Tuesday, April 28, 2020

දෙවාශි - 8

ශාක්ය ගිවන්තව ඇරෙස්ට් කරාට ගිවන්ත හොස්පිට්ල් ඇඩ්මිට් කරලා. දේවක ඇමති ඇවිත් ශාක්යටත් තර්ජනය කරලා ගිවන්තව නිදහස් කරගෙන ගිහින් ශාක්යනම් හිටියේ වෙඩිකාපු ඌරෙක් වගේ.මෙදා පාරනම් දේවක ඇමතියි ගිවන්තයි දෙන්නගේ පස්සෙන් පන්න පන්න ශාක්ය පලිගනියි.මං දන්නවනේ එයාගේ තරම.
ඇත්තටම මේක මහා අසාදාරනයි.ඇමතිලාට එක නීතියක්.අපි වගේ සාමාන්ය මිනිසුන්ට තව නීතියක්. ඇමතිලා ඇමතිලාගේ පවුලේ අය වරදක් කරලා පොලිසිය ඇරෙස්ට් කරහාම ඊ ළග තත්පරේදි ඒ අයව එළියට ගන්නවා.සාමාන්ය මිනිසු ඇතුලේ.නීතියනම් හැමොටම පොදුවෙන්න ඕන.
මෙදා පොටේනම් ඔය තාත්තවයි පුතාවයි බෙල්ල මුලින්ම අල්ල ගන්නේ ආයේ ගැලවෙන්නවත් බැරිවෙන්න.
මං ඇද උඩ වාඩිවෙලා ලැප් එකට එබිලා කියව කියව හිටියේ ආටිකල් එක.ආටිකල් එකේ වැරදි අඩුපාඩු හදලා අදම චන්දන සර්ට ආටිකල් එක මේල් කරන්න ඕනි.
මං ගැස්සිලා ගියේ එකපාරටම කාමරෙන් ඇහුන සද්දේට.මම කොච්චර බය උනාද කියනවනම් තව ටිකෙන් ලැප් එකත් බිම.පපුවත් ඩිග් ඩිග් ගානවා මං වටපිට බලද්දි මගේ කාමරේ මේසේ පාවෙනවා.මේවා ඉතින් හොල්මනිගේ වැඩනේ.නැත්තම් ඔය වගේ වැඩ මේ මට කරන්න පුලුවන්ද..?
මං ඒ දිහා බලලා ඉස්සරහා බලද්දි මෙන්න බොලේ පාරා මගේ ඉස්සරහා. සත්තයි ඒ වෙලාවෙනම් මේ දේවා හොදටම බය උනා.ඊට හපන් මේ මගේ හිතට ආපු තරහා ගැනනම් කියලා වැඩක් නෑ.
"මොකද හොල්මනියේ බය කරන්නේ..මගේ පපුව තාමත් ගැහෙනවා.."
මං පපුවටත් අත තියාගෙන තරහින් කියද්දි මෙන්න බොලේ මේ හොල්මනි බක බක ගගා හිනාවෙනවා.ඇත්තමයි මේ මට එන තරහනම් කියලා වැඩක් නෑ.
පාරා හිනාවෙන දිහා මේ මං බලාගෙන හිටියේ පාරට රවාගෙන.මේ හොල්මනිගේ කැකිරි පැලෙන හිනාව ගෙදර කාට හරි ඇහුනොත් ඉවරයි.
"මොකද හලො ඔච්චර හිනාවෙන්නේ..?"
"මට මතක් උනා එදා මාව දැකපු පළවෙනි දවසේ ඔයා මට බයවෙච්ච විදිහ.."
පාරා ආයෙත් හිනාවේවි කියද්දි මං එයාදිහා බලාගෙන හිටියේ මූණත් බුම්බගෙන.මෙයාට හරි හිනා.එදා මං කොච්චර බය උනාද..?එදා තරම්නම් මං කාටවත් එහෙම බයවෙලා නෑ.දැන්නම් ඉතින් පාරා හොල්මනක් කියන එක ගානක්වත් නෑ.
"හරි හරි නවත්ත ගන්නවා ඔය කැකිරි හිනාව..ගෙදර අයට එහෙම ඇහුනොත් ඉවරයි.."
"හරි හරි සොරි.."
පාරා එහෙම කියාගෙන ඇවිත් මං ළග වාඩි උනේ මං දිහාම බලාගෙන.
"මොකද ප්රශ්නයක්ද පාරා.."
"ඔව් ටිකක් ලොකු ප්රශ්නයක් .."
පාරා මං දිහා බලාගෙන කිද්දි මේ මට හිතුන දෙයක් තමයි මේ ප්රශ්නේනම් බරබතල දෙයක් කියන එක.
"මොකද්ද දැන් ප්රශ්නේ ..?"
"⁣ඔයා ගොඩක් පරිස්සන් වෙන්න ඕන දේවා.."
"කාගෙන්ද මං පරිස්සන් වෙන්න ඕනි.."
"ගිවන්තගෙන්..ගිවන්ත ඉන්නේ ඔයා එක්ක තරහින් දේවා..ඌ හදන්නේ ඔයාව උස්සන්න.."
පාරා කියද්දිනම් මේ මගේ මුළු ශරිර කුඩුවම හිරි වැටිලා ගියා.ශාක්ය බයේ ඉන්නෙත් ගිවන්ත මට කරදරයක් කරයි කියලා.ගිවන්තට මට මොනවා හරි කරනවා කියන එක මහා ලොකු දෙයක්නම් නෙමෙයි.
"අනෙක තමයි දැන් දේවකත් ඔයා ගැන හොයනවා..".
"දේවක මොකටද මං ගැන හොයන්නේ..?"
"තමන්ගේ පුතාට ගහලා පොලිසියට භාරදිපු කෙල්ලව දේවක ලේසියෙන් අතාරියි කියලා හිතනවද..?"
එහෙනම් ඉතින් මේ තාත්තාගෙනුයි පුතාගෙනුයි ⁣බේරිලා ඉන්න බැරි හැඩයි.මටනම් මොනා උනත් කමක් නෑ මට බය මගේ කොල්ලා ගැන.ඒ කොල්ලට ඇමතියා මොනවා හරි කරදරයක් කරයි කියලා මං ඉන්නේ හොදටම බයෙන්.අනේ දෙවියනේ මගේ කොල්ලටනම් කිසිම කරදරයක් වෙන්න එපා.
**********************************************
මං මිදුලට වෙලා බලාගෙන හිටියේ සිරිලුයි කුසුමයි දිහා.දෙන්නා බරටම වත්තේ වැඩ.මේ ඩබල ගැන මගේ හිතට මේ තරම් සැකයක් දැනෙන්නේ ඇයි කියලා මේ මටනම් තෙරෙන්නෑ.එදා ඒ දෙන්නගේ කාමරෙන් ඇහුන පිරිමි කටහඬ කාගෙ වෙන්න පුළුවන්ද..?එදා ඉදන් සිරිල් ගැනයි කුසුමා ගැනයි මගේ හිතේ තිබ්බ සැකේ ඩබල් උනා.
ඒ එදා සිද්දියෙන් පස්සේ මං මේ ජෝඩුව ගැන ඇහැ ගහගෙන හිටියේ.ඒත් අද වෙනකල් මට සැක හිතෙන විදිහේ කිසිම දෙයක් අහු උනේ නෑ.ඒත් ඉතින් මේ දේවා උත්සහයනම් ඇතැරලා නෑ.හැන්ගි හැන්ගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එළිපිටනේ. ඔය හොර ළගදිම මං එළිකර ගන්නම්කෝ.
