මේ කතාව සිද්ධ වෙන්නෙ මීට අවුරුදු 2කට විතර කලින්. මම සාමන්යයෙන් හොල්මන් කියන දේ විශ්වාස කරනවා. ඒ වගේම මම ගොඩාක් ආසයි ඇත්ත හොල්මන් අවතාර කියන දේ ඇස් දෙකටම දකින්න. ඒත් අපි මේ ගමන ගියේ නම් එහෙම බලාපොරොත්තුවකින් නෙමේ. එක දිගට office එක ඇතුලට වෙලා වැඩ කර කර ඉදලා අපේ කොල්ලෝ ටිකට එපා වෙලා හිටියේ. ඉතින් අපි බලන් හිටියා වගේම අපිට දිග නිවාඩුවක් හම්බුනා. ඉතින් අපි හවස සෙට් වෙන ගමන් යන්නේ කොහෙද කියලා පොඩ්ඩක් කතා වුනා. ඒ අස්සේ මදුරයා හොද අදහසක් දුන්නා
"මචං අපේ අම්මාගේ ගම අනුරාධපුර යමුද එහෙ. කෑම බීම ඉන්න තැන ඔක්කොම මං සෙට් කරන්නම්"
අඩු බජට් එකට යන්න පුළුවන් නිසා අපි ඔක්කොම වැඩේට සෙට් උනා. ඊට පස්සෙ සතියෙ සිකුරාදා රෑම මමයි මදුරයයි, තරිදුයි,චානයි, තරිදුවාගේ කාර් එකේ අනුරාධපුර ඇද්දා.
අපිට යන්න හදිස්සියක් තිබ්බෙත් නැති නිසා අපි මග දිගට නවත්ත නවත්ත මේ ගමන full ආතල් එකේ ගියා. අපි කුරුණෑගලට ඇවිත් උදේට කාල ආයිත් ගමන පටන් ගත්තා. මදුරයාගේ ගම අනුරාධපුර කිවුවට අනුරාධපුරේ කැකිරාවේ ඉපලෝගම. කුරුණෑගලට ඇවිත් කුරුණෑගලින් දඹුල්ලට එන්න ඕන. දඹුල්ල හන්දියෙන් තලාව පාරෙ ටිකක් දුර එද්දි තමා ඉපලෝගම සෙට් වෙන්නේ. අපි එහෙට යද්දි උදේ 6 විතර උනා.
පුංචි ගමක් උනාට ඒ පරිසරය පුදුම ලස්සනක් තිබුනේ. Office කාමර ඇතුලේ හිර වෙලා හිටපු අපේ හිත් වලට පුදුමාකර නිදහසක් ගෙනාවේ. ඉතින් අපි තවත් වෙලා ගන්නේ නැතුව අපි ඒ සුන්දරත්වය විදින්න පටන් ගත්තා. අපි මුලින්ම මදුරයාගේ මහ ගෙදරට ගියා. අවුරුදු 50ක් විතර පරණ ගෙයක්. අපිට වෙන් කරපු කාමරේට ගියපු අපි අපේ දවසේ plan එක ගැන සාකච්චා උනා. ඒ අතරතුරේ මදුරයාගේ චූටි අයියා කාමරේට කඩාපැන්නේ.
"කොල්ලෝ ටිකට ඕන කරන හැමදේම මං ලෑස්ති කරල තියෙන්නෙ උදේට කාල කට්ටිය ලෑස්ති වෙන්න."
එහෙම කියාගෙන චූටි අයියා කාමරෙන් ගියා. අපිත් උදේට කාලා චූට් අයියාත් එක්ක එලියට බැස්සා. මදුරයාගේ මහ ගෙදර ඉදන් 3km ක් විතර ගියහම පොඩි වැවක් හම්බෙනවනවා. අපි එදා දවසම ගත කලේ ඒ වැවේ තමයි. අපි ඒකට ගොඩාක් ආස කලා. කළුවර වටින් ගොඩින් වැටෙන කොට අපි අයිත් මදුරයාගේ මහ ගෙදරට යන්න පිටත් වුනා. ඒත් අපිට රෑ කෑම ලෑස්ති කරලා තිබුනේ චූටි අයියලාගේ ගෙදර.අපි එහෙට යද්දිත් හොදටම කළුවරයි.
"කොහොමද බං මෙහෙ ඉන්නේ."
චානකයා අහපු ඒ ප්රශ්නයේ සාදාරනයකුත් තියෙනවා. මොකද එහෙ පේන තෙක් මානයක ගෙයක් නෑ. වටේටම් රූස්ස කැලය. අපි කෑමට පෙර පොඩි අඩියක් ගහන්න චූටි අයියාලාගේ ගෙදර එලිය කාමරේට මේසයක් දාගෙන සෙට් උනා. බයිට් එකට වල් ඌරු මස් එක්ක මිරිස් බැදලා තිබ්බේ. කොහොමහරි කට්ටිය රෑ 11 වෙනකන් බිවුවා. ඒ ඉන්න අතරතුර සෝමෙ කියලා මාමා කෙනෙක් චූට් අයියාලාගේ ගෙදරට ආවේ. ඒ මනුස්සයා
"චූටි මල්ලි අරක දියන්කෝ"
කියාගෙන ගේ ඇතුලට ගියා. ඒත් එක්කම අයියාත් ගෙට ගියා. ටික වෙලාවකින් චූටි අයියා ආවා. ඒත් එක්කම චානා ඇහුවා.
