Wednesday, April 29, 2020

නිසල යාමය

පෙනෙන හා නොපෙනෙන ලෝකය අතර ඔබ නොබ සැරිසරන මනස හා සම්බන්ද වූ ඇතැම් ගුප්ත කාරනා පිලිබඳ ආන්දෝලනයකට ලක් වී මා ගත කරන කාලයක අපූරු මිතුරෙක් මා හට හමු වූයේ අහම්බෙනි.මේ මිනුවන්ගොඩ නිල්පනාගොඩ ප්‍රදේශයේ මාගේ වැඩිමහල් සොහොයුරාගේ මිතුරෙකි.අද්භූත සිදුවීම් හා සන්කල්ප පිලිබඳ මාතුල අැති කෑදරය මා සමග කුලුපග වී වැඩි වේලාවක් යන්නට මත්තෙන් ඔහුට මනාකොට අවබෝධ වන්නට අැත.මෙම මිතුරා වයසින් අවුරුදු 30ක් පමන වන තරමක් මිටි සිරුරක් හෙබි හීන්දෑරි තරුනයෙකි.කෙසේ වෙතත් ඔහුගේ රැකියා කටයුතු නිසා ගෙදර යන එන වේලාව අනුව ඇතැම් අසාමාන්‍ය සිදුවීම් ගනනාවකට අභාග්‍යසම්පන්න ලෙස මුහුන දීමට සිදුවී අැති බව මා හට ඔහුගේ විග්‍රහයන් අතරවාරයේදී අවබෝධ විය.මේ කතාවට මා පාදක කරගත්තේ ඔහුට මීට වසර 10කට පමන පෙර මුහුන දීමට සිදු වූ එවන් අපට ග්‍රහනය නොවන ලෝකය හා සම්බන්ද සත්‍ය සිදුවීමකි.මිතුරාගේ මෙම කතාවේ සත්‍ය අසත්‍ය බව ඔහුගේ කීමෙන්ම මම පිලි නොගත්තෙමි.මා එම ගමේ තවත් මාගේ කුලුපගයන් සමග මෙහි අැත්ත නැත්ත පිලිබඳ මනා අවබෝධයක් ලබාගත් අතර මාගේ මිතුරාට මෙම සිදුවීමට මුහුන දීමට සිදු වූ මාර්ගයේදී බොහෝ දෙනෙකුට මෙම සිදුවීමට මුහුන දීමට සිදුවී අැතිබව මා හට දැනගන්නට ලැබුණි.කෙසේ නමුත් කල් නොබලා කතාව පටන් ගැනීම කාලෝචිතයැයි සිතමි.
******************************************
දෙසැම්බර් මාසයේ තවත් එක් සොඳුරු දිනයක ප්‍රදීප් අවදි වූයේ සුපුරුදු පරිදි සිය රාජකාරී කටයුතු වලට පිටත් වීම සඳහාය.තමන්ගේ ගමෙන් තරමක් දුරට වන්නට පිහිටි ප්‍රදේශයක කර්මාන්තශාලාවක කාර්මික ශිල්පියෙකු වශයෙන් ප්‍රදීප් වැඩ බාරගෙන තවමත් වැඩි කාලයක් ගත වී නොමැත.සුපුරුදු පරිදි බිරිඳගේත් කුඩා දියනියගේත් නලල සිප ගෙදරින් එලියට බසින ප්‍රදීප්ගේ සිත තුල යම් අර්තවටහා ගැනීම අපහසු යම් සිතුවිලි සමුදායකින් පෙලුම් කන බව ඔහුට අවබෝධ විය.නමුත් ඔහු එය තැකීමකට ලක් නොකර තම යතුරු පැදිය පන ගන්වා මාර්ගයට පිවිසියේ තරමක් වික්ශිප්තවය.වේලාව උදෑසන 6.30 පමන වී අැත.වෙනදා උදෑසන ගතට දැනෙන සියුම් පහස අද පේන තෙක්මානයක නැත.ඒ කිමද කියා ප්‍රදීප්ට වටහාගත නොහැක .