මම නැගිට ගොස් ඔරලෝසුවෙන් වෙලාව බැලුවා. හරියටම උදේ අටයි දහයයි. මෙච්චර වෙලා දවල් වෙනකම් නින්ද ගියා කියල මට ගානක්වත් තිබුනේ නෑ. මේ සතියේ ගාමන්ට් එකේ හවස දෙක් රෑ දහය ශිප්ට එක තිබුනු එකයි ඒකට ලොකුම හේතුව වෙන්ඩ ඇත්තේ.
ගාමන්ට් එකෙන් රෑ දහයට ඕෆ් උනාම ගෙදර එනකොට රෑ එකොලහ හමාරත් පහුවෙනවා. නාල එහෙම ඇදට වැටෙනකොට දොලහත් පහුවෙනවා. ඇදට වැටෙන්නේ මැරිලා වගේ. ඒ තරමටම ඇගට අමාරුයි.
"අද කාර්යාලෙට යන්නෙ නැද්ද?"
අම්ම ඇහුවේ මම දත් මදින කොට.
"යන්ඩ ඕනා ,, යන්ඩ ඕනා"
මම කිව්වා.
මේ දවස්වල මුලු රටේම පාර්ලිමේන්තු මැතිවරණ උනුසුම තිබුනා. කොල්ලො කෙල්ලොත් ඒ අපෙක්ශකයන්ගේ කාරයාලවලට ගියේ පොර කකා. ඒ කොහොම හරි ජොබ් කට්ටක් හොයාගන්ඩ.
මාත් ඒ බෝට්ටුවේම වැටිලා හිටියේ. ගාමන්ට් ජීවිතෙත් මට මේ දවස්වල තිබ්බෙ හොදටම තිත්ත වෙලා. අනික් කොල්ලෙකුට ගාමන්ට් එකේ මහනව කියන එක මට දැනුනෙත් මදි පුංචි කමක් වගේ. මේ ක්රමයෙන් හරි මොකක් හරි #හොද පඩියක් තියෙන් ජොබ් එකක් හොයාගන්ඩ තිබුනොත්. ඒකයි ගාමන්ට් යන ගමම්ම මම අර අපේක්ශකයගේ කාර්යාලය පැත්තේ කැරකුනේ.
මට තිබුනේ කස්ටම් වරගයේ පොඩි බයික් එකක්. මම එදත් උදේ නමයට විතර ඒකෙ නැගල ගියා මම උදව් කරන අපේක්ශකයාගේ කාර්යාලය බලා.
මේ පාර ප්රාදාන පකශ දෙකේම තිබ්බේ ලොකුම ලොකු තරගයක්. ප්රචන්ඩ ක්රියාත් සෑහෙන්ඩ ඉහල ගොස් තිබුනා.
ලයිට්කණු බෝක්කුවල ගහල තිබුනු පෝස්ටර්වල වෙලා තිබුනෙත් ඉතා ඛේදනීය තත්වයක්. සමහර ඒවා ඉරලා, සමහර ඒවට කලුතෙල් වක්කරලා. ඒ අතර මම උදව් කරන අපේක්ශකයාගේ පෝස්ටරුත් තිබුනා. මම මේවා බල බලා කර්රයලය පැත්තට ගියා.
කාර්යාලය තිබ්බේ හෙට්ටිපොල නගරේ ඉදන් කිලෝමීටර් 02 ක් විතර දුරින් කුරුණෑගල පාරේ. මම එතනට යද්දී කට්ටිය කැන්වසින් යන්ඩත් ලෑස්තිය. ඒත් අද මට ඔවුන්ට එකතු වෙන්ඩ විදිහක් නෑ. මම අඩුම ගානේ දොලහයි කාල වෙදිදිවත් ගෙදර ඉන්න ඕනේ. ඒ ගාමන්ට් යන්ඩ ලෑස්ති වෙන්ඩ. ඉරිදට විතරයි මට කැන්වසින් යන්ඩ හැකිවුනේ, ඒ එදාට නිවාඩු හින්දා.
