අපි දැන් අලුත් ගෙදරට ඇවිත් සති දෙකක් විතර ගිහින්.උදේටතාත්තියි අයියලයි ඔෆිස් ගියහම අම්මියි මායි විතරයි ගෙදර.සිරිල්වත් කුසුමවත් හිටියට වැඩි කතාවකට එන්නෙත් නෑ මටනම් වැඩිය ඒ ජෝඩුව ඇල්ලුවේ නෑ.අම්මියි මායිනම් ඉතින් කයියක් ගහගෙන ඉන්නවා.
මං අම්මිගෙන් පර්මිෂන් අරගෙන ටවුන් එකට ආවේ අපේ චුටි අයියගේ හැපිබත්ඩේ එකට ප්රසන්ට් එකක් ගන්න.මොකද චුටි අයියගේ හැපි බත්ඩේ එක හෙටනේ.මම බස් එකේ යද්දිත් කල්පනා කලේ චුටි අයියාට දෙන්නේ මොනවද කියලා.කොච්චර හිතුවත් මතක් වෙන්නැනේ අප්පා.බස් එකෙන් බැහැලා පාරේ ඇවිදගෙන ගියේත් ප්රසන්ට් එක ගැන හිත හිත.
ප්රසන්ට් එක ගැන හිත හිත ගියපු මං උඩ ගිහින් බිම වැටුනේ කවුදෝ කෙනේක් මාව අතින් ඇදලා ගනිද්දි.ඒ ඇද්ද පාරට මං ගිහින් නතර උනේ එයාගේ පපුවේ.ඊට පස්සේ මං සීතල වෙලා ගියේ වෙන්න ගියදේ දැකලා.
තව ටිකෙන් මේ දේවා පත ටිපර් එකකට යටවෙලා චප්ප වෙලාම යනවා.මේ දේවා දිහා දෙවියෝ බැලුවා.දෙවියෝ නෙමේයි මාව බේර ගත්ත හීරෝ දේවාලයක් මං ටාර් ගාලා බැලුවේ මාව බේරගත්ත හිරෝගේ මූණ ටිකක් බලා ගන්න.
මං පස්සට විසිඋනේ ඒ හීරෝව දැකලා.දේවෝ මේක වෙන්න පුලුවන්ද..?මේ අර කොලුවා නේද..?ඔව් ඔව් මේ ඒ කොලුවා තමයි.ඒ වෙන කවුරුත් නෙමෙයි එදා මං පාර මාරුවෙද්දි රතු කුරුල්ලගේ ආපු කොල්ලා
"මැරෙන්නද ඕයි හදන්නේ..තව ටිකෙන් ඉවරයි.."
ඔන්න ඉතින් මේ යොධයා පටන් ගත්තා කච කචේ.කිසිවෙනසක් නෑ එදා වගේම අදත් කොලුවා හිටියේ තරහින් ඇස් රතු කරගෙන.ඉතින් මේ දේවාට පාන්ද..?ඒ උනාට අදනම් වරද මගේ සාමි.
"සොරි මම වෙන කල්පනාවක ගියේ.."
"හිතුනා උඩ බලාගෙන ගියපු විදිහට..පාරේ යද්දි සිහි කල්පනාවෙන් යනවා හලෝ.."
යකෝ මේකා හරියට කෑ මොර දෙන්නේ මං මහා වරදක් කරා වගේනේ.
"අනේ මං මෙයා කියනකල් හිටියේ.."
"එහෙනම් දැන්වත් හැදෙනවා..වාහන කාරයෝ අමාරුවේ නොදා.."
මේ කොලුවා එන්නෙම මගේත් එක්ක ගේමටනේ.කොලුවා එහෙමනම් කෙල්ලත් එහෙමයි ඈ.
"මම කවද්ද වාහන කාරයෝ අමාරුවේ දැම්මේ..?
"ඇයි දැන් ඔය වහානෙට තමුසේ යට උනානම් වාහන කාරයා අමාරුවේනේ.."
අනේ අම්මපා මේ යකාට දෙන්න නෑනේ දෙකක්.මුට දුක වාහන කාරයා ගැන යටවෙන්න ගිය මං ගැන නෙමෙයි.මං පොර දිහා බැලුවේ රවලා.
"මොකද ඔරවන්නේ ආ.."
"අනේ වැඩේමයි මෙයාට ඔරවන්න..හුම්.."
මං ඒ කොලුවට ගස්සගෙනම එන්න හැරනා.ඒත් මං ආපහු නතරවෙලා කොලුවා දිහා බැලුවා.
"මාව බේර ගත්තාට තෑන්කියු.."
මං ඉතින් එහෙම කිව්වේ මට උදව් කරපු කෙනෙක්ව නොසලකා හරින්න හොද නැති නිසා.මේ කොලුවා නැත්තම් අද මේ දේවා නෑ.
"තියා ගන්නවා තමුසේගේ මහා ලොකු ටැන්කිය.."
යකෝ මේකගේ තියන ආඩම්බර කම බලපල්ලකෝ.අනේ අම්මපා දෙන්න හිතයි ගලක් අැහිදලා ඔලුව පැලෙන්න.
