Tuesday, April 28, 2020

දෙවාශි - 6

අයියලා දෙන්නා ඇදෙන් බිමට පැන්නේ එක වැරමයි.ඒ දෙන්නා ඇදෙන් පැනපු විදිහට මේ මටනම් හිනත් ගියා.
"කොහෙද කොහෙද හොරා ඉන්නේ..?"
අපේ චූටිනම් හොදටම කලබලවෙලා.හැබැයි පුතෝ මේ ජෝඩුවට අර එළියේ සක්මන් කරන එකා අහුඋනොත්නම් ඌට අබසරණයි.
"එළියේ ඉන්නේ.."
"හරි යන්කො හොරෙක්ද වෙන මොකෙක්ද කියලා බලන්න.."
අපි තුන්දෙනා පහලට ගියේ කළුවරේමයි.අපි ගිහින් අම්මිටයි තාත්තිටයි විස්තරේ කියව්වා.අම්මිටයි මටයි ගේ ඇතුලට වෙලා ඉන්න කියලා තාත්තියි අයියලා දෙන්නයි ටොච් එකයි පොලු තුනකුයි අරගෙන එළියට ගියා.අපේ අම්මි මටත් වඩා බයවෙලා.
"ඔහොම හිටපන් දුවන් නැතුව.."
ලෝකු කෑ ගහන සද්දෙයි තුන් හතරදෙනෙක් මිදුලේ එහෙට මෙහෙට දුවන සද්දෙයි හොදටම ඇහෙනවා.
"මොකද මොකද නෝනා මේ කලබලේ.."
සිරිල් අපි ළඟට ඇවිත් ඇහැවෙත් කළුවරේමයි.අපි කට්ටියට අපිව පෙනුනේ යාන්තමට වගේ.යසයි වැඩේ සිරිල්ට ඇහැරිලා තියෙන්නේ දැන් වෙන්න ඇති.
"ගෙදරට හොරු ඇවිත් සිරිල්.."
අම්මි මාව තුරුලු කරගෙන කියද්දි සිරිල් අපි දිහා බලාගෙන හිටියේ කිසිම කලබලයක් නැතුව.මට එයාගේ මූණේ ඉරියව් මොනවගේද කියලා හරියටම පෙනුනේ නැත්තේ කළුවර නිසා.මං අම්මිගේ තුරුලෙන් ඈත් වෙලා ගිහින් ගෙදර හැමතැනම ලයිට් දැම්මා.
"හොරු ඇවිත්.."
සිරිල් ඇහැවේ කිසිම ගාණක් නැතුව.ඒකනම් ටිකක් පුදුමයි.සාමාන්යයෙන් තමන් ඉන්න ගෙදරට හොරු පැන්නා කිව්වාහම ඕන කෙනෙක් කලබල වෙනවනේ.ඒත් සිරිල්ටනම් ගාණක්වත් නෑ.
"ඔව් අංකල් ⁣ඔයාට ඇහුනේ නැද්ද..?"
"නෑනේ සුදු බේබි..මට හොදටම නින්ද ගිහින් හිටියේ..කොහෙද අපේ ගෙදර උන්දටවත් ඇහෙන එකක්යෑ.."
සිරිල් ගැනයි කුසුමා ගැනයි මගේ හිතේ තිබුන සැකේ අද තවත් වැඩි උනා.මේ මගේ හිත කියන්නේම සිරිල් කියන්නේ ⁣බොරුවක් කියලා.
තාත්තියි අයියලා දෙන්නයි ගේ ඇතුලට ආවේ මූණවලුත් බෙරි කරගෙන.
"කාවිංග ඔයාලට කරදරයක් නෑ නේද..?"
ඒ තුන්දෙනා දැක්කා විතරයි අම්මියි මායි ඒ තුන්දෙනා ළඟට ගියේ කලබලෙන්.
"නෑ මේනු අපි හොදින්..හැබැයි එළියේ සක්මන් කරපු එකා පැනගත්තා..ෂිට් අඩුම මූණවත් දැක්කේ නෑනේ.."
තාත්ති කියද්දි මං ඇස් අහකට නොගා බලාගෙන හිටියේ සිරිල් දිහා.එයාගේ මූණේ හිනාවක් ඇදිලා මැකිලා යනවා මං හොදටම දැක්කා.මෙතන මොකක් නමුත් දෙයක් වෙනවා.හරි මේ දේවා කොහොම හරි මේක හොයාගන්නම්කෝ.
"ඒකට කමක් නෑ ඔයාලට කරදරයක් නෑනේ..මං හිටියේ ඇගේ ලේ නැතුව.."
අම්මි කිව්වේ අඬන්න වගේ.තාත්ති අම්මිගේ ඔළුව අතගාලා තුරුල් කරගත්තා ඒ දෙන්නා එහෙම තමයි හරි ආදරේන් ඉන්නේ.
අනෙක තමයි අපේ අම්මිගේ මුළු ලෝකෙම ඉන්නේ අපි හතරදෙනා තමයි.අපිට පුංචි හරි සිරිමක් වෙනවටවත් එයා බයයි.එහෙව් එකේ මං පාරා නමින් පත්තරේට ලියනවා කියලා දැකගත්තොත් එයා හොදටම බයවෙයි.මොන අම්මද කැමති තමන්ගේ දරුවට කරදරයක් වෙනවට.
මං තාමත් කල්පනා කලේ ඊයේ රෑ වෙච්ච දේ ගැන.කවද ඒ ආවේ..?මොකටද ආවේ..?ඒ මනුස්සයයි සිරිලුයි අතරේ සම්බන්දයක් තියනවද..?ඒ මොනවගේ සම්බන්දයක්ද..?එකි නොකි ප්රශ්න පත්තරයක්ම මගේ ඔළුවේ තියනවා.
අනේ ඇත්තට ඉස්සර කිරිල්ලියක් වගේ නිදහසේ ඔහේ හිටපු දේවට වෙච්ච දෙයක්.දැන් ඉන්න දේවා ප්රශ්න ගාලක පැටලිලා.මේවා විසදගන්නවා වෙනුවට වෙන්නේ මේ ප්රශ්නය තවත් පැටලෙන එකනේ.
අද මං මේ ඉන්න ගෙදර ඇතුලේත් මීට මාස ගාණකට කලින් මීණිමරුමක් උන තැනක්.ඒක මගේ හිතට හැවෙලාවෙම වදදෙනවා.ඒත් වෙන කවුරුත් මේ ගේ ඇතුලේ සිද්ද වෙච්ච දේ දන්නෑ.තාම ඒ මීණිමැරුම මේ ලෝකෙටම අභිරහසක්.ඒත් දන්නෝ දන්නවා මේක පස්සේ කවුද ඉන්නේ කියලා.
පාරාගේ මරණෙට සිරිලුයි කුසුමයි දෙන්නත් සම්බන්දද.."මොකද ඒ දවස්වල ඉදන් ඒ ජෝඩුව හිටියේ මේ ගෙදරනේ.මේ ගෙදර ඒ ජෝඩුව නොදැන මේ වගේ ලොකු දෙයක් උනා කියලා හිතන්න අමාරුයි.මට කොහොම හරි මේ දේවල් හොයා ගන්නම වෙනවා.
"මොනවද අප්පේ අහස පොලව ගැට ගහන්න වගේ ඔච්චර කල්පනා කරන්නේ..?"
පාරා මං ළගින් වාඩිවෙලා අහද්දි තමයි මං පියවි සිහියට ආවේ.පව් මේ අහිංසක ⁣කෙල්ල.මැරිලත් තාම ආත්මේ තාම සැරි සරනවා.ඒ ආත්මෙට සැනසිමක් ලැබෙන්නේ එයා මරපු මීණිමරුවොන්ට දඩුවම් ලැබුනට පස්සේ.එදා මේ මැරෙන මහොත මේ කෙල්ලට මොවා හිතෙන්න ඇතිද..?මොන තරම් වේදනාවක් විදින්න ඇතිද..?ඒවා ගැන හිතද්දි මේ මට හිල්ලුනා.
"කල්පනා කරන්න දේවල්ද නැත්තේ පාරා.."
"මොනවද දැන් කල්පනා කරන්නේ..?"
"පාරා එදා ඔයාව මේ ගෙදරට ගේද්දි ඔයාට මතක නැද්ද සිරිලුයි කුසුමයි හිටියද කියලා.."
මං අහද්දි පාරා කල්පනා කරනවා.
මගේ මේ හිත කියන්නේම ඒ ජෝඩුව මේ දේට කොහෙන් හරි සම්බදයක් ඇති කියලයි.මට වෙලාවකට මගේ හිත ගැනත් පුදුමයි.
"එහෙම මතකයක් මට නෑ දේවා.."
"හොදට මතක් කරලා බලන්න.."
