මේක සිද්ද වෙන්නෙ අසූ ගනන්වල අනූගනන්වල වගේ.ඒ කියන්නෙ jvp කලබල දවස්වල.jvp කලබල ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ ඒ කාලෙ මතක අය අදටත් ගොඩක් අපි අතර ඉන්නව.ඒ කාලෙ පාරකට බහින්න බැ මිනී පුලුටු ගඳ හැමතැනම බල්ලො බලල්ලු කාක්කො මිනී රසට හුරුවෙලා මිනී කෑලි හැමතැනම අැදන් යන කාලයක්.සමහර වැට කනුවලට හයිකරල තිබුනෙ මරපු තරුනයන්ගෙ රත් ලේ වැකුනු බෙලි.හිසසුන් මලකදන් හැමතැනම .ඒ කාලෙ ලොකු බීශනයක් රටේ තිබුන.රටේ හැම කෙනාම ජීවත් උනේ ගොඩක් බයෙන්.හැබැයි ඒ බය තිබුනෙ පන නැත්තවුන් ගැන නෙමෙයි පනඇති අලුගෝසුවන් ගැන.කොටින්ම මිනිස්සු කොච්චර කල් ජීවත් වෙනවද මිනිස්සු මැරෙන්න ඕනෙ විදිහ මොකක්ද කියන එක තීරනය කරන්නෙ කලු බලල්ලු .කහ බලල්ලු කොල කොටි .ප්රා කියන කල්ලි නැතිනම් jvp කාරයො.මේ වගේ සමාජ තත්වයක් තියෙද්දි උනත් මිනිස්සු තමන්ගෙ එදිනදා කටයුතු සුපුරුදු පරිදි කරගන ගියා.නිමල් සහ රෝහිත කියන්නෙත් ඒ වගේ දෙන්නෙක්.නිමල් ctb බස් කොන්දොස්තර වරයෙක් විදිහට කටයුතුකලේ නිකවැරටිය ඩිපෝවෙ.රෝහිත එහිම බස් රියදුරකු ලෙස සේවය කලා.කඩිගාව නිකවැරටිය පාර තමයි දෙන්නට සේවයකරන්න තිබුන රෝඩ් එක.නිමල් රෝහිත දෙන්නම එකම ගමේ තමයි පදිංචි වෙලා හිටියෙ.සමහර දවස්වලට හම්බෙන බස් එකේ කොන්දොස්තර ඩ්රයිවර් මාරුවෙන් මාරුවට වැටුනත් ගොඩක් දවස්වලට නිමලුයි රෝහිතයි තමයි බස් එකට සෙට් වෙන්නෙ.ඒ දවස්වලට දෙන්න ගජ යාලුවො හින්ද දෙන්නට පාලුවකුත් නෑ.එදා මෙයාලට වැටිල තිබුනෙ උදේ turn එකයි හවස turn එකයි.උදේ එක දෙන්නම විහිලුවෙන් තහලුවෙන් ඉවර කරල ටිකක් විවේක ගත්ත.දැන් ඉතිං කරන්න තියන්නෙ හවස turn එක.කඩිගාව නිකවැරටිය පාර ගොඩක් දුශ්කර පාරක්.වටේම ලඳු කැලේ මැදින් තියන බොරලු පාරක් තමයි ඒ කාලෙ තිබුනෙ.ගෙයක් දොරක් තිබුනෙ අතරින් පතර.ඒත් නිතර යන එන පාර හින්ද දෙන්නටම ඒ ගැන ලොකුවට ගානක් තිබුනෙ නෑ.උදේ turn එකට බස් එකේ ගම අැතුලෙ ඉදන් එන සෙනග 20 ක්30 ක් හිටියට හවස turn එකට වැඩ අැරිල යන මිනිස්සු කීප දෙනෙක් අැරුනම ඉන්නෙ නිමලුයි රෝහිතයි විතරයි.