යකෝ මේකගේ තියන ආඩම්බර කම බලපල්ලකෝ.අනේ අම්මපා දෙන්න හිතයි ගලක් අැහිදලා ඔලුව පැලෙන්න.
"මටත් තමුසෙට ටැන්කිය දෙන්න කිසි ආසාවක් නෑ..මනුස්ස කම නිසයි එහෙමවත් කිව්වේ.."
මං කොලුවට ගස්සලා පද්දලා එන්න ආවේ තරහින් රතු වෙලා.මං ඒ ආඩම්බර කොලුවට බැන බැනම අයියට නිල්පාටයි සුදුපාටයි කොටු කොටු ලස්සන ෂර්ට්
එකක් තොර ගත්තා.
එකක් තොර ගත්තා.
පහුවදා උදේම හැමොටම කලින් චුටි අයියගේ කාමරේට රිංග ගත්තේ එයාගේ හැපි බත්ඩේ එකට විශ් කරන්න.මෙන්න මේකා කට කපලා තාම හොදටම නිදි.
"චුටි අයියා නැගිට්නවාකෝ.."
මම චුටි අයියගේ ඇග හොල්ලලා කතා කරාට මේකාගෙන් කිසි හැල හොල්මනක් නෑ.මම තව පාරක් කීද්දුවා.
"තව චුට්ටයි සුදු.."
චුටි අයියා නින්දෙන්ම කියවනවා.මං චුටි අයියා පෙරවගෙන හිටිය ෂිට් එක ඇදලා ගත්තා.
"මොකද බං සුදු නිදාගන්න දෙනවාකෝ ඕයි.."
පොර ආයෙත් මගෙන් ෂිට් එක උදුරලා අරගෙන පෙරව ගත්තා.අනේ අම්මපා මෙහෙමත් කුම්බකරණයෙක් .
"චුටි ඔෆිස් යන් නැද්ද අද.."
"යනවා යනවා..වෙලා ගිහින් යන්නේ.."
චුටි අයියා ඒ ටික කිව්වෙත් නිදි මරගාතේ.ඉදහන් අද කුම්බකරණයට දෙන්නම් හොද වැඩක්.මම හිමිට චුටි ළඟට ලංවෙලා එයාලග් මුණට පාත් උනා.
පොර හොදට නිදි මං චුටිගේ කනට ලන්වෙලා දුන්නාහොද හූවක්.අපේ අප්පේ චුටි නැගිට්ටේ උඩ ගිහින්.කොච්චර උඩ ගියාද කියනවනම් පොර ඇදෙනුත් බිම .එක කකුලක් ඇද උඩ අනිත් අවයව ටික ඇදෙන් බිම හොද වෙලාවට මෙයා සරමක් නොඇද ෂොටක් ඇදන් හිටියේ නැත්තම් මට නූල් බදින්න වෙන්නේ .
මට ඉතින් හිනාකාලා පණ යනවා.මම බඩත් අල්ලගෙන හිනාවෙද්දි චුටි අයියා මං දිහා බැලුවේ ඔරවලා.
"මොකද ගෑණියේ මේ උදේ පාන්දරම තොට වෙලා තියෙන්නේ .."
චුටි අයියා දඩිබිඩි ගාලා නැගටලා ඇහැවෙ අසු හාරදාහට තදවෙලා මට ඉතින් තාම හිනා .
"උඹ ඉතින් අපිට බාල්දි පෙරලලා හිනාවෙයන් මයිනාමා වගේ .."
චුටිට හොදටම මල පැනලා.මට තාම හිනාව නවත්තගන්න බෑ අප්පා .චුටි අයියා මගේ හිනාව බලා ඉන්න බැරිම තැනබාත් රූම් එකට රිංග ගත්තේ කුටු කුටු ගගා මොනවද කියව කියව.
අනේ අම්මේ මටනම් බැරියෝ මං දැන් මැරෙයි.අනේ අම්මේ මගේ බඩ.දේවෝ දැන් ඇති ඔය හිනාව නවත්ත ගනින්.මං ඉතින් බොහෝම අමාරැවෙන් හිනාව වාවගෙන සැදි පැහැදි බලාගෙන හිටියේ චුටි අයියා එනකල්.
චුටි අයියා බාත්රූම් එකේ ඉදලා කාමරේට එද්දි මට ආයෙත් හිචිස් ගාලා හිනා ගියා.මට මතක් වෙන්නෙම චුටි අයියා ඇදෙන් වැටුන විදිහ.
"හිනාවෙලා ඉවරවෙලා එනවා දැන් යනවා.."
චුටි අයියාට තාමත් මල පැනලා මං ඉතින් අමාරුවෙන් හිනාව වාවගෙන චුටි ළඟට ගිහින් මං පිටි පස්සට කරනෙ හිටපු ප්රසන්ට් එක එයාට දුන්නා .
"හැපි බත්ඩේ චුටි අයියා .."
මං චුටි අයියගේ කම්මුල් දෙකටයි නළලටයි කිස් එකක් දුන්නා .චුටි අයියා මං දිහා බලාගෙන හිටියේ ඇස් දෙක එලියට පනින සයිස් කරගෙන .
