Tuesday, April 28, 2020

දෙවාශි - 10

මට මේ වජිරා ඇන්ටිගේ ප්රශ්නේ හිතට මහා වදයක්⁣ වෙලා.අම්මියි වජිරා ඇන්ටියි මං නැතිවෙලාවට හොදට කතාකරනවා.මං ඉන්න තැනදි දෙන්නා ඉන්නේ අදුරන්නැති ගානට.මං ඒ දෙන්නා කතා කර කර ඉන්න තැනට ගියොත් දෙන්නා කතාව නතර කරනවා.මට මේ රහස දැනගන්නකල් මට නින්ද යන්නෑ අප්පා.
මං කල්පනා කර කර ඉද්දි මගේ ෆොන් එකට කොල් එකක් ආවේ ශනුගෙන්.ආ මෙයාට මාව මතක්වෙලා තියෙන්නේ.
"හෙලෝ ශනු.."
"හෙලෝ දේවා උඹ නිව්ස් බැලුවද..?"
"නෑ බං ඇයි.."
"එහෙනම් ඉක්මනට ගිහින් බලපන්.."
එහෙම කියලා ශනු ෆොන් එක කට් කරා.අද මේකිට මේ මොනවා වෙලාද කවදාකවත්ම නැතුව මට නිව්ස් බලන්න කියන්නේ මොකද..?
මාත් ඉතින් ෆොන් එකත් අරගෙනම පහලට දිව්වා.මං යද්දි ගෙදර කට්ටිය නිව්ස් බලනවා.
"සුදු දන්නවද වැඩක්.."
මං ගිහින් තාත්ති ළග වාඩිවෙද්දිම තාත්ති මගෙන් ඇහැවා.
"මොකද්ද තාත්ති.."
"අන්න දේවකගේ ඇමති පට්ටම ගලවලා.."
ලොකු කියද්දි මට මගේ කන් දෙක අදහා ගන්න බැරි උනා.මට ඒ ඇහුන දේ ඇත්තද..?
"ඇත්තමද ලොකු අයියේ..?"
"ඔව් හලෝ..දැන් නිව්ස් වලට කිව්වේ.."
අම්මේ ඒ වචන ටිකනම් මගේ කන් දෙකට දිව ඔසුවක් අප්පා.හිතට දැනෙන සතුටනම් කියලා වැඩක් නෑ අප්පා.මට ඕන උනෙත් දේවකගේ ඇමති පට්ටම ගලවන්නනේ දැන් කොහොම හරි මොන ක්රමයකින් හරි ඒක වෙලා.හැපි හැපි මාර හැපි අප්පා.මට එකපාරටම බැලුනේ වජිරා ඇන්ටි දිහා එයා හිටියෙනම් ලොකු කල්පනාවක.පව් ඉතින් එයාට දුක ඇති මොනවා උනත් දේවක කියන්නේ එයාගේ හස්බන්නේ.
"මටනම් මාර සතුටුයි..ඔය වගේ මීණිමරුවන්ට ඔය වගේ දේවල් තමයි වෙන්න ඕන.."
මං ඇත්තටම කිව්වේ දේවක ගැන හිතේ ඇතිවෙච්ච පොඩි පහේ තරහකින් නෙමෙයි. අද හෙටම දේවකට මහඋළු ගෙදර තපින්න තමයි වෙන්නේ.වජිරා ඇන්ටි මගේ දිහා බලාගෙන හිටියේ මට නොතෙරෙන හැගිමකින්.
"සුදු ඔයා අපිත් එක්ක ඔය වගේ කතා කිව්වට කමක් නෑ..හැබැයි පිට මිනිස්සු ඉස්සරහා ඔය වගේ කතා කියන්න එපා.."
අම්මි ඒක කිව්වෙනම් අමනාපයෙන් වගේ.එයා තාමත් අවන්තලාට බයේ වගේ ඉන්නේ.අම්මලා ඉතින් එහෙමනේ.එදා අවන්ත අපේ ගෙදරට ඇවිත් මට කරදර කරන්න හැදුවා වගේ ආයේත් අවන්ත මට කරදරයක් කරයි කියලා එයාට බය ඇති.
"දැන් ඉතින් බය වෙන්න දෙයක්නෑනේ අම්මි..දැන් ඉතින් දේවකගේ ඇමති පට්ටමත් නෑ..අායේ එයාලා අපිට කරදර කරන් නෑ අනේ.."
"ඇමති පට්ටම නැති උනාට පාතාල පට්ටම තාම තියනවා කියලා මතක තියාගන්නවා සුදු.."
"ඒ පට්ටමත් මං ළගදිම ගලවන්නම්කෝ.."
මං ඒක කිව්වා නෙමෙයි මට ආපු ආවේගෙට ඒක කිය උනා.ඒ වචනේ කටින් පිට උනාට පස්සේ තමයි මම කරපු ගොං වැඩෙ තෙරුනේ.
"මොකද්ද සුදු කිව්වේ..?"
තාත්ති මං දිහා බලලා ඇහැවේ ඇසුත් ලොකු කරගෙන.තාත්ති විතරක්නම් බැරියෑ ගෙදර අනිත් අයත් මං දිහා බලාගෙන ඉන්නේ කන්න වගේනේ.දැන් ඉතින් දිපල්ලකෝ උත්තර.
"නෑ..නෑ තාත්ති මං කිව්වේ ඔය ඇමති පට්ටම වගේ පාතාල පට්ටමත් ළගදිම ගැලවෙයි කියලා.."
"ඒ කොහොමද..?"
"දෙයියො තමයි ඉතින් දන්නේ.."
මං උඩ බලලා කියද්දි අපේ ගෙදර අය මං දිහා බලාගෙන හිටියේ නම් මේ මට පිස්සුද කියලා වෙන්න ඇති.ඇයි ඉතින් දෙවියනේ මං ඒ කියපු දේ හරි ගොං නේ.
"අනේ මංදා අප්පා මෙයා මොනවා කියනවද කියලා.."
"දන්නැත්තන් බලාගෙන ඉන්නවා ලොකු අයියේ..ඉස්සරහට වෙන්නඕන ඒවා වෙයි.."
"බලමුකෝ මොනවද වෙන්නේ කියලා.."
චූටි කියද්දි මං කට පියාගත්තේ මගේ කටින් වෙන මොනවා පිටවෙයිද කියලා දන්නේ නැති නිසා.ඇත්තමයි දේවෝ උඹටත් ටිකක් කට පරිස්සන් කරගෙන ඉන්න බැරි හැටියක්.උඹ කියපු දේ ගෙදර අය පිළිගත්ත නිසා හොදයි නැත්තම් ඉතින් මොනවා වෙයිද..?
අපි කතා කර කර ඉන්න අතරේ වජිරා ඇන්ටි කාටවත්ම නොකියා උඩට ගියා.ගෙදර අය ටීවි බලන අතරේ මාත් හිමිට ෂේප් එකේ වජිරා ඇන්ටි පස්සේම උඩට ගියා.මං යද්දි එයා බර කල්පනාවක.
පව් වජිරා ඇන්ටි එයා ඔය හිටියට මොන තරම්නම් දුකකින්ද ඇත්තේ .එයාට එයාගේ දුව නැති උනා. දැන් ඉතින් හස්බන්වත් නැතිවෙන්න යන්නේ කියලා හිතෙනවා ඇති.
"ඇන්ටි මොනවද කල්පනා කරන්නේ..?"
මාත් එහෙම අහගෙනම ගිහින් ඇන්ටි ළගම වාඩි වෙද්දි එයා මං දිහා බලලා හිනා උනේනම් අඬන්න බැරි කමට වගේ.
"මොනවත් නෑ සුදු.."
"ඇන්ටිට දුකද දේවක ඇමතිට වෙච්ච දේට.."
