ශාක්ය හැමදාම මට කෝල් කරා.අපි දෙන්නා ගොඩක් වෙලා එක එක දේවල් ගැන කතා කර කර ඉන්නවා.ඒ කතා කරපු වෙලාවක තමයි ශාක්ය මට රුවන්ගි ගැන කිව්වේ.රුවන්ගිගෙයි එයාගේ ගෙදර අයගේ හිතෙයි ශාක්ය රුවන්ගිට බන්දලා දෙන්න පොඩිකාලේ ඉදන්ම අදහසක් තියනවලු හැබැයි ඒකට ශාක්යවත් එයාගේ ගෙදර අයවත් කැමති නැතිලු.
ඒ කතාව ඇහැවට පස්සේ තමයි මේ දේවාගේ හිතට සහනයක් දැනුනේ.ඒ කියන්නේ ශාක්ය මගේ වෙන කාගෙවත් නෙමෙයි.දැන් ඉතින් මේ දේවා කාටවත්ම බය නෑ.
මං පත්තරේට ලියන එක ගැන ශාක්යට කියන්න හිතුන අවස්ථා එමටයි.ඒත් ඒක කියන්න ඕනි ශාක්යව හම්බවෙලා හිමින් නිදස් වෙලාවක.නැත්තම් ඉතින් ශාක්යත් කලබල වෙයි.
හෙට දේවක ඇමතිගේ මීටින් එකක් නුගේගොඩ තියනවා කියලා චන්දන සර් මට කෝල් කරලා කිව්වා.මං හිතුවේ ඒ මීටින් එකට යන්න කියලා.මගේ හිත කියනවා එතනදි මට මොකක් හරි හෝඩුවාවක් හම්බවෙයි කියලා.
************************************************
මං පහුවෙනිදා ගෙදරින් පැන ගත්තේ ලයිබරි යනවා කියලා.මං තනියම නුගේගොඩ යන්න හිතුවේ අපේ එකියක් එක්ක ගියොත් මගේ වැඩේ කරගන්න වෙන්නැති නිසා.අනෙක මට උන්වත් අමාරුවේ දාන්න ඕනි නෑ.මම ශාක්යටවත් කිව්වේ නෑ මම නුගේගොඩ යනවා කියලා.
මීටින් එකට හැමදෙයක්ම ලෑස්ති කරලා තිබුනත් තාම ඇමති ඇවිත් නෑ. මේ ඇමතිලා ඉතින් ලොවට වැඩකලේ කවද්ද..?මාත් ඉතින් සෙනග අස්සෙන් රිංගගෙන ඉස්සරහටම හිටගනිද්දි මේ මගේ ඇගේ කවුරු හරි හැප්පුනා.ඒ වෙලාවෙනම් ඉතින් මේ දේවාට මලම තමයි.
"ඇස් කොහේ තියාගෙනද මෝඩයෝ යන්නේ.."
මං තරහින් අහද්දි ඒ බෝයි මං දිහා බැලුවේ ඇස් පුංචි කරලා.එතකොට තමයි මාත් හරියටම එයාගේ මූණ දැක්කේ.හම්මේ හැන්ඩි පොරක්නේ.පොර මගේ කකුල් දෙකේ ඉදන් උඩට මහා කෑදර විදිහට බලද්දි මේ දේවා සීතලවෙලා ගියා.ඒ බැල්මට් එකනම් මේ දේවාට වැඩිය ඇල්ලුවේ නෑ.
"සොරි මිස්.."
ඒ පොර අමුතු විදිහකට හිනාවෙලා කියද්දි මේ මං තවත් සීතල වෙලා ගියා.ඒ බලපු කෑදර බැල්මටනම් කාගේ උනත් ඇග හිරි වැටෙනවා.අනේ අම්මපා මට දෙන්න හිතයි හොද කරාටි පාරක් අම්මාගෙන් බීපු කිරි මතක් වෙන්න.
"ඉට්ස් ඕකේ.."
මම එහෙම කියලා එතනින් මාරු උනේ එතන ඉන්න එක වැඩිය නුවනට හුරු නෑ වගේ නිසා.
තවත් ටික වෙලාවක් ගියාට පස්සේ තමයි දේවක ඇමති ආවේ.ආපු ගමන්ම මහා ලොකු ඇමති ගියේ ජනතාව අමතන්න.
හප්පේ බලන්න එපැයි එයාගේ කතාව.හරියට සිල්වන්ත ඇමති කෙනෙක් වගේනේ ගිරිය කඩාගෙන කෑ ගහන්නේ.ඔය සිල් රෙද්දට යටින් තියන සිංහ හම කවුරුවත් දන්නේ නෑ.ඔය ඇමතියාගේ සිල් රෙද්දයි සිංහ හමයි දෙකම මේ දේවා ගලවලා දානවා.
දේවක ඇමති එයාගේ කතාව ඉවර කරලා හදිස්සියේම යන්න හැදුවා.ඒ හදිස්සියනම් මේ දේවට වැඩිය ඇල්ලුවේ නෑ.ඇමති වාහනේට නැන්ගාට පස්සේ මාත් දුවලා ගිහින් ළඟ තිබුන ත්රිවිල් එකට නැගලා ඩ්රයිවර්ට කිව්වා ඇමතිගේ වාහකන් පස්සෙන් යමු කියලා.
"ඇයි මිස් ඇමති තුමා පස්සෙන් යන්නේ..?"
ත්රිවිල් එකේ ඩ්රයිවර් අහද්දිනම් මේ මට ඉතින් මල පැන්නා.මේකටත් ඕන්නැති රෙද්දක් නැනේ.
"ඒක මොකටද තමුසේට..ඉක්මනට යමු.."
"නෑ ඉතින් මිස් ඇමත්තුමා පස්සේ යන නිසා ඇහැවේ .."
"ඒ මගේ තාත්ති මනුස්සයෝ..මට ඕන එයාව අල්ල ගන්න..ඉක්මනට යමු.."
මං කටට ආපු බොරුවක් කියලා දැම්මේ මේ මිනිහගේ ප්රශ්න වලින් ගැලවෙන්න.එහේම කිව්වෝත් මේ ඩ්රයිවර් උන්නැහේ උනත් මාව සැක කරන්නෑනේ.
"කලින් කියන්න එපැයි සිස්..මම වාහනේ නතර කරලා දෙන්නම්.."
"ඒවා ඕන නෑ ඔයා වාහනේ පස්සෙන් යන්නකෝ.."
ඇයි යකෝ මේකා හදන්නේ ඇමතියාගෙ අතට මාව අහුකරලා දෙන්නනේ.
ඇමති ගියපු වාහනේ අතරු පාරකට හරවලා පොඩ්ඩක් දුර ගිහින් පාලු පැත්තක පාලුවට ගියපු ගෙයක් ළග වාහනේ නතර කලා.
ඇමති ගියපු වාහනේ අතරු පාරකට හරවලා පොඩ්ඩක් දුර ගිහින් පාලු පැත්තක පාලුවට ගියපු ගෙයක් ළග වාහනේ නතර කලා.
