Saturday, April 25, 2020

මනුස්සකම

දුව.....ලෑස්ති ද ........යමු ඉක්මන් කරන්න දරුවෝ.......
එනවා........අම්මා ........
අම්මා කීයටද .....කානිවල් එක ....පටන් ගන්නේ .....මහිලා සමිතියේ ........
නමය ට......දූ.......යන්න ත් වෙලා යනවා නේ.....බලන්න අට හමාරයි දැන් ....ඉක්මන් කරන්න ..........
දේවකී ......සිරිවර්ධන ....කියන්නේ හොඳ ට සල්ලි ය බගේ තියෙනවා පවුලක එක ම දරුවා .....දේවකී ගෙ අම්මා යි තාත්තා යි රජයේ ...ඉහල තනතුරු තමයි දරන්නේ ....දේවකී.....පෞද්ගලික ආයතනය ක කළමනාකරණියක් හැටියට තමයි රැකියාව කරන්නේ .....මේ දවස් වල නත්තල් නිසා .....දේවකී .....නිවාඩු දාලා ඉන්නේ ....බොහොම උජාරුවෙන් නත්තල සමරන්න.....දේවකී ගේ අම්මා තමයි .....රෝහණී.....විජේමාන්න ........රෝහිණි තමයි ....තමන්ගේ ඔෆිස් එකේ වැදගත් අයයි...දන්න කියන වැදගත් පවුල් වල අයයි....එකතු වෙලා පිහිටවා ගත්ත දිරිය කාන්තාවෝ කියන මහිලා සමිතියේ සභාපති තුමිය.....අසරණ කාන්තාවන්ට පිහිට වෙනවා කීවා ට.....ඒ සමිතියේ න් හැබෑවටම කෙරෙන්නේ ඒ දේ නොවෙයි .....ඔවුන් අවුරුද්ද අන්තිම ට ......ස්වයංරැකියා කරන කාන්තාවෝන්ට වෙලඳ පොලක් හදා දීලා කානිවල් එකකුත් එක්ක කරන එක තමයි කරන්නේ .....ඒ ඔස්සේ තමන්ගේ සමිතියේ අර මුදල වැඩි කරගෙන පිටරට සවාරි විනෝද ගමන් ෆන්ෂන්....තියලා තමන්ගේ සතුට හොයා යන උදවිය තමයි .....ඒ සමිතියේ ඉන්නේ ......
රෝහිණි ත් නත්තල් සමරන්නේ ෆැෂන් එක ට වගේ තමන්ගේ තත්වේ පෙන්නන්න ...උපතින්ම බෞද්ධ වුන සිරිවර්ධන පවුල.....තමන්ගේ තත්වේ පෙන්නන්න .....නත්තල් කියලා මහලොකු වට සමරනවා....දේවකී ලා ලගදී තමයි හොමාගම පදිංචි යට ආවේ.......සිරිවර්ධන මහත්තයා ..නිදහසේ ඉන්න ඕනි නිසයි කොළඹින් ඈත නිස්කලංක පරිසරයක තිබුන මේ ඉඩම ඇරන් සුඛෝපභෝගී තමන්ගේ නිවස හැදුවේ .....ඒ ගමටම තිබුන සුඛෝපභෝගී නිවස තමයි සිරිවර්ධන මහත්තයා ගේ ගෙදර ....ඒ ඇරෙන්න රජයේ සේවය කරන අය කීප දෙනෙක් හිටියාත්....ඒ ගමේ ගොඩක් අය දුප්පත් ඈයෝ.....කොටින් ම සිරිවර්ධන මහත්තයා ගේ අල්ලපු ඉඩම්ම් දෙකේම හිටියා පාරම්පරික ව ගොවිතැන් කරන අය දෙන්නෙක්....ඒත් සිරිවර්ධන පවුල මේ කිසිම කෙනෙක් එක්ක ඇයි හොඳ යි පැවැත්තුවේ නෑ ...අඩුම තරමේ කතා බහක් වත් කරන්නේ නෑ .....ඒ තමන්ගේ තත්ත්වය ට මදි කමක් වෙයි කියලා .......
