Tuesday, April 28, 2020

දෙවාශි - 1

අපේ ගෙදර ඈයෝ වෑන් එකට නගින්න කලින් මං දඩිබිඩි ගාලා වෑන් එකට නැන්ගේ ඉස්සරහා ෂිට් එකේ ඉදගන්න ඕන නිසා.නැත්තම් ඉතින් ඔතනට වග කියන්නේ අපේ ලොකු අයියන්ඩි තමයි.මට ඉතින් ඉස්සරහා ෂිට් එකේ ඉදගෙන ගමනක් ගියේ නැත්තම් ගමන් ගියේ නැ නැ වගේ.
"මට හිතුනා හරකි වගේ කඩාගෙන බිදගෙන එනකොට ඉස්සරහා ෂිට් එකට වග කියයි කියලා.."
ඔය එන්නේ මුණත් හතරැස් කරගෙන කියෝ කියෝ අපේ ලොකු අයියන්ඩි .යකෝ මු ඉස්සරහා ෂිට් එකට ඔච්චර මැරෙන්න හදන්නේ මොකද අප්පා. නෑනේ වදේ මමනේ ඉතින් පුංචිකාලේ ඉදන් මගේ අයියණ්ඩිලා දෙන්නා එක්ක මරාගත්තේ ඉස්සරහා ෂිට් එක ඕන කියලා.අපරාදේ කියන්න බැ දෙන්නා මට ෂිට් එක දිලා පැත්තකට වෙනවා.
"අපායට යන්නත් ඉස්සර වෙන්න කියනවනේ හලෝ..තමුසෙ ටු ලේට්.."
"අනේ තියාගන්නවා තමුසෙගේ ඔය ඉස්සරහා ලදරන් ෂිට් එක .."
ඒකටනම් මට බකස් ගාලා හිනා ගියා.අපේ අයියත් හරියට නරියා වගේ මීදි කඩාගන්න බැරි උනහම තිත්තයි කිව්වා වගේ තමයි මෙයාගේ කතාවත්.
"මොකද මැට්ටියේ හිනාවෙන්නේ.."
අපේ චුටි අයියා ඉනටත් අත් දෙක තියාගෙන මං දිහා බලාගෙන ඉන්නේ ඇස් ගෙඩි දෙක දොඹ ගෙඩි දෙක කරගෙන.ඊට හපන් අපේ ලොකුගේ ඇස් ගෙඩි දෙක පොල් ගෙඩි දෙකක් සයිස්.
"මීදි කඩාගන්න බැරි උනහම නරියත් කිව්වලුනේ මීදි තිත්තයි කියලා.."
මම හිනාවෙලා කියද්දි චුටිත් බක බක ගගා හිනාවෙනවා.ෂුවර් එයාට අපේ කතාව ඇහෙන්න ඇති ඒක තමයි බණ්ඩියත් අල්ලගෙන හිනාවෙන්නේ.පව් අප්පා ලොකුගේ මූණ නිකං හෙන ගහපු පොල් කරටියක් වගේ වෙලා.
"මං උඹලා දෙන්නට කිව්වයි කියලා හිතාගනිල්ලා.."
ලොකු තරහින් එහෙම කියානෙම වෑන් එකේ පිටිපස්සට නැන්ගා.මටයි චුටිටයි හිනා ලොකුට ඉතින් මල.
"මැදැ දැන් ඔයා හිනාඋනා..දැන් යමු නැකතටත් පරක්කු වෙයි.."
ඒ අපේ තාත්තිගේ විධානය ඒ විධානය ඉතින් අපි පිළිපදින්න එපැයි.අම්මියි චුටියි පස්සෙන් නගිද්දි තාත්ති මගේ ඔලුවත් අතගාගෙම ඩ්රයිවින් ෂිට් එකේ ඉදගත්තා.
මම දෙවාශි අයෝමා විජේමාන්න.ඒ උනාට මගේ යාලුවෝ මට කතාකරන්නේ 'දේවා' කියලා.මේ දේවා තමයි ඉතින් පවුලේ බඩ පිස්සි.අපේ ගෙදර අය මට මාර ආදරේයි.ගෙදර අය විතරක්නම් බැරියැ ඇයි අපේ පවුලේ අය.ඒ කට්ටියත් මට මාර ආදරෙයි.ඇයි ඉතින් මුලු පවුලටම ඉන්න එකම කෙල්ල තමයි මේ දේවා.ඒවටත් පින තියෙන්න ඕන පින.අම්මේ මගේ බත්ඩේ එකට අවුරුදුවලට මට තෑගි ලැබෙන්නේ ඇතෙක් බරට.
මම ඉතින් මේ අවුරුද්දේ තමයි A/L ලිවුවේ.තව මාසෙකින් විතර රිසාල්ට් එන කතාවක් තමා තියෙන්නේ.ඒ දවස මතක් වෙනකොටත් මගේ බොක්කේ බිත්තර ටොන් ගානක් තැම්බෙනවා අප්පා.මට තියන දාන්ගලේ හැටියට අපේ ගෙදර කවුරුත් හිතන්නැ මම examපාස් වෙයි කියලා.ඒ උනාට මම හොදට පාඩම් කලා.එක අතකට ගෙදර අය එහෙම හිතන එකත් හොදයි.එතකොට මම exam පේල් උනත් අවුලක් නැනේ.
