මං දවස් ගාණක් හිටියේ ඇදට වෙලා.ඒ එක දවසකවත් පාරමී මාව හොයාගෙන ආවේ නෑ .දැන්නම් මගේ උණත් හොදයි වගේ.ඇගට දැන්නේ අමුතුම පිට් එකක්.පහුගිය දවස්වල හිතේ තිබුන බය දැන් කොහේ ගියාද කියලා නෑ.දැන් හිතේ තියෙන්නේ කුතුහලයක්.ඒ මොකද උනේ කියලා දැන ගන්න.
වෙලාවකට හිතෙනවා ඒ මං දැක්කේ හිනයක්ද කියලා.ඇයි වදේ මේ වගේ හොල්මන් ඇත්ත ජිවිත වල ඉන්නවද..?මේ වගේ දේවල් තියෙන්නේ ෆිල්ම් වල විතරනේ.මං මේ දේවල් කාටවත් කිව්වට කවුරුත් විශ්වාස කරන එකක් නෑ.
මට දැන් ඕනි මගේ හිතේ තියන කුතුහලය නැතිකර ගන්න ඇත්තටම පාරමීට මොකද උනේ.එයාගේ හොල්මන කොහොමද අපේ ගෙදරට ආවේ.ඒත් කාගෙන්ද මං මේවා දැනගන්නේ..?ඒවා දැනගන්න පුලුවන් එක්කෙනෙක්ගෙන් විතරයි.ඒ තමයි පාරමීගේ හොල්මන .නෑ නෑ දේවෝ උඹට පිස්සුද .උඹ ඔය කතාකරන්න යන්නේ හොල්මනක් එක්ක.හොල්මන් හරි බයානකයි බං.
දැන් මං මොකද කරන්නේ..?මටම මං ගැන පුදුමයි.ඇයි හත් දෙයියනේ අර දවස් ටිකේ පාරමීගේ හොල්මනට බය වෙලා කෑ ගැහැවා.දැන් ඒ හොල්මන ඉස්සරහට යන්න හදනවා.දැන්නම් පුංචිම බයක්වත් මේ දේවාගේ හිතේ කොනකවත් නෑ.
මේ දේවා හිතට දෛර්ය අරගෙන ගියේ වහලා තිබුන කාමරේට.මේ දේවාට දැන්නම් සියට දෙසීයක්ම ෂුවර් එදා ඒ කාමරේදි මට කතා කලේ පාරමී .මගේ හිත කියන්නේම පාරමී මට මොනවා හරි කියන්න හැදුවා කියලා.
මං කාමරේ දොර ඇරගෙන ඇතුලට ගියාට කිසි හැල හොල්මනක්නෑ.
"පා..පාරමී .."
මං දෙපාරක් හිතුවේ නෑ පාරමීගේ නම කියලා කතාකරා.මං මේ කාමරේටම පාරමී හොයාගෙන ආවේ මුලින්ම මට පාරමී කතාකලේ මේ කාමරේ ඇතුලේ ඉදලා නිසා.අදනම් පාරමීගේ කිසිම ප්රතිචාරයක් නෑ .
"පාරමී ඔයා ඉන්නවද..?"
ම්හු..කිසිම ප්රතිචාරයක් නෑ .මං හැරුනේ ආපහු යන්න. හැරුන මං පස්සට විසි උනේ මගේ ඉස්සරහා හිටගත්ත කෙනා දැකලා.මෙන්න බොලේ පාරමී මේකි කොහෙන්ද කඩා පාත් උනේ..?
"ඔහොමත් මිනිස්සු කඩාපාත්වෙනවද හොල්මනියේ..තව ඩින්ගෙන් ආයෙත් මට නූල් බදින්න වෙනවා.."
මං තරහින් කෑ ගහද්දි මෙන්න බොලේ මේ හොල්මනි හිනාවෙනවා.ඇත්තටම සජිවිව හොල්මනක් හිනාවෙනවා දැක්කමයි.පුදුමෙනුත් පුදුමයි කියන්නේ පොඩ්ඩක්වත් මට බය හිතුන් නැති එකනේ.
"මොකද හිනාවෙන්නේ හලෝ.."
"ඔයා මට දාලා තියන නම නියමයි..හොල්මනි..ෂොක් නම.."
මෙන්න බොලේ මේ හොල්මනි ආයේ හිනාවෙනවා.හොල්මනක් උනත් මේකි මාර ලස්සන කෙල්ලක්.
"ඇති..ඇති..ඔය හිනා උනා හොල්මන්ට හිනාවෙන්නත් පුලුවන්ද..?"
"හිනාවෙන්න විතරක් නෙමෙයි..මට තව වැඩ පුලුවන්.."
"ඒ මොනවද..?"
"මං ඒවා පස්සේ පෙන්නන්නම්..දැන් මොකටද දෙවාශි මාව හොයව්වේ..?"
පාරමී අහද්දි මං ගිහින් ඇදේ වාඩි උනා.පාරමී මං දිහා බලාගෙන ඉදලා ඇවිත් ඇදේ වාඩි උනා.
"මට හැම දේම දැනගන්න ඕනි පාරමී .."
"මොනවා ගැනද..?"
"ඔයා ගැන..ඔයාට මෙහෙම උනේ කොහොමද..ඔයා මොකටද මගේ ගෙදර හොල්මන් කරන්නේ..මේ හැම දේම.."
මං කියද්දි පාරමී මං දිහා බලාගෙන හිටියේ කිසිම හැගිමක් නැතුව .පස්සේ එයා මුලු කාමරේ දිහාම බලලා ආපහු මගේ මුණ දිහා බැලුවා.
"කොහෙන් පටන්ගන්නද කියලා මට තේරෙන්නෑ දෙවාශි ..ඔයා දන්නවා ඇති මං කවුද කියලා ..සමහර විට මාව දැකලත් ඇති .."
"ඔව් මං ඔයාව දැක්කේ පත්තර වලින් ..ටීවි එකෙන්..ජර්නලිස්ට් පාරමී රණබාහුගේ මර්ඩර් එක ගැන ඒ දවස්වල ගොඩක් කතා උනා.."
මට මතකයි අපේ ගෙදර අයත් ඒ ගැන ගොඩක් කතා උනා.
"මම තමයි දෙවාශි පවුලේ වැඩිමලා ..මට ඉන්නේ අම්මියි නංගියි..අපි පුංචි කාලේදිම තාත්තා නැති උනා..එදා ඉදන් අර පුංචි ලෑලි ගෙදර ඉදන් අම්මයි මායි නංගියි නෙවිදිනා දුක් වින්දා.."
"අම්මා කඩවල් වලට කෑම හදලා දාන සල්ලි වලින් තමයි අපි ජිවත් උනේ..මං අමාරුවෙන් A/L exam කරගත්තා..exam ඉවර උන ගමන්ම මං ජොබ් එකක් හොයව්වේ අම්මා තවත් දුක් විදිනවා බලාගෙන ඉන්න බැරි නිසා.."
"පුංචි කාලේ ඉදන් මට හිනයක් තිබුනා ජර්නලිස්ට් කෙනෙක් වෙන්න..මගේ වාසනාවකටද මන්දා මට "දියත" පත්තරේ වැඩ කරන ජගත් අයියව හම්බ උනේ..එයා තමයි මාව එයාගේ බොස් චන්දන සර්ට අදුන්නලා දුන්නේ.."
