බාත්රූම් එකේ හිටපු මං තුවාය පිටිනිම කාමරේට දුවගෙන ආවේ ෆොන් එක රින්ග් වෙනවා ඇහුන නිසා.කෝල් එක ශාක්ය ගෙන් මං ටක් ටාලා ෆෝන් එක ආන්සර් කලා.
"හෙලෝ සුදු අයියේ.."
"සුදු ඔයා ගෙදරද ඉන්නේ..?"
ශාක්ය ඇහැවේ ටිකක් කලබලෙන් වගේ.
"ඔව් සුදු අයියා මොකද උනේ..ඔයා කලබල වෙලා.."
"නෑ සුදු එහෙම නෑ මට ඔයාව හම්බවෙන්ව ඕන දැන්මම.."
"මේ දැන්.."
මං ඇහැවේ කුතුහලයෙන්.එයා ප්රශ්නයක් නැත්තම් මෙහෙම මට කෝල් කරලා හම්බවෙන්න එන්න කියන්නේ නෑ.
"හරි සුදු අයියා මං එන්නම්..මං කොහෙටද එන්න ඕන.."
"හන්දියට එන්න මං ඇවිත් ඉන්නම්.."
ශාක්ය එහෙම කියලා ෆෝන් එක කට් කරා.මං ටක් ගලා ලෑස්ති උනේ හදිසියේම ශාක්ය මට එන්න කිව්වේ ඇයි කියලා හිත හිතමයි. මොනවා නමුත් ලොකු දෙයක් වෙලා තියනවා කියලා මේ මගේ හිත කියනවා.නැත්තම් මං දැකලා නෑ ශාක්ය කලබලෙන් ඉන්නවා.
සුපුරුදු විදිහටම ශාක්යගේ වාහනේ හන්දියේ නවත්තලා.මං ගිහින් කාර් එකට ගොඩ උනේ ශාක්ය දිහා බලාගෙමයි.ඒ මූණත් අද එච්චර හරිනෑ.
"මොකද නිකන් අමුතු විදිහකට බලන්නේ.."
ශාක්ය කාර් එක පාරට දාලා මගේ අතකුත් අල්ගෙ තමයි ඇහැවේ.
"ඔයා අද හරි වෙනස්..මොකද්ද සුදු අයියා උනේ..?"
"අපි කොහෙට හරි ගිහින් කතාකරමු සුදු.."
ශාක්ය කියද්දි මං ආයේ මුකුත්ම කියන්න ගියේ නෑ.ශාක්ය කාර් එක හරවව්වේ අපි මුල්ම දවසේ ගියපු එයාගේ යාළුවගේ ඇනෙක්ස් එකට.
"සුදු අයියේ ඇයි අපි මෙහෙ යන්නේ..?"
"මට ඔයත් එක්ක නිදහසේ කතා කරන්න ඕන සුදු.."
ආයේ ඉතින් මං මුකුත් කියව්වේ නෑ.දැන්නම් හොදටම විශ්වාසයි ශාක්ය ඉන්නේ පොඩි පහේ ප්රශ්නෙක නෙමෙයි කියලා.
ශාක්ය ඇනෙක්ස් එකේ දොරත් ඇරගෙන ඇතුලට ගියේ මගේ අතිනුත් අල්ලගෙන.එයා දොරත් වහලා පුටුවකට බර දුන්නේ මාවත් ළගින්ම වාඩි කරගෙන.
"හරි මහන්සියි සුදු..තිබහයි තේ එකක් බොමු.."
ශාක්ය අහද්දි මං එයා දිහා බැලුවේ පුදුමයෙන්.ඇයි දෙයියනේ අනුන්ගේ තැනකට ඇවිත් කාගෙවත් බඩු අදින්න මේ මට පුලුවන්ද..?
"එත් සුදු අයියේ ඒක හරිද අනුන්ගේ ගෙදරකට ඇවිත් බඩු අදින එක..".
"අයියෝ ඒකට මොනවා වෙනවද සුදු..මෙතන මට නුපුරුදු තැනක්ද.."
"ඒ ඉතින් ඔයාටනේ.."
"හරි හරි යන් මාත් එන්නම් කුස්සියට.."
අපි දෙන්නත් එක්කම කුස්සියට ගියා.ෂා කුස්සියනම් මාර පිළිවෙලයි අප්පා.මං වතුර රත් කරන අතරේ ශාක්ය සීනි තේ කුඩු බොතල් එහෙම හොයලා ගත්තා.ඒයාටනම් මේ කුස්සිය හොදට හුරුයි වගේ.
"ඔ.අයි.සි මහත්තයට කුස්සියේ වැඩ හොදට පුලුවන් නේද..?"
"ආ දැන් පත්තර නෝනා හිතාගෙන ඉන්නේ මට කුස්සියේ වැඩ බෑ කියලද..?"
"මෙච්චරකල්නම් හිතුවේ එහෙම තමා..අද දැනගත්තා හොරු අල්ලන්න වගේම කුස්සිය වැඩත් පුලුවන් කියලා.."
මං හිනාවෙව් කියද්දි ශාක්ය මගේ කම්මුලක් සිපගත්තා.අපි දෙන්නා ඉතින් කොලන් කර කරම තේ දෙකකුත් හදාගෙන ආපහු සාලෙට ඇවිත් වාඩි උනා.
"ෂා මගේ හාමිනේගේ තේ එකනම් පන්කාදු පහයි..වෙද පප්පාගේ අරිෂ්ටේ වගේ.."
"ආ ඇත්තද..අහන්නත් සතුටුයි.."
"ඒකනේ සතුටු හිතෙන උත්තරයක් දුන්නේ.."
"හරි හරි දැන් කියන්කෝ ඔය හිත ඇතුලේ හිර කරගෙන ඉන්න ප්රශ්නේ මොකක්ද කියලා .."
මං අහද්දි ශාක්ය මං දිහා බලාගෙන ඉදලා එකපාරටම මාව තුරුලු කරගත්තේ මාව අන්ද මන්ද කරලා.
"සුදු අයියේ.."
"මට උඹ ගැන බයයි රත්තරන්..උඹට මොනවා හරි උනොත් මට ජිවත් වෙලාවත් වැඩක් නෑ.."
ශාක්ය කිව්වේ ඇස්වලත් කදුලු පුරවගෙන.මේ මොකද අද මගේ කොල්ලට වෙලා තියෙන්නේ.
"අනේ මොකද සුදු අයියා මේ..මට කවුරුත් මුකුත් කරන්නේත් නෑ..මට මොනවත් වෙන්නෙත් නෑ.."