ඔන්න ඉතින් මට බැරි උනානේ මගේ ගෙදර කට්ටියව අදුන්නලා දෙන්න .මගේ තාත්ති කාවිංග විජේමාන්න.දෙවාශි ගාමට් ප්රැක්ට්රියේ ඕන.එතකොට මගේ අම්මි මේනකා එයානම් ඉතින් ගෙදර වැඩත් කරනවා තාත්තිගේ වැඩවලටත් උදව් කරනවා.මටනම් හිතාගන්න බෑ අම්මි මෙච්චර වැඩ තොගයක් කොහෝම කරනවද කියලා.ඇයි හත්වාලාමේ අපි තුන්දෙනා ගැන බලන්න එපැයි.අපේ මෝඩ ජෝඩුව ඔව් ඔව් මගේ අයියලා දෙන්නා තමයි.ලොකු අසන්තක එතකොට චුටි අස්න ඒ දෙන්නාම තාත්ති එක්ක බිස්නස් බලා ගන්නවා.ඔය තමා ඉතින් මේ දේවාගේ පවුල.
අපි කට්ටිය ඉතින් වල්පල් හෑලි දොඩව දොඩවම ගමනේ යා.තාත්ති වෑන් එක කලු ලොකු ගේට්ටුවකින් ඇතුලට දම්මා.
"ආවුෂ් අප්පා මේක මාර පොට් එකක්නේ.."
මම කිව්වා නෙමෙයි කිය උනා.ඇයි අප්පා මාර ලස්සන ගෙදරක්නේ. දැන් කොහොමත් මේ ගෙදර අපේනේ.මේක තමයි තාත්ති අලුතෙන් හදපු⁣ ගෙදර.ගෙදර තට්ටු දෙකට ගහාලා බිත්තිවල බටර් පාට තීන්ත ගාලා දුකේ බෑ අප්පා මට ගිලින්න හිතයි.මම වෑන් එකෙන් ටාර් ගලා බැහැලා ගාඩ්න් එක දිහා බැලුවේ කට කනේ තියාගෙන.
අපේ අම්මෝ ගෙදරට වඩා ගාඩ්න් එක දුකේ බෑ.අඹ ගස් පේර ගස් ජම්බු ගස් ආ අර තාප්පේ ළඟ පත වෙරලු ගහකුත් තියෙන්නේ ගස් ටික දැක්කාම මගේ කටට කෙලත් උනනවා අප්පා.මේ තරම් පලතුරු ගස් තියෙන බව දන්නවනම් ගේ හදන දවස්වල මම පැනගෙන එනවානේ.මොනා කරන්නද අවේ අදනේ.
"සුදු කොහොමද ගෙදර.."
තාත්ති මගේ කරවටේ අතදාගත්තා අපේ අම්මි තාත්තියි අපි එක්ක ඉන්නේ යාලුවෝ වගේ තමයි.
"සුපිරි තාත්ති.. මටනම් ආසාවේ බෑ.."
මම කිව්වේ ගෙදර හතර කොනම තව තව මගේ අක්ෂිදානයට ස්කැන් කරගන්න ගමන්.
"හැබැයි ඉතින් වත්තේ තියන ගස් ටිකටනම් දෙයියන්ගෙම පිහිටයි.."
චුටි කියද්දි මං එයාට රැව්වා.මේ මොඩයටත් ඕනනැති රෙද්දක් නැනේ.
"ඒකනම් මටත් හිතුනා චුටි .."
ආ මේ බලාපල්ලකෝ දැන් තාත්තිත් එයාලාගේ පැත්තේ.මම තනි උනා.ඔයාලා ඔහොම සතුටින් ඉන්නකො හොදේ මට මාරම දුකයි ඈ.
"ගස් නැගලා මෙයා අතක් පයක් කඩා නොගත්තොත් ඇති.."
ඔන්න අපේ අම්මිත් පටන්ගත්තා එයාවිතරයි අඩුවකට හිටියේ.දැන් එයත් හරිනේ.මම ගස් නගිනවාට වැඩියෙන්ම විරොදය පාන්නේ ඉතින් අම්මි තමයි.
"හරි හරි ඕවා අපි පස්සේ කතාකරමු දැන් අපි ඇතුලට යමුද..?"
මම කිව්වේ ඔය කතාව දැන්ම ඉවරවෙන්නේ නැ කියලා දන්න නිසා.අපි කට්ටිය ඇතුලට යන්න හදද්දි අන්කල් කෙනෙක් ගේ දිහා ඉදලා දුවගෙන අපි දිහාවට ආවා.
"ලොකු සර් අපි මඟ බලාගෙන හිටියේ එනකල්.."
ඒ අංකල් තාත්තිට කතාකලේ හරි ගෞරවයෙන් .
"බඩු අස් කරලා ඉවරද සිරිල්.."
"ඔව් ලොකු සර්.."
"හ්ම් යමු ඇතුලට එහෙනම.."
අපි කට්ටිය ඇතුලට යද්දි සාලේ මැද ලිපක් හදලා පැත්තක කිරි මුට්ටියකුත් තියලා තිබුනා.ළිප ළඟ වාඩිවෙලා හිටපු ඇන්ටි කෙනෙක් අපි දැක්කා විතරයි නැගිටලා අයින් උනා.
"නැකත ළගයි කාවිංග.."
අම්මි එයාගේ අතේ වොච් එක දිහා බලලා කියද්දි තාත්ති එයාගේ වොච් එක දිහා බැලුවා.
"මේනු ඔයාම කිරිටික උතුරවන්න.."
ඔව් ඔව් ඒක හොදයි අපේ අම්මිගේ අත හරි වාසනාවන්තයි.තාත්තිත් හැමවෙලාවෙම කියනවා.
