Tuesday, April 28, 2020

දෙවාශි - 12

මං ඇස් අැරලා වට පිට බලද්දි මම හිටියේ නුහුරු පරිසරයක.මං හිටියේ කාමරයක් ඇතුලේ ඇදක් උඩ.මං ඇද උඩ වාඩිවෙලා කල්පනා කලේ මේ මට මොනවද උනේ කියලා.එතකොට තමයි මට සිද්ද වෙච්ච හැම දෙයක්ම මතක් උනේ.
එතකොට මං මේ ඉන්නේ කොහේද..?මගේ ගෙදර අය කොහෙද..?මං ඇදෙන් නැගිටලා දොර ළගට ගියේ එක පිම්මට.දොර එළියෙන් ලොක් කරලා.
"මේ දොර අරිනවා.."
මං දොරට ගගහා කෑ ගැහැවට කවුරුත් දොර ඇරියෙත් නෑ කිසිම සද්දයක් කලෙවත් නෑ.
"කවුරුත් නැද්ද ..?මාව එළියට ගන්නවා.."
මං මහා හයියෙන් කෑ ගගහා දොරට ගැහැවේ හිතේ තිබ්බ ආවේගෙට.මට හොදටම ෂුවර් මාව මෙහෙට ගෙන්න ඇත්තේ දේවක.මොකද එයාට මගෙත් එක්ක විසද ගන්න ප්රශ්නයක් තියනවනේ.
⁣"දේවක මේ දොර අරිනවා මනුස්සයො.."
ඒ ගමනනම් මං කෑ ගහද්දි දොර ඇරුනා.ඇරුන දොර ළගින් මතු උනේ ගිවන්ත.ගිවන්ත මගේ දිහා බලාගෙනහිටියේ කට කොනකට හිනා වෙලා.මේ යකා දකිද්දි මට එන්නේ පුදුම තරහක්.
"ආ මැඩම් අන්තිමට මගේ අතටම අහු උනා නේද..?"
"ගිවන්ත මට තමුසේ එක්ක කතාවක් නෑ මට ඕන තමුසෙගේ තාත්තා එක්ක කතා කරන්න.."
"ඒ උනාට මට තමුසේ එක්ක ගනු දෙනුවක් තියනවා.."
ගිවන්ත එහෙම කියලා කාමරේ දොර වහගෙනම කාමරේ ඇතුලට එද්දිනම් මේ දේවට හින් දාඩිය දැම්මා.අදනම් මට ගිවන්තගෙන් බෙරුමක් නැතිවෙන හැඩයි.
"ගිවන්ත මගේ ළගට එන්න එපා..එදා මගෙන් කෑවට වඩා වැඩි කෑමක් අද තමුසෙට කන්න වෙයි.."
මං කියද්දි ⁣ගිවන්ත මහා හඩින් හිනාවෙනවා.මගේ හිතට සහනයක් දැනුනේ පාරා කාමරේ ඉන්නවා දැකලා.ඒත් මෙයා කොහොමද මෙහෙට ආවේ..?
"දේවා බයවෙන්න එපා..මං ඉන්නකල් ඔයාට මුකුත් වෙන්න ඉඩ තියන්නෑ.."
පාරා කිව්වේ ගිවන්ත දිහා තරහින් බලන ගමන්.
"ඔයා කොහොමද මෙහෙට ආවේ..?
මං පාරාගෙන් අහද්දි ගිවන්ත මං දිහා බලාගෙන හිටියේ හිනහවත් නතර කරගෙන ඇසුත් ලොකු කරගෙන.මෙයා තාම පාරාව දැකලා නෑ වගේ.
"මං ආවේ ඔයාගේ පස්සෙන් දේවා.."
"අනේ මගේ ගෙදර අය.."
"එයාලා හොදින් ඉන්නවා..එයාලට කරදරයක් වෙන්න මම ඉඩ තියන්නෑ.."
පාරා කියද්දි ගිවන්ත හතර වටේටම කැරකුනේ මං දිහා පුදුමයෙන් බලන ගමන්.
"තමුසෙට පිස්සුද හලෝ තනියම කතා කරන්නේ.."
ගිවන්ත කියද්දි මං ⁣පාරා දිහා බැලුවේ පුදුමයෙන්.එතකොට ගිවන්තට පාරාව පේන් නැද්ද..?
"ගිවන්තට මාව පේන්නෙවත් ඇහෙන්නෙවත් නෑ දේවා.."
"ඒත් ඇයි ඒ.."
"හරි වෙලාවට මාව එයාට පෙනෙයි.."
පාරා කියද්දි ගිවන්ත මගේ උරහිසෙන් අල්ල ගත්තෙනම් තරහින්.ඒ කියන්නේ ගිවන්ත ඉන්නේ මොකද මේ වෙන්නේ කියලා හිතාගන්න බැරුව වෙන්න ඇති.ඇයි ඉතින් මම කතා කරන්නේ තනියමනේ.
"දේවා කාගෙත් එක්කද ඔය කතා කරන්නේ..?"
"හොල්මනක් එක්ක.."
මං කියද්දි ගිවන්ත මහා හයියෙන් හිනාවෙනවා.ඕකනේ උන් එක්ක බැරි ඇත්තක් කිව්වත් හැක හැක ගගා හිනාවෙනවා.
"තමුසේ හදන්නේ මාව බය කරන්නද..?"
"මං මොකටද තමුසේව බය කරන්නේ..?
මං තරහින් කියද්දි ගිවන්ත මගේ කට මිරිකලා අල්ල ගත්තා.ඒ වෙලාවෙනම් මට දැනුනේ වේදනාවක්.ඒත් එක්කම පාරා ගිවන්තගේ ෂර්ට් එකෙන් ඇදලා පැත්තකට ගනද්දි ගිවන්තව විස්වෙලා ගිහින් වැටුනේ බිමට.
ගිවන්ත වටපිට බැලුවේ මොනවද උනේ කියලා හිතාගන්න බැරුව වගේ.ඇත්තනේ ඉතින් ඒ වගේ දෙයක් උනාහම කවුරු උනත් අන්දමන්ද වෙනවානේ
"මං තමුසෙට කිව්වනේ මට ලංවෙන්න එපා කියලා.."
"උඹ මොනවාද දෙවාශි මේ කරන්න හදන්නේ..?කවුද මාව පස්සට ඇදලා ගත්තේ..?"
ගිවන්ත අහද්දි පාරා හයියෙන් හිනාවෙනවා.ඒ හිනාවනම් ගිවන්තටත් ඇහිලද කොහෙදෝ ඒකනේ බෙල්ල කරකව කරකව බලන්නේ.
"ක..කවුද ඒ..කවුද හැන්ගි හැන්ගි හිනාවෙන්නේ..වරෙන් යකෝ එළියට..."
ගිවන්ත තරහින් කෑ ගහද්දි මටත් හිනා ගියා.මායි පාරායි දෙන්නම හිනා උනේ ගිවන්තව තව ටිකක් අවුස්සන්න හිතාගෙන.
