Wednesday, April 29, 2020

සීතල මැදියම - 3 (අවසානය)

ඒ ඔහු අත තිබූ උල් පිහිය දැකීමෙන් , ඒක ඉනේ ගසා ගෙනයි ඉදල තියෙන්නේ.
"මම කියන දේ උබට කරන්ඩම වෙනවා,, නැත්නම් වෙන දේ දන්නවනේ "
ඔහු කිව්වෙ උල් පිහිය මා දෙසට දික්කරමින්. දරුනු හඩකින්. දෙයියනේ ඊලගට මම දැකපු දේ, මට වචනයෙන් විස්තර කරන්ඩත් බෑ. ඒ තරම් බිවිසුනුයි. අර පුද්ගලයාගේ කකුලට විතරක් නෙමේ කඩු පාරක් එල්ල වෙලා තිබුනේ. බෙල්ලටත් කඩුපාරක් එල්ල වෙලා තිබුනා. මට හිතාගන්ඩත් බෑ ඇයි මම ඒක මොහු ඉස්සරවෙලාම දැකපු වෙලාවේ දැක්කේ නැත්තේ කියලා.
කැපුනු බෙල්ලෙනුත් රතු ලේ ගලන් එනවා. මට පුදුමයි මේ වගේ මාරක කඩු පාරක් බෙල්ලට එල්ල වෙලත් මොහු කොහොමද ජීවත් වෙන්නෙ කියලා. ඒ තරම් ඒ කඩු පාර දරුනුයි. බෙල්ල වෙන්වෙන්ඩම වගේ කැපිලා.
"ඇයි අයියේ මට මෙහෙම කරන්නේ ,, මට යන්ඩ දෙන්ඩ "
මම පිංසෙන්ඩු වුනා. එත් ඔහු මම කියන දේට ඇහුම්කම් දෙන පාටක් තිබුනේ නෑ. ඔහු බයිසිකලේ පිටිපස්ස ලැකේජ් එකේ වාඩි වුනේ මට හිතනත් කලින්. ඊට පස්සෙ අර උල් පිහිය මගෙ බෙල්ල ලගට ගෙනාවා.#
"හා.. මම කියන තැනට යමන්,, උබට දැන්ම මැරෙන්ඩ කැමති නැත්නම් ,, මම කියන දේ කරපන්"
ඕනෑම කෙනෙකුට මරණබිය දැනෙන්නේ මරණය ලන්වුනාම. ඒ බය මට ඒ වෙලාවේ හොදටම දැනුනා. මට ඒ වෙලාවේ වෙන කරන්ඩ දෙයක් තිබුනෙත් නෑ. මාම අර පාලු පාරට බයිසිකලයා හැරෙව්වා. ඒ උපරිම බයෙන්.
මම ඔහු තියාගෙන ඒ පරේ ටික දුරක් ගියා. ආසාවටවත් ගෙයක් දොරක්වත් ඒ පාරේ තිබුනේ නෑ. අර මිනිහා තවමත් මගේ බෙල්ලට පිහිය තියාගත්ත්තු ගමන්මයි.
"තව දුර යන්ඩ ඕනෙද "
මම ඇහුවේ ඉස්සරහ බලාගෙන, මට පිටිපස්ස බලන්ඩත් බයයි.
"හ්ම්ම්ම්ම් තව යන්ඩ ඕනා,, ඉක්මනට පැදපන්"
ඔහු මට දැන් අණත් කරන්ඩ පටන් අරන්. මොනවා කරන්ඩද දැන් මම ඒ මිනිහාගේ අතේ නැටවෙන රූකඩයක් වගේ වෙලා. මට දැනුනේ මම ගැනම දුක්ක. දවල් බයික් එක පෙරලුනේ නැත්නම් මට මෙහෙම කරදරයක් ඔලුවට පාත්වෙන්නෙ නෑනේ. එහෙනම් මම දැනටමත් ගෙදර , ඇදට වැටිලා නිදි.
