ලොකු එකි වගේ නෙමෙයි පොඩි කෙල්ල හරි සුදුයි නෙද . "
" ඔව් නංගීයේ ලොකු එකි අපේ මිනිහාගේ අම්මා වගේ නේ එකයි ඔය කළු . මමයි මිනිහායි දෙන්නම සුදු වෙලාත් මේකි කළු උනානේ"
" පොඩි කෙල්ල හරි හැඩයිනේ"
" ඔව් එයා මම වගේ එකයි ලස්සන "
අම්මා හරිම ආඩම්බරයෙන් නංගි ගැන කියෙව්වේ අපේ පුංචි අම්මා එක්ක. කාමරයට යන්න ආවා මම කාමරයට ගාව නැවතුනේ තවත් මේවා අහගෙන ඇතුලට යන්න බැරි නිසා .
ඒ කිව්වේ මම ගැන. මම තමයි මම දනුකි දහම්සා සෙනෙවිරත්න. මම කළු කෙල්ලෙක් මගේ අම්මායි තාත්තායි දෙන්නම සුදුම සුදුයි . එත් මම ගොඩක් කළුයි . මම අත්තම්මා වගේ . අත්තම්මා විතරයි එකෙන් මට ආදරේ කරේ. මමයි නංගි විතරයි ඉන්නෙ . අද නංගි ලොකු ලමයෙක් වෙච්ච උත්සවය .
" උබ එහෙම අද ඉස්සරහට එන්න එපා . මිනිස්සු අහන ප්රශ්න වලට උත්තර දිලාම එපා වෙනවා උබ ආවොත් . එකෙන් උබ කාමරයට වෙලා හිටපන් "
අම්මගෙ කෑගැහිල්ලටයි මම ඔලුව උස්සලා බැලුවේ . මට හැමදාම අම්මාගෙන් ඔය වගේ දෙවල් අහලා පුරුදුයි .
" හා අම්මේ "
" උබ එළියට ආවොත් උබේ කකුල් දෙක කඩනවා දැනගනින්"
මම කාමරයට යද්දී නංගි හැඩවෙනවා. ලස්සන ගවුමක් ඇදලා . කණ්ඩිය ඉස්සරහ හැම පැත්තටම හැරි හැරි බලනවා
" නංගි ඔයා හරිම ලස්සනයි අද"
" මම එක දන්නවා තමුසෙ කියන්න ඕනෙ නෑ. මම අද විතරක් නෙමෙයි හැමදාම ලස්සනයි . තමුසෙ වගේ කැත නෑ "
ඒ ටික කියලා ගස්සලා දාලා කාමරයේ එළියට ගියේ මගේ නංගි නෙතුකි සෙහන්සා සෙනෙවිරත්න . එයා ගොඩක් ලස්සනයි . එයාත් අම්මා වගෙම දවසම මට ඇනුම්පද කියනවා. රිදෙන තරම නම් කියලා වැඩක් නෑ.
එළියෙන් හරියට සද්දෙ ඇහෙනවා . යන්න ආස හිතුනත් ගියොත් අම්මා මට හොද දෙකක් කියයි. අනික ඇදගෙන යන්න හොඳ ඇදුමක් වත් නැනේ.
"කො නංගි ලොකු එකි"
"එයාගේ ඔලුව රිදෙනවා කියලා අන්න කාමරයේ නිදි"
හරි ලස්සනට අම්මා බොරුවක් හදලා ලොකු අම්මාට කියනවා මට ඇහුනා. මට හොදටම බඩගිනි එක්ක . මම තිබ්බ හොඳම ඇදුමත් ඇදගෙන එළියට ආවේ බත් ටිකක් බෙදාගෙන කාමරයට යන්න .
මම බත් එකත් බෙදාගෙන යන්න හදද්දී කවුද මගේ පිට පස්සේන් හිටගත්තා . එතකොටම මගේ කනෙන් ඇල්ලුවේ
" මම උබට කිව්වා නේද එළියට එන්න එපා කියලා "
" අනේ අම්මේ කන රිදෙනවා අත අරින්නකො"
" උබ නම් මාව කන්න උපන් කෙල්ලෙක් . මෙච්චර කියලාත් ආවා නෙද එළියට"
මගේ කොන්ඩෙන් ඇදගෙන කාමරයට ගියේ මට හොදටම බැන බැන.