"ඒත් උෟ ඔයා පස්සේ එනවා සුදු.."
ශාක්ය කියද්දි මං අන්ද මන්ද වෙලා ගියා.මොනවා ගැනද ශාක්ය මේ කියන්නේ..?කවුද මගේ පස්සෙන් එන්නේ..?
"කවුද සුදු අයියා මගේ පස්සෙන් එන්නේ..?"
"ගිවන්ත..ගිවන්ත ඔයා පස්සේ පිස්සු බල්ලෙක් වගේ පන්නනවා සුදු.."
ශාක්ය කියද්දි මං සීතල වෙලා ගියා.මට මතක්උනේ ගිවන්ත මං දිහා බලන බැල්ම.
"ඒ..ඒ මොකටද සුදු අයියේ.."
"ඌ ඔයාට වහවැටිලා ඉන්නේ..මොනවා හරි ක්රමයකින් ඌට ඕන ඔයාව.."
"ඔයා කොහොමද දන්නේ ගිවන්ත මගේ පස්සෙන් එනවා කියලා.."
"එදා ඔයා ගිවන්තගේ ඇගේ හැප්පු දවසේ ඉදන් මං හිටියේ ඌ ගැන ඇහැ ගහගෙන..ඌ ඔයා යන හැම තැනකටම පස්සෙන් ආවා.."
අනේ දෙවියනේ ඒක අහද්දිනම් මගේ ඇගත් එක්ක හිරි වැටිලා ගියා.ගිවන්ත තමන්ට හිත යන කෙල්ලව හොදින් හරි නරකින් හරි ලබාගෙන තමයි පස්ස බලන්නේ.
"අනේ සුදු අයියේ මට බයයි වගේ දැන්නම්.."
"බයවෙන්න එපා සුදු මැණික..මං උඹට මුකුත් වෙන්න ඉඩ තියන්නෑ.."
ශාක්ය මාව තුරුලු කරගෙන කියද්දි මට දැනුනේ ලොකු ආරක්ෂාවක්.ඒත් ගිවන්ත දැනගත්තොත් මගේ බොයිප්රේන්ඩ් ශාක්ය තියලා ඒ අය ශාක්යටත් කරදර කරයි.
"මට බයයි සුදු අයියේ..මට ඔයා ගැන බයයි මහත්තයෝ.."
මං ඇස්වල කදුළු පුඑවගෙන කියද්දි ශාක්ය මාව තවත් තදින් තුරුලු කර ගත්තා.
"මට මුකුත් වෙන්නෑ මැණික..ඔයා බයවෙන්න එපා.."
"ඒ උනාට අර ඇමතියි ගසියයි ඉන්නේ ඔයා එක්ක හොදටම තරහින්..ඇයි සුදු අයියා හැමදේම දැනගෙන ඒ අයව ඇරස්ට් කරන් නැත්තේ.."
මට වෙලාවකට ශාක්ය එක්කත් තරහයි.ඇමති කරන වැඩ දැනගෙනත් ඌව ඇරෙස්ට් කරන් නැතුව බලාගෙන ඉන්නවා.
"ඒ ඇමති කෙනෙක් සුදු..ඒ මනුස්සයාව ඇරෙස්ට් කලොත් ඊ ළග තත්පරේදි ඌ එළියට එනවා..ඒ ඇවිත් මගෙන් පලිගන්න ඕනම දෙයක් කරයි..මගේ ගෙදර අයට උනත් කරදරයක් කරන්න බැරි නෑ..මට මිනිහාට විරුද්දව ලොකු ශාක්ෂියක් හොයාගන්න වෙනවා.."
ශාක්යගේ කතාව ඇත්ත දේවක ඇමති කියන්නේ මනුස්සයෙක් නෙමෙයි තිරිසනෙක්.ඌ මිනියක් මරන්න උනත් දෙපාරක් හිතන් නෑ.
"ඉතින් එහෙම ශාක්ෂියක් කොහෙන් හොයා ගන්නද..?"
"ශාක්ෂි දෙකක් තියනවා..හැබැයි කොහොම හරි ඒ දෙක මගේ ළගට ගන්න ඕන.."
ශාක්ය ඒ කියපු හතර බීරි කතාවනම් මේ මට පොඩ්ඩක්වත් තේරැනේ නම් නෑ.මෙයා මේ මොනවා කියවනවද මංදා.
"මට ඔයා කියන දේ තෙරෙන්නෑ සුදු අයියේ.."
"ඔයා නොදන්න කතාවකුත් මෙතන තියනවා සුදු අයියේ.."
"ඒ මොකක්ද..?"
මං ඇහැවේ කුතුහලයෙන්.මං නොදන්න දේ දැනගන්නකල් මේ මට දැන් ඉවසිල්ලක් නෑ.
"මේකයි ඇමතිව කොටුකර ගන්න ඇමතිගේ දුවයි වයිෆුයි ඕන.."
"ඒ කිව්වේ අංජනායි ඇන්ටියිද..?"
මං ඇහැවේ ඇස් ලොකු කරගෙන.ඇමතිව කොටුකර ගන්න අංජනාලා මොකටද..?
"නෑ සුදු අංජනා නෙමෙයි..වන්දනා.."
"වන්දනා..ඒ කවුද ඒ..?"
මං ඇහැවේ කුතුහලයෙන්.ශාක්ය කියන කිසි දෙයක් මටනම් තෙරෙන්නෑ.
"ඒත් දේවකගේ දුවක් තමයි..ඇමති වෙන ගෑණු කෙනෙක් එක්ක සම්බන්දයක් තිබිලා තියනවා..ඇමතිගෙයි වජිරාගෙයි දුව තමා වන්දනා..මට ඕන ඒ වන්දනයි වජිරයි.."
ශාක්ය කියාගෙන යද්දි මං අහගෙන හිටියේ පුදුමයෙන්.එක අතකට පුදුම වෙන්න දෙයකුත් නෑ.ඇමතිට මේ වගේ සම්බන්දයක් නොතිබ්බානම් තමා පුදුම.ඇයි ඉතින් ඇමතිට යන යන තැන ගෑණුනේ.
"ඉතින් ඒ අයගෙන් කොහොමද සුදු අයියේ ඇමතිව කොටුකර ගන්නේ..?"
"වජිරයි වන්දනයි දේවකගේ හැම හොර වැඩක්ම දන්නවා..ඇමතිගේ වැඩ වලට ඒ දෙන්නවත් එකතු කරගෙන තියෙන්නේ..
