Thursday, April 30, 2020

මෙහෙන්දි - 17

_______ වසර තුනකට පසු ____________

මෙි ඉන්දියාවෙි උත්තර් ප්‍රදේශ්හි ලක්නව් නගරයයි.......... ලක්නව් හරහා විහිදෙන ගෝම්තී නදිය මෙහි අනන්‍යතාවයයි....... ඉන්දු-ගංගා තැනිතලාව මධ්‍යයේ පිහිටා ඇති මෙම නගරය ග්‍රාමීය නගර සහ ගම් වලින් වටවී ඇත........... පළතුරු වතු නගරය වන මාලිහාබාද්, කකෝරි, මොහාන්ලාල්ගන්ජ්, ගොසයිංගන්ජ්, චින්හාට් සහ ඉතංජා ලක්නව් ආශ්‍රිතව පිහිටා ඇත............ නැගෙනහිරින් බරබන්කි,,, බටහිරින් උන්නාවෝ,,,, දකුණින් රයිබරෙලි,,,, උතුරින් සීතාපූර් සහ හාඩෝයි ද ලක්නව් ප්‍රදේශය මායිම් වූ සීමාවන්ය............ මේ නගරය පිහිටා ඇත්තේ III භූ කම්පන කලාපයක ය....... වාර්ශික උෂ්ණත්වය උපරිමයෙන් සෙල්සියස් අංශක 25 ක් පමණ වන අතර අවමය සෙල්සියස් අංශක 3-7 පමණ වේ...... ඉන්දියාවේ ස්වර්ණමය නගරය ලෙසද ලක්නව් හඳුන්වයි............

" MEVEENA TRADITIONAL DANCING ACADEMY "

සුන්දර ගෝම්තී නදි තීරයේ තරමක් විශාල ලෙස නිමවා ඇති මෙහෙන්දිගේ සිහිනය අද අතිසාර්ථක මට්ටමක පවතී...... විවිධ වයස් කාන්ඩයන් වල සිසුන් දහසකට අධික පිරිසක් මෙහි අධ්‍යාපනය ලබති............

ඉන්දියාවේ විවිධ සාම්ප්‍රදායික නැටුම් වර්ග තිබේ............ තමිල්නාඩුව ප්‍රධාන කොටගත් භරතනාට්‍යම්ද,,,, උත්තර් ප්‍රදේශ්හි කතක්ද,,, කේරලය මුල් කොටගත් කතකලිද,, අන්ද්‍රා ප්‍රදේශයේ ප්‍රචලිත කුචිපුඩි ද,,, මනිපූර් හි මනිපුරි නැටුම් කලාවද ප්‍රචලිත සම්ප්‍රදායන් වේ...... මෙහෙන්දිගේ ශිල්ප ශාලිකාවේ උත්තර් ප්‍රදේශ් වලට ආවේණික කතක් නර්තන කලාව ප්‍රධානවම උගන්වන අතර භරතනාට්‍යම් සහ කුචිපුඩි ද උගන්වනු ලබයි........... මෙහෙන්දි වඩාත් ඇළුම් කරන්නේ භරතනාට්‍යම් වලටය........

MEVEENA යන නම ඇගේ නමත් වික්‍රාන්ත් හට ආදරයට සියල්ලන් කතා කල වීන් යන නමත් ලං කර සෑදු නමකි................ සුන්දර මල් වැටවල් දෙකක් මැදි කල සුදු වැලි ඇතිරූ මාවත දිගේ මේ ශිල්ප ශාලිකාවට ඇතුළු වෙන අයෙක්ට සුවිසල් දොරටුවෙන් ඇතුළුවන විටම විශාල ශාලාව ඉදිරියේම තිබෙන සුදු පැහැති සරස්වතී ප්‍රතිමාව පෙනෙනු ඇත.......... එතුමිය පාමුල නිරන්තරයෙන්ම දැල්වෙන පහනකි,,,, සුවඳ දුම් වලින් මූළු ශාලාවම සුවඳවත්ය...... හරියට කෝවිලක පූජාවකට පැමිණියා සේ හැඟෙයි........ මේ සියල්ල මෙහෙන්දිගේ අදහස්ය..... ශේඛා සාවන්ත් ශාලාවේ ඈත කොනේ සිට තම ආදරණිය දියණියගේ නර්තනය බලා සිටී.......... මෙහෙන්දි පන්තිය අවසන් කිරීමට මත්තෙන් සිසුවියන්ද සමගින් සරස්වතී මෑණියන්ගෙන් අවසර ගත්තාය...............

🎊️ දෝණි............... ඉවරයි නේද.......... ඔයාගේ නැටුම් දැන් එන්න එන්නම Sharp වෙනවා දුව.......... හරි ලස්සනයි...... හ්ම්ම්ම් ඉක්මන් කරන්න පරක්කු මාහීර් ගෙදරත් ඇවිත්..........

💃 නෑහ්...... ඇයි මට කිව්වෙ නැත්තේ අම්මා......... දැන් ඉතින් ඇති ගිණි මකරෙක් වගේ කේන්තියෙන්........

🎊️ ගිණි මකරා....... මගේ කොල්ලටද එහෙම කිව්වේ........

💃 ඔව් ඔව් අනේ....... එන්න යන්න.... මට හොඳටම බඩගිනී අම්මා.... මොනාහරි අරන් යං..............

අම්මයි දුවයි දෙන්නා ඉක්මනින් යන්න හිතාගෙන වාහනේට නැග්ගා........මේ තරම් හදිස්සියෙන් දෙන්නා යන්නේ අද රාත්‍රී flight එකෙන් ඔවුන් දිල්ලි යන්න සූදානමින් ඉන්න නිසයි.............. මාහීර් දැනටමත් ඔවුන් දෙදෙනා කැඳවාගෙන යන්න ඇවිත් හිටියේ...............

තව දෙදිනකින් අසේකාගේත් ශධීර් ගේත් විවාහය සිදු වෙන්නට නියමිතයි......... ඒ විවාහය ඉතාමත් වෙනස්....... මොකද මෙය සිිදුවන්නේ සිංහල චාරිත්‍රානුකූලවයි....... තාරක ජයවර්ධන ඒ සඳහා ලංකාවෙන් උත්සව සංවිධායකවරුන් ගෙන්වාගෙන අවසන්.............. මෙහෙන්දිගේ දුරකතනය නාද වෙන්න ගත්තේ මහා හඩින්........ ඇය ඉක්මනින් ඇමතුම සම්බන්ධ කරගත්තා........ කතා කලේ අසේකා...........

🏵️ මට ඉන්නේ ශෝක් නංගි කෙනෙක් තමා...... මෙහෙ මං අසරණ වෙලා ඉන්නවා.....

💃 ඇයි අක්කේ.... ශධීර් අයියා වෙන කෙල්ලක් අරන් පැනලා ගිහින්වත්ද........

මෙහෙන්දි කිව්ව එකෙන් අසේකාගේ තරහ තවත් වැඩි වුනා....... ඇත්තටම ඉතින් තරහක් තිබුනෙත් නෑ............ බොරු තරහක් ඒක.........

🏵️මේ.... මගෙන් අහගන්නෙපා උඹ...... එන්නෙ නැද්ද අනේ............

💃 එනවා එනවා මගේ සුදු අක්කගේ වෙඩිමට මං එන්නැතුව පුලුවන්ද...... අද එනවා ඈ.......... අම්මලා ආවද........

🏵️ ආවා ආවා...... ආව වෙලාවේ ඉඳන් දෙන්නා මාරුවෙන් මාරුවට අහන්නේ උඹ ගැන.............

💃ඉතින් ඉරිසියයි.........

🏵️ උඹට මං මොන මගුලට ඉරිසියා කරන්නද........ මාහීර් අයියා ආවා නේද....

💃 ආවා.........එහෙනම අපි ඉක්මනින් එන්නම්............

ඇමතුම විසන්ධි කල මෙහෙන්දි වාහනයෙන් බැස්සේ බැනුමකුත් අහන්න හිතාගෙන............ ඇතුලට යනකොටම මාහීර් ඉන්නවා බුම්මගෙන......... දෙන්නව දැක්ක ගමන් පටන්ගත්තා දේශනාව..........

💘 මං දැන් කීයේ ඉඳන්ද ඇවිත් දෙන්නටම ගානක්වත් නෑ.........මෙහෙන්දි මට තේ එකක් ගේනවා......... එපා වෙලා දැන් මට ඔය දෙන්නටම බැනලා.........

මෙහෙන්දි හෙමීහිට කුස්සියට ගියා......... ශේඛාත් කිසිවක් නොකියා කාමරේට ගියා...............

💃 ආ...... අයියේ තේ එක.............

එතකොට නම් කේන්තිය ටිකක් නිව්ලා වගේ හිටියේ.............

💘 දවස් පහයි හිටියේ නැත්තේ.බලනවා හැටි...... තවත් කෙට්ටු වෙලා........ ඔය නැටිල්ල හින්දා තමා ඔක්කොම........

මෙහෙන්දි මහ හඩින් හිනාවෙන්න ගත්තේ.මාහීර් ඒක කිව්ව ආකාරයට...