මගේ කල්පනා ලෝකේ බිදිලා ගියේ ගෙදර ගෙට්ටුවට කවුදෝ තඩිබානවා ඇහුන සද්දෙට.යකෝ ඔහොම ගේට් එකට ගැහැවොත් ගේට් එක ගැලවිලා යයි.ගහන එකා හිතාගෙන ඉන්නේ මේවා එයාගේ අම්මාගේ තාත්තාගේ බුදලේ කියලද දන්නෑ.
සිරිල් ගිහින් ලේට් එක අරිද්දි සිරිලුත් තල්ලු කරගෙන කඩාන බිදගෙන ගේ දිහාවට එන කෙනා දැක්කාම මට පුදුම හිතුනා.
ඒ ආවේ අංජනා.අංජනා මොකද මෙහේ කරන්නේ.වෙච්ච දේ හැටියට මං හිතුවේ නෑ මෙයා ආයේ මෙහෙ එයි කියලා.
අංජනා එන විදිහටනම් මට ඇල්ලුවේ නෑ. මොකක් හරි මරාලයක් මගේ ඔළුවට කඩාපාත් වෙන්නද දන්නෑ මේ යන්නේ.
"අංජනා ඔයා මොකද මෙහේ..?"
මං අහද්දි ගෑණි මං දිහා බැලුවේනම් පොඩි පහේ තරහකින් නෙමෙයි.අද තමයි මං අංජනාගේ මූණේ තරහක් තියනවා දැක්නේ.වෙනදාට මගේ ඉස්සරහා රගපාන්නේ උපාසක චරිතයක්නේ.
"මං ආවේ තමුසෙට හොද දෙකක් කියලා යන්න.."
"අනේ ඇත්තද එහෙනම් කියමුකෝ බලන්න.."
මං අත්දෙකත් පපුවේ බැදගෙන සමච්චලයට කියද්දි අංජනා මං දිහා බැලුවේ මාව මරන්න තරම් තරහකින්.ඇත්තටම අංජනා මං ඉස්සරහා රඟපෑවේ මොන තරම් අහිංසක චරිතයක්ද..?පාරායි ශාක්යයි අංජනා ගැන ඇත්ත නොකිව්වනම් මාත් අංජනාට රැවටෙන්න තිබුනා.
"තමුසේ මොනයද ඕයි මගේ අයියට කරපු බලු වැඩේ.."
මේ බලහල්ලකෝ මෙයාගේ කතාව.හරියට මෙයා කතා කරන්නේ මෙයාගේ මහා ලොකු අයියණ්ඩි මුකුත්ම නොකරපු ගානටනේ.අනේ අම්මපා ඔය වෙලාවට තමයි මේ දේවාගේ රතු කට්ටත් පනින්නේ.
"මේ අංජනා මමනම් බලු වැඩ කලේ නෑ.. තමුසෙගේ අයියා තමයි බලු වැඩ කලේ.."
"ආ ඇත්තද..? එතකොට තමුසේ මගේ අයියාගේ ඔළුව පලලා පොලිසියට භාරදුන්න එක බලු වැඩක් නෙමෙයිද.."
"අපෝ නෑ..ඒවා ඉතින් ඔයාගේ මහ ලොකු අයියණ්ඩි කරන්න ගියපු බලුවැඩේට මේ මං දිපු තෑග්ග.."
මං හිනාවෙලා කියද්දි අංජනා අත ඉස්සුවේ මට ගහන්න.ඒක දැනුන මං ටක් ගාලා අංජනාගේ අත අල්ලගත්තා මට හිතයි මේකිගේ හොම්බට හැටක් දෙන්න.මං ඉතින් තරහාව පාලනය කරගත්තේ බොහොම අමාරුවෙන්.
"තමුසේ අත ඉස්සුවේ මට ගහන්නද..? මේ දේවාත් එක්ක ඒ සෙල්ලම් බෑ.."
"දෙවාශි තමුසේ දන්නෑ මේ අංජනා කියන්නේ කවුද කියලා.."
අංජනා කෑ ගහද්දි ඇත්තටම මට මහා හයියෙන් හිනා ගියා.මෙයා ගැන කවුද නොදන්නේ.මං අල්ලගෙන හිටපු අංජනාගේ අත අහකට දැම්මේ හිනාවෙවිමයි.
අංජනාටනම් මලපැනලා වගේ.
"තමුසේ ගැන මං හොදට දන්නවා අංජනා..මං තමුසේව ආශ්රය කලේ තමුසේ මොන වගේ කෙල්ලක්ද කියලා දැනගෙන තමයි.."
"ඒහෙනම් හොදයි..මතක තියාගන්නවා දෙවාශි මං තමුසේව ලේසියෙන් අතාරින්නෑ..
ඔන්න ඕවට තමයි මේ දේවාගේ යකා ඇවිස්සෙන්නේ.මෙයා හිතාන ඇති මෙයා මෙතන අඩිය හප්පලා කෑ ගහද්දි මේ මං බයවෙයි කියලා.
"ඇයි මට මොනවා කරන්නද..?තමුසෙගේ මහාලොකු ඇමති තාත්තට කියලා අර පාරමී වගේ මාවත් මරණවද..?"
මං තරහින් කෑ ගහද්දි අංජනා මං දිහා බලාගෙන හිටියේ ඇස් දෙකත් ලොකු කරගෙන.මං ඒ වගේ දෙයක් කියයි කියලා අංජනා හිනෙන්වත් හිතන්න නැතුව ඇති.
"මොකද තමුසේ ගල් ගැහුනේ..මං සද්ද නැතුව හිටියට මං මේ හැම දෙයක්ම දන්නවා..තමුසේ උඩ පැනලා මගේ කට අවුස්ස ගන්න හදන්න එපා.."
මං කියද්දි අංජනාගේ හුලං බැස්සා වගේ.මං ලේසියෙන් ඔය ඇමති පවුල අතාරින් නෑ.අද හෙටම ඇමතිට ඇමති පට්ටම දාලා තමයි දුවන්න වෙන්නේ.
"මොකද සුදු මේ කෑ ගහන්නේ..?"
මෙන්න බොලේ අපේ අම්මිත් ඇවිත්.අපේ අම්මිටත් ඉතින් ඕවනම් ඇහෙනවා.
"නෑ අම්මි මුකුත් නෑ.."
අංජනා කියපු දේවල් අම්මිට කිව්වොත් එහෙම අම්මි මෙතන බයවෙලා ඩෙගා නටයි.
"එහෙනම් ඔච්චර කෑ ගහන්නේ..අනෙක මේ ළමයා මොකද මෙහේ කරන්නේ..?"
අම්මි අංජනා දිහා බැලුවෙනම් අමනාපයෙන්.ඇයි ඉතින් ගිවන්තගේ නංගිනේ.
"ආ මෙයා අපෙන් සමාව ගන්න ඇවිත්.."
මං කියද්දි අංජනා මට රැව්වා රැවිල්ලක් ආයේ ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ.
"අනේ මං කාගෙන්වත් සමාව ගන්න ආවේ නෑ.."
"එහෙනම් මොකටද මෙහේ ආවේ..
කරුණාකරලා මෙහෙන් යන්න ආයේ මෙහෙ එන්න එපා.."
අම්මි අමනාපයෙන් කියද්දි අංජනා අම්මි දිහයි මං දිහයි බලාගෙන හිටියේ ඇස් ගිනි බෝල කරගෙන.