මං අහද්දි එයා හූල්ලනවා.ඒ වෙලාවෙනම් මගේ පපුවටත් මොනවදෝ වෙලා ගියා.
"දුක නෑ කිව්වොත් බොරුවක් සුදු..මං තාම එයාට ආදරෙයි..ඒත් එයා කරපු හැම පව් වැඩකටම එයා දඬුවම් විදින්න ඕන.."
ඇන්ටි කිව්වේනම් හූල්ල හූල්ල.එයාගේ ඇස්වල කදුළුත් පිරිලා.එයාට මෙච්චර දෙයක් කරපු දේවකට ඇන්ටි තාමත් ආදරෙ කරනවා කියද්දිත් මට පුදුමයි.
"ඇන්ටිට කොහොමද දේවක ඇමතිතුමාව හම්බ උනේ..?"
මං අහද්දි ඇන්ටිට ලස්සන හිනාවක් ගියා.මං අද තමයි හරියටම ඇන්ටිගේ ලස්සන දැක්කේ.එයා තරුණ කාලේදිනම් ලස්සනට ඉන්න ඇති.දැන් කියලත් ඉතින් එයාගේ ලස්සනේ අඬුවක් නෑ.
"මට දේවකව හම්බඋනේ ස්කුල් යන කාලේදි..අපි දෙන්නම හිටියේ එකම පන්තියේ..පුංචි කාලේ ඉදන් අපි හොද යාළුවෝ පහු වෙද්දි ඒක ආදරේකට පෙරලුනා සුදු..දේවකගේ ගෙදර අය අපේ සම්බන්දේ දැනගෙන කොච්චරනම් ප්රශ්න උනාද..ඒත් දේවක මාව ඇතැරියේ නෑ..එයා මට ගොඩක් ආදරේ කරා..ස්කුල් අවුට් වෙලා කාලයක් ගියාට පස්සේ අපි ගෙවල් වලට හොරෙන් මැරි කරලා..පුංච් ගෙයක් අරගෙන පදිංචි උනා..අපි ඒ ගෙදර හිටියේ හරි සතුටින්..එයා කුලි වැඩ කරලා තමයි කීයක් හරි හම්බ කරගත්තේ..එයාගේ ආදරේ හරි පුදුමයි සුදු..එයා තාමත් මට ආදරෙයි.."
ඒ ටික කියද්දිනම් වජිරා ඇන්ටිගේ ඇස්වල කදුළු.මට හිතෙන විදිහට ඒ දෙන්නාගේ ආදරේ ලස්සන තැන් වගේම අසුන්දර තැනුත් තියනවා වගේ.
"එච්චරටම ආදරෙයිනම් ඇයි ඇන්ටිව එදා අර ගෙදර බැදලා දාලා තිබ්බේ.."
අන්න ඒක මට තිබ්බ ලොකු ප්රශ්නයක්.දේවක වජිරා ඇන්ටිට ආදරේයිනම් අරම අර ගෙදර බැදලා දාලා තියන්නෑනේ.
"ඒකටත් හෙතුවක් තිබ්බා ..ඒක දිග කතාවක් සුදු.."
"ඒ මොකද්ද..ඔයාට පුලුවන්නම් කියන්න මම අහගෙන ඉන්නම්.."
ඇත්තටම මට මෙයාලාගේ කතාව අහන්න හරි ආසයි.සමහර විට වජිරා ඇන්ටිගේ අනිත් දුව ගැනත් මට මොනවා හරි දැනගන්න පුළුවන් වෙයි.
"මං කිව්වනේ දේවක කලේ කුලි වැඩ කියලා.. දේවක හොයන හැම සතයක්ම ගෙනත් දෙනේ මට..මං ඒවා පරිස්සමට වියදම් කරා..පස්සේ වෙද්දි එයාගේ අතේ වෙනදට වඩා සල්ලි ගැවසුනා..මං අහද්දි කිව්වේ බොකර් වැඩක් කරනවා කියලා..මට පස්සේ දැනගන්න ලැබුනා එයා පාතාලේ අය එක්ක සම්බන්ද වෙලා කියලා..මං එයාට වැදලා කිව්වා ඒ දේවල් නතර කරන්න කියලා ඒත් එයා ඇහැවේ නෑ.."
වජිරා ඇන්ටි කියාගෙන ගිහින් කතාව නතර කරා.මටනම් ඉතින් කතාව අහනකල් ඉවසිල්ලක් නෑ.
"ඉතින් ඊ⁣ට පස්සේ මොකද උනේ..?"
"මං එයත් එක්ක රණ්ඩු උනාට එයා එක වචනයක් මට කිව්වේ නෑ..එයා වෙනදටත් වඩා මට ආදරේ කරා..පස්සේ එයා එක එක වැඩ වලට සම්බන්ද උනා..ඒවා ආරංචි වෙද්දි මට මහා බයක් දැනුනා..මට එයා කරන වැඩ දිහා බලාගෙන ඉන්න තරම් හයියක් තිබුනේ නෑ සුදු..මං කියපු කිසි දෙයක් එයා ඇහැවෙත් නෑ..මට බැරිම තැන දේවකටත් නොකියා මං අපේ ගෙදර ආවා..ගෙදර අය මාව භාර ගත්තා.."
අනේ වජිරා ඇන්ටි පව්.ඒ කියන්නේ දේවක ඇමති දේශපාලනයට එන්න කලින් පාතාල සාමාජිකයෙක්.
"මං ගෙදර ආවට මොකද මං දේවක ගැන හොයව්වා..දේවකත් අපේ ගෙදර ඇවිත් මාව එක්ක යන්න හැදුවට මං බෑම කිව්වා..එයා පාතාලෙන් අයින් වෙනවනම් මං එයා එක්ක එනවා කිව්වා..ඒත් එයා ඇහැවේ නෑ..දේවක පතාලේ අයගෙන් වැඩියෙන්ම ආශ්රය කලේ ලොක්කේවයි ගසියවයි අජ්ජා කියන මිනිහවයි.."
ආ ඒ හැදුනුම් කමට තමයි ගසියා දේවකගේ ගෙදර යන්නේ එන්නේ.එතකොට ලොක්කෙයි අජ්ජයි කොහෙද ඒ වගේ නම් දෙකක් මට අද වෙනකල්වත් අහන්න ලැබුනේ නෑනේ.
"පස්සේ ලොක්කෙයි අජ්ජයි අතරේ රණ්ඩුවක් ගිහින් අජ්ජා ලොක්කෙට පිහියෙන් ඇනලා මරලා තිබුනා..එදා ඉදන් දේවක ලොක්කෙගේ වයිෆුයි ළමයි දෙන්නයි එක්ක ජිවත් උනා.."
ඒක කියද්දිනම් වජිරා ඇන්ටිට හෝ ගාලා ඇඩුනා.ඒ වෙලාවේ මගේ පපුව පිච්චිලා ගියා.දේවක ගැන හිතට ආවේ තරහක්.වජිරා ඇන්ටි අඩද්දි මට දැනුනේ මගේ අම්මි අඩනවා වගේ හැගිමක්.මං එයාගේ අස්වල කදුළු පිහද්දි එයා මාව තුරුළු කරගත්තේ අඩ අඬාමයි.
"අනේ අඩන්න එපා ඇන්ටි..මට සමාවෙන්න මං ඔයාගේ හිත රිද්දුවට.."
මං කිව්වේ මාරම දුකින්.වජිරා ඇන්ටි අඬනවා මට බලාගෙන ඉන්න බෑ ඇත්තටම මගේ ඇස්වලත් කදුළු .