"ම්හු..මට මතක නෑ..ඇයි ඔයා එහෙම ඇහැවේ..?"
"නෑ..නිකන්.."
"ඔයා හිතන්නේ සරිලුයි කුසුමයි මගේ මර්ඩර් එකට සම්බන්දයි කියලද..?"
"ඔව්..ඒත් අපිට ඒක හොයාගන්න වෙනවා..මට ඒකට ඔයාගේ උදව් ඕන පාරා.."
"ඔයා මේ හැමදේම කරන්නේ මං වෙනුවෙන් වෙච්චිකොට මට උදව් නොකර ඉන්න පුළුවන්ද..?"
පාරා හිනාවෙවි කියද්දි මට එයාව බදාගෙන ඉඹින්න හිතුනා.ඒත් ඉතින් බෑනේ මේකි හොල්මනියක්නේ.ඇත්තටම මේ කතාව කිව්වට කවුරුත් පිළිගන්න එකක් නෑ.මම හොල්මනක් එක්ක කතාකරනවා කියන එක.පාරා හොල්මනක් උනත් මේ ටික දවසට අපි දෙන්නා ගජ යාළුවෝ වෙලා.
**********************************************
මං ශාක්යගේ රතු කුරුල්ලාට නැන්ගේ ඇමතිලාගේ ගෙදර යන්න.මට ඊයේ අංජනා කතාකරලා කිව්වා පුළුවන්නම් එහේ ඇවිත් යන්න එන්න කියලා.මාත් ඉතින් හිටියේ ඒ ගෙදරට රිංග ගන්න පොටක් පාද ගන්න බැරුවනේ.දැන් ඉතින් ඒ වරම කකුල් දෙක ළගටම ලැබිලානේ.
"සුදු ඔයාට මේ ගමන යන්නම ඕනද..?"
ශාක්ය ඇහැවේ ටිකක් දුර ඇවිත්.එයානම් මං මේ ගමන යනවට ඒ හැටි කැමැත්තක් නෑ.මම මේක කියපු ගමන්ම එයා කිව්වේ යන්න එපා කියලා.ඒත් මං බොහොම අමාරුවෙන් තමයි එයාව කැමති කරව ගත්තේ.
"ඔව් සුදු අයියේ ඒ ගමන අපි දෙන්නටම වැදගත්.."
"ඒ කොහොමද..?"
"මං ඒක ඔයාට පස්සේ කියන්නම්.."
"ඒ උනාට මට ඔයාව එහෙට යවන්න බයයි සුදු..එහේ අර ගිවන්ත ඉන්නවා..අර ගසියා කියන එකත් එහේ යනවා එනවා.."
ශාක්ය තරහින් කියද්දි මං එයා දිහා බැලුවේ පුදුමයෙන්.එතකොට මෙයත් දන්නවා ගසියා එහේ යනවා එනවා කියලා.
"ඔයා මේ දේවල් දැනගෙන ඇයි සුදු අයියා සද්ද නැතුව ඉන්නේ..? ඇයි ඔයා මේකට ඇක්ෂන් එකක් ගන්නැත්තේ..?"
"වෙන්න ඕන හැම දේම වෙලාවට වෙයි බබා..ඒ මිනිස්සු වැඩිකල් දඟලන් නෑ..."
මටත් ඕනි ඒකම තමයි.ඒ මිනිසුන්ගේ අත්තටු කපලාම දාන්නයි මට ඕනි.අපි කතාවෙන් කතාව දේවක ඇමතිගේ ගේ ළගටම ඇවිත්.
"සුදු පරිස්සමට මං මේ අවටමයි ඉන්නේ..හදිස්සියක් උනොත් මට ටක් ගාලා කෝල් එකක් දෙන්න විනාඩියෙන් මං මෙතන..."
ශාක්ය කියවගෙන යද්දි මගේ කොල්ලා පව් හිතුනා.එයා මං ගැන⁣ කොච්චරනම් වදවෙනවද..?
"හරි සර් හරි..බයවෙන්න එපා..ඔයා ඉන්නකල් මට මුකුත් වෙන්නෑ මහත්තයෝ.."
මං හිනාවෙලා කියද්දි ශාක්යත් හිනාවෙලාම මගේ නළල සිපගෙන යාන්තමට මගේ දෙතොල් සිපගත්තා.
"ආදරෙයි සුදු මහා ගොඩක්.."
"මාත් ආදරෙයි මහා හුගක් මගේ ඔ.අයි.සි මහත්තයාට.."
මං ශාක්යගේ බෙල්ල බදාගෙන කම්මුලක් සිපගෙනම කාර් එකෙන් බැහැලා ගේට් එකේ බෙල් එක ගැහැවා.සිකියුරි කෙනෙක් ඇවිත් යාන්තමට ගේට් එක ඇරලා ඔළුව දැම්මා.
"කාව හම්බවෙන්නද..?"
සිකියුරිටි මගෙන් ඇහැවේ සැරෙන්.බලහල්ලකෝ මුගේ සැර.මෙි වෙලාවට තමයි අර කියමන හරි කියලා හිතෙන්නේ.අර කියන්නේ මස් කන බල්ලට වඩා කටු කන බල්ලා සැරයි කියලා.ඒ කියමන මේ සිකියුරිටිට තක්කෙටම ගැලපෙනවා.
"මං අංජනාගේ යාළුවෙක්..අංජනාව හම්බවෙන්න ආවේ.."
මේ මාත් ඉතින් කියලා දැම්මේ කිසිම ගරුසරුවක් නැතුව.
"ආ යන්න මිස් ඇතුලට.."
ඒ පාර සිකියුරිටිගේ ඔදතෙද බැහැලා.මං සිකියුරිටිට රවාගෙනම ගේ දිහාවට ආවා.ඒත් එක්කම හිනා කටක් පුරවගෙන අංජනා එළියට ආවා.එයා දකිද්දි මට මතක් උනේ පාරා අංජනා ගැන කියපු කතාව.පෙනුමෙන්නම් අංජනා හොදයි ඒත් ඉතින් ඇතුලතින් කොහොමද දන් නෑනේ.කෝකටත් මෙයාව පරිස්සමට ආශ්රය කරන එක මගේ ඇගට ගුනයි.
"යමු දෙවාශි ඇතුලට ..මං ඔයා එනකල් මඟ බලාගෙන හිටියේ.."
"ඒ මොකද අප්පා.."
"මං පාළුවෙන් දෙවාශි හිටියේ ඒකයි.."
"දැන් කොහොමද අංජනා ඔයාගේ කකුල..?"
මං එහෙම ඇහැවේ අංජනා කිසිම අපහසු තාවයක් නැතිව ඇවිදින නිසා.
"ආ ඒක දැන් හොදයි.."
අංජනා ඒක කියපු විදිහ මේ මටනම් පොඩ්ඩක්වත් ඇල්ලුවේ නම් නෑ.මෙතන මොකක් හරි හොරයක් තියනවා.
අංජනා මාව උඩ තට්ටුවේ තිබුන එයාගේ කාමරේට මාව එක්කගෙන ගියා.ඒත් මට ඕනි උනේ පාරා කියපු තුවක්කු තියන කාමරේට යන්න.ඒක ඉතින් කරන්න වෙන්නෙනම් අංජනාට හොරෙන්නේ.මං වටපිට බැලුවේ පාරා කොහෙද කියලා.අපි කතා කරගත්තු විදිහට දැන් තමයි අපේ වැඩේට වෙලාව.
"දේ..දේ.."
හිටපු ගමන් අංජනා මට පිටිපස්සා දිහාවට ඇගිල්ල දික් කරලා මොනවදෝ කියන්න හදනවා.මාත් ඉතින් පිටිපස්ස හැරිලා බැලුවා.ආ ඔය ඉන්නේ දිලිසි දිලිසි අපේ හොල්මනි.මං හිතනකෝට මෙයා ඇවිල්ලත් ඉවරයි දැන් තමයි ඉතින් මගේ ඇක්ටින් පටන් ගන්න වෙලාව.
"ඇයි අංජනා කවුද..?"
"අර..අර...අතන ඉන්නේ..".
"කෝ කවුද මට පේන් නෑනේ..."
පව් ඉතින් මොනවා කරන්නද අංජනා හොදටම බයවෙලා.පාරා හයියෙන් හිනාවෙවි අංජනා ළගට යද්දි අංජනා දඩං ගාලා බිම වැටුනා.
"ඔන්න දේවෝ මගේ වැඩේ හරි..."
පාරා හිනාවෙවි කියද්දි මටත් හිනා ගියා අංජනාට මේ වගේ දෙයක් කරන්න උන එකට දුකයි.එහෙම නොකර අපිට අර කාමරේට රිංගන විදිහක් හිතාගන්න බැරි උනා.
