🏆️ ඒවා අපි පස්සේ බලමු විහේන්......... දැන් ඉක්මනින් වික්රාන්ත්වයි මෙහෙන්දිවයි එකතු කලොත් හොඳයි...... සහස්දිගේ ජීවිතේ විනාශවෙයි මාහීර්ගෙයි මෙහෙන්දිගෙයි කසාදෙ ඉවර වුනේ නැත්තම්........ තාරකයි ශාරධායි නිකම් shock වෙලා ඉන්නේ......... ඒ දෙන්නටත් සැනසීමක් නෑ මේ ළමයින්ගේ වැඩෙන්......... මං හිතුවෙවත් නෑ මාහීර් මෙහෙම කරයි කියලා...........
💖 මේවා මාහිර්ගේ වැරදි නෙවේ තාත්තා...... සම්පූර්ණයෙන්ම සහස්දිගේ වැරදි......... මාහීර් නෙවේ සහස්දිව හොයාගෙන ගියේ....... එයා තමයි මාහීර් පස්සේ ගිහින් ඌට බේරෙන්න දුන්නැත්තේ.......... ඌත් පිරිමියෙක් තාත්තේ නංගිව බැන්දත් ඌට ඕනෑ ආදරේ නංගිගෙන් ලැබුනේ නෑ.......... හැබැයි එතැනදි නංගිගේ වරදකුත් නෑ මොකද නංගි මාහීර් බඳින්න කැමති වුනේ නෑ........කෙල්ල බැලුවේ දැන් කොහොමත් එකයිනේ කියලා මහීම බැඳලා වෙන දේකට මුහුණ දෙන්න....... ඒත් දෙවියෝ ඒකට ඉඩ නොදී මෙහෙන්දිව ගිහින් නැවැත්තුවා මාහීර් ලඟ........ මාහීර් නංගිව හොඳට බලා ගත්තා......... ඌ වික්‍රාන්ත් කරපු පරිත්‍යාගය හොඳටම දැනගෙන හිටියා........ දැන් මිනිහා මෙහෙ එන්නැතුව ඔය ඉන්නේ අපිට මුහුණ දෙන්න බැරුව එයා දන්නැතුව ඇති වික්‍රාන්ත් ආවා කියලා එහෙම වුනා නම් ඌ එයි.......... මං මාහීර්ව දන්නවා තාත්තා........ ඌ හැමදාම කිව්වේ වික්‍රාන්ත් මෙහෙන්දිගේ අයිතිකාරයා කියලා........... මාහීර් කියන්නේ භාරකාරයා විතරයි කියලා........ මේ ප්‍රශ්ණය ගොඩක් ලොකු කරගන්න ඕන නෑ තාත්තා...... මං මාහීර්ට කතා කරන්නද........
🏆️ එපා......... මේක මෙහෙන්දිම කතා කරලා විසඳගන්න ඕනෙ දෙයක්......... මං මෙහෙන්දිට කියන්නම් ඒක කරන්න කියලා.... විහේන්...... මං හිතනවා ඔයත් වික්‍රාන්ත් එක්ක කතා කලොත් හොඳයි...... මොකද එයත් මොන තීරණයක ඉන්නවද දන්නෑනේ........
🌷 හ්ම්ම්ම්ම්..... මං කතා කරන්නම් තාත්තා..............
අවසානයේ සියල්ලන්ම මෙහෙන්දි හා වික්‍රාන්ත් එකතු කරන්නට තීරණය කලේ ඔවුන් අතින් සිදුවූ වරද නිවැරදි කර ගැනීමටත්,,, මහීරාට අනාගතයක් තිබිය යුතු නිසාත්,,, ඉන් සහස්දිගේ ජීවිතයද ආරක්ෂා වන නිසාත්ය........... එදා පරම හතුරෙකු ලෙස දුටු වික්‍රාන්ත්ව අද සියල්ලන්ටම පෙනෙන්නේ සුරදූතයෙකු මෙනි.....................
විහේන් එන විටත් වික්‍රාන්ත් පැමිණ සිටියේ නැත......... ඔහු ගියේ මෙහෙන්දි හමුවීමට බව දන්නේ ශධීර් පමණි........... විහේන්ට වික්‍රාන්ත් හා කතා කිරීමට ඇත්තේ තරමක ලැජ්ජාවකි........තමන් හා එකට ඉන්නා සගයාව තේරුම් නොගැනීම ගැන විහේන් ඇත්තටම පසුතැවිලි විය..............
🌷 ශධී........... කෝ වික්‍රාන්ත් අද එන්නැද්ද...........
වසර පහකට පසු මේ විහේන් වික්‍රාන්ත් ගැන ඇසූ පලමු වතාවයි........... වික්‍රාන්ත් විහේන් ක්‍රීඩා පිටිය ඇතුලත දී මනා සම්බන්ධතාවයෙන් යුතු එකිනෙකාගේ ජය වෙනුවෙන් හා රටේ සමස්ථ ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැපවී වැඩ කල යුගලයකි............ නමුත් ක්‍රීඩා පිටියෙන් පිටතදී ඔවුනොවුන් මුහුණවත් බැලුවේ නැත.............
💙 විහේන් අයියා.......මේ... වික්‍රාන්ත් එන්න ටිකක් විතර පමා වෙයි....
🌷පමා වෙයි කියන්නේ දැන් දහයහමාරයිනේ............
💙 අද වික්‍රාන්ත් පොඩි ගමනක් ගියා...... දැන් එනවා ඇති......... ආ...... ඔය කියනකොටම ආවේ.....
සුදු පැහැති කාර් එක ඔවුන් ඉදිරිපිට ඇති වාහන අංගනයේ නවත්වා වික්‍රාන්ත් ක්‍රීඩාංගනයට එන අයුරු විහේන් හා ශධීර් බලාගෙන සිටියේය...........
💙💙 අවුරුදු පහකට පස්සේ.......... වික්‍රාන්ත්ගේ මුහුණට ආයෙත් අර පුරුදු හිනාව ඇවිත්..............
විහේන් හිටිය නිසා වික්‍රාන්ත් ශධීර් ලඟට එන්නැතුවම කෙලින්ම ගියේ ග්‍රවුන්ඩ් එකට............... ශධීර් හා විහේන් බලාගෙන හිටියේ වික්‍රාන්ත්ගේ තාක්ෂණයෙන් පිරිපුන් පිතිකරණ රටාව දිහා..............
🌷 ෂා.......... කාලෙකට පස්සේ කොල්ලාගේ ලස්සන features ටිකක් දැක්කා....... Excellent
විහේන්ට කියවුනා........ ඇත්තටම අවුරුදු ගානකට පස්සේ අද තමයි ඒ පරණ හිටපු දක්ෂයා ආයෙමත් නැගිටලා තියෙන්නේ....... පහුගිය අවුරුදු කීපය පුරාම අසාර්ථක පිතිකරුවෙක් වුන වික්‍රාන්ත්ගේ පුනරාගමනයේ හේතුව මෙහෙන්දි............... නැත්නම් ඔහු මුළු හදවතින්ම වැලඳගත් ඔහුගේ ආදරය........
වික්‍රාන්ත් පැයකින් විතර ක්‍රීඩාංගනයෙන් පිටත පඩිපෙලට ඇවිත් වාඩි වුනේ වතුර ටිකක් බොන්න........ ඒත් බෝතලේ වතුර ඉවරයි.......... හැබැයි ඒත් එක්කම තමන්ට ඉහල පඩියේ ඉඳපු කෙනෙක් ඔහු දෙසට වතුර බෝතලයක් දිගු කලා........... වික්‍රාන්ත් ආපසු හැරී බලන විට තමා දෙසම බලාගෙන වතුර එකකුත් දිගු කරගෙන ඉන්න විහේන්ව දැක මදක් කලබල වුනා.............
❤️ වීහු.................
🌷 වීන් මේක ගනින්.............
විහේන් හා වික්‍රාන්ත් වසර පහකට පසුවයි මේ ඔවුන්ගේ සුරතල් නම් වලින් කතා කරන්නේ්...........
🌷 වීන් මට උඹ එක්ක ටිකක් කතා කරන්න ඕනි.........
❤️ කියපන් විහේන් මං අහන් ඉන්නේ........
ආපහු විහේන් අතට බෝතලය දෙමින් වික්‍රාන්ත් පැවසුවේය......
🌷 ඉස්සරලම මට සමා වෙයන් වික්‍රාන්ත්...... මං ලොකු වැරදි වැටහීමක හිටියේ....... ඇත්තටම මං දැනන් හිටියේ නෑ උඹේ වෙනස් වීම පස්සේ තියන දේ......
❤️ ඒක මොකක්ද බං........උඹේ වරදක් නෑ......අනික මං එවෙලේ උඹලට ඇත්ත කිව්ව නම් තත්වය මීට වඩා වෙනස් වෙන්න තිබුනා......... මහීමට හුඟක් plan තිබුනා බං...........
🌷 ඒත් මං උඹට මේ අවුරුදු ගානටම සලකපු විදිහ අන්තිම නරකයි........