පාරමී එක දිගට කියාගෙන යද්දි මං කිසිම දෙයක් කතා නොකර හොද සාවදානව අහගෙන හිටියා.
"එදා මට ජොබ් එක හම්බ උනා..එදා මට දැනුන සතුට කියන්න වචන නෑ..එදා ඉදන් මං ගොඩක් දේවල් ලිව්වා පාරා කියන නමින්..මේ සමාජයේ වෙන අසාදාරනයකම් ,හොරකම්,වංචා,දුෂණ, ඩ්රග්ස් බිස්නස් ගැන,ගණිකා මඩම් ගැන,පාතාලේ උන් ගැන මම ලිව්වා..මට කොහොමත් අසාදාරනයකම් පෙන්නන්න බෑ ..අම්මවයි නංගිවයි මං ජිවත් කලේ පත්තර රස්සාවෙන් හම්බවෙච්ච සල්ලි වලින් .."
පාරමී කියද්දි මගේ පපුව හොස් ගාලා ගියා.දැන් පාරමීගේ අම්මයි නංගියි කොහොම ජිවත් වෙනවා ඇතිද..?
"නංගි තාම ස්කූල් යනවද..?"
"ඔව් දෙවාශි මේ අවුරුද්දේ O /Lලියනවා.."
"හරි කතාවේ ඉතුරු ටිකත් කියන්නකෝ.."
මං කිව්වේ ඉවසිල්ලක් නැතුව.පාරාගේ කතාවේ ඉතිරි ටික අහන්න මට තිබුනේ පුදුම හදිස්සියක්.
"මං කෙලින්ම චෝදනා කලේ දේවක ඇමතිට..උෟ මහා නරුමයෙක් තිරිසනෙක් අහිංසක කෙල්ලෝ කී දෙනෙක්ගේ ජිවිත විනාශ කරලා ඇතිත..ගෑණු පෙරෙතයෙක්..අනිකා තමයි මෝදර ගසියා. පාතාලේ රජ කරන එකෙක්..මං ඌ ගැනත් පත්තරේට ලිව්වා.."
"දේවක ඇමතියි ගසියයි ගජ යාලුවෝ උන් දෙන්නා එකතුවෙලා තමයි හැම ජරා වැඩක්ම කරන්නේ. උන් දෙන්නා මට තර්ජනය කලා උන් ගැන ලියන එක නතර කරන්න කියලා..ඒත් මම නතර කලේ නෑ..මට ඕනි උනේ ඒ මිනිසුන්ට නීතියෙන් දඩුවම් ලබාදෙන්න.."
ඒ ටිකනම් පාරා කිව්වේ තරහින් පුපුර පුපුර.තරහාට ඒ ඇස් දෙක ගිනි බෝල දෙකක් වගේ වෙලා.අපේ අම්මේ ඒ වෙලාවෙනම් මට බයකුත් හිතුනා .
"එදා මට වැඩ ඇරෙන්න රෑ උනා..හොදටම වැස්ස දවසක්..එදා වැඩ ඇරලා මං ඇවිදගෙන යද්දි මගේ නාහයට ලේන්සුවක් තියලා..මාව වාහනේකට දාගත්තා..මට එහෙම්මම සිහිය නැති උනා..මට සිහිය ඇවිත් බලද්දි මං හිටියේ මේ ගෙදර මේ කාමරේ.."
පාරා කියද්දි මගේ ඇස් උඩ ගියා.අපේ ගෙදරට පාරාව උස්සගෙන ආවේ අහවල් එකකටද..?
"ඔයාට පුදුමයි නේද දේවා ..ඔව් ඒ මිනිස්සු මාව ගෙනාවේ මේ ගෙදරට..එතකොටත් මේ ගෙදර වැඩ ගොඩක් දුරට ඉවරයි..එදා රෑ අර දේවක ඇමතියා ඇවිත් මාව විනාශ කරා දේවා..මං ඌ ළග වැද වැටුනා මට මුකුත් කරන්න එපා කියලා ඌ හිනා උනා..මාව මරනවා කිව්වා..මං ඒ මිනිහගෙන් බෙරෙන්න කොච්චර දැගලුවද ඒත් වැඩක් උනේ නෑ.."
"එදා මේ කාමරේ ඇතලේදි මෙතන බිම දාගෙන දේවක ඇමතියා මාව හපයක් කරලා දැම්මා..ඊට පස්සේ ගසියා ඇවිත් මට වදදුන්නා දේවා ..ඊට පස්සේ උගේ ගොලයෝ මං මැරෙනකල් මාව රේප් කරා දේවා..එදා මං කොච්චර වේදනාවක් වින්දද කියලා ඔයා දන්නවද දේවා.."
ඒ ටික කියද්දි පාරාගේ කට හඬ බිදුනා.මගේ ඇස්වලින් සට සට ගාලා කදුලු වැටෙනවා.අනේ දෙවියනේ මේ තරම් පහත් මිනිස්සුද මේ සමාජයේ ඉන්නේ.මේ අහිංසක කෙල්ල එදා මොන තරන්නම් වෙදනාවක් විදින්න ඇතිද..?
"මං එදා මේ කාමරේදිම මැරුනට..මගේ ආත්මේ තාම මේ ගෙදර තියනවා මට ඕන උන්ගෙන් පලි ගන්න..මං මොනම හරි ක්රමයකින් උන්ගෙන් පලිගන්නවා දේවා..මං පලි ගන්නවාමයි.."
පාරා වියරුවෙන් වගේ කෑ ගහද්දි කාමාරේ තිබුන බඩු මුට්ටු නිකන්ම එහාට මෙහාට තල්ලුවෙලා ගියා.මං අඬ අඬාම පාරා දිහා බැලුවා මං කවදාකවත්ම දැකලා නැති දේවක ඇමති ගැනයි අර ගසියා කියන මිනිහා ගැනයි මගේ හිතට ආවේ වෛරයක්.
"මං ඔයාට උදව් කරනවා පාරා.."
මං ඇස් වල කදුලු පිහදගෙන කියද්දි පාරා මං දිහා බැලුවේ පුදුමෙන්.මට ඕනි උනෙත් ඒ වගේ මිනිසුන්ට දඩුවම් දෙන්න.
"ඔය ඇත්තමද දේවා.."
"ඔව් ඇත්තටම..ඔය වගේ මිනිස්සු මේ සමාජයෙන් නැති කරලම දාන්න ඕනි පාරා.."
"ඒත් කොහොමද..?"
"අපි කල්පනා කරලා බලමු..දැන් මම යන්නම් ගෙදර අය මාව හොයනවා ඇති.."
මං දැන් මේ කාමරේට ඇවිත් පැයකටත් වැඩි ඇති.දැනටමත් අම්මි මාව හොයනවා ඇති.මං බයඋන දවසේ ඉදන් ගෙදර අය මං ගැන හොයනවා වැඩියි.