"සුදු ඔයාට මගේ බත්ඩේ එක මතක තිබුනද ..?"
"නැතුව..මට මගේ චුටි අයියගේ හැපි බත්ඩේ එක අමතක වෙනවද ..?"
මං කියද්දි චුටි අයියා මාව බදාගෙන නළලට කිස් එකක් දුන්නේ ඇස්වල කදුලු පුරවගෙන .
"තැන්කියු සුදු .."
"මේ මොකද ඇස් වල කදුලු .."
"සතුටට බං.."
එයා ආයෙත් මාව බදානෙ නලලට කිස් එකක් දුන්නා මම අයියලා දෙන්නට මොන බාල්දි පෙරලුවත් ඒ දෙන්නා මට පන ඇරලා ආදරෙයි.මේ දේවාගේ ලෝකේම මේ අයියලා දෙන්නා තමා.
අද අම්මියි කුසුමි ඇන්ටියි කුස්සියේ බරටම වැඩ.අද අපේ ගෙදර ඩිනර් වලට කට්ටියක් එනවා කියලා ඊයේ තාත්ති කියනවා මං අහගෙන.අම්මිලා මේ පණදාගෙන උයන්නේ ඒ නිසා වෙන්න ඇති.
"කවුද අම්මි ඩිනර් වලට එන්නේ අපි දන්න කට්ටියක්ද..?
මං ගිහින් අම්මිලාට පොඩි හෙල්ප් එකක් දෙන ගමන් ඇහැවේ අපේ ගෙදරට එන මිනිස්සු කවුද කියලා දැනගන්න එපැයි.
"ඔයා ආවාහම බලා ගන්නකෝ.."
අපේ අම්මිගේ ගනන් බලහල්ලකෝ. ඕක කිව්වානම් මොකද අප්පා වෙනවා.
"තාත්තිගේ යාලුවෙක් එන්නේ.."
"ඉතින් මම දන්න කෙනෙක්ද.."
"නෑ..අපිත් මදුරලා දකින්නේ අවුරුදු ගානකට පස්සේ.."
ඒකත් එහෙමද ආවාහම බලා ගමුකෝ කවුද මේ කියලා.අදනම් ඉතින් සිඳු බලනවත් බොරු.ඇයි ඉතින් දැන් මුලු පවුලම එයිනේ.
අද තාත්තියි අයියලා දෙන්නයිත් කලින් ආවා.තාත්තිගේ යාලුවා ආවේ හතට විතර මාත් ඉතින් උඩ ඉදලා පහලට බැස්සේ කවුද ආවේ බලන්න ඉතින්.
මේ දේවාට වොඩ් තිස්තුන්දහා වැදුනේ ඇවිත් හිටපු කෙනා දැකලා.හත්වාලාමේ දේවෝ මේ අර රතු කුරුල්ලාගේ අයිතිකාර කොලුවා නේද..?
පොරත් මං දිහා බලාගෙන ඉන්නේ ෂොක් වෙලා වගේ.මේ යකා කොහේ ගියත් මට මුලිච්චි වෙනවානේ.
පොරත් මං දිහා බලාගෙන ඉන්නේ ෂොක් වෙලා වගේ.මේ යකා කොහේ ගියත් මට මුලිච්චි වෙනවානේ.
"සුදු එන්න පුතේ.."
තාත්ති මට කතාකරද්දි මං එයා ළඟ වාඩි උනේ අනිත් අයට හිනාවෙන ගමන්.හැබැයි මම අර කොලුවා දිහානම් නිකමටවත් බැලුවේ නෑ.
ඒ ඇවිත් හිටියේ මදුර අංකලුයි එයාගේ වයිෆ් මාලිකා ඇන්ටියි දුව ශාක්යා. එතකොට අර කොලුවා ශාක්ය.නම වගේම තමයි පොරගේ ලුක් එකත් තේජාන්විතයි.ඒ උනාට බලපල්ලාකො තියන ආඩම්බරේ.මාව අදුරන්නැ වගේ ඉන්නවා.මාත් ඉතින් නොදන්න ගානට හිටියා.
"මම දන්නැනේ කාවිංගට මේ තරම් ලස්සන බෝණික්කියක් ඉන්නවා කියලා.."
මදුර අංකල් කියද්දි තාත්ති මාව තුරුලු කරගෙන නළලට කිස් එකක් දුන්නා.
"මේ තමයි මදුර අපේ පණ.."
තාත්ති මං දිහා බලලා කියද්දි මං තව ටිකක් තාත්තිට තුරුලු උනා.මං තාත්තිට තුරුලු වෙලාම බැලුවේ ශාක්ය දිහා.එයා මං දිහා බලාගෙන හිටියේ ඇස් පුංචි කරලා.අපි දෙන්නගේ ඇස් යාවේද්දි මම ඉක්මනට අහක බලා ගත්තේ ඒ ඇස් දෙකේ බැල්ම දරා ගන්න බැරුව.ඒ ඇස්වල තිබුනේ වෙනදා තරහා නෙමෙයි.වෙන මොනවදෝ දෙයක්.
