මට මහා හයියෙන් කෑ ගහලා අඩන්න හිතුනා.ඒත් අඩන්න ඕනිකම තිබුනත් මෙතන අඬන්න බෑ.මෙතන ඇඩුවොත් මට නිකන් නෝන්ඩි වෙන්න තමා වෙන්නේ මම ඇඩුම වාවගෙන හිටියේ බෝහා්ම අමාරුවෙන්.
ඔය අතරේ තමයි ශාක්යගේ වාහනේ ඇවිත් මිදුලේ නතරකලේ.වාහනෙන් බහින ශාක්ය දිහා මට බැලුනේ ඉබේටම.ඒත් එයා මං දිහා නිකමටවත් බැලුවේ නෑ.එයාට මං ඉන්නවා කියලා ගානක්වත් නෑ.
"සුදු අයියා.."
රුවන්ගි කෑ ගහගෙන ගිහින් ශාක්යගේ අතේ එල්ලුනා.රුවන්ගි දකිද්දි ශාක්යගේ මුණට ආවේ ලස්සන හිනාවක්.ශාක්ය ඇත්තටම රුවන්ගිට ආදරේ කරනවා ඇති.ශාක්ය රුවන්ගිගේ අතින් අල්ලාගන ඇතුලට යද්දි මේ දේවාට දැනුන දුක ගැනනම් කියලා වැඩක් නෑ.මට දැනුනේ හුස්ම නතර උනාවගේ.
මාලිකා ඇන්ටි මට තේ බොන්න කතාකරත් මට තේ බොන්නවත් හිතක් තිබුනේ නෑ.මට ඕනඋනේ මෙහෙන් යන්න.මට තවත් මේ ගෙදර ඉන්න හිත දෙන්නෑ.
මං තේ මේසෙට වාඩි උනේ ඇන්ටි මං ගැන මොනවත් හිතයි කියලා.මං වාඩි වෙනවත් එක්කම ශාක්ය රුවන්ගිත් එක්ක ඇවිත් වාඩි උනා.ඒ වෙලාවෙනම් මේ දේවට එතනින් නැගිටලා යන්න තරම් හිතුනා.
ඒ වෙලාවේ ශාක්ය දකිද්දි මට ලෝභ හිතුනා.ෂෝටක් ඇදලා අලුපාට ටිෂට් එකක් ඇදලා හිටපු ශාක්ය අද වෙනදටත් වඩා හැහ්සම් වෙලා.
"සුදු මොකද මේ මුණ නාලු කරගෙන..
අසනිපයක්වද්ද..?"
අසනිපයක්වද්ද..?"
මාලිකා ඇන්ටි මගේ ඔලුව අතගාලා අහද්දි මං හිනාඋනෙ අඬන්න බැරි කමට.ඒ වෙලාවේ තමයි ශාක්ය මගේ දිහා බැලුවේ.
"මගේ ඔලුව ටිකක් රිදෙනවා ඇන්ටි.."
මම කිව්වේ ඇත්තටම මගේ ඔලුව පැලෙන්න තරම් රිදෙන නිසා.ශාක්යයි රුවන්ගියි එක ළඟ වාඩිවෙලා ඉන්නවා දකිද්දි මාව පිච්චෙනවා.මට ඕන මෙතනින් නැගිටලා යන්න.
මගේ හොද වෙලාව කියන්නේ ඒ වෙලාවෙම තමයි මගේ පොන් එක රින් උනේ.ඒ කතාකලේ ශෙනාරා අක්කි නයන අයියාගේ ගර්ල්ප්රේන්ඩ්.එයා මේ වෙලාවේ මොකද මට කෝල් කරන්න.
"එක්ස්කියුස්මි.."
මං මේසෙන් නැගිටලා එළියට ගිහින් තමයි පෝන් එක ආන්සර් කරේ.ශෙනාරා අක්කි ගැන තාම දන්නේ මං විතරයි.
"හෙලෝ ශෙනා අක්කි.."
"අනේ සුදු.. අනේ ..මගේ..මගේ...අනේ ඉක්මනට එන්නකෝ.."
ශෙනා අක්කි එහා පැත්තේ ඉදන් අඬ අඬා කියද්දි මං හොදටම බය උනා.
"අක්කි මොකද උනේ..?ඇයි අඬන්නේ..ඔයාට කරදරයක්ද..?"
"මට නෙමෙයි සුදු නයනට.."
"නයන අයියාට ඇයි නයන අයියට මොකද උනේ..?"
"නයන එක්සිඩන් වෙලා..එයා නවලෝකේට ඇඩ්ම්ට් කරලා.."
"ඔයා කොහොමද දන්නේ.."
"මට අර මයුමි කෝල් කරලා කිව්වේ.. අනේ සුදු මගේ නයන.."
ශෙනා අක්කි අඬ අඬා කියද්දි මගේ කකුල් දෙකත් පනනැති උනා වගේ.මට බංකුවේ ඉන්ද උනේ ඉබේටම.අනේ මගේ නයන අයියා.
"හරි අපි දැන්ම හොස්පිට්ල් යනවා..මම එහෙට ගිහින් කොල් කරන්නම්.."
මං පොන් එක තියලා ගේ ඇතුලට දිව්වේ අඬ අඬා පිස්සුවෙන් වගේ.මාව දකිද්දි ගෙදර අයත් කලබල උනා.
"ඇයි සුදු මොකද උනේ.."
"අනේ අම්මි න..නයන අයියා එක්සිඩන් වෙලා..නවලෝකෙට ඇඩ්මිට් කරලා.."
"ඔයාට කවුද කිව්වේ..?"
"මගේ යාලුවෙක් කෝල් කරලා කිව්වේ.. අනේ අපි යමුකෝ අම්මි.."
මට ඕන උනේ නයන අයියා ළඟට යන්න.මගේ අයියලා එක්කෙනෙකුටවත් පුංචිම සිරිමක්වත් වෙනවට මම කැමති නෑ.
අපි හොස්පිට්ල් යද්දී ලොකු නැන්දලා එහෙමත් ඇවිත්
ඩොක්ටර්නම් කිව්වේ අයියාට ඒ තරම් අමාරුවක් නෑ කියලා.ඒක ආහපු අපි කට්ටියටනම් දැනුනේ කියාගන්න බැරි සහනයක්.