කවුරු කොහොම කිව්වත් ඉතිං දෙන්නම ඉන්නහින්ද මිසක තනියමනම් ඒ වෙලාවට කවුරු ඒ පාරවල් වල ගියත් හිතේ බයක් අැතිවෙන එක සාමාන්ය දෙයක්.මොකද අද කාලෙ උනත් ඒ පාරෙ අමුතුම මූසල ගතියක් ගැබ් වෙලා තියනව.මචන් අදනම් පාරම හෙනම පාලුයි නේද බන්.වෙනදනම් පුට් සයිකලයක් හරි හම්බෙනව .නිහඬ බව බිදිමින් නිමල් කටහඬ අවදිකලා.ඔවු බන්.අර මිනීමරුවො පොඩිඋන්ගෙ මලකදන් ටික පාරෙ වලලපු දා ඉදන් ගමේ කොල්ලෙක්වත් එලිබහින්නෑබන් දැන් .කොයි එකාව මුන් ඩැහැ ගනීද කියල කවුද දන්නෙ.රෝහිත ඒ මතක් කලේ ඊට මාස කීපයකට කලින් අල්ලාගත් jvp තරුනයන් පිරිසකට වූ කේදවාචකයයි.පොලීසිය අල්ලාගත් jvpසාමාජිකයන් පිරිසක් දසවද දී ඝාතනය කර මහ පාරේ වලක් කපා ප්රසිද්දියේ ඔවුන් මිහිදන් කලේ සුනකයන් ගානටවත් නොසලකාය.ක්රීස්ස්....ඉස්සරහ බහිනවා....වෙලාව රාත්රී 7.30 සටහන් වීතිබුනි.අවසන් මගියාද එසේ බසයෙන් බැසගත් පසු ඉතිරි වූයේ රෝහිත හා නිමල් පමනි.බසයේ මගීන් නොසිටියද කඩිගාව දක්වා බසය ගමන් කල යුතුය .කාන්සිය මකාගැනීමට රෝහිත සමග කතා කලත් රෝහිත මිනීවලදැමූ කතාව මතක් කිරීම නිමල්ගේ සිතේ තරමක තිගැස්මක් ජනිතකිරීමට සමත්වූවායැයි නොකීවොත් බොරුවකි.දෙදෙනාම කතාවෙන් කතාවෙන් ඉදිරියට බසය දාවනය කරන්නට විය.බසය කුමක් හෝ උඩින් දඩාස් යන හඩින් නොසිතූ ලෙස ගැස්සීමකට ලක් විය.අඩෝ මොකද්ද නිමල ඒ...අනේ මන්ද බන්.කොටයක් උඩින් දැම්මද උබ නිමල් තරමක් තිගැස්සීමකින් අසයි.කියන්න බැ බන් මගුල මේ වෙලේ හරියකට පේන්නෙත් නෑ බන්.ටික දුරක් මෙසේ දාවනය වන විට එක්වරම රෝහිත හඩ අවදි කලේය.අඩෝ නිමල මේ මගුල පැත්තකට අද්දනව බන් නවත්තල බලන්නවෙයි වගේ මට හිතෙන්නෙ පිටිපස්සෙ රෝදෙ පන්චර් එකක් වගේ.හදිසියේ සිදුවූ සිදුවීමෙන් නිමල් තරමක් තිගැසුනි.අනේ මන්ද බන්.කෝකටත් බලමුකො බැහැල .නිමල්ද එසේ කියමින් බිමට බැස පරීක්ෂා කලේය.රෝහිතය හිතුව හරි බන් මේ බලපන් පිටිපස්සෙ රෝදෙ.මේකෙ හුලන් බැහැල බන්.දැන් මොකෝ කරන්නෙ.මොනව කරන්නද බන් මේක කොහොමහරි මාරු කරගමු මේ මල පාලුවේ අපි පයින් යන්නවැයි ජීප් එක ආවොත් අපිටත් තියල දායි.