Wednesday, April 29, 2020

බංගලාව

හොල්මන් සහ අවතාර පිළිබදව කුඩාකල මා සිත තුල මුල් බැස තිබූ භිය සහ කුතුහලය නිසාම අද මා නොපෙනන ලෝකය පිළිබදව සොයා යමින් සිටියි...එසේ හොල්මන් සහ අවතාර සොයා ගිය ගමනක අවසානයේ අත්විදින්නට සිදු වූ දෑ ඔබ සමග මෙසේ බෙදාගන්නට කැමැත්තෙමි..
🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴
"විශ්මයා අලුත් වැඩක් තියෙනවා කරමුද?"
දුරකතනයට ආ පණිවිඩයක සදහන්ව තිබුණේ එසේය.ඒ මාගේ මිත්ර ජයෝද්යගෙන් ලද පණිවිඩයකි..
"මොකක්ද බං..."
"මේකයි බං,මගේ Youtube channel එකෙන් හොල්මන් අවතාර ගැන වීඩියෝ වගයක් කරන්න හිතුවා උඹ එනවද?"
"ආයෙ ඉතිං මොන කතාද හොල්මන්නම් මන් ඉන්නවනෙ බං.යමන් මන් පොට් එකක් හොයලා දෙන්නම්..."
හිතේ තිබූ කුතුහලය නිසාම ඒ වැඩේටත් අතගහලා පුලුවන් උපරිමෙන් හොල්මන් සහ අවතාර ඉන්න තැනක් හොයන්න මන් උත්සහ කලා. එහෙම හොයනොකට පරණ බංගලාවක් ගැන තොරතුරු මට දැනගන්නට ලැබුණා...(ස්ථාන නම්,ගම් සදහන් කරන්න බෑ)ඒ ගමේ ජීවත් වෙන මනුස්සයෙක්වත් ඒ බංගලාවට අයිති වත්තෙන් දර කෑල්ලක්වත් ගන්නෙ නෑ.නමුත් එයට හේතුවක් කිසි කෙනෙක් පවසන්නෙත් නෑ...හිතට ඇතිවුන අමුතු හැගීමත් එක්ක පලවෙනි වීඩියෝ එක ගන්න මන් තෝරගත්තෙ ඒ බංගලාව...
..................................................................
"ජයෝද්ය මන් දන්න සුපිරි පොට් එකක් තියෙනවා,පරණ බංගලාවක් බං.යමන් වීඩියෝ එකක් ගහමු."
"ආ හරි බං,තෑන්ක්ස්.මන් එහනම් බඩු ටික ලෑස්ති කරන් තියාගන්නම්. යන්න පුලුවන් දවසක් කියපංකො උඹ."
"මටනම් ෆ්රී සෙනසුරාදා තමයි බං."
"ආහ් හරි එහෙනම් අපි සෙනසුරාදා 8ට සෙට් වෙමුද.මන් ගයියටත් එන්න කියන්නම්."
"හරි බං."
කතිකා කරගත් විදිහට උදෑසන අටේ බස් එකේ අපි තුන් දෙනා ඒ බංගලාවට යන්න පිටත් වුනෙමු..නිවැරදි ස්තානයෙන් බසයෙන් බැසගත් අප තිදෙනා කෙමෙන් පයින් ඉදිරියට ඇදෙන්න වූයේ කිලෝමීටර 3කට ආසන්න දුරක් පයින් යෑමට තිබූ බැවිණි...කිලෝමීටරයක් පමණ දුරක් යන විට ගස් කොළන් වලින් පිරි තරමක් ඈතින් නිවෙස් තිබෙන පරිසරයකට අප පිවසුනේය.තවත් කිලෝමීටර දෙකකට ආසන්න දුරක් ගමන් කිරීමෙන් පසු වෙල් යායක් මැදිං ගමන් කර තුං මන් හංදියකට පිවසුනේය.තුංමන්හංදියත් සමගම බෝක්කුවක්,බෝක්කුව පසු කර ඉදිරියට යනවාත් සමග කනත්තත් විය.අප බංගලාව ආසන්නයට ලගා වී ඇති බව සොයාගත්තේ එයිනි.කනත්තත් සමගම මායිම්ව ඇති කැලෑව සහිත විශාල වත්ත බංගලාවට අයිති වත්තයි..අපි තිදෙනාම කෙමෙන් කෙමෙන් ඉදිරියට පැමිණ බංගලාවේ වත්තට ඇතුලු වන ගේට්ටුව අසලටම පැමිණියේය.