======================================
දුව.......ඔයා නම් අද හොඳ ට එන්ජෝයි කරා නේද .....ඔයා ලස්සන ට නැටුවා අර කානිවල් එකේ හිටිය ජෝකර් එක්ක .....ඔක්කෝම ලා විඩියෝ කරා දුව.....මම හිතන්නේ දැනටමත් .....යූ ටියුබ් FB අප්ලෝඩ් කරලා ඇති ...රෝහණී .....තමන්ගේ දියණිය දිහා බලා ගෙන කියනවා......
ම්.....ඔව්...අම්මා ......ඒ ජෝකරුත් මාර සපොට් එක ක් දුන්නේ මට .......අපාරාදේ අම්මා දවස් දෙකක් විතරක් තියන්නේ.....
කොහේද අපේ .....අය කැමති වුනේ නෑ නේ....නත්තල් වලට සුදානම් වෙන්න වෙලා මදි කියලා ..........නැත්නම් 24 වෙනිදා වෙනකම් තියනවා......
හෙට ත් ......එන්ජෝයි කරන්න ඕනි අම්මා ......හෙට විතරයි නේ......
මේ වෙලාවේ තමයි රෝහිණි ලාගේ කාර් එක නවතින්නේ.....
අයියෝ......අම්මා මොකක්ද වෙලා තියෙන්නේ බලන්න කෝ.....රෑ දයටත් කිට්ටු යි.....තව ඒ හැටි දුර ක් නෑ නේ ගෙදර ට .....මේක නැවතුණා නේ......
ස්ටාට් ...එක නතර වුනා ..... දූ.......බලමු කවුරු හරි එයි.....තල්ලු කරලා ස්ටාට් කර ගන්න පුලුවන් වෙයි...........
නැවතුණා නේද නෝනා වාහනේ.....
බරට බරේ බඩු මල්ලක් උර හිසේ රඳවා ගෙන කෙනෙක් විමසනවා....
මට ඒත් හිතුන නෝනා මාව පහු කරගෙන යනකොට ....වාහනේ මොකක් හරි ලෙඩක් තියෙනවා කියලා ......
අනේ..මේ උදව්වක් කරන්න පුලුවන් ද ...මායි....දුවයි විතරයි ඉන්නේ .....පොඩි තල්ලුවක් දාන්න පුලුවන් ද ......
හා...නොනේ.......අපි එහෙම වත් බලමුකෝ ......
තම උර හිසේ තිබුන බර හෑල්ලු කරලා .....මිනිසා තල්ලු කරනවා වාහනේ.....ඒ අතර වාරයේ....වාහනය පණ ගැන්වෙනවා......
අනේ......අම්මා .....අර මනුස්සයාට අපි ස්තුති කරේ වත් නෑ නේ.....ඔහොම නවතින්න ....කෝ....
අනේ...දූ.....මේක ආය නැවතෙයි ඉක්මනටම ගෙදර යමු හෙට තාත්තා ගේ වාහනේ වත් ඉල්ලා ගන්න ඕනි ..........
අනේ......අම්මා ....අපි ට ඒ මනුස්ස ගෙන් අහන්න තිබුනා කොහේටද යන්නේ කියලා බලන්න බඩුගොඩකුත් කරේ තියා ගෙන අපි ට නංග ගන්න තිබුනා නේ.....
අනේ.....පේන්නේ නැද්ද....... දා ඩිය ...පෙරා ගෙන ...සීට් වලත් එක්ක ගෑවෙනවා......
දේවකී අම්මා ගේ දොඩමලුව හමුවේ..නිශ්ශබ්ද වුනා......විනාඩි කීපයක් දුර ආවාට පසු ආයෙත් ඔවුන් ට වාහනේ නවත්තන්න වුනා....ඒ පාර මැදට ගසක අත්තක් කඩා වැටිලා නිසා ....
පෙර සේම අම්මා යි දුවයි පාර බලා ගෙන හිටියේ....උදව්වට කෙනෙක් එනකම්.....
විනාඩි කීපයක ඈවෙමෙන් ....පෙර කී....මිනිසාම.....නැවත් බැරි බර ඔසවන් ලගා වුනා.....
ආ ...නෝනා පාරට අත්තක් .....වැටිලා නේ......හිටින්......මම අයින් කරන්න ම්........චූටි නෝනාට නිදිමතත් ඇති මහන්සි යට....
