...............

ප්‍රතාප් ඒ නම ප්‍රති උච්චාරණය කලේය....

🏆️ මහීරාද මෙහෙන්දිගේ දුවගේ නම..........

🎭 ප්‍රතාප්..........

🏆️ ඔව් ශේෂ්............. මෙහෙන්දි මහීරාට හොඳ අම්මා කෙනෙක් වෙයි........... ඒක මට විශ්වාසයි.......

🎭 මං එයාට ඒ නම දැම්මේ මාහීර් හින්දා......... එදා මං මෙහෙන්දිවයි වික්‍රාන්ත්වයි වෙන් කලාට මගේ හිත හොඳටම දොස් කිව්වා..... මෙහෙන්දිත් සෝනම් වගේම ගැහැණු දරුවෙක් එයාගේ ජීවිතේම මං විනාශ කලා කියලා........ ඒත් මාහීර් මගේ පව ටිකක අඩු කලා කෙල්ලව භාරගෙන..... ඉතින් මං කෙල්ලට මහීරා කියලා දැම්මා....... මාහීර් වෙනුවෙන්...........

🏆️අනේ මන්දා හිතාගන්න බෑ......... මං දන්නෑ මේවා කොහෙන් කෙලවර වෙයිද කියලා..........

🎭 ඒ දෙන්නව එකතු කරන්න..............

🏆️ එතකොට මාහීර්............... ඒකාත් දැන් මෙහෙන්දිට හුඟක් ආදරෙයි...............

🎭 මාහීර් වික්‍රාන්ත්ට කියලා තියනවා..... එයා ඇවිත් ඉල්ලුවොත් කෙල්ල දෙනවා කියලා.............

🏆️ ඒ වුනාට ඒවා ඒ කලේ කිව්වට දැන් තත්වය වෙනස්..........

🎭 ප්‍රතාප්........ එහෙම කියලා බෑ....... උත්සහයක් ගමු අපි........ මං මැරෙන්න කලින් මේ දෙන්නා එකතු වෙන්න ඕනෙ ප්‍රතාප්.....................

🏆️ ශේෂ්........අපි අපේ ගෞරවය ගැනයි තත්වය ගැනයි විතරයි හිතුවේ අපේ ළමයින්ගේ සතුට ගැන හිතුවේ නෑ....... ඇත්තටම වික්‍රාන්ත් හරි පව්...... ඒ වගේමයි මෙහෙන්දි........... බලමු මොනාහරිකරමු..... ඔයා ඒ ගැන හිතන්න එපා ශේෂ්........ මං ඉක්මනින් එන්නම් ඔයා බලන්න...............

දෙවියන් විසින් ජන්මාන්තර වෛරක්කාරයින් දෙදෙනෙක් එකතු කලේය...............................

නමුත් ඒ කතා බහෙන් ප්‍රතාප් පත් වුනේ මහත් අපහසුතාවයකට.......... මොකද මෙහෙන්දි මේ වන විටත් නව විවාහ ජීව්තය අරඹන්නට සූදානමින් හිටියා......... මාහීර් එන්න තව ඇත්තේ මාසයකටත් වඩා අඩු කාලයක්............ ඔහු පැමිණි පසු මෙහෙන්දි ඒ බව ඔහුට කියනු ඇත......... ප්‍රතාප් සිතුවේ එලෙසයි....... නමුත් මාහීර් පැටලී ඇති ආදරය ගැන ඔහු හාන්කවිසියන්වත් දන්නේ නැතුව ඔහු මාහීර් විශ්වාස කරයි......... ප්‍රතාප් වික්‍රාන්ත් හමුවීමට තීරණය කලේය...........................

________________❤️❤️❤️_________________

ශධීර් නිවසට එන විට තරමක් සවස් වී තිබුණි............. අසේකා දැන් සය මස් ගැබිණියක්.......... ඇයව තනියෙන් දමා යාමට ඔහුගේ කිසිඳු කැමැත්තක් නැතත් අසේකා කිසි විටෙකත් ඔහුගේ පුහුණු වීම් අතපසු වීමට නම් ඉඩ නොදුන්නාය...........

ශධීර් එන විටත් අසේකා හිටියේ කල්පනා කරමිනි.......... ඒ වෙනකවුරුත් ගැන නොවෙයි මෙහෙන්දි හා වික්‍රාන්ත් ගැන................. ලඟට එනතුරුම ඇය ශධීර් වදුටුවේ නැත........

💙 අසේකා..........මොකද ළමයෝ කල්පනා කරන්නේ

ශධීර් ගේ හඬ්න් සිහින ලොවින් මිදුනු ඇය නැගිට ශධීර්ගේ අතෙහි එල්ලුනාය.......

🏵️ ශධී...... මහන්සියි නේද........ මොනාද බොන්නේ තේද කොෆි ද නැත්තම් ජූස් මොනා හරිද......

💙 ම්ම්ම්ම්......රසම රස තේ එකක්.........

🏵️ යමුද එහෙනම් කුස්සියටම........

ශධීර් අසේකා පිටුපස කුස්සිය දෙසට ගියේය...............අසේකාට මොනවා හරි කියන්න ඇති බවක් ශධිර්ට තේරුනා.........

🏵️ ශධීර්.......... මට කියන්න දෙයක් තියනවා.........

💙 කියන්න බලන්න මොකක්ද කියලා.......