"ඔහොම නවත්තන්න.."
මං දේවක ඇමතිගේ වාහනෙට ඈතින් වෙන්න ත්රිවිල් එක නතර කරගෙන බැහැලා ත්රිවිල් කාරයට සල්ලිත් දීලා එයාව පිටත්කරලා ඇරියා.පස්සේ මං හැන්ගි හැන්ගි ඇමතිගේ වාහනේ තියන දිහාවට ගියා.ඇමති වාහනෙන් බැහැලා ගේ දිහාවට ගියා.
ඇමති ඒ ගෙදර පැත්තට යද්දි කවුදෝ මනුස්සයෙක් ඇමති ළගට දුවගෙන ඇවිත් මොන මොනවදෝ කියලා දෙන්නා එක්කම ගේ ඇතුලට ගියා.මං දැන් කොහොමද ගේ ඇතුලට යන්නේ.ඇමතිගේ මාර සේනාව ගේ වටේම ඉන්න නිසා ඇතුලට තියා ගේ ළඟටවත් යන්න බෑනේ.ගේ ළගට ගියොත් ඉතින් මේ දේවා අතේ කෝට්.
දැන් ඉතින් කරන්න තියෙන්නේ එක දෙයයි ඇමති ගෙදරින් ගියහම තමයි මට ගේ ඇතුලට ගිහින් බලන්න වෙන්නේ.ෂුවර් එකටම මේ ගෙදර මොනවා නමුත් දෙයක් වෙනවා. අපරාදේ පාරාවත් හිටියනම් ඇතුලට යවන්න තිබුනා.ඒ හොල්මනි ඉතින් කාටවත් පේන එකක්යැ.
ඇමති ගේ ඇතුලේ ඉදන් එළියට ආවේ පැයකට විතර පස්සේ.මේ යකා මෙච්චරවෙලා මේක ඇතුලට වෙලා මොනවා කරාද මන්දා.ඇමති ඉතින් එයාගේ ආරක්ෂක සේනාවත් එක්ක වහනේ නැගලා යන්න හදද්දි මං ඒ හරියේ තිබුන කැලෑවට පැන්නා.මාව දැක්කෝත් එහෙම ඉතින් මේ දේවාට සොරි ඩොට්කොම් තමයි.
ඇමති ගියාට පස්සේ මං හිමිට ගේ දිහාවට ගෑටුවේ වටපිට බලන ගවන්ම.
පේන්න තරම්නම් කෙනෙක් නෑ.ඉස්සරහා දොරත් වහලා දාලා.ඒ උනාට ෂුවර් එකටම ඇතුලේ කවුරු හරි ඉන්නවා.ඉස්සරවෙලා ගේ දිහා ඉදන් ආපු මනුස්සයා ඇමති එක්ක ගියේ නෑ.මං හිමිට ගේ පිටිපස්ස පැත්තට ගිහින් බැලුවේ පිටිපස්ස දොර ඇරලද කියලා.ඒකත් වහලා දාලා.
පේන්න තරම්නම් කෙනෙක් නෑ.ඉස්සරහා දොරත් වහලා දාලා.ඒ උනාට ෂුවර් එකටම ඇතුලේ කවුරු හරි ඉන්නවා.ඉස්සරවෙලා ගේ දිහා ඉදන් ආපු මනුස්සයා ඇමති එක්ක ගියේ නෑ.මං හිමිට ගේ පිටිපස්ස පැත්තට ගිහින් බැලුවේ පිටිපස්ස දොර ඇරලද කියලා.ඒකත් වහලා දාලා.
මට දැන්නම් හොදටම ෂුවර් මේ ගෙදර මොනවා හරි වෙනවා.නැත්තම් මොකටද ඇමති මේ වගේ වටාපිටාව කෑලෑ වැදිච්ච ගෙදරකට එන්නේ මොකටද..?මං බැලුවේ ජනේලයක්වත් ඇරගන්න පුලුවන්ද කියලා.
මේ දේවාගේ වෙලාව කොච්චර හොදයිද කියනවනම් එක කාමරේක ජනේලයක් භාගෙට ඇරලා.මාත් ඉතින් හිමිට ජනෙලේ ඇරලා ටිකක් ඔළුව දාලා බැලුවා ඒ කාමරේ ඇද උඩ දැකපු දෙයින් මේ මගේ කකුල් දෙකත් පණ නැතුව ගියා.
කවුදෝ මනුස්සයෙක් කෙල්ලෙක්ව ඇද උඩ දාගෙන කරදර කරනවා.ඒ කෙල්ලට කෑ ගහන්නවත් බැරුව අමාරුවෙන් හිටියේ.මේ දේවා ඒ වෙලාවේ හිටියේ ගල් ගැහිලා.මේ වගේ දෙයක් ඇස් දෙකට දැක්ක මාත් කොච්චර පවුකාරද..?
"කවුද උඹ ඔහොම හිටපන්.."
ඒ කාමරේ හිටපු මිනිහා ඔළුව උස්සලා මං දිහා පුදුමෙන් බලන ගමන් කෑ ගහද්දි තමයි මේ දේවා පියවි සිහියට ආවේ.
"ධර්මේ එළියේ කෙල්ලක් ඉන්නවා ඒකිව අල්ල ගනින්.."
ඒ මනුස්සයා කෑ ගහද්දි මේ දේවාන ම්හොදටම බය උනා.මට හොදටම ඇහුනා ගෙදර දොරවල් ඇරෙන සද්දේ.දේවෝ අදනම් උඹ ඉවරයි.
මං දුවන්න හදද්දි මගේ ඉස්සරහින් ඇවිත් මිනිහෙක් හිටගත්තා.ඒත් එක්කම මං පිටිපස්ස හැරිලා දුවන්න හදද්දි පිටිපස්සෙනුත් ඇවිත් කෙනෙක් හිටගත්තා.
"ආ මැඩම්..කොහෙද මේ දුවන්නේ.."
එක මනුස්සයෙක් මං දිහා කෑදර විදිහට බලලා අහද්දි මේ මං සීතල වෙලා ගියා.
"මං කොහේ ගියත් තමුසෙලාට මොකද..?"
මං උන් දෙන්නට පොඩ්ඩක්වත් බය පෙන්නුවේ නෑ.මං හිතට දෛර්ය අරගෙන ඕනම දේකට ලෑස්ති පිට හිටියේ.
"මේ මට හොද හිතින් යන්න දෙනවා.. තමුසෙලා මොනයද ඕයි අර අහිංසක කෙල්ලට කලේ.."
මං කෑ ගහලා අහද්දි උන් දෙන්නා හිනාවෙනවා.
"යමන් කරපු දේ පෙන්නලාම කියන්න..මෙහේ වරෙන් යන්න.."
උන් දෙන්නා ඇවිත් මාව අල්ලන්න හදද්දි මං ඉතින් දන්න කරාටේ ටික දාලා වැඩ පෙන්නුවා.මං දිපු පාරවල් වලට දෙන්නම බිම.මහා ලොකු චණ්ඩි.