මිනිසා....හම් මල්ලෙන් ගත් වප් පිහියකින් ගසේ අතු පාහින්න වුනා.....
ඔන්න .....හරි නෝනේ......දැන් යන්න පුලුවන් .....
දූ....ඉක්මනටම නගින්න වාහනේට ......ආය මේක නැවතෙයි....
රෝහිණි ...දේවකී ත් ඉක්මනටම නංගා ගෙන අර මිනිසාට කතා වත් නොකර ඉක්මනටම පිටවුනේ.....තව මීටර් කීපයකට එහායින් තියෙනවා ....නිවසට යාමටයි......
දේවකී ඉක්මනටම ඒ මිනිසා ගෙ මුහුණ මතක තියා ගත්තේ හමු වුන දවසක හරි ස්තුති කරන්න .....මේ ගමේම වෙන්න ඇති නේ...පව් අසරණ යා.....කොයිතරම් උදව් කරා ද .....
======================================
අද කානිවල් එකේ අන්තිම දවස .....රෝහිණි ත් දේවකී ත් උදේන්ම ආවේ සංවිධාන කටයුතු වලට.....පුරුදු පරිදි.....කානිවල් එක ඇරඹුනා....දේවකී හිටියේ සතුටින් ......ඊයේ ජෝකර් එක්ක ......ඩාන්ස් එක විඩියෝ කරලා FB අප්ලෝඩ් කරාට පස්සේ ලයික් දහස් ගානක් වැටිලා තිබුනා .....වෙන අය දාපු ඒවාටත් ඒ වගේම ලයික් වැටිලා තිබුන නිසා ....ඇයටත් වඩා ආඩම්බර වුනේ රෝහිණි තමයි ......
ඇය ......අද ත් ජෝකර් එක්ක ඩාන්ස් කරලා ඒ සතුට හිතේ හැටියට වින්දා .....
ෂර්ට් ......එක ක් වත් ඇරන් දෙන්න ඕනි .....අර මනුස්ස යාට.....මතක් වෙන්න .....දේවකීට එහෙම හිතෙනවා ........
දේවකී ඉක්මනටම සැණකෙළි භූමියේ තිබුන තාවකාලික නිමි ඇඳුම් සලකින් ඔහුගේ ප්‍රමාණය ට ෂර්ට් එක ක් මිලදී ගන්නේ ජෝකර් ට දෙන්න ......
දේවකී ගත්ත තෑග්ග දෙන්න ......ජෝකර් බලන කොට ඔහු සිටියේ නෑ .....පේන්න........ඒ නීසායි සංවිධායක මණ්ඩලයේ කෙනෙක් ගෙන් විමසන්නේ.....ඒ ගැන ......
ආ......මැඩම් .....එයා පොඩ්ඩක් රෙස්ට් කරනවා අර කූඩාරම ඇතුලේ .....පැයකට විනාඩි පහක් එයාට රෙස්ට් කරන්න පුලුවන් ......ඔය ඇඳුම ඇඳ ගෙන ඩාන්ස් කරනවා කියන්නේ කට්ට කන වැඩක් මැඩම් .....පේනවා නේ ගිනි ගහන අව්වේ........පිච්චෙනවා ..මුලු ඇගම......
දේවකී....ඉක්මනටම යන්නේ ඔහු......හොයා ගෙන කූඩාරම ඇතුලට .....
දකින රුවින්....ඇය විශ්මයට පත් වෙනවා...ඇය නැවතත් දෑස් ඇර බලන්නේ ඒ ඔහු ද කියා.....මොකද ඔහු වෙස් මුහුණ පැලඳ ගෙන නැති නිසා ......
චූටි නෝනා ......අඳුනා ගත්තා ද මාව.......
දෙයියනේ .......ඔයා නේද ඊයේ රෑ අපි කරදරේ වැටුනා ම උදව් කරේ.....කාර් එක තල්ලු කරේ අත්ත කපලා අපි ට ගෙදර යන්න ඉක්මනටම හදලා දුන්නේ . . .ඔයා ද එතකොට ඊයේ අද මගේ එක්ක ඩාන්ස් කරේ......
ම්....ඔව් නෝනා ඒ මම තමයි ......
ඔයා කොහේද එහේ.....ඉන්නේ .......