🏵️ අපි තවත් කට වහන් ඇස් කන් පියන් බලාගෙන හිටියා ඇති ශධීර්.......... වික්‍රාන්ත් අයියා මෙහෙන් මෙහෙන්දි ගැන හිත හිත හිතේ මොකක්ම හරි දෙයක් තියාගෙන දුක් විඳිනවා... දැන් බොනවත් වැඩී........මෙහෙම ගියොත් මේ වික්‍රාන්ත් අයියා විනාශ වෙයි.................... අරහෙන් මෙහෙන්දි........... ඒකි දැන් බලෙන් මාහීර් අයියට කැමති වෙන්න හදනවා......... ඒ බැදීම කවදාවත් සාර්ථක නෑ ශධීර් මං දන්නවා නංගිට බෑ......ඒක කරන්න........ කොච්චර කිව්වත් එ අහිංසකීගේ පණ තියෙන්නෙම මේකා ගාව........... ඒකිට වෙන එකෙක්ට ඒ ජීවිතේ අල්ලන්න දෙන්න බෑ...... මං මගේ නංගි ගැන දන්නැද්ද

💙 හ්ම්ම්ම්ම්ම්....... ඒක ඇත්ත.........

🏵️ ඔයා නොදන්න තව කතාවක් තියනවා ශධීර්..........

💙 ඒ මොකක්ද..........

🏵️ අපේ සහස්දි අක්කා...... මාහීර් අයියට පිස්සුවෙන් වගේ ආදරේ කරනවා..... මාහීර් අයියටත් හිත හදාගෙන සහස්දි අක්කා ගැන හිතන්න පුළුවන් මේ දෙන්නා පිලිවෙලක් වුනොත්.......

💙 දැන් මොකක්ද ඔයා කියන්න හදන්නේ.....

🏵️ අපි වික්‍රාන්ත් අයියා එකක කතා කරන්න ඕනි මේ ගැන...........

💙 කතා කලාට වැඩක් තියෙයිද......... ඌ මොකද මේ හැංගෙන්නෙ මෙච්චර........ මොකක්ද අපි නොදන්න ඌ මෙහෙන්දි ගැන දන්න දේ.........

🏵️ කොහේ හරි වැරදි වැටහීමක් ඇති....... කොහොමත් මුල ඉඳන්ම වුනේ වැරදි වැටහීම්මනේ...........

💙 වික්‍රාන්ත් එක්ක අපි කතා කරමු...... මේ අපි ඊට කලින් ශේෂ් අංකල් බලන්න යන්න ඕනි..........

🏵️ අනේ ඔව්.......හෙටවත් යමුද..........

💙දැන් මේ අහන්නකෝ........ මෙහෙන්දි මාහීර් එක්කම ඉන්න තීරණය කලොත්........... ඒකට මාහීර් අකැමති වෙන එකකුත් නෑ මොකද මෙහෙන්දි කියන්නේ මිනිහාගෙත් first love එක..... නේද..........

🏵️ මෙහෙන්දි අවසාන මොහොතේ හරි කියනවා එයාට හිත හදාගන්න බෑ කියලා.........

💙 සහස්දිගෙනුත් මොකක් හරි වැඩක් ගන්න පුළුවන්.........

🏵️ අනේ මේ ශධීර් ඔයා කියන්නේ මේ අපේ අක්කා ගැන නම් පිස්සු කියවන්නැතුව ඉන්න.......... එයා මේ ටිකටම කරපු ගොන් වැඩ ඇති.......... අතපය කපාගෙන මැරෙන්න ගිහින් එක විකාරයයි ගෙදර........ මට මේවා කාටවත් කියන්න එපා කිව්වා අම්මි..........

💙 නෑහ්.......ඒ තරම් දේවල් වෙලාද...... මල මගුලයි..............

🏵️ ඒකයි මං කියන්නේ ශධීර්......... මේ දෙන්නා එකතු වෙනවා කියන්නේ තවත් ජීවිත දෙකක් ගොඩ යනවා............

💙 එහෙනම් අපි කතා කරලා බලමු....... මිම්ම්ම්...................

ඔවුන් දෙදෙනා ඒ විදිහට තීරණය කලත් දෛවය ඔවුන්ට ඒ සඳහා ඉඩ දේවිදැයි නොදනී............... මෙහෙන්දි වික්‍රාන්ත් එකතු වනවා නම් මේ ඊට හමුවන අවසන් අවස්ථාවයි................

_________________🧡🧡🧡🧡_______________

ශේෂ් සක්සේනගේ තත්වය එන්න එන්නම දරුණු අතට පත් වෙමින් තිබුණි...... නමුත් තව එක් අයෙක්ට කිව යුත්තක් ඇත......... එය නොකියා නම් මිය යා නොහැක............... ඒ පුංචි මහීරා දැනගත යුතු සත්‍යයි.......... තමාගේ ජීවිතය කොයි මොහොතේදැයි විශ්වාසයක් නැති බැවින් ශේෂ් සියල්ල ලිපියක ලියා තැබුවේ වැඩි හොඳටයි.......... මහීරා දැන් පස් හැවිරිදි වියේ පසු වෙයි.................. ඇය පලමු ශ්‍රේණියේ ඉගෙනුම ලබයි............ එක් දෙයකින් පමණක් මෙහෙන්දිට සමාන වූවාය......... ඒ නර්තනයයි.......... මෙහෙන්දිට මෙන්ම මහීරාට ද නැටුම් යනු ජීවිතයයි.............

🧚 සීයා........... මං ආවා.........................

මහීරා අදත් පාසැල නිමවී පැමිණ සිටී........

🎭 දෝණි.......මෙහෙ එන්න එපා කියලා තියනවානේ මං..........

🧚 ඉතින් මං එන්නැතුව කවුද ඔයා බලන්නේ.........

🎭 පණ්ඩිතයි........ ඉතින් මොනවද ඉස්කෝලෙදි කලේ........

🧚 මං dancing තමයි දවසම කලේ........ අනේ සීයේ මෙහෙ හොඳට කියාදෙන්නෑනි.......

🎭හොඳම හොඳ නැටුම් පන්ති තියෙන්නේ දිල්ලියෙයි ලක්නව් වලයි........ තාත්තිට කිව්වොත් අපිට ආයෙ දිල්ලි යන්න පුළුවන්............

🧚 හ්ම්ම්ම්ම්... මං කීයන්නම්............