නමුත් යම් ගුප්ත ග්‍රාහකයෙකු ඔහුගේ සිත ග්‍රහනය කර ගැනීමට උත්සහයක යෙදෙන බවක් ඔහුට නිරායාසයෙන් අවබෝධ වන්නට විය.නමුත් ඒ ග්‍රහනයෙන් මිදෙන සෙයක් ඔහුගේ මනසට නොවැටහීම අබාග්‍යට කරුනකි.එදින සේවා ස්තානයට ගිය පසු නොසිතූ විරූ දේවල් බොහෝ සිදුවන්නට විය.ඔහුට රාජකාරී අවසන් කිරීමට තිබුනේ සවස 2.30 පමන වන විටය.නමුත් නොසිතූ ලෙස කර්මාන්තශාලාව තුල අලුතෙන් ගෙනා යන්ත්‍රයක් දෝශ සපයන්නට වීමෙන් ඔහුට බොහෝ වේලාවක් එම යන්ත්‍රය සමග යුද්ද කරන්නට සිදු විය. කෙසේ හෝ මෙම යන්ත්‍රය සාදා නිම කරන විට රාත්‍රී 7පසු වී තිබුනි.කෙදිනකවත් මෙතරම් ප්‍රමාද වී නිවසට ගොස් නොතිබුන ප්‍රදීප්ට උවමනා වූයේ කෙසේ හෝ තවත් කල් ගත නොකර නිවසට යාමටය.කර්මාන්තශාලාවේ සිට නිවසට යාමට පාරවල් දෙකක් තිබුන අතර එක් පාරක් තරමක් දීර්ග වන අතර අනෙක කෙටි පාරකි.එකෙනෙහිම කෙටි පාරෙන් නිවසට යාමට සිතූ ප්‍රදීප් යතුරු පැදිය පනගන්වා කර්මාන්ත ශාලා බූමියෙන් පිටතට පැමිණෙන්නට විය.දෙසැම්බර් මාසයේ සුපුරුදු සිසිලස ප්‍රදීප් වටා වා සුලියක් මෙන් කැරකෙන්නට වූයේ ප්‍රදීප්ගේ චිත්ත සන්තානයේ උදෑසන සිට බලගැන්වුන නොවිනිශ්චිත සිතුවිලි සමුදායට නව අරුතක් එක් කරමිනි.කර්මාන්ත ශාලාවේ අබලන් වූ ගේට්ටුව අසල මුරකරුද දක්නට නැත.මුර කුටිය තුල මලානික කහ ආලෝකය මුර කුටියේ වීදුරු ජනේලයෙන් මලානිකව දිස්වෙයි.ගේට්ටුව අසලට පැමිණි ප්‍රදීප්ගේ ගතවටා නුපුරුදු සියුම් සිසිලසක් දැවටෙනු ප්‍රදීප්ට නිරායාසයෙන්ම දැනෙන්නට විය.කෙසේ වෙතත් ඔහු යකෙකුටවත් බය නැති තරුනයෙක් බව මා හට ඔහුගේ විවිධ කතා අසාගන සිටින විට මා හට අවබෝධ විය.නමුත් මීට පෙර මෙවන් අත්දැකීම් නුපුරුදු නිසා ප්‍රදීප් තරමක් වික්ශිප්තව සිටියේ ග්‍රහනය නොවන ලෝකය ගැන කිසිවක් ගැන අවබෝධයක් නොමැති බැවිනි.වෙනදා තනිවම නිවසට යන ප්‍රදීප්ට අදනම් තනියට කවුරුන් හෝ සිටියානම් අනගි බව සිත තුල කැකෑරෙමින් තිබුනි.මාර්ගයේ කිසිදු වාහනයක්වත් ගමන් නොකරන අතර.මිනිස් කටහඬකුදු නොඅැසෙන මානයේ නොපැහැදිලි සේයාරුවක් දිස්වන්නට විය.හතරවටින් අැසෙන්නේ නිශාචරයින්ගේ අැඩියාවත් බල්ලන්ගේ උඩුබිරුමත් පමනකි.ප්‍රදීප්ගේ අවදානය තරමක් දුරින් පෙනෙන මිනිස් රුව ගැන පමනකි.