Tuesday, April 28, 2020

මැරුනට පස්සේ

අම්මෝ මෙහෙමත් නීදිමතක් .......
ඒ මම මේ කොහෙද ඉන්නේ .. මේ අපේ ගෙදර නෙවේ නේ ....
ඇයී මට මේ හේල්ලෙන්න බැරී .....
මොකක්ද මේ තැන ....
අම්මේ....... අම්මේ ...........
මට මතක මම අන්තිමට බයික් එකේ ගියා විතරනේ ....
ලයිට් එකත් ඔෆ් කරලා ......
කවුරුත් නැද්ද .... මේ කාමරේ ලයිට් එක දන්න ...
එක පාරට දොර ඇරගෙන දෙන්නෙක් ආවා නිකන් දොස්තරලා වගේ ... මට ඔවා වැඩක් නෑ නේ මට මේ ලයිට් එක දැන්මනම් ඇතී .......
අම්මෝ මේ ඉන්නේ මස් කඩේක වෙන්න ඔනේ ....
ලයිට් එක ඔන්කරනවත් එක්කම මම දැක්කේ
පිහී...
අඩූ ...
කතුරූ ...
මේ වගේ දේවල්.... මම බය වෙන ආදාරනයී නේ .......
ඒත් ඇයී මේ මට හෙල්ලෙන්නවත් බැරී මාව ගැටගහලාවත් නෑ නේ .......
ඒ ...... ඒ......... ඔය මොනාද කරන්න යන්නේ මම කුකුලෙක් නෙවේ .......
මාව සතෙක් වගේ පෙනවද දන්නේ නෑ ........
ඔය පිහිය අහකට ගන්නවා මනුස්සයෝ .......
මෙතන මිනි මැරුමක් වෙන්න යන්නේ කවුරුත් නැද්ද .........
වැඩක් නෑ මම කොච්චර කෑ ගැහුවත් ගානක්වත් නෑ මෙයාලට .......
බුදුඅම්මෝ මෙන්නෝ ...
එක පාරට පිහියක් අරන් මගේ බඩට ඇන්නා .......
ඒත් මට කිසීම රීදිල්ලක් වත් නෑ ........
මාව කෑලී කෑලී කරන්නේ නිකන් කිලෝ ගනන් වලට විකුන්නන්න වගේ ......
ඒගම මන්න මෙයලා මගේ ඇදුම් මහන්න යනවද කොහෙද ....... ඉදිකටුවේ ලොකූ ........
මේන්න ඒ පාර ඉස්සල්ලා කපපූ තැන් මෙයාලා මහනවා ......
මේ මේ මට රිදුනේ නැති උනාට කමක් නෑ මගේ ඇගට පාඩුවේ ඉන දෙන්න හරිද .........
මේ මට යන්න ඔනේ අම්මා බලන් ඇතී ඔයී ඇහෙන්නේ නැද්ද ඔයී ....
මෙහේ පර්ටී එකක්වත් තියනවද ඒ පාර ......
ඒ මගෙ කලිසම ගලවන්න එපා මොනාද මේ කරන්නේ මට ලැජ්ජයී
කෝට් එකක් අන්දලා මේස් දලා කොහේ එක්කන් යන්නද යන්නේ අම්මා බලන් ඇතී මට ගෙදර යන්න දෙනවා ............
ඒ පාර මේ මොකක් ඇතුලටද මාව මේ දැන්මේ .......
මේකේ ලයිට් දන්න කලුවර මම බයයී .........
මෙක නිකන් යනවා වගේනේ තෙරෙන්නේ ගැස්සෙනවත් එක්ක .......
අයේ නිකන් මාව උස්සන් යනවා වගේ දැනෙන්නේ ......
මෙක අරින්න මට ගෙදර යන්න ඔනේ .....
මොකද ඒ සද්දේ ඇයී මේ නිකන් මිනියක් මැරිලා වගේ කට්ටිය අඩනවා ඇහෙන්නේඅම්මෝ මෙයාලා ඇතියන්නත්ම මාව ගෙදරටම එක්කන් ඇවිල්ලා.......
කෝ අම්මා ........
අනේ පුතේ ඇයී පුතේ මේ ... මට බෑ පුතේ ඇයි මෙහෙම කර ගත්තේ ..... මට බෑ
මොකද අම්මේ මේ අඩන්නේ මම මොකක්ද කරේ ....... හරී හරී මම රුපියල් 100 ඉස්සුවේ ඔකට ඉතින් අඩන්න ඔනේද .......
අනේ අයියේ දැන් මාත් එක්ක සෙල්ලම් කරන්න රන්ඩූ කරන්න එන්නේ කවුද ඇයී මාවයී අම්මවයී අපී හැමෝම දාලා ගියේ ......
මෙකට මේ මොනා වෙලාද ඒ පාර මම කොහෙවත් ගියේ නෑ නේ ආවේ ගෙදර ........