🎭 චූටිදූ........ මේ මේ පැත්තෙන් ලඟින් එන්නකෝ........... මට කියන්න ලොකු කතාවක් තියනවා දුව.............

මහීරා ඔහුගේ ඇඳ අද්දරටම ගොස් සීයාට තුරුළු විය........

🎭 මගේ රත්තරන් පුතා මේක අහලා ඔයාම හරි දේ තීරණය කරන්න හොඳද........ මේ සීයා ඉස්සර හරීම නරකයි පුතේ හොඳම නෑ මං......... මං කලේම නපුරු වැඩ......... ඇත්තමයි......සීයා තමයි තාත්තාව ඔය තැනට ගෙනාවේ..... එයා මගේ පුතා නොවුනත් මං එයාට සැලකුවේ ඒ වගේ.......... දවසක් තාත්තාට ඔයාගේ අම්මව ඕනැමයි කීවා.......සීයාගේ අකැමැත්තෙන් තාත්තා එයාව ගෙනාවා........ මං හැමතිස්සෙම බැලුවේ තාත්තාට මගේ දුවව දෙන්න ඒ කියන්නේ සෝනම්ව දෙන්න....... ඔයා එයාව දැකලා නෑ එයා මැරුනා........... ඉතින් ඔයාගේ අම්මට ඔයාව ලැබෙන්න ආවා....... මං ගොඩක් නපුරු වැඩ කරලා..... එයාව ගෙදරින් පන්නගත්තා....... ඔව්...... මං ඒ අහිංසකීව පන්න ගත්තා....... මං එයාට ඔයාව වත් දුන්නෑ..........

මහීරාගේ පුංචි වටකුරු ඇස් වලින් කඳුළු ගලා යයි........... ඇත්තටම සීයා මේ පවසන සිය අම්මා ගැන ඇයට ඇත්තේ දැඩි සංවේගයකි............

🎭 එයා ගියා එයාගේ තාත්තා ගාවට....... දැනුත් එයා එහේ ඉන්නවා ඔයාලා ගැන හූල්ල හූල්ල............ දුව...... මට සමාවෙන්න........

🧚 ඔයා හරිම නරකයි...... නපුරුයි සීයා...

🎭 ඔව් මං හොඳ නෑ තමය්........ මට සමාවෙන්න චූටි දූ.................. අම්මා මං හිතන්නේ දිල්ලියේ ඉන්න දක්ෂම නැටුම් ගුරුවරිය............... දු............තාත්ත එක්ක යන්න.......... කොහොමහරි අම්මයි තාත්තයි එකතු කරන්න.......... ඔයා මං වෙනුවෙන් ඒක කරනවා නේද........ ආ..... දුව.............. මෙහෙන්දි ශර්මා.........මෙහෙන්දි ශර්මා තමයි ඔයාගේ ඇත්තම අම්මා.................. පොරොන්දු වෙනවද....... ඔයා ඒක කරනවා කියලා..............

පුංචි මහීරා ඇස් දෙකෙනුත් මුවිනුත් අත්වලිනුත් සංඥා කරමින් එය අනුමත කලාය...........

🎭 ශධීර් බාප්පයි පුංචියි උදව් කරයි............... දිල්ලියට යන්න........ නැටුම් ඉගෙනගන්න කියන්න......... ඒ දෙන්නව එක පාරක් මුහුණට මුහුණ මුණගස්වන්නයි ඕනෙ........ මේ අවරුදු පහටම එයාලා හම්බවෙලා නෑ......... එයාලා මවලා තියෙන්නේ එයාලටමයි දුව.......... ඔයාට තියෙන්නේ ඒ දෙන්නා හම්බවෙන තැනට වැඩ සිද්ධ කරන්න..........

🧚 මං ඒක කරන්නම්........ ඒත් සීයා මං දන්නෑනේ අම්මව....... මං දැකලා නෑ.......

ශේෂ් තම ෆයිල් එක ඇද පින්තූරයක් ඇය අත තැබුවාය................

🧚 වාව්............ සීයා.........මේ මගේ අම්මද.......... කොච්චර ලස්සනද............. නිකම් අනේ මන්දා එයා හරියට මලක් වගේ.......................... ආසයි මට එයා බලන්න..............

මහීරා ආශාවෙන් ඒ පින්තූරය අතගෑවාය........ පුංචි වුනත් කෙල්ල ටිකක් පැහිලා............. ඕනැ දෙයක් තේරෙනවා........................................ එක් වරම කාමරයේ දොර ඇරුණු අතර පැමිණි අමුත්තන් දැක ශේෂ්ට හිනාවක් ගියේය..........

දොර ඇරගෙන ඔවුන් වෙත එන ශධීර් හා අසේකා දෙස ශේෂ් සක්සේනා බලා සිටියේය...................

💙 අංකල්............දැන් ඔයාට කොහොමද............

🎭 හොඳයි කියලා කියන්නත් බෑ පුතා...... දැන් මගේ කාලෙ ඉවරයි...............

💙 එහෙම කියන්නෙපා............. අංකල්ට ඉක්මනින් සනීප වෙයි................

🎭 පිලිිකාවක් හැදුනු කෙනෙක් කවදාවත් හොඳ වුනාද පුතා........ අනික මේ වගේ එකක්..............

💙 වික්‍රාන්ත් ආවේ නැද්ද..................

ශධීර් ඇසුවේ මහීරා දෙස බලමින්............. මහීරා අසේකාගේ අතින් අල්ලගෙන ඇයට තුරුළු වෙලා හිටියේ............. නොසිතූ ලෙස ඇය ඇසූ පැනයට අසේකත් ශධීරැත් මුහුණෙන් මුහුණ බලාගත්තා................

🧚 පුංචි.......... ඔයා මගේ අම්මිව දන්නවද....................