***********************************************
මං නාලා තුවායත් ඇදගෙනම බාත්රූම් එකෙන් එළියට ආවේ හදිස්සියෙන්.බාත්රූම් එකට ගියපු වෙලාවේ ඉදන් මගේ පොන් එක කෑ මොර දෙන්න පටන් ගත්තා පොන් එකට කෑ මොර දෙන්න කියලා මං නාගෙනමයි කාමරේට ආවේ.ඇයි වදේ අපිට නිදහසේ නා ගන්නවත් නෑනේ.
එකත් එකටම අර තුන් කට්ටුවගෙන් එකෙක් තමයි ඔය ඔය තුනන් කට්ටුව ඇරෙන්න මට වෙන කවුරු කෝල් කරන්නද..?තිබ්බ හදිස්සියට මම නම්බර් එකවත් නොබලා පොන් එක ආන්සර් කරා.
"මොකද මළ වදේ වද දෙන්නේ උඹලා මට නිදහසේ නා ගන්නවත් දෙන් නැද්ද..?"
මං කෑ ගැහැවේ ඇත්තටම තරහින්.ඇයි වදේ මුන් තුන්දෙනා මට මගේ වැඩක්වත් කරගන්න දෙන්නෑනේ.
"ඒයි මොකද ඩෝන් ගිහින්.."
අප්පද බොල ඒ කවුද බොලේ ඒ.ඒ නම් අර තුන් කට්ටුවගේ වොයිස් එකක් නෙමෙයි .ඒනම් පිරිමි වොයිස් එකක්.
"කවුද ඔය කතාකරන්නේ.."
මට නිකන් ඒ කටහඬ හුරුයි හුරුයි වගේ.ඒත් කාගෙද කියලා මීටරේට එන්නෑනේ.
"ඔයා හොදට දන්න කෙනෙක් සුදු.."
එහෙම කියද්දිනම් මාව හිරිවැටිලා ලියා දෙයියනේ ඒ ශාක්යගේ කට හඬ නේද..?
"සුදු අයියා ඔයා.."
"ආ නෝනා මාව අදුන ගත්තා එහෙනම්.."
"ආ ඔය මහත්තයා හිතාගෙන ඉන්න ඇත්තේ මට අදුරන්න බෑ කියලා වෙන්න ඇති.."
"ඇත්තටම ඔව් සුදු..මට හරි සතුටුයි.."
"ඒ මොකද අප්පේ ඒ.."
"ඔයා මාව කටහඬින් අදුන ගත්තානේ.."
ශාක්ය ඒකනම් කිව්වේ සතුටින්.මටනම් මේක හීනයක් වගේ.ශාක්ය මට කෝල්කරා කියලා හිතද්දිත් පුදුමයි.ඒත් කොහොමද මෙයා මගේ පෝන් නම්බර් එක හොයා ගත්තේ..?
"ඒක නෙමෙයි කොහොමද ඔයා මගේ පොන් නම්බර් එක හොයාගත්තේ..?"
"උවමනාවක් තියනවානම් හොයාගන්නද බැරි.."
"ආ..මේ මහත්තයාට මොකටද දන්නෑ මාව එච්චරටම උවමනා නේද..?"
"ඒක මං ඔය නොනාට හම්බවෙලාම කියන්නම්කෝ.."
අපි දෙන්නා ගොඩක් වෙලා කතා කර කර ඉදලා තමයි පෝන් එක තිබ්බේ.අනේ මන්දා මගේ හිත අහන්නෙම ශාක්ය ගැන .මේ හිත හිතන්නෙම ශාක්ය ගැන .මං දන්නේ මං දවසින් දවස ශාක්යට ලංවෙනවා කියලා විතරයි .මේ කොල්ලා මාව පිස්සු වට්ටනවා අප්පා
මං නින්දෙම පෝන් එක අතගාලා ගත්තේ මගේ නින්ද කඩපු එකාට බැන බැනම.මං පොන් එක කනේ තියාගත්තේ නිදිමතේමයි.
"හෙලෝ දේවා.."
මම පොන් එක කනේ තියා ගත්තා විතරයි එහා පැත්තෙන් ඇහුනේ ශනුගේ කටහඬ.
"මොකද මල වදේ වද දෙන්නේ..නිදාගන්න දිපියකෝ..මේ මළ රෑ කොල් කරන්න උඹලට පිස්සුද..?"
මං ඇත්තටම කෑ ගැහැවේ තරහින්.මුන් නිදහසේ නිදාගන්නවත් දෙන්නෑනේ මල වදේ.
"යකෝ ඇහැරපන්..අන්න අපේ රිසාල්ට් ඇවිල්ලලු.."
ශනු කියද්දි මගේ නින්දත් කොහෙදෝ ගියා.මට ඇද උඩ ඉන්ද උනේ ඉබේටමයි.
"මේ අද..උඹට කවුද කිව්වේ..?"
"අපේ අක්කි දැන් කෝල් කරලා කිව්වේ.."
"ශනුවෝ උඹේ රිසාල්ට් කොහොමද..?"
"අනේ අම්මේ යන්තන් ගොඩ බං...ඒ දෙකයි බී එකයි.."
"මරු මරු මාත් රිසාල්ට් බලලා උඹට කෝල් එකක් ගන්නම්.."
"හරි හරි ඉක්මනට ගන්නම්.."
මං පෝන් එකෙන්ම ඉන්ටනෙට් එකට ගින් විභාග අංකෙත් ගහාලා රිසාල්ට් බැලුවා.මගේ හාඩ් බීඩ් එකත් ඩබල් වෙලා.මේ තියෙන්නේ රිසාල්ට් එක මගේ අම්මේ ඒ තුනක්ම තියනවා දිලිසි දිලිසි.මං ඇද උඩ හිටගෙන උඩ පැන්නේ සතුට දරා ගන්න බැරුව.බුදු අම්මෝ මේක හිනයක්ද දෙවියනේ.අපේ ගෙදර අයනම් මේක විශ්වාස කරන එකකුත් නෑ.
මම එක පිම්මට පහලට දුවගෙන ගිහින් අම්මිලාගේ කාමරේ දොරට තඩිබෑවේ සතුටින් උඩ පැන පැන.
"අනේ අම්මි ඉක්මනට දොර අරින්නකෝ.."
මං කෑ ගහද්දි තාත්ති දොර ඇරගෙන එළියට ආවේ කලබලෙන්.අම්මිත් කලබල වෙලා.
"ඇයි සුදු මොකද රත්තරන් උනේ..ඇයි කෑ ගැහැවේ..ඔයාට කරදරයක් නෑනේ.."
තාත්ති කලබලෙන් ප්රශ්න පත්තරයක් දිගැරියා .
"අයියෝ නෑ තාත්ති..ඔයා දන්නවද මම exam පාස් ඒ තුනක්ම තියනවා.."
මං උඩ පැන පැන කියද්දි අම්මියි තාත්තියි මං දිහා බලාගෙන හිටියේ ඇස් නළලේ තියාගෙන.
"ඔය ඇත්තමද සුදු.."
"ඔව් අම්මි.."
"අනේ මගේ කෙල්ල.."
අම්මි මාව බදාගෙන මගේ මුලු මුණම සිපගෙන සිපගෙන ගියේ අඬ අඬාමයි.තාත්තිත් ඇවිත් මාව තුරුලු කරගෙන මගේ හිස සිපගත්තා.එයාගේ ඇස් වලත් කදුලු පිරිලා.