" උබ නම් මාව මරගෙන කන්න ආවා යක්ෂණියක්. මෙච්චර කියලාත් ආවනේ උබ් එළියට . "
" අම්මේ මට බඩගිනි නිසායි එළියට ආවේ "
" උබේ මහා ලොකු බඩගින්න. මේවා මගේ කරුමේ . උබ වගේ අගුරු කැල්ලක් හදගත්ත එක"
" උබට අද කෑම ඕනෙ නෑ. මේ වැඩ ටික ඉවර උනාම මම උබට හොඳ පාඩමක් උගන්නම්"
මේසේ උඩ තිබ්බ කෑම පිගනත් අරගෙන ගිහින් මට තවත් බැන බැන අම්මා එක බල්ලාට දැම්මා . ගෙදර හිටිය බල්ලට තරම් වත් අම්මා මට ආදරේ කරේ නෑ.
එහෙම ඇදට වැටිලා මම හොදටම ඇදුවා. වෙන මට කරන්න දෙයක් තිබ්බෙ නෑ. තමගේ අම්මා මෙහෙම කරද්දී තව මම මොන කරන්නද. මම කළු විම අම්මාට ලොකු ලැජ්ජාවක්.
මම අඩ අඩ ඉන්නකොට කවුද මගේ ඔලුව අතගනවා වගේ දැනුන නිසා මම ඔලුව උස්සලා බැලුවේ
ඊලඟ කොටසින් හමුවෙමු.
දෙවැනි කොටස
" උබට අද කෑම ඕනෙ නෑ. මේ වැඩ ටික ඉවර උනාම මම උබට හොඳ පාඩමක් උගන්නම්"
මේසේ උඩ තිබ්බ කෑම පිගනත් අරගෙන ගිහින් මට තවත් බැන බැන අම්මා එක බල්ලාට දැම්මා . ගෙදර හිටිය බල්ලට තරම් වත් අම්මා මට ආදරේ කරේ නෑ.
එහෙම ඇදට වැටිලා මම හොදටම ඇදුවා. වෙන මට කරන්න දෙයක් තිබ්බෙ නෑ. තමගේ අම්මා මෙහෙම කරද්දී තව මම මොන කරන්නද. මම කළු විම අම්මාට ලොකු ලැජ්ජාවක්.
මම අඩ අඩ ඉන්නකොට කවුද මගේ ඔලුව අතගනවා වගේ දැනුන නිසා මම ඔලුව උස්සලා බැලුවේ .
" අත්තම්මා ඔයා "
" අඩන්නේ නැතුව මෙහේ එන්න මගේ කෙල්ලෙ. "
"ඇයි අත්තම්මෙ අම්මා මට මෙහෙම කරන්නෙ මම කළු නිසාද. නංගිට අම්මා ගොඩක් ආදරේයිනේ. "
අත්තම්මා ටිකක් වෙලා නිහඬ වෙලා මගේ දිහා බලාගෙන හිටියා . අත්තම්මාත් ගොඩක් අසරණයි .
"කො අඩන්නේ නැතුව මේ බත් ටික කාලා ඉන්නකො"
" මට එපා අත්තම්මෙ . අත්තම්මා කෑවද"
" එන්න මම කවන්න මගේ කෙල්ලට"
අත්තම්මා හරිම ආදරේන් මට කැව්වා .මට ආදරයක් ලැබුණේ මගේ අත්තම්මාගෙන් විතරයි . තාත්තා ආදරේ උනත් අම්මාට විරුද්ධව තාත්තා මුකුත් කරේ නෑ . මට අත්තම්මාගෙ උකුලේ හරි සනීපයට නින්ද ගියා . මම උදේ නැගිටිද්දි අත්තම්මා ගිහින් .
" දනුකි නැගිටිනවා"
අම්මාගේ සද්දෙට මම ඇහැරුනේ . මම අමාරුවෙන් ඇස් ඇරලා ගියේ කුස්සියේ පැත්තට . නැත්තම් අම්මා මට හොදටම බනිවි .
" මේ පිගන් ටික හොදලා අඩුක් කරපන් "
" හරි අම්මේ ...."
මම පිගන් සොදන තැනට ආවේ අපේ නංගි . එයාගෙන් නම් අම්මා වැඩක් ගන්නේ නෑ. වැඩ කරොත් එයා අත් දෙක කැත වෙනවලු
"ආ අක්කේ පිගන් සොදනවා වගේ . ඉන්නවා තමුසෙට හොඳ වැඩක් කරන්න "
" එප නංගි ඕක බිම දන්න "
මම කෑගහද්දි නංගි පිගන බිම දැම්මා . අම්මා සද්දෙ ඇහිලා දුවගෙන ආවේ මිදුලේ ඉදන්.