තව ටිකක් ඉස්සරහට යද්දී මම දැක්කේ පෝස්ටර වගයක් පාරේ කවුරු හරි ඉරල දාපු දසුනක්. මට ඒ ##පෝස්ටර් මොන් චන්ද අපේක්ශකයගෙද කියල අදුර ගන්ඩ අමාරු වුනේ නෑ. ඒ මම උදව් කරන චන්ද අපේක්ශකයගේ. පව් එයා මේ පාර චන්දෙට වියදම් කරන්නේ ඉඩම් පවා විකුනලා.
"මේ වගේ වැඩ කරන එවුන්ටනම් හොදක් වෙන්ඩ එපා., කවුද දන්නෙ නෑ මේ වගේ පහත් වැඩ කරන්නේ ,, බලය වෙනුවෙන් මිනිස්සු කොච්චර ජරා වැඩ කරනවද ?"
මම හිතද්දීම අර පුද්ගලයා කතා කලා.
"මමයි ඔය පෝස්ටර් ඉරල දැම්මේ "
අර පුද්ගලයා කතා කෙරුවෙ හපන්කමක් කෙරුවා වගේ.
"ඔයා "
මට ඔහු ගැන මේ වෙලාවෙ බයටත් වඩා කේන්තියක්.
"හ්ම්.... මම තමා"
"ඒත් ඔය වගේ වැඩ එච්චර හොද වැඩනම් නෙමේ "
මගේ බෙල්ල ලග උල් පිහිය තියෙන බව දැන දැනත් මම කිව්වේ කෝපයෙන්. අපි කොච්චර මහංසිවෙනවද අපේ චන්ද අපේක්ශකයා දිනවන්න.
"උබ ඒ කියන්නේ මම කරපු වැඩේ හොද නැ කියලද ?"
ඔහු ත් ඇහුවේ කෝපයෙන්.###
"ඔව් චන්ද කාලෙට් ඔය වගේ වැඩ කරද්දී තමා ප්රචන්ඩ ක්රියා දරුනුවෙන්නේ ,,අනික ඔය එක්කෙනා මේ පාර මේ පාර චන්දෙට වියදම් කරන්නෙ ඉඩමකුත් විකුණලා.."
මගේ කටින් අවසානේ පිටවුනේ නොකියයුතු දෙයක්. ඒකේ බරපතල කම තේරුනේ අර පුද්ගලයා ඊට පස්සෙ කිය්පු දේ ඇහිලායි.
"එහෙන්ම් උබත් උගේ පැත්තෙ එකෙක් දැන්නෙ මට තේරෙන්නේ උබත් ඌට උදව් කරනවා. නැත්නම් කොහොමද ඔච්චරම විස්තර ඌ ගැන දන්නේ.,, මටත් ඕන වෙලා තිබ්බෙ ඒක දැනගන්ඩ තමා."
මාව තවතවත් බය කරමින් ඔහු කිව්වේ වියරුවෙන් වගේ.
"නෑ....නෑ..... මම ඒ පැත්තෙ නෙමේ ,, මට කවුද මන්ද කියනවා ඇහුනා"
"උබ එන්ඩ එපා මට බබා පාට දාන්ඩ ,, උබ ඔය බොරු කියන්නේ , මම දැකලත් තියෙනවා , උබ උගේ ඒවාගේ කැන්වසිනුත් යනවා."
"ඔයාට වැරදිලා ,, අපි දැන් ඔය ගැන කතා නොකර ඉමු ,,, අනික මම ඔයාට මේ මහ රෑ කරන්නෙ ලොකු උදව්වක් , ඒක මතක තියා ගන්ඩ ,, මටත් තිබුනා ඔයාව ඉස්සරවෙලාම දැකපු වෙලාවේ එතන දාල එන්ඩ." ####
මම කියාගෙන කියගෙන ගියේ උපරිම තරහින්. මෙහෙම මනුස්සයෝ ඇත්තටම ඉන්නවාද අප්පා, උදව් කරද්දිත් මෙහෙම හැසිරෙන උන්. මට හිතුනා.