💘මොකෝ හිනාවෙන්නේ මං දැන් හිනාවෙන්න දෙයක් කීවද......... ආ........

💃 ඇයි අයියේ ඔයා ඔය තරම් නපුරු........

💘 නපුරු නෑ ඒ මගේ හැටි.......... ඉක්මනින් ලෑස්ති වෙනවද නංගි....... අපි යන්නත් ඕනි...........

මෙහෙන්දි කාමරේට ගිහාම මාහීර්ද ඇය පස්සෙන්ම කාමරේට ගියා............. මෙහෙන්දිගේ හිත හැදෙයි හැදෙයි ක්යලා බලන් හිටියට තාම එහෙම වෙනසක් නෑ....... එදා තරඟය බලන්න ගිය දවසේ ඉඳන් අද වෙනකම් එයා වික්‍රාන්ත් කියන නමවත් කිව්වේ නෑ....... ඒත් එ ඇය වික්‍රාන්ත් අමතක කර නොවෙයි කියලා මාහිර් දන්නවා......... ඒත් දැන් නම් මාහීර්ටත් ඇයව යලිත් වික්‍රාන්ත්ට දෙන්න ලෝබයි වගේ....... ඔහු හැමදාම ප්‍රාර්ථනා කලේ ඇයව ඔහු ලගින්ම තියන්න කියලා............

මෙහෙන්දි ඇත්තටම වික්‍රාන්ත් අමතක කරලා හිටියේ නෑ...... ඇයට ඔහු ගැන ඇගේ හිතෙ ඇති ආදරය තවත් කෙනෙක් වෙනුවෙන් දෙන්න බැරි වුනා........ ඇය ඒ තරම්ම වික්‍රාන්ත්ට ආදරය කලා.......... අවුරුදු තුනකින ඇය ඔහුගේ ඡායාමාත්‍රයකිවත් දුටුවේ නැහැ....... ඇය කිසිම දිනයක ක්‍රිකට් තරඟ නැරඹුවේ නෑ............ නමුත් මුළු හදවතින්ම ඇය වික්‍රාන්ත්ට ආදරය කලා........... ඒත් මේක කිසිම වැඩකට නැති කැපකිරීමක් කියලා මෙහෙන්දි දන්නවා............ ආදරය කියන්නෙම ඒකට කියලා ඇය විශ්වස කලා.........

ඔවුන් තිදෙනා රාත්‍රි නවයට ඇති air india ගුවන් සේවයට අයත් යානයකින් දිල්ලිය බලා පිටත් වුනා......... ඔවුන් එන විට රාත්‍රී එකොලහ පමණ වුනා........... ඒ වෙද්දි නිවසේ අවදියෙන් හිටියේ අපූර්වා විතරයි....... මෙහෙන්දි දැක්කම අපූර්වාගේ ඇස් වලට කඳුළු ආවා....... ඇය මේ මෙහෙන්දි දකින්නේ අවුරුද්දකින් විතර...........

🌹 මගේ සුදු දෝණි....... කොච්චර කාලෙකින්ද දැක්කේ මගේ අම්මා...........

අපූර්වා ඇයව ආදරයෙන් අතගාම්න් සිපගත්තාය.............

💮 මගේ පුතා.............................

ඒ හඬ,,, මේ තරමි සජීවිව අහන්නේ වසර හතරකට පසුය........... ශාරධා සෙනෙවිරත්න..... මෙහෙන්දිගේ අනෙක් අම්මා....................

💃 අනේහ් අම්මා.......... ඔයත් ඇහැරිලාද.........

මෙහෙන්දි දිවගොස් ඇයව වැලඳගත්තාය............. තාරක හා ප්‍රතාප් ද ආවේ වාහනයේ හඬටයි....... මේ සංවේදී දසුන් එතැන සිටි සියල්ලන්ගේම නෙත් කදුලින් තෙත් කර තිබුණි......... මාහීර් ඔවුන් සියල්ලන්ටම වැන්දේය.........

💮 මං ඔයාට ණයගැතී රත්තරන්..... ඔයා නිසයි අපේ දූ සතුටින් ඉන්නේ පුතා.......

ශාරධා මාහීර්ගේ දෑතම අල්ලාගෙන කීවාය...............

💘 please අම්මා...... එහෙම කියන්න එපා......... ඒක එහෙම මේ ඔයාලට පව් කියලා කරපු කසාදයක් නෙවේ....... මං නංගිට ඇත්තටම ආදරෙයි............

මාහීර්ගේ වචන ටිකට මෙහෙන්දිගේ ඇස් උඩ ගියා..............

💃💃💃 මේ මොන අපභ්‍රංශයක්ද ගිණි මකරා කියන්නේ........ ආදරෙයි.......... මට ආදරේ කරන්න එපා කියලා මං කිව්වනේ..........

මෙහෙන්දි තනිවම සිතුවාය............ නමුත් මාහීර් එය පැවසුවේ විහිළුවට නොවන බව නම් ඇයට විශ්වාසයි.............

අශ්ලේෂා පහලට ආවේ වතුර එක්ක බොන්නයි............. අශ්ලේෂා දෙවන වරටත් මවක් වීමටයි යන්නේ..... ඇගේ පලමු දරුවා පුතෙක්..... ඔහුගේ නම විභූත් ශර්මා........ ඔහුගේ වයස අවුරුද්දයි..... හරි ඉක්මනින් නැවතත් අශ්ලේෂා මවක් වුනේ අහම්බෙන් වුනත් ඒක හැමෝටම ගෙනාවේ සතුටක්........

🌹 දුව ඇයි මේ පහලට ආවේ..... මං.කීවානේ මට call එකක් දෙන්න කියලා..........

අපූර්වා දිව ගොස් ඇයව පහලට කැඳවාගෙන ආවේ අතකිනුත් අල්ලගෙනය............... මේ නැන්දනියන් දෙදෙනාම සිය ලේලියන්ට සලකන්නේ දූවරුන්ට මෙනි............... ශේඛා ඒ දෙස බලා සිටියේ සිනා පිරි මුහුණින්ය...........

_______________❤️❤️❤️_________________

🧚 සීයා........... මේ...................

පුංචි සුරංගනාවියක් වගේ කෙල්ල දුවගෙන ඇවිත් පෙන්නන්නේ එයා ඇන්ද ලස්සන සමනලයා........... ශේෂ් සක්සේනා ඒ චිත්‍රය තම අතට ගත්තා.......

🔈 කෝ බලන්න........ ෂා........ හරිම ලස්සනයිනේ...........

🧚 තාත්ති ශෝයි කියයි නේද....

🔈 හ්ම්ම්ම..හ්ම්ම්.. එයා කැමතී වෙයි.... හැබැයි ඉතින් මේ කෑම එක කෑවෙ නැත්තම් නම් තරහා වෙයි...... මේක ලස්සනයි කියන එකකුත් නෑ.......

වටකුරු පුංචි ඇස් දල්වාගෙන තමා දෙස බලන් ඉන්න කෙල්ලගේ හිස ඔහු අතගෑවේ පපුව පිච්චිලා යද්දි......... ඇගේ නම #මහීරා_වික්‍රාන්ත්_ශර්මා ඇයට මාස දෙකක් වත් නෑ සෝනම් එයාව එපා කියලා අනුරාග් එක්ක යනකොට....... සෝනම් යන්න ගියේ නිකම් නෙවේ තමන්ට දික්කසාදයත් දීලමයි..........මේ අවුරුදු තුනකට ආසන්න කාලයට මහීරාට මවත් පියාත් වුනේ වික්‍රාන්ත් තමයි........ ඔහු කිසි විටෙකත් ඇයව අත්හැරියේ නෑ......... ශේෂ් සක්සේනාත් දැන් හුඟක් දේවල් තේරුම් අරන් හිටියෙත් ඔහුටත් කාලය ආපස්සට හරවන්න බෑ........වෙච්ච වරද හදන්න බෑ............ පුංචි කෙල්ල තවම අම්මා කියන්නෙ කවුද කියන වචනය දන්නෙ නෑ..... ඒත් දවසක කෙල්ල ඒක අහනවා කියලා වික්‍රාන්ත් සහ ශේෂ් දැනගෙන හිටියා.......

දොර විවර කරගෙන වික්‍රාන්ත් ඇතුලට ආවේ දුරකතනයත් කනේ ගසාගෙනමයි.........

❤️ නෑ..... මං කිව්වනේ එනවා කියලා.....
හරි හරි බං.......... මටත් ඉතින් කෙල්ලව එහෙම දාලා දවස් දෙක තුනක් ඉන්න බෑ..... මේ තරහ නැතුව අසේකා නංගිටත් කියපන් හොඳද මං එනවා අනිවාර්යෙන්ම.........

ඔහු දුරකතනය විසන්ධි කර මහීරා දෙස බැලුවේය........ පුංච් එකී හොඳටම වැඩකය....... අද ඇයට චිත්‍ර පොත හා පාට පෙට්ටිය අතට අසුවී තිබේ.........

❤️ කොහොමද මගේ හා පැටියා....... මොකද කරන්නේ ඔයා....