"හරි මං යන්නම් හැබැයි මතක තියාගන්නවා අර හොස්පිට්ල් එකේ ඉන්න මගේ අයියාට මොනවා හරි උනොත් තමුසේව ලේසියෙන් අතාරින්නෑ..
"හා මං හැන්ගෙන්න බිත්තර කට්ටක් හොයාගෙන ඉන්නම්කෝ.."
මං කියද්දි අංජනා අම්මිටයි මටයි ගස්සගෙනම යන්න ගියා.අංජනා ගේට් එක ළගට ගිහින් එයාගේ බෑග් එකෙන් කොළයක් අරගෙන බිම දැම්මා.සිරිල් ඒ කොලේ අහුලගෙන හන්ගගන්නවා මං බලාගෙන.මොකද්ද යකෝ ඒ උනේ.හොද වෙලාවට ඒ දෙන්නාට මාව මීටර් උනේ නෑ.
හරි ඔහොම යන්කෝ මං හැම දෙයක්ම හොයා ගන්නම්කො.
පාරායි ශාක්යයි කියනවා වගේ අංජනා කියන්නෙනම් හොද කෙනෙක් නෙමෙයි කියලා අද මං මගේ ඇස් දෙකෙන්ම දැක්කා.මං එදා පාරේදි අංජනාට උදව් කලේ කාගේ කවුද නොදැන.අංජනා ලේසියෙන් මාව අතාරින් නෑ වගේ මාත් එයාව ලේසියෙන් අතාරින්නෑ.
*********************************************
මං වෙනදටත් වඩා සිරිල් ගැනයි කුසුමා ගැනයි ඇහැ ගහගෙන හිටියේ එදා අංජනාගේ සිද්දියෙන් පස්සේ.සමහර දවස් වලට රෑට මං ඒ දෙන්නගේ කාමරේ ළගට ඇවිත් කන් දෙන්නේ අර පිරිමි කටහඬ ඇහෙනවද කියලා.ඒත් එහෙම ඇහුනේ නෑ.
මං අදත් මහා රෑ පාරත් එක්කම සිරිල්ගේ කාමරේ ළඟට ආවේ වෙනදා වගේම සි.අයි.ඩි වැඩේට.අදනම් මේ සිරිලගේ හොරේ අල්ල ගන්න ඕන.
"කෝ හලෝ සද්දයක්වත් නෑනේ.."
පාරා මගේ කනට කරලා රහසින් කියද්දි මාත් හොදට කන් දුන්නා. ඇත්තටම ඇතුලේ සද්දයක් නෑ.මට එකපාරටම කුස්සියේ දිහයින් සද්දයක් ඇහුනා.මං එහෙට යන්න හැදුවේ සද්දේ මොකද්ද කියලා බලන්න.මං යන්න හදද්දි මෙන්න බෝලේ සිරිල් කුස්සිය දිහා ඉදන් එනවා.මං ටක් ගාලා බිත්තියට මුවා උනා.
මං බිත්තියට මුවාවෙලා බලාගෙන හිටියේ සිරිල් යන දිහා.සිරිල් ගියේ එයාගේ කාමරේට.සිරිල් කාමරේට ගිහින් දොර වහද්දි මාත් කාමරේ දිහාව ලංඋනා.
"මොකද උනේ වැඩේ හරිද..?"
මටයි පාරාටය් මූණේන් මූණ බැලුනේ පිරිමි කටහඬක් කාමරේ ඇතුලෙන් ඇහෙද්දි.ඒනම් සිරිල්ගෙ කටහඬනම් නෙමෙයි එදාත් මට කාමරේන් ඇහුනේමේ කටහඬම තමයි.
"ඔව් හරි..බොස් කිව්වා වැඩේට දවසක් කියන්නම් කියලා.."
"පව් බං මටනම් කෙල්ල ගැන දුකයි..හරි හුරතල් කෙල්ල.."
මුන් දෙන්නා මේ කවුරු ගැනද කතාවෙන්නේ..?මේ දෙන්නා මේ කියන කෙල්ල කවුද..?ඒ කෙල්ලට මුන් දෙන්නා මොනවද කරන්න හදන්නේ..?
"පව්නම් තමයි මටත් දුකයි. ඒත් අපිට කරන්න දෙයක්නෑ..මේ බොස්ගේ ඕඩර්.."
"සුදු බේබිව උස්සලා අපිට මේ ගෙදරනම් ඉන්න බැරිවෙයි සිරිල්.."
අර මිනිහා කියද්දි මේ මං ගැස්සිලා ගියා.යකෝ මුන් දෙන්නා හදන්නේ මේ මාව උස්සන්නද..?අනෙක අර මනුස්සයත් ඉන්නේ අපේ ගෙදරමද..?අනේක මේ අය කියන බොස් කවුද..?මුන් මේ කියන බොස් දේවක හරි ගිවන්ත හරි වෙන්න බැරිද..?අනේ මංදන් නෑ අප්පා මගේ ඔළුවත් අවුල් වෙනවා.
"දේවා අපි දැන් මොකද කරන්නේ..?"
පාරා මගේ කනට කරලා රහසින් අහද්දි මාත් කල්පනා කලේ මොකද කරන්නේ කියලා.අදනම් කොහොමහරි මේ ත්රිබලව කොහොම හරි අල්ල ගන්න ඕන.නැත්තම් ඉතින් මේ දේවා ඉවරයි.
"ටිකක් හිතමු..."
"මේ ඇහෙන අනිත් කටහඬ එදා ඔයාට ඇහුන කටහඬමද..?"
"ඔව් පාරා ඒ මේ කටහඬම තමයි.."
ඒ ගැනනම් මේ මට සීයට දෙසියක් ෂුවර්.මං දහාඅතේ හිතුවේ කොහොමද මුන් තුන්දෙනාව එළියට ගන්නේ කියලා.දෙරෙට ගැහැවොත් එදා වගේ අර මිනිහා අතුරුදන් වෙයි.ඔන්න ඉතින් මගේ ටිකිරි මොලේට ටින්කිරි අදහසක් ආවා.
මං කරන්න ඕන දේ පාරාට රහසින් කියද්දි එයා මං දිහා බලලා හිනා උනේ අමුතු විදිහකට.අද තමයි සිරිල්ගෙයි කුසුමගෙයි වෙස් ගැලවෙන දවස.
පාරා ගිහින් කාමරේ දොර ඉස්සරහින් හිට ගනිද්දි නිකම්ම කිරිස් ගාලා දොර ඉබේටම ඇරුනා.ඊට පස්සේ පාරා ඇතුලට ගියපු ගමන් ආයේ දොර වැහුනා.දැන් තමයි ඉතින් සෙල්ලම පටන් ගන්නේ.
"අනේ කවුරුත් නැද්ද අනේ අපිව බේර ගන්න.."
කාමරේ ඇතුලෙන් සිරිල්ගේ ලතෝනිය ඇහෙනවා.ෂා මරු මරු අපේ හොල්මනි මරුවට වැඩේ දෙනවා.
"බුදු අම්මො හොල්මනක් හොල්මනක්.."
ඔය ඇහෙන්නේ අනිත් මළකඩ වොයිස් එකත්.ඒ ඩබල කෑ ගහද්දි අපේ මුළු ගෙදරම ලයිට් පත්තු උනා.ඒ කියන්නේ අපේ වැඩේ හරි ගෙදර අයත් ඇහැරලා.