"ඒ ගමන උඹත් හිනාවෙනවද..හිටපන් මං උඹට.."
එහෙම කියලා ගිවන්ත මගේ ළගට ආවෙනම් තරහින් කියලා ගිවන්තගේ මූණ බලපු ගමන් මට තෙරුනා.ගිවන්ත අත උස්සලා මට ගහන්න යනකොටම පාරා පැනලා ගිවන්තගේ අත අල්ලගත්තා.ඒ වෙලාවෙනම් ගිවන්ත අසු හාරදහට බයවෙලා.
"මේ..මේ ⁣මොකද..?
ගිවන්ත බයවෙලා තියන පාරට වචනත් පැටලෙනවා.ගිවන්ත එයාගේ අත අහකට ගන්න හැදුවට පාරානම් එයාගේ අත අතඇරියේ නෑ.මටනම් මේවා දකිද්දිත් හිනා යනවා අප්පා.
"කවුද යකෝ මගෙත් එක්ක සෙල්ලම් කරන්නේ.."
ගිවන්තට කෑ ගහලා කට ගන්න බැරි උනා පාරා ගිවන්තගේ කම්මුලට පාරක් ගැහවා. ගිවන්ත වට පිට බැලුවේ කම්මුලත් අල්ලගෙන.ඒ ගමනනම් ගිවන්ත හොදටම බයවෙලා.
"ගිවන්ත තමුසේ මෙතනින් යනවාද..මං යවන්නද..?"
මං කියද්දි ගිවන්ත මං දිහා බලාගෙන හිටියේ බයාවලා වගේ.මූ මං දිහා මෙහෙම බලන්නේ මේ යකාට මාව හොල්මනක් වගේ පේනවද..?
නෑ නෑ පොර මං දිහානම් නෙමෙයි බලාගෙන ඉන්නේ මට පිටිපස්සහා.මාත් ඉතින් හැරිලා බැලුවේ මූ කාටද බයවෙලා ඉන්නේ කියලා.අප්පද බොල මේ හොල්මනිනේ.එතකොට මේ ගොතයාට හොල්මනිව පේනවද..?
"පා..ර..මී.."
ගිවන්ත ගොත ගගහා කියද්දි පාරා හිනාවෙව්ම ඇවිත් මගේ කරට අත දාගත්තා.ගිවන්ත බලාගෙන හිටියේ ඇස්ගෙඩි දෙකත් නලලේ තියාගෙන.
"මොකෝ ගිවන්ත බයවෙලා වගේ ඉන්නේ..මෙහෙම දෙයක් බලාපොරොත්තු උනේ නෑ නේද..?"
මං එහෙම අහද්දි පාරා ගිවන්ත ළගට ලං උනා ගිවන්ත හොදටම බයවෙලා.එයා බලනවා ඇති මැරුණ පාරා කොහොමද මෙහාට ආවේ කියලා.
"බුදු අම්මෝ හොල්මනක්.."
ගිවන්ත කෑ ගහගෙනම දුවන්න හද්දි ගිහින් හැප්පුනේ වහාලා තිබුන දොරේ.මටයි පාරාටයි ඉතින් හිනා.ගිවන්ත දොරත් ඇරගෙන එළියට යන්න හදද්දි ඇතුලට ආපු කෙනා දැක්කාම මගේ ඇස්දෙක නලලට ගියා.ඒ ඇවිත් හිටියේ වෙන කවුරුත් නෙමෙයි දේවක.
"මොකද මිනිහෝ බෙරිහන් දෙන්නේ.."
දේවක කෙලින්ම ඇවිත් අල්ල ගත්තේ ගිවන්තගේ කොලර් එකෙන්.ගිවන්ත මං දිහා බැලුවේ තාම බයෙන්.
"හො..හොල්මනක් ඉන්නවා.."
ගිවන්ත කියද්දි දේවක මහා හයියෙන් හිනාවෙනවා.ආපු හිනාවේ කැත විතරක්.ලෑම්මැස්ටර් එකක් ස්ටාට් කරා වගේ.
"හොල්මන් කියලා දෙයක් නෑ ඕයි..යනවා යන්න මෙතනින්.."
දේවක ගිවන්තව එළියට තල්ලු කරලා දොර වැහැවා.මං දේවක දිහා බලාගෙන හිටියේ පපුව ඩිග් ඩිග් ගාද්දි.මං දේවකව මෙච්චර ළගට කවදාකවත් දැකලා නෑ...මං ඉතින් මේ මිනිහා දැකලා තියෙන්නේ දුර ඉදලා විතරයි.ඒ නිසා තමයි අද මගේ පපුව මෙච්චර වේගෙන් ගැහෙන්නේ. එයා තාමත් තරුණයි වගේ.දේවක මගේ ළගට එද්දි මට ටිකක් බය හිතුනා ඒකයි මං පස්සෙන් පස්සට ගියේ.
"දේවක මගේ ළගට එන්න එපා.."
මං කියද්දි දේවක එහෙම්මම නැවතුනා.මට පුදුමත් හිතුනා.පාරා මං ළගම හිටියට දේවකටනම් එයාව පෙනුනේ නෑ.
"ඉතින් පුංචි නෝනා බයවෙලානේ.."
"මං කොහොමත් තමුසේ වගේ මීණිමරුවන්ට බයයි තමයි..මොකද ඒ තිරිසන්නුනේ.."
මං කියද්දි දේවක මං දිහා බලාගෙන හිටියේ හොදටම තරහා ගිහින්.ඒත් එක්කම දේවක මගේ අතින් අැදලා එයා ළගට ගත්තේ තරහින් ඇස් රතු කරගෙන.ඒ වෙලාවෙනම් මේ දේවා හොදටම බය උනා.
"උඹේ කට වැඩියි.."
"ඒක මගේ ගාණට තියනවා..වැඩිත් නෑ අඩුත් නෑ.."
මං බය උනාට දේවකට මගේ බය පෙන්නන්න ගියේ නෑ.
"මෙහේ වරේන් යන්න.."
දේවක මාව ඇදගෙන කාමරේන් එළියට ගියා.මං පස්ස හැරිලා බැලුවේ පාරා එනවද කියලා එයත් මගේ පස්සෙන්ම එනවා.
"දේවක කොහේද මාව එක්කයන්නේ..මට මගේ අම්මිලා ලඟට යන්න ඕන.."
මං කියද්දි දේවක මාව ඇදගෙන ගියේ මං කියපු කිසිදෙයක් අහුනේ නෑ වගේ මාව ඇදගෙන ගිහින් කාමරයක් ඇතුලට තල්ලු කරා.කාමරයක් කිව්වට ඒක දිග ශාලාවක්.
දෙයියනේ අම්මියි තාත්තියි අයියලා දෙන්නයි ඒ කාමරේ පුටුවල ඉන්දවලා බැදලා දාලා.
"අම්මි.."
මං අම්මිලා දිහාවට දුවන්න හදද්දි දේවක මාව අල්ල ගත්තා.
"අතාරිනවා මාව..මට යන්න දෙනවා.."