හරියට අංජනයි එයාගේ අම්මයි වගේ.."
හරියට අංජනයි එයාගේ අම්මයි වගේ.."
"එතකොට ඔයා කියන්නේ අංජනාලත් මේ වැඩ වලට උදව් කරනවා කියලාද..?"
මං අහද්දි ශාක්ය ඔලුව හෙල්ලුවා.දෙවියනේ මෙයාලා අංජනා ගැන අරක මේක කිව්වට ඇත්තටම මම හිතුවේ නෑ අංජනායි ඇන්ටියිත් මේකට සම්බන්ද ඇති කියලා.එතකොට ඇමති මේ හැම ගේමක්ම දෙන්නේ මුළු පවුල් පිටින්ම එකතුවෙලා.
"ඉතින් සුදු අයියේ වන්දනාලා කොහෙද ඉන්නේ.."
"දන්නෑ සුදු හැබැයි කොහෙ හරි හැංගිලා ඇත්තේ.."
"ඒ මොකටද..?"
"මේකයි දැන් වන්දනයි වජිරයි ඇමති එක්න ඒ දේවල් කරන්නෑ..ඒත් ඇමතිට ඕන ආයේ ඒ දෙන්නව ඒ වැඩවලට එකතු කරගන්න..එහෙම නැත්තම් මරලා දාන්න..මොකද ඇමතිගේ හැම රහසක්ම ඒ දෙන්නා දන්නවා.."
ශාක්ය කියද්දි මං ඒ දේවල් අහගෙන හිටියේ කල්පනාවෙන්.සමහර විට ඇමතිම මේ අම්මවයි දුවවයි හංගගෙන ඉන්නවද දන්නෑ.මොකද ඒ කට්ටිය මේ දේවල් පොලිසියට කියයි කියන බයට.
"සුදු අයියේ මං මේ ගැන ආටිකල් එකට දාන්නද..?
"දැන්ම එපා සුදු අපි ඒ අය ගැන හොයා ගත්තාම දමු.."
ඊට එහා මං මුකුත් ඇහැවේ නෑ.සමහර විට මේක පත්තරේ පල උනොත් ඒ දෙන්නගේ ජිවිතත් නැතිවෙයි.
ශාක්ය ආපහු එනින් ගමන් මට උපදෙස් පත්තරයක් දුන්නා.තනියම ගෙදරින් බහින්න එපා..කොහේ හරි යනවනම් එයාට කියන්න..ඒ වගේ එක එක උපදෙස් ගොඩක් දුන්න.
ශාක්ය මාව ගෙදර පේන දුරින් කාර් එකෙන් බස්සවලා මං ගෙදරට යනකල්ම බලාගෙන හිටියා.මගේ කොල්ලා පවු.මං ගැන ගොඩක් බයෙන් ඉන්නේ.අපේ ගෙදරින් මේ ගැන දැනගත්තොත් එහෙම මට ගෙදරින් එළියට බහින එකත් තහනම් කරයි.
********************************************
මායි චුටියි ලොකුගෙයි ශාක්යා අක්කිගෙයි සම්බන්දේ ගැන අම්මිටයි තාත්තිටයි කින්වේ ලොකුට හොරෙන්.ඒ දෙන්නනම් ශාක්යා අක්කිට එක පයින්ම කැමති උනා.
"ඒ දරුවනම් සීදේවි දරුවා.."
අම්මි කියද්දි චූටි හැක හැක ගහලා හිනාවෙනවා.
"මොකද චූටි හිනාවෙන්නේ..?"
"නෑ අම්මි අපේ ගෙදරත් ඉතින් ඉන්නවානේ සීදේවි දරුවෙක්..අනෙක් සීදේවිත් මෙහෙට ආවාහම දෙන්නා එක්ක ගේ පෙරලයිද දන්නෑ.."
චූටි අයියා හැක හැක ගගා හිනාවෙද්දි අම්මියි තාත්තියිත් හිනාවෙනවා.මං චූටි දිහා බැලුවේ තරහින්.
"යනවා යන්න බුරුවා.."
මං චූටිගේ අත මිරිකුවේ හොදටම තරහින්.
ඌයි බුරුවි රිදුනා.."
"හොද වැඩේ.."
චූටි එයාගෙත අත අතගාගා කියද්දි මං එයාට දිව දික්කරා.එයා ඉතින් මට රවනවා.මං බයවෙයි එයාගේ රැවිලි වලට.
"හරි හරි දැන් ඕක නවත්තන්න..මං හෙටම පොරේරා එක්ක මේ ගැන කතා කරන්නම්.."
තාත්ති කිව්වේ අපි දෙන්නගේ කොලම් වලට හිනා වෙවිමයි.
"ඔව් ඒක හොදයි..මේවා කල් අරින් බෑ කාවිංග.."
"හැබැයි තාත්ති මේ ගැන ලොකුවත් ශාක්යා අක්කිවත් දැන ගන්න බෑ.."
"ඒ මොකද සුදු.."
අම්මි ඇස්දෙකත් නළලේ තියාගෙන පුදුමෙන් අහද්දි තාත්තිත් මං දිහා බැලුවේ පුදුමෙන්.ඇත්තනේ ඉතින් මේ දේවල් දැනගන්න ඕනම අයට කියන්න එපා කියද්දි පුදුම නැද්ද..?
"අපි හිතාන ඉනනේ එයාලට සප්ප්රයිස් එකක් දෙන්න.."
"අපි කිව්වේ..?"
"මායි.. සුදුයි..සුදු මල්ලියි තුන්නො..හැබැයි අයිඩියා එක සුදුගේ.."
චූටි කියද්දි අම්මියි තාත්තියි හිනා උනා මිස වෙන මුකුත් කිව්වේ නෑ.
තාත්ති කිව්වා වගේම පහුවදාම පේරේරා අංකල් එක්ක ලොකුයි ශාක්යා අක්කි ගැනයි කතාකරලා.තාත්ති කිව්වෙනම් අංකල්ලා එක පයින්ම මේ යෝජනාවට කැමති උනා කියලයි.
මටනම් ඉතින් මාරම හැපි.තාත්ති අංකල් එක්ක කතා කරලා අංකල්ලාගේ ගෙදර යන්න දිනයකුත් දාගෙන.හැබැයි මේ හැම දෙයක්ම සිද්ද උනේ අර දෙන්නට හොරෙන්.