❤️ විහේන් මං දන්නවා උඹ නංගිට කොච්චරක් ආදරෙයිද කියලා........ ඉතින් බං..... මං බැඳපු මිනිහෙක් වෙලා උඹේ නංගි එක්ක සම්බන්ධ කමක් අැති කරගෙන පස්සේ ඒ කෙල්ලව අපහස කරලා අත්හැරියාම ඒකිට පණ වගේ ආදරේ කරන ලොකු අයියා වෙච්ච උඹ මට සලකපු විදිහ හොඳ වැඩී වීහු...... මං හිතුවා උඹ මගේ අඬු කඩයි කියලා...... එ්ත් උඹ එහෙම කලේ නෑ............ මට සමාවෙයන් බං...... මං හැමෝගෙම හිත් රිදෙව්වා.............
🌷 උඹ අපේ හිත් රිදෙව්වේ අපි වෙනුවෙන් බං......... ඒත් මාහීර්.......... හ්ම්ම්ම්ම්......
❤️ ඌ ගැන දැන් අහිතක් හිතන්නෙපා වීහු....... මං ආවනේ.......අපි ප්‍රශ්ණ විසඳගමු........ මං නංගිට කීවා මාහීර්ට කතා කරන්න කියලා....... මොකද අපිට ඒ ප්‍රශ්ණයට මැදිහත් වෙන්න බෑනේ..........
🌷 හ්ම්ම්ම්ම්........ උඹ මගේ නංගිව ආයෙම දාලා යන්නෑ නේද.........
විහේන් ඒක අැහුවේ ටිකක් හැගීම්බරව......... මොකද ඇත්තටම නංගිගේ ජීවිතය ගැන විහේන් හිටියේ කරදරෙන්...........
❤️ කවදාවත් මං එයා දාලා ගියේ නැහැ විහේන්.......... මට එයා නැතුව කොහේද ජීවිතයක්............ උඹ දන්නවා නම් මේ අවුරුදු පහ ගත කරපු විදිහ උඹ අඬයි....... ආ..... ඒක නෙවේ උඹේ අර චණ්ඩි කොල්ලා තමා අවුරුදු දෙකක් මං මෙහෙන්දි ලඟට එන එක නවත්තලා තිබ්බේ...........
🌷 ඈ........ මොකක්ද ඒ කතාව......
❤️ එදා ශධීර්ගේ wedding එක දවසේ මං මාහීරුයි නංගියි එක්ක උඹගේ පුතාව දැක්කා..........මං ඉතින් රැවටුනා පුතා ඒ දෙන්නාගේ දරුවා කියලා..............
විහේන්ට හිනා................ නමුත් විහේන්ට තමා ගැනම කලකිරීමක් ඇති වුනා මොකද තමන් හොඳ යාළුවෙක් නම් නෙවේ කියන එක ඒ වෙනකොටත් විහේන්ගේ හිතට කාවැදිලයි තිබුනේ..........
🌷 කොල්ලා දන්නවා නම් ඒකාගේ නැන්දාගෙන් මාමාව වෙන් කරන්න කොල්ලත් හේතුවක් වුනා කියලා බිම පෙරලි පෙරලි අඬයි........ මොකද නංගි තමයි ඒකගේ පණ...... අපි ඕනෙ නෑ නංගි ඉන්නවා නම් අැති..........
❤️ මෙහෙන්දි කොහොමත් පොඩි අයට ආදරෙයි......... නැත්තම් ඉතින් සෝනම්ගෙයි අනුරාග්ගෙයි දරුවෙක්ට අම්මා වෙන්න කැමති වෙයිද........... විහේන් මං නංගිට හුඟක් ආදරෙයි......උඹ බය වෙන්න එපා මාහීර් divorce එක දෙන්න විතරයි ඕනි..........
නැවතත් හොඳම හොඳ මිතුරන් දෙදෙනෙකු වැරදි වැටහීම් අමතක කර එකතු වුනා......................
🌷🌷🌷🌷🌷🌷🌷
වික්‍රාන්ත් MEVEENA එක ගාවට එනකොට හවස පහට විතර ඇති...... ඔහු ඉක්මන් ගමනින්ම ඇතුලට යනකොට මෙහෙන්දි දුවත් එක්ක කතා කරමින් ඉන්නවා.............. වික්‍රාන්ත්ව දැක්ක ගමන් දෙන්නම මුහුණු හකුලගත්තා.......... වික්‍රාන්ත් දන්නවා ටිකක් පරක්කු වුන හින්දා තමයි මේ අමනාපය කියලා..............
❤️❤️ අම්මයි දුවයි දෙකම එකයි....... පුදුම විදිහට කේන්ති යන්නේ........ දෙන්නත් එක්ක මාව සැන්ඩ්විච් හදයි තව ටික දවසකින්
වික්‍රාන්ත් හිතුවේ දෙන්නා දිහාම අසරණ බැල්මක් හෙලන ගමන්........... ඔහු මෙහෙන්දි ලඟට ගිහින් දෙන්නගේම හිසටඅත තිබ්බා...........
❤️ මං පරක්කු වුනා නේද............ Sorry....
💃 පරක්කු වුනා පැයක් වික්‍රාන්ත් මෙහ්රා..... ඇත්තමයි ඔයා නම්.......
🧚 ඔව් තාත්තා........... ඒකට ඔයාට Punishment එකක් තියනවාමයි........
කෙල්ල එහෙම කියද්දි මෙහෙන්දි ඇස් ලොකු කරලා කෙල්ල දිහා බැලුවේ මෙහෙම දෙයක් කරන්න දෙන්නා කතාවුනේ නැති හින්දා.....
❤️ කියන ඕනෑ දෙයක් කරන්නම්....... කියන්න බලන්න...
🧚 යමුකෝ යන ගමන් හිතන්නම් මොකක්ද කරන්නේ කියලා.........
වික්‍රාන්ත් මෙහෙන්දිගේ අතකින් අල්ලා ගත්තේ මහීරා ව අනෙක් අතින් වඩාගනිමින්.......... වික්‍රාන්ත් කෙල්ලට වාහනයේ දොරටුව ඇරලා දීලා පසෙකට වුනා...... කෙල්ල වාඩිවුනාම ඇගේ අතට මහීරාව දීලා වික්‍රාන්ත් ඉස්සරහින් ගිහින් වාහනේට නැග්ගෙත් මෙහෙන්දි දිහාම බලාගෙන............
💃මේහ්........ චුටි දූ....... punishment කතාවක් plan එකේ තිබුනේ නැහැනේ...
🧚 ඉවසගෙන ඉන්නකෝ අම්මා...... මටත් ඒ ගැන කිසිම plan එකක් නෑ...... මාත් නිකම් අනේ කීවේ..............
වික්‍රාන්ත් වාඩිවෙනකොට දෙන්නම කතාව නැවැත්තුවා........ වික්‍රාන්ත්ගේ වාහනය ලං වුනේ...... මෙහෙන්දිගේ නිවසට හැරෙන තැනට නමුත් ඊට පෙර මෙහෙන්දි ඔහුව නැවැත්තුවා......
💃 මං තාම ඉන්නේ මාහීර් අයියාගේ ගෙදර......
වික්‍රාන්ත් යලිත් ඉදිරියට වාහනය පැදවූවේ කිසිම කතාවක් නැතුව...... කෙල්ලෝ දෙන්නා නම් අතොරක් නැතුව කියවනවා............ වික්‍රාන්ත් නිහඬවම ඒ කතා රසවින්දා........ ජීවිතය කවදාවත් නැති අයුරක මිහිරකින් පිරී යන සෙයක් දැනුනා....... වික්‍රාන්ත් ඒ මිහිරියාව ඕනැවටත් වඩා විඳගත්තා.......... වික්‍රාන්ත් මාහීර්ගේ නිවස ඉදිරිපිට වාහනය නැවැත්තුවත් බැස්සේ නම් නෑ....
💃 ඔයා එන්නෙ නැද්ද........ම්ම්ම්ම්....
❤️හරි නෑ වගේ නේද.............
💃පිස්සු නැතුව එන්න අනේ...... මෙතනටම ඇවිත් ගියා කියලා දැනගත්තම අම්මට කේන්ති යයි..... එන්න යමු........
මෙහෙන්දි වික්‍රාන්ත්ගේ අතින් අල්ලගත්තා............ තුන්දෙනාම ගේ ඇතුලට යන විට ශේඛා ඔවුන් ඉදිරියට ආවත් ඒ දසුනෙන් ඇගේ ඇඟ පුරාම විදුලියක් කෙටුවා වගේ තිගැස්මක් ඇති වුනා.......... මෙතන මාහීර් හිටිය නම් වික්‍රාන්ත් වෙනුවට කියලා හිතුනත් ඇයට ඒ සිතුවිල්ල ඇතිවීම ගැනම තරහක් ඇති වුනා............
🎊️ මං මග බලාගෙන හිටියේ එනකම්...... කෝ එන්න බලන්න අපේ මහීරා පැටියා.....
ශේඛා මහීරාව ආදරයෙන් වැලඳගත්තා....... ඇගේ සුරතල් හුරුබුහුටි කම ශේඛාගේ හිත ඇය ගැන ආදරයෙන් පිරෙන්නට හේතු වුනා........
🧚 තාත්ති.......මේ අපේ අම්මාගේ අම්මාද.....
❤️ ම්ම්ම්ම්ම්...... ඔව්........... මේ ඔයාගේ අම්මාගේ තවත් එක අම්මා කෙනෙක්.....
🧚 එතකොට තාත්ති අපේ අම්මිට අමිමලා කීයක් ඉන්නවද.......
❤️ මිමිම්ම්.... දැනට නම් දෙන්නෙක් මං හිතන්නේ.......
කෙල්ල පුදුමයෙන් වගේ බලන් හිටියා.......