ශාක්යා අක්කිනම් මගෙත් එක්ක ඉක්මනටම යාලු උනා.එයානම් හරි ෂොක් .අපි දෙන්නා කලුවරේම එලියට වෙලා කතා කර කර ඉද්දි එතනට ආවේ ශාක්ය .
"අක්කි ඔයාට අම්මි කතාකරනවා.."
"මං බලලා එන්නම් සූදු..ඔයා එතකල් අපේ සුදු මල්ලි එක්ක කතාකර කර ඉන්නකෝ.."
ශාක්යා අක්කි එහෙම කියලා ගේ දිහාවට යද්දි මාත් නැගිට්ටේ ගෙට යන්න.මෙයා එක්ක මොන කතාද..? මම යන්න හදද්දි ශාක්ය මගේ අතින් ඇදලා එයා ලඟට ගත්තා.මං ගිහින් නතර උනේ එයාගේ පපුවේ
"මොකද මේ කරන්නේ අතාරිනවා මාව.. කවුරු හරි එයි.."
මම කිව්වේ තරහින්.ශාක්ය මගේ ඉනවටේ අතදාලා මාව තවත් එයාගේ ඇගට තද කරගත්තේ මට හෙල්ලෙන්නවත් බැරිවිදිහට.
"ඉතින් ආපුදෙන්.."
එයා මගේ කනට කරලා කියද්දි මං වෙව්ලලා ගියා.එයාගේ හුස්ම මගේ මුණටම වදිද්දි මං හොදටම නොසන්සුන් උනා.වෙනදා වගේ නෙමෙයි මේ කොලුවා ළඟ ඉද්දි මට අමුත්තක් දැනුනා.මං පිට පිරිමියෙකුට මෙච්චර ලං වෙලා නෑ.මට එයා ළඟ ඉන්නත් ඕනි ඒ වගේම එයා ළඟින් යන්නත් ඕනි.
"අනේ ප්ලිස් අයියේ මාව අතාරින්න.."
"කොහේ යන්නද.."
"මට ඇතුලට යන්න ඕනි..."
"ඇයි මගේ ළඟ මෙහෙම ඉන්න කැමති නැද්ද සුදු.."
ශාක්ය අහද්දි මට එයා දිහා බැලුනා.මෙයා මේ මොනවද අහන්නේ මේ කොලුවා කරන වැඩවලින් මං මෙයාට ලංවෙනවා වගේ දැනෙනවා.
"ආ සුදු ආසා නැද්ද.."
එයා මගේ ඇස් දිහා බලාන අහද්දි මේ දේවා හිරි වැටිලා ගියා.මෙයාගේ ඇස් දෙක මාර ලස්සනයිනේ.දැන්නම් මේ දෙවාට ඕනි මෙතනින් යන්න.
"අන්න අම්මි.."
මං කියද්දි එයා මාව ඉක්මනටම ඇතැරලා ගේ දිහා බලුවා.මේ දේවාට ඉතින් හිනා.එයා මං දිහා බැලුවෙ ඉනටත් අත් දෙක තියාගෙන.මම එයාට දිව දික්කරා.
"මැට්ටි.."
"හු හු රැවටුනා මෝඩයා.."
මම හිනාවෙවිම ගේ දිහාවට දුවන් ඇවිත් ආපහු හැරිලා බැලුවා.මං දිහා බලාගෙන එයත් හිනාවෙනවා.
***********************************************
"දේවෝ.."
කාමරේ හිටපු මං උඩ ගියේ පහලින් ඇහුන සද්දෙට.ඒ වොයිස් එකනම් විහාගේ වගේ.ඈ යකෝ මගේ මාර සේනාවේ තුන් කට්ටුව අපේ ගෙදරට කඩා පාත්වෙලාද..?
"දේවෝ..උඹ කොහෙද බං.."
මොකද මලවදේ මෙවුන් බෙරිහන් දෙන්නේ.මං ඉතින් උන්ට හිතින් බැන බැනම පහලට ගියා.හප්පේ මං යද්දි තුන්කට්ටුව සැපට සෝෆා එකේ වාඩිවෙලා ඉන්නවා.
"මොකද යකුනේ බෙරිහන් දෙන්නේ..මගේ කන හොදට ඇහෙනවා.."
මං ත්රිබලගේ ඇගට කඩාපැන්නේ තරහින්.අනුන්ගේ ගෙදරකට ඇවිත් මෙහෙම ගිරිය කඩාගෙන බෙරිහන් දෙනවද මං අහන්නේ.
"කන ඇහෙනවනම් ඉන්න තැනකින් ඇයි කියන්න දන්නැද්ද ගොනියේ.."
හිමාටත් මල පැනලා.ඒකිගේ කතාවත් ඇත්තනේ ඉතින්.
"අපි බෙරිහන් දෙද්දි උඹ මොන ලෝකෙද හිටියේ.."
"මං කාමරේ බං හිටියේ.."
"ඒකනේ හරකි බුරුවි උලමි ගෙම්බි ඇයි කියන්න බැරිද..?"
අපරාදේ කියන්න බෑ විහා සත්තු වත්තකින් මට බැනගෙන ගියා.