"කවුද සුදු කෑ ගහන්නේ..?"
තාත්ති ඇවිත් අහද්දි අම්මියි අයියලා දෙන්නයිත් එතනට ආවා.
"සිරිල්ගේ කාමරේන් තාත්ති ඇහෙන්නේ..තවත් කාගෙද මන්ද කටහඬක් ඇහෙනවා.."
"මොකද්ද.."
මං එහෙම කියද්දි අපේ ගෙදර අයත් පුල් හොල්මන් වෙලා.
"සිරිල්..සිරිල් මොකද මනුස්සයෝ කෑ ගහන්නේ..මේ දොර අරිනවා.."
තාත්ති දොරට ගැහැවට කිසිම හාවක් හුවක් නෑ ඒ ගමන.පාරා මුන් දෙන්නට මොනවා කරලද දන්නෑ.
"අනේ මේ හොල්මනගෙන් අපිව බේරගන්න කවුරුත් නැද්ද ..?"
ආ ඔය ඇහෙන්නේ අර මළකඩ වොයිස් එක.ඒ වොයිස් එක ඇහෙද්දි අපේ ගෙදර අය මූණෙන් මූණ ඉලාගත්තා.
"ඒ කවුද ඒ.."
"අනේ මං දන්නෑ තාත්ති..".
ඒත් එක්කම කාමරේ දොර ඇරගෙන කුසුමයි සිරිලුයි එළියට ආවා.
"අනේ අනේ අපි ළගට එන්න එපා.."
හෑ මෙන්න බොලේ කතාකරන්න බැරි කන් ඇහෙන්නැති කුසුමා පිරිමි කට හඬකින් කෑ ගහනවා.අපේ ගෙදර අය තුෂ්නිම් බූත වෙලා බලාගෙන ඉන්නවා ඇත්තටම මටත් පුදුමයි කතා කරන්න බෑ කිව්ව කුසුමා කොහොමද කතා කරන්නේ..? ඊටත් පිරිමි කටහඬකින්.
මොනවා නැතත් දෙන්නා හොල්මනිනට ගජරාමේට බය වෙලා. හොද වෙලාවට හොල්මනි මෙතනට ආවේනැතතේ නැත්තම් අපේ ගෙදර අයත් බයවෙයි.
සිරිලුයි කුසුමයි තාම කෑ ගහනවා.මං ගිහින් කුසුමාගේ කොණ්ඩෙන් ඇද්දේ මගේ හිතට ආව ක්ෂනික අදහසක් නිසා.මෙන්න බොලේ කුසුමාගේ කොණ්ඩේ මගේ අතේ.එහෙනම් මං හිතුවා හරි.
මං බැලුවේ ගෙදර අය දිහා.කට්ටියගේ අස් නළලේ.කටවල් කනේ.ඇයි ඉතින් මෙික පුදුමයක්නේ ඉතින්.
"සිරිල් මොනවද මිනිහෝ මේ වෙන්නේ..? කවුද මේ මිනිහා..? කොහෙද කුසුමා..?"
තාත්ති තරහින් කෑ ගහද්දි අර ජෝඩුව තාත්ති දිහා බලාගෙන හිටියේ බයවෙලා.
"මෙයාම තමයි තාත්ති කුසුමා..මේ මිනිහා තමයි ගෑණු කෙනෙක් වගේ ඇදගෙන ඉදලා තියෙන්නේ.."
මං කියද්දි තාත්තිගේ මූණ තරහින් රතුවෙලා.අම්මියි අයියලා දෙන්නයි හිටියෙත් තරහා ගිහින් තමයි.
"උඹලා දෙන්නා එකතුවෙලා අපිව රැවැට්ටුවා නේද..?"
අයියලා දෙන්නා ගිහින් සිරිල්ගෙයි කුසුමා වගේ ඇදගෙන හිටපු මිනිහගෙයි ගිහින් අල්ල ගත්තේ බෙල්ලෙන්.අදනම් ඉතින් මුන් දෙන්නා ඉවරයි.
"කතාකරපන් කවුද උඹ..ඇයි ගෑණියක් විදිහට ඇදගෙන අපේ ගෙදර ආවේ..?"
චූටි කුසුමා වගේ ඇදගෙන හිටපු මනුස්සයට හොදට ගගහා අහද්දි මිනිහා නෙමෙයි කට හොලවව්වේ.ඊට හපන් සිරිල් ඒ මිනිහත් කොච්චර ගුටි කෑවත් වචනයක්වත් කිව්වේ නෑ.මගේ හිත කියන්නේම පාරාගේ මරණෙට මේ දෙන්නා සම්බන්දයි කියලමයි.
මුන්⁣ දෙන්නා අපිට මුකුත් නොකිව්වට පොලිසියට හැම දෙයක්ම කියයිනේ.මං ගිහින් ශාක්යට කෝල් කරලා විස්තරේ කියදිදි එයා හැරේන තැපැලෙන් අපේ ගෙදරට ඇවිත් සිරිලුයි අනිත් මනුස්සයවයි කුදලගෙන ගියා යන්න.දැන් තමයි මගේ හිතට නිවනක් දැනෙන්නේ.දැන් ඉතින් මගේ සැකේ දුරු උනානේ.

මං ශාක්යව හම්බවෙන්න මේ යන්නේ දවස් ගාණකට පස්සේ.ශාක්ය කරන ජොබ් එකේ හැටියට අපි දෙන්නට නිතර හම්බවෙන්න පුළුවන් කමක් නෑනේ ඉතින්.
වෙනදා වගේම ශාක්ය මාවත් එක්කගෙන ගියේ එයාගේ යාළුවගේ ඇනෙක්ස් එකට.අදනම් වෙනදා වගේ නෙමෙයි ඇනෙක්ස් එකේ දොර ඇරලා ඇතුලේ කීපදෙනෙක්ගේ කටහඬවලුත් ඇහෙනවා.මට ශාක්ය දිහා බැලුනේ ඉබේටම.
"කවුද සුදු අයියා ඇතුලේ ඉන්නේ..අනේ මටනම් බෑ ඇතුලට එන්න.."
මං ශාක්යගේ අතේ එල්ලිලා කිව්වේ ඇතුලට යන්න ලැජ්ජාවක් වගේ දැනුන නිසා.
"මෙන්න මෙහේ පිස්සු නැතුව යමන් බං.."
ශාක්ය මාවත් ඇදගෙනම ගේ ඇතුලට ගියා.අපි යද්දි කොල්ලෝ හතර දෙනෙක් සාලේට වෙලා බර කතාවකයි හිටියේ.
"අම්මද බොල වරෙල්ලා වරෙල්ලා..උඹලා එනකල් තමයි අපි මේ බලාගෙන හිටියේ.."
අපි දෙන්නව දැක්කා විතරයි එක කොල්ලෙක් කෑ ගැහැවා.
"උඹලා ගොඩක් වෙලාද බං ඇවිත්.."
ශාක්ය එහෙම අහගෙනම මාවත් ඇදගෙන ඒ අය ළඟට ගියා.
"නෑ බං දැන් ටිකක් වෙලා.."
"සුදු මේ තමයි මගේ අතිජාත මිත්රයෝ ටික..මේ දිලාන්,මාලක,දිමුතු එතකොට මේ පන්සිළු මුගේ තමයි මේ ඇනෙක්ස් එක.."