🧚 එහෙම වෙන්නේ කෝමද..... එහෙම වෙන්න පුළුවන්ද........
❤️මෙහෙමනේ....... ඔයා ක්රිෂ්ණ දෙවියන්ගේ කතාව අහලා තියනවානේ නේද.... ක්රිෂ්ණ දෙවියන්ටත් අම්මලා දෙන්නෙක් හිටියා....... දේවකී අම්මායි යශෝධා අම්මායි......... ගොඩාක් හොඳ අයට දෙවියෝ අම්මලා දෙන්නෙක් විතර දෙනවා..........
🧚 ඔවු මං දන්නවා....... දේවකී අම්මා ක්රිෂ්ණ දෙවියන් බිහිකරපු අම්මා වුනාට,, යශෝධා අම්මා තමයි එයාව හදාගත්තේ.. එයා ක්රිෂ්ණ දෙවියන් වෙනුවෙන් මරණය ඉස්සරහත් හිටගත්තලු.......... එතකොට මේ අපේ අම්මාගේ යශෝධා අම්මද දේවකී අම්මද
මහීරා කටකාරය.........ඔය ටික කෙල්ල ඉගෙනගත්තේ ඊයේ පාසලේදීය.......
❤️ ම්ම්ම්ම්ම්ම්...... මේ අම්මාගේ යශෝධා අම්මා............ නේද අම්මා.......
ශේඛා හොදටම හැගීම්බර වෙලා...... ඇගේ ඇස් වල කඳුළු...........
🎊️🎊️🎊️මේ කතාව දන්නවා කියන්නේ දවසක කෙල්ල තේරුම් ගනී එයාගේ යශෝධා අම්මා කොච්චර එයාට ආදරෙයිද කියලා...........
🎊️ දූ....... ඔයා මහීරා එක්ක උඩට යන්න මං වික්‍රාන්ත් එක්ක කතා කරන්න ඕනි......
ඒ දේවල් දරුවා ඉදිරිපිටදී කතා කල නොහැක................ මෙහෙන්දි දරුවාත් රැගෙන උඩට ගියාය.......... එවිටම නිවසේ වැඩ කරන ශාලු තේ රැගෙන ආවාය.............
🎊️ පුතා දැන් අපි මොකද මේකට කරන්නේ.........
❤️මාහීර්ව කොහොමහරි ගෙන්නගන්න වෙනවා අම්මා....... එහෙම අපිට එයාලාව අත්හැරලා තනි කරන්න කොහෙත්ම බෑ.......මාහීර් මට මගේ සහෝදරයෙක් වගේ.........
🎊️හොඳ සහෝදරයා.............
❤️ ඔයා තරහින් ඉන්නේ අම්මා......... අමතක කරන්න......අපි හැමදෙයක්ම හරිගස්වමු............ අම්මා මගේ මෙහෙන්දිව මට මාහීර් දෙයි නේද...........
ශේඛාගේ ඇස් ඉදිරියේ අකුණක් පිපුරුවා වැනි නිලංකාර බවක් දැනුනි.......... ඇයට ඇති ලොකුම බයත් ඒකයි........... සහස්දි හා මාහීර් ජීවත් වුවද ඔහු මෙහෙන්දිට පිස්සුවෙන් වගේ ආදරය කරයි.........
🎊️ එයා...මේ එයා කොහොමද එහෙම නොදී ඉන්නේ................
❤️ අම්මා....... මං නංගිට කීවා මාහීර් එක්ක කතා කරන්න කියලා........
🎊️ මාහීර් දවස් කීපයකින් කතා කලේ නෑ............. අනේ මන්දා මොකක් හරි අවුලක් තියනවා........... ඒත් එයා අනිවාර්යෙන්ම කතා කරයි......
❤️ අම්මා එයාගේ official number එකකටවත් ගන්න බැරිද........
🎊️ අපි උත්සහ කලේ නෑ පුතා...... බලමු මං එහෙමවත් කරන්නම්............
❤️ හොඳයි අම්මා........ ඔයාව දකින්න ලැබුන එකම මට සතුටක්........ ඔයා අපිව තේරුම් ගත්ත එක මට සැනසීමක්.......
🎊️මෙහෙන්දි වගේ හොඳ දරුවෙක් වෙනුවෙන් මං ඕනැම දෙයක් කරනවා..... ඔයත් උඩට යන්න පුතා එහෙනම්....... අපි තව කතා කරමු පස්සේ........ මට ඕනැ වුනේ ඔයාව දකින්න....
වික්‍රාන්ත් උඩට යන විට කෙල්ලෝ දෙන්නා පොඩි වාදයක්........... මහීරා මෙහෙන්දිට බල කරනවා එක්කෝ එයා එක්ක යන්න එන්න නැත්තම් එයාව මෙහෙ තියාගන්න කියලා........
🧚 අම්මා....... මං ඉන්නවා ඔයා එක්ක.. ආසයි මං අත්තම්මයි ඔයයි එක්ක ඉන්න.....අපි තාත්තට යන්න කියමු.......
💃 අනේ පැටියෝ....... තාත්තා පව්........ ඔයත් එයා ගාව නැති වුනොත් තාත්තාට හුඟක් පාළු හිතෙයි.......... මං ඉක්මනින්ම ඔය දෙන්නා ගාවට එනවා....... පොරොන්දු වෙනවා........... මං එනකම් තාත්තාවත් බලාගෙන ඔයා එයා ගාව ඉන්න..... ම්ම්ම්ම්ම්.........
කෙල්ල අවසානෙට මෙහෙන්දිට අවනත වුනා..............
🧚අම්මි....... යං...........අත්තම්මා ගාවට මට බඩගිනී.........
මෙහෙන්දිත් නැගිට්ටේ යන්න හැබැයි කෙල්ල ඊට කලින් දුවලාත් ඉවරයි....... වික්‍රාන්ත් මෙහෙන්දිගේ බඳ වටේ අතක් යවලා ඇයව තමා වෙත ඇදගත්තේ ඇය නොසිතූ විදිහට.........
❤️ ඉක්මනට එනවද අපි ගාවට....... පාළුයි මට හුඟක්...............
වික්‍රාන්ත් ගේ සුසුම්හඬ කෙල්ලට දැනුනේ ඇගේ ගෙල දෙසින්...........
💃 දැන් වුනත් මං එන්න කැමතී.......
මෙහෙන්දි කීවේ දඟකාර කමට ඔහුගෙන් ඈත් වෙන්න උත්සහ කරමින්......
❤️ ආදරෙයි නේද...............
වික්‍රාන්ත්ගේ තොල් ඇගේ කම්මුලක් මත තෙරපෙන විට මෙහෙන්දි ටිකක් විතර නිසංසල වුනා......... ඊටත් පස්සේ වික්‍රාන්ත් මෙහෙන්දිගේ දෙතොලට පාත් වුනේ හරිම ආදරයෙන් හරිම සංයමයෙන්...... ඒ අහිංසක ශාන්ත අනුරාගය ඇයව මොහොතකට මත් කර තිබුනා.......... පලමු වරට සිය දෙතොල් පහසින් තමා නෙළුෑ මේ නිකැලැල් මල ඉඳුල් වීම ගැන මදක් හිත නොසන්සුන් වුනා............ මෙහෙන්දිගේ දෙතොලින් තම දෙතොල් ඉවත් කරගනිමින් ඔහු ඈදෙස හෙලුවේ නිවුනු තැන්පත් වුනු බැල්මක්..........
❤️ ආදරෙයි මැණික මං හුඟක්.................
වික්‍රාන්ත් ඇගේ නලලතත් සිපගෙන ඇය සමගින්ම පහලට ගියා...........
වික්‍රාන්ත් හා දියණිය නික්ම ගිය පසු මෙහෙන්දි කාමරයේ ඇඳ මතට වී සිහි කලේම වික්‍රාන්ත්ගේ ආදරණිය බවයි...... තමා මේ තරම් ඔහුට වශී වෙලා මෙන් ආදරය කරන්නේම ඔය පිස්සුහැදෙන ආදරයටයි........
මෙහෙන්දිගේ දුරකතනය නාද වුනේ ඒ සිහින අතර ඇය ගිලෙමින් සිටින විටයි............ ඇය ඇමතුම සම්බන්ධ කරගත්තා........
💘 Thank god අන්තිමට ඔයා ගත්තා....... මං මාහීර් අයියා.......
💃 කියන්න අයියේ... මං මේ ඔයා කතා කරනකම් හිටියේ........
💘 මට ඔයාට එක වචනයක් වත් කතා කරගන්න බැරුව අවුලෙන් හිටියේ..... මට සමාවෙන්න....... මං කැමතී වැරදි හදාගන්න.............
දැන් කුමක් කලත් පලක් නැත......... ඔහුට කවදාවත් ආදරයක් ඇති වුනේද නැත.... මතුවට ඇති වන්නේද නැත.........
💃දැන් පරක්කු වැඩී අයියේ....... ඇවිත් මාව මේ කසාදෙන් නිදහස් කරලා යන්න.........
මෙහෙන්දිගේ වදන් වලින් මාහීර් බොහෝ කලබල විය........ මෙහෙන්දිව අත්හැරීමට ඔහුට හිතක් නැත....... කොහෙත්ම හිතක් නැත..........
💘 පිස්සු හැදිලාද............ බෑ... බෑ......... මට ඒක කරන්න බෑ....... මං..... මං...ඔයාට ආදරෙයි මෙහෙන්දි.............