"සොරි සොරි බං ඉතින්.."
"අනේ තියා ගං උඹේ හොරිය.."
"හරි හරි බං දැන් ඔය මැදැ..ඒක නෙමේ දේවෝ උඹලාගේ ගෙදරනම් සුපිරි ඈ.."
ශනු මුලු ගේ පුරාම ඇස් කරකව කරකව කිව්වේ මහපට ඇගිල්ලත් පෙන්නලා.
"අම්මෝ අම්මිට අදම කියන්න ඕනි ගෙදරට ඇස්වහා ටිකක් පුච්චන්න කියලා.."
"ඒ මොකද..?"
"ඇයි ගෙදරට උඹලාගේ ඇස්වහා වැදුනනේ.."
"උඹට අපි කිව්වයි කියලා හිතාගනින්.."
ශනු මගේ පිටට ගහාලා කියදදිනම් ඒ පාර මට හොදටම රිදුනා.
"උඹ අලි මස්ද යකෝ කන්නේ ඒකනම් රිදුනා.."
මම පිට අතගා ගත්තේ තාම රස් අල්ලන නිසා.
"නෑ කොටි මස්.."
"ඒක තමයි කොටි දෙන වගේ ඉන්නේ.."
මේ දේවා ඔය ටිකනම් කිව්වේ ශනු ලගින් හොදටම ඈත් වෙලා.නැත්තම් ඕකි ආයේ මගේ කොන්ද පලනවා.
අපි හතර දෙනා රණ්ඩු වෙවි යාලු වෙවි දවස ගෙවලා දැම්මේ හරි විනෝදයෙන් .මගේ අතිජාත යාලුවෝ තුන්කට්ටුව ගියේ අපේ අම්මි හදපු කෑම වලටත් වග කියලමයි.අම්මෝ උන්ටනම් ආයේ කන්න දෙනවනම් බොන්න දෙනවනම් මොන කෙන්ගෙඩියද තව ඕන කියන්නේ.
මං කාමරෙන් එළියට ආවේ දඩාං ගාලා සද්දයක් ඇහුන නිසයි.ඒ සද්දේ ඇහුනෙනම් ළඟදි අපි සුද්ද කරපු කාමරේ දිහයින්.මං කාමරේට යද්දි හායි බායි ගාලා දොරත් ඇරලා දාලා.කවුද මේ දොර ඇරියේ.මේ දොර නිතරම වහලා දාලනේ තියෙන්නේ.
මං හිමිට කාමරේට ඔලුව දාලා බැලුවා.ඒත් කවුරුත් නෑ.කාමරේ ජනෙලුත් කවදාකවත් නැතුව ඇරලා දාලා.මං කාමරේ ඇතුලට අඩිය තියනකොටම මගේ හිතට වෙන කවරදාටත් වඩා අර අමුත්ත තදින්ම දැනුනා.මොකද්ද අප්පා මට හැම වෙලාවෙම දැනෙන මේ විකුරුත්තම.මම හිත හිතම ගිහින් ජනෙල් දෙක වහාලා දැම්මා.
"දෙවාශි.."
මම ගැස්සිලා හැරිලා බැලුවේ මගේ නම කියලා කවුදෝ කතාකරපු නිසා.පුදුම හතයි කාමරේ කවුරුත් නෑනේ වලාමේ.
"දේවාශි.."
ආයෙත් ඒ කට හඩ ඇහෙනවා.මොකාද මේ දේවා එක්ක සෙල්ලම් කරන එකා.මේකනම් ගෑණු කටහඩක්.එකත් එකටම ඔය අපේ මෝඩ ජෝඩුවගේ වැඩක්තමා.ගෑණු වොයිස් එකකින් කතාකරලා මාව බය කරන්න වෙන්න ඇති හදන්නේ.
"චුටි..ලොකු හොද හිතින් එනවා ඉන්න තැනකින් එළියට .."
මං කෑ ගැහැවට කිසිම ප්රතිචාරයක් නෑ .
"දෙවාශි.."
ඔන්න ආයෙත් මේ මෝඩ ජෝඩුව.මං දෙන්නම් දෙන්නට අද වැඩේ.මං කාමරේ තිබ්බ කොස්ස අරගෙන පාත්වෙලා ඇද යට බැලුවේ මෝඩ ජෝඩුව ෂුවර් එකට ඇද යට කියලා දන්න නිසා.කඩවුලේ මුන් දෙන්නා ඇද යට නැ කියහන්කෝ.
"චුටි..ලොකු ඉන්න තැනකින් එළියට එනවද..කොස්සෙන් කනවද..?"
දැන්නම් මේ දේවාගේ යකාත් ආරුඩ වෙනවා ඈ.ඇයි වදේ මුන් දෙන්නා මොන ලෝකේ ගියාද..?දෙන්නා උජාරුවට හිතාගෙන ඇති මේ දේවා බය වෙයි කියලා.ඔය වගේ සුටිං වැඩවලට මේ දේවා බය වෙනවද..?
"දෙවාශි.."