"උඹ උන්ට ගහාලා බේරෙන්නද හැදුවේ වරෙන් යන්න..."
කොහෙදෝ ඉදන් එතනට ආපු තව මනුස්සයෙක් මේ මාව උස්ස ගද්දිනම් මට හොදටම බය හිතුනා.
"ඇතැරපන් මාව.."
මං ඒමිනිහට අතින් පයින් ගගහා කෑ ගැහැවට ඒ මිනිහා නෙමෙයි මාව බිමින් තිබ්බේ.අර වැටිලා හිටපු දෙන්නත් නැගිටලා මහා හයියෙන් හිනාවෙනවා.උන් හැදුවේ මාව ගේ ඇතුලට උස්සගෙන යන්න.
ඒත් එක්කම හතර වටින්ම අපි දිහාවට පොලිසිය කඩා පැන්නා.අර මිනිස්සු තුන්දෙනා විතරක් නෙමෙයි මාත් අන්න මන්ද උනේ පොලිසිය කොහෙන්ද ආවේ කියලා.
"තියපන් මැරුම් නොකා ඔය කෙල්ලව බිමින්.."
ඒනම් ශාක්යගේ කට හඬ මං හැරිලා බැලුවේ විදුලි වේගයෙන්.ඔව් ඒ ශාක්ය තමයි.ශාක්ය මේ මිනිස්සු දිහාවට ගන් එකක් දික් කරගෙන හිටියේ තරහින් ඇස් රතු කරගෙන.
අර මිනිහා මාව බිමින් තියද්දි මං දුවගෙන ගිහින් ශාක්යව බදාගත්තා.ශාක්ය මාව තුරුලු කරගත්තේ තදින්.
"මගේ මැණික කරදරයක් නෑ නේද..?"
ශාක්ය අහද්දි මං නෑ කියන්න ඔළුව හෙල්ලුවා.
"මුන් තුන්දෙනාව ඇරෙස්ට් කරනවා.."
ශාක්ය කෑ ගහද්දි පොලිසියේ අය උන් තුන්දෙනාව අල්ල ගත්තා.
"සුදු අයියා ඇතුලේ ගර්ල් කෙනෙක් ඉන්නවා එයාට අමාරුයි.."
මං එහෙම කියාගෙනම ගේ ඇතුලට දිව්වා.ශාක්යත් මං පස්සේම ගේ ඇතුලට දුවගෙන ආවා.මං ඒ ගෑණු ළමයා ළඟට යද්දිත් එයා අමාරුවෙන් හුස්ම ගත්තේ.ඒකෙල්ලගේ ඇග වටේ ඔතලා තිබුනේ ෂිට් එකක් විතරයි.අතපය සිරිලා තොල්පටින් ලේත් ගලනවා.
"ෂිට් මේ තිරිසන්නු මේ කෙල්ලට දස වද දිලා.."
ශාක්ය කෑ ගැහැවේ තරහින්.ඒ වෙලාවේ මේ මගේ ඇස් වලට කදුලු ආවේ නිකන්මයි.
"සුදු අයියා අපි මෙයාව හොස්පිට්ල් අරගෙන යමු.."
මං කියද්දි ශාක්ය එයාව වඩාගෙන ගිහින් මිදුලේ නවත්තලා තිබුන වාහනේක දාගෙන හොස්පිට්ල් අරගෙන අවා.ඒත් අපි හොදටම පරක්කුවැඩි.අපි හොස්පිට්ල් එකට එන අතර මගදි ඒ ගෑණු ළමයා නැතිවෙලා.මං ශාක්යව බදාගෙන ඇඬුවා .
***********************************************
අර ගෑණු ළමයා බේර ගන්න බැරි උන එක ගැනනම් මේ මං හිටියේ මාර දුකකින්.දේවක ඇමති ගැන මේ මගේ හිතේ තිබුනේ පුංචි පහේ තරහක් එහෙම නෙමෙයි.
මට හිතාගන්න බැරි අනිත් කාරණාව තමයි කොහොමද එතනට පොලිසියෙන් ආවේ කියන එක.මං ශාක්යගෙන් අහුවට එයා මට මුකුත්ම කකිව්වේ නෑ.ඒ වෙනුවට එයා මට හොදටම දෙහි කැපුවා.
මං තනියම එතනට ගියපු එකට ශාක්ය ඉන්නේ හොදටම තරහින්.ඇත්තටම ශාක්ය ඒ වෙලාවේ එතනට නාවනම් මේ දේවා අද නෑ.ශාක්ය හැදුවේ මෙි දෙවල් අපේ ගෙදරට කියලා මාව ආරක්ෂා කරන්න.මම බොහෝම අමාරුවෙන් ශාක්යව නවත්ත ගත්තේ.එයා අපේ ගෙදරට එදා සිද්දිය කිව්වොත් මං ගෙදරින් එළියට බැහැලත් ඉවරයි.
මට දැන් ඕන ඒ ගෑණු ළමයා ගැන හොයා ගන්න. ඒ ගෑණු ළමයා ගැන හොයා ගත්තනම් දේවක ඇමති ගැන තව මොනවා හරි තොරතුරක් හොයාගන්න පුලුවන්.
ශාක්ය කියපු විදිහට ඒ ගෑණු ළමයාගේ නම ශ්යාමලී විජේනායක.එයාගේ ගෙවල් තියෙන්නේ කැළණියේ.මං බොහොම අමාරුවෙන් තමයි ශාක්යගෙන් ඔය තොරතුරු ටිකවත් අහගත්තේ.කොහොම හරි කරලා මං ශ්යාමලීගේ ගෙදර එඩ්ඩ්රස් එකත් හොයාගත්තා.
මං ලෑස්ති උනේ ශ්යාමලීගේ ගෙදර හොයාගෙන යන්න.මේ පාර මම යන්නේ තනියම.මම ගෙදරින් එළියට බහිනකොටම ශාක්යගෙන් කෝල් එකක් අවා.මෙයා මොකද මේ වෙලාවේ කියලා හිත හිතමයි මම ෆොන් එක ආන්සර් කලේ.
"හෙලෝ සුදු අයියා.."
"සුදු මම හන්දියේ ඉන්නවා ඉක්මනට එන්න.."
ශාක්ය එහෙම කියලා ෆොන් එක කට් කරා.මෙයා මොකද හදිස්සියේ මාව හම්බවෙන්න ආවේ.ගිහිල්ලම බලමුකෝ.
මම යද්දි ශාක්ය කියපු තැනම එයාගේ රතු කුරුල්ලා නවත්තලා තිබුනා.මාත් ඉතින් ගිහින් කාර් එකට නැන්ගා.මම නැගපු ගමන් කිසි කතාවක් නැතුවම එයා වාහනේ ස්ටාට් කරලා පාරට දැම්මා.මෙයාට මේ අද මොනවා වෙලාද..?
"සුදු අයියේ මොකද මේ මූණත් එක්ක වෙනස් වෙලා.."