"ජයෝද්ය අපි මෙහෙම කරමු බං,ඔය බංගලාවෙ මිනිස්සු ඉන්නවද නැද්ද අපි දන්නෑනෙ .අපි යන් දැන් ඇතුලට...මනුස්සයෙක් හිටියොත් කියමු ස්කෝලෙ ප්රොජෙක්ට් එකකට කියලා.කවුරුත් හිටියෙ නැත්නම් අපි වීඩියෝ එක ගහන් එමු.."
"හරි බං.එහෙම කරමු."
පෙරමුන ගත් මා ඉදිරියට ඇදුනේ ගමේ මිනිසෙකුවත් අඩියක් නොතබන්නට තරම් මේ තුල ඇත්තේ කුමක්දැයි සිතමිනි...
මීටර සියයක් පමණ කැලෑවෙන් වට වූ අඩිපාරක පැමිණි පසු බංගලාව අපට දිස් වන්නට විය...අක්කර ගණනක විශාල වත්තක් සතු එම බංගලාව බොහෝ සෙයින් ගරා වැටී තිබුණි..මිනිසෙකු ගමන් කල අඩි පාරක්වත් සොයාගැනීමට නොහැකි වන පරිදි බංගලාවෙ මිදුල පුරා කොල රොඩු වලින් වැසී තිබුණි..මහා රූස්ස ගස් වලින් බංගලාව ආක්රමණය කිරීමට සැරසී තිබීම තුලින් අපට තව දුරටත් සනාථ වූයේ බංගලාව තුල කිසිදු මනුශ්යයකු නොමැති බවයි.....
"අඩෝ අර මිනිහෙක් නේ බං, එහාට ගියෙ.මිනිස්සු ඉන්නවා නේ බං.වීඩියෝ එක කරන්න දෙන්නැති වෙයිද දන්නෑ."මෙතෙක් නිහඩව සිටි ගයියා කිවේය.
"යමන්කො ඉස්සෙල්ලා ගිහිල්ලා අහලා ඉමු.."
"ඒ කෝ බං එක මිනිහෙක්වත් නෑනෙ.දැන් නාකියෙක් ගියානෙ එහාට නේ බං".මාත් දෑක්කනෙ.කිසිවෙකුත් පේන්න නොවූ නිසාවෙන් මා එසේ කියා,
"ගෙදර කවුද?? ගෙදර කවුද?" කියා තරමක් උස් හඩින් කෑ ගසන්නට විය.
"ආ අන්න එනවා බං.අර නාකි මනුස්සයා."
"ඔව් කියන්න මේ ළමයි මොකටද මෙහෙ ආවෙ.."
"සීයෙ අපි මේ ආවෙ ස්කෝලෙ ප්රොජෙක්ට් එකකට පරණ ගෙවල් ගැන රිසර්ච් එකක් කරන්න,මේ ගේ තමා අපි තෝරගත්තෙ අපිට ෆොටෝ ටිකක් අරගෙන පොඩි වීඩියෝ එකක් කරන්න පුලුවන් වෙයිද?."
"මගේ නෙමේ මේ ගේ.ගේ අයිති කාරයා ඉන්නෙ ඇතුලෙ ඉන්න මන් අහලා එන්නම්...කියා ඒ පුද්ගලයා නිවස තුලට ගියේය.නිවස තුල මුල්ලකට කර තිබූ මේසයක් අසල පුටුවක ඉදගෙන සිටි වයසක ආච්චි කෙනෙක් සමග කතා කල පුද්ගලයා නැවත අපි වෙතට පැමිණියේය."
"බෑ බෑ,එයා කැමති නෑ මේ ගේ වීඩියෝ කරනවට ඔය ළමයි මෙහෙන් යන්න.මායි ඒ උන්දැයි විතරයි මෙහෙ ඉන්නෙ."
බලාපොරොත්තු කඩ වූ මුහුණු වලින් හැරුණු අපි අඩි 10ක් විතර ගියෙමු.
"මේ ජයෝද්ය ෆොටෝ එකක්වත් ගත්තෙ නෑනෙ බං.හිටාංකො වැඩක් කරන්න කැම් එක ඔන් කරගනින් හොරෙන් වීඩියෝ කරමු.වරෙන් ආයෙ යන්....." එසේ පැවසූ මා නැවතත් හැරුනේ බංගලාව දෙසටය.