"මගේ දඟ මල්ල මෙච්චර හපනියක් කියලා මං දන්නෑනේ.."
තාත්ති ඒකනම් කිව්වේ හරි ආඩම්බරෙන්.එයාලට මාරම හැපි.මටත් සතුටුයි මගේ අම්මිටයි තාත්තිටයි මේ වගේ සතුටක් මට දෙන්න පුලුවන් උන එකට.
මං කාමරේට ඇවිත් ශනුට කෝල් කරලා මගේ රිසාල්ට් කිව්වා.ඒකිටත් හැපි.විහාටනම් මගේ රිසාල්ට්මයි.හිමාට ශනුගේ රිසාල්ට් එකමයි මටත් මාරම හැපි අපි හතර දෙනාට එකවැරම කැම්පස් යන්න
පුලුවන්.
පුලුවන්.
පහවදා උදේ අම්මි කිරි බතුත් හදලා.එයාට මාර හැපි එකක්නේ ගිහින් තියෙන්නේ.හැබැයි අපේ මෝඩ ජෝඩුවටනම් තාම විශ්වාස නෑ මම exam පාස් උනා කියලා.
"තාත්ති විභාගේදි මෙිකි කොපි කරන්න ඇති ඒක තමයි මේ තරම් හොද රිසාල්ට් එකක් ආවේ.."
"අනේ මේ යනවා හලෝ කතා හදන් නැතුව.. මම හොදට පාඩම් කරා.."
මං චුටිගේ පිටට දුන්නා හොද පාරක් ඇයි යකෝ වෙන අයියලානම් තමන්ගේ නංගි විභාගේ පාස් උනාට සතුටු වෙනවා ඒකට මුන් දෙන්නා මම විභාගේ පාස් වෙච්ච එකත් මුන් දෙන්නට ප්රශ්නයක්.
"අපි දැක්කනේ පාඩම් කරපු හැටි..මේයාගේ රිසාල්ට් වැරදි ඇති.."
ඔන්න ඒ ගමන ලොකුත් පටන් ගත්තා.අනේ අම්මපා මුන් දෙන්නට තමන්ගේ නංගිව විසවාස නෑනේ..පැහැදිලි ඉරිසියාව.
"මේ හලෝ තමුසෙලා දෙන්නා විභාග දෙපාර්තමේන්තුවට ගිහින් මගේ පේපර් ටික බලනවා..එතකොට තමුසෙලාටම දැනගන්න පුලුවන් හරිද වැරදිද කියලා.."
මං තරහින් කියද්දි මේ මෝඩ ජෝඩුව බක බක ගගා හිනාවෙනවා.ඔය වෙලාවට තමයි ඉතින් මේ දේවාගේ රතු කට්ට පනින්නේ.
"අප්පෝ තරහා ගියහම මුණේ තියන ලස්සන.."
චුටි මගේ කම්මුල් දෙක මිරිකලා කියද්දි මං එයාගේ අත් දෙක ගසලා දැම්මේ තරහින්.
"යනවා මෝඩස් මං තරහයි.."
"අයියෝ තරහා වෙන්න එපා බං විහිලුවක්නේ කලේ.."
"හි..හි..හොද විහිලුව.."
"උඹනම් බං යස්ස කෙල්ලක්..උඹ නැතුව මේ ගෙදර ඉදලා වැඩකුත් නෑ.."
ලොකු ඒකනම් කිව්වේ හරි ආදරෙන්.මටත් ලොකු ගැන දැනුනේ ලොකු ආදරයක්.ඒකයි මං එයාගේ කම්මුලක් සිපගත්තේ.
"ආ..එයාට විතරයි මට නෑ.."
චුටි අයියා මුණ දෙක කරගෙන කියද්දි මට හිනා ගියා.
"අයියෝ එකට දෙකක්ම දෙන්නම්කෝ.."
මං චුටිව බදාගෙන එයාගේ කම්මුල් දෙකම සිපගත්තා.අපේ මේ වැඩ දිහා බලාගෙන අම්මියි තාත්තියි හිනාවෙනවා.
මං exam පාස්වෙච්ච එක අපේ පවුලේ අයටත් සතුටු කරුනක් වෙලා.අපේ නැන්දලා මාමලා බාප්පලා පුංචිලා ලොකු අම්මලා ලොකු තාත්තලා අපේ ගෙදර ආවේ මට තෑගි එහෙමත් අරගෙන.මෙහෙම තෑගි බෝග හම්බවෙද්දි ඉතින් විභාග දහයක් විතර පාස් වෙන්න හිතෙනවා.
අපේ අයියලා මල්ලිලා සෙට් එකත් මේ දවස් ටිකේම අපේ ගෙදර.
"අයියේ අද අපි කට්ටිය බිච් යමුකෝ.."
මම කට්ටියට කිව්වේ අපි කට්ටිය මේ සෙට් උනේ ගොඩකාලෙකට පස්සේ නිසා.මේ වගේ චාන්ස් ආයේ කවදා ලැබෙයිද දන් නෑනේ.
"ෂා මරු අයිඩියා එක.."
නිලංග අයියනම් මගේ අදහසට එක පයින්ම කැමති උනා.
"අපෝ මේකි එක්ක ගියොත් අපි කට්ටියවම මේකි විකුනයි.."
ඔන්න ඉතින් නයන අයියගේ හැකර කට.ඔය මෝඩස් ඔහෝම්මම තමයි.මං මොන දේ කිව්වත් හරහාටම තමයි කතාව.
"හරි එහෙනම් තමුසෙලා යනවකෝ..ඔය එක එක කතා අහා අහා මං මොකටද එන්නේ.."
මං එහේම කියාලගනම ගෙට එන්න ආවේ දුකින්.මං ගෙට ගොඩ වෙද්දිම නයන අයියා ඇවිත් මගේ අතින් ඇදගෙන කට්ටිය ළඟට ගියා.
"අතාරිනවා මෝඩස් .."
මං කොච්චර කෑ ගහලා දැගලුවත් නයන අයියා නෙමෙයි මාව ඇතැරියේ
"සුදු මේ යක් පැටියා කියක ඒවා ගණන් ගන්න එපා..අපි හවස බිච් යමු.."
උදේශ් අයියා නයන අයියට රව රව මගේ කරට අතදාලා මාව තුරුලු කර ගත්තා.
"මට බෑ..ඕන කෙනෙක් යන එකයි ඇත්තේ.."
"ආ..උඹට බැරිද..මම උඹව උස්සගෙන හරි යනවා නංගි හරිය.."
නයන අයියා කියද්දි මං එයාට ගස්සගෙනම ගේ ඇතුලට යද්දි කට්ටිය එකසිය ගානට හිනාවෙනවා.මම ආපහු හැරිලා කට්ටිය දිහා බැලුවේ තරහින්.
"මොකද දැන් හිනාවෙන්නේ.."
"බලලපන්කෝ යකෝ මේකිගේ කතාව..දැන් අපි හිනාවෙන්නත් උඹෙන් අවසර ගන්න ඕනිද..?"