මටනම් ඉතින් මාරම හැපි.තාත්ති අංකල් එක්ක කතා කරලා අංකල්ලාගේ ගෙදර යන්න දිනයකුත් දාගෙන.හැබැයි මේ හැම දෙයක්ම සිද්ද උනේ අර දෙන්නට හොරෙන්.
"ඔන්න මං හැමෝටම කියන්නේ හෙට කවුරුත් කිසි වැඩක් දා ගන්න බෑ..හෙට අපි ගමනක් යනවා.."
රෑ කෑම මේසේදි තාත්ති එයාගේ හැමෝටම ඇහෙන්න එයාගේ අන්තිම තීරණේ කිව්වා.
"කොහෙද තාත්ති හෙට යන්නේ..?"
"හෙට පේරේරලාගේ ගෙදර යන්න ඕන චූටි ..අපි හැමෝටම එහේ එන්න කිව්වා.."
"ඒ මොකටද..?"
"සුදු දන්නවද හෙට ශාක්යාව බලන්න මනමාලයෙක් එනවලු.."
තාත්ති කියද්දි ලොකුගේ කටේ තිබුන බත් කටත් පිට උගුරේ ගියා.පොර එකසිය ගානට කහිනවා.
"මොකද ඕයි හිමින් කනවකෝ..අපි කවුරුත් තමුසේගේ බත් එක උදුරගෙන කන් නෑ.."
චූටි ලොකුගේ පිටට තට්ටු කර කර කිව්වේ මට ඇහැකුත්ගහලා.මං ලොකුට වතුර විදුරුව ලංකරද්දි එයා ඒක අරගෙන එක හුස්මට බීගෙන ගියා.
"මොකද ලොකු.."
"මුකුත් නෑ අම්මා.."
ලොකු එහෙම කිව්වට ඉන්නේ අප්ෂට් එකේ කියලා අපි හැමෝටම තෙරේනවා.තමන්ගේ කෙල්ලව බලන්න මනමාලයෙක් එනවා කිව්වාම මොන කොල්ලද අප්ෂට් නොයන්නේ.ඒ උනාට ලොකු දන්නෑනේ මනමාලයා එයා කියලා.
"ඉතින් තාත්ති ශාක්යා අක්කි බලන්න එන මනමාලයාගේ විස්තර කිව්වේ නැද්ද..?"
චූටි හොරෙන් ලොකු දිහා බලලා අහද්දි මාත් එයා දිහා බැලුවේ හොරෙන්.බත් එක අතගගාම ලොකු බර කල්පනාවක.
කිව්වා චූටි..බෝයිනම් අපේ ලොකු වගේලු..බිස්නස් තමයිලු කරන්නේ.."
"ආ එහෙනම් හෙට මනමාලයා ලොකු කියලා ශාක්යා අක්කි රැවටෙයිද දන්නෑ.."
ලොකු කිසි කතාවක් නෑ.අනේ ඉතින් එයා දන්නෑනේ අපි මේ කතා කරන්නේ එයා ගැන කියලා.අද ලොකු දුකින් වගේ පව්.
"මට නිදිමතයි මං නිදාගන්න යනවා.."
ලොකු එහෙම කියාගෙනම නැගිටලා යන්න ගියේ අපි කියන දේවල් අහගෙන ඉන්න බැරුව වගේ.මටයි චූටිටයි මුණෙන් මුණ බැලුනා.අපි දෙන්නට එකවැරම හිචිස් ගාලා හිනා ගියා.
පහුවදා උදේම අපි ලෑස්ති උනේ අපේ ලොකුගේ මනමාලි බලන්න යන්න.ඒත් ඉතින් ලොකු දන්නෑනේ මනමාලයා එයා කියලා.
අද ලොකුනම් මාරම හැන්ඩියි.කළු කලිසමට ළා නිල්පාට අත්දිග ෂට් එකක් ඇදලා ෂට් එකටම හරියන ටයි එකක් දාලා මනමාලයා අදනම් මාර ගති.
"හම්මේ බලහල්ලකෝ මුගේ හැඩ..මනමාලයා වගේ.."
ලොකු දැකපු ගමන් චූටි කෑ ගහනවා.ඒත් ලොකු ඉන්නේ හොදටම මුඩ් ගහලා කියලා අපි හැමොටම තෙරුනා.තව ටික ලොවකින්ඔය දුක නැතිවෙලා ඔය මූණට හිනාවක් එයි.
"වගේ මොකද හලෝ..මනමාලයෙක් තමයි නැද්ද ලොකු.."
මං කියද්දි ලොකු හිනාඋනේ අඬන්න බැරි කමට වගේ.
"තාත්ති මං මේ ගමන අනිවාර්යෙන්ම එන්න ඕනිද..?"
ලොකු හිටපු ගමන් අහද්දි හැමෝටම එයා දිහා බැලුනා.
"නැතුව තමුසේ අනිවාර්යෙන්ම එන්න ඕන ..තමුසේ නැතුව අපි ගිහින් අල තම්බන්නයෑ.."
චූටි එහෙම කියාගෙනම ලොකුවත් ඇදගෙනම වාහනේට ගොඩ උනා.
අපි ශාක්යලාගේ ගෙදර යද්දි කට්ටියම මඟ බලාගෙන හිටියා හැබැයි ශාක්යා අක්කිනම් පේන්න නෑ.මාව දැක්ක ගමන් ඇන්ටි මං එයා ළගට ගත්තා.
"මොක ඉලන්දාරියා මේ මූණ කළු කරගෙන.."
අංකල් ලොකුගේ කර වටේ අත දාගෙන කිද්දි ලොකු මුකුත්ම නොකියා හිනා උනා.
"අනේ මං දන්නෑ බං..මෙහේ එන්නත් බෑ කිව්වා..චූටි බලෙන්ම ඇදගෙන ආවා.."
"අන්න අපේ කෙනත් මූණ කළු කරගෙන කාමරේට වෙලා අඬ අඬා ඉන්නවා.."
ඇන්ටි කියද්දි ලොකුට ඇන්ටිගේ මූණ දිහා බැලුනා.අප්පා මේ අයටත් මාර විදිහට ඇට් කරන්න පුලුවන්නේ.
"අපි මේ දරුවන්ට නරකක් කරන්න හදනවා නෙවෙයිනේ කාවිංග.."
"නැතුව නැතුව දැන් කීයටද මනමාලවා එන්නේ..?"
තාත්ති ඇහැවේ හොරෙන් ලොකු දිහා බලාගෙන.එයානම් බිම්බරුවා වගේ බිම බලාගෙන ඉන්නවා.