💃 මාහීර් අයියේ........මේ මොන විකාරයක්ද............ මට නම් බෑ ඔයා එක්ක ඉන්න එහෙනම් මං මෙහෙන් divorce case එකක් file කරනවා.........
💘 මං උඹට divorce එක දෙන්නේ නෑ.................
මාහීර් පිස්සුවෙන් වගේ කෑගැසුවේය..
මාහීර් දුරකතනය විසි කර දැමුවේ ආවේශයෙන් මෙනි........... සහස්දි මේ කතා බහ අසාගෙන සිටියාය........... මේ වෙලාවේ මාහීර් නැති වුනොත් තමා කෙලෙස සමාජයට මුහුණ දෙන්නදැයි අැය සිතුවාය............ සහස්දිගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොසිනි......කොහොමත් ඇය ඉවසීමක් ඇත්තේම නැත......... තිබුනා නම් මෙවන් දෙයක් සිදු වන්නේද නැත........... සහස්දි ගොස් මාහීර්ගේ කොලරයෙන් අල්ලාගත්තාය........
🌺 මාහීර් අයියේ මොකක්ද ඒ ඔයා කලේ........ ආ......... මොකක්ද ඒ කලේ...... එයා ඔයාගෙන් අයින්වෙන්න ඕනෙ කියනවා නම් ඇයි ඒකට ඉඩ නොදෙන්නේ..........
💘 මට මෙහෙන්දිව ඕනැ ඒකයි...........
🌺 අයියේ...... ඔයාට බෑ මට ඔහොම කරන්න......... අවුරුදු දෙකක් අපි එකට හිටියා ඔයාගේ විරුද්ධත්වයක් තිබුනේ නැහැනේ...........
💘උඹනේ ඇවිත් මගේ කරේ එල්ලුනේ..... මං කොහොමත් මෙහෙන්දිව අත්හරින්නෑ..... මට ඒක කරන්න බෑ..... මං වික්‍රාන්ත්ට පොරොන්දු වුනා........ එයාව හැමදාම බලාගන්නවා කියලා.........
🌺 අනේ මාහීර් අයියෙ.......... තෙරුම්ගන්න මං අම්මා කෙනෙක් වෙන්නයි යන්නේ............. ආ....මේක බලන්න
මාහීර්ගේ දෑස් විශාලවිය....... මෙය නම් ඇදහීමටත් නොහැකිය........... ඔහුට මොහොතකින් සියල්ල අමතකව ගියේය......... සහස්දි දෙසම බලාගෙන ඔහු ඒ report එක දිග හැරියේය.........
#pregnancy_positive
මාහීර් කොලය බිම අත්හැර සහස්දිව තුරුළු කරගත්තේය............ පලමු වරට පියෙකු වීමේ ආනන්දය ඔහු විදිමින් සිටියේය.......... ඔහුගේ ජීවිතය බලාපොරොත්තු වූ ආදරය ලැබුනෙම ඇයගෙනි........... තමාට ඇති අසීමිත බැදීම නිසාම ඇය හිතුවක්කාර වී තමා මත්තේම නැහුනාට ඇය නරක කෙනෙක් නොවේ...............
💘 සමාවෙන්න මට...............හුඟක් සහස්දි................මං හරි අාත්මාර්ථකාමියෙක්.........
🌺 මාවයි දරුවවයි අතරමං කරන්න එපා මං වඳින්නම්.............
💘පිස්සුද...... මං එහෙම කරනවද......... අපි හෙට ඉන්දියා යමු......... මෙහෙන්දිව මේ බැදීමෙන් නිදහස් කරලා මට වික්‍රාන්ත් හම්බවෙන්න ඕනි............ #මං_මෙහෙන්දිව_වීන්ට_භාරදෙන
🌺මෙහෙන්දි තේරුම් ගනී.......... අනික එයා මං වගේ මෝඩ නෑ.......
💘 කවුද දැන් කියන්නේ මගේ කෙල්ල මෝඩයි කියලා............... ආ........... ඒක නෙවේ ටිකක් වාඩි වෙන්නකෝ මට අපේ පැටියාට කතා කරන්න ඕනි..............
අවසානයේ සහස්දිගේ කුසේ වැඩෙන කිරිකැටි දරුපැටියාත් මෙහෙන්දිටත් වික්රාන්ත්ටත් ආශිර්වාදයක්ම විය...........
❤️❤️❤️❤️❤️❤️❤️
මෙහෙන්දිට රාත්‍රිය පුරාම නින්දක් තිබුනේම නැත....... පාන්දර හතරට පමණ ඇය වික්‍රාන්ත්ට ඇමතුමක් ගත්තාය.............සියල්ල ඔහුට මෙි මොහොතේ කිව නොහැක......
❤️ Good morning sweetie 💘..... ඇයි වස්තුවේ මේ මෙච්චර උදේ...... ම්ම්ම්ම්..
💃 උදෙන්ම එන්නකෝ........ ම්ම්ම්...... අපි තුන්දෙනා තිරු කෝණේෂ්වරම් යමුද......
වික්‍රාන්ත් ඇඳ වියලට කොට්ටය තබා හාන්සි විය..........
❤️ මොකද මේ......ඔයා නිකම් බයවෙලා වගේ............ මොකක් හරි ප්‍රශ්ණයක්ද මැණික...........
💃 න්නෑහ්.......... මට යන්න.....හි..තුනා.... ඔයාලා දෙන්න....එ..ක්ක..........
❤️ එන්නම්......අපි දෙන්නා අනිවාර්යෙන්ම එනවා....... ඒත් මට කියන්න මේ මොකද කියලා..... ඔයා දුකෙන්............
තවත් කෙල්ලට හැඬුම් නවත්වාගෙන සිටීමට නොහැකිය............
💃 මාහීර් අයියා divorce එක දෙන්න බෑ කියනවා..........
❤️ හ..හරි.......හරි.... දැන් අඬන්නැතුව ඉන්නකෝ..... අනේ හැම එකටම හැම තිස්සෙම අඬන්න එපා දෙවියනේ...... මට බෑ බලාගෙන ඉන්න ඔය ඇඩිල්ල........ මං ආසාම නෑ........ මං බලාගන්නම් ඒක ඔයා බයවෙන්නැතුව ඉන්න......... ලෑස්තිවෙලා ඉන්න මං එන්නම්...........
💃 අනේ අයියේ............ මේ වතාවේ නම් මට ඔයා නැති වුනොත් ජීවත්වෙන්නෑ මං එක මොහොතක්වත්..........
❤️ please මගේ රත්තරන්....... දැන් ඇති නවත්තගන්න........ මං ඉන්නකම් එහෙම මොනවත් වෙන්නෙ නෑ............ කිව්වනේ මං බලාගන්නම් කියලා........ ආයෙම ඔය මූසල මැරෙන කතාව කිව්වොත් මං නරකයි කියන්න එපා.............
වික්‍රාන්ත් ඇමතුම විසන්ධි කලත් හිතේ තිබූ බර නම් ඉවත් වුනේම නෑ..........
❤️❤️ මාහීර් උඹට පිස්සු හැදිලද........... ඇයි මෙහෙම කරන්නේ................
වික්‍රාන්ත් දහඅතේ කල්පනා කලා........ අවසානේ උදේ හය විතර වෙනකොට කොල්ලා මහීරාත් එක්ක ගේට්ටුව ගාව......... මෙහෙන්දි ඇඳගෙන සිටියේ තැඹිලි පාට සාරියක්....... පූජා තැටියත් අරන් එන කෙල්ලගේ මුහුණ නම් ගන්න දෙයක් නෑ..............
❤️❤️ මාහීර්......... එක call එකකින් උඹ මගේ කෙල්ලගේ මුහුණේ හිනාව අතුරුදහන් කරපු එකට නම් මගෙන් සමාවක් නෑ..........
මෙහෙන්දි වාහනයට නැගුනේ මහීරාව සිය උකුල මත වාඩි කරවා ගනිමින්.......
🧚 Good morning අම්මි............
💃Good morning වස්තුව...........
මෙහෙන්දි කෙල්ලව ඇගේ ලයට තුරුළු කරගෙන බැලුවේ වික්‍රාන්ත් දිහා....... කිසිම දෙයක් නොකියා වික්‍රාන්ත් පාර දිහාම බලාගෙන යනවා........... මෙහෙන්දි මද වෙලාවක් ඔහු දෙදසබලා හිඳ කවුළුවෙන් පිටතට දෑස් යොමු කලාය........ තිරු කෝණේෂ්වරම් අැතුලට යන ඔවුන් තිදෙනාට මුහුණට හමුවුයේ ප්‍රතාප් ශර්මා සහ අපූර්වා ශර්මායි.......... වික්‍රාන්ත් ගේ හිත මදක් සැළුනත් ප්‍රතාප්ගේ හා අපූර්වාගේ සුහදශීලි සිනහව ඔහුව සන්සුන් කලේය...........
🏆️ තුන්දෙනාවම මෙහෙම දකින්න ලැබෙයි කියලා හිතුනේ නෑ... මෙතනදිම මේ තිරු කෝණේෂ්වරම් වලදිම.......... අපි දෙන්නා මේ ඔයා හම්බවෙන්න යන්න තමයි හැදුවේ පුතා.......... ම්ම්ම්ම්.... එහෙනම් ඔය තුන්දෙනා වැදලා එන්නකෝ..........