ලෝචන අයියා කියද්දි මං එයාට රැවුවා.ආ එහෙමද මල්ලිලාගේ කතාව අද මං දෙන්නම් කට්ටියටම හොද වැඩක්.
මල් වලට වතුරදාන හෝස් එක බිම තියනවා දැකපු මට එළකිරි අදහසක් අවා.මම ටැප් එක ඇරලා හෝස් එක අරගෙන කෙලින්ම ඇල්ලුවේ අපේ මෝඩස්ලා දිහාවට.ඒ කට්ටියනම් හොදටම නෑවිලා ගියා.
"අඩේ සුදු ඕක නවත්තහන් බං.."
උපුල් අයියා කෑ ගැහැවට මේ දේවා නවත්තයිද..? නෑනේ නෑනේ කොහාම හරි ප්රබෝධ අයියා මං ළඟට ඇවිත් හෝස් එක මගේ අතින් උදුරලා අරගෙන මගේ ඇගට ඇල්ලුවා.අයි අයියෝ මාව හොදටම නෑවිලා ගියා කියහන්කෝ.
කොහොමින් කොහොම හරි ඉතින් අපි කට්ටිය සබන් නැතුවම හොදට නා කියා ගත්තා.අපි කට්ටියගේ හබේ ඉවර උනේ අපේ අම්මිගේ ස්විට් වොයිස් එකෙන් අපිව ආමන්ත්රණය කරද්දි.
************************************************
හවස අපි කට්ටිය බිච් ගිහින් හොදටම නැටුවා මං ඉල්ලන ඉල්ලන දේ අයියලා අරගෙන දුන්නේ කිසිම ලෝභකමක් නැතුව.අපි කට්ටිය රෑට රෑ වෙනකල්ම බිච් එකටවෙලා ඔහේ හිටියා.මටත් ඉතින් බිච් කිව්වාහම වෙන මොනවද..?
මං අයියලා කට්ටියට මැදිවෙලා වාහන පාක් එක පැත්තට යන්න හදද්දි කොල්ලෝ හත් අටදෙනෙක් ඇවිත් අපේ ඉස්සරහා හිටගත්තේ අපේ මග අහුරලා.උන් ටික මගේ දිහා බැලුවේ කෑදර විදිහට.ඒ වෙලාවෙනම් මේ දේවා හීතල වෙලා ගියා.
"බලපන්කෝ යකෝ කොල්ලෝ දහදෙනෙකුට එක කෙල්ලයි..නංගි අපිවත් ටිකක් සතුටු කරන්නකෝ..ගාණ කීයක් උනත් කමක් නෑ.."
එක කොල්ලෙක් කියද්දි මාව වෙවුලුවා මගේ හිතටනම් ආවේ මාරම තරහක්.අයියලා ටික හිටියෙත් හොදටම තරහා ගිහින්.
"මොකද්ද යකෝ උඹ කිව්වේ..?"
අපේ ලොකු අර කොල්ලගෙන් එහෙම අහගෙන ඉස්සරහට ගියේ තරහින්.අද ඉතින් අර කොල්ලා ඉවරයි.
"මේ මේ මම කතාකලේ උඹට නෙමෙයි අර නංගිට.."
"ඒ මගේ නංගි යකෝ..අපි දහදෙනාටම ඉන්න එකම නංගි.."
ලොකු තරහින් කෑ ගහද්දි මාත් බය උනා අර කොල්ලෝ අපි දිහා බලාගෙන හිටියේ ඇස් දොඹගෙඩි සයිස් කරගෙන.
දේවෝ උඹ අද කට වහාගෙන හිටියෝත් මෙතන ලොකු දෙයක් වෙනවා.ඒ නිසාම මං ගිහින් ලොකුගේ අතේ එල්ලුනා.
"අනේ ලොකු අයියා අපි යමු ප්ලිස්.."
මං කිව්වට ලොකු නෙමෙයි ගනන් ගත්තේ.මං නිසා මගේ අයියලා ප්රශ්න වලට පැටලෙනවට මං කැමති නෑ.එයාලට මං නිසා පුංචි සිරිමක් වෙනවටවත් මම කැමති නෑ.ඒක මට දරාගන්නත් බැරිවෙයි.
"ප්රසාද් සුදුවත් අරගෙන පැත්තකට වෙයන්.."
ලොකු කියද්දි මං හොදට බය උනා.
"අනේ එපා ලොකු ප්ලිස් අපි යමු.."
"සුදු මගේ යකා අවුස්සන්නැතුව පැත්තකට වෙනවා.."
ලොකු කෑ ගහද්දි ප්රසාද් අයියා ඇවිත් මාව ඇදලා පැත්තකට ගත්තා.
"උඹලා මහාලොකු චණ්ඩි වගේ නේද..?"
අර කොල්ලන්ගේ එකෙක් කියද්දි මෙන්න බොලේ අපේ අයියලා සෙට් එක හිනාවෙනවා.අනේ අම්මේ අපේ අයියලා සෙට් එක මාර බයානකයි.තරහා ගිහාම යක්කු පරාදයි.අර කොල්ලො අහන්නේ මෙවා නොදැනනේ.
"උඹලට ඒක දැනගන්න ලැබෙයි.."
"උඹ මොනවද සුදුට කිව්වේ..උඹලව සතුටු කරන්න කිව්වා නේද..?අපි කට්ටිය දැන් හදන්නේ උඹලව සතුටු කරන්න.."
ටික වෙලාවකින් එතන යුද පිටියක් උනා.අපේ අයියලා වටවෙලා අර කොල්ලෝ සෙට් එකට අම්බානෙක නෙලනවා.මං අඬ අඬාම කට්ටියට එපා කියලා කෑ ගැහැවාට වැඩක් උනේ නෑ.ප්රසාද් අයියත් මොකාද එකා වගේ බලාගෙන ඉන්නවා.
එතකොට තමයි එතනට පොලිසියෙන් කඩාපාත් උනේ.ඒ වෙලාවෙනම් මගේ හිතට ආවේ ලොකු සහනයක්.ඒත් එක්කම මං ගැස්සිලා ගියේ පොලිස් යුනිෆෝම් එකක් ඇදගෙන ඉන්න කෙනාව දැකලා.
හත්වාලාමේ මේක හීනයක්ද..? නෑ නෑ මේක හීනයක් නෙමෙයි ඒ හිටියේ වෙන කවුරුත් නෙමෙයි ශාක්ය .එතකොට එයා වැඩ පොලිසියේනේ.
"සාජන් මේකුන් ඔකකෝම අරගෙන ගිහින් පටවනවා ජිප් එකට..අද උඹලාගේ සෙල්ලම් ඉවරයි.."
ශාක්ය තරහින් කෑ ගහලා පොලිසියේ කෙනෙකුට කියද්දි පොලිසියේ අය අර කොල්ලෝ රංචුව අරගෙන ගියා.
"ඔයාලට ප්රශ්නයක් නෑ නේද අයියේ.."
ශාක්ය අපේ ලොකුගෙන් ඇහැවට ඇස් තිබුනේ මගේ ළඟ.ඒ ඇස් වෙනදා වගේ නෙමෙයි තරහින් පිරිලා.