****************************************
ලියන කියන ඒවාටත් උදව් වෙලා ආවා කියලා ##අත්සන් කරලා මම එකොලහයි හතලිස් පහට විතර කාර්යාලයෙන් පිටත් වුනා. ටිකක් පරක්කුවෙලා හින්දා මම ආවෙත් වේගෙන්.
ටවුමට යන්නෙ නැතිව අපේ ගෙවල් වලට යන්න අතුරු පාරක් තිබුනා. ඒ පාර ටිකක් ලග පාරක්. ඒත් ගොඩාක් පාලුයි. ගෙවල් දොරවලුත් නැති තරම්. මිනිස්සු යන්නෙත් ගොඩක් කලාතුරකින්.
මට එදා හිතුනා නගරයට යන්නෙ නැතුව ඒ පාරෙන් ගියෙත් හොදයි කියලා. දෙවරක් නොසිතාම ඒ පාරට හැරෙව්වේ ඒ හිනදා.
එහෙම මම කිලෝමීටරයක් විතර ඒ පාරේ යන්ඩ ඇති. මිනිස් වාසයක් නැති ඒ පැත්තේ තිබුනේ විශාල වත්තක්. මග දෙපසම් තිබුනේ ගස් වැල් පදුරු වලින් සමන්විතවූ කැලයක් වගේ.
රෑටනම් මේ පාරේ යන්ද බයත් හිතෙනවා. ඒ තරම්ම පාලුයි. ඒත් දවල්ට ගානක් නෑ.
රෑටනම් මේ පාරේ යන්ද බයත් හිතෙනවා. ඒ තරම්ම පාලුයි. ඒත් දවල්ට ගානක් නෑ.
මම එසේ ඉදිරියටම ගියා. බයික් එකේ දම්වැල් කරස් කරස් ගා කේස් එකේ වඩින්නේ දම්වැල ගොඩාක් බුරුල් කියා අගවමින්.
" ඉක්මනට මේක හිරකරගන්ඩ ඕනේ "
සිතුවිල්ලෙන් ඉදිරියට ගියා පමනයි. මට සිදුවුනේ නොහිතපු දෙයක්. එකපාරටම කොහෙන්දෝ මන්දා පාරට පැනපු කලුම කලු බල්ලෙක් මගේ බයික් එක ඉස්සරහ හැප්පුනා. මට හිතාගන්ඩත් බැරි වුනා උන දේ.###
බයික් එකත් එක්ක 'දඩාන් ' ගා මම පෙරලුනේ මට බයික් එක පාලනය කර ගන්ඩ බැරි වුන නිසා.
"මුස්පේන්තු බල්ලා ....................."
මම බල්ලට බැන ගෙන බැන ගෙන ගියේ කුණුහරපත් එක් කරලා ,, මට ඒ තරම්ම තරහයි. ඒත් මගේ බැනුම් අහන්ඩ ඒ බල්ලානම් පේන්ඩ හිටියේ නෑ.
පුදුමයි හැප්පුන විතරයි ඒ කලු බල්ලා අතුරුදහන් වෙලා. අඩුම ගානේ උගේ කටින් හඩක් වත් පිටවුනේ නෑ...
මට ඉක්මනටම නැගිටල බැලුවෙ මටත් වඩා බයික් එකට මොනවද වෙලා තියෙන්නෙ කියල බලන්ඩ. වම් පැත්තේ සයිඩ් කණ්නාඩිය බිදිලා. . දංවැල බුරුල් වෙලා තිබුනු හන්දා වෙන්ඩ ඇති ඒක තිබුනේ පැනලා., ඒ විතරක් නෙමේ ඇදත් වෙලා.