මං කියද්දි ශාක්ය මං දිහා බලලා ආයේ ඉස්සරහා බලාගත්තා. අද මෙයා ඉන්නේ මොකක් හරි අවුලකින්.
"සුදු අයියේ ඔයා මොකක් හරි අවුලකාන්ද ඉන්නේ..?
"ඔව් ලොකු අවුලකින්.."
"ඒ මොකද්ද..මට කියන්න බැරි දෙයක්ද..?"
"සුදු ඔයා මට මොනවාහරි කියන්න හදනවා..ඒත් කියන්නෑ..මොකද්ද කියන්න හදන්නේ..මොනවද මගෙන් හන්ගන්නේ..?"
ශාක්ය අහද්දි මම එකපාරටම ගොලු උනා.ඇත්තටම මං පාරා විදිහට පත්තරේට ලියනවා කියලා එයාට කියන්න හදපු හැම වෙලාවෙම මගේ හිත කිව්වේ කියන්න එපා කියලා.ඒත් අද තමා ඒක කියන්න හොදම වෙලාව.
"මං ඔයාට මුකුත් හන්ගන්නෑ සුදු අයියා..හැබැයි මට ඔයාට දෙයක් කියන්න තියනවා.."
"ඒ මොනවද..?"
"අපි කොහෙට හරි ගිහින් කතා කරමුද සුදු අයියා.."
මං කියද්දි ශාක්ය කෙලින්ම ගියේ බිච් එකට.හම්මේ මං ආසාම තැන.අපි දෙන්නා ඉතින් කාර් එකෙන් බැහැලා ඉස්සරහට ඇවිදගෙන ගිහින් අපි දෙන්නා වැල්ලෙම වාඩිඋනා.
"දැන් කියන්නකෝ බලන්න.."
ශාක්ය කියද්දි මං එයාගේ උරහිසට ඔළුව තියාගත්තා.මේ කාරණය දැනගත්තාම ශාක්ය කළබලවෙයි.මට හොදටම බැනුම් අහන්නත් වෙයි.ඒත් කමක් නෑ මට තවත් මේක හිතේ තියාගෙන ඉන්න බෑ.
"සුදු අයියා ඔයා අර පාරා ලියන ආටිකල් එක කියවනවද..?"
"ඔව් මං කියවනවා ඇයි..?"
"ඒ ආටිකල් එක පාරා නමින් ලියන්නේ මම සුදු අයියා.."
මං ශාක්යගේ මූණ දිහා බලාගෙන කියද්දි ශාක්ය මගේ මූණ දිහාම බලාගෙන හිටියා.අද ඉතින් මට මෙයාගෙන් බැනුම් කෝටියයි.
"මං ඒක දන්නවා සුදු.."
ශාක්ය කියද්දි මං එයා දිහා බැලුවේ පුදුමයෙන්.මෙයා මේ විහිළු කරනවද..?අනෙක මෙයා කොහොමද දන්නේ..?
"ඒ..ඒ කොහොමද සුදු අයියා.."
මටනම් හිතාගන්න බෑ මෙයා කොහොම ඒක දැනගත්තද කියලා.ඕ මට අමතක උනානේ මෙයා ඉතින් පොලිසියේනේ.
"චන්දනගෙන්..චන්දන කියන්නේ මගේ යාළුවෙක් එයා තමයි මට ඔයා ගැන කිව්වේ.."
"ඉතින් චන්දන සර් කොහොමද දන්නේ අපි දෙන්නා අදුනනවා කියලා.."
"මම චන්දනට ඔයා ගැන කියලයි තිබුනේ සුදු..
මං ඌට ඔයාගේ ෆොටෝ වගයකුත් පෙන්නලා තිබුනේ..ඔයා එදා හිමායා එක්න චන්දනව හම්බවෙන්න ගියපු දවසේම චන්දන මට කෝල් කරලා විස්තරේ කිව්වා..ඊට පස්සේ මම තමයි ඔයාට මේ විදිහට කරන්න කියලා උපදෙස් දෙන්න කියලා චන්දනට කිව්වේ.."
මං ඌට ඔයාගේ ෆොටෝ වගයකුත් පෙන්නලා තිබුනේ..ඔයා එදා හිමායා එක්න චන්දනව හම්බවෙන්න ගියපු දවසේම චන්දන මට කෝල් කරලා විස්තරේ කිව්වා..ඊට පස්සේ මම තමයි ඔයාට මේ විදිහට කරන්න කියලා උපදෙස් දෙන්න කියලා චන්දනට කිව්වේ.."
ශාක්ය කියද්දි මං අහගෙන හිටියේ අදහා ගන්න බැරුව.එතකොට ශාක්ය මුල ඉදලම මං ගැන දැනගෙන ඉදලා තියනවා.ඒත් එයා නිකමටවත් මට ඒ ගැන අගවවුවේ නෑ.
"ඔයා හරි නරකයි සුදු අයියා..ඇයි මට මේ ගැන කලින් නොකිව්වේ.."
"මං බලාගෙන හිටියේ ඔයාම මට ඒක කියනකල්.."
"මං නොකිව්වනම්.."
"නෑ මං දන්නවා උඹ ඔය ගැන මට කියනවා කියලා.."
ශාක්ය කියද්දි මගේ ඇස් වලට කදුළු ආවේ මටත් නොදැනීම.ශාක්යට ඒ තරමටම මාව විශ්වාසයි.අනේ මට එයාට පාරා ගැනත් කියන්න තිබුනනම්.ඒත් බෑනේ මං පාරාට පොරොන්දු උනා කාටවත් එයා ගැන කියන් නෑ කියලා.අනෙක ඉතින් ඔය කතාව ශාක්ය උනත් විශ්වාස කරයි කියලා මට හිතෙන්නෑ.ඒත් දවසක් එයි මේ හැම දේම කියන්න එතකල් ඉමු.
"එතකට ඔයා කොහොමද මාව අර ගෙදරදි හොයා ගත්තේ..?"
මට තිබුන ලොකුම ප්රශ්නයක් තමයි ඒක.එදා හරි වෙලාවට එයාලා එතනට ආවේ කොහොමද..?
"ඔයා පත්තරේට ලියන්න ගත්ත දවසේ ඉදන් මං ඔයා ගැන ඇහැගහගෙන හිටියේ..එදා අපි ඒ ගෙදරට ආවෙත් ඔයා පස්සන්..එදා ඔයා නිසා ලොකු අපරාද කාරයෝ තුන්දෙනෙක්ව අල්ල ගන්න පුලුවන් උනා.."
මට ශාක්ය ගැන පුදුමත් හිතෙනවා.එයාගේ හිතේ මං ගැන තියන ආදරේ මහාමෙරක් තරමටම ලොකුයි.
"ඉතින් ඔයා මට බනින් නැද්ද සුදු අයියා..
පත්තරේට ලියන්න එපා කියන්නැද්ද..?"
පත්තරේට ලියන්න එපා කියන්නැද්ද..?"
"මං එපා කිව්වොත් ඔයා ලියන් නැද්ද සුදු.."