" උබ එකත් කැඩුවා නේද . මේක මගේ දෑවැද්දට ගෙනව පිගන් වලින් එක්ක . හිටපිය හොඳ වැඩක් කරන්න "
අම්මා හොඳ කොටුවක් කඩගෙන එනවා බල බල නංගි හිනා වුනා . නංගි ගොඩක් කැමති මට රිද්දලා සතුටු වෙන්න .
" අනේ ගහන්න එපා අම්මේ මට රිදෙනවා "
" උබ නම් මාව කන්න ආව මුසල කෙල්ලෙක් "
" අනේ අම්මේ මම නෙමෙයි කැඩුවේ . නංගි බිම දැම්මේ "
" ඔය බොරු අම්මේ අක්කා කියන්නේ . මම ආවේ වත් නෑ ඔය පැත්තට "
" කඩලා මදිවට අර අහිංසක කෙල්ල අල්ලන්නත් ආවද . ඊයෙත් එපා කියද්දී උබ එළියට ආවා නෙද හිටපන් මම හොඳ වැඩක් කරන්න "
" අනේ අම්මේ ... අ....නේ මට රිදෙනවා . අ...නේ ...ගහන්න එපා අම්මේ ... අව්ව්...ව්ව්ව් ....රිදෙනවා අම්මේ ......අනේ ගහන්න එපා අම්මේ "
මම අඩ අඩ කොච්චර කෑ ගැහුවත් අම්මා කොටුව කැඩෙනකන් ගහලයි නැවැත්තුවේ . කොටුව කැඩුන නිසා දඩිය පිහිදාගෙන මට බැන බැන ගියා. වෙනදාට නම් අත්තම්මා හරි තාත්තා හරි මාව බේරගන්නවා . අද ඒ දෙන්නාත් ගෙදර නෑ
" ඇයි නංගි බොරු කිව්වේ "
මම කදුලු පිහිදද නංගි ඇහුවේ .
" හොඳ වැඩේ කළුච්චිට "
එහෙම කියලා නංගි හයියෙන් හිනාවුණා. අමාරුවෙන් කකුල ඇද ඇද කාමරයට ගියේ තවත් එතන හිටගෙන ඉන්න හැකියාවක් මට තිබ්බෙ නෑ. ඇයි මගේම අය මට මෙහෙම කරන්නෙ .
ඊලඟ දවසේ උදේම ඉස්කෝලේ යන්න ලැස්ති වේලා කණ්නාඩිය ගාවට ගියේ කොන්ඩේ ගොත ගන්න . මම කළු වුනාට . මට ලස්සන දිග කොන්ඩයක් තිබ්බා. මට ලස්සනයි කියලා තිබ්බෙ එක විතරයි . කොන්ඩේ පිරද්දි ගැස්සිලා හැරුණේ නංගි සද්දෙට .
" මේ හලෝ එහාට වෙනවද . තමුසෙ මොකද ඔච්චරයි හැඩවෙන්නේ. ඔච්චර කැත මුහුණ කවුරුත් බලන්නේ නෑ. එහාට වෙනවා"
එහෙම කියලා නංගි මාව තල්ලු කරලා දැම්මා .
" මොකද්ද නංගි ඔයා ඒ කර කැත වැඩේ"
" තමුසෙ කොච්චර කණ්නාඩිය ඉස්සර හිටියත් තමුසෙගේ උපන් කැත යවන්න බෑ . "
නංගි කියන දෙවල් දැන් මට හොදට පුරුදුයි . නංගි ඇත්තටම ගොඩක් ලස්සනයි . මගේ නංගි කියලා හිතන්නවත් බෑ
" මේ තමුසෙ එන්න එපා මත් එක්ක ස්කොලේ යන්න . තමුසෙ එක්ක ගියාම මට යාළුවො විහිළු කරනවා. "
නංගිගේ වචන පිහියෙන් අනිනවා වගේ ඔහේ කියලා දනවා. මගේ හිත රිදුනද කියලවත් ගනක් නෑ. එහෙම කියලා අම්මාටයි තාත්තායි වදින්නේ නැතුව ගියා . එයාට කොහොමත් එහෙම පුරුද්දක් නෑ. මම අම්මටයි තාත්තායි වැදලා එහෙම ස්කොලේ ගියා .