හරියටම උදේ 9.47ට යෙදෙන සුභ නැකතෙන් අම්මි ලිප ගිනි මොලවව්වා.අපි කට්ටිය වටවෙලා බලාගෙන හිටියේ කිරි උතුරනකල්.ඔන්න දැන්නම් පෙන දදා කිරි ටික පැහෙනවා.ඔන්න මේ අවස්තාවේ ටිකෙන් ටික ටිකෙන් ටික මුට්ටියේ කට අසලට ළගාවෙමින් පවතිනවා.ඔව් ඔව් මේ අවස්තාවේදි කිරිටික මුට්ටිය හතර වටින්ම උතුරලා යනවා.අපි බලාගෙන හිටියේ සතුටින්.
ඒත් එක්කම

ඒත් එක්කම කොහෙන්ද දන්නැ තඩ් හුළඟක් ආවා කියහන්කෝ.බුදු අම්මෝ හුලගේ සැර.කොහේ තිබ්බ හුළඟක්ද අප්පා මේ කඩාපාත් වෙන්නේ.
"කොහෙන්නද අප්පා මේ හුළඟක් එන්නේ.."
"අනේ මන්දා ලොකු.."
තාත්ති එහෙම කියාගෙනම දොර දිහාවට යද්දි මම චුටි අයියාව බදාගත්තා. තාත්ති ඉස්සරහා දොර වැහැවට පස්සේ තමයි හුළඟ නතර උනේ.
"ඒකනම් පුදුම හුළඟක්නේ අප්පා.."
චුටිගේ කතාව සරි ඒක පුදුම හුළඟක් තමා.
"ඔය වගේ හුළන් හිටපු ගමන් එනවා..ඕවා ගනන් ගන්න එපා චුට් බේබ්.."
සිරිල්නම් කිව්වේ ගානක් නැතුව.අනේ මන්දා මගේ හිතටනම් මොකද්දෝ අමුත්තක් දැනේනවා.
"මේ මොකද චණ්ඩි රැජින.."
අප්පේ චුටි අයියා අහද්දිනේ මටත් මතක් උනේ.මං තාම ඉන්නේ චුටිව බදාගෙනනේ.මං හිමිට චුටිගෙන් ඈත්වෙලා එයා දිහා බැලුවා .පොරට හිනා දැන් හිනායන දෙයක් උනාද?
"ඒක යස වැඩක්නේ..මගේ අයියව බදාගන්න මං කාගෙන්වත් අවසර ගන්න ඕනද..?"
මං අත් දෙකත් ඉණට තියාගෙන අහද්දි කට්ටිය හිනාවෙනවා.ඇයි යකෝ හිනාවෙන්න දෙයක්ද දැන් කිව්වේ.
"ඇයි යකො මාව බදාගන්න මගෙන් අවසර ගන්න ඕන.."
"අනේ මේ මට තමුසෙව බදාගන්න මට තමුසෙගෙන් අවසර ඕන නැ.."
"යකෝ මේකි බලාපල්ලනකා්.."
චුටි අයියා කියද්දි මම ගස්සගෙන උඩ තට්ටුවට ගියා.කට්ටිය හිනා උනාට මම නෙමෙයි හැරිලා බැලුවේ.
උඩ තට්ටුවේ කාමර පහක් තියනවා මම තෝර ගත්තේ බැල්කනිය එක්කම කාමරේ.මගේ කාමරේට එහාපැත්තේ කාමරේ ලොකුගේ.මෙහාපැත්ත කාමරේ චුටිගේ මම දෙන්නට මැද.අම්මියි තාත්තියි පහල.අර සිරිලුයි එයාගේ වයිෆ් කුසුමා අද ඉදන් අපේ ගෙදර නවතිනවා.පව් කුසුමා එයාට කතාකරන්න බැරිලු එයා ගොලුයිලු.
මම උදේම නාගෙන ලැස්ති උනේ ලයිබරි යන්න.මගේ අතිජාත මිත්රයෝ තුන්කට්ටුවත් අද ලයිබරි එනවානේ.අපි ඉතින් උඩ දාගෙන ලයිබරියට ගියාට කියවන පොතක්නම් නැ.වැඩිහරියක් කරන්නේ පොත් පෙරලන එක.අපි කට්ටිය ලයිබරියේ කොනක් අල්ලගෙන කටු කුටු ගගා ඉන්න එක තමයි කරන්නේ.
"සුදු කොහෙද මේ යන්නේ.."
මං පහලට එනකොට ඔන්න දිගැරියා අම්මිගේ ප්රශ්න පත්තරේ.එයාගේ ප්රශ්න පත්තරේට උත්තර දෙන එක තමයි එපාම වෙන්නේ.
"ලයිබරි යන්න අම්මි.."
මං ඉතින් හොද ළමයා වගේ අම්මිව බදාගෙන මුණට කිස් එකක් දුන්නා.
"ඉතින් දරුවෝ අයියලා එක්කම යන්න තිබුනනේ.."
"අප්පෝ ඔය මෝඩස්ලා දෙන්නා එක්ක යනවාට වඩා හොදයි බක්කි කරත්තෙක යන එක.."
"ඒ මොකද..?"
"ඒමොකද අහන්නේ..ඔයාගේ පුත්තර රත්න දෙක යනවා නෙමේයි ඉගිලෙනවනේ..ඒ ජොඩුව එක්ක කාර් එකේ ගිහින් ඇක්සිඩන් වෝඩ් යනවට වඩා හොදයි පාරේ බස් එක.."