ඩොක්ටර්නම් කිව්වේ අයියාට ඒ තරම් අමාරුවක් නෑ කියලා.ඒක ආහපු අපි කට්ටියටනම් දැනුනේ කියාගන්න බැරි සහනයක්.
මං ශෙනා අක්කිට කෝල් කරලා අයියාට අමාරුවක් නෑ කියලා කිව්වට පස්සේ තමයි එයාගේ ඇඬුමත් නතර උනේ.
නයන අයියට දවස් ගානක් හොස්පිට්ල් ඉන්න උනේ එයාගේ කකුලකට ගොඩක් ඩැමේජ් වෙලා තිබුන නිසා.මං හැමදාම අයියාව බලන්න ගියා.ශෙනා අක්කිත් හැමදාම ආවා.හැබැයි එයානම් ආවේ අපේ ගෙවල්වල අය නැතිවෙලාවට.
මායි ශෙනා අක්කියි අයියයි කාමරේට වෙලා කතා කර කර ඉද්දි කාමරේ දොරට කවුදෝ තට්ටු කරා.
"එන්න.."
නයන අයියා කියද්දි දොරත් ඇරගෙන කාමරේ ඇතුලට ආවේ ශාක්ය.ඇත්තටම ඒ වෙලාවේ මටනම් පුදුම හිතුනා.ශාක්ය වෙනදා වගේම තමයි වැරදිලාවත් මගේ මූණ දිහානම් බැලුවේ නෑ.ඇයි එයා මට එහෙම කරන්නේ..? මම මොකද්ද එයාට කරපු වරද..?මට දැනුනෙ මගේ පපුවට පිහියෙන් අනිනවා වගේ වේදනාවක්.
"ඉතින් නයන දැන් කොහොමද..?"
"දැන්නම් හොදයි ශාක්ය ..හෙට ඩිස්චාජ් කරයි.."
"මම ආවේ නයන එක්ක එක්සිඩන් එක ගැන කතා කරන්න .."
ශාක්ය කියද්දි අපි තුන්දෙනාට මුණෙන් මුණ බැලුනා.නයන අයියගේ එක්සිඩන් එක ගැන මෙයාට මොනවද කතාකරන්න තියෙන්නේ..?
"මොකද්ද ඒ ගැන කතාකරන්න තියෙන්නේ..?"
"ඔයා එක්සිඩන් උනේ දේවක ඇමති තුමාගේ පුතාගේ වාහනේට..ඇමති තුමාගේ පුතා ගිවන්ත අතින්.."
"මොකක්.."
මට කෑ ගැහුනේ ඉබේටම.දේවක ඇමති මතක් වෙනකොටත් මගේ ඇලගේ මාලු නටනවා.
"ඉතින් දැන් මොකක්ද ශාක්ය කියන්නේ..?"
"දේවක ඇමතිතුමා කියන්නේ නීති මාර්ගෙට නොයා මේක ගොඩින් බේරගමු කියලා.."
ශාක්ය කියද්දි මට දැනුනේ එසේ මේසේ තරහක් නෙමෙයි..දේවක ඇමති හදන්නේ එයාගේ පුතා හිරේ යන එක නවත්ත ගන්න.
"ඔව් ඒක හොදයි.."
නයන අයියා හිටපු ගමන් කියද්දි මං එයා දිහා බැලුවේ තරහින්.
"තමුසෙට පිස්සුද අයියේ..ගිවන්ත වරදක් කරානම් දඩුවම් ලැබෙන්න ඕනි.."
"මේ සුදු විකාර කියවන්න එපා..අපිට පුලුවන්ද ඔය ඇමතිලා එක්ක හැප්පෙන්න.."
"ඔය එක්සිඩන් එකෙන් තමුසෙට මොනවා හරි උනත් ඔච්චර තමයි.. පොලිසියත් ගනියි මහාලොකු ඇමතිගේ පැත්ත..පොලිසියේ ඉන්නෙත් කොන්ද පණ තියන අය නෙමෙයිනේ.."
මං තරහින් කෑ ගහද්දි ශාක්ය මං දිහා බැලුවේ රවලා.මං බයවෙයි ඔය රැවිලි වලට.
"මේ දෙවාශි හැම පොලිස් කාරයාම එකවගේ නෑ..මම නීතියට වැඩකරන කෙනෙක්..අපරාධ කාරයන්ට මං කවදාකවත් බේරෙන්න දෙන්නෑ.."
"ආ..ඒක වෙන්න ඇති මාස තුනක් පහුවෙලා ගිහිල්ලත් අර ජර්නලිස්ට් පාරාගේ මීණි මරුවෝ තාමත් නිදැල්ලේ ඉන්නේ..නීතියට වැඩ කරනවා කියලා කටින් කියලා වැඩක් නෑ ක්රියාවෙන් ඔප්පු කරලා පෙන්නනවා.."
මං තරහින් එහෙම කියාගෙන කාමරෙන් එළිට ආවෙි තරහින් වෙවුල වෙවුල .මේක මහා අසාදාරනකම් පිරිච්ච සමාජයක්.අසාදාරනයට ලක්වෙච්ච අයට සාදාරනයක් ඉෂ්ට වෙන්න ඕන.
මං ගෙදර අාපු ගමන්ම කාමරේට වෙලා කලේ අඬන එක.මං අර විදිහට ශාක්යට කතාකරපු එක වැරදියි.ඒත් ඒ වෙලිවේ මට තරහා ගියා.
ශාක්ය ගොඩක් දවසකින් අද තමයි මං එක්ක එහෙමවත් කතාකලේ.නැත්තම් ඉතින් මගේ මුණවත් බලන්නෑනේ.මාව ඒ තරමටම එපාවෙන්න මං ශාක්යට කරපු වරද මොකක්ද..?
කොල්ලෙක්ට කියලා මගේ හිතේ ආදරයක් ඇතිඋනේ ශාක්යට විතරයි.මගේ හිතේ ආදරයක් තියෙන්නෙත් ශාක්යට විතරයි.ඒත් ශාක්ය අයිති රුවන්ගිටනේ.
"මේ මොකද චණ්ඩි රැජිණ හොටු පෙර පෙර අඬන්නේ..?"
පාරා මං ළගට ඇවිත් අහද්දි මං එයා දිහා බැලුවේ අමනාපෙන්.