පෙර පරිදි උස් හඩින් අංකල් කියා කතා කල විට අර මනුස්සයා පැමිණියේ බංගලාවෙ එලියට වන්නට තිබූ දොරක් විවෘත කරගෙනය.නමුත් අප ආපසු හැරෙන විට ඒ පුද්ගලයා නිවස තුලට ගිය බව මා හට හොදින්ම මතකය.එලියේ තිබූ කාමරයට පැමිණ දොරත් වසාගන්නට තරම් කාලයක් අපි ආපසු ගියේ නැති බවත් මා හට හොදින් මතකය.එය එතරම් ගනනකට නොගත් මා එම වයසක පුද්ගලයා අප අසලට පැමිනෙනකම් සිටියේය.
"අංකල් වතුර ටිකක් බොන්න පුලුවන් වෙයිද?හංදියෙ ඉදන් පයින්මයි අංකල් ආවෙ .ටැප් එකක් නැද්ද අංකල් එලියෙ අපි බොන්නම්."
"මොන ටැප්ද ළමයො මෙහෙ.ඔහොම ඉන්න "
එසේ කියා ඒ පුද්ගලයා යලි නිවස තුලට ගියේයෙ.එවිට ශනික ක්රියාත්මට ඌ මා,
"ජයෝද්ය උඹ ඔහෙ වීඩියෝ කරපන් මන් ශේප් එකේ ෆෝන් එකෙ බංගලාව වටේ වීඩියෝ එකක් ගහන්නම්,ගයියා උඹ ඔතන හිටපන් අර මිනිහා ආවොත් වතුර බීපන්.",
කියා ජංගම දුරකතනයේ කැමරාව ක්රියාත්මක කොට බංගලාවේ ඉස්සරහ සහ දෙපැත්ත වීඩියෝ කලේය..
වීඩියෝ කර අවසන් වනවාත් සමගම අර පුද්ගලයා වීදුරු බෝතලයකට දමා තිබූ වතුර එකක් සහ ඇලුමිනියම් කෝප්පයක් රැගෙන පැමිනියේය.
එහි තිබූ ජලය බොර පැහයක් ගත් නිසා අනෙක් දෙදෙනාම වතුර බීම ප්රතික්ශේප කලේය,මා වතුර ඉල්ලූ නිසාම සැක නොහිතෙන්නට මට වතුර බීමට සිදුවුනි.කෝප්පයට වතුර දාගත් මා වතුර බීමට කෝප්පය මුව තුලට ලං කිරීමේදී ඉතා පිළුණු දුගදක් එයින් හැමුවේය.එයද ඉවසා වතුර උගුරක් මුව තුලට දා ගත් මා එය ඉතා අපහසුවෙන් බිව්වේ සැන්ඩි නොදා අරක්කු බොනවාටත් වඩා අමාරුවෙනි..
ඉන්පසු අප ඉක්මනින් නිවෙස් බලා ඒමට පටන්ගත්තේය.එන අතරමගදී දුටු සහ වුන දේවල් සාකච්ඡා කරන්නට පටන් ගත්තේය.
"ගයියා මටනම් හිතෙන්නෙ අර ආච්චි එක්තැන් වෙලා බං.අර මනුස්සයා එයාව බලාගන්න ඇත්තෙ."
"ඔව් බං ඒ ආච්චි ඉදන් හිටපු විදිහෙන්ම පේනවා එක්තැන් වෙලා කියලා.."
"උඹලා ඔය මොන ආච්චියෙක් ගැනද බං කතා කරන්නෙ.කොහෙද බං එහෙ ආච්චියෙක් හිටියෙ?"
එය ඇසූ මා සහ ගයියා පුදුමයට පත් වූයේ දෙවතාවක්ම බංගලාව දොරකොඩට ගියත්,ජයෝද්ය වයසක කාන්තාව නොදුටු බවට තරයේ ප්රකාශ කල නිසාවෙනි.එය කිසිසේත්ම සිදුවීමට නොහැකිය,මන්ද නිවසේ දොරකොඩ සහ දොර අසල වීඩියෝ කලේ ජයෝද්ය නිසාවෙනි.මිදුලට පවා ඒ වයසක කාන්තාව සිටි තැන පැහැදිලිව පෙනෙන විට ජයෝද්යට පමණක් එසේ නොපෙනීමට හේතුව කුමක්ද?