"නෑ මල්ලි ඔයා හොද වෙලාවට ආවේ.."
"මේන් මේකි අඬනවා.."
නයන අයියා මාව පෙන්නලා කියද්දි කට්ටියම මං දිහා බැලුවා.මං අඬාගෙනම නයන අයියව බදාගත්තා.
"ඒයි සුදු මොකද උනේ..මගේ චණ්ඩි රැජිණ බය උනාද..?"
නයන අයියා මාව තුරුලු කරගෙන මගේ ඔලුව සිපගත්තා.
"ඇයි අනේ මං එපා කියද්දි රණ්ඩුවට ගියේ ඔයාලට මොනවා හරි උනානම්.."
"ඇයි වදේ අපිට මොනවා වෙන්නද..මේ ඉන්නේ යස අගේට.
නයන අයියා මාව ඈත් කරලා කදුලු පිහද්දි මට බැලුනේ ශාක්ය දිහා එයා අහක බලාගෙන හිටියේ.
"අපි දැන් යමු.."
"ඔව් අයියේ දැන් ඔයාලා යන්න..මං අරුන් ටික ගැන බලා ගන්නම්..උන් අපිට ඕන උන් ටිකක්.."
"තැන්කියු මල්ලි.."
ශාක්ය යන්න ගියේ මං දිහාවත් නොබලමයි. ඒ වෙලාවේ මට කෑ ගහලා අඩන්න හිතුනා.ඇයි එයා එහෙම දෙයක් කලේ.මං වහනේ එද්දිත් හිත හිතා ආවේ ඒ ගැන.අපි ගෙදර ඇවිල්ලා වෙච්ච සිද්දිය අකුරක් නෑරම කිව්වා.එයාලනම් එකසිය ගානට බය උනා.අයියලා ඉතින් කොහොම හරි එයාලව ෂේප් කර ගත්තා.
මං පාරාව හොයාගෙන කාමරේට යද්දි එයා ඇද උඩ වාඩිවෙලා බර කල්පනාවක.මාව දැක්කා විතරයි පාරා අහක බලාගත්තා.
"මේ මොකද මේ මුණ එල්ලගෙන.."
මං අහද්දි පාරා මට රැව්වා රැවිල්ලක් ආයේ ලොවෙත් නැ ලොවි ගහෙත් නෑ.හොල්මන්ට ඒ වගේ රවන්නත් පුලුවන්ද..?
"දැන්ද මාව මතක් උනේ..දවස් ගානකින් මාව බලන්න ආවේ නෑ..යනවා ගිහින් අර කොල්ලොත් එක්ක නට නට ඉන්නවා.."
අපේ අම්මෝ පාරාට අසු හාරදාහට තදවෙලා.ඇත්තටම අයියලා මල්ලිලා එක්ක පහුගිය දවස් ටිකේ නට නට හිටියා මිසක් මට නිකමටවත් පාරාව මතක් උනේ නෑනේ.
"මේ ගැත්තිට අනුකම්පා කරනු මැනවි හොල්මන් උත්තමාවියනේ.."
මං අත්දෙක එකතු කරලා ඔලුව පාත් කරලා වදිද් පාරා හයියෙන් හිනාවෙනවා.
"අන්න ඔහොම හිනාවෙලා හිටපන් බං.."
"මට එහෙම හිනාවෙලා ඉන්න බෑ කියලා ඔයා දන්නවනේ දේවා.."
ඇත්ත පාරාට සැහැල්ලුවෙන් හිනා වෙලා ඉන්න බෑ තමයි.මං මොනම හරි විදිහකින් පාරාට උදව් කරනවා.එයාට විතරක් නෙමෙයි දේවක ඇමති අතින් අසාදාරනයකම් උන හැම කෙල්ලක්ටම මං සාදාරනයක් කරනවා.
"පාරා මට ඔයාලගේ ගෙදර යන්න ඕනි.."
මං කියද්දි පාරා මං දිහා බැලුවේ ඇස් ගෙඩි දෙකත් ලොකු කරගෙන.
"ඒ මොකටද..?"
"මට එයාලව බලන්න ඕනි පාරා..ඔයාගේ නංගි ස්කුල් යනවද නැද්ද දන්නැ..ඔයා වෙනුවෙන් මං ඒ දෙන්නව බලාගන්නවා.."
මම කිව්වේ ඇත්තටම.මට ඕන උනේ පාරාගේ අම්මටයි නංගිටයි උදව් කරන්න.පාරා මං දිහාම බලාගෙන හිටියේ මං කියපු දේ විශ්වාස නෑ වගේ.
"පාරා මොකද මේ..මම කියන්නේ ඇත්තටම..ඔයා ඒකට කැමති නැද්ද..?"
"මං මොකටද දේවා අකමැතිවෙන්නේ..ඔයා ගොඩක් හොද කෙනෙක්..මං වගේ හොල්මනියෙකුට ඔයා උදව් කරනවා..මට මේ කරන උදව් වලට ඔයාට පිං.."
පාරා කියවගෙන කියවගෙන ගියා.අප්පෝ මේකි කියවන්න හිටියාම මට දෙවෙනි නෑ.
"හරි හරි හොල්මනියේ මං ඒ පිං ටික අනුමෝදම් කර ගන්නම්කෝ.."
මං කියද්දි පාරා හිනාවෙනවා.
හොද වෙලාවට පාරාගේ හිනාව මට විතරක් ඇහෙන්නේ..අනේක තමා පාරා මට විතරක් පේන එකනම් ලොකු දෙයක්.අපේ ගෙදර අය පාරාව දැක්කොත් එහෙම නූල් බැදලා තොවිල් නටලා පාරාව ගෙදරිනුත් එළවයි.
හොද වෙලාවට පාරාගේ හිනාව මට විතරක් ඇහෙන්නේ..අනේක තමා පාරා මට විතරක් පේන එකනම් ලොකු දෙයක්.අපේ ගෙදර අය පාරාව දැක්කොත් එහෙම නූල් බැදලා තොවිල් නටලා පාරාව ගෙදරිනුත් එළවයි.
මටම පුදුමයි.මං මේ කතා කරන්නේ හොල්මනක් එක්කනේ.මට මතක් උනේ දෙරණ එකේ ගියපු චූටි දූ කතාව.ඒකෙත් අර චූටි දූගේ හොල්මන පෙනුනේ සුචීට විතරනේ.හැබැයි ඉතින් පාරාගේ හොල්මනනම් හැමෝටම පෙනෙයි දැන් නොපෙනුනාට.
මෙයාටත් චූටි දූට වගේ ගෝපාල් උදව් කරනවද දන්නෑ.
මෙයාටත් චූටි දූට වගේ ගෝපාල් උදව් කරනවද දන්නෑ.
"මේ පාරා ඔයාට ගෝපාල් උදව් කරනවද..?"
මං අහද්දි පාරා මං දිහා බැලුවේ ඇස් පුංචි කරලා.
"කවුරු.."
"ගෝපාල් අනේ ගෝපාල්..එයා හොද බුතයන්ට උදව් කරනවා..මං අහන්නේ ගෝපාල් ඔයාටත් උදව් කරනවද කියලා.."
"ඔව් ඔව් මේ ඉන්නේ මගේ ගෝපාල්.."