ශාක්ය අහද්දි මං ගොළුඋනා.මට ඒකනම් කියටවත් කරන්න බෑ.මට පාරාට සාදාරනයක් කරන්න ඕන.දේවක ඇමති ගැන ගසියා ගැන මුළු ලෝකෙටම කියලා ඒ අය කරපු වැරදි වලට නීතියෙන් දඬුවම් අරගෙන දෙන්න ඕන.
"ආ සුදු ඔයා එහෙම කරනවද..?"
ශාක්ය ආයෙත් අහද්දි මං එයා දිහා බැලුවේ අසරණව.එයා මේ මං දිහා බලාගෙන හිනාවෙද්දිනම් මේ දේවාට පුදුම හිතුනා.
"මං දන්නවා මං කිව්වට ඔයා අහන් නෑ කියලා..ඒකයි මං සද්ද නැතුව ඉන්නේ.."
අනේ දෙවියනේ ශාක්ය මාව කොච්චර හොදට තෙරුම් අරගෙනද..?ශාක්ය මට ලැබුනේ මගේ පිනට.මං ශාක්යව බදාගෙන එයාගේ කම්මුලක් සිපගත්තේ ආදරෙන්.
"උඹනම් හරි කපටියි බං..හැබැයි සුදු මොන දේ කරත් මේ මට කියලා තමයි කරන්න ඕන හරිද..?"
ශාක්ය කියද්දි මං පුංචි එකෙක් වගේ ඔළුව හෙල්ලුවා.
ශාක්ය කියපු විදිහටනම් ඒ මිනිස්සු තුන්දෙනා පාරාගේ මීණිමැරුමටත් සම්බන්දයි. ඒත් ඒක ඔප්පු කරන්න තරම් ශාක්ෂි නැතිලු. දේවක ඇමති උනත් අපරාද කරා උනාට පොලිසියට ඒවා ඔප්පු කරගන්න පුළුවන් විදිහේ ශාක්ෂි දේවක ඇමති ඉතුරු කරලා නෑ.
**********************************************
මං ශ්යාමලීගේ ගෙදර හොයාගෙන ගියේ තනියම.හැබැයි මං මේ ගමන ගැන ශාක්යට කිව්වා.එයා මං එක්ක එන්න හැදුවත් මං එයාව නතර කරා.
ශ්යාමලීට හිටියේ අම්මයි තාත්තයි නංගියි මල්ලියි.ඒ මිනිස්සුනම් හරි අහිංසක මිනිස්සු හරියට පාරාගේ අම්මා වගේම.මාව උනත් ඒ අය පිළි ගත්තේ හරි ආදරයෙන්.
"ශ්යාමලී කොහෙද අම්මා වැඩ කලේ..?"
"දේවක ඇමති ළඟ නෝනා..දේවක ඇමතිගේ හොටෙල් එකේ.."
"දැන් ගොඩක් කල්ද..?"
"මාස තුනක් විතර වෙනවා.."
එතකොට දේවක ඇමතිට ශ්යාමලීව හම්බවෙලා තියෙන්නේ එහෙමයි.ඇත්තටම මේ ඇමතියා මොකෙක්ද දන්නෑ.මේ අහිංසක මිනිසුත් එක්ක සෙල්ලම් කරන්න තරම් ඒ මනුස්සයට හිතක් නැද්ද දන්නෑ.
මේ අම්මාගේ තාත්තාගේ විලාප අහද්දිනම් මේ මගේ හිතත් හෙල්ලිලා ගියා.තමන්ගේ දරුවෙකුට මේ වගේ දෙයක් උනහම මොන අම්මට තාත්තටද උහුලගෙන ඉන්න පුළුවන්.
මං ශ්යාමලීගේ ගෙදරින් ආවේ ඇත්තටම දුකින්.මට තාම බැරි උනානේ මේ දේවක ඇමතියා ගැන හරි හැටි තොරතුරක් හොයා ගන්න.මං ළග තාම තියෙන්නේ පාරා හොයාගත්ත තොරතුරු ටිකක් විතරයි.ශ්යාමලී ගැන පත්තරේට ලියන්න මං කොහොම හරි එයාගේ ගෙදරින් අවසර ගත්තා.
මං කල්පනා කර කර පාරේ ඇවිදගෙන එද්දි හෙන ගැහුවා වගේ ඇවිත් කවුදෝ මගේ ඇගේ හැප්පුනා.අනේ අම්මපා මේ පාරේ යන උන්ටත් හැප්පෙන්න තියෙන්නේ මේ දේවාගේ ඇගේමනේ.
"අනේ සොරි සොරි මං වෙන කල්පනාවක ආපු නිසා ඹයාව දැක්කේ නෑ.."
මගේ ඇගේ හැප්පුන ගෑණු ළමයා කිව්වේ එයාගේ අතින් වැටුන බැග් කලබලෙන් අහුලන ගමන්.
"ඒකට කමක් නෑ මාත් ආවේ වෙන කල්පනාවක.."
මේ මාත් එහෙම කියාන ගමන්ම බිම වැටුන එයාගේ බඩු ටික ඇහිදලා දුන්නා.
"තැන්කියු.."
එයා මට හිනාවෙලා කියද්දි මේ මාත් ඉතින් හිනා උනා.
"ආව්.."
ඒ ගෑණු ළමයා එකපාරටම කකුල අල්ලගෙන කෑ ගහද්දි මේ දේවත් හොදටම කලබල වෙලා එයා ලඟට ලන්උනා.
"ඇයි මොකද උනේ..?"
"අනේ මගේ කකුල රිදෙනවා.."
ඒ ගෑණු ළමයා ඇස්වල කදුළු පුරවගෙන කියදිදි මේ දේවටත් දුක හිතුනා මං ඒ ගෑණු ළමයාගේ කකුල දිහා බලද්දි තමයි දැක්කේ වම් කකුලට දාලා තියන බැන්ඩේජ් එක.මං පැනපු ගමන් එයාව අල්ලගත්තේ එයා වැටෙන්න ගියපු නිසා.
"ඔයාට ගොඩක් අමාරුනම් අපි ඩොක්ටර් කෙනෙක් ළගට යමු.."
"නෑ එපා මට ඒ තරම් අමාරුවක් නෑ මං යන්නම්.."
එයා අමාරු නෑ කිව්වට මගේ හිතනම් පිළිගත්තේ නෑ.මෙයාව මෙහෙම තනියම යවන්නත් මට හිත දෙන්නෑ.මොනවා උනත් මං වගේම කෙල්ලක්නේ.
"ඔයා තනියම කොහේ යන්නද ඔයාට තනියම ඇවිද ගන්නත් බෑ..මම ඔයාව ගෙදරට ඇරලවන්නද..?"
"ඔයාට පුළුවන්ද..?"
"අයායෝ ඕක මොකක්ද.."
