Saturday, April 25, 2020

බිදූ පතිදම් - තුන්වන කොටස

🖤 3 කොටස 🖤
සහස්ට ඒ වචන අහගෙන තව දුරටත් දෙව්මි ලග ඉන්න හැකියාවක් තිබ්බෙ නෑ.සහස් දෙව්මි ලගින් හැරුනේ එලියට එන්න.
ඒත්...සහස් ආපස්සට හැරෙනකොට සහස් දිහා කේන්තියෙන් බලන් ඉන්න කෙනා දැක්කම සහස් ගොලු උනා.....
න..නංගී...සහස් කියාගත්තේ හරිම අමාරුවෙන්.
"අයියා ඔයා..."අමන්දා ඉක්මනින් අඩිය තියලා ආවේ සහස් ලගට.
"ඔ..ඔයා...මොකක්ද දෙව්මිට කලේ.....ආ....."
අමන්දා ඇහුවේ සහස්ගේ කොලර් එක අත් දෙකෙන් අල්ලගෙන හොල්ලන ගමන්.අමන්දාගෙ ඇස් කේන්තියෙන් පිරිලා.සහස්ට අමන්දාගෙ මූන දිහා බලන්නත් බය හිතුනා.
"කියන්න.....මොකක්ද කලේ....."අමන්දා ආයෙමත් ඇහුවෙ සහස්ගේ ටීශර්ට් ඒකේ කොලර් එක අත් නොහැරම.
"මගේ අතින් දෙ...දෙව්මිට ලොකූ වැරැද්දක් උනා...මගේ අතින් එයා ගෑනියෙක් උනා....සහස් කිව්වේ මූන බිමට හරවගෙන.
"ඔයාට එච්චර අමාරුවක් තිබ්බනම් ඔයාට ඒක ඔයාගෙ අර නැට්ටිච්චිගෙන් ඉශ්ට කරගන්න තිබ්බනෙ.ඒකි නම් ඉල්ලුව පමාවට දේවී.මේ අහින්සකීව විනාස නොකර."අමන්දා කතා කලේ කේන්තියෙන්.ඒ නැට්ටිච්චි විදිහ හැදින්නුවේ සහස්ගේ ආදරේ රුශානිව.
"න...නංගි ම...මම හිතලා කරේ නෑ.ඔ...ඔයා හොදටම ද...දන්නවනේ මම එහෙම කෙනෙක් නෙවෙයි කියලා...."සහස් මිමුනුවේ පහත් හඩින්.
"ඒක තමයි මටත් තියෙන ප්රශ්නේ.ඔයා කොහොමද අයියේ ඒ වගේ දෙයක් කලේ...."
"මම හොද සිහියකින් නෙවෙයි නංගි හිටියේ.ප්ලීස් තේරුම් ගන්නකෝ.මම ඊයේ බීලා හිටියේ.එහෙම හිටියේ නැත්තම් මේ වගේ දෙයක් කවදාවත් මගේ අතින් වෙන්නේ නෑ.මම දෙව්මිව කසාද බදින්නම්.එතකොට හරිනේ...."
"වැරැද්ද කරලා දැන් කසාද බදින්නම් කිව්වම ඔක්කොම විසදෙනවද අයියා...ඔයාට ඕක හිතන්න තිබ්බේ ඔය ජහ ජරාවල් කටේ තියන්න කලින්.මට සමාවෙන්න අයියා.මට මේක දැන්ම දෙව්මිගේ අම්මලාට කියන්න වෙනවා....
අමන්දා කියවන්න උනේ සහස්ට වචනයක් වත් කියන්න ඉඩක් නොතියාම.දෙව්මි ද ඇදටම සිටියේ මේ සියල්ල අසාගෙන හිටියත් ඇය හිටියේ වෙනම කල්පනාවක.
ඔයා මාව කසාද බදින්න හිතන්නේ ඔයාගෙ කැමැත්තෙන් නෙවෙයිනේ අයියේ.ඔයාගෙ ආදරෙන් ඔයාව ඈත් කරලා
අමන්දා දෙව්මිලා ලගින් ඉවතට හැරුනේ දෙව්මිගේ අම්මලාට මේ ගැන කියන්න හිතාගෙන.
"අමන්දා......"
දෙව්මි කතා කලේ අමන්දා යන්න හදන විටයි.
"ප්ලීස් අමා...මේ ගැන කාටවත් දැනගන්න තියන්නෙපා.ප්ලීස්....මේ හැමදේම අපි තුන් දෙනා විතරක් දැන ගත්තා නම් ඇති."