"අනේ අනිත් කෙනා එහෙම නැනේ.."
අම්මි මට රවලා කියද්දි මං ඉතින් මල් මල් හිනාවක් දැම්මා.මටත් ඉතින් වහනයක් අතට ගත්තාම නෑනේ ඔය ඉබි ගමන්.පැස්බරාදුවනවා වගේ ගමන වේගෙන් තමා.අපේ ගෙදර ඉතින් නිතියට ගානට ඩ්රයිවින් කරන්නේ අපේ අම්මි විතරයි.
මං අම්මිටත් වැදලා එයාගේ කම්මුලත් කිස් කරලා ටාර් ගාලා එළියට ආවේ අම්මි තවත් මොනවත් කියන්න කලින්.මේ පැත්තේ පාර දිගටම හෙන තඩි ගෙවල්.සමහර ගෙවල් වලට පත ගේට්ටු දාලා තාප්ප බැදලා අනේ මෙහෙමත් ජිවිත.ඈ දේවෝ උඹ එහෙම අනුන් ගැන හිතුවට උඹලාගේ ගෙදරත් වටේටම තාප්ප බැදලා හෙන පත ගේට් එකක් නේද තියෙන්නේ.ඒකනේ කියන්නේ අනුන්ගෙ වැරදි ගැන හොයන්න කලින් තමන්ගේ වැරදි හෙයන්න කියලා.
කොහොමින් කොහොම හරි මං බස් එකේ ඇවිත් ටවුන් එකේ බස්සා.ආපු හොදටම ලේට් අප්පා.කොහෙද මේ බස් යන්නෙත් කොට කොටනේ.ලංකාවේ පොදු ප්රවහන සේවයේන්නම් වේලාවට ගමනක් යන්න මේ කපේදි බැරිවෙයි.මටනම් දැන් හොදටම හදිස්සි ඈ.අර තුන්කට්ටුව මගේ ඔලුගෙඩිය කන්න බලාගෙන ඇති දැන්.
වාහන නවත්තනකල් ඉන්නැතුව මං ඉතින් පාර මාරුවෙන්න හැදුවේ.මං පාර මැදට ගියා විතරයි ආවේ නැතැයි රතුපාට කාර් එකක් මේ දේවාට දෙවියෝ සිහි උනා.අදනම් මේ ⁣දේවා ඉවරයි මම හිටියේ ගල් ගැහිලා වගේ.
මම දෙපාරක් හිතුවේ නැ ඇස් දෙකත් වහාගෙන කන් දෙකත් අතින් වහගෙන හිටපුතැනම ලොප් උනේ දෙවියන්ට වැද වැද. ඒත් එක්කම මට ඇහුනේ හෙන සද්දෙට වහනයක් බ්රෙක් පාරක් ගහනවා.මං හිමිට එක ඇහැක් ඇරලා බැලුවේ මොකද උනේ කියලා.අනේ කඩවුලේ මං තාමත් ජිවත් වෙනවා.
මේ මං ඉන්නේ හිටපු විදිහටම හිටපු තැන.මට ක්ෂනිකව බැලුනේ රතු කුරුල්ලා දිහා රතු කුරුල්ලා කිව්වේ මං ඉන්න දිහාවට කෙලගෙන ආපු කාර් එකට.අම්මේ අනෙක් වහනත් නවත්තලා මං දිහා බලාගෙන ඉන්නේ මැජික් එකක් වගේනේ දෙවියනේ.
ඒත් එක්කම රතු කුරුල්ලගේ දොර ඇරුනා.කුරුල්ලාගෙන් බැස්සේ නැතැ හැන්ඩි කොලුවෙක්.හම්මේ පොර නිකන් හින්දි ඇක්ට්රස් කෙනෙක් වගේ නිල් ඩෙනිමට කහා ටී එක ඇදලා ෂුෂ් දෙකක් දාගෙන කලු සංග්ලාස් දෙකක් දාගෙන.මේ තප්පරේට මගේ අක්ෂි දානයට ඔය ටිකම ස්කැන් උනා.පොර හැන්ඩියා උනාට මං දිහාට එන විදිහනම් ඇල්ලුවේ නැ.
"ඔහෝමද මෝඩියේ පාරේ යන්නේ.."
හෑ යකු මෙන් මෙකා මට මෝඩිලු පොරට මල පැනලා වගේ.මේ දේවටත් ඉතින් මල තමයි ඇයි යකෝ මට මෝඩිලු.
"ඔහොමද මොඩයෝ වාහන ඩ්රයිව් කරන්නේ.."
මට එහෙමනම් මාත් එහෙමයි.පොර සංග්ලාස් දෙක ගලවලා මං දිහා බැලුවෙ කන්න වගේ.මේකා උදේට කලා නැද්ද දන්නැ.
"මෙහෙම හිතුමනාපෙට කහා ඉරෙන් පාර මාරුවෙනවද..?"
"මේ මිස්ටර් ඇස් පේන්නැද්ද මේක සුදු ඉරක්..කොහේ පෙන්නද..පේන්නැති නිසානේ සංග්ලාස් දාන්නේ.."
"මොන ඉරෙන් හරි ඔහොම පාර මාරුවෙනවද හලෝ..ඔහොම පාර මාරුවෙන්න සුදු ඉර තමුසේගේ බුදලයක්ද..?"
"ඔව්නේ මේ සුදු ඉර ගිය සතියේ අපේ තාත්තා මට ලියලා දුන්නා.."