මං එහෙම කියද්දි එයා මං දිහා බැලුවේ සැනසිමෙන් වගේ.මං එයාගේ අතේ තිබුන බෑග්ස් ටිකත් අරගෙන එයාවත් වත්තන් කරගෙන පාරේ ගියපු ත්රිවිල් එකක් නතර කරගෙන ඒ ගෑණු ළමයාවත් නන්ගගෙන මාත් නැන්ගා.
අපි යන්න ඕන පාර ඩ්රයිවර්ට කිව්වේ ඒ ගෑණු ළමයා.නැතුව ඉතින් එයාගේ ගෙදර තියන තැන මං දන්නවායැ.
"තැන්කියු ඔයා මට මේ කරන උදව්වට.."
ත්රිවිල් එකේ යන අතරේම එයා මං එක්න කතාවට වැටුනා.
"ඒක මොකක්ද..?"
"මම අංජනා..එතකොට ඔයා.."
ඒ ගෑණු ළමයා මගේ දිහාවට අත දික්කරගෙනම ඇහුවා.
"මම දෙවාශි .."
මං ඉතින් අංජනා දික් කරපු අත අල්ලගත්තා.අපි දෙන්නා ඉතින් අපි දෙන්නගේ තොරතුරු ටිකක් හුවමාරු කරගත්තා.
"අයියේ ඔතන නවත්තන්න.."
අංජනා කිව්වේ තඩි කළු ගේට්ටුවක් පෙන්නලා.මං ත්රිවිල් එකෙන් බැහැලා අංජනාගේ අතින් අල්ලගෙන එයාට බහින්න උදව්කරා.
අංජනා ත්රිවිල් එකට සල්ලි දිලා ඉවරවෙලා ගේට්ටුවේ හයිකරලා තිබුන බෙල් එක ගැහැවා එතකොට තමයි සිකියුරිටි කෙනෙක් ඇවිත් ගේට්ටුව ඇරලා ඔළුව දැම්මේ.අංජනා දැක්කා විතරයි ඒ මනුස්සයා ඉක්මනටම පැත්තකට උනා.
"යමු දෙවාශි ඇතුලට .."
අංජනා කියද්දි මං එයාවත් වත්තන් කරගෙනම ගේට්ටුවෙන් ඇතුළු උනා.සිකියුරිටි නම් මං දිහා බැලුවේ කුතුහලයෙන්.
හපේ අම්මේ මේ ගෙදරනම් අපේ ගෙදර වගේ දෙගුණයක් ඇති.ගාඩ්න් එකත් දුකේ බෑ අප්පා.අංජනා කියන්නේ හොදට සල්ලි භාගේ තියන කෙල්ලක් වගේ.
"චුටි දුව මොකද මේ..?"
අපි ගෙට ගොඩවෙනකොටම ගෑණු කෙනෙක් අපි ළගට දුවගෙන ආවා.එයා මං දිහා බැලුවෙත් කුතුහලයෙන් .
"මුකුත් නෑ අම්මා මගේ කකුල ටිකක් පෑරුනා.."
"ඒකනේ මම කිව්වේ වාහනේ යන්න කියලා.. කොහෙද මං කියපු දේ ඇහුවද..?"
අංජනාගේ අම්මා අමනාපයෙන් කියන ගමන් අනෙක් පැත්තෙන් අංජනාව අල්ලගෙන සාලේට එක්ක ගියා.
"මට අමාරුවක් නෑ අම්මා.."
"ඔයා එළියට ගියා කියලා තාත්තයි අයියායි දැනගත්තොත් හොදට බැනුම් අහන්න වෙයි.."
ඒකටනම් අංජනා මුකුත්ම කිව්වේ නෑ.මායි අංජනාගේ අම්මායි එකතුවෙලා අංජනාව පුටුවක වාඩි කරා.එතකොට තමයි මං දැක්කේ සාලේ තියන ෆොටොස්.මං මේ දකින්නේ හිනයක්ද..?ඒ ෆොටෝ වල ඉන්නේ එයාමද එතකොට මේ මේ ගෙදර.
එතකොට මේ ගෙදර එයාගේද..?
ඒ ෆොටෝ එකේ හිටියේ වෙන කවුරුත් නෙමේයි දේවක ඇමති.හත්වාලාමේ එතකොට මේ මං ඉන්නේ දේවක ඇමතිගේ ගෙදරද..?
එතකොට මේ අංජනා දේවකගේ දුවද..?
ඒ ෆොටෝ එකේ හිටියේ වෙන කවුරුත් නෙමේයි දේවක ඇමති.හත්වාලාමේ එතකොට මේ මං ඉන්නේ දේවක ඇමතිගේ ගෙදරද..?
එතකොට මේ අංජනා දේවකගේ දුවද..?
"දෙවාශි මොකද මේ බයවෙලා වගේ.."
අංජනා අහද්දි තමයි මේ මං පියවි ලෝකෙට ආවේ.
"නෑ මං බැලුවේ අර ෆොටෝ එක දිහා.."
"ආ ඒ මගේ තාත්තා..ඔයා අපේ තාත්තව දැකලා තියනවද..?"
"ආ ඔව් මං ටීවි එකේ දැකලා තියනවා.."
මං එතනින් එහාට මුකුත් කියන්න ගියේ නෑ.මේකනම් මටත් හිතාගන්න බෑ.දේවෝ උඹත් මාරයිනේ උඹ කැරකිලා කැරකිලා ඇවිත් තියෙන්නේ දේවක ඇමතිගෙම ගෙදරට.ඕකට තමයි කියන්නේ දෙන දෙයියෝ කකුල් දෙක ළඟටම ගෙනත් දෙනවා කියලා.
අංජනාගේ අම්මා තාමත් මං දිහා බලාගෙන ඉන්නේ කුතුහලයෙන්.
"මේ ළමයා කවුද චුටි දුව.."
"ආ අම්මා මෙයා තමයි දෙවාශි ..මට අමාරු උන වෙලාවේ මෙයා තමයි මගේ උදව්වට ආවේ.."
අංජනා කියද්දි එයාගේ අම්මා මං දිහා බැලුවේ හරි ආදරෙන් වගේ.
"අනේ ගොඩක් පිං දරුවෝ කරපු උදව්වට.."
"අනේ ඕක මොකද්ද ඇන්ටි.."
"වාඩි වෙන්න දුව..මං බොන්න මොනවා හරි අරගෙන එන්නම්.."
එහෙම කියාගෙන ඇන්ටි ගෙට ගියා.මං අංජනා ළඟින්ම වාඩිඋනේ වටපිට බලන ගමන්.මං ගැස්සිලා ගියේ මං දිහා බලාගෙන ඉන්න කෙනා දැකලා.මං ඇස්දෙක පිහදලා තව සැරයක් බැලුවේ මේ මං දකින්නේ මයාවක්ද කියලා.නෑ ඇත්තටම පඩිපෙල ළඟ ඉදන් මං දිහා බලාගෙන හිටියේ පාරා.මේ හොල්මනි මෙහේ මොනවා කරනවද..?
මේ හොල්මනිව මේ ගෙදර කවුරුහරි දැක්කොත් එහෙම ඒ මනුස්සයා කලන්තේ දාලා වැටෙයි.