"ඒකට කමක් නෑ සුදු මං ඉතුරු ටිකත් කියන්නම්..දේවක දවසක් අජ්ජාව හොයාගෙන ගිහින් අජ්ජායි එයාගේ පවුලේ අයටයි වෙඩි තියලා තියනවා..ඒ ලොක්කේ මරපු පලිය ගන්න..අජ්ජනම් බෙරුනා ඒත් එයාගේ පවුලේ අය මැරුනා..ඊට පස්සේ ඒ දෙන්නා වෛරක් කාරයෝ උනා..ඔය අතරේ තමයි දේවක දන්න ඇමති කෙනෙක්ගේ මාර්ගයෙන් දේවක ඡන්දේ ඉල්ලුවේ..ඡන්දේ දින්නට පස්සේ දේවක ආයෙත් මාව හොයාගෙන ආවා..ඒ අවිත් එයා හැදුවේ මාව එක්ක යන්න..එදත් මං බෑ කිව්වා.."
වජිරා ඇන්ටි අඬ අඬා කියද්දි මගේ ඇස්වල පිරිලා තියන කදුළු ඔහේ ගලාගෙන ගියා.මං හිතුවට වඩා වජිරා ඇන්ටි දුක් විදලා තියන හැඩයි.
"එහෙනම් ඉතින් කොහොමද ඇන්ටි වන්දනාව හම්බ උනේ..?"
ම⁣ට ඕන උනේ හැම දෙයක්ම දැන ගන්න.ඇන්ටි මගේ මුණ එයාගේ දොතට අරගෙන මගේ මුළු මුණම සිපගෙන ගියේ හරි ආදරේන්.මට ඒ වෙලාවේ දැනුනේ අම්මා කෙනෙක්ගේ ආදරේ.මට එයා ළගින් දැනුනේත් මගේ අම්මිගේ සුවදමයි..ඒ උණුහුමමයි.
"අන්තිමට මට දේවක එක්ක යන්න උනා සුදු..එයා මාව හරි ආදරේන් බලාගත්තේ..මට පුංවි දුකක්වත් දුන්නේ නෑ..ඒත් එයා ලොක්කෙගේ වයිෆ්වත් එයාගේ දරු⁣වොවත් ඇතැරියේ නෑ..ඔය අතරෙදි තමයි මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැන ගත්තේ..එදා දේවක පුදුම විදිහට සතුටු උනේ.. එදා ඉදන් එයා මාව බලා ගත්තේ මලක් වගේ මට ඕන හැම දේම ගෙත් දුන්නා..දරුවා හම්බඋන දවසේ එයා දුවව වඩාගෙන පොඩි එකෙක් වගේ ඇඩුවා..එයා දුවට පන ඇරලා ආදරේ කලේ.."
වජිරා ඇන්ටි කියද්දි මං එයා දිහා බලාගෙන හිටියේ පුදුමයෙන්.දේවක එච්චරම වන්දනාට ආදරේ කලානම් කොහොමද දේවක වන්දනාව මැරුවේ.
"ඇයි එහෙනම් එයා වන්දනාව මැරුවේ.."
"ඒක ⁣මගෙන් අහන්න එපා සුදු..ඒ ගැන මට කියන්න බෑ..අපිට මේ හැම දෙයක්ම උනේ අජ්ජා නිසා..එහෙම නොවෙන්න අපි තුන්දෙනා එක වහලක් යට තාමත් හොදට ජිවත් වෙනවා.."
වජිරා ඇන්ටි අඬ අඬා කියද්දි මං එයා දිහා බැලුයෙත් අඬ අඬාමයි මට එයා අඩන දිහා බලාගෙන ඉන්න බෑ හිත පිච්චෙනවා.
"අඩන්න එපා ඇන්ටි අපි දැන් ඔය කතාව නවත්තමු.."
මං එයාගේ කදුළු පිහදලා කියද්දි එයා මගේ අත අරගෙන සිපගත්තා.එයාගේ හිතේ මහා මෙරක් තරමට මං ගැන ආදරයක් තියනවා කියලා මට දැනෙනවා.මට වජිරා ඇන්ටිව දැනෙන්නේ මගේම අම්මා වගේ.
"මේ අන්තිම ප්රශ්නේ ඇන්ටි..එතකොට අවන්තයි අංජනායි ලොක්කේගේ දරුවෝද..?"
"ඔව් සුදු.."
දෙවියනේ එතකෝට මේ දේවක මොනවගේ මිනිහෙක්ද..?තමන්ගේ දරුවයි වයිෆුයි ඉදිද්දි වෙන මිනිගෙකුගේ ගෑණියි දරුවොයි ළග තියාගෙන ඉන්නේ.ඇත්තටම මට හරිම දුකයි.මං ආයේ වජිරා ඇන්ටිගෙන් මුකුත් අහන්න ගියේ නෑ.මට තවත්නම් බෑ එයා අඩනවා බලන්න.
***********************************************
මං ශාක්ය හම්බවෙලා වජිරා ඇන්ටි මං එක්ක කියපු හැම දෙයක්ම අකුරක් නෑරම කිව්වා.එයා මං කියන දේවල් අහගෙන හිටියේ පුදුමයෙන්.
"ඒ කියන්නේ අපි හිතනවාට වඩා මෙතන තව වෙනම පැත්තක් තියනවා.."
"ඒකනේ සුදු අයි⁣යා..මං මේ වගේ දෙයක් හීනෙන්වත් හිතුවේ නෑ.."
"පව් සුදු වජිරා ඇන්ටි.."
ශාක්ය කියනදේ හරි.මටත් වජිරා ඇන්ටි ගැන තියෙන්නේ පුංචි පහේ දුකක් නෙමෙයි.
"ඒක නෙමෙයි සුදු අයියා දැන් දේවකගේ ප්රශ්නේ කොහොමද..?එයාගේ ඇමතිකම නැති උනේ ඇයි..?"
මට තිබ්බ ලොකුම ප්රශ්නේ ඒක.මම ලියන ආටිකල් එක නිසානම් වෙන්න බෑ.ශාක්ය හිනාවෙලා මගේ කර වටේට අතදාලා මාව එයා ළගට ගත්තා.
"මගේ මේ චණ්ඩි රැජිණගේ ආටිකල් එක නිසා තමයි.."
ශාක්ය හිනාවෙවි කියද්දි මං එයා දිහා බැලුවේ පුදුමයෙන් මටනම් විශ්වාස කරන්නත් අමාරුයි.මගේ ආටිකල් එකට එච්චර හපන්කමක් කරන්න පුළුවන් උනාද..?
"ඔය ඇත්තමද සුදු අයියා.."
"මම ඔයාටකවදාකවත් බොරු කියලා තියනවද සුදු.."
"නෑ ඒත් මට ටිකක් විශ්වාසකරන්න අමාරුයි.."
"විශ්වාස කරන්න අමාරු උනාට ඇත්ත ඒකයි සුදු..ඔයා ලියලා තියන දේවල් එක්ක ඒක විශ්වාස කරන්න පුලුවන්.."
ඇත්තටම මගේ හිතට සතුටුයි.මගේ ආටිකල් එක නිසා දේවක වගේ මිනිහෙකුට දඩුවම් ලැබෙනවනම් මට හොදටම ඇති.දේවකට දඩුවම් ලැබෙනවා කියන්නේ පාරාට විතරක් නෙමෙයි දේවක නිසා ජිවිත වලින් වන්දි ගෙවපු අය ⁣විතරක් නෙමෙයි.එයා අතින් අසාදාරනයකම් වෙච්ච හැම දේනාටම සාදාරනයක් ඉෂ්ට වෙනවා.
"දැන් ඉතින් මොකද වෙන්නේ..?"
"අපි දැන් දේවකගේ හැම හොර ගුහාවක්ම රේට් කරා..අංජනාවයි අංජනාගේ අම්මවයි ඇරෙස්ට් කරා.."
"එතකොට දේවකයි අවන්තයි.."
"ඒ දෙන්නවනම් තාම හොයා ගන්න බැරි උනා සුදු.."
ශාක්ය ඒක කිව්වේ කලකිරිමෙන් වගේ.දේවකයි අවන්තයි අල්ල ගන්න බැරි වෙච්ච එක⁣ට ශාක්ය ඉන්නේ අප්ෂට් එකෙන්.