ශාක්ය මට එයාගේ යාළුවෝ ටික අදුන්නලා දෙද්දි එයාලා හැමොම මට අතට අත දුන්නා.මාත් ඉතින් හිනාවෙලාම එයාලට අතට අත දුන්නා.ශාක්ය එයාගේ යාළුවෝ ගැන ම⁣ට කියලා තිබුනට අද තමයි දැක්කේ.
"ඉතින් නංගා බබෝ කොහොමද..? ඔයා ගැන අහලා තිබුනට අපි අදනේ ඔයාව දැක්කේ.."
"මාත් ඉතින් එහෙමනේ දිමුතු අයියා.."
මං හිනාවෙලා කියද්දි ශාක්ය මගේ අතින් අල්ලගෙන පුටුවක වාඩිවෙලා මාවත් ඉතින් එයා ළගින්ම වාඩි කරව ගත්තා.
"ඉතින් කොහොමද ජෝඩුවගේ විස්තර එහෙම.."
"මොනා කියන්නද බං මාලක අපි ඉතින් සුවෙන් සතුටින් ඉන්නවා.."
"ඒ බවනම් උඹේ මූණෙන්ම පේනවා.."
"ඇත්තටම නංගා අපි මේකා මෙච්චර සතුටින් ඉන්නවා දැක්කමයි..මූ සතුටින් ඉන්නේ ඔයා නිසා.."
පන්සිළු අයියා කියද්දි මට බැලුනේ ශාක්ය දිහා.ඇත්තටම ශාක්ය නිසා මාත් කොච්චර සතුටින්ද ඉන්නේ.මේ ලොකේ ගොඩක් සතුටින් ඉන්නේ මම වෙන්න ඇති.
"ඔයා දන්නෑ නංගා ඉස්සර ස්කුල් යනකාලේ මු පස්සෙන් කෙල්ලො වැහි වැහැලා..ඒ උනාට මු එකෙක්වත් ගණන් ගත්තේ නෑ..ඒ උනාට මු ඔයා පස්සෙන් ආවනේ.."
දිලාන් අයියා කියද්දි මට ආයෙත් ශාක්ය දිහා බැලුනා එයා මං දිහා බලලා ඇස් පුංචි කරලා හිනා උනා.
"එහෙම තමයි බං බමා කොටපු කෙනානේ අපිට හම්බවෙන්නේ..මේ ඉන්නේ මගේ පණ.."
"උඹේ පණ උනේ ඉතින් මේ පුංචි කෙල්ලනේ.."
දිමුතු අයියා හිනාවෙවි කියද්දි ශාක්ය මාව තුරුලු කරගත්තා.
"මං ඔයාට දෙයක් කියන්නද නංගා..මු වගේ කෙනෙක් ලබන්න ඔයා වාසනාවන්තයි..."
මාලක අයියා කියද්දි මගේ ඇස් දෙකට කදුළු ආවා.මගේ කොල්ලා ගැන හොද කියදිදි ආඩම්බර නැද්ද මට.
"මං දන්නවා අයියේ..සුදු අයියා මං ගැන වදවෙනවා..එයා මටත් වඩා මං ගැන හොයලා බලනවා..හරියට මගේ තාත්ති වගේ..සුදු අයියා තමයි මගේ මුළු ජිවිතේම..මට එයා නැතුවනම් ඉන්න බෑ.."
අන්තිම ටික කියද්දිනම් මට හෝ ගාලා ඇඩුනා.මං අඬාගෙනම ශාක්යගේ පපුවේ මූණ හංග ගත්තා.
"මෙන්න මේකි අඬනවා.."
ඒ නම් දිලාන් අයියගේ කටහඬ.එයා එහෙම කියද්දි ශාක්ය තව ටිකක් මාව තුරුළු කරගත්තා.
"මේකි චණ්ඩි රැජිණ වගේ හිටියට පොඩ්ඩ ඇත්තම් අඩනවා බං.."
ශාක්ය කියද්දි මට තවත් හයියෙන් ඇඩුනා.
"නංගා අපි ආවේ උඹ අඩනවා බලන්න නෙමෙයි හිනාවෙනවා බලන්න.."
දිමුතු අයියා කිව්වට මං නෙමෙයි ඔළුව උස්සලා බැලුවේ.
"සුදු මැණික කෝ ඔළුව උස්සන්න.."
ශාක්ය බලෙන්ම මගේ ඔළුව උස්සලා මගෙ කදුළු පිහදලා මගේ නළල සිපගත්තා.අනිත් අය හිනාවෙලා අපි දිහා බලාගෙන ඉද්දි මට දැනුනේ ලැජ්ජාවක්.මං එහෙම්මම ශාක්යගේ පපුවේ මූණ හංග ගත්තා.
"බලපං උඹේ චණ්ඩි රැජිණගේ ලැජ්ජාව.."
"අනේ යනවා යනන්න.."
මං ඔළුව උස්සන්නේ නැතුව කියද්දි කට්ටිය හිනාවෙනවා.ඇත්තටම සුදු අයියාගේ යාළුවෝ හරි හොදයි.මටනම් දැනුනේ එයාලත් මගේ අයියලා වගේ තමයි.
**********************************************
අදනම් එළියට බහින්න බැරි තරමටම මහා වැස්ස.මෙහේම ගෙදරට වෙලා ඉන්නත් කම්මැලියි අප්පා.දැන්නම් ඉතින් ගෙදර ඉන්නේ අම්මියි මායි විතරනේ.ඇයි ඉතින් සිරිල්ගෙයි කුසුමගෙයි රඟපෑම ඉවරනේ.
ඒ ඩබල පොලිසියට අරගෙන ගියා ගියාමයි කිසිම ආරංචියක් නෑ.ඒ ඩබල මොනවද කිව්වේ කියලා ශාක්ය මට කිව්වේත් නෑ.ඒ උනාට ඒ දෙන්නා ගොඩක් දේවල් කියන්න ඇති කියලා මට හිතුනා.ශාක්ය එක දෙයක් මට කිව්වා.සිරිලුයි කුසුමා වගෙ ඇදගෙනහ හිටපු මනුස්සයයි දෙන්නා දේවකගේ ⁣මිනිස්සු කියලානම් මට කිව්වා.
මගේ කල්පනා ලෝකය විසිරිලා ගියේ මගේ ෆොන් එක රිනග් වෙද්දි.මම හිතුවේ කෝල් කරන්නේ ශාක්ය කියලා.ඒත් ඒකනම් අදුරන්නැති නම්බර් එකක්.මං ෆෝන් එක කනට ගත්තෙත් කුතුහලයෙන්.
"හෙලෝ.."
"හෙලෝ මේ දෙවාශි මිස් නේද..?"
එහා පැත්තෙන් ඇහුනේ මං අහලා පුරුදු නැති පිරිමි කටහඬක්.
"ඔව් මේ කවුද..?"
"මං කවුද කියන එක නෙමෙයි මිස්..මං කියන්න යන දේයි වැදගත්.."
මේ බලපල්ලකෝ මුගේ කතාව.හරියට ඩ්රාමා එකක දෙබසක් වගේ.
"ඊට කලින් මට තමුන් කවුද කියලා ඉන්නවා."
"ඒවා මං පස්සේ කියන්නම්..මිස්ගෙ බෝයි ප්රේන්ඩ් ශාක්ය නේද ..?"
ඒ මනුස්සයා එහෙම කියද්දි මගේ කකුල් දෙකත් පණ නැතුව ගියා.
ඔ..ඔව් ඒ..එයාට මොකද..?"
"එයාටනම් තාම මුකුත් වෙලානම් නෑ.."
