🖤 2 කොටස 🖤
"මොකද නංගි මේ..කෑ ගහන්නේ....
අයියා...මේ.....දෙව්මි....අමන්දා හති අරිමින් ගොත ගහනවා.
"ඇයි දෙව්මිට මොනා වෙලාද...සහස්ට ඇදෙන් නැගිට්ටුනා...
අ...අයියේ....දෙව්මි වහ බිලා.....
"මොනවා....සහස් ඔලුව අත් දෙකෙන්ම බදා ගනිමින් ඇහුවේ."
"න..නංගි එයාට අමාරුයිද ගොඩක් කියන්නකෝ..."
සහස් අමන්දාගෙ උරහිසින් අල්ලන් හොලවලා ඇහුවා.
සහස් අමන්දාගෙ උරහිසින් අල්ලන් හොලවලා ඇහුවා.
"අමාරුයිලු අයියේ.එයා හොස්පිට්ල් ගෙනිහින්.අනේ අයියේ මට ඉක්මනට යන්න ඕනී" 😭😭.අමන්දා අඩන්න ගත්තා.
"හ...හරි.ඉක්මනට ලෑස්ති වෙන්නකෝ."
සහස් ඉක්මනින් ඇද සිටි බැනියමට උඩින් ටී ශර්ට් එකක් ඇද ගෙන මිදුලට බැස්සා.
"නංගී ඉක්මනට එන්න....."සහස් එයාගෙ බයික් එකද ස්ටාර්ට් කරගෙන කෑ ගැහුවා.
අමන්දා ද ඉක්මනට ඇදුමක් මාරු කරගෙන දොරත් වහලා බයික් එකට නැන්ගේ ඇඩූ කදුලින්ම.
අමන්දා ද ඉක්මනට ඇදුමක් මාරු කරගෙන දොරත් වහලා බයික් එකට නැන්ගේ ඇඩූ කදුලින්ම.
සහස් හැකි උපරිම වේගෙන් බයික් එක පැද්දා.වෙනදට 80 පන්නද්දී බයෙන් කැගහන කෙල්ලත් අද නිශ්ශබ්දයි.
අනේ දෙයියනේ දෙව්මිට කරදරයක් වෙන්න එපා.මම නිසයි මේ හැමදේම.ඒ අහින්සකී මෙහෙම දෙයක් කරගන්න හිතුවෙ මේ කාලකණ්ණිය නිසයි.සහස් දිගින් දිගටම තමාටම වරද පටවගනිමින් දෙව්මිට කරදරයක් නොවෙන්න කියලා හිතමින්ම බයික් එක පැද්දා.
ඉක්මනට දෙන්නම ආවෙ හොස්පිට්ල් එකට.අමන්දා දෙව්මිගේ අම්මට අමතමින් එයාලා ඉන්න තැන හොයාගෙන කලබලෙන් දිව්වා.
"අනේ දුවේ බලන්නකෝ අපේ කෙල්ල.මෙහෙම දෙයක් කරගන්න හිතුවෙ ඇයිද දෙයියනේ."
දෙව්මිගේ අම්මා අමන්දා එතනට ආපු ගමන් අමන්දා බදාගෙන අඩන්න ගත්තා.
දෙව්මිගේ අම්මා අමන්දා එතනට ආපු ගමන් අමන්දා බදාගෙන අඩන්න ගත්තා.
"අනේ...ඒකනේ ආන්ටී..හිතේ ප්රශ්නයක් තිබ්බ නම් අපිට කියන්න තිබ්බනේ.එහෙනම් අපිට මොකක් හරි විසදුමක් හොයා ගන්න පුලුවන්නේ.මෙහෙම ජීවිතෙන් පැනලා යන්න හිතුවේ"
දෙන්නම බදාගෙන අඩනවා.සහස් බැලුවෙ දෙව්මිගේ තාත්තා දිහා.එයත් පැත්තකට වෙලා කදුළු පිහිදනවා.මොන තාත්තටද පුලුවන් තමාගෙ දරුවා මෙහෙම ඉන්නවා බලාගෙන ඉන්න.
මගේ එක වැරැද්දක් නිසා අද කී දෙනෙක් නම් දුක් විදිනවද.ඇයි දෙයියනේ ඊයේ මම අර ජරාව කටේ ගැහුවේ.මේ හැම දේම මම නිසා.සහස් තනියම හිතුවා.
අමන්දා සහස් ලගට ඇවිත් සහස්ව බදාගෙන අඩන්න ගත්තා.
"අනේ අයියේ දෙව්මිට මුකුත් වෙන්නේ නෑ නේද...අනේ අහිංසක කෙල්ල.ප්රශ්නයක් හිතේ තිබ්බ නම් මට වත් කියන්න තිබ්බනෙ.තනියම හිතේ හිර කර ගෙන ඉන්නෙ නැතුව"
"න්..නෑ නංගි දෙව්මිට කිසිම දෙයක් වෙන්නේ නෑ...සහස් වචන අමරුවෙන් ගලපගෙන කිව්වා.
අමන්දාගෙ කදුළු වලින් සහස්ගේ ටීශර්ට් එකත් පෙගිලා ඒ තෙත පපුවටත් දැනුනා.සහස් හෙමින් එයාගෙ නංගිගේ හිස අත ගෑවා.
අමන්දාව සන සන්න තියා සහස්ට සහස්ගේ හිතවත් සන්සුන් කරගන්න බැරිව හිටියේ.
සහස් දිගින් දිගටම එයාටම වරද පටවගෙන හිතින් තමාටම බැන ගත්තා.
"ඩොක්ට...මගේ දූට කොහොමද..."
දෙව්මිගේ අම්මාගෙ කටහඩින් සහස් පියවි සිහියට ආවේ.
අමන්දාත් සහස්ගෙ තුරුලෙන් ඉවත් වෙලා ඩොක්ට ලගට ගියා.
"පේශන්ට් දැන් නම් බර පතල තත්වයෙන් මිදිලා ඉන්නෙ."
"අපිට එයාව බලන්න පුලුවන්ද ඩොක්ට..."
"ඔව්.එයාට සිහිය ඇවිත් තියෙන්නේ.ඔයාලට බලන්න පුලුවන්.හැබැයි එයාව මහන්සි කරන්න එපා.එයාට වැඩිය කතා කරන්න දෙන්න එපා.ඒක එයාට හොද නෑ."
"හරි ඩොක්ට..."
දෙව්මිගේ අම්මාත් තාත්තාත් අමන්දාත් දෙව්මි බලන්න ඇතුලට ගියත් සහස් මේ සියල්ල බලාගෙන පැත්තකට වෙලා හිටියා.
සහස් දොරේ වීදුරුව තුලින් දෙව්මි දිහා බලන් හිටියේ දෙව්මි ලගට යන්න තරම් ශක්තියක් තිබ්බෙ නැති නිසා.මට එයාගෙ ලගට යන්න ඕනි.ඒත් කොහොමද දෙයියනේ මම එයාට මූන දෙන්නේ.සහස් තනියම හිතුවා.
අතට කැනියුලා එකක්ද දාලා අමරුවෙන් ඉන්න දෙව්මිගේ මූන දැක්කම සහස්ට ඉහිලුම් නැතිඋනා.සහස් එතනින් ඉවත් උනේ තව දුරටත් දෙව්මි දිහා බලන් ඉන්න හිතට හයියක් නැති නිසා.
මම මොකක්ද මේ කලේ දෙයියනේ.අර කෙල්ල දුක් විදින්නේ මන් නිසා.
සහස් හයියෙන් බිත්තියකට ඔලුව හප්පගත්තේ හිතේ තිබ්බ වේදනාවට.දෙව්මිගේ විඩාපත් වෙච්ච ඒ ඇස් දෙක සහස්ට ආයෙ ආයෙම මැවි මැවී පෙනෙද්දී සහස්ගේ ඇස් වලින් කදුළු ගලාගෙන ගියා.
සහස් හයියෙන් බිත්තියකට ඔලුව හප්පගත්තේ හිතේ තිබ්බ වේදනාවට.දෙව්මිගේ විඩාපත් වෙච්ච ඒ ඇස් දෙක සහස්ට ආයෙ ආයෙම මැවි මැවී පෙනෙද්දී සහස්ගේ ඇස් වලින් කදුළු ගලාගෙන ගියා.
සහස්ට මතක් උනේ අතීතේ දවසක්.
🖤🖤
දෙව්මි සහස්ගේ ගෙදර එනකොට අමන්දා සහස් දෙන්නා හිටියෙ චූටි රණ්ඩවක.
"තමුසෙ මහ නරකයි අයියා "කියලා අමන්දා සහස්ට කොට්ටෙන් ගහලා දැම්මා.
"ආ එහෙමද මේ අයියා නරකයි නේද දැන්.ඉන්නවකෝ ආයෙ එනවකො මගේ ලගට අනේ සුදු අයියේ ඔයා හොදයිනේ.අද මාව ෆිල්ම් එකක් බලන්න එකකන් යන්නකෝ කියාගෙනෙ එහෙම.එදාට මම බලාගන්නම්"සහස් කිව්වේ අමන්දා ටද පෙරලා කොට්ටයකින් ගහන ගමන්.
දෙව්මි මේ දෙන්නා දිහා බලන් හිනා වෙවි ඇද ලගම හිට ගෙන හිටියා.
"අනේ මටත් අයියා කෙනෙක් හිටියා නම් ඔහොම රණ්ඩු වෙන්න."දෙව්මිට කිය උනා.
ඉතින් තමුසෙත් මගේ නංගි කෙනෙක් තමයි කියලා සහස් දෙව්මිගේ අතින් ඇදලා ඇදට වැට්ටුවා.සහස් දෙව්මිටත් කොට්ටෙකින් ගහන්න ගත්තම දෙව්මිත් සහස්ට කොට්ටයකින් ගැහුවා.අවසානේ කට්ටියම නතර කලේ අමන්දාත් දෙව්මිත් එකතු වෙලා සහස්ට ගහලා සහස්ව පරාද කරලාම.
කදුළු අස්සෙම සහස්ට ඒ මතක මැවී පෙනුනා.ඇත්තටම දෙව්මිටත් සහස් තමාගෙම නංගි කෙනෙක්ට වගේ සැලකුවේ.අමන්දා වගේම දෙව්මිත් සහස් ෆිල්ම් බලන්න,බීච් යන්න එක්කගෙන ගියා.
🖤🖤
"අයියේ දෙව්මි බලන්න යන්නෙ නැද්ද..."
අමන්දා කතාකලේ බිත්තියට අත තියාගෙන ඔලුව හේත්තු කරන් ඉන්න සහස්ට තට්ටුවක් දාලා.
සහස් හෙමින් ටීශර්ට් එකේ කොලර් එකෙන් කදුළු පිහදගෙන අමන්දා දිහාට හැරුනා.
"දෙව්මි කතා කරනවද නංගී.."සහස් ඇහුවේ අමන්දාගෙ දිහා නොබලාම
"ටිකක් කතා කරනවා අයියේ.කතා කරනවට වඩා අඩනවා.දූකේ බෑ මට.ඔයත් යන්කෝ"
"අනේ මට බෑ නංගී.මම මොනා කතා කරන්නද"
"අනේ යන්නකෝ අයියේ.ප්ලීස් ....... ඔයා කතා කරන්නකෝ කෙල්ලගේ හිත හැදෙයි ටිකක් එතකොට."
"අයියේ....අමන්දා කිව්වේ සහස්ගේ නිකටෙන් අල්ලා සහස්ගේ මූන උස්සලා අමන්දාගෙ පැත්තට හරවගෙන."ඔ...ඔයා ඇඩුවද....ඇස් 2ත් රතුවෙලා.
"නෑ...නෑ....මම අඩන්නේ මොකටද.ඇහැට රොඩ්ඩක් ගියා බයික් එකේ එනකොට."
"බොරු කියන්නෙපා.ඔයා ඇඩුවේ දෙව්මි නිසා නේදා ආ...."
"අනේ..මම මොකටද අඩන්නේ.එයා මගේ කෙල්ල ඇයි".සහස් බොරු හිනාවක් පාලා අමන්දා ඉස්සරහ සාමාන්ය විදිහට ඉන්න උත්සහා කලා."
"ඒ උනාට දෙව්මි ඔයාට කැමතියිනේ.ඒ හින්දා පොඩි දුකක් තියෙනවනේ."සහස්ගෙ ඇස් දෙකත් ලොකු උනා.
"මොකක්...දෙව්මි මට කැමතියි."සහස් පුදුමයෙන් ඇහුවේ..
"ඔව් අයියා.එයා ආදරෙයි ඔයාට.ඔයා ඉතින් කොහෙද යන නැට්ටිච්චියෙක් අල්ලගෙන දැගලුවට.ඔයාට ඒ කෙල්ලව තේරුම් ගත්තේ නෑනේ.ඔයා කියන එක අහයි එයා.යන්නකෝ ගිහින් කතා කරන්නකෝ ප්ලීස්...කවුරුත් නෑ දෙව්මි ලග දැන්.ගිහින් එයාගෙ හිත හදන්නකො ඔයා.සමහරවිට එයාගෙ ප්රශ්නෙත් ඔයාට කියයි."
සහස් හිටියේ කිසි දෙයක් හිතාගන්න බැරුව."ඒ කියන්නේ දෙව්මි මට ආදරේ කලාද."සහස් ඔලුව කසමින්ම හෙමින් හෙමින් දෙව්මි ලගට ආවා.
දෙව්මි හිටියේ ඇස් දෙක පියාගෙන.
දෙව්මි හිටියේ ඇස් දෙක පියාගෙන.
දෙ...දෙව්මි....
සහස් වෙවුලන කටහඩින් දෙව්මිට කතාකලා.
දෙව්මි ඇස් ඇරලා බලනකොට දැක්කේ තමන් ලග ඉන්න සහස්ව.දෙව්මි ඉක්මනින් අනිත් පැත්ත හැරුනේ සහස්ට දෙව්මිගේ මූන නොපෙනෙනෙ විදිහට.
"දෙව්මි....මට ස..සමාවෙන්න නංගී.....
"ප්ලීස් මට සමාවෙන්න දෙව්මි....මම හිතලා කලේ නෑ."
දෙව්මි අනිත් පැත්ත හැරිලා ඉන්න ගමන්ම අඩනවා.
සහස්ට තේරුනා දෙව්මි අඩන බව.සහස් හෙමින් දෙව්මිගේ අතක් එයාගේ අත් දෙකට මැදි කර ගත්තා.
"මම මම ඔයාව කසාද බදිනවා...ඔයාට වැරැද්දක් වෙන්න දෙන්නේ නෑ නංගි මන්.මම මගේ වරද හදාහන්නවා.සහස් එවෙලෙ හිතට ආපූ දේ කියලා දැම්මා.
"මම මම ඔයාව කසාද බදිනවා...ඔයාට වැරැද්දක් වෙන්න දෙන්නේ නෑ නංගි මන්.මම මගේ වරද හදාහන්නවා.සහස් එවෙලෙ හිතට ආපූ දේ කියලා දැම්මා.
"ප්ලීස් ඔහොම අහක බලන් ඉන්නේපා.මන් ඔයාව අනිවාරෙන් බදිනවා.ඔයාට කාගෙන් වත් වචනයක් අහන්න දෙන්නේ නෑ මන්."
"දෙව්මි ඉකි ගැහෙනවා.සහස්ටත් කෙල්ලගේ ඉකිය ඇහිලම ඇස් වලට ආයෙම කදුළු පිරුනා
ඔහොම වචනයක් වත් කතා නොකර ඉන්නෙපා දෙව්මි...
ඔහොම වචනයක් වත් කතා නොකර ඉන්නෙපා දෙව්මි...
"ඔයා මට ආදරෙයි නේද.මමත් අද ඉදන් ඔයාව ආදරෙන් බලාගන්නම්.ඒත් ඔහොම තරහ වෙලා ඉන්නෙපා.ආයේ මේ වගේ දෙයක් කරගන්න හිතන්නෙපා.මම ඔයාට ඉන්නවා.මම ඔයාව මගේ ලගට ඇරන් මම කරපු වැරැද්ද හරි ගස්ස ගන්නවා."
"ප්ලීස් එකම එක පාරක් මන් දිහා බලන්නකෝ දෙව්මි....
දෙව්මි එක පාරම සහස් දිහා හැරිලා බැලුවා.
සහස්ගේ රතු වෙලා තියෙන කදුළු පිරිච්ච ඇස් දෙක දැක්කම දෙව්මිට දුකක් නොහිතුනා නෙමෙයි.
"ඔව් මම ආදරේ කලා තමයි.ඔයා නොදැන හිටියත් ගොඩාක් අදරේ කලා.එත්...ඒත් ඔයා ඊයේ මාව විනාශ කරපු වෙලාවෙ ඒ ආදරෙත් නැති වෙලාම ගියා.මට ඔයාගෙ ඔය මූන වත් දකින්න ඕනී නෑ ආයේම.ප්ලීස් වදින්නම් ආයෙමත් මාව මරාගන්න හදන්නැතුව මට පාඩුවේ ඉන්න දෙන්න.මම ඔයාට ගොඩක් වෛරය කරනවා.මින් පස්සේ කවදාවත් මගේ ඉස්සරහට එන්න එපා ඔයා....."
දෙව්මි කියලා දැම්මේ හිතක් පපුවක් නැති කෙනෙක් වගේ.එක අතකින් දෙව්මිත් අසරණයි.
සහස්ට ඒ වචන අහගෙන තව දුරටත් දෙව්මි ලග ඉන්න හැකියාවක් තිබ්බෙ නෑ.සහස් දෙව්මි ලගින් හැරුනේ එලියට එන්න.
ඒත්...සහස් ආපස්සට හැරෙනකොට සහස් දිහා කේන්තියෙන් බලන් ඉන්න කෙනා දැක්කම සහස් ගොලු උනා.....
No comments:
Post a Comment