"එයාලාට හැමදාම ඔහොම හැන්ගිලා ඉන්න බෑ අයියේ..කොයි වෙලාවේ හරි එයාලා කොටුවෙයි.."
"හ්ම්ම් අපි බලමු.."
ශාක්ය මාවත් තුරුල් කරගෙන කියද්දි මං තවත් ඒ උණුහුමට ගුලි උනා.
"අපි මොකද සුදු අයියේ දැන් කරන්නේ..?"
"මෙහෙම තුරුල්වෙලා ඉමු බං.."
ශාක්ය මගේ ඔළුව සිපගෙන කියද්දි මං හිනාවෙලාම එයාගේ පපුව සිප ගත්තා.
"එතකොට හරිද..?"
"හරි තමයි.."
"ඒක නෙමෙයි සුදු මොනවද කන්න අරගෙන දෙන්නෙ.."
එයා හැමදාම එහෙම තමයි.මං කන්න ඉල්ලන ඕනම දෙයක් එයා අරගෙන දෙනවා.හැබැයි ඉතින් සමහර කෑම බීම වලදිනම් මට නීතිත් දානවා.
"අනේ සුදු අයියා අපි අයිස්ක්රීම් කමුකෝ.."
බිච් එකේ හිටපු අයිස්ක්රීම් කාරයා දැක්ක ගමන් මං කෑ ගැහැවා.මං ඉතින් අයිස්ක්රීම් කන්න පෙරේතයිනේ.
"මේ හැන්දෑ වෙලා.."
"අනේ අයියෝ කමක්නෑ අනේ.."
"අම්මෝ මහාම මහා අයිස්ක්රීම් පෙරෙතියක්.."
"කමක් නෑ අනේ අරගෙන දෙන්නකෝ.."
"යමුකෝ එහෙනම්.."
ශාක්ය මාවත් ඇදගෙනම අයිස්ක්රීම් කාරයා ළගට ගිහින් අපි දෙන්නටම අයිස්ක්රීම් දෙකකුත් අරගෙන ඇවිත් අපි දෙන්නා වැල්ලෙම වාඩි උනා.මට හැමදාම ශාක්ය එක්ක මෙහෙම ඉන්න තියනවනම්.ඒත් මගේ හිතට හරි බයක් දැනෙවා. රුවන්ගි ගැන මතක් වෙද්දි මට ඒ බය තවත් වැඩි වෙනවා.ඊට හපන් ශාක්යගේ ගෙදර අය අපි ගැන දැනගත්ත දාට මොනවා වෙයිද කියලා මට හරි බයයි.
"සුදු මොනවද තනියම කල්පනා කරන්නේ..
මටත් කියන්නකෝ.."
ශාක්ය කියද්දි මං එයා දිහා බැලුවේනම් හිතේ තිබුන බයත් එක්කමයි.
"මට බයයි සුදු අයියේ.."
"බයයි ඒ මොකටද..?"
"අපේ සම්බන්දේ ගෙවල් වල අය දැනගත්තාම ප්රශ්නයක් වෙයි කියලා.."
මං කියද්දි එයා මගේ කරවටේ අත දාගෙන එයාට ලංකර ගත්තා.මං එහෙම්මම එයාගේ උරහිසේ ඔළුව තියා ගත්තා.
"ඔයා බයවෙන්න එපා සුදු එහෙම මුකුත් වෙන්නෑ.."
"ඔයා කොහොමද එහෙම කියන්නේ..?"
"මං එහෙම දෙයක් වෙන්න කවදාකවත් ඉඩ තියන්නෑ සුදු .."
ශාක්ය එහෙම කිව්වට මගේ හිතේ තිබුන බයනම් අඩු උනේ නෑ.
"දැන් ඔය ගැන හිතන්නැතුව ඔය අයිස්ක්රීම් එක කන්න.."
ශාක්ය කියද්දි මං එයා කකා හිටපු අයිස්ක්රීම් එක උදුරලා අරගෙන ටිකක් කලා එයාට ආපහු දුන්නා.
"අප්පෝ අයිස්ක්රීම් පෙරේතියක්නේ..".
"එහෙම තමයි ඕ.අයි.සි මහත්තයා..අපි තාම පොඩි කෙල්ලෝ.."
"අනේ මං උඹට කියන්නෑ උඹේ පොඩිකමේ තරම.."
"ඔව් ඉතින් මාව නරක් කරන්නේ ඕ.අයි.සි මහත්තයාම තමයි.."
"වැඩේමයි මේකිව නරක් කරන්න.."
ශාක්ය කටත් ඇදකරලා කියද්දි මට මහා හයියෙන් හිනා ගියා.ඉදලා ඉදලා මේ කොලුවත් මාර ඇක්ෂන් දානවා.
"ඔහොම හිනාවෙද්දි මට උඹව ගිලින්න හිතෙනවා බං.."
"ඉතින් ගිලින්නකෝ.."
"එහෙම බෑ මං උඹව ගිලින්නේ ටික ටික.."
ශාක්ය මගේ අයිස් එක උදුරලා අරගෙන ටිකක් කලා ආපහු මටම දුන්නා.අපි දෙන්නා අයිස්ක්රීම් කලා රැල්ල පාගලා ගෙදර යන්න කාර් එක දිහාට යනකොට හොදටම හවස්වෙලා.
අපි දෙන්නා අත් දෙකත් අල්ලගෙන කාර් එක දිහාවට යද්දි එක පාරටම රතිඤ්ඤා පුපුරන සද්දයක් ඇහුනේ මගේ කන ලගින්මයි.ඒ සද්දේදටනම් මේ දේවා හොදටම බය උනා.මට ශාක්යගේ අත තදින් ඇල්ලුනේ ඉබේටම.මං ශාක්ය දිහා බලද්දි එයා පපුවත් අල්ලගෙම බ්ම වැටුනේ මගේ අතත් ඇතැරලාමයි.ඒ වෙලාවෙනම් මට කෑ ගැහුනා.මොකද උනේ කියලා මට හිතාගන්නවත් බැරි උනා.
"අනේ සුදු අයියා මොකද මේ..අනේ කතා කරන්නකෝ.."
මං ශාක්ය ළගම බිම වාඩිවෙලා ශාක්යට කතා කරාට එයා කිසිම හැල හොල්මනක් නෑ.එතකොට තමයි මං දැක්කේ ශාක්ය ගේ පපුවෙන් ලේ ගලනවා.මට යටිගිරියෙන් කෑ ගැහුනා.
"අනේ මගේ රත්තරන්..ඇස් අරින්න සුදු අයියා.."
මං අඬ අඬාම ශාක්යට කතාකලත් එයා නැගිට්ටේ නෑ.එයා එහෙම්ම ඇස් දෙකත් පියාගෙනම බිම දිගාවෙලා ඉන්නවා.
මගේ කෑ ගැහිල්ලට බ්ච් එකේ හිටපු හැමෝම අපේ ළඟට ලං උනා.
"මං දැක්කා මේ මල්ලිට අර මිනිස්සු දෙන්නෙක් අැවිත් වෙඩි තියනවා.."
එතනට අාපු කෙනෙක් කියද්දි මගේ ඇග සිතල වෙලා ගියා.එතකොට ඒ ඇහුනේ වෙඩි සද්දෙද..?උන් මගේ ශාක්යට වෙඩි තිබ්බා.
"අනේ සුදු අයියා මොනාද දෙයියනේ මේ උනේ..අනේ ප්ලිස් මට මෙයාව කාර් එකට දාගන්න උදව් කරන්න.."
මං වටේ පිටේ ඉන්න මිනිසුන්ට අඬ අඬා කියද්දි කට්ටිය එකතුවෙලා ශාක්යව උස්සලා කාර් එකට දැම්මා.මං ඩ්රයිවින් ෂිට් එකට දිව්වේ අසිහියෙන් වගේ.
