මගේ බය දෙගුන තෙගුන වුනා ඒ දැකපු දෙයින්. වචනයක් පිට කරන්ඩ හැදුවත් වචන පිටවුනේ නෑ. මම ලග හිටියේ මනුශ්ශයෙක්ද අමුනුශ්ශයෙක්ද, මට තවමත් හිතාගන්ඩ බෑ.
"මල්ලි මට උදව් කරන්ඩ ,,, උන් මාව් මරන්ඩයි හදන්නේ "
ඔහු කතා කලේ කලබලෙන්.
"කක්කක් ක...වුද "
මම ඇසුවේ වටපිට බලමින් ගොත ගහමින්. ඒත් වෙන කවුරුවත් පේන්ඩ නෑ.
"මට කිය කිය ඉන්ඩ වෙලාවක් නෑ මල්ලී ,, උන් දෙන්නා මගේ කකුලටත් කෙටුවා මේ බලන්ඩකෝ"
ඔහු කකුල පෙන්නුවා. Phone torch එකේ එලියෙන් මම දැක්කේ ඉතා බිවිසුනු දසුනක්. ඔහුගේ වලලලු කර තිබුනේ කට ඇරියාක් වගේ. කවුදෝ කෙනෙක් තියුනු කඩුවකින් කොටලා, එතනින් ලේ වැක්කෙරෙන්නේ ගගක් ගලනවා වගේ. ඔහු ඇදන් හිටියේ කොට කලිසමක් නිසා ඒ කැපුම් පාරේ බිවිසුනු බව හොදටම වැඩිවෙලා තිබුනා.
"අම්මෝ කවුද මෙහෙම දෙයක් කෙරුවේ , ඉක්මනින් ඉස්පිරිතාලෙට ගිහින් බේත් දාගන්ඩ එපැයි., පොලිසියට කියන්ඩ වෙයි"
"බෑ බෑ ඉස්පිරිතාලෙනම් යන්ඩ බෑ, උන් මග #රැකල මාව හොයනවා ඇති., මල්ලි මට උදව්වක් කරන්ඩ , මාව ගිහින් අපේ ගෙදරට දානවද ,, මට ගෙදර අයට පණිවිඩයක් කියන්ඩ ඕනා."
මම ඔහුගේ මූන දෙස බැලුවා ඔහු එහෙම කිව්වාම. ඔහුට තිබුනේ දරුනු මූනක්, අවුරුදු තිස්පහක් විතර ඇති . අඩි හයක් විතර උසයි. කළුයි. ඔහු හිටියේ කෙල්ලෙක් වගේ කොණ්ඩෙ වවලා. ඒ කොණ්ඩේ තමා මූනට වැටිලා තියෙන්නේ.
"ඒත් කොහොමද ඔහොම බයිසිකලයක යන්නේ , බයික් එකක් හරි වාහනයක් හරි එනකම් ඉන්ඩ, "
මම දැනන් හිටියා මේ වෙලාවට වාහන පාරේ යනවා අඩුයි. කියලා , මම එහෙම කිව්වේ ඔහුගෙන් ගැලවෙන්ඩ හිතන්. පේන තෙක්මානෙක ගෙයක් දොරක්වත් නෑ.පාලුම පාලුයි.
"මේ වෙලාවට වාහන එන්නේ නෑ මල්ලී,, මම මෙතන හැංගිලා හිටියා ගොඩක් වෙලා. ඔයා විතරමයි ආවේ. මාව ගිහින්දාන්ඩ මල්ලී."
මට ඔහුගෙන් ගැලවෙන්ඩ ලැබුනේම නෑ.
"කොහෙද ගෙවල්"
"යම් මම පෙන්නන්න්ම්"
මම කියු පමාවින් ඔහු බයිසිකල් පොල්ල උඩ කොර ගහ ගහා ඇවිත් වාඩිවුනා.
ඔහුට තිබුනේ ගොඩක් උස මහත ශරීරයක්. ඒ හින්දා මම බයිසිකලේ පැදන් ගියේ බොහොම අමාරුවෙන්. බයිසිකලෙ ඉස්සර කෙනෙක් ##වාඩිකරගෙන ගිය කාලයක් මට මතක තිබුනේ නෑ. ඒ හින්ද මම ටික දුරක් එහෙම යද්දී හොදටම හෙම්බත් වෙලා හිටියා.
"පැඩල් දෙන්ඩ වත් විදිහක් නෑ ,, අරුන් මගේ කකුලට කෙටුවනේ,,, මම උන්ගෙන් පලිය ගන්නවාමයි. උන්දෙන්නගෙන් විතරක් නෙමේ ඔක්කොගෙම්ම , මම පලියගන්න්වා."
ටික දුරක් ගියාට පස්සේ ඔහු කතා කලේ දරුනු හඩින්.