"එහෙනම් අනිත් වැඩේත් පටන් ගමු පාරෝ..."
මං පාරාට එහෙම කියාගෙනම ගිහින් කාමරේ දොර ඇරලා හිමිට ඔළුව දාලා වටපිට බැලුවේ කවුරුත් ඉන්නවද කියලා.මාර්ගය පැහැදිලි කවුරුත් පේන්න නෑ.
"හරි දැන් අර කාමරේ පෙන්නන්න.."
මං පාරාට කිව්වේ රහසින්.පාරා මාව එක්කගෙන ගියේ කෙලවරේම කාමරේට.මං ඒ කාමරේ දොර ඇරලා කාමරේට රිංග ගත්තා අප්පේ මේකේ තියෙන්නේ ලට්ටා පට්ටා ගොඩක්නේ.පාරාත් මගේ පස්සේම ආවා.
"මේ තියෙන්නේ.."
පාරා පෙන්නද්දි තමයි මම තුවක්කු දැක්කේ්.එතන එක එක වර්ගයේ තුවක්කු විස්සක් විතර තිබුනා.මං ටක් ගාලා ෆොන් එක අරගෙන තුවක්කු වල ෆොටෝ කිපයක්ම ගත්තා.
"දේවා දේවක ගසියා එක්ක මේ පැත්තට එනවා.."
පාරා හිටපු ගමන් කලබලෙන් කියද්දි මාත් කලබල උනා.දැන් ඉතින් මක් කරන්නද..?මං වටපිට බැලුවේ හැන්ගෙන්න තැනක් තියේද කියලා.මගේ වෙලාව කියන්නේ කාමරේ අල්මාරියක්නම් තියනවා මං ඒක ඇරලා බලද්දි ඒක හිස් මං දෙපාරක් හිතුවේ නෑ අල්මාරිය ඇතුලට රින්ගගෙන දොර වහාගත්තා හම්මේ මේකේ ඇතුල හෙන කළුවරයිනේ අප්පා.
ඒත් එක්කම කාමරේ දොර අරගෙන දෙන්නම ඇතුලට ආවා.
"මේ කරදරෙන් ඉක්මනටම නිදහස් වෙන්න ඕන අයිසේ.."
"මේක කරන්නේ කවුද කියලා මටවත් තාම හොයාගන්න බැරි උනා බොස්..ඒ උනාට මං ඉක්මනටම හොයා ගන්නම්.."
"ඉක්මන් කරනවා අයිසේ නැත්තන් අපි හැමෝම ඉවරයි.."
ඇමතියි ගසියයි කතාකරනවා ඇහුනට මොකක් ගැන කතාකරනවද කියලා මටනම් හිතාගනින බෑ.
"අනිකා තමයි අර ඕ.අයි.සී කාරයා..ඌ මගේ හැම වැඩකටම ඇගිලි ගහනවා.."
ඒනම් දේවක ඇමති.ඒ කට හඩේ තිබ්බේනම් තරහක්.අනේ ඉතින් මේ මිනිහා කියන්වන් මගේ කොල්ලා ගැන නේද..?
"අපි පොරගේ කතාවත් ඉවරයක් කරලා දාමු බොස්.."
අර ගසියා කියන මිනිහා කියද්දි මං සීතලවෙලා ගියා.අනේ දෙයියනේ මගේ කොල්ලා.
"කරන දෙයක් ඉක්මනට කරනවා අයිසේ..හැබැයි පොර හෙන අමාරු කාරයා.."
දේවක ඇමති කියද්දි මං තවත් වෙවුලනවා.මුන් හදන්නේ මගේ කොල්ලට කරදර කරන්න නේද..?මේ දේවා ඉන්නකල් ඒකනම් කීයටවත් වෙන්න ඉඩ තියන් නෑ.මගේ කොල්ලට කරදරයක් කරන්න වෙන්නේ මේ දේවාගේ මිණිය උඩින් තමයි.
මං හිමින් සැරේ අල්මාරියේ දොර ඇරලා බැලුවා.දේවක ඇමතිනම් මං කලින් දැකලා තියනවා.ඒත් ගසියව මං දැක්කේ අදනේ.මුනම් මැරයෙක්ම තමයි.දැක්කාමත් බය හිතෙනවා.මූණ පුරාම රැවුල වවලා.
"ආ..තමුසේ මේවා අරගෙන යනවා.."
දේවක ඇමති තුවක්කු දෙකක් අරගෙන ගසියාට දුන්නා ගසියා ඒ දෙකම ඉනේ ගහාගත්තා.මේ මං ඒ හැම දෙයක්ම විඩීයෝ කරා විතරක් නෙමෙයි ෆොටොත් ගහාගත්තා.
පස්සේ දෙන්නා කතා කරකරම එළියට ගියපු නිසා මාත් අල්මාරිය ඇතුලෙන් එළියට ආවා.පස්සේ මං අංජනාගේ කාමරේට ආවා.පාරානම් කොහේ ගියාද දන්නෑ.
මං කාමරේට එද්දි අංජනා හිටපු විදිහටම සිහිය නැතුව තාමත් බිම වැටිලා ඉන්නවා.මං ටග්ගාලා වතුර ටිකක් අරගෙන අංජනාගේ මූණට ඉහවුවා.
"අංජනා.."
මං අංජනාගේ මූණට තට්ටු කරලා කතා කරද්දි එයා ඇස් ඇරලා වටපිට බැලුවා.
"මට මොකද උනේ..?"
"ඔයා පේන්ට් උනා අංජනා ..එක පාරටම ඔයාට මොකද උනේ..?"
මං අහද්දි අංජනා වාඩිවෙලා වටපිට බැලුවේ කලබලෙන්.
"අර පාරමී මෙතන හිටියා.."
"මොන පාරමීද අංජනා ..මමනම් කවුරුත් දැක්කේ නෑ .."
"ඒ උනාට මං දැක්කා ..එයා මං ළඟට ආවා .."
අංජනා හොදටම බය වෙලා.පව් කියලත් හිතෙනවා අප්පා.ඒත් ඉතින් මොනවා කරන්නද..?මෙයා බය කරනවා ඇර වෙන කරන්න දෙයක් තිබුනෙත් නෑනේ.
"ඒ ඔයාගේ මනස්ගාත..කවුරුත් නෑ ආ මේ වතුර එක බොන්න..."
මං දිපු වතුර විදුරුව අංජනා එක හුස්මට බීගෙන ගියා.
මං එදා රෑම ආටිකල් එක ලියව්වා.දේවක ඇමතිගේ ගෙදරට ගසියා යන එන එක ගැන..ගසියාට ආයුධ සපයන එක ගැන..ශාක්යට කරදර කරන්න හදන එක ගැන..ඒ හැම දෙයක් ගැනම මං විස්තරාත්මකව ලිවුවා.ඒවා ඔප්පු කරන්න මගේ ළග ෆොටෝස් තියනවා.ඔය දේවකගේ ඇමති පට්ටම මං ගලවලා තමයි පස්ස බලන්නේ.

මං කකුල් දෙකත් උඩ දාගෙන ටීවි බල බල ඉද්දි මගේ ආතිජාත මිත්රයෝ තුන්කට්ටුව කඩාපාත් උනා.දැන් ඉතින් ටීවි බලලත් ඉවරයි.
"මොකෝ තුන් කට්ටුව මේ පැත්තේ.."
"මොකද අපිට මොහේ එන්න තහනම්ද..?"
"තහනම් කෙරුවා කියලා උඹලා නැවිත්ම ඉදියි.."
මේ මං නොදන්නවායැ මගේ අතිජාත මිත්රයන්ගේ හැටි.
"මේ ඒක නෙමෙයි යමං කාමරේට.."
"ඒ මොකටද..?"
"මොකටද කියන්න යමං.."
හිමා මාවත් ඇගෙන උඩට ගියේ හරියට එ්කිගේ ගෙදර ඒකිගේ කාමරේට යනවා වගේනේ.
"මොකද බං උඹලට අද වෙලා තියෙන්නේ.."
මට අද මුන් තුන්දෙනාගේ අමුත්තක් දැනුනා.
"වෙලා තියන දේ වරෙන් කියන්න..මේ බලපන්.."
විහා ඒකිගේ බෑග් එකේ තිබුන පත්තරයක් අරගෙන මට දිගැරලා පෙන්නුවා.මේ මං ලියන ආටිකල් එකනේ.
"ඉතින් දැන් මොකද වෙලා තියෙන්නේ..?"
"තාම මුකුත් වෙලා නෑ..වෙන්න කලිනුයි අපි මේ කියන්නේ..දැන්වත් ඔය ලියන එක නතර කරපන්.."
ශනු බැගෑපත්වෙලා කියදිදි මට දුක නොහිතුනාම නෙමෙයි.උන් මොන දේ කිව්වත් මේ දේවට ආපහු හැරෙන්න බෑ.