"මට පාඩුවේ ඉන්න දිලා යනවා හොල්මනියේ. "
"මට බෑ අඬන හේතුව කියනකල් මම මෙතනම ඉන්නවා.."
"මොකද වදේ මට වදදෙන්නේ කිව්වාම යනවකෝ.."
"කිව්වනේ බෑ කියලා.."
පාරත් ඉතින් මං වගේම තමයි කිව්වොත් කිව්වා.මං ඉතින් පාරාට ශාක්ය ගැනයි රුවන්ගි ගැනයි මගේ හිතේ ශාක්ය ගැන තියන අදහසයි කියලා දැම්මා.
දැන් තමයි මගේ හිතට සහනයක් දැනෙන්නේ.මං මේ දේවල් හිතේ හිරකරගෙන හිටියේ බොහොම අමාරුවෙන්.අර තුන්කට්ටුවටත් මේ ගැන කියලා මගේ හිතේ තියන බර තවත් අඩුකර ගන්න ඕනි..
පාරානම් මං කියන ඒවා අහගෙන හිටියේ හොද කල්පනාවෙන්.මං හිතාමතාම පාරාගෙන් අයියාගේ එක්සිඩන් එක ගැන හැන්ගුවා.
"දැන් ඉතින් ඔයා ශාක්ය ගැන හිතලා ඇඩුවා කියලා වැඩක් නෑනේ දේවා..හොදම දේ හිත හදාගන්න එක.."
"මටත් ඕනි ඒකම තමයි බං..ඒත් බැරිත් ඒකමනේ.."
"අපිට ඕන හැමදේම අපිට ලැබෙන්නෑ දේවා.."
"මං ඒක දන්නවා පාරා..අපි දැන් ඔය ගැන කතා නොකර ඉමු.."
මං කිව්වේ ඔය කතාව මට වදයක් නිසා.ඒකෙන් වෙන්නේ මගේ හිත තවත් පෑරෙන එක.
**********************************************
මං මගේ අතිජාත මිත්රයෝ තුන්කට්ටුව හම්බවෙන්න ආවේ ටිකක් ලොකු කතාවක් කියන්න ඕනි නිසයි.මං යද්දිත් තුන්කට්ටුව ඇවිත්.
"උඹලා ගොඩක්වෙලාද බං ඇවිත්.."
"නෑ බං අපිත් දැන් ආවේ..".
මාත් ඉතින් උන් ළගින්ම වාඩිඋනා.පස්සේ අපි හතරදෙනාටම බොන්න ෆලුඩා ඕඩර් කරා.
"දැන් කියපන්කො උඹට කියන්න තියෙන්නේ මොනවද කියලා.."
ශනු ඇහැවේ වේටර් ගෙනාපු ෆලුඩා එක එයා ළඟට ලං කරගන්න ගමන්.මං මේ කතාව උන්නට කියන්න පටන්ගන්නේ කොහොමද..?පාරාගේ හොල්මන ගැනනම් කීයටවත් කියන්න බෑ.
"මොකද උඹ සයිලන්..උඹ අදත් කියන්න යන්නේ ශාක්ය ගැනද...?
විහා ඒකනම් ඇහැවේ සැකෙන් වගේ.මොකද මං ශාක්ය ගැන හැමදෙයක්ම මුන්ට කියලයි තියෙන්නේ.මුන් තුන්දෙනා මගේ හිත ගොඩක් හැදුවා.මේ වගේ යාලුවෝ ලබන්න පිං කරලා තියෙන්න ඕනි.
"ඒ දෙවල් ගැන කතාකරලානම් තවත් උඹේ හිත රිද්ද ගන්න හදන්න එපා.."
ශනු ඒකනම් කිව්වේ තරහින් වගේ.මටත් හිතාගන්න බැරි මං මෙච්චරටම ශාක්යට ආදරේ කරන්නේ ඇයි කියලා.ඒත් දැන් ඉතින් ඒ ආදරෙන් වැඩක් නෑනේ.දැන් ඒ ගැන හිතලා වැඩකුත් නෑ.හිතන්න හිතන්න මගේ හිත රිදෙන එක විතරයි වෙන්නේ.
"ඒ ඉලව්වක් ගැන නෙමෙයි බං.."
"හරි හරි කියපන්කෝ එහෙනම්.."
"මේකයි උඹලට මතකද අර ජර්නලිස්ට් පාරමීව.."
"අර මීට මාස ගානකට කලින් මැරුන කෙනා නේද..?"
"ඔව් එයා මැරුනේ නෑ බං..එයාව මැරුවා..මට ඕනි පාරමීව මරපු මීනිමරුවෝ අල්ල ගන්න.."
මං කියද්දි තුන්කට්ටුව මූණෙන් මූණ බලාගත්තේ පුදුමයෙන්.දේවෝ අද උඹට කන පුරවලා බැනුන්නම් අහාගන්න වෙනවා.
"ඇයි උම සී.අයි.ඩි. එකෙන්ද මීනිමරුවෝ අල්ලන්න හදන්නේ.."
"සී.අයි.ඩි එක මීනිමරුවෝ හොයන්නැති නිසා තමයි මං හොයන්න හදන්නේ.."
"මේ දේවා උඹට අමු කැවිලද නැත්තම් අමුවෙන් කැවිලද මෙතන මරු කියවන්නේ..උඹට පුලුවන්ද මීනිමරුවෝ අල්ලන්න.."
හිමාටනම් දැනටමත් යක්ෂාවේස වෙලා.අනිත් ජෝඩුවටත් යක්ෂයා ආවේස වෙන්න ඔන්න මෙන්න කියලා.අනේ ඉතින් මේ දේවට බුද්ධන් සරණේ සරණයි.
"අනෙක උඹ දන්නවාද පාරමී මරපු මීණිමරුවෝ කවුද කියලා.."
"පොලිසියට උන්ව අල්ලගන්න දිලා උඹ පැත්තකට වෙලා හිටපන්.."
"මෙච්චර කාලයක් ගිහින් පොලිසිය මීනිමරුවෝ ඇල්ලුවාද..?උඹලා මොනවා කිව්වත් මං මේ දේ කරනවා.."
"උඹ මොකක්ද කරන්නේ..?"
"මම පාරමී වැඩකරපු පත්තරෙ වැඩට යනවා..පාරමී නවත්තපු තැන ඉදලා මං එයාගේ ආටිකල් එක ලියනවා.."