අයියෝ කඩවුලේ මටනම් දැන් බැරියෝ ශාන්ත.හිටහං මෝඩ ජෝඩුවට අද අම්මිගෙන් සබ්බුව ඉල්ලලා දෙන්නම්.
මම එක පිම්මට පහලට ගියේ අම්මිව හොයාගෙන.මේන් බොලේ මේ මෝඩ ජෝඩුව පහල .උඩදි මට කෝචෝක් කරලා දැන් ඉන්නවා බබාලා වගේ.මං කෙලින්ම ගිහින් අල්ල ගත්තේ දෙන්නගේ කන්කොටෙන්.
"ඌයි ඌයි අතහැරන් සුදු රිදෙනවා.."
ලොකු බෙරිහන් දුන්නේ එයාගෙ කන අල්ලගෙන හිට්ය මගේ අතත් අල්ලගෙන.මේ දේවා ලෙසියෙන් එහෙම අතාරින්නෑ.
"ඇයි අරම වැඩක් කලේ කියලා කියනකල් කන අතාරින්නෑ.."
"මොන වැඩේද ඕයි.."
"හා..දැන් දන්නෙම නෑ.."
"නැති හින්දනේ යකෝ අහන්නේ.."
"ඇයි දැන් උඩ ඉදලා ගෑණු වොයිස් එකකින් මට දෙවාශි දෙවාශි කියලා කතාකලේ.."
මම කියද්දි ඒ මෝඩ ජෝඩුව මුණෙන් මුණ බලනවා.
"මේ හැන්දෑ ජාමේ තමුසෙට කලු කුමාරයාවත් වැහුනද පිස්සු දොඩවන්නේ.."
"මං කියන්නෑ තමුසේලා දෙන්නාට මට වැහුන කලු කුමාරයා ගැන.."
මං තව ටිකක් දෙන්නතගේ කන් කොට දෙක මිරිකව්වේ තරහින්.හිතාන ඇති මං ගොං කියලා.
"ඌයි උෟයි.. ඇතැරපන් මගේ සුදු සුකිරි පැටියා..මගේ දෙයියා.."
අපේ අප්පේ ලොකු බටර් ගාන්නනම් රුසියා.මේ දේවා ඔය බටර් වලට අහුවෙන්නැ ලොකු.
"සුදු මොකද මේ අතාරිනවා අයියලාව.."
අපේ අම්මි කෑ ගහගෙන එතනට ආවා කියහන්කෝ.අම්මි දන්නෑනේ මේ මාර පුත්තරයෝ දෙන්නගේ වැඩ ගැන.
"බලන්නකෝ අම්මි මේකි අපේ කන ගලවන්න හදනවා.."
චුටිගේ කට ඇරිලා තියෙන්නේ දැන්.දැන් ඉතින් මම දෙන්නම් දෙන්නට කෑම.
"බලන්න අම්මි මේ දෙන්නා මාව බය කරන්න හැදුවා.."
මං අයියලාගේ කන්කොට වලින් ඇතැරලා අම්මි ළඟට ගියේ අද දෙන්නට සබ්බුව ඉල්ලලා දෙන්න හිතාගෙන.
"ලොකු..චුටි..සුදු මේ කියන්නේ ඇත්තද..?"
"මේකිගේ බොරු අම්මි..ඔයාම දැක්කාන් අපි ආවේ දැන්නේ.."
ලොකු කිව්වේ කන අත ගගා චුටිත් මට ඔරව ඔරව කන අතගානවා.දෙන්නාගේ කන් දෙකත් රතුවෙලා හොද වැඩේ ඔය ඩබලට.ආවා මෙතන මාව බය කරන්න.
"එතකොට ගෑණු වොයිස් එකකින් මට දෙවාශි දෙවාශි කියලා කතාකලේ කවුද ..?"
"ඒක අපි දන්නෑ..අපිනම් නෙමෙයි..
"මෙයාලගේ බොරු අම්මි.."
"බොරු නෙමෙයි ඕයි සත්තයි.."
මේ ජෝඩුව මෙච්චර කියන එකේ ඒ මේ ජෝඩුව වෙන්න බෑ.
"එතකොට කවුද ඒ මට කතාකරපු කෙනා.."
"තමුසෙට හොල්මන් ඕයි..අම්මි මේකිට කලු කුමාරයා වැහිලා..අද හෙටම තොයිලයක් නටන්න වෙයි..''
චුටි හිනාවෙවි කියද්දි සොෆා එකේ කොට්ටයක් අරගෙන මං චුටිට දමලා ගැහුවේ තරහින් මුණ රතු කරගෙන.
"මං කියන්නැ තොයිල් නටන්න ඕනි කාටද කියලා.."
මං දෙන්නට ගස්සලා උඩට එන්න ආවේ තරහින්.
"තරහින් මුණ රතු උනහම ලස්සනේ බෑ..හරියට පින්ක් පැන්තර් වගේ.."
ලොකු කියනවා ඇහුනට මං හැරිලවත් බැලුවේ නෑ.කවුද දෙවියනේ මට ඒ කතාකරපු එකා.මං ආයෙත් ඒ කාමරේට ගියාට කිසිම හඬක් ආවේ නෑ.