දෙදෙනාම බැළුවේ ශේෂ් දිහා මොකක්ද මේ කියන්නේ කියලා ඔවුන් දන්නෙත් නෑ........... ශේෂ් සක්සේනා ආයෙමත් ෆයිල් එක ඇදලා දිග කොලයක් අසේකාගේ අතින් තිබ්බා......... ඒ මහීරාගේ birth certificate එක............ දරුවාගේ මවගේ නමට ඉස්සරහින් තිබුනේ මෙහෙන්දි ශර්මා කියලා........... ඒක දැක්කම අසේකා බය වෙලා වගේ ශේෂ් දිහා බැළුවා..........

🧚 කියන්නකෝ පුංච් ඔයා දන්නවද..........

🏵️ දන්නවා........ මහී..................... හොඳටම මං ඔයාගේ අම්මව දන්නවා........

🧚 මට අම්මව බලන්න ඕනි.............

🎭 වෙලාවට මෙතෙන්ට ඔයාලා දෙන්නා ආවේ අසේකා දුව............. මෙයා අම්මා බලන්න ඕනි කියනවා......... ඔයාලා දන්නවනේ..... මගේ වැඩ නිසානේ මහීරාගෙ අම්මට එයාගෙන් වෙන් වෙලා ඉන්න වුනේ........ ඉතින් ඔයාට පුළුවන් නේද අසේකා මහීරාට එයාගේ අම්මා ගාවට යන්න උදව් කරන්න...........

🏵️ පුළුවන් අංකල්...............

🎭 ආහ්......අන්න ඩ්‍රයිවර් අංකලුයි ඔයාගේ යාළුවා නීලු නැන්දයි එනවා එහෙනම් ගෙදර යන්නකෝ.........ම්ම්ම්ම්.........

💙 මහී..........අපි එන්නම් ඔයා එක්ක යන්න ok.........එතකම් තාත්තිට මේ ගැන කියන්නෙපා..............

මහීරා යනතුරු බලා සිටි ශධීර් හැරුනේ ශේෂ් දිහාට..............

💙 මොනවද අංකල් මේ ඔයා කලේ....... ඇය නංගිගේ නම එහෙම දැම්මේ....... අනේ මන්දා......... අනික දැන් කොහොමද මහීරාට මෙහෙන්දිව පෙන්නන්නෙ....... එයා දැනටමත් මාහීර් එක්ක ජීවත් වෙන්න හිත හදාගෙනයි ඉන්නේ............

🎭 මං හිතන්නෑ............. ශධීර් ඔයාලා දෙන්නා ඉක්මන් කරන්න ඕනි.......... ඒත් මට හිතාගන්න බැරි ඇයි වික්‍රාන්ත් ගිහින් මාහීර් එක්ක කතා කරන්නැත්තේ කියලා......... එදා wedding එකට ගිහින් ආවට පස්සේ හුඟක් වෙනස්..............

💙අපි කතා කරන්නම් වික්‍රාන්ත් එක්ක..............

🎭 හොඳයි පුතා..............

💙 අංකල් බය වෙන්න එපා.......... මෙහෙ treatment හොඳයි.......... හැමදේම හරියයි........... අපි ගිහින් එන්නම් දෙවි පිහිටයි..........

🎭 දෙවි පිහිටයි පුතා................

ඔවුන් දෙදෙනාට මේ සඳහා සිදු කල යුතු දේ ගැන නම් සැලැස්මක් තිබුනේ නෑ....... ඒත් මේකට මහීරාගේ සහය අනිවාර්යෙන්ම ඔිනැ වෙයි කියලා එයාලා හිතුවා...........

____________💜️_________💜️_____________

මෙහෙන්දිත් ශේඛාත් ලක්නව් වල නර්තන පුහුණු පාසල ඔවුන්ගේ දීප්තිමත් ගුරුවරියකට භාර කර දිල්ලියට ආවේ......... දැනටමත් වැඩ සම්පූර්ණයෙන්ම අවසන් ඔවුන්ගේ අනෙක් නර්තන පුහුණු පාසල විවෘත කිරීමටයි...................

අතිශයින් සුන්දර යමුණා නදී තීරයේ එක් නිසංසල හුදෙකලා තුරුලතාවලින් පිරි සුන්දර පරිසරයක සාදා ඇති මේ ශිල්ප ශාලිකාව ඇත්තටම හරිම පින්පාටය............. සම්පූර්ණයෙන්ම සුදු පිරියම් කල ගොඩනැගිල්ලට ඇතුළු වන තැනම ඇත්තේ තරමක් විශාල කාර්යාල කාමරයයි........... ඒ තුල පුටු සෙටි දෙකක් හා කාර්යාලීය මේසයක් සිසුන්ගේ විස්තර අඩංගු ෆයිල් රඳවන දෙකක් තිබේ........... ඒ මුළු කාමරයම සරස්වතී දේවියන් ප්‍රමූඛ දේවතාවියන්ගේ පින්තූර වලින් සරසා තිබුණි.............එය ඉදිරියෙන් ඇති සුවිසල් දොරටුව විවෘත වන්නේ නර්තන ශාලාවටයි............ එහි ඉදිරියෙන් සුදු පැහැති විශාල සරස්වතී ප්‍රතිමාවක් දක්නට ලැබේ........... ඊට අමතරව ශිව පාර්වතී යුවලද රාධා ක්‍රිෂ්ණා යුවලද නටරාජා පිලිරුවක්ද ඒ තුල වන්දනීව ඇත............ සරස්වතී ප්‍රතිමාව ඉදිරිපිට සුදු පිච්ච මල් අතුරා පහන් දල්වා සුවඳදුමි දල්වා ඇත......... සැබැවින්ම මෙහෙන්දිගේ ශිල්පශාලිකාව කෝවිලක් බඳුය.............. කොහොමත් කෙල්ලට නැටුම් කියන්නේ ජීවිතයම වගේ.......... ඇය එය සිදු කරන්නේ හරිම භක්තියෙන්.............. හරි හරියට නැටුම් ඉගෙනගත්ත කෙල්ලෝ තුන්දෙනාගෙන් ඒ ඉගෙන ගත් ශිල්පයෙන් රටට වැඩක් කරන්නේ මෙහෙන්දි විතරයි......... පළමු දවසේම සහභාගි වූ සිසුන් ගණන තුන්සියයක් පමණ.......... මෙහෙන්දි එච්චර බලාපොරොත්තු වුනෙත් නෑ.......... ප්‍රතාප් අපූර්වා සාශේන් විහේන් අශ්ලේෂා ආදී බොහෝ දෙනෙක් ඊට පැමිණියා......... අසේකා හා ශධීර් සිටියේ තවමත් එන ගමන්.....................