❤️ හා..... තාත්තා.........
වික්‍රාන්ත් හා මෙහෙන්දි ඇතුලට ගොස් පූජාවට එක් විය...............
❤️❤️දෙවියනේ මේ ඉන්නේ මගේ ජීවිතේ ඉතුරු කොටස....... ආයෙම කාටවත් එයාව මගෙන් උදුරගන්න දෙන්න එපා......
වික්‍රාන්ත් ඒ පැතුමින්ම දෑස් තද කරගත්තේය................
💃💃ඔයා තව කොච්චර කාලයක් මගේ ආදරය පරීක්ෂා කරනවද....... මං ගැන අනුකම්පාවක් නැද්ද....... හැබැයි මේ වෙලාවේදිත් ඔයා මට වික්‍රාන්ත් ව නැති කලොත් මං මැරෙනවාමයි....... ඒකට ඔයා හුඟක් පසුතැවෙයි.............
මෙහෙන්දි දෑස් පියාගෙනම දෙවියන්ට දොස් කීවාය.......... කන්නලව් කලාය... ආයාචනා කලාය........
🧚🧚 දෙවියනේ...... ඔයා පොඩි අය කියන දේ අහනවලු.......ඔයා අපේ හොඳ යාළුවෙක්ලු........ එහෙනම් මටත් මගේ අම්මායි තාත්තයි එක්ක එකට ඉන්න දෙන්න...... ඒ දෙන්නව වෙන් කරන්න එපා.........එකතු කරලා දෙන්න.........
පුංචි මහීරාත් දෙවියන්ගෙන් ඉල්ලුවේ එහෙම.............
දෙවියන් විසින්ම මුණ ගැස්වූ මේ තුන්දෙනාට උන් වහන්සේම සාධාරණයක් ඉටු කරයිද.............
💙💙💙💙💙💙
ප්‍රතාප් හා අපූර්වා සමගින් ඔවුන් තිදෙනාද ගියේ MEVEENA එකටයි.......... පන්තිය පටන්ගන්නට බොහෝ වේලාවක් ඇති බැවින් මෙහෙන්දි තේ පිලියෙල කලාය...........
🏆️ වික්‍රාන්ත් සමාවෙන්න පුතා අපිට......
❤️ අනේ තාත්තා....... ඔයා සමාව ඉල්ලන්න ඕනි නෑ.........
🏆️ දැන් පරණ දේවල් කතා කරන්න ඕනෙ නෑ තමයි........... පුතා..........මගේ දරුවාගේ ජීවිතේ භාරගන්නවාද........
❤️ අනේ තාත්තේ........ ඔය විදිහට මගෙන් ඉල්ලන්න එපා.......... අමුතුවෙන් භාරගන්න දෙයක් නෑ........මගේම තමයි....... මං කවදාවත් එයාව අත්හැරියේ නෑ............
🏆️මට ඒක සැනසීමක් පුතා........... මාහීර් එක්ක කතා කරන්න ඕනි දැන්..........
💃 මාහීර් අයියා DIVORCE එක දෙන්න බෑ කියනවා තාත්තා..........
🏆️ මොන විකාරයක්ද ඒ........ හ්ම්ම්ම්....හොඳයි.......මං
🧚 තාත්තා.......එතකොට මේ අම්මිගේ දේවකී අම්මද........
කටකාර පුංචි මහීරා බලා සිටියේ අපූර්වා දෙසයි.......... මෙහෙන්දි ඇය දෙස ආදරයෙන් බලා සිටියාය.........
🌹 ඔව් දුව මං ඔයාගේ අම්මාගේ දේවකී අම්මා............ එතකොට ඔයාගේ අත්තම්මා.........
🧚 ඊයේ හම්බවුන යශෝධා අත්තම්මා වගේම ඔයත් හරි හොඳයිනේ.........
කෙල්ලගේ හුරතලේට අපූර්වාගේ හිත තදින්ම බැදී ගොසින්............
🌹ප්‍රතාප් හිතාගන්නත් බෑ........ මෙහෙන්දිමයි....... පුංචි කාලේ එයාගේත් තිබුනේ ඔය පණ්ඩිත හුරතලේමයි.........
ප්‍රතාප් සිනාසෙමින් හිස වැනුවේය.....
ප්‍රතාප් හා අපූර්වා පිටව ගියේ ඔවුන්ගේ එක්වීම ස්ථිර කරමින්ය.......... ඔවුන් මහීරා රැගෙන ගියහ......... නමුත් තවමත් මෙහෙන්දිගේ නම් මුහුණ ඒ ලෙසටම වේදනාවෙන් බරව තිබුණි....
වික්‍රාන්ත් මෙහෙන්දිගේ මුහුණ තම දෝතට ගත්තේය...........
❤️දැන් හරිනේ......... ඉතින් හිනාවෙන්නකෝ........මං යන්න ඕනි මේ අඬන මුහුණ බලලද.........
කෙල්ල කිසිවක් නොකියා වික්‍රාන්ත් පපුවේ හිස හොවාගත්තාය......... වික්‍රාන්ත්ගේ අත ඇගේ පිට මතට වැටුණි.........
💃 මට බයයි අයියේ......... තවත් සැරයක් ඔයාව නැති කරගන්න මට පුළුවන් කමක් නෑ...........ආයෙත් මට ඉවසගෙන ඉන්න බැරි වෙයි...........
❤️ මං මොකුත් කියන්නේ නෑ............මොකද මං දන්නවා මේ සැරේ මට ලැබෙනවා මයි....... දැන් හිනාවෙලා ඉන්න.............. ම්ම්ම්....මාත් යනවා නැත්තම් මගේ මස්සිනා මගේ ඇඟට එනවා.............
වික්‍රාන්ත් ගිය පසු මෙහෙන්දි සුසුමක් හෙලා ප්‍රධාන ශාලාව දෙසට ගියාය.............
💜️💜️💜️💜️💜️💜️
පසුදා උදේ වික්‍රාන්ත් කෙල්ල ගන්න ගියේ නැත............... ඔහුට පාන්දර සිටම පුහුණුවීම් තිබුණි......... එනිසාම මෙහෙන්දිගෙ නිවසට මහීරාවද ඇරලවා වික්‍රාන්ත් ගියේය............ අට හමාරට පමණ ලද විවේකයෙන් වික්‍රාන්ත් විහේන් ශධීර් හා ඉශාන්ත් කතා බහ කරමින් සිටියේ එලඹෙන ආසියානු කුසලාන තරඟාවලිය ගැනය...............
🌷 Asian Cup එක ටිකක් අමාරු වෙයි කොල්ලනේ.........
💙 හ්ම්ම්ම්ම්.... ඔව් කලාපීය තරඟකරුවොත් එන්න එන්නම දියුණු වෙනවා..............
🍁 නැත්තම්........ මතකනේ ලංකාව අපිට දුන්න ගේම් එක.......... යකෝ මං නම් අන්දමන්ද වුනා...........
💙 නැතුව අර අළුත් කොල්ලා කවුද.... මේ......නම අවිශ්ක........ නියම වැඩ්ඩා ඈ...... කියලා වැඩක් නෑ.............
❤️ ශ්‍රි ලංකාව ගැන නම් විශ්වාස කරන්නම බෑ........ කොයි වෙලාවේ පහරදෙයිද කියලා හිතාගන්න බෑ........ එදා මං නම් ගල් වෙලා හිටියේ බොරු කියන්න ඕනෙ නෑනේ......... ධනුෂ්කයි අවිශ්කයි කුසලුයි තුන් දෙනා ගහපු ගැහිල්ලට..............
🌷 ඇයි ශ්‍රි ලංකාවේ bowling side එකත් දැන් හොඳයි...............
🍁 දැන් ඇයි අපි ලංකාව ගැනම ඔය තරම් කතා කරන්නේ
වික්‍රාන්ත්ගේ දුරකතනය දැන් දෙතුන් වතාවක් නාද විය...............
💙 මොකද බං වීන් අයියා.......... මෙහෙන්දියාට විනාඩි පහක් වත් කතා නොකර ඉන්න බෑද...........
❤️ මෙහෙන්දි නෙවේ බං........ මේ අදුරන්නැති එකක්........
💙ගනින් බලන්න
වික්‍රාන්ත් ඇමතුම සම්බන්ධ කර ගත්තේය..........
💘 වික්‍රාන්ත් මං........මං.........මාහීර
❤️ මාහීර් උඹ........... කොහේද ඉන්නේ......
💘 වික්‍රාන්ත් උඹ කොහේද ඉන්නේ
❤️ මං ජවහර්ලාල් නේහ්රු එකේ ඉන්නේ
💘 මේ මං ඉන්නේ එතන තමයි....... ටිකක් වරෙන් එලියට විහේන් ඉන්න නිසා මට එන්න බෑ.............
❤️ ටිකක් හිටපන්...... මං එන්නම්........
වික්‍රාන්ත් නැගිට්ටේ එළියට යන්න වුනත් විහේන් ඔහුව නැවැත්තුවා............
🌷 වික්‍රාන්ත් මොකද ඌට ලැජ්ජද මෙතෙන්ට එන්න.......... යකෝ අපි එක්ක එකට හිටිය එකාට දැන් ලැජ්ජයි එන්න.....