🧚 මං...... සමනල්ලෙක් ඇන්දා........

❤️ මොකෙක්.....

🧚 සමනල්ලෙක් අනේ.... සීයා.... තාත්ති ඒකවත් දන්නෑ.........

❤️ කෝ බලන්න....... ෂා.... ඔයාට ලස්සනට අදින්න පුළුවන්නේ.....

🧚 මං ආස නතන්න............ දාන්නකෝ සින්දුවක් තාත්ති........

ඇය චිත්‍ර ඇඳීම පසෙකලා සින්දුවක් ඉල්ලයි........... මහීරා හරිම හුරතල් හුරුබුහුටි සිත්ඇදගන්නා සුළු දැරියකි.......... ඇය දෙස,,,, ඇගේ සුරතල් වැඩ දෙස බලා ඉදින විට දවස ගෙවෙනවා තේරෙන්නේ නැත......... ශේෂ් සක්සේනා දැන් සිය ව්‍යාපාර කටයුතු බොහොමයක් වික්‍රාන්ත් හට පවරා අැත........ නමුත් ඊට වික්‍රාන්ත් හට වෙලාවක් නැති බැවින් තමා ඊට පූර්ණ වශයෙන් කාලය හා අවධානය යොමු කරයි.......... දෙදෙනාම ඊටත් වඩා මහීරාට අවධානය යොමුකරයි........

වික්‍රාන්ත් සිටින්නේ කල්පනාවකය........ දැන් ශේෂ් සක්සේනා හොඳින් ඔහුව හඳුනයි........ඔහුගේ සිතැඟි තේරුම් ගනී........ මේ වසර තුනක කාලයට ඔවුන් දෙදෙනා හොඳ මිතුරන් බවට පත්ව ඇත........ ශේෂ් පෙර මෙන් ප්‍රතාප් හා තරඟ කලේද නැත.......... ඔහු සියල්ල වටහාගෙන සිටියේය........ තමා විසින්,,, තමාගේ මෝඩ තීරණ විසින් වික්‍රාන්ත්ගේ ජීවිතය විනාශ කලැයි ඔහු නිතරම පසුතැවුනේය.............. නමුත් කාන්තාරයකට ක්ෂේම භූමියන් මෙන්,,, නෞකාවකට ප්‍රදීපාගාරයක් මෙන්,,, අන්ධකාරයට තරු එළියක් මෙන් එක් බලාපොරොත්තුවක් තිබුණි.............. ඒ මෙහෙන්දි ශර්මා ගේ නොවෙනස් ආදරයයි............. ඇය තවමත් වික්‍රාන්ත් වම පතා ජීවත් වන බව ඔහු තරයේම විශ්වාස කලේය............. මිය යන්නට මොහොතකට හෝ පෙර වික්‍රාන්ත් හට ඇයව මුණ ගැස්වීම ඔහුගේ එකම අරමුණයි........... නමුත් ඇය සිටින්නේ කොහිද කියා ඔහුවත් වික්‍රාන්ත් වත් දන්නේ නැත............ කිසි කෙනෙක් ඔවුන් සිටින තැන කියන එකකුත් නැත....... කාගෙන් වත් අසන්නටත් නොහැකි ලෙස ඔවුන් මුම්බායි හි අතරමං වී තනිවී ඇත....... කිසිවෙක් හා ඔවුන්ට කිසිඳු සම්බන්ධයක් නැත.......... ශධීර් හා අසේකා පමණක් ඔවුන් හා මිතුරුකමින් සිටියත් කිසි දිනක ඔවුන්ද මෙහෙන්දි ගැන නොපවසනු ඇත........ සියල්ලන්ම ශේෂ් සක්සේනා හට වෛර කරයි.......... නමුත් කෙසේ හෝ තමා මෙහෙන්දිට වික්‍රාන්ත් සහ මහීරා භාර දෙන බව අදිටන් කරගත්තේය............... නමුත් එය ඔහුට කල හැකි වේදැයි නොදනී.......... දැනටමත් මෙහෙන්දි සියහිත වෙනස් කරගෙන ඇත්දෝ බියක ඔහුට තිබේ....... වික්‍රාන්ත් කිසිවක් නොපවසන තැන ඔහුම කතා කලේය..........

🔈 වික්‍රාන්ත් මොනවද කල්පනා කරන්නේ පුතා..........

ශේෂ් සක්සේනාගේ හඬින් කල්පනා ලොවින් මිදුනු වික්‍රාන්ත් ඔහු දෙස හෙළුවේ අසරණ බැල්මකි...........

❤️ තාත්තා......... අනිද්දට ශධීර්ගෙයි අසේකාගෙයි wedding එක.......

🔈 ඉතින් ළමයෝ ඒකට ඔය තරම් අහස පොළව ගැටලන්න වගේ කල්පනා කරන්නේ ඇයි............

❤️ මෙහෙන්දිත් අනිවාර්යෙන්ම එයි........

🔈 ඔව් ඉතින් ඒ ළමයා එන්නෙපැයි අසේකා එයාගේ අක්කානේ..........

❤️ මට යන්න බෑ වගේ තාත්තා..........

🔈 මොන විකාරයක්ද ඒ...... ඔයා නොගියොත් හරි නෑ....... ශධීර් විතරයි අපිට හිටියේ හැමදේකටම...........

❤️ මට දරාගන්න බැරි දෙයක් බලන්න වෙයි කියලා මට බයයි....... අවුරුදු තුනක් ගතවෙලා තාත්තා.........මොනවා වෙලාද දන්නෑ........... සමහර විට මට එයාව සදහටම නැති වෙලා ඇති...........

🔈 නෑ පුතා මට නම් එහෙම හිතෙන්නේ නෑ................

❤️ මට තේරෙන්නෙ නැති දෙයක් තියනවා තාත්තා........... මට ඒකට අදවත් හරියට උත්තරයක් දෙන්න........ ඔයා හැමදාම මගහරිනවා ඒකෙන්.............

❤️ ඇයි මහීරාගේ birth certificate එකේ අම්මගේ නමට මෙහෙන්දිගේ නම දැම්මේ............... ආ......... මං දැන් එයාට මොකක්ද දෙන උත්තර....... අද නැතත් අනිවාර්යෙන්ම එයා දවසක අම්මා ගැන අහනවා......... මොකක්ද මං එයාට කියන්නේ...............

🔈වික්‍රාන්ත් මං අනිවාර්යෙන්ම එයාට ඒකට උත්තරයක් දෙනවා ඔයා බයවෙන්න එපා...........

ශේෂ් සක්සේනා සාමාන්‍යයෙන් ආවට ගියාට වැඩ කරන්නේ නැත............ මේ තීරණය ඔහු ගත්තේ හුඟක් කල්පනා කර බලාය................ මහීරා උපදින විට වික්‍රාන්ත් හිටියේ නවසීලන්ත සංචාරයේය........... එනිසා දුවට උප්පැන්න සහතිකය හැදුවේ සීයායි......... මේ නම ඇයට දැම්මේද ඔහුයි.......... ඔහු ඒ නම ඇයට දැමුවේ එක් අයෙක්ට ගෞරවයක් වශයෙනි.......

ශේෂ් සක්සේනා මහීරාට ඒ නම දැම්මේ මාහීර් වෙනුවෙනි............. ඔහු නොමැති වූවා නම් තමා කල දෙයින් මෙහෙන්දිගේ ජීවිතය සදහටම අඳුරේ ගිලෙනු ඇත..................

❤️ ඒ වැඩේ වැරදී තාත්තා............. මෙහෙන්දි දන්නෙවත් නැතුව ඒ කරපු දේ එයාට අපි කරපු ලොකු ද්‍රෝහි කමක්......

🔈 ඊටත් වඩා මං එයාට ලොකු ද්‍රෝහිකමක් කලානේ පුතා......... මේකට එයා මට මොනවත් කියන එකක් නෑ...... සෝනම්ගෙ දුවට එයා දවසක හොඳ අම්මා කෙනෙක් වෙයි..........

❤️ ඕවා හීන විතරයි.......... හීනම විතරයි.... මහීරා අහන දේවල් වලට ඔයාම උත්තර දෙන්න...........

වික්‍රාන්ත් නැගිට ගියේ කෝපයෙනි........

🔈 වික්‍රාන්ත් මං උප්පැන්න සහතිකේ තාත්තගේ නම නැති ළමයි මං දැකලා තියනවා....... ඔයත් එහෙමනේ....... ඒත් කවදාවත් දැකලා තියේද අම්මාගේ නම නැති දරුවෝ....... ආ.... දැකලා තියේද...... කොයි අම්මද තමන්ගේ දරුවො අත්හරින්නේ......... සතෙක්වත් ඒ වගේ වැඩක් කරන්නෑ...... ඒත් සෝනම් කියන මල යක්ෂණි ඒක කලා.......... ඒකි ඒක කලා.............. ඒකි කැමති වූනේ නෑ ඒකිගෙ නමවත් මේ දරුවට දෙන්න........ මොකක්ද මෙි දරුවා කරපු වරද........ එයාගේ වාසනාවට ඔයා වගේ තාත්තා කෙනෙක් ලැබුනා........ ඔයාගෙ දරුවෙක් වෙන්නෙත් නැතිව ඔයා එයාව ඔයාගේ කරගත්තා.......... අම්මෙක් උප්පැන්න සහතිකේ නැති දරුවා සමාජය ඉදිරියේ විහිළුවට ලක් වෙනවා වික්‍රාන්ත්........ මං කලේ ඒ දරුවට ගැලපෙනම අම්මාගෙ නම දුන්න එක..........මෙහෙන්දි ශර්මා කවදාවත් ඒකට මට දොස් කියන්නෙ නෑ...... මට ඒක විශ්වාසයි.......... ඔයා මේකට ගෑවෙන්න එපා...... මං මහීරාට ඒක තේරුම් කරන්නම්............