මේ දේවා ඒක කිව්වෙනම් ලොකු අධිෂ්ඨානයකින්.මේ දේවා දෙයක් කිව්වොත් ආයේ කිව්වම තමයි.මේ රටේ මේ තරම් අසාදාරන වැඩ කරන දේවක ඇමතිගේ ඇත්ත මූණ මේ දේවා හැමෝටම පෙන්නනවා.ඒකට හොදම විදිහ තමයි මේ පත්තරේ.
"උඹට ඔල්මාදෙද හරකියේ..උඹටත් ඕන අර පාරමීට වගේ මැරෙන්නද..?"
ශනු කෑ ගැහැවේ අසුහාරදහාටම තදවෙලා.මං කලින් ඉදලම දැනගෙන හිටියා මේ තුන් කට්ටුව මේකට කැමති වෙන් නෑ කියලා.එහෙම කියලා මේ දේවල් මුන්ට හන්ගන්නත් බෑ.ඔය තුන්කට්ටුව කැමති කරගන්න විදිහ මේ දේවා හොදට දන්නවා.
"මං මැරෙන්න බය නෑ බං..මට ඕන ඒ කෙල්ලට සාදාරනයක් කරන්න.."
"ඒ කෙල්ලට සාදාරනයක් කරන්න ඒ කෙල්ල උඹේ කවුද..අඩුම උඹ ඒ කෙල්ලව දැකලවත් තියනවද..?"
දැන් ඉතින් මං මක්ක කියන්නද..?පාරාගේ හොල්මන ගැන කියන්නද..?බෑ බෑ ඒකනම් කීයටවත් කරන්න බෑ.පාරාට මං පොරොන්දු උනා එයා ගැන කාටවත් කියන් නෑ කියලා.අනෙක ඉතින් මුන් තුන්දෙනා මං කියන ඒවා පිළිගනිද..?
"ඒත් අපි වගේ කෙල්ලක් බං..උඹලට මට උදව් කරන්න බැරිනම් නිකන් හිටපන්..මං තනියම මේ දේ කරනවා.."
මං ඉතින් සෑඩ් මුඩ් එකෙන් කියද්දි මුන් තුන්දෙනා මං දිහා බලාගෙන හිටියේ මාව කන්න වගේ.
මුන් මොන බයිලේ කිව්වත් මගේ වැඩේට උදව් කරනවා කියලා මං දන්නවා උන්ට මේ දේවා නැතුව බෑ.මේ දේවට උන් නැතුව බෑ.
"උඹනම් මහා යස්ස කෙල්ලක් බං..කිව්වොත් කිව්වා..හරි දැන් අපි මොකද කරන්නේ..?!
ඔය ඉතින් මං කිව්වේ බොරුද..මේ දේවා ඉතින් යාලුවෝ ගැන හොදට දන්නවනේ.මං ඉතින් ඉස්සරහට කරන්නේ මොකද්ද කියලා විස්තරාත්මකව තුන්දෙනාට කියද්දි තුන්දෙනා අහගෙන හිටියේ කිසි කතාවක් නැතුව.
***********************************************
මගේ හිතේ තිබුන දේ පාරාට කියද්දි ඒකිත් යුද්දේ ප්රකාශය කරන්න පටන් ගත්තා.මං බොහොම අමාරුවෙන් දන්න සෙල්ලම් ටික දාලා තමයි මේ හොල්මනිව කැමති කරගත්තේ.ඇයි යකෝ මං මේ හැමදේම කරන්නේ මේ හොල්මනි වෙනුවෙන් නේද..?මේකි ඉදගෙන බාල්දි පෙරලනවා.
පහුවදා උදේ මං "දියත" පත්තරේට ගියේ හිමත් එක්ක.ඒකි මඟ දිගට මට දෙහි කපකපා තමයි ගියේ.මාත් ඉතින් මට නෙමෙයි වගේ හිටියේ මගේ කට ඇවිස්සෙයි කියන බයට.
මං ඉතින් මේ ගමන ආවේ ගෙදරට හොරෙන්.මගේ වැඩේ ගැන ගෙදර අය දැනගත්තානම් මං ඉවරයි.මාව කන්දෙකෙනුත් එල්ලලා නිවාස අඩස්සියේ තමයි ඉතින්.ඊට වඩා හපන් මගේ මාර සේනාවට මේක ආරංචි උනොත්.මාව හමගහායි.
මායි හිමයි දෙන්නා දියත එක ඇතුලට ගිහින් කෙලින්ම රිෂෙප්ෂන් එකට ගිහින් චන්දන සර්ව හම්බවෙන්න ඕනි කියද්දි රිෂෙප්ෂන් එකේ හිටපු ගර්ල් අපි දිහා බැලුවේ කන්න වගේ.
"මිස්ලා එපොයිමන්ට් එකක් ගත්තාද..?"
"නෑ අපිට එපොයිමන්ට් එකක් ගන්න බැරිඋනා මිස්..හදිස්සි නිසයි ආවේ..ප්ලිස් අපිට සර්ව හම්බවෙන්න චාන්ස් එකක් අරගෙන දෙන්න.."
මං ටිකක් බැගැපත් උනේ අද කොහොම හරි චන්දන සර්ව හම්බවෙන්න ඕන නිසා.මේ වැඩේ කල් දාන්න බෑ.
"හරි මිස්ලා වාඩිවෙන්නකෝ.."
අපි දෙන්නට පැය භාගයක් විතර ඉන්න උනේ සර් තාම ඇවිත් නැති නිසා.මට වගේම හිමාටත් බලා ඉදලම ඇතිවෙලා වගේ.එක තැනක ඉන්න ගියහමනේ අප්පා එපාවෙන්නේ.අපිට ඉතින් එක තැනකට වෙලා ඉන්න පුලුවන්ද.
"කොයි බං මේ මහා එකා.."
හිමා බැරිම තැන මගෙන් ඇහුවා.මේකිත් අහන්නේ මාර කතා තමයි මං දන්නවද ඒක.
"ඔය වයසක මැන්ටල් කෙස් කොට කොට එනකොට වෙලා යනවනේ බං.."
"වයසයිනම් ගෙදරටවෙලා ඉන්නැතුව මොකට එනවද අපිට මෙහෙම වදදෙන්න.."