❤️ ඕකනේ බං බැරි........ ඔය කේන්තිය හරියන්නෑ ප්‍රශ්ණ විසඳන්න..... මතක තියාගනින් මේ ප්‍රශ්ණය ඇතුලේ උඹේ නංගිලා දෙන්නෙක් ඉන්නවා.......... cool වෙයන් වීහු..... මං බලාගන්නම්.........
වික්‍රාන්ත් එළියට ගියේ විහේන්ගේ පිටට තට්ටුවක්ද දමමිනි.............. ඔහු යන විට විශාල දොරටුව අසල ඔහුත් සහස්දිත් සිටිනු වික්‍රාන්ත් දුටුවේය.........
❤️ මාහීර්.......නංගි........ කවදද ආවේ........
💘 අද ආවේ............ මචං......... මට ටිකක් කතා කරන්න ඕනි...........
❤️ කතා කරමු...... හැබැයි එතන මගේ කෙල්ලත් ඉන්න ඕනි........වරෙන් යන්න...... මේක එකපාරින් විසඳගන්න ඕනි..............
MEVEENA එකට යනතුරු කිසිවෙකු කතා කලේ නැත...........
❤️ සහස්දි.............. ඔයා අසනීපයකින්ද ඉන්නේ............
වික්‍රාන්ත් ඇසුවේ MEVEENA එකේ විසල් දොරටුවෙන් ඇතුලට වාහනය දමමින්........
💘 වික්‍රාන්ත්......... සහස්දි Pregnant.......
මාහීර් හා සහස්දි බලන් ඉන්න කොටම වික්‍රාන්ත්ගේ දෑස් විසල් විය.............
❤️ හ්ම්ම්ම්ම්...... යමුකෝ ඇතුලට....... මේ අර සිංහ ධේනුව ටිකක් කඩා පනී ගනන් ගන්න එපා ඈ........
ඔවුන් තිදෙනාම මෙහෙන්දිගේ කාර්යාල කාමරයට ගියෝය............ මෙහෙන්දි එන බව හැඟවුනේ ලඟ ලඟ ඇසෙන පා සලඹේ නාදයෙනි............
මාහීර් හා සහස්දි දුටු මෙහෙන්දිගේ මුහුණ සැනෙකින් කෝපයෙන් අඳුරු විය...
මෙහෙන්දි වේගයෙන් ආවේ මාහීර් ලඟට.............
💃 ඇත්තටම ඔයා කොයි වගේ කෙනෙක්ද මාහිර් අයියේ........... කොයි වගේ කෙනෙක්ද........ මං ඔයාට කීවානේ මට ඔයාට කවදාවත් ආදරේ කරන්න බෑ කියලා......... අනික මං ඔයාට යන්න අවසර දීලයි තිබුනේ........ ඒ්ත් මේ විදිහට නම් නෙවේ............ මොකක්ද මේ ඔයා කරපු ජරා වැඩේ........
💘 මෙහෙන්දි මට සමාවෙන්න.........
💃 සමාවෙන්න.......... සමාව නම් මගෙන් කවදාවත් ලැබෙන්නේ නෑ මට කරපු බොරුවට......... හැබැයි ඔයා මෙයා එක්ක ජීවත් වෙන්න ගත්ත තීරණයට මගේ කිසිම අකැමැත්තක් නෑ............. මාව නිදහස් කරන්න...........
💘 ඒකට තමයි මං ආවේ නංගි............ මං දැනගෙන හිටියේ නෑ වික්‍රාන්ත් ඉන්නවා කියලා......... පස්සේ මෙහෙ ආවමයි තේරුනේ ආයෙම වික්‍රාන්ත් ඔයා ගාවට ආවා කියලා.......... ඉතින් මං ආවේ අයිතිකාරයට ඔයාව දෙන්න....... හැබැයි මචං වික්‍රාන්ත් මට උඹට වුනු පොරොන්දුව නම් රකින්න බැරි වුනා........
❤️ අනේ බං හරි ඉතින් දැන් ඔක්කොම හරිනේ අල්ලලා දාපන්............... දැන් කොහේද ඉන්නේ උඹලා දෙන්නා........
💘 හොටෙල් රෑම් එකක් හරි අපාර්ට්මන්ට් එකක හරි ගන්නවා.......... ගෙදර යන්න බෑ........... අම්මා ඇත්තේ දැන් මාව මරන්න බලාගෙන...........
💃 ඔයා දැන්මම එහේ ගිහින් අම්මාව අවුල් කරන්න එපා...... ඔය දෙන්නා අපේ ගෙදර යන්න...........
💘 බෑහ්......... ප්‍රතාප් අංකල් මාව මරයි....
💃 අපේ තාත්තා ඔයා හිතනවා වගේ පටු අදහස් තියන කෙනෙක් නෙවේ හරිද මාහීර් සාවන්ත්.......... ඔයත් එනවද අයියේ........
මෙහෙන්දි ඇසුවේ වික්‍රාන්ත් දිහාද බලමින්........... සහස්දි හා මාහීර් නම් සිටියේ බයෙන්.............. සවස් වන තුරුත් මාහීර් හා සහස්දි හිටියේ මෙහෙන්දි ගාව.............. සවස හතර විතර වෙනකොට වික්‍රාන්ත් ආවා........... පුංචි මහීරා හිටියේ ඒ වන තුරුත් පුහුනුවීම් කරමින්..........මෙහෙන්දි ගිහින් ඇයව රැගෙන ආවා............
❤️ එන්නකෝ...... මං ඔයාට අමුත්තෝ දෙන්නෙක් අඳුන්නලා දෙන්න........ මේ ඉන්නේ ඔයාගේ සහස්දි ලොකු අම්මා...... එතකොට මේ මාහීර් ලොකුතාත්තා........ ම්ම්ම්.. එතකොට මේ මගෙයි මෙහෙන්දිගෙයි පුංචි දෝණි මහීරා........
💘 මහී...රා..................
🧚 ඒකනේ හරි පුදුමයි...........
දෝණි ඒක කිව්ව විදිහට මුහුණ තිබුණු ආකාරයට හැමෝටම හිනා ගියා.......
❤️ අර දවසක් සීයා කිව්වා නේද කතාවක්.... ශේෂ් සීයා කිව්වේ..... ඔයාගේ නම දැම්මේ කෙනෙක් මතක් වෙන්න කියලා..... මතකද ඔයාට........
මහීරා හිස සැළුවාය.............
❤️අන්න ඒ කෙනා තමයි මේ............
වික්‍රාන්ත් එහි නිධාන කතාවත් මාහීර්ට කිව්වේය............ කෙල්ලගේ සුරතල් වැඩ වලට මාහීර් හා සහස්දි වශී වෙලා වගේ බලන් හිටියා....................
ඔවුන් මෙහෙන්දිගේ නිවසට යන විට හයත් පහුවෙලා........ ප්‍රතාප් ශර්මා ආවා විතරයි......... ඔහු හිටියේ සාලයේ සෙටිය උඩ ගිමන් හරිමින්......... වික්‍රාන්ත් හා මෙහෙන්දි දුටු ඔහුගේ මුහුණ හිනාවකින් ඉතිරී ගියත් පසුපස සිටි මාහීර් හා සහස්දි දැක ඒ හිනාව අතුරුදන් වුනා..................
🏆️ මොන හයියකටද උඹලා දෙන්නා මෙහෙ ආවේ ආ.............
ප්‍රතාප් ශර්මා දත්මිටිකමින් මාහීර් වෙත පැන්නේ කොටියෙක් වගේ ඒත් වික්‍රාන්ත් එය නවත්වා ඔහුව ටිකක් සන්සුන් කිරීමට උත්සහ කලා..........
❤️ තාත්තා......... කලබල වෙලා මේ ප්‍රශ්ණය විසඳන්න බෑනේ............. මාහීර් ටයි සහස්දිටයි මේ වෙලාවේ යන්න තැනක් නෑ............ අනික සහස්දි අම්මා කෙනෙක් වෙන්නයි යන්නේ...........
ඒක කියනකොට නම් ප්‍රතාප්ගේ විතරක් නෙවේ මෙහෙන්දිගෙයි අපූර්වාගේයිත් දෑස් විශ්මයෙන් පිරී ගියා..............
🌹 සහස්දි pregnant කියලාද කියන්නේ..... දෙයියනේ නංගි දන්නවා නම් මේවා......... ඒ මනුස්සයාට පිස්සු හැදෙයි සහස්දි ඇයි මේ වගේ වැඩ කරන්නේ ඇයි ඔය තරම් හිතුවක්කාර වුනේ..........
🏆️ හ්ම්ම්ම්ම්....... සහස්දි ඇතුලට යනවලා........ දෝණි........ මේ දෙන්නට උඩ කාමරයක් ලෑස්ති කරලා දෙන්න.............. මාහීර් ඉන්නවා.... මට තමුසේ එක්ක කතා කරන්න තියනවා.....
ප්‍රතාප් ශර්මාගේ හැටි එහෙමය..... ඔහු කොතරම් සැරපරුෂ පුදගලයෙකු වුවත් ඉක්මනින්ම උණු වන හිතක් ඔහුට ඇත........ මෙහෙන්දි සහස්දි සමගින් ඇගේ කාමරයට යාබද කාමරයට ගියත් එක් වචනයක්වත් කතා කලේ නැත....... කොහොමත් ඇය සහස්දිට සමාවක් ලබාදීද නැත.............
💃 මේ කාමරේ කොහොමත් හදන්න දෙයක් නෑ......... ඒ හින්දා ඔය දෙන්නට මෙතන ඉන්න පුළුවන්.........