දෙව්මි අමන්දා ගෙන් කලේ ආයාචනයක්.
"ඒත් දෙව්මි...
"අනේ ප්ලීස් කාටවත් මේක දැනගන්න තියන්නේපා...
"ඒත් කෙල්ලේ මේක ඔයාටයි හොද නැත්තේ.ඔයා ඒක හන්ගන් හිටියොත්."අමන්දා දෙව්මි ලගට ඇවිත් දෙව්මි ලගින් ඉදගත්තා.
"ඔයා අපේ අයියව බදින්න."අමන්දා දෙව්මිගේ අතින් අල්ලගෙන මූනටම එබිල ඇහුවා.
"අ...අමා...මට බෑ....අමා.....දෙව්මිගෙ ඇස් වලින් කදුළු කඩා වැටුනා.දෙව්මි අමන්දා බදගෙන අඩන්නට උනා.
දෙව්මි හිටියේ දෙලොවක අතර හිරවී.එක අතකින් ඇයට ඊයේ රාත්රියේ සිදුවුනු දේට සහස්ට සමාව දෙන්නට හිත හදාගන්න අපහසු වීම.අනිත් සහස් දෙව්මි කසාද බැදීමෙන් සහස්ට එයාගේ ආදරේ රුශානිව නැති විම.දෙව්මි තවමත් රුශානි සහස්ගෙන් ඈත් උනු වගක් දන්නේ නෑ.සහස්ව සහස්ගේ අකමැත්තෙන් අයිති කර ගන්න දෙව්මිට ඕනි උනෙත් නෑ.
සහස් මේ දෙන්නා දීහා බලා හිටියේ අසරණව.මොහොතක් බලාගෙන ඉදලා සහස් හෙමින් රෝහලින් පිටතට ආවා.
" පුතේ..."
දෙව්මිගේ අම්මා කතා කලේ තවමත් බදාගෙන ඉන්න මේ යාලුවො දෙන්නා ලගට එමින්.
දෙව්මි අමන්දා දෙන්නාම ඔලුව ඔසවලා බැලුවේ දෙව්මිගේ අම්මගේ කටහඩට.
"ඇන්ටි ඩොක්ට මොකක්ද කිව්වේ..."
"තව දවස් 3 4ක් ඉන්න වෙනවා කිව්වා දුව.ඊට පස්සේ ආයෙත් චෙක් කරලා තමයි ඩිස්චාජ් කරනවා කිව්වේ.
"එහෙමද.මමත් දැන් එහෙනම් ගිහින් එන්නම් ඇන්ටි.ගෙදර යතුර මන් ලග.අම්මලා ගෙදර ආවොත් එලියට වෙලා ඉන්න වෙන්නේ."
"හරි දුව යන්න එහෙනම්"
"මම යන්නම් දෙව්මි.පරිස්සමින් ඉන්න හරිද.මම හෙටත් එන්නම්කො ඔයාව බලන්න.අමන්දා කිව්වේ දෙව්මිගේ කම්මුලින් අල්ලලා.
"අනේ අමන්දා හෙට සදුදානේ.ඔයා කැම්පස් යන්න.මම නිසා ලෙක්චර්ස් කට් කරගන්න එපා."
දෙව්මි කිව්වේ අමන්දා ගැන අනුකම්පාවෙන්.දෙව්මි මෙන්ම අමන්දා ද එකම කැම්පස් එකේ ඉගෙන ගන්නේ.දෙව්මි අමන්දා හා අදුනා ගන්නෙත් කැම්පස් එකේදී.
"අනේ කෙල්ලේ.ඒකට කමක් නෑ.ඉක්මනට ඔයා හොද වෙන්නකෝ.අපි දෙන්නාම එකට කැම්පස් යන්න."
"හරි අමා..ඔයාත් පරිස්සමින් යන්න එහෙනම්.දෙව්මි කිව්වේ දුකින්.
පුතේ....දෙව්මිගේ අම්මා දෙව්මිට කතාකලේ දෙව්මිගේ හිස අත ගන ගමන්.
අම්මා සැරසෙන්නේ දෙව්මි සුයිසයිඩ් කරගන්න හෙතුව විමසන්න කියලා දෙව්මිට තේරුනා.දෙව්මි හිටියේ කට උත්තර නැතුව.
"මොකක්ද ඔයාට තියෙන ප්රශ්නේ.ජීවිතේම අත් හරින්න හිතන්න තරම්."