වික්‍රාන්ත් ඉන්පසු කිසිවක් නොකීවේය..... ඔහු උඩට ගියේ ශධීර්ගේ විවාහයට යනවද නැද්ද කියා සිතමිනි........... එයට නොයා බැරිය............... අවසානයේ ඔහු එයට සහභාගි වීමට හිත හදාගත්තේය..............

පසුදා උදෑසනින් ශේෂ් සක්සේනා වික්‍රාන්ත් සොයා ආවේ ඔහු තාවමත් නොගිය හේතුව බලන්නටයි......... ඒ එන විටත් ඔහු සූදානම් වෙමින් සිටියේය........

🔈 වික්‍රාන්ත් මං හිතුවා ඔයා යන එකක් නෑ කියලා............

❤️ යන්න කියලා හිතුවා තාත්තේ...... නොගිහින් මං කොහොමද ශධීර්ට මුහුණ දෙන්නේ..............

🔈 වික්‍රාන්ත්.......... මං හිතනවා මෙහෙන්දි තවමත් ඔයා ගැනම හිත හිත ඇති............. දැන් තමයි හොඳම වෙලාව මාහීර් එක්ක කතා කරන්න........... මෙහෙන්දිව එයාගෙන් ඉල්ලගන්න පුතා.....

❤️ ඒත් තාත්තා ඒක කොහොමද කරන්නේ..............

🔈 මෙහෙන්දි කවදාවත් මාහීර් එක්ක පවුල් ජීවිතයක් ගත කරන්නෙ නෑ....... එයා ඔයාටයි ආදරේ....... අනික තාම පරක්කු නෑ........ මාහීර්ගේ ජීවිතේටත් හොඳක් වෙන්න ඕනි.......... එයාටත් ආදරය කරන කෙනෙක් ලැබෙන්න ඕනි..... ඒ දෙන්න එකට ඉන්නකම් දෙන්නටම තමන්ගේ ආදරේ ලැබෙන්නෑ......... ඔයා කතා කරන්න.......

❤️ හොඳයි තාත්තා........මං එහෙනම් මාහීර් එක්ක කතා කරන්නම්...........

ශේෂ් සක්සේනා කාමරෙනි පිටවුනේ ඔහුගේ හිසද අතගාමිනි............ වික්‍රාන්ත් මොහොතක් කල්පනා කලේය.........

❤️❤️ මට සමාවෙන්න නංගි............. මට ඇත්තටම ඔයා නැතුව ඉන්න බෑ...... මේක මහ කාලකණ්නි ජීවිතයක්...... මට තවත් මෙහෙම ඉන්න බෑ........ මං ඔයාව මාහීර්ට දුන්නට මගේ අතින් ඔයාට වරදක් වෙලා නෑ....... ඒ හින්ද මට සමාව දෙන්න නංගි......... මං ඔයාව කොහොමහරි මගේ කරගන්නවා........ මාහීර් මට ඔයාව දෙනවා ඒක මං දන්නවා............ ඌ හොඳ එකා......... සමහර විට කවදාහරි ඔයා මටම ලැබෙන්න තියෙනවා ඇති....... නැත්තම් තාත්තා කෙල්ලගේ birth certificate එකට ඔයාගේ නම දාන්නෑනේ.......... හොඳ දෙයක් වෙයි කියලා හිතනවා මං........ මං එනවා ආයෙම ඔයා ගාවට..................

වික්‍රාන්ත්ගේ හිත හැඟුම් සමුදායකින් පිරී ගියේය................ ඒ ඇයව සිහිවීමෙන්........ ඔහුට තවමත් සිතාගත නොහැක.......... වසර තුනකින් පසුවයි මේ ඇයව හමුවන්නේ............ කුමක් සිදුවී ඇත්දැයි දන්නෙ නැති නමුත් හොඳ දෙයක් වෙයි කියලා හිත පවසයි.............

___________________🧚💃🧚_________________

සියළුම දේවල් සිදු වන්නේ ප්‍රතාප්ගේ නිවසේදීය............. අසේකා සහස්දි දෙදෙනාගේම වගකීම තමා සතු බව ප්‍රතාප් නිතරම සිතුවේය..... මෙහෙන්දිට සේම ඔවුන් දෙදෙනාටද ඔහු එක හා සමානව ආදරය කරයි............

සුවිසල් විසිත්තකාමරය සිංහල තාලයට සරසා ඇත........ නමුත් ඊට රෝස පිච්ච ක්‍රිෂාන්තිමම් හා ලිලී මල් මෙන්ම සුදු හා රතු නෙළුම් මල්ද යොදාගෙන තිබුණි............ පාන්දර දෙකට පමණ ඇත........... මල් සැරසිලි ආරම්භ කලේ දැන්ය........... අද නිවස තුල හින්දු නෑදෑයින් මෙන්ම සිංහල නෑදෑයින්ද පිරී ඉතාමත් සුන්දර තැනක් බවට පත්ව තිබූණි............... ශ්‍රිලංකාවේ සිට පැමිණි මාමාලා දෙන්නත් නැන්දලා දෙන්නත් ඔවුන්ගේ දරුවන් වන සවී,,, පහන්,, චලක,,, රන්ශික,,, විද්‍යා,,, දෙව්ලි,,, රශේන්ද,,, ප්‍රතාප් ශර්මාගේ සොයුරන් ගේ හා සොයුරියන්ගේ දරුවන් වන වීර්,,, නිකිල්,,, වේද්,, ශාලිනි,,, භාවනා,,, මන්දිරා,,, අව්‍යා,,, චිරාත්,,, සාහිල් ද හරි හරියට වැඩය..............

🔶 මතකද විහේන් අයියගේ මගුල් ගෙදරටත් මේ විදිහටම සැරසුවා

අව්‍යා පැවසුවේ මේසයෙන් බසිමිනි....... ඉහල කොටසේ සැරසිලි අවසන්ය........

🔷 මේක ඉතින් අපේ විදිහටනේ වෙන්නේ........

දෙව්ලි පැවසුවේ අතේ වූ රෝසමල් වැල උස සිමෙන්ති කණුවක පටලමිනි.........

🔹 ඒක නෙවේ අර මහීමයා මෙහෙන්දියාට කේස් එකක් දැම්මලු නේද

රන්ශික ඇසුවේ මෙහෙන්දි දෙස බලමිනි......... මෙහෙන්දි කිසිවක් නොපවසා සහස්දි හා ඡාවි දෙස බැළුවාය......

🌺 ඒකා හින්දා තමයි මේ ඔක්කොම......

මෙහෙන්දි සහස්දි දෙස බැළුවේ නළල රැලි කරමිනි.........

🔹 ඒ කිව්වේ සහස්..........

🌺 නෑ මේ මං කීවේ........ අපේ මෙහෙන්දිට මාහීර් අයියා බඳින්න වුනේ ඌ නිසානෙ............

🔹 ඇයි මෙහෙන්දි මාහීර්ට කැමති නැද්ද...... අපි නම් හිතුවේ ඔය දෙන්නා set වෙයි කියලා..........

මෙහෙන්දි අසරණව බැලුවේ සහස්දි ඊලඟට මොනවා කියයිද කියාය......... සහස්දි දැන් වෙනදා මෙන් නොවේ...... ඇය අමුතුය........ ඇය දැන් තමා හට වැඩිපුර මුහුණ දෙන්නේද නැත...........

💘 කවුද කියන්නේ මෙහෙන්දි මට කැමති නෑ කියලා.......... අපි දෙන්නා දිහා බලපුවම එහෙම කියන්න පුළුවන්ද.....

මෙහෙන්දිගේ වෙලාවට මාහීර් එතැනට ආවේය.......... සහස්දි එතැනින් යන්නට ගියාය...........

🔷 මොකද බං අරයට වෙලා තියෙන්නේ...... තව ටිකෙන් හැමෝම ඉස්සරහ වික්‍රාන්ත් අයියා ගැනත් කියයි කියලා මං හිතුවේ.... වෙලාවට මාහීර් අයියා ආවේ.........

අව්‍යා කීවේ මෙහෙන්දිට හුඟක් ලං වෙලා රහසින්.........

💃 අනේ මන්දා බං...........මොන යකෙක් වැහිලද කියලා මං ඒකිට කරපු දේකුත් නෑ....... දැන් ටික දවසක ඉඳන් මට කරන්නෙම වෙනස්කම්..........