"ඒ මේ හුත්තො බොරු ගහන්න එපා බං."
"බොරු නෙමේ යකෝ සිරා ඉතිං.අම්මපා."
ජයෝද්යගේ ඒ ප්රකාශයත් සමග අප සිත් කුතුහලයෙන් සහ බියෙන් කෙමෙන් වෙලා ගනිමින් තිබුණි.
කෙසේ හෝ එදා සිදු වූ සියල්ල මතකයේ තබාගෙන අප තිදෙනා නිවෙස් වලට පැමිණියේය...
"හෙලෝ,හෙලෝ විශ්මයා,ඒ ගයියට වමනෙ ගිහින් බං ගෙදර ගියපු ගමන් ඇගට අමාරුයි වගේලු..."
"මොනවා...ඌ මොනා හරි ජරාවක් කන්න ඇති බං ගනන් ගන්න එපා."
"හ්ම් හරි බං."
එසේ කියා ජයෝද්යගේ හිත සැනසුවද , තත්වය බරපතල වන බව මා සිතට දැනුනේ ගෙට ඇතුලු වූ මොහොතේ පටන් ඇවිදින විට මාගේ ශරීරය මටම බරක් ලෙස දැනෙන්නට පටන් ගත් නිසාවෙනි.මා තවත් බරක් එල්ලාගෙන ගමන් කරනවාක් මෙන් මට දැනුණි..
කිරීමට කිසිවක් සිතාගන්නට නොහැකිව සිටින අවස්තාවේදී මාගේ පිහිටට ඇත්තේ එක් පිළිසරණක් පමණක් බව මා හට සිහි විය.ඒ මාගේ හිත මිත්ර ස්වාමීන් වහන්සේ නමක්ය.බුදුබණ මුල් කොටගෙන යක්ශ ප්රේත ආත්ම එලවා දමා මිනිසුන්ට හැකි සෑම ආකාරයකින්ම සෙත ශාංතිය සැලසීම එම ස්වාමීන් වහන්සේ වගබලා ගත්හ.මා හට තිබූ එකම පිළිසරණ එය වූ බැවින් මා එම ස්වාමීන් වහන්සේට ඇමතුමක් ගෙන සිදුවූ සියල්ල එකක් නෑර පවසුවේය.ස්වල්ප වේලාවකින් නැවත මා සමග ඇමතුමකින් සම්බන්ද වන බව පැවසූ උන් වහන්සේ ඇමතුම විසන්දි කර පැය භාගයක් පමණ ගිය පසු නැවතත් මා හට ඇමතුමක් ගත්හ.
"අයියේ,ඕගොල්ලො ඉදලා ඉදලා ගිහිල්ලා තියෙන්නෙ මරු තැනකට."
"ඇයි හාමුදුරුවනෙ එහෙම කියන්නෙ."
"ඕගොල්ලො හැප්පෙන්න හදන්නෙ කාත් එක්කද කියලා මතක තියාගන්න.ලේසි වෙන එකක් නෑ.දැන් ඕගොල්ලො නයාගෙ නැට්ටෙන් අල්ලන් ඉවරයි."
"මට මුකුත් තේරෙන්නෑ අපේ හාමුදුරුවනෙ."
"ඒ බංගලාව අමනුශ්ය බලවේග වලින් පිරිච්ච තැනක්.එක ආත්මයක් කියලා නෙමේ.ඕගොල්ලන්ට හොල්මන් බලන්න ඔච්චර ආසනම් හවස 6න් පස්සෙ බිත්තරයි,බැදපු මිරිසුයි,දෙහි අරගෙන ඔය වත්තට යන්න.අනිවාරෙන් බලාගන්න පුලුවන් වෙයි.හැබැයි ඕගොල්ලොන්ගෙ ආරක්ශාව ගැන මට වගකියන්න බෑ."
"දැන් එතකොට හාමුදුරුවො කියන්නෙ ඒ ගෙදර අමනුශ්ය බලවේග තියෙනවා කියලද?"