සියළු වැඩ කටයුතු අවසානයේ ඔවුන් නිවසට යන විට සවස හය පමණ වී තිබුණි................ නාගෙන කාමරයට එද්දිම දුරකතනය නාද වෙනවා......ඒ මාහීර..........මාහීර්ගේ ඇමතුම ඇය සම්බන්ධ කරගත්තාය.......

💘 අද දවසටම කතා කලේ නෑ.........

💃 අද opening එකනේ අයියා ඒකයි sorry...........

💘 වැඩේ ලස්සනට තිබුනද........

💃 හ්ම්ම්ම්ම්....... ඔව් අයියා දැක්ක නම් ආස හිතෙයි..............

💘 මං කොහොමත් ඔයාට හරි ආසයි තමා..................

මාහීර් හිනාවෙමින් කියද්දි නම් කෙල්ල ටිකක් රතු වුනා........ මොකද ඔය වගේ විහිළු මාහීර්ගෙන් ඇහෙද්දි ටිකක් මොකක්ද වගේ නිසා.............

💃 කවදද එන්නේ ඉතින්..........

💘 හ්ම්ම්ම්ම්....... නෑවිත් ඉන්න හිතුවා...... අපිව සමහරුන්ට අගේ නෑනේ........

💃 අයියව හුඟක් වටින කෙනෙක් හම්බවෙයි............ මට පේන්නේ දැනටමත් හොයාගෙනද කොහේද........ හැබැයි මට ටිකක් දුකත් හිතෙයි....... කමක් නෑ එතකොට මං යනවා.........

මෙහෙන්දිත් විහිළුවෙන් හිනාවෙමින් කීවට මාහීර්ගේ නම් ඇඟ සීතල වෙලා ගියා........... ඔහුට තවමත් මෙහෙන්දි අත්හැරීමට හිතක් නැත............. ඇය දැන් ඔහුට කැමතියි කියන්නට ආසන්නයැයි ඔහුට සිතුනත් එය එසේ නොවීය....... වික්‍රාන්ත් ඇයට සිත හදාගැනීමට නොහැකි වන සේ මුළු හදවතම හිර කොට බැඳ දමා තිබුණි....... මාහීර්ට බියක් සහ තමා ගැනම තරහක් ඇතා වුනේ තමාද මේ ඇයට කරන්නේ ද්‍රෝහිකමන් නොවේදැයි සිතූ බැවිනි .........

💘 අනේ මේ පිස්සු කියවන්නැතුව ඉන්නවා............මොනවා කියනවද මන්දා......... ඇයි ඔයාට මාව සැකයිද.......

💃 නෑ නෑ මං විහිළුවක් කලේ........ඔයාට නම් හරියට කේන්ති යනවා අයියේ.........

💘 හ්ම්ම්ම්..හ්ම්ම්ම්....... එහෙනම් තියන්නම්.......................

මාහීර් යලිත් කිසිවක් නොකියාම දුරකතනය විසන්ධි කලේ තරමක් අමනාපයෙනි...................... නමුත් ඔහුගේ හිතට පසු තැවීමක් දැනෙමින් තිබේ........

පහලින් ඇසෙන ඝෝෂාකාරී කටහඬින් මෙහෙන්දි මදක් කලබල වුනේ ඇගේ නමද පහලින් ඇසෙන බැවිනි............ ඇය වහාම ඒ දෙසට ගියාය............ පහල සිටියේ සහස්දිය.......... ඇය හරියට ආවේශවූු කපුවෙක් වගේය........... පඩිපෙල බැසගෙන එන මෙහෙන්දි දැක ඇය තරහෙන් පුපුරුගැසුවාය............ තාරක හා ශාරධා සිටියේ කිසිවක් කර කියාගත නොහැකි ව අසරණවය.......... ඔවුන්ට සහස්දි සමග ඇත්තේ පුදුම තරහකි............

🌺 ආ......... ඔය එන්නේ අරුන්දතී දෙවඟන වගේ............... මේකි තමා මාව විනාශ කලේ....................

සහස්දි කෝපයෙන් ඇය වෙතට ඇවිත් ඇගේ බාහු දෙකින් තරයේ අල්ලාගත්තාය.............

🌺 මාහීර්ව අත්හැරපන්..................... මගේ ගාවට එන්න දීපන් ඒ මනුස්සයාට........ උඹ ඌට ආදරෙත් නෑනේ......... ඇයි තවත් ඒ මනුස්සයා උඹ ගාව තියන් ඉන්නේ...........

💃 අත් අරින්න අක්කේ මගේ අත රිදෙනවා.............

මෙහෙන්දි අමාරුවෙන් ඇගෙන් අත ගලවාගත්තාය............

🌺 දැන්වත් මට මගේ මාහීර්ව දෙනවා........

💃 අක්කේ........... මං එයාව හිර කරගෙන නෑ......... ඔයා එයාටම කියන්න මාව අත්හරින්න කියලා...........

🌺උඹ එතකොට ඒක කරන්නෑ....... එහෙමද...............