🔷ගණන් ගන්නෙපා යමුද අපි අසේකාට උදව් කරන්න මෙතන වැඩ ටික ඉවරනේ.........

මෙහෙන්දි,,, අව්‍යා,, විද්‍යා,, මන්දිරා,,, දෙව්ලි,, සවී,, ශාලිනී හා භාවනා අසේකාගේ කමරයට යන විට සහස්දි හා අසේකා කරමින් සිටි කතාව නැවැත්තුවා....... එය සියල්ලන්ටම තේරුනා........... අසේකාගේ ඇඳ මත ඇගෙ මගුල් සාරිය මාල හත ඇතුළු ආභරණ මල් පොකුරැ ආදියද විය........

💃 අනේ අක්කා......... කොච්චර ලස්සනද...... so nice...... මේ jewelry බලන්නකෝ හරිම ලස්සනයි...... ආසා හිතෙනවා.........අනේ මටත් ආසයි ඔසරියක් අදින්න...... මෙන්න මේ වගේ මාලයකුත් දාලා........

මෙහෙන්දි පැවසුවේ හංස මෝස්තරය ඇති කරමාලය පෙන්වමිනි.............

🔷 ඉතින් සුදූ ආස නම් ඔයත් අදින්න.......

නමුත් බලාපොරොත්තු සුන් වූ මුුහුණින් ඇය දෙව්ලි දෙස බැලුවාය......

💃 අදින්න කෝ ඉතින් නෑනෙ..........

🔷 එහෙම හිතන්නෙපා මැණික...... අපි ඔයාලව අමතක කරනවාද....... මෙන්න තියනවා ඔයාලාගේ ඇඳුම්........... එන්න ආ ගන්නකෝ.......මෙහෙන්දි මේක ඔයාටයි මාහීර් අයියටයි...........

සවී මෙහෙන්දි වෙත බෑගයක් පෑවාය............ ඇය හරිම ආශාවෙන් එය එළියට ගත්තාය............. එය නිල් පැහැති සාරියකි.......... ඊට ඇය පෙන්වු වර්ගයේම ආභරණ විය......... කෙල්ලගේ මුහුණ තොරණක් වගේ ආලෝකමත් විය........

💃දෙයියනේ ලස්සනම ලස්සනයි..... දෙව්.... Thank u so much sweetie

🔷 අයියගේ එකත් බලපන්........

ඇය මාහීර්ගේ ඇඳුමද බැලුවාය.......... එයද ඇගේ සාරිය මෙන් තද නිල් පැහැතිය..... එහි ෂර්ට් එක කෝර්ට් එකක් ආකාරයට තිබුණු අතර ඊටම ගැලපෙන සරම් විලාසිතාවකි........ එය සිංහල තාලයේ එකක් වුවත් දකුණු ඉන්දියානු වෙට්ටියක් මෙනි.........

💃 වාව්........ මගේ මහත්තයාට මේක ලස්සනට තියෙයි..........

🏵️මේ බලන්නකෝ මෙයාගේ මුණ...... ඔයාගේ මහත්තයා ඉතින් කොහොමත් ලස්සනයිනේ.............

අසේකා කීවේ ඇත්තටම ඔවුන් දෙදෙනා කෙරේ උපන් ආදරයෙන්ය.........

💃 of course අක්කා.......මගේ මහත්තයා ලස්සනයි තමා............

🌺 හහ්........ මහත්තයා............ නමට විතරක් මහත්තයා...........

සහස්දි පැවසූ දෙයට මෙහෙන්දිටත් වඩා කුපිත වුනේ අසේකා.............

🏵️ මේ අක්කේ.......... මෙතන නැති ප්‍රශ්ණ ඇති කරන්න එපා හරිද......... ඔයා මොනාද ඒ දෙන්නාගේ බැදීම ගැන දන්නේ අනික ඒක ඒ දෙන්නගේ පුදිගලික දෙයක්........ ඔයාට බෑ ඒ දෙන්නා ගැන ඔය වගේ තිරිසන් කතා කියන්න........ මං ඉස්සරලත් කීවා....... ඕක දැන් නවත්තගනන........

🌺 දැන් උඹටත් මං කියන එක වැරදී නේද අසේකා........... උඹ ඔය කියන තරම් ගැඹුරු ආදරණිය බැදීමක් තියනවා නම් අහපන් මෙයාගෙන් ඇයි තාම දරුවෙක් නැත්තේ කියලා බැදලත් අවුරුදු තුනක් විතර වෙනවනේ...........

🔷 ඕක දැන් නවත්තන්න සහස්දි අක්කේ..... අපිට ඕනෙ නෑ ඕවා දැනගන්න....... මං දන්නෑ ඔයාට මේ කෙල්ල එක්ක තියෙන්නේ මොන වගේ තරහක්ද කියලා.......... ඒත් අපිට නම් හිතෙන්නෑ....... මෙහෙන්දියි මාහීර් අයියායි අතරේ ඔය කියන විදිහේ ප්‍රශ්ණ තියනවා කියලා.......... අනික දරුවෙක් හදනවද නැද්ද කියන එක එයාලගේ වැඩක්............ ඔයාට ඒකෙන් වැඩක් නෑනේ........ ඔයත් ඉක්මනට කෙනෙක් හොයාගෙන බඳින්න....... එතකොට ප්‍රශ්ණ ඉවරයිනේ......

විද්‍යා පැවසූ දෙයට සහස්දිගේ කටවැසී ගියේය............

ඔවුන්ට නිදාගන්නට ලැබුනේ පැයක් පමණය............. විද්‍යා ඇඳගෙන අවසන් කර මෙහෙන්දිටද ඔසරිය ඇන්දුවාය....... රන්පැහැති හැට්ටයට නිල් පාට සාරිය ඇයට මනාව ගැලපුණි............ ඇගේ කොණ්ඩා මෝස්තරයද දමා ලස්සනට makeup කල පසු ආභරණද පැලඳ වීය.......

🔷 ෂා........ ලස්සනයි මෙහෙන්දියෝ........

අසේකාද ඇය දෙස බලා සිටියේ ආශාවෙන්..........

🏵️ ඇත්තමයි උඹ අද හරිම ලස්සනයි නංගි........

අසේකා හැඩගන්වා අවසන්ව තිබුණි....... සුන්දර උඩරට සිංහල මනාලිය දෙස මෙහෙන්දි බලා සිටියේ උතුරා යන සතුටිනි............

💃 අක්කා හිතාගන්නවත් බෑ........ මේ දකින්නේ හීනයක්ද කියලා....... හරිම ලස්සනයි අප්පා...... මට නම් මේ wedding එක හරි ලස්සන පාට පාට හීනයක් වගේ........

මෙහෙන්දි පැවසුවේ අසේකාගේ සාරිය අතගාමිනි............

🏵️ මේ...... ඔය මාහීර් අයියාගේ ඇඳුම නේද තවත් උඹ අතේ තියෙන්නේ...... අරන් පලයන් ඒ මනුස්සයා ලෑස්ති වෙන්නැද්ද..............

💃 මං මේක දීලා එන්නම්.........

🏵️ එන්න නම් බැරිවෙයි ඔය විදිහට ගිහාම.......

💃 ඇයි.............

🏵️ ඇයි අහන්නේ මාහීර් අයියාට පිස්සු නොහැදුනොත් තමා වැඩේ උඹ දැක්කම..........

මෙහෙන්දි සිනාසෙමින් ඇගේ කාමරයට ගියාය........... ඒ යන විටම මාහීර් bathroom එකේ ඉදන් එලියට ආවේය........ ඔහු ඇසි පිය නොහෙලා ඇය දෙස බලා සිටියේය......

💃 අනේ ඇත්තමයි අයියේ ඔයත් කියන දෙයක් අහන්නැති හැටි........ බලනවා ඔය වතුර...........

මෙහෙන්දි බනිමින්ම අසල වූ අනෙක් තුවාය අරන් ඔහුගේ හිස පිසදැම්මාය......... තවමත් ඔහුගේ දෑස් ඇත්තේ ඇය වෙතමයි.......

💃 මොකද මේ අනේ.......... ආ මේක ඇඳගන්න.............

මෙහෙන්දි ආපසු හැරුනේ යන්නයි...... නමුත් මාහීර්ගේ දෑතම ඇගේ බඳ වටා ගියේ නොසිතූ මොහොතකට........ ඇය ගොස් නැවතුනේ ඔහුගේ නිරුවත් පපුව මතය..............

💘 මොකද ඔය තරම් යන්න හදිස්සිය....... මං ටිකක් මගේ නොනාගේ ලස්සන බැලුවම මොනවා වෙනවද

💃 අනේ මේ එහාට වෙන්න මාහීර් අයියේ..... අර දොරත් ඇරලා අප්පා කවුරු හරි ආවොත්...........

💘 ආවදෙන්........ ඒක නෙවෙ කොහෙන්ද මේවා...........

මාහීර් ඇසුවේ ඇගේ සාරිය අල්ලමිනි.........

💃මේවා ගෙනාවේ විද්‍යා මේ ඔයාටත් තියනවා...........

මාහීර් එය දිගහැර බැලුවේ ඇය දෙසම බලාගෙන...........