මම phone එකෙන් වෙලාව බැලුවා. හරියටම වෙලාව දවල් දොලහයි තුනයි. කලු බල්ලා හැප්පෙන්ඩ ඇත්තේ ඒ කියන්නෙ දවල් දොලහට. මට හිතට පුංචි තිගැස්මකුත් ඇති වුනා. ඒ ඉස්සර කලු බල්ලන් ගැන අහල තිබ්බා අද්භුත කතා අහලා.
හැප්පුන තැන තිබ්බා ලොකුම ලොකු බෝක්කුවක්. අඩි හතක් විතර පලල ඇලකට සම්බන්ද කරලා. පාලු පැත්තක් වුනත් ඒ ####බොක්කුවෙත් චන්ද අපේක්ශකයන්ගේ පෝස්ටර ගහලා තිබුනා. ඒ අතර මම උදව් කරන අපේක්ශකයගේ පොස්ටරුත් තිබුනේ කවුරුහරි කලුතෙල් වලින් නාවලා.......
"දැන් මම මොකද කරන්නේ,,, අද ගාමන්ට් යන්ඩම ඕනා,, ඒත් මෙහෙම ගියොත්නම් ගේ ලගින් යන ගාමන්ට බස් එක අල්ලගන්ඩ හම්බවෙන්නෙ නෑ "
හිතන්ඩ වෙලාවක් තිබුනේ නෑ , මම ආපහු බයික් එක තල්ලුකරගෙන පයින්ම ගියා ගැරේජ් එකක් තියෙන තැනකට. වැටුන පාරට වැලමිට ලෙලි ගිහිල්ලා. එතනින් ලේත් වැක්කෙරෙන්නේ දැන් දැන්වේදනාවකුත් එක්කරමින් .මහ මුස්පේන්තු දවසක්.
****************************************
ආපහු කිලෝමීටර් එක හමාරක් විතර පයින් ගිහිල්ලා ප්රදාන පාරෙ ගැරෙජ් එකකට මම බයික් එක දැම්මා. එතනත් සෑහෙන්ඩ සෙනග. මෙහෙමනම් අද ගාමන්ට යන්ඩ හම්බවෙන්නෙ නෑ ,, ඒත් අද අනිවාර්යෙන්ම යන්ඩ ඕනමයි. ඒ එක හේතුවක් නිසා.
" ටික වෙලාවක් යයි මල්ලී, දන්වැලක් දාන්ඩ වෙනවා "
බයික් හදන පුද්ගලයා කිව්වේ බයික් එක සෝදිසි කර.
"අයියා එහෙනම් හදල තියන්ඩ ,, මම දන්වැලක් අරන් දෙන්නම්,, ඒත් බයික් එක ගන්ඩ මට එන්ඩ #####වෙන්නෙ හෙට උදේට."
"ඇයි හෙය උදේට "
"මට දැන් ගෙදර ගිහින් ගාමන්ට් යන්ඩ ඕනා. එන්ඩ වෙන්නේ රෑ වෙලා. ඒකයි."
" ගාමන්ට් යන්ඩ ඔහොම ,, ඔය ලේ වැක්කෙරී වැක්කෙරී ,, ගාමන්ට් නෙමේ කොහාට හරි ගිහින් ඔය තුවාල වලට බේත් දා ගනින්."
එතන හිටි කෙනෙක් කිව්වේ මගේ තූවාල බලමින්. මම ඊට මොකුත් කිව්වෙ නෑ, මුන් දන්නවාවැයි ගාමන්ට් වල නීතී.
මම දන්වැලකුත් අරන් දීලා බස් එකක නැගල ටවුමට ආවා. මගේ වේලාවට අපේ පැත්තට යන බයික් කාරයෙකුත් හම්බවුනා. කොහෙමෙන් කොහොම හරි ඒත් ගෙදර යනකොට තිබුනේ ගාමන්ට් බස් එක යන වෙලාව පහුවෙලා.