මං එහෙම කියද්දි පොර මං දිහා බැලුවෙනම් තරහින්.තරහටම ඒ ඇස් රතු වෙලා.ඔය තරහට මේ⁣ දේවා බයවෙයි.
"ආ.. එහෙමද ඔප්පුව කොහෙද දන්නැ.."
"ගෙදර..අනිත් දවසේ එනකොට අරන් ඇවිත් ඔබ තුමාව බැහැ දකින්නම්කෝ.."
"මේ තමුසෙගේ කටේ සද්දේ වැඩියි.."
"ඔව් ඇයි සද්දේ අඩුකරන්නද.."
"බැ කියලා හිතුවද.."
"ඒවටනම් වෙලා යයි..තමුසෙට වහන ඩ්රයිවින් කරන් ලයිසන් දිපු එකා මොකාද..මම පාර මාරුවෙද්දි හැම වහනයක්ම නැවැත්තුවා..තමුසේ මොකාද එකාවගේ කෙලගෙන ආවට මමද පලි.."
මාත් ඉතින් ඇතැරියේ නැ.මෙකා හදන්නේ වරද මගේ පිට දාන්න. ඒවා කොහෙද මේ දේවාත් එක්ක.
"තමුසේ එකපාරට පාර මාරු උනහම කොහොමද ඕයි වහනේ කන්ට්රොල් කරගන්නේ..වැඩ දන්න නිසා හොදයි..නැත්තම් තමුසෙට යන්න වෙන්නේ මොචරියට.."
"මාව මොචරියට යවලා තමුසෙට යන්න වෙන්නේ කොළ නැති ගහට තමයි.."
මම කිව්වේ තරහින්.අනේ ඇත්තමයි දෙයියනේ තව ටිකක් එහේ මෙහේ උනානම් අද මේ දේවට ගෙදර යන්න වෙන්නේ මිනීපෙට්ටියෙන්.දෙවියනේ ඔබට පිං මේ දේවව බේර ගත්තට.
අර කොලුවා මං දිහා බලාගෙන ඉන්නේ තරහින්.පුලුවන් කමක්තිබ්බනම් මාව මරාගෙන කයි.ඔය අතරේ තමයි හතර වටින්ම වහනවල හෝන් සද්දේ ඇහුනේ.අපි දෙන්නටම ඒ දිහා බැලුනේ එක වැරම.
බුදු අම්මෝ වහන බ්ලොක් එක.තාම අපි පාර මැද මිනිස්සු බලන්නේ මැජික් එකක් බලනවා වගේ.මැජික්නේ එන්නම් අපි දෙන්නා පාර මැද හිටගෙන රණ්ඩු අරෙහේ වහන බ්ලොක් එක. ලැජ්ජාවෙ සන්තොසේ බැ.
"දැන්වත් පාරෙන් අයින් වෙනවා ඉතින්.."
මුගේ සැර බලපල්ලකෝ.දෙන්න හිතයි මුණයි කටයි බොම්බයි මොටයි වෙන්න.
"කියනකල් හිටියේ.."
මම ඒ කොලුවට ගස්සගෙනම පාර මාරු උනා.දේවෝ උඹත් පෙරලගන්න බාල්දි.ඉක්මනට යන්න ගියා මැදැයි තවත් පරක්කු උනා ඒකෙන්.අපේ අම්මෝ ඔයින් ගියා මැදැයි.
මම ලයිබරියට යනකොට මගේ අතිජාත මිත්රයෝ තුනදෙනා මම යනකම් පෙරමඟ බලාගෙන ඉන්නවා.දේවෝ අදනම් උඹ ඉවරයි.
"මොකද යෝදියේ මෙච්චරවෙලා කෙරුවේ.. බලපං අපි කීයේ ඉදලද උඹ එනකල් බලාගෙන ඉන්නේ.."
ඔන්න පටන් ගත්තා හිමා පිපිරෙන්න.මේකිගේ කැ ගැහිල්ලට වටේ ඉන්න මිනිස්සුත් බලනවා ලැජ්ජාවේ සන්තොසේ බැ.
"බෙරිහන් දෙන්න එපා යකෝ..මේකේ ගහලා තියනවා නිශ්ශබ්දතාවය සුරකින්න කියලා.."
මං උන් තුන්දෙනා ලගින් වාඩිවෙලා කියද්දි තුන්දෙනා මට ඔරවනවා.
"සොරි සොරි බං මට එද්දි මාර වැඩක් උනානේ.."
මං ඉතින් වෙච්ච සිද්දිය කියලා තුන්දෙනාව ෂෙප් කරගත්තා. හිමායා, ශනුකි, විහංසා ඔය තුන්කට්ටුව තමයි මගේ ප්රාණ සම මිත්රයෝ.අපි තුන්දෙනා නර්සරි යනකාලේ ඉදන් එකට හිටියේ.මුන් තුන්දෙනත් මටම හරියන යාලුවෝ තමයි.මොන වැඩේ කරත් එකටමයි.
අපි හතරදෙනා වෙනදා වගේම කයියක් ගගහා ඉදලා ටවුන් එකට ගිහින් සයිවර් කඩේකින් තොසේ පාරකුත් ගහලා ගෙවල් වලට ආවා.