"ඔක්කොම කිව්වේ "
මට ඔහු කියපු දේ තේරුනේ නෑ.
"උන්ගේ පක්ශෙ අයගෙන්, මට උන්වත් දැන්පේන්ඩවත් බෑ. ඔක්කොම උන් මට හිතෙන්නේ මරල දාන්න."
ඔහුකියාගෙන ගියේ වියරුවෙන් වගේ. මට හිතුනේ ඔහුට උමතුවෙලාවත්දෝ කියලයි.
"ඒත් ඔච්චරම තරහක් එන්ඩ මොනවද ඒ අය කෙරුවේ "
"ඒ පක්ශෙ උන් තමයි මට මෙහෙම දෙයක් කෙරුවේ "
" මොනවද කෙරුවේ "
මට එය දැනගන්නට කුතුහලයක් ආවා.
" මට ඒ පක්ශේ චන්ද ඉල්ලන එකෙකුගෙවත් පොස්ටයයක්වත් පේන්ඩ බෑ. මම ඒව දැක්කොත් රෑට ගිහිල්ලා ඒවාට කලු තෙල් ###වක්කරනවා ,, නැත්නම් ඉරල දානවා, මට ඕනා අපේ පැත්ත දිනවන්ඩ. අදත් රැ මම එහෙම පෝස්ටරයක්ට කලු තෙල් වක්කර කර හිටියේ ,, එක පාරම මට පිටිපස්සෙන් ශබ්දයක් ආවා,,,, පිටිපස්ස හැරිලා බලද්දි මම දැක්කෙ කඩු දෙකක් අතේ තියන් ඉන්න මිනිස්සු දෙන්නෙක්.
උන් මගෙන් ඇහුවා ' තෝ ඔය මොනවද කරන්නෙ කියලා" එහෙම කියාගෙනම උන් මට කඩුවෙන් කෙටුවා . මාත් නිකන් හිටියේ නෑ උන් එක්ක ගහ ගත්තා. ඒත් අවසානෙ උන් දෙන්නගෙන් එකෙක් කොටපු කඩුපාරක් මගේ කකුලට වැදුනා. ඒ කකුල තමා මම අරමල්ලිට පෙන්නුවේ ,,, ඒත් මම කොහොම හරි උන් දෙන්නගෙන් පැනල බේරුනා. අමාරුවෙන් බෝක්කුවක් ඇතුලට රිංගලා හැංගිලා හිටියා."
ඔහු කියපු කතාව මම අහන් හිටියේ අදහගන්නත් බෑ වගේ. මේ පුද්ගලයා කියන විදිහට ඔහු හානිකරල තියෙන්නෙ මම උදව කරන පක්ශෙ චන්ද අපේක්ශකයන්ගේ පෝස්ටර. මොහුට මේ විදිහට කඩුවෙන් කොටල තියෙන්නෙ අපේ පක්ශෙ දෙන්නෙක්. මට හීන් දාඩිය දැම්මේ ඔහු කලින් කියපු දෙයක් මතක් වෙලා. ඔහු කිව්වේ ඒ පක්ශෙට උදව් කරන ඕනැම කෙනෙක් මරනව කියලා. එහෙම බැලුවොත් මමත් ඒකට අයත්.####
"ඉතින් උන්ට ඔයාව හොයාගාන්ඩ බැරි වුනාද"
ඒත් මම කියපු දේට ඔහු මොකුත්ම කිව්වෙ නෑ ,, ඒ වෙනුවට මගෙන් ප්රශ්නයක් ඇහුවා.
"මල්ලි මොන් පැත්තටද චන්දේ දෙන්නේ"
ඔහුඑකපාරටම ඇහුවේ ගහෙන් ගෙඩියක් එනවා වගේ. මම දැන් මොනවද කියන්නේ ,, ඇත්ත කිව්වොත් ඔහු මොනවගේ හැසිරෙයිද දන්නෑ.
"මම කිසිම පක්ශයකට චන්දේ දෙන්නේ නෑ "
මම බොරුවක් කිව්වා.
"වෙන්ඩ බෑ "
"ඇයි"
"මන් දැක්කනෙ උබ ගිය ඉරිද අරූට උදව් කරන්ඩ කැන්වසින් යනවා "
මෙච්චර වෙලා මල්ලී මල්ලී කියපු ඔහු මේ පාර මට උබ කියලා කතා කෙරුවා. එයත් අර විදිහේ බය හිතෙන දෙයක්.
"නෑ නෑ මම ගියේ නෑ , අයියට වැරදිලා ,, එක වගේ කීදෙනෙක් ඉන්නවද"
මම කිව්වේ සැකෙන් වගේ , ඔහු මම කියපු දේ පිලිගනීවීද??, මොකක්දෝ මන්ද හේතුවකට මම හිටියේ ඔහුට හොදටම බයවෙලා.