"මොකද වුනේ ,, ඇයි පයින් ,, කෝ බයික් එක"
මට ගේ ඇතුලට යන්ඩ හම්බවුනේ නෑ පෙර මග බලන් හිටි අම්මාගෙන් ඇහුනේ ප්රශ්ණ වැලක්.මම කෙටියෙන් කිව්වා වුන දේ.
"අද ගාමන්ට යන්ඩත් හම්බවෙන්නෙත් නෑ නේ ,, බස් එක ගියා මට ඇහුනා. මේකට ඉස්පිරිතාලෙන් බේත් දාගෙනමනේ එන්ඩ තිබුනේ.ඇයි බේත් දාන් ආවේ නැත්තේ."
අම්මා කිව්වේ තුවාලය දෙස බලමින්,,
"ගාමන්ට් එකේ මෙඩිකල් රූම් එකෙන් ##### #දාගන්නවා "
මම බිත්තියේ ගහල තිබ්බ ඔරලෝසුවට එබුනා. වෙලාව එක පහුවෙලා.....
"ගාමන්ට් යන්ඩ ඔහොම ,, "
අම්මා ඇහුවේ පුදුමෙන්.
"ඔව් අද ගියෙ නැත්නම් අපේ ලයින් එකේ අයට පාඩුයි. ඊලග දවසේ උන්ට මූන දෙන්ඩ හම්බ වෙන්නෙත් නැ. පාරේ බස් වල වත් යන්ඩ ඕනා."
මේ මාසේ ගාමන්ට් එකේ වැඩකරන අවසාන දවස අදයි. අපේ ලයින් එකේ සාමාජිකයෝ ඔක්කෝම මේ මාසේ ඊයේ දක්වා නිවාඩු ගන්නේ නැතුව වැඩට ආවා. ඒ හින්දා මේ පාර ආපේ ලයින් එකේ ඔක්කෝටම හැමදාම ආපු හින්දා ආපු හින්දා දෙන බෝනස් මුදලත් හම්බවෙනවා. ඒක දෙගුන් වෙන්නේ ඔක්කොම සාමාජිකයොත් හැමදාම වැඩට ආපු නිසායි. මම අද වැඩට ගියෙ නැත්නම් ඒක හම්බවෙන්නේ නෑ..ඊයේ වැඩ ඇරිලා එද්දී ඔක්කොම කට්ටිය කතා වුනේ කොහොමහරි අද වැඩට එනවා යන පොරොන්දුව මතයි.
***ගාමනට් එක වැඩ පටන්ගන්නේ හවස දෙකට වුනත් හවස තුනට කලින් එන අයත් බාර ගත්තා. මේ වෙලාවේ හැටියට මට තුනට කලින් ලේසියෙන්ම යන්න පුලුවනි.
අම්මා පුදුමෙන් බලන් ඉද්දී මම තැඹිලි පාට ##### ##ගාමන්ට ටී ශට් එක ඇදන් ගෙදරින් පිට වුනා. ඒ බයිසිකලෙන්. ටවුමට අපේ ගෙදර ඉදන් කිලෝමීටර් හයක් ටියෙනවා. එතනට ගිහිල්ලත් තව බස් දෙකක යන්ඩ ඕනා. ගාමන්ට් එක තිබුනේ කුලියාපිටියේ.
බයිසිකලය ටවුම ලග මුස්ලිම් ගෙදරක දාපු මම හැති ඇරියා. වැඩ ඇරෙන්නේ රෑ හින්දා ආපහු බයිසිකලේ ගෙදර යන්ඩ වෙන්නේ මහ රෑ. පුංචි බියකුත් මට නොදැනුනාම නෙමේ. ඒ සිතුවිල්ලෙන් මම බස් ස්ටෑන්ඩ් එකට ගියා.
නගරයට ඇතුලු වෙන තැනම සුදුපාට පාලම් කොඩියකුත් ගහලා තිබුනේ කවුරු හරි මේ පැත්තේ කෙනෙක් මැරිලා කියලා අගවමින්.