" තමුසෙ මෙතන ඉදගන්න එපා. තමුසෙගෙ ඔය කළු මගේ ඇගෙත් ගැවෙයි. එහාට යනවා කළුච්චි "
එහෙම කියලා මගේ පොත් ටිකත් බිම දැම්මා . කදුලු පිහිදගෙන මම මගේ පොත් ටික ඇහිද ගත්තා . ඒ කෑගැහුවේ අපේ පංතියේ හිටිය ලස්සනම ළමයා. එයා හිතාගෙන ඉන්නෙ සමේ පාට කියන්නේ හැමතැනම ගැවෙන දෙයක් කියලා .
" සමාවෙන්න. මම දන්නේ නෑ ඔයා මෙතන කියලා . කවුරුත් නැති නිසායි මම ඉදගන්න හැදුවේ "
" යනවා යන්න කළුච්චි . "
කගෙවත් කටවල් මට වහන්න බෑනේ . මම පොත් ටිකත් අරගෙන පස්සට ගියා .
" දනුකි දනුකි දනුකි . ඔයා මෙතන ඉදගන්න "
මම හැරිලා බැලුවේ කවුද ඒ කතා කරන්නේ කියලා . එහෙම කියන්න මට මෙ පංතියේ කවුරුත් හිටියේ නැහැනෙ මිට කලින්
තුන්වන කොටස
එයා හරිම හොඳ පාටයි. මම එතනින් එදගත්තා. එයා හිනාවෙලා මගේ දිහා බලාගෙන හිටියා. ඔව් එයාගේ නම අනුරධා.
" එයා කියන එවා ගණන් ගන්න එපා දනුකි . එයාට කොහොමත් පිස්සුනේ"
මම හිනාවෙවි බලාගෙන හිටියේ අනු කියන දිහා . අනු ඔය බනින්නේ මට මෙච්චර වෙලා බැන්න ඩිල්කිට . මට මෙච්චර හොදින් කෙනෙක් කතා කරමද කොහෙද . පොඩි කාලේ එදන් මිනිස්සුන්ට මාව පෙන්න බැහැනේ
" එයා කොහොමත් කරන්නේ ආව වේලාවේ එදන් හැඩ වෙන එකනේ. හිතාගෙන ඉන්නෙ එයා හරි ලස්සනයි කියලා . මේ ඔයා ඊයේ දුන්නා ගෙදර වැඩ ටික කරද."
මම ඔලුව වැනුවේ ඔව් කියලා කියන්න
" අනේ දෙන්නකො මම ඉක්මනට ලියා ගන්න"
මම ඉගෙන ගන්න නම් ගොඩක් දක්ෂයි. හොදට චිත්ර අදින්න සිංදු කියන්න නැටුම් වලට මම ගොඩක් දක්ෂයි . මිස් එන්න කලින් අනු පොත ඉල්ලගෙන කොපි කරගත්තා .
අද අපිට නැටුම් දවස කට්ටියම එක්ක නැටුම් කාමරයට ගියා .අනු ඉන්නෙ දැන් මම එක්කමයි . ටිකක් වේලා නටනකොට මිස් මගේ දිහා බලලා අඩ ගැහුවා.
" කෝ ඔය ලමයා එන්න ඉස්සරහට "
මම බයෙන් බයෙන් බිම බලාගෙන ඉස්සරහට ගියේ මොන දෙකට බනිවිද කියලා දන්නේ නැති නිසා .
" ඔය ලමයට හොදට නටන්න පුලුවන් නේ ඔය ලමයා නැටුම් තෝරාගන්නවා මම. කෝ නම කියන්න ඔය ලමයගේ"
"දනුකි දහම්සා "
මගේ කොන්ඩේත් ටිකක් දිග නිසායි , හොදට නටනවත් නිසා මාව තොරගත්තා. අපේ නැටුම් කාමරය පොඩි නිසා . ගොඩක් ලමයි නැටුම් වලට තොරගන්නේ නෑ මිස්.
මම හරිම ආසවෙන් ගෙදර දිව්වේ අම්මාට කියන්න .