මං කොච්චර දැගලුවත් දේවකගේ ග්රහනයෙන් බෙරිලා යන්න මේ මට බැරි උනා.
"දේවක ඇතැරපන් යකෝ මගේ දරුවව.."
තාත්ති තරහින් කෑ ගහද්දි දේවක හයියෙන් හිනාවෙනවා.මට පේන්නම බැරි හිනාවක් තමයි මේ.
"තමුසේගේ දුව මට කරපු ඒවට මං ලෙසියෙන් මේකිව අතාරින්නෑ.."
"මගේ අහිංසකි තමුසේට මොනවා කරාටද ඔහොම කියන්නේ..අනේ මගේ කෙල්ලව ඇතැරලා මට ඕනම දෙයක් කරපන්.."
අම්මි කෑ ගහද්දි මගේ ඇස්වලට කදුළු ආවා.මං කරපු වැඩ නිසා අද මගේ ගෙදර අයත් දුක් විදිනවා.
"ඔව් මට මේ කරපු දේට හැම දේකටම හැමෝටම විදවන්න වෙයි.."
"මේ දේවක තමුසේ පිරිමියෙක්ද ඕයි..තමුසේට ප්රශ්නේ තියෙන්නේ මගෙත් එක්කනේ..ඒ නිසා ඒ ප්රශ්නේ මගෙත් එක්ක විසද ගන්නවා."
අනේ ඇත්මයි මට මේ දේවක එක්ක එන්නේ තරහක්.ඇයි දෙයියනේ මං කරපු දේවල් වලට මගේ ගෙදර අය පලි නෑනේ.
"උඹලා ඔක්කෝම එකතුවෙලායි මේ දේ කලේ.."
"නෑ මේ කිසි දේකට මගේ ගෙදර අය සම්බන්දනෑ..මේ ගැන ගෙරද අය කිසි දෙයක් දන්නෑ දේවක.."
"සුදු මොනවද මේ මිනිහා මේ කියන්නේ.."
තාත්ති අහද්දි මං එයා දිහා බැලුවේ අසරණව.මං කරපු දෙයින් අද මේ අයත් කරදරේ වැටිලා.
"මමම කියන්නම්කෝ..තමුන්ගේ දුව ජර්නලිස්ට් කෙනෙක් වෙලානේ.."
"මොකක්..තමුසේට පිස්සුද ඕයි.."
තාත්තිට තරහා ගිහින් හොදටම.එයාගේ අත් බැදලා නැත්තම් අද දේවක තාත්තිගෙන් හොදටම ගුටි කනවා.
"තමුසෙගේ දුව තමයි ඕයි මට පිස්සු හැද්දුවේ.. තමුසේගේ දුව මගේ හැම දෙයක්ම නැති කලා.."
දේවක කෑ ගහද්දි අපේ ගෙදර අය දේවක දිහා බලාගෙන හිටිගෙන හිටියේ තුෂනිම් බූත වෙලා.
"මොනවද මනුස්සයෝ කියවන්නේ..?"
"මං කියනනේ ඇත්ත මිනිහෝ..තමුසේගේ දුව තමයි පාරා නමින් මට විරුද්ධව පත්තරේට ලිව්වේ.."
දේවක කියද්දි අපේ ගෙදර අය මං දිහා බලාගෙන හිටියේ පුදුම වෙලා වගේ.
"සුදු අත්තද මේ මිනිහා මේ කියන්නේ..?"
"ඔව් තාත්ති.."
ඒත් එක්කම දේවක ඉනේ ගහගෙන හිටපු පිස්තෝලේ අරගෙන මගේ ඔළුවට තිබ්බා.හැබැයි මට ඒ වෙලාවෙනම් පොඩි බයක්වත් දැනුනේ නෑ.මොකද මං දැක්කා ශාක්ය හැන්ගිලා මේ දේවල් අහගෙන ඉන්නවා.අනේක පාරා මගේ ළගම ඉන්නවා.මං හොදටම දන්නවා ශාක්යවත් පාරාවත් මට මොනවත් වෙන්න දෙන්නේ නෑ කියලා.
"ඇයි තවත් බලාගෙන ඉන්නේ ඕකිට වෙඩි තියන්න.."
ඒ කට හඬට නම් මං ගැස්සුනා.මෙන්න බොලේ රුවන්ගි.ආ මේවට මෙයත් සම්බන්දයිනේ.රුවන්ගි මං දිහා බලාගෙන හිටියේ වෙනදා වගේම තරහින්.
"ආ තමුසෙත් මේවට සම්බන්දයිනේ නේද..?"
"මං තමුසෙට කිව්වනේ මං තමුසේව අතාරින් නෑ කියලා.."
"ආ ඇත්තද එහෙනම් තමුසේ හැන්ගෙන්න තැනක් හොයා ගන්නවා.."
මට ඒක කියලා කට ගන්න බැරිඋනා ශාක්ය කාමරේ අැතුලට කඩා පැන්නා.රුවන්ගි විතරක් නෙමෙයි දේවකත් අන්දමන්ද වෙලයි ශාක්ය දිහා බලාගෙන හිටියේ.
"ආ හීරෝ ආවද.."?
"⁣ඉතින් දේවක දැන් ඉතින් හවුල් කාරයොත් ඉන්නවනේ..".
ශාක්ය එහෙම කියාගෙනම රුවන්ගි ළගට ගිහින් එයාගේ අත මිරිකලා අල්ල ගත්තා.
"ආව් රිදෙනවා සුදු අයියා.."
"ම⁣ට ඊට වඩා රිදෙනවා යකෝ..මං උඹව අතාරින් නෑ රුවන්ගි.."
"ඔ.අයි.සි මහත්තයා ඔය කෙල්ලව ඇතැරියේ නැත්තම් මං මේකිට වෙඩි තියනවා.."
දේවක මගේ ඔළුවට පිස්තෝලේ තදකරලා කියද්දි ශාක්ය රුවන්ගිගෙන් ඈත් උනේ එක නිමේශයකින්.
"දේවක මගේ කෙල්ලට මොනවා හරි වෙලා තිබ්බොත් මං උඹට යහතින් ඉන්න දෙන්නෑ.."
"එහෙම කරන්නේ උඹත් යහතින් හිටියොත්නේ.."
දේවක මහා හඩින් හිනාවෙලා එහෙම කියද්දි ඇත්තටම මගේ ඇග හිරි වැටිලා ගියා.ශාක්යගේ තුවාලේ උනත් තාම හොදටම හොදවෙලා නෑ.මේ දේවක ආපහු ශාක්යට කරදරයක් කරයිද..?
"දේවක සුදු අයියාට මුකුත් කරන්න එපා..තමුන්ට ඕන මමනේ මට ඕන දෙයක් කරනවා.."
මං කියද්දි දේවක තව ටිකක් මගේ ඔළුවට පිස්තෝලේ තද කරා.
"එහෙනම් මුලින්ම උඹ යන්න ලෑස්තිවෙයන්.."
දේවක එහෙම කියනවත් එක්කම කාමරේට ආපු කෙනා දැකලා මං විතරක් නෙමෙයි දේවකත් පුදුම උනා.