*****************************************
*****************************************
මට හවස තුනට කලින් ගාමන්ට් එක්ට යා ගන්ඩත් පුලුවන් වුනා. මෙඩිකල් රූම් එකට ගිහින් බේත් දාගන්ඩත් පුලුවන් වුනා. අමාරුවෙන් හරි රෑ දහය වෙනකම් වැඩ කරන්ඩත් පුලුවන් වුනා.
දහයට ඕෆ් වෙලා ගාමන්ට් එකෙන් එලියට එනකොට කාලගුනය තිබුනේ හොදටම වෙනස් වෙලා. නා කපන් වැස්සක් ඇද හැලෙමින් තිබුනා. අපේ පැත්තට යන බස් එකට ගොඩවුනේ තෙමි තෙමී දුවන් ගිහිල්ලා.
"හෙට්ටිපොලටත් වහිනවද දන්නෙ නෑ ,, එහෙම වුනොත් මම යන්නෙ කොහොමද ????,, වහින ##### ###හැටියට පායන්නෙත් නෑ වගේ."
මගෙ හිතට නැග්ගේ මද තැති ගැන්මක්.
මම හිතුවා වාගේම වැස්ස පෑයුවේ නෑ, කුලියාපිටියට තරම්ම නොවුනත් හෙට්ටිපොලටත් ඒ වැස්ස තිබුනා.
"දැන් මම මොකද කරන්නේ ,, ගාමන්ට් බස් එකේ ගේ ලගටම යනවද ,, නැත්නම් ටවුමෙන් බැහලා වැස්ස පායනකම් ඉදලා බයිසිකලේ යනවද "
මගේ සිතට දැනුනේ දෙගිඩියාවක්.
බස් එකේම ගමට ගියත් ගේ ලගින්න ගාමන්ට් බස් එක යන්නේ නෑ. ටික දුරක් පයින් යන්න ඕනා. අවසානේ මම තීරනයක් ගත්තා ,, ඒ ටවුමෙන් බහින්ඩ, බැහල කීයට හරි වැස්ස පායනකම් ඉදල බයිසිකලේ යන්ඩ.
ගාමන්ට් බස් එකෙන් බැහල මම තෙමි තෙමිම දුවගෙන ගියේ කඩයක් යටට. රෑ නිසා කඩේ තිබුනේ වහලා, ඒත් මට නොතෙමී ඉන්න් පුලුවන් වුනා.
දවල් කාලයට කඩිගුලක් වගේ මිනිසුන් ඉන්න නගරය මේ වෙලාවේ තිබුනේ හොදටම් පාලුවෙලා. ඒ මදිවට කරන්ට් එකත් ගිහිල්ලා. මුලු ටවුමම තිබුනේ හොදටම කලුවරේ, වැහි දවස්වලට විදුලිය යන එකත් එච්චරම අරුම පුදුම දෙයකුත් නෙමේනේ.##### ####
තත්පරය විනාඩිවලට හැරවිල විනාඩි පැය වුනා ඒත් වැස්ස පායන් පාටක් නෑ ,, මම ශාප කෙරුවා වැස්සටයි , අර කලු බල්ලටයි. ඒ කලු බල්ල දවල් මගෙ බයික් එකට හැප්පුනේ නැත්නම් මෙහෙම අමාරුවක් වැටෙන්නේ නැනේ.
කොහොමහරි වැස්ස පැයුවේ මම එතනට ගිහිල්ලා පැය එක හමාරකට විතර පස්සේ. මම phone එකෙන් වෙලාව බැලුවා. වෙලාව හරියටම රෑ දොලහයි.
මට මතක් වුනා අද දවල් දොලහට වුන දේ ,, මම ඒ වෙලාවෙ අර කලු බල්ලට හැප්පිලා පෙරලිලා නේද? සිතට දැනුනේ හීන් තැතිගැන්මක්.