සහස්දිගේ වේගවත් අත ඇවිත් නතර වුනේ මෙහෙන්දිගේ රෝස පාට කම්මුලේ......... ඇය පුපුරු ගසන කම්මුල දෑතින්ම අල්ලගත්තේ ඇස් වලින් කඳුළු ගලනකොට..................

🏵️ අක්කේ ඔය විකාරේ නවත්තනවා...... ආයෙ නංගිට වචනයක් හරි කිව්වොත් බලාගන්නවා.........

🌺 උඹ මට මොනවා කරන්නද අසේකා........ උඹ තමයි මේකිට වික්‍රාන්ත්ව ලං කලේ.......... ඊට පස්සේ උඹම තමා මේකිට මාහීර් බන්දන්න උදව් කලෙත්............. උඹත් මේකිට හවුල්.......

මෙහෙන්දිට තවත් මේ අසාධාරණය ඉවසිය නොහැකි විය.............. ශේඛාට සහස්දි ගැන දැනුනේ අපමණ කේන්තියකි........ මේ වසර පහට තමා අසලම දිවි ගෙවූ තමා ඉදිරියේ සිටින තම ලේලිය ගුණවත් දැයි ඇය දනී........ යම් හෙයකින් මාහීර් ද මේ කියන විදිහට සහස්දි හා සබඳකමක් ආරම්භ කර ඇත්නම් තමාගෙන් ඔහුට කිසිදා සමාවක් නම් ලැබෙන්නේ නැත.......

💃 ඔයා වැඩිමල් හින්දා මං ඉවසනවා හරිද නැත්තම් දන්නවානේ මෙහෙන්දි කියන්නේ කවුද කියලා.......... මේ කසාදෙ මට ඕනැ හින්දා නෙවේ කලේ ඔයාගේ මහා ලොකු මාහීර්ට ඔීනෑ නිසයි කලේ....... තාත්තට ඕනැ නිසයි කලේ....... දැන් මේ පේනවානේ තාත්තේ............... මං හැම තැනකම දුෂ්ඨයෙන් වෙලා........... වික්‍රාන්ත්ගෙයි සෝනම්ගෙයි අතරෙත් දුෂ්ඨයා මං.......... දැන් මෙයා කියනවා මං එයාගෙත් දුෂ්ඨයාලු............ ඔයාලා අතරේ එහෙම එකක් ඒ කාලෙම තිබුනනම් කියන්න එපැයි අක්කේ........ මං එහෙනම් ඔයාලා දෙන්නා අතරින් අයින් වෙනවානේ............. මං එයාව බැන්දට පස්සේ පටන්ගත්ත සම්බන්ධ කම් වලට මට වග කියන්න බෑ........ මට රණ්ඩු වෙන්න දුක් විදින්න බෑ......... ඔයා මාහීර් අයියා එක්ක කතා කරලා මට කියන්න මං කියන ඕනැ දෙයක් කරන්නම්..............

මෙහෙන්දි එසේ පවසා කාමරයට ගොස් දොර වසා දැම්මාය............... මෙහෙන්දිට වේදනාව වැඩි කමට හඬන්නවත් නොහැක............

🏵️ චූටි...... චූටි........දොර අරිනවා.......... නංගි...........

💙 බබා.......දොර අරිනවා පිස්සු නොකර......

පිටතින් සිටින්නේ ශධීර් හා අසේකා බව වටහාගත් මෙහෙන්දි දොර විවර කලාය...........

💙 චූටි නංගි........ ඔයා අවුල් වෙන්න එපා දරුවෝ...........

💃 ඒ්ත් අයියා....... ඇයි එයාලා එහෙම කලේ මට.......... ඉතින් අක්කේ එයාට තිබුනනේ මට කලින් කියන්න.........

🏵️ අනේ මේ නංගි..........එයාට පිස්සු......... ඔයා ඕවා හිතන්න එපා..........ඔය තරම් දුක් වෙන්නෙ එයාට ආදරෙයිද.........

මෙහෙන්දි අසේකා දිහා බැලුවේ පුදුමයකුත් ඇස් වල තියාගෙන....... අසේකා විතරයි දන්නේ ඇගේ ආදරය ගැන........

💃 මගේ වික්‍රාන්ත් අයියාට හැර මං කාටවත්ම ආදරේ කලෙත් නෑ කවදාවත් ආදරේ කරන්නෙත් නෑ........ එයා තමයි මට හැමදෙයක්ම......... ලැබුනත් නොලැබුනත් මං හරි ආදරෙයි අක්කා......... හරිම ආදරෙයි.............. ඒක ඔයා දන්නවා......... ඔයා තරම් කවුරුත් ඒ ගැන දන්නෑ..........අක්කා....... මට ඔයා තමයි උදව් කලේ............. සහස්දි අක්කා කිව්ව එක ඇත්ත........ඔයා නැත්තම් මට එයාට ආදරේ කරන්න හයියක් නැති වෙන්නත් තිබුනා.......... මං ඒකට ඔයාට ණයගැතී...............

🏵️ ආයෙම වික්‍රාන්ත් අයියා අාවොත් යනවද නංගි.....................

💃 නෑ අක්කා.............. මං ඒක තීරණය කරන්නේ එයා එන විදිහ අනුව තමයි...... අනික මං මාහීර් අයියගෙන් අනිවාර්යෙන්ම දික්කසාද වෙනවා........ එක අතකට සහස්දි අක්ක පව්........ මං කැමති නෑ මට වුන දේ එයාටත් වෙනවට........ ඒත් මං එයාට සමාවක් නම් දෙන්නෑ අක්කා............ එයාට මේ ප්‍රශ්ණය මීට වඩා හොඳින් විසඳගන්න තිබුනා............අපි තුන් දෙනා හිටියේ කොහොමද............... ඉස්සර අපිට අපි වෙනුවෙන් ඕනැම දෙයක් කරන්න පුළුවන් කම තිබුනා......... එහෙම හිටපු අපිට ඇයි බැරිවුනේ මේ ප්‍රශ්ණය කෑගහලා බැනලා තරහ වෙලා විසඳන්නැතුව හොඳින් විසඳගන්න........