කාමරේට ආපු කෙනා දැක්කාම දේවක අතින් මගේ ඔළුවට තියලා තිබුන තුවක්කුවත් අතැරුනා.මගේ හිතට සහනයක් දැනුනේ එයා හොදින් ඉන්නවා දැක්කාම.ඒ කාමරේට ආවේ වෙන කවුරුවත් නෙමෙයි වජිරා ඇන්ටි.
"වජිරා ඔයා මොකද මෙහේ කරන්නේ..?මේ තිරිසනා ඔයාටත් කරදර කරයි.."
වජිරා ඇන්ටි දැක්කා විතරයි අම්මි කෑ ගැහැවා.අපේ ගෙදර අය දන්නෑනේ දේවක වජිරා ඇන්ටිගේ හස්බන් කියලා.
"නෑ මේනකා එහෙම වෙන්නෑ.."
"වජිරා ඇන්ටි ඔයා හොදින් නේද..?ඇයි මටත් නොකියා ගෙදරින් ආවේ..අපි ඔයාව කොච්චර හොයව්වද.."
මං කියද්දි ඇන්ටි මගේ ළගට ආවේ ඇස්වල කදුළු පුරවගෙන.
"මට සමාවෙන්න සුදු මට එන්න උනා.."
"මං අහන් නෑ ඔයා හොදින්ද කියලා..මං දන්නවා ඔයාගේ හස්බන් ඔයාව ආදරෙන් බලාගන්න ඇති කියලා.."
මං කියද්දි වජිරා ඇන්ටි ඔළුව හෙල්ලුවේ දේවක දිහා බලාගෙන.මං හොදටම දැක්කා දේවක වජිරා ඇන්ටි දිහා බලාගෙන හිටපු විදිහ.ඒ ඇස්වල ආදරේ පිරිලා.
"සුදු ඇයි ඔයා මෙහාට ආවේ ප්ලිස් ඔයා මෙතනින් යන්න.."
දේවක හැදුවේ වජිරා ඇන්ටිව මෙතනින් යවන්න.දේවක ඇන්ටිට කතා කරපු විදිහෙන්ම මට තෙරුනා එයා ඇන්ටිට ගොඩක් ආදරේයි කියලා.
"මට බෑ දේවක මං සුදුව දාලා කොහෙවත් යන්නෑ.."
වජිරා ඇන්ටි එහෙම කියද්දිනම් දේවක මේ මං දිහා බැලුවේ තරහින්.ඔය දේවක ඔරවව්වට මං බය වෙයි.
"සුදු අපිට කියනවද මොනවද මෙතන වෙන්නේ කියලා..වජිරා කොහොමද දේවකව අදුරන්නේ..?"
තාත්ති මගෙන් අහන්න ඇත්තේ මේ දේවල් වල අග මුල හරි හැටි නොතෙරෙන නිසා වෙන්න ඇති.එයාලා අ⁣පි දිහා බලාගෙන හිටියේ පුදුමෙන් වගේ.
"දේවක තමයි මගේ හස්බන් කාවිංග.."
"මොකක් එතකොට එතකොට.."
අම්මි ගොත ගහානවා.අපේ ගෙදර අය මෙච්චර පුදුම වෙලා මොකද..?
"ඔව් මේනකා ඔයා හිතනවා හරි.."
මොනවද දෙයියනේ මේ වෙන්නේ..?මොනවා ගැනද මෙයාලා මේ කියන්නේ.මෙයාලා මොනවා හරි ලොකු දෙයක් හංගනවා.
"සුදු ඔයාට වැදගත් මේ කෙල්ලවද මාවද..?
"මට ඔයාලා දෙන්නයම ඕන දේවක.."
"ඔයා දන්නවද සුදු මේකිගේ හපන්කම්..මේකි තමයි පාරා නමින් මට විරුද්දව පත්තරේට ලියන්නේ.."
දේවක තරහින් කියද්දි වජිරා ඇන්ටි මං දිහා බැලුවේ ඇස් දෙක නළලේ තියාගෙන.
"සුදු අත්තද මේ කියන්නේ..?"
"ඔව් වජිරා ඇන්ටි..මට ඕන උනේ මෙයා ගැන හැමෝටම කියලා මෙයා කරපු අපරාද වලට දඬුවම් ලබා දෙන්න..මෙයා කී දෙනෙකුටනම් අසාදාරනයකම් කලාද..?මට ඕන උනේ මෙයා කරපු වැරදි වලට නීතියෙන් දඩුවම් අරගෙන දිලා..මෙයා අතින් අසාදාරකම් වෙච්ච අයට සාදාරනයක් කරන්න..ඉතින් මං වැරදිද..?"
මං අහද්දි වජිරා ඇන්ටිට මහා හයියෙන් ඇඩුනා.එයාට දුක ඇති මං මේ දඬුවම් දෙන්න හදන්නේ එයාගේ හස්බන්ට.
"උඹ මගේ සුදුව අඬවව්වා නේද..?මං උඹව ලේසියෙන් අතාරින්නෑ.."
දේවක තරහින් කෑ ගහාලා ආපහු මගේ ඔළුවට තුවක්කුව තියද්දි හැමෝම බය උනා. වජිරා ඇන්ටි දේවකගේ අතේ එල්ලුනේ අඬ අඬමයි.
"ඔයාට බෑ දේවක එහෙම කරන්න..ඔයාට බෑ සුදුට මොනවත් කරන්න.."
"ඇයි මට බැරි ඔයා හොදටම දන්නවා මට රිද්දපු කවුරුවත් මං ලේසියෙන් අතාරින් නෑ කියලා.."
"ඉතින් මං මේ ඉන්නේ පුළුවන් දෙයක් කරනවා.."
මං කෑ ගැහැවේ ඇත්තටම තරහින්.දේවක අනිත් මිනිසුන්ට රිද්දන එක හොදයිද..?
"උඹේ කට වැඩියි පුංචි නෝනා.."
"නවත්ත ගන්නවා දෙන්නම ඕක.."
වජිරා ඇන්ටි කෑ ගහද්දි මායි දේවකයි දෙන්නම කට වහාගත්තා.අපි දෙන්නා වජිරා ඇන්ටි දිහා බැලුවේ ඇත්තටම පුදුමයෙන්.මං වජිරා ඇන්ටි චේච්චර හයියෙන් කෑ ගහනවා දැකලම නෑ.
"දේවක සුදුවයි එයාගේ ගෙදර අයවයි අතාරින්න..එයාලට යන්න දෙන්න.."
වජිරා ඇන්ටි බැගැපත් වෙලා කියද්දි දේවක වජිරා ඇන්ටි දිහා බලාගෙන හිටියේ පුදුමයෙන්.ඇත්තටම මට වජිරා ඇන්ටි ගැන දුකයි.මං දන්නවා එයා මට ගොඩක් ආදරේයි කියලා.ඒ ආදරේ නිසානේ අද මාව බේර ගන්න දේවක ළග දනින් වැටෙන්නේ.