"එයාලා එද්දි වෙලායයි කාවිංග..එතකන් අපි මොනවා හරි කාලා තේ බොමු.."
පේරේරා අංකල් කියද්දි ලොකු හුල්ලනවා මට හොදටම ඇහුනා.
අපි තේ මේසේ වාඩි වෙද්දි ශාක්ය මට කෙලින්ම වාඩිවෙලා මං දිහාම බලාගෙන හිටියා.මං එයාගෙන් ඇයි කියලා ඇහැවේ ඇස් වලින්.ඒත් එක්කම මගේ ෆොන් එකට මැසෙජ් එකක් ආවා.මැසේජ් එක ශාක්යගෙන්."අද හරි ලස්සනයි සුදු මැණික .."
මැසේජ් එකේ තිබුනේ එහෙම.මං ශාක්ය දිහා බලද්දි එයා හිනාවෙනවා.මං සෙරේප්පු දෙක ගලවලා ශාක්යගේ කකුල් දෙක උඩ මගේ කකුල් දෙක තියාගත්තා.එයාගේ කකුල් දෙක හරි රස්නෙයි.
මං තේ බිලා ඉවරවෙනකල්ම ශාක්යගේ කකුල් දෙක උඩින් කකුල් අහකට ගත්තේම නෑ.
ඔන්න ඉතින් දැන් තමයි හොදම හරියට එලබෙන්නේ.දැන් ඉතින් අපෙ මනමාලයට මනමාලිව පෙන්නන වෙලාව.
ඇන්ටි ශාක්යා අක්කිවත් එක්කගෙන උඩ ඉදන් පහලට බහිනවා.එයා බුලත් හෙප්පුවත් අරගෙන බිම බලාගෙන අපේ ලොකු දිහාවට එනවා.මට බැලුනේ ලොකු දිහා.එයාත් බිම බලාගෙනම ඉන්නවා.
ශාක්යා අක්කි බිම බලාගෙනම ඇවිත් ලොකු ළග හිටගත්තා.ලෝකු කිසි ගානක් නැතුව බ්ම්බරුවා වගේ බිම බලාගෙනම ඉන්නවා.ඒ දෙන්නා දිහා බලාගෙන ඉන්න අපිට හිනා.
ලොකු බිම බලාගෙන ඉන්න නිසා චූටි එයාට අතින් ඇන්නා.එතකොට තමයි ලොකු ඔළුව උස්සලා බැලුවේ.එයා ඉස්සරහා හිටගෙන ඉන්න ශාක්යා අක්කි දිහා ලොකු බලාගෙන හිටියේ ඇස් නළලේ තියාගෙන.
"මොකද හලෝ බයවෙලා වගේ ඉන්නේ.. තමුසේ තමයි ශාක්යා අක්කිගේ මනමාලයා.."
මං රහසින් කියද්දි ලොකු නැගිට්ටේ අපි හැමෝ දිහාම බලන ගමන්.එයාටනම් මේක හිතාගන්න බෑ වගේ.
ලොකු ශාක්යා අක්කි අතේ තිබුන බුලත් හෙප්පුව ගද්දි තමයි ශාක්යා අක්කි ලොකු දිහා බැලුවේ එයාගේ පුදුමේ කොච්චරද කියනවනම් එයාගේ කටත් ඇරිලා.අපිටනම් ඉතින් හිනා.
ලොකු ශාක්යා අක්කි අතේ තිබුන බුලත් හෙප්පුව ගද්දි තමයි ශාක්යා අක්කි ලොකු දිහා බැලුවේ එයාගේ පුදුමේ කොච්චරද කියනවනම් එයාගේ කටත් ඇරිලා.අපිටනම් ඉතින් හිනා.
"මොකද හලෝ බයවෙලා වගේ ඉන්නේ..ඔය තමයි තමුසේගේ මනමාලයා..මැස්සෝ රිංගයි කට වහාගන්නවා.."
ශාක්ය කියද්දි අක්කිගේ කට වැහිලා මූණත් රතුඋනා.එයා හැදුවේ කාමරේට දුවන්න.ඒත් ශාක්ය එයාට යන්න නොදි අතින් අල්ල ගත්තා.
"කොහෙද දුවන්න හදන්නේ..අපි හැමෝම දන්නවා තමුසේලාගේ ලව් එක ගැන.."
ශාක්ය කියද්දි ලොකුයි ශාක්යා අක්කියි අපි දිහා බැලුවේ ඇස් ගෙඩි දොඹ ගෙඩි කරගෙන.
"ඒ..ඒ..කොහොමද..?"
"ඇයි අපිට සී.අයි.ඩී නෝනා කෙනෙක් ඉන්නවානේ.."
ශාක්ය කියද්දි ලොකුයි ශාක්යා අක්කි මං දිහා බැලුවේ ඇස් පුංචි කරලා.
"මේ මේ මං විතරක් නෙමෙයි චූටිත් එදා එතන හිටියා හරිද..?"
"එදා කොහොමද දෙන්නා හිටපු විදිහ..හරියට කුරුලු ජෝඩුවක් වගේ..අපි දෙන්නා ඉතින් කුරුලු ජෝඩුවට ඩිස්ටබ් කරන්න ආවේ නෑ.."
චූටි කියද්දි දෙන්නාගේ මූණවල් ලැජ්ජාවෙන් රතුවෙලා.
"හම්මේ මේ බලහල්ලාකෝ දෙන්නගේ ලැජ්ජාව.."
"කරන්න හොදයි කිවුවාහම තමා නරක.."
ශාක්යයි චුටියි විහිළු කරද්දි දෙන්නා ලැජ්ජාවෙන් ඇඹරෙනවා.
"හරි..හරි..දැන් මැදැ ඔය විහිළු කරා.."
තාත්ති කියන්න ඇත්තේ ඒ දෙන්නා ලැජ්ජාවෙන් රතුවෙලා ඇඹරි ඇඹරි ඉන්න නිසා වෙන්න ඇති.අපිත් ඉතින් ජෝඩුව විහිළුවකට ගන්න එක තාවකාලිකව නතර කරා.
**********************************************
මං කල්පනා කලේ වජිරවයි එයාගේ දුවවයි හොයාගන්න විදිහක් ගැන.ශාක්යටත් තාම ඒ දෙන්නා ගැනහරි තොරතුරක් හොයා ගන්න බැරිවෙලා.ඒ අය ගැන කිසිම දෙයක් නොදන්න මං කොහෝමද ඒ දෙන්නා ගැන හොයන්නේ..?අඩුම ෆොටෝ එකක්වත් තියනවානම්.මටනම් තෙරෙන්නෑ ඒ දෙන්නා ගැන කොහෙන් හොයා ගන්නද කියලා.