"ඒක කරන්න බෑ යකුනේ..ටිකක් තේරුම් ගනින් මාව.."
"ඇයි උඹට බැරි..පාරමීට සාදාරණයක් කරන්න ගිහින් උඹට වෙන්නෙත් මැරෙන්න.."
"ඒකට කමක් නෑ.."
"මේ දේවා උඹ මගෙන් කුණුහරුප අහගන්න එපා..වැඩි දවසක් යන්න කලින් උන් උඹව හොයා ගනියි.."
විහාටනම් හොදටම මල පැනලා.මං දන්නවා මුන් මේ හැම දෙයක්ම කියන්නේ මගේ හොදට.ඒත් ආයේ මේ දේවට කවුරු වෙනුවෙන්වත් හැරෙන්න බෑ.
"අනික පාරමීට සාදාරණයක් ඉෂ්ට කරන්න ඒකි උඹේ කවුද..?අඩුම උඹ එයාව දැකලවත් ත්යනවද.?
"ඔව්..ඔව්..ඔව් ..දැකලා විතරක් නෙමෙයි මම එයා එක්ක කතා කරලත් තියනවා..හැබැයි ඒ කොහොමද කියලා අහන්න එපා..මං වෙලාව ආවාහම ඒ හැම දෙයක්ම කියන්නම්..අනෙක තමයි මං මේ ලියන එක නවත්තන්නෙත් නෑ..
මං කියාගෙන ගියේ හිතේ ඇතිවෙච්ච අමනාපෙත් එක්ක.මගේ යාළුවෝ ත්රිබල මං දිහා බලාගෙන ඉන්නේ ඇස් දෙකයි කටයි අයාගෙන.
"උඹට කියන කට හොදයි බිම උලා ගන්නවා.."
"ඉතින් බං උලා ගනින්කෝ.."
"මං උඹට කිව්වයි කියලා හිතාගනින්.."
පව් අප්පා හිමාට හොදටම මල පැනලා.මං ආයේ මුකුත් කියන්න ගියේ නැත්තේ මුන්⁣ගේ බණ දෙශනාව ආයෙත් අහන්වෙන බයටමයි.
**********************************************
මං රෑ මැද ඇහැරලා පහලට ආවේ වතුර ටිකක් බොන්න හිතාගෙන.ශාක්ය එක්ක රෑ මැදක් වෙනකල් ෆොන් එකෙන් මල් කඩලා මගේ තොල කටත් වේලිලා.
"අපිට මේ දේ හැමදාම කරන්න බෑ සිරිල්.."
මං ගල්ටික් වෙලා හිටපු තැනම හිටගත්තේ සිරිල්ගේ කාමරේ ඇතුලෙන් ඇහුන ඒ පිරිමි කටහඬ නිසා.
"මාත් හිතුවා බං අපි අහුවෙච්ච දවසට ඉවරයි.."
ඒ නම් සිරිල්ගේ කටහඬ.එතකොට අර මළකඩ කාපු ටකරන් වොයිස් එක කාගෙද..?මේ සිරිල් එක්ක කාමරේ ඉන්න එකා මොකාද..?ඒ කුසුමා වෙන්න කොහොමත් බෑනේ එයාට කොහොමත් කතා කරන්න බෑනේ.එතකොට මේ කවුද..?
"අපිට මොනවා හරි කරන්න වෙනවා සිරිල්.."
මං තව ටිකක් කාමරේ දොරට කන තියලා දෙන්නාගේ කතාවට ඇහුන්කන් දුන්නා .
"අපි බොස්ට මේ ගැන කියමු.."
"එදා තව ටිකෙන් බොසුත් අහුවෙනවා.."
අර මනුස්සයා එහෙම කියද්දිනම් මේ මං ගැස්සිලා ගියා.මේ අය මේ කතා කරනවා ඇත්තේ එදා රෑ අපේ ගෙදරට ආපු මනුස්සයා ගැන වෙන්න ඕන.
එහෙනම් මම හිතපු දේ හරි.සිරිලුයි එදා ආපු මනුස්සයයි අතරේ මොකක් හරි සම්බන්දයක් තියනවා .සමහර විට ඇතුලේ ඉන්නෙත් ඒ මනුස්සයාගේ ගෝලයෙක්ද දන්නෑ.මට කොහොම හරි ඒක හොයාගන්න වෙනවා.
මං දෙපාරක් නොහිතා සිරිල්ගේ කාමරේ දොරට තට්ටු කලේ හිතට ආපු ක්ෂණික අදහසකුත් එක්ක.මං කිපසැරයක් දොරට ගැහුවට පස්සේ තමයි සිරිල් ඇස් පොඩි කර කර ඇවිත් දොර ඇරියේ.පොරගේ තියන කපටිකම කොහොමද..?පොර හිතාගෙන ඇති මේ දේවා කන්නේ පුන්නක්කු කියලා.
"සුදු බේබි.."
සිරිල් ඇස් දෙකත් නලලේ තියාගෙන මං දිහා බලාගෙන හිටියේ.මේ මිනිහට මාව හොල්මනක් වගේ පේනවද දන්නෑ මං දිහා මෙහෙම බලන්නේ.
"අනේ සිරිල් අංකල් මට බයයි..කවුදෝ අදත් එළියේ ඉන්නවා.."
මං සිරිලුත් තල්ලු කරගෙනම කාමරේ ඇතුලට රිංගුවේ බයවෙලා වගේ පොඩි ඇක්ටින් පාරකුත් දාගෙන.මං කාමරේට කඩා පනිද්දි ඇතුලේ හිටියේ සිරිලුයි කුසුමයි විතරයි.ෂුවර් එකටම අර මිනිහා මේ කොහේ හරි හැංගිලා ඇති.
"ක..කවුද බේබි එළියේ හිටියේ..බෙිබි ඒ මනුස්සයව දැක්නද..?"
සිරිල් කලබලෙන් අහද්දි මේ මට හිනත් යන්න ආවා.ඒත් මං හිනාව උඩට එන්න නොදි බය මුඩ් එකම තියාගෙන හිටියා.
"චායාවක් වගේ දැක්කේ..අනේ ගිහින් බලන්නකෝ අංකල්.."
"හරි..හරි..බේබි ඔහොම ඉන්න මම බලන්නම්.."
සිරිල් ගියාට පස්සේ මම කාමරේ පුරාවටම ඇන්ටනාව දැම්මේ අර මිනිහා හොයන්න.කුසුමා ඇන්ටි මෙතන ඉන්න නිසා මට මුකුත් කරන්න බෑ.
"කුසුමා අැන්ටි මට..වතුර..වතුර එකක් ගෙනත් දෙනවද..?
මං අංග චලනයෙන් පෙන්නද්දි කුසුමා ඇන්ටි ඔළුව හොල්ලගෙනම කාමරයෙන් එළියට ගියා.එයා ගියපු ගමන් මං කාමරේ හැම අස්සක් මුල්ලක් නෑරම බැලුවා.පුදුමේ කියන්නේ මේ මිනිහා කාමරේ නෑනේ.
එතකොට මේ මිනිහා කොහේ චුත උනාද..?එළියට යන්න විදිහක් කොහොමටවත් නෑ.මේ කාමරේට දොරවල් තියෙන්නේ එකයිනේ.මට ඇහුන කටහඬ මයාවක් නෙමෙයි කියලා මේ මට සිය දහස්වාරයක් ෂුවර්.ෂිට් අප්පා මේවා හිතද්දිත් මගේ ඔළුව කුරුවල් වෙනවා.
"සුදු බේබි එළියේ කවුරුත් නෑ .."
සිරිල් එහෙම කියාගෙනම කාමරේට එද්දි මං ඉතින් බයවෙච්ච පාට් එක ඇට් කරන්න පටන් ගත්තා.
"ඒත් මං කවුදෝ දුවනවා දැක්කනේ අංකල්.."
"ඒ බේබිගේ හිතේ ඇදිච්ච දෙයක් වෙන්න ඇති.."
."ඔව් සමහර විට.."
මං කුසුමා ගෙනාව වතුර එක හුස්මට බීලා කාමරේට ගියේ හිතේ බරකින්.මේ හොල්මනිත් ඕනිම වෙලාවට නෑනේ..ඕනි වෙලාවට කොහෙට හරි චුතවෙනවා.ෂිට් අපරාදේ පාරා හිටියනම් මේ පඹගාල අදම ලිහා ගන්න තිබුනා.
************************************************
පහුවදා මං ශාක්යව හම්බවෙන්න යන්න ලෑස්ති උනේ මේ හැම දෙයක්ම එයාට කියන්න ඕනි නිසා.අනෙක ඉතින් මං දවස් ගාණක් මගේ කොල්ලාගේ මූණ දැක්කේ නෑනේ.