"නෑ අංකල් මේකිව මරලාම දාන්න..මේකි මාව විනාශ කරන්න ආපු හැතිරියක්.."
රුවන්ගිට ඒ ටික කියලා කට ගන්න බැරි උනා ශාක්ය චාටාස් ගාලා රුවන්ගිගේ කම්මුලට පාරක් ගැහුවා.
"උඹ දැන ගනින් රුවන්ගි..මගේ කෙල්ලට මොනවාහරි උනොත් මං උඹටයි උඹේ ගෙදර අයටයි යහතින් ඉන්න දෙන්නෑ..මේ ශාක්ය හොදට හොදයි නරකට අන්තිම නරකයි.."
ශාක්ය කෑ ගැහැවෙනම් හොදටම තරහින් කියලා මට තේරුනා.මං දන්නවා ශාක්ය මට කොයි තරම්නම් ආදරේද කියලා.රුවන්ගිනම් ශාක්ය දිහා බලාගෙන හිටියේ ඇසුයි කටයි ඇරගෙන.
"මේකි ඔයාව රවට්ටනවා සුදු අයියේ.."
"ඒක මං බලාගන්නම් රුවන්ගි..තමුසේ ඒ ගැන වදවෙන්න එපා..දේවක දැන් තමුසේ යටත් වෙනවා.."
ශාක්ය දේවක දිහාට හැරිලා කියද්දි දේවක මහා හයියෙන් හිනාවෙනවා.ඇත්තටම මේ මනුස්සයාට මේ හිනාව කවුරු දුන්නද දන්නෑ.
"මං එහෙම ලේසියෙන් යටත් වෙන්නෑ ඔ.අයි.සි මහත්තයා..මං යටත් වෙන්නේ තමුසේවයි මේකිවයි මරාගෙනම තමයි.."
දේවක එහෙම කියන ගමන් අල්ල ගත්තේ මගේ කොණ්ඩෙන්.මට ඒ වෙලාවේ දැනුනේ ලොකු වේදනාවක්.
"දේවක ඇතැරපන් මගේ කෙල්ලව.."
ශාක්ය එහෙම කියාගෙන මං ළගට එන්න හදද්දි දේවක මගේ ඔළුව තුවක්නුව තිබ්බා.ශාක්ය එහෙම්මම නැවතුනා.
"දේවක අතාරින්න සුදුව..ඔයා මොනවද මේ කරන්නේ..? එයාට රිදෙනවත් අැති.."
වජිරා ඇන්ටි අඬ අඬා කියද්දි දේවක මගේ කොණ්ඩෙන් ඇතැරියේ වජිරා ඇන්ටි දිහා බලාගෙනමයි.එහෙනම් මෙයා අහන්නේ අැන්ටි කියන දේවල් විතරයි.
"ඇයි සුදු ඔයාට මේ කෙල්ලව මෙච්චර වැදගත්.."
"ඒකට හේතුවක් තියනවා දේවක.."
"ඒ මොකක්ද..?"
මටයි දේවකටයි දෙන්නටම ඇහුනේ එක වැරමයි.ඇනටි බැලුවේ අපේ ගෙදර අය දිහා.ඒ අය ඇන්ටි දිහා බලාගෙන හිටියේ අසරණ විදිහට.
"ඔයාලා මට සමාවෙන්න..සුදුව බේර ගන්නනම් මට ඇත්ත කියන්ම වෙනවා මේනකා.."
වජිරා ඇන්ටි කියද්දි මං එයා දිහා බලාගෙන හිටියේ කුතුහලයෙන්.වජිරා ඇන්ටි මොකද්ද මේ කියන්න හදන්නේ..?
"දේවක ඔයාට මතකද අපේ දුවව.."
වජිරා ඇන්ටි අහද්දි දේවක එයා ළගට ගියේ මගේ ඔළුවේ තිබුන පිස්තොලෙත්. අරගෙනමයි එයා හොදටම කලබල වෙලා.
"අපේ දුව ඉන්නවද වජිරා..එයා කොහෙද ඉන්නේ..මට මගේ දුවව ඕන වජිරා.."
දේවක වජිරා ඇන්ටිගේ උරහිසෙන් අල්ලගෙන හොලවලා කියද්දි ඇත්තටම මට දුක හිතුනා.වජිරා ඇන්ටි කියපු විදිහට දේවක ඇන්ටිටයි එයාගේ දුවටයි පණ ඇරලා ආදරේයිලු.එතකොට වන්දනා කියන්නේ කවුද ..?ඒ මේ දෙන්නගේ දුව නෙමෙයිද..?
"එයා හොදින් සතුටින් ඉන්නවා දේවක.."
"ඒ කොහෙද..?"
"අපේ ඉස්සරහමයි.."
වජිරා ඇන්ටි කියද්දි දේවක වට පිට බැලුවේ කලබලෙන්.මේ වජිරා ඇන්ටි කියන හතර බීරි කතාවනනම් මේ මට පොඩ්ඩක්වත් තේරෙන්නෑ.
"මෙතන කොහෙද..?"
දේවක අහද්දි වජිරා ඇන්යි බැලුවේ මගේ දිහා.එයා කෙලින්ම අත දික් කලේ මං දිහාවට.මගේ කකුල් දෙකත් එක්ක පණ නැතිවෙලා ගියා.දේවක මං දිහා බලාගෙන හිටියේ අැස් ලොකු කරගෙන.දේවක විතරක් නෙමෙයි මම ශාක්ය රුවන්ගි අපි හැමෝම හිටියේ පුදුම වෙලා.
"දෙවාශි තමයි අපේ දුව.."
ඇන්ටි කියද්දි මං ගල් ගැහිලා ගියා.දෙයියනේ වජිරා ඇන්ටි මේ මොනවද කියන්නේ..?මං කොහොමද එයාලගේ දරුවා වෙන්නේ..?
"ඇන්ටි ඔයා මොනවද මේ කියන්නේ..?"
"ඇන්ටි නෙමෙයි සුදු මං ඔයාගේ අම්මා..මේ ඉන්නේ ඔයාගේ තත්තා.."
මට මේක නිකම් හීනයක් වගේ.මට මේ කතාව විශ්වාස කරන්න බෑ.දේවක මගේ ළගට ඇව්ත් මං දිහාම බලාගෙන හිටියේ ලොකු ආදරේකින්.
"මගේ රත්තරන්.."
දේවක එක පාරටම මාව තුරුළු කරගෙන මගේ හිස සිප ගත්තා.විශ්වාස කරන්න දෙවියනේ මට දේවක ළගින් දැනුනේ මගේ තාත්තිගේ උණුහුම.ඒත් මේක කීයටවත් වෙන්න බෑ.මං දේවකගෙන් ඈත් උනේ විදුලි වේගයෙන්.දේවක මං දිහා බලාගෙන හිටියේ ඇස් ලොකු කරගෙන.
"නෑ ඒක වෙන්න බෑ..ඒක කීයටවත් වෙන්න බෑ..මේ ඉන්නේ මගේ අම්මියි තාත්තියි..ඔයාලා කොහොමද මගේ අම්මයි තාත්තයි වෙන්නේ..ඔයාලා කියන්නේ බොරු.."
මට මේ කතාව විශ්වාස කරන්න බෑ.මේ වගේ දෙයක් කීයටවත් වෙන්න බෑ.මගේ අම්මියි තාත්තියි අයියලා දෙන්නයි මට කොච්චර ආදරේයිද..?මං කියක ඕනම දෙයක් කරලා දෙනවා..ඉතින් මම කොහොමද වෙන අයගේ දරුවෙක් වෙන්නේ..?
"නෑ සුදු ඔයා අපේ දුව.."
"නෑ..නෑ එහෙම වෙන්න බෑ අම්මි ඔයාවත් කියන්න එහෙම නෑ නේද..?මම ඔයාලාගේ දුව නේද..?"
මං අම්මි ළගට ගිහින් අහද්දි එයා අහක බලාගත්තේ ඇස්වල කදුළු පුරවගෙන.ඒ..ඒ කියන්නේ මේ කතාව ඇත්තද..?
"අම්මි.."
"වජිරා කියන්නේ ඇත්ත පුතේ..ඔයා අපේ දුව නෙමෙයි.."
අම්මි අඬ අඬා කියද්දි මට දැනුනේ මගේ ළග බෝම්බයක් පිපුරුනා වගේ.දෙයියනේ මං කොහොමද මේක විශ්වාස කරන්නේ..?මගේ ඇස්වලින් කදුළු වැටුනේ මටත් නොදැනිමයි.මං එමේමම බිත්තියට හෙත්තු වෙලා එහෙම්මම බිම වාඩි උනේ අත් දෙකින්ම ඔළුව බදාගෙන.මේ මට දැනුනේ එසේ මෙසේ කම්පනයක්නම් නෙමෙයි.
"නෑ නෑ මේක වෙන්න බෑ ..අනේ ඇයි එහෙම උනේ..?
මං අත්දෙකෙන් ඔළුව බදාගෙනම ඇඩුවා.මං අඩද්දි මට දැනුනා කවුදෝ මගේ ඔළුව අතගානවා.දෙයියනේ දේවක ඒ ඇස්වලත් කදුළු.මං එයාගේ අත ගසලා දැම්මා.
"ඔයා මාව අල්ලන්න එපා..ඔයා මීණිමරුවෙක්..ඇයි ඔයා ඒ වගේ අපරාද කලේ..?"
මං කෑ ගහලා කියද්දි ඇන්ටි ඇවිත් මගේ ළගින්ම වාඩි උනා.එයත් හෝ ගාලා අඬනවා.දේවකගේ ඇස්වල පිරිලා තිබුන කදුළු කම්මුල් වල ගාලාගෙන ගියා.
"මට සමාවෙන්න පුතේ මං දන්නවා මං ගොඩක් වැරදි කලා කියලා.."
දේවක මගේ ඔළුව අතගාලා කියද්දි මට හයියෙන්ම ඇඩුනා මොනවා උනත් ඒ මගේ තාත්තා මගේම තාත්තා.මගේ ඇගේ දුවන්නේ එයාගේ ඇගේ දුවන ලේමයි.
"සුදු මං දිහා බලන්න පුතේ..ඔයාගේ අම්මා මං.."
වජිරා ඇන්ටි මගේ මූණ එයාගේ දෝතට අරගෙන කියද්දි මං එයාව බදාගෙන ඇඩුවා.දේවක අපි දෙන්නව බදාගත්තේ ආදරේන් කියලා මේ මගේ හිතට හොදටම දැනුනා.අපි තුන්දෙනා හොදටම ඇඩුවා.
"එතකොට වන්දනා කියන්නේ කවුද..?ඒ ඔයාලගේ දුව නෙයෙිද..?"
මං ඇහැවේ අඬ අඬාමයි.මට තිබුන එක ප්රශ්නයක් තමයි ඒක.
"නෑ සුදු වන්දනා අපේ දුව නෙමෙයි.."
"එහෙනම් ඇයි ඔයාලා මාව වෙන කෙනෙකුට හදාගන්න දුන්නේ..මං ඔයාලා ළගම තියාගත්තේ නැත්තේ ඇයි.."
මට තිබුන ලොකුම ප්රශ්නේ තමයි ඒක.එයාලා මාව කාටවත් නොදුන්නනම් මේ දේවල් මේ විදිහට නොවෙන්න තිබුනා.
"ඔයාට මතකද සුදු මං ඔයාට අජ්ජා කියලා මිනිහෙක් ගැන කිව්වා..එදා මං ඔයාව හම්බවෙලා හොස්පිට්ල් එකේ ඉද්දි ඒ මනුස්සයා හොස්පිට්ල් එකට ආවා..ඒ ආවේ ඔයාවයි මාවයි මරන්න..එදා මොන හේතුවකින් හරි අපි දෙන්නම බෙරුනා සුදු..මං දැ⁣නගෙන හිටියා අජ්ජා ඔයාවයි මාවයි ලෙසියෙන් අතාරින් නෑ කියලා..තාත්තගෙන් පලිගන්න හොදම විදිහ තමයි ඔයාවයි මාවයි මරන එක..මං දහා අතේ හිතුවේ ඔයාව කොහොමද අජ්ජාගෙන් බේර ගන්නේ කියලා..මට ආපහු සැරයක් දේවක ළගට යන්න හිතක් තිබුනේ නෑ.."
වජිරා ඇන්ටි දේවක දිහා බලාගෙන කියද්දි මාත් එයා දිහා බැලුවා.මටනම් දේවකව මගේ තාත්තා විදිහට හිතන්න හිත ඉඩ දෙන්නෑ.මගේ හිත කියන්නේ එයා මීණිමුවෙක් කියලා.ඒත් ඒ මොනවා උනත් ඒ මගේ තාත්තා නේද කියලත් හිතෙනවා.එයා අඬ අඬාම අම්මාගේ ඔළුව අතගානවා.
"ඊට පස්සේ තමයි මට මේනකාව හම්බ උනේ..එයා හිටියෙත් මං හිටපු වාට්ටුවේමයි..එයාගේ පුතා එයාට නැති උනා..එයා හිටියේ අඬ අඬාමයි..මං එදා ඔයාව මේනකාට දුන්නේ ගොඩක් දුරට හිතලා සුදු..ඔයා මගේ ළග හිටියනම් අජ්ජා ඔයාට කරදර කරනවා කියලා මං දන්නයා..මට ඕන උනේ මං නැතත් ඔයා ජිවත් වෙනවා දකින්න..මං එදා ඔයාව මේනකාට දුන්නේ හිතකින් නෙමෙයි..කරන්න දෙයක් නැති නිසා..මං ඈත ඉදන් ඔයා උස්මහාත් වෙන දිහා බලාගෙන හිටියා..මං මගේ අැත්ත විස්තර මේනකාටවත් කිව්වේ නෑ..මං එයාට කිව්වේ ඔයාව හදාගන්නමට බෑ කියලයි..ඒක එයා විශ්වාස කලා..මං දේවකටවත් අද වෙනක් කිව්වේ නෑ ඔයා කොහෙද ඉන්නේ කියලා.."
දෙවියනේ අජ්ජාගෙන් මාව බේරගන්නද අම්මා මාව අම්මිලාට දිලා තියෙන්නේ.මට මගේ අම්මාගෙන් ඈත් වෙන්න උනේ මගේ තාත්තා නිසයි.එයා කරපු වැඩ නිසා.මගේ අම්මා මං නැතුව කොච්චර විදවන්න ඇතිද..?
"මං එදා ඔයාවයි අම්මවයි බලන්න⁣ හොස්පිට්ල් එද්දි ඔයයි අම්මයි දෙන්නම නෑ..මං අඬ අඬාම ඔයාලා හොයව්වේ පිස්සෙක් වගේ..මං අපරාද කරා තමයි..ඒත් මාත් මනුස්සයෙක්..මගේ පණ ටික තමයි ඔයයි අම්මයි..ඔයාලා දෙන්නා මට නැති උනාට පස්සේ මං ගොඩක් දරුනු උනා..නිතර නිතර තරහා ගත්තා..මම සිහිය නැතිවෙනකල් බිව්වා..මට පිස්සු හැදුනේ නැති එක විතරයි..මට ආයේ අම්මාව හම්බ උනේ අවුරුදු පහකට පස්සේ ඒ රත්නපුරේදි..
බලාගෙන යද්දි දේවකත් මං නැතුව දුක් විදලා.එයානම් දුක් වින්දේ එයා කරපු දේවල් වලට.අපි දෙන්නා දුක් වින්දෙත් එයා නිසා.
"මට එදා අම්මව හම්බ වෙද්දි වන්දනත් එයා එක්ක හිටියා..එදා මං වන්දනාව දැක්ක ගමන්ම දැන ගත්තා ඒ මගේ දරුවා නෙමෙයි කියලා..මොකද එයා මගේ දරුවනම් එයාව මට දැනෙනවා..මං ඔයාගේ අම්මාගෙන් ඔයා කොයි කියලා ඇහැවට එයා ඔයා ඉන්න තැනක් මට කිව්වේ නෑ සුදු..එයා කිව්වේ ඔයා හොදින් ඉන්නවා කියලා විතරයි.."
දේවක කියාගෙන ගියේ මගේ ළගින්ම වාඩිවෙලා.බලාගෙන ගියහම මං නැතුව එයත් ගොඩක් දුක් විදලා තියනවා
"ඉතින් වන්දනා කියන්නේ කාගේ කවුද..?"
"එදා හොස්පිට්ල් එකේ ඉදන් මං කෙලින්ම ගියේ රත්නපුරේ..ඒ මගේ යාළුවගේ ගෙදර..එයාට ඔයාගේ වයෙසම දුවක් හිටියා..එ් වෙද්දි එයාගේ හස්බනුත් නැතිවෙලා එයා තනියමයි හිටියේ..මං ඉතින් එහේ නතර උනා..වන්දනාව දකින හැම වෙලාවකම මට ඔයාව මතක් උනා. ඒත් ඔයා හොදින් ඉන්නවනේ කියලා මං හිත හදාගත්තා..වන්දනාට අවුරුදු හතරක් විතර වෙද්දි මගේ යාළුවා කැන්සර් එකක් හැදිලා නැති උනා..එදා ඉදන් මමයි වන්දනාට අම්මා උනේ.."
දැන්නම් මගේ ඔළුව යකාගේ කම්මල වගේ වෙලා.ඇයි දෙයියනේ මේ සිද්ද උනේ මං හිතපු දෙයක්ද..?මං මේ වගේ දෙයක් හිනෙකින්වත් හිතුවේ නෑ.එහෙනම් මෙච්චරකල් මට හංගපු රහස මේක තමයි.පාරාත් මට මේක හැංගුවා.
මං බැලුවේ පාරා කොහෙද කියලා වෙච්ච දේවලුත් එක්ක මට එයාවත් අමතක උනා.පාරා අයිනකට වෙලා මං දිහාම බලාගෙන ඉන්නවා මගේ හොදම යාළුවෙක් වෙලත් පාරා මට මේ තරම් දෙයක් හැන්ගුවනේ මං ඉදන් හිටපු තැනින් නැගිටලා පාරා ලඟට අඩියට දෙකට ගියේ හිතේ තිබුන දුකටයි තරහාහටයි දෙකටම.
"ඔයත් මේ දේවල් දැනගෙන හිටියා නේද..?ඇයි මට මේ දේවල් හැන්ගුවේ.."
මං පාරාගේ ළඟට ගිහින් එයාගේ උරහිසෙන් අල්ලගෙන හොලවව්වේ හිතේ තිබුන ආවේටගෙට එයා මං දිහා බලාගෙන හිටියේ දුකෙන් වගේ.
"මට සමාවෙන්න දේවා..මට ඔයාට මේ දේවල් කියන්න ඕනකම තිබුනා..ඒත් මං මේ දේවල් ඔයාට කොහොමද කියන්නේ..?
"ඇයි මට කියන්න බැරි ඔයා මගේ යාළුවා.."
"ඇත්ත දේවා..ඒත් මේ වගේ දෙයක් කාටවත් දාරා ගන්න බෑ.."
"ඔයාලා හැමෝම මට බොරු කරා.."
"ප්ලිස් දේවා සන්නුන් වෙන්න..ගෙදර හැමෝම බලාගෙන ඉන්නේ ඔයා දිහා..එයාලට මාව පෙන්නෙත් නෑ.."
පාරා කියද්දි මං එතන හිටපු අය දිහා බැලුවා.එයාලා මං දිහා බලාගෙන හිටියේ ඇස් ගෙඩි නළලේ තියාගෙන.ඒ වෙලාවෙනම් අපේ ගෙදරය අය බැදලා දාලා හිටපු තැනින් ලිහලා දාලා.
"සුදු ඔයාට පිස්සුද තනියම කතා කරන්නේ..?"
අම්මි මගෙන් අහහද්දි මං බැලුවේ පාරා දිහා.ඇයි හත්වාලාමේ මෙිකිට පේන්න එන්න බැරිද..?අනෙක ඉතින් මේ වෙච්ච දේවල් වලට පිස්සු නොහැදුනොත් තමා පුදුමේ.
"මේ වෙච්ච දේවල් වලට පිස්සු හැදෙනවා අම්මි.."
"සුදු ඔයා යමු අපිත් එක්ක යමු.."
දේවක මගේ අත්දෙක අල්ලගෙන කියද්දි මං එයාගෙන් අත උදුරලා ගත්තා.එයා මං දිහා බලාගෙන හිටියේ වේදනාවෙන්.මට තාම එයාට තාත්තා කියලා කතා කරන්න දිව නැමෙන්නෑ.මොකද දේවක කියන්නේ මේ සමාජේටම ලොකු අපරාද කාරයෙක්.දැන් දේවා කියන්නේ අපරාද කාරයෙක්ගේ දුවක්.ඒ නිසාමයි මට එයාට තාත්තා කියලා කතා කරන්න හිත දෙන්නෙත් නැත්තේ
"මං ඔයා එක්ක කීයටවත් එන්නේ නෑ..ඔයා මීණිමරුවෙක්..ඔයා අපරාදකාරයෙක්..ඔයා ඇයි පාරාව මැරුවේ..ඔයා වන්දනාවත් මැරුවා..ඒ විතරක් නෙමෙයි ශ්යාමලී වත් මැරුවා..ඇයි ඔයා කෙල්ලන්ගේ ජිවිතත් එක්ක සෙල්ලම් කරන්නේ.."
මං දේවකගෙන් අහද්දි එයාගේ ඇස්වල කදුළු පිරිලා.
"මං පිළිගන්නවා මං පාරාව මැරුවා..හැබැයි ඒ මිනිසුසු දම්මලා..මං එයාට අතවත් තිබ්බේ නෑ සුදු..අනේක වන්දනාව මැරුවේ මං නෙමෙයි සුදු අජ්ජා..මං එදාම ගිහින් අජ්ජාව මරලා ආවා..අනෙක මම ශ්යාමලීට මොනවත් කලේ නෑ..ඒ හැම දෙයක්ම කලේ ගිවන්ත..මං එදා ගියේ ඒ කෙල්ලව බේර ගන්න ඒත් මං යද්දි වෙන්න ඕන ඔක්කෝම වෙලා ඉවරයි.."
දේවක කියාගෙන යද්දි මට පුදුම හිතුනා.ඒත් මං කොහොමද මේවා විශ්වාස කරන්නේ.කවුද දන්නේ දේවක කියන්නේ ඇත්තද බොරුද කියලා..මං අහලා තියන තරමට දේවක කියන්නේ දකින දකින ගෑණු පස්සේ යන චරිතයක්.එදා අම්මා කිව්වෙත් වන්දනාව මැරුවේ දේවක කියලා.
"එදා අම්මා කිව්වේ වන්දනාව මැරුවේ ඔයා කියලා.."
"ඔව් සුද මම හිතුවෙත් එහෙම තමයි..ඒත් ඇත්තටම වන්දනාව මරලා තියෙන්නේ අජ්ජා.."
"ඒ උනාට අම්මා මෙයා අපරාද කාරයෙක්..මෙයා පාරාව මැරුවා. ඒයාගේ අම්මයි නංගිටයි යන එන මං නැතිකරලා එයාලා අනාත කරා..එයාලා ජිවත් උනේ පාරා නිසා..දැන් එයාලාව බලාගන්නේ මං.."
මං කියද්දි එතන හිටපු අය මං දිහා බලාගෙන හිටියේ පුදුමයෙන්.ශාක්යනම් දන්නවා මං පාරාගේ ගෙදර අයට උදව් කරනවා කියලා.
"සුදු ඔයා ඔය කියන්නේ ඇත්තමද..?"
"ඔව් අම්මි.."
"ඔයා කොහොමද පාරමීව අදුරන්නේ සුදු.."
"ඒක දිග කතාවක් ලොකු අයියා..මං පස්සේ කියන්නම්.."
මං එහෙම කියන ගමන් බැලුවේ ශාක්ය දිහා.එයා දේවක ඉස්සරහට ආවේ මංචු දෙකකුත් අරගෙන.
"දේවක මං තමුන්වයි..රුවන්ගිවයි ඇරෙස්ට් කරනවා..".
"මාව මොකටද ඇරස්ට් කරන්නේ..?"
රුවන්ගි බයවෙලා අහද්දි ශාක්ය එයා දිහ බැලුවේ කට කොනකට හිනා වෙලා.
"මීණි මැරිමට තැරත් කිරිම හා මීණිමැරිමට අනුබල දිම..අන්න ඒවාට.."
එහෙම කියන ගමන් ශාක්ය දේවකගේ අත්වලට මාංචු දැම්මා.දේවක මං දිහා බලාගෙන හිටියේ ඇස්වල කදුළු පුරවගෙන.මං බැලුවේ පාරා දිහා.එයාගේ ඇස්වල තිබුනේ තරහක්.
එතකොටම අපි ඉන්න හරියට මහා හුළගක් කඩා පාත් උනා.මුළු ශාලාවෙම තිබුන දොර ජනේල් සද්දේට අරරෙනවා වැහෙනවා.මට හොදටම විශ්වාසයි මේ වැඩේ කරන්නේ පාරා කියලා.
"ඔයා මොනවද මේ කරන්නේ පාරා.."
"මං දේවකව ලේසියෙන් අතාරින් නෑ දේවා..මට සමාවෙන්න මං දන්නවා මේ ඔයාගේ තාත්තා කියලා..ඒත් මට සමාවෙන්න..මං මෙච්චර කල් බලාගෙන හිටියේ මේකට.."
පාරා කියද්දි මගේ ඇග සීතල වෙලා ගියා.ඒත් එක්කම පාරා අඩියෙන් අඩිය ලංඋනේ දේවක ළගට.
"එපා පාරා ඒක කරන්න එපා..අපි එයාට නීතියෙන් දඬුවම් අරගෙන දෙමු.."
"නෑ දේවා මට මගේ පලිය ගන්න ඕන.."
"සුදු මොනවද මේ වෙන්නේ ඔයා කාත් එක්කද ඔය කතා කරන්නේ..?
අම්මිට එහෙම කියලා කට ගන්න බැරි උනා එක පාරටම දේවක පස්සට ඇදිලා ගියේ කාටවත් හිතාගන්න බැරි විදිහට.
"පාරා එපා ප්ලිස් ඔය දේනම් කරන්න එපා.."
මං පාරාගේ අතේ එල්ලිලා කියද්දි එයා හිටියේ මං කියන දේවල් ඇහුනේ නෑ වගේ.දැන් පාරා වෙනදා වගේ නෙමෙයි හරි ශක්තිමත් වෙලා.ඒත් එක්කම අපේ ගෙදර අය යටි ගිරියෙන් කෑ ගැහැවා.මට දැන්නම් ෂුවර් එයාලාට පාරාව පේනවා ඇති ඒකනේ ඔය කෑ ගහන්නේ.
"පාරමී.."
දේවක බිම වැටිලා ඉද්දිම කෑ ගැහැවේ ඇසුත් ලොකු කරගෙන.එයා බයවෙලා වගේ පාරා දිහා බලා⁣ගෙන ඉන්නවා.
"ඔව් මම තමයි හිතුවේ නෑ නේද මං එයි කියලා.."
පාරා එහෙම කියන ගමන් මහා හයියෙන් හිනාවෙන්න ගත්තා.මේ පාරා මොනවද මේ කරන්නේ.මේ හොල්මනිට පිස්සු හැදිලද..?



No comments:

Post a Comment

UNIVOTEC එක ගැන

UNIVOTEC එකේ පාඨමාලා සහ වැඩි විස්තර සදහා පහත ඇති PDF ෆයිල් එක භාවිතා කරන්න. https://drive.google.com/open?id=1zbMNZ14FNiYV2f34K91x1KqpKmid...