💃 අපෝ මාහීර් අයියේ ඔයාගේ හිනාව නම් හරිම මනමාලයි.........

💘 මං ඉතින් හැමදාමත් ඔයාට මනමාල හිනාව දැම්මට ඔයා අහුවුනේ නෑනේ......

මාහීර් ඇඳුම් අඳින අතරේම කීවේය...... මෙහෙන්දි ඊට කිසිවක්ම නොකීවාය...... තවමත් හිත වික්‍රාන්ත්ටමය........ ඇය නිහඩවම මාහීර්ට අඳින්නට උදව් කලාය...........

💃 ඔයා හරි ලස්සනයි අයියේ ඒකට.......

මෙහෙන්දි ඔහු දෙස බලා සිටියේ දීප්තිමත් දෙනෙතිනි...........

💃 එහෙනම් ඔයා එන්න මං යනවා.......

නමුත් එවරත් ඇයට ඔහු යන්නට නොදුන්නේය..............

💘මං දෙයක් අහන්නද..............

මෙහෙන්දි ඔළුව වැනුවාය................

💘 තවමත් හිත හදාගන්න බැරිද නංගි....... ම්ම්ම්ම්...... මං ඔයාට ඇත්තටම හරි ආදරෙයි............

මාහීර්ගේ හැගීම්බර හඬට මෙහෙන්දි තිගැස්සී ගියාය............

💃 අයියේ........මේ..............

💘 මට කියන්න නංගි............. ඔයාට පුළුවන් නේද.......... ම්ම්ම්.......මාත් හිතුවා එයා එ්වි කියලා........ ඒත් එයා එනවා තියා එයා ගැන තොරතුරක්වත් නෑ....... තව කොච්චර කල් ඉන්නද....... ම්ම්ම්..... අපි දෙන්නා එක පාරක ගියත් වෙන වෙනම......... අපිට බැරිද මේ ගමන එකට යන්න ආ...........

මෙහෙන්දි නිරුත්තරය......... ඇයට තවමත් වික්‍රාන්ත්ගෙන් මිදීමට නොහැකිය............ තවමත් ඒ මතකයේම ගිලෙන්නට හිත කැමතිය...............

💘 හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්......... කමක් නෑ.......

මාහීර් ගේ බරැති සුසුම් මෙහෙන්දිගේ හිත වේදනාවෙන් බර කරන්නට සමත් විය.............

💃 මට තව ටික දවසක් දෙන්න අයියේ...... මට ඒක කරන්න පුළුවන් වෙයි........

මාහීර්ට දැනුනේ නිම්හිම් නැති සතුටකි...

ශධීර් ඇඳ සිටියේ බටහිර පන්නයේ ඇඳුමකි........... ඔහු රැගත් නෑදෑ පිරිවර පිළිගනු ලැබුවේ සිංහල තාලයට මගුල් බෙර වාදනයකින් හා නැටුමකිනි........ ඉන්පසු ළමා සාරි ඇඳගත් නව යොවුන් දැරියන් හතර දෙනෙක් පිලිගැනීමේ ගීය ගායනා කලහ........ ඔවුන් සියළු දෙනාම පැමිණ අසුන්ගත්හ............ තාරක ජයවර්ධනත් ප්‍රතාප් ශර්මාත් ගොස් අසේකාව පහලට කැඳවාගෙන ආවෝය..........

🌹 මෙහෙන්දි පුතේ ටිකක් ගිහින් බලන්නකෝ අශ්ලේෂා අක්කා තාම ආවෙ නැත්තේ ඇයි කියලා........

💃 හා මං ගිහින් එන්නම්....... මං ආවේ පුතාටත් ඇදුමක් දාලා අම්මේ ඇයි දන්නෑ අක්කා තාම නැත්තේ........... ඉන්නකෝ මං බලන්නම්.........

මෙහෙන්දි උඩට යන විටත් අශ්ලේෂා සිටියේ ඇඳේ හාන්සි වීය..........

💃 අක්කා.........ඔයාට අමාරුද........

🧡 නෑ චූටි........මං මේ හිටියේ කවුරුහරි එනකම්........මට මෙයාව අරන් යන්න බෑ අනේ...........

💃අන්නේ....... ඉතින් මට ඉස්සරවෙලා කියන්න එපැයි හිත හිත ඉන්නැතුව....... කෝ එන්න නැන්දා ගාවට අපේ විභූ පැටියා.............

විභූ........ විහේන්ගේත් අශ්ලේෂාගේත් පුතු....... මෙහෙන්දි එක්ක හොඳටම එකතුයි........ ඔහු කිසිම චකිතයකින් තොරවම ඇයගේ අතට ගියේය.........

💃 යමු අක්කා..........

නමුත් අශ්ලේෂා මෙහෙන්දිගේ අත අල්ලාගෙන යලිත් වාඩි විය.........

🧡 ටිකක් මෙහෙන් වාඩිවෙන්න බබා........ මට කතා කරන්න ඕනි........

💃කියන්න අක්කා............

🧡 නංගි........ තව කොච්චර කල් ඔහොම ඉන්නද......... ම්ම්ම්ම්......... එයා ආයෙම එන්නෙ නෑ නංගි...... දැන් අවුරුදු තුනක් ගෙවුනා............. එනවා නම් එන්න හොඳටම වෙලා.......... ඔයා මිරිඟුවක් පස්සේ යන්නේ පැටියෝ............ අනේ හිත හදාගන්න නංගි දැන්වත්...... ඔයා දන්නවානේ අපේ අයියා ඔයාට කොච්චර ආදරෙයිද කියලා......... මං නම් හිතන්නෙ දැන් හිත හදාගත්තොත් හොඳයි කියලා......... ආසයි අපිත් ඔය වගේ ඔයාගේ දරුවෙක් අ..පි...ට....... නැ...න්..දේ........කි...යනවා....අ..හන්...න.......

අශ්ලේෂා අවසන් ටික කිව්වේ හඬමිනි...... ඇයට මෙහෙන්දි ගැන මෙන්ම සිය සොයුරා ගැනද ඇත්තේ දුකකි.............

💃අ..නේ...... අ..ඩන්නෙ...පා........ අක්කේ...... ම..ම..මං........ ඉක්..මනි..න් හිත......හදාගන්...නම්.........

මෙහෙන්දිට පලමු වරට අද එය හදවතට තදින්ම දැනුනි............. හිත හදාගත යුතුව ඇත.................... තමා ආදරය කරන කෙනා වෙනුවෙන් මෙතරම් කලක් බලා සිටියත් ඔහු නාවේය........... නමුත් තමාට ආදරය කරන තමා වෙනුවෙන් දුක් විඳින අය වෙනුවෙන් එය කල යුතුය............... එය කල යුතුමය........................ ඇය කුඩා විභූ වත් අශ්ලේෂාවත් කැටුව පහලට යන විට පෝරුවේ චාරිත්‍ර ආරම්භ කිරීමට සූදානමින් සිටියහ.......... ඔවුන් දෙදෙනාද ඒ දෙස ආශාවෙන් බලා සිටියහ........... මාහීර් හා විහේන් පැමිණි ඔවුන් දෙදෙනා ලඟන් වාඩි විය.............

විභූ අතැතිව සිටින මෙහෙන්දි දෙස මාහීර් බලාගෙනම සිටියේය............ ඔහුට සුසුමක් හෙළුනේ ඉබේටමයි........ මේ විවාහය ඇත්තටම මේ අයුරින් නෙවේ ඇත්තටම ආදරය පදනම් කරගෙන සිදු වූවා නම් මේ තරම් වයසැති දරුවෙක් ඔවුන්ටද සිටීමට ඉඩ තිබුණි....... නමුත් ඒ හීනය බොහෝ දුරය...... නමුත් මෙහෙන්දි හා ඒ හීනය හැබෑ කරගැනීමේ දැඩි ආශාවක් මාහීර්ට තිබේ............. එය ඇත්තටම හරිම අහිංසක ආශාවකි මාහීර්ට මේ විවාහය නාමයෙන් ඇති අයිතියකි............

පෝරුවේ චාරිත්‍ර අවසන් වු අතර ඉන්පසු සාමාන්‍ය උත්සවය ආරම්භ විය............ මද වේලාවකින් අශ්ලේෂා යලිත් සිටියේ අපහසුවෙනි......... ඇයට මේ ශබ්දය දරාගැනීමට නොහැකි විය..............

💃 අක්කා....... ඔයාට අමාරුද..........

🧡 නෑහ් නංගි....... හරි යයි...........

හරි යයි කීවාට එන්න එන්නම ඇගේ අමාරුව වැඩි විය...........

💃 අක්කා......

🧡 මට කලන්තෙ හැදෙන්න වගේ චූටි.......

💃 අක්කා මේ table එකට ඔළුව තියාගන්න මං අයියටත් කතා කරන්නම්......

විභූ පැත්තකින් තියන්නත් නොහැකිය........ ඔහු සිටියේ ඇගේ පපුවටම තුරුළු වී හොඳටම නිදාගෙනය.............