චෑ මට පාරාගෙන් අහගන්න බැරි උනානේ එයාගේ බොස්ගේ තව විස්තර ටිකක්
"මිස්ලට සර් කතාකරනවා.."
රිෂෙප්ෂන් එකේ හිටපු ගර්ල් කියද්දි මායි හිමයි ඒ ගර්ල් පෙන්නපු රූම් එක ඇතුලට ගියා.චන්දන සර්ව දකිද්දි මටයි හිමාටයි මුණෙන් මුණ බැලුනා .මේ මොන නාකියෙක්ද..?අවුරුදු 25ක විතර හැන්ඩි කොල්ලෙක්කනේ.මට මතක් උනේ ශාක්යව.
"මේ මිස්ලා කවුද..?"
චන්දන සර් මං දිහා බලාගෙන ඇස් පුංචි කරලා අහද්දි තමයි මං පියවි සිහියට ආවේ.
"මං දෙවාශි ..මේ මගේ යාලුවා හිමායා..අපිට සර් එක්ක වැදගත් දෙයක් ගැන කතා කරන්න ඕන.."
"හරි මුලින්ම වාඩිවෙන්නකෝ.."
චන්දන සර් මගේ මූණ දිහා බලාගෙන කියද්දි අපි දෙන්නා වාඩි උනා.
චන්දන සර් මං දිහා බලාගෙන හිටපු බැල්ම දරාගන්න බැරුව මං අහක බලාගත්තා.
චන්දන සර් මං දිහා බලාගෙන හිටපු බැල්ම දරාගන්න බැරුව මං අහක බලාගත්තා.
"හරි ඉතින් දැන් කියන්නකෝ කාරනාව.."
"මම මෙහේ වැඩ කරපු පාරාගේ යාලුයෙක්..මට ඕන පාරා නවත්තපු තැන ඉදලා එයා ලියපු ආටිකල් එක ලියන්න.."
මං කියන්න ඕන දේ කෙලින්ම කියලා දැම්මා.ආයේ මොකටද වටේ යන්නේ.චන්දන සර් මං දිහා බලාගෙන හිටියේ ඇස් ලොකුකරගෙන.
"දෙවාශි දන්නවද ඒ වැඩේ කොච්චර බයානකද කියලා.."
"මං දන්නවා සර් කොච්චර බයානක උනත් සර් කැමතියම් මං මේක කරනවා..ප්ලිස් සර් මට එක චාන්ස් එකක් දෙන්න .."
මං බැගැපත්වෙලා කියව්වේ සර් මේකට කැමති නැතිවෙයි කියන බයට.චන්දන සර් මං දිහා බලාගෙන බර කල්පනාවක.
"ඕකේ හැබැයි ඔයා මං කියන විදිහට වැඩ කරන්න ඕන..පාරාට වෙච්චදේ ඔයාටත් වෙනවට මං කැමති නෑ..මම කියන විදිහට වැඩ කරනවද..?"
"හා සර්.."
මං එකපයින්ම කැමති උනේ දෙපාරක් හිතන් නැතුව මේ වගේ චාන්ස් එකක් ආයේ කවදාකවත් එන්නැතිවෙයි.මොකද්ද වෙන්න ඕන කියලා චන්දන සර් මට පැහැදිලි කරලා කියද්දි මං ඒ දේට කැමති උනා.
චන්දන සර්ගේ වැඩ පිළිවෙල අහද්දි හිමත් සැනසුම් සුසුමක් හෙලුවා.මං දන්නවා මේ තුන්කට්ටුවත් මං ගැන ඉන්නේ බයෙන් කියලා.
පහුවද ඉදන්ම මම ආටිකල් එක ලියනින පටන්ගත්තා.පාරා දේවක ඇමති ගැන කලින් හොයාගත්ත තොරතුරු ටික මං පාරාගේ ගෙදර ගිහින් එයාගේ කාමරේ ෆයිල් එකක් යට තිබිලා මං හොයාගෙන ආවා.
පාරා දේවක ඇමති ගැන ලියපු නැති ගොඩක් ඩිටෙල් එතන තිබුනා.ඒත් ඒවා ප්රමාණවත් නෑ. මං කොහොම හරි ඇමති ගැන තොරතුරු ටිකක් හොයාගන්න ඕනි.
චන්දන සර් මට කිව්වේ ගෙදර ඉදන් ආටිකල් එක ලියලා සර්ට මේල් කරන්න කියලා.මේ ආටිකල් එක පාරා නමින් ලියන්නේ මම කියලා කාටවත්ම දැනගන්න දෙන්න එපා කිව්වේ මගේ ආරක්ෂාව ගැන හිතලා.
අඩුම තරමේ දියත එකේ වැඩ කරන කෙනෙකුටවත් මේ ගැන දැනගන්න දෙන්න එපා කිව්වා.චන්දන සර් මගේ ආරක්ෂාව ගැන හිතලා ගොඩක් උපදෙස් දුන්නා.දේවක ඇමති මං ගැන දැනගත්තොත් මට වෙන්නෙත් පාරාට වෙච්ච දේම තමයි .
********************************************
"තාත්ති අද පත්තරේ දැක්කද ..?"
උදේ අපි කෑම කකා ඉද්දි ලොකු පත්තරයකුත් උස්සගෙන ඇවිත් කෑම මේසේ වාඩිඋනා.
"ඇයි ලොකු මොනවද තියෙන්නේ.."
"ආයෙත් දේවක ඇමති ගැන පත්තරේට ලියන්න අරගෙන.."
අපේ ලොකු කියද්දි අපේ ගෙදර අයගේ ඇස් උඩගිහින් කටවලුත් ඇරිලා.හැබැයි ඉතින් මේ මටනම් ඕකේ පුදුමයක් නෑ ඕක ලිව්වේ මමනේ.
"කවුද ලියලා තියෙන්නේ.."
"පාරාම තමයි.."
"ඒක වෙන්නේ කොහොමද පාරා මැරුනනේ .."
ඒ වෙලාවෙනම් මේ දේවා සීතල වෙලා ගියා.දෙවියනේ අපේ ගෙදර අය දන්නවනම් පාරාගේ නමින් පත්තරේට ලියන්නේ මං කියලා.අපේ අම්මේ එහෙනම් මෙතන ලෝක මහා සංග්රාමය වගේ තියෙයි.