මගේ සුදු අයියාට මොනවත් වෙන්න මේ දේවා ඉඩ තියන්නෑ.මට එයා නැතුව ඉන්න බෑ.මං අඬ අඬාම අසිහියෙන් වගේ කාර් එක හොස්පිට්ල් එකට ගෙනාවා.මං ශාක්යව හොස්පිට්ල් එකට ගෙනාපු ගමන්ම එයාව දැම්මේ අයි.සි.යු එකට.
හොස්පිට්ල් එකේ අය ශාක්යව ට්රොලියක දාගෙන අරගෙන යනවා මං දැක්කේ බොදවෙලා වගේ.ඒත් එක්කම මට දැනුනේ මගේ වටේම කළුවෙලා යනවා.ඒත් එක්කම මට මතක මං බිමට ඇදගෙන වැටෙනවා විතරයි.

මං ඇස් ඇරලා වටපිට බැලුවේ මං ඉන්නේ කොහෙද කියලා.මගේ ළගම නර්සලා දෙන්නෙක් හිටගෙන ඉන්නවා දැක්කාම මට මොනවත්ම හිතාගන්න බැරි උනා.එතකොට මේ මං ඉන්නේ හොස්පිට්ල් එකේද..?මට මොකද උනේ..?
"මට මොකද උනේ..?"
මං අහද්දි නර්ස් මගේ ඔළුව අතගෑවේ හරි කරුණාවෙන්.
"ඔයාව පේන්ට් උනානේ.."
නර්ස් කියද්දි තමයි මගේ මතකෙට සිද්දි එකින් එක ගලාගෙන ආවේ.දෙයියනේ මගේ ශාක්ය ..
"අනේ මගේ සුදු අයියා..එයාට කොහොමද දැන්.."
මං ඇදෙන් බැස්සා නෙමෙයි ඇදෙන් පැන්නා.මට ඕනි උනේ මේ මගේ ඇස් දෙකට ශාක්යව බලාගන්න.
"අනේ ප්ලිස් මට එයාව බලන්න ඕන.."
මං කලබලෙන් යන්න හදද්දි නර්ස්ලා දෙන්නා මාව අල්ල ගත්තා.
"ඔයාගේ සුදු අයියා හොදින් ඉන්නවා..එයාට කිසිම ප්රශ්නයක් නෑ ඔයා සන්සුන් වෙන්න පුතේ.."
නර්ස්ලා කරුණාවෙන් කිව්වට මට සන්සුන් වෙන්න තරම් මානසික තත්වයක් තිබුනේ නෑ.මගේ හිත තිබුනේ ශාක්ය ළග.එයාගේ තත්වේ දැනගන්නකල් මට ඉවසිල්ලක් නෑ.
අනෙක තමයි නර්ස්ලා අරම කිව්වට මගේ හිතට මොකද්දෝ අමුත්තක් දැනෙනවා. අනේ මගේ කොල්ලට කරදරයක්නම් වෙන්න එපා දෙයියනේ.
"අනේ මට බෑ මට ඕන මගේ සුදු අයියව බලන්න.."
"ඔයාට දැන්ම එයාව බලන්න බෑ..ඔයා තව ටිකක් රෙස්ට් කරන්න..දැන් ඔයාගේ ගෙදර අයත් එයි.."
නර්ස්ලා මොනවා කියනවද කියලා මට ගානක් නෑ.මගේ හිත තිබුනේ ශාක්ය ළග.මං නර්ස්ලා දෙන්නයත් තල්ලු කරගෙන දිව්වේ ශාක්යව හොයන්න.මම යද්දි පෙරේරා අංකල් ඩොක්ටර් එක්ක කතාවක.මගේ කකුල් දෙක එතන නැවතුනේ ඉබේටම.
"අපි උපරිම උත්සහා කරනවා මිස්ටර් පෙරේරා..ප්රශ්නේ තියෙන්නේ බුලට් දෙකම වැදිලා තියෙන්නේ එයාගේ පපුවට..ඒ නිසා තමයි එයාව බේර ගන්න ගොඩක් අමාරු.."
ඩොක්ටර් කියපු දේ මට ඇහුනේ හිනෙන් වගේ.මට මතක ආයෙත් මං සිහිය නැතුව ඇදගෙන වැටෙනවා විතරයි.
ආයේ මට සිහිය ඇවිත් වට පිට බලනකොට අම්මි තාත්ති අයියලා දෙන්නා වජිරා ඇන්ටියි ඒ විතරක් නෙමෙයි විහාලා මාලක අයියලා මේ හැමෝම මගේ ළග.
"අනේ අම්මි සුදු අයියා.."
මං අඬාගෙනම අම්මිව බදාගනිද්දි එයත් මාව බදාගත්තේ අඬාගෙනම තමයි.
"සුදු අයියට මොනවත් වෙන්නෑ සුදු..ඔයා බයවෙන් නැතුව ඉන්නකෝ.."
තාත්ති මගේ ඔළුව අතගාලා කිව්වේ දුකින් කියලා මට තෙරුනා.ඒත් මම ඉන්නේ ඊට වඩා දුකෙන්.මගේ පපුව පිච්චෙනවා.
"අනේ අම්මි ම⁣ට සුදු අයියව බලන්න ඕන ප්ලිස්.."
"අපිට තාම සුදු පුතාව බලන්න බෑ සුදු.."
"අනේ දෙයියනේ මොනවද මේ උනේ..?කවුද මේ වගේ අපරාදයක් කලේ.."
මං කියව කියව හොස්පිට්ල් එක දෙවනත් වෙන්න කෑ ගැහැවේ පිස්සුවෙන් වගේ.මම කොහොමද දෙයියනේ මේ දුක උහුලන්නේ. මම මොනවා කියනවද කරනවද කියලාවත් මට දැනිමක්නෑ.
"නංගා දැන් ඔයා නාඩා ඉන්නකෝ..ශාක්යට මුකුත්ම වෙන්නෑ.."
දිමුතු අයියා මගේ ඔළුව අතගාලා කියද්දි මං එයා දිහා බැලුවෙත් අඬ අඬාමයි.
"මං කොහොමද දෙයියනේ අඩන් නැතුව ඉන්නේ..මට ඇඩෙනවා අයියේ.. සුදු අයියට ඒ මිනිස්සු වෙඩි තිබ්බේ මගේ ඇස් ඉස්සරහමයි.."
මට තාම ඒ සිද්දිය මැවි මැවි පේනවා.මටනම් මේ වෙච්ච දේ හිනයක් වගේ.මට මතක් වෙන්නේම ශාක්යගේ අර මං ආසාම හිනාව.
"මට දැන්මම සුදු අයියව බලන්න ඕන.."
මං අම්මිවත් තල්ලු කරගෙන නැගිටලා කියද්දි චූටි මගේ අතින් අල්ල ගන්නවා මට මතකයි. දැන් මට ඕන ශාක්යව බලන්න.
"සුදු මෙතන පිස්සු නටන්න ලෑස්ති වෙන්න එපා..අපිට තාම එයාව බලන්න බෑ.."
චූටි මට සැරෙන් කතා කරද්දි මං එයාගේ අත ගැසැරලා දැම්මේ තරහින්.මේ කවුරුවත්ම මට ශාක්යව බලන්න යන්න දෙන්නෑ ඇයි ඒ..?
"මට මගේ සුදු අයියව බලන්න ඕන..මට එයා නැතුව ඉන්න බෑ දෙයියනේ..ප්ලිස් මාව එයා ළගට එක්ක යන්න..ඇයි ඔයාලට මගේ දුක තේරෙන්නැත්තේ.."
මං තරහින් කෑ ගහද්දි ගෙදර අය මං දිහා බලාගෙන හිටියේ තුෂ්නිම් බූත වෙලා .