මම ගෙදරට කොල් කරල කිව්ව එන්ඩ ටිකක් පරක්කු වෙයි කියලා. එහෙමම තොප්පිය දාගෙන phone torch ,එක පත්තු කරන් මම කඩෙන් එලියට පැන්නා.
**** මම බයිසිකලේ ගන්ඩ හිතාගෙන අපේ ගෙවල් පැත්තට යන පාර ලගට ආවා. දවල් මම එද්දී තිබිනු සුදුපාට පාලම් කොඩියත් තවමත් එහෙමමයි. මම කුඩා කාලේ ඉදන්ම ඔය සුදුපාට පාලම් කොඩි දකිද්දී බයයි. විශේශයෙන්ම රෑට. ඒ සුදුපාට පාලම් කොඩියක් ඇගේ එහෙම ගෑවුනොත් ඒ බය දෙගුන තෙගුන වෙනවා. මම වටපිට බැලුවා ,, මැරුනු කෙනාගේ බැනර් එක වෙන්ඩ ඇති තැනක ගහලා තිබුන මම ඩැක්කේ ##### #####ලාවට වගේ. ඒ කවුද කියන්ඩ මම බැලුවේ නෑ. ,මම එකෙන් ඇස එකපාරම ඉවතට ගත්තේ බයට වගේ. මැදියම් රෑ නිසා කිසිවකු පේන්ඩවත් නෑ. ඒ නිසා මගේ හිතට දැනුනෙ මහා අමුත්තක්.
මම පාලම් කොඩිය යටින් යන්ඩ හිතුවා විතරයි. තද සුලගක් ගැහුව එකපාරටම. ඒ සුලගට අර පාලම් කොඩියේ එක පැත්තක ඇවිත් මගේ බෙල්ල වටේට එතුනා. වුන දේ මට හිතාගන්ඩවත් බෑ. මට දැනුනේ හොල්මනක් අවතාරයක් ඇවිත් මගෙ බෙල්ල මිරිකුවා වගේ හැගීමක් . බයට හදවතේ ස්පන්දන වේගයත් වැඩිවුනා.
ඒකෙන් ගැලවිලා මම ඉස්සරහට යන්ඩ හිතුවා විතරයි ඊට පස්සෙත් දැක්කේ බය හිතෙන දෙයක්මයි. අද හවස මේ පාරෙන් මිනියක් අරන් ගිහිල්ලා තියෙනවා. මග දෙපස තිබුනේ ඒ මැරුන කෙනාගේ රූපය අලවපු කොඩි. සමහර කොඩි වැස්සට පෙරලිලාත් එක්ක.
ඒව දිහා බලන්නේවත් නැතිව මම මම බයිසිකලේ දාපු මුස්ලිම් ගෙදරට ගියා. ඒ ගෙදර අය නිදි වෙන්ඩ ඇති ,කිසිම හඩක් නෑ. බයිසිකලේ ලගට ගිය ගමම්ම මම ඉස්සරවෙලාම කෙරුවේ රෝදවල හුලං බැහැලද කියලා. නෑ එවගේ හුලං බැහැල නෑ ,, මම උදේ ගහපු ##### ##### #විදිහමයි. රෝද දෙක ගල් ගෙඩි දෙකක් වගේ තිබුණා.
බයිසිකලෙ පැදගෙන මම ඉස්සරහට ගියේ ගැහෙන හදින්. බයික් එකටම පුරුදුවෙලාද කොහෙද දැන් මට බයිසිකල් පදින එකත් අමාරුයි වගේ.
අර සුදු කොඩි මැද්දෙන් මම බයිසික්ලෙ පැදන් ගියේ කනත්තක් මැදින් යනවා වගේ හැගීමෙන්. ඒ තරම්ම මගේ හිත බයවෙලා... එහෙම වෙන්ඩත් හේතු සාදක ගොඩක් නිර්මානය වෙල තිබුනා. එකක් මේ මළවුන් අවදිවන රෑ මැදියම, අනික වැස්ස ,, එයත් තවම පරිසරයම සීතල කරමින් ලාවට වගේ ඇද හැලේ. පාරේ දෙපැත්තේම සුදු කොඩි. ඉතින් මම කොහොම බය නොවී ඉන්නද? මම එච්චරම නිර්භිත කෙනෙකුත් නෙමේ.