"මගෙන් මුකුත් අහන්න එපා අම්මා..."දෙව්මි කිව්වේ ඈත් දුරක බලාගෙන.
අම්මා බරට හුස්මක් හෙලුවා.දෙව්මිටත් ඒක හොදටම දැනුනා.
මම අසරණයි අම්මා.මට ඔයාට කිසිම දෙයක් කියන්න බෑ.සමාව දෙන්න අම්මා කරන්න හදපු මෝඩ කමට.මම හිතින් ආදරේ කරපු සහස් අයියා වෙන කෙනෙක්ට ආදරෙයි කියලා දැන ගත්තම වත් මට මේ තරම් හිත රිදුනේ නෑ.ඒත් එයා මාව විනාශ කරාම මට මාවම පාලනය කරගන්න බැරි උනා.මට හිතුනේ හැමදේම අත හැරලා දාලා යන්න විතරයි.අම්මට කියාගන්න බැරි දෙව්මි හිතින් කියාගත්තා.
"මමත් යන්නම් දූ එහෙනම්.අප්පච්චී ඩොක්ට ලග තාම.අපි ආයෙම හවස එන්නම් හරිද."
දෙව්මිගේ අම්මා දෙව්මිගේ ඔලුව අතගා හිස් මුදුන ඉබලා එතනින් ගියා.
දෙව්මි අම්මත් යන දෙස බලා හිටියේදුකින්.දෙව්මිට අම්මා මෙන්ම අමන්දාද ගිය පසු හිතට ලොකු පාලුවක් හිස් කමක් දැනෙන්න උනා.
🖤🖤
සහස් අමන්දා එක්ක ගෙදර ආවත් ඒ අතරේදී දෙන්නා අතර කතාබහක් නොවුනු තරම්.සහස්ට අමන්දා එක්ක කතා කරන්න උවමනාව තිබුනද සහස්ට ඒකට හිතට හයියක් තිබ්බෙ නෑ.ගෙදරට ආවද අමන්දා සහස්ට වචනයක් වත් නොකියා බයික් එකෙන් බැහැලා ගියා.
සහස්ද හෙමින් සීරුවේ නිශ්ශබ්දව එයාගේ කාමරයට ගියේ අමන්දා දිහා වත් නොබලාම.
සහස් දවසම කලේ කාමරයට වෙලා නිදාගත්ත එක.සහස්ගේ අම්මලා ගෙදර ආවත් රෑ කෑමටවත් සහස් කාමරයෙන් එලියට ආවෙ නෑ.
වරින්වර මැවී පේන දෙව්මිගේ අහින්සක මූන සහස්ගෙ හිත තව තවත් හෙම්බත් කලා.
සහස් දොර ඇරගෙන බැල්කනියට ආවේ නින්ද යන්නේ නැති නිසාම.සහස්ට දැනුනේ දෙව්මි සහස්ට කිව්ව වචන ටික ආයෙත් කන ඇතුලේ දෝන්කාර දුන්නා.
"ඔව් මම ආදරේ කලා තමයි.ඔයා නොදැන හිටියත් ගොඩාක් අදරේ කලා.එත්...ඒත් ඔයා ඊයේ මාව විනාශ කරපු වෙලාවෙ ඒ ආදරෙත් නැති වෙලාම ගියා.මට ඔයාගෙ ඔය මූන වත් දකින්න ඕනී නෑ ආයේම.ප්ලීස් වදින්නම් ආයෙමත් මාව මරාගන්න හදන්නැතුව මට පාඩුවේ ඉන්න දෙන්න.මම ඔයාට ගොඩක් වෛරය කරනවා.මින් පස්සේ කවදාවත් මගේ ඉස්සරහට එන්න එපා ඔයා....."
සහස් දෙව්මි කිව්ව ඒ වචන ටික ඇස් පියාගෙන මතක් කරගත්තා.
ඔයා කවදාහරි මේ හිත තේරුම් ගනී දෙව්මි.මම හිතාමතා ඒ වැරැද්ද කලේ නෑ කියලා ඔයාට තේරෙවී.මන් ඉවසලා ඉන්නම් ඒ දවස එනකම්
එදාට වත් මට වෛර නොකර මන් එක්ක ආදරෙන් ඉන්න.ඒ වෙනකල් මම බලගෙන ඉන්නවා.එදාට නම් ඔයාට කිසිම වෙරෙද්දක් නොකර ඔයාව හොදින් බලාගන්නවා මන්.
සහස් තනියම හිතන්න උනා.
🖤🖤
සහස් උදෙන්ම ලෑස්ති උනේ වැඩට යන්න.යන්න හිතක් තිබුනේ නැතත් සහස් යන්න සූදානම් උනේ නොයා බැරි නිසාම.
සහස් බයික් එකට නැගලා ස්ටාර්ට් කර ගන්නකොටම අමන්දා සහස් ලගට දුවගෙන ආව ඉන්න පොඩ්ඩක් කියලා කියාගෙනම.
"ඇයි අද කැම්පස් යන්නැද්ද කොහෙ යන්නද මේ"සහස් ඇහුවේ අමන්දා බයික් එකට නැන්ග හින්දා.
"මාව හොස්පිට්ල් එකට ගිහින් දාන්න."අමන්දා කිව්වේ අහක බලාගෙන ඔරවමින්.සහස් කණ්නාඩියෙන් දැක්කා ඒක.
සහස් කතාවක් නැතුවම හොස්පිට්ල් එක ලගට ආවා.අමන්දා බැහැලා ගියාට පස්සේ සහස්ද හෙමින් සීරුවේ අමන්දා පස්සෙන්ම ආවේ දුර ඉදන්ම දෙව්මිව බලාගෙන යන්න.
අමන්දා දෙව්මි එක්ක කතා කරමින් ඉන්නව මොහොතක් දුර ඉදන්ම බලාගෙන ඉදලා සහස් ආපහු හැරිලා ආවේ වැඩට යන්න.ඒත් සහස්ට දවසෙම හිත එක්තැන් කරගෙන හරියට වැඩ කරන්න පුලුවන් කමක් තිබ්බේ නෑ.
දවස් 2ක්ම ගෙවිලා ගියේ විශේශයක් නැතුවම.සහස් පුරුදු විදිහට වැඩට ගියත් නිතරම සහස්ට දෙව්මිව මතක් උනා.සහස් හැමදාම දුර ඉදන් දෙව්මි දිහා බලලා යන්න පුරුදු උනා.වැඩට ගියත් තවමත් සහස්ට සාමාන්ය තත්වෙට එන්න නම් බැරිඋනා.
🖤🖤
"අයියා....."
අමන්දා කතා කලේ සහස් වැඩ ඇරිලා ගෙදර ඇවිත් කාමරෙට වෙලා ඉන්නකොට.සහස්ගේ අම්මලාත් දෙව්මි බලන්න හොස්පිට්ල් ගිහින්.එයාලා දෙව්මි ගැන කතා වෙනවා සහස් කාමරේ ඉදන් අහන් හිටියේ.
"ඇයි..."
"දෙව්මි හෙට ඩිස්චාජ් කරනවා කිව්වා.අමන්දා කිව්වේ සහස්ගේ කාමරේ ඇදෙන් ඉදගෙනම.
"හ්ම්ම්.."සහස් උත්තර දුන්නේ කෙටි වචනයෙන්.
"එයා ගෙදර යන්නේ නෑලු."
"ඒ කිව්වේ...ගෙදර නොගිහින් කොහෙ යන්නද."සහස් ඇහුවේ පුදුමයෙන්.
"එයා බණ්ඩාරවෙල යනවලු.එහෙ එයාගේ නැන්දා ඉන්නවා කියලා.සමහර විට එයා ආයේ එන්නෙ නැති වෙයි මෙහේ"අමන්දා එහෙම කියාගෙනම් ඇදෙන් නැගිට්ටා.
සහස්ගේ හිතට අකුණු ගැහුවා වගේ
මේ දවස් 2ට සහස්ගෙ හිත දෙව්මි ලගට ඇදිලා ගිහින්.සහස්ට රුශානිව මතක් උනේ නැති තරම්.
මොකක්....ආයේ එන්නෙ නෑ.එයා මෙහෙ දාලා යන්න හදන්නේ මන් නිසාද...අනේ දෙව්මි...ප්ලීස් මාව දාලා යන්නෙපා...ඔයාව නොදැක ඉන්න බෑ මට දැන්.අනේ යන්නෙපා......සහස් තනියම හිතන්න ගත්තා.
..........................................


No comments:

Post a Comment

UNIVOTEC එක ගැන

UNIVOTEC එකේ පාඨමාලා සහ වැඩි විස්තර සදහා පහත ඇති PDF ෆයිල් එක භාවිතා කරන්න. https://drive.google.com/open?id=1zbMNZ14FNiYV2f34K91x1KqpKmid...