" ආ උබ ආවද . ඔය ඇදුම් මාරු කරගෙන වරෙන් මේ වත්ත සුද්ද කරන්න"
කියන්න ගිය දේ පැත්තක තියල මම ගෙට දිව්වේ ඇදුම් මාරු කරගන්න . පරක්කු වුනොත් අම්මාගෙන් ගුටිකන්න වෙන නිසා . ගෙදරට අදින චිත්ත ගවුමත් ඉක්මනින් ඇදගෙන ආවේ වත්ත සුද්ද කරන්න
" ඔය හරියේ සැහෙන්න තණකොළ වැවිලා ගලවලා දාපනකෝ"
" අම්මේ අම්මේ "
" මොකො උබ අම්මේ අම්මේ ගන්නේ . මම මෙතන ඉන්නෙ මගේ කන් හොදට ඇහෙනවා"
" මාව නැටුම් වලට තොරගත්තා . මිස් කිව්වා නැටුම් වලට එන්න කියලා "
මම හරි ආසවෙන් හිනාවේවි අම්මාට කිව්වා
" උබට හරියන්නේ නෑ නැටුම් . නංගිට නම් නැටුම් හොදයි. නංගි ලස්සන නිසා එයාට තමයි නැටුම් හොඳ "
මගේ සතුට විනාඩියෙන් නැති වෙලා ගියේ . කොච්චර ආසවෙන් ද මම නැටුම් වලට යන්න හිටියේ .
" මේ දනුකියෝ උබ තොරගනින් චිත්ර "
" හා අම්මේ "
" වත්ත සුද්ද කරලා ගිහින් කාපන් උබ. තම සුදු මැණිකේ ආවේ නැහැනේ "
අම්මා එහෙම කිය කියා පාර පැත්ත බලලා ගෙට ගියා . නංගි කොහොමත් එන්නේ මම ඇවිල්ලා පැයකට විතර පස්සේ . මුලු ගම වටේම රවුම් ගහලා ගෙදර එන්නේ. මතක් කරද්දිම නංගි එනවා
" නංගි ඔය බිම තියන පිහිය අරන් දෙන්නකෝ"
" ඊයා.... මට නම් බෑ . මගේ අතේ මඩ ගැවිලා නියපොතු කැත වෙයි . තමුසෙට ඕනෙ නම් ගන්නවා කළුච්චි . තමුසෙගෙ නම් මඩ ගැවුනත් පෙන්නේ නෑනේ කළු නිසා"
එක කියලා හයියෙන් හිනාවෙලා නංගි ගෙට ගියා . මගේ හිත රිදෙනවා කියලා එයාට හිතෙන්නේ නෑ . වත්ත සුද්ද කරලා කන්න යනකොට මට කාමරයේන් ඇහුණේ අම්මගෙ නංගි කතාව
." අම්මේ බලන්නකො . මාව නැටුම් වලට තොරගත්තේ නෑ අරකිව නම් තෝරගෙන . මට මගේ යළුවෙක් කිව්වා එයාව තොරගත්ත කියලා "
" මට කිව්වා තොරගත්තා කියලා . මම කිව්වා උබට නටන්න බෑ ගිහින් චිත්ර කරන්න කියලා . මගේ සුදු මැණික දුක් නොවි ඉන්න "
මට හිනෙන් වගේ ඇහුණේ . ඇයි අම්මා මට මෙහෙම කරන්නේ. මමත් දරුවෙක් නෙද. කදුලු පිහිදගත්තේ ඇඩුවා කියලා කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැතු නිසා .
ඉක්මනින් බත් එක බෙදාගෙන කෑවේ බඩගින්න උහුලගන්න බැරිනිසා. ඉක්මනින් කාලා ගෙදර වැඩ ටික කරන්නයි ලැස්ති වුනේ. හවස හතරටත් කිට්ටුයි මම කද්දී . කාලා ගෙදර වැඩ කරන්නයි කාමරයට ගියේ . පොත දිග අරිනකොටයි අම්මා කතා කරේ.
" දනුකි මෙහෙ එනවා "
" එනවා අම්මේ "
මම පොතත් වහලා කුස්සියට දිව්වා . නැත්තම් මට හැදි මිටෙන් ගුටි කන්න වෙන්නේ එන්න පරක්කු වුනා කියලා .