අනේ අම්මේ අැති යන්තන්.අම්මෝ මං බයවෙච්ච තරමක්.අනේ මගේ ශාක්යට කිසිම කරදරයක් වෙන්න එපා.එයාව ආරක්ෂා කරන්න දෙවියනේ
"හරි දැන් තමුසේ මොකද්ද කියන්න හදන්නේ.."
"මිස් ශාක්ය එක්ක තියන සම්බන්දේ නතර කරන්න ඕන.."
ඒ මනුස්සයා කියද්දි මට දැනුනේ මගේ හුස්ම ටිකත් නතර උනා වගේ.මේ මිනිහට අමු කැවිලද..?මං මොකටද ශාක්ය එක්ක තියන සම්බන්දය නතර කරන්නේ..?
"මං මොකටද එහෙම දෙයක් කරන්නේ..?අනෙක මට එහෙම කියන්න තමුසේ කවුද..?"
"මං කවුද කියන එක නෙමෙයි මං කියපු දේ කරනවා.."
"මං එහෙම නොකලොත් තමුසේ මොනවා කරන්නද මට.."
"එහෙනම් ගොඩක් කරදර විදින්න වෙයි මිස්..මං කියපු දේ කරනවා.."
"මට බෑ..තමුසේ පුලුවන් දෙයක් කරනවා..මං කවදාකවත් ශාක්යව අතාරින්නෑ..ශාක්ය මගේ.."
මං කෑ ගැහැවේ වියරුවෙන් වගේ.ශාක්ය නැතුව ඉන්නවා තියා මට හිතන්නවත් බෑ.ශාක්ය මගේ මගේ විතරයි.
"නෑ දෙවාශි ශාක්ය මගේ ..මගේ විතරයි.."
ඒ ගමන මට ඇහුනේ වියරුවෙන් වගේ කෑ ගහන ගෑණු කෙනෙකුගේ හඩක්.ඒ කවුද කියලා අදුන ගන්න මේ දේවට මහාහැටි වෙලාවක්නම් ගියේ නෑ.ඒ වෙලාවෙනම් මගේ හිතට ආවේ පොඩි පහේ තරහක්නම් නෙමෙයි .
"රුවන්ගි තමුසේද එතකොට අර මිනිහා ලවා මට තර්ජනය කලේ..?"
"ඔව් මං තමයි..තමුසේ සුදු අයියාගෙන් ඈත් වෙලා ඉන්නවා දෙවාශි .."
"මං ඈත් නොවුනොත් තමුසේ මොනවා කරන්නද..?"
"මං තමුසේට යහතින් ඉන්න දෙන්නා..සුදු අයියා මගේ..මගේ විතරමයි.."
රුවන්ගිගේ කටේ සද්දේ බලහල්ලකෝ අංජනාට දෙවෙනි නෑ.මෙයා හිතාගෙන ඉන්නේ මාව මරනවා කිව්වහම මං බයවෙයි කියලා වෙන්න ඇති.මේ දේවා ඒ වගේ දේවල් වලටනම් බයවෙන්නෑ.
"ඒනම් ඉතින් හීනෙන් තමයි..තමුසේ අමතක කරන්න එපා සුදු අයියා ආදරේ කරන්නේ ම⁣ට කියලා..
"නෑ..නෑ ඒක වෙන්න මං කීයටවත් ඉඩ දෙන්නෑ..තමුසේ මගෙන් මැරුන් නොකා පැත්තකට වෙලා ඉන්නවා.."
"මං මැරෙන්න බය නෑ හලෝ තමුසේ පුළුවන් දෙයක් කරනවා.."
මට ශාක්ය වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුළුවන්.එයා වෙනුවෙන් ඕනම දුකක් විදින්නත් පුළුවන්.
"හරි අපි බලමු.."
"මොනවා බලන්නද..මං සුදු අයියාට කියනවා තමුසේ මට තර්ජ⁣නය කරලා කෝල් කරා කියලා.."
මං කියද්දි මෙන්න බොලේ රුවන්ගි හැක හැක ගගා හිනාවෙනවා.
"සුදු අයියාට කිව්වා කියලා එයා විශ්වාස කරන් නෑ හලෝ එයාට විශ්වාස කරන ශාක්ෂි තියෙන්න ඕන.."
"තමුසේ හිතුවද මං එච්චර ගොං කියලා..මං ළග ඕනවටවත් වඩා ශාක්ෂි තියනවා.."
"මොනවද තියන ශාක්ෂි.."
"දැන් ඔය තමුසෙයි තමුසේගේ මහා ලොකු චණ්ඩියයි කතාකරපු හැමදේම මං රෙකෝඩ් කරා.."
මං එහෙම කිව්වා විතරයි රුවන්ගි ෆෝන් එක කට් කරා.මට ඉතින් තනියම හිනා.ගෑණිනම් ගජරාමේට බයවෙන්න ඇති.අයියෝ ශාන්ති.ඇත්තමයි දේවෝ උඹටත් මාර අදහස්නේ පහල වෙන්නේ.
මං ඉතින් රුවන්ගිට කිව්වේ තනිකර පචයක් රුවන්ගි කියපු ඒවා මං රෙකෝඩ් කරපු එකක් නෑ.අනෙක ඉතින් ශාක්යට මේ දේවල් කියලා එයාගේ ඔළුව අවුල් කරන්න මට ඕනිකමක් නෑ.එයා මේ දවස්වල ඉන්නෙත් ප්රශ්න ගොඩකට මැදිවෙලානේ. තමන්ගේ නංගි මේ වගේ දෙයක් කරා කිව්වාමත් එයාට දුක හිතෙයි.ඒ නිසා මේ දේවල් මගේ හිතේම තිබුනදෙන්.
***********************************************
මං විහාත් එක්ක දේවක ඇමතිගේ හොර බඩු ගුහාවකට ආවේ පාරාගෙන් මට ලැබුන ඔත්තුවකට.යකෝ මේ පත තාප්පේ හින්දා ගේ ඇතුල පෙන්නේ නෑනේ.
"මේ දේවා දැන් යමං බං.."
අනේ අම්මපා විහා මෙතනට ආපු වෙලාවේ ඉදන් ඒකිගේ කටේ තියෙන්නේ යන බනෙමයි.
"යන්න ඕනිනම් අහවල් එකටද යකෝ මගේත් එක්ක අාවේ.."
ඇයි යකෝ මේ මටත් තරහා යනවා.මං එපා කියද්දිමයි මේකි පැනගෙන මගේ පස්සෙන් ආවේ.
"උඹ තනියම එවන්න බැරි හින්දා යෝදියේ මං ආවේ.."
විහා කෑ ගැහැවෙත් තරහින්.මොනවා උනත් මේ දේවා හරි වාසනාවන්තයි මේ වගේ යාළුවෝ ටිකක් ලබන්න.මගේ ඕනම දේකට නෑ බෑ නොකිය මේ තුන්කට්ටුව ඉන්නවා.ඔය මට ගිරිය කඩාගෙන කෑ ගැහැවට උන් මට හරි ආදරෙයි.
"අඩේ ටිකක් හිටපං..අපි ආපු එකේ ෆෝටෝ ටිකක් එහෙමත් අරගෙන යමං.."
"උඹට ගන්න වෙන්නේ මේ පත තාප්පේ ෆෝටෝ තමයි.."
"එහෙම නෙමෙයි බං අපි තාප්පෙන් එහා පැත්තට යමු.."