යතුරු පැදියේ මද ආලෝකයෙන් එම රුව ලන් වන විට ඒ තරමක් වියපත් මිනිසෙකුගේ බව අඳුරේම වටහාගත හැකි විය.නොසිතූ ලෙසට අසරන ලෙස සිනහවක් පාමින් යතුරු පැදියට එම මහලු මිනිසා අත යොමු කර නතර වන ලෙසට ඉඟි කරන්නට විය.බැලු බැල්මට කුඩා තුවායක් බෙල්ල වටා දවටාගත් සුදට හුරු සරමක් කමිසයකින් සැරසී සිටි බයාදු මූනක් හෙබි මහල්ලෙකි.කාටත් උදවු කිරීමේ අනතිමානී පුද්ගලයෙක් වූ ප්‍රදීප් දෙවරක් නොසිතා යතුරු පැදිය නතර කලේ මහලු මිනිසාට හැකි උපකාරයක් කිරීමේ පවිත්‍ර චේතනාවෙනි.සීයා කොහාටද යන්නෙ.යමු මම ගිහින් දාන්නම්.ප්‍රදීප් බොහොම ප්‍රිය මනාපව විමසන්නට විය.අනේ පුතේ මාව.හතේ කනුව ගාවින් දාගන යන්න පුලුවන්නම් ලොකු උදවුවක්.මහල්ලා බයාදු ස්වරයෙන් මිමිනුවේය.එම කටහඬ ප්‍රදීප්ට අැසුනේ වෙනත් ලෝකයක සිට ඔහුට අමතන කටහඬක් ලෙසටය.කෙසේ වෙතත් හතේ කනුව ගාවින් යාමටනම් ප්‍රදීප් සිතාසිටි පරිදි නිවසට යාමට අැති කෙටි පාරෙන් යා නොහැක .දීර්ග පාරට යා යුතුමය.නමුත් මෙවන් රාත්‍රියක අසරන වූ මිනිසෙකුට උපකාරයක් කල හැකි බැවින් කමක් නෑ නගින්න යැයි ප්‍රදීප් සිනාමුසුව පවසා යතුරු පැදිය පන ගැන්වීය.සෙමින් යතුරු පැදිය වෙත පැදිය වෙත පැමිණි මහලු මිනිසා තරමක් අපහසුවෙන් යතුරු පැදිය උඩ වාඩි වූයේ ප්‍රදීප්ගේ උරපත්තට එක් අතක් තබමිනි.එම අතේ පහස අයිස් කැටයක් උරපත්ත මත තැබුවාක් වැනි හැඟීමකි.
සීයට ගොඩක් සීතලයි වගේ නේද.මද වේලාවක් ගත වුනද පැනයට පිලිතුරක් නැත.මහලු මිනිසාගේ කන් අැසීමේ දොශයක් යැයි සිතා තමන්ටම සිනහසුන ප්‍රදීප්ද නිසොල්මනේ යතුරු පැදිය පදවන්නට විය.හතේ කනුව කිට්ටුවන විට හාත්පසින්ම නහය හැකිලෙන තරම් නුපුරුදු දුර්ගන්දයක් දැනෙන්නට විය.හතේ කනුව පසුකර කිලෝමීටර කීපයක් යනවිට හමුවන්නේ මිනී කනත්තකි.ඒ බව ප්‍රදීප්ගේ මනසට මතකයක් නොතිබුනි.පුතේ මාව ඉස්සරහින් දාන්න යැයි පිටුපස සිටි පුද්ගලයා යාන්තමින් මුමුනන්නට වූයේ අතක් දිගුකර කුඩා දෙවට පාරක් පෙන්වමිනි.නමුත් ඒ කටහඬ කලින් යතුරු පැදියට ගොඩ වූ මහල්ලාගේ කටහඬට හාත්පස වෙනස්‍ බව ප්‍රදීප්ට වැටහුණි . කෙසේ වෙතත් කිසිත් වටහාගත නොහැකිව පාර අයිනට කර යතුරු පැදිය නැවතූ ප්‍රදීප් එහෙනම් යන්නම් සීයේ යැයි කියන්නට සිතා කට හදාගනම පසු පස බැලූවිට දුටු දසුනින් සිරුරම වෙවුලා ගියේ නොසිතූ ලෙසටය.