🏵️ ඔයා කියන කතාවේ කිසිම වරදක් නෑ......... ඔයත් ටිකක් ඉවසන්න නංගි...... සහස්දි කොහොමත් හරි ගොන්...... වැඩක් නෑ ඒකිට කියලා........ ඒත් බං මේ මාහීර් අයියත් ඒකිට ලව් කරලානේ උන් දෙන්නා අතරේ affair එකකුත් තිබිලද යකෝ..........

💃 අනේ අක්කා මගේ ඔළුව රිදෙනවා ඕවා ගැන හිතද්දි........අන්තිමට හැමෝම මාව හොඳටම රවට්ටලා...............

🏵️ උඹ ඕවා හිතන්න එපා චූටි........ මට නම් හිතන්නේ වුනේ නරක දෙයක් වුනත් ඒකෙනුත් උඹට හොඳක් වෙයි.............

💙 අපි එහෙනම් යමුද අසේකා..............

මෙහෙන්දි ඔවුන් දෙදෙනා යන දෙස බලා සිටියේ හිස් බැල්මකින්............. ඒත් කාමරේට ආව කෙනා දැකලා මෙහෙන්දි හදවතම අළුතින් පිච්චිලා ගියා......... ශේඛා සාවන්ත් ඇස් දෙකේ කදුළුත් පුරවගෙන ඇවිත් ඇය ලගින් වාඩි වුනා........ ඊටත් පස්සේ මෙහෙන්දිගේ අතක් අල්ලගත්තා..............

🎊️ දූ...................... මට සමාවෙන්න මගේ කොල්ල ඔයාට කරපු දේට සමාවෙන්න..

💃 ඔයාට පිස්සුද අම්මා...... ඔයත් ඇයි ඔහොම මාවම රිදවන්නේ............ ඔයාගේ කොල්ලා කරපු දේ වරදක් නෙවේ අම්මා........ එයාලා එකතු වෙලා මට ඒක කිව්ව විදිහයි වැරදි.......... මාත් එක්ක ඒක හොදින් කතා කරන්න තිබුනා දෙන්නටම....... මොකද මං එහෙම වුනා නම් අයියව නොදී ඉන්නවද........... මාත් කැමතී අයිය සතුටින් ඉන්නවා දකින්න.... ඒක කරන්න සහස්දි අක්කට පුළුවන් නම් ඇයි මං ඒක වලක්වන්නේ අම්මේ........ මට දුකම එයාලා මං ගැන ඒ තරම් පහත් විදිහට හිතපු එක ගැන...... ඔයා දැක්කනේ සහස්දි අක්කා මට ගහපු හැටි.......... මං එහෙම ගුටි කන්නෙ ඇයි අම්මා..... මං කරපු වරද මොකක්ද.............

ඇයටත් ඔය සියල්ල ඒ අයුරින්ම වැටහේ...... සහස්දි සමග ඇත්තේ නොසිඳෙන තරහකි....... ඊටත් වඩා තම පුතුගේ අදූරදර්ශි ක්‍රියාව ගැන ඇය කලකිරීමෙන් සිටියාය...........

🎊️ අපි දැන් යමු දුව ගෙදර...........

💃 සමාවෙන්න අම්මා....... මට හුඟාක්ම දුක ඔයා ගැන.........මට ගෙදර යන්න බෑ අම්මා.......... මට එන්න බෑ...... මං ඉක්මනින් අයියව නිදහස් කරන්නම්...... අපි දෙන්නා එකතු වෙලා පටන් ගත්ත වැඩේ දිගටම කරමු...... ඒත් මට එහෙ එන්න බෑ.................

ඒ මෙහෙන්දිගේ අවසන් තීරණයයි....... සහස්දි ඇවිත් තමා මාහීර්ට ආදරය කරන බව පැවසුවා නම් ඔහුව ඇයට දීමට මෙහෙන්දි දෙවතාවක් සිතන්නේ නැත......... නමුත් දැන් සිදුවන්නට තිබූ දෙය සිදුව අවසන්ය......... යලිත් වෙනස් කල නොහැක.................

සහස්දි නිවසට පැමිණ කල නොපනත්කම ප්‍රතාප් ශර්මා විසින් මාහීර් ටද පවසා තිබුණි......... ප්‍රතාප් ඔහු හා කතා කලේද ඉතා කලකිරීමෙනි....... එය ඇසූ මාහීර් කස පහර කෑ නාගයෙක් මෙන් කිපුනේය.............. ඔහු කොතරම් මෙහෙන්දිට ඇමතුම් ගත්තත් ඇය ඒ කිසිවකට පිලිතුරු නොදුන්නාය............ උදේ සිට රාත්‍රී වන තුරුත් ඇය කලේ නටන එකයි.............. නර්තනය ඇයට සියළු දුක් දොම්නස් අමතක කරවීමට සමත් විය........................

________________________________________

පසුදා අළුයම දී දරුණු අක්මාව ආශ්‍රිත පිළිකාවකින් පීඩා විඳි ශේෂ් සක්සේනා සිය ජීවන ගමනට සමුදී තිබුණි.......... ඒ වියෝව වික්‍රාන්ත්ගේ ජීවිතයේ සිදුවූ විශාලතම කඩා වැටීම් දෙකෙන් එකකි............ අවමංගල උත්සවයට සහභාගි වූයේ ශධීර් හා අසේකාත් තවත් මිතුරනි පිරිසකුත් පමණි...........

අවසන් කටයුතුත් නිමවූ දිනට පසු දින වික්‍රාන්ත්ගේ නිවසේදී ශධීර් හා අසේකා මහීරාව මදකට තනි කරගත්හ............