💃 අයියා...... විහේන් අයියා...... අක්කට අමාරුයි........මං හිතන්නේ එයාව hospital එකට එක්ක ගියොත් හොඳයි වගේ........ risk එකක් ගන්න ඕනෙ නෑනේ.....

🌷 යමු.............

විහේන් පැමිනෙන විටත් ඇය සිටියේ සිහි මද ගතියෙනි.......... විහේන් ඇයව ඔසවාගෙන වාහනයට දමා මෙහෙන්දි දෙස බැලුවාය.............

🌷අනේ මැණික.......... මාහීර් එක්ක ඔයත් එනවද wisdom hospital එකට.....

💃 හා ඔයා ඉක්මනට අක්කා අරන් යන්න මං එන්නම් මාහීර් අයියා එක්ක.........

එහෙම කියලා මෙහෙන්දි ආපහු ඇතුලට ගියේ මාහීර් හොයාගෙන..............

🔸-------🔸--------🔸--------🔸-------🔸------🔸

වික්‍රාන්ත් සිටියේ ශර්මා මන්දිරය ආසන්නයේමය......... මීට අවුරුදු තුනකට පෙර මෙහෙන්දිගේ හල්දි උත්සවයට ආවාට පසු තමා මේ ඒ නිවසට පය තබන්නේ පලමු වරටය........... මේ ඇගේ ගෙදරයි............... තම සංසාරගත ආදරවන්තියගේ නිවසයි.......... තමා වෙනුවෙන්ම සෙනෙහෙ පුරන සුරංගනාවියගේ නිවසයි..............

ඔහුගේ සිතට චකිතයක්ද දැනේ......... නමුත් ඇතුලට ගිය පසු මිතුරන් සියළුම දෙනා හමුවනු ඇති....... ඒත් ඇයට මුහුණ දෙන්නේ කෙසේද....... ඇය කුමන ප්‍රතිචාරයක් දක්වාවිදැයි ඔහු බොහෝ සිතුවේය.................

නමුත් එහි යා යුතුමය....... ජීවිතයේ තමා හට මෙපමණ උපකාර කල ශධීර්ගේ හා අසේකාගේ ඉල්ලිම කිසිදා අහක දැමිය නොහැක............. එනිසා ඔහු හිත සන්සුන් කරගෙන ශර්මා මන්දිරයේ දොරකඩට ආවේය.............

මෙහෙන්දි මාහීර් සොයාගත්තේ සාශේන් ලඟ සිටය දෙදෙනාම සිටියේ සැරබීම අංශයේය......... නමුත් මාහීර් නම් ඒවා නොගන්නා බව ඇය දනී.........

💃මාහීර් අයියා........අපි ඉක්මනට යමු අශ්ලේෂා අක්කා hospital එකට එක්ක ගියා.........

මාහීර් කලබල විය........ ඔහු කොහොමත් සිය නැගණියට බොහෝ සෙනෙහස දක්වයි..........

💘ඇයි එයාට මොකද වුනේ........

💃 ටිකක් අමාරුයි කීවා බලන් ඉන්න බෑනේ විහේන් අයියා එක්ක ගියා.........

මාහීර් හා මෙහෙන්දි ඉක්මනින් ආවේ රෝහලට යන්නටයි............. විභූ තවමත් නිදිය.......... ඇගේ සුවපහසු පපුවේ ඔහු නිදිය.............. මෙහෙන්දී ඔහුව තවත් ඇගේ පපුවට තුරුළු කරගත්තාය.........

💘 විභූ හොඳටම නිදි................. ඔන්න බලාගෙන..........

මාහීර් කෙල්ලව අල්ලගත්තෙ නැත්තම් මල්පෝචිචියත් එක්කම කෙල්ල බිම........

💘 මෙන්න මෙහෙ එනවා මගේ ලඟට...... තමුසෙත් හරි පණ්ඩිතයි.......... මං කන්නෙ නෑ........ ඒක තමුසෙ දන්නවානේ........

💃 අපෝ හරි හරි ඔය තරම් කේන්ති ගන්නෙපා.........

මාහීර් ඇගේ උරහිසින් අල්ලාගෙන තමා වෙත ලං කරගත්තේය........... ඇත්තටම ඔහුට ඇය සුරැකිය යුතු මැණිකකි........ ඔහුගේ හදවතේ ඇය වෙනුවෙන් උපන් අව්‍යාජ ප්‍රේමයක් ඇත........ ඒකපාර්ශ්වික ප්‍රේමයක් ඇත..................

වික්‍රාන්ත් තමා ඉදිරියට එන දෙදෙනා හොඳින්ම දුටුවේය.......... මෙහෙන්දි.............. තමා පණ මෙන් පෙම් කල යුවතිය............ තමාට පණමෙන් පෙම් කල යුවතිය......... ඇයගේ වෙනසක් නැත..... ඇය ඇඳ සිටි සිංහල ඔසරියට ටිකක් හඳුනාගැනීමට අපහසු වුවත් මේ සිටින්නේ තම හදවතේ ඉතිරි භාගයයි...... නමුත් වික්‍රාන්ත්ගේ හිත කීරිගැසී ගියේ දරුවා දැකීමෙන්......... වයස අවුරුද්දක් පමණ වන කිරිකැටි දරුවෙක් පපුවේ තබාගෙන යන මෙහෙන්දිත් ඇයව ආදරයෙන් තුරුළු කර සිටින මාහීරුත් දකින ඕනෑම කෙනෙක්ට සිතෙන්නේ ඇස් වහක් කට වහක් නැති සුන්දර පවුලක් ලෙසටය............. වික්‍රාන්ත් ඔවුන්ව දුටුවේත් එලෙසය........ ඔවුන් කොතරම් ඔවුන් වෙත දැහැන්ගතව ගියේද කියනවා නම් වික්‍රාන්ත් පසු කරද්දිවත් ඔවුන් ඔහුව දුටුවේ නැත............ නමුත් මෙහෙන්දිගේ මුහුණේ සතුට ඔහු හොදීන් දුටුවේය...... මාහීර්ගේ තෘප්තිමත් සැනසිලිදායක මුහුණ ඔහු හොදින්ම දුටුවේය.......... වික්‍රාන්ත්ට දැනුනේ කියාගත නොහැකි දුකකි...... වේදනාවකි........ නමුත් මේ සියල්ල තමා විසින් සිදු කල දේවල්මය....... මෙහෙන්දිට තමා එපා කරවූයේම ඔහුය......... එදා තරඟය වෙලාවේදිත් තමා කලේ එයමය....... ඉතින් මේ වේදනාවන්ද තමා විසින් තමා හට උරුම කර දුන් ඒවාමය........ කිසිවෙකුට දොස් කියා පලක් නැත......... කිසිවෙකු හා සටන් කර පලක් නැත....... කිසිවෙකුට වෛර කර පලක් නැත.......... ජීවිතය කොහේ හෝ වැරදී ගියේය......... දෙව්යන්ද තමාට කුරිරු ලෙස පිටුපෑවේය....ඔහුගේ හීන මොහොතකින් සිදී බිඳී වියැකී ගියේය............. ඔවුන් දෙදෙනා වාහනයේ නැගී යන ආකාරය වික්‍රාන්ත් බලා සිටියේ බොඳ වුනු දෙනෙතිනි...............

❤️❤️ ඔයා මාව අත්හැරියා නේද නංගි.... කමක් නෑ...... ඔයා ඔය තීරණය ගන්න තැනට පත් කලෙත් මමනේ......... ආසයි එක පාරක් ඔයාගේ දරුවගේ මුහුණ බලන්න........... මට හරිම දුකයි දෙවියනේ........................ මට හරිම දුකයි........... ඇයි අපිට මෙහෙම වුනේ.........

වික්‍රාන්ත් සිතුවේ හදවත වේදනාවෙන් පිරෙද්දිය.............

වික්‍රාන්ත් පැමිණියේ බිම බලාගෙනමය....... දැස් එසවිය නොහැක ඒවා ඒ තරම් රිදුම් දෙයි......... නමුත් තමා බොහෝ වේලාවක් නම් මෙහි නොරැඳෙන්නෙමියැයි ඔහු තරයේ සිතාගත්තේය............ දුටු දෙය හොඳටම ඇතිය.......... මුළු ජීව්ත කාලයම විඳව විඳවා ජීවත් වෙන්න එය හොඳටම ප්‍රමාණවත්ය...................... ඔහු ශධීර් හා අසේකා ලඟට ගියේය.............

🏵️ මේ වික්‍රාන්ත් අයියාගේ මූණ නම් හරි නෑ....... මෙහෙන්දිව දැකලවත්ද...........

💙 මං නම් හිතන්නෑ........ මූ කොහොමත් ඉන්නෙ ඔහොමනේ........ අනික වික්‍රාන්ත් නංගිව අමතක කරලා නම් ඉන්නේ මොකට දුක් වෙන්නද..........

🏵️ මං නම් හිතන්නෑ එහෙම....... වික්‍රාන්ත් අයියා මෙහෙන්දිට තාම ආදරෙයි........ ඒත් හැබැයි මට නම් මෙයා එක්ක කොහොමත් තරහයි......... සෝනම් ගියාට පස්සෙ මෙයාට තිබුනා එන්න...... ඇවිත් මාහීර් අයිය එක්ක කතා කරන්න......... හැබැයි දැන් මට හිතෙන්නේ පමා වැඩී.........