ඒ පසිදූ කියපන්කෝ බන් මොකද මේ කියලා මුන් අඩන්නේඅනේ මචෝ උබට කිවුවා බන් අපී හිමින් පලයන් කියලා උබ ඇයී බන් අපිව දලා ගියේ බලපන් උබලගේ අම්මා අඩනවා උබ නිසා ...උබට එයාලා ගැන හිතන්න බැරී උනාද ....
මුන් එකෙක් වත් වෙච්චී දේ කියන්නේ නෑ නේ මට හෙලවෙන්නවත් බෑ ...
නැත්නම් අම්මගෙන් අහන්න තිබ්බා ගිහින් ...
අම්මේ මොකද මෙ මගේ මූන අත ගන්නේ කට්ටිය බලන්න ඉන්නවා මගේ යලූවොත් ඉන්නව අනේ ...
අම්මේ අද අපේ ගෙදර බනක්ද මෙච්චර කට්ටිය ...
හාමුදුරුවන්ටත් එන්න කිවුවද ඔයා .... ඔක්කොම සුදූ ඇදන් ......
කාටද අම්මේ මේ හාමුදුරුවෝ පංසූකුලේ දෙන්නේ ....
ඇත්තටම මටත් හරී කනගාටුයී නොහිතපූ දෙයක් මේ අපී කවුරුත් අද ගොඩක් තරුන ජීවිත නැති වෙන්නේ මේ වගේ රිය අනතුරු වලින් ... මොනවා කරන්නද මේ ජීවන ගමනේ ගේන ආයුෂ අනුව තමා මේ ලොකේ රැදෙන කාලය තීර්නය වෙන්නේ .....
අපේ ගමේ මේ සුජිත් පුතාටත් අත් උනේ ඒ වගේ ඉරනමක් ....
මොනවා ඒ කියන්නේ මම මැරිලද ... මේ මොනාද කියන්නේ ...
මම තාම බැදලත් නෑ ...
මගේ අම්මලා මල්ලිලව දලා යන්න මට බෑ ...
අනේ මට දැන්ම මැරෙන්න බෑ .....
අම්මේ මාව බේර ගන්න .
පාන්සකූලේ දීලා ඉවර වෙනවමත් එක්කම මාව නිකම් ගැට ගහලා බැදලා තිබ්බ ගතිය නැතුව ගියා ....
මෙතන මම හිටන් ඉන්නවනම් අර කවුද ඒ මිනි පෙට්ටියේ ඉන්නේ ..
මම වගේමයී ..
අම්මේ අම්මේ මම අවා අම්මේ ... ඇයී අම්මා කතා කරාට බලන්නේ නැත්තේ .. අයි අම්මව මට අලන්ම බැරී .....
අන්න පෙට්ටි වහලා කොහෙද ගෙනියනවා .....
අනේ ලොකූ පුතේ මට බෑ පුතේ මමත් එනවා ඔයා එක්කම ...
මම ඔයාට බයික් එක අරන් දුන්නේ ඔයාගේ අස්සවට මිසක් ඔයාව මෙහෙම ගමන්ක් යවන්න නෙවේ ලොකූ ...
මම කොහොම මේක දරා ගන්නද ..
මගේ වස්තුවේ මමත් ඉදලා වැඩක් නෑ දැන් ..
මම කාටද අයේ ලොකූ කියන්නේ ..
හුරතල් කරන්නේ ..
මේ මල්ලිලව බලා ගන්නේ කවුදා ....
යලුවන්ගේ නෑදැයන්ගේ සහෝදරයන්ගේ ලතෝනී මැද්දෙන් එයාලගෙම කර උඩින් කනත්තට යන්න නෙවේ මම හිතන් හිටියේ
එයාලගේ සතුට ආශිර්වාදය මැද්දේ ලස්සනට වෙඩිමක් අරන් ටිකෙන් ටික දියුනූ වෙලා අම්මලත් එක්ක සතුටින් ඉන්න මට ඔන කලේ ....
ඒත් මගේ හිතුවක්කාරකමට මමත් පිස්සෙක් වගේ පරේ යන්නේ මට සමා වෙන්න අම්මේ මට ඔයාට හොද පුතෙක් .... මල්ලිලට හොද අයියා කෙනෙක් වෙන්න බැරී වුනා ...
හිතට අරන් වැඩ කරන්න මොකද ඔයා එනකම් ඔයාගේ අම්මා තාත්තා සහෝදරයෝ යලූවෝ බලන් ඉන්නවා ඔයා වෙනුවෙන් නෙවේ එයලා වෙනුවෙන් ජීවත් වෙන්න ❤️
ආදර්ශයක් ගත් සියලූ දෙනාට ස්තූති ...


No comments:

Post a Comment

UNIVOTEC එක ගැන

UNIVOTEC එකේ පාඨමාලා සහ වැඩි විස්තර සදහා පහත ඇති PDF ෆයිල් එක භාවිතා කරන්න. https://drive.google.com/open?id=1zbMNZ14FNiYV2f34K91x1KqpKmid...