පාරා මාව පෙන්නලා කියද්දි මට හිනා ගියා.පාරාත් මාර කතානේ කියන්නේ.
"මොකෝ හිනාවෙන්නේ..?"
"නෑ මං මේ කල්පනා කලේ හොල්මනියෙක්ට මාව දෙවි කෙනෙක් උනානේ කියලා.."
"මම කිව්වේ ඇත්ත දේවා..ඔයා නැත්තම් මං මොකද කරන්නේ..?"
පාරා කියද්දි මට මාරම දුකක් දැනුනා ඇයි දෙවියෝ මේ අහිංසක කෙල්ලට මේ වගේ අපරාදයක් කෙරුවේ.අඩුම තරමේ පාරාට මේ අපරාදේ කරපු එකෙක්ටවත් අද වෙනකල් දඬුවම් ලැබිලා නෑ.දැන් ශාක්යත් පොලිසියේනේ මං එයා එක්ක පාරා ගැන කතා කරනවා එතකොට ශාක්ය ඕ.අයි.සි ට කියලා මොනවා හරි කරයිනේ.නැත්තම් පොලිසියත් දේවක ඇමතිට සපෝට්ද දන්නෑ.
"හරි හරි මට ඔයාගේ ගෙදර එඩ්ඩ්රස් එක දෙන්න..මම ඒහේ තත්වේ බලාගෙන එන්නම්.."
ඇත්තටම මට පාරාගේ ගෙදර යන්න ලොකු උවමනාවක් තියනවා.එයාලා කොහොම ජිවත් වෙනවා ඇතිද..?සමහර විට පාරාගේ අම්මා ආයෙත් කෑම වර්ග හදලා කඩවල් වලට දානවද දන්නෑ.
මම නයන අයියාට කෝල් කරලා ගෙන්නව ගත්තේ පාරාගේ ගෙදරට තනියම යන්න බෑ බෑ වගේ නිසා.මං අයියටවත් තාම කිව්වේ නෑ කොහෙද යන්නේ කියලා.
මම නිල්පාට ටවුසරේට කහා පාට ටිෂට් එක ඇදලා කොන්ඩේ උඩට කරලා පෝනිටෙල් එකක් දාගෙන කොට් ෂුෂ් දෙකත් දාගෙන පහලට දුවගෙන ආවා.
අපේ අම්මේ අපි දෙන්නා ගෙදරින් පැන ගත්තේ මාරම ගේමක් දිලා.අපේ අම්මිගේ ප්රශ්න පත්තරේට උත්තර දිලම මට දැන් එපාවෙලා.
"අපි දැන් කොහේද සුදු යන්නේ..?"
නයන අයියාගේ ප්රශ්න පත්තරේ දිගැරියේ වාහනේට ගොඩ උනාට පස්සේ.දැන් එවාටත් දිපල්ලකෝ උත්තර.
"මගේ යාලුවෙකුගේ ගෙදර.."
"කොහෙද තමුසේගේ අර අතිජාත මිත්ර තුන්කට්ටුවගේ ගෙදරද..?"
එහේ යන්න ඕනිනම් මං මෙයාට එන්න කියනවද..? මං මෙයාට එන්න කිව්වේ පාරාගේ ගෙදර තනියම යන්න බැරි නිසානේ.
"නෑ"
"එහෙනම්..අපි නොදන්න තමුසෙගේ යාලුවා කවුද..?"
දැන් දිපල්ලකෝ උත්තර.මේ මනුස්සයටත් එපා දෙයක් නෑනේ හැම දෙයක්ම ඕනි.
"එයාගේ නම පාරමී ..එයාව මට හම්බඋනේ අහම්බෙන්..අපි හොද යාලුවෝ උනා..හැබැයි එයා දැන් ජිවතුන් අතර නෑ.."
මං ඉතින් භාගෙට ඇත්තයි භාගෙට බොරුවකුයි කියලා දැම්මා.මං වෙන කොහොම කියන්නද වෙන ඉතින් .
"ජිවතුන් අතර නෑ.."
"ඔව් අයියා..එයා දැන් මාස තුනකට කලින් නැති උනා..මං අද යන්නේ එයාගේ අම්මවයි නංගිවයි බලන්න.."
"එතකොට එයාගේ එඩ්ඩ්රස් එක.."
"එයා මට දුන්නා.."
"දුන්නා.."
"ඔව් මීට කලින් දිලා තිබුනේ.."
නැත්තම් ඉතින් ඊයේ පාරමී දුන්නා කියන්නද..?මට ඉතින් පාරමී ගැන කාටවත් කියන්න බෑනේ..කිව්වොත් කියන්න වෙන්නේ මට පාරමීගේ හොල්මන පේනවා..ඒ හොල්මන ඉන්නේ අපේ ගෙදරය..ඒ හොල්මන මගෙත් එක්ක කතා කරනවා කියලා කියන්නනද..?එහෙම කිව්වොත් මට කෙලින්ම යන්න වෙන්නේ පිස්සන්කොටුවට.
අපි කට්යියගෙන් පාරාගේ ගෙදර එඩ්ඩ්රස් එක හොයාගෙන කොහොම හරි ආවා.පාරා කිව්වා වගේම පාරාගේ ගෙදර ලෑලි වලින් හදපු පුංචි ගෙදරක්.
නයන අයියට ඇතුලට එන්න බෑ කියපු නිසා මං තනියම ගෙදර දිහාවට ඇවිදගෙන ගියා.මං යද්දි ගෑණු කෙනෙක් එළියට අවා.ඒ නම් පාරාගේ අම්මා වෙන්න ඕනි.එයා හොදටම දුර්වල වෙලා වගේ.ඇගත් වෙව්ලනවා.
"මේ නෝනා කාව හම්බවෙන්නද..?"
ඒයා ඇහැවෙත් වෙවුල වෙවුල.මට එ් අම්මට පවු කියලා හිතුනා.
"මේ පාරමීගේ අම්මාද..?"
"මේ නොනා.."
"මං පාරමීගේ යාලුවෙක්.."
"එන්න නෝනා ගේ ඇතුලට.."
පාරාගේ අම්මා හිනාවෙලා කියද්දි මං ගේ ඇතුලට ගියා.ඒ මුලු ගෙදරම මගේ කාමරේ තරම් ඇති.ඒ අතින් බැලුවාම අපි කොච්චර සැප විදිනවද..?
"පාරාගේ නංගි ස්කුල් ගිහින්ද අම්මා.."
"මොන ඉස්කොලේද නොනා..ඒකි ඉගෙන ගත්තේ ලොක්කි හම්බකරපු සල්ලිවලින්..ඒ කෙල්ල නැති උනාට පස්සේ අපි අසර උනා..මාත් ලෙඩ ගානට වැටුනා..පොඩි කෙලිගේ ඉස්කෝලේ ගමනත් නැති උනා..ලොකු එකිට මේ අපරාදේ කරපු උන්නටනම් හොදක් වෙන්න එපා.."
පාරාගේ අම්මා අඬ අඬා කියද්දි මටත් මාරම දුක හිතුනා.අපිට පුංච් කැස්සක් හෙම්බිරිස්සාවක් හැදුනාම අපේ අම්මි කලබල වෙනවා.තමන්ගේ දුව අරම මරලා දාලා ඉද්දි මේ අම්මා මොන තරම් ගින්දරක් උහුලන්න ඇතිද..?