"මේ අංජනා බාත්රෑම් එක පොඩ්ඩක් පෙන්නන්න පුළුවන්ද..?"
මට එහෙම අවශ්යතාවයක් නැති උනත් මං ඇහැවේ පාරා එක්ක කතා කරන්න පොටක් පාදගන්න.නැතුව ඉතින් අංජනා ඉස්සරහා මේ හොල්මනිට කතාකරන්නයෑ.
"මෙන්න මෙතනින් ඇතුලට යන්න දෙවාශි ..දකුණු අත පැත්තේ බාත්රූම් එක.."
අංජනා කියන පමාවට මං ඒ පැත්තට යන්න හැදුවේ පාරාටත් ඔළුවෙන් කතාකරන ගමන්.ඒත් මම එහෙම්මම නැවතුනේ කවුරු හරි යටිගාරියෙන් කෑ ගහපු නිසා.මේ මං ඉතින් විදුලි වේගයෙන් හැරිලා බලද්දි අංජනාගේ අම්මා බය වෙලා මේ හොල්මනි දිහා බලාගෙන ඉන්නවා.
"ඇන්ටි මොකද උනේ..?"
මං කලබලෙන් එයා ළඟට දුවද්දි එයාගේ අතේ තිබුන ට්රේ එකත් බිම වැටිලා කෝප්පෙත් බිදිලා ගියා.තේ එකත් හැම තැනම විසිරිලා ගියා.
"අර..අර..."
ඇන්ටි බයවෙලා හිටපු විදිහට වචන පිටාවන්නෙත් නෑ.අනේ ඇත්තමයි මේ හොල්මනි මේ අහිංසක මනුස්සයවත් බය කරානේ.
"කො..කොහෙද ඇන්ටි..මොකක්වත් නෑනේ ඇන්ටි.."
මාත් බොරුවට වටපිට බලලා කිව්වේ පාරා මං ළඟ ඉන්නවා පෙනි පෙනිම.ඒත් එක්කම පාරා නොපෙනි ගියා.පාරා ගියා විතරයි ඇන්ටි සිහිය නැතුව කෙහෙල් ගහ කපා දැම්මා වගේ වැටුනේ නැතෑ.මං ඉතින් පැනපු ගමන් එයාව අල්ලගත්තා.අපේ අම්මේ මේ ඇන්ටිගේ බර.
"අම්මා.."
අංජනා යටිගිරියෙන් කෑ ගහද්දි ගෙදර හිටපු කීපදෙනෙක්ම එතනට දුවගෙන ආවා.මං ඇන්ටිව අල්ලගෙන ඉන්නවා දැක්කාම ඒ මිනිස්සුත් කලබල උනා.
''දෙයියනේ ලොකු නෝනා.."
ඒ මිනිස්සු කෑ ගහගෙනම ඇවිත් ඇන්ටිව උස්සලා සොෆා එක උඩ තිබ්බා.
"අනේ අම්මා..මොකද මේ උනේ..?"
අංජනා හෝ ගාලා අඩනවා.මේ ඔක්කොම අර හොල්මනි නිසානේ.
"බයවෙන්න එපා අංජනා ඇන්ටිට පොඩි කලන්තයක් හැදිලා තියෙන්නේ.."
අපි කට්යිය එකතුවෙලා ඇන්ටිගේ මූණට වතුර ටිකක් එහෙම ඉහලා එයාගේ ඇදුම් එහෙම ටිකක් බුරුල් කරලා පවන් ටිකක් ගැහුවා.ඇන්ටි ටිකෙන් ටික ඇස් අරිද්දි තමයි මේ මගේ හිතට සහානයක් ආවේ.
"අම්මා ඔයාට කොහොමද..හොදයි නේද..?"
අංජනා කළබලෙන් අහද්දි ඇන්ටි මගේ උදව්වෙන්ම සොෆා එකේ වාඩිවෙලා හතර වටේටම ඇන්ටනාව කරකවනවා.ෂුවර් එකටම ඇන්ටි ඔය හොයනවා ඇත්තේ පාරාව.
"ඇයි ඇන්ටි..මොනවද හොයන්නේ.."
"නෑ දුව මුකුත් නෑ.."
ඇන්ටි කිව්වේ ඇස් දෙක පොඩිකරන ගමන්.මට ඇන්ටි පවු කියලත් හිතුනා.එදා මං වගේ කෑ ගහලා ඇන්ටිත් ගේ දෙවනත් කරයි කියලා මං හිතුවේ.මැදැ ඔයින් ගියා.
අංජනා ඇන්ටිගෙන් මොකද උනේ කියලා අහද්දි එයා කිව්වේ පුංචි කලන්තයක් ආවා කියලා.ඒ උනාට වෙච්චේ මොනවද කියලා දන්නේ මායි ඇන්ටියි විතරයිනේ.අපේ හොල්මනි ගැන ඇන්ටි අංජනාට වචනයක් කිව්වේ නෑ.
***********************************************
මං ගෙදර ගිහින් කෙලින්ම ගියේ පාරාව හොයාගෙන.මං යද්දි මොකුත් නොවුන ගානට පාරා හොදට ඇදට වෙලා ඉන්නවා.
"මොකද්ද හොල්මනියේ ඒ කරපු වැඩේ තෙරුම..තව ටිකෙන් ඒ මනුස්සයට නූලුත් බදින්න වෙනවා.."
මං ඇත්තටම කෑ ගැහැවේ තරහින්.
"සොරි දේවා..මං හිතුවේ නෑ ඒ මනුස්සයා මාව දකියි කියලා.."
"හිතුවේ නැති උනාට උනේ ඒකනේ..මොනවා කන්නද ඔයා ඇමතිලා ගෙදර ගියේ.?"
"මං ඔයා ගියපු නිසා ගියේ..ඔයාව තනියම ඒ ගෙදරට යවන්න මට බය හිතුනා දේවා..ඒ ගෙදර ඉන්නේ හොද මිනිස්සු නෙමෙයි.."
පාරා කියද්දි ඇත්තටම මට දුක හිතුකා.ශාක්ය වගේම පාරාත් මං ගැන ගොඩක් වදවෙනවා.
"සොරි පාරා මට තරහා ගියා.."
"ඒකට කමක් නෑ..මං එහේ ගිහින් දෙයක් හොයා ගත්තා.."
"ඒ මොනවද..?"
"ඇමතිගේ ගෙදර උඩ කාමරේක තුවක්කු වගයක් තියනවා මම දැක්කා..ඒවා නීති වීරෝදි ඒවා.."
පාරා කියද්දි මගේ ඇස් උඩ ගියා.දේවක ඇමති මොකටද තුවක්කු තියාගෙන ඉන්නේ.සමහර විට එයා පාතාලේ උන්ට ආයුධ දෙනවාවද්ද..?
"ඔය මිනිහා පාතාලේට ඔය බඩු දෙනවද දන්නෑ.."
"වෙන්න පුලුවන්..ඒ කාමරේ තවත් කෙනෙක් හිටියා.."
"ඒ කවුද..?"