"එහෙමද ,, මටනම් හිතෙන්නේ ඒ උබමයි කියලා,,,,,,,,,,,,,,,,, ආ මල්ලි අන්න අතනින් වමට හරවන්ඩ."
"අතනින් වමට..." #####
ඔහු පෙන්නපු පාර දැක්කම මට ඇතිවුනේ තිගැස්මක්. ඒ පාරේ යද්දී හමුවෙන තැනක තමා මම අද,,,, නෑ ,,,,ඊයේ රෑ දොලහින් පස්සෙ දවසක් උදා වෙනවනේ.
ඒ පාලු පාරෙ යද්දී හමුවෙන තැනක තමා මම අර කලුබල්ලෙකුට හැප්පිල දවල් දොලහට බයික් එක පෙරලුනේ.ඒ ඔස්සෙ සිතන්ඩ ගිය මට තවත් දේවල් එකඑක මතක්වුනා.
මට මතකයි එතන විශාල බෝක්කුවකුත් තිබුනා. කලු තෙල් නාවපු මම උදව් කරන චන්ද අපේක්ශකායාගේ පෝස්ටර වගයකුත් ඒ බොක්කුවේ අලවල තිබුනා මතකයි. මට හැගුනේ මේ ඔක්කොම වුන ,,,,වෙන දේවල් එකම දංවැලක පුරුක් වගේදො කියලා. ඒ තරම් හරිම අමුතුයි.
*** " මටනම් අයියේ ඒ පාරෙ ඔයාව එක්කරගෙන යන්ඩ විදිහක් නෑ , මට ඉක්මනින් ගෙදර යන්ඩ ඕනා....."
මම අදිමදි කෙරුවා. මටත් ඕනෑ වෙලා තිබුනේ මේ අමුතු අදහස් දරන මිනිහගෙන් ඉක්මනින් ගැලවෙන්ඩ, අර පාරේනම් මට යනව තියා ඒ ගැන හිතන්ඩත් බයයි. අනික අර කඩුවෙන් කොටපු මිනිස්සු දෙන්න හම්බවුනොත් මොහුගේ විතරක් නේවේ මගේ ජීවිතෙත් අනතුරේ. ඒ මදිවට වැස්සත් දැන් ටික ටික තද කරලා.
"එහෙම කියන්ඩ එපා මල්ලී ,, මෙතන ඉදන් පොඩි දුරයි තියෙන්නෙ මම කියන තැනට."##### #
"ඒත් අයියෙ මට බෑ ,, පොඩි දුරයිනම් තියෙන්නේ ඔතන ඉදන් පයින් යන්ඩ "
ඔහුගේ කකුලට කොටල බව දැනත් මම කිව්වා. ඒ තත්වේ උඩ පොඩිදුරක්වත් ඔහුට යන්ඩ අමාරුයි. මම බයිසිකලේ ඒ පාලුපාරට හැරෙන තැන නැවත්තුවා. ඒ ඔහු බහියි කියා හිතන්. එතනත් තිබුනේ පාලුම පාලු තුම්මන්හංදියක්.
"උබ දැන් කියන්නේ මට මෙතනින් බැහැල පයින් යන්ඩ කියලද ඈ.....එහෙමද??"
මේ පාර ඔහු කිව්වේ මාත් එක්ක ගේමට වගේ.
"ඔව් , අයියේ තේරුම් ගන්ඩ මමත් මේ ගාමන්ට් එකේ නැහිල නැහිලා ආවේ ගොඩක් ඇගට අමාරුයි. ඊට වඩා බයිසිකලේ පැදල අමාරුයි."
"ඒ කියන්නෙ උබට බෑ "
"බෑ"
ඒක කිව්වම ඔහු හිනාවුනේ සමච්චලේට වගේ.
"උබ කොච්චර බෑ කිව්වත් වැඩක් නෑ ,, මම උබව එක්කගෙන යනවමයි. උබට යන්ඩත් සිද්දවෙනවා."
මේ පාර ඔහු කිව්වේ තියුනු හඩින්. කියපු දේවල් වලට මම හොදටම බයවුනා. අද නම් මහ පුදුම දවසක් . වෙන්නෙම බය හිතෙන දේවල්මයි.ඒත් මම දිගටම බයිසිකලය හිටවන් හිටියා.
ඊට පස්සෙ වුන දෙයින් මගේ සිතට දැනුනේ සැනසුමක්. මම ගොඩක් වෙලා බයිසිකලය හිටවන් හිටපු හිංදද මන්දා අර මිනිහා ##### ##බයිසිකලෙන් බැස්සා.
ඒත් ඒ සැනසුම මගේ හිතේ වැඩිවෙලාවක් තිබ්බේ නෑ. ඊට පස්සෙ උනේ මම හීනෙන්වත් හිතපු නැතිදෙයක්.
Sagara Sampath
No comments:
Post a Comment