ශාක්ය නොබලා ඉන්නවා කියන්නේ හරි අමාරු වැඩක්.මං කවදාකවත්ම හිතුවේ නෑ ආදරේ කියන්නේ මේ තරම් ලස්සන දෙයක් කියලා.අනෙක තමයි මම ජිවිතේට හිතුවේ නෑ මට මේ තරම් ආදරේ කරන මාව ආරක්ෂා කරන කෙනෙක් හම්බවෙයි කියලා.ශාක්ය මගේ ළගින් ඉද්දි මට දැනෙන රැකවරණය වචනයෙන් විස්තර කරන්න අමාරුයි.
මං පාරට එද්දි සුපුරුදු විදිහටම ශාක්යගේ රතු කුරුල්ලා පාරේ අයිනට වෙන්න නතර කරලා තිබුනා.මං කාර් එක ළගට දිව්වේ ඉගිලිලා වගේ.මං කාර් එකට නැගපු ගමන්ම කලේ ශාක්යව බදාගෙන එයාගේ උණහුමට ගුලිවෙච්ච එක.
"මගේ මැණික මොකද මේ ආ.."
ශාක්ය මගේ හිස සිපගෙන ඇහැවේ ආදරෙන්.
"හරි..හරි..මං බදාගන්නවට අකමැතියි කිව්වනම් ඉවරනේ.."
මං බොරු අමනාපයකින් එහෙම කියලා ශාක්යගේන් ඈත් උනා.
"මෙහෙට වරෙන්.."
ශාක්ය මාව ඇදලා අරගෙන තුරුල් කරගෙන මගේ මූණ සිපගෙන සිපගෙන ගියා.එයාගේ දෙතොල් මගේ දෙතොල් වලට බර වෙද්දි මං ඇස් දෙක පියාගෙනම ඒ මිහිර විදගත්තා.
"කවදාකවත් මගෙන් ඈත් වෙන්න හිතන්න එපා සුදු.."
මගේ දෙතොලින් දෙතොල් ගත්ත ශාක්ය කිව්වේ මගේ නළල සිපගෙන.
"මැරුනොත් මිසක් මං කවදාකවත් ඔයාගෙන් ඈතට යන්නෑ සුදු අයියේ.."
මං එයාගේ කම්මුලක් සිපගෙන කිව්වේ ආදරෙන්.
"මට කලින් උඹ මැරෙන්න එපා..උඹ නැතුව ම⁣ට හුස්ම ගන්නවත් බෑ.."
"ඒවා කොහෙද මුලින්ම සැරෙන්නේ මං..මට ඔයා නැතුව ඉන්න බෑ සුදු අයියේ.."
මං කිව්වේ ඇස්වල කදුලු පුරවගෙන.ශාක්ය නැතුව ඉන්නවා තියා මට හිතන්නවත් බෑ.
"අපි දෙන්නම එකට මැරෙමු.."
මට මහා හයියෙන් හිනාගියේ ශාක්ය ඒක කියපු විදිහට.
"ලස්සනයි සුදු ඔය හිනාව තමයි මාව පිස්සු වැට්ටුවේ.."
"ආ..හරි..හරි..මාව මුරුන්ගා අත්තේ තිබ්බා ඇති අපි දැන් යමු.."
"යකෝ මේකිගේ කතාව බලපල්ලකෝ.."
ශාක්ය බොරු අමනාපයකින් කියද්දි මං එයාගේ කම්මුලක් මිරිකුවා.
අපි දෙන්නා වෙනදා වගේම අාවේ බිච් එකට.මුහුද දැක්කා විතරයි මට ආපු වැඩෙත් අමතක උනා..මං රැල්ල පැගුවේ හරියට පුංචි එකෙක් වගේ.ලොකු රැල්ලක් එද්දි මං කෑ ගහගෙන ගිහින් ශාක්යගේ ඇගේ එල්ලුනා.ශාක්යනම් මගේ මේ පිස්සු වැඩ දිහා බලාගෙන හිටියේ හිනාවෙලා.
"සුදු දැන් ඔය ඇති..බලනවා ඇදුම් හොදටම තෙමිලා.."
ශාක්ය කෑ ගහද්දි තමයි මං මගේ ඇදුම් දිහා බැලුවේ මං ඇදගෙන හිටපු ටවුසර් එක හොදටම තෙමිලා.ඒ විතරක්නම් බැරියැ බ්ලව්ස් එකත් තෙමිලා.
මං කිසිම දෙයක් නොකියා ශාක්ය ළඟට ගියේ තවත් හිටියොත් බැනුම් අහන්න වෙන නිසා.
"තාම පුංචි එකෙක් වගේ දඟලනවා.."
ශාක්ය මගේ කර වටේ අත දාලා කියද්දි මං එයා දිහා බලලා හිනා උනා.
"හිනාවෙනවා දැන් ඉතින්.. දෙන්න හිනයි දෙකක්..බලනවා ඇදුම් ඔක්කෝම තෙමිලා ඔහොම හිටියොත් ලෙඩක් හැදෙයි..යමු ගෙදර.."
ශාක්ය අමනාපයෙන් වගේ මාවත් ඇදගෙන යන්න හදද්දි මං එයාගේ අතේ එල්ලුනා.
"අනේ චුට්ටක් ඉන්න සුදු අයියා..මට ඔයාට කියන්න දෙයක් තියනවා.."
"ඒක වෙන දවසක කියන්න.."
"බෑ..බෑ ..අදම කියන්න ඕනි .."
මගේ පෙරැත්ත නිසාම ශාක්ය මාවත් එක්ක ගෙන ගිමින් ඒ ළග තිබුන රෙස්ට්ටුරන්ට් එකක වාඩි උනා.
"මොනවද සුදු කන්න අරගෙන දෙන්නේ..?"
"අයිස්ක්රිම් ඕන .."
මං කියද්දි ශාක්ය මං දිහා බැලුවේ ඇස් දෙක ලොකු කරලා.
"නෑ..නෑ ..දැන් හොදටම තෙමිලා ඉන්නේ..
අයිස්ක්රීම් එපා.."
ශාක්ය එහෙම කියද්දි මගේ පපුවට මොනවදෝ උනා.ශාක්ය මං ගැන මොනතරම් නම් හිතනවද දෙයියනේ.අනේ දෙවියනේ කවදාකවත් ශාක්ය මගෙන් ඈත් කරන්න එපා.
ශාක්ය ගිහින් මට වඩේ බෑග් දෙකක්ම ගෙනත් දුන්නා.අම්මේ ඒ වඩේ වල රස.ශාක්යනම් වඩේ කෑවේ නෑ.මට කියලා කවා ගත්තා.මහා කපටි කොල්ලෙක්.
"ඉතින් කියන්නකෝ මොනවද දැන් කියන්න තියනවා කිව්වේ..?"
මං ඉතින් ඊයේ රෑ වෙච්ච දේ අකුරක් නෑරම කිව්වා.ශාක්ය අහගෙන හිටියේ හොද අවධානයෙන්.
"ඔයාට හොදටම ෂුවර්ද සුදු ඒ මිනිහා කාමරේ හිටියේ නෑ කියලා.."
"ඔව් සුද අයියේ මං කාමරේට ගිහින් හැම තැනම බැලුවා.."
"එතකොට ඒ මිනිහට මොකද උනේ..?"
"අනේ මංදා සුදු අයියේ..ඒ මිනිහා යනවනම් යන්න ඕන මං කාමරේට ගියපු දොරෙන්මයි.."
සුදු අයියා බර කල්පනාවක.දැන් දැන් මේ වෙන දේවල් මේ මටනම් හිතා ගන්න බෑ.
"සුදු මෙතන මොනවා හරි දෙයක් තියනවා..ඔයා ඒ දෙන්නා ගැන හොද හෝදිසියෙන් ඉන්න..ඔයාලාගේ ගෙදර වෙන හැමදේම මට කියන්න.."
ශාක්ය කියද්දි මං කලේ ඔළුව හොල්ලපු එක.මේ ගැන ගෙදර අයට කියලා බෑ.මං මේ ගැන කිව්ව ගමන්ම තාත්ති මේ ගැන සිරිල්ගෙන් අහයි.එතකොට ඉතින් වැඩේ වන වෙනවා.දැන් මට ඕනි මේ සිරිලුයි කුසුමයි බෙල්ලෙන්ම අල්ල ගන්න.
මං අතේ තිබ්බ අන්තිම වඩේ කෑල්ලත් ශාක්යට කවව්වා.මෙයත් හරියට වඩේ කෑවේ පුංචි එකෙක් වගේනේ.
"අද තමයි රසම වැඩේ කෑවේ.."
"ආ ඒහෙමද මහත්තයා.."
"එහෙමයි නෝනා..."