මං කියද්දි විහා මං දිහා බැලුවේ ඇස් ගෙඩි දෙක නළලේ තියාගෙන
"උඹට අමු කැවිලද හරකියේ..අපි එහා පැත්තට යන්නේ ඉගිල්ලිලාද..?"
"ඇයි බං මේ තාප්පේ දිගේ නැගලා එහා පැත්තට පනිමු.."
"අනේ අම්මපා උඹට පිස්සුද දේවො..අපි දෙන්නට මේ මහාගිරි දඹේ නගින්න පුළුවන්ද..?"
විහානම් ඉන්නේ මගේත් එක්ක පොඩි පහේ තරහකින් නම් නෙමෙයි.ඒ උනාට ඉතින් මේ දේවා ඉස්සරහට තිබ්බ අඩිය පස්සට තියනන්නම් ලෑස්ති නෑ පුතෝ.
"මොනාද බං..ස්කූල් එකේ තාප්පෙන් පැනපු උඹටයි මටයි මේ තාප්පේ මහා කජ්ජක්ද බං..මෙන් මෙහේ වරෙං.."
"අනේ අම්මපා මටත් උඹ වගේ යාළුවෙක් ලැබුනනේ.."
"මං වගේ යාළුවෙක් ලැබෙන්න උඹ පිං කරලා තියනවා.."
"ඔව් ඔව් ඒ පින තමයි මේ පස්සෙන් එන්නේ.."
විහා මට බැන බැනම තාප්පෙට ගොඩවෙන්න හැදුවේ.
"ඔහොම ඉන්නවා ඔහොම ඉන්නවා කොහෙද තමුසෙලා දෙන්නා ඔය නගින්නේ.."
මායි විහයි ගැස්සිලා ගියේ ඒ කටහඬට.පුදනකොටම කාපි යකා කියලා මේ කොහේන්දෝ යන එකෙක් මෙතනට කඩා වැදුනනේ.ෂිට් තාප්පෙට නගින්න හැදුවා විතරයි.නාකි අංකල් කෙනෙක් කඩා වැටුනනේ එතනට.
"ෂ්..කෑ ගහන්න එපා අංකල්.."
මං එහෙම කියාගෙනම අඩියට දෙකට තාප්පෙන් බැස්සා විහත් මාත් එක්නම බැස්සා.
"තමුසෙලා දෙන්නා ආවේ⁣ හොරකම් කරන්න නේද..?"
යකෝ බලපල්ලකෝ මේ අංකල් කාරයගේ කතාව.අපි දෙන්නා දැක්කාම මේ අංකල්ට අපිව පේන්නේ හොරු වගේද දන්නෑ.
"පිස්සුද අංකල් මේ මහා දවල් හොරකම් කරන්න හොරු එනවද..?"
"එහෙනම් තමුසෙලා කවුද..?මොකටද මේ තාප්පෙට නගින්න හැදුවේ.."
"අංකල් අපි සී .අයි. ඩි එකෙන්.."
මං අංකල්ට රහසින් කියද්දි අංකල් මෑන්ගේ ඇස් නළලට ගිහින් කට කනට ගිහින්.
විහත් මං දිහා බලාගෙන ඉන්නේ ඇස් දෙකත් ලොකු කරගෙන.
"සී.අයි.ඩි.එකෙන්..".
"ඔව් මේ ගෙදර හොරු වගයක් ඉන්නවා අපි ආවේ ඒ අයව අල්ගන්න..අපේ කට්ටිය දැන් මෙතන වටකරලා තියෙන්නේ.."
මං කියද්දි විහත් ඔළුව හොල්නවා.මගේ වැඩේ විහාට තෙරිලා වගේ.අංකල්නම් ව⁣ටපිට බැලුවේ බයවෙලා වගේ.
"අනේ මට සමාවෙන්න මැඩම්.."
"හරි හරි අංකල් දැන් යන්න..හැබැයි අපි ගැන කාටහරි කියලා තබුනොත් තමුන්ව තමයි මුලින්ම කුඩුවට අරගෙන ගිහින් දාන්නේ.."
විහා කියද්දි අංකල් හොදටම බයවෙල.විහාත් ඉතින් මේ මටම හරියන බඩුව.
"අනේ නෑ මැඩම් මං කාටවත් කියන් නෑ.."
ඒ අංකල් එහෙම කියාගෙන අඩියට දෙකට එතනින් යන්න ගියා.මායි විහයි ඒ අංකල් යන දිහා බලාගෙන හිටියේ හොදටම හිනාවෙවි.
"උඹනම් මාරයි දේවා..උඹ තමයි දවසකටවත් ගෑණි ..කොහෙන්ද බං උඹට ඔය වගේ අදහසක් ආවේ..?"
"අනේ මංදා බං.."
ඒක ඉතින් මට ක්ෂණිකව ආපු අදහසක්. අපි දෙන්නා ඉතින් කොහොමින් කොහොම හරි තාප්පෙට නැගලා ගෙදර මිදුලට පැන ගත්තා පේන විදිහට මාර්ගය පැහැදිලියි.පෙන්නනම් කවුරුත් නෑ.
ඒත් මටයි විහාටයි ඉස්සරහට එක අඩියයක් තියාගන්න බැරි උනා.හතර වටින්ම පොලිසිය ඇවිත් ගෙදර වට කලා.අපේ අම්මේ මොකද්ද උනේ කියලා මටයි විහාටයි හිතාගන්නවත් බැරි උනා.
මං සීතල වෙලා ගියේ මං දිහා තරහින් බලාගෙන ඉන්න ශාක්යව දැක්කාම.මට විහාගේ අත ඇල්ලුනේ ඉබේටම.
"නාලක කතාකරනවා ඇතුලේ ඉන්න උන්ට.."
ශාක්ය නාලකට කෑ ගැහැවෙත් තරහින්.අම්මෝ දේවෝ අදනම් උඹ ඉවරයි.
"ඔය ඇතුලේ ඉන්න අය එළියට ආවොත් හොදයි..මුළු ගෙදරම පොලිසිය වට කරලා තියෙන්නේ.."
නාලක කෑ ගහද්දි ඇතුලෙන් ඇහුනේ වෙඩි හඩවල්.මායි විහයි හොදටම බය උනා.ඇතුලේ ඉන්න අය පොලිසියට වෙඩි තියනවා.
වෙඩි හඩවල් ඇහෙද්දි ශාක්ය එකපාරටම පැන්නේ මගේ ළඟට.ශාක්ය මාවත් ඇදගෙන දිව්වේ ළඟ තිබුන හෙන පත ගහක් ළගට.මං විහාවත් ඇදගෙනම ශාක්ය පස්සෙන් දිව්වා.
"මං කියනකල් දෙන්නා ඔතනින් හෙලවෙන්නෑ.."
ශාක්ය එහෙම කියලා මට මුකුත්ම කියන්න නොදි ආපහු වෙඩි සද්ද ඇහෙන දිහාවට දිව්වා.
"අනේ සුදු අයියේ.."
මං කෑ ගහගෙනම ශාක්ය පස්සේ යන්නයි හැදුවේ.ඒත් විහා මට යන්න නොදි මගේ අතින් ඇදලා ගත්තා.
"උඹට පිස්සුද ඉබ්බියේ එහෙට දුවන්න හදන්නේ.."
"අනේ විහා සුදු අයියා ගියා මට බයයි.."