" මොනවද අයියේ ඉල්ලුවේ මස්ද?"
"නෑ මල්ලි තුවක්කුව, මිනිහා දඩයමේ යන්න හදන්නේ."
"නෑ මල්ලි තුවක්කුව, මිනිහා දඩයමේ යන්න හදන්නේ."
තරිදුවා ඒ අස්සේ තව යෝජනාවක් ගෙනවා.
"අපිත් යමුකෝ බං බලන්න."
අපි කවුරුත් ඒ අත්දැකීම ලබලා නැති නිසා අපිත් ඒකට කැමති වුනා. ඒත් ඒකට චුටි අයියා කැමති උනේ නෑ.
අපේ පෙරැත්ත කිරිල්ල ඉවර වෙන්නෙ නැති නිසා හා කියන්න චූටි අයියාට සිද්ධ වුනා. අපි සෙට් එක යුද්දෙට යනවා වගේ සෝමේ මාමා පස්සෙන් කෑලේ ඇතුලට රින්ගුවා. එතකොටයි අපිට තේරුනේ චූටි අයියා බෑ කියපු හේතුව. මුලු කැලේ ඇතුලෙම කට්ට කළුවරයි. අපිට එළියකට තිබුනෙ torch එලිය විතරමයි.
"පුතා මගේ පස්සෙන්ම එන්න."
සෝමෙ මාමා එහෙම කිවුවේ කැලේ පුරාම මරු වැල් (සතුන්ට බදින තුවක්කු) ඇදලා තිබ්බ නිසා. අපිත් ඒ පස්සෙන්ම ගියා.
ඒ යන අතරේ එක තැනකදි සෝමේ මාමා නැවතුනා.
අපේ ඉස්සරහා ලොකු අං දෙකක් එක්ක මුවෙක්. මාමා තුවක්කුව අරන් මුවාට වෙඩි තිබ්බ ගමන්ම ඒ වෙඩිල්ලත් කාගෙන මුවා දිවුවා. අපිත් උගෙ පස්සෙන් දිවුවා. ඒත් ඌ නෑ.
"වෙඩිල්ල වැදුන නිසා වැඩි ඈතකට යන්නේ නෑ ලගම ඇති. අපි බෙදිලා ගිහින් හොයමු"
එහෙම කියලා සෝමෙ මාමා මදුරයයි චානයි එක්ක වෙනම පැත්තකට ගියා. මායි තරිදුවයි චූටි අයියයි වෙනම ගියා. ටිකක් දුර යද්දි අපිට ඇහෙන්න ගත්තා කවුරු හරි අඩන සද්දයක්. ඒ සද්දේ හරි අමුතුයි. අමුතු ගදකුත් එන්න ගත්ත. නිකන් ලේ ගදක් වගේ. ටික ටික අපි ඉස්සරහට ගියා. ඒ සද්දෙත් එන්න එන්නම වැඩි වුනා. ගදත් එහෙමයි. මගේ හිතටත් ලොකු අමුත්තක් දැනෙන්න ගත්තා. කවමදාකවත් මට ඒ හැගීම දැනිලා නෑ.
"මොකද්ද අයියේ ඒ සද්දේ"
මං චූටි අයියාගෙන් ප්රශ්න කලේ ඒ ගැන හරි විස්තරයක් දැන ගන්න. ඒත් චූටි අයියාගෙන් හම්බුනේ සරල උත්තරයක්.
"උලමෙක් වෙන්න ඇති."
ඒත් මට හොදටම විශ්වසයි ඒ උලමෙක්ගේ සද්දයක් නෙමේ කියලා. මං ඒ එක්කම තරිදුවා දිහා බැලුවා. උටත් හොදටම දාඩිය දාල. ඌත් හොදටම බය වෙලා. අපි ටික ටික ඉස්සරහට යන්න යන්න ඒ සද්දෙත් එන්න එන්නම වැඩි වෙන්න ගත්ත. චූටි අයිය එක පාරටම එක තැන නැවතුනා.
වෙඩි වැදුන සතා අපිට ඉස්සරහින් බිම වැටිලා ඉන්නවා. හැබැයි ඒ සතාගේ බෙල්ල එතන තිබුනේ නෑ.
"බුදුහාමුදරුවනේ"
චූටි අයියට ඒක එක පාරටම කියවුනා. චූටි අයියා මං දිහා පුදුමෙන් වගේ බලාගෙන හිටියා මාත් චූටි අයියාගෙ මූණ දිහා බැලුවේ මට මේ මුකුත් තේරෙන්නෙ නැති නිසා. ඒ මූණෙ බයට මගේ බය තවත් වැඩි වුනා.