ශාක්ය ඒක කියපු තාලෙට මට හිනා නොවි ඉන්න බැරිඋනා.ඒත් මගේ හිනාව අතුරු දහන් වෙලා ගියේ අපි ඉස්සරහා හිටගත්ත කෙනා දක්කාම.ඒවෙන කවුරු නෙමෙයි රුවන්ගි.රුවන්ගි මේ අපි දිහා බලාගෙන හිටියේ ගින පිටවෙන තරහකින්.
මට ශාක්ය දිහා බැලුනේ ඉබේටම. එයානම් රුවන්ගි දිහා බලාගෙන හිටියේ කිසිම ගානක් නැතුව.
"ආ රුවන්ගි කොහෙද මේ යන්නේ.."
ශාක්ය අහද්දි එයා බලාගෙන හිටියේ මං දිහා.එයාගේ ඇස් තරහින් රතුවෙලා.
"මට ඔයත් එක්ක කතාවක්නෑ සුදු අයියේ ..මට කතාව තියෙන්නේ මේකිත් එක්ක.."
රුවන්ගි මගෙ දිමා බලාගෙන කියද්දි මගේ ඇස් උඩගියා.මෙයාට මොනවද මගෙත් එක්ක කතා කරන්න තියෙන්නේ.මොනවා නමුත් ඒ කතාව සුහද කතාබහක්නම් නෙමෙයි වගේ.
"හරි මොකද්ද රුවන්ගි අක්කි මට කියන්න තියෙන්නේ..?"
"තමුසෙට ලැජ්ජා නැද්ද ඕයි අනුන්නේ කොල්ලන්ව දැලේ දාගන්න හදන්නේ..සුදු අයියා මගේ..එයා තමුසෙගේ නෙමෙයි..."
රුවන්ගි කෑ ගහද්දි මගේ ඇස්වලට කදුළු පිරුනේ ඉබේටම.මම වෙන වෙලාවක වගෙනම් රුවන්ගිට හොද දෙකක් කියනවා දැන් ඉතින් මෙතන ශාක්ය ඉන්නවනේ.මට ශාක්ය දිහා බැලුනේ ඉබේටම.එයා හිටියෙත් හොදටම තරහා ගිහින් වගේ.
"මොනවද රුවන්ගි කියවන්නේ මං කවදද තමුසේගේ උනේ.."
"ඇයි සුදු අයියා ඔහොම කතාකරන්නේ..? ඉස්සර අපි දෙන්නා කොච්චර ළගින්ද හිටියෙි..ඔයා මගෙන් ඈත් උනේ මේකි නිසා.."
රුවන්ගි තරහින් කෑ ගහද්දි ශාක්ය රුවන්ගි ඉස්සරහට පැන්නේ තරහින්.මං ටක්ගාලා ශාක්යගේ අාත් එල්ලුනේ මෙයා ඉන්න විදිහට මොනවා හරි කරයි කියලා බය හිතුන නිසා.
"ඔව් අපි පුංචි කාලේ ඉදන් ලංවෙලා තමයි හිටියේ..ඒ තමුසේ මගේ නංගි නිසා..නැතුව වෙන දේකට නෙමෙයි.."
"නෑ..නෑ..ඔයා මගේ ..අතාරිනවා තමුසේ සුදු අයියගේ අත..එයාගේ අත අල්ලන්න තමුසෙට කොහෙන් ආපු හයියක්ද..?"
රුවන්ගි කෑ ගහගෙනම අත ඉස්සුවේ මට ගහන්න.ඒත් එක්කම

රුවන්ගි කෑ ගහගෙන අත ඉස්සුවෙ මට ගහන්න.ඒත් එක්කම ශාක්ය ඒ අත අල්ලගෙන රුවන්ගිව පැත්තකට තල්ලුකලේ තරහින් ඇස් දෙකත් රතු කරගෙන.මං කවදාවත් දැකලා නෑ ශාක්ය මෙච්චර තරහින් ඉන්නවා.
"තමුසේ අත ඉස්සුවේ මගේ කෙල්ලට ගහන්නද..?මං ඉන්කල් ඒවට ඉඩ නෑ රුවන්ගි ..මේ කෙල්ල තමයි මගේ පණ..මේ මගේ අත අල්ලන්න අයිතිය තියෙන්නේ මගේ කෙල්ලට විතරයි..තමුසේ අන්න ඒක මතක තියාගන්නවා .."
ශාක්ය තරහින් කියාගෙන ගියේ මාව තුරුල් කරගෙමයි.ඒ වෙලාවෙනම් මගේ ඇස්වල පිරිලා තිබුන කදුළු කම්මුල් දිගේ ඔහේ ගලාගෙන ගියා.
"සුදු අයියා ඔයා මේකිට රැවටිලා.."
රුවන්ගි කියද්දි ශාක්ය හිනා උනේ සමච්චලයට වගේ.මටනම් කිසි දෙයක් හිතාගන්න බෑ.කවුද හිතුවේ මේ වගේ හෙන ගෙඩියක් කඩාපාත්වෙයි කියලා.
"මේ රුවන්ගි මං ඒක බලාගන්නම්..මගේ කෙල්ල කවුද කියන්න මං දන්නවා..තමුසේ එකක් මතක තියා ගන්නවා ආයේ මගේ කෙල්ලට මොනවා හරි කියලා හරි කරලා හරි තිබ්බොත් මං වගේ නරක මිනිහෙක් තවත් නැතිවෙයි.."
අදනම් ශාක්යට හොදටම තරහා ගිහින්.ශාක්ය කෑ ගහපු විදිහට රෙස්ට්ටුරන්ට් එකේ හිටපු හැමෝම වගේ අපි දිහා බලනවා.
"අා එහෙමද අපි බලමුකෝ සුදු අයියේ ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා.."
"මොනවා බලන්නද හලෝ..මං දැන්මම කියන්නම් ඉස්සරහට වෙන දේ..මේ කෙල්ල තමයි මගේ වයිෆ් වෙන්නේ..මේ කෙල්ල තමයි මගේ දරුවන්ගේ අම්මා වෙන්නේ.."
ශාක්ය කියාගෙන යද්දි රුවන්ගි මං දිහා බැලුවේ තරහින් වියරු වැටිලා.පුලුවන්නම් රුවන්ගි මාව මරාගෙන කයි.
"හරි බලමු..මම අදම මේ දේවල් නැන්දටයි මාමටයි කියනවා.."
රුවන්ගි කියද්දි මං වෙව්ලලා ගියා.දෙයියනේ එහෙම උනොත් ඇන්ටියි අංකලුයි මං ගැන මොනවා හිතයිද..?එයාලගේ හිත්වල මං ගැන තියන ආදරෙත් නැතිවෙලා යයි.මට බැලුනේ ශාක්ය දිහා.එයාටනම් ගානක්වත් නෑ.
"ඉතින් කියවා..මටත් ඕන ඒකමනේ..මං දන්නවා අපේ ගෙදර අය සුදුට කැමති වෙනවා කියලා.."
ශාක්ය මං දිහා බලලා කිව්වේ ලොකු විශ්වාසෙකින්.ඒත් මේ මගේ හිතේ තිබ්බ බයනම් අඩු උනේ නෑ.
"හරි අපි බලමු..එකක් මතක තියාගන්නවා දෙවාශි තමුසෙට කවදාකවත් සුදු අයියාව ලැබෙන්න මං ඉඩ තියන්නෑ.."
රුවන්ගි එහෙම කියද්දිනම් මේ දේවාගේ ඇගේ හිටපු යකත් ඇවිස්සුනා.
"ඔයාට පුලුවන් දෙයක් කරන්න රුවන්ගි අක්කි..ඔයාට කවදාකවත් සුදු අයියාගේ ආදරේ ලැබෙන්නෑ..මොකද එයා මගේ..එයා ආදරේ කරන්නේ මට.."
මං උපරිම සංසුන් වෙලා කියද්දි රුවන්ගි මං දිහා බැලුවේ ගිනි පිටවෙන තරහකින්.එයා මොන දේ කලත් වැඩක්නෑ දැන් ශාක්ය මගේ වෙලා ඉවරයි.
"හරි අපි බලමු.."
රුවන්ගි එහෙම කියාගෙන අපිටත් ගස්සගෙන යන්න ගියා.මං එහෙම්මම ශාක්යට තුරුලු උනා.
"මගේ චණ්ඩි රැජිණ බය උනාද..?"
ශාක්ය මාව තුරුලු කරගෙනම මගේ හිස සිපගත්තා.
"මට ඔයා නැතිවෙයි කියලා ඇත්තටම බයයි සුදු අයියා.."
"එහෙම වෙන්නෑ මැණික..මං එහෙම වෙන්න දෙන්නෙත් නෑ.."