දැන් දෙදෙනාගේම හිත්වල අැත්තේ අමනුස්ස බයට එහා ගිය මනුස්ස බයකි.මෙවන් අකරතැබ්බයක් කර ඔලුවට උන්ඩ බස්සවා පාරේ අයින් වල අමුවට පිලිස්සුව ඩ්රයිවර්ලා ඒ වකවානුවේ බොහෝ සිටියහ.මෙයද එවන් සැලසුමක් දැයි දෙදෙනාටම මාරුවෙන් මාරුවට සිතුනත් දෙදෙනාම සිතට එකගව වරදක් කර නොමැති බව දෙදෙනාම දනී.එබැවින් සියලු දෙවියන්ට පින්දෙමින් රාත්රී 10.30 සටහන් වන විට දෙදෙනාම ටයරය මාරු කර වැඩ නිමකර යලි බසය පන ගන්වා සුපුරුදුලෙස දාවනය කරන්නට විය.බලපන් නිමල අපි කන චාටර් මේවට අපිට අමතර ගෙවනවද.ඕව ගැන මොකට කතා කරනවද රෝහිතය ඉක්මනට පාගල යමන් අද පරක්කු වැඩී.දෙදෙනා කතා බස්කරමින් ලගාවූයේ රස්නායක පුරටයි.රෝහිතට එතරම් ගානක් නොවූ නමුත් රස්නායකපුර පාර මැද මිනීවලදැමූ කතාව නිමල්ගේ මනසේ දෝන්කාර දෙයි.ඔවුන් බසය දාවනය කල යුත්තේ ඒ වලදැමූ මිනී උඩිනි.නිමල උබ මොනවද බන් ඔය හැටි කල්පනා කරන්නෙ.පාලුව මකාගැනීමට රෝහිත හඩ අවදි කලේය.මොකුත් නෑ බන් දැන් මැරිලා මැරිලා මැරිලා ගියාට ආය හෙටත් වැඩනෙ.නිමල් සිය සිතුවිලි සමුදාය රෝහිතගෙන් වසන් කලේය.ඔවු බන් දරුපවුල බලාගන්නත් එපැයි එසේ කියමින් රෝහිත හීල්ලුවේ හිත සැහැල්ලු කර ගෙනීමටයි.ක්තාවෙන් කතාවෙන් මිනීවලදැමූ හන්දිය පහුවී ටිකදුරක් බසය දාවනය වූයේ නිමල්ගේ සිත මදක් සැහැල්ලු කරමිනි.ඒ සමගම රෝහිත රතයේ වේගය මදක් බාල කලේ කුමක් හෝ නෙත ගැටීමෙනි.මොකද රෝහිතය slow වුනේ.ආය අවුලක්ද.නෑ නෑ බන් අර ඉස්සරහ බලපන්කො කවුද හෝල්ට් එකේ ඉන්නව බන්.ඒත් සමගම හමා ආ හදිසි සීතල සුලන් රැල්ලෙන් දෙදෙනාම මදක් අපහසුතාවයට පත් උනි.හතර වටින්ම බල්ලන්ගේ උඩු බිරුමත් බස්සන්ගේ මූසල නාදයත් දෙපස කැලෑවල නරි හූ කියන හඩත් අැරුනවිට කිසිදු මිනිස් හඩක්නම් මේ වෙලාවේ හාත්පස අැසෙන්නට නැත.ඔවු බන් ගෑනියෙක් වගේ.නිමල්ද විමසිලිමත් විය.අඩේ මේකට අත දායි වගේ බන්.පවු පොඩි එකෙකුත් අතේ.ඔවු රෝහිතය ඔහෙ දාගන යමු.ඒත් මොකෝ බන් මේ රෑ සුදු ඇඳගෙන .කොහෙ හරි මල ගේකවත් යන්ඩ අැති බන්.දැන් කොහෙද මල ගෙවල් නැත්තෙ.දෙදෙනාටම මේ නිහඬ රැයේ හුදකලා වූ ගැහැනිය ගැන අනුකම්පාවක් ජනිතවී හමාරය.