🏵️ චූටි දෝණි............ දැන් ඉතින් මගේ දුව දුක් නොවී ඉන්න..... සීයා අර අතන ඉඳන් ඔයා දිහාම බලා ඉන්නවා....... ඔවා අඬනවා දැක්කොත් දුක හිතෙයි එයාට........ එයා දුක් වෙනවට ඔයා කැමති නෑ නේද.....ම්ම්ම්ම්.......

කෙල්ල හිස වැනුවාය.................... ඉන්පසු දෑස් දල්වා යලිත් අසේකා දෙස බැලුවාය....

💙 දුව.............. ඔයාට අම්මව බලන්න ඕනි නැද්ද.......... ම්ම්ම්ම්ම්..........

🧚 ඕනි වුනත් තාත්තා යන්නෙ නෑනි.........

💙 තාත්තාට අපිත් කියන්නම් ඔයත් කියන්න ම්ම්ම්ම්....... දිල්ලියේ තමයි ඉන්නේ හොඳම නැටුම් ගුරුවරු....... ඔයා ආසයිනේ නැටුම් වලට..............

🧚 ආසයි......... එහෙනම් අපි දිල්ලි යමු කියන්නද..........

💙 අන්න හරි ඔයාට තේරුනා.........දුව ඔයාගේ හැමෝම ඉන්නේ එහෙ..... ආච්චිලා සීයලා ඔක්කොම........ අපි කොහොම හරි අමිමවයි තාත්තවයි එකතු කරමු..........ම්ම්ම්මි

කෙල්ල සිනාසෙමින්ම ශධීර්ට පහක් දැම්මාය...........වික්‍රාන්ත් පැමිණි බැවින් ඔවුන් කතාව නැවැත්වීය........... වික්‍රාන්ත් ඇවිත් ඔවුන් හා වාඩි විය............. මහීරා ඔහුගේ ඔඩොක්කුවට පැන්නේ කපටි හිනාවක් ශධීර් වෙත හෙලමිනි...............

🧚 තාත්තා අපි දිල්ලි යමු................

❤️ මෙහෙ වැඩ තියනවා දුව......... අනික දිල්ලි ගිහින් මොනවා කරන්නද........

🧚 මට නැටුමි ඉගෙනගන්න ඕනි......

❤️ ඉතින් මං මෙහෙ class එකකට දාන්නම්...........

🧚 තාත්තා දිල්ලියේ තමා හොඳම dancing teachers ලා ඉන්නේ......... අපි යමුකො

💙අයියේ මොකද බං උඹට වෙලා තියෙන්නේ....... ඒ දරුවා කියන දේත් අහපන්................ අනික අපිත් කැමතී උඹයි දුවයි ආයෙම දිල්ලි යනවට.........

❤️ මට එහෙ යන්න බැරි හේතුවක් තියනවානේ............ මහීරා නීලු අම්මට කියන්න අපිට තේ ගේන්න කියලා........

මහීරා ගිය පසු නැවතත් වික්‍රාන්ත් ඔවුන් දෙදෙනා දෙසට හැරුනා................

❤️ මට එහෙ යන්න බෑ ශධීර්........ නංගි දැන් මාහීර් එක්ක හොඳ පවුල් ජීවිතයක් ගත කරනවානේ මට ඕවා දකින්න බෑ......

💙 වික්‍රාන්ත් අයියේ උඹ කොහොමද එහෙම කියන්නේ......

❤️ කියන්නේ මං දැක්ක දේවල් වලින්......... මං එදා ඒ දෙන්නව දැක්කා.... ඔයාලාගේ wedding එකේදී.........

💙 උඹ මොනා දැක්කත් ඇස් වලින් දකින කන් වලින් ඇහෙන හැම මගුලම ඇත්ත නෙවේ...............

ශධීර් එහෙම කිව්වේ ඇත්තටම ඒ වෙලාවේ වික්‍රාන්ත් දුටුව දේ නොදැනයි..... කොහොමත් ලෝකෙට පේන්න මාහීර් හා මෙහෙන්දි ඉන්න විදිහට කාටවත් හිතාගනන අමාරුයි දෙන්නා අතරේ කිසිම බැඳීමක් නෑ කියලා.........

❤️ ඒත් මට අදහන්න බෑ..... ඒක ඇත්තම කියලා හිතෙනවා...........

💙 වික්‍රාන්ත් අයියේ උඹේ ඔය මනස්ගාත නිසා තමා උඹට නංගිව නැති වුනේ.......

❤️ දැන් මට මොකක්ද කරන්න කියන්නේ.........

💙 ඇත්ත කියපන් උඹට නංගිව එපාද.............

❤️ මේ අහපන් ශධීර් මට දැන් නංගිව මගේ කරගන්න බෑ...... තේරුම්ගනින්

💙 ඒ කියන්නේ උඹ නංගිට දැන් ආදරේ නෑ..... එහෙමද............

වික්‍රාන්ත් ශධීර් දිහා බලාගෙනම සිටියේය..............

❤️ හොඳයි......... අපි හෙට දිල්ලි යමු.........

අවසානයට වික්‍රාන්ත් යලිත් දිල්ලියට යාමට හිත හදාගත්තේය.................... තමා මෙහෙන්දිට ආදරය නොකරන බව නම් ඔහුට කිසිදා පැවසිය නොහැක.......... ඔහුගේ හදවතේ ඇය වෙනුවෙන් ඇති වුන සෙනෙහස දිනෙන් දින වැඩි වුවා මිසක එක් බිඳුවක් හෝ අඩු නොවුනි........

🌸🌸🌸 මතු සබැඳියි



No comments:

Post a Comment

UNIVOTEC එක ගැන

UNIVOTEC එකේ පාඨමාලා සහ වැඩි විස්තර සදහා පහත ඇති PDF ෆයිල් එක භාවිතා කරන්න. https://drive.google.com/open?id=1zbMNZ14FNiYV2f34K91x1KqpKmid...