තවත් දෙයක් කියන්නට පෙර මෙහෙන්දි කාමරයෙන් පිටව මූළුතැන්ගෙය දෙසට ගියාය.......... මහීරා අම්මා සමගින් හරි හරියට කතාවය........... මෙහෙන්දි දොර අසල සිටගෙනම ඒ කතා බහට සවන් දුන්නාය...............
🧚 අපේ අම්මිට අමිමලා දෙන්නෙක් ඉන්නවලුනේ......... ඊයේ හම්බුනා එක්කෙනෙක්......
🌹 අැත්තද එයා හම්බුනාද ඔයාට......
🧚 ඔව් ඒත් ඔයා තරම් එයා ලස්සන නෑනේ............. අත්තම්මා .. ඔයා නම් අම්මි වගේම ලස්සනයි........
🌹 කොහේද අනේ ඔයාගේ අම්මිගෙ ලස්සන.......... එයා මං තරම් ලස්සන නෑ...
🧚 ඔන්න අත්තම්මා ඔයා නෝටි වෙන්න හදන්නේ... මං තරා වෙනවා.........
🌹 හා එහෙනම්....... ඔයාගේ අම්මි තමා ලස්සන..........
🧚 අත්තම්මා මාව තියාගන්නකෝ...........
🌹 අපිට තව ටික දවසක් දෙන්නකෝ දුව.......... ඊට පස්සේ අම්මිව හැමදාටම ඔයා ගාවට එවන්නම්........ ම්ම්ම්ම්.......
මහීරා හිස වනා එය පිලිගත්තාය........ කොතරම් දඟකාර කටකාර දැරියක් වුවත් මහීරා වැඩිහිටි බසට අවනත වේ......... ඒ අතින් ඇය සුවිශේෂි දැරියකි......... අම්මා මෙහෙන්දිව දුටුවේ පසුවය..........
🌹 අම්මි ඇවිත්....... ඔයා එයා එක්ක යන්නකෝ......... මං කෑම මේසේ ලෑස්ති කරන්නම්..................
මෙහෙන්දි දියණියවද කැඳවගෙන සිය කාමරයට ගියාය..........
ප්‍රතාප් ශර්මා ඉතා සන්සුන්ව මාහීර් හා කතා කලේය...........
🏆️ මාහීර් මොකක්ද මේ කලේ........අපි ඔක්කොම ලැජ්ජා කලා..... වික්‍රාන්ත් ආපහු ආවේ නැත්තම්........ මගේ දරුවට මොකද වෙන්නේ.........
💘 අනේ මට සමාවෙන්න තාත්තා....... මං මේ කිසි දෙයක් හිතට එකඟව කලේ නෑ......... ඒත්..ඒත් ඒ දේවල් සිද්ධ වුනා...... මට ඒවා නවත්තන්න බැරි වුනා...... සහස්දි ජීවිතය නැති කරගන්න හදනකොට මට බලාගෙන ඉන්න බැරිවුනා........... ඒත් මං මෙහෙන්දිට වරදක් කරන්න හිතුවේ නෑ............
🏆️ එහෙනම් මෙහෙන්දිට ඉක්මනට divorce එක දෙන්න............
💘 මං හුඟක්ම ආවෙත් ඒකට..........
🏆️ වික්‍රාන්ත් කොහොමත් පාර්ෂව දෙකෙන්ම මේ divorce එකට අකැමැත්තක් නැති හින්දා ඉක්මනින් තීන්දුවත් ලැබෙයි............... මං රාඝවන්ටයි තුල්සිටයි ආයෙත් කතා කරන්නම්....... අපි ඡාවිගෙයි සාශේන්ගෙයි wedding එකට date fix කරගෙනනේ තියෙන්නේ........ ඔයාලා හතර දෙනාගෙත් වෙලාවල් බලල ඒ දවසටම දාගන්න පුළුවන් වුනොත් එකටම කරන්න පුළුවන්........
❤️ ඒත් තාත්තා තව සතියක් විතරනේ තියෙන්නේ............
🏆️ වික්‍රාන්ත් මං එක රැයින් wedding එකක් කලා... මතක ඇතිනේ..........
❤️ මතකයි මතකයි මගේ නපුරු මාමණ්ඩි wedding card එකත් අරන් ආඩමිබරෙන් ආව හැටි....... අනේ ඇත්තට දුකක් දැනුනෙම නැද්ද තාත්තේ.................
🏆️ දැනුනා......... මං ඒ වෙනකනුත් විශ්වාස කලේ නෑ ඔයා මගේ දුවව අත්හැරියා කියලා........
💘 අපිට එහෙම wedding එකක් ගන්න බෑ............. තාත්තා......... සහස්දි pregnant...... ඒ හින්දා අපිට ඒ මංගල මණ්ඩපයේ වාඩි වෙන්න බෑ............ වික්රාන්ත්ටයි මෙහෙන්දිටයි නම් අවුලක් නෑ........... කසාද සහතිකයට බැන්දට මෙයාලා දෙන්නම ඒ ජීවිතේ ගත කරලා නෑනේ.........
🏆️ ඒවා නම් දැන් කාලේ ලොකු ප්‍රශ්ණ නෙවේ..........
💘 ඒත් මට බෑ ඒක කරන්න........
🏆️ මාහීර්.... පව් ශාරධායි තාරකයි..... ඒ දෙන්නගේ ලොකු දුව මේ............ ටිකක් හිතන්න.......
❤️ ඔව් මාහීර් ඔය මනස්ගාත අයින් කරලා ලෑස්ති වෙන්න............
මාහීර් ඊට එකඟ විය............. නමුත් ශේඛා මේ දෙදෙනාට කිසිදා සමාවක් නොදෙන බව පැවසුවාය.......... මෙහෙන්දි මේ යන්නේ ටිකක් හෝ ඇගේ හිත වෙනස් කිරීමටයි....... මෙහෙන්දි තවමත් මාහීර්ගේ නිවස අත් නොහැරියාය............
💃 අම්මා....... මොකද කරන්නේ........
🎊️ මොනවා කරන්නද දුව...... මං ලැජ්ජාවට මේ ගෙට වෙලා ඉන්නේ.......
💃අයියෝ අම්මා....... ඔය තරහ දැන්වත් නවත්තගමුද......... ම්ම්ම්ම්... ඒ දෙන්නට සමාවදෙමුකෝ............
🎊️ අනේ මේ ඔයාට පුළුවන් වුනාට උන් දෙන්නව ගේ අස්සට දාගන්න මට නම් බෑ.........
💃 ඒ කියන්නේ ඔයා මට ආදරේ නෑ..... නේද.........
🎊️ මේ මෙහෙන්දි මාව මානසිකව අවුල් කරන්නෙපා හරිද...........
💃 ඒත් මගේ ඉල්ලීමක් කවදාවත් අහක දාන්නේ නෑ කිව්වානේ.............
🎊️ මගේ තීරණයේ වෙනසක් නෑ.........
💃 සහස්දිට දරුවෙක් ලැබෙන්න ඉන්නේ අම්මා...... ටිකක් ඒ ගැන හිතන්නකෝ....
🎊️ මොනවා දෙයියනේ..... මේකා මගේ මූනේ දැලි ගෑවා.............
💃 අම්මා........ වෙච්ච දේ වෙලා ඉවරයි...... සහස්දිව ඔයා අත්හැරියොත් එයාලා දෙන්නා අසරණ වෙයි...... ඔයාටත් දුවෙක් ඉන්නවානේ ඇයි මේ ප්‍රශ්ණය ගැන ඔහොම පටු විදිහට හිතන්නේ............... ටිකක් කල්පනා කරලා බලන්න අම්මා........ මං දන්න අම්මට නම් ඔහොම කරන්න බෑ........
මෙහෙන්දිගේ හඬේ සැර ටිකක් වැඩිවුනාදැයි ඇයටම සිතුනා.......... නමුත් ඉන් ශේඛා නම් මදක් සන්සුන් වුනා.........
🎊️ හ්ම්ම්ම්... දැන් මොකද ප්‍රතාප් අයියා කිව්වේ...........
💃 අපි දෙන්නටයි ඒ දෙන්නටයි සාශේන් අයියගේ wedding එක දවසේම wedding එක ගන්න කියලා තමා තාත්තා කීවේ හැබැයි ඒකට මාහීර් අයියා කැමති වුනේ නෑ......... ඒත් තාත්තා කීවා wedding එක ගන්නම ඕනි කියලා............. මොනවා වෙයිද දන්නෑ........ මොකද ඔයා හිතන්නේ අම්මා...... ඔයාට මාහීර් අයියව අත්හරින්න පුළුවන්ද....... මට නම් බෑ........ එයා මට මගේ අයියලා දෙන්නටත් වඩා වටිනවා...... මං හිතන්නේ එයා මගේ අයියා කියලා........ අම්මා...... ඔයත් සමාව දෙනවා නේද..........
ශේඛා ඈත බලාගෙන හිටියත් ඇගේ දෑස් වල කඳුළු සැඟවීමට ඇයට නොහැකි විය......... මෙහෙන්දි තදින් ඇගේ අතක් අල්ලාගත්තාය........
💃 අම්මා....................