💙 ඒ කිව්වේ..............

🏵️ හැමෝම කියනවා නංගිට දැන් මාහීර් ගැන හිතන්න කියලා........... මං හිතන්නේ එයත් කැමතී දැන් හිත හදාගන්න.......අනික අවුරුදු තුනක් නංගි හිටියේ මාහීර් එක්ක.......... මාහීර් අයියට නංගිගේ හිත ගියොත් ඒකෙ වරදක් නෑනෙ

💙ඔව් ඒක නම් ඇත්ත........ ඔන්න එයා එනවා.........

❤️ I wish you happy and peaceful wedded life shadheer aseka.......

💙🏵️ Thank u ayya..........

💙 ඔයා ආව එකම ලෙකෙු දෙයක් අයියේ...... තනියෙන්ද ආවේ.... දුව එක්ක ආවේ නැද්ද.........

❤️ ම්ම්ම්හු.... නෑ...... දාලා ආවේ...... ඉතින්..... මට හුඟක් වෙලා ඉන්න නම් බෑ........................

🏵️ අනේ අයියේ........ ආව ගමන් යන්න ඕනෙ කියන්නේ..........

❤️ මං අදම මුම්බායි යන්න ඕනි නංගි ඒකයි............

💙 අනේ මන්දා අයියේ ඇයි උඹ අපෙන් ඔය තරම් ඈත් වෙන්නේ.........

වික්‍රාන්ත් ප්‍රතාප් ඇතුළු සියළු දෙනාටම සුහදව කතා කල වික්‍රාන්ත් යන්නට සූදානම් විය........... ඔහු වැඩි වෙලාවක් නොරැඳී පිටව ගියේය........... ඔහුගේ වාහනය අංගනයෙන් පිටතට දැම්මේත්........ මාහීර් ගේ වාහනය ඇතුලට ආවේත් එකටමයි........ නමුත් ඔවුනොවුන් දුටුවේ නැත......................... දෙවියන් විසින් දෙවන වරටත් මේ ආදරවන්තයින් පසෙකට කර වෙන් කලේය........... දෙවියන් කරන්න යන දේ දන්නේ දෙවියන්ම පමණි................ දෙවියන්ටද කොහේ හෝ වැරදී තිබිය හැක.......... වික්‍රාන්ත් හට හිත හදාගන්නට නොහැකිය................... නමුත් යලිත් කිසිම දිනයක ආයෙත් ඔහුට ඇයව ලැබෙන්නේද නැත........

🏆️හැමෝම අහගන්න වික්‍රාන්ත් ආව බවක් මෙහෙන්දියි මාහිරුයි දැනගන්න ඕනෙ නැ....... කවුරුත් ඒක කියන්න එපා..

මාහීර් හා මෙහෙන්දි එනු දුටු ප්‍රතාප් ශර්මා අවට සිටි අයට පැවසුවෙිය........ එය නියෝගයක් විය..............

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

මංගල්‍යයේ සියළු කටයුතු අවසන් වනවිට රාත්‍රිය උදා විය............. ඉන්දියානු නෑදෑයින් සිය නිවෙස් බලා ගිය පසු ඉතිරි වුයේ සිංහල නෑදෑයින් පමණි.......... කෙල්ලෝ කොල්ලෝ ඔක්කොම මහන්සියට හොඳටම නිදිය.............. මෙහෙන්දි ගියේ සහස්දි සොයාගෙනයි... ඇයට දැන ගැනීමට අවශ්‍ය වුනා තමා අතින් ඇයට සිදු වූ වරද කුමක්ද කියලා....... නමුත් ඇයත් සිටියේ නිදාගෙන............

මෙහෙන්දිත් කාමරයට ගියේ නිදාගන්න කියලා හිතාගෙන ඒ යනකොට ඇය දුටුවා මිදුලේ පැත්තක තියන පුටු වල වාඩි වෙලා අයියලා දෙන්නායි මාහීරුයි තාත්තායි ලොකු කතාවක ඉන්නවා...........

💃 හ්ම්ම්ම්ම්ම්.......මෙයත් මෙතනද...........

ඇය කාමරයට යන විට අම්මයි පුංචි අම්මයි නැන්දම්මයි තුන්දෙනාම අැගේ කාමරයේ........... මේ ඉතින් හොඳකට ආව ගමනක් නෙවේ කියලා දන්නවා........

💃 ඇයි තුන්දෙනාට නින්ද යන්නැද්ද........

⚪ ම්හු...... නෑනේ............ එන්නකෝ ටිකක් ලඟට.........

පුංචි අම්මා ඇයව තමා ලඟින් වාඩි කරව ගත්තා..............

💃 ඔයාලා හෙට යනවද පුංචි.........

⚪ ඔව් දුව අපි හෙට යන්න කියලා....... ඉතින් පුතේ....... අපි නම් ආවේ ඔයා එක්ක ටිකක් කතා කරන්න

🌹 ඔව් දුව.......... දැන් ඉතින් ඔහොම හිටියා ඇති නේද.......... මිම්ම්ම්.......... එන කෙනෙක් නම් මෙලහකටත් ඇවිත්......... එයා එන්නෙ නෑ දුව.............

⚪ ඔව් දැන් ඉතින් ඔයා මාහීර් පුතා ගැන හිතුවොත් තමා හොඳ.......... ඒ ළමයාගේ ජීවිතෙත් අපරාදේ දුව............. දැන් දෙන්නත් එක්ක කතා කරලා එක තීරණේකට එන්න....... අපිත් ආසයි ඔයාගේ දරුවෙක් බලන්න....... හුරතල් කරන්න.............

හැමෝම අද පවසන්නේ එකම දෙයකි....... නමුත් වික්‍රාන්ත් ඇයට අමතක කල නොහැකිය............ ඇත්තටම ඔහු ආපසු එන්නේම නැතිද........ නොඑසේ නම් ඔහු දැන් තමා අමතක කර ඇතිද..........

🌹 මෙහෙන්දි.......... දැන් වත් මොනා හරි කියන්න දුව......... අපි හැමෝම බලන් ඉන්නේ ඔය දෙන්නා කවදද එකම තීරණයකට එන්නේ කියලා......... මෙහෙන්දි....... ඔයා තමයි ඒ තීරණය ගන්න ඕනෙ දරුවෝ......... දැන්වත් අපිට හිත හදාගන්න උත්තරයක් දෙන්න.....

මාහීර් එළියේ දොර අසල සිට මේ කතා බහ අසාගෙනය............ ඔහුට මෙහෙන්දි ගැන දුකකුත් දැනේ...... නමුත් ඇත්තටම දැන් නම් මෙහෙන්දි තීරණයක් ගත යුතු යැයි ඔහුද සිතුවේය................

💃 අම්මා........... මට තේරෙනවා ඔයාලා කියන දේ....... ඒත් මට ඒක කරන්න බෑ අම්මා.......... මං ආදරේ කරන්නේ වික්‍රාන්ත් අයියාට විතරයි....... ඔයාලා හැමෝම කියන නිසා මං හිත හදාගන්නම්.....මොකද මං හින්දා හැමෝම ඉන්නේ දුකෙන්......... මං මාහීර් අයියටත් කීවා....... මට තව පොඩි කාලයක් දෙන්න කියලා.......... මාව විශ්වාස කරන්න අම්මා....... please

🎊️ අපූර්වා........අපි එයාට ඒ ඉල්ලන පොඩි කාලය දෙමු....... මං දන්නවා........ මෙහෙන්දි දැනටමත් හුඟක් හිත හදාගෙන ඉන්නේ කියලා..........

⚪ ඔව් අක්කා අපි දුවට ඒ කාලය දෙමු.....

ඔවුන් තිදෙනා යන විටම මාහීර් ඇතුලට ආවේය..........මෙහෙන්දි කිසිවක් නොපවසාම නිදාගන්නට සැරසුනාය........

💘 මෙහෙන්දි............ හැමෝම බල කරන නිසා මට කැමති වෙන්න හිතනවා නම් ඒක කරන්න එපා............

💃 එ් හින්දම නෙවේ අයියා.......... හැමෝම කියන දේ හරි......... මං හින්දා අයියගේ ජීවිතෙයි නාස්ති වෙන්නේ....... මට ඉල්ලපු ටික කාලය දෙන්න........

මාහීර් ට හුගක් දුක හිතුනේ කෙල්ල පත්වෙලා ඉන්න තත්වය දැකලා....... ඇත්තටම මෙහෙන්දිට හිත හදාගන්න බැරිවෙයිදැයි ඔහුටත්සැක සහිතයි..........

🌸🌸🌸 මතු සබැඳියි



No comments:

Post a Comment

UNIVOTEC එක ගැන

UNIVOTEC එකේ පාඨමාලා සහ වැඩි විස්තර සදහා පහත ඇති PDF ෆයිල් එක භාවිතා කරන්න. https://drive.google.com/open?id=1zbMNZ14FNiYV2f34K91x1KqpKmid...