ශාක්යගේ ඒ වචන ටික මට විශ්වාසයි.ඒත් මගේ හිතට මාරම අවුල් රුවන්ගි කියපු ඒවා ගැන.එයා කිව්වෙම මට ශාක්යව අයිතිවෙන්න දෙන්නේම නෑ කියලා.ඒත් ශාක්ය ආදරේ එයාට නෙමෙයි මේ මටනේ.ශාක්ය වෙනුවෙන් මේ දේවට කරන්න බැරි දෙයක් නෑ.
*********************************************
ශාක්ය කියපු විදිහටම මං සිරිලුයි කුසුමායි ගැන හොද සෝදිසියෙන් හිටියේ.ඒත් මට සැක හිතෙන කිසිම දෙයක් අහු උනේ නෑ.මං දේවක ඇමති ගැනයි ගසියා ගැනයි ඇහැගහගෙන හිටියේ.මගේ ආටිකල් එකෙන් පස්සේ ගසියා දැන් ඇමතිගේ ගෙදර යන එන එකත් අතැරලා.
අපේ ගෙදර අයත් මේ දවස්වල හරි බිසි.එයාලා මේ දවස්වල අපේ ලොකුට මනමාලියෝ හොයනවා.අනේ ඉතින් මේ දේවාගේ නෑනා කවුරු වෙයිද..?ඒත් ඉතින් තියන ලොකුම ප්රශ්නේ අපේ ලොකු ගේන ගේන හැම යොජනාවම එපා කියන එකනේ.
මේ මටනම් දැන් පොඩි සැකයක් තියනවා.අපේ ලොකු අපිටත් හොරාම මගේ නෑනා පොඩ්ඩ හොයාගෙනද දන්නෑ.බලමුකෝ මේ දේවා ඒකත් හොයා ගන්නම්කෝ.
"සුදු..."
කල්පනා ලෝකේ හිටපු මං ගැස්සිලා ගියේ අපේ අම්මිගේ කෑ ගැහිල්ලට.
"මොකද අනේ කෑ ගහන්නේ..?"
"කෑ නොගහා පුලුවන්ද..මං කී පාරක් කියලා කතා කරාද..මොන ලොකේද හිටියේ.."
අඩේ අම්මි මට ගොඩක් වෙලා කතා කරලද..?කොහෙද මං හිටියේ ලොකුගේ කෙල්ල කවුරු වෙන්න පුලුවන්ද කියලා හිත හිතානේ.
"අනේ සොරි සොරි සුදු..ඔයා මොකටද මට කතාකලේ..?"
මං ඉතින් අම්මි ළගට ගිහින් එයාව බදාගත්තා.
"අන්න අර ළමයා ඇවිත් ඉන්නවා.."
"මොන ළමයයද අනේ.."
මං අම්මිවතවත් ටිකක් බදාගෙන ටිකක් හුරතල් උනා.
"මොකද මේ නාකි හුරතලේ එහාට වෙන්න.."
"මට බෑ..කවුද ආවේ කියන්නකෝ.."
"අර අංජනා ළමයා ඇවිත් ඉන්නවා.."
අම්මි කියද්දි මගේ ඇස් උඩ ගියා.අංජනා මට කිව්වෙවත් නෑනේ අද අපේ ගෙදර එනවා කියලා.මොකද මෙයා හදිස්සියේම අපේ ගෙදර ආවේ.
මං පහළට යද්දි අංජනා විතරක් නෙමෙයි තව කවුදෝ කොලුවෙකුත් වාඩිවෙලා හිටියා.මට පොරගේ මූණ පෙනුනේනම් නෑ. මොකද පොර හිටියේ මට පිටිපස්ස හරවගෙන.
"අංජනා එනවා කියලා කිව්වෙවත් නෑනේ.."
මං අංජනා ළගට ගිහින් අත අල්ගෙන කියද්දි එයා හිනා උනා.
"මං පොඩි ගමනක් ගියා දෙවාශි ..ඉතින් මට හිතුනා ඔයාවත් බලලා යන්න.."
"ඒකනම් හොද වැඩක්.."
මං කියද්දි එයා කලේ හිනාවෙන එක විතරයි.
"ආ දෙවාශි මේ ඉන්නේ මගේ අයියා.."
අංජනා කියද්දි මං එයාගේ අයියා දිහා බැලුවේ හිනාවෙලා.එත් ඒ කෙනා දැක්කාම මගේ හිනාව අන්තරස්දහන් වෙලා ගියා.මගේ ඇස් දෙකත් නළලට ගියා.
මේ..මේ..එදා දේවක ඇමතිගේ මීටින් එකේදි මගේ ඇගේ හැප්පුන කොල්ලා නේද මේ එතකොට මෙයාද දේවක අරමතිගේ පුතා.මං ඇමතිගේ ගෙදර ගියපු එක වෙලාවකවත් ගිවන්ත ගෙදර හිටියේ නෑ.
"හායි මං ගිවන්ත.."
ගිවන්ත මනමාල විදිහට හිනාවෙලා එයාගේ අත මං දිහාවට දික් කරා.ඒ හිනාවනම් මේ මට පොඩ්ඩක්වත් ඇල්ලුවේ නෑ.
"හෙලෝ.."
මං එයාට අත නොදිම කිව්වේ ඔනවාට එපාවට.ඒ වෙලාවෙනම් ගිවන්තගේ මූණ පරවෙලා ගියා.ගිවන්ත මට දික් කරපු අත ආපහු ගත්තේ මං දිහාම බලාගෙන.මට ඒ බැල්ම දිරවව්වේ නැති නිසා අහක බලාගත්තා.
මගේ හිතටනම් කොහොමත් ගිවන්තව ඇල්ලුවේ නෑ.
"ඉතින් අංජනා මොකදමේ දවස්වල කරන්නේ..?"
නිහඬ බව වැඩි නිසාම මං කතා කරා.
"විශේෂ දෙයක් නෑ දෙවාශි .."
"දෙවාශි මොකද කරන්නේ.."
ගිවන්ත හිටපු ගමන් අහද්දි මගේ හිතටනම් ආවේ තරහක්
ගිවන්ත එක්ක කතා කරන්නවත් මං කැමති නෑ.ඒත් ඉතින් මනුස්සයෙක් ගෙදරට ඇවිත් කතා කරද්දි කතා නොකර බෑනේ.
"විශේෂ දෙයක් නෑ ගිවන්ත..කැම්පස් යන්න එනකල් ගෙදරට වෙලා නිදහසේ ඉන්නවා.."
"ජොබ් එකක් කරන්න කැමති නැද්ද..?"
"ආපෝ නෑ ඕවා මහා කරදර වැඩ..කිසි නිදහසක් නෑ.."
මං කියද්දි අංජනයි ගිවන්තයි දෙන්නා හිනා උනා.මං ඉතින් එයාලට කියන්නයැ පත්තර රස්සාවක් කරනවා කියලා.අඩුම අපේ ගෙදර අයවත් දන්නෑනේ.දැන් චන්දන සර් මට පඩියකුත් ගෙවනවා.
අපේ අම්මිත් අපේ කතාවට හවුල් උනා.මං දන්නවා අම්මි ඔය ආවේ ගිවන්ත ඉන්න නිසා.ගිවන්ත මොන වගේද කියලා කවුරු කවුරුත් දන්නවා.
ගිවන්ත සැරෙන් සැරේට මං දිහා කෑදර විදිහට බලද්දි මං සීතල වෙලා ගියා.අනේ අම්මපා මේකගේ හොම්බට දෙකක් අනින්න හිතෙනවා.
"සුදු මං කුසුමාට කිව්වා බොන්න මොනවා හරි හදන්න කියලා..ඔයා ගිහින් අරන් එන්න.."
අනේ මගේ අම්මි පැටියා දෙයියෙක් නෙමෙයි දේවාලයක්.මාත් මේ හිටියේ ගිවන්තගේ බැල්මෙන් මගාරින්න බැරුව මං ටක් ගාලා කුස්සියට දිව්වා.
මං යද්දි කුසුමා බීම හදලා කේකුයි කෙසෙලුයි ⁣ට්රේ එකේ තියනවා.
"ඇන්ටි ඔයා ඕක අරගෙන යන්න මං බීම එක අරගෙන එන්නම්.."
මං අංගචලනයෙන් පෙන්නද්දි කුසුමා කේකුයි කෙසෙල් ගෙඩියි අරගෙන ගියා. බීම ට්රේ එක අතට ගද්දි මේ දේවාගේ මොළ ගෙඩියට යස අදහසක් පහල උනා.
මං බීම ට්රේ එක පැත්තක තියලා ලුණු බෝතලේ අරගෙන ලුණු හැදි දෙක තුනක්ම බීම එකට දාලා හොදට හැදිගැවා.