🎊️ ඔයා මගේ දුව........ ලේලි නෙවේ......කවදාවත් ඔයයි මමයි එහෙම හිටියේ නෑ......... අදත් ඔයා මං එක්කම ඉන්නවා.......... ඒ්ත් තව ටික දවසකින් ඔයා යනවා කියලා හිතද්දි දුකයි...... දුවලා එහෙමලු......... එයාලා අපි නිකම් අනුන්ගෙ වත්තක හදන මල් ගහක් වගේලු......... පොහොර වතුර දාලා ආදරෙන් හදාගත්තට මල් පිපුනම ලස්සන දෙන්නේ අනුන්ගේ වත්තක්ලු..........
එහෙම කියලා ශේඛා කෙල්ලව තුරුළු කරගත්තා............
🎊️ එන්න කියන්න එහෙනම් ඔයාගේ අයියට........ හැබැයි තනියෙන්....... සහස්දි මේ ගෙදරට එයි........ හැබැයි එ් ඔයා ලස්සන මනමාලියෙක් කරලා වික්‍රාන්ත් පුතාට භාරදුන්නට පස්සේ....... එතකම් එයාට මෙහෙ බෑ............
ඒ ශේඛාගේ අවසන් තීරණයයි............. මෙහෙන්දි ශේඛාගේ තීරණය මාහීර්ට ඇමතුමක් ලබාදී පැවසුවාය..........
💃 මාහීර් අයියා........ මේකයි මං අමාරුවෙන් අම්මාගේ හිත හදලා තියෙන්නේ...... ඒ හින්දා ඔයත් මෙතන පිස්සු නටන්නැතුව මෙහෙ ඇවිත් ඉන්න කසාදෙ දවස වෙනකම් සහස්දි අපේ ගෙදර හිටපුවාවේ........
💘 ඇයි නංගි.......අම්මා සහස්දිව පිලිගන්න කැමති නැද්ද........
💃 නෑ...... ඔය විදිහට පිලිගත්න කොහෙත්ම කැමති නෑ....... ඒ හින්දා ඔයා විතරක් මෙහෙ එන්න.....
💘 සහස්දි කැමති වෙයිද.......
💃 මේ අයියේ..... මේක මේ එක එක්කෙනාට ඕනැ විදිහට වැඩකරන්න පුළුවන් වෙලාවක් නෙවේ.... හරි දේ කරන්න ඕනෙ වෙලාවක්..... ඔයාට ඉස්සරවෙලා හම්බවුනේ අම්මද සහස්දිද...... මේ මොන විකාරයක්ද...... කැමති තීරණයක් ගන්නවා එනවා නම් එනවා නැත්තම් ඕනැ එකක් කරගන්නවා........
මෙහෙන්දිට හොඳටම කේන්ති ගියේ මාහීර් හැසිරෙන මෝඩ පිලිවෙතටය......
💃💃💃 යකෝ...... මෙයාට මොකද මේ වෙලා තියෙන්නේ..... අපුරුවට හිටියානේ... පිස්සු හැදිලා මෝඩයාට පව් අම්මා...............
මාහීර් තවත් කිසිවක් කියන්න මත්තෙන් ඇය දුරකතනය තැබුවාය..........
නමුත් පසුදා උදේම මාහීර් නිවසට පැමිණ සිටියේය....... ශේඛාද ඔහුට තරවටු කරන්න ගියේ නැත..... පාඩුවේ සිටියාය...................
🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️
🏵️ මගුල් පෙරහැර එනවා....... එයාලා එනවා චූටි,,,, ඡාවි ස..හස්...දි මෙි ඔයාලා ලෑස්ති නේද...........
අසේකා උස් හඬින් පවසා ඉක්මන් ගමනින් ඔවුන් වෙත ආවාය.........
💃 මොකද බං උඹට තියන අස්ස කුලප්පුව.......... හෙමින් වරෙන්කෝ........ උඹට නම් මොනා වුනාම මොකද...... දරුවාට අමාරු ඇති........ උඹට බබෙක් ලැබෙන්න ඉන්නේ අක්කේ අමතකද.....
මෙහෙන්දි කෝපයෙන් මුහුණ ඇඹුල් කරගෙන කිවාය.........
🏵️ ආ..හ්..... sorry ...... මේ මට නම් ආසාවේ බෑ බං........ වික්‍රාන්ත් අයියායි,,, සාශේන් අයියයි මාහීර් අයියයි නිකම් රාජකුමාරවරු තුන් දෙනෙක් වගේ.......
එවිටම අපූර්වා ශාරධා හා වික්‍රාන්ත්ගේ මව වන තුල්සිත් එතැනට ආවේ සිනාවකින් මුහුණ සරසාගෙනයි........ නමුත් තුල්සි ගියේ ඡාවි ලඟට නම් නොවේ...... මෙහෙන්දි ලඟටයි....... ඇය දුටු විට මෙහෙන්දිට දැනුනේත් නිම්හිම් නැති සතුටකි..........
🌾 හරිම සතුටුයි මට......... ඔයා එන්නේ කවදද කියලා අපි බලාගෙන හිටියා මැණික......... අන්තිමට මගේ දුව අපූර්වාට දීලා මං එයාගේ දුව ගන්නවා........
💃 ඔයාව දකින්න ලැබුණු එකත් මට සතුටක් අම්මා............
🌹එහෙනම් යමුද තුල්සි........... නඅකතට පමා වෙයි නැත්තම්.......
🌾යමු......අපිට කොයි වෙලාවේ කතා කරන්න බැරිද............. ම්ම්ම්...... දැන් ඉතින් මගේනේ.........
තුල්සි පැවසුවේ මෙහෙන්දිගේ හිසත් සිඹගෙනමයි............. නමුත් ශේඛා නම් ආවේ නැත............ ඇයට තමා බලන්න හෝ එන්න තිබුනා යැයි මෙහෙන්දිට සිතුණි....... නමුත් ඇගේ සිතුවිල්ල බොරුවක් කරමින් දොරෙන් ඇතුළු වුනේ ශේඛායි.............. මෙහෙන්දිගේ මුහුණේ ඇදුණු මනරම් සිනාව දුටු ශාරධා අපූර්වා දෙස බලා සිනාසුනාය........... නමුත් ශේඛාගේ මුහුණේ නම් හිනාවක් තිබුනේම නැත...............
💃අම්මා මොකද අනේ මේ මුහුණ........
හිනාවෙලා ඉන්නකෝ අනේ...... බලන්නකෝ ඔයාගේ මුහුණ නිකම් අර හේමා මාලිනිගේ වගේනේ........
ඒ වචන ටිකට ආයෙත් ශේඛා කේන්තියෙන් මෙහෙන්දි දෙස බැලුවාය........ ඇය හේමා මාලිනිට කැමතිම නැත......... ඇය කැමති ශර්මිලා තාගෝර්ටයි...... ඔවුන් දෙන්නම හැටේ දශකයේ ජනතාවගේ සිත් අමන්දානන්දයට පත් කල සුන්දර නිළියන් දෙදෙනෙක්......
🎊️ ඔයාටත් විහිළු...... හරි හරි යමු දැන්.......
කළු වලා අතරින් පෑයු සඳක් සේ මදක් ඒ මුහුණ එළිය විය..............
මනාල මනාලියන් මණ්ඩපයන්හි අසුන් ගත් පසු චාරිත්‍ර විධි ආරම්භ විය.............. වික්‍රාන්ත් ලඟින් වාඩි වන විට ඇගේ සිතට දැනුනේ කියාගත නොහැකි සතුටකි........ මහා සටනකින් ජයගත් සෙන්පතියෙකුගේ හිතේ ඇති හැගීමට සමාන හැගීමක් ඇගේ හිත තුල විය...............
වික්රාන්ත්ටත් එසේමය.......... තමාට අනෙක් පසින් සිටින මේ අයස්කාන්ත ආඩම්බර පිච්ච මල තමාටම අයිති වීම ඔහු තම ජීවිතයේදී ලද ලොකුම ජයග්‍රහණයයි........... වික්‍රාන්ත් ඇගේ අතකින් තදින් අල්ලා ගත්තේය................ මෙහෙන්දි ඇඳ සිටි රතු හා රන් මිශ්‍ර ඇඳුමට ඇය වඩාත් සුන්දරය..............
චාරිත්‍ර බොහොමයක් අවසන් විය.............. මංගල සූත්‍රය පලඳවන මොහොතේදී මෙහෙන්දි හුඟක් හැගීම්බර විය........... ඒ ඇය මේ ජීවිතයේ අපේක්ෂා කල එකම දෙයයි....... එදා මාහීර් ඇයට මංගල සූත්‍රය බදීන විට හිතට දැනුනු හැගීමත් අද මේ දැනෙන හැගීමත් අහසට පොළව මෙනි.......... වික්‍රාන්ත් පැලඳුව මංගල සූත්‍රය මෙහෙන්දි සිය දෑතින්ම ගෙන ඒ දෙසම බලා සිටියේ දෑසින් කඳුළු උතුරා යන විටයි............
❤️❤️❤️ මේ කෙල්ල දුකටයි සතුටටයි දෙකටම කරන්නේ අඬන එකනේ........
වික්‍රාන්ත් ඇය දෙස බලාගෙනම සිටියේය........ වට හත යන විට පොරොන්දු දෙන විට මෙහෙන්දි ඒ දේවල් කලින් වතාවකත් කලාදැයි ඇයටම මතකයක් නොවීය............ ඇත්තෙන්ම ඇයට එය විවාහයක් නොවීය.............
🌸🌸🌸 මතු සබැඳියි
No comments:
Post a Comment