"පාරාගේ නමින් වෙන කවුරු හරි ලියනවා ඇති..ඔය දේවක ඇමතිගේ වෙස් ගලවන්න කවුරුහරි ඉන්නත් ඕනි..නැත්තම් ඉතින් දේවක ඇමතියා මේ රටේ රජ කරයි.."
මං ඇත්තටම ඒක කිව්වේ දේවක ඇමති ගැන හිතේ තිබුන තරහාටමයි.රටේ ඇමතිකෙනෙක් උන පලියට නීතිය අතට අරගෙන එයාට හිතුන හිතුන දේවල් කරන්න පුළුවන්ද..?
"ඒකනම් ඇත්ත..අද රටේ තියෙන්නේ අසාදාරනයමයි..සාදාරනය වෙනුවෙන් සටන් කරන අයත් මේ සමාජේ ඉන්න ඕන.."
තාත්තිගේ කතාව හරි.තාත්ති ඔයාගේ දුවත් අසාදාරනයට විරුද්දව සටන් කරනවා.දවසක් එයි ඔයාලා මං ගැන දැනගන්න.සමහර විට එදාට මේ මං දේවක ඇමති අතින් මැරුම් කාලා ඉන්නත් පුළුවන්.මොන දේ උනත් මේ දේවා පටන් ගත්ත වැඩක් මඟ දාලා යන කෙනෙක් නෙමෙයි.
***********************************************
මං ටවුන් එකට ඇවිත් මට ඕන බඩු මුට්ටු ටිකකුත් අරගෙන අයිස්ක්රීම් එකකුත් කකාම මං බස්හොල්ට් එක දිහාවට ඇවිදගෙන යද්දි මගේ ළඟට කරලාම රතුපාට කාර් එකක් නතර කරා.ඒ කාර් එක කාගෙද කියලා අදුන ගන්න මේ දේවට මහා වෙලාවක් ගියේ නෑ.ඒ ශාක්යගේ කාර් එක.
ශාක්ය කාර් එකේ හොන් එක ගැහැවත් මේ මං හැරිලවත් බැලුවේ නෑ.මං මගේ පාඩුවේ අයිස්ක්රීම් එකත් කකා අවිදගෙන ගියා.ශාක්යත් කාර් එකෙන්ම හිමිට මගේ පස්සෙන් ආවේ හෝන් එක ගගහාමයි.
මං මට නෙමෙයි වගේ හිටියා.
මං මට නෙමෙයි වගේ හිටියා.
ඒත් එක්කම සිද්ද උනේ මං හිනෙකින්වත් හිතපු දෙයක් නෙමෙයි.ශාක්ය කාර් එක නතර කලේ මං යන මඟ අහුරලා.පස්සේ එයා මං දිහාවට බැහැලා ආවේ තරහින් වගේ.මං අහක බලාගෙනම අයිස්ක්රීම් එක කෑවා.
ශාක්ය මං ළඟට ඇවිත් එකපාරටම මං කකා හිටපු අයිස්ක්රීම් එක උදුරලා අරගෙන කටට දෙකට ගිලලා දැම්මා.අනේ අයියෝ මගේ අයිස්ක්රීම් එක .මේ දේවා මේ කොලුවා දිහා බලාගෙන හිටියේ මොනවා වෙන්න යනවද කියලා හිතාගන්න බැරුව.
"මොකද මේ බය වෙලා වගේ.."
"බය වෙන්නැද්ද එකපාරටම මං කකා හිටපු අයිස්ක්රීම් එක උදුරලා අරගෙන කාපු විදිහට..හරියට සොමාලියාවේ සාගතෙට අහුවෙලා හිටියා වගේනේ.."
මං කියද්දි ශාක්ය මහා හයියෙන් හිනාවෙනවා.ඒ හිනාව දකිද්දිනම් මේ දේවගේ ඇග හිරිවැටිලා යනවා අනේ මේ කොලුවගේ මේ හිනාවට මං කොච්චර ආසද..?
"හිනාවෙන ලස්සන..මගේ අයිස්ක්රීම් එකත් කෑවා මෝඩයා.."
මං බොරු අමනාපෙකින් කියද්දි ශාක්ය ඇස් පුංචි කරලා මගේ මූණට එබුනා.ඒ වෙලාවෙනම් මේ මගේ හිතත් ගොඩක් ගැස්සුනා.
"ඒ අයිස්ක්රීම් එක තමයි මං ජිවිතේ කාපු රසම අයිස්ක්රීම් එක .."
"ඊයා මගේ කෙලත් ගෑවිලා තිබුනා.."
"ඉතින් මෝකෝ වෙන්නේ..මෙන් මෙහෙ යන්.."
"කොහෙද..?"
"වෙන කොහෙද ගෙදර මිසක්.."
"මං යන්නේ ඔයාගේ ගෙදර නෙමෙයිනේ..මගේ ගෙදරටනේ..මට මගේ ගෙදරට තනියම යන්න පුළුවන්.."
මේ මටම හිතාගන්න බෑ මං ඇයි ශාක්යට එහෙම කතාකලේ කියලා.පහුගිය දවස්ටිකේ මගේ මූණවත් බලන්නැතුව හිටපු කෙනා මෙන් අද ඇවිත් කතා කරනවා.
"ඒ උනාට කමක් නෑ එනවා යන්න මං එක්ක.."
"මට බෑ..ඔයාට ඕන වෙලාවට වාහනේට දාගන්නයි..එපාවෙලාවට මූණවත් නොබලා ඉන්නයි..ඔයා හිතන්නේ මං ඔයාගේ කවුරු කියලද..?"
"එනවා යන්න මං ඒක කියලා දෙන්නම්.."
ශාක්ය මාව එයාගේ දෝතට වඩාගත්තේ මේ මට හිතන්නවත් ඉඩක් නොතියා.ඒ වෙලාවෙනම් මේ දේවා හොදටම කලබල උනා.මේ කොලුවා මොනවා කරන්න හදනවද මංදා.
"සුදු අයියා ප්ලිස් මාව බිමින් තියන්න..මේ මිනිස්සුත් බලනවා.."
"ඉතින් බලපුදෙන්.."
"මොනවද සුදු අයියා මේ කරන්නේ තියන්න මාව බිමින් .."
"මට බෑ.."