කට කපලා නිදාගෙන හිටපු මං ඇහැරුනේ මගේ කාමරේ එලියෙන් සද්දයක් ආපු නිසා මං කන්දුන්නේ මොකද්ද ඒ සද්දේ කියලා ඒකනම් කාගේ හරි අඩි සද්දයක්.මේ මළ රෑ මොකාද මගේ කාමරේ ඉස්සරහා⁣ හොල්මන් කරන එකා.මම ටෙබල් ලෑම්ප් එක පත්තු කරලා වෙලාව බලද්දි රෑ 12 ත් පහුවෙලා.
ආයෙත් අර ඇවිදින සද්දේ ඇහෙනවා.දැන්නම් මේ දේවාට බයයි වගේ අප්පා.⁣ඒ හොල්මනක්වද්ද..? නැ නැ වෙන්න බැ හොල්මන් කියලා ජාතියක් නෑනේ.එහෙනම් ගෙට හොර දෙටුවෙක්වත් පැනලවද්ද..?එහෙම හිතද්දිනම් මේ මට හින් දාඩියත් දැම්මා.දැන් මං මොකද කරන්නේ අයියලාට කතා කරනවද..?
එහෙම කතාකරන්නත් කාමරෙන් එලියට යන්න එපැයි.අනේ කඩවුලේ මොකද මං කරන්නේ..?නැ දේවා බයවෙන්න එපා උඹ හිතට දෛර්ය ගනින් උඹ හොදට කරාටි දන්නවනේ හොරාට දිපන් ආයේ හොරකම් කරන්න බැරි වෙන්නම..මම මටම කියාගෙන හිමිට ගිහින් දොර ඇරලා වටපිය බැලුවා කලුවර නිසා මුකුත් පෙන්නැ.මම ආපහු කාමරේට ඇවිත් ටෝච් එකත් අරගෙන එලියට ආවා.
ඒපාරනම් සද්දේ ඇහෙන්නේ පහලින්.හොරා එහෙනම් පහලට ගිහින්.චණ්ඩි රැජිණ වගේ ආවාට මොකෝ දැන්නම් මට බයයිත් වගේ.හොරා අතේ ආයුදයක් එහේම තිබ්බෝත් මේ දේවා මොනවද කරන්නේ..?හොදම දේ අයියලාට කතාකරන එක.
මම ලොකුගේ කාමරේ දිහාවට යන්න හදද්දි පහලින් ටෝච් එළියක් දැක්කා.මං ටාර්ගාලා මගේ ටෝච් එක නිමලා දැම්මා.ටෝච් එළිය එන්නේ උඩට ෂුවර් එකටම හොරා ආයෙත් උඩට එනවා.දෙන්නම් අද උඹට ජම්බු. උඹ අද මේ දේවාගෙන් තමයි පාඩමක් ඉගෙන ගන්නේ..
මම හිමිට බිත්තියට මුවාවෙලා ඔලු ගෙඩිය ටිකක් දාලා ඇන්ටනාව කරකවවුවා. ඔව් ඔව් හොරා උඩට එනවා දැන් ලංවෙනවා දැන් ලංවෙනවා ඔව් දැන් හොදටම ළඟයි.හොරා මගේ ළඟින් යනකොටම දෙපාරක් නොහිතා මම හොරාගේ ඇගට පැන්නා
"බුදු අම්මෝ.."
හොර දෙටුවා මහා අයියෙන් කෑ ගහනෙම බිම වැටුනා.මාත් ඉතින් හොරාගේ ඇග උඩ ඉදගත්තා පව් අප්පා හොරාගේ ටෝච් පොජ්ජත් බිම.
"උඹ ආවේ අපේ ගෙදර බඩු හොරකම් කරන්න නේද..?හිටපන් උඹට අද මං දෙන්නම් කෑම.."
"මොන හොරෙක්ද ඕයි මේ මං.."
හෑ යකු ඒ අපේ චුටි අයියගේ ටින්කිරි වොයිස් එකනේ.
"චු..චුටි අයියා.."
"ඔව් බං මං..නැගිටහන් මගේ ඇඟ උඩින්..අම්මේ මගේ කොන්ද.."
චුටි අයියා ⁣බෙරිහන් දෙද්දි මං ටාර් ගාලා එයාගේ ඇඟ උඩින් අයින් වෙලා ලයිට් පත්තුකරලා චුටි අයියව නැගිට්ටවව්වා.
"හම්මේ මගේ කොන්ද කැඩුනද මංදා.."
චුටි අයියා කොන්දත් අල්ලගෙන අමාරුවෙන් කෑ ගහද්දි ලොකු අයියත් එතනට කඩා පාත් උනා.
"මොකද උනේ.. මොකද බං මේ රෑ බෙරිහන් දෙන්නේ.."
ලොකු අයියා අපි දෙන්නා දිහාම මාරුවෙන් මාරුවට බලනවා.
"මේ මළ යක්ෂණි මගේ ඇගට කඩා පැන්නනේ..
හෑ යකු බලපන් ඉතින් මුගේ කතාව මට මළ යක්ෂණිලු.දුකයි හොදේ ඔහොම කියද්දි මගේ සුති හිත ලිදෙනවා ඒයි. මෙයානේ හොල්මන වගේ ගේ පුරා ඇවිද්දේ.
"මොකද ගොං වහන්සේ මේ මළ රෑ කලුවරේ හොල්මන වගේ ඇවිද්දේ ..මම හිටියේ හොරෙක් කියලා .."
"බලපන්කෝ යකෝ මේකිගේ කතාව ..හුනෙක් කැරපොත්තෙක් දැක්කාම හු තිය තිය බෙරිහන් දෙන ගෑණි හොරු අල්ලන්න ඇවිත් .."