සමහර විට ඒ මගේ හිතට දැනුන දෙයක් වෙන්න ඇති.ඒත් හිතට දැනුන දෙයක් කොහොමද කන් දෙකට කටහඬවල් ඇහෙන්නේ.හෑ මට පිස්සුවත් හැදිගෙන එනවද..?දැන්නම් මේ දේවාගේ හිතට බයකුත් දැනෙනවා ඈ.අදනම් රෑට තනියම නිදාගන්නත් බෑ අදනම් අම්මි තාත්තියි ළග තමයි.
***********************************************
කම්මැලි කමේ කාමරේට වෙලා හිටපු මම ෆේස් බුක් එක පැත්තේ රවුමක් ගහාලා පෝන් එකෙන්ම ගේම් එකක් ප්ලේ කරා.
"දෙවාශි.."
මං උඩ ගියේ අදත් අර කටහඬ ඇහේද්දි.මං කාමරේ පුරා ඇස් කරකවලා කාමරේ පුරාම බැලුවේ කට හඬ අවේ කාමරෙන් නිසා.ඒත් කවුරුත් නෑ.
"දෙවාශි.."
ඕං ආයෙත් ඇනෙවා.ෂුවර් මට පිස්සු හැදිගෙන එන්නේ.නැත්තම් මට මෙහෙම කටහඬවල් ඇහෙයිද..?
"දෙවාශි.."
ඒ ගමනනම් මං අතින් කන්දෙක වාහාගෙන ඇස් දෙකත් පියා ගත්තා.හි..හි..මට පිස්සු මට පිස්සු මට හොදටෝම පිස්සු.මාව අංගොඩ ගිහින් දායිද දන්නැ.
මං හිමිට එක ඇහැක් ඇරලා බැලුවේ මගේ ඉස්සරහා කවුරුහරි හිටගෙන ඉන්නවා දැනිලා.සුදුම සුදුපාට ගව්මක් ඇදගෙන කොණ්ඩේ කඩාදාගෙන ඉන්න කෙල්ල දැක්කාම මගේ අනිත් ඇහැත් ඇරුනා.මං හිටියේ ඇස් දෙකත් නළලේ තියාගෙන අදහා ගන්න බැරුව.
"ඔ..ඔයා.."
මට වචනත් පැටලුනා.දෙවියනේ මේකි හිනාවෙලා මං ළගට එනවා.මං ඇදෙන් බිමට පැන්නේ යටිගිරියෙන් කෑ ගහන ගමන්.
මේකි තවත් මගේ ළගට ලංවෙනවා.විස්වාස කරන්න දෙවියනේ මගේ ඉස්සරහා මෙහෙම හිටගෙන හිටියේ මීට මාස තුනකට කලින් මරලා දාපු ජර්නලිස්ට් පාරමී මට දැනුන බය ගැන කියන්න වචන නෑ.මැරුන පාරමී කොහෙද මෙහේ.
"ඔ..ඔයා..මැරුනනේ.."
මට බයටම කතාකර ගන්නත් බෑ මගේ ඇගේ දාඩියත් වැක්කෙරෙනවා.
"ඔව් මම මැරුනේ නෑ..මාව මැරුවා..මම මැරුවට මගේ ආත්මේ තාම මේ ගෙදර තියනවා.."
පාරමී කියද්දි මට යටි ගිරියෙන් කෑ ගැහුනා.එතකොට එතකොට මේ පාරමීගේ හොල්මද..?
"බුදු අම්මෝ.."
මේ දේවා යටිගිරියෙන් කෑ ගහගෙන පහලට දිව්වේ හොදටම බයවෙලා.මගේ ඇගේ දාඩිය ඉහින් කනින් බහිනවා.මං කෑ ගහගෙන පහලට යද්දි අම්මියි සිරිල් අංකලුයි කුසුමා ඇන්ටියි තුන්දෙනාම දුවගෙන ආවේ කලබලෙන්.
"සුදු මැණික ඇයි මේ මොකද උනේ..?"
අම්මි මං ළඟට දුවගෙන ඇවිත් ඇහැවාට මට කතාකරගන්න වචන එන්නෙත් නෑ බයටම.මං අතින් අම්මිට උඩ තට්ටුව පෙන්නලා කියන්න හැදුවේ පාරමීගේ හොල්මන උඩ තට්ටුවේ ඉන්නවා කියලා.ඒත් බයටම මගේ කටින් වචනයක්වත් පිටඋනේ නෑ.
"මොකද්ද සුදු උඩ තියෙන්නේ..මොනවටද ඔයා බය උනේ.."
අම්මිත් බයවෙලා.ඒත් මගේ කටින් එක වචනයක් පිට උනේ නෑ.මම තාමාත් උඩ ඇඟිල්ල දික්කරලා පෙන්නද්දි සිරිල් අංකල් උඩඩ ගියා.එතකොට තමයි මම දැක්කේ පාරමී උඩ ඉදන් මං දිහා බලාගෙන ඉන්නවා.මගේ බය දෙගුණ තෙගුණ උනා.
"හොල්මනියක්.."