මං කොච්චර කෑ ගැහුවත් සුදු අයියා නෙමෙයි මාව බිමින් තිබ්බේ.එවා මාව වඩාගෙනම ඇවිත් කාර් එකේ දොර ඇරලා මාව ඉස්සරා ෂිට් එකෙන් වාඩිකරලා දොර වහාලා ඇවිත් එයා ඩ්රයිවින් ෂිට් එකේ වාඩි උනා.මට හිතාගන්න බෑ මේ කොලුවා මොකක් කරන්න හදනවද කියලා.මං බලාගෙනම හිටියේ ශාක්ය දිහා.
"ඔහොම මං දිහා බලන්න එපා බං..මට උඹව කන්න හිතෙනවා.."
ශාක්ය මගේ කම්මුලට තට්ටු කරලා දඟකාර විදිහට කියද්දි මට මාර විදිහට ලැජ්ජා හිතුනේ.මං ටග් ගාලා අහක බලාගත්තේ ලැජ්ජාවට මූණ රතු කරගෙන.
ශාක්ය කිසිම කතාවක් නැතුව වාහනේ ඩ්රයිවින් කරනවා.මං එකපාරටම ශාක්ය දිහා හැරිලා බැලුවේ එයා අතුරු පාරකට කාර් එක දාපු නිසා.
"සුදු අයියා අපි මේ කොහෙද යන්නේ..අනේ මට ගෙදර යන්න ඕනි.."
මං කියද්දි ශාක්ය පැත්තකට කරලා කාර් එක නතර කරලා මගේ දිහා බැලුවේ බර සුසුමක් පිටකරලා.
"මට ඔයා එක්ක ගොඩක් කතා කරන්න ඕන සුදු ප්ලිස් මාත් එක්ක යමු..මං ඔයාට පුංචි සීරිමක්වත් වෙන්නාදන්නෑ බබා..ඔයාට මාව විශ්වාසයි නේද..?"
ශාක්ය මගේ අත අල්ලගෙන ඇස්වල කදුළු පුරවගෙන කියද්දි මාව පිච්චිලා ගියා.
"ඔව් දෙවියනේ මට ඔයාව විශ්වාසයි.."
ඇත්තටම මගේ හිතේ ශාක්ය ගැන තිබුනේ ලොකු විශ්වාසයක්.මටත් ඕනි උනේ ශාක්ය කියන්න හදන්නේ මොනවද කියලා දැනගන්න.මගේ හිත කිව්වෙම ශාක්ය කියන්න යන්නේ ලොකු දෙයක් කියලා.
"එහෙනම් අපි යමුද සුදු.."
ශාක්ය අහද්දි මං හිනාවෙලා ඔළුව හොල්ලද්දි ශාක්ය හිනා උනේ මං ආසම විදිහට.
ශාක්ය කාර් එක පුංචි ගෙයක් ළඟ නතර කරලා කාර් එකෙන් බැහැලා ඇවිත් මං ඉන්න පැත්තේ දොර ඇරලා එයාගේ අතක් මට දික් කරා.මං ඒ අත අල්ලගෙන කාර් එකෙන් බැහැලා ඇස් කරකව කරකව වටපිට බැලුවා.
ගෙදර පුංචි උනාට වත්තනම් ටිකක් ලොකුයි.වත්ත පුරාවට ලස්සනට මල් වවලා දැක්කාම ආසාවෙි බෑ. කවුරු මේ ගෙදර හිටියත් වත්තනම් හරි ලස්සනට තියාගෙන ඉන්නවා.
"මේ කොහෙද සුදු අයියේ.."
"මේ මගේ යාළුවෙකුගේ ඇනෙක්ස් එකක් බබා..මං උගෙන් යතුර ඉල්ලගත්තේ ඔයා එක්ක ඇවිත් නිදහසේ මෙතනට වෙලා කතාකරන්න පුලුවන් නිසා.."
ඒ තරම් දෙයක් තියනවද ශාක්යට මං එක්ක කතාකරන්න.ශාක්ය මාවත් එක්කගෙන ගිහින් ඇනෙක්ස් එකේ දොර ඇරලා ඇතුලට ගියේ හොද පුරුදු කාරයෙක් වගේ.මං ඇනෙක්ස් එක පුරාම ඇස් දුවවුවා.වත්ත වගේම තමයි ගේ ඇතුලත් හරි පිළිවෙලකට තියාගෙන ඉන්නවා.
"වාඩිවෙන්නකෝ සුදු.."
ශාක්ය මාව පුටුවක වාඩි කරලා එයත් මං ළගින්ම වාඩිවෙලා මගේ මූණ දිහාම බලාගෙන හිටියා.අපි දෙන්නගේ ඇස් යා වෙද්දි ඒ ඇස් දෙකෙන් මගේ ඇස් දෙකක අහකට ගන්න මට ලෝභ හිතුනා.ශාක්ය එහෙම්මම පාත්වෙලා මගේ නළල සිප ගනිද්දිනම් මේ දේවාට උන්හිටි තැන් පවා අමතක උනා.
"සුදු දන්නවද දවසක් මට පාරේදි සුදු ඉරමාරු වෙද්දි දඟකාර කටකාර ලස්සන කෙල්ලක් හම්බ උනා..ඒදා ඒ කෙල්ල දකිද්දි මගේ හිත ගැස්සුනා..තව දවසක් ඒ කෙල්ල පාරේදි වාහනේකට හැප්පෙන්න යද්දි මං බේර ගත්තා..එදත් මගේ හිත ගොඩක් ගැස්සුනා.."
ශාක්ය කියාගෙන යද්දි මේ මං අහගෙන හිටියෙ ගල් ගැහිලා වගේ.දෙයියනේ මෙයා මේ කියන්නේ මං ගැනනේ.
"එදා ඉදන් මං ඒ කෙල්ලව පිස්සුවෙන් වගේ හොයව්වා සුදු..මගේ හිත කිව්වෙම ඒ කෙල්ල මගේ කියලා..මං කොච්චර හොයව්වත් මට ඒ කෙල්ලව හම්බඋනේ නෑ..මං හිටියේ පිස්සුවෙන් වගේ..සමහර වෙලාවට ඔෆිස් එකේ වැඩත් අතපහු උනා.."
ශාක්ය කියන දේවල් මේ දේවා අහගෙන හිටියේ ඇස්වල කදුළු පුරවගෙන.