චුටි අයියා කියද්දි මං එයාට රැවුවා .චුටි අයියාගේ කතාවනම් ඇත්ත.හූනෝ කැරපොත්තෝ චුටි උනාට මටනම් උන්ව පෙන්නේ ඩයිනොසර් කෙනෙක් වගේ තමයි.
"හරි දැන් තමුසේ කොහෙද මේ රෑ ගියේ.."
අන්න මට තිබුන ප්රශ්නෙම ලොකු අයියා චුටි අයියට ඉදිරිපත් කරා.
"මට වතුර තිබහක් ආවා..වතුර බොන්න ගියා .."
"ඉතින් යෝධයෝ ලයිට් දාලා යන්න එපැයි.."
"ඉතින් මං දන්නවද තමුසේ මාව හොරෙක් කියලා හිතයි කියලා.."
"අනේ අම්මපා දෙන්න තිබුනේ තව දෙකක්.."
"ඔව් ඔව් තමුසේ ගහයි කියලා තමා බය.."
"බැරිවෙයි..මම හොදට කරාටේ දන්නවා..අනෙක තමා මල්ලි මේ සුදු හූනෝ කැරපොත්තෝන්ට බය උනාට හොරැන්ට බය නැ හරි.."
මං කියද්දි චුටියි ලොකුයි දෙන්නා හිනාවෙනවා.අනේ අම්මපා මුන් දෙන්නට දෙන්න හිතයි හොද ගුටි පුජාවක්.
"අනේ අම්මේ අපි දන්නවනේ ඒ ගැන.. හොදවෙලාවට හොරෙක් නොවි මම උනේ.."
"ඒ මොකෝ චුටි .."
"මේකි හොරාව ඉතුරු කරයිද කියලත් බයයි ..දන්නවානේ ඉතින් චණ්ඩි රැජිනගේ වැඩ.."
ඇත්තටම හොරෙක් ආවනම් අද ඉවරයි.මම ඕකාගේ කෙස් ගහේ ඉදලා ගලවන්නේ.
"හරි හරි දන් යමු නිදාගන්න.."
ලොකු කියන පමාවට මං කාමරේට ඇවිත් ඇදට පැන්නා.
මම ගාඩ්න් එකටවෙලා ඊයේ අම්මියි මායි ටවුන් එකට ගිහින් ගෙනාව රෝස පැල ටික තනියම ඉන්දවව්වා.කුසුමා ඇන්ටිට කතාකරන්නත් හදලා ආයේ නිකන් හිටියා. කුසුමා ඇන්ටි හරි අමුතුයි එයා හරියට කාටවත් වැඩිය මුණ දුන්නේ නැ.
කුසුමා ඇන්ටි කලේ කුස්සියේ උයන පිහන වැඩ විතරයි ගෙවල් අස්කරන වැඩ කලේ මායි අම්මියි.කුසුමා ඇන්ටි පව් ඉතින් එයාට මේ අපි වගේ හිතුන හිතුන විදිහට කතාකරන්න බෑනේ මටන් ඉතින් විනාඩියක් කතානොකර ඉන්නවා තියා හිතන්නවත් බෑ.
වැඩේ කර කරම මම ගේ දිහා බැලුවේ කවුරු හරි මං දිහා බලාගෙන ඉන්නවා වගේ දැනුන නිසා. ඒත් පේන්න කවුරුත් නැ.මේ ගෙදරට ආපු දා ඉදන් මේ දේවාට හරි අමුත්තක් දැනෙනවා.මට දැනෙන්නෙම කවුරුහරි මං දිහා බලාගෙන ඉන්නවා වගේ.සමහර වෙලාවල් වලට දැනෙනවා මං ළඟ කවුරු හරි ඉන්නවා ඉන්නවා වගේ ඒ උනාට කවුරුත්නැ.
මටත් ඉතින් පිස්සුනේ විකාර හිතනවා.කාට හරි මං ඕක කිව්වොත් කියයි මට පිස්සු කියලා.
කොමින් කෝම හරි මේ දේවා තනියම මල් පැල ටික ඉන්දවලා ගිහින් හිතේ හැටියට නා ගත්තා.පස්සේ පහලට ඇවිත් ⁣ලොකු බත් එකකට වග කියලා ආයේ උඩට ආවා.
මම කෙලින්ම ගියේ උඩ තට්ටුවේ වහලා තිබුන කාමරේ දිහාවට ඕක ඇතුලට ගිහින් කාමරේ ඇතුල බලන්නම් බලන්නම් කියලා හිතුවට බැරිම වෙනවානේ අදවත් රිංගමුකෝ ඇතුලට.
මං දොර ඇරලා කාමරේට අඩිය තියනකොටම මේ දේවාට අර අමුත්ත තදටම දැනුනා මට හිතෙන්නෙම මේ කාමරේ කවුරුහරි ඉන්නවා කියලා ඒ උනාට මොකෙක්වත් නෑනේ.කාමරේ තිබුනෙත් පරන ලට්ට ලොට්ට ගොඩක්.අපේ අම්මේ මේ කාමරේ එන පුස් ගද .
මං කාමරේ ඇතුලට ගිහින් ජනෙල් ඇරලා දැම්මේ කාමරේට හුලන් පොදක් වැටෙන්න.එතකොට තමයි මං දැක්කේ එහා ගෙදර බැල්කනි එකට වෙලා කොල්ලෙක් මේ පැත්ත බලාගෙන ඉන්නවා.ඔය පිට කොල්ලෝනම් මේ දේවට දිරවන්නේම නෑ.මං ජනෙලේ ළඟින් ඈත් වෙනවත් එක්කම දාඩාං ගලා කාමරේ දොර වැහුනා.ඒ සද්දේටනම් මේ දේවා හොදටම ගැස්සුනා ඈ.