"මේ අහන්නකෝ සුදු..ශාක්ය තාම ඉන්නේ ඔපරේෂන් තියටර් එකේ..ඉතින් අපිට දැන්ම එයාව බලන්න බෑනේ.."
වජිරා ඇන්ටි කරුණාවෙන් කියද්දි මං කලේ එයා බදාගෙන අඩන එක.අනේ මගේ ශාක්යට මොනවද මේ උනේ..?
"එයාට ගොඩක් අමාරුද ඇන්ටි.."
"නෑ සුදු එයාට අමාරු නෑ..අපි දැන් ගෙදර ගිහින් පස්සේ එමු..එතකොට අපි ආයේ එද්දි එයාව බලන්න පුලුවන්නේ.."
"අනේ මට බෑ මට සුදු අයියව දාලා කොහෙවත් යන්න බෑ.."
මට මෙතනින් කොහෙවත් යන්න හිතක් නෑ.ශාක්යට වැදිච්ච උණ්ඩ ටික මගේ පපුවට වැදුනනම් මීට වඩා හොදයි.
"මේ අහන්නකෝ සුදු..ඔයා ඔහොම ඇඬුවොත් ශාක්යටත් දුක හිතෙයිනේ.."
වජිරා ඇන්ටි කියද්දි මං එයා දිහා බැලුවේ හිනාවෙලා.මං ඇස්වල කදුළු පිහදලා දාලා හිනා උනා.
"මං අඩන්නෑ..මාව සුදු අයියාව බලන්න එක්ක යන්නකෝ.."
"හරි යමුකෝ එහෙනම්.."
මං වජිරා ඇන්ටි පස්සෙම ගියේ නොයිවසිල්ලෙන්.එයා මාව එක්ක යන්නේ ශාක්ය ඉන්න දිහාවට නෙමෙයි හොස්පිට්ල් එකෙන් එළියට.මං එහෙම්මම නතර උනා.
"අනේ මේ කොහෙද යන්නේ මට සුදු අයියාව බලන්න ඕන.."
"සුදු මං කියන දේ අහනවා..මෙතන පිස්සු නටන්නැතුව එනවා යන්න ගෙදර.."
ලොකු මගේ අතින් ඇදගෙනම කර් එක දිහාට ඇදගෙන ගියා.
"අනේ මාව අතාරින්න ලොකු අයියා.."
මං කොච්චර කෑ ගැහැවත් ලොකු මාව ඇතැරියේ නෑ.එයා මම අඬද්දිම අරන්ගිහින් කාර් එකට දැම්මා.
************************************************
මං මගේ කාමරේට ආපු ගමන්ම කලේ කාමරේ තිබුන හැම බඩුවක්ම පොලේ ගහපු එක.මම හිටියේ ඒතරම්ම සිහිය විකල් වෙලා වගේ. මගේ කණ්නාඩි මේසේ උඩ තිබුන වීදුරු මල් පෝච්චිය අරගෙන මම පොලවේ ගැහැවේ හොදටම වියරුවෙන් වගේ.
"සුදු මොකද මේ..මොනවද ඔය කරන්නේ..?"
අම්මි කාමරේට ඇවිත් මාව අල්ල ගනිද්දි අනිත් අයත් මගේ කාමරේට දුවගෙන ආවා.ඒ අයනම් මගේ කාමරේ දිහා බලාගෙන හිටියේ පුදුමයෙන්.
"ඇයි ම⁣ට සුදු අයියව බලන්න දෙන්නැත්තේ..
මට මගේ සුදු අයියව බලන්න ඕන..මට එයා නැතුව ඉන්න බෑ අම්මි.."
මං හයියෙන් කෑ ගහලා අඩද්දි අම්මි මාව තුරුලු කරගෙනම ඇදේ වාඩි උනා.
"හරි සුදු..අපි සුදු පුතාව බලන්න යමු..දැන් මගේ මැණික අඩන් නැතුව ඉන්න.."
අම්මි මගේ කදුළු පිහදාලා කිව්වට මගේ ඇස්වල කදුළු ආයේ ආයේ අලුත් වෙනවා මං එහෙම්මම ඇදේ දිගාවෙලා මහා හයියෙන් අඬා වැටුනා.ඇයි දෙයියනේ ශාක්යට මේ වගේ දෙයක් උනේ..?
තව රෑ වෙද්දි සීතල අල්ලලා මට හොදටම උණ ගත්තා.මං ශාක්යගේ නම කියලා දෙඩේව්වා වගේ මට යන්තන් මතකයි.කවුදෝ කෙනෙක් මාව පරික්ෂා කරනවත් මට යාන්තන් මතකයි.සමහරවිට ඒ ඩොක්ටර් වෙන්න ඇති.අම්මි ඇවිත් මට බලෙන්ම බෙහෙත් පොවනවා වගෙත් මට මතකයි.ඊට පස්සේ වෙච්ච කිසිම දෙයක් මට මතක නෑ
මම නැගිට්ටේ ලොකු ඔළුව කැක්කුමකුත් අල්ලලා.මට මොනවා උනාද කියලා මට හරියටම මතක නෑ.අම්මියි වජිරා ඇන්ටියි මගේ දෙපැත්තේ නිදි.මට එකපාරටම මතක් උනේ ශාක්යව.අනේ දෙවියනේ මගේ ශාක්ය..
මම ඇදෙන් බැස්සා නෙමෙයි පැන්නා.ඒත් එක්කම මගේ කකුලෙන් මට දැනුනේ පුදුම වෙදනාවක්.
"ඌයි.."
මට කෑ ගැහුනේ ඉබේටමයි.මගේ කෑ ගැහිල්ලට අම්මියි වජිරා ඇන්ටියි දෙන්නම ඇහැරුනා.
"සුදු මොකද පුතේ..?"
අම්මි නැගිටලා මගේ ළගට ආවේ කලබලෙන්.ඇත්තටම මගේ කකුලට මොනවද උනේ මට වෙච්ච දෙයක් මතක නෑනේ.
"තුවාලේ රෙදෙනවද සුදු.."
"ටිකක්..අනේ අම්මි සුදු අයියව බලන්න යමුකෝ..මට එයාව බලන්න ඕන.."
මට ඕන උනේ ශාක්යව බලන්න.මගේ කකුලට මොනවද උනේ කියාලවත් මට දැනගන්න ඕන කමක් තිබුනේ නෑ.
"හරි හරි අපි තව ටිකකින් යමු සුදු..ඔයා ගිහින් වොෂ් දාගන්නකෝ.."
අම්මි කියන පමායින් මං නොන්ඩි ගගහාම බාත්රූම් එකට ගියා.මගේ කකුලේ යටිපල්ලේන් තමයි වේනාව ආවේ කකුල ගොස් කෑල්ලකින් ඔතලා.ඇයි මට වෙච්ච දේවල් මතක නැත්තේ..?
මම බාත්රූම් එකට ගියෙත් වජිරා අන්ටිගේ උදව්වෙන්..මට හරියට ඇවිද ගන්නයත් බෑ.ඒ මදිවට ඇගට හරි පනක්වත් නෑ.ඇන්ටි මට ඇදුම් ඇදගන්ත් උදව් කරපු නිසා හොදයි.නැත්තම් මට ඒකවත් කරගන්නවත් පනක් නෑ.මම අම්මි දිපු කිරි වීදුරුව උනත් බිව්වේ එයාගේ පොරේට මට කන්න බොන්නවත් උවමනාවක් නෑ.
***********************************************
අපි හොස්පිට් එකට යද්දි පෙරේරා අංකලුයි ඇන්ටියි ශාක්යා අක්කියි ඇවිත් ඒ විතරක් නෙමෙයි රුවන්ගියි එයාගේ අම්මමයි තාත්තයි දෙන්නත් ඇවිත්.මං දැක්කා විතරයි ඇන්ටියි අක්කියි මගේ ළගට ආවා.