"දේවා ඔහොම කල්පනා කරලා වැඩිය ඔළුව වෙහෙස ගන්න එපා.."
පාරා මගේ ළගින්ම වාඩිවෙලා කියද්දි මට එයා දිහා බැලුනේ ඉබේටමයි.
''හිතන් නෑ පාරා හිතෙනවා..ඔයාවත් දන්නැද්ද වජිරයි වන්දනයි ඉන්න තැනක් ගැන.."
"නෑ දේවා මං හිතන්නේ ඒ දෙන්නා ඉන්නේ හැන්ගිලා.."
"ඔයා කොහොමද හරියටම එහෙම කියන්නේ..?"
"මේකයි මේ දවස් ටිකේ දේවකත් වජිරාව හොයනවා..දේවක ඒ අයව හන්ගගෙන ඉන්නවානම් ඒ විදිහට හොයන් නෑනේ.."
ඒකත් ඇත්ත එතකොට මේ මිනිස්සු කොහෙද ඉන්නේ..?දේවකට හම්බ උනත් ඒ දෙන්නවනම් මරණ එකක් නෑ.මොකද ඉතින් ඒ දේවකගේ දුවයි වයිෆුයිනේ.ඒත් දේවකට කලින් අපි ඒ දෙන්නව හොයා ගන්න ඕනි.
"අනේ මට තෙරෙන්නෑ පාරා.. මේවා ගැන හිතද්දි මට නිකන් පිස්සු වගේ.."
තව ටික දවසක් යද්දි මට අංගොඩටම යන්නවෙයිද දන්නෑ මෙහෙම ගියොත්නම්.
"ඔයා මේ ප්රශ්නේට පැටලුනේ මං නිසා..මට සමාවෙන්න දේවා.."
"සමාව ඉල්ලන්න තරම් වරදක් ඔයා මට කරලා නෑ පාරා..මං මේ දේවල් කරන්නේ ආසාවෙන්..මේ සමාජේ වෙන ඕනම අසාදාරන වැඩකට එරෙහිව මං සටන් කරනවා.."
"මං වෙනුවෙන් කරන දේවල් වලට පිං දේවා.."
ඇත්තටම මං මේ දේවල් කරන්නේ පිං බලාගෙන නෙමෙයි.ඒත් ඉතින් මේ මං මුකුත් නොකිව්වේ පාරාගේ හිත රිදෙයි කියලා.ආ මට අමතක උනානේ මේ පාරා හොල්මනියක් කියලා.හොල්මනිට රිදෙන්න හිතක් තියනවද දන් නෑ.
"යාළුවො අතරේ ඔය පිං පව් නෑ බං..මං උඹ වෙනුවෙන් ඕන දෙයක් කරනවා.."
මං කිව්වේ ඇත්තටම.මං කියද්දි පාරා මගේ මූනණ අතගාන්න හදලා ආයෙම අත අහකට අරගෙන වාඩිවෙලා හිටපු තැනින් නැගිට්ටා.
"කොහෙද යන්න හදන්නේ..?"
"දේවකගේ ගෙදර..ආයේ පාරක් මේ මිනිහා මොකක් හරි වන්නමක් නටන්නයි හදන්නේ..ඒ ගැන ඇහැ ගහගෙන ඉන්න තරමට ඇගට ගුණයි.."
ඔව් ඒකත් ඇත්ත.මෙදා පොටේ මොනවගේ ගින්නක්ද දන්නෑ.මොනවා නැතත් මගේ ආටිකල් එකට දාගන්න විස්තර ටිකක් ලැබුනොත්තම් ලොකු දෙයක්.
පාරා ගියාට පස්සේ මං ඇදේ එහෙට මෙහෙට පෙරලි පෙරලි හිටියේ කම්මැලි කමේ.අද අම්මිත් තාත්ති එක්ක ඔෆිස් ගිහින්.සිරිලුයි කුසුමයි හිටියත් ඉතින් නෑ වගෙනේ.මං ඉතින් ඇදට වෙලා පෙරලි පෙරලි ඉද්දි දන්නෙම නැතුව නින්ද ගියා.
තද නින්දක හිටපු මං ගැස්සිලා ඇහැරුනේ මගේ මූණේ මොනවාදෝ වැදෙනවා දැනුන නිසා.මං ඇස් ඇරලා බලද්දි මගේ ඇද උඩ වාඩිවෙලා මගේ මූණ අතගාන කෙනා දැක්කාම මං හොදටම කලබල උනා මට ඇද උඩ වාඩි උනේ ඉබේටමයි.
මට මගේ ඇස් දෙක අදහාගන්න බැරි උනා.දෙවියනේ මගේ ඇද උඩ වාඩිවෙලා හිටියේ ගිවන්ත.මං ගිවන්තව ඇද පල්ලෙන් තල්ලු කරලා දැම්මේ තරහින්.මං තල්ලුකරපු පාරට ගිවන්ත හොදටම බිමට වැටුනා.
"මොකද්ද උඹ ඒ කරපු වැඩේ..?"
ගිවන්ත තරහින් කෑ ගහද්දි මං ටක් ගාලා ඇදෙන් බිමට පැන්නා.ගිවන්ත නැගිටලා මගේ දිහා බැලුවේ තරහින් ඇස් රතු කරගෙන.මේ මං බයවෙයි ඔය තරහට.
"තමුසේ මොනවද ඕයි මගේ ගෙදර මගේ කාමරේ කරන්නේ..?යනවා මෙහෙන් එළියට.."
මං කෑ ගැහැවෙනම් පොඩි පහේ තරහකින්නම් නෙමෙයි.මගේ හිතට පුංචිම බයක්වත් නෑ කිව්වොත්නම් ඒක බොරුවක්.ඒත් මං මගේ බය පිටට එන්න දුන්නේ නෑ.
"යන්න කොහේ යන්නද..?මං අද යන්නේ උඹවත් අරගෙන.."
"හිතාගෙන ඇති මාව අරගෙන යන්න..සිරිල්.. සිරිල්..සිරිල්.."
මං මහා හයියෙන් කෑ ගහද්දි ගිවන්ත මහා හයියෙන් හිනාවෙනවා.ෂික් හිනාවේ කැත විතරක්.ඊට හපන් මේ සිරිලයා කොහේ ගියාද..?