ඔය අතරේ තමයි පාරාගේ නංගි අපි ඉන්න තැනට අවේ.ආයේ ඇරපු අතක් නෑ නංගි පාරාගේ කපාපු පලුව.
"ඔය අපරාදේ කරපු අයට ඉක්මනටම දඬුවම් ලැබෙයි අම්මා..ඇත්ත කවදාවත් හංගන්න බෑ.."
මං ඒ ඇත්ත හංගලා තියාගන්න ඉඩ තියන්නෙත් නෑ.මං ඒ ඇත්ත කොහොම හරි එළියට ගන්නවා.
මං පාරාගේ ගෙදරින් ආවේ පාරාගේ අම්මට පන්දහාකුත් දිලා පාරාගේ නංගිට ස්කුල් යන්නත් සල්ලි දුන්නා.පාරාට ඕන උනේ නංගිට හොදට උගන්නන්නනේ.මං ඒ දේ කරනවා.
***********************************************
ශාක්යගේ ගෙදර අය අපේ ගෙදර අයට ඩිනර් එකකට ඉන්වයිට් කරලා තිබුන නිසා අපි කට්ටියම එහේ ගියා.මමන් උඩ පැනගෙන ගියේ ශාක්යව බලන්න.එදා ශාක්ය මට කෝල් කරාට පස්සේ ආයේ මට කොල් කලේ නෑ.මං කෝල් ගත්තත් එයා ආන්සර් කලේ නෑ.අනේ මන්දා හිටපු ගමන් ශාක්යට මොනවා උනාද කියලා.
අපි යද්දිත් ශාක්ය ගෙදර ඇවිත් හිටියේ නෑ.ශාක්යගේ අම්මනම් මාව දැකපු ගමන් මාව බදාගෙන මගේ මුණ සිපගත්තා.
"එන්නකෝ සුදු..මං ඔයා ආසාම කෑමකුත් හැදුවා.."
ශාක්යගේ අම්මා මාව අතින් ඇදගෙන ඇතුලට ගියා.අපි කෙලින්ම නතර උනේ කුස්සියේ.ෂා කුස්සියනම් මාර පිළිවෙලයි.දැක්කාම ආසා හිතෙනවා.
"ආ කාලම බලන්නකෝ.."
මාලිකා ඇන්ටි මට වැලිතලප දිසියක් දික්කරා.ඒක දකිද්දිනම් මගේ කටට කෙල ටොන්ගානක් විතර ඉනුවා.මං ඉතින් පෙරේතම කෑමක්නේ.
"ඇන්ටි කොහොමද දන්නේ මං මේවට කැමතියි කියලා.."
"අම්මි තමයි මට දවසක් කිව්වේ..අපේ සුදු පුතත් පෙරේතම කෑමක්නේ.."
ඇන්ටි කියද්දි මට මතක්උනේ ශාක්යගේ සුදු මූණ.
"තැන්කියු ඇන්ටි.."
මං ඇන්ටිව බදාගෙන එයාගේ කම්මුලක් සිපගත්තා.ඇන්ටි මාව තවත් තුරුලු කර ගත්තා.
"නැන්දේ.."
මායි ඇන්ටියි හිටපු විදිහටම හැරිලා බැලුවේ කුස්සියට ආපු කෙල්ල දිහා.ඒ කෙල්ල මං දිහා බැලුවේ ඇස් ලොකු කරගෙන.
"ආ රුවන්ගි දුව..කාලෙකින්නේ මේ පැත්තේ.."
"ඔව් නැන්දේ..තාම බියුටි කල්චර් කොස් එක ඉවර නෑනේ.."
රුවන්ගි ඇන්ටිට කිව්වට ඇස් තිබුනේ මගේ ළඟ.එයා මං දිහා බලාගෙන හිටියෙනම් නොරිස්සුමෙන් වගේ.
"මෙයා අම්මා එක්ක හුරතල් වෙනවා..මං මෙයාව හැමතැනම හොයනවා.."
අපි ළඟට ආපු ශාක්යා අක්කා ඉණට අත්දෙක තියාගෙන මං දිහා බලලා කියද්දි මං හොදටම දැක්කා රුවන්ගිගේ මූණ වෙනස් වෙනවා.
"ඒ මොකද අප්පේ ඒ.."
"එනවකෝ යන්න.."
ශාක්යා අක්කා මාවත් ඇදගෙන එළියට ආවා.අනේ අම්මපා මේ අම්මයි දුවයි දෙන්නා මාව අහට අදිනවා මෙහේට අදිනවා.
මායි ශාක්යා අක්කයි දෙන්නා එළියට වෙලා වල්පල් හෑලි දෙිඩ දොඩ ඔහේ හිටියා.ශාක්ය මේ පොලිසියේ o.i.c කියලා දැනගත්තෙත් ශාක්යා අක්කාගෙන්ම තමයි. පොඩි කාලේ ශාක්යගේ දඟවැඩ ගැන කියද්දිනම් මේ දේවාට හොදටම හිනා.මං අක්කා එක්ක කතා කරාට මගේ ඇස් හැම වෙලාවෙම පාර දිහාට දිව්වේ දැන් දැන් ශාක්ය එයි කියන බලාපොරොත්තුවට.
"මං මෙතන වාඩිවෙන්නද..?"
අපි ළඟට ඇවිත් රුවන්ගි අහද්දි මං හිනා උනා.අපි කියන්නත් කලින් රුවන්ගි අපි ළඟිනම වාඩිඋනා.අක්කානම් රුවන්ගිට වැඩි කැමැත්තක් නෑ කියලා එයාගේ මුණෙන්ම මට තෙරුනා.
"ඉතින් කොහොමද..මං ඔයාගේ නමවත් දන්නෑනේ.."
රුවන්ගි සුහදව මගෙත් එක්ක කතාවට එන්න හැදුවේ.මට රුවන්ගිගේ මේ සුහදත්වය නම් එච්චර ඇල්ලුවේ නෑ .
"මම දෙවාශි .."
"මම රුවන්ගි..සුදු අයියාගේ මාමගේ දුව..මං තමයි සුදු අයියව මැරිකරන්න ඉන්නේ.."
රුවන්ගි කියද්දි මට දැනුනේ මගේ කකුල ළඟ බොම්බයක් පිපුරුවා වගේ.දෙවියනේ ඒ කියන්නේ ශාක්යට ගර්ල් කෙනෙක් ඉන්නවා.එහේනම් ඇයි ශාක්ය මට ලංඋනේ..?
ඇයි අරතරම් වෙලා මං එක්ක පෝන් එකෙන් කතාකලේ.අනේ මං ශාක්ය ගැන කොච්චර හිතුවද..?ශාක්ය මාව රවට්ටලා එහෙම කියන්නත් බෑනේ එයා මට කවදාකවත් ආදරෙයි කියලා නෑ.මමයි එයාට ආදරේ කලේ.ශාක්යට මාව නිකන්ම නිකන් කෙල්ලක් විතරයි.
No comments:
Post a Comment