"සුදු දැන් උණ හොදයි නේද..?"
ඇන්ටි අහද්දි මට පුදුම හිතුනා.මෙයාලා කොහොමද දන්නේ මට උණ කියලා.
"දැන් අඩුයි ඇන්ටි.."
"කකුලට මොකද සුදු උනේ..?"
ශාක්යා අක්කි අහද්දි මට බැලුනේ අම්මි දිහා.මංවත් දන්නෑ මගේ කකුලට මොනවා උනාද කියලා.
"ඊයේ රෑ වීදුරුවකට කකුල කපාගත්තා පුතේ මෙයා.."
ඒ කොයි වෙලාවෙද..?මට එහෙම එකක් මතක නෑනේ..? ඔන්න ඔය ඕන එකක් මට ඕන ශාක්යව බලන්න.
"අනේ අංකල් මට සුදු අයියව බලන්න ඕන ප්ලිස් මාව එක්ක යන්න.."
මං අංකල්ට බෑගැපත්වෙලා කියද්දි එයා ඇවිත් මගේ අතින් අල්ල ගත්තා.
"හරි එන්නකෝ යන්න .."
අංකල් මාවත් වත්තන් කරගෙන යන්න හදද්දි අපේ ඉස්සරහා හිටගත්තේ රුවන්ගි.එයා මං දිහා බලාගෙන හිටියෙනම් එසේ මෙසේ තරහකින්නම් නෙවෙයි.
"ඒක හරි අසාදාණයි මාමේ..මෙයා සුදු අයියව බලන්න යනවනම් මටත් එයාව බලන්න ඕන.."
රුවන්ගි කියද්දි මං අංකල් දිහා බැලුවේ අසරණ විදිහට.රුවන්ගි මෙතන පිස්සු නැටුවොත් මට මගේ කොල්ලව බලන්න බැරිවෙයිද දන්නෑ.
"රුවන්ගි මගේ යකා අවුසන්නැතුව පැත්තකට වෙනවා.."
අංකල් කෑ ගහද්දි මට පුදුම හිතුනා.රුවනගියි එයාගේ ගෙදර අයයි අංකල් දිහා බැලුවේ ඇස් ලොකු කරගෙන.එයාලා එහෙම ඉද්දි තමයි අංකල් මාවත් එක්කගෙන I.C.U එක දිහාවට ගියේ.ඒ යද්දිනම් මගේ හිතයි ගතයි දෙකම ⁣පණ නෑ වගේ.
අපි I.C.U එක ඇතුලට ගියේ කොළ පාට ඇදුම් වගයක් ඇදගෙන. I.C.U එක ඇතුලේ ඇදකට වෙලා සිහියක් නැතුව ඉන්න ශාක්ය දැක්කාම මට හුස්ම ගන්න පවා අමතක උනා.එයා තාමත් ජිවත් වෙන්නේ මැෂින් වලින්.මට අංකල්ගේ අත ඇල්ලුනේ ඉබේටම.මගේ ඇස්වලින් කදුළු ගලාගෙන ගියේ මටත් නොදැනිම.
"අනේ අංකල් සුදු අයියා.."
"අඩන්න එපා සුදු..අයියාට මුකුත්ම වෙන්නේ නෑ.."
අංකල් ඒක කිව්වෙනම් අඩන්න වගේ.මට මේ තරම් දුකනම් අංකල්ට මොවතරම් දුකක් වේදනාවක් ඇද්ද..?ශාක්ය කියන්නේ එයාගේ එකම පුතා.ඒත් ශාක්ය කියන්නේ මගේ මුළු ජිවිතේමයි.
මං ශාක්ය දිහා ඇහිපිහ ගාහන් නැතුව බලාගෙන ඉද්දි අංකල් මාව බලෙන්ම වගේ අරගෙන එළියට ආවා. අම්මි මගේ ළගට එද්දි මං එයාව බදාගෙන හොදටම ඇඩුවා.
ඩොක්ටර්ස්ලා කිව්වේ ශාක්ය තාම ඉන්නේ අවදානම් තත්වයක කියලා.එයාට සිහිය එනකල් මුකුත්ම කියන්න බෑ කියලා තමයි එයාලානම් කියන්නේ.මම හිටියෙනම් මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව.අඬලාම ඇගටවත් පණක් නෑ ඒ මදිවට මගේ කකුලේ තුවාලේ ඇදුම් දෙනවා ඊට වඩා වේදනා වකින් හිත ඇදුම් දෙනවා.
මම ශාක්යව බලන්න උදේ හවා ගියත් එයා කිසිම හැල හොල්මනක් නැතුව නිදාගෙන ඉන්නවා.එයා දකින දකින වාරයක් පාසා මගේ පපුවත් හිරවෙනවා.ශාක්ය මෙහෙම හිටපු කෙනෙක්ද හැම වෙලාවෙම දුවලා පැනලා විහිළු තහළු කරපු කෙනෙක්.එහෙව් එයා මේ විදිහට ඉද්දි කොහොමද මම දරාගන්නේ..?
ශාක්ය වෙනුවෙන් අපි එක දිගටම බෝධිපුජා තිබ්බා.මම අමාරුවෙන් හරි ඒ හැම බෝධිපුජාවකටම සහභාගි උනේ මගේ ශාක්යට ඉක්මනටම සනිප වෙන්න කියලා පතලා.අපි හයවෙනි දවසේ බෝධිපුජාව තියලා කෙලින්ම ගියේ හොස්පිට්ල් එකට.අපි යද්දි ඇන්ටි අපේ ළගට දුවගෙන එද්දි මේ මගේ පපුව හීතල වෙලා ගියා.මගේ කකුල් දෙකත් එක්ක පණ නැති උනා වගේ උනා.
"අනේ ඇයි ඇන්ටි මොකද උනේ..?"
මං ඇහැවේ වෙව්ල වෙව්ල.අනේ මගේ ශාක්යට මොනවා හරි කරදරයක්වද්ද..?
"සුදු.. සුදු පුතාට දැන් ටිකකට කලින් සිහිය ආවා.."
ඇන්ටි කියද්දි මගේ හිතට දැනුන සතුටනම් කියලා නිම කරන්න බෑ.මෙච්චර දවස් මං හිටියේ භාගෙට මැරිලා වගේ.ඒක ඇහුවා විතරයි මගේ ඇගටත් පණක් ආවා වගේ දැනුනා.මට ඉතින් හෝ ගාලා ඇඩුනා.ඒ නම් ඇඩුනේ සතුට වැඩි කමට.
"දැන් ඉතින් අඩන්න ඕන නෑනේ සුදු..ඔයා ගිහින් සුදු පුතාව බලන්න ..එයා ඔයා ගැන අහනවා.."
ඇන්ටි කියද්දි මම නොන්ඩි ගගහම ශාක්ය හිටපු කාමරේට ගියා.මගේ තුවාලෙත් තාම අඩුවක් නෑ.මං කාමරේට ඇතුළු වෙනකොටම ශාක්ය මගේ දිහා බැලුවා.ඒ ඇස්වල කදුළු පිරිලා.මගේ මේ ඇස් දෙකෙනුත් හෝ ගාලා කදුළු වැටේනවා.
"සුදු..මගේ මැණික.."
මං දැක්ක ගමන් ශාක්ය කතාකරා මං එයා ළගට ලං උනේ අඬ අඬාමයි.අනේ මගේ ශාක්යට දැන් සනිපයි.
"සුදු..."
ශාක්ය මොනවදෝ කියන්න හදද්දි මං අතින් එයාගේ කට වැහුවේ එයාට කතාකරන්න නොදි.එයාට තාම හරියට සනිපයක් නෑ එහෙව් එකේ කතා කරලා මහන්සි වෙන්න දෙන්න බෑ.
"සුදු අයියා අපි පස්සේ කතා කරමු හොදද..දැන් හොද සුදු වගේ රෙස්ට් කරමු.."