"අද උඹව බේර ගන්න කවුරුත් එන්නෑ.."
ගිවන්ත එහෙම කිය කියා මගේ ළගට එද්දි මේ දේවට හින් දාඩිය දැම්මා.ගිවන්ත මගේ ළගට එද්දි මං පස්සෙන් පස්සට ගියා.
"ගිවන්ත මගේ ළගට විතරක් එන්න එපා. එහෙම උනොත් මොනවා වෙයිද දන්නෑ.."
"පුළුවන් දෙයක් කරපන්..හැබැයි උඹ අද මගෙන් බේරේන් නෑ.."
ගිවන්ත ඇදගෙන හිටපු ෂට් එකත් ගලවලා කියද්දි මේ දේවට තරු පෙනුනා.හිතේ තියන බයටත් වඩා මට තිබුනේ අම්බානක තරහක්.අද තමයි මු මේ දේවගෙන් පාඩමක් ඉගෙන ගන්නේ ආයේ ඉතින් අමතක නොවෙන්නමයි.
ගිවන්ත මට ලංවෙද්දි මගේ ඇස් ගියේ මගේ කණ්නාඩි මේසේ උඩ තියන වීදුරු මල් වාස් එකට.
"ගිවන්ත තමුසේ මගේ ළගට ආවොත් මං තමුසෙට හොද වැඩක් කරනවා.."
මං කියද්දි ගිවන්ත මහා හයියෙන් හිනාවෙනවා.චැක් මට පේන්නම බැරි හිනාව තමයි ඕක.මං පස්සෙන් පස්සට ගිහින් හිටගත්තේ කණ්නාඩි මේසේ ළග.හිනාවෙවි මං ළගට ලංවෙන ගිවන්ක දිහා මං බලාගෙන හිටියේ කට කොනකට හිනාවෙලා.
ගිවන්ත මට ලංවෙලා මගේ අතින් අල්ලන්න හදනවත් එක්කම මං කණ්නාඩි මේසේ උඩ තිබුන මල්වාස් එක අරගෙන ගිවන්තගේ ඔළුවටම පතබෑවා.ගිවන්තට එක පාරක් දෙද්දි මල් වාස් එක කුඩු.
"බුදු අම්මෝ.."
ගිවන්ත කෑ ගහගෙනම ඔළුවත් බදාගෙන කෙහෙල් ගහක් කපලා දැම්මා වගේ බිමට වැඩුනේ ලේ පෙරාගෙන.ගිවන්ත බිම වැටෙනවත් එක්කම මගේ කාමරේට කඩා වැදුනේ ශාක්ය .ශාක්ය දැක්නා විතරයි මට ඇඬුනා .
"අනේ සුදු අයියා.."
මං අඬාගෙනම එයා ළඟට දුවද්දි ශාක්ය පැනපු ගමන් මාව බදාගත්තා.
"මගේ මැණික කරදරයක් නෑ නේද..?"
ශාක්ය මගේ ඔළුව සිපගෙන අහද්දි මං නෑ කියන්න ඔළුව හෙල්ලුවේ අඬ අඬාමයි.මං කලේ ශාක්යව බදාගෙන අඩන එක විතරයි.එතකොට තමයි කෙදිරි ගාගා වැටිලා හිටපු තැනින් ගිවන්ක නැගිට්ටේ ඔළුවත් අල්ලගෙනමයි.ඒ වෙලාවේ ශාක්ය මාවත් පැත්තකට තල්ලු කරලා ගිවන්ත ළගට පැන්නේ බඩගින්නේ ඉන්න සිංහයෙක් වගේ.
"උඹ මොකද්ද යකෝ අර කෙල්ලට කරන්න හැදුවේ.."
ශාක්ය කෑ ගැහැවේ ගිවන්තගේ කම්මුලටත් පාරක් ගහලා.ගිවන්ත පිස්සුවෙන් වගේ හිනාවෙද්දි ශාක්ය එයා දිහා බලාගෙන හිටියේ තරහින් ඇස් දෙකත් රතු කරගෙන.මට ශාක්ය දිහා බලන්නත් බයයි වගේ.
"මං මොනවා කරත් උඹට මොකද..?උඹටත් ඕනනම් මං ගත්තාට පස්සේ දෙන්නම්.."
ගිවන්ත කියද්දි මං හිරි වැටිලා ගියා.ශාක්ය චාටාස් චාටාස් ගාලා ගිවන්තගේ කම්මුල් දෙපැත්තට ගැහැවේ හොදටම තරහින්.ගිවන්ත කියන්නේ මහා ජරා මිනිහෙක්.
"මොකද්ද උඹ කිව්වේ..මං ඉන්නකල් මගේ කෙල්ලගේ කෙස් ගහකටවත් අත තියන්න මං ඉඩ දෙන්නෑ..උඹ දැන ගනින් මේකි මගේ පණ යකෝ..උඹ අත තිබ්බේ මගේ පණට.."
ශාක්ය තරහින් වියරු වැටිලා කෑ ගැහැවේ ගිවන්තට හොදටම ගහන ගමන්.ගිවන්තට ශාක්යගේ පාරවල් දරා ගන්න බැරුව බිම ඇදගෙන වැටුනා.
"උඹ උඹේ ඇමති තාත්තාගේ පාට් මේ මට දාන්ව එන්න එපා..මං උඹේ තාත්තට බයවෙන ජාතියේ මිනිහෙක් නෙමෙයි.."
ශාක්ය ගිවන්තට බිම පෙරලගෙන ගගහා කෑ ගහද්දි මං ගිහින් එයාගේ අතේ එල්ලුනේ එයාගේ තරහා ගැන හොදටම දන්න නිසා.
"අනේ එපා සුදු අයියේ ඔය ඇති..ඔහොම ගැහැවොත් ඔට මිනිහා මැරෙයි.."
මං ශාක්යව පැත්තකට ඇදලා ගත්තේ බොහොම අමාරුවෙන්.ශාක්ය තරහින් වෙවුලනවා.
"උඹ දැන ගනින් මං උඹවයි උඹේ මහාලෙකෙු තාත්තවයි ලේසියෙන් අතාරින් නෑ.."
ශාක්ය කෑ ගහද්දි තවත් පොලිසියේ දෙන්නෙක් එක්න කාමරේට ආවේ අපේ ගෙදර අය.ගිවන්ත වැටිලා ඉන්න දිහයි අපි දිහයි ගෙදර අය බැලුවේ මාරුවෙන් මාරුවට.
"අනේ මගේ රත්තරන්.."