ශාක්යගේ ඇස් දෙකෙත් කදුළු.
ශාක්යගේ ඇස් දෙකෙත් කදුළු.
"ඒත් දවසක් මට මගේ සුරංගනාවි හම්බ උනා මගේ තාත්තගේ හොදම යාළුවගේ ගෙදරදි..ඒ එයාගේ දුව..මට එදා මගේ ඇස් අදහන්න බැරි උනා සුදු..එදා උඹ දකිද්දි දැනුන සතුට ආයේ කියලා වැඩක් නෑ මැණික..උඹ මගේ රත්තරන්..මගේ පණ ඩින්ග උඹ.."
ශාක්ය මගේ අත අල්ලගෙන මගේ අත සිපගන්න ගමන් කියද්දි මගේ ඇස්වල පොදි ගැහිලා තිබුන කදුළු කම්මුල් දිගේ ඔහෙ ගලාගෙන ගියා.දෙවියනේ ශාක්ය මට මේ තරම් ආදරේ කරනවද..?මං අඬාගෙම ශාක්යව බදාගත්තා.එයා මාව හයියෙන් තුරුලු කරගත්තේ මාව කවුරු හරි අරගෙන යයි කියන බයට වගේ.ශාක්ය කිපසැරයක්ම මගේ හිස සිප ගනිද්දි මං කෑ ගහලා ඇඩුවා.
"මං දන්නවා මැණික මං තරමටම උඹත් මට ආදරෙයි කියලා.."
"එහෙනම් ඇයි මට අච්චර රිද්දුවේ..අඩුම ගානේ මගේ මූණවත් බැලුවේ නෑ.."
මං අඬ අඬා කියද්දි ශාක්ය මාව තවත් තුරුලු කර ගත්තා.
"මම හිතුවේ ඔයා නයන එක්ක යාළුයි කියලා..මට ඉරිසියා හිතුනා සුදු..ඒකයි මම එහෙම කලේ..විහිළුවටවත් උඹව කාටවත් දෙන්න මේ මට බෑ..උඹ මගේ පණ..එදා හොස්පිට්ල් එකෙදි තමයි මං නයනගේ ගර්ල්ප්රේන්ඩ් කවුද කියලා දැනගත්තේ..මට සමාවෙන්න මගේ මැණික.."
ශාක්ය කියද්දි මම කලේ එයාගේ පපුව බදාගෙන අඩපු එක.ශාක්ය මගේ ඔළුව අතගගා හිටියේ මට අඩන්න දිලා.
"දැන් ඇති ඇඩුවා..කෝ බලන්න මගේ මැණිකගේ මූණ.."
ශාක්ය මගේ මූණ එයාගේ දෝතට අරගෙන මගේ මූණට එබුනා.
"අපෝ අඩලා අඩලා මූණ ජම්බු ගෙඩිය වගේ වෙලා..මේ ඇස්වලින් විතරක් නෙමෙයි නහෙනුත් ගලනවා.."
ශාක්ය එයාගේ අත් දෙකින්ම මගේ කදුළු පිහදලා එයාගේ ලෙන්සුව අරගෙන මගේ හොටුත් පිහදලා දැම්මා.ඒ වෙලාවේ මේ මට ශාක්ය ගැන දැනුනෙු කියාගන්න බැරි තරම් ආදරයක්.
ශාක්ය මගේ නළල කම්මුල් සිප ගනිද්දි මේ දේවා වෙනම ලෝකේකට ගියාවගේ උනා.ශාක්ය එහෙම්මම මගේ දෙතොල් වලට බර වෙද්දි මගේ ඇස් පියඋනේ ඉබේටම.ශාක්ය දඟකාර විදිහට එයාගේ දිම මගේ මුව ඇතුලේ එහේ මෙහේ ගෙනියද්දි මට දැනුනේ අමුතුම මිහිරක්.මගේ තොල් වලින් ලේ රසයක් එද්දි තමයි ශාක්ය මගේ තොල්වලින් ඈත් උනේ.
ශාක්ය මගේ දිහා බලලා ඇහැක් ගහලා මනමාල විදිහට හිනාවෙද්දි මේ මට දැනුනේ කියාගන්න බැරි ලැජ්ජාවක්.මං මූණත් රතු කරගෙන එහෙම්මම ශාක්යගේ පපුවේ මූණ හන්ගගත්තා.
"මෙන්න මේකිට ලැජ්ජා හිතිලා කෝ බලන්න.."
"අනේ යන්න අනේ යන්න ඔයා හරි නරකයි.."
"මාව නරක් කරන්නේ උඹ තමයි ඉතින්.."
ශාක්ය කියද්දි මේ මං ඔළුව උස්සලා එයා දිහා බැලුවේ පුදුමයෙන්.
"මං කවද්ද ඔයාව නරක් කලේ.."
"මේ දැන්..උඹ ඔහොම රතුවෙලා ඉද්දි මට කන්නමයි හිතෙන්නේ..ආව් පපුවටත් මොනවදෝ වෙනවා.."
ශාක්ය බොරුවට පපුව අල්ලගෙන කියද්දි මට හිනා ගියා.
"පිස්සු.."
"පිස්සු තමයි උඹ වගේ ඩෝල් කෙනෙක් ළඟ ඉද්දි..ඇත්තමයි සුදු උඹ මාරම ලස්සනයි..දැන්නම් තනියම පාරේ යවන්නත් බයයි..."
"ඒ මොකද..?"
"වෙන මොකෙක්වත් දා ගත්තෝත් එහෙම.."
"මේ ඕ.අයි.සි මහත්තයාගේ ගර්ල්ප්රේන්ඩ් එහෙම ලේසියෙන් කාටවත්ම දාගන්න බෑ හරිද..?"
මං කියද්දි ශාක්ය මගේ කම්මුලක් සිපගත්තා.
අපි දෙන්නා ඇනෙක්ස් එකෙන් ආවේ පුදුම තරම් සතුටකින්.අපි දෙන්නා නොදැනුවත්වම දෙන්නට දෙන්නා හිතින් ආදරේ කරලා.පහුගිය දවස්වල නිකන් බොරුවට දුක් වින්දා.මං හිතුවේ නෑ ශාක්ය මට මේ තරම් ආදරේ ඇති කියලා.මේක මට හිනයක් වගේ.
No comments:
Post a Comment