මට කියාගන්න පුලුවන් උනේ එච්චරයි .මගේ වටේ හැම තැනම කලුවෙලා යනවාත් එක්කම මං දාඩාංගාලා බිම වැටුනා.අම්මි කෑ ගහනවා යාන්තමට වගේ ඇහුනා.
මං ඇස් ඇරලා බලද්දී මං ළග අම්මි තාත්ති අයියලා දෙන්නා ඒ හැමෝම මගේ ළග.මං හිටියේ මගේ කාමරේ මගේ ඇද උඩ.
"සුදු මැණික දැන් හොදයි නේද..?"
අම්මි ඇස්වල කදුලු පුරවගෙන අහද්දි මං කල්පනා කලේ මට මොකද්ද උනේ කියලා එතකොට තමයි මගේ මීටරේට හැම දේම ආවේ.මං ටක්ගාලා ඇද උඩ වාඩිවෙලා කාමරේ පුරාම බැලුවේ පාරමී ඉන්නවද කියලා.අම්මෝ දැන්නම් පේන්න නෑ.ඒ උනාට එයා ආයෙත් එයි.එහෙම හිතද්දි මේ දේවාට දැනුන බයනම් කියලා වැඩක් නෑ.
මං බයෙන්ම අම්මිට තුරුලුවෙලා ඇස්දෙක පියා ගත්තා.
"ඇයි මගේ මුණික.."
තාත්ති මං ළග ඉදගෙන අහද්දි මං ඇස් ඇරලා තාත්ති දිහා බැලුවා.
"අනේ තාත්ති මාව දාලා කොහෙවත් යන්න එපා..එයා ආයෙත් එයි.."
"අපි ඔයා දාලා කොහෙවත් යන්නැ සුදු..කවුද ඔයා ළගට එන්නේ..?"
"අර හොල්මනි..මේ ගෙදර හොල්මනියක් ඉන්නවා තාත්ති..එයා මට කතා කරා..මගේ ළගටම ආවා.. මට බයයි අම්මි..මාව දාලා යන්න එපා..ඔයාලා ගියොත් එයා ආයෙත් මගේ ළගට එයි.."
මං කියවගෙන ගියේ පිස්සුවෙන් වගේ.මං අම්මිව බදාගෙන හිටියේ එයා මාව දාලා යයි කියලා බයෙන් .මං හිටියේ පුදුම විදිහට බයවෙලා.මං අරම කියද්දි අපේ ගෙදර අය මුණෙන් මුණ බලාගත්තා .
"නෑ සුදු ඔයා ළගට කවුරුත් එන්නෑ..අපි ඔයා ළග ඉන්නවානේ..මගේ පුතා දැන් ටිකක් නිදාගන්න .."
අම්මි මගේ නළලට කිස් එකක් දිලා කිව්වේ හරි ආදරෙන්.එයාගේ කදුලු පිරිලා.
"මට බෑ අම්මි..මං නිදා ගත්තාම ඔයාලා මාව දාලා යයි..මට තනියම ඉන්න බෑ.."
"නෑ සුදු අපි කොහෙවත් යන්නැ..අම්මි ඔයා ළගම ඉන්නවා..කෝ නිදාගන්නකෝ.."
අම්මි මාව හිමිට ඇදේ හාන්සි කරා.මං ඇදේ හාන්සි උනේ අම්මිගේ අතකුත් අල්ලගෙන.අම්මි යයි කියලා මට බයයි.එයා ගියොත් පාරමීගේ හොල්මන ආයෙත් මගේ ළගට එයි.
"අනේ අම්මි එයා ආපහු මගේ ළඟට එයි..එයා මේ ගෙදර ඉන්නවා..මට බයයි අම්මි.."
"ෂ්..කවුරුත් එන්නෑ..අම්මි ළග ඉන්නවානේ සුදු.."
තාත්ති මගේ ළගට ඇවිත් ඔලුව අතගාලා කියද්දී මං ඇස් පියා ගත්තා.
"සුදු මොනවාට හරි බයවෙලා තාත්ති.."
ලොකු කියනවා මං අහගෙන.
"ඔව් එයා ඉන්නේ හොදටම බයවෙලා..ඒක තමයි ඔය දොඩවන්නේ.."
"අනේ අපි මොකද කාවිංග කරන්නේ..අනේ මගේ කෙල්ල.."
අම්මි අඩ අඩා කියනවා මං අහගෙන.ඊට පස්සේ එයාලා මොනවා කතා උනාද කියලා මං දන්නෑ මට නින්ද ගිහින්.
රෑ වෙද්දි මට වෙව්ලලා හොදටම උන ගත්තා.තාත්ති අපේ ෆැමිලි ඩොක්ටර්ට කතා කරලා ගෙන්නව ගත්තා.ඩොක්ටර් අංකල්නම් කිව්වේ මං මොනවට හරි ෂොක් වෙලා නිසා උන ගත්තා කියලා.අම්මිනම් මගේ කරට පන්සලෙන් ගෙනාව පිරිති නුලක් ගැට ගැහාවා.මට ආයෙත් එහෙම්මම නින්ද ගියා.
No comments:
Post a Comment