පහුවදා අම්මියි මායි එකතුවෙලා අර කාමරේ අස්කරා.අපේ අප්පේ දුවිලි තොගයයි.කාමරේ තිබ්බ ලට්ට ලොට්ට අයින් කරලා කාමරේට ඇදක් එහෙම දාලා අපි කාමරේ ලස්සනට හැදුවා.දැන් තමා කාමරේ ගතියට තියෙන්නේ.මම කාමරේ අස් කරද්දි කීප විටක්ම දැක්කා අල්ලපු ගෙදර කොල්ලා අදත් බලාගෙන ඉන්නවා මං නොදැක්ක ගානට මගේ වැඩ කරා.
කාමරේ තිබුන පුටුවක් ඇදලා අරගෙන මං ඒක උඩට නැන්ගේ අල්මාරිය උඩ තිබුන කාඩ් බෝඩ් පෙට්ටිය ගන්න අම්මෝ ඒකේ බර.
"අම්මි මේක බරයි අප්පා.."
"කෝ හිමිට මට අරගෙන දෙන්න සුදු.."
මම පෙට්ටිය බොහොම අමාරුවෙන් අරගෙන අම්මිට දුන්නා.අම්මිත් ඒක ගත්තේ අමාරුවෙන්.
"මොනාද අප්පා ඔය පෙට්ටියේ ඔය තරම් බරට බරේ තියෙන්නේ.."
"අනේ මන්දා සුදු ..ඔයාම බලන්න.."
"කෝ බලමු.."
මායි අම්මියි පෙට්ටිය ඇරලා බැලුවේ කුතුහලයෙන්.ප්පු මේවද ⁣තියෙන්නේ.
"අප්පෝ පත්තර තොගයක්නේ..බරේ හැටියට මං හිතුවේ නිදානයක් කියලා.."
"ඔය තියෙන්නේ නිධානේ.."
අම්මි හිනාවෙවි කියද්දි මං පෙට්ටිය ඇද්දා "දිනතර" පත්තර තමයි ගොඩක්ම තිබුනේ.ගිය මාසේ පත්තරෙත් තියනවා.මේ කවුරු ගත්ත පත්තරද..?අනෙක මේවා කාමරේට ආවේ කොහොමද..?
"කවුද අම්මි මේ පත්තර මෙහාට ගෙනත් දැම්මේ.."
"සිරිල් ඔය ඒ දවස්වල ඒ මනුස්සයා ගත්ත පත්තර..මමමයි කිව්වේ ඕවා මෙහෙට ගෙනත් දාන්න කියලා..
සිරිල් පත්තරත් කියවනවා නේ එහෙනම්.හොදයි හෙදයි.මම පත්තර ටික අවුස්සලා බලද්දි මගේ නේත්තරා දෙක නතර උනේ පත්තරේක මුල් පිටුවේ ලියලා තිබුන හෙඩ් ලයින් එක.
"තරුණ මාධ්යවේදිනි පාරමී රණබාහු අභිරහස් අයුරින් මරා දමා ඇත"
පත්තරේ හෙඩ් ලයින් එකේ තිබුනේ එහේම.මට ඔය සිද්දිය ⁣හොදට මතකයි.ඕක උනේ මීට මාස තුනකට කලින්.පාරමී නැත්තම් පාරාගේ මරණය රටේ ආන්දොලාත්මක සිද්දියක් උනා මට මතකයි.ඒ සිද්දිය මගේ හිතට තදින්ම වැදුනා.පාරානම් මාර ලස්සනයි.කාගෙත් හිත යනවා.හෙඩ් ලයින් එකට පහලින් තිබුන ටික මම කියවගෙන ගියේ එක හුස්මට.
පරා ගොඩක් ලියලා තියෙන්නේ මත්කුඩු ජාවාරම්, ගණිකා මඩම් ගැන ,පතාලය ගැන ඒවට සම්බන්ද දේශපාලුවෝ ගැන.පාරා මැරිලා තියෙන්නේ අමානුෂික ලෙස පිරිමි අටදෙනෙක් අතින් දුෂනයට ලක්වෙලා.ඒ ටික කියවද්දිනම් මේ දේවාගේ ඇගේ හිරිගඩු පිපුනා.
ඒ නරුමයෝ ගැන හිතට දැනුනේ වෛරයක්.පාරා ඒ වෙලාවේ මොන තරම් වේදනාවක් විදින්න ඇතිද..?ඒ වෙලාවේ ඒ කෙල්ලට මොනවා හිතෙන්න ඇතිද..?පාරා ගැන හිතද්දි මගේ ඇස් වලට කදුත් ආවා.ලොකුම වැඩේ කියන්නේ මාස තුනක් ගිහිල්ලත් මේ අපරාදය කරපු උන්ව තාම පොලිසිය අල්ලගෙන නෑනේ.මේ පොලිසිය පොල් ගානවද මංදා.
මතුසම්බන්දයි


No comments:

Post a Comment

UNIVOTEC එක ගැන

UNIVOTEC එකේ පාඨමාලා සහ වැඩි විස්තර සදහා පහත ඇති PDF ෆයිල් එක භාවිතා කරන්න. https://drive.google.com/open?id=1zbMNZ14FNiYV2f34K91x1KqpKmid...