"ඔව් එකක් නෙමේ ගොඩක්...ඔය බංගලාව ඉස්සර ගම් මුලෑදෑනි කෙනෙක්ගෙ ගෙයක්,ඒ ගම්මුලෑ දෑනි හරිම නපුරු කෙනෙක්,ඔය බංගලාව අසාවෙන් මැරිලා තාම ඉන්නවා ඕකෙ අරක්ගෙන...ඕගොල්ලො වත්තට ඇතුලු වුන වෙලාවෙ ඉදන් ඕගොල්ලො කරන කියන සේරම පුපුර පුපුර බලන් හිටියෙ...එතන බලගතුම කියලා තියෙන අමනුශ්ය ආත්මය තමා ඒ...තව ඉන්නවා මට පෙන්නන විදිහට සුදු ඇදගත්තු වයසක ගෑනු ආත්මයක්...ඔය බංගලාවෙ මිනීමැරුමක් හරි,නිදානෙකට බිලි දීලා වගේ මොකක් හරි ලොකු දෙයක් වෙලා තියෙනවා පිටට නොදෙන.ඒ සිදුවීමෙන් පස්සෙ වටේම හිටපු පොඩි පොඩි පෙරේත ආත්ම ඉදන් ඔය බංගලාව අස්සට රිංගලා තියෙනවා.."
"හාමුදුරුවොන්ට හොදටම විශ්වාසද?"
"සීයට දෙසීයක් ශුවර් අයියෙ.ඒත් අයියෙ අයියට හොදටම විශ්වාසද ඔය බංගලාවෙ මිනිස්සු දෙන්නෙක් හිටියා කියලා."
"ඔව් හාමුදුරුවොනෙ එක්තැන් වෙච්ච ආච්චි කෙනෙකුයි,වයසක සීයා කෙනෙකුයි හිටියෙ."
"ම්ම්ම් අයියෙ,මේම කිව්වට බය වෙන්න එපා."
"මොකක්ද හාමුදුරුවොනෙ."
"ඒ බංගලාවෙ කවුරුත් මනුස්සයෙක් ජීවත් වෙන්නෑ..ඕගොල්ලො දැකපු ආච්චි තමා ඔය පරම්පරාවෙ අන්තිමයා,එයා නැතිවෙලා හුගක් කල්.එයත් ඔය ගෙදරම අරක්ගෙන අමනුශ්යය ආතමයක් වෙලා ඉන්නවා.ඕගොල්ලො දැක්කෙ ඒ ප්රේත ආත්මෙ"
"මොකක් එහෙම වෙන්නෙ කොහොමද? අපේ හාමුදුරුවොනෙ මන් මන් මේ ඇස් දෙකටම දැක්කනෙ."
"ඒක තමයි ඇත්ත අයියෙ."
"එතකොට ජයෝද්යගෙ කතාව ඇත්තද?"
"මොකක්ද ඒ කතාව?"
"නෑ හාමුදුරුවොනේ එයා ආච්චිව දැකලා නෑ.අපි දෙපාරක්ම ගියා එයා දැකලා නෑ.මට ඒක හාමුදුරුවොන්ට කියන්න අමතක වුනා..ඒත් එතකොට හාමුදුරුවොනෙ අර වයසක මනුස්සයා."
"අයියෙ ඒ ඔය බංගලාව ආරක්ශා කරන්න ඉන්න පිල්ලියක්.පෙර කරපු පිනකට ඕගොල්ලො තුන් දෙනා බේරිලා ඇවිත්.අනික එතනම බලන්න අයියෙ.කවුද ඔය වගේ තැන් වලට තුන් දෙනෙක් එක්ක යන්නෙ.පුදුමයි ඕම හරි ආපු එක."
"එතකොට හාමුදුරුවොනෙ දැන් අපිට ප්රශ්නයක් නැද්ද."
"නැත්තෙ නෑ අයියෙ.අර බලගතු ආත්ම එකක්වත් ඕගොල්ලො පස්සෙන් එන්නෑ.මොකද ඒ ඉඩම් තන්හාවෙන් මැරිච්ච අය...ඒත් ඒකෙ ඉන්න පොඩි පොඩි පෙරේතයො කුම්බාණ්ඩයො ඕගොල්ලො පස්සෙන් එනවා.ඔයා එහෙන් වතුර බිව්වා කිව්වා නේද.ඔයාට අනිවාරෙන් හුගක් පරිස්සම් වෙන්න වෙයි.එක්කො ඔයා ඇදේම ඉන්න විදිහට ලෙඩ වෙයි,නැත්නම් වාහනේකට හරි හැප්පිලා ලොකු අනතුරක් වෙයි .....අනිවාරෙන් සෙනසුරාදාට දේවාලෙට එන්න මන් ආරක්ශාවක් කරන්නම්.මතක තියාගන්න,සෙනසුරාදා වෙනකම් හුගක් පරිස්සමෙන් ඉන්න."