යතුරු පැදියෙන් බසිමින් සිටින්නේ පෙර ගොඩ වූ මහල්ලා නොව.සුදු පාට ස්කට් එකකින් හා බ්ලවුස් එකකින් සැරසුණු කලු පැහැති තරමක් උස මහත කාන්තාවකි.කාන්තාව සුදුවන් දත් විලිස්සා වියරු ලෙස ම්ද සිනහවක් පා කිසිත් නොකියා පාලු දෙවට පාර දිගේ සෙමින් සෙමින් යන්නට වූයේ ප්‍රදීප් දෙස දත් පෙනෙනට පෑ වියරු මදහසින් හැරි හැරී බලමිනි.ප්‍රදීප්ට සිදු වූ දෙය අදහා ගත නොහැක .රැහැයියන්ගේ මූසල අැඩියාවත් නොයෙක් නිශාචරයින්ගේ අඬවැඩියාවඅස්සේ ප්‍රදීප් කේසේ හෝ ජවය ගෙන යතුරු පැදිය නැවත පන ගන්වාගන පාරේ ඉදිරියට ගමන්කරන්නට වූයේ සැලෙන සිතින් යුතුවය.එක්වරම නොසිතූ ලෙස කිසිදු දෝශයක් නොතිබු යතුරු පැදිය අඩපන වූයේ ප්‍රදීප්ට දෙවියන් සිහිකරමිනි.කරන්නට කිසිම දෙයක් නැත.යතුරු පැදියෙන් බැස හොඳට පරීක්ශා කලත් දෝශයක් නොවීය.නමුත් පන ගැන්වීමටද නොහැකිය .හිතට වීරිය ගත් මොහු තල්ලු කරගන හෝ යාමට සිතා යතුරු පැදිය තල්ලු කරගන යන්නට විය.වේලාව රාත්‍රී 9 ට ආසන්නය.යතුරු පැදිය තල්ලුකරගන යන විට පාර දෙපස පඳුරු අතරට වැලි විසිකරන්නාක් වැනි ශබ්දයක් අැසෙන්නට වූයෙන් ප්‍රදීප් මදකට නතර වී අවට විපරම් කරන්නට විය.නමුත් කිසිම හැලහොල්මනක් නැත.ශබ්දයද නැවතී අැත.යලිත් වාහනය තල්ලු කරගන මොහු ගමන් අැරඹීය.එවිට නැවත සුපුරුදු ශබ්දය අැසෙන්නට විය.දැන්නම් ප්‍රදීප්ගේ ගතට හීන් දාඩිය දමා අැත.පොඩි දුරක් ඉදිරියට යන විට පාරේ ඉදිරියෙන් පාරට පැන්නේ තද කලු පාට පොඩි බලු පැටියෙකි.ප්‍රදීප් ඔහුව පසු කර යන තෙක් බලාසිටි බලු පැටියා .ප්‍රදීප් ඔහුව පසු කරනවාත් සමගම ප්‍රදීප් පසුපස එන්නට විය.හාත්පස බල්ලන් උඩුබිරුමත් විටින් විට නැගෙන බකමූනු නාදයත් හමුවේ තරම සලිතව සිටි ප්‍රදීප්ට මෙය තරමක් අසාමාන්‍ය බව දැන්නම් වැටහී අැත.
යතුරු පැදියේ කන්නාඩියෙන් පිටිපසින් එන බලු පැටියාව දර්ශනය වන්නේ නැත.නමුත් ඔහු පිටුපසින් ළඟ ළඟම එන හඬ අැසේ .ප්‍රදීප්ගේ සිහිනුවන දැන් හොඳින් පෑදී අැත.ඔහු අත යටින් පිටුපස බලන්නට විය.පිටුපසින් එන බල්ලා ටිකෙන් ටික ලොකු වෙමින් පවතී.බල්ලාගේ අැස් ගිනි දලු මෙන් දිලිසෙන අතර මුකය දෙපසින් රුධිර දාරා වැගිරෙමින් පවතී.