අම්මි අඬාගෙනම ඇවිත් මාව බදාගෙන මගේ මුළු මූණම සිපගත්තා.මං කලේ හෝ ගලා අඩපු එක.
"සුදු මගේ මැණික හොදින් නේද..?"
තාත්ති ඇවිත් අම්මිවයි මාවයි දෙන්නම බදාගත්තා එයාගේ ඇස්වලත් කදුළු .ඒ විතරක්නම් බැරියැ මගේ චණ්ඩි අයියලා දෙන්නගේ ඇස්වලත් කදුළු පිරිලා.
"අපි බය උනා සුදු ඔයාට මොනවා හරි උනානම් අපි ජිවත්වෙලත් වැඩක් නෑ.."
ලොකු කියද්දි මං ගිහින් ඒ දෙන්නව බදා ගත්තා.ඒ දෙන්නනම් මාව බදාගත්තේ කවුරු හරි එයාලගෙන් මාව උදුරගනියි කියලා වගේ.මගේ ගෙදර අය මට මේ තරම්ම ආදරේද..?
"නාලක මූව අරගෙන යනවා.."
"හොදයි සර්.."
ගිවන්තව පොලිසියේ අය උස්සගෙන ගියාට ගිවන්තගේ ලේ තාම මගේ කාමරේ තියනවා.මටනම් දැන් මේ කාමරේ ඉන්නත් බෑ බෑ වගේ.
"අම්මිලා කොහොමද මේ ගැන දන්නේ..?''
මට තිබුන ලොකුම ප්රශ්නේ ඒක .ඔෆිස් එකේ හිටපු හතරදෙනාම එකවැර ගෙදර දුවගෙන ආවේ මේ ගැන නොදැන වෙන්න බෑනේ.
"අපිට සුදු පුතා තමයි කෝල් කරලා කිව්වේ.."
තාත්ති කියද්දි මට බැලුනේ ශාක්ය දිහා.එයා දැන ගත්තේ කොහොමද කියලානම් මට අමුතුවෙන් කියන්න ඕනි නෑනේ.මෙයා ඉතින් පැය විසිහතර පුරාවටම මට සිකියුරිටි එකක් දාලානේ තියෙන්නේ.
"සුදු මල්ලි කොහොමද දන්නේ ගිවන්ත අපේ ගෙදර ආවා කියලා.."
චූටි අහද්දි ශාක්ය බැලුවේ මං දිහා දැන් ඉතින් දිපල්ලකෝ උත්තර.
"මං ගිවන්ත ගැන ඇහැ ගහගෙන අයියේ හිටියේ..මං මිනිහා පස්සෙන් පොලිසියේ කෙනෙක් දාලයි තිබුනේ.."
අනේ අම්මෝ මේ කොලුවා කියන බොරු.එයා පොලිසියේ කෙනෙක් දාලා තියෙන්නේ මගේ පස්සේ.
"ඉතින් මට ඒ ඔෆිසර් කිව්වා ගිවන්ත ආවේ මෙහාට කියලා මං සුදුට කෝල් ගත්තාට එයා ෆෝන් එක ආන්සර් කරපු නැති නිසයි මං ලොකු අයියට කෝල් ගත්තේ..ඔයා කිව්වනේ සුදු තනියම ගෙදර කියලා..ඉතින් මං ටක් ගාලා මෙහේ අාවා..හැබැයි මං එද්දි අපේ චණ්ඩි රැජිණ ගිවන්තට ගහලා බිමත් වට්ටවලා.."
ශාක්ය කියද්දි අම්මි තවත් ටිකක් තදින් මාව තුරුලු කර ගත්තා.
"මේකි ඔය වගේ දෙයක් නොකලොත් තමා පුදුම.."
චූටි කියද්දි මං එයාට රැවුවා.එයාලත් ඉතින් දන්නවා මේ දේවා කියන්නේ කවුද කියලා.
"එතකොම මේ සිරිලුයි කුසුමයි කොහෙද ගියේ මෙච්චර දෙයක් වෙනල්.."
තාත්තිගේ ප්රශ්නේම තමයි මේ මටත් තියෙන්නේ.මං ඒ වෙලාවේ සිරිල්ට කොච්දර කතා කරාද..?
අපි ගිහින් සිරිල්වයි කුසුමවයි හැම තැනම හොයව්වත් ඒ ජෝඩුව කොහෙවත් නෑ.මේ ජොඩුවට මොනවා උනාද..?
"කවුරුත් නැද්දෝ.."
හිටපු ගමන් කවුදෝ මහා හයියෙන් කෑ ගහනවා ඇහුනා.අපි කට්ටිය කන් දුන්නේ කෑ ගහන්නේ කොහෙද කියලා දැන ගන්න.
"අනේ සුදු බේබි අපිව එළියට ගන්න.."
ඒ කෑ ගහන්නේ සිරිල්.ඒත් කොහේ ඉදලද කෑ ගහන්නේ.
"ඒ සිරිල් නේද..?කොහේ ඉදන්ද ඒ කෑ ගහන්නේ..?"
තාත්ති එහෙම කියාගෙනම කුස්සියේ දොරෙන් එළිය දිව්වා.අපි ඉතින් තාත්ති පස්සෙන්ම දිව්වා.
"සුදු බේබි.."
ආයෙත් සිරිල් කෑ ගහනවා.ඒ කටහඬනම් ආවේ එළියේ තියන ගබඩා කාමරේ ඇතුලෙන් අපි ගිහින් බලද්දි කාමරේ දොරට ඉබ්බත් දාලා.
"සිරිල් තමුසේ ඇතුලෙුද..?"
"ඔව් ලොකු සර්.. අනේ අපිව එළියට ගන්න සර්.."
සිරිල් හරියට කෑ ගහන්නේ ඇතුලේ ඉදන් මිනිහව කවුරු හරි මරන්න හදනවා වගේනේ.අනෙක ඉතින් මේ මිනිහා වහපු ගබඩා කාමරේ මොනවද කරන්නේ.අනෙක කුසුමා කොහෙද..?
"කොහොමද මනුස්සයෝ තමුසේ මේක ඇතුලට ගියේ..?"
"මායි කුසුමයි මේක සුද්ද කර කර ඉද්දි කවුදෝ ඇවිත් මේකේ දොර වැහැවා සර්.."
ආ එතකොට කුසුමත් මේක ඇතුලෙමද..?
"මේකේ යතුර කොහෙද..?"
"දන් නෑ සර්.."
No comments:
Post a Comment