මගේ ගෙදර ...චූටි නෝනා ගේ ගෙදර ට අල්ලපු...ගෙදර නෝනා අර දුප්පත් ගේ.....නොනා උඩ තට්ටුවේ සඳළුතලයට ඇවිත් බලා ඉන්නේ .......අපේ ගෙදර දිහා තමයි ...නෝනා .....නෝනා එහෙම ඉන්න කොට මගේ දරුවෝ කෑ ගහනවා මට අන්න සුරංගනා වී ඇවිල්ලා කියලා ......මම ඒක යි ඊයේ උදව් කරේ නෝනා අල්ලපු වැටේනේ.....
මොකක්ද නම ඔයා ගේ.......
මගේ නම....ආරියසේන ......චූටි නෝනා .....
ඇයි ඉතින් මෙහෙම .........
නෝනා මේ නියඟය නිසා.....වගාව පාලු වුනා.....දන්නේ ගොවිතැන විතරයි නෝනා ...මේ දවස් ගැට ගහ ගන්න ....අතට අහුවෙන දේ කරනවා....අඳුනන මහත්තයෙක් මේක හොයලා දුන්නේ මේ දවස් දෙකට.....අලුත් අවුරුද්ද ට දරුවෝ න්ට.....ඇඳුම ක් වත් ඇරන් දෙන්න ඕනි නේ නෝනා ....ඊයේ හම්බ වුන සල්ලි වලින් තමයි හාල් තුන පහටික ගත්තේ ගෙදර ඈයෝන්ට කන්න ....වගා පාලු වුන නිසා යන එනමං නැති වුනා අපි ට නෝනා ... .....ඊයේ රෑ ඒවා තමයි නෝනා උස්සන් ආවේ මම ....තව ස්කෝලේ යන්න පොත් පත් ඇඳුම් මොනාවත් ගත්තේ නෑ නෝනා ....මේ දවස් ටිකේ මොනා හරි කරලා කීයක් හරි හොයා ගන්න ඕනි නෝනා ..දරුවෝ ස්කෝලේ යවන්න ....
ඔයා ඊයේ එච්චර මහන්සි වෙලා ඉද්දී ත් ද අපි ට උදව් කරේ....දේවකී ගේ ඇස් වලට කඳුළු පිරුනා.....
දෙයියනේ අපි මෙහේ ඩාන්ස් කරනවා..මිනිසුන් කොයිතරම් ඉන්නවා ද එදා වේල කන්න නැති ව අපේ අම්මලා ඔය සමිති සමාගම් පිහටවා ගෙන මළ විකාර වැඩ නේ කරන්නේ කොයිතරම් දෙයක් ද නැති බැරි අය ට මේ නිකරුණේ වියදම් කරන සල්ලි වලින් ඒ අය ට ඕනි දේවල් ඇරන් දුන්නා නම් ...
දේවකී...ඉක්මනටම තමන්ගේ හෑන් බෑග් එක ඇරියා.....අයියේ .......ආ.....මෙතන විසිදාහක් තියෙනවා .....මම මේක ගෙනාවේ.....නිකරුණේ වියදම් කරන්න ....මෙ....අයියා මගේ එක්ක ඩාන්ස් කරපු නිසා අයියා ට දෙන්න ෂර්ට් එක කුත් ගත්තා .....ඔය විසිදාහෙන් දරුවොන්ට ඕනි දේවල් ගන්න .....මම හෙට සඳළුතලයෙන් බැහලා අයියා ගේ ගෙදර එනවා...හොඳ ද .....අපේ කම්පැනි එකේ මම අයියා ට ජොබ් එක ක් බලන්න ම් පාට් ටයිම් කරන්න ......
ආ.....ගන්න ඉතින් .........
ආරියසේන .....නත්තලේ සැබෑ අරුත වටහා ගත් මේ සුන්දර නෝනා දිහා බලා හිටියා සිනහ මුසු මුහුණින් ......
සමාප්තයි ..


No comments:

Post a Comment

UNIVOTEC එක ගැන

UNIVOTEC එකේ පාඨමාලා සහ වැඩි විස්තර සදහා පහත ඇති PDF ෆයිල් එක භාවිතා කරන්න. https://drive.google.com/open?id=1zbMNZ14FNiYV2f34K91x1KqpKmid...