සිතූ පරිදිම ගැහැනිය බසයට අත දැමූ අතර රෝහිත පාර අයිනට කර බසය නැවතීය.පරිසරය වෙලාගත් නුපුරුදු සීතලත් සමගින් බසයට ගොඩ වූ ගැහැනිය දෙදෙනාටම මද සිනාවක් පා බසය තුලට විය.සිනා වූවද එය එතරම් ප්රියමනාප සිනහවක් නොවූ බව දෙදෙනාටම පසක් උවද එය නිමල් වැඩි ගනනකට නොගත්තේය.මිස් කොහාටද යන්නෙ.නිමල් හඩ අවදිකල නමුත් ගැහැනිය දරුවාද අතැතිව ඉදිරියට ඇඟිල්ලක් දිගුකලා මිස කත කිරීමට පෙලබුනේ නැත.එසේ ඉදිරිය පෙන්වූ ගැහැනිය බසයේ පිටුපසම අසුනට ගොස් වාඩිවිය.රෝහිත බසය ප්දවන්නේ නිතරම පසුපස බලන කන්නාඩිය දෙස බලමිනි.මේ ගෑනිට පිස්සුද කොහෙද බන්.කටේ පිට්ටුද දන්නෑ අපි බස් එක නතර කරපු මනුස්සකමටවත් පොඩ්ඩක් කතාකරන්න වටිනවනෙ බන්.රෝහිත සිටියේ තරමක් අමනාපයෙනි.ඕව ගනන් ගන්නඑපා බන් අද කාලෙ කෙලෙහිගුන දන්න උන් අතලොස්සයි බන් ඉන්නෙ.දෙදෙනාම කතාබහ කරමින් ඉදිරියට අැදුන අතර ගැහැනිය ඔවුන්ගේ අවදානයෙන් මොහොතකට මිදුනි.රස්නායකපුර පොලීසියට කිලෝමීටරයක පමන දුරක් තිබියදී රෝහිත හඩ අවදි කලේය.නිමල අර ගැහැනි කොහාටද යන්නෙ අහල ටිකට් එකක් දියන් අහන්කාර මගුල් මොකටද නිකන් එක්ක යන්නෙ .අවට පරිසරයෙන් යලිත් සරුවටම බල්ලන්ගේ උඩුබිරුමත් සමග නරින්ගේ හූ හඬද දසත පැතිරෙන්නට විය.රෝහිතගේ කතාව අැත්තයයි නිමල්ටද සිතුනි.නමුත් ටික වේලවකින් ගැහැනිය බසයේ පිටුපස අයිනට වී ගිජු ලෙස තලුමරන හඬක් දෙදෙනාටම අැසෙන්නට විය.එය බල්ලෙක් මස්කටු කන හඩට සමාන අප්රසන්න හඩකි.මේකි පිටිපස්සට වෙලා මොනව කනවද බන්.මහ ගොඩේ එකියක් වගේ අැහෙනවද කන සද්දෙ.ඔවු බන් මම ටිකට් එක දීල එන්නම්.නිමල් එසේ කියා පිටු පසට යනවිට දුටු දසුනින් ඔහු දෙලෝ රත් වී ගියේය.දරුවා වඩාගන මොහොතකට පෙර බසයට නැගි කත දැන් බසයේ පිටුපස අයිනට වී ලේ වගුරුවමින් එම දරුවාව රසකර කර අනුභව කරමින් සිටින්නේ කොටියෙක්මුවෙක් මරාගන කන විලසිනි.ගැහැනියගේ සුදු ඇඳුම දරුවාගේ රත්පැහැ රුධිරයෙන් තෙත්වී හමාරය පිටුපස ආසනයද ලෙයින් සේදී ගොසිනි.නිමල්ට කතා කරගත නොහැක .ඔහුගේ සිරුරම අප්රානික වී ගොසිනි.