මං කියද්දි ශාක්ය මගේ අත අරගෙන සිපගත්තා.මං හිමිට පාත්වෙලා එයාගෙ නළල සිපගත්තේ හරි ආදරෙන්.මං දෙවියන්ට හිතින් පිං දුන්නේ මගේ ශාක්යව සනිප කරාට.
"මගේ ළගින් ඉන්න සුදු.."
ශාක්ය කියද්දි මං හිනාවෙලා එයාගේ ඔළුව අතගෑවා.මට කෑ ගහලා අඩන්න ඕන ඒත් ශාක්ය ඉස්සරහා අඩන්න බෑ.මම දන්නවා මම ඇඩුවොත් ශාක්යත් අඩනවා කියලා මේ තරම් දුරට සනිප වෙලා ඉන්න කෙනාව එහෙම අඬවලා මහන්සි කරවන්න හොද නෑ.
"මම ඔයා එක්කම ඉන්නවා සුදු අයියේ..ඔයා දැන් ටිකක් නිදා ගන්න.."
මම එතන තිබුන පුටුවක වාඩි උනේ ශාක්යගේ අත අල්ලගෙනමයි.මම හිමිට එයාගේ ඔළුව අතගාද්දි එයා ඇස්දෙක පියා ගත්තා.එයාට නින්ද යනකල්ම මං එයා ළගට වෙලා එයාගේ ඔළුව අතගගා හිටියා.
මගේ හිතට දැනුනේ කියා ගන්න බැරි තරම් සහනයක්.අද හැමෝම සතුටින් දැන් දවස් හය හතක් තිස්සේම අපි හැමෝම හිටියේ ඇඬු කදුලෙන්.මට දැන් තියන ලොකුම ප්රශ්නේ තමයි ශාක්යට මේ වගේ වැඩක් කරේ කවුද..?
ඒ දේවක වෙන්නත් පුළුවන් ගිවන්ත වෙන්නත් පුළුයන්.අනිවාර්යෙන්ම ඒ දෙන්වා තමයි මේ වැඩේ කරන්න අරත්තේ.මේ කරපු වැඩේටනම් මේ දේවා ඒ තාත්තයි පුතාවයිනම් ලේසියෙන් අතාරින්නේ නෑ.
මං හොස්පිට්ල් එකේ බංකුවකට වෙලා වාඩිවෙලා ඉද්දි රුවන්ගි ඇවිත් මගේ ළගම වාඩි උනා.මං එයාව නොදැක්කා වගේ අහක බලාගත්තේ එයා එක්ක මට කතාවක් නැති නිසා.මේයා මහලොකුවට ශාක්යට ආදරෙයි කිව්වට මම දැක්කේ නෑ මෙයාගේ ඇහෙන් ශාක්ය වෙනුවෙන් එක කදුළු බිංදුවක්වත් වැටෙනවා.
"දේවාශි හිතන්න එපා තමුසේ දිනුවා කියලා.. මං තමුසේට දිනන්න කවදාකවත් ඉඩ තියන්නෑ.."
රුවන්ගි තරහින් කියද්දි මේ ම⁣ටත් අසුහාරදහටම තද උනා.මේ රුවන්ගිනම් කවදාකවත් හැදෙන කෙනෙක්නම් නෙමෙයි.
"ඇයි තමුසේ මට මොනවා කරන්නද..ආයෙත් මට අරසිඩ් ගහනවද..නැත්තම් මට වෙඩි තියනවද..තමුසේ මොනවද කරන්නේ.."
"තමුසේ බලාගෙන ඉන්නවා මොනවද වෙන්නේ කියලා.."
"හරි බලමු..එකක් මතක තියාගන්නවා රුවන්ගි මේ දේවා හොදට හොදයි නරකට නරකයි..මාත් තමුසේව ලේසියෙන් අතාරින්නෑ.."
මං කියද්දි රුවන්ගි හිනාඋනේ සමච්චලේට වගේ.ඒ වෙලාවෙනම් මේ දේවාගේ තරහව ඩබල් ත්රිබල් උනා.
"මොකෝ තමුසේ හිනා වෙන්නේ..?"
"තමුසේ තමුසේගේ ගෙදර අයට ආදරේනම් සුදු අයියව අතාරිනවා..නැත්තම් තමුසේගේ ගෙදර අයටත් විදවන්න වෙයි.."
රුවන්ගි කියද්දි මං සීතල වෙලා ගියා.මටනම් රුවන්ගි ගැන දැනේන්නේ මාරම තරහක්. ඒත් එක්කම කවුද මං දන්නෑ රුවන්ගිගේ කොන්ඩෙන් ඇදලා ගත්තේ මාවත් අන්ද මන්ද කරලා.මං දැක්කේ පෙරේරා අංකල් තරහින් රුවන්ගිගේ කොණ්ඩෙන් අල්ලගෙන ඉන්නවා.
"උඹ මොකද්ද කිව්වේ..උඹ දැනගනින් මං උඹව ලේසියෙන් අතාරින් නෑ..උඹ හිතුවේ මං උඹ කරන දේවල් දන් නෑ කියලද..?"
අංකල් තරහින් කෑ ගහද්දි මං අංකල්ගේ අතේ එල්ලුනේ බයෙන්.අංකල්ට තරහා ගිහින් ඉන්න විදිහට රුවන්ගිට මොනවා කරයිද දන්නෑ.
"මාමා මොනවද මේ කියන්නේ..?"
රුවන්ගි බයෙන් වගේ අහද්දි අංකල්ගේ තරහා තවත් වැඩි උනාද මංදා.
"අනේ අංකල් එයාව අතාරින්න.."
මං කෑගහද්දි අපේ ගෙවල් වල හැමෝම එතනට අවා.ඒ කට්ට්යත් බයවෙලා.එයාලටත් හිතාගන්න බැරුව ඇති මේ මොනවා වෙන්න යනවද කියලා.
"අයියේ මොනවද මේ කරන්නේ අතාරින්න මගේ දරුවව.."
රුවන්ගිගේ අම්මාත් කෑ ගහද්දි අංකල් එයා දිහා බැලුවේනම් පුංචි පහේ තරහකින් නෙමෙයි.මටත් හිතාගන්න බෑ අංකල් මෙහෙම හැසිරෙන්නේ ඇයි කියලා.
"මං මේකිව ලේසියෙන් අතාරින්නෑ..මේකි තමයි අර ඇමති ලවා මගේ කොල්ලට වෙඩි තිබ්බේ.."
අංකල් කෑ ගහද්දි මං ගැස්සිලා ගියා.ගෙදර අයත් අංකල් දිහා බලාගෙන හිටියේ ඇස් ලොකු කරගෙන.අංකල් මොනවද මේ කියන්නේ..?
"මොනවද බං උඹ මේ කියන්නේ..?"
"මං ඇත්ත කාවිංග කියන්නේ..මේකි අර ඇමති ලවා හැදුවේ සුදු දුවට වෙඩි තියන්න ..හැබැයි ඒ වෙඩිල්ල වැදුනේ සුදු පුතාට.."
අංකල් කියද්දි මගේ කකුල් දෙක පවා පන නැතුව ගියා.අංකල් කියන්නේ ඇත්තද..?
මටනම් හිතාගන්න බෑ..රුවන්ගි වෙඩි තියන්න හුදුවේ මටද ..? එතකොට මං නිසාද අද ශාක්යට මෙහෙම උනේ..?

මතුසම්බන්දයි


No comments:

Post a Comment

UNIVOTEC එක ගැන

UNIVOTEC එකේ පාඨමාලා සහ වැඩි විස්තර සදහා පහත ඇති PDF ෆයිල් එක භාවිතා කරන්න. https://drive.google.com/open?id=1zbMNZ14FNiYV2f34K91x1KqpKmid...