මට මතකයි ඉස්සර මම අහපු කතාවක්. මහ රෑ පාලු පාරවල් වල බයිසිකලේ තනියම කවුරුහරි පැදන් යනකොට එකපාරටම පිටිපස්සේ ලැකෙජ් එක පැත්ත බරවෙනවලු, එහෙම වෙන්නේ අමුනුශ්ශයෙක් ඉදගත්තමලු, පැදන් යනකෙනාට බයිසිකලේ පැදන් යන්න බැරි තරම් අමාරුයිලු. බැරිවෙලාවත් පදින කෙනා පිටිපස්ස බැලුවොත් එහෙම ඒ කෙනාගේ අවසානේ තමාලු. මේ වගේ දේවල් වෙන්නේ වැඩිපුරම තුන්මංහන්දිවලදි ##### ##### ##කියලා එදා ඒ කතාව කියපු කෙනා කිව්වා මට හොදට මතකයි.
අම්මෝ ඒවා මතක් වෙනකොට ඇගේ ලේත් වතුර වෙනවා.
ඒක මතක් වෙනකොටත් මම හිටියේ තුම්මංහංදියක් කිට්ටුකරලා. එතන විශාල ගහක් තිබුනා. දවල්ටනම් ඔය ගහයට කවුද කෙනෙක් මලු ලෑල්ලක් දාගෙන මාලු වික්කා.
මයේ බයේ උපරිම අවස්තාව එන්ඩ ඇත්තේ ඒ වෙලාවේ වෙන්ඩ ඇති. මට හිතුනේම කවුරුහරි අමුනුශයෙක් ඔතනින් මගේ බයිසිකලේ ඉදගනීදෝ කියලා. ඒ තුන්මන් හංදිය පහුකරන්ඩ බෑ වගේ. ඒත් එතනින් යන්ඩම ඕනා.
එකපාරටම මට මතක්වුනේ කරනීයමෙත්ත සූත්රය. බෞදදයෙක් වුනාට මම දැනගෙන හිටියෙත් ඒ සුත්රය විතරයි.ඒක කියන ඇහෙද්දී අමුනුශයෝ කරදර කරන්නෙ නෑ කියලා කවුදො කිව්වා මට මතකයි.
"ක.........."
මම ඒ සුත්රය කියන්ඩ හැදුවා විතරයි. පිටි පස්සෙන් අඩි හඩක් ඇහුනා ඉස්සරවෙලාම. ඊටපස්සේ එකපාරටම මගේ බයිසිකලේ පිටිපස්සෙ ලැකේජ් එකෙන් කවුදෝ ඇද්දා. ඒ ඇද්ද වේගෙට මට ඉස්සරහට පැදන් යන්ඩත් හැකිවුනේ නෑ. මගෙ ඇස් දෙක ලොකු වුනේ බයට, පපුඩ ඩිග් ඩිග් ගා ගැහේ. ##### ##### ###
"කවුද දන්නෙ නෑ ,හො...හො.. හොල්මනක්වත්ද"
හොල්මනක්නම් පිටිපස්ස බැලුවොත් මම ඉවරයි. ඒත් මට පිටිපස්ස බැලවුනා.
මම දැක්ක ඒ දසුනෙන් මගේ කටේ කෙලත් හිදුනා. මම ඉස්සරවෙලාම දැක්කේ මූනක්. ඒත් ඒ මූනෙන් තුන්කාලකාලකටත් වැඩියෙන් තිබුනේ කොණ්ඩේ.
Sagara Sampath
Sagara Sampath
No comments:
Post a Comment