ප්‍රදීප්ගේ සිරුරට දැන් දැන් පන නැතුවා සේය.කෙසේ හෝ සිතට දිරිය ගෙන පය ඉක්මන් කර යතුරු පැදිය කෙසේ හෝ තල්ලු කරගන ගොස් මිනීපිටිය ආසන්නයටන ළඟා විය.ප්‍රදීප්ගේ සිරුරම දහඩියෙන් නැහැවි අැත.මිනීපිටියේ වල දැමූවන් පස් හාරගන එලියට එතැයි සිත තුල පිලිරැව් දෙන සිතුවිල්ල හමුවේ පය ඉක්මන් කර කනත්ත පසුකර මද දුරක් ගොස් සුසුමක් හෙලා ලය සැහැල්ලු කර ගත්තේ මරනයෙන් ගැලවුනා හා සතුටකිනි.බල්ලාගේ ශබ්දයද මිනී පිටිය පසුවනවාත් සමග නැවතී අැත.දැන් අැසෙන්නේ රැහැයියන්ගේ මූසල නාදයත් විටින් විට නැගෙන බකුසු නාදයත් පමනකි.නිකමට යතුරු පැදිය පන ගැන්වීමට සිතූ ප්‍රදීප් එය පන ගන්වන්නට උත්සහ කරත්ම වාසනවකට එය පන ගැන්වුනි.එකෙනෙහිම එයට ගොඩ වූ ප්‍රදීප් තටු ලැබුණාක් මෙන් නිවසට පදවන්නට වූයේ ඉමහත් සතුටකිනි.
නිවසට පැමිණෙන විට ගතම දහඩියෙන් වැගිරී සිටි ප්‍රදීප්ව දුටු බිරිඳ සිදු වූ කාරනය විමසන්නට විය.පසුව සියල්ල දැනගත් අැය සිය සැමියාට නැවත රාත්‍රී යාමයේ එම පාරෙන් කුමන හේතුවකටවත් නොපැමිනෙන ලෙස අවවාද කර .නිවසේ තිබූ පිරිත් පැන් ස්වල්පයක් පොවා ඔහුගේ බිය පහ කිරීමට සැලසීය.
නැවත කෙදිනකවත් රාත්‍රී 7න් පසු ප්‍රදීප් අදටත් ඒ මාර්ගයේ හුදෙකලාව ගමන් කිරීමට දක්වන්නේ තරමක් මැලිකමකි.
මේ කරුනු විමසා කුතුහලය වැඩි වූ තැන.මේ සිදු වීමට පාදක වූ ස්තාන දැක ගැනීමටද ගිය අතර දැන් එම මාර්ගය දෙපස වීදි පහන් සවිකර අැති අතර මාර්ගය දෙපස ඉඩම් එලි පෙහෙලි කර බොහෝ නිවාසද ඉදි කර අැති නමුත්.අපට ග්‍රහනය නොවන ලොකයේ කුමක් හෝ ගුප්ත බවක් සඟවාගෙන එම මාවතේ හා කතාවේදී පැවසූ කැරකොප්පුව අවට තෙරුම්ගත නොහැකි යම් දෙයක් පවතින බව මා හට මේ ගවේශනයේදී තෙරුම්ගිය කරුනකි.
පන නැත්තවුන් ගැන මාගේ ගවේශනය මෙතකින් නිමා නොකරමි.මෙම කතාව සත්‍ය කතාවක් වන අතර නිල්පනාගොඩ ප්‍රදේශයේ සමහර අය මේ පිලිබඳව අසා පවතිනවාත් විය හැක.කෙසේ හෝ මලනොමලවුන් සමග කෙරෙන මේ ගවේශනයේ තවත් පුවතක් රැගෙන නැවත ඔබව හමුවන බලාපොරොත්තුවෙන් නවතිමි.

සාලින්ද ප්‍රියන්කරගෙන් 


No comments:

Post a Comment

UNIVOTEC එක ගැන

UNIVOTEC එකේ පාඨමාලා සහ වැඩි විස්තර සදහා පහත ඇති PDF ෆයිල් එක භාවිතා කරන්න. https://drive.google.com/open?id=1zbMNZ14FNiYV2f34K91x1KqpKmid...