සිරුරේ අවසන් ශක්ති පොද භාවිතාකර රියදුරු අසුන වෙත ගිය නිමල් රෝහිතගේ පිටට හැකි වෙරයොදා තට්ටු කලේ දාඩියෙන් තෙත්වූ මුහුනෙන් රොහිත දෙස බලමිනි.නිමලෝ මොකද බොල උබට වුනේ.නිමල්ට කතා කරගත නොහැක ඔහු ඇඟිල්ලක් දිගුකර පසුපස ආසනය පෙන්වා ක්ලාන්තවී අැදවැටුනි නිමල් පෙන්වූ දසුන එලෙසම රෝහිතද දුටු අතර රෝහිතගේ සිත තරමක් දැඩිය ඔහු කිසිවක් නොසිතා බසය කෙලින්ම පොලීසියතුලටම දාවනය කරවීය.බසය පොලීසියේ නවත්වනු දුටු පොලිස් නිලදාරීන් වහා බසය වෙත පැමිණි අතර රෝහිත සිදුවූ සියල්ල පොලීසියට පැහැදිලි කලේය.පොලිස් නිලදාරීන් එවෙලේම බසය පිටුපස හොඳින්ම පරීක්ශා කලද බසයේ සිටි ගැහැනියක් හෝ කිසිදු ලේ පැල්ලමක් හෝ බසයේ නොවීය.පසු දින අදිකව නිමලුත් රෝහිතත් රෝගාතුර වූ අතර ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ පිහිටෙන් දෙදෙනාටම සුව විය.ඔවුන්ගේ රාත්රී වැඩ මුරයන්ගේ අවසානයද ඒ සිදුවීමත් සමග සිදුවිය.
!!!සමාප්තයි!!!😏😏😏😕😕
(මෙය සත්ය සිදුවීමක් වන අතර මෙහි එන නම් මනක්කල්පිත බව සඳහන් කරමි .)
මේ ගැහැනිය මීට පෙරද මිනිසුන්ට හමුවී අැති අතර රස්නායකපුර පාරේ වල දැමූ ගැබිනි මතාවක් තමා සිය දරුවාගේ මූන දැකීමටත් පෙර තමාට වූ අසාදාරනය ගැන වෛරයෙන් මෙලෙස සැරිසරන බව අැතමුන්ගේ මතය
සාලින්ද ප්රියන්කරගෙන්
Subscribe to:
Post Comments (Atom)
UNIVOTEC එක ගැන
UNIVOTEC එකේ පාඨමාලා සහ වැඩි විස්තර සදහා පහත ඇති PDF ෆයිල් එක භාවිතා කරන්න. https://drive.google.com/open?id=1zbMNZ14FNiYV2f34K91x1KqpKmid...

-
"දැන් දොයියමුකෝ පන බලන්න වෙලාව කීයද කියල " "අනේ තව පොඩ්ඩක් ඉන්නකෝ මගෙ හොද අයියනේ" "අනේ මේ දොයියමු පිස්සු කෝලම මග...
-
කොල්ල මේ කෝපඅරන් කෑ ගහන්න වෙන මුකුත් හින්ද නෙමෙයි.....රාජතේජ ඇමති ලගට තමන් විසින් දාල තිබ්බ ගෝලයින් දෙන්නෙක් ඇමතියට අහුවෙලා තිබ්බ නිසා........
-
ඇල්බට් අයින්ස්ටයින් ගැන රස කතා 1. අයින්ස්ටයින් තම ඇදුම් ගැන කිසිම වුවමනාවක් නොදැක්වූ පුද්ගලයෙකි. පොඩි වූ දුර්වර්ණ ඇදුම් ඔහු නිතරම භාවිතා ...
No comments:
Post a Comment