Saturday, April 25, 2020

බිදු පතිදම් - පළමු කොටස

අනේ අයියේ මට ඉන්න දෙන්න.අනේ...මට මුකුත් කරන්න එපා ප්ලීස්....අනේ මට යන්න දෙන්න....
දෙව්මි අත් දෙක එක්කර වැදලා ඉල්ලුවේ සහස් ගෙන්.ඒත් වෙරි මතින් හිටිය සහස්ට තමන් කරන්නේ මොකක්ද කියලා වැටහීමක් තිබ්බේ නෑ..සහස් දෙව්මිගේ කීම නොසලකාම දෙව්මිට ලංඋනා.
අනේ....එපා.....
දෙව්මි සහස් ගෙන් වැද වැටී ඉල්ලුවත් සහස් අසිහියෙන් ම දෙව්මිගේ ඇදුම් බලෙන්ම ගලවලා දැම්මේ සහස්ගේ අත් දෙකෙන් ඇයව හිර කර ගෙන.සහස් ලගින් එන ගදද උහුලාගෙන දෙව්මි අඩා වැලපෙද්දීම සහස් දෙව්මිගේ බෙල්ල,මුහුන බලෙන්ම සිපගත්තා.
දෙව්මි ඔසවා ඇදට දැමූ සහස් තමා ඇද සිටි ඇදුම් ගලවා දැමුවේ දෙව්මි අත් වලින් මූන වසා ගෙන අඩත්දීමයි.
දෙව්මි කොතෙක් උත්සහ කලත් දෙව්මිට සහස් ගෙන් ගැලවෙන්න ලැබුනේ නෑ.දෙව්මි කොට්ටය සපාගෙන වේදනාව ඉවසා ගත්තේ සහස් දෙව්මිව තම ඇගට යට කර තම හැගීම් දෙව්මි මත මුදා හරිද්දී.
සියලු දේ ඉටු කරගත් සහස් දෙව්මීගෙ නිරුවත් පපුවේ හිස තියන් නිදාගත්තා.ඒත් දෙව්මි සිවිලිම දෙස බලන් කදුළු අඩමින් හිටියා.
පැය කීපයකින් නැවත සහස්ගේ ඇහැරුනා.වෙරි මතද හිදිලා ගියේ නිරුවතින් සහස්ට තුරුලු වී නිදා ඉන්න දෙව්මි දුටුවම.සහස්ට තමා කල වැරැද්දේ බරපතල කම තේරුනේ දෙව්මිගේ පවිත්රකම ඇද රෙද්දේ සටහන් වී ඇති බව දකිද්දී.
දෙවියනේ...මම මේ මොකක්ද කරලා තියෙන්නේ...මම කොහොමද දැන් දෙව්මිටයි මගේ නංගිටයි මූන දෙන්නේ.කොහොමද දැන් මේ කෙල්ල සමාජෙට මූන දෙන්නේ.දෑතින් හිස බදාගෙන සහස් කල්පනා කලා.
බියපතව ඉන්න දෙව්මිගේ අහින්සක මූන සහස් සෙමින් අත ගෑවේ දෙව්මි ගැන අනුකම්පාවෙන්.දෙව්මිට හොදටම නින්ද ගිහින්.දෙව්මිගේ ඇගට බෙඩ්ශීට් එක පොරවලා ඇදෙන් නැගිටගත්ත සහස් ඇදුම්ද ඇද එයාගෙ කාමරයට ගියේ දෙව්මියි සහසුයි හිටියේ අම්මගේ කාමරයේ නිසා.
අසිහියෙන්ම වගේ සහස් කාමරයට ආවේ දෙව්මිට තමන්ගෙන් වුන දේ නැවත නැවතත් මතක් කරගෙන.
සහස් ඇදට වෙලා ඊයෙ දවස ගැන මතක් කරගත්තා.
🖤🖤
"ප්ලීස් සහස් අදින් පස්සේ ආයේ මන් ගැන හොයන්න එපා.මට පාඩුවේ ඉන්න දෙන්න."
ඔයා කොහොමද රුශානි එක පාරම ඔහොම කිව්වම මම හිත හදාගන්නේ.මපි අවුරුදු 3ක් තිස්සේ ආදරේ කලේ මේක අහගන්නද.
"ඒත් සහස් තේරුම් ගන්න.අම්මලා මට ප්රපෝසල් එකක් ගෙනත් තියෙනවා.ඒ කොල්ලාට ඔයාට වඩා සල්ලි තියෙනවා.මම එයාව බදිනවා.එච්චරයි.ආයෙ අපි අතර කිසිම සම්බන්ධයක් නෑ."