අර දේ මම කිව්වට පස්සෙ අර මිනිහා උස් හඩින් හිනාවුනා. ඒක හරියට ඇසුනේ මිනිහක් උමතුවෙලා හිනාවෙනවා වගේ ,,ඒ තරම්ම අමුතුයි. අන්ක මට හිතාගන්ඩත් බෑ. අර වගේ දරුනු මාරක කඩු පාරවල් එල්ල වෙලා තියෙද්දිත් මේ මිනිහා මෙහෙම හැසිරෙන්නේ කොහොමද කියලා. මේ තාක් වෙලාවට කිසිම වේදනාත්මක හඩක් ඔහුගෙන් පිටවුනේ නෑ.
"මාව දාල එන්ඩ එතන ,, මාව දාල එන්ඩ එතන,, මාව දාල එන්ඩ එතන ....."
එකම දේ ඔහු කීපවරක් කිව්වේ අර උමතු හිනා හඩත් එක්ක. ඇත්තටම මේ මිනිහට මොකද මේ වෙලා තියෙන්නේ.මේ මිනිහට පිස්සුද????, මගේ ජීවිතෙත් අනතුරක වැටිලදෝ මට අවිනිශ්ශිත බියක් දැනුනා. නෑ ඒ අදහස වැරදී. මම දැනටමත් මගේ ජීවිතේ අනතුරේ වට්ටගෙන.
"උබට මාව දාල එතන ඉදන් එන්ඩ කොහොමවත් බෑ ,, මාව එක්කගෙන එන්ඩම වෙනවා, මම හිතපු දේ කරලව පස්සබලන මිනිහෙක් ,, එක හොදින් හරි නරකින් හරි මොකකින් හරි." #####
ඔහු කියවනවා.
"මේ පිස්සු මිනිහව අර මිනිස්සු දෙන්න කඩුවෙන් කොටල දාල මරලම දැම්මනම් මොකෑ ,, එහෙනම් මට මේ වගේ කරදරයක් ඔලුවට කඩා පාත් වෙන්නෙ නෑනේ."
මට ඒ වෙලාවේ හිතුනේ මිනිහෙකුට හිතන්ඩවත් බැරි දරුනු සිතුවිල්ලක් . ඒ තරමටම දැන් මේ මිනිහාව මට එපා වෙලා.
*** " අන්න අර බෝක්කුව ලගින් මාව පොඩ්ඩක් බස්සවපන්"
තව ටික දුරක් යන්ඩ ඇති. ඔහු එහෙම කිව්වා.
අම්මො මට නම් දැන් මේ වෙන දේවල් හිතාගන්ඩත් බෑ. ඔහු ඒ කියන බෝක්කුව ලගින් තමා මම දවල් කලු බල්ලෙකුට හැප්පිලා වැටුනේ. දැන් අපි ඉන්නෙ එතන.
"ඒත් මොකටද ඒ "
මට ඒ ගැන දැනුනේ කුතුහලයක්, ඒ පැත්තේ ගෙවල් දොරවල් ඒ මොකුත් නෑ.
"චූ පාරක් දාන්ඩ "
මම බයිසිකලය බෝක්කුව ලග නැවත්තුවා. ඔහු බැස්සා.
"හැබැයි පුතෝ මාව මෙතන දාල යන්ඩනම් හිතන්ඩවත් එපා."
ඔහු කිව්වේ මාදෙසට ඇගිල්ලක් උරුක්කුකරගෙන.##### #
"හා මම යන්නෙ නෑ "
මම හිස සලද්දි ඔහු මගෙන් අඩි කීපයක් විතර දුරක් ඈත්වුනා. ඒ මුත්රා කරන්ඩ වෙන්ඩ ඇති.
අද වැස්සට ඒ බෝක්කුවෙන් වතුරත් බහිනවා. වතුර බහින හඩ ශබ්දයක් නගමින් ඒකාකාරි ලෙස දිගටම ගලා බසී. මම බෝක්කු බැම්ම දෙස බැලුවා. මට හිතුනා ටික වෙලාවක් බෝක්කු බැම්ම උඩ ඉදන් ඉන්ඩ . ඒ තරම් ඇගට මහන්සියි. බයිසිකලේ කෙනෙකු තියා ගෙන පැදන් ආපු හින්දා කකුල් දෙකත් රිදුම් දෙයි. මම බැලුවා අර පුද්ගලයා දිහා. ඔහු කරන වැඩේ දිගටම කරගෙන යයි.
මම බෝක්කුව බැම්ම උඩ ඉදගත්තා. බෝක්කු බැම්මේ මම උදව් කරන චන්ද අපේක්ශකයාගේ පෝස්ටර් දවල් තිබ්බ විදිහටම තිබ්බා, කලු තෙල් නාවල. සමහර විට මේ වැඩේ කෙරුවෙත් අර මමත් එක්ක ආපු අර අමුතු අදහස් දරන පුද්ගලයා වෙන්න ඇති. ඒ විශාල බෝක්කුවේ කට තිබුනේ මම ඉදගත්තු තැනින් පහලින්.
එක පාරම සීතල සුලගක් ගැහුවේ මගේ මුලු ඇගේම හිරිගඩු මතුකරමින්. ඒ හුලගේ සැරට මගේ හිසේ තිබුනු තොප්පියත් මගේ හිසෙන් ගැලවිලා පහලට වැටුනා. ඒ වැටුනේ අර වතුර ගලන් බහින බෝක්කුවේ කට ලගට.
Phone torch එකෙන් පහල බලද්දී මගේ තොප්පිපිය බෝක්කුකට ලග තිබුනු කලු ගලක් ##### ##උඩට වැටිලා.
මට මේ තොප්පිය දුන්නෙ ගිය අවුරුද්දේ ලොකුඅක්කගේ ලොකුදුව මට තෑග්ගක් විදිහට. කවුරුහරි රුපියල් දහයක් වටින් තෑග්ගක් වුනත් මට ඒක වටින්නෙ මහමෙරක් වටින් වස්තුවක් වගේ. ඒ හින්දා මේ වෙලාවේ කොච්චර බිවිසුනු වටපිටාවක් මා වටා නිර්මානය වෙලා තිබුනත් මම අර තොප්පිය ගන්ඩ හිතන් පහලට බැස්සා. ඒක එතන දාල යන්ඩ මට හිත දුන්නේ නෑ.
අදවැස්සට ඒ බෝක්කුවලේ වතුරත් පිරිලා තිබුනා ගොඩාක්. කලිසමෙ කකුල් දෙක දනහිස ලගට වෙනකම් නමා ගෙන මම ඒ වතුරට බැස්සා. එච්චරම ගැබුරු නෑ . මට ඉක්මනටම තොප්පියත් මගේ අතට ගන්ඩ පුලුවන් වුනා ලේසියෙන්.
ඒ විශාල බෝක්කුවේ කටින් කාලක් විතර ප්රමානයකුයි දැන් වතුර බහින්නේ , බෝක්කුව ඇතුල මට බලන්ඩ හිතුනේ නිකමට වගේ.
**** දැකපු දෙයින් මගේ නලලත් එක්ක රැලිවුනා. මොනවද දාපු පෝර වගයකුයි ඒ බෝක්කුව ඇතුලේ තිබුනේ. මම හිතන්නේ උර තුනක් විතර තියෙන්ඩ ඇති. මොනවහරි ඒ උරවලට දාල කට ගැටගහල කලු ගල් වගයකත් ඒව උඩ දාල තිබුනා. සමහරවිට ඒ වතුරෙ ගහන් යන එක වලක්වන්ඩ වෙන්ඩ ඇති.
ඒත් මොනවද මේවට දාල තියෙන්නේ. මට ##### ###මොකක්දෝ මන්දා හේතුවකට ඒ ගැන දැනගන්ඩ කුතුහලයක් ආවා.
එක උරයක් තිබ්බෙ මගෙ දෑතට අහුවෙන මානේ. ඒක මම මම ලගට ඇද්දා කලු ගලත් එක්කම.
කලු ගල අයින්කරලා මම ඒ උරේ ගැටේ ලෙහුවා. ඒක පොඩ්ඩක් බරත් එක්ක. මම පොඩ්ඩකට ඉහල බැලුවේ අර මාත් එක්ක ආපු පුද්ගලායා පේන්ඩ ඉන්නවද කියලා. ඒත් මම ඔහුව දැක්කේ නෑ.
උරේට අත දාපු මගේ හිත එක පාරටම ගැස්සුනා. මගේ අතට ඉස්සරවෙලාම අහුවුනෙ කොණ්ඩයක්. ඒක ඇදල ඉහලට ගන්නකොට විදුලියක් කෙටුවේ මුලුපලාතම එලිය කරමින්.
මගෙ අම්මෝ මම ඒ එලියෙන් දැකපු ඒ අතිබිවිසුනු දේ. කොච්චර නිර්භීත පුද්ගලයෙක් වුනත් අනිවාර්යෙන්ම ඒ දසුනෙන් බයවෙනවාමයි. ඒ තරම්ම බිවිසුනු දසුනක්. මම දැක්කේ කදෙන් තියුනු ආයුදයකින් වෙන්කරපු හිසක්.මට ඒ මූන කාගෙද කියල අදුනගත්තේ ඇස් දෙකත් ලොකු කරන්. ඒ වෙන කාගේවත් නෙමේ මාත් එක්ක මෙච්චරවෙලාම බයිසිකලේ ඉදගෙන ආපු අර පුද්ගලයාගේ.
විදුලි කොටපු එලියෙන් මම දැක්කා ඒ මූනේ ඇස් දෙක බිවිසුනු විදිහට මම දිහා බලන් ඉන්නවා.**

මට ඒ කදෙන් වෙන්වී තිබුනු හිස තව දුරටත් අල්ලාගෙන ඉන්න හයියක් තිබුනේ නෑ. මට මේ වෙන දේවල් දකින දේවල් හිතාගන්ඩවත් බෑ. හරියට හීනයක් වගේ. ඒත් නෑ. ඇත්තටම මම බිවිසුනු මරනාසන්න අත්දැකීමක් ලබන්න මුහුණ දී සිටියා. මම මෙච්චර වෙලා ඉදලා තියෙන්නේ මැරිච්ච මිනිහෙක් සමග. අමුනුශ්ශයකු සමග. ඔහු කියපු දේවල් සිහිවී මගේ මුලු ඇගම කිලි පොලා ගියා.
අර හිස මගේ අතින් අතහැරුනා.එය ජලකද මතට වැටුනේ හඩක් නගමින්. ඉක්මනින්ම මට ඕන උනේ මේ බිවිසුනු වටපිටාවින් ගැලවෙන්න.
" දෙයියනේ අර අමුනුශ්ශයා මම මෙතනට එක්ක ගෙන ආවේ මට මොකක් හරි නපුරක් කරන්ඩද"
සිත සිතා මම බයිසිකලය ලගට යන්ඩ හිතුවා විතරයි. සීතල අතකින් මාව කවුරුන්දෝ මාව අල්ලා ගත්තා. මගේ අතේ තිබ්බ phone එක බිමට වැටුනේ අත පණ නැතිවුන නිසා. එය එතන තිබිඋ තණකොල්ලට වැටුනා.
මාව අල්ලගෙන තිබුනේ අර මැරිච්ච මිනිහා. ඔහු මා දිහා බලන් හිටියේ ගිණිපිටවන දෑසින්.
"ඔ..ඔ.. ඔයා...... "
මට ඔහිව පෙනුනේ මාරය වගේ. මට සිහිනැතිව යන්ඩ ආවත් , එහෙම උනේ නෑ., පියවි සිහියෙන් ඊට මූන දෙන්න සිදුවුනා.#
"හ්ම් මම තමයි, මොකද මේ බයවෙලා."
ඔහු බැලුවේ ඇස් ලොකුකරගෙන මගේ මූනට එබෙමින්. ඒ බිවිසුනු බැල්ම මය කෙදිනකවත් අමතක නොවේවි.
"උ.. උබ මැරිලා ... උබට මොනවද ඕනේ මට යන්ඩ දියන්."
මම ඔහුගෙ අත ගසා දමන්න උත්සහ කලත් එය සාර්තකවුනේ නෑ. මාව බියට පත්කරමින් ඔහු උස් හඩින් හිනාවුනා.
"මැරිලා. මැරිලා මාව මැරිලා.... "
කීප වරක් කියපු ඔහුට එකපාරම කතා කරේ දරුනු හඩකින්.
"මම මැරුනේ නෑ ,, යකෝ,, උබලගේ පැත්තේ උන් මාව මැරුවා, නිකම් නෙමේ කඩුවකින් කොටලා කෑලී කෑලිවලට කපලා... ඊට පස්සේ මාගේ කපපු අතපය පෝර උරවලට දාල අර බෝක්කුව ඇතුලට දැම්මා."
" ඒත් මට ඕව කියන්නෙ ඇයි."
"තොපේ පැත්තෙ උන් මට මේ කරපු දේ ඒ පැත්තෙම එකෙකුට කියන්ඩ ඕන උනා.මට කරපු දේ උන්ටත් කරන්ඩ ඕනා..........."
"ඒත් ඒක උන්ට කරන්ඩ ඇයි මාව අල්ලගත්තේ ,, මම ඔයාට කරදරයක් කෙරුවේ නෑ,, මට යන්ඩ දෙන්ඩ."
"මම උන්ව මරන්ඩ කොචචර උත්සහ ගත්තත් ##වැඩක් වුනේ නෑ ,, මොකක්දෝ හෙතුවකට මට උන් දෙන්න ලගට යන්ඩ බෑ. එතකොටයි මට උබව හම්බවුනේ , උන් දෙන්නට කරන්ඩ බැරි වුන දේ මම දැන් උබට කරනවා. "
" ඒත් ඒකෙන් උබට කිසිම වැඩක් වෙන්නෙ නෑ"
මේ අමුනුශ්ශයා කරන්ඩ හදන්නේ මාව මරන්න බව මට තේරුනේ ඉවෙන් වගේ.
"වැඩක් තියෙනවා ,, මට උන්ව මරන්ඩ බැරිවුන තරහ උබව මරල අඩු කරගන්ඩ පුලුවන්,, උබව විතරක් නෙමේ මම උබලගෙ පක්ශෙට චන්ද දෙන ඔක්කොම මම මරල දානවා ,, උබ තමයි ඉස්සරවෙලාම මැරෙන්නේ ,, දැන් එහෙනම් ලෑස්ති වියන් මැරෙන්න., "
කියපු ඔහු මගේ බෙල්ලෙන අල්ල ගත්තා. මම හිතිවේ දැන් මගේ අවසානය තමා කියලා. මේ අමුනුශ්ශයා හදන්නෙ මගේ බෙල්ල මිරිකලා මරන්ඩ වෙන්න ඇති. මම එහෙම හිතුවත් එහෙම වුනේ නෑ. අමුනුශ්ශයා හැදුවේ මාව බෝක්කු වලේ වතුරේ හිස ගිල්වා හුස්ම හිරකරවා මරන්න බව තේරුනේ පසුවයි.
මාව දියේ ඔබන්න හැදුව් විතරයි.බිම වැටුනු phone එකෙන් කෝල් එකක් ආව කියා ඉන් හඩක් පිටවුනෙත් මේ සමගයි. අමුනුශ්ශයාත් කරන්න ගිය දේ මදකට නැවත්තුවා. ඊට හේතුවනම් කියන්න මම දන්නෙ නෑ.###
ඒ දවස්වල මම ලග තිබුනේ ඇල්පටෙල් වර්ගයේ චයීනීස් phone එකක්. එහි විශේශත්වයක් තබුනා. එක එක්කෙනා මට දුරකතන ඇමතුම් දෙද්දී වෙනස් රිගින් ටෝන් නාද වන විදිහට සකසන්න.
එහි නාඩ වුන හඩට අනුවන්ම් ඒ ඇමතුම එන්නෙ මගේ ලොකුඅක්කාගෙන්. එත් මට ඇයට කතාකරන්න විදිහක් නෑ ,,, මම හිටියේ ගොඩක් අසරනව.
මම ඇයගෙන් ඇමතුමක් එද්දී දාල තිබුනේ හරිම වෙනස් ටෝන් එකක්. ඒක ගීතයක් නෙමේ , ශිව දෙවියන්ගේ බලවත් බව ශිව දෙවියන්ගේ සොබාවය ගැන රිශිවරයෙක් ලියපු ස්තෝත්රයක්. මම එය පටන්ගන්නකොට එන වාදනයට දැක්වූයේ ඉමහත් ආසාවක්. නැතුව එහි බලවත් බවක් නිසානම් නෙමේ.
ඒ ස්තෝත්රයට කිව්වේ ' ශිව පන්චාක්ශර ශදක්ශාර " ස්තෝතය කියලයි.
පලමුව තප්පර කීපයක් එහි වාදනය යනවා මට ඇහුනා. ඉන් පසු එහි පලමු ස්තෝත්රය පටන්ගත්තා ඒ කියන ගායිකාවගේ හඩින්.
" නාගේන්ද්ර හාරාය ත්රි ලෝචනාය
භ්රස්මාන්ගරාය මහේශ්වරාය
නිත්යාය ශුද්දාය දිගම්බරාය
තස්මයින තාරාය නමහ් ශිවාය ####
නමහ් ශිවාය , නමහ් ශිවාය නමහ් ශීවාය"
මෙය ඇහුන නිසාද නැත්නම් වෙන හේතුවක් නිසාද දාන්නේ නෑ , අර අමුනුශ්ශායා මාව අත්හැරියා. ඉන් පසු වේදානාත්මක් හඩක් නගමින් ඒ අමුනුශ්ශයා කන් දෙක වසා ගත්තේ මාව පුදුමයට පත් කරමින්.
Phone එකේ හඩ නැවතුනේ එය නාද වෙන්ඩ තිබූ උපරිම කාලය දක්වාම ගොස්. මාව අතහැරපු අමුනුශ්ශයා මගේ phone එක වැටුන තැනට ගියා. ඒ එයට මොකක්හරි කරන්ඩ කියා මට තේරුනේ ඉවෙන් වගේ. ඔහු එය අතට ගද්දීම යලිත් අක්කාගෙන් දුරකතන ඇමතුමක් ආවා.
මෙවරද නැගුනේ " ශිව පන්චාක්ශර ශදක්ශාර " ස්තෝත්රයේ වාදනයයි.
Phone එක අමුනුශ්ශයාගේ අතේ තියෙද්දීම අර ශිව ස්තොත්රය පටන් ගත්තා.
එය ඇහෙද්දීම අමුනුශ්ශායා නැගුවේ ඉතා වේදනාත්මක විලාපයක්. Phone එක බිමට වැටෙද්දී අමුනුශ්ශයා නොපෙනී ගියේ මාව තව වතාවක් පුදුමයට පත් කරගෙන.
මට දැන්නම් හිතෙන්නෙ මේ වා ගෙ දේවල් වුනේ අර ස්තෝත්රයේ බලවත් බව නිසා වෙන්න ඇති කියා. මට ඊට පස්සේ අදහසක් ආවේ විදුලියක් කෙටුවා වගේ.phone එක අහුලාගත් මම ඒ ශිව ස්තෝත්රය phone #####එකෙන් ඇහෙන්න සැලස්වුවා.
ගෙදරට යනකම්ම මම ඒ ස්තෝත්රය දාගෙන ගියා. කී වතාවක් එය ඇසුනාද මම දන්නෙ නෑ,, එත් එදා මගේ ජීවිතේ ගැලවුම් කාරයා වුනේ ඒ ස්තෝත්රය කියානම් මට හොදටම විශ්වාසයි.
*** මට මතක එදා ගෙදර ආවා පමණයි. බයිසිකලය එක්ක මම වැටුනේ සිහි නැතිව. පහුවදා මට සිහිය් එද්දී හිටියේ හොදටම උණ ගැනී මගේ ඇද උඩ, මගේ බෙල්ලේ පිරිත් නුලක් බැද තිබුනා.
උන දේ ගෙදර අය මගෙන් කොතෙක් ඇසුවත් මම ඒ ගැන කටින් කෙල බිදක් හෙලන්න ගියේ නෑ. නමුත් ඔවුන් සිතන්න ඇති මම අමුනුශ්ශයෙකුට බිය වෙන්න ඇති කියා.
පසුව මට දැන ගන්න ලැබුනා ,, කුරිරු ලෙස කපා කොටා මරා දැමූ මිනියක් පිලිබද පුවතක් බෝක්කුවක් තුල තිබී හමුවුන පුවත්ක්. එහි හිස කොටස පමනක් බෝක්කු වලේ ඉවුරක් තිබී හමුවී ඇත.
ඉතින් එදා මා වටා සිදුවූ ඒ අද්භූත දෙය ඇත්තක් බව ඔප්පු වෙන්නට මීට වඩා සාදක අවශය වන්නේ නෑ.
ඒ බිවිසුනු සීතල මැදියම් රැයේ මාව මරන්න අමුනුශ්ශ්ය සැරසෙන්න මොහොතකට පෙර මගේ ලොකු අක්කා මා ගැන බිවිසුනු හීනයක් දැක ඇත. ඒ නිසයි ඇය මට ඒ වෙලාවේ දුරකතන ##### #ඇමතුමක් දී ඇත්තේ.
එසේ නොවන්න අද මම ඒ අමුනුශ්ශයාගේ ග්රහනයට හසුවී මලවුන්ගේ ලොවේ. ඇයගෙන ඇමතුමක් ආවිට නාද වෙන ඒ ශිව ස්තෝත්රය එදා මගේ ගැලවුම වී තිබුනා.
ඉතින්මට මේ මට වුන මේ බිවිසුනු දේත් සමග එක දෙයක්නම් හොදටම පැහදිලියි. මේ ලෝකේ අමුනුශ්ශයින් කියා කොටසක් සිටී. ඒ අමුනුශ්ශයක් වන්නේ යක්ශයන් ,හොලමන්,පෙරේතයන්, කුන්බාන්ඩයන් පමනක්ම නොවේ. ඒ අතර දෙවිවරුද සිටී. ඔවුන්ද අමුනුශ්ශයෝය. යක්ශයින් , පෙරේතයින් , කුන්බාන්ඩයින් මිනිසාට කරදර කරද්දි, දෙවිවරුන් අපිව ඒ කරදර වලින් මුදවාගන්නට උපකාර ලබාදෙයි

Sagara Sampath


No comments:

Post a Comment

UNIVOTEC එක ගැන

UNIVOTEC එකේ පාඨමාලා සහ වැඩි විස්තර සදහා පහත ඇති PDF ෆයිල් එක භාවිතා කරන්න. https://drive.google.com/open?id=1zbMNZ14FNiYV2f34K91x1KqpKmid...