මං අද දෙන්නම් ගිවන්තයාට හොද බීමක් අමතක නොවෙන්නම.මං බීම වීදුරු දෙක අරගෙන ගිහින් කොහොම හරි ලුණු දාපු බීම එක ගිවන්තටම දුන්නා.
ඔන්න හරි දැන් හදදන්නේ ගිවන්ත බීම එක බොන්න.ඔව් බිව්වා.. බිව්වා..බිව්වා ගිවන්තගේ මූණ බලන්න දුකේ බෑ.අප්පා බීම උගුරක් බිව්වා විතරයි ගිවන්නගේ මූණ අටපට්ටමක් වෙලා ගියා. මං බිම බලාගෙන අතින කටවහා ගත්තේ හිනා යයි කියන බයට.
ගිවන්ත බොහොම අමාරුවෙන් බීම උගුරු දෙකක් බිවුවා.මේ මං හිනාව වාවගෙන හිටියෙනම් බොහොම අමාරුවෙන්.
අංජනාලා ගියාට පස්සේ කාමරේට ආපු මං ඇතිවෙන්න හිනා උනා.ගිවන්තගේ මූණ මතක්වෙන ගාණට මට හිනාව නවත්ත ගන්න බැරි උනා.මං තනියෙන් හිනාවෙනවා ගෙදර කාට හරි ඇහුනොත් හිතයි මට පිස්සු කියලා.
***********************************************
චූටියි මායි දෙන්නා ටවුන් එකට ආවේ චූටිට ඇඳුම් ගන්න. මගේ අයියලා දෙන්නාගේ කරදඬු උස්මහත් උනාට මොකද දෙන්නට තාම තනියම ඇඳුමක් වත් තෝර ගන්න බෑ. ඒකටත් අම්මි හරි මං හරි යන්න ඕන.
"සුදු මට ලස්සන ෂර්ට් ටිකක් තෝරලා දෙනවා හරිද..?"
"ඇයි වදේ මං මෙච්චරකල් තොරලා දුන්නේ කැත ඒවද..?"
"නෑ..නෑ..ලස්සන ඒවා තමයි.."
චූටි හිනාවෙලා කියද්දි මං එයාට රුවුවා.
"මේ සුදු අපි ඔයාටත් ඇඳුමක් ගමු.."
"අනේ මගේ චූටි අයියා පැටියා උම්ම්ම්මා.."
මං චූටිව බදාගෙන කම්මුලක් සිපගත්තා.මෙයාලාට ඇඳුම් තොරලා දුන්නා කියලා ඉතින් මේ දේවාට පාඩුවක් වෙන්නේනෑ.
"අප්පෝ මේකිගේ තියන කපටි කම.."
චූටි බොරු අමනාපයකින් කියද්දි මං ආයෙත් එයාව බදා ගත්තා.
අපි දෙන්නා ඉතින් විකාර කර කර ඇඳුම් තොරව්වා.චූටි ඇඳුම් ෆිටෝන් කරනවා ගලවනවා පව් ඈ මගේ වැඩ හින්දා චූටිටත් දැන් මහන්සියි වගේ.
මං බැලුවේ අපිට පහල තට්ටුවේ ලේඩීස් ඇඳුම් තියන පැත්තේ ඉන්න කෙනා නිකන් හුරුයි හුරුයි වගේ නිසා.හෑ යකෝ හුරුයිනේ එන්නම් මං මේ දකින්නේ හීනයක්ද..?මං ඉතින් මගේ අතත් කොනිත්තගෙන බැලුවා.ආව් එ්කනම් රිදුනා.මේකනම් හීනයක් නෙමෙයි.
"චූටි අර බලනවකෝ පහල කවුද ඉන්නේ කියලා.."
මං ළග හිටපු චූටිට පෙන්නද්දි එයා පහල බලාගෙන හිටියේ ඇස් ලොකු කරගෙන.
"හෑ බොලේ මේ අපේ ලොක්කා නේද..? මු මොකද මෙහේ කරන්නේ..?"
"අනේ මංදා..''
"යමු ගිහින් කතා කරමු.."
මායි චූටියි දෙන්නා ලොකු ඉන්න දිහාවට යන්න හදද්දි අපි දෙන්නට ඉබේටම නැවතුනේ ලොකු ඉන්න තැනට ආපු කෙල්ල දැකලා.
"ශාක්යා අක්කි.."
මං කිව්වා නෙමෙයි මට කිය උනා. ශාක්යා අක්කි ලොකුගේ අතේ එල්ලිලා මොනවදෝ කියවනවා ලොකු හිනාවෙනවා මටයි චූටිටයි මූණෙන් මූණ බැලුනේ ඉබේටම.."
"ම⁣ට පෙන්නේ සුදුවෝ ජෝඩුව ගජ යාළුයි වගේ.."
"හ්ම්..ඒකතමයි මෙයා ගේන ගේන පොපොසල් වලට එළුවා වගේ බෑ බෑ කිව්වේ.."
"ඒකනේ..අඩුම අපිටවත් කිව්වේ නෑනේ.. යං ගිහින් කතා කරමු.."
චූටි ලොකුලා ඉන්න දිහාවට යන්න හදද්දි මං එයාව නැවැත්තුවා.
"එපා අයියේ අපි මේක නොදන්නවා වගේ ඉමු.."
"ඉදලා මොකද කරන්නේ..?"
"ඒක මං පස්සේ කියන්නම්.."..
"ඒයි සුදු අන්න ජෝඩුව උඩට එන්න හදන්නේ.."
චූටි කලබලෙන් කියද්දි මං එයාවත් ඇදගෙන ගිහින් රෙදි අස්සේ එයාලට නොපෙනෙන්න හැන්ගුනා.
ලොකුලා උඩට ඇවිත් රෙදි තෝරනවා.ජෝඩුවට අවට ගැන කිසි ගාණක් නෑ.ඒකත් හොදයි එහෙම නැත්තන් අපි දෙන්නව දකියි.
"ආන් මුන් දෙන්නා මේ පැත්තට එනවා.."
චූටි රහසින් කියද්දි මං චූටිවත් ඇදගෙන ඇඳුම් අස්සට මුවාවෙලා ලොකුලාට නොපෙනි පහලට බැහැ ගත්තා.පස්සේ අපි රෙදි වලට සල්ලිත් ගෙවලා ටක් ගාලා ෂොප් එකෙන් එළියට ආවා.
මායි චූටියි ගෙදර ඇවිත් පැය ගානක් ගියාට පස්සේ තමයි ලොකු ගෙදර ආවේ.ලොකු දකිද්දි චූටිටයි මටයි හිනාගියා.
"මොකද තමුසෙලා දෙන්නා හිනාවෙන්නේ..?"
ලොකු එහෙම අහගෙනම මං ළගින්ම ඇවිත් වාඩි උනා.
"මුකුත් නෑ..ඇයි අපි හිනාවෙන්න තමුසෙගෙන් අවසර ගන්න ඕනිද..?"
"අනේ එපා..ඒ උනාට මට දෙන්නාගේ හිනාවනම් ඇල්ලුවේ නෑ.."
ලොකු මං දිහා බලලා ඇස් පුංචි කරලා කියද්දි මං හරි අහිංසක විදිහට හිනා උනා.
"මායි සුදුයි හිනා උනේ හැන්ගි හැන්ගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එළිපිට කියන කියමන මතක් වෙලා.."
"මොකද දන්නෑ ඒ කියමන හිටි හැටියෙම මතක් උනේ..?"
"මේ ළගකදි ඉදන් සමහරු හැන්ගි හැන්ගි වෙස් බදිනවා..ඔය හැන්ගි හැන්ගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එළිපිට කියලා කවුරු කවුරුත් මතක තියාගත්තොත් හොදයි.."
චූටි කියද්දි ඒකනම් මගේ හිතට තදටම වැදුනා.මොකද මගෙයි ශාක්යගෙයි සම්බන්දයත් හැමදාම හංගගන්න බෑනේ.
"මොනවද සුදු මේකා ⁣මේ කියන්නේ..පිස්සුද හැටිද..?"
."මෙයාගේ මේ වයර් එකක් ෂෝට් වෙලා ⁣අයියේ..ඔයා ඒවා ගණන් ගන්න එපා.."
මං කියද්දි චූටි එතනින් නැගිටලා ගියේ මට රව රවමයි.ඔය රව රව ගියාට තව ටිකකින් සුදු ගාගෙන එන්නේ නැතෑ.
මතුසම්බන්දයි


No comments:

Post a Comment

UNIVOTEC එක ගැන

UNIVOTEC එකේ පාඨමාලා සහ වැඩි විස්තර සදහා පහත ඇති PDF ෆයිල් එක භාවිතා කරන්න. https://drive.google.com/open?id=1zbMNZ14FNiYV2f34K91x1KqpKmid...