"ගසියා.."
"ගසියා ඔයාට හොදටම ෂුවර්ද..?"
මං ඇහැවේ ඇස්ගෙඩි දෙකත් ලොකු කරගෙන.මේ ඇමතියා ගසියාව ගෙදරටම ගෙන්නව ගන්නවද..?
"ඔව්..ගසියා හැමෝගෙම ඇස් වහාලා ගසියා ඇමතිගේ ගෙට රින්ගනවා..ඒ ගැන ඒ ගෙදර හැමෝම දන්නවා.."
"ඔයා කියන්නේ ගසියා ගැන අංජනත් දන්නවා කියලද..?"
"ඔව් මං දන්න තරමින් අංජනා කියන්නෙත් හොද කෙනෙක් නෙමේයි දේවා.."
"ඔයා කොහොමද එහෙම කියන්නේ..?"
මටනම් ඇත්තටම අංජනාගේ වරදක් පෙනුනේ නෑ.එයයි ඇන්ටියි හරි අහිංසකයි.
"සුදු.."
මේ මං ගැස්සිලා ගියේ අපේ අම්මි කාමරේ දොරට තඩිබාද්දි.දැන් ඉතින් පාරාත් එක්ක කතාකරලත් ඉවරයි.අපේ අම්මිත් මේ වෙලාවෙම ආවනේ.
"සුදු මේ දොර අරින්න.."
"මේ එනවා අම්මි.."
මං ටක්ගාලා ගිහින් දොර අැරියා.මං දොර ඇරියා විතරයි අම්මි මාවත් තල්ලු කරගෙන කාමරේට කඩා පැනලා හතර වටේටම එයාගේ ඇන්ටනාව ගාහනවා.මෙයා මේ කාවද හොයන්නේ..?මං බැලුවේ පාරා ඉන්නවද කියලා.අම්මේ ඇති යන්තන් මේ හොල්මනි ගිහින්.නැත්තම් ඊ ළගට නූල් බදින්න වෙන්නේ අපේ අම්මිට.
"කාවද අනේ ඔයා ඔය හොයන්නේ..?
"ඔයා දැන් කාගෙත් එක්කද කතා කර කර හිටියේ..?"
අම්මි අහද්දිනම් මේ මං ගැස්සිලා ගියා.හත්දෙයියනේ මං පාරා එක්ක කතා කරනවා අම්මිට ඇහිලද..?ඇයි ඉතින් මටත් හිමිට කතාකරන්න බෑනේ ඉතින්.දැන් දිපල්ලකෝ උත්තර.
"මං කාගේ එක්ක කතා කරන්නද අම්මි.."
"ඒක තමයි මාත් අහන්නේ..?අංජනා කියන්නේ කාටද..?"
අපේ අම්මෙි අම්මිට ඒකත් ඇහුනද..?මෙයාගේ කන්දෙක තමා කන් දෙක.
''ආ අංජනා මගෙ යාළුවෙක් ..මං එයා එක්ක තමයි ෆොන් එකෙන් කතා කලේ.."
මට ඉතින් හිටපු ගමන් ගණදෙවි ණුවන පහල උනේ හොද වෙලාවට.අම්මි ඔළුව හෙල්ලුවෙනම් සැකෙන් වගේ.
"ඔයා මොකද මේ කාමරේ කරන්නේ..?"
"අයියෝ අම්මි ඔයත් හරියට සි.අයි.ඩි එක වගේනේ..මගේ ගෙදර මට ඕන තැනක යන්න බැරිද..?"
මං ඉතින් ටිකක් අමනාපයෙන් කියද්දි අම්මි හිනාවෙනවා.අම්මේ ඒ කියන්නේ යන්තම් ෂෙප්.
"හරි හරි ඉතින්.."
"හරි හරි තමයි..මේන් මෙහේ යන් අනේ.."
මං අම්මිවත් ඇදගෙන කාමරෙන් එළියට ආවේ ඕක ඇතුලේ හිටියෝත් අම්මි රටේ නැති ප්රශ්න අහන බව දන්න නිසා.
************************************************
හොද ලස්සන හීන බල බල හිටපු මං එක ඇහැක් ඇරලා බැලුවේ කවුදෝ මට කතා කරපු නිසා.
"දේවා නැගිටිනවා..."
අප්පේ අර හොල්මනිගේ කට හඬ නේද ඒ..?
"මොකද මල වදේ නිදාගන්න දෙනවකෝ.."
"ඔහොම නිදාගත්තොත් හරියයි.."
අනේ අම්මපා මේ හොල්මනිගෙන් තියන වදයක්.මට නිදහසේ නිදාගන්නවත් දෙන්නෑනේ.මං ඇද උඩ වාඩි උනේ නිදිමතේම.
"මොකද මල වදේ..හොල්මන් රෑට නිදාගන්නැති උනාට මිනිස්සු රෑට නිදාගන්නවා.."
"ඒ උනාට නොනිදා රෑට රෑට ගෙවල් වලට එන මිනිසුත් ඉන්නවනේ.."
"මොකක්.."
"මොකක් නෙමෙයි..ආන් මොකෙක්දෝ එළයේ සක්මන් කරනවා.."
පාරා කියද්දි මේ මගේ නිදිමත කොහෙන් ගියාද කියලා නෑ.ඒකත් අතුරු දහන් උනා.
"කොහෙද ඉන්නේ..?"
"එළියේ.."
මං ටග් ගාලා ඇදෙන් බැහැලා කළුවරේම ජනෙලේ ළගට ගිහින් කර්ටන් එක ඇත් කරලා එළිය බැලුවා පාරා කියපු කතාව ඇත්ත කවුරුහරි එළියේ ඉන්නවා.
"අපි මොකද දැන් කරන්නේ දේවා.."
"ඒක තමයි මාත් හිතුවේ..?"
මේ මිනිහා ඉන්නේ එළියේ නිසා මට තනියම එළියට යන්න බෑ ඇතුලේ හිටියනම් ඉතින් ඌ ඉවරයි.එළියේ ඒ මනුස්සයා එක්ක තව කවුරුහරි ඉන්නවද කවුද දන්නේ.හොදම දේ අයියලාට කතා කරන එක.
මං ටාර් ගාලා ලොකුගේ කාමරේට දිව්වා.හෑ මෙන්න බොලේ චූටි අයියත් මේ කාමරේ නිදි.ඒක වඩාත් හොදයි.
"අයියේ නැගිටිනවලාකෝ.."
මං දෙන්නා පෙරවගෙන ඉන්න ෂිට් අැදලා දාන ගමන්මයි ජෝඩුවට කතාකලේ.
"මොකද වදේ නිදාගන්න දෙනවකෝ සුදු.."
චූටි අයියා නින්දෙම කියවනවා .
"නිදාගෙන ඉදලා හරියන්නෑ හලෝ අන්න ගෙදරට හොරු පැනලා.."
මං කියද්දි ජෝඩුව ඇදේ වාඩි උනේ වයින් කරලා වගේ.
No comments:
Post a Comment