හෙට තමයි පංතියේ අවසාන ටෙස්ට් එක.හවස සම්මන්ත්‍රණය ඉවර වෙලා ගෙදර ආ හැටියේම ඇගපත සෝදගෙන මේසෙන් වාඩිවුන මම නැගිට්ටේ කන්න විතරයි.වෙනදට වඩා පැයක් කලින් එලාම් එක තියලා නින්දට ගියේ උදෙන්ම ඇහැරිලා පාඩම් කරන්න හිතාගෙන.
නිදාගන්න තිබුනේ පැය තුනක් වුනත් එලාම් එක වැදුන පමාවට දෙසැරයක් නොහිතා ඇදෙන් බැහැගත්ත මම දත් මැදලා ටැප් එකෙන් මූන අතපය හෝදගත්තේ නිදිමත අහලකටවත් නොඒවා කියලා හිතාගෙන.
පොතට පතට ඒ තරමට මං ආදරේ කරේ යමක් කමක් තේරෙන කාලේ ඉදන්මයි.ඒ කවදා හරි හොදට ඉගෙනගෙන මේ කරදරවලින් ගොඩ එන්න ඕන කියලා හිතාගෙන.තාත්තට හරිහමන් රස්සාවක් තිබ්බේ නෑ.කාගේ හරි වත්තක් පිටියක් කොටලා,පොල් කඩලා,අත් උදව්වක් කරලා හම්බකරන් එන සොච්චමෙන් තමයි අපි හැමෝම බඩට බාගයක් කාලා උනත් ඉගෙන ගත්තේ.
අම්මත් කියන කියන වෙලාවට එගොඩහ කමලා නැන්දලාහේ දිහා ගිහින් උයන පිහින ඒවට,වත්තේ වැඩ වලට එහෙම උදවු කරලා කීයක් හරි අත මිට මොලවන් එනවා.ගෙදර ඉන්න දවසට අම්මා වත්තේමයි.අපි කඩේ එලවලු ගේන්නෙම නැති තරම්.අපේ වත්තේ නොසෑහෙන්න ඵලදාව.මෑ කරල්,වම්බටු,එලබටු,බණ්ඩක්කා,වට්ටක්කා,වැටකොලු,මාලු මිරිස් වගේ එලවලු ද ගොටුකොල,නිවිතියා,සාරණ,මුකුණුවැන්න,කතුරුමුරුංගා වගේ පලා ජාතිද,ගස්ලබු,පැණි දොඩම්,සීනි කැකිරි,කොමඩු වගේ පලතුරු ජාතිවලින් නම් අපේ ඉඩම පොහොසත්.අම්මා ඇහැකි හැම වෙලේම අක්කර භාගයක් විතර වුන ඉඩමේ වල් උගුල්ල උගුල්ල වගා කරන එකයි,තවාන් දාන එකයි තමයි කරන්නේ.ඒ අතින් නම් අපි පොහොසත්.එලවලු යහමින් හම්බෙන සතිවල අම්මයි නංගියි සතිපොලටත් ගිහින් විකුණලා කීයක් හරි හම්බු කරන් එනවා.
එදාට නම් අපේ ගෙදර කුස්සිය හරි සාරයි.මාලුපිනි එක්ක ව්‍යාංජන වර්ග දෙක්කවත් එක්ක කොල මැල්ලුමක් අම්මා හදනවමයි.ඊට පස්සේ අතුරුපසට මීකිරි හට්ටියක් වරදින්නේ නෑ.අබිලිං මාමාගේ මී කිරි ආයේ කතා දෙකක් නෑ හරි ගානට නියමෙට උකුවට,කිතුල් පැණි ටිකක් කවලම් කරලා ගත්තම දිව්‍ය භෝජන පරාදයි.....
හ්ම්ම්.......ගණන් තමයි මම ආසම.ඒ නිසා උසස්පෙලට තෝරගත්තේ මැත්ස්.සාමාන්‍ය පෙල විභාගෙන් ඒ 9 ගත්ත එක මට ලොකු හයියක් වුනා.පංති වලට කාඩ් ගන්න ඕන වුනේ නෑ මට.පංතිවලට යන ගණන් ඇහුවම අප්පච්චී ලොකූ හුස්මක් ඉහලට අරන් පහලට දැම්මේ මගේ පපුවත් හෝස් ගාලා දාලා යද්දී."පංති කාඩ් මට ගන්න ඕන නෑ අප්පච්චී,ඒ 9 තියෙන හින්දා මට නොමිලේ යන්න පුලුවන්".අප්පච්චී ඔලුව උඩ තියාගත්ත මහා බර හෑල්ලු කරන්න මට පුලුවන් වුනා."අනේ පුතේ කොච්චර දෙයක්ද,ඒ මහත්තුරු බුදු වෙන්නෙ එපැයි.උඹට හොදට ඉගන ගන්නත් පුලුවන්.අසරණ අපිට වියපැහැදම් කරගන්න හයියක් නැති එකනේ මයේ පුතේ."
අතේ කරගැට එනකන්ම අප්පච්චී උදේ හවා වැඩ.ඒ හම්බ කරලත් එක දවසක් හරි රස්සාවට නොගියොත් ගෙදරට ඒක ලොකුවටම දැනෙනවා.මොකෝ අපේ ගෙදර කන්තෝරු රස්සාවක් කරන කෙනෙක් ඉන්නව යැයි මාසේ පඩි අරන් මාසෙටම ඕන බඩු ගේන්න.අපේ ගෙදරට දවස ගානේ හාල් කිලෝවයි,පරිප්පු දෙසිය පනහයි,පොල් ගෙඩියයි තමයි ගේන්නේ.
තවත් දෙතුන් සැරයක්ම ටෙස්ට් එකට එන පාඩම් ටික බලාගත්තු මම කුස්සිය පැත්තට ගියේ අම්මා ඇහැරලාද බලන්න.අම්මා ඉතින් කොහොමත් උදේ රැයින් අවදි වෙලා අප්පච්චිටයි මටයි ගෙනියන්න බත් මුලක් බදිනවමනේ.මගේ මතක ඇති කාලෙක අම්මා උණකට හෙම්බිරිස්සාවකට කියලවත් අප්පච්චිට බත්මුල නම් වැරැද්දුවේ නෑ.කොහොම හරි එක එලෝලුවක් මාලුවක් එක්ක හරි බත්මුලක් බදිනවමයි.
"පුතේ....තේ කහට ඩිංගක් වක් කරන්නම්..?"
"හා අම්මා,අටට පංති පටන් ගන්නවා.අද ටිකක් වේලාසනින් ගිහින් වාඩි වුනා නම් හිතටත් හොදයි.අද අවසාන දවසනේ.
ඒක හොදයි පුතේ,මං හනිකට බත් එක බැදලා දෙන්නම්.තේක බීලා ලෑස්ති වෙන්ඩකෝ එහෙනම්.අන්න බැනියම හෝදලා තියෙන්නේ,ගේ වැලේ දිගෑරලා දැම්ම නිසා වේලිලා ඇත්තේ දැන්.මේ ටිකේම වැස්ස නිසා රෙදි කෑලි ටික වේලගන්න අමාරුයි පුතේ.වේලිලා මදි නම් පොල්කටු ටිකක් හනිකට පුච්චලා දෙන්නම්.ඉස්තිරික්කෙට දාලා මැද ගත්තනම් රත් වෙයි.බලලා කියන්නකෝ."
"නෑ අම්මා වේලිලා,අගුරු හදන්න ඕන නෑ."
"හා අම්මා,අටට පංති පටන් ගන්නවා.අද ටිකක් වේලාසනින් ගිහින් වාඩි වුනා නම් හිතටත් හොදයි.අද අවසාන දවසනේ.
ඒක හොදයි පුතේ,මං හනිකට බත් එක බැදලා දෙන්නම්.තේක බීලා ලෑස්ති වෙන්ඩකෝ එහෙනම්.අන්න බැනියම හෝදලා තියෙන්නේ,ගේ වැලේ දිගෑරලා දැම්ම නිසා වේලිලා ඇත්තේ දැන්.මේ ටිකේම වැස්ස නිසා රෙදි කෑලි ටික වේලගන්න අමාරුයි පුතේ.වේලිලා මදි නම් පොල්කටු ටිකක් හනිකට පුච්චලා දෙන්නම්.ඉස්තිරික්කෙට දාලා මැද ගත්තනම් රත් වෙයි.බලලා කියන්නකෝ."
"නෑ අම්මා වේලිලා,අගුරු හදන්න ඕන නෑ."
කාඩ් එක මාර්ක් කරලා පංතියට ගත්තා.උසස්පෙල කරත් හරි කිසිම දවසක මගේ කාඩ් එකනම් මාක් නොවී තියෙන්න නැතුව ඇති.හදිසියේ අසනීපයක් හැදුනත් බඩගාගෙන හරි පංතියට ගිහින් සර් කියන එක අහගෙන ඔලුවට දාගත්තා.සමහර ළමයි නම් පංති හත අටකටම ගියා.ඒත් මං ගියේ පංති හතරට විතරයි.පිසික්ස්,කෙමිස්ට්‍රි,පියෝ,ඇප්ලයිඩ්..මම ආසම විෂයන් ටික.මගේ ජීවිතේම වගේ.
අද ඉන්න ළමයි ගොඩක්.හරිනේ.සර් හැම දිහාම කරන පංතිවල ළමයිට අද එන්න කියලානේ තියෙන්නේ.පරක්කු වෙලා ඇවිල්ලා තෙරපි තෙරපි ඩෙස් එකක් අල්ලගන්න පොරකන ළමයි දිහා ඩිංගක් වෙලා බලන් ඉදපු මම ආයෙම පොත් අස්සට රිංග ගත්තා.
හරි,ඔක්කොම පොත්පත් අයින් කරලා පේපර් එකට ලෑස්ති වෙන්න.පැය තුනක් ලියපු පේපර් එකෙන් පස්සේ තවත් පැයක පේපර් එකක් ලැබුනා.ඒ අතරේ ලැබුන විනාඩි තිහක විවේක කාලෙදී අම්මා බැදලා දුන්න බත් එක කෑවා.මට එහෙමට යාලුවෝ හිටියෙම නෑ.හැමෝම හයිකාර පවුල් වල ළමයි.ඒ අය එක්ක පෑහෙන්න මට බෑ.ඉගනගන්න පුලුවන් උනාට සල්ලි වලට හැමදේම යට බව කාලය මට තේරුම් කරලා දුන්නා.ඉදහිට මගෙන් ගණන් අහගත්ත යාලුවෝ කීප දෙනෙක් හිටියත් එයාලා එක්කත් ඒ තරම් ඇයිහොදයියක් පෙන්නන්න මට ඕන වුනේ නෑ.මං මගේ පාඩුවේ ඉගෙන ගත්තා.උන් එක්ක හිතවත්කම් පාලා මගේ අඩුපාඩු වලට උසුලුවිසුලු කරයි කියන හීන් භය හැමදාම මගේ හිතේ පැලපදියම් වෙලා තිබ්බා.ඒ නිසා අයිනකට වෙලා අම්මා බැදලා දුන්න බත්මුල ලෙහාගෙන කෑවා.
පේපර් දෙකෙන්ම පස්සේ සර් අපිට ප්‍රශ්න අහන්න ඉඩ දුන්නා.ගැටලු තියෙන තැන් විසදලා දුන්නා.අනේ මන්දා... මට එහෙමට ප්‍රශ්නයක් අහන්න තිබ්බේ නැත්තේ ඇයිද කියලා.
පහාමාරත් වෙලා.දැන් නම් සර් පේපර් මාකින්ග් කරලා ඉවරත් ඇති.විනාඩියක්වත් අපතේ යවන්න බෑ.ඉක්මනින් ගෙදර දුවන්නයි මගේ සිහිය.පහල පීල්ලේ සීතල වතුරෙන් ඇග ඩිංගක් හෝදගෙන ආයමත් මේසෙට වාඩි වෙන්න ඕන.තව පාස්ට් පේපර් තියෙනවා කවර් කරන්න.
හ්ම්ම්....ලස්සන කෙල්ලෙක්,හොරෙන් හොරෙන් මගේ දිහා බලන හැටි අහම්බෙන් වගේ මගේ ඇස් අල්ලගත්තා.මේ මොකද මගේ දිහා බලන්නේ..ෂර්ට් එකේ හොදිවත් හැලිලාද...එහෙමත් නෑ..සමහරවිට මේ කෙල්ල මට කැමතිවත්ද දන්නෑ...................මූනේ පුංචිම කැලලක් නෑ.හරියට උදේ පිපුන යාන්තමට පින්න ඉහිච්ච රෝස මලක් වගේ.ඒකටම හරියන ලා රෝස පාට තොල් දෙකක්.ටීක් බෝල වගේ දිලිසෙන ඇස්.කොන්ඩේ.....කැරලි ගැහිච්ච නූඩ්ලස් කොන්ඩේ ඉදගෙන ඉන්න බංකුවෙනුත් පල්ලෙහාට එල්ලෙනවා.කහ පාට රෙද්දේ තැනින් තැන කලු පාට මල් වැටිච්ච සමනල අත් අල්ලපු ගවුම ඒ ලස්සන තවත් වැඩි කරලා.හරියට කහ කිරිල්ලියෙක් වගේ.හ්ම්ම්....මේ වගේ කෙල්ලෙක් මගේ.........නෑ..මගේ අම්මා පව්.අපි නිසා කොච්චර නැහෙනවද..එයාලා කොයිතරම් බලාපොරොත්තු ගොඩ ගහන්ද ඉන්නේ මං ගැන."මේ හැම දුකක්ම ඉවරයි මයේ පුතේ උඹ හොද තැනකට ගියානම්.එච්චරයි මගේ බලාපොරොත්තුව.අප්පච්චීත් උඹට කියන කියන දේ ඇහැක් විදිහට කොරලා දෙන එකේ උඹ හොදට ඉගෙන ගනින්".ඔව්....කවදාවත් අම්මවත් අප්පච්චිවත් මගෙන් ගෙදර වැඩපලට කියලා උදවු කරවගෙන නෑ.අද වෙනකන් පොල් ගෙඩියක් ලෙලි ගහලා නෑ.බැරුව නෙමෙයි.පොතපත අතාරින්න තියෙන ලෝබකම...මේ දුක්ගොඩෙන් ගොඩ ඇවිල්ලා ලස්සන ගෙයක් හදාගෙන ලස්සන කාර් එකකින් අම්මවයි අප්පච්චිවයි නංගිවයි දාගෙන දළදා මාලිගාව වදින්න යන්න තියෙන හීනේ හැබෑ කරගන්න තියෙන ආසාව.ඒ නිසාම මං ගෙදරදොරේ වැඩපලකටවත් උදවුවක් වෙන්නේ නෑ.අම්ම අප්පච්චී කවදාවත් මගෙන් උදවු ඉල්ලන්නෙත් නෑ.එයාලා කියන්නේම "උඹ හොදට පාඩම් කරපන්.මේ තියෙන වැඩ අපිට කරගත්තහැකි" කියලා.එහෙව් එකේ මට පුලුවන්ද එයාලාගේ හීන අතරමග කඩා ඉහිරවලා දාන්න....?මේ සීනිබෝල කෙල්ලෙක්ට වඩා මගේ අම්මගේ අහිංසක හීන මට රත්තරං වටිනවා.කවදා හරි දවසක හොද තැනකට ගියාම මටත් මුනගැහේවිනේ මටම ගැලපෙන....
"නිසල තිවංක"
මයික් එකෙන් නම කියවෙද්දී මගේ මනෝභාවය මොහොතින් බිම වැටි බිදී විසිරී ගිය වීදුරුවක් සේ පොඩිපට්ටම් වුනි.
"ලකුණු 98 යි.එන්න පුතා ඉස්සරහට.පුරුදු විදිහටම නිසල හොද ලකුණු මට්ටමක ඉන්නවා.අදත් පලවෙනියා නිසල."
සර්ගේ අතින් හැමදාම වගේ වැඩිම ලකුණු ලැබෙන කෙනාට දෙන බුදු පිළිමයක් පහුගිය මාස තුනේම දුන්නා.කලාතුරකින් ඇරුනහම දිගටම පන්තියේ වැඩිම ලකුණු ගත්තේ මම.ඒ දුන්න හැටියට සර් මටම දුන්නා නම් අපේ ගෙදර බුදුපිළිම දහයකටත් වැඩි මිසක් අඩු නෑ.ඒ නිසා පළවෙනියා වුන හැමදාකම සර් මගේ අතට රුපියල් දාහක් දුන්නා.වැඩිම ලකුණු තියෙන, බුදුපිලිමය නොලැබුනු කෙනෙක්ට තෑගි කරා.
මයික් එකෙන් නම කියවෙද්දී මගේ මනෝභාවය මොහොතින් බිම වැටි බිදී විසිරී ගිය වීදුරුවක් සේ පොඩිපට්ටම් වුනි.
"ලකුණු 98 යි.එන්න පුතා ඉස්සරහට.පුරුදු විදිහටම නිසල හොද ලකුණු මට්ටමක ඉන්නවා.අදත් පලවෙනියා නිසල."
සර්ගේ අතින් හැමදාම වගේ වැඩිම ලකුණු ලැබෙන කෙනාට දෙන බුදු පිළිමයක් පහුගිය මාස තුනේම දුන්නා.කලාතුරකින් ඇරුනහම දිගටම පන්තියේ වැඩිම ලකුණු ගත්තේ මම.ඒ දුන්න හැටියට සර් මටම දුන්නා නම් අපේ ගෙදර බුදුපිළිම දහයකටත් වැඩි මිසක් අඩු නෑ.ඒ නිසා පළවෙනියා වුන හැමදාකම සර් මගේ අතට රුපියල් දාහක් දුන්නා.වැඩිම ලකුණු තියෙන, බුදුපිලිමය නොලැබුනු කෙනෙක්ට තෑගි කරා.
අද සර් මට බුදුපිළිමයක් දුන්නා."සර් මට එකක් දුන්නා කලින්." "ඇරලා බලන්නකෝ නිසල"...කුඩා කාඩ්බෝඩ් පෙට්ටියක බහා සෙලෝටේප් ගසාඅ තිබූ පෙට්ටිය සීරුවට පිලිවෙන් සෙලෝටේප් ගලවමින් මම ඇරියා....ගණ දෙවි පිළිමයක්...ටිකකට මගේ හදවත නැවතුනා වගේ දැනුනා..නුවනට අධිපති දෙවි... මම බුදුන් වැදලා ගණදෙවි නමස්කාරය කලා.මට කටපාඩම් අම්මා කියලා දුන්න ගාථාව.
ගණදෙවියනි නුවණ දෙන්න....,සරස්වති පහළ වන්න....,සියලු රෝග දුරුකරන්න....නිතර වදිම් තුනුරුවන්ට....සර්ගේ කකුල් දෙක අල්ලලා මම වැන්දා.ඒ ආශිර්වාදය මට හරි වටිනවා.
ගණදෙවියනි නුවණ දෙන්න....,සරස්වති පහළ වන්න....,සියලු රෝග දුරුකරන්න....නිතර වදිම් තුනුරුවන්ට....සර්ගේ කකුල් දෙක අල්ලලා මම වැන්දා.ඒ ආශිර්වාදය මට හරි වටිනවා.
එහෙනම් දරුවනේ ලබන සතියේ හයවෙනිදා තමයි දවස...සියලු දෙනාට බුදු සරණයි.ජයෙන් ජය...විශිෂ්ට ප්‍රතිඵලයක් එක්ක මුනගැහෙන්න වරෙල්ලා මාව...අතුල සර්ගේ අවසන් වචන කිහිපයත් එක්ක පංතිය නිම වෙද්දී කඩිගුලක් ඇවිස්සුනා වගේ පහලට බහින ළමයි අස්සෙන් රිංග රිංග ඉක්මනින් මම පහල තට්ටුවට ආවා.ගෙදරට ඇවිල්ලා තේ ඩිංගක් බීලා අම්මා එක්ක කුස්සියේ ලී බංකුව උඩ වාඩි වෙලා පොඩ්ඩක් කතා කර කර හිටපු මම ඇගපත සෝදගෙන ආයෙත් මේසෙට වාඩි වුනේ වෙලාවක් අවේලාවක් නොබලා....
.........................................................................................
කාලය ගෙවිලා ගිය ඉක්මන...හෙට ජනවාරි පලවෙනිදා.විභාගෙට වාඩිවෙලත් දැන් මාස හතරක්.හෙට අනිද්දාම ප්‍රතිඵල පිට කරයි.මායි නංගී එකතු වෙලා ගෙදර මකුලු දැල් කඩලා දූවිලි පිහලා ගේ අතු ගාලා අස්කරා.
කාලය ගෙවිලා ගිය ඉක්මන...හෙට ජනවාරි පලවෙනිදා.විභාගෙට වාඩිවෙලත් දැන් මාස හතරක්.හෙට අනිද්දාම ප්‍රතිඵල පිට කරයි.මායි නංගී එකතු වෙලා ගෙදර මකුලු දැල් කඩලා දූවිලි පිහලා ගේ අතු ගාලා අස්කරා.
අම්මා කුස්සියේ බරටම වැඩ.කුල්ලේ බෙලි ගාලා උදේම වේලෙන්න කුස්සියේ පොල් අතු වහල උඩින් දානවා මං බලාගෙන.එයින් පස්සේ කොත්තමල්ලි,සූදුරු,මාදුරු හෝදලා අව්වේ දාලා වේලුවා පහේ හදාගන්න.ලිපේ ගොමමැටි ගාලා බිමපොලවේත් මැටි ගාලා තමයි වැඩ අහවරක් වුනේ.හෙට කිරිබතක් උයන බව අප්පච්චී එක්ක කියනවා මග් අහගෙන.
පුතේ..මං ලිදට යනවා නාගෙන එන්න.අයිනෙන් කුස්සියට ගිහින් කලේ අරගෙන දුන්නනම් වතුර එකක් පුරෝගෙනම එන්න තිබ්බා.කුස්සියට අඩිය තියන්න එපා බිම දැන් මැටි ගෑව විතරයි.ඔය දෙන්නත් යං ලිදට ගිහින් නාගෙන එමු.වැඩත් අහවරයිනේ..
නංගි මායිත් රෙදි අරගෙන අම්මා පස්සෙන් වැටුනා.හුග කාලෙකින් අම්ම එක්ක නාන්න යන්නේ.විභාගෙත් ඉවර හින්දා හිතට දැන් හරි නිදහස්.පැය දෙක තුනක් වුනත් නාගන්න හිත ඉස්පාසුයි.දෙවටෙන් පැනලා ආපහු ගෙදර එද්දියි කසුන් කලබලෙන් දුවගෙන ආවේ.
නිසල,මචං ප්‍රතිඵල ඇවිල්ලලු.යමුද ඉස්කෝලෙට?ඒ වචන එලියට පනිද්දීම මගේ පපුව දියෙන් ගොඩ දාපු මාලුවෙගේ වගේ ගඩ ගඩ ගාලා ගැහෙන්න පටන් ගත්තා.හෝදපු රෙදි බාල්දිය නංගි අතට දුන්න මම කසුන් එක්ක ඉස්කෝලේ පැත්තට කකුල ඉක්මන් කරේ කුතුහලය ඉහටත් උඩින් ලැගුම් අරගෙන තිබුන නිසාමයි.
ප්‍රතිඵල දැන්වීම් පුවරුවේ අලවා තිබුනා.පුංචි කසුකුසුවක් එක්ක හුගක් ළමයි අමුතු විදිහට මගේ දිහා බලාගෙන ඉන්නවා යන්තමට වගේ මං දැක්කේ..එකින් එක පහලට දබරගිල්ලෙන් පීර පීර ප්‍රතිඵල කොලේ පහලට යද්දී හදවතේ කම්පනය තව තවත්වැඩි වුනේ හිතට පුංචි චකිතයක් දැනෙද්දී
HEWA KANKANAMLAGE NISALA THIWANKA
ඒ නම ලග මගේ ඇස් හනිකට නැවතුනා.
PHYSICS A
CHEMISTRY A
COMBINED MATHEMATICS A
PHYSICS A
CHEMISTRY A
COMBINED MATHEMATICS A
District Rank : 1
Island Rank : 2
Island Rank : 2
හැමෝගෙම ආශිර්වාදය මැද මං දිව්වේ අම්මා හොයාගෙන.පයට ඇනිච්ච බොරලු කැට ගැන මට නිච්චියක් නෑ.උණබට වැටෙන් පැනපු හැටියෙම මම අම්මා ගීතය වයන්න ගත්තේ නොඉවසිල්ලෙන්...
මගේ පුතේ.....අම්මයි අප්පච්චී දෙන්නම එලියට ආවේ ඊ ගහේ වේගෙන්.
අම්මා....... මම ලංකාවෙන්ම දෙවෙනියා....දිස්ත්රික්කෙන් පලවෙනියා.ඒ තුනයි අම්මා.එක හුස්මටම මම කියවගෙන ගියා.
අපි දැනගෙන හිටියා මයේ පුතේ ..උඹට වරදින්නේ නෑ.උඹ දවාලක් රැයක් නැතුව නොකා නොබී මහන්සි වුන හැටියට ඔය ප්‍රතිඵලේ ලැබෙන්නම ඕනා.අම්මා කදුලු වපුරමින් මාව බදාගත්තේ රටක් රාජ්‍යක් ලැබුනා වගේ ඉහේ මල් පිපෙද්දී.අව් කාෂ්ටකේට අගුරු පාටට හැරිච්ච අප්පච්චිගේ මූන,ඒ ඇස් වලින් කවදාවත් නැති විදිහට කදුලු කැට දෙක තුනක් පොලව ඉබගත්තේ මගේ ඇස්වලටත් වාවගන්න බැරි සතුටක් දැනෙද්දී.අප්පච්චී යාන්තන් කදුලු හංගගෙන කිව්වේ "උඹ අපිට දුන්නේ හරි ලස්සන අවුරුදු තෑග්ගක් මයේ පුතේ"
තව ටික දවසයි අම්මේ....මං අපි හැමෝගෙම හීන හැබෑ කරනවා.ඒ අදුරේ තියෙන හීන වලට පාට ගේනවා...දිනුම් කණුව අද අල්ලන්න බැරි වෙයි මට.ඒත් ඉක්මනින්ම දවසක.........මගේ හීන වලට විලංගු දාන්න කාටවත්ම බෑ.
No comments:
Post a Comment