"කෝ බං අනිත් මල්ලි."
ඒ අස්සේ මගේ පිටිපස්සේ හිටපු තරිදුවා අතුරුදහන්. අපි දෙන්නා ආපු පාර දිගේම තරිදුවා හොයාගෙන දිවුවා. ඌ කැලේ මැද වැටිලා. උගේ ලගම අර මුවාගේ බෙල්ලත් තිබුනා.
"ඉක්මනට මූව උස්සපන්. අරුන්ට කතා කරපන්. සෝමේ අයියේ කැලෙන් එලියට වරෙන් ."
චූටි අයියයි මායි අමාරුවෙන්ම තරිදුවා උස්සගෙන කැලෙන් එලියට ආවා. ඒත් එක්කම අනිත් කට්ටියත් ආවා.
අපි කෙලින්ම පන්සලට ගියා. හාමුදුරුවෝ එතනදි පිරිත් කියලා පිරිත් පැන් බොන්න දීලා තරිදුවාට සිහිය ගත්තා. සිහිය ආවත් තරිදුවා කිවුවේ එකම දෙයයි.
"ඒ ගෑනි මාව කන්න එනවා"
එච්චරයි කතා කලේ ඊට පස්සෙ වචනයක්වත් කතා කලේ නෑ. කොහොමෙන් කොහොම හරි අපි තරිදුවාත් එක්කන් අයියලාගේ ගෙදර ආවා. අපිට වෙච්ච දේ අපි එකක් නෑර සෝමෙ මාමාටයි අරුන් දෙන්නටයි කිවුවා. එතකොට තමා මාමා ඒකෙ විස්තරේ කිවුවේ.
"පුතේ ඒ ඔයාල දැකලා තියෙන්නෙ දැනට අවුරුද්දකට කලින් ඔය කැලේ මරලා දාල තිබුන ගෑනියෙක්ගේ අවතාරේ. ඔය කැලේට දර කඩන්න යන සත්තු මරන්න යන ගොඩක් අය බය වෙලා තියෙනවා. ඒත් මේ වගේ දෙයක් වුනේ අදමයි. ලේ සුවදටයි ඌරු මස් සුවදටයි ඇවිත් තියෙන්නේ. ඔයින් බේරුනා ඇති. මීට සතියකට කලිනුත්.... "
එච්චරයි අපිට අහගන්න හම්බුනේ චානා බලෙන්ම කතාව නැවැත්තුවා. ඊට පහුවදා උදේම අපි ගෙදර ආවා. ඒත් තරිදුවා අපිත් එක්ක වචනයක්වත් කතා කලෙත් නෑ. ගෙදර කට්ටියටත් විස්තරේ අපි කිවුවා. තරිදුව දේවාලයකට එක්කන් ගිහින් සුරයකුත් දැම්ම. ඒ මොන දේ කලත් තරිදු වචනයක්වත් කතා කලේ නෑ.. ඒ අතරතුර මට චූටි අයියාගෙන් call එකක් ආව.
"හෙලෝ මල්ලි. එදා වෙච්ච දේ ගැන අපි හොයල බැලුවා. අපි එදා කැලේට ගිහිල්ල තියෙන දවසට හරියටම අවුරුද්දකට කලින් තමයි ඔය කියන ගෑනු කෙනා ඒ කැලේ ඇතුලට අරන් ගිහින් මරල දාල තියෙන්නෙ. තරිදු මල්ලිව පොඩ්ඩක් පරිස්සමෙන් බලගන්න."
මට කර කියාගන්න දෙයක් නැති උනා. ඒ සිද්ධිය වෙලා දවස් 5ක් වෙලත් තාම තරිදුවාට කිසිම සනීපයක් නෑ. මං ඊට පහුවදා තරිදුවා බලන්න ගියා.
තරිදු හිටියෙ ගොඩාක් අමාරුවෙන් මුළු ඇගම සීතලයි. තරිදු ඒ එක්කම ලේ වමනේ කරන්න ගත්තා. ඒ ලේ වලත් තිබුනේ අමුතුම ගදක්. අපිට එදා දැනිච්ච ගදමයි.
අපි ඉක්මනටම තරිදුව හොස්ප්ට්ල් ඇඩ්මිට් කරත් ඒක නැවතුනේ නෑ. හරියටම එදා අපිට ඒ සිද්ධිය වෙච්ච වෙලාවෙම තරිදුත් අපිව අත ඇරලා දාල ගිහින්.
අපිට නොපෙනෙන අදෘශ්යමාන බලවේග මේ ලෝකේ තියෙනවා ඒක ඇත්තක්.
(සැ.යු : නම් ගම් සියල්ල මනංකල්පිතයි)
- කසුන් ගමගේ -
No comments:
Post a Comment