මා ඇමතුම විසංදි කලේ සිත තුල වඩ වඩා උපදින සැකය, කුතුහලය ,බිය සියල්ල සිත තුලම තබාගෙනය."සෙනසුරාදා වෙනකම් තව සතියක් ඉන්නත් ඕනෙ,ඒ සතිය ඇතුලත මොනවා වෙයිද දන්නෑ" මටම කියා ගත් මා සිතට හයිය ගත්තේ අද පටන් සතියක් කුමක් සිදුවූවත් එය ජීවිතයේ අමතකම නොවෙන සිදුවීම් පෙලකට මුලපිරීමක් විය හැකි බව සිතමිනි..කුමක් සිදුවූවත් ඒ සියල්ල මා නිවසේ කිසිවෙකුටත් දැනගැනීමට නොදෙන බව තරයේ සිහි තබා ගත්තේ එය ආරංචි වූහොත් මා හට කිසිදු වුවමනාවකට එලියටවත් බැසීමට ඉඩ නොදෙන බව හොදින් දැනගෙන සිටි නිසාවෙනි...
ඇගට දැනෙන වෙහෙසත්,ඇවිදින විට දැනෙන අසාමාන්ය බරත් හේතුවෙන් වෙනදාට වඩා වේලාසන ඇදට පැමිණියත් නින්ද මා අහලකවත් වූයේ නැත.කෙමෙන් කෙමෙන් කාලය ගත වන විට ,නින්දත් නොයන හේතුවෙන් මා ජංගම දුරකථනය අතට ගෙන යහලුවන් සමග පණිවිඩ හුවමාරු කරගනිමින් සිටියේය....එවිට වේලාව රාත්රී 10.00පසු වී තිබුණි. එක්වරම මා ලග සිට කාමරයේ දොර ලගට යමෙක් වේගයෙන් ගිය බවක් ඇගට දැනුනි.කාමරයේ විදුලු පහන් දැල්වූ මා කාමරයේ සෑම තැන විපරම් කලද කුඩා සතකුද නොමැති විය..විදුලි පහන් දල්වා තබාම මා ජංගම දුරකථනය අතට ගත්තේය.නමුත් මාගෙ කාමරයේ සෙවණිලි එහාට මෙහාට සැරිසරන බව මාගේ ඇස් කොනින් පෙනෙන්නට විය.සිතට ඇති වූ බිය යටපත් කරගත් මා ජංගම දුරකථනය පසෙකින් තබා කාමරය දෙස විපරමින් සිටියේය.කෙසේ හෝ පාන්දර 2 පසු වූ පසු මා හට නින්ද ගොස් තිබුනි.පලමු රාතිය එසේ අවසන් වූයේ සිත තවත් බියෙන් මුසපත් කරමිනි.
දෙවන දින රාත්රියේද මා නින්දට පැමිණියද කාමරයේ විදුලි පහන් දල්වා ඇදේ හාංසි වී කාමරය දෙස බලා සිටියේය.සිතේ තිබූ තැතිගැන්ම නිසාම එදිනද නිදි මතක් මා හට නොදැනුනි.රාත්රී 10 පසු වුවද පෙර දින පරිදි කිසිවක් නොවූ බැවින් සැනසුම් සුසුම් හෙලා ජංගම දුරකථනය අතට ගෙන මාගේ ෆේස් බුක් ගිණුමේ සැරිසරමින් සිටියේය.රාත්රී 12 පසු වී විනාඩි 20ක් පමණ ගිය පසු කාමරයේ ජනේලයට පිටතින් උගුර පාදන හඩක් ඇසුණි.එය එක් වතාවක් ඇසී නැවතී නැවතත් විනාඩි 5කින් පමණ ඇසුනි.තෙවතාවක් පමන උගුර පාදන හඩ ඇසී නැවතුනි.විනාඩි 10ක් පමණ කිසි ශබ්දයක් නොවීය.මා ඇදේ හාංසි වීම දෙකන් ජනේලයෙ දෙසට යොමු කරන් නිසොල්මන්ව සිටියේය.නැවතත් විනාඩි 10කට පමණ පසු උගුර පාදන හඩ ඇසුණි.එය නොනැවතී විනාඩි 15ක් පමණ එක දිගට උස් පහත් වෙමින් ඇසුණි..කුමක් වේදෝ සිතාගැනීමට නොහැකිව ගල් වූවාක් මෙන් සිටි මා සිතේ ඇති වූ බිය නිසාම දෑස් තදින් පියාගත්තේය..විනාඩි 15ක් පමණ උගුර පාදන හඩ ඇසී ක්රමයෙන් කෙදිරිලි සහ ඉකිබිදන ශබ්ද ඇසෙන්නට විය.මාගේ ඉහෙන් කනෙන් දාඩිය දැමීමට තරම් මා එවිට බිය විය.දෑස තදින් පියාගෙනම බුදු ගුණ සිහි කලේ එවිට අන්සරණක් මා හට නොවූ බැවිනි.පැය භාගයකින් පමණ එය නැවතුනි.බුදු ගුණ සිහි කරමින් සිටි මා හට නින්ද පැමිණ තිබුණි.දෙවන දින රාත්රියද එසේ අවසන් විය.