ශාක්ය ගැන මේ මගේ පුංචි හිතට දැනුනේ එසේ මෙසේ බයක් නෙමෙයි.පොලිසියේ අයයි ඇතුලේ ඉන්න අයයි හරි හරියට වෙඩි තියාගන්නවා.
"අනේ මට සුදු අයියා ගැන බයයි විහා.."
මගේ ඇස් දෙකෙන් හෝ ගාලා කදුළු වැටෙනවා.පොලිස් රස්සාවේ බරපතල කම මට අද තමයි හරියටම තෙරුනේ.එයාලා මොනම හරි හදිසි අවස්ථාවකදි මූණ දෙන්න ලෑස්ති වෙලා ඉන්න ඕන.
"බයවෙන්න එපා දේවා අයියට මුකුත් වෙන්නෑ.."
විහා කිව්වට මගේ හිත ගිනි ගන්නවා.පැය භාගේකට විර පස්සේ තමයි වෙඩි හඩවල් නතර උනේ.මගේ හිත⁣ට සැනසීමක් දැනුනේ ඒ වෙලාවේ තමයි.
මං හිමිට ගහ ළගින් ඈත් වෙලා ගේ දිහා බැලුවා.පොලිසියේ අය ගෙදර දොර කඩනවා.ශාක්ය අපි ඉන්න දිහාව⁣ට එනවා දැක්කා විතරයි මං එයා ළගට දුවලා ගිහින් එයාව බදාගත්තේ අඬ අඬාමයි.
ඒත් ශාක්ය මාව උරහිසෙන් අල්ලගො ඈත් කලේ තරහින්මයි.අම්මෝ ඒ ඇස් දිහ බලන්නත් බයයි.
"සුදු තමුසේ මොකද මෙහේ කරන්නේ..?"
"සුදු අයියේ..මං..මං...
මට වචනත් පැටලෙනවා අප්පා.දේවා අදනම් උඹ ඉවරයි.
"මං මං ගාන්නේ..ඇත්තටම සුදු තමුසෙට පිස්සුද මේ වගේ තැන් වලට එන්නේ..මං මේකි ගැන ඇහැ ගහගෙන ඉන්න හින්දා හොදයි..නැත්තම් මොනවා කරගනිද දන්නෑ.."
අම්මෝ මේ කොලුවට තරහා ගිහින් තියන තරමක්.මං දන්නවානේ ඉතින් මෙයා මං ගැන ඇහැ ගහගෙන ඉන්නේ කියලා.මං මොනවා කරත් හැරෙන තැපැලෙන් එයාට පණිවිඩේ ගිහින් ඉවරයි.
"සොරි සොරි සුදු අයියේ.."
"සොරි කිව්වාම ඔක්කොම හරිද ආ..දැන් මෙතනදි තමුසෙට මොනවා හරි උනානම්..."
"මෙයාට ඔහොම කිව්වට හරියන් නෑ අයියේ..අපි කොච්චර එපා කිව්වද මේ ගමන එන්න..කොහෙද මෙයා කියන දෙයක් අහන කෙනෙක්ද..තනියම එවන්න බැරි නිසයි මේ මං ආවේ.."
අයියෝ අප්පා මේ විහා වැඩේ කනවනේ.
මේකි කියන දේවල් වලට වෙන්නේ මේ කොලුවගේ තරහා තවත් වැඩිවෙන එක.
"ඉතින් ඔයාලා අමතක කරන්න එපා මං ජර්නලිස්ට් කෙනෙක් කියලා.."
මං කියද්දි ශාක්ය මට රැවුවා රැවිල්ලක් මාව අලුදුවිලි වෙලා යන්න තරම් සැරට.
"සුදු තමුසේ මගේ යකා අවුසුස ගන්න එපා..උඹ කරන වැඩ වලින් මගේ හුස්මත් හිරවෙනවා යකෝ.."
ආ එතකොට එයා කරන වැඩ වලින් මගේ හුස්ම ටික හිරවෙන් නෑ වෙන්න ඇති.
"අනේ අනිත් කෙනා නිසා මගේ පපුවේ පත්තුවෙන ගින්දර දන්නේ මං විතරනේ.."
මං අමනාපෙන් කියද්දි ශාක්යයි විහයි මූ⁣ණෙන් මූණ බලා ගත්තා.
"මේකි එක්ක කතා කරලා දිනන්න බෑ නංගි..මේන් මෙහෙ එනවා යන්න.."
ශාක්ය මාවත් ඇදගෙනම ගේ දිහාවට ගියා.විහාත් හිනාවෙවිම අපේ පස්සෙන් එනවා.
අපි ගේ දිහාවට යද්දි නාලක කවුදෝ ගෑණු කෙනෙක් අඩගහගෙන ගේ ඇතුලේ ඉදන් එළියට ආවා.ඒ ගෑණු කෙනාව දකිද්දි මට දැනුනේ හුරුපුරුදු ගතියක්.මට ඒ ගෑණු කෙනා හොදටම හුරුයි ඒත් කවුද මේ..?
"සර් මේ ගෑණු කෙනා ඇතුලේ බැදලාදාලා හිටියේ.."
නාලක කියද්දි මං ආයෙත් ඒ ගෑණු කෙනා දිහා බැලුවා එයානම් මං දිහා බලාගෙන හිටියේ ඇස් ලොකු කරගෙන.
"මාත් හොය හොය හිටියේ මෙයාව තමයි.."
ශාක්ය කියද්දි මං එයා දිහා බැලුවේ කුතහලයෙන්.
"කවුද සුදු අයියා මේ ගෑණු කෙනා.."
"මං ඔයාට කියපු වජිරා තමයි සුදු මේ ඉන්නේ.."
ඕ..ඕ මේ ඒ වජිරද..?මං මෙයාව
දැක්කෙත් අදමයි.ඒත් මට දැනෙන්නේ මෙයාව මං දන්නවා වගේ කියලා.
"එතකොට වන්දනා කොහෙද..?"
මට එකපාරටම මතක් උනේ වජිරගේ දුවව.මට එයාවත් බලන්න හරි ආසයි.
"එයා නැති උනා.."
වජිරා බිම බලාගෙන කියද්දි මටයි ශාක්යටයි මූණෙන් මූණ බැලුනා.
"නැතිඋනා කිව්වේ..?"
"දේවක ඇමති වන්දනාව මැරුවා.."
වජිරා කිසිම ගාණක් නැතුව කියලා දැම්මා.මගේනම් කකුල් දෙකත් පණ නැතුව ගියා.මං එහෙම්මම ශාක්යගේ ඇගට හෙත්තු උනා.ශාක්ය මගේ ඉණ වටේට අතදාලා මාව තවත් ටිකක් එයාට ලං කරගත්තා.
ඇත්තටම දේවක කියන්නේ මොන වගේ මිනිහෙක්ද..?තමන්ගෙම ලෙයින් ජාතක වෙච්ච දරුවව මරලා දාන්න තරම් දේවකගේ හිත ගලක් උනේ කොහොමද..?මටනම් දේවක ගැන දැනෙන්නේ තරහක් පිළිකුලක්.ඔය දේවකටනම් මං වැඩිකල් උඩ පනින්න තියන්නෑ.
මතුසම්බන්දයි


No comments:

Post a Comment

UNIVOTEC එක ගැන

UNIVOTEC එකේ පාඨමාලා සහ වැඩි විස්තර සදහා පහත ඇති PDF ෆයිල් එක භාවිතා කරන්න. https://drive.google.com/open?id=1zbMNZ14FNiYV2f34K91x1KqpKmid...