" උබේ කන් ඇහෙන්නේ නැද්ද . මම දැන් කොච්චර කතා කරද .උබ ගේ අස්කරලා රැට උයපන්. "
" ස්කොලේ වැඩ වගයක් දුන්නා අම්මේ. ඒ ටික කරලා ගේ අස්කරන්නද "
" උබ ඉගෙන ගත්ත කියලා දොස්තර නොනා කෙනෙක් වෙන්නැයි . මගේ ගුටි නොකා ගිහින් අස්කරපන්"
අම්මාත් එක්ක තර්ක කරන්න ගියොත් මටයි ගුටි කන්න වෙන්නේ . මට රසට උයන්න පුලුවන් මම අවුරුදු නවයෙදි වගේ අම්මා උයන්න කිව්වේ . එදා එදලා මමයි ගෙදර උයන්නේ.
ගේ අස්කරලා උයලා වලං ටිකක් සොදලා ඉවරවෙද්දි 11 කිට්ටුයි .ගෙදර හැමොම නිදි . මම දුවලා ගියේ ස්කොලේ දුන්න වැඩ ඉවර කරන්න . මම යනකොට නංගි නිදි.
" මේ තමුසෙට පිස්සුද ලයිට් දන්න. ඕක නිවනවා මට නිදගන්න.. තමුසෙ නම් මහා වදයක් . නිදියන්නවත් දෙන්නේ නෑ"
ස්කොලේ වැඩ කරන්න ලයිට් දැම්ම පාර මම නංගි අහගත්ත දෙවල් තමයි ඒ. ලයිට් එකත් නිවලා මමත් නිදියන්න ගියා.
ඉක්මනින් උදෙන් නැගිට්ටේ උයන්න . මම ස්කොලේ යන්න ඕනෙ උදෙට උයලා . එහෙමයි අම්මා කියලා තියෙන්නෙ. නැත්තම් මට ස්කොලේ යන්නත් නැති වෙනවා. මම නැගිටලා උයද්දී ගෙදර හැමොම නිදි. ඉක්මනින් වැඩ ඉවර කරලා ලෑස්ති වෙලා ස්කොලේට ගියා .
මම ස්කොලේට යද්දී ගොඩක් පරක්කු වෙලයි තිබ්බෙ . ඉස්සරහ ලොකු සර් හිටගෙන ඉන්නවා දැක්ක පාර නම් අද ඉවරයි කියලායි මට හිතුණේ .
" දැන් වේලාව කියද බලනවා . ස්කොලේ එන්නේ මේ වේලාවට ද. දණගහනවා . මම කියනකන් නැගිටින්නේ නෑ"
සර් කියලා යන්න ගියා . දැන් මම දණගහගෙන පැයක් විතර වෙනවා.
ඊලඟ කොටසින් හමුවෙමු
පැයක් විතර දණගහගෙන හිටපු මගේ දණහිසේ ගල් ඇනිලම රිදෙනවා . ලොකු සර් ඇත එනවා දැකලා මට පුංචි සතුටක් ඇතිවුණා . දැන් ඉතින් මට නැගිටින්න පුලුවන් නිසා .
" ඔය ලමයා නැගිටලා පංතියට යන්න. අයෙ කවදවත් පරක්කු වෙලා එන්නේ එහෙම නෑ. මේ අන්තිම අවස්ථව ඔය ලමයට දෙන"
මම නැගිටලා කකුලේ තිබ්බ වැලි කැටත් පිහිදගෙන පංතියට ගියා . යද්දී මිස් හිටියේ නෑ. මාව දැක්ක අනු ලස්සන හිනාවකින් මාව පිලිගත්තා.
" මම හිතුවේ ඔයා අද එන එකක් නෑ කියලා "
"අද ටිකක් පරක්කු වුනා අනු "
ගණිතය මිස් පංතියට එනවා දැක්කමයි මට හින් දාඩිය දැම්මේ ඊයේ දිපු ගණන් ටික හැදුවේ නෑ කියලා මතක් වෙලා . අම්මා වැඩ කරන්න කිව්වා නිසා මට ඒ වැඩ කරන්න බැරිවුනානේ.
මම හිටියේ දෙවැනි පේළියේ . ඊලඟට පොත පෙන්න හිටියේ මම තමයි . කකුලුත් වෙව්ලන්නවා . මට හොදටම දඩියත් දාලා .
" මොකද දනුකි ඔයාට වෙලා තියෙන්නේ"
" මම ගෙදර වැඩ කරේ නෑනේ අනු "
" ඔයා මේ පොත අරන් ගිහින් පෙන්න දනුකි . මට නම් ගෙදර වැඩ නොකර මිස්ගෙන් බැනුම් අහලා පුරුදු . ඔයාට එහෙම නැනේ . ඔයා දක්ෂයිනේ. මේ පොත අරගෙන යන්න "
මට පුදුමත් හිතුනා. මෙච්චර හොඳ අය ඉන්නවද. එයාගෙ පොත මට දිලා එයා බැනුම් අහන්න තරම්.
" එපා අනු . මම අදට බැනුම් අහන්නම්"
" දනුකි පොත අරගෙන එන්න."
මිස්ගේ සද්දෙට මම පොතත් අරගෙන නැගිට්ටේ . මගේ අත් වේව්ලනවා . මම මිස්ට පොත දික් කරලා හිටගත්තා . මිස් පොතේ පිටු පෙරලලා මගේ දිහා බැලුවේ මුහුණ රතු කරගෙන .
" දනුකි.. කෝ මම දිපු වැඩ කරලා නැනේ . හොදට වැඩ කරන ඔයාට මේ මොකද වේලා තියෙන්නේ . එක ගනක් වත් හදලා නෑ. ඔක්කොම හිස් මොනවා කරන්න හිතාගෙන ඉන්නවද දන්නේ නෑ"
මිස් හොදටම බැනලා පොතත් විසිකර එළියට .වැරද්ද මගේ හැමදාම වැඩ්කරන මම අද කරගෙන එන්න බැරිවුණා . අනු ඇරෙන්න මුලු පංතියම හයියෙන් හිනාවුණා .
" ඕකිට පුලුවන් ඉගෙන ගන්න විතරයි . දැන් එකත් බැරිද කොහෙද "
" හොඳ වැඩේ කළුච්චිට ඔහොම වෙන්න ඕනෙ ඔය කළුච්චිට . "
මම පොත ඇහිදින්න පහත් වෙද්දී ඩිල්කියි එයාගේ යළුවෝ ටිකයි කියනවා මට ඇහුණා . ඔය දෙවල් අහලා මට හොදට පුරුදුයි .
ඩිල්කි සුදුයි ලස්සනයි නිසා පුදුම ඔලුවකින් ඉන්නෙ . ඒ උනට පංතියේ අන්තිමට කලින් කෙනයි ඩිල්කි කියන්නේ .
එළියෙ තිබ්බ පොත් අරගෙන නැගිටිඩ්ද්දි දැක්කෙ . ලස්සන මිස් කෙනෙක් ඇත එනවා. හරිම ලස්සන ඒ මිස් . තලලු හමක් තියන, කොන්ඩේ ලස්සනට ගොතලා හරිම ප්රියමනාපයි. කලින් නම් මම ඒ මිස් දැකලා තිබ්බෙ නෑ අපේ ස්කොලේ .
" ඇයි ඔය ලමයා එළියෙ. යන්න ළමයො ඇතුලට "
මගේ ඔලුවත් අතගාලා මිස් කියලා ගියේ . හරිම කරුණවන්ත පාටයි. මම පොතත් අරගෙන පංතියට ගියා . ඩිල්කි මුහුණේ පුදුම සතුටක් තිබ්බෙ මට මිස් බැන්න එකට.
" ඇයි දනුකි ඔයා කරේ නැත්තේ "
"මට වැඩ වගයක් තිබ්බා අනු එකයි කරන්න බැරිවුණේ "
" මේ දනුකි ...."
" කියන්න අනු "
" ඔයා නැටුම් කරන නිසා මම අම්මාගේ අහලා ආවා නැටුම් වලට යන්න "
"නෑ අනු මම චිත්ර වලට යනවා. මට හොදට චිත්ර අදින්න පුලුවනේ ඒ නිසා මම චිත්ර වලට යනවා"
ගෙදර ප්රශ්න මට අනුට කියන්න හිතුණෙ නෑ . අනු හොඳ යාලුවෙක් එත් මට කගෙවත් අනුකම්පාවක් ගන්න ඕන වුණේ නෑ. එයා නැටුම් කාමරයට යන දිහා මම දුකෙන් බලාගෙන ඉදලා මම චිත්ර කාමරයට ගියා .
"මේ ලෝකේ කලු කියලා පාටක් නැත්නම් සුදු කියන්නෙත් නිකන්ම නිකන් පාටක් විතරයි.කලු පාට තමයි ඔය හැම පාටටම වඩා ප්රබල.මොකද චිත්රයක් ඇන්දත් මොන පාට ගෑවත් කලු පාටින් පුලුවන් ඒ මුලු චිත්රයම වෙනස් කරන්න."
චිත්ර මිස් එදා කිව්වා ඒ කතාව මට හොදටම හිතට දැනුනා. මිනිස්සු කළු වලට කොච්චර දෙවල් කියනවද එත් ඇත්ත එක නෙද කියලා මට හිතුනා.
" ළමයින් හෙට එනකොට දිය සායම් පෙට්ටියකුත් අරගෙන එන්න "
මිස් අන්තිමට එක කියලා පංතිය ඉවර කර. ඇත දුවගෙන එන අනු දැක්කෙ එතකොටයි.
" දනුකි මම අද ඔයා එක්ක ගෙදර යන්නේ එන්නේ"
හැමදාම ගෙදර යන්නෙ මම තනියම . නංගි කැමති නැනේ මගෙත් එක්ක යන්න .
" අද තාත්තා එන්නෙ නැද්ද අනු "
" මම තාත්තාට එන්න එපා කිව්වා . ඔයා එක්ක ගෙදර එන්නම් කියලා"
අපි දෙන්නා පොඩි අඩිපාර දිගේ හිනා වෙවි ගියා. අපේ ගම හරිම සුන්දරයි. ලස්සන දොළපාරක් ලගින් යන්න තියෙන්නේ . අනු ඉන්න නිසා පාළුවකුත් නෑ මට. අනුගේ ගෙදර තියෙන්නේ මට කලින් . අනුත් හැරුණට පස්සේ මමත් ගෙදර ගියා.
ඉක්මනින් ලිදට ගිහින් නාගෙන කන්න ආවේ. මම ඉස්සරහට ගියේ අම්මා ඉස්සරහ ඉන්නවා දැකලා
" අම්මේ හෙට සායම් පෙට්ටියක් ගෙන්න කිව්වා චිත්ර මිස් ."
" කොහෙ තියන සල්ලිද බන් ඕවා ගන්න "
අපේ ගෙදර සල්ලි වලින් කිසිම හිගයකි නෑ අම්මා එහෙම කිව්වාට. තාත්තා රජයේ රැකියාවක් කරේ. වතුපිටි වලිනුත් හොදට සල්ලි එනවා . එතකොටම එතනට ආවේ නංගි .
" අම්මේ හෙට නිමලිගේ ගෙදර පොඩි කැමක් තියනවා . මට ඇදගෙන යන්න ඇදුමක් නැහැනෙ . ඇදුමක් ගන්න සල්ලි ඕනෙ "
" මං ගාව තියෙන්නේ මේච්චරයි. දනුකි උබට නම් සල්ලි දෙන්න විදියක් නෑ. තිබ්බ ටිකයි පොඩි කෙල්ලට දුන්නේ "
අම්මා ගාව සල්ලි නෑ කිව්වාට නංගි අතට නම් ලොකු ගනක් දුන්නා . හෙට මම ගිහින් මිස් බැනුම් අහන්නයි වෙන්නේ. හිත හදගෙන මම ස්කොලේ ගියා ඊලඟ දවසේ .
චිත්ර මිස් මගේ ගාවින් ඇවිත් හිටගත්තා මුහුණත් රතු කරගෙන මිස් මගේ දිහා බලාගෙන හිටියේ
" මම සායම් ගෙන්න කිව්වා නෙද.. . ගෙනවේ නැනේ.. ගෙදර ගිහින් කියන්න අමතක වෙන්න ඇති එකනේ අත වන වන ආවේ . ... යනවා පංතියෙන් එළියට .... තවත් මගේ ලේ ටික පුච්චානේ නැතුව . දිය සායම් නැතුව අයේ එහෙම එන්නේ නෑ"
මම බිම බලාගෙන එළියට ගියා . වෙච්ච දේ මම කොහොමද මිස් කියන්නේ .
කදුලු පිහිදගත්තේ . ඇඩුවා කියලා මුකුත් වෙන්නේ නැති නිසා .
ඇත ඉදලා දුවගෙන ආවේ අනු . හරිම කලබලෙන් මගේ ගාවට ඇවිල්ලා හිටගත්තා
" ඇයි අනු මේ"
" දනුකි මට කියන්න දෙයක් තියනවා "
" මොකද්ද කියන්නකො මාව බය නොකර "
" දනුකි ....මේ... මම කියන්න හැදුවේ .... දනුකි ......."
No comments:
Post a Comment