එසේ ඉදිරි දින 5ද නොයෙක් දේවල් වලට මුහුණ දීමට සිදුවුණි...3න දින රාතියේදී කකුලෙන් අදිනවාක් මෙන් දැනුණි.4වන දින රාත්රියේදී ඇදෙන් බිමට තල්ලු වුනි.එසේ සිදුවන දෑ තනිව විදගත් මා 6වන දිනය අවසානය වන විට දැඩිසේ ව්යාකූලව සිටියේය.හිත බියෙන් වෙලී ගොසිනි....
සෙනසුරාදා දින උදාවූ පසු සැනසුම් සුසුම් හෙලූ මා උදෑසනම ලක ලැහැස්ති වී මාගේ හිත මිත්ර ස්වාමීන් වහන්සේගේ දේවාලය වෙත ගියේය.පන්සල තුලම පවත්වාගෙන යන දේවාලය මා යන විටත් මිනිසුන්ගෙන් පිරී පැවතුණි..බුදුගුණ සිහිකරමින් වැඩ ආරම්භ කල ස්වාමීන් වහන්සේ පැමිණ සිටි සෑම දෙනෙක් ලගටම පැමිණ සෙත් පැතූහ.අමනුශ්ය බලවේග ආවේශ වූ බොහෝ දෙනෙක් එතන විය,එතනදීම එම අමනුශ්ය බලවේග වලින් එම පුද්ගලයන්ව මුදාගැනීමට ක්රියා කල ස්වාමීන් වහන්සේ සියලු වැඩ අවසානයේ මා හට කතා කලේය.කතා කර යන්ත්රයක් මාගේ කරට දමුවේය.
"ඔන්න අයියෙ අදින් පස්සෙ සේරම ඉවරයි,මේ යන්ත්රය කරේ තියෙනකම් කිසිම දේකට බය වෙන්න එපා.දැන් ඕනෙනම් බය නැතුව කනතු වල නැවතිලා හරි ඉන්න."
ස්වාමීන් වහන්සේට අනේකවාරයක් ස්තූතිවන්ත වූ මා නැවත නිවස බලා පැමිණියේය...
උන්වහන්සේ කියූ පරිදිම,ඉන් පසු කිසිම දිනක මා හට එසේ කිසිම කරදරයකට මුහුණ පෑමට සිදුනොවුනි..මේ මොහොත වන විටත් එම ආරක්ශාව මා සතුව පවතී..
🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴
කතාවෙහි සදහන් කළ සියල්ල 100% සත්ය සිදුවීම්ය....මාගේ හිත මිත්ර ස්වාමීන් වහන්සේගේ ඉල්ලීම පරිදි උන්වහන්සේගේ නම සහ දේවාලය පවතින ස්ථානය පල නොකර සිටීමට මා වග බලා ගත්තේය..

Vishma Bashana


No comments:

Post a Comment

UNIVOTEC එක ගැන

UNIVOTEC එකේ පාඨමාලා සහ වැඩි විස්තර සදහා පහත ඇති PDF ෆයිල් එක භාවිතා කරන්න. https://drive.google.com/open?id=1zbMNZ14FNiYV2f34K91x1KqpKmid...