"ඔයාට මගේ ආදරේට වඩා සල්ලිද වටින්නෙ මැණික."සහස් රුශානිගේ නිකටින් අල්ලගෙන ඇහුවත් රුශානි අහක බලා ගත්තා.
"ආදරේට වඩා මට සල්ලි වටිනවා සහස් ආයේ මගේ පස්සෙන් එන්න එපා.අදින් පස්සෙ ඔයා මගේ කවුරුත් නෙමෙයි කියලා රුශානි සහස් ලගින් ඈත් වෙලා යද්දී සහස් ඇස් වලට කදුළු පුරවන් බලන් හිටියා.
කවදාවත් අඩලා නැති සහස් පොඩි ලමයෙක් වගේ අඩන්න ගත්තේ සහස්ගෙ අවුරුදු 3ක ප්රථම ආදරේ සහස්ගෙන් ඈත් වෙද්දී.
අවුරුදු 3ක් තිස්සේ ආදරේ කරපු රුශානි සල්ලි නිසා වෙනස් වෙලා.ඇස් වලට උනන කදුළු රෙස්ටුරන්ට් එක ඇතුලේ වට පිට ඉන්න අයගෙන් හන්ගගෙන සහස් ආවේ රෙස්ටුරන්ට් එක ඉස්සරහම තිබ්බ බාර් එක ලගට.
කවදාවත් බාර් එකට අඩියක් වත් තියලා නැති සහස් ඒකේ ඇතුලටම ගියේ දෙපාරක් නොහිතා.හිතේ දුක අමතක වෙනකල් සිහිය නැති වෙනකල්ම එදා සහස් බිව්වා.
"මොකද සහස් උබට වෙලා තියෙන්නේ කවදාවත් නැතුව හොදටම බීලා උබ.ඇයි මෙ.වෙනදට උබ බොන්නෙපා කියලා අපට උපදෙස් දෙන එකා අද කරටි කැඩෙන්නම ගහලානෙ."
සහස්ගේ යාලුවෙක් වෙච්ච නිර්වාන් සහස්ට කතා කලේ සහස් හොදටම බීලා මේසේ උඩම ඔලුව තියාගෙන ඉන්නවා දැකලා
"වැඩක් නෑ මචන් හැමදේම ඉවරයි...හැමදෙයක්ම ඉවරයි.....මගේ බලාපොරොත්තු....මගේ හීන...හැමදේම බිදිලා ගියා.මට තවත් ජීවත් වෙන්නේ කොහොමද බන්"
සහස් වෙරි මතේම කියවනවා.
"ඇයි මොකක්ද උනේ උබට උබට අපි හැමෝම ඉන්නවනේ ඔය තරම් මූඩ් අප්සට් වෙන්න මොකක්ද උනේ උබට"
"රුශානි ගියා බන්..යන්නම ගියා....ඒකි නැතුව මට කොහෙද බන් ජීවිතයක්.මට ඒකි නැතුව ඉන්න බෑ බන්.මට බීලා බීලා මැරිලා යන්නෝන."
"පිස්සු නැතුව වරෙන් මෙහෙ.කෙල්ලෙක් නිසා විනාස වෙන්න හදන්නැතුව.උබට ඕකිට වඩා හොද කෙල්ලෙක් හම්බෙයි.උබට හොදටම වැඩීනේ මම උබව ගිහින් දාන්නම්"
නිර්වාන් සහස්ව සහස්ගේ ගෙදර ලගටම ගෙනත් දැම්මා.අමාරුවෙන් සාක්කුවේ තිබ්බ අමතර යතුරෙන් දොර ඇරගෙන බිත්ති අල්ලන සහස් ආවෙ කාමරේට.එත් වෙරි මතේසහස් ඇවිත් තියෙන්නේ සහස්ගේ අම්මාගෙ කාමරයට.
එතකොටයි සහස් දැක්කේ ඒකේ නිදාගෙන ඉන්න දෙව්මිව.දෙපාරක් නොහිතා සහස් දෙව්මිව බලෙන්ම දූශණය කලේ හොද සිහියකින් නොහිටිය නිසා.
දෙව්මි කියන්නේ සහස්ගේ නංගිගේ හොදම යාලුවා.දෙව්මි නිතරම් සහස්ලාගෙ ගෙදර එනවා.සහස් නංගිට වගේම දෙව්මිටත් සැලකුවෙ තමාගෙම නංගි කෙනෙක්ට වගේ.
අයියේ.....අයියේ.....
සහස් ඇහැරුනේ සහස්ගේ නංගි අමන්දාගෙ කටහඩට.සහස්ට දෙව්මි ගැන හිත හිතා ඉද්දීම නින්ද ගිහින්.
"ආ...ඇ...ඇයි....න....නංගි..."
සහස් අමාරුවෙන් වචන ගලපාගෙන ඇහුවේ.
"ආ මෙන්න තේ එක.කීයටද ඊයෙ ගෙදර ආවෙ හොද වෙලාවට මම දෙව්මිට එන්න කිව්වේ.නැත්තම් බයේ මැරෙනවා ඊයේ රෑ තනියෙන් ඉදලා."
"ඇයි. අ.. අම්මලා කෝ...."
"දැන්ද අහන්නේ...ඇයි හලෝ අම්මලා ඊයේ ලොකු අප්පච්චී බලන්න යනවා කිව්වේ.රෑ වෙලා එයාලට එන්න බැරි වෙලා.මට කිව්වා අයියා ඉන්න නිසා බය වෙන්න දෙයක් නෑනේ.එයාල රෑට එහෙ නවතිනවා කියලා.වැඩ ඇරිලා අයියා ගෙදර එනකල් මට තනියෙන් ඉන්න බයයි වගේ නම් දෙව්මිවත් අඩ ගහ ගන්න කිව්වා."
"දෙ..දෙව්මි..."
සහස්ට නම ඇහෙත්දිත් වෙවුලනවා වගේ..
"ඔව් ඔව් දෙව්මි තමා.තාම නිදිද කොහෙද.අම්මගේ කාමරේ මම හරිගස්සලා දුන්නා එයාට නිදාගන්න."
"තමුසේ ඉන්නකල් අපි දෙන්නට බයක් නෑනේ ඉතින්."අමන්දා එහෙම කිව්වේ සහස් ගැන ආඩම්බරයෙන්.සහස් කවදාවත් කෙල්ලෙක් දිහා වැරදි විදිහට බලපු කොල්ලෙක් නෙවෙයි.
තමාව විස්වාස කරලා අම්මලා කෙල්ලො දෙන්නෙක් තනියම තියලා ගියත් ඒ විස්වාසෙ රැකගන්න බැරි උනා කියලා සහස්ට ලොකු පසු තැවීමක් ඇති උනා.හැමදේන මම ඊයේ බිව්ව නිසා සහස් එයාටම දොස් පවර ගත්තේ නංගි කාමරෙන් පිට උනාම.
🖤🖤
දෙව්මිට ඇහැරුනේ 8ත් පහුවෙලා.යටි බඩ හොදටම රිදෙද්දිම දෙව්මි ඇදුම් ටික අහුලලා ඇදගෙන ඇදගත්තා.ඇදේ තියෙන පැල්ලම දිහා බලන් ඉදපු දෙව්මි ශීට් එකත් මාරු කරේ අඩ අඩාම.අවුරුදු 21ක් රැක ගත්ත පිරිසිදු කම දෙව්මි හිතින් ආදරේ කරපු විශ්වාස කරපු සහස් අයියම විනාශ කරලා දැම්මේ හිතා ගන්න වත් බැරි විදිහට.
කවුරුත් නොදන්න සහස් ගැන දෙව්මිගේ හිතේ තිබ්බ ආදරේ මැරිලා ගියේ සහස් දෙව්මිව විනාශ කරපු වෙලේමයි.
ශීට් එකත් මෙට්ටේ යට හන්ගලා දෙව්මි කාමරයෙන් එලියට ආවේ රොබෝ කෙනෙක් වගේ.අමන්දව දැක්කට හිනා වෙන්න වත් දෙව්මිට සිහියක් නෑ.
සහසුත් සාලෙට වෙලා තේ එක බොනවා.දෙව්මි එයා දිහා නොබලම සෝෆා එකෙන් ඉදගත්තා.
"මොකද කෙල්ලේ මේ බුම්මගෙන.මූනත් ඉදිමිලා වගේ"අමන්දා දෙව්මිගේ තේ එකත් අතට දීලම ඇහුවා."
සහස් එතකොටයි දෙව්මි ව දැක්කේ.අඩලා ඇස් දෙකත් හොදටම ඉදිමිලා.
ගොඩක් වෙලා නිදාගත්ත නිසා වෙන්නැති අමා.දෙව්මි මූන හන්ගගෙනම උත්තර දුන්නේ.
ඉක්මනට තේක බීලා දෙව්මි ලෑස්ති උනේ ගෙදර යන්න.
"ඇයි දෙව් දැන්ම යන්න හදන්නේ.දවල් වෙලා යන්නකෝ අද අයියත් ගෙදරනේ."අමන්දා ඇවිටිලි කරත් දෙව්මිට ඉක්මනට ගෙදර යන්න ඕනි උනා.තවත් මේ ගෙදර ඉන්න දෙව්මිට හිත දුන්නේ නෑ.
"මට ඉක්මනට ගෙදර යන්න ඕනි අමා.අම්මා ඉක්මනට එන්න කිව්වා."
"ඉතින් උදේට කාලා යන්න ඉන්නකෝ.මම උයලා තියෙන්නේ."
"අමන්දා කිව්වත් දෙව්මි ගෙදර යන්න මිදුලට බැස්සා.ඔයා අද ගොඩක් වෙනස් දෙව්.අමන්දා කියාගත්තේ තමාටම.
සහස් හිටියේ මිදුලට වෙලා.
මන් දෙව්මිගෙන් සමාව ගන්නේ කොහොමද මන්.ඒත්...සමාව දෙන්න පුලුවන් වරදක්ද මන් කලේ.මගේම නංගි කෙනෙක් වගේ හිටපු කෙල්ලට නේද මම අර ජරාවක් බීලා කරදර කලේ."සහස් හිතමින් හිටියේ.
දෙව්මි ගෙදර යන්න මිදුලට බහිනවා දැකපු සහස් අමාරුවෙන් දෙව්මි ලගට ගියත් දෙව්මි සහස් දෙස නොබලම පාරට ආවා.
"මට සමාවෙන්න දෙව්මී.."
සහස් අමාරුවෙන් කියාගත්තේ දෙව්ගේ මූන වත් නොබලම.
ඒත් දෙව්මි එය නෑසුනා වගේ යන්න ගියා.
"දෙව්මි....
සහස් කතා කලත් දෙව්මි හැරිලා බැලුවේ වත් නෑ.
දෙව්මි පාර දිගේ ඈතට යනකල්ම ඉදලා සහස් ආපස්සට හැරිලා ගෙදරට ආවෙ මූන බිමට හරවගෙන්.සහස් ගියේ කුස්සියට.අමන්දා හෝ ගලා වැඩ.දෙව්මි අමන්දාට මුකුත් කියලා නෑ.නැත්තම් අමන්දා ඔහොම පාඩුවේ ඉන්නෙ නෑනේ.එහෙම හිත හිතාම සහස් කාමරේට ආව.
කාමරයට ආපු සහස් ගිටාර් එක අතට ගත්තේ හිත පොඩ්ඩක් හරි සැහැල්ලු කර ගන්න.ඒත් ගිටාර් එක ප්ලේ කරන්න තරම් මූඩ් එකක් සහස්ට නෑ.රුශානිව අහිමි වීම ගැන දුකක් වගේම තමන් නිසා දෙව්මිට උන දේ ගැන පසු තැවීමක් සහස්ගේ හිතේ තිබුනා.
"මේ හැමදේම ඔයා නිසයි රුශානි..
සහස් තමන්ටම කියාගත්තා.
🎶🎶🎶🎶🎵🎵🎵🎵
හිරු මැකී යයි නීල අහසේ
සේද මීදුම් මායිමේ....
නිමා වී යයි මේ වසන්තේ
යලිත් නොම ඒ කිසි දිනේ.....
ගිනි කදු පුපුරා ලෝදිය ගලනා තරම්
රිදුම් දෙයි ආදරේ.......
නෙතු සලා හමුවෙලා.....
සුසුමකින් වෙන්වුනා.......
නෙතුසලා හමුවෙලා......
සුසුමකින් වෙන්වුනා.....
සිනහා කදුලේ දෙනෙත් දොවමින්
දුටුව සිහිනේ නෙත් වැසුනු අදුරේ....//
ඈත් මීදුම් අතර සඟවා.....//
යන්න ප්රිය ලදුනේ....
හද සුසුම් පවනේ...
ඇස් වලට කදුලු ගලද්දීම සහස් ගයන්නට උනා.
ඒ කදුළු රුශානි නිසාද දෙව්මි නිසාද කියල සහස්ට තෝර ගන්න බැරි උනා.
අයියා.....අයියා....
අමන්දා කලබලයෙන් කෑ ගහගෙන ආවෙ සහස්ගේ කාමරේට.
කදුළු හොරෙන්ම පිහිදගෙන සහස් අමන්දා දිහා බැලුවා.
"මොකද නංගි මේ..කෑ ගහන්නේ....
අයියා...මේ.....දෙව්මි....අමන්දා හති අරිමින් ගොත ගහනවා.
"ඇයි දෙව්මිට මොනා වෙලාද...සහස්ට ඇදෙන් නැගිට්ටුනා...

දෙවනි කොටසින් හමුවෙමු






No comments:

Post a Comment

UNIVOTEC එක ගැන

UNIVOTEC එකේ පාඨමාලා සහ වැඩි විස්තර සදහා පහත ඇති PDF ෆයිල් එක භාවිතා කරන්න. https://drive.google.com/open?id=1zbMNZ14FNiYV2f34K91x1KqpKmid...