ඇත්තටම මට මේ දේවල් අදහා ගන්න බෑ.රුවන්ගි කියන්නේ මේ තරම් කුරිරු හිතක් තියන කෙනෙක්ද..?එදා ඒ වෙඩි පාර වදින්න තිබුනේ මටනේ..අනේ ඒ වෙඩි පාර මට වැදුනනම් කොයි තරම් දෙයක්ද..?අද අර විදිහට ශාක්ය දුක් වේදනා විදින්නේ මං නිසානේ දෙයියනේ.අනේ මං කොහොමද දෙයියනේ මේ දුක දරාගන්නේ..?මගේ පපුව පිච්චෙනවා වගේ.මම එහෙම්මම එතන තිබුන පුටුවකට කඩාගෙන වැටුනේ මුළු ඇගම පන නැති වෙද්දි.
"රුවන්ගි ඇත්තද මේ මාමා කියන කතාව.."
මාලිකා ඇන්ටි රුවන්ගිගෙන් ඇහැවේ හොදටම තරහා ගිහින්.රුවන්ගි ඇන්ටිලා දිහා බලාගෙන හිටියේ බයවෙලා වගේ.
"මොනවද මාලි ආයේ මෙයාගෙන් අහන්නේ.. සුදු පුතාට වෙඩි තියපු උන් පොලිසිය අල්ලගෙන.."
"මොකක්.."
රුවන්ගි ඇස් දෙකත් ලොකු කරගෙන ඇහැවේ හොදටම බයවෙලා.රුවන්ගි කොහොමද මේ වගේ අපරාදයක් කරන්න හිතුවේ.ඒකෙන් අද කීදෙනෙක් දුක් විදිනවද..?ශාක්ය ජිවිතෙයි මරණෙයි අතරේ මොන තරම් සටනක් කරාද..?
"ඇයි බය උනාද..?උන් දෙන්නා තමුසේ ගැන හැම ඇත්තක්ම පොලිසියට වමාරලා ඉවරයි..දැන් තමුසෙත් ලැස්ති වෙනවා මහඋළු ගෙදර යන්න.."
අංකල් තරහින් කෑ ගහද්දි රුවන්ගි ගැස්සිලා ගියා.රුවන්ගි විතරක් නෙමෙයි මේ මාත් ගැස්සුනා ඇත්තටම අංකල් රුවන්ගිව පොලිසියට භාර දෙයිද..?
"අනේ මාමේ මට සමාවෙන්න..සුදු අයියට එහෙම දෙයක් කරන්න මම හිනෙකින්වත් හිතුවේ නෑ.."
රුවන්ගි අංකල් ළග බැගැපත්වෙලා අඬ අඬා කියද්දි මේ මට ඇත්තටම දුක හිතුනා.හැබැයි අංකල් ළඟනම් රුවන්ගි ගැන පුංචිම අනුකම්පාවක්වත් නෑ කියලා එයාගේ මූණෙන්ම මට පේනවා.
"මගේ දරුවට අර වගේ දෙයක් කරපු තමුසේට දෙන්න සමාවක් මගේ ළඟ නෑ රුවන්ගි.."
"අනේ අයියේ මගේ දරුවා කරේ වරදක් තමයි..ඒත් අයියේ මගේ දරුවට සමාව දෙන්න.."
රුවන්ගිගේ අම්මා අංකල් ළඟ බැගැපත්වෙලා කියද්දි මට ඒ අම්මා ගැනත් දුක හිතුනා.එයා ඒ බැගැපත්වෙන්නේ තමන්ගේ දරුවා නිසා.දරුවෝ කරන කියන සමහර දේවල් වලට දෙමාපියෝ කොච්චරනම් අසරන වෙනවද..?
"නෑ මගේ දරුවව මරන්න හදපු උන්ට මං කවදාකවත් සමාවක්නම් දෙන්නේ නෑ.."
"මේ කරපු දේටනමි හොදක් වෙන් නෑ දෙයියනේ..අනේ මගේ අහිංසක දරුවා.."
මාලිකා ඇන්ටි රුවන්ගිට සාප කර කර අඬනවා.ඒ අම්මාගේ හිතේ මොන තරම්නම් ගින්දරක් ඇතිද..?තමන්ගේ අයියාගේ දුව තමන්ගේ එකම පුතාට මේ වගේ දෙයක් කරාම කාට උනත් දරා ගන්න අමාරුයිනේ.අපේ අම්මි ගිහින් මාලිකා ඇන්ටිව සනසද්දි එයා එහෙම්මම අම්මිව බදාගෙන ඇඬුවා.
"මං අද තමුසේව පොලිසියට භාර නොදෙන්නේ මගේ වයිෆ් නිසා..මීට පස්සේ අපේ ඇස් වලට පේන්නයත් එන්න එපා.."
අංකල් වියරුවෙන් වගේ කෑ ගහද්දි රුවන්ගි මහා හයියෙන් අඬා වැටුනා .මගේ හිතට දුක ශාක්යට ඒ දේ උනේ මං නිසා හින්දා ශාක්ය විදින වේදනාව දකිද්දිනම් මේ මට රුවන්ගි ගැන දැනෙන්නේ ලොකු තරහක්.මගේ ශාක්යට මොනවා හරි උනානම් මං ජිවත් වෙලත් වැඩක් තියනවද දෙයියනේ.
"මගේ ඇස් දෙකට නොපෙනි මේ දැන්මම මෙතනින් යනවා.."
අංකල් හොස්පිට්ල් එක දෙවනත් වෙන්න කෑ ගහද්දි වටේ පිටේ ඉන්න මිනිසුසුත් අපි දිහා බලනවා.
"මේ වගේ මිනිසුන්ට මෙහෙම කියලා හරියන්නෑ බං..උඹ මෙයාව ඇතැරියාට මගේ දරුවට කරන්න හදපු දේට මං මෙයාව අතාරින් නෑ.."
තාත්ති කියද්දි මං එයා දිහා බැලුවේ ඇස් ලොකු කරගෙන.රුවන්ගිනම් තාත්ති දිහා බලාගෙන හිටියෙනම් බයවෙලා වගෙයි.
"තාත්ති මොනවද මේ කියන්නේ..?"
"මං කියන්නේ ඇත්ත සුදු..ඔයා අපිට මේ කිසි දෙයක් කිව්වේ නෑ..මෙයා ඔයාව මරන්න දෙපාරක්ම ට්රයි කරා..ඔයාට මොනවා හරි උනානම් අපි ජිවත් වෙන්නේ කොහොමද..?මං මෙයාව ලේසියෙන් අතාරින්නෑ.."
තාත්ති තරහින් කෑ ගහද්දි රුවන්ගි මං දිහා බැලුවේ තරහින්.තරහට එයාගේ මූණත් රතුවෙලා.
"මේ හැමදෙයක්ම සිද්ද උනේ තමුසේ නිසා.. තමුසේ තමයි මායි සුදු අයියයි මැද්දට ආවේ..මට කවුරු මොනවා කිව්වත් මං තමුසෙට යහතින් ඉන්න දෙන් නෑ දෙවාශි.."
රුවන්ගි තරහින් කෑ ගහද්දි පෙරේරා අංකල් අත දිගැරලා චාටාස් ගාලා රුවන්ගිගේ කම්මුලට පාරක් දුන්නා.ඒ ගහපු පාරට රුවන්ගි විසිවෙලා ඇවිත් වැටුනේ මගේ ළඟට. ඒත් එක්කම රුවන්ගි පැනපු ගමන්ම මගේ බෙල්ල බිරිකලා අල්ල ගත්තේ මට මොනවත්ම හිතාගන්නවත් බැරි විදිහට.රුවන්ගි ටිකෙන් ටික මගේ බෙල්ල මිරිකද්දි මට හුස්ම ගන්නත් බෑ වගේ දැනුනා.අපේ ගෙවල් වල අයත් හිටියේ තුෂ්නිම් බූත වෙලා .
"මං අද උඹව මරනවා.."
රුවන්ගි වියරුවෙන් වගේ මගේ බෙල්ල මිරිකද්දි මට ඇත්තටම බය හිතුනා.මට හොදටම දැනුනා මගේ හුස්ම හිරවෙනවා.
"රුවන්ගි නවත්තපන් ඕක.."
පෙරේරා අංකල් රුවන්ගිව පැත්තකට ඇදලා ගනිද්දි තමයි මට සහනයක් දැනුනේ.මට ඒ වෙලාවේ කැස්සකුත් ආවා.මම හිතුවේනම් මේ මං අද ඉවරයි කියලි.
"සුදු මගේ රත්තරන්.."
අම්මි අඬ අඬාම මගේ බෙල්ල අතගානවා.
රුවන්ගියේ නියපොතු පාරවල් වලට බෙල්ල තුවාලත් වෙලා.
රුවන්ගියේ නියපොතු පාරවල් වලට බෙල්ල තුවාලත් වෙලා.
"උඹ දැනගනින් මං උඹව ලේසියෙන් අතාරින් නෑ දෙවාශි.."
රුවන්ගි වියරුවෙන් වගේ කෑ ගහද්දි අපේ තාත්ති රුවන්ගි ළගට පැනලා එයාගේ කට මිරිකලා අල්ල ගත්තේනම් තරහින් ඇසුත් රතු කරගෙන.
"උඹ මගේ දරුවට මොකක් හරි කරලා තිබ්බොත් උඹව විතරක් නෙමෙයි..මං උඹේ අම්මවයි තාත්තවයිත් පනපිටින් වලලනවා.."
තත්ති තර්ජනය කරලා කියද්දි රුවන්ගි තාත්ති දිහා බලාගෙන හිටියෙනම් බයෙන් කියලා මට තෙරුනා.
"උඹ තාම දන්නෑ මේ කාවිංග කියන්නේ කවුද කියලා..මීට පස්සේ මගේ දරුවට අබ ඇටේක හානියක් කරන්න හැදුවොත් මං නරක මිනිහා කියන්න එපා.."
තාත්ති රුවන්ගිව පැත්තකට තල්ලු කරලා කියද්දි එයා විසිවෙලා ගිහින් බිම ඇදගෙන වැටුනා.
"නැගිටිනවා..දැන්මම මෙතනින් යනවා..
තමුන්ලා දෙන්නටත් එක්කමයි මේ කියන්නේ.."
තමුන්ලා දෙන්නටත් එක්කමයි මේ කියන්නේ.."
පෙරේරා අංකල් රුවන්ගිගේ අම්මටයි තාත්තටයි එහෙම කියන ගමන් බිම වැටිලා හිටපු රුවන්ගිවත් ඇදගෙන ගියා.රුවන්ගිගේ අම්මයි තාත්තයි දෙන්නත් ඒ පස්සෙම දිව්වා.
"අනේ මට සමාවෙන්න ඇන්ටි මම නිසයි මේ හැම දෙයක්ම උනේ..අද සුදු අයියට මේ දේ උනේ මම නිසා..මට සමාවෙන්න.."
මං අඬාගෙනම මාලිකා ඇන්ටිගේ කකුල් දෙක ළග වැටිලා කියද්දි එයා මාව උරහිසෙන් අල්ලලා නැගිට්ටවගෙන මාව තුරුලු කරගත්තේ අඬ අඬාමයි.
"එහෙම කියන්න එපා සුදු..ඔයා සමාව ඉල්ලන්න තරම් වරදක් කරලා නෑ පුතේ.."
ඇන්ටි එහෙම කිව්වට මගේ හිත කියන්නේම ශාක්යට මේ දේ උනේ මං නිසා කියලමයි.
"සුදු දැන් ඔයා වැඩිය ඔය ගැන හිතන්න එපා..දැන් සුදු පුතාට හොදයිනේ.."
මාලිකා ඇන්ටි මගේ ඔළුව අතගාලා කියද්දි මං එයා දිහා බැලුවේ දුකින්.පහුගිය දවස්වල ශාක්ය නිසා ඇන්ටි මොනතරම් ගින්දරක් ඉහිලුවද..?එහෙව් එයා අද මගේ හිත හදන්න උත්සහා කරනවා.
"සුදු පුතේ ඔයා රුවන්ගි කියන දේවල් ගණන් ගන්න එපා..එයාට බෑ ඔයාට මුකුත් කරන්න..අපි හැමෝම ඔයා ළග ඉන්නවා.."
මං ළඟට ආපු අංකල් මගේ ඔළුව අතගාලා කියද්දි මං කලේ ඔළුව හොල්ලපු එක.රුවන්ගි කරපු තර්ජන වලටනම් මං බය නෑ.ඒත් එයා මගේ පවුලේ අනිත් අය ගැන කියපු දේවල් නම් අහක දාන්න කොහොමටවත් බෑ.
අනික තමා දේවකයි ගිවන්තයි දෙන්නා මේ දේවා ලේසියෙන් අතාරින්නේ නෑ.එයාලා හැදුවේ මගේ ශාක්යව මගෙන් උදුර ගන්න.ඒ දේටනම් ඒ අයට දඬුවම් ලැබෙනවමයි.
අම්මේ ගෙදර ආපු හැටියේ අපේ ගෙදර අය මට හොදටම දෙහි කැපුවේ රුවන්ගි මට කරන්න හදපු දේවල් එයාලට කිව්වේ නෑ කියලා.මං ඉතින් මුකුත් නොකියා අහගෙන හිටියේ වරද මගේ නිසා.
***********************************************
එදා මං ශාක්යව බලන්න යද්දි එයාව නොමල් රූම් එකකට දාලා.අම්මේ ඇති යන්තන් ඔයින් ගියා.පහුගිය දවස්වල මං හිටියේ භාගෙට මැරිලා.දැන් තමයි ජිවත් වෙනවා කියලා දැනෙන්නේ.මේ වගේ දුකක්නම් කාටවත් වෙන්න එපා කියලයි මං ප්රාර්ථනා කරන්නේ.
මං රූම් එකට යද්දි මෙන්න බොලේ ශාක්යගේ අතිජාත මිත්රයෝ ටික ශාක්ය වට කරගෙන කතාවක.මාව දැක්කා විතරයි ශාක්යගේ මූණට ආවේ අර මං ආසම හිනාව.ඒ වෙලාවට තමයි මට හිතෙන්නේ එයාව බදාගෙන ඉඹින්න.
"ආ..එනවා එනවා ඇඩිබිල්ලි.."
ඔන්න මාව දැක්ක ගමන් පන්සිළු අයියා මාව පිළිගත්ත විදිහ.අදනම් මෙයාලගෙන් නෝන්ඩි වෙන්ව තමයි දේවෝ උඹට වෙන්නේ.මං පන්සිළු අයියා දිහා බැලුවේ රවලා.
"අම්මෝ මේකිගේ රැවිල්ලනේ යකෝ මාරයි කියන්නේ..බයත් හිතෙනවා.."
"ඔව් ඔව් උඹ බලාගෙන හොදේ මේකි එසේ මෙසේ බඩුවක් නෙමෙයි.."
ඔන්න ඉතින් මාලක අයියත් පටන් ගත්තා.අයියෝ මේ කොල්ලෝ ටික අද මාව බයිට් එකට ගන්න හදනවද..?
"අපි එහෙම තමයි හරිද අයියා.."
"හරි හරි නංගි..මං කටවහගෙන ඉන්නම්..බයේ බෑ බං.."
මාලක අයියා ශාක්ය දිහා බලලා කියද්දි ශාක්ය මට එයා ළගට ඔළුවෙන් කතාකරා.මං ඉතින් එයා ළගට ගිහින් එයාගේ අත අල්ල ගත්තා.
"මොකද උඹ බය.."
"ගෙදර තියන බඩුමුට්ටු වලින් දමලා ගැහුවොත් එහෙම..මෙයාට එහෙම හැකියාවන් තියනවනේ.."
මාලක අයියා කියද්දි මට ඇත්තටම හිනා ගියා.එයාලා මං දිහා බලාගෙන හිටියෙත් හිනාවෙන ගමන්මයි.
"මෙයා දැන් ඔය හිනා උනාට..උඹට වෙඩි වැදිච්ච දවසේනම් නැටුවේ එසේ මෙසේ පිස්සුවක් නෙමෙයි.."
දිමුතු අයියා කියද්දි ශාක්ය මං දිහා බැලුවේ ඇස් පුංචි කරලා.මං ඉතින් හිමිට බිම බලාගත්තා.
"ඇයි මොනවද මෙයා කලේ.."
"අම්මෝ එදා උඹව බලන්න ඕන කියලා නටපු පිස්සුවක්..උඹව බලන් නැතුව කොහෙවත් යන්නෑ කිව්වා..අන්තිමට අසන්ත අයියා බලෙන්මයි මෙයාව ගෙදර එක්ක ගියේ.."
දිලාන් අයියා කියද්දි මට ශාක්ය දිහා බැලුනා එයා හිටියෙත් මං දිහාම බලාගෙන එයාගේ ඇස්වල තිබුනේ ඇත්තද මේ කියන්නේ කියලා අහන ප්රශ්නේ .මං ආයෙත් බිම බලා ගත්තා.මං ඒ දවසනම් මතක් කරන්නයත් කැමති නෑ.මගේ ඇස් වලට කදුළු ආවේ නිකන්මයි.
"ඉතින් ඊට පස්සේ මොකද උනේ..?"
"උඹ දන්නවද මේකි ගෙදර ගිහින් ඊට වඩා පිස්සුවක් නටලා.."
"ඒ මොකද්ද..?"
"මේකි ගෙදර බඩුමුට්ටු පොළවේ ගහාලා..ඒ මදිවට වීදුරුවකට කකුලත් කපාගෙන.."
අම්මේ මේ අය හරියට කියන්නේ ඇහෙන් දැක්කා වගේනේ.මෙයාලා එදා අපේ ගෙදරද දන්නෑ හිටියේ.ශාක්ය මං දිහා බලාගෙන හිටියේ ඇස් දෙකත් ලොකු කරගෙන.
"සුදු ඇත්තද මේ කියන්නේ.."
ශාක්ය අහද්දි මං එයා දිහා බැලුවේ ඇස්වල කදුළු පුරවගෙන.මගේ ඇස්වල පිරිලා තිබුන කදුළු කම්මුල් දිගේ ඔහේ ගලාගෙන ගියා.
"අනේ මං දන්නෑ සුදු අයියා..එදා වෙච්ච දේවල් මටවත් මතක නෑ.."
මං කියද්දි ශාක්ය මගේ අත අරගෙන සිපගත්තේ හරි ආදරේන්.මං දැක්කා ඒ ඇස්වලත් කදුළු පිරිලා තියනවා.
"අඬන්න එපා සුදු ඉතින්.."
ශාක්ය කියද්දි මං හිනාවෙලාම මගේ ඇස්වල කදුළු පිහද ගත්තා.
"උඹලා එහෙනම් කතා කරගනිල්ලා..අපි දැන් යන්නම්.."
දිමුතු අයියා හිටපු ගමන් කියද්දි මටයි ශාක්යටයි මූණෙන් මූණ බැලුනා.
"කොහේ යන්නද.."
"වැඩ ගොඩක් තියෙද්දි බං උඹව බලන්න දුවගෙන ආවේ.."
"දැන් ඉතින් උඹට අපි නෑ කියලා පාළු නෑනේ..උඹේ පණ ළගනේ.."
පන්සිළු අයියා කියද්දි මායි ශාක්යයි මූණෙන් මූණ බලාගත්තේ හිනාවෙලා.දිලාන් අයියලාට ඉන්න කිව්වට එයාලා බෑම කියලා යන්න ගියා.
"දිලාන් අයියලා හරි හොදයිනේද සුදු අයියා.."
"ඔව් සුදු..උන් වගේ යාළුවෝ ලබන්න පිං කරන්න ඕන.."
ඒකනම් ඇත්ත දිලාන් අයියලා කොච්චර හොදද..?ශාක්යට වෙඩි වැදිච්ච දවසේ ඉදන් එයාලා ශාක්ය ළග.හරියට විහාලා වගේ.පහුගිය දවස් ටිකේ විහාලත් මගේ ළගමයි.ඒ අතින් බැලුවහාම මායි ශාක්යයි දෙන්නම පිං කරලා තියනවා ඒ වගේ යාළුවෝ ලබන්න.
"හරි අපි දැන් මේ සුප් එක බොමුකෝ.."
මං ගෙදරින් හදාගෙන ආපු සුප් එක එළිය අරගෙන කියද්දි එයා හිනාවෙලා ඔළුව හෙල්ලුවා.ඒ වෙලාවෙනම් මගේ පපුව හෝස් ගාලා ගියා ශාක්ය කවදාකවත් මෙහෙම එක තැනකට වෙලා හිටපු කෙනෙක් නෙමෙයිනේ.
මං ඉතින් හරි පරිස්සමට ශාක්යට සුප් එක පෙව්වා.සුප් බොන අතරේ එයා බලාගෙන හිටියේම මගේ මූණ දිහාමයි.
"මොකද අනේ මගේ මූණ දිහා ඔහොම බලාගෙන ඉන්නේ..?"
"ඇයි සුදු මට මෙච්චර ආදරේ.."
ඔන්න ඉදලා ඉදලා මෙයත් අහපු ප්රශ්නේ .මං කොහොමද ඒ ප්රශ්නේට උත්තරයක් දෙන්නේ..?
මංවත් තාම හරියට දන්නෑ මං ඇයි මෙච්චරම ශාක්යට ආදරේ ඇයි කියලා.
මංවත් තාම හරියට දන්නෑ මං ඇයි මෙච්චරම ශාක්යට ආදරේ ඇයි කියලා.
"මං ඒක හරියටම දන් නෑ සුදු අයියා.."
"ඒකට කමක් නෑ..ඔයා කොහොම හරි මට ආදරෙයිනේ.."
"ඉතින් ඔයත් මට ආදරෙයිනේ.."
"හ්ම්ම්..මගේ පණටත් වඩා ආදරේයි.."
ශාක්ය කියද්දි මං පාත්වෙලා එයාගේ කම්මුලක් සිප ගත්තේ හරි ආදරේන්.ඒ වෙලාවේ මගේ ඇස් ගියේ ශාක්යගේ පපුවේ තියන තුවාලේට.ඒ තුවාලෙට ප්ලාස්ටර් ගහාලා තියනවා දැක්කාම මගේ ඇග හිරිවැටිලා ගියා.මං හිමිට ප්ලාස්ටරේ උඩ මගේ ඇගිලි එහේමෙහේ ගෙන යන ගමන් බැලුවේ ශාක්ය දිහා.එයා මගේ මූණ දිහාම බලාගෙනම ඉන්නවා.මං පාත්වෙලා ඒ ප්ලාස්ටර් උඩ සිපගත්තා.
"රිදෙනවද සුදු අයියේ..?"
"දැන්නම් නෑ හරි සනිපයි..කිස් එකකුත් හම්බ උනානේ.."
ශාක්ය හිනාවෙලා කියද්දි මං එයාට රැව්වා.මෙයාට මෙච්චර දෙයක් වෙලත් ගාණක් නෑ
"අනේ යනවා යන්න මෝඩයා.."
මං බොරු අමනාපයකින් කියද්දි ශාක්ය මගේ කම්මුලකින් ඇද්දා.මං ශාක්යට සුප් ටික ඔක්කොම පොවලා ගෙනාපු බඩුත් අස් කරලා ඉවරවෙලා ආපහු ශාක්ය ළගට ගියේ මගේ හිත ට වදදෙන දෙයක් ගැන අහන්න හිතාගෙන.
"සුදු අයියා.."
"ඇයි සුදු මැණික මොකද්ද ප්රශ්නේ ..?"
අප්පෝ මෙයා කවදා ඉදන්ද දන්නෑ මගේ හිත කියවන්න පටන් ගත්තේ.මං හැරෙද්දි මෙයාට තෙරේනවා.
"ප්රශ්නයක්මත් නෙමෙයි සුදු අයියා.."
"එහෙනම් මොකද්ද..?"
"නෑ මේකයි..ඇන්ටි අංකලුයි මොකද සුදු අයියා කියන්නේ..?
"මොනවා ගැනද සුදු..?"
"අපි ගැන.."
මට ඒක දැන ගන්නකල් ඉවසිල්ලක් නෑ.ශාක්යට වෙච්ච දේත් එක්ක අපේ ගෙවල් වල අය මං නටපු පිස්සුවට පිං සිද්ද වෙන්න අපි දෙන්නාගේ එෆේයාර් එක ගැන දැනගත්තානේ.මං ශාක්ය දිහා බලද්දි එයාගේ මූණත් වෙනස් උනා.මගේ පපුවත් පිච්චිලා ගියා.
"අනේ ඇයි සුදු අයියා.."
"මං අමාරුවේ වැටෙන්න සුදු යන්නේ.."
ශාක්ය දුකින් කියද්දි මං එයා දිහා බැලුවේ ඇස් පුංචි කරලා.මේ කොලුවා කියන දේ මට තෙරෙන් නෑ අප්පා.
"ඒ කිව්වේ මට ඔයා කියන දේ තෙරේන්නෑ සුදු අයියා.."
"මං ඉතින් ඔයා මැරි කරා කියන්නේ අමාරුවේ වැටෙනවා කියන එකනේ.."
ශාක්ය හිනාවෙවි කියද්දි මං එයා දිහා බැලුවේ ඇස් ලොකු කරගෙන.මෙයා මේ කියන්නේ ඇත්තමද..?
"ඔයා ඔය කියන්නේ ඇත්තමද සුදු අයියා..අපි මැරි කරනවද.."
"මං ඔයාට බොරු කියනයද සුදු..ඇත්තටම අපි දෙන්නාට ගෙදරින් කැමැත්ත දුන්නා.."
ශාක්ය කියද්දි මට අදහා ගන්න බැරි උනා.සතුට වැඩි කමට මට ඇඩුනා.
"ඔන්න ඔන්න ඉතින් ටැප් එක ඇර ගත්තා.."
"ඇත්තටම මට මේක හිනයක් වගේ සුදු අයියා.."
"මේක හීනයක් නෙමෙයි සුදු ඇත්තම අැත්තක්..ඔයා කැම්පස් ගිහින් එහෙම ඉවර උනහම අපි මැරි කරමු.."
"දැන්නම් කැම්පස් යන්නත් ඕන නෑ වගේ.."
මං කිව්වේ ඇත්තටම.මට ශාක්ය ළගට යන්න තියනවනම් වෙන මොනවත් ඕන නෑ.මං එහෙම කියද්දි ශාක්ය මට රවනවා.
"මං කැමති නෑ සුදු..ඔයාගේ ඉගෙනිමට මං නිසා බදා වෙනවට.."
"හරි හරි මං ඔයා කියන විදිහට කරන්නම්කෝ.."
මං දන්නවා ශාක්ය මොනවා කිව්වත් ඒ කියන්නේ මගේ හොදට.ඒ නිසා ශාක්ය කියන ඕනම දෙයක් මේ දේවා අහනවා.
ශාක්ය හොස්පිට්ල් එකේ ඉදන් ගෙදර එක්ක ගියේ සති දෙකකට විතර පස්සේ.දැන්නම් එයාට ගොඩක් දුරට හොදයි.දැන්නම් එයා ටිකක් ඇවිදිනවත්.පහුගිය දවස්වල තුවාලේ නිසා එයාට හරියට ඇවිද ගන්නවත් බැරුවයි හිටියේ.අනේ මගේ කොල්ලා බේරුවේ දෙවියෝ තමයි.
***********************************************
මේ දවස්වල අපේ හොල්මනි හරි වෙනස්.එයා වෙනදා වගේ නෙමෙයි මගෙත් එක්ක හරියට කතාවටවත් එන්නෑ.මම දැන් දවස් දෙකකින් මේ හොල්මනිව දැක්කේ නෑ.මෙකි මොන ලොකේ ගිහින්ද දන්නෑ.
දේවක ශාක්යට වෙඩි තියපු එක ගැන මං පත්තරේට ආටිකල් එකක් ලිව්වනේ අද ඒ ආටිකල් එක පත්තරේට දාලා.මං ඒ ආටිකල් එක කියවව්වේ දේවක ගැන හිතේ ඇතිවෙච්ච තරහත් එක්කමයි.ඇත්තටම දේවක මේ සමාජයට කොච්චර පිළිලයක් වෙලාද..?
"දේවා.."
මං ගැස්සිලා ගියේ ඒ කට හඬට.මේ ඉන්නේ හොල්මනි.මං දැන් මතක් කරා විතරයි.
"පාරා කොහෙද යෝදියේ හිටියේ..යන තැනක් මට කියලා යන්න බැරිද ඉබ්බියේ.."
මං කෑ ගැහැවේ තරහින්.මේ හොල්මනි යන තැනක් මේ මට කියලා ගියානම් මේ මං කලබල වෙන්නේ නෑනේ.
"සොරි දේවා මං පොඩි ගමනක් ගියා.."
"පොඩි ගමනක්..ඒ කොහෙද..?"
"දේවකව හොයන්න.."
පාරා කියද්දි මං එයා ලගට ආවේ කියව කියව හිටිය පත්තරෙත් පැත්තක දාලා.
"ඔයා දේවක ඉන්න තැන හොයා ගත්තද..?"
"තාම නෑ..හැබැයි ඉක්මනටම හොයා ගන්නවා.."
ඒ කියන්නේ පාරා දන්නේත් නෑ දේවක ඉන්න තැනක්.ඇත්තටම මේ දේවකයි ගිවන්තයි කොහේ හැංගිලා ඉන්නවද දන්නේ නෑ.
"ඔයා බයවෙන්න එපා පාරා..අපිට එයාව ඉක්මනටම හොයාගන්න පුළුවන්.."
"ඔව් එතකොට මට මගේ වැඩේ ඉවර කරන්න පුළුවන්.."
"මොන වැඩේද..?"
"මං ඔය දේවකව මරලා දානවා.."
පාරා ඇස් දෙකත් ගිනි බෝල කරගෙන කියද්දි මං ගැස්සිලා ගියා.
"පිසුසුද හොල්මනියේ..එයා කරපු එ්වට නීතියෙන් දඩුවම් ලැබෙයි.."
"නෑ..එයා මැරෙන්නේ මේ මගේ අත්දෙකෙන්.."
"පිස්සුද පාරා..ඇයි ඔයා ඒ වගේ අපරාදයක් කරන්න හදන්නේ..?"
මං අහද්දි පාරා මං දිහා බැලුවේ මං දිහා කවදාකවත් බලලා නැති බැල්මකින්.ඒ බැල්මට මටත් බය හිතුනා.
"ඇයි ඔයාට දේවක ගැන දුකද..?"
"මං මොකටද ඒ වගේ අපරාද කාරයෙක් ගැන දුක් වෙන්නේ.."
"කියන්න බෑනේ.."
අද මේ හොල්මනිට මොකා වැහිලද..මේ මටත් ඉතින් තරහා කියන දේවල් එනවා.අද මේකිට පිස්සු හැදිලද මෙහෙම කතා කරන්නේ..?
"පාරා මං මේ හැම දෙයක්ම කලේ ඔයා නිසා..මං මේ ආටිකල් එක ලියන්න ගත්තේ..දේවකගේ අැමතිකම නැතිකලේ..ඔයාගේ අම්මයි නංගියි ගැන බැලුවේ එයාලට උදව් කලේ කවුරු නිසාද..? ඒ ඔයා නිසා..එහෙම කරපු මට ඔයා මෙහෙම කතා කරන්න එපා පාරා..මටත් තියෙන්නේ දුක වේදනාව දැනෙන හිතක්.."
මං තරහින් එහෙම කියාගෙනම කාමරේන් එළියට ආවා.ඇත්තටම මට දැනුනේ මාරම දුකක්.මං කවදාකවත් හිතුවේ නෑ පාරා මට එහෙම කතා කරයි කියලා.මං එයා වෙනුවෙන් මොනවද නොකලේ.කමක් නෑ මේක වෙන්න ඇතිනේ එයාගේ සතුට.
"දේවා..අනේ සොරි දේවා.."
පාරාත් මගේ පස්සේම ඇවිත් ඒත් මං එයා දිහා බැලුවේ නැත්තේ හිතේ තිබුන දුකට වගේම තරහට.
"ප්ලිස් දේවා කතාකරන්නකෝ.."
"මොනවා කතා කරන්නද පාරා..කියන්න ඕන දේවල් ඔයා කිව්වනේ.."
"මං හිටියේ හොදටම අවුල් වෙලා ඒකයි එහෙම කිය උනේ.."
"ඒ මොකද...?
"මං දේවකව හැම තැනම හොයව්වා..ඒත් හොයා ගන්න බැරි උනා.."
පාරා කලකිරිමෙන් වගේ කියද්දි මට එයා ගැන දුක හිතුනා.දේවක අතින් පාරාට උනේ ලොකු අසාදාරනයක්.
"එයාට හැමදාම හැන්ගිලා ඉන්න බෑ පාරා..අපි එයාව හොයා ගමු..."
"අනේ මන්දා දේවා..මට පිස්සු වගේ ..ඔයා මං එක්ක තරහද...?"
"නෑ හැබැයි දුක හිතුනා.."
"මට සමාවෙන්න දේවා..මං දන්නවා ඔයා මට මේ කරන්නේ සහොදරයෙක්වත් නොකරන උදව්වක්..එහෙව් ඔයාගේ හිත රිද්දන්න උනා.."
පාරා දුකින් කියද්දි ඇත්තටම මටත් දුක හිතුනා.පාරා ඉන්නේ මොකක් හරි අවුලකින් කියලා මට තේරෙනවා.ඒත් මං ඒ ගැන අහන්න ගියේ නැත්තේ පාරා මට ඒ ගැන කියන්නෑ කියලා දන්න නිසා.එයා හිතලම මට ඒ ගැන කියනකල් මං බලාගෙන ඉන්නවා.
"දැන් ඒ දේවල් හිතන්න එපා පාරා..අපි දැන් කරන්න ඕන දේවකව හොයා ගන්න එක.."
දැන් ඉතින් දේවක හැන්ගිලා ඉන්න තැනකින් එළියට ගන්න ඕනනේ.
"මං එයාව හොයා ගන්නම්කෝ..."
"හොයා ගත්තට කමක් නෑ පාරා..හැබැයි පිස්සුනම් නටන්න හදන්න එපා.."
"මං එහෙම කරන් නෑ දේවා.."
මට පාරා එ්ක කියපු විදිහනම් අල්ලුවේ නෑ.පාරා දේවකව හොයාගෙන අර කිව්වත් වගේ මරලාවත් දායිද..?පාරා මගේ ළගින් යන්න ගියේ ආයේ මුකුත්ම නොකියා.අනේ ඇත්තමයි මට තෙරෙන්නෑ මේ හොල්මනි මොනවා කරන්න හිතාගෙන ඉන්නවද කියලා. මොනවා උනත් එයා ගැනත් ඇහැ ගහගෙන ඉන්න එක හොදයි
මං ශාක්යලාගේ ගෙදර යද්දි මෙන්න බොලේ ශාක්ය යුනිෆෝම් එකත් අැදගෙන එළියට බහිනවා.මං එයා දිහා බලාගෙන හිටියේ ඇත්තටම පුදුමයෙන්.මං දැක්කා විතරයි ශාක්ය එහෙම්මම නතර උනා.ඇන්ටියි ශාක්යා අක්කියි දෙන්නත් ශාක්ය පස්සේම එළියට ආවා.
"සුදු ඔයාවත් මෙයාට කියන්නකෝ යන්න එපා කියලා.."
මාව දැක්කා විතරයි ඇන්ටි එහෙම කියාගෙනම මගේ ළගට අැවිත් මගේ අතේ එල්ලුනා.
"ඇයි ඇන්ට් මෙයා මේ යුනිෆෝම් එකත් ඇදගෙන කොහේ යන්නද හදන්නේ..?"
"බලන්න සුදු මෙයා එපා කියද්දි පොලිස් ස්ටේෂන් එකට යන්න හදනවා.."
ඇන්ටි කියද්දි මං එයා දිහා බැලුවේ ඇසුත් ලොකු කරගෙන.මෙන්න මෙයා හෙන අහිංසකයා වගේ හිනාවෙනවා.
"සුදු අයියා ඇත්තටම ඔයාට පිස්සුද..?තාම හරියට තුවාලේ සනිපත් නෑ.."
"සුදු මං ඉක්මනට ගිහින් එන්නම් එතන වැඩ ගොඩ ගැහිලා ඇති.."
"අයියේ ඔයාට වැඩ කරන්න තරම් සනීපයක් නෑනේ..මෙන් මෙහේ ගෙට වෙලා රෙස්ට් කරන්න.."
මං ශාක්යවත් ඇදගෙනම ගේ ඇතුලට අවා.ඇත්තටම මේ කොලුවට පිස්සුද දන්නෑ තාම තුවාලේ සනිපත් නෑ..ඩොක්ටර්ස්ලා කිව්වෙත් ශාක්යට හොදට රෙස්ට් කරන්න කියලා.එහෙම කියලා තියද්දි මෙන්න මෙයා වැඩ බදාගෙන පොලිසියට දුවන්න හදනවා.
"මං කරන ජොබ් එක ගැන ඔයා හොදට දන්නවනේ සුදු..ඒක මේ රෙස්ට් කර කර කරන්න පුළුවන් ජොබ් එකක් නෙමෙයි.."
"අයියේ මොන දේ කරන්නත් කලින් ඔයා සනිප වෙලා ඉන්න..ඊට පස්සේ වැඩ කරමු..දැන් යන්න කාමරේට.."
මං මගේ අන්තිම තින්දුව දෙද්දි ඇන්ටියි ශාක්යා අක්කියි දෙන්නත් ඒකට එකග උනා.
"අනේ අම්මා ඔයාවත් කියන්නකෝ මං යන්න ඕන.."
ඒ ගමන ශාක්ය ඇන්ටි ළගට ගිහින් කියවනවා.මං හොදටම දන්නවා ඇන්ටි කීයටවත් ශාක්යට යන්න දෙන් නෑ කියලා.
"නැ සුදු පුතා යන්න කාමරේට..ඔයා සනිප වෙනකල් කොහෙවත් යන්න බෑ.."
ඇන්ටි කියද්දි ශාක්ය මුණත් දෙක කරගෙන මටත් රවාගෙන උඩට ගියා.මටත් ඉතින් හිනා.
"ඔයා හොද වෙලාවට සුදු ආවේ..මේ කොල්ලා කියන කිසි දෙයක් අහන් නෑනේ.."
"දැන් අම්මට පුතන්ඩියා ගැන බයවෙන්න දෙයක් නෑ..මේ ඉන්නේ එයා බලාගන්න කෙනෙක්.."
ශාක්යා අක්කි මාව පෙන්නලා කියද්දි මට ඉතින් ලැජ්ජා හිතුනා අප්පා.මං එහෙමම බිම බලාගත්තේ මූණත් රතු කරගෙන ඇන්ටි මගේ ඔළුව අතගාලා මගේ නළල සිපගත්තේ හරි ආදරෙන්.
මං ඉතින් ඇන්ටියි ශාක්යා අක්කියි එක්ක කතා කර කර ඉදලා ශාක්ය හොයාගෙන උඩට ගියේ එයාගේ තේ එකත් අරගෙන.අපේ සම්බන්දෙට ගෙවල් දෙකෙන්ම කැමැත්ත ලැබුන නිසා මගේ හිතටනම් සැහැල්ලුවක් දැනෙනවා එහෙම නොවෙන්න මට මෙහෙම ශාක්යගේ කාමරේට යන්න බෑනේ.
මං දැක්කා විතරයි ශාක්ය මට රවාගෙන අහක බලාගත්තා.අදනම් ශාක්ය මගෙත් එක්ක ඉන්නේනම් තරහින් වගේ.මේ දේවා දන්නවා ඉතින් මේ කොලුවාගේ තරහා නිවන විදිහ.
"හම්මේ අද මගේ කොලුවට හොදටම තරහා ගිහින් වගේ.."
මං ගිහින් ශාක්යගේ මූණට එබෙද්දි එයා අහක බලාගත්තා.ඔහොම කෙරුවට මේ දේවානම් සැලෙන්නැ කොලුවෝ.මං තේ එක කණ්නාඩි මේසේ උඩ තියලා ඇවිත් ශාක්ය ළගම වාඩි උනා.එයා තාමත් අහක බලාගෙන.
"සුදු අයියා.."
"මගෙත් එක්න කතා කරන්න එන්න එපා සුදු.."
ශාක්ය තරහින් කියද්දි මං එයාගේ මූණට එබිලා එයාගේ මූණ මගේ දෝතට මැදිකර ගනිද්දි අපි දෙන්නගේ අස් යා උනා.දැන්නම් ඒ ඇස්වල තරහක් නෙමෙයි තියෙන්නේ ආදරයක්.
"දැන් මොකද ඔය මගෙත් එක්ක තරහා වෙලාද ඉන්නේ..?"
"ඇයි සුදු මට යන්න නොදෙන්නේ..මං මෙහෙම ගෙදරට වෙලා ඉදලා හරියන් නෑ..මට කොහොම හරි දේවකව කොටු කර ගන්න ඕන.."
"එහෙම කරන්න ඔයා දන්නවද දේවක ඉන්න තැන.."
"නෑ ඒ උනාට මං කොහොම හරි හොයා ගන්න ඕන.."
ඒ කියන්නේ පාරා වගේම ශාක්ය දන්නෙත් නෑ දේවක ඉන්නේ කොහෙද කියලා.මං ශාක්යගේ මූණෙන් දැක්කේ තරහක්.මං දන්නවා ශාක්ය දේවක එක්ක ඉන්නේ තරහින් කියලා.එයා විතරක් නෙමෙයි මං ඉන්නෙත් තරහින්.එයා ශාක්යට වෙඩි තිබ්බා..පාරාව මරලා දැම්මා පාරාගේ අතේමේ තාම අපේ ගෙදර ඉන්නවා..එයාව ගෙදර අය දැක්කොත් එහෙම මොනවා වෙයිද..?අනෙක එයා කතා කරන සද්දයක් එහෙම ඇහුනොත් මොනවා වෙයිද..පාරා උනත් ආත්මයක් වෙලා මොන තරම් දුකක් විදිනවද..?ඒ දේ උනේ දේවක නිසා නෙමෙයිද..?
"සුදු අයියේ දේවක අල්ල ගන්න ඕන තමයි..ඒත් අපි කළබල උනොත් මොනවත් කරගන්න බෑ.."
මං එහෙම කිව්වේ අපි දේවකව කොටු කරගන්න ඕන හොදට හිතලා මතලා.මොකද අපි කළබල උනොත් එහෙම දේවක අපේ ඇස් වහලා පැනලා යන්නත් ඉඩ තියනවා.ඒ නිසා අපි මේ වෙලාවේ වැඩ කරන්න ඕන කල්පනාවෙන්.
"අනේ මං දන්නෑ සුදු..මට නිකන් පිස්සු වගේ.."
ශාක්ය අත්දෙකත් ඔළුවේ ගහගෙන කියද්දි මට එයා ගැන දුක හිතුනා.එයා ඉන්නේ හොදටම අවුල් වෙලා.
"අනේ ප්ලිස් සුදු අයියා..ඔයා ඔය ගැන වැඩිය හිතන්න එපා.."
"නොහිතා කොහොමද සුදු..අපි දේවක අල්ල ගන්න පරක්කු වෙන්න වෙන්න දේවක තව ඉස්සරහට මොනවා කරයිද දන්නෑ.."
ශාක්ය කියන කතාවත් ඇත්ත.දේවක කියන්නේ පොඩ්ඩක්වත් විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි.දේවක හරියට පොලගෙක් වගේයි පන්න පන්න පලිගන්නවා.
"දැන් ටිකක් සන්සුන් වෙලා මේ තේ එක බොන්නකෝ.."
මං ශාක්යට තේ එක දෙද්දි එයා තේ එක ගත්තේ දිග සුසුමක් පිටකරලා.
"මට ඔයාට දෙයක් කියන්න තියනවා සුදු.."
"ඒ මොකද්ද සුදු අයියා.."
මං අහද්දි ශාක්ය මං දිහාම බලාගෙනම ඉන්නවා.එයා තේ එකත් පැත්තක කියලා එක පාරටම මාව තුරුළු කර ගත්තා.අද මෙයා හරි වෙනස්.මෙයා මේ කියන්න හදන්නෙනම් හොද දෙයක් නෙමෙයි කියලා මට ඉවෙන් වගේ දැනෙනවා.
"මට ඔයා ගැන බයයි සුදු.."
ශාක්ය මාව තව තව තුරුළු කරගෙන මගේ හිස කීප සැරයක්ම සිප ගත්තා.
"ඇයි සුදු අයියා එහෙම කියන්නේ.."
"මට අද රුවන්ගි කතා කරා.."
ශාක්ය කියද්දි මං කෙලින් වෙලා එයා දිහා බැලුවේ කලබලෙන්.රුවන්ගි ඇයි ශාක්යට කතා කලේ..?මොනවද එයා කතා කරලා කිව්වේ..?
"එයා මොනවද සුදු අයියේ කියන්නේ ඉතින්.."
"එයා කියන්නේ අපි දෙන්නට එකතු වෙන්න දෙන් නෑ කියලා.."
ශාක්ය කියද්දි මං සීතල වෙලා ගියා.ඒ ගමන මේ රුවන්ගි මොකාටද එන්න හදන්නේ..?
"දැන් ඉන්නේ ඉස්සර හිටපු රුවන්ගි නෙමෙයි සුදු..එයා ගොඩක් දරුණු වෙලා..එයා දැන් ඉන්නේ දේවකයි ගිවන්තයි එක්ක.."
"මොකක්.."
ශාක්ය කියද්දි මට අදහා ගන්න බැරි උනා.ඇයි දෙයියනේ රුවන්ගි ඒ මිනිස්සු ළගට ගියේ.එයා ඒ තරම්ම මෝඩද..එයා හදන්නේ විහින් එයාගේ ජිවිතේ විනාස කර ගන්න.අර තාත්තයි පුතයි දෙන්නම නරුම අය වෙච්චිකොට රුවන්ගි කොහොම බේරෙන්නද..?මේ හැම දේකටම වග කියන්න ඕන මමද..?මගේ අස්වලට කදුළු ආවේ නිකන්ම.
"මේ හැම දෙයක්ම උනේ මං නිසා සුදු අයියා..ඔයාට වෙඩි වැදුනේ මං නිසා..රුවන්ගි එ් තරම්ම දරුණු උනේ මං ඔයාලා දෙන්නා මැද්දට ආපු නිසා..අද රුවන්ගිගේ ජිවිතේ විනාස වෙන්න යන්නෙත් මං නිසා.."
මං කියවගෙන ගියේ පිස්සුවෙන් වගේ.මගේ ඇස් වලින් හෝ ගාලා කදුළු වැටෙනවා.ඒ මදිවට මගේ පපුව පිච්චේනවා.මේ දේවල් වලටනම් කවදාකයත් මට සමාවක්නම් ලැබෙන එකක් නෑ.
"මේ අහනවා සුදු.."
ශාක්ය මාව එයාගේ පැත්තට හරව ගත්තේ බලෙන්ම වගේ.මං එයාගේ පපුවේ මූණ ඔබාගෙන හොදටම අඩුවා.
"මේ කිසිම දේකට ඔයා වග කියන්න ඕන නෑ සුදු..අනෙක මං කවදාකවත්ම රුවන්ගිට ආදරේ කරලා නෑ..ආදරේ කලානම් ඒ මගේ නංගි කියන හැගිමෙන්..මං ආදරේ කලේ ඔයාට..ආදරේ කරන්නෙත් ඔයාට.."
ශාක්ය මගේ ඔළුව අතගගා කියද්දි මං එයා දිහා බැලුවේ අඩ අඩාමයි.
"ඔය ඇත්මද සුදු අයියේ..?"
"ඔව් මගේ පණ රුවන්ගි විහින් කරගන්න දේවල් වලට ඔයා මොනවා කරන්නද..?"
ශාක්ය මගේ ඇස්වල කදුළු පිහ දාලා මගේ නළල සිප ගත්තා.මං නහේ හොටු ටික උඩට අදිද්දි ශාක්ය හිනාවෙනවා.
"මොකද මෝඩයෝ.."
"ඇස් වලින් විතරක් නෙමෙයි මේ නහේමුත් ගලනවානේ..කෝ මෙහේ එනවා පිහ දාන්න.."
ශාක්ය මාව ඇදලා අරගෙන මගේ නාහේ හොටු එයා ඇදගෙන හිටපු සරමෙන්ම පිහදලා දැම්මේ කිසිම කැතක් නැතුව.මං එහෙම්ම ශාක්යව බදාගෙන එයාගේ මුළු මුණම සිපගෙන සිපගෙන ගියේ හරි ආදරේන්.
"සුදු ඔයනම් හදන්නේ මේ මාව අවුස්ස ගන්න හොදේ.."
"ඉතින් ඇවිස්වෙන්නකෝ.."
මං එහෙම කියනවත් එක්කම ශාක්ය මාව ඇදේ පෙරලගෙන මගේ ඇග උඩට ඇවිත් මං දිහා බලාගෙන හිටියේ හිනාවෙවි.
"දගලන්න එපා සුදු අයියා ඔයාගේ තුවාලේ පැහැරේයි.."
මං ඇත්තටම කිව්වේ බයෙන්.මෙයාට ඉතින් තියෙන්නේ එසේ මෙසේ විසයක් නෙමෙයිනේ.
"ආ මගෙන් බෙරෙන්න නේද හදන්නේ.."
එහෙම කියන ගමන් ශාක්ය මගේ මූළු මුණම සිපගෙන සිපගෙන ගියා.එයාගේ දෙතොල් මගේ දෙතොල් අතර හිරවෙද්දි මගේ ඇස්දෙක එහෙම්මම පියඋනා.මගේ අත ශාක්යගේ ඔළුවේ එහේමෙහේ ගමන් කලේ රටාවකට.
මගේ දෙතොලින් දෙතොල් ගත්ත ශාක්ය මගේ බෙල්ලයි පපුවයි සිපගෙන එහෙම්මම පපුවේ ඔළුව තියා ගත්තා.මං එයාට එහෙම්මම ඉන්න දිලා හිමිට මගේ අත ඒ හිස කෙස් අතර එහෙ මෙහෙ ගෙන ගියේ හිතේ තියන මහා මෙරක් ආදරෙත් එක්ක.ටිකක් වෙලා යද්දි ශාක්යට එහෙම්මම නින්ද ගියා.මාත් ඉතින් එයාට එහෙම්මම ඉන්න දුන්නා..
************************************************
මගේ හිතට දැන් දැන් දැනෙන දෙයක් තමයි ගෙදර අය මට ලොකු දෙයක් හංගනවා කිය එක.ඒකට වජිරා ඇන්ටි විතරක් නෙමෙයි පාරාත් හවුල්.මට හොදටම දැනෙනවා ගෙදර අය හංගන රහස පාරත් දන්නවා කියලා.මං කොහාමද මේ අය හංගන රහස හොයා ගන්නේ..?
"කාවිංග.."
අම්මි මහා හයියෙන් කෑ ගහද්දි මං ගැස්සිලා ගියා.ගැස්සුන පාර කොච්චරද කියනවානම් තව ටිකෙන් මගේ ෆෝන් එකත් බිම.මේ මහා දවල් අපේ අම්මි මොකද මේ බෙරිහන් දෙන්නේ..?
"අනේ කාවිංග.."
ඔන්න ආයෙත් කෑ ගහනවා.මාත් ඉතින් එක පිම්මට පහලට දිව්වේ අම්මි මෙච්චර හයියෙන් කෑ ගහන්නේ මොකද කියලා බලන්න.මං යද්දි ගෙදර හැමෝම අම්මි ළග.
"අනේ කාවිංග..අර..අර.."
අම්මි හොදටම බයවෙලා එයා කුස්සිය දිහාවට අත දික් කර කර මොනවදෝ කියන්න හදනවා.
"මොකද අයියා උනේ..?"
"අම්මි කාටදෝ බයවෙලා සුදු.."
ලොකු කියද්දි මං අම්මි ළගට ගිහින් වාඩි උනේ මෙයා බය උනේ කාටද කිය කිය හිත හිතමයි. මං ටක් ගාලා කුස්සියට දුවලා ගිහින් වතුර වීදුරුවක් අරගෙන ඇවිත් අම්මිට දෙද්දි එයා ඒක බිවුවේ එක හුස්මට.
"මොකද අම්මි උනේ..ඔයා ඇයි කෑගැහැවේ..?"
චූටි අම්මි ළගිනම වාඩිවෙලා අහද්දි මාත් එයා දිහාම බලාගෙනයි හිටියේ.අම්මිට හොදටම දාඩියත් දාලා.මං අතින්ම අම්මිගේ දාඩිය පිහලා දැම්මා.
"කවුදෝ කෙනෙක් ආවා චූටි.."
"කවුද අම්මි මොනවගේ කෙනෙක්ද ආවේ..?"
"ලස්සන සුදු ඇදගත්ත කොන්ඩේ කඩාදාගෙන හිටපු ගෑණු ළමයෙක්.."
අම්මි කියද්දි මං ගැස්සිලා හියා.හයියෝ මේ හොල්මනි ගම කලානේ.මේකි මොන ඉලව්වකට කුස්සිය අස්සේ රින්ගන්න ගියේ..?
"එහෙම කවුරුත් අපි දැක්කේ නෑනේ අම්මි ඒ ඔයාගේ හිතේ මැවිච්ච දෙයක් වෙන්න ඇති.."
මං කිව්වේ අම්මිගේ හිතේ බය නැති කරන්න.නැතුව ඉතින් මේ ගෙදර ඇත්තම හොල්මනක් ඉන්නවා කියන්න යෑ.අනේ අම්මපා මේ හොල්මනිගේ වැඩවලට මගේ රතු කට්ටත් පනිනවා.
"නෑ සුදු මං ඇත්තටම දැක්කා..එයා මගේ ඉස්සරහාම හිටගෙන හිටියා.."
"හරි ඔයා සුදු එක්ක ඔහොම ඉන්නකෝ අපි ගිහින් ටිකක් බලන්නම් කවුද ආවේ කියලා.."
තාත්ති එහෙම කියාගෙන අයියලා දෙන්නත් එක්ක එහාට ගියා.මායි වජිරා ඇන්ටියි දෙන්නා අම්මි ළගම වාඩිවෙලා හිටියේ.
"මේනකා මමනම් කියන්නේ මේ ඔයාගේ හිතේ ඇදිච්ච දෙයක් කියලා.."
"ඒක තමයි ඇන්ටි මාත් කියන්නේ.."
"නෑ සුදු මං එයාව හොදටම දැක්කා.."
අම්මිනම් මේක හිතේ ඇදිච්ච දෙයක් කියලා පිලිගන්නේම නෑ වගේ.
"දේවා.."
අම්මේ ඒ පාරාගේ කටහඬ නේද..?මට බැලුනේ අම්මියි වජිරා ඇන්ටියි දිහා.ඒ දෙන්නගෙනම් වෙනසක් නෑ.
"දේවෝ ඒ දෙන්නට මාව පේන්නෙවත් ඇහෙන්නෙයත් නෑ.."
පාරා කියද්දි මගේ මේ හිතට දැනෙන සහනයනම් කියලා වැඩක් නෑ.ඒත් මෙයා කොහොමද කාටවත් නොපෙනි ඉන්නේ..?
"කොහෙද ඉන්නේ..?"
මට ඇහුනේ ඉබේටමයි අම්මියි වජිරා ඇන්ටියි මං දිහා බැලුවේ එකම වැර.අනේ අපොයි දේවෝ උඹත් කර ගන්න වැඩ.මට අමතක උනානේ මේ දෙන්නා මගේ ළග කියලා.
"කවුද සුදු.."
"නෑ මං මේ ඇහැවේ ආපු කෙනා කොහෙද ඉන්නේ කියලා.."
අනේ අමිමේ උඹට හොද වෙලාවට ටිකිරි මොලේ පෑදුනේ දේවෝ.නැත්තම් ඉතින් මොනවා කියන්නද..?පාරා හිකි හිකි ගගා හිනා වෙනවා.අනේ අම්මපා මේකිව මගේ අතට අහුවෙද්දකෝ මං මේකිව ආපහු හොල්මනක් කරනවා.
"විහිළු කරන්න එපා සුදු.."
අම්මි අමනාපෙන් කියද්දි මං කට පියා ගත්තේ මේ වෙලාවේ අම්මි කෝප ගන්වන එක හොද නැති නිසා.එතකොටම තමයි තාත්තියි අයියලා දෙන්නයි අාවේ.
"කවුරුත්ම නෑ අම්මි ඕක ඔයා හිතින් මවා ගත්ත දෙයක්.."
"ඒකනේ මාත් කියන්නේ චුටි අයියා.. අම්මි දැන් ගිහින් ටිකක් නිදා ගන්න එතකොට ඕක අමතක වෙලා යයි.."
මට ඕන උනේ අම්මිගේ හිතේ බය නැති කරන්න.දැන් අම්මි නිදාගෙන ඉදන් ඇහැරෙද්දි ඕක අමතක වෙලා තියෙයි.තාත්ති අම්මිවත් අරගෙන කාමරේට යද්දි මං උඩට ආවේ පාරව හොයාගෙන.මං එද්දි පාරා දත්තිස් දෙකත් එළියේ දාගෙන මගේ කාමරේට වෙලා ඉන්නවා.අනේ අම්මපා මට මේ හොල්මනි එක්ක එන තරහක්.
"මොකද්ද හොල්මනියේ ඒ කරපු වැඩේ තේරුම..ඇයි අම්මිව බය කලේ..?"
මං කෑ ගහලා අහද්දි පාරා දඩාන් ගාලා මගේ කාමරේ දොර වැහුවා.
"ඔහොම කෑ ගහන්න එපා යෝදියේ ගෙදර මිනිසුන්ට ඇහෙයි.."
පාරා කියද්දි තමයි මට ඒකත් මතක් උනේ.කොහෙද මේ හොල්මනි කරන වැඩ වලට ඔළුවත් මඤ්ඤාං වෙනවානේ.
"මොන එහෙකටද හලෝ අම්මිව බය කලේ. "
"සොරි සොරි මං හිතලා කලේ නෑ හලෝ..මම හිතුවේ කුස්සියේ ඉන්නේ ඔයා කියලා..ඒකයි මං කුස්සියට ගියේ..මාව දැක්කා විතරයි අම්මා බය උනා..."
"බයවෙන්නැද්ද හලෝ ඔහොම ගියහම..ඔයා දැකපු පළවෙනි දවසේ මාත් අම්බානෙක බය උනේ.."
එදා මං බය වෙච්චි එකේ අම්මි අද බය උන එක අහන්න දෙයක්ද..?හොද වෙලාවට ඔයින්ගියා ඇති තව ටිකෙන්නම් අම්මිට නූලුත් බදින්න තිබ්බා මේ හොල්මනි කරපු වැඩෙන්.
"දැන් ඉතින් වෙච්ච දේ වෙලා ඉවරනේ..ඇයි ඉතින් මාව හොයව්වේ..?"
"දවසෙම දැක්කේ නැති නිසා..
කොහෙද හිටියේ.."
කොහෙද හිටියේ.."
"මේ කාමරේම තමයි.."
"දේවා මොකක්ද ප්රශ්නේ ..?"
ඒ කියන්නේ පාරාටත් මාව දැනෙනවා.මේක තමයි මේ දේ කෙලින්ම අහන්න හොදම වෙලාව.
"ඔයා මගෙන් මොනවද පාරා හන්ගන්නේ..?"
මං අහද්දි පාරා ටිකක් කලබල උනා.පාරා හොල්මනක් උනත් මට එයාගේ සිතුම් පැතුම් දැනෙනවා.ඒ දැනෙන්නේ මං හදවතින්ම එයාට බැදිලා ඉන්න නිසා.
"මං ඔයාගෙන් මොනවා හන්ගන්නද දේවා.."
"ඔයා විතරක් නෙමෙයි පාරා ගෙදර අයත් මගෙන් මොනවා හරි හන්ගනවා.."
"ඒකට හේතුවක් අැති දේවා.."
පාරා කියද්දි මං එයා දිහා බැලුවේ කුතුහලයෙන්.
"ඒ මොකද්ද.."
"සමහර විට මේ දේවල් ඔයා දැන ගන්න ඕනනැති දෙයක් වෙන්න ඇති.."
"ඒ උනාට මට මේ දේවල් දැන ගන්න ඕන පාරා.."
මට මේ දේවල් දැනගන්නකල් ඉවසිල්ලක් නෑ.මගේ හිත කියන්නෙම මෙයාලා මේ හංගන දේ අතරේ මගේ සම්බන්දයක් තියනවා කියලා.
"මේ අහන්න දේවා..ඒ දේ ඔයාට වෙලාව ආවහම දැන ගන්න පුළුවන් එතකල් ඉවසලා ඉන්න.."
පාරා කිව්වේ එයාගේ අතක් මගේ අත උඩ තියන ගමන්.දෙයියනේ මොනවද මේ වෙන්නේ..?මට පාරාව අල්ලන්න පුළුවන්.මං එයාගේ අත් දෙකම අල්ල ගත්තේ පුදුමයෙන්.ඒ අත් අයිස් කැට වගේ සීතලම සීතලයි.දෙයියනේ මං මේ දකින්නේ හිනයක්ද..?මං පාරාදිහා බලද්දි එයා හිනාවෙනවා.
"පාරා මට ඔයාව අල්ලන්න පුළුවන්.."
මං එහෙම්මම පාරාව බදාගත්තේ හිතට දැනුන සතුටත් එක්කමයි.මේච්චර කාලේකට මට පාරාව අල්ලන්න බැරි උනා.ඒත් දැන් එයාව අල්ලන්න පුළුවන්.එයාගේ අැගත් සීතලම සීතලයි.ඇත්තටම මට ඇඩුනා.
"දේවෝ අඩන්න ඔට්ටු නෑ හොදේ.."
පාරා කියද්දි මං එයාගෙන් ඇත් වෙලා හිනා උනෙත් අඬ අඬාමයි.
"මට ඉස්සර ඔයාව අල්ලන්න බෑනේ ඒත් අද පුළුවන් කොහොමද එහෙම වෙන්නේ..?
"මං දැන් ගොඩක් ශක්තිමත් දේවා..මට දැන් කාටවත් නොපෙනි යන්න පුළුවන්..කාටවත් ඇහෙන්නැතුව කතා කරන්න පුළුවන්. හැබැයි මාව අල්ලන්න පුළුවන් ඔයාට විතරයි..ඒ මොකද ඔයාට විතරයි මාව දැනෙන්නේ.."
දෙවියනේ මට දැනෙන සතුට කියලා වැඩක් නෑ .ඇත්තටම මං මේ දේ කාටවත් කිව්වට විශ්වාස කරන එකක් නෑ.ඇයි ඉතින් හැමෝම විශ්වාස කරන්නේ හොල්මන් කියලා දෙයක් මේ ලෝකේ නෑ කියලානේ.ඒ උනාට මං දැන් දන්නවා හොල්මන් කියලා දෙයක් තියනවා කියලා.මේකනම් හරියට සුරංගනා කතාවක් වගේ.
************************************************
දැන් ඉතින් මගෙයි ශාක්යගෙයි ගෙවල් වල අය ලහි ලහියේ කතාවෙන්නේ ලොකුගෙයි ශාක්යා අක්කිගෙයි වෙඩින් එක ගැන.මගෙයි ශාක්යගෙයි වෙඩින් එකනම් ගන්න වෙන්නේ මං කැම්පස් ගිහින් ඉවර උනාට පස්සේ තමයි. මට ඉතින් කැම්පස් යන්න වෙන්නෙත් ඊ ළග අවුරුද්දේ ඉදලානේ.අපි දෙන්නට මැරිකරන්න තව අවුරුදු පහ හයක් බලාගෙන ඉන්න වෙනවා.දුක තමයි ශාන්ත.
අම්මියි මායි දෙන්නා අද පැට්ට්රිය එකට ගියානේ.මමනම් මේ පැක්ට්රි එකට ගියේ ගොඩ කාලෙකින්.අපි ගෙදර ආවේ තාත්තිලත් එක්කමයි.මං ආපු ගමන් දිව්වේ වජිරා ඇන්ටිව හොයන්න.ඒත් මං බලද්දි එයා එයාගේ කාමරේ නෑ.
"වජිරා ඇන්ටි.."
මං වජිරා ඇන්ටිට කතා කරාට එයාගෙන් කිදිම ප්රතිචාරයක් නෑ.මෙයා කොහේ ගිහිල්ලද..?මං වජිරා ඇන්ටිට කතා කර කර ගෙදර හැමතැනම බැලුවා.ඒ මදිවට වත්ත වටේටත් බැලුවා.ඒත් එයා පෙන්න කොහෙවත් නෑ.දැන්නම් මගේ හිතට දැනෙන්නෙ බයක්.අපිට නොකියා වජිරා ඇන්ටි කොහෙවත් යන්නෙත් නෑ.වජිරා ඇන්ටිට මොකද උනේ..?
"අම්මි..අම්මි..."
මං අම්මිට කෑ ගහගෙනම දිව්වේ අම්මිලාගේ කාමරේට.අම්මියි තාත්තියි දෙන්නම මං දිහා බැලුවේ බයවෙලා වගේ.
"සුදු මොකද මේ..ඇයි මේ කෑ ගහන්නේ..?"
අම්මි මං ළගට ආවේ හොදටම කලබලෙන්.මං ටිකක් හයියෙන් කෑ ගැහැවත් ඇති එයාලට කලබල වෙන්න.
"අම්මි වජිරා ඇන්ටි නෑ.."
"වජිරා නෑ..ඒක වෙන්නේ කොහොමද..එයා ඔය කොහේ හරි ඇති.."
"අනේ නෑ අම්මි..මං එයාව හැම තැනම බැලුවා..ඒත් එයා නෑ.."
මං කියද්දි අම්මියි තාත්තියි දෙන්නත් කලබල උනා.අපි කට්ටියම එකතුවෙලා ආපහු වජිරා ඇන්ටිව හොයව්වා.ඒත් එයා ගේ ඇතුලෙනම් නෑ.අනෙක වජිරා ඇන්ටි ඉදිකට්ටක් නෙමෙයිනේ මේ තරම් හොයන්න.මට එක තැනක එයාව බලන්න බැරි උනා.ඒ පාරාගේ කාමරේ.මං කාමරේට යද්දි පාරා ඇදේ වාඩිවෙලා හිටියට වජිරා ඇන්ටිනම් පේන්න හිටියේ නෑ.
"මොකෝ දේවෝ.. ඇයි මේ කලබල වෙලා..."
පාරා ඇහැවේ මගේ ළගට එනගමන්.එයත් කළබල වෙලා.
"පාරා ඔයා වජිරා ඇන්ටිව දැක්කද..?"
"නෑ ඇයි.."
"එයා ගෙදර නෑ පාරා අපි එයාව හැම තැනම හොයව්වා.."
අන්තිම ටික කියද්දිනම් මට ඇඬුනා.පාරා මාව අල්ලගෙම ගිහින් ඇදේ වාඩි කරා.දෙයියනේ වජිරා ඇන්ටිට මොකද උනේ..?අනේ එයා කොහෙද ගියේ..?මේ ටික දවසට මං වජිරා ඇන්ටිට ගොඩක් ලංවෙලා.හරියට මට දැනෙන්නේ එයා මගේ අම්මා වගේ.
"අනේ පාරා මට වජිරා ඇන්ටිව ඕන..මට එයාව හොයලා දෙන්න.."
මං අඬ අඬා කියද්දි පාරා මගේ ඔළුව අතගැවේ දුකින්.මං මෙච්චරම වජිරා ඇන්ටිට ලං උනාද..?මේ තරම් මං වජිරා ඇන්ටිට ආදරේ කරාද..?මට එයා නැතුව ඉන්න බෑ වගේ.
"අපි වජිරා ඇන්ටිව හොයා ගමු දේවා..ඔයා අඬන් නැතුව ඉන්නකෝ.."
පාරා අඬන්න එපා කිව්වට මට ඇඬෙනවනේ.මටවත් හිතාගන්න බෑ මං වජිරා ඇන්ටිට මෙච්චර ලං වෙලා හිටියද කියලා.
"වජිරා ඇන්ටිට මොනවද පාරා උනේ..?"
"මටනම් හිතෙන්නේ දේවා මේක දේවකගේ වැඩක්.."
පාරා කියද්දි මං ගැස්සිලා ගියා.ඒ කියන්නේ දේවක වජිරා ඇන්ටිව කිප්නැප් කරාද..? ඒත් කොහොමද දන්නේ වජිරා ඇන්ටි අපේ ගෙදර ඉන්නවා කියලා.
"අපි දැන් මොකද පාරා කරන්නේ..?"
"ඔයා ශාක්යට කෝල් කරලා විස්තරේ කියන්න.."
ඔව් දැන් කරන්න තියෙන්නේ ඒක තමයි.මං ශාක්යට කොල් කරලා විස්තරේ කියද්දි එයත් කලබල උනා.එයා කිව්වේ මට කලබල වෙන්න එපා එයා වජිරා ඇන්ටිව හොයාගන්නම් කියලා
දේවක වජිරා ඇන්ටිටනම් කරදරයක් කරන් නෑ කියලානම් මට ෂුවර්.මොකද වජිරා ඇන්ටි කියපු විදිහට දේවක වජිරා ඇන්ටිට ගොඩක් ආදරේයි.මං මෙහෙම අඬ අඬා ඉදලා හරියන්නෑ මගේ වජිරා ඇන්ටිව මං කොහොම හරි හොයාගන්නවා.
************************************************
දවස් තුනක්ම ඔහේ ගෙවිලා ගියා.ඒත් වජිරා ඇන්ටි ගැන කිසි ආරංචියක් ලැබුනේ නෑ.අඩුම ශාක්යටවත් වජිරා ඇන්ටි ගැන කිසිම තොරතුරක් හොයාගන්න බැරිවෙලා.මගේ හිතනම් දැන් ගිනි ගන්නවා.දෙවියනේ දැන් කොහොමද වජිරා ඇන්ටිව හොයා ගන්නේ..?
මාත් ඉතින් වජිරා ඇන්ටි යයි කියලා හිතුන තැන් වලට ගිහින් මං එයා ගැන හොයලා බැලුවා ඒත් එයා ගැන කිසිම ආරංචියක් නම් හම්බ උනේ නෑ.මං පාර දිගේ අවිදගෙන ගියේ දැන් මොනවද කරන්නේ කියලා හිත හිතාමයි.ඔන්න එතකොට තමයි මගේ ෆෝන් එකට කෝල් එකක් ආවේ.ඒ නම්බර් එකනම් මම නොදන්න නම්බර් එකක්.කොකටත් කියලා මං ඉතින් ෆොන් එක ආන්සර් කරා.
"හෙලෝ.."
"හෙලෝ පුංචි නෝනා.."
එහා පැත්තෙන් ඇහුනේ පිරිමි කටහඬක්.මටනම් ඒ කටහඬ පුරුදුයි පුරුදුයි වගේ.ඒත් කාගේද මේ කට හඬ..?
"හෙලෝ කවුද මේ..?"
"උඹේ මාරයා..."
"ආ දැන් මාරයා ෆෝන් වලිනුත් කතා කරනවද..?"
"පුංචි නෝනා කටනම් බොහොම වැඩියි..."
එහා පැත්තෙන් කියනවා ඇහෙන කොට මට හොදටම තරහා ගියා.
"මේ මගේ කට ගැන මං බලා ගන්නම්..තමුසේ කවුද කියනවා.."
"මං දේවක..."
ඒ මනුස්සයා කියද්දි මං ගැස්සිලා ගියා.දේවකගෙන් මේ වගේ දෙයක්නම් මං බලාපොරොත්තු උනේ නෑ.
"දේවක කොහෙද වජිරා ඇන්ටි..එයාට ෆෝන් එක දෙනවා.."
මං කෑ ගැහැවේ හිතට ආව තරහත් එක්කමයි.
"මේ පුංචි නෝනා මගේ වයිෆ් ගැන මං බලාගන්නම්..පුංචි නෝනා ඔයාගේ ගෙදර අය ගැන බලා ගන්නකෝ.."
දේවක එහෙම කියලා මහා හයියෙන් හිනා උනා.මගේ මුළු ඇගම හිරි වැටිලා ගියා.
"දේවක තමුසේ මගෙ ගෙදර අයට මොනවද කලේ..?"
"තාමනම් මුකුත් කලේ නෑ..පුංචි නෝනාගේ ගෙදර අය මගේ ළග හරි පරිස්සමට ඉන්නවා.."
දේවක හිනා වෙවි කියද්දි මට දැනුනේ මගේ මුළු ඇගම පන නැති වෙනවා වගේ.මේ දේවකයා මොනවද මේ කරන්න හදන්නෙ..?මටනම් දැන් දේවක ගැන තියෙන්නේ එසේ මෙසේ තරහක් නෙමෙයි.
"දේවක මගේ ගෙදර අයට මොනවාහරි වෙලා තිබ්බොත් මං තමුසේව අතාරින්නෑ.."
මං තරහින් කෑ ගහද්දි දේවකයා හැක හැක ගගා හිනිවෙනවා.චික් විතරක් හිනාවේ කැත.
"ඇයි පුංචි නෝනා ඒකත් පත්තරේට ලියනවද..?"
දේව කියද්දිනම් මේ මං උඩ ගියා.යකෝ ඒ කියන්නේ දේවක ඒක දැනගෙනද..?ඒත් කොහොමද..?දෙවියනේ ඒකයි එහෙනම් දේවක අපේ ගෙදර අයව ඉස්සුවේ.
"මේ දේවා ලිය ලිය ඉන්නෑ..තමුසේව ඉවරයක් කරලම දානවා.."
"ඊට කලින් මං උඹව ඉවරයක් කරනවා.."
දේවක කෑ ගැහැවේ වියරු වැටිලා වගේ.ඔය වියරුවටනම් මේ දේවා බයවෙන් නෑ.
"මේ දේවක තමුසේට ප්රශ්නේ තියෙන්නේ මගෙත් එක්කනේ..ඒ ප්රශ්නේ මගෙත් එක්ක විසද ගන්නවා..මගේ ගෙදර අය මේකට ගාව ගන්න එපා.."
"තමුසේ මට තර්ජනය කරනවද.."
"කැමති දෙයක් හිතාගන්නවා..තමුසේ පිරිමියෙක්නම් මගෙත් එක්ක හැප්පෙනවා.."
මං කිව්වේ හොදටම තරහින්.මෙදා පාර තමයි දේවක යස පාඩමක් මගෙන් ඉගෙන ගන්නේ.
"එහෙනම් ලැස්තිවෙලා හිටපන් පරලොව යන්න.."
එහෙම කියලා දේවන ෆෝන් එක කට් කරා.ඒත් එක්කම මගේ ළගම සුදු පාට වෑන් එකක් නතර කරලා මිනිස්සු පස් හයදෙනෙක්ම බැහැලා මාව වට කර ගත්තේ මාව අන්ද මන්ද කරලා.
"කවුද තමුසෙලා.."
මං එහෙම අහනයත් එක්කම මිනිහෙක් අවිත් මගේ මූණට ලෙන්සුවක් තද කරනවා විතරයි මට මතක.
No comments:
Post a Comment