෴෴අවසාන කොටස෴෴
පාරා හිනාවෙවි දේවක ළගට යද්දි ඇත්තටම මං බය උනා.මං පාරාගේ අතේ එල්ලිලා එයාව නවත්තන්න හැදුවට ඒක හරි ගියේ නෑ.මොකද මට වඩා පාරා ශක්තිමත්.දේවක හිටියෙත් බයවෙලා වගේ
"පාරා කරුණාකරලා ඕක නවත්තන්න.."
මං කියද්දි පාරා මාව පැත්තකට තල්ලු කරා.පාරා තල්ලු කරපු පාරට මං විසිවෙලා ගිහින් වැදුනේ ශාක්යගේ ඇගේ එයා මාව හයියෙන් අල්ල ගත්තා.
"සුදු ඔයා හොදින් නේද..?"
"ඔව් සුදු අයියා.."
ශාක්ය එහෙම්මම මාව එයාගේ තුරුලට ගත්තා.ඒත් මගේ ඇස් තිබුනේ පාරා ළග.
"මොනවද සුදු මේ වෙන්නේ.."
"මං ඔයාට හැම දෙයක්ම පස්සේ කියන්නම් සුදු අයියා..දැන් අපි දේවකව බේර ගන්න ඕන..නැත්තම් පාරා එයාව මරයි.."
මට ඒක කියලා කට ගන්න බැරි උනා පාරා දේවක දිහාට අත දික් කරනවත් එක්කම දේවක උඩට පාවෙලා ගියා.ඒ වෙලාවෙනම් අපි හැමෝටම කෑ ගැහුනා.
"පාරා ඔයා ඔය කරන්නේ වැරදි වැඩක්..ඔයා දේවකව මැරුවා කියන්නේ..ඔයත් දේවකගේම ගොඩට වැටෙනවා කියන එක.."
මං කියද්දි පාරා මං දිහා බැලුවේ ඇස් ගිනි බෝල කරගෙන.දෙයියනේ අද පාරාට ගිහින් තියෙන්නෙනම් එසේ මෙසේ තරහක්නම් නෙමෙයි.එහෙමයි කියලා දේවකව පාරාට බිලි ගන්න දෙන්න බෑ.
"එතකොට ඔයා මට කියන්නේ දේවක මට කරපු දේ හරි කියලද..?"
"මං එහෙම කියන්නෑ පාරා..දේවක කරපු හැම දේම වැරදියි..එහෙමයි කියලා එයාට ලේසියෙන් මැරෙන්න දෙන්න බෑ..එයාට ජිවිත කාලේටම විදවන්න දෙන්න ඕන.."
මං එහෙම කිව්වේ පාරාගේ හිත වෙනස් කරන්න හිතාගෙන.මං හිතුවා වගේම පාරා දේවකව ඇතැරියා.දේවක උඩ ඉදන් බිමට වැටුනේ කෑ ගහගෙන.ඒ වැටුන පාරට දේවකගේ කොන්ද කැඩුනේ නැති එකනම් පුදුමයි.දේවක අමාරුවෙන්ම ඉද ගත්තා.
"මාව මරපන් පාරමී..උඹට ඕන මාවනේ..මාව මරපන්.."
දේවක කෑ ගැහැවේ වේදනාවෙන් කියලා මට තෙරුනා.ඇත්තම මෙයාට පිස්සු හැදිලද..?මං මෙයාව බේරගන්න දගලනවා.මෙයා බිලිවෙන්න දගලනවා.මෙහෙම ගියොත්නම් පාරා දේවකව මරලා දායි.
"එපා පාරා ඔයා කවදාකවත් එයා වගේ මීණිමරුවෙක් වෙන්න එපා..එහෙම කලොත් ඔයාට ඊළග අාත්මෙත් විදවන්න වෙයි.."
මං කියද්දි පාරා අහගෙන ඉන්නවා.මීණි මරන එක මොන තරම්නම් පාපයක්ද කියලා කවුරු උනත් දන්නවානේ.ඒ දැන දැනම මිනිස්සු එහෙම කරන්නේ ඇයි කියලා තමයි මට තෙරෙන් නැත්තේ.
"පාරා ඔයාටයි මටයි ඕන උනේ දේවකට නීතියෙන් දඬුවම් දෙන්නනේ..ඒකට නේද මං රෑ දවල් මහන්සි උනේ..දැන් ඉතින් ඒ දේ වෙලානේ තියෙන්නේ..ඇයි ඔයා ඔය විදිහට හැසිරෙන්නේ.."
මං කියද්දි පාරා බලාගෙන හිටියේ මං දිහාමයි.ඒ ඇස්වල මං කලින් දැකපු තරහා දැන් නෑ.ඒ කියන්නේ මං කියන දේ පාරාට තේරෙනවා කියන එකනේ.
"අනේ මගේ මහත්තයාට මුකුත් කරන්න එපා..මං දන්නවා එයා ගොඩක් වැරදි කරා කියලා..එයාට ජිවිත දානය දෙන්න.."
අම්මා අඩ අඬා කියද්දි මට දුක හිතුනා.දේවක කියන්නේ මගේ තාත්තා.මං මෙච්චර දවසක් දඩුවම් දෙන්න හැදුවේ මගේ තාත්තාටමයි..දැන් ඉතින් ඒ දේ වෙලා ඉවරයි..දැන් මගේ තාත්තා මැරෙනවා බලාගෙන ඉන්න මට බෑ.
"පාරා ඔයා මොනවද හිතන්නේ..?ඔයා හදන්නේ මගේ තාත්තට දඩුවම් දෙන්නනම් ඒක කරන්න..ඒක ඔයාගේ සතුටනම් එච්චරයි.."
"නෑ දේවා..ඔයා කියන කතාව හරි මෙයාව මරන්න ඕන නෑ..මෙයා හිර ගෙදරදි මෙයා කරපු පව් වලට ජිවිත කාලයම විදවයි.."
පාරා ඒකනම් කිව්වේ කුරිරු සතුටකින්.ඒත් එක්කම පාරා තාත්තාගේ කකුලක් අල්ලගෙන චරස් ගාලා අනිත් පැත්ත කරකවව්වා.ඒ වෙලාවේ තාත්තා මහා හයියෙන් කෑ ගැහැවා.ඒ වෙලාවෙනම් මටත් කෑ ගැහුනා.මට විතරක් නෙමෙයි අම්මිලා දෙන්නටත් කෑ ගැහුනා.මං අත් දෙකින්ම ඇස් වහා ගත්තේ ඒක බලා ඉන්න බැරි නිසා.
"මට සමාවෙන්න දේවා..මේ මිනිහාට මෙහෙම හරි මට දඩුවමක් දෙන්න ඕන..මතක තියාගන්නවා දේවක අද තමුසේ ජිවත් වෙන්නේ තමුසෙගේ දුව නිසා..දේවා කියන්නේ හරි හොද කෙනෙක්..අනිත් අයට උදව් කරන කෙනෙක්..මගේ පවුල බලා ගන්නෙත් එයා..එයාට අනිත් අයගේ දුක තෙරෙනවා..එයා මට ගොඩක් උදව් කරලා තියනවා..ඒ වගේ මට කවුරුත් උදව් කරලා නෑ..ඒ හැම දේකටම පිං දේවා.."
පාරා කියාගෙන යද්දි මගේ ඇස් වලටත් කදුළු ආවා.අද පාරා තාත්තාව ඇතැරියේ මං නිසාද..?
"ඔයාටත් ගොඩක් පිං පාරා.."
මං පාරාට පිං දුන්නේ මගේ තාත්තාව නොමරා බේරුවට.අද ඒ වගේ දෙයක් උනානම් මගේ හිතටනම් කිසිම නිවනක් නැතිවෙයි.මේ දේට මුළු ජිවිත කාලේටම විදව විදව ඉන්න වෙයි.මගේ අම්මාත් විදවයි.ඒක මට බලාගෙන ඉන්න බෑ.
ඒත් එක්කම පොලිසියේ අය කීප දෙනෙක් අපි හිටපු දිහාවට ආවේ ගිවන්තවත් අල්ලගෙනමයි.ඒ වෙලාවේ මට බැලුනේ පාරා දිහා.එයා පේන්න නෑ.
"නාලක දේවකව අරගෙන යන්න..මිනිහට ටිකක් අමාරුයි වගේ හොස්පිට්ල් එක්ක යන්න.."
ශාක්ය කිව්වේ වේදනාවෙන් බිම වැටිලා කෙදිරි ගාන තාත්තව පෙන්නලා.එයා ඔය වේදනා විදින විදිහට එයානිසා කී දෙනෙක්නම් වේදනා විදින්න ඇද්ද..එයා කරපු පව් දැන්වත් එයාට තෙරේනවානම් ලොකු දෙයක්.
"ඕකේ සර්.."
පොලිසියේ අය තාත්තාව පරිස්සමට උස්සගෙන යද්දි අම්මාත් ඒ පස්සේම දුවන්නයි හැදුවේ ඒත් ශාක්ය එයාව නවත්ත ගත්තා.
"ඔයා දැන් යන්න එපා අැන්ටි..මං එයා ගැන බලා ගන්නම්.."
ශාක්ය එහෙම කියද්දි මං අම්මා ළගට ගිහින් එයාගේ අත අල්ල ගත්තා.අම්මා එහෙම්මම මාව බදාගෙන ඇඩුවා.
"අඬන්න එපා අම්මා දැන් හැම දේම හරිනේ.."
මං එයාගේ ඔළුව අතගලා කියද්දි එයා හුල්ලනවා.
"ඩබ්ලිව් පිසි මෙයාවත් අරගෙන යන්න.."
ශාක්ය එතන හිටපු ගෑණු පොලිස් නිලධාරි දෙන්නෙකුට රුවන්ගිව පෙන්නලා කියද්දි රුවන්ගි ශාක්ය දිහා බැලුවේ ඇස් ලොකු කරගෙන.
"අනේ මේ ඇයි සුදු අයියේ..මට යන්න දෙන්න.."
"රුවන්ගි තමුසේ කරපු වැරදි වලට තමුසෙටත් දඩුවම් ලැබෙන්න ඕන..තමුසේ අත තියන්න හැදුවේ මගේ කෙල්ලට..ඒ නිසා මං තමුසෙව ලේසියෙන් අතාරින්නෑ..අරගෙන යන්න මෙයාව.."
ශාක්ය තරහින් කෑ ගහද්දි පොලිසියේ දෙන්නා රුවන්ගිව අරගෙන ගියේ රුවන්ගි කෑ ගහද්දි.රවන්ගි කොච්චර කෑ ගැහැවත් ශාක්යගේ හිතනම් උණුවෙන්නැති හැඩයි.එයා රුවන්ගි එක්ක ඉන්නේ ගොඩක් තරහින් කියලා මට තේරෙනවා.
"සුදු අයියා.."
"මුකුත් කියන්න එපා සුදු..මං රුවන්ගිට සමාවක්නම් දෙන්නෑ ..ආයේ ඒ ගැන කතා කරාට වැඩක් නෑ.."
ඉතින් මං වෙන මොනවා කියලා කරන්නද..?දැන් ශාක්යට තරහා ගිහින් ඉන්න විදිහට මං කියන කිසිදෙයක් අහන්නෑ කියලා මං දන්නවා
"දේවා.."
මං හැරිලා බැලුවේ පාරාගේ කටහඬට එයා මං දිහා බලාගෙන හිටියේ හිනාවෙලා.
"අපි යමු පාරා ගෙදර.."
"බෑ දේවා මට දැන් යන්න වෙලාව හරි.."
පාරා කියද්දි මගේ පපුවට මොනවදෝ උනා.ඒ කියන්නේ පාරා මාව දාලා යන්නද හද්න්නේ..? ඒකනම් කීයටවත් වෙන්න දෙන්න බෑ.
"එපා පාරා මාව දාලා යන්න එපා ප්ලිස්.."
"මට යන්න වෙනවා දේවා..මං මෙහේ හිටියේ මට සාදාරනයක් ඉෂ්ට වෙනකල් දැන් ඒක වෙලා ඉවරයි..මට දැන් යන්න වෙනවා..මට තවත් මෙහේ ඉන්න බෑ.."
"අනේ එපා..අනේ සුදු අයියා පාරාට යන්න එපා කියන්නකෝ.."
මං අඬ අඬාම කියද්දි ශාක්ය මාව තුරුළු කරගත්තා.
"එයාට යන්න දෙන්න සුදු..එයාට අපි එක්ක ඉන්න බෑ ඒක ඔයාට තෙරේනවනේ.."
"ශාක්ය හරි දේවා..මං ඔයාලා වගේ මනුස්සයෙක් නෙමෙයි ආත්මයක්..ඒ නිසා මම යන්න ඕන..ඔයාගෙයි ශාක්යගෙයි අනාගෙතේ සුභ වෙන්න කියලා මං ප්රාර්ථනා කරනවා.."
පාරා මගේ ළගට ඇවිත් මගේ අතින් අල්ලගෙන කියද්දි මං අඬාගෙනම එයාව බදා ගත්තා.පාරා මගේ ඔළුව අතගානවා මට දැනුනා.
"මම යනවා දේවා සතුටින් ඉන්න.."
එහෙම කියාගෙනම පාරා නොපේනි ගියා.මං එහෙම්මම ශාක්යව බදාගෙන ඇඩුවා.පාරා ආයේ නොයෙන්නම මාව දාලා යන්නම ගියා.අනේ එයා මං එක්කම හිටියනම්.
************************************************
මට වෙච්ච හැමදෙයක්ම ගෙදරට කියන්න උනා.මං පාරාව හම්බවෙච්ච විදිහ අකුරක් නෑරම කිව්වා.එයාලනම් හිටියේ පුදුම වෙලා.
"ඒ කියන්නේ අපි මෙච්චරකල් මේ ගෙදර ඉදලා තියෙන්නේ හොල්මනක් එක්කද..?"
චූටි ආහපු විදිහට මට හිනා ගියා.ඇත්තටම පාරා හිටියනම් කොයි තරම් දෙයක්ද.දැන් මේ දේවල් වෙලා සතියකුත් ගෙවිලා ගිහින්.මට පාරා නැතුව දැනෙන පාළුව වචනෙන් විස්තර කරන්න බෑ.මං පහුගිය ටිකේම කාමරේට වෙලයි හිටියේ අද තමයි මෙහෙම හරි ගෙදර අය එක්ක කතා කරන්නේ.
"එතකෝට එදා මං දැක්කෙත් එයා නේද..?"
ඔව්නේ හොල්මනි අපේ අම්මිවත් බය කරානේ. අම්මි විතරක් නෙමෙයිනේ ඇයි අංජනයි එයාගේ අම්මයි දෙන්නත් බය කරානේ.මොන ප්රශ්න තිබුනත් ඒ දවස්වල අපි දෙන්නා කොච්චර සතුටින් ඉදලා තියනවද..?
"ඔව් අම්මි..ඒ එයා තමයි.."
මට වෙලාවකට හිතෙනවා පාරා මාව හොයාගෙන ආපහු එයි කියලා.ඒත් ඒක වෙන්නෑ කියලා මං හොදටම දන්නවා.මට එක වෙලාවකට දැනෙනවා පාරා මගේ ළගම ඉන්නවා වගේ ඒත් මං බලද්දි එයා නෑ.ඒ දේවල් මට දැනෙනවා ඇත්තේ මගේ හිතේ තියන සාංකාවට වෙන්න ඇති.
"සුදු ඔයා හොස්පිට්ල් යන්නේ නැද්ද..?"
තාත්ති අහද්දි මගේ කල්පනා ලෝකෙත් බිදිලා ගියා.මට හොස්පිට්ල් යන්න හිත දෙන්නෑ.මට ගෙදර හැමොම කියනවා තාත්තව බලන්න යන්න කියලා.
"පුතේ මොන දේ උනත් ඒ ඔයාගේ තාත්තා එයාව අහක දාන්න එපා..අපිත් ඔයා ළග හැමදාම ඉන්නවා.."
අම්මි කියද්දි මං එයාට තුරුළු උනා.දැන් ඉතින් මට අම්මිලා තුන්දෙනයි තාත්තිලා තුන්දෙනයි ඉන්නවා.ඇයි පෙරේරා අංකලුයි මාලිකා ඇන්ටියි දෙන්නත් මගේ අම්මයි තාත්තයි වගේනේ.
මං හොස්පිට්ල් එකට ආවේ ගෙදර අයගේ වදේ නිසා.අනෙක ආයේ මටම හිතුනා ගිහින් තාත්තාව බලන්න ඕන කියලා.ඉතින් මං අම්මා එක්කම ආවා.අම්මත් දැන් ඉන්නේ මගේ ළග.අම්මියි තාත්තියි කොච්චරනම් හොදද එයාලා දෙන්නා අම්මාව අපේ ගෙදරම නවත්ත ගත්තා.
හෙට තාත්තාව උසාවියට දාලා එහෙම්මම බන්දනාගාර හොස්පිට්ල් එකට දානවා කියලා ශාක්ය ඊයේ මගෙත් එක්ක කිව්වා.උසාවියේදි මොනවාගේ තින්දුවක් දෙයිද කියලා හිතාගන්න බෑ.
අපි යද්දි තාත්තා ඇදේ නිදාගෙන ඉන්නවා.එයාට පොලිසියේ ගාඩ් එකත් දාලයි තිබුනේ.එයාගේ වම් කකුල බැන්ඩේජ් කරලා ඒ කකුල තමයි පාරා කැඩුවේ.
"සුදු මගේ රත්තරන් ආවද මාව බලන්න.."
මාව දැක්ක ගමන් තාත්තා හිනාවෙලාමයි ඇහැවේ.මං ආපු එකට එයා ගොඩක් සතුටු වෙනවා කියලා එයාගේ මූණෙන්ම මට තෙරුනා.
"දැන් කොහොමද..?"
මං එයාගේ ඔළුව අතගාලා අහද්දි එයා මං දිහා බලාගෙන හිටියේ ඇස්වල කදුළු පුරවගෙන.තාත්තා එහෙම්මම මගේ අත අරගෙන සිප ගනිද්දි මගේ ඇස් වලටත් කදුළු ආවා.
"ඔයාව දැක්කම මට ලෙඩත් අමතක උනා සුදු..මට එක පාරක් තාත්තා කියලා කතා කරන්න සුදු..මං ආසයි ඔයාගේ කටින් එහෙම කියනවා අහන්න.."
තාත්තා කියද්දි මගේ ඇස්වල පිරිලා තිබුන කදුළු කම්මුල් දිගේ ගලාගෙන ගියා අම්මාටත් අැඩුනා.මං කොහොමද මේ වගේ ඉල්ලිමක් අහක දාන්නේ.මේ මගේ තාත්තානේ.
"තාත්තේ අපි මොනවා හරි කමුද..?"
මං අහද්දි තාත්තා ආපහු මගේ අත සිපගත්තා.ඒ වචනේ ඇහැවට පස්සේ එයාට කොච්චර සතුටක් දැනෙන්න අැතිද..?
"මට දැන් මැරුනත් කමක්නෑ.."
"මොනවද දේවක මේ කියන්නේ..ඔය වගේ කතා කියන්න එපා.."
අම්මා තාත්තට රවලා කියද්දි තාත්තා මං දිහා බලලා හිනාවෙනවා.අනේ තාත්තා නරකකෙනෙක් නොවුනනම් අද අපි තුන්දෙනා එක වහලක් යට සතුටින් ජිවත් වෙනවානේ එහෙනම් මේ විදිහට දුක් විදින්නේ නෑනේ.
************************************************
කාලේ ගෙවිලා ගියේ හිතන්නවත් බැරි විදිහට දැන් මං කැම්පස් එකට ඇවිල්ලත් අවුරුදු දෙකක් වෙනවා.ඒ කාලේදි මට තව ගොඩක් යාළුවොත් හම්බ උනා.ජිවිතේට තව තව අත්දැකිම් හම්බ උනා.
තාත්තා උසාවියට ඉදිරිපත් කරාට පස්සේ එයාට අවසන් තින්දුව දුන්නේ ඊයේ.තාත්තා ජිවිතාන්තය දක්කාව සිරදඩුවම් හම්බඋනා.එතකොට ගිවන්ත එයාටත් ජිවිතාන්තය දක්කා සිරදඩුවම් හම්බ උනා.
රුවන්ගිටනම් අවුරුදු දහයක සිරදඩුවමක් තමයි ලැබුනේ.
රුවන්ගිටනම් අවුරුදු දහයක සිරදඩුවමක් තමයි ලැබුනේ.
ශාක්යට උසස්වීම් කීපයක්ම ලැබුනේ එයා ගොඩක් දක්ෂ නිසා.විසදන්න බැරි ගොඩක් අපරාද විසදුවේ ඉතින් මගේ කොල්ලා තමයි.එයා දැන් ඉතින් D.I.Gකෙනෙක්.ඒ වගේ පෝස්ට් එකකට මෙච්චර අඩු වයසකින් එනවා කියන්නේ ඉතින් අමාරු වැඩක්නේ.
මාත් ඉතින් පත්තර රස්සාවෙන් අයින් වෙලා ඉගෙනිමේ වැඩ වලට තමයි ගොඩක් කාලේ වැය කලේ.පත්තර රස්සාවටනම් අපේ ගෙදෙරිනුයි ශාක්යගේ ගෙදෙරිනුයි දැඩි විරෝදයක් තමයි ලැබුනේ ඉතින් මං ඒකෙන් අයින් උනා.ඒත් පාරා මගේ මතකයේ හැම දාම ඉන්නවා.
අපේ ලොකුගෙයි ශාක්යා අක්කිගෙයි වෙඩින් එකත් සුපිරියටම ගත්තා.දැන් ලොකුට අවුරුදු දෙකක පුංචි පුතෙක් ඉන්නවා.මං ඉතින් ගෙදර දුවන්නේ එයාව බලන්න.දැන් ඉතින් අපේ ගෙදර සතුටින් පිරිලා.අම්මත් දැන් ඉන්නේ ගොඩක් සතුටින්.මට ඕන උනෙත් එයාව සතුටින් තියන්න.
************************************************
අවුරුදු තුනකට පසු
අවුරුදු තුනකට පසු
කාලේ ගෙවිලා යන්නේ අපිටත් හිතාගන්න බැරි විදිහට.අද මගේ ජිවිතේ ගොඩක් වැදගත් දවසක්.ඒ තමයි මගේයි ශාක්යගේයි වෙඩින් එක අද.
දැන් ලොකුගේ පුතාට අවුරුදු හතර හමාරක් වෙනවා.අපේ චූටිත් ඉතින් මැරි කරානේ එයාටත් ඉන්නවා අවුරුදු දෙකක පුංචි පුතෙක්.එතකොට මගේ අනිත් සහොදර කැලත් දැන් පවුල් පන්සල් වෙලා දරු සුරතල් බලනවා.
මං ඇන්දේ උඩරට විදිහට.මං ලැස්තිවෙලා බලාගෙන හිටියේ නැකත් වෙලාව එනකල්.
"සුදු නැකත් වෙලාව ළගයි පුතේ අපි පහලට යමු.."
අම්මි තාත්තියි ඇවිත් මාව පහලට එක්ක ගියා.මං පහලට යද්දි ශාක්ය මං දිහාම බලාගෙන ඉන්නවා.නිළමේ ඇදුමට මගේ කොල්ලා මාර හැඩයිනේ.හරියට රජ කෙනෙක් වගේ.
මාවයි ශාක්යවයි පොරුවට නන්ගවව්වේ තාත්තිලා දෙන්නා.අපි දෙන්නාගේ පොරුවේ චාරිත්ර කරලා ඉවරවෙලා තමයි අපි දෙන්නාගේ කසාදේ රෙජිස්ටර් කලේ.ඊට පස්සේ ඉතින් අපි දෙන්නා ඇවිත් හිටපු අයත් එක්ක කතා කරා.මුළු ශාලාව පුරා ඇවිදිනකල්ම ශාක්ය හිටියේ මගේ අත අල්ලගෙනමයි.
"අද හරි ලස්සනයි සුදු මැණික..බොහොම අමාරුවෙන් ඉවසගෙන ඉන්නේ..මට දැන්මම උස්සගෙන යන්න හිතෙනවා.."
ශාලාව පුරාම ඇවිදලා ඉදගත්ත ගමන් ශාක්ය කිව්වේ මගේ කනට කරලා.මං එයා දිහා බැලුවේ රවලා.
"අදවත් එක විදිහට ඉන්න බැරිද..?"
"කොහේ ඉන්නද උඹ වගේ සුරංගනාවියක් ළග තියාගෙන ඉන්න අමාරුයි බාත්රූම් එකට හරි උස්සගෙන යන්න හිතෙනවා.."
"අනේ ඇත්තමයි මේ කොල්ලනම්.."
මං ශාක්යට රවලා කියද්දි එයා හිනාවෙනවා.ඔය හිනාව දකිද්දිනම් මටත් මේ කොල්ලව ඉඹින්න හිතෙනවා.අපි දෙන්නාගේ ආදරේ දවසින් දවස වැඩි උනා මිස දශමෙකින්වත් අඩු උනේනම් නෑ.
අපි දෙන්නා හනිමුන් එකට ගියේ නුරඑළියේ.අපි දෙන්නව නුවරඑළියේ එක්ක යන්න මාලක අයියයි පන්සිළු අයියයි කැමැත්තෙන්ම ඉදිරි පත් උනා.
"දේවෝ ගුඩ්ලක්.."
ඔය ඇහෙන්නේ මගේ අතිජාත මිත්රයන්ගේ සද්දේ අපි කොච්චර ලොකු උනත් කොච්චර කාර්ය බහුල උනත් අපේ යාළු කම්නම් එහෙම්මමයි.ඒවානම් කවදාකවත් වෙනස් වෙන්නෑ.
"මොකද සුදු හිතෙන්නේ..?"
ශාක්ය කාර් එකේ යන ගමන්ම මගේ නළල සිපගෙන අහද්දි මං එයාගේ උරහිසේ ඔළුව තියාගත්තා.එයානම් ඉතින් නිළමේ ඇදුම ගලවලා පුල් සුට් එකක් ඇදගෙන හිටියේ.
"සතුටුයි සුදු අයියා අද මගේ හිනේ හැබැ උනානේ.."
මං කියද්දි ශාක්ය මාව තුරුළු කරගත්තා.මටත් නොදැනිම ඒ උණහුමේ නින්ද ගියා.
"සුදු නැගිටින්න අපි හොටෙල් එකට ආවා.."
ශාක්ය මගේ කම්මුලක් සිපගෙන කියද්දි මං ඇස් ඇරලා වට පිට බැලවා.දැන්නම් කළුවරත් වැටිලා.ඊට හපන් අම්මෙ සීතල.මේ සීතලට මං ගල් ගැහෙයිද දන්නෑ.
"මොකද පැටියෝ.."
"සීතලයි සුදු අයියා.."
"කාමරේට යන්කෝ මං රත්කරලා ගන්නම්.."
ශාක්ය මට ඇහැක් ගහලා හිනාවෙලා කියද්දි මං එයාට රැව්වා.
"මේකා වල්වෙලා තියන තරමක්.."
"කවුද දන්නෑ මාව වල් කලේ.. මෙන් මෙහේ යමං.."
ශාක්ය මාව කාර් එකන් බස්සවලා හොටේල් එක දිහාවට ඇදගෙන ගියා.මායි ශාක්යයි අපේ රූම් එකට යද්දි මාලක අයියයි පන්සිළු අයියයි එයාලාගේ රූම් එකට ගියා.
රූම් එකට ආපු හැටියේම මට ඕන උනේ උදේ ඉදන් පටලවගෙන හිටපු ඇදුම් ගලවලා දලා සැහැල්ලු අදුමක් ඇදගන්න.
"ඉන්න සුදු මං උදව් කරන්නම්.."
මං කොණ්ඩේට ගහාලා තියන මල් ගලවද්දි ශාක්ය මගේ ළගට ඇවිත් හිමිට මගේ කොණ්ඩෙට ගහලා තිබුන මලුයි කොණ්ඩ කටුයි ගලවලා දැම්මා.
"වොෂ් දාගෙන එන්න සුදු මං කන්න මොනවා හරි ඕඩර් කරන්නම්.."
ශාක්ය කියද්දි මං ටවල් එකයි නයිට් ඩ්රෙස් එකයි අරගෙන බාත් රූම් එකට ගිහින් උණු වතුරෙන් හොදට නා ගත්තා.මං නාලා කාමරේට එද්දි ශාක්ය ෆෝන් එක ඔබනවා.
"සුදු අයියා ඔයත් ගිහන් වොෂ් දාගෙන එන්න..
මං කියද්දි ශාක්ය මගේ අතේ තිබුන ටවල් එකත් අරගෙන මගේ නළලත් සිපගෙන එයාගේ ෆෝ්න් එකත් මගේ අතටදිලා බාත්රූම් එකට රිංග ගතතා.
මං ඉතින් බැල්කනි එකට ඇවිත් අපි හොටෙල් එකට ආවා කියලා අපේ ගෙවල් දෙකටම කෝල් කරලා හැරුනේ රූම් එකට යන්න.මෙන්න ශාක්ය තුවාය පිටින්ම මං ළග.
"මෙච්චර ඉක්මනට නෑවද.."
"ඔව් ඉතින් මගේ කෙල්ල තනියමනේ.."
එහෙම කියලා ශාක්ය මාව හරහාට වඩාගත්තා.මං එයාගේ බෙල්ල වටේ අත දාගෙන එයාගේ බෙල්ල ළග මූණ තියා ගත්තා.ශාක්ය එහෙම්මම මාව ගෙනත් තිබ්බේ ඇදේ.එයා මගේ මූණටම එබිලා බලගෙන ඉන්නවා.
"මොනවද ඕන.."
"හැම දෙයක්ම.."
එහෙම කියලා ශාක්ය බරඋනේ මගේ දෙතොල් වලට.මං එහෙම්මම ඇස් දෙක පියා ගත්තා.මගේ දෙතොල් වලින් දෙතොල් ගත්ත ශාක්ය කාමරේ හැම ලයිට් එකක්ම ඔෆ් කරලා මගේ ළගට ඇවිත් මගේ ඇස් දෙක දිහාම බලාගෙන ඉන්නවා.
කළුවරේ උනත් එයාගේ ඇස්දෙක දිලිසෙනවා..ඒ රෑ මගේ ජිවිතේ ලස්සනම දවසක් රාගි අනුරාගි හොරා කිපයක්ම ගලාගෙන ගියේ අපේ තුරුනු හැගුමන් වලට ඉඩදිලා.සියුම් වේදනාවන් දැනුනත් මං තව තවත් ශාක්යගේ උණුහුමට ගුලි උනේ මගේ හැගිම් තව තව පිබිදෙද්දි.එදා රෑ මං ගතිනුත් ශාක්යගේම උනා.මගේ ජිවිතේ මං දැකපු ලස්නම හීනේ තමයි මේක.
************************************************
"තුදු මොකද ඔය කලන්නේ.."
මං ගැස්සිලා ගියේ ඒ කට හඩට.මං හැරිලා බලද්දි අත් දෙකත් ඉනට තියාගෙන බලාගෙන හිටියේ වෙන කවුරුත් නෙමෙයි මගේයි ශාක්යගේයි දු පැටියා.අප්පෝ මේ කෙල්ලගේ කට තමයි වැඩේ.තාම අවුරුදු දෙක හමාරක් උනාට කතාවනම් මහා කෙනෙක්ගේ වගේ.
"මං තාත්තිටයි මගේ සත්තලන්ටයි කෑමක් හනවනේ පැටියෝ.."
"ඉන්න මං තාත්ති අවාම තුදු දඟ කලා කියන්නම්කෝ.."
දු කටත් උල් කරලා කියද්දි මං මගේ ඉස්සරහාට ඇවිත් තිබුන කුසටත්ත් අත තියාගෙන එයා ළගට ඇවිත් එයාව වඩාගෙන කම්මුලක් සිප ගත්තා
"මගේ හොද පැටියනේ තාත්තිට කියන්න එපා හොදේ..තුදු පව්නේ.."
මං කියද්දි එයා මං දිහාම බලාගෙන ඉන්නවා.මේකි තමයි මං ගැන හැම දෙයක්ම ශාක්යගේ කනේ තියන්නේ.මට බබා හම්බවෙන්න ඉන්න නිසා ශාක්ය මට කිසි වැඩක් කරන්න දෙන්නෑ.ඒ උනාට එයා ගියපු හැටියේම මං මගේ වැඩ ටික කරනවා.ඒත් කොහේද ශාක්ය ආපු ගමන් ඒ හැම දෙයක්ම එයාගේ කනේ තියනවා මේ කෙල්ල.
"නෑ නෑ මං කීනවා..මල්ලි බබා එනකල් තුදුට වැඩ කලන්න ඔදනෑ.."
දු කට උල් කරකර කියද්දි මට ගොඩක් ආදරේ හිතුනා.මාත් පුංචි කාලේ දු වගේමයි කියලා අපේ ගෙදර අයත් කියනවා.දුවට තිබුනෙත් මගේ රූපෙමයි.ශාක්ය මට සුදු කියන නිසා දුත් වෙලාවකට මට කතා කරන්නේ සුදු කියලා.
"මල්ලි බාබා මේ හොදින් ඉන්නවා නේද මල්ලි බබෝ..''
මං මගේ කුසට අත තියලා කියද්දි දු හිමිට මගේ අතින් බැහැලා මගේ කුස සිප ගත්තා.
"සුදු මොකද මේ කුස්සියට වෙලා කරන්නේ..?"
හම්මේ ශාක්යත් ඇවිත් එයා එනවාවත් ඇහුනේ නෑනේ.අදනම් මේ දේවා ඉවරයි.
"තුදු නොටි දග කෙලුවා.."
අනේ මේකිටත් කට පියාගෙන ඉන්න බෑනේ අදනම් මේ දේවාට මගේ සුදු මහත්තයාගෙන් බැනුම් අහන්න තමයි වෙන්නේ.
"මං ගෙදර ඉන්නකොට නම් හිමිච්චි වගේ ඉන්නවා..මං ගෙදරින් ගියපු හැටියේ දඟලනවා නේද..මං ආයේ කියන්නෑ සුදු.."
ශාක්ය මට කෑ ගහද්දි දූත් ගිහින් එයාගේ අතට පැන්නා.මේ තාත්තියි දූයි දෙන්නම එකයි.
"අනේ සුදු අයියේ එක තැනකට වෙලා ඉන්න කම්මැලිනේ මහත්තයෝ..අනෙක ඉතින් ඔයාගේ දූ ඩින්ගත් එක තැනක ඉන්න කෙනෙක්ද..මං ඉතින් එයා පස්සෙන්ම දුවන්න ඕන.."
මාත් ඉතින් නිදහසට කාරනා කිව්වා.නැත්තම් ඉතින් බෑනේ අප්පා.
"අම්මියි දූයි දෙන්නම එකයි.."
ශාක්ය ඒකනම් කිව්වේ තරහින් නෙමෙයි.එයා ඇවිත් මගේ කුසට අත තියලා මං දිහා බැලුවා.
"ඔයා ඔහොම වැඩ කරද්දි මට බයයි සුදු..ඔයා දන්නවා මගේ පණ ඔයාලා දෙන්නා කියලා.."
ශාක්ය කියද්දි මං ඉස්සිලා එයාගේ කම්මුලක් සිප ගත්තා.ශාක්ය මාවයි දූයි ආරක්ෂා කරන්නේ ඇස් දෙක වගේ.
"මත මතත් ඕන.."
දූ එයාගේ මූණ මං ළගට දික් කරලා කියද්දි මං එයාගේ මූණ සිප ගත්තා.ඒත් එක්කම ගෙදර දොරේ බෙල් එක ගහනවා ඇහුන නිසා දූ එක පිම්මට ශාක්ය අතින් බැස්සා.
"අත්තම්මි ඇවිත්.."
දූ කෑ ගහනෙම සාලේ දිහාවට දිව්වේ අපි දෙන්නා හිනා වෙද්දිමයි දූ ගිය පයින්ම ආපහු ඇවිත් මාව බදාගත්තා.
"ඇයි පැටියෝ මේ කෝ අත්තම්මි.."
"එයා නෑ අන්ති කෙකෙත් ඇවිත් .."
දූ කියද්දි මටයි ශාක්යටයි මූණෙන් මූණ බැලුනා.
"යමු බලන්න.."
ශාක්ය මාවත් අල්ලගෙන එක අතකින් දූවත් වඩාගෙන දොර දිහාවට යද්දි දොර ළග හිටගෙන හිටපු කෙනා දැක්කාම මගේ අැසි උඩ ගියා.මෙයා කොහේද මෙහේ මට බැලුනේ ශාක්ය දිහා එයාගේ මූණ තරහින් පිරිලා.ඒ ඇවිත් හිටියේ වෙන කවුරුක් නෙමෙයි අවුරුදු දහයකට හිරේ ගිය රුවන්ගි.
"රුවන්ගි තමුසේ කොහෙද මෙහේ.."
"මට සමාවෙන්න සුදු අයියා..මං ඔයාලට ආයේ කරදර කරන්නෑ..මං ආවේ ඔයාලාගෙන් සමාව ඉල්ලන්න.."
රුවන්ගි කියද්දි මට බැලුනේ ශාක්ය දිහා එයා ඉන්නේ අහක බලාගෙන.ඒ ඉතින් එයාට තරහා ගිහින් කියන එකනේ දූත් ශාක්යගේ බෙල්ල බදාගෙන ඉන්නේ බයවෙලා වගේ.
"රුවන්ගි අක්කි කවදද නිදහස් උනේ.."
"ඊයේ නංගි..මං කරපු වැරදි මට තෙරුනේ ගොඩක් පහුවෙලා..මං ඔයාට මොන තරම් දේවල් කරාද..ඒ හැම දේකටම මට සමාවෙන්න නංගි.."
රුවන්ගි අඬ අඬා කියද්දි මට දුක හිතුනා.මං හැදුවේ එයා ළගට යන්න.ඒත් ශාක්ය මට යන්න නොදි අතින් අල්ල ගත්තා.
"එන්න අක්කි ගෙට.."
"නෑ තමුසේට මගේ ගෙට එන්න බෑ කියන්න ආපු දේ ඔහොම්මම කියලා යනවා යන්න මෙතනින්.."
"සුදු අයියා ඔහොම කතා කරන්න එපා අනේ.."
"එහෙනම් කොහොමද කතා කරන්න කියන්නේ..?"
අනේ ඇත්තමයි මේ කොලුවනම් ඉස්සර වගේමයි.පොඩ්ඩ ඇත්තම් තරහා ගන්නවානේ.එක අතකින් රුවන්ගි අපිට කරපුවට මෙහෙම ශාක්ය තරහා ගන්න එක සාදාරණයි.
"මං නිසා ඔයාලා රණ්ඩු වෙන්න එපා සුදු අයියා..මං ආවේ ඔයාලාගෙන් සමාව ගන්න..මං යන්නම්..මං ආයේ කවදාකවත් ඔයාලාගේ ජිවිත වලට එන්නෑ..ඔයාලා සතුටින් ඉන්න.."
රුවන්ගි එහෙම කියලා යන්න ගියා.මට ඇත්තටම රුවන්ගි ගැන දුක හිතුනා.රුවන්ගි එයාගේ වැරදි තෙරුම් ගත්තනම් ලොකු දෙයක්.
මං ශාක්ය දිහා බලද්දි එයා මං දිහාම බලාගෙන ඉන්නවා.ඒ ඇස්වල තියෙන්නේ ආදරේ විතරයි.මෙච්චර කාලයක් ගිහිල්ලත් අපේ ආදරේ අංශුවකින්වත් අඩු උනේ නෑ වැඩි උනා මිස.ශාක්ය එහෙම්මම මගේ නළල සිපගෙන මාව තුරුළු කරගත්තා.ඉතින් දැන් මගේ ජිවිතේ සම්පුර්ණයි.මට මේ ආදරේ මැරේණ තුරාවටම ලැබෙනවා කියලා මං දන්නවා.මේ ලෝකේ ඉන්න වාසනාවන්